Tuesday, January 22, 2013

99 රු 7850/- ට ෆියට් කාර් එකක්

එදා පත්තර ගැන ඔන්න අදත් අපි කථා කරන්නයි මේ සූජානම...පළමු ලිපිය කියවන්න අතපසු උනානම් මෙතැනින් ගොහින් එය කියවාගෙන ඒම ඔබට පහසුවක් වේවි. 

මුල්  ලිපියෙන් අප ඡායාරූප වාර්තාවක් වෙත අවධානය යොමු කලත්, පැරණි පුවත්පතක බොහොම රසවත් අංගය තමයි වෙළද දැන්වීම්...වෙළද දැන්වීම් කලාව වර්තමානයේ ඉතාමත් තරගකාරී ව්‍යාපාරික ස්වරූපයක් ගත්තත්, අතීතයේදී මේවා පුවත්පත් ආයතන මගින්ම තමයි බොහෝදුරට සැකසීම කරලා තියෙන්නෙ... සිරා කොලුවා මේ ඉදිරිපත් කරන්නෙ 1959 සැප්තැම්බර් මාසයේ ලංකාදීප පුවත් පතේ  පලවූ දැන්වීම් (අදින් වසර 50 කට එහා) ඒ කාලයේ පුවත් පත් කලාවේදී භාවිතා කර තිබෙන ඇතැම් වචන අදනම් සිනහා උපදවන සුළු වුවත්, මේ කියන අතීතය නොවන්නට අද අප කියවන තත්වයට පුවත් පත් කලාව උසස් නොවෙන්නත් ඉඩ තිබුනා. ඒ නිසාම පැරණි පුවත්පත් වල භාවිතා වී ඇති භාෂාව රස උල්පතක්...

විවිධ දැන්වීම් රාශියක් අතරින් අද මෙම ලිපියට පාදක කර ගන්නෙ වාහන සහ එයට සම්බන්ධ දෑ පිළිබද පුවත් පතේ පළවී තිබූ  දැන්වීම් කීපයක්... එකල පැවති තාක්ෂණයන් සහ වාහන සතු සුවිශේෂ උපාංග (options)  පිළිබදවත් යම් අවබෝධයක් මෙමගින් ලබා ගැනීමට ඔබට හැකි වේවි.

මුලින්ම තියෙන්නෙ ප්‍ර‍ංශයේ නිෂ්පාදිත රෙනෝල්ට් කාර් රථයක් පිළිබද දැන්විමක්...මෙවැනි දැන්වීමක් වෙනුවෙන් වර්තමානයේ තරුණියන් පෙනී සිටින ආකාරය සහ එදා ඒ වෙනුවෙන් නිරූපිකාව පෙනී සිට  ඇති ආකාරය අතර සෑහෙන පරස්පරයක් තියෙනවා.. මේ තරුණිය අද මේ දැන්වීමට පෙනී සිටිනවා නම් ඇගේ ශරීරයෙන් වැඩි කොටසක් පාඨකයන්ට දැක බලා ගැනීමේ භාග්‍ය හිමි වෙනවා සිකුරුයි. ඒකට කෙටියෙන් කියන්නෙ ගුණ ධර්ම පහළට, ගවුමෙ වාටිය ඉහළට කියලයි.

Renault Dauphine




දැන්වීමේ  විස්තරය මෙන්න මෙහෙමයි.

රූං......

එය වචනයෙන් දෙකෙන් විස්තරයකි.
ඇත්තෙන්ම එය ඒ අතින් විශිෂ්ඨයි.
අපි මේ කියන්නේ රෙනෝල්ට් ඩෝෆින් රථය ගැනයි.

දොර 4යි. 5 දෙනෙකුට යා හැකියි. ගැලුමකට සැතපුම් 45

ඔව් එය කදිම කුඩා මෝටර් රථයකි.
පිරිමැස්මදායකයි, පහසුයි, සීඝ්‍ර‍ ක්‍රියාකාරිත්වයෙන් යුක්තයි, ප්‍ර‍බලයි.
ඕනෑ තරම් බලය ඇතුව විදුලිය මෙන් ගමන් කරයි.
මෙහි පැමිණ මේ පුදුම ඩෝෆින් රථය බලන්න.

සීමාසහිත සී.ඇෆ්.ටී ඉන්ජිනියරින්
467, යුනියන් ප්ලේස්, කොළඹ 2.




රෙනෝල්ට් ඩෝෆින් රථයක්
http://encarsglobe.com/data_images/models/renault-dauphine/renault-dauphine-04.jpg

Fiat 600

මාතෘකාව දැකලා රු 7850/- ට කාර් එකක් ගන්න හිතපු ඇත්තො මේ දැන්වීම හොදින් කියවා බැලුවාට කමක් නෑ... හැබැයි ඒ අය ඒ මුදලට ෆියට් 600 වර්ගයේ රථයක් මිලදී ගන්න ජීවත් විය යුතුව තිබ්බේ 1959 කාල සමයේ. ඒ අවදියේ ලංකාවෙ ජනතාව අතර සෑහෙන්න ජනප්‍රියතාවයකට පත් වූ ඉතාලියේ නිෂ්පාදිත රථයක් තමයි මේ. ප්‍ර‍මාණයෙන් කුඩා වීමත්, ඉන්ධන කාර්යක්ෂමතාව ඉහළ වීමත් එයට හේතු ලෙස දක්වන්නට පුලුවන්...සිරිලංකා වැසියො නිෂ්පාදකයා තිබ්බ නමට අමතරව දේශීය වශයෙන් වාහන වලට නම් දාන්න රුසියො නොවැ...අන්න ඒ අනුව මේ රථයට තිබ්බ කැතම කැත නම තමයි “බග් ෆියට්“ (Bug Fiat). මේ දැන්වීමේ  රථයේ විශේෂතා ලෙස දක්වා ඇති කොටස විශේෂයෙන් බලන්න. ඒ අවදියේ රථ වාහන තාක්ෂණය පිළිබදවත් යම් අවබෝධයක් ඔබට එමගින් ගත හැකි වේවි.


දැන්වීමේ  විස්තරය මෙන්න මෙහෙමයි. 

ෆියට් 600 ආසන හතරේ සැලූනය
(පදවන්නා හැර හතර දෙනෙකුට යාමට බලය ඇත.)
අමතර විශේෂාංගයන්ගෙන් යුතුව දියුණු කර තිබේ.

* කරකැවිය හැකි විශාල අංශ කවුළු
* සුවදායක ආසන 4 ක් සහිත මැනවින් ආලෝකමත් ඇතුලත
* පසුපස අසුනේ හාන්සි වන කොටස ඇකිලිය හැක.
* ස්ප්‍රේ වින්ඩ්ස්ක්‍රීන් වොෂරය
* සූට් කේස්, පාර්සල්, හා බෑග් ආදිය පහසුවෙන් ගෙනයාම සදහා බොනට්ටුව යට බඩු බාහිරාදිය ගෙනයාමේ  ඉඩකඩ.
* දිසා සංඤාවන් හා ශීර්ෂ පහන් (හෙඩ් ලයිට් ) පාලනය සදහා ස්ටියරිං වීලයේ ලිවර්
   (වහාම බාරදිම සදහා දැන් ලබාගත හැකිවේ.)

දැන් ඔබ ෆියට් රථයක් මිලදී ගන්නා විට, ස්වර්ණ ජයන්ති තරගයට ඇතුලත් වී ෆියට් මෝස්තරයේ මිලසෙන්ටෝ රථයක් හෝ “500“ රථයක් දිනාගැනීමට හෝ ඒවායේ වටිනාකම මුදලින් ලැබීමට සුදුසු වනවා ඇත.


ෆියට් 600  රථයක්
http://automovil011.files.wordpress.com/2011/08/fiat600.jpg

Volks Wagen Beetle

තනි මාදිලියක් ලෙස ලෝකයේ මෙතෙක් වැඩියෙන්ම නිපදවා ඇති රථය, වැඩියෙන්ම අළෙවි වී ඇති රථය, ලෝකයේ සියලුම මහද්වීප වල ධාවනය වන රථය ලෙසට මෙම මාදිලිය වාර්තා පොතට එකතු වී තියෙනවා. ජර්මනියේ හිටපු ආඤා දායක හිට්ලර්ගේ අණින් දෙවන ලෝක යුද්ධය උදෙසා සේවයේ යෙදවීමට තමයි මුලින්ම මෙම වර්ගයේ රථ නිපදවා තිබෙන්නෙ. ඒ නිසාම මෙහි එන්ජිම එයාර් කූල් (සුළං මගින් සිසිල් වන) වර්ගයේ එකක්. ඒ කටුක දේශගුණික තත්වයන් යටතේ රළු ධාවනයක යෙදෙන්නට හැකි වෙන්න. වොක්ස් වැගන් (Volks Wagen) යන ජර්මන් වචන වල අදහස පොදු ජනතාවගේ රථය යන්නයි. එයට හේතුව එය යුද්ධයෙන් පස්සෙ සාමාන්‍ය ජනතාවට මිළදී ගත හැකි පහසු මිළකට වෙළද පොලට ඉදිරිපත් කිරීමයි. මෙය ලියන සිරා කොලුවාද ඉතාමත් ප්‍රිය කරන රථයක් තමයි මේ.  බොහෝ අය දේශීයව මෙය හදුන්වන්නේ ෆොක්ස් වැගන් යන නමින්...ඊට අමතරව පිටුපස කවුළු ආසන්නයේ සවිකර ඇති එන්ජිම සිසිල් කිරීමට අමතර සුළං ධාරාවක් යොමු කරන ගැජට්ටුව කනේ මයිල් ලෙස හදුන්වනවා. කුරුමිණියෙකුගේ හැඩය ඇති නිසා මෙය උපතින්ම බීට්ල් (Beetle)  ලෙසයි හදුන්වා තිබෙන්නෙ. විවිධ රටවල විශාල නාමයන් සංඛ්‍යාවකගෙන් හදුන්වා ඇති මෙම රථය ලංකාවේදී  ඉබ්බා ලෙස හදුන්වා තිබෙනවා.




දැන්වීමේ  විස්තරය මෙන්න මෙහෙමයි. 

සැලකිල්ල යොමු වී ඇත්තේ, අවංක රථය වන ෆොක්ස්වාගන් කෙරෙහි වේ.
ලොව පුරාම වෙසෙන්නෝ මෝටර් රථ වාහන පාවිච්චි කරති.
එසේම ෆොක්ස්වාගන් රථය ලොව පුරාම ගණනාවක් නොමැති මිත්‍ර‍යින් රැසක් දිනාගෙන සිටී.

එහි පුදුමාකාර පිරිමැස්ම ගැන සමහරු එයට ප්‍රියකරති. තවත් අය එහි ශක්තිමත් සෑදීම හා කදිම නිර්මාණය ගැන ප්‍රිය කරන අතර වෙනත් අය එහි විශිෂ්ඨ නිර්මාණය ගැන ප්‍රිය කරන අතර වෙනත් අය එහි විශිෂ්ඨ නිමාව ගැන ප්‍රිය කරති. එහෙත් මෝටර් රථයක උදක්ම බලාපොරොත්තු වන සියලුම අංගෝපාංගයන් එහි එක්ව ඇති බවට සියල්ලෝම දිවුරුම් දෙති.

සීමාසහිත ක්ලැරන්ස් අමරසිංහ සහ සමාගම


කනේ මයිල් සහිත වොක්ස් වැගන් රථයක්
http://4.bp.blogspot.com/-ES8kpUo8dxw/UGNezGKOR3I/AAAAAAAAAW0/ahaWG48al5E/s1600/Untitled-3.jpg





Hilman Minx

එංගලන්ත රථ වාහන නිෂ්පාදකයන් අතර මුල්පෙලේ වැජඹුනු හිල්මන් සමාගම විසින් නිපදවූ රථයක්... අද නම් ඉතාමත් කලාතුරකින් මෙවැනි රථයක් මාර්ගයක දකින්නට ලැබුනත් එදා නම් ඉතා සුලභව මෙවැනි රථ මාර්ගයේ දක්නට ලැබෙන්න ඇති. විශේෂයෙන්ම කුලී රථවාහන සේවය සදහා මෙම රථ සුලභව යොදාගෙන තිබේලු. හිල්මන් නාමය යටතේ වර්තමානයේ  වාහන නිෂ්පාදනය වෙන්නෙ නෑ.


දැන්වීමේ  විස්තරය මෙන්න මෙහෙමයි. 

පිරිමැස්ම, සුවපහසුව හා විශ්වාසදායකත්වය
ක්‍රියාකාරිත්වය, ප්‍රවේශම සහ කඩවසම් පෙනුම
හිල්මන් මින්ක්ස් “විශේෂ සැලූනය“ පිරිමැස්මදායක රථය
තනි ආසන, පහත ගියර් මාරුකිරීම
ඉඩකඩ සහිත බඩුගෙනයාමේ කොටස
ඩිලුක්ස් මෝස්තරයට වඩා රු. 525/- අඩුවේ.
බෙදාහරින්නෝ
සීමාසහිත ග්ලෝබ් මෝටර්ස්
103, ටරට් පාර, ටෙලි 6271, කොළඹ 1.


හිල්මන් මින්ක්ස් රථයක්
http://www.carrosyclasicos.com/imagenes/cronicas/panorama_automotriz_1959/hillman_minx_1959.jpg


























ඊළගට තියෙන්නෙ ටයර් වෙළද දැන්වීමක්... ටයර් නැතිව වාහන යන්නෙ නැති නිසාම ඔන්න එයත් මෙතනම පල කරනවා...



දැන්වීමේ  විස්තරය මෙන්න මෙහෙමයි. 

අලුත් ඩන්ලොප් “ගෝල්ඩ් සීල්“ ටයරය හැඩරුවින් පෙරමුණ ගනී. බෙහෙවින් දියුණු කට්ට මෝස්තරයන් හා එක්වුණු සම්පූර්ණ “තුලනාත්මක“ ක්‍රියාකාරිත්වය, සියලුම තත්වයන් යටතේ විශේෂ ටයර් සේවාවක් ලබා දේ. ප්ලයි 4 හෝ බරවැඩ සදහා ප්ලයි 6 රේටිං කේසිං සහිතව හෝ, ටියුබ් රහිතව හෝ සහිතව කළු හෝ සුදු අංශයන්ගෙන් යුතුව ලබාගත හැකිවන අතර, හැම නවීන ටයර් ප්‍ර‍මාණයක්ම සපයනු ලැබේ.

* නවීනතම කට්ට හැඩරුව සෑම රිය පැදවීම් තත්වයන් අනුව යථා පරිදි සකස් වේ.
* වඩා ප්‍ර‍බල, ප්‍රවේශම් සහිත ග්‍ර‍හණය, වඩා හොදින් වංගු ගැනීම, අඩු ටයර් ශබ්දය.
* වැඩි සැතපුම් ගණන, කට්ට සමසේ ගෙවී යාම
* සුවපහසුව හා වැඩිකල් පැවැත්ම සැලසෙන සේ විද්‍යානුකූලව හැඩ ගැන්වූ කේසිං.

යළිත් ඩන්ලොප් ටයර් ක්‍රියාකාරිත්වය පිළිබද අලුත් තත්වයන් ඇති කෙරේ.

සිරා කොලුවා මේ පෝස්ටුව අද අවසන් කරන්නෙ කාර් වලටම සම්බන්ධ තවත් ගැජට් එකක් වන කාර් කැසට් පිළිබද දැන්වීමකින්.



දැන්වීමේ  විස්තරය මෙන්න මෙහෙමයි. 

කාර් රේඩියෝ නිෂ්පාදනයෙහි වර්ෂ ගණනක පළපුරුද්දක් ඇති බෙකර්, සෑම මෝටර් රථයකටම සරිලන කාගේත් මුදල් තත්වයට හා රුචියට ගැලපෙන කාර් රේඩියෝ දැන් ඉදිරිපත් කරයි.

බෙකර් මොන්ටිකාලෝ

* කුඩා රථවලට විශේෂ හා සාමාන්‍ය මෝස්තර
* මුද්‍රිත බල චාරිකා සටහන වැඩි විශ්වාසදායකත්වයක් ඇති කරයි.
* “පුෂ් බටන්“ තරංග සැකසුම

බෙකර් යුරෝපා

*  සාමාන්‍ය හා විශේෂ නිමාවන් යුත් මෝස්තර හතරක්
* තරංග මාලා තුනක්
* දෙයාකාර ශබ්ද පාලනය
* “පුෂ් බටන්“ ක්‍රියාකාරිත්වය

ඉබේ ක්‍රියා කරන බෙකර් මෝස්තර

මැක්සිකෝ - ඉලෙක්ට්‍රොනික් පාලනයෙන් ශබ්ද සකස් කිරීම
ලීමාන්ස් - පැහැදිලිකම හා ශබ්ද ප්‍ර‍මාණය සදහා යෙදීම් තුනක්
බ්‍රෙස්කියා - ඉබේ ක්‍රියාකරන ශබ්ද පාලනය
              - තැටි වැසීමේ උපකරණ හා ටේප් රැකෝඩර් යෙදීමට උපකරණ

බෙකර් රිම්ස් - කෙටි තරංග සදහා වූ උපකරණයෙන් වෙන් වෙන් වශයෙන් කෙටි තරංග 6කින් කදිම නිරූපණයක් ඇති කරයි.

බෙකර් කාර් රේඩියෝව නිෂ්පාදනය කර ඇත්තේ ඔබේ රථයටමයි.

අදට කථාව අහවරයි එහෙනං....

මම කාමරේ වෙසෙන, සත්ගුණවත් සිරා කොලුවා



ප.ලි

වොක්ස් වැගන් කාර් සමස්ත අළෙවිය ඒකක මිලියන 21 ඉක්මවා ඇත. අවසන් වරට 2003 දී නිෂ්පාදනය කර ඇති අතර දැන් කිසිම රටක නිෂ්පාදනය වන්නේ නැත. (තොරතුරු විකිපීඩියාවෙන්)

ජනවාරි 27 ඉරිදා, ගම්පහ ගෙට්ටුවට පැමිණෙන අයට පුරවන්නට ලබා දුන් පෝරමය  25 වන සිකුරාදා රාත්‍රී 12 න් අවසන් කරන බව දැනුම් දෙමි.  එන්නට කැමැත්තෙන් සිටින ඇත්තන් ඊට කලියෙන් පෝරමය පුරවන්න. දකුණු පස ඉහළින්ම ඇති ලෝගෝවට කොටන්න.

ගෙට්ටුව පිළිබද තොරතුරු මෙතැනින්


99 comments:

  1. හිනත් යනව සමහර ඒවටනම් ඉතින්....ෆේස්බුක් එකෙත් මේවගේ ගොඩක් ඒව ශෙයා වුනා මතකයි....

    ඇත්තටම වටින එකතුවක්....ජය...!!

    ReplyDelete
    Replies
    1. මූණු පොතේ වගේම ඊමේල් මගිනුත් පරණ දැන්වීම් හුවමාරු වෙනවා මමත් දැකලා තියෙනවා...මම පාවිච්චි කරලා තියෙන්නෙ සීයාගෙ පත්තර එකතුවේ තිබ්බ ඒවා...

      ඔබටත් ජය !

      Delete
  2. මාතෘකාව දැක්ක ගමන් මම හිතුව උඹ සීයගෙ පෙට්ටගම අද එළියට ඇදලය කියල. හැබෑට අතීතෙට ගිහින් එන්න ක්‍රමයක් තිබ්බ නම් මරු බං. ගිහින් කාර් එකක් අරන් එන්න තිබුනා. ඒත් ඉතිං මේ යන ක්‍රමේ හැටියට හෙට අනිද්දට අතීතෙට ගිහින් හාල් කිලෝ එකකි එළෝලු ටිකකි අරන් එන්නත් හිතෙන්නත් බැරි නෑ.

    27 එන්න වෙන්නෑ බං, අනාගතේදි සලකා බලමු නේද උඹලව දැකගන්න.

    මල්වත්ත වටේ ඇවිදින එකට උඹ අනිවාර්යෙන් පලයන්, ටිකක් බඩ බහින්නත් එක්ක.

    ReplyDelete
    Replies
    1. 27 එන්න වෙනනෙ නෑ බං....

      කියන කැත විතරක්...උඹ එනනෙ නැත්තෙ කම්මැලි කමට කියලා මට හොදටම ෂුවර්... එදාට එන්නෙ නැති එකේ 26 සිල් අරන් දෙලොව යහපත සලසා ගන්න පින්වත...

      Delete
  3. හි හි ඇත්තටම මට නම් සමහර දේවල් වලට බකස් ගාල හිනා ගියා :D

    ReplyDelete
  4. ඒ කාලේ තාක්ෂණික තොරතුරු දාන්නේ නෑ වගේ [එන්ජින් කැපෑසිටි ] ? , මෙව්ව ගෙන් මං කැමතිම බීටල් එකට පස්ට කාර් එක

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ මිනිස්සු එන්ජින් පවර් එක, ඉන්ධන පරිභෝජනය ගැන එතරම් හිතලා නෑ වගේ... සමාජයේ තමන්ට කැපී පෙනෙන්න පුලුවන් විදියෙ වාහනයක් තමයි හොයලා තියෙන්නෙ...

      බීට්ල් එක මගෙත් කැමතිම වාහනයක්... ළගදීම දිනක ඉබ්බෙකු සතු කරගන්න හිතාගෙන ඉන්නවා...

      Delete
  5. Very interesting. Thanks for the blog. Keep going.....

    ReplyDelete
  6. අපේ ලොකු අත්තට හිල්මන් එකක් තිබුනු බවත්, එන එන ජාතියේ කාර් මාරු කිරීමට පිස්සුවක් තිබුනු බවත්, අම්මා කියනවා නම් අහලා තියෙනේවා.

    මේ ඇඩ්ස් නම් ආසා හිතෙනවා. කියන්ට තියෙන දේ කෙලින් කියල තියෙනවා.:)
    අර කාරෙක උඩ ඉඳන් ඉන්න ගෑනු ලමයා රෙදි , හැට්ට ඇඳන් හිටියට නම් කිසිම ගැමි පාටක් නෑ.

    ReplyDelete
    Replies
    1. අපේ ගමේ පරණ අයගෙත් වැඩිපුර තිබිලා තියෙන්නෙ හිල්මන් වාහන...ඒවා නඩත්තුව හා අමතර කොටස් මිළ පහසු නිසා එහෙම වෙන්න ඇති කියලත් හිතෙනවා...

      ඔය කියන කාලෙ සිංහල ගෑණු දරුවො මාධ්‍ය ඉස්සරහට ආවෙ හරිම අඩුවෙන්...බර්ගර් පවුල් වල අය තමයි වැඩිපුර ඉදිරිපත් වුනේ. මේ දැන්වීමට මේ ආකාරයෙන් පෙනී සිටීමටවත් එකල දෙමාපියන් දරුවන්ට අවසර දෙන්න නැතුව ඇති... මේ ඉන්නෙත් බර්ගර් තරුණියක්... මට හිතෙන විදියට...

      Delete
  7. මෙහෙම ඇඩ් සෙට් එකක් එක්කම මේල් එකක් ආව බං පට්ට අහ් !

    ReplyDelete
    Replies
    1. අඩේ මේවා නම් අපේ සීයගෙ පත්තර එකතුවෙන් ගත්ත ඒවා...තව ඉස්සරහට තව ඒවා...

      Delete
  8. සිරා කොළුවත් ගන්නවලු ලැම්බොගිණියක්...

    ReplyDelete
    Replies
    1. මම ඇත්තටම මට ගන්න පුලුවන් සීමාවෙ තියෙන දෙයක් ගැන විතරයි හැමදාම සිහින මැව්වෙ...මට ඇත්තටම අධික මිළ ගනන් වලින් යුක්ත වාහන ගැන කිසිම ආශාවක් නෑ... බීට්ල් කාර් එකකට තමයි පුංචි කාලෙ ඉදන් සිහින මැව්වෙ...

      Delete
  9. වටින එකතුවක්..
    අපේ දෙරත් ඔව වගේපරණ පත්තරයක් තිබුනා වගේ මතකයි.. ඒකෙ තිබුනේ.. සුරුට්ටු ඇඩ්, තව ගිනි පෙට්ටි ඇඩ් වගේ ඒවා.. ගිනි පෙට්ටි ඇඩ් එකක් පටන් ගත්තේ ‘දුම්බොන මහතුන්ගේ හොද මිත්‍රයෙක්‘ වගේ වචනයකින්(හරියටම මතක නෑ)

    ReplyDelete
    Replies
    1. ඉතිං ඔය තියෙනවා කියන පරණ පත්තර ටික කැදවගෙන වරෙන්කො උඹේ බ්ලොග අස්සට...

      Delete
  10. අඩෝ කොහෙන්ද බං මේවා හොයාගත්තේ? පට්ටයිනේ. ඒවා දැක්කම දන හිනත් යනවා. ඒත් ඉතින් දැන් කාලේ ඒවා දැක්කම අනාගතේ උන්ටත් හිනා යයිනේ බං...

    ReplyDelete
    Replies
    1. අපි අද පරණ පත්තර වලට හිනා වෙනකොට අනාගතේ උන් අපේ බ්ලොග් දැකලා හිනා වෙයි... ඒ වෙද්දි පත්තර සියල්ල ඔන්ලයින් වී තිබේවි... ඉස්සරහට ඉදිරිපත් කරන ඇඩ් වලට තමයි හිනා යන්නෙ...හොද ඒවා පස්සට දැම්මා...

      Delete
  11. නියම ඇඩ් ටිකක්.
    අර බීට්ල් එකනං නියම වාහනයක් තමයි.

    ReplyDelete
    Replies
    1. බීට්ල් එකම මමත් හරිම ආසයි...

      Delete
  12. නියමයි.... අර කෑල්ල නම් මාර හොට්...:D

    ReplyDelete
  13. මං හිතන්නේ සිරා කැමතිම වර්ගයේ වාහන පෙළක් ! දැන්වීම් නම් ඉතිං අමුතුයි තමයි ..දැනට අවුරුදු 50කට පමණ එහා ඒවානේ ඉතිං

    ReplyDelete
    Replies
    1. මේ තියෙන වාහන වලින් මම බග් ෆියට් එකට සහ බීට්ල් එකට කැමතියි...අද උවත් පරණ වාහනයක් හදිසියේ හෝ දැක්කම මම බලාගෙන ඉන්නවා නොපෙනී යනතුරු...

      Delete
  14. //ගුණ ධර්ම පහළට, ගවුමෙ වාටිය ඉහළට//
    හික්....අනේ මන්දා...... :p

    විස්තරය නම් හරිම රසවත්.... මං මේ දැක්කමයි ඒ කාලේ දැන්වීම්....

    ReplyDelete
    Replies
    1. නංගි එහෙම ඔන්න කොට ගවුම් අදින්න එපා...එතකොට ඔයාටත් ඒක පොදුයි.

      තව ඉස්සරහට තියෙනවා මීට වඩා හොද දැන්වීම්...

      Delete
  15. හවස් වෙලා අපේ මහත්තයට පෙන්නලම කමෙන්ට් එකක් දාන්නම්.. හි හි

    ReplyDelete
  16. ෂැහ්.. කාලෙකින් ඇන්ටික් කලෙක්ෂන් එකක් දැක්කේ.. උඹ නං මාරයි බං..

    ReplyDelete
    Replies
    1. දේශකයත් ඇන්ටික් වලට මම වගේ පෙරේතද ?

      Delete
  17. පට්ටයි සිරා අයියේ. මෙව්වා කවද දකින්නද මෙහෙමවත් පරිස්සම් කරලා තියල තිබුනේ නැත්නම් අපි කොහොමද අද මේවා දකින්නේ මෙම පත්තර සංරක්ෂණය කල සිරා අයියාගේ සීයාට මාගේ උපහාරය.

    ReplyDelete
    Replies
    1. ඩුබායි වල නැද්ද මලේ මේ වගේ ඇන්ටික් අයිටම්...

      Delete
  18. ඒ කාලෙ දැන්වීම් හරිම රසවත්නේ.. කියවද්දී හිනාත් යනවා..

    ReplyDelete
    Replies
    1. මීට වඩා රසවත් දැන්වීම් ඉදිරියට එනවා...

      Delete
  19. මේ කියන සෑම මෝටර් රථ වර්ගයකම යන්නට මට වාසනාව ලැබුනා. ඒ කාලයේ අපේ නෑදෑ හිතවතුන්ට පින්සිද්ධ වෙන්න. මෙයින් ඉතා සුඛෝපභෝගී රථය වන්නේ හිල්මන් මින්ක්ස් රථයයි. බලන්න ඒ කාලයේ දැන්වීම්වල භාෂාවේ ඇති වෙනස. එහිදී පාඨක අවධානයට වඩා තැන දී තිබෙන්නේ නිවැරදි භාෂා විලාශයටයි. රෙනෝල්ට් යන වචනය මා දන්නා තරමින් ප්‍රංශ භාෂාවේදී උච්ඡාරණය කරන්නේ රේනෝ යනුවෙන්. ඒ වගේම තමයි චවලට් කියා අපි කියන නමේ නිවැරදි උච්ඡාරණය ෂෙව්ලේ. පර්ජෝ කියන නමේ නිවැරදි උච්ඡාරණය පියුෂෝ.

    මෙවැනි පැරණි තොරතුරු මගින් අපිට ඒ කාලයේ සමාජ ආර්ථික තත්වය ගැන තොරතුරු ලබාගතහැකි වෙනවා. ඔබට හැකිනම් මෙවැනි තොරතුරු දිගටම ලියන්න. ඒ කාලයේ ඒක පුද්ගල ආදායමද සොයා බලා මේ දැන්වීම් සමගම පල කලොත් එය ඉතා අගනා විස්තරයක් වෙනවා.
    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. විචාරක අංකල්...

      ඉක්මන් සුවය ලැබීමේ ප්‍රවෘත්තිය ඇත්තෙන්ම සතුටක්.ඔබතුමාගේ ලිපි කියවනවා එත් ඉතින් කොමෙන්ටු දන්නා හැකියාවක් නෑ ඇනෝ කොමෙන්ටු බාර ගන්නේ නැතේ නිසා .. එකට මුකුත් කියන්න බැරි සමහර බූරුවෝ කරන දේවල් නිසා.....කොහොම වුනත් ඉක්මණට සනීප වීම ගැන අතිශය සතුටු වෙනවා...

      මම
      මයික්

      Delete
    2. සාධාරණ කරුණු සහිත, අපහාසයෙන් තොරවූ, නිර්නාමික අදහස් දැක්වීම් කපා හරින්නේ නැහැ.අපහාසයන්ට පිළිතුරු දෙන්න මට වෙලාවක් නැහැ. උපහාසයනම් ඉහලින්ම බාරගන්නවා.


      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    3. @ විචාරක තුමා...

      ප්‍රංශ භාෂාවෙන් පැමිණි වචන නිසා තමයි උච්චාරණය වෙනස්...හිල්මන් මින්ක්ස් රථය සුවපහසුයි කිව්වෙ සස්පෙන්ෂන් හොද නිසාද ? ඒ කාලෙ හැම වචනයක්ම වාගේ සිංහලෙන්ම ලියන්න උත්සාහ කරපු බවක් පේනවා...

      ඒ දිනවල ආර්ථික තත්වය හොදින් තේරුම් ගන්න පුලුවන් විදියෙ දෙයක් මගේ ලග තියෙනවා... අපේ සීයා කෙනෙකු එදිනෙදා වියදම් ලියපු පොතක්... 1930 තරම් ඈත අවධියේ... වෙලාවක් එයත් උපුටා දක්වන්නම්...

      මයික් යනු ඔස්ට්‍රේලියාවේ වෙසෙන මගේ පාසල් මිත්‍රයෙක්...මිනිහට ඒ කාලෙ හැමෝම කිව්වෙ මයික් කටා කියලා...ඒ තරමට කට සද්දෙයි... දැන් ඒ නම මොඩ් කරලා කටා ලොප් කරලා.

      Delete
    4. සිරා යනු මගේ පාසල් කාලයේ සිටම අද දක්වාම හොද මිතුරෙකි..මිනිහට ඒ දවස් වල කිව්වේ නසියර් කියාය ...(ඔහු ගැන වැඩි විස්තර කොහොමත් අදහසක් නෑ ..:D !!!)
      මොඩ් කරන්න තරම් දෙයක් නෑ බන් ඒ දවස් වල ඉදලම එහම තමයි ..... උබලට හෙමින් දෙයක් කිව්වට කවදාවත් අහනවද? දැන් උබ මගේ ඔක්කොම විස්තර කියල වෙන එකෙක් මගේ නමින් මොන හරි කිව්වොත් මාව අල්ල ගන්න එපා හොදේ....!!!

      මම
      මයික්

      Delete
  20. මේ ළිපියනම් රස වින්දා ඇතිවෙන්න. මේ වගේ ළිපි එකෙක්වත් ලියන්නේ නෑ.. පරණ පත්තරවල වටිනාකම තේරෙන්නේ මේ වගේ රස පෝස්ට් වැටුනම. නැත්නම් නිකන් පත්තරේ දැම්මනම් වැඩක් නෑනේ....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අදහසට...තව ඉදිරියටත් පැරණි පුවත්පත් දැන්වීම් සිරාගෙ කාමරේ පලවෙන්න නියමිතයි.

      Delete
  21. දැන් නම් පට්ට ගනන් ඇති...

    ReplyDelete
    Replies
    1. රෙනෝල්ට් වාහනේ නම් එතරම් ව්‍යාප්ත වෙලා නෑ ලංකාවෙ...මම තවම ඒ මාදිලිය ලංකාවෙදි දැකලා නෑ...ඒ නිසා වටිනාකම වැඩි ඇති...අනිත් මාදිලි නම් ලක්ෂ 5කට අඩුවෙන් ගන්න පුලුවන්.

      Delete
  22. පරන පත්තර පෙරලන එකත් මරු.. තව එකක් දීපන් සිරෝ

    ReplyDelete
    Replies
    1. තව එකක් නෙමෙයි කීපයක්ම දෙන්න නියමිතයි.

      Delete
  23. අම්මපා පට්ටයි සිරා අයියා...සුපිරි....ඇත්තටම ඒ කාලේ මිනිස්සුන්ට තිබ්බ හොදම සන්නිවේදන මාර්ගේ පත්තරෙනේ...තවත් කොටසක් දෙන්ඩෝ...

    ReplyDelete
    Replies
    1. අනිවා...තව කොටස් කීපයක්ම දෙනවා...

      Delete
  24. http://gomotors.net/Fiat/Fiat-Topolino-500C.html.බග් ෆියට් කියන්නෙ මේකට නෙමෙයි.මේ ලින්ක් එක බලන්න

    ReplyDelete
    Replies
    1. ඔය ලින්ක් එකේ තියෙන්නෙ ෆියට් 500 ෆොටෝ නොවැ.... ලංකාවෙ පත්තර වල නම් 500 සහ 600 මාදිලි දෙකම බග් ෆියට් ලෙස හදුන්වනවා...

      Delete
  25. සිරෝ
    වෙනදා මෙන්ම ලිපිය නියමයි ...... මෙහෙ අයගෙත් ප්‍රධානම විනෝදාංශයකි පරණ වාහන එකතු කිරීම . හිල්මන් රථයක් මගේ මහේ යාලුවෙකුට තියනවා.. එක පරිසම් කරන විදිහ සහ පාවිච්චි කරන විදිහ දැක්කහම පුදුමයි.. කෙල්ලව බලාගන්නවට වඩා හොදට කාර් එක බලාගන්නව .... අනික අතටම කියනවනම් ඒ කාර් එකේ බොඩ් එකේ තියන සවි සක්තිය බුල්ඩෝසර් එකක සවි සක්තිය සමානයි දැන් තියන කාර් එක්ක බැලුවහම ...

    මම
    මයික්

    ReplyDelete
    Replies
    1. ඒ හිල්මන් එකේ ෆොටෝ ටිකක් වෙලාවක මූණු පොතට දාපන්කො...උඹලා ලස්සන දේවල් පැත්තක දාලා නොවැ...පරණ වාහන රැලි ඔය දේශෙත් තියෙනවද ?

      Delete
    2. පරණ කාර් රැලිනම් තාම දැක්කේ නෑ මචං.....!!! එත් ප්‍රදර්ශණ නම් ගොඩක් වෙලාවට තියනවා ... මම උබට පින්තුර එවන්නම්..

      මම
      මයික්

      Delete
  26. මං නම් ඉතින් වැඩියෙන්ම කැමති ඉබ්බාට තමයි!!! :)

    ReplyDelete
  27. වටිනාම එකතුවක්නේ.....සිරා කොලොත් ඉතින් සිරාම වැඩක්නේ......

    ReplyDelete
  28. ඔන්න ආයෙම සිරාම පෝස්ට් එකක්.
    මට බය උඹ ඇන්ටික් කෑල්ලක්ම හොයාගනීද කියලා...

    ReplyDelete
    Replies
    1. ළමයි දෙන්නෙක් එක්ක ඇන්ටික් කෑල්ලක් හොයා ගත්තොත් කාටද ආඩම්බර ?

      මේ වාහන ගැන හෙන්රි අයියා විස්තර දන්නෙ නැද්ද...

      Delete
    2. ඔය පත්තරේ ගහනකොට මම ඉපදිලානං නෑ බං. ඒ වුනාට ඔය කාර් මම දැකලා තියෙනවා. මේ දැනුත් තියෙනවා. මම උඹට ෆෝටෝ එකක් එවන්නං Hillman Minx එකක. ටිකකින් මේල් එක බලපංකො.

      Delete
  29. සිරා අයියේ ෆොටෝ ටිකට වෝටර් මාක් එකක් දැම්මොත් නරකද?????
    මරු විස්තර ටික..
    මං ගාවත් හෙන පරණ පත්තර සැට් එකක් ඇති..
    බලමු අවුස්සලා..

    ReplyDelete
    Replies
    1. උස්සන එකෙක්ට උස්සගන්න කියලා දැම්මෙ...සිරා වගේ ඇන්ටික් වලට කැමති උන්ට සපෝට් එකක් දෙන්න එපායැ...

      බොලාගෙ පරණ පත්තර ටිකත් අවුස්සලා බලන්න...හොද හොද දේවල් ඇති.

      Delete
  30. මාත් ගන්න ඕනේ අර කාර් එකක්. පට්ට ලාබයි නේ. :)

    හරිම වටිනවා සිරා මේ විස්තර. ඉදිරියටත් මෙවැනි ලිපි ලියමු අනෙක් ලිපි අතරට..

    ReplyDelete
    Replies
    1. මේ වර්ගයේ ලිපි ඉදිරියටත් ලියැවෙනවා... බග් ෆියට් කාර් නම් අද රුපියල් ලක්ෂයකට අඩුවෙනුත් තියෙනවා..හැබැයි ඉතිං දර අටු...හොදම තත්වයේ එකක් ලක්ෂ 5කට කිට්ටුයි.

      Delete
  31. සිරා කොලුවත් මාර ඒවා තමා හොයාගන්නේ.අද කාලේ නම් කාර් විකුණගන්න ඔය වගේ ඇඩ් දානවා අඩුයි.දාන්නේ ඇල්ටෝ ගැනයි මරුටිය ගැනයි තමා දැම්මොත්.ඒවාත් අනාගතේ මිනිස්සු මේ වගේ එකතු කරලා බ්ලොග් වල දායිද දන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඇල්ටො මරුටි අවුරුදු 30 ක් විතර පාවිච්චි කරන්න පුලුවන් වෙයිද ? මට නම් ෂුවර් එකක් නෑ...

      Delete
  32. සිරා අයිය පරණ බඩු වලට බොහොම මනාපයි කියල අපිත් දන්නව නෙව....!!!

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇත්ත... සිරා ඇන්ටික් පෙරේතයෙක්...

      Delete
  33. වොක්ස් වැගන් නෙමේ හරි නම ෆොක්ස් වැගන් තමා
    "In mediaeval German, the sound /f/ had been voiced in some dialects and was therefore written "v"."

    http://en.wikipedia.org/wiki/Pronunciation_of_v_in_German

    ReplyDelete
    Replies
    1. ඒකත් එහෙමද...මම හිතුවෙ අපේ අය වරද්දගෙන කියනවා කියලා...

      Delete
  34. Kiyana dayk naha... wenada wagema itin ela..ma ..tamai....
    Gampha enawa...
    Jayawewa

    ReplyDelete
    Replies
    1. එළකිරි...එදාටම හමුවෙමු එහෙනම්...

      Delete
  35. ජීවිතේට පොටො කෑල්ලක් වත් දැක්කෙ නැති ඒවත් තියනවනෙ.
    මේ දැන්වීම් නම් දැන් කාලෙ ඒවට වඩා හිත් ඇදගන්නව.

    ReplyDelete
    Replies
    1. තව නොදැක්ක දේවල් ඉදිරියේදි දාන්නම්...

      Delete
  36. Replies
    1. yako comment ekak danna kiyala eddi menna
      man ekak daala kalin...

      Delete
  37. මම මේ කල්පනා කලේ මේ දීලා තියන කොම්පැනි එකක්වත් දැන් නෑ නේද කියලා.
    ස්තුතියි සිරා මේවා බෙදාගත්තට..

    ReplyDelete
    Replies
    1. මේ කොම්පැනි වලින් කොලෝනියල් මෝටර්ස් නම් තවමත් තියෙනවද කොහෙද...

      Delete
  38. ඇත්තටමයි සිරා මේක හොඳ නිබන්ධනයකට ප්‍රස්තුත වන පෝස්ටුවක්නේ....නියමයි.

    ReplyDelete
    Replies
    1. මේ ගණයේ පෝස්ටු කීපයක් ඉදිරියටත් එනවා..

      Delete
  39. මාත් පුදුම ආසාවෙන් ඉන්නේ ඉන්නේ පරණ කාර් සහ පරණ දේවල් ගැන. උඹ පරණ කාර් ගැන උනන්දු නිසා ලංකාවට එන්න කිට්ටු වෙලා උඹව සම්බන්ද කරගන්න හිතාගෙන ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. අසරණයා තවත් අසරණ කරන්නෙ නැතුව හෙල්ප් එකක් දෙන්නම් එදාට..

      Delete
  40. සිරා කලෙක්ෂන් එකක් :D (Y)

    නියම ඇඩ් ටික.හිනා යනවා හෆ්ෆා කිවද්දි හැබැයි!!

    ReplyDelete
    Replies
    1. හොදට හිනා යන ඒවා තාම දාල නෑ... ඒවා ඉදිරියට...

      Delete
  41. සවිශක්තිය අතින් නම් දැන් තියෙන වාහන පරඬැල් වගේ ඕවත් එක්ක ගත්තම.

    ආසම හිතෙන්නෙ මේවායෙ තියෙන අමුතු පෙනුමට...අභ්‍යන්තරව වගේම බාහිරවත්...අමුතු ගාම්භීර , වැදගත් බවක් තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. මමත් හරිම කැමතියි බන්....පාරක හදිසියේ හරි දැක්කම බලන් ඉන්නෙ හරිම ආශාවෙන්... ගිය ආත්මෙ ගැරේජ් බාස් කෙනෙක්ද කියලත් හිතෙනවා...

      Delete
  42. නියම ඇඩ් ටිකක්. දැන් අපිට මේ ගනන් දැක්කම හිනා යනවා උනාට ඒ කාලේ මිනිස්සුන්ට නම් වාහන වල ගාන ඇහුවම ඇස් නළලට යනවා ඇති.

    ReplyDelete
    Replies
    1. 7850/- කියන්නෙ ඒ කාලෙ සෑහෙන ගාණක්...ඒ දිනවල උපාධිදාරී අයෙකුගේ මාසික වැටුපත් රු 300 ට අඩුයි. තත්වය එහෙම වුනත් අද තරම් බදු කන්දරාවක් ගහලා නැති නිසා අදට වඩා එදා වාහන ලාභයි කියලත් හිතෙනවා... ඒ කාලෙ පෙට්‍ර‍ල් ලීටර් ගැහිල්ලක් නෑලු...කෙලින්ම ගැලුමක්ලු ගහන්නෙ...

      Delete
  43. දැන්වීම් වලට පාවිච්චි කරලා තියන වචන හරි ලස්සනයි.හිනත් යනවා. එත් ඒ කලේ මිනුස්සුන්ගේ ජීවිත කොච්චර සරලද කියල මේවගේ දේවල් වලිනුත් හිතාගන්න පුළුවනි :)

    ReplyDelete
    Replies
    1. පරණ පුවත්පත් දැන්වීම් බොහොම රසවත් කියලා කිව්වෙ ඔබ ඔය කියන භාෂාවේ තියෙන වෙනස්කම නිසා තමයි...

      Delete
  44. හොද ලිපියක් සිරා

    ReplyDelete
  45. නියමයි සිරා..

    මං තුමත් ඔය කාර් වලට බොහොම ආස කෙනෙක්. මාඕ තුමාට වගේම මං තුමාගේ සීයා ටත් රථගාය බොහොම තදින් තිබුන කෙනෙක්. ඔය කාර් වර්ග බොහොමයකම මං තුමා පොඩි එකා කලේ ගිහින් තියෙනවා. තාමත් මගේ ළඟ තියෙනවා හිල්මන් එකක් , හැබැයි එක හිල්මන් සරමක්

    ReplyDelete
    Replies
    1. අඩේ එළනෙ...හිල්මන් සරම් කියලා ජාතියකුත් තිබිලද...මම අදයි දන්නෙ...

      Delete
  46. හී හී පරණ පත්තර කියවද්දී තමා ආස... ඒ කාලේ තිබුන මිල ගණන් වලට අදත් වාහන ගන්න පුලුවන්නම් කොහොම තියෙයිද... :D

    ReplyDelete
  47. ඔබේ මෙම ලිපිය මම දුටුවේ අද. මමත් කාර් වලට කෑදර නිසාම පරක්කු වෙලා හරි ලියනවා.ෆියට් 600 සහ 500 කර වල මම ගිහින් තියෙනවා.හැබැයි බුග් ෆිඅට් කියන්නේ ඒ මෝස්‌තර දෙකටම නෙමෙයි ඊටත් ඉස්සර වෙලා ආපු වහලේ අකුලන්න පුළුවන් මෝස්තරයකට.එක පුංචි උනාට කොහොම හරි එල්ලුනොත් 10 කට විතර යන්න පුළුවන්. ෆියට් කියන නම හැදිලා තියෙන්නේ first in any time කියන වචනයේ තියෙන මුල් අකුර අරගෙනයි කියල මම අහල තියෙනවා.
    වොක්ෂ්වගන් කරය ගැන නම් කියල වැඩක් නැහැ. මගේ ලඟත් තිබුන 5 ශ්‍රී එකක් ගත්තේ රු.36000 කර වසර 23ක් දුවවා ලංකාවේ හැම පළාතකම(උතුර,නැගෙනහිර හැර) ඒක මගේ අතින් හැපුනාම හදන්න ගිය එකා වැඩේ කැවා. දැන් පැත්තක් දල තියෙඅවා. මගේ දෙවෙනි වොක්ෂ්වගන් කරය 6 සි එකක් ගත්තේ රු,300,000කට පළමු කාරය පුන නිසා ගෙදර් උන්දැ මේකේ යන්න බ කියල ස්ට්‍රයික් ඒ නිසා එක වික්කා. එත් මට ආයෙමත් හිතෙනවා ඒක නැවත මිලදී ගන්න. ඔබ දන්නවා ඇති ඔය පොල් ලෙල්ල අනික් පැත්ත හරවලා වාගේ තියෙන මෝස්තරයේ මොඩල් 35ක තිබෙන බව.

    ReplyDelete
  48. හොද වැදගත් පෝස්ටුවක්

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...