Thursday, January 17, 2013

136 සැලූන් ඩි ටෝනි

සැලූන් ඩි ටෝනි යනු බාබර් සැලූනයකි. එය පිහිටා තිබුනේ ගම්පහ -ජා-ඇල බස් නැවතුම පිටුපසට වන්නටය. මෙහි සේවය කලෝ එක බඩවැල කඩාගෙන ආ අයියා සහ මල්ලි වූහ. අයියා ලොකු ටෝනි වන විට මල්ලී පොඩි ටෝනි විය. පෙම්වතිය සමග කයියකට සැටමෝල් වෙන්නට, අඩ්ඩක් ගසා හිත සනසා ගන්නට, බල්ලොත් බත් නොකන මූණත් තහඩුව හෙයාර් ඉට්ටයිල් එකක් මාර්ගයෙන් නිසි මගට ගන්නට , අතරැදි දුම්වැටියෙන් රවුමට දුම්  වළලු යවා පපු කැනැත්ත සැහැල්ලු කරගැනීමට,  පාසල් ගොස් ෂෝට් ලීව් දමා යන්න අතක් නොමැතිව ලතවන්නන්ට‍ ගම්පහ නගර සීමාවේ පිහිටට සිටි ඉටු දෙවියෝ ටෝනි ඩබල වූ නිසාවෙන්ම මුන් දෙන්නා කාගෙත් හිතවතුන් වූහ. සිය සේවය පතා එන පාරිභෝගික ජනමනයා සාදරයෙන් පිළිගෙන ඔවුන්  සුව පහසුව හිදුවා, එඩී ජයමාන්නගේ සිට දොන් සේතං දක්වාත් විල්සන් කරූගේ සිට අර්ජුන කමලනාත් දක්වාත්  සියලු හෙයාර් කට් ඒ අයුරින්ම කොර දෙන්නටත්, එහෙමත් නැත්නම් හිස මුදුනින් පටන් ගෙන ක්‍ර‍මයෙන් පහළට විත් ඉබි නැට්ට අසලින් බෙල්ල මිරිකා අවසන් කරන උන්ටම ආවේණික සම්භාහන සත්කාරය (Massage)  පිළිබදවත්  සැලූන් ඩි ටෝනි ලබා තිබූ කීර්තිනාමය නිසාවෙන්ම එය තරුණ කොල්ලන් එකල නිතර ආගිය තැනකි.

http://pocketcultures.com/topicsoftheworld/files/2011/08/barber-shop-in-Abo-al-Kaseeb.jpg


සිරාගෙ කාමරේ කථා වලදී කීප වතාවක්ම අපට හමු වූ බෑන්ඩ් එකේ ලොකු අයියාද මෙම ස්පොට් එකේ යාවජීව සාමාජිකයකු ලෙස වැජඹුනු කාලයක් විය.  අද මේ දිග ඇරෙන්නේ මෑත දිනයකදී ඔහුගේ ශ්‍රී මුඛයෙන් පහළට හැලී සිරා කොලුවා වැර වෑයමෙන් කන් දෙක යොමා එක්රැස් කරගත් ධනයයි. මේ කථාව තුල  අද තවත් අළුත් චරිතයක් අප හමුවට එයි. හෙතෙම ජොලා නම් වෙයි. මේ කියන ජොලා හැඩි දැඩිය. අපේ පාසලේම අපිට වඩා වසර කීපයක් වැඩිමල්ය, එහෙමත් නැතිනම් ලොකු අයියාගේ වසරේය.  දකින හැමෝම ජොලා අයියා කියා යටහත් පහත් බවක් දැක්වූ චරිතයකි. උදෑසන රැස්වීම් වලදී හැමදාමත් වගේ මල්ලව පොර ක්‍රීඩාවට සහතික, කුසලාන ලබාගත් නිසාදෝ ජොලා එම ක්‍රීඩාවම වර්තමානයේ සිය ජීවන වෘත්තිය කරගෙන සිටී.

ජොලා මෙන්ම ලොකු අයියාද හැන්දෑවට හැන්දෑවට සැටමෝල් වූයේ සැලූන් ඩි ටෝනි හිදීය. ඒ නිසාමදෝ මුන් දෙන්නාට යාවජීව සාමාජික කාඩ්පතක් ලකුණු කර සාක්කුවට දමන්නට ලොකු ටෝනියාට සිදුවිය. ශත පහක හෝ අදායමක් නැතුව හෙයා ජෙල් ටිකක්, පවුඩර් ටිකක් පිනට පුදා එළොවට වැඩක් කරගන්නට ටෝනි ඩබල පැතූ නිසාදෝ හැමදාමත් කෙල්ලන් බලන්නට නීට් ලුක් එකෙන් යන්නට මේ දෙදෙනාට අවකාශ ලැබිනි.

දන්නෝ දනිති. නොදන්නෝ කියවා දැනගනිති. ගම්පහ නගරය වනාහී එහෙම් පිටින්ම ටියුෂන් පන්තියකි. ඉස්සර දවසක ප්‍ර‍ංශයේ තිබූ සෝබෝන් මෙන්ම ඇමරිකාවේ මොන්ටානා ද  දැන් ඇත්තේ ගම්පහය. ටියුෂන් පන්ති  අහවර වූ පසු ගම්පහ යනු එහෙම් පිටින්ම සුරපුරයකි. තෝරා ගැනීමට විවිධ ප්‍ර‍මාණ හා  වර්ග රාශියකි. පන්තියක් නිම වූ පසු මාර්ගය වසා ඇදෙන සිසු කැල අතර රුවැත්තියන් මෙන්ම මුවැත්තියන්ද ඇති පදමට  සිටී. බඹරා රොන් ගන්නට පෙර මලක් සොයා ගත යුතුය. ඒ අර්ථයෙන්දෝ වැඩක් ඇතිව හෝ නැතිව පන්ති අවසන් වන වේලාවට කොලු කුරුට්ටෝ දැරිවියන් හමුවේ පැණි පෙරන්නට ටවුමට රැස් වෙති. ඒ අතරින් සමහරෙක් තම සීදේවි පෙනුම වැඩි කරගැනීමට පවුඩර් සහ ජෙල් ගෑවෙ ටෝනි ඩබලට පින් දෙමින්ය.

මේ කොලු නඩය අතර සිටි දෙදෙනෙක් ඔබ දැනටම දනී... ඒ ලොකු අයියා සහ ජොලා අයියාය. ලොකු අයියා ටික දිනක සිට පොල් පැළය කෑමට සැරසෙන බව ජොලා දැනගත්තේ ලොකු ටෝනියාගෙනි. මහත් වැර වෑයමෙන් ටෝක් කරගත් කෑල්ල තවෙකෙකුට හිමිවන්නට ඉඩ දී බලාසිටින්නට ජොලා තවමත් දාන පාරමිතාව පුරන්නේ නැතිය. එක් හැන්දෑවක ලොකු අයියා ජොලාට රහසින් සැලූන් ඩි ටෝනි වෙත පැමිණ පින් තකා දෙන  පවුඩර් සහ ජෙල් උලාගෙන මොන්ටානා අසල කේක් කඩය ඉදිරිපිට සිටගත්තේ ඔහුගේ හිත කිතිකවා, හිස ඔද්දල් වන්නට පාර කියූ ඒ සීදේවි  පින්කද දැකබලාගෙන ඇහැක් තනියෙන් වසා සැනසෙන්නටය. මේ කියූ එකීම ජොලාටද ඇහැ කරකවා ඇති බව අහිංසක ලොකු අයියා දන්නේ නැත... වේලාව පහ පසුවී මිනිත්තු කීපයකි...  ලොකු අයියා කේක් කඩයට තනි රකිමින් සිටී. එවිටම සැලූන් ඩි ටෝනි වෙත තකහනියේම දුවගෙන ආවේ  ජොලාය. අද දෙකෙන් එකක් බලා ගමියි පාරම් බාමින් ඔහු සැලූනය තුලට වැදුනේය. ආයුධ රහිතව පැමිණි ඔහු දැන් ආයුධයකින් සන්නද්ධය. ඒ පොඩි ටෝනියා කොළඹ ගිය දිනයක උස්සගෙන ආ අලුත්ම පවුඩර් බෙලෙක්කයකිනි. මූහුණ සම්පූර්ණයෙන් වැසෙන සේ පැලදි කලු පැහැති හෙල්මටය ජොලාගේ අනන්‍යතාව සගවයි. දවස අවසානයේ සිදු වෙන්නට යන පාඩුව ගැන සිතමින් ටෝනි සොහොයුරෝ විස්සෝපව බලා හිදී.

පන්තිය ඇරුනේය. දෙපසට පැද්දෙමින් රන්කද ආවාය... ලොකු අයියාට කොමල සිනහවක් පෑවාය... ලොකු අයියාගේ කට කනට යද්දි, ඇය ඔහු වෙත කෙමෙන් කෙමන් ලං වූවාය. ඔහුට කියන්න අවසර ලැබුනේ ඉතිං නංගී කියා පමණකි...  ජොලාගේ හැඩි දැඩි බාහු බලයෙන් ගුවනට නැගුනු පවුඩර් බෝම්බයට වෙන්න කපොල් එක පමණක් නොව වටා පිටාවේ සිටි අහිංසක කපොල්ද  ගොදුරු වූ සෙයකි... කවුද ඇන්ත්‍රැක්ස් ගැහුවෝ කියා කෙල්ලෝ සී සී කඩ දුවති... ඒ වකවානුව ඇන්ත්‍රැක්ස් නම් රසායනික ප්‍ර‍හාරයන් සිදුවෙතැයි ලෝකයා බිය වී සිටි සමයකි. ඇන්ත්‍රැක්ස් මැදින් සමන් පිච්ච සුවද හමයි. කේක් කඩය ඉදිරිපිට සියල්ලෝම පියරු බබාලා මෙන් පියකරුය. ධවල වර්ණයෙන් බැබලෙයි. විනාඩියකුදු එතැන නොරැදී ප්‍ර‍හාරක ජොලා වාෂ්ප වූයේය.

අමාරුවෙන් මග සොයාගෙන අසල කඩයකට වැදුනු ලොකු අයියා කඩේ උන්ගේද සහායෙන් යම්තාක් දුරකට  සිදු වූ හානියෙන් මිදී නිවසට ගියේය. ජොලාට දෙන්නම් ජම්බු කියූ ලොකු අයියාට රිටර්න් එක දෙන්නට කිසිදු හදිස්සියක් තිබුනේ නැත. පවුඩර් ප්‍ර‍හාරය එල්ල කලේ ජොලා බැව් හදුනා නොගත් ලෙසින්  ඔහු පෙර පරිදිම ජොලා සමග පයුරුපාසානම පැවැත්වීය. කාලය ටික් ටික් හඩින් අනාගතය කරා ඇදුනේය.

එක් උදෑසනකි. සැලූන් ඩි ටෝනි විවෘත කලා පමණය. වට පිට බැලූ මල්ලව පොර ශූරයා පාසල් යන්නට මත්තෙන් අවුල් වූ හිසකෙස් සකසා ගන්නට බිත්තියේ වූ කණ්නාඩියට නැඹුරු වූවා පමණකි. මාරාවේශයෙන් ගොදුර සොයා ඇදුනු ලොකු අයියාගේ අතෙහි වූ විශාල සිලි කවරය පිරෙන්නට තිබූ පවුඩර් වල බර සැහැල්ලු කරමින් ජොලා පවුඩර් වලින් නැහැවිනි. සුදු ඇදුම හැද සිටි ඔහු දැන් හිම බෝලයක් මෙන් සුදුය. සැලූන් ඩි ටෝනි ඇතුලත පවුඩර් සාගරයකි.

නෙදකින් විතරක් සැලූන් එක ඇරියා විතරයි ...ලොකු ටෝනියා දෙස් දෙයි. කොණ්ඩය වියලිමට භාවිතා කරන ඩ්‍ර‍යරය සමග පොඩි ටෝනියා පවුඩර් කුඩු ඉවතට යවන්නට ඔට්ටු වෙයි.  මෙතැනින් අතනට, අතනින් මෙතනට...ඒවා සැලූනය පුරා සී සී කඩ යයි. පවුඩර් බබා ජොලාද පාසල් යාම පසෙකලා ටෝනි සොයුරන්ට සහාය වෙයි. දවසේ භාගයක් ගත වූ පසු පවුඩර් අස්සෙන් සැලූනය මතුකර ගැනීමට ටෝනි ඩබල සමත් වූ බව හැන්දෑ කොරේ කවුදෝ ලොකු අයියාට කියා තිබේ.

තවත් ටික කාලයක් ගතවිය. ලොකු අයියා සහ ජොලා පැරණි  කෝන්තර නිමවා පෙර පරිදි හොද මිතුරන් බවට පත් වූවෝය. ඒ මිත්‍ර‍ත්වය දිනවන්නට සමහරක් දින වල මුන් බාර් එක අරින්නටත් කලින් පෝලීමේය. එතරම්ම පණු බෙහෙත් බීමට ලැදිය. දොරේ එක ඉබ්බෙක් ගලවා දෙයියන්ට බුදුන්ට පහන පත්තු කිරීමටත් කලියෙන් ගල් බෝතලයක් ලබා දී මුන් දෙන්නා සනසා ලීමට බාර් හිමිකරුට සිදු වේ. බෝතලයේ දුඹුරු පැහැති ද්‍රාවණය බිදෙන් බිද සිදී ගියේ අසල වූ කෑම කඩයක පිටිපස්සට වෙන්නටය. ඒ සමගම මෙතෙක් වෙලා තිබූ පියවි සිහියද ටිකෙන් ටික ඈතට දිව ගියේය.

මචෝ උඹට කොහොමද ? අමාරුද ? එකෙක් අසයි...එවිට අනිකා...ඔව් බන් ටිකක් කැරකෙනවා වගේ ඕක්.... අපි ටෝනියගෙ පොට් එකට ගිහින් බඩු බහිනකං සුට්ටක් වෙලා ඉදලා ගෙදර යමු...

සැලුන් ඩි ටෝනි විවෘත වී මද වෙලාවකි. අද නම් බිස්නස් හොදය...දැනටම ගණුදෙනුකරුවන් හතර දෙනෙකි. ටෝනි ඩබල දෙදෙනෙකු වෙත සේවය සලසන විට තවත් දෙදෙනෙකු පුවත් පත බලමින් සිටියෝය. මේ අතර ලොකු අයියා සහ ජොලා වැනී වැනී ස්පොට් එකට ඇන්ටර් වෙයි. එකෙකුගේ කොණ්ඩය කපා අවසානය. ඒකා තමාගේ ගජයෙකු නිසා ජොලා අඩියක් ඉදිරියට තැබීය. පුවත් පත පසෙක ලා තවකෙක් කොණ්ඩය දන් දෙන්නට පටුවේ හිද ගැනීමට සැරසෙයි...

දැන් නම් ලොකු අයියාට මද පවන සැඩ සුළගක් වෙලාය. ඔලු ගෙඩිය බඹර චක්කර ගානට කැරකේ... කබරයා මදින් මද හිස ඔසවයි... තවත් ඉන්නට බැරිය...ඉදිරියට ගිය හෙතෙම  ජොලා සහ මහ ටෝනියා අත් දෙකෙන් අල්ලා දෙපසට කර බාබර් මේසය යටට වෙන්නට වැඩි හරිය මුදා හැරියේය. පලාතම ඇක්ස්ට්‍රා ස්පෙෂල් සුවදින් නැහැවෙයි.... ලොකු ටෝනියා ඔලුවේ අත් ගසාගත් වනමය....ක්ෂණිකවම ඔහු කීවේ එක් දෙයකි....

මහත්වරුනේ මට සමාවෙන්න... අපි අදට සැලූන් එක වහන්නයි යන්නේ....

මාස දෙක තුනක් ඇවෑමෙන් තරහ මරහ නිවී දෙපාර්ශවයම යලිත් පෙර පරිදි සමාදාන විය. නමුත් ලොකු ටෝනියාගේ සිත රිදවූ අරියාදුව ගැන තවමත් කෝපයෙනි... උඹලට දෙන්නම් බැටේ... ඔහු නිතරම මුමුණයි. පාරේ ඇවිදින විටෙක අහුවෙන අහුවෙන දේට පයින් ගසනා ජොලා සහ ලොකු අයියා ඉලක්ක කර මහ ටෝනියා උගුලක් ඇටවූයේය...

පාසල නිම වී හැමදාමත් සැලූනයට පැමිණෙන ජොලා සහ ලොකු අයියා එන මග, සැලූනය කිට්ටුව පාර අයිනේ වෛවාරණ  සපත්තු පෙට්ටියකි. සම්පූර්ණයෙන් වසා ඇති එතුල ඇත්තේ තඩි කලු ගලක් බව දන්නේ ටෝනි ඩබල පමණකි. ඈත තියාම පෙරමග බලා සිටින ටෝනියා සහ සපත්තු පෙට්ටිය දුටු මුන් දෙන්නා කුමන්ත්‍ර‍ණයක සේයා දැනී රහසේ සැගවිනි. ටෝනියා එය දුටුවේ නැත.

මද වේලාවක් ඇවෑමෙන් ඒ දෙසට ආවේ ----------වත්තේ නම් දැරූ ලයිෂන් චණ්ඩියෙකි. බිම තිබූ පෙට්ටියට දෙවරක් නොසිතූ ඔහු දුන්නේ රොනල්ඩෝ පවා නොගසන තරමේ වේගවත් පා පහරකි. ඒ සමගින් ඇසුනු විලාපයද සමග ටෝනියා කිසිත් නොඇසුනා සේ සැලූනය තුලට වැදුනි.

එදින රාත්‍රියේ ටෝනියා වෙත ඇමතුමකි...

අඩෝ මම --------------වත්තෙ ----------අයියා කථා කරන්නෙ...තෝ පාරෙ තියපු පෙට්ටියට ගහලා මගෙ දකුණු කකුලෙ ඇගිලි දෙකක් කැඩිලා....මේක හොද වෙලා ගෙදර ආපු ගමන් මම තොගෙ කැවුත්ත කනවා යකෝ....




මම කාමරේ වෙසෙන, සත්ගුණවත් සිරා කොලුවා.



ප.ලි

පසුකාලීනව ටෝනි ඩබල වෙනත් රැකියාවන් වෙත යොමු විම නිසාවෙන් අද සැලූන් ඩි ටෝනි එම ස්ථානයේ නැත.


මේ පෝස්ටුව උන් දෙන්නා දුටුවහොත් මටද බඩු බනිස් බව සිතේ.

ජනවාරි 27 ගම්පහ ගෙට්ටුවට එන්නට කැමැත්තෙන් සිටින උන් තව තවත් කල් මරන්නේ නැතිව ඉක්මනට පෝරමය පිරෙව්වොත් හොදාය. ඒ සදහා දකුණු පස ඉහළින්ම ඇති ලෝගෝවට කොටන්ඩ.






136 comments:

  1. කලෙකින් ආවෙමි... ආයෙත් එන්නෙමි... ජය වේවා...

    ReplyDelete
    Replies
    1. ඇයි බන් කාලෙකින් එන්නෙ...නිතරම වරෙන්... ගම්පහ ගෙට්ටුවටත් වරෙන්... ජය !

      Delete
  2. තනියෙන් හිනාවෙන්න බෑ බන් මෙහෙමත්..
    ලියපු ඉට්ටයිල් එකට මම කැමතිය. රෑට කාපු ගමන් මේක කියවල
    හිනාවෙලා බඩත් රිදෙනවා

    ReplyDelete
    Replies
    1. ඔබේ ප්‍ර‍තිචාරය මට අවංකවම ශක්තියක්... ස්තූතියි.

      Delete
  3. හිනා කාල මැරෙනවා බන්, කියවපු එලම කිරි පොස්ට් එකක් , තව වැඩි වැඩියෙන් ලියන්න සිරාට හැකියාව ලැබේවා..........

    ReplyDelete
    Replies
    1. මේ පැත්තට පැමිණියාටත්... කරපු ප්‍රාර්ථනාවටත්, දෙකටම ස්තූතියි...

      Delete
  4. කතාවත් සුපිරිය!!ලියල තියෙන විදිය ලෙසටම සුපිරිය!!!

    ReplyDelete
  5. අද කතාව ලියලා තියෙන විදිය ලස්සනයි. උපහාසයත් එක්කම රසවත් විදියට ගලා යනවා.:)

    ReplyDelete
    Replies
    1. කියවන සමහරු චෝදනා කලා... මුල් කාලෙ විදියට දැන් ලියන්නෙ නෑ කියලා...ඒ නිසා පොඩි වෙනසක් කොලා...

      Delete
  6. හිනාගස්සනවා කියලා මෙහෙමත් හිනා ගස්සනවාද? තාමත් හිනා

    "දන්නෝ දනිති. නොදන්නෝ කියවා දැනගනිති." දැන් දන්නවා..

    "තෝරා ගැනීමට විවිධ ප්‍ර‍මාණ හා වර්ග රාශියකි." ඒකත් හරි කරදරේනෙ. කෝකද කියලා හිතාගන්න බෑ... අනික එකක් දැක්කම ඔය ගොඩක් මැද්දෙ ආයෙ කොහේ හොයන්නද?

    ලිවීමේ ශෛලිය සුපිරියි..

    ReplyDelete
    Replies
    1. බොරු නෙමෙයි හරී...පන්ති ඇරෙන වෙලාවක ගම්පහ ටවුමට ඇවිත් බලන්න... ඇහේ පොට යනවා කෝක තෝරගන්නවද කියලා හිතලා... එච්චරට සීදේවි ළමයි...

      Delete
    2. ඉතින් ඇයි බන් බල බල ඉන්නෙ ? අපිනම් එදත් අදත් මීගමුවට ප්‍රිය ඇත්තෝ වෙමු.. :-)

      Delete
  7. ඔය එක එකාගේ නං දාලා ලියන්නේ උඹට වෙච්චා නේද

    ReplyDelete
    Replies
    1. පික්සු කථා කරන්න එපා මෙයා... සත්ගුණවත් සිරා කොලුවා වමනෙ දැම්ම තරමක් දැම්මෙ අනුන්ට කරදර නොවෙන්න... මගේ සිද්ධි මම මගේ නමින්ම තමයි ලියන්නෙ...මේක ඇත්තටම ලොකු අයියට වෙච්ච දෙයක්...

      Delete
  8. උදේ පාන්දර සියලු වස් දොස් නැති වෙන්නට හිතේ හැටියට සිනා සුනෙමි.. සිනා සී අහවර වී බලන විට අම්මා බිරන්තටිටු වී මා දෙස බලා සිට මුතුක් නොකියාම ගියාය..
    (හෙට තාත්තා එක්ක එකතු වෙලා මාව මානසික වෛද්‍යවරයෙක් ගාවට ගෙනියයිද දන්නෙ නෑ)

    නියමයි සිරා... උඹනම් සිරාම සිරා....

    ReplyDelete
    Replies
    1. මානසික වෛද්‍යවරිය සුන්දර හැඩකාරියක් උනොත්...බණ්ඩා ඒකත් ජයසිරි මංගලම් කියයි.

      ස්තූතියි බන්...

      Delete
    2. එහෙම උනොත් සිරා, බණ්ඩා ආයිත් ගෙදර බත් කාලා අහවරයි... හි හි

      Delete
    3. බත් නං නැතත් කමක් නෑ.. හදිසි අනතුරු වාට්ටුවේ නතර වෙන්න උනොත්..

      Delete
  9. ඒ කියන්නේ අර චන්ඩියා නොන්ඩි වෙලා පොරොන්දුව ඉට්ට කලන්න බැලි උනාද ?

    ReplyDelete
    Replies
    1. පාලන බල ප්‍රදේශයේ උද්ගත වෙච්ච අර්බුද විසදන්න කලාය මිඩංගු කරන්න වෙච්ච නිසාද මන්දා...ටෝනියා අදත් යහතින් ඉන්නවා...

      Delete
  10. මේකම අපි කළා බං ඉස්කෝලෙ යන කාලෙ. අපේ සර් කෙනෙක් පයින් ගහල සද්ද නැතුව ගියා :)

    ReplyDelete
    Replies
    1. උඹලා තමයි බන් මිනිස්සු... ගුරු භක්තිය සෑහෙන්න තිබිලා තියෙන හැඩයි...

      Delete
  11. සිරාගේ කතා ලිවිල්ල පට්ට සිරා.කියවනකොට හිතෙන්නේ බලාගෙන ඉන්නවා කියලා.
    අර ලයිෂන් චන්ඩියා පොරොන්දුව ඉස්ට කලාද?

    ReplyDelete
    Replies
    1. නෑ...ඌ ඒක තරහා ගිහින් කිව්වට මිනිහත් ටෝනියගෙන් තමා කොණ්ඩෙ කපාගෙන තියෙන්නෙ...

      Delete
  12. උන් දෙන්නා ටෝනි ඩබලට මාර සහයෝගයක් නේ දීලා තියන්නේ..:)

    මේ ලිවීම නම් පංකාදුයි බං. උදේම ලේ පිරිසිදු කර ගත්තා.

    ReplyDelete
    Replies
    1. පවු බන් ටෝනියලා... ඒ කාලෙ උන්ට වෙන තරමක් වෙලා තියෙන්නෙ පජාතම වැඩ...

      Delete
  13. සුවර් එකටම මාත් ඕකෙන් කොන්ඩේ කපා තිබෙන්නට ඕනෑය. ඔතන සලූන් දෙකක් තිබුනේය. ඔය කෝකද කියා මට හරි හැටි මතක නැත.. බාර් එක ලඟටම වෙන්නද සැලුනයක් තිබුනේය.... ගම්පහ ගැන කියද්දී දුවගෙන එන්නටම හිතෙන්නේය.... උඹ රස කර කර ඉතා අගේට ලියා තියෙන්නේය...

    ReplyDelete
    Replies
    1. බාර් එක පැත්තට වෙන්න තිබුන එක නොවේය. අනිත් එකය... ඒ කාලේ වගේම තවමත් සුන්දර දැරිවියන් ගම්පහ ටවුම හැන්දෑවට හැන්දෑවට බදු ගන්නෝය.

      Delete
  14. ප්‍රැක්ටිකල් ජෝක් කියන්නේ ඕව තමා සිරෝ..

    ReplyDelete
    Replies
    1. ජොලා තමයි බන් ජොලා...මේ කථා කියන්නෙ රග පාන ගමන්... හිනා ගිහින් පණ යනවා...

      Delete
  15. නියමෙට ලියල තියෙනව සිරා.

    ගම්පහට එන උං බයකරන්නද දන්නෑ මේක ලිවුවෙ.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ... ගම්පහ දැන් චණ්ඩි නෑ...සිරා වගේ සත්ගුණවත් ඇත්තො තමා ඔක්කොම ඉන්නෙ...

      Delete
  16. මම යනවා තව කාව හරි එක්කන් ඇවිල්ලා ආයේ කියවන්න, ගෙදර මිනිස්සු බලනවා පිස්සුද කියලා මෙහෙම හිනා වෙන්නෙ..

    ReplyDelete
  17. //මේ පෝස්ටුව උන් දෙන්නා දුටුවහොත් මටද බඩු බනිස් බව සිතේ.//

    මෙතන කුමක් හෝ රහසක් ඇත. උඹ හඟවන කොටස දන්නෝ ටෝනි ඩබල නේද ? මේ වගේ මගෝඩි වැඩ මමත් කර තිබේ. සිරාගේ කතාවෙන් මතක් විය.

    ReplyDelete
    Replies
    1. සුදීක අයියාද මතක් වූ මගෝඩි වැඩක් දෙකක් ඉදිරියේදී ලියනවා ඇතිය... මම පොඩි ටෝනියා දන්නේ නැත. උන් දෙන්නා යනුවෙන් මා පැවසූවේ ජොලා සහ මහ ටෝනියාය...

      Delete
  18. ගම්පහ වනාහී ටියුෂන් පන්තියකි... මල් වත්තකි... සුර පුරයකි... පංතියක් ඇරුනු කලට පාර එකම මල් ගොමුවකි... කරුමයනම් එක කෑල්ලක් දිහාවත් වැඩි වේලා බලා සිටීමට නොහැකි වීමයි... හොද යැයි සිතා එකක් බලන කල්හි එයිට වඩා සුපිරි කෑලි හත අටක් ඒ පිටු පසින් එති.. ඇස්වලට පිස්සු හැදෙති... මමනං ඒ කාලේ ගම්පහ යන්නට පෙර මැෂින් තෙල් කුප්පියෙන් බිංදු දෙක තුනක් ඇස්වලට දමා..බෙල්ලට ග්‍රීස් තලියක් ගාගන්නේය.. නැතහොත් ඇස්වල පොට යන්නේය.. බෙල්ලේ ජොයින්ට් පනින්නේය..
    අහෝ අතීතේ...

    ReplyDelete
    Replies
    1. මාරෙ අයියා ගම්පහ සැබෑ ස්වරූපය කදිමෙට වචන බවට පෙරළලා ඇත්තේය... කථාව ඇත්තකි...මේ එන කෙල්ල නම් ලස්සනයි නියමයි...ඒකිට ට්‍රයි එකක් දෙන්න ඕනෙ කියා හිතනකොටම ඊට වඩා ලස්සන කෙල්ලෙක් ඊට පිටිපස්සෙන් පැමිණෙනවාය... මුන් දෙන්නා ගැන සිතන්නට ගොස් මානසිකව වැටී සමහර කොල්ලන්ට තුවාල පවා සිදු වූයේලු.

      Delete
    2. පිටිපස්සෙන් වඩා සුපිරි කෑල්ලක් එනකං තාමත් එකෙක් බලං ඉන්නේය....

      Delete
  19. උඹේ ලියවිල්ල නම් සුපිරියි සිරෝ..චන්ඩියාගෙ පොරොන්දුවට මොකද උනේ...කැවුත්ත කාලද...හි හි හී නියමයි ආ...

    ReplyDelete
    Replies
    1. නෑ නෑ...චණ්ඩිය උනත් කොණ්ඩෙ කපනකොට හිස නැමුවෙ ටෝනි ඩබලට නිසා...වැඩේ සාමයෙන් සමාදානයෙන් විසදිලා...

      Delete
    2. ලිහිණියෝ මොකෝ කාගේ හදවත් හතරද දෙපැත්තෙන් එල්ලෙන්නේ..

      Delete
    3. ලිහිණියටත් අර බෙහෙත් නැති කරුම ලෙඩේ හැදිලා වගේ...

      Delete
  20. අයියෝ බෑ බං මේ වැඩේ... දැං ඉතිං මං මේක අර මනුස්සයා ආවම එයාට කියවන්න එපැයි...... තනියෙන් රස විඳින එක හොඳ නෑ නේ මෙච්චර රස කතාවක්... හි හි

    හිනාවෙලා පණ ගියා...හි හි...

    ReplyDelete
    Replies
    1. මෙන්න යුතුකම් දන්න නියම බිරිදක්... තමන් තනියෙන් රස විදීම නොහොබී යැයි ඇගේ සිත ඇයටම දෙස් දෙන නිසාවෙන්... ප්‍රිය අපේ මහත්තයාටද ලියවිල්ල රසවිදීමට ආරාධනා කිරීමට තරම් ඇගේ සිත පති භක්තියෙන් පිරිලාය, මෘදු මොළොක්ය, හරියටම ඇගේ මෑණියන්ගේ කඩේ කේක් මෙන්ය. අනේ වාසනාවන්...අපිටත් මෙවැනිම ගෑණු ලැබීයන්...

      Delete
    2. ආරාධනා කළාට වැඩක් නෑ බං..එයා මේවා කියවන්න කම්මැලියි.. මං අර ‌මොකාද වගේ මේවා ඉතිං නැරේට් කරනවා එයාට....

      Delete
  21. එළ ද බ්‍රා....

    නියම ලියවිල්ල, ටෝනි ඩබල නම් සංසාර පුරුද්දට ද කොහෙද කෙළවරක් අනුන්ගෙ සීනි කිරන්නෙ...

    ඔය මොන්ටානා එකේ (ස්ක්‍රීන් ප්‍රින්ටින්) පෝස්ටර් මමත් කළා 95 දි විතර.

    ReplyDelete
    Replies
    1. අඩේ සුමිත් අයියා ඉස්සර ස්ක්‍රීන් ප්‍රින්ටින් එහෙමත් කලාද ? රත්නපුරේ ඉදන් ගම්පහ වැඩ කලේ කොහොමද හැබෑටම...

      Delete
    2. රත්නපුරේ නෙවෙයි, යක්කල දි.....

      ඔය සැලූන් එක මම දන්නවා. ඒක දන්නෙ බාර් එක දන්න හින්දා....

      Delete
  22. එල එල මචන් හොදටම හිනා ගියා ..
    මගේ ගම්පහ අද්දැකීම් ගැන
    මන් මෙන්න මෙතන කියල ඇති ....

    ආයේ නම් ඔය මල් වත්තට
    එන්න අදහසක් නැහැ මේ මගේ...
    ලිවිල්ල නම් එලටම තියෙනවා ...

    ReplyDelete
    Replies
    1. උඹේ ලිපියත් මම වෙලාවක බලන්නම්...අදහසට ස්තුතියි සයිලට්...

      Delete
    2. ubema kamare ara higana manussayage ekata man dapu kament
      ekak oya link kare...

      Delete
  23. මේ 27 ගම්පහ ආපුවහම ඔය පොට් එකට අපිවත් එක්කන් පලයන්! :D

    ReplyDelete
    Replies
    1. ඒ පොට් එක දැන් වහලා...දොර ලෑලි ටික පෙන්නන්නම්...

      Delete
  24. හපොයි සැලුන් එක වැහුවෙත් ඔය හේතු නිසාද?

    ReplyDelete
    Replies
    1. ලොකු ටෝනියා භාහිර උපාධියක් එහෙම කරලා උසස් තනතුරකට ගියා මම දන්න විදියට...

      Delete
  25. යකෝ දෙමල චිත්තර පටියක් බැළුව වගේනේ.. වැඩ කෝඩියයි

    ReplyDelete
    Replies
    1. දෙමළ චිත්‍ර‍පටියක් වගේ උනාට මේකෙ රේප් සීන්, යට තියෙන ඉරි ඉරි කලිසම පේන්න සරම උස්සගෙන නටන සීන් , 15 කට 20 කට තනියෙන් එලව එලව ගහන සීන් , බැරිම තැන වක් මන්නෙන් බෙලි කපන සීන් එහෙම නෑ...

      Delete
    2. ඇයි අර ඇහැ කඩන් යන පාට ඇඳුම් ඇඳගත්ත විකාර නැටුම්.....;)

      Delete
  26. සිරා මේකනම් සිරාම කතවක් බන්.

    ReplyDelete
  27. හික්..හික්.. හිනා යනවා බොල,

    ReplyDelete
    Replies
    1. හිනා යනවා නම් හිනා වෙයංකො...හිර කරගෙන ඉන්නෙ...

      Delete
  28. පව් අෆ්ෆා සද් ගුණවත් ටෝනි ඩබල ........

    ReplyDelete
    Replies
    1. ෆවු කියන්නෙ හරිම ෆවු....ඒ නිසාම තමා උන් දෙන්නා ඒ රැකියාවට ආයුබොවන් කිව්වෙ...ලාභ වලට වඩා පාඩු තමා වැඩියෙන් වුනේ...

      Delete
  29. අපිත් මේකලාස් ගිය කාලේ කවරුවත් දකිනවට කවර් වුනේ ඔය කියන සැලෝන් එකේම ද මන් ද? මට දැන් මැන්ස් ගේ නම අමතකයි.

    ReplyDelete
    Replies
    1. නලින් අයියලා මේකලාස් ගිය සැට් එකද...ඒ කාලෙ මම හිතන්නෙ මුන් දෙන්නා පොඩි උන්...වෙන කවුරු හරි වෙන්ටෑ...

      Delete
  30. හිකිස්...කියවගෙන කියවගෙන ගියා...බඩත් රිදෙනවා...

    ReplyDelete
    Replies
    1. උදේ ජරාවක් කන්න ඇති බඩජාරිකමට...

      Delete
  31. හයියෝ.. අරූ ටෝනිකෙ මොකක්ද එක කෑවද දන්නෑ අවිත්...හික් හික්...

    අයියෝ සිරා... ගම්පහ දුරයිනේ අපි මෙහා කොනේ....... :(

    ReplyDelete
    Replies
    1. අපි මෙහා කොනේ කිව්වෙ දකුනෙද... ලංකාව වටෙන්ම එදාට එනවා... කම්මැලි කම් නොකර ආවොත් හොදා...

      Delete
  32. හැමදාමත් වගේ නියම කථාවක්.කථාව කොටස් වශයෙන් දාන්න තිබුණේ.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. කොටස් වශයෙන් දාන්න තරම් කරුණු නෑ...වැල් වටාරම් ලියන්න ගියොත් කථාව එපා වේවි.

      Delete
  33. ගම්පහ වනාහී ටියුෂන් පන්තියකි... මල් වත්තකි... සුර පුරයකි ..../// උෆ්‍ෆෆෆෆෆෆස් සියල්ල අකුනු ගැසුවාක් සේ සිහිවිනි...
    උඹ මටත් කථාවක් මතක් කරලා දුන්නා .

    ReplyDelete
    Replies
    1. ඒ කථාවත් එහෙනම් ලියමුකො බලන්න...

      Delete
  34. නුගේගොඩ වනා හීත් ටියුෂන් පන්තියකි... මල් පාරකී... සුර පුරයකි ..../// සිරා මල්ලිගෙ කතාව නම් හරිම මරු. මල්ලි, මට ගෙට්ටුවට එන්න වෙන්නෙ නෑ. සොරි. එන්නම් හිතා හිටියත් පොඩි කොලුවාගේ පොඩි ඔපරේශ්න් එකකට ගෙනියන්න වෙලා. හදිසියේ උන දෙයක්. හෙට අනිද්දාම වෛද්යවරයා ගෙන් දින ලබාගන්න වෙලා. ඉතින් කනගාටුයි. හැබැයි සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම පතනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇත්ත... නුගේගොඩ සහ ගම්පහ තමයි ලංකාවෙ වැඩිපුරම ටියුෂන් පන්ති තියෙන්නෙ... අත්‍යවශ්‍යම රාජකාරියකට නොගිහින් කොහොමද... ඒක ගැටළුවක් නෑ අක්කෙ... පොඩි බබාට ඉක්මන් සුවය පතනවා...ආයෙත් දවසක කොහේ හෝ අපි හමුවේවි.

      Delete
  35. හික් හික් ...එකටෙක කොරන්න ඔඳ නෑ කියන්නේ ඕක තමයි .....ඉතින් අර කියපු උන්නැහේ කැවුත්ත කෑවයි ?
    ඔයා ලියන විදිහ ඇත්තටම නියමයි ආ ......! අර ගෑනු ළමෙක් බලන්න ගියපු කතාවේ අම්මගේ වපරය ගැන කියලා හිනාව කාගත්තු හැටි ලියල තිබුණේ ඒක මතක් වෙද්දී මට තාමත් හිනා ..හි හි

    ReplyDelete
    Replies
    1. කැවුත්ත යන්තමට බේරා ගන්න ලොකු ටෝනියාට හැකි වුනා... ඔය ගෑණු ළමයගෙ සිද්ධිය මගේ යාලුවෙක්ට කෙල්ලෙක් බලන්න ගිය ගමනක් ගැන නොවැ...මමත් ඒ වගේම වතාවක් දැරිවිගෙ ආරාධනයෙන් ගෙදර ගියා දෙමාපියන්ගෙන් අවසර ගන්න...

      Delete
  36. සුපිරියි බං ලියවිල්ල. ආසාවෙන් කියෙව්වා. අර ටෝනි ඩබල වෙස්සන්තරලා දෙන්නෙක්නෙ බලං යනකොට. ඇයි බං අච්චර කොලු නඩේකට හෙයාජෙල් නිකං දෙන්න !
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. හැමෝටම නිකං දීලා කෙලවුනු නිසා තමයි උන්ගෙ සැලූන් එක වහන්න උනෙත්...

      Delete
  37. 27 ඉරිදා දවසකම ගේට් එක දා ගත්තේ ඔය තොර ගන්න ඒවා පෙන්නන්නම වෙන්න ඇති නේද?
    මම එත් බැලුවා මොකද මේ 3 වෙනකොට ඉවර කරනවා කිවේ කියලා..

    ලිවිල්ල ගැන ඉතින් මම කලිනුත් කියලා තියනවනේ.... මල් දා හතයි....

    ReplyDelete
    Replies
    1. ගමේ වැල ගමේ කපුටන්ට...අරිද...

      Delete
  38. මට දුක ඔච්චර ඇහේ පොට යනකන් කෙල්ලන් දෙස බලා ඉඳපු සිරාටත් කෑල්ලක් හරිගියේ නැති එක ගැනයි.. උඹ බොරු නොවේ නේද කියන්නෙ..?

    හිනා උනා ඇතිවෙන්න බං..!
    ඔය සැලූන් වල ඉස්සර කොන්ඩෙ කතුරෙන් කපල ඊට පස්සෙ මොකක්ද කටර් එකකින් තව අඩු කරනව කට..කට ගගා අම්මෝ ඔලුව ගැලවෙන්නෙ නැති එක විතරයී..වේදනාව.

    ReplyDelete
    Replies
    1. දුකයි බන්...සිරා කොලුවා උසස් පෙළ ලියන කාලෙ දෙක තුනකට ඇහැ දැම්මා...ඒ ඔක්කොම ඛේදවාචක වුනා...අයියෝ අතීතෙ...

      Delete
    2. ඔයා වාසනාවන්තයි....හා නැද්ද.....;)

      Delete
  39. කතාව සුපිරිය, ලිවිල්ල පට්ටය.. සිරාට ජයය !!

    මේක හරි බැලන්ස් කතාවක් බන්.. බලද්දි අන්තිමට හැමෝම කෙලවිලා.. අහක හිටපු චන්ඩියෙකුටත් එක්කම..

    ReplyDelete
    Replies
    1. හොර බොරු නෑ... ඇත්තම සිදුවීම්...

      Delete
  40. ඔය හරියේ වුනු සුන්දර මතක ගොඩක් තියෙනවා....

    ReplyDelete
    Replies
    1. සොෆ්ට්වෙයාර් කෑලි අස්සෙන් ඒවාත් ලියමුකො...

      Delete
  41. හික්ස්...අයියෝ හිනා වෙලා මගේ පනත් ගියෝ...... සුපිරියි.... අද ගොඩක් ලස්සනට ලියල තියෙනවා.....

    අර චන්ඩියා ගෙදර ඇවිත් ටෝනිට දුන්නද බැටේ??

    ReplyDelete
    Replies
    1. නෑ නෑ චණ්ඩියගෙ යාලුවො සැට් එකක් කරුණු පැහැදිලි කරලා ටෝනියට අභය දානය අරන් දිලා...චණ්ඩියා උනත් හිස නමලා තියෙන්නෙ බාබර් ටෝනිට විතරලු...

      Delete
  42. කවද බං මගේ කොමෙන්ටු මැකුවේ ඉස්සල්ල පොස්ට් එකේ .... (හිටපන් අර බක්කරයාගේ සුදු (පාන්) වෑන් එක එවනවා)
    1. මේ ස්පොට් එක ගැන හොදටම දන්නවා ඔය චරිත සියල්ලද සමග.. එත් කතාව දැනගෙන හිටියේ නෑ ...
    2. ගේට්ටුවට ජය..
    එත් එන්න වෙන්නේ නෑ... පාර්ක් එකනම් දැන් මාර ලස්සනයි ගියපාර ආව වෙලාවේ මම ගිහින් අවා නිකන් ඔය පැත්තේ (මතකද ඉස්සර පාර්ක් එකේ පිටන්නියේ ක්‍රිකට් ගහනවා පස්සේ ඕක පිටිපස්සේ ඇනිකට් එකට පැනල නානවා.. අම්මෝ කරපු වැඩ ...!! (රශ්මිය / සොලම එහම අමතක වෙන්නේ නෑ )
    (ඇයි බං ඕක දෙසැම්බර් මාසේ සෙට් කරන්න බැරි වුනේ ) මේ අව්රුද්දේ ලංකාවට එනවා (ජූලි හෝ අගොස්තු)

    මම
    මයික්

    ReplyDelete
    Replies
    1. උඹේ කොමෙන්ට් මැකුවෙ නෑ බන්... Spam වලත් නෑ.

      මම ඉතිං නොදන්නවයැ උඹ කොටු පැනපු තැන්...පාර්ක් එක දැන් ලස්සන නිසා තමයි අපේ වැඩේට එතැන යොදා ගත්තෙ... පිට්ටනිය වෙන් කරන්න පෝලිමේ ඉන්න වෙච්ච නිසා තමයි බන් ගෙට්ටුව ජනවාරි වලට වැටුනෙ..නැත්නම් දෙසැම්බර් තමයි කරන්න හිටියෙ... රශ්මියා දැන් සිරිලංකා යුධ හමුදා නිලධාරියෙක්... ආවම සෙට් වෙමු මයික්...

      ගේට්ටුවට ජය... හික් හික්...

      Delete
  43. පාසල් සමයේදී බාබර් සැලූන් අප කාටත් ක්ෂේම භූමි බඳු වෙයි. මම නම් නිතරම සැලූන් එකට යන්නේ සිත්තර පත්තරෙයි සත්සිරි පත්තරෙයි කියවන්න. අතීත ස්මරණ වලට ලින්ක් එකක් උඹ දීලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අතීතය සුවදයි බන්...ඒක තමයි මේ වගේ කථා වලට හැමෝම ප්‍රිය,

      ඒක නෙමෙයි රතු උඹ ගෙට්ටුවට එන්නෙ නැද්ද ?

      Delete
  44. හරිම ලස්සන ශෛලියකට ලියල තියෙන්නේ. හාස්‍ය රසය උපරිමයි.

    ReplyDelete
  45. ඔෆිස් එකේ හිනා වෙන්නත් බෑ...අම්මෝ ඒත් හිනා වුණා....නියමයි....

    27 වැඩේට තව ටිකයි...සිත්තමී එන්න ඕනි එයිද දන්නෙ නැති නිසා ඔයාගෙ පෝරමය පිරෙව්වෙ නෑ....ඒත් එනවා හොදේ....

    ReplyDelete
    Replies
    1. එන්න කලින් දවසෙ හරි පෝරමය පුරවන්න... පැමිණෙන්න උපරිම උත්සාහයක් දරන්න..වැඩි දුරක නෙමෙයිනෙ ඉන්නෙ...

      Delete
  46. සිරාම ලියවිල්ල.

    අච්චර කොල්ලෝ පිස්සු කෙලිද්දී ටෝනි ඩබල එන්න දුන්න එක ගැන පුදුමයි.. නියම කොල්ලෝ දෙන්නෙක්.

    ReplyDelete
    Replies
    1. ටෝනියලගෙ බොක්ක හොදයි...ඒ නිසා තමයි උන් සල්ලි වලට වඩා මනුස්සයො හම්බ කලේ...

      Delete
  47. අදත් එළමයැ.හිනාවෙලා හකු රිදෙනවාය.

    ReplyDelete
    Replies
    1. හැලප මාමාගෙ වයසද හකු රිදෙන්නට බලපාන්නට ඇත්තේය...

      Delete
  48. ටූ ටෝනි ල මරු ඩබලක් නොවැ , මුන් ඩබල සම්බන්ධ වෙන කථා නැද්ද ? , පාරේ තියෙන පෙට්ටි වලට පයින් ගගහ යන සීන් 1ක LOL :ඩී :ඩී , අයියලාගේ සෙට් 1කේ වැඩිපුරම ආතල් සීන් වෙලා තියෙන්නේ ලොකු අයියට ද ? :)

    ReplyDelete
    Replies
    1. ටෝනි ඩබල ගැන තවත් කථා ඉතින් උන්ව ලගින් ආස්සරය කරපු ලොකු අයියගෙ ශ්‍රී මුඛයෙන් මතුවෙන දවසක් එනකං බලාගෙන ඉන්න වෙනවා...

      ලොකු අයියට තමා ගොඩාක් සිද්ධි වෙලා තියෙන්නෙ...

      Delete
  49. අපිත් ඔතනින් තමා කොන්ඩේ කැපුවේ, ටෝනිය කව්ද කියල නම් මීටර් නෑ. සේප් එකේ ඉන්ටෙර්වල් එකේදී ක්ලාස් එකෙන් පැන..ල, ඔතනින් ජෙල් පොඩ්ඩකුත් උලාගෙන, පාරෙන් එහා පැත්තේ තොසේ කඩෙන් තොසේ එකකුත් කාල,, සුපුන් කුමාරය වගේ ගෙදර යනවා. අපරාදේ,, අලුත් bus stand එක හැදුනට පස්සේ ඔතන තිබ්බ කලඑලිය අඩු වෙලා ගියා.

    ReplyDelete
    Replies
    1. උන් ඩබලම ටෝනිලා තමා... අලුත් බස් ස්ටෑන්ඩ් එක හදන්න කලියෙන් තිබ්බ එක හරිම පරණ පාටයි...

      Delete
  50. මාර ආතල්.

    පන්ති ඇරෙන වෙලාවට රත්නපුරෙත් ඔහොම තමයි. අපි කලින් ඉපදුනේ ඇයි කියල හිතෙනවා ඒ වෙලාවට.

    ReplyDelete
    Replies
    1. තාම ඉතිං වැඩි වයසක් නෑනෙ බන්... ට්‍ර‍යි එකක් දිලා බලන්න කොල්ලා ගොඩ යයි...

      Delete
  51. මේ පාර කතාව අලුත්ම ශෛලියකට ලියලා තියෙන්නේ. මරේ මරු.

    අර ජොලා අලුතින් හඳුන්වා දෙනකොටත් හුරු පුරුදු ගතියක් දැනුණා. පස්සේ මොකද කියලා බලනකොට තමයි වැඩේ මීටර් උණේ. කොහේ හිටියත් "ජොලා" "ජොලාමනේ". :D

    ලොකු අයියයි ජොලායි කියන්නේ බොක්කේ යාළුවො දෙන්නෙක් වෙන්න ඇති. ඒකනේ කොච්චර දේවල් උනත් ආයේ එක හැලියේ බොන්නේ. ටෝනි ඩබලත් පට්ටම තමා.

    ReplyDelete
    Replies
    1. ඇයි අකම් ඔය පැත්තෙත් ජොලෙක් ඉන්නවද ? ගම්පහ කොල්ලො ඉතිං සත්ගුණවත් කොල්ලො... හරියට මේ සිරා වගේ...

      Delete
  52. ගම්පහ පැත්තේ කතාවක්නේ.එල එල..

    ReplyDelete
    Replies
    1. බොලාට ඉතිං ගම්පහ වරුණෙ අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නොවැ...

      Delete
  53. ටෝනි ඩබල පවු අප්ප.....

    ReplyDelete
    Replies
    1. පවු කියන්නෙ හොදටම පවු...කාගෙ හරි දරුවො නොවැ...

      Delete
  54. මරේ මරු.... දිගටම ලියන්ඩ...

    ReplyDelete
  55. යකඩෝ.. අපි මෙව්වා බලන්නේ බඩ පලාගන්න නෙවෙයි හිනාවෙලා.

    ReplyDelete
    Replies
    1. මල මගුලයි....බඩ පැලිලා දවල්ට කාපු කුකුල් කකුල් එහෙම එලියට පැන්නා නම්...

      Delete
  56. හයියෝ හයියෝ .... වෙලාවට ටෝනි අයියල සැලුන් එක නොකරන්නේ... නැත්නම් දිව බඩ ගාවට එන්නම වැඩක් සෙට් කරන්න බැරි නෑ... දැක්කොත් නම් ඔන්න ඉවරයි ඈ... ටෝනි අයියල මෙය නොදකීවා!!! ;-)

    ReplyDelete
    Replies
    1. එයාලා දැක්කොත් මටත් බඩු බනිස් කිව්වෙ ඒකයි...

      Delete
  57. කොයික හොඳ දැයි තෝරා ගන්නට බැරුව සමහරු තනිකඩය ..


    ගම්පහ දිස්ත්‍රික්කේ වුනාට වැඩිය පුරුදු නැති නගරයක් ගම්පහ . මොකද අපි කොළඹට තමයි කිට්ටු . මන් ඔය මල් වත්තවත් දැකලා නැහැ නේ. අපි බැඳපු අලුත ඔය පැත්තේ ගෙවල් හෙවුවා . බාඳුරාගොඩ වැඩ කල එක්කෙනාට ළඟ නිසා . පස්සේ ඒ අදහස අත ඇරියා .

    කතාව නම් ඉස්තරම් . කියන්න ඕන නැහැනේ සිරාගේ ලිවිල්ල ඉතින් සිරා

    ReplyDelete
    Replies
    1. ගම්පහ කියන්නෙ හැම පහසුකමක්ම තියෙන ජීවත්වෙන්න සුදුසුම නගරයක්... කප්පම් කාරයො...චණ්ඩි නැති නගරයක්...ලංකාවෙ හිටියා නම් ගෙට්ටුවට ඇවිල්ලා ගම්පහ මල්වත්ත කුළුදුලේම බලාගන්න තිබුනා.

      Delete
  58. චරිත හතරේම ස්වබාවය එකයි.මුන් ඩයල් ඔක්කොම හෙන පිස්සු පොරවල් නේ :) හිනා කාලා මැරෙනවා

    ReplyDelete
  59. ඔය කියන සැලූන් එකේ නම saloon Dust star, පොඩි ටෝනි කියන්නේ ලොකු ටෝනිගේ මල්ලි නෙවෙයි, වයිෆ්ගේ මල්ලි. පොඩි ටෝනි පස්සේ කාලෙක ඒ කඩ පේලියෙම කෙලවරේ සැලූන් එකක් පටන් ගත්තා dabeela කියලා. ඒක පස්සේ කරගෙන ගියේ මිනිහාගේ තාත්තා. පොඩි ටෝනි රක්ෂණ සංස්ථාවේ වැඩ කරන්න ගියා, මිනිහා දැන් ඉන්නේ ඇමරිකාවේ. පොඩි ටෝනිගේ සේවා දායකයෝ ටික දැන් බාරගෙන වැඩ කරන්නේ ලොකු ටෝනි.

    ReplyDelete
    Replies
    1. මම ඔය කියන ටෝනියලගෙන් පොඩි ටෝනියා එක්ක විතරයි කථා බහ කරලා තියෙන්නෙ...අපේ ලොකු අයියා තමයි මේ දෙන්නව ගොඩාක් දුර ආශ්‍ර‍ය කරලා තිබ්බෙ...එයා දුන්න තොරතුරු එක්ක තමයි මේ කථාව ලියැවෙන්නෙ...

      සැලූන් ඩි ටෝනි කියලා නම දැම්මෙ මගේ උවමනාවට...

      ටෝනියා රක්ෂණේට ගියා කියලා නම් දන්නවා...ඇමරිකාවෙ දැන් ඉන්නෙ කියලා නම් දැනගෙන හිටියෙ නෑ... තොරතුරු වලට ස්තූතියි...

      Delete
  60. kohmada mata Post eka misse uny?
    Anurdhapura "Westran saloon" oyawage tanak.
    Jayawewa

    ReplyDelete
    Replies
    1. ඔයාගෙ කමෙන්ට් එක මටත් මිස් වෙලා අද තමයි උත්තරේ කොටන්නෙ... අනුරාධපුරේ ඉන්න උන් ටෝනියලගෙ සහෝදරයොද දන්නෙත් නෑ...

      Delete
  61. හින වෙලා බඩ රිදෙනව බන්. :D
    නියම post එක

    ReplyDelete
  62. //..පන්තියක් නිම වූ පසු මාර්ගය වසා ඇදෙන සිසු කැල අතර රුවැත්තියන් මෙන්ම මුවැත්තියන්ද ඇති පදමට සිටී...//
    හරියට හරි බන්... මගේ බැච් එකෙත් ලස්සනම බැචියො හිටියෙ ගම්පහයි, කෑගල්ලෙයි තමා ;)

    පෝස්ට් එක නම් "සිරා"වටම ලියල තියෙනවා...

    ReplyDelete
  63. හිනා වෙනව කියල ඉතින් මෙහෙම හිනා වෙන්න පුලුවන් යෑ.....අපොයි...බඩත් රිදෙනව....

    ReplyDelete
  64. හරිම සුන්දර කථාවක්! ඔබ එය ඉතාමත් සීරුවට ගොඩනගා ඇත! Thattayagekolama

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...