Thursday, February 14, 2013

113 50 දශකයේ ඉට්ටයිල් සහ බියුටි කචල්

1 කොටස  2 කොටස

සීයාට පින් දෙමින් සිරාගේ කාමරේ දිගහැරෙන, පැරණි පුවත් පත් චමත්කාරය ඔබට ගෙන එන තෙවැනි දිනය අදයි. සීයාගේ පුවත් පත් එකතුවේ තිබූ වෙළද දැන්වීම් වලින් සිරා කොලුවා වන මා විසින් අද තෝරා ගත්තේ කාන්තා පාර්ශවයට වැඩිපුර ඇගෑලුම් කමක් ඇති මාතෘකාවකි. Beauty Culture ලෙස ලෝකයා හැදින්වුවද කුපාඩි කොල්ලෝ බියුටි කචල් ලෙස හදුන්වන මේ විෂය වූ කලී වර්තමානයේ ඉතාමත්ම පුලුල් වෙළද පලක් ඇති මාතෘකාවකි. කෑම කඩ තරමටම වර්තමානයේ හන්දියක් හන්දියක් ගානේ බිහි වී ඇති කාන්තා සැලූනයෝ මේ බහට නිහඩව සාක්ෂි සපයයි.

අතීතයට සාපේක්ෂව අද වන විට වැඩි වැඩියෙන් කාන්තා පරපුර සිරිලංකා ශ්‍ර‍ම බලකායට එකතු වීමත්, උසස් අධ්‍යාපනයට යොමු වීමත්, විවාහ උත්සව වලට ඡායාරූප කරණය අත්‍යවශ්‍ය සාධකයක් වීමත් තම රූපය ගැන අතීතයට වඩා  සැළකිලිමත් වීමේ කාලීන වෙනසට හේතු සාධක ලෙස සිරා කොලුවාගේ අක්මාවට වැටහේ. වර්තමානයේ ඉතාමත් මිළ අධික රූපලාවන්‍ය ක්‍ර‍ම/නිෂ්පාදන රාශියකි. හිසකෙස් සැකසීම, මුහුණේ ඇති වල ගොඩැලි  පුරවා කඩතොළු වසා දැමීම, අනවශ්‍ය රෝම ඉවත් කිරීම, ඉන්නන් එලොව යැවීම, ඇහිබැම සැකසීම  ඒ අතර ඇති සමහර රූපලාවන්‍ය ක්‍ර‍මෝපායන්ය.

නමුත් අතීතයේදී කුටුම්භයටම සීමා වී දුවා දරුවන් හදා වඩා ගනිමින්, ආහාර පිසිමින්  , ස්වාමියාගේ එදිනෙදා කටයුතු වලට සහාය දක්වමින් සිටි ගම්බද ශ්‍රීලාංකික වනිතාවන් බොහෝ විට රූපලාවන්‍ය කෙරේ සැළකිලිමත් වූයේ නැත...ඔවුන්ගේ හොදම රූපලාවන්‍ය ආම්පන්න වී ඇත්තේ ඖෂධීය වටිනාකම් සහිත ගසක පොත්තක්, ගෙඩියක් තලා ලබාගන්නා සාරය හෝ  සුවද සබන් කැටයක් / පුයර ටිකකි.

මේ කියන දින වල ලක් වනිතාවන් නිවසින් බැහැරට යන විට බොහෝ විට ඇන්දේ රෙද්ද හැට්ටය හෝ සාරියකි. සාරිය/ඔසරිය යන කාන්තා ඇදුම එකල බොහෝ විට උසස් යැයි සම්මත කුල කතුන් නිවසට පවා හැදි ඇදුමයි. කොළඹ නාගරික සංස්කෘතිය තුලද සාරිය ට හිමිව තිබුනේ අද්විතීය ස්ථානයක් බව පැරණි චිත්‍ර‍පට දර්ශන වලින්ද මොනවට පැහැදිලි වෙයි.

ඔන්න ඔය විදියට අද පෝස්ටුවට ප්‍රවේශය අරගෙන අපි එහෙනං මුලින්ම  සාරි වල මිළ ගණන් හා මෝස්තර බලාකියාගෙන ඉමු. මේ 1959 වර්ෂයේ සැප්තැම්බර් මස පැවති මිල ගනන්,


මෙන්න රෙදි වර්ග පිළිබද දැන්වීමක්...ඉන්දියාවෙන් ගෙන්වලා බෙදා හැරීම කරලා තියෙන්නෙ...මව් සමාගමේ ලංකා නියෝජිතයෙක් ඉන්න නැතුව ඇති කියලයි මට හිතෙන්නෙ...මේ කියන මාදිලි මොනවද කියන්න නම් මට දැනුමක් නෑ...දැනුම තියෙන ඇත්තෙක් ඉන්නවා නම් පහදා දෙන්නට ඇරයුම් කරමි.


කාන්තිමත් දෝති
කාන්තිමත් කෙහෙස්
මල් වැටුණු කාන්තිමත් ලෝන් හා වොයිල්
කාන්තිමත් වියූ බුට්ටාස්
පිටරට යැවීමේ එකම නියෝජිතවරු
සීමාසහිත විනූ බායි ඇන්ඩ් බ්‍ර‍දර්ස් ප්‍ර‍යිවෙට්
චර්ච්ගේට් හවුස්, වීර් නාරිමන් පාර, කොටුව, බොම්බාය - 1 (ඉන්දියාව)



මේ තියෙන සබන් වර්ගය ගෑවම  අම්මයි දුවයි අදුනගන්න බැරිවෙනවා කියලා තමයි පසුකාලීනව ප්‍ර‍චාරණ වැඩසහන්වල තේමාව ලෙස යොදාගත්තෙ. පුංචියට තියෙන අකුරු වලින් කියැවිලා තියෙන්නෙ...

රෙක්සෝනා සබන් වල
සම අති සිනිදු ලෙසත්, මෘදු ලෙසත්, තබා ගැනීමට ආධාර වන චර්මාලංකාරය ඇතිකරණ විශේෂ මිශ්‍ර‍ණයන් වූ කැවිල් අඩංගු වෙයි.


ඊළග දැන්වීම නාගරික පන්තියේ ලදුන්  ඉලක්ක කරගෙන පල කරපු එකක් කියලයි මට හිතෙන්නෙ...අද වාගෙ එකල ගම්බද ලදුන් මේ තොල් කූරු පාවිච්චි කලේ නෑ නොවැ...


තොල් පියකරුව තබාගැනීම ලෝකයේ සිත් වශී කරන නිළියන්ගේ රහසකි. ඔවුන් පාවිච්චි කරන්නේ මැක්ස් ෆැක්ටර් තොල් සායම්ය. ඕනෑම පාටක මැක්ස් ෆැක්ටර් ඔබට කිට්ටුව හොද වෙළද සැලෙකින් ලබාගත හැකිය. අදම  මැක්ස් ෆැක්ටර් තොල් සායම් ලබාගෙන ඔබ සිත් ගත් චිත්‍ර‍පටි නිළිය මෙන් පියකරුව සිටින්න.

රූපාලංකාරය පිළිබද ස්වර්ණමය සාංවත්සරිකය.


මේ දැන්වීම තෙල් පැහැති සමක් ගැන...වර්තමාන වෙළදපොලේ වැඩියෙන්ම රූපලාවන්‍යයට සම්බන්ධ නිෂ්පාදන නිපදවන්නෙ සම පැහැපත් කිරීමේ  අවශ්‍යතාව සපුරාලන්න. මේ අතර ශරීරයට හිතකර මෙන්ම අහිතකර ආලේපත් තියෙන වග සැළකිය යුතුයි.


කෘෘක්ස්ගේ සුප්‍රසිද්ධ ලැක්ටෝ කැලමයින් දියර, හැම කෙනෙකුම අගය කරන සුන්දර තෙල් පැහැති සම ඔබට ලබාදෙයි. දිවා කාලයෙහි පුයර පදනමක් වශයෙන් හා රාත්‍රී කාලයෙහි සම පෝෂණය කරන්නක් ලෙසද ලැක්ටෝ කැලමයින් ක්‍රියා කරයි. අදම මෙය මිලයට ගෙන, දිනෙන් දිනම ඔබේ සම වඩා පවිත්‍ර‍, වඩා පැහැපත්, වඩා ප්‍රියංකර වූවක් වන සැටි බලන්න.

පුංචි කොටුව ඇතුලෙ තියෙන්නෙ

ඔබ සාප්පුවේ සිටින විට ලැක්ටෝ කැලමයින් පුයරද ලබාගැනීමට සිහියේ තබාගන්න.


ඊළගට කියන්න යන්නෙ ඒ යුගයේ ජනප්‍රියම පුයර වර්ගයක් ගැන...ඒ තමයි කියුටිකුරා...පෙම්වතා පෙම්වතියට තෑගි දුන්නෙත්, පෙම්වතිය පෙම්වතා මුණගැහෙන විට තවරගෙන ආවෙත් මේ වර්ගයලු...ඔය පැරණි ජනසමාජය ගැන කියවෙන ටෙලි නාටක වලත් බොහෝවිට මේ පුයර වර්ගයේ නම කියවෙනවා මම අහලා තියෙනවා...




පේනවනෙ ඒ දවස් වල සබන් කෑල්ලත් සුඛෝපභෝගී භාණ්ඩයක්...

ගොයා සුවද කැවූ සබන් සියලුම ලෝක ප්‍ර‍සිද්ධ ගොයා සුවදින් ලබාගත හැකිවේ. ප්‍රියංකර පැස්ටල් වර්ණය ඇති හැම සබන් කෑල්ලකින්ම ඔබේ සමට කල් පවත්නා සුවදක් ලබා දේ.

පාස්පෝට්, බ්ලැක්රෝස්, නො 5 සහ ගාඩිනියා යන වර්ග වලින් තෝරාගන්න.
ගොයා  - ලන්ඩන් - පැරිස් - නිව්යෝක්

ලාල්වානි සහෝදරයෝ
107, කෙළින් වීදිය, කොළඹ, ලංකාව.


ඉදිරි දිණයක තවත් මාතෘකාවක් යටතේ පරණ පුවත්පත් දැන්වීම් කියවමු...



මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.


ප.ලි

මෙහි පලවෙන සියලුම දැන්වීම් සීයාගේ එකතුවෙන් තෝරාගෙන මවිසින් Scan කරන ලද ඒවා බව අවධාරනය කරමි. අන්තර්ජාලයේ තවත් තැනකින් උපුටා ගත් ඒවා නොවේය.

ගොයා සබන් වල තිබුන පාස්පෝට් සහ නො 5 සුවද මොන වගේ විය හැකිද ?

113 comments:

  1. චාමර වීරසිංහගෙ සිංදුවක් තියනව කියුටිකුරා මුව තවරන රුවැත්තී කියල.. එහෙනං මේකයි කතාව... :D

    මේ වගේ පිංතූර ටිකක් මේල් එකකින් මටත් කාලෙකට කලින් ආව.. ඒකෙ තිබ්බෙ හන්ටර් බයිසිකල්.. ඕදිරිස් හිරමණ.. කොළඹ කොටුවෙ පොටෝ සාප්පුවක් වගේ දේවල් ගැන විස්තර. අර වසර හැට හතෙන් කියන බ්ලොග් එකෙත් පරණ පත්තර කෑලි ගොඩක් දාල තිබ්බ.

    ReplyDelete
    Replies
    1. ඔය කියන මේල් එක මටත් ආව බං. ඒත් මෙතන ඊට වඩා ඒව තියෙනවද කොහෙද :)

      ජය !

      Delete
    2. සිහින මලයා සෑහෙන දවසකින් මේ පැත්තෙ...චාමර ගොයියා කියන්නෙත් ඔය පත්තරේ තිබුන කියුටිකුරා ගැනම තමා...ඔත්තුවට ස්තුතියි...වෙලාවක ඒ පැත්තටත් එබෙන්නම්...

      මම දාන ඒවා ඉතිං කාගෙන්වත් උස්සපුවා නෙමෙයි....සීයාගෙන් තමා ඉස්සුවෙ...

      Delete
    3. (පල්ලෙහාට යන්න කම්මැලි නිසා මෙතන කොටන බව සලකන්න)

      අර ඉන්දියානු සාරි දැක්කමනං මට මතක් උනේ අනුෂ්කාව...
      මොකද එයත් අදිනවා මාව කරකවලා අතෑරෙන පාට පාට සාරි....

      එතකොට අර තෙල් පැහැති සමක් ඇඩ් එක දැක්කම මීටර් උනේ ශම්මියව...
      ඒකිගෙත් මූනේ තෙලනේ..
      හැකස්....

      Delete
  2. ලැක්ටෝ කැලමයින් තාම තියෙනවා මං හිතන්නේ.. මට මතකයි ඔය බෝතලේ.... ෂුවර් නෑ... අම්මගෙන් අහන්න ඕනේ...

    ReplyDelete
    Replies
    1. ලැක්ටෝ කැලමයින් තාම තියෙනව තමයි. දැං කරන්නෙ මොරිසන්ස් එකෙන්.

      Delete
    2. ලැක්ටෝ කැලමයින් තාම තියෙනවා. හි හි හී අපේ අම්මත් ඉස්සර ගෑවේ ලැක්ටෝ කැලමයින් ලු. එයා ඔය උන්න ගමන් මටත් කියනවා එක එක ඒවා ගාන්නෙ නැතුව ලැක්ටෝ කැලමයින් ගාන්න ඒක කොච්චර හොඳද කියලා..

      Delete
    3. අපේ අම්මත් කියනවා තාම තියෙනවා කියලා...රෝස පාටයිලු...

      Delete
  3. නියමයි සිරා අයියා,,අලෙවිකරණ සංකල්ප ප්‍රධාන වශයෙන් 5ක් තියනවනේ...නිෂ්පාදන,නිෂ්පාදිත,විකුණුම්,අලෙවිකරණ සහ සමාජ අලෙවිකරණ කියලා.ඔය කියන කාලේ තිබිලා තියෙන්නේ අමු අමුවෙන් විකුණුම් අලෙවිකරණය.මොකද ඔය දැන්වීම් බැලුවම පැහැදිලිව පේන දෙයක් තමයි ආටෝප සුකුරුත්තන් කතා කියලා තමන්ගේ භාණ්ඩේ කොහොමහරි විකුණගන්න ඒ කාලේ හිටපු වෙළෙන්දෝ ට්‍රයි කරා කියන එක.මේ කාලේ වෙනකොට එක අලෙවිකරණ විදියට වැඩි දියුණු වෙලා.දැන් ඉන්න නිෂ්පාදකයෝ ගොඩක් බලන්නේ තමන්ගේ භාණ්ඩේ ගුණාත්මක බව වැඩි කරලා විකුණුම් වැඩි කරන්නනේ....

    ReplyDelete
    Replies
    1. ඔය අළෙවිකරණ සංකල්ප මමත් ඉගෙනගත්තා බං උ/පෙ ලියන කාලෙ...දැන් නම් මතක නෑ...සිම්බා මලයා අලුත් පාඨමාලාව හොදින් කරගෙන යන බව පේනවා...විෂය කරුණු හොදට මතක හැඩයි....

      ඔය සංකල්ප සියල්ලම මේ අතීතය ඔස්සෙ ඇවිල්ලා තමයි ඉපදෙන්න ඇත්තෙ...

      Delete
  4. අනේ ඇත්තට තාමත් රෙක්සෝනා ගෑවාම අම්මයි දුවයි වෙන්කරලා අඳුනාගන්න බැනෙ. කෙල්ල බලන්න ආපු මනාලයා අම්මට යෝජනාවක් දැම්මලු..

    ReplyDelete
    Replies
    1. හී හී එහෙම නෙවේ මම නම් අහලා තියෙන්නේ. රෙක්සෝනා ගෑවම අම්මවයි දුවවයි අඳුනගන්න බැරි දුවටත් අම්මගෙ පෙනුමක් එන නිසා කියලයි. අපි පොඩි කාලෙ ඔය ඇඩ් එක TV එකේ ගියා මතකයි. එතකොට කව්ද කිව්ව කතාවක් ඔය මම කිව්වෙ.

      Delete
    2. රෙක්සෝනා ගැන ඔය රූපවාහිණියෙ ගිය දැන්වීම නම් සෑහෙන්න ප්‍ර‍සිද්ධයි නේද ඒ කාලෙ...අම්මවයි දුවවයි අදුන ගන්න බෑ කියලා තමා පිටපතේ තිබුනෙ...

      ගිරවිගෙ කථාවත් නරක නෑ... ඒක දැක්කොත් කෙල්ලො රෙක්සෝනා ගාන එකක් නෑ..භයට...

      Delete
  5. කුන්ඩන්මාල්ස් තවම තියෙනවද... මට ඒ නම හොඳට මතකයි... විසාකාමාල්ස් හින්දා නම් නෙවේ... ඒ කාලෙ අපේ මිනිස්සු දෝතියත් ඇන්දද... සමහර විට අර ජාතික ඇඳුමට ඇන්ද සරමද දන්නෙ නෑ, සුදු පාට කපු රෙද්දෙන් මහපු, එක පැත්තක නිල් ඉරි දෙකක් තියෙන,... මට මතක එහෙමයි...

    වොයිල් කියන තුනී, කපු රෙද්දෙන් (මතක විදියට ) කරපු සාරි නම් මෑතක් වෙනකලුත් තිබ්බා... නිකම්ම පොඩි වෙනවා...

    මැක්ස්ෆැක්ටර් නම් දැනටත් ජනප්‍රිය රූපලාවණ්‍ය උපකරණ බ්‍රෑන්ඩ් එකක්... මස්කාරා තමයි දැන් නම් වැඩිපුරම ජනප්‍රිය... එතකොට ඒක සෑහෙන පරණ බ්‍රෑන්ඩ් එකක්...

    ලැක්ටො කැලමයින් නම් මමත් ගාල තියෙනව පොඩි කාලෙ... ඒක හරිම සුවඳයි... ලා රෝස පාට දියරයක් වගේ... තවමත් තියෙනවද මන්දා... මං දකිනකොටත් බෝතලයයි ඒකෙ පෙට්ටියයි මේ පින්තූරෙ තියෙනවා වගේමයි...

    මේ වගේ ටැල්කම් පව්ඩර් පෙට්ටියක් අපේ ගෙදර තිබ්බා මතකයි... පෙට්ටියක් කිව්වට ඒක ටින් එකක්... හැබැයි මේ ජාතියද කියල මතක නෑ...

    සබන් කෙසේ වෙතත් ගෝයා සුවඳ විලවුන් නම් මමත් පාවිච්චි කරල තියෙනවා... පාස්පෝට් කියන සුවඳ මොකක්ද... ඔය අනිත් සුවඳ වර්ග වලින් නම් සෙන්ට්නුත් තිබ්බා... ඔය නො:5ත් මට මතකයි... මං පාවිච්චි කළේ ගාඩිනියා සුවඳ...

    ReplyDelete
    Replies
    1. මියුරු = අර ඔයාගේ යාළුවගේ බබත් එක්ක සාරි ගන්න කිහින් ජරමරයක් වුනේ කුන්ඩන්මාල්ස් එක ඇතුළෙද?.

      Delete
    2. නෑනෙ අසර්.. ඒ රංජනාස් එකේදි... හික්ස්... ඔයාට මතක් වෙච්චි එක... :D

      Delete
    3. මියුරු බොහොම වටිනා කොමෙන්ටුවක් මේ පෝස්ටුවට එක් කරලා තියෙන්නෙ..දෝතිය කියන එකට ජෝතිය කියලත් කියනවා...ඉන්දියානු ඇදුමක්...මල්ගුඩි දවසැ කථාවෙ නම් ජෝති ඇදගත්ත අය ඕනැ තරම් හිටියා.

      මියුරුට පාස්පෝට් සුවද මොන වගේද කියලා මතක නැද්ද ?

      Delete
  6. ගෝයා - පැරිස්, ලන්ඩන්, නිව්යෝක් කියලා වර්ග තුනකින් සැන්ට් ඇඩ් එකක් නම් මතකයි... රෙක්සෝනා නම් තාම තියනවද කොහෙද නේද?

    ReplyDelete
    Replies
    1. රෙක්සෝනා තවම ඇති කියලා තමයි මටත් හිතෙන්නෙ...ලගකදි දැකලා නම් නෑ හැබැයි...

      Delete
  7. ලැක්ටෝ කැළමයින් තාවම අපේ අම්මා පාවිච්චි කරනවා ඔකේ පවුඩර් එකත් තියනවා ක්‍රීම් එකත් තියනවා , දාඩිය දාන දවස් වලට ගාපුවම පුදුම සනීපයක් තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ...එහෙමලු කියලා මගේ මව් තුමියත් කිව්වා...

      Delete
  8. //ගොයා සබන් වල තිබුන පාස්පෝට් සහ නො 5 සුවද මොන වගේ විය හැකිද ?//
    පාස්පෝට් ඉන්ටනැෂනල් සුවදකින්ද, නො 5 නො 6ට වඩා පොඩ්ඩක් සුවද අඩුයිලු.

    ReplyDelete
    Replies
    1. අන්න හරි...බොට හරියටම තේරුම් ගිහින් තියෙනවා...

      Delete
  9. යකෝ තව අවුරුදු 100කින් විතර මේ වගේ පෝස්ට් එකක් දාන එකෙකුට කොටස් 1000ක විතර කෙටි කතාවක් දාන්න වෙයි

    ReplyDelete
    Replies
    1. තව අවුරුදු සීයක් යද්දි බ්ලොග් කියලා දෙයක් තියේවිද බන්..

      Delete
  10. හරිම ආසායි බං මේවා බලන්න... මාත් ඔය ටික පුස්තකාලයේදි දැක්කා.. උඹට තව එකක් මතක් කරන්නෙයි බං. පරණ පත්තර ලිපි, තීරු ලිපි වල පවා, ඒ කියන්නේ ප්‍රවෘත්ති වලත් භාෂාව හැසිරවීම හෙන ලස්සනයි.. ඒ ගැනත් අවධානයක් යොමු කරල දාපන් කෝ මොනා හරි...

    ReplyDelete
    Replies
    1. අපි පිළිවෙලට ඉස්සරහට යමු...අහුවෙන හොද දේවල් සියල්ලම නොවරදවාම දෙනවා...

      Delete
  11. පට්ට ආතල් බං. දැන් කාලෙ කෝලම් වලට බනින ආච්චිලාට මේක පෙන්නමු !

    ජය !

    ReplyDelete
    Replies
    1. හිකිස් ඒකනම් පට්ට වැඩේ ආච්චිලාට සෝවාන් වෙන්න හිතෙයි..!

      Delete
    2. සෑමගෙ දැරිවිටත් ආච්චි බනිනනවද ? ආච්චිලා වයස නිසා තරුණ කාලෙ කොරපු ඉට්ටයිල් මතක නැතුව ඇති බන් දැන්...

      Delete
  12. නියම ඇඩ් ටිකක් සිරා.
    රෙක්‍සෝනා, ගෝයා, ලැක්ටො කැලමයින්, නෙස්ප්‍රේ වගේ ඒවයෙ ජනප්‍රියත්වය ඒව අදත් භාවිතයේ තියෙන එකෙංම හිතාගන්න පුලුවං.

    ReplyDelete
    Replies
    1. ඒ නිෂ්පාදන වල ගුණාත්මක බව හොද හින්දා වෙන්න ඇති පාරිභෝගික ජනප්‍ර‍සාදය එදා වගේම අදත් හිමිවෙන්නෙ...

      Delete
  13. අඩේ මේටික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට යවන්න වටිනව බං.

    ReplyDelete
    Replies
    1. එහෙ අනිවාර්යෙන්ම මේ පත්තර වල පිටපත් සංරක්ෂණය වෙලා ඇති...

      Delete
  14. කියුටිකිරා කියන එක ඉස්සෙල්ලම ඇහුවේ සිංදුවකින්. පවුඩර් වගේ එකක් කියලා අහලා තිබුනට හරියට දැක්කේ අද..

    ReplyDelete
    Replies
    1. කියුටිකිරා නම කියවෙන ගීත කීපයක් වගේම...පැරණි ටෙලිනාට්‍ය දර්ශන කීපයකුත් තියෙනවා...මමත් මේ පවුඩර් වර්ගයක්නෙ කියලා හරියටම දැනගත්තෙ මේ පත්තර දැන්වීමෙන් තමා...

      Delete
  15. 80 dhashakaye 60 ganan wala thibba paththara pettiyakma himi yaaluwek mata hiti nisaa mewwaa dhekalaa thibbaa sira nisaa mathake aluth unaa ...

    ReplyDelete
    Replies
    1. ඒ පත්තර පෙට්ටියෙන් දෙක තුනක් උස්සලා අපිත් එක්ක බෙදා ගන්නකො වෙනී අයියෙ...

      Delete
  16. අර කියුටි කියුරා දැන්වීමේ තියෙන ෆොන්ට් එක කෝච්චි වල ගහල තිබුනු හදිස්සියක් නම් දම්වැල අදිනු ෆොන්ට් එකමයි නේද? බලපං අද හමේ තෙල් ඉවත් කරන්න දඟලනකොට එදා හම තෙල්පාට කරගන්න ට්‍රයි කරපු හැටි. අනික ලැක්ටෝ කැලමයින් රෑටත් ගාගෙන ඉන්නනෙ කියන්නෙ.

    මොකක්ද බොල ගෝයා වලට කවාපු සුඛෝපබෝගී සුවඳ?

    ඊ ලඟ පෝස්‍ටුව එනතෙක් බලා ඉඳිමි

    ReplyDelete
    Replies
    1. කෝච්චිවල තිබුනෙත් ඔයිට සමාන අකුරු වර්ගයක් තමා...හදිසියේ දම්වැල ඇද්දට ඕවා වැඩ කරන්නෙ නෑ නේද... ගොයා වල තිබ්බ සුඛෝපභෝගී සුවද මොකක්ද කියලා අපිනෙ ඔබතුමාගෙන් අහන්න ඕනෙ....කෙල්ලට මල් විතරයි කඩලා දීලා තියෙන්නෙ...ආදරේට සැන්ට් කුප්පියක්වත් දුන්නෙ නැද්ද ?

      Delete
    2. මට හොඳට මතකයි. සහතික කරලා කියන්නේ. ඒ කාලේ කෝච්චි පෙට්ටියේ ඇතුලේ ලියලා තිබුනේ හදිසියක් නම් 'දන්වැල' අදිනු කියලයි. කොහොමද දැන් ඒ වචනය තිබුනානම් කොහොම සංස්කරණය කරයිද අපේ රසික ජනතාව.

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
  17. කොහොමද ඇඩ්වල ඉන්න ආච්චිලා ටික...
    ඇඩෙනවා හසන්ත!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඇඩෙනවා කියන්නෙ මට මගේ තරුණ කාලෙ මතක් වෙන වාරයක් ගානෙ තනි ඇහැට ඇඩෙනවා හසන්ත...මම ඒ කාලෙත් අද වගේම කුකුලෙක්...

      Delete
  18. සාරියට යාර 6 නම් දැන් කාලෙ වැඩියි.යාර 6 න් දැන් කාලේ 6 දෙනෙකුට අදින්න පුළුවන්.දැන් කෙට්ටු ඇගට අදින්නේ සාරි කෑල්ලක් නෙ.අනිත් ටික හෙලුවෙන්නෙ.
    ඉස්සර ගැහැණු උදවිය මහත නිසා යාර 6ක් ඕන උනා.ඒ මහත ගැනත් මෙහෙම කියනවා.ගෙදර ගෑනු කෙනා මහතට,ළමයි 7ත් 8ට දෙනෙක් ඉන්නවනම් තමයි ඒ ගෙදර මිනිහට හොදට සල්ලි තියෙනව,ලෝස් නැතිව වියදම් කරනව කියල පේන්නෙ කියනව.අතරින් පතර සිංගල උළු වහලෙ තියෙන වලව් තිබුනට හුගක් තිබුනේ ඇමරිකන් ඉට්ටැයිල් එකට පොල් අතු හෙවිල්ලපු එක වගේ ගෙවල්ලනේ.දැන්නම් ඕන කබ්බෙකුට සල්ලි තියෙන බව පෙන්නන්න නම් කොච්චර දේවල් තියෙනවද.

    ReplyDelete
    Replies
    1. වර්තමාන සාරිවලත් යාර 6 ක් තියෙනවා කියලා අපේ නිවසෙ වෙසෙන කාන්තා පරාණ මට දැනුම් දුන්නා... එදා යාර 6න් වහගන්න ඕනෙ දේවල් වැහෙන්න අපූරුවට සාරිය ඇන්දා...අද සමහර කොටස් යාර 6ට වහගන්න බැරිද, වහගන්න උවමනාවක් නැද්ද කියලා නම් දන්නෙ නෑ...

      අද ඉතිං ළමයි 7ක් 8ක් ඉන්න ගෙයක් හොයන එක සෑහෙන්න අමාරු වැඩක්...

      Delete
  19. හයියූ හයියූ.... මම නම් ඉතින් ඔව්ව බලන්නෙ අපේ අම්මාගේ පරණ සඟරා වලින් තමයි... රසවාහිනී අරකයි මේකයි....

    ලැක්ටෝ කැලමයින් මා ගාව තාමත් තිබේ... හිතෙන විට මූණේ උලමි... :))))

    රෙක්සෝනා වල අක්කයි නංගියි කතාව අපේ අම්මත් කියල තියෙනවා...කාලෙකින් දැක්කෙ නෑ රෙක්සෝනා සබන් නම්...

    කියුටිකියුරා අසා නැත!!!

    ReplyDelete
    Replies
    1. කියුටිකුරා ගැන ගීත සාහිත්‍යයේ වගේම අතීත සමාජය ඇසුරුකර නිපදවෙන ටෙලි නාටක වලද කියැවී තියෙනවා...

      Delete
  20. නියමයි මචං... ලක්ස්, රෙක්සෝනා එහෙම බොහොම පරණයි නේ බලාගෙන ගියාම. අර කියුටිකුරා කියන වචනේ තියනවා ධනපාල උඩවත්ත මහත්මයාගේ සින්දුවක. මට ඕක හෙන ගැටළුවක් වෙලා තිබුනේ. දැන් තමයි දන්නේ ඒ කියන්නේ මොකක්ද කියල...

    ReplyDelete
    Replies
    1. ලක්ස්,රෙක්සෝනා දෙකම අයිති ලිවර් බ්‍ර‍දර්ස්ලට වෙන්න ඕනෙ...පැරණිම සමාගමක් වුවත් තවමත් වෙළද ක්ෂේත්‍රයේ පෙරමුණේ ඉන්නවා...

      ධනපාල උඩවත්තගෙ ගීතයක මේ වචනෙ යෙදෙනවා මටත් යන්තමට මතකයි...ගිතය නම් මතක් වෙන්නෙ නෑ...

      Delete
  21. හරිම ශෝක් දැන්වීම් ටිකක්...
    මිනිස්සු දැන්වීම් වලට අද්දගන්න පාවිච්චි කරලා තියන වචන නම් නියමයි...දැන් ඔය වගේ දැන්වීමක් ගියොත් මොනවා වෙයිද කියලා තමයි මම කල්පනා කරන්නෙ..

    ස්තුතියි සිරා..

    ReplyDelete
    Replies
    1. අද වගේ ලොකු ලොකු වංචා , බොරු නෑ...බොහොම අහිංසක විදියට තමයි විකුණගන්න උප්පරවැට්ටි යොදලා තියෙන්නෙ...

      Delete
  22. හික් . හිනහ යනවා බන් ඕවා දකිනකොට , ආච්චිට පෙන්නලා කින්ඩියක් දාන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. ආච්චිට පෙන්නුවට පස්සෙ ආච්චි කියන දේවලුත් මෙතන කොටපන් චමියො...

      Delete
  23. // හිසකෙස් සැකසීම, මුහුණේ ඇති වල ගොඩැලි පුරවා කඩතොළු වසා දැමීම, අනවශ්‍ය රෝම ඉවත් කිරීම, ඉන්නන් එලොව යැවීම, ඇහිබැම සැකසීම ඒ අතර ඇති සමහර රූපලාවන්‍ය ක්‍ර‍මෝපායන්ය.//

    මෙයා දන්න ජාති.:)

    රෙක්සෝනා ගාපුවාම අම්මලා දුවලා, අක්කලා නංගිලා වෙනබව අහලා තියනවා. ඒ හන්දා ලංකාවට ආපු වෙලාවක, වැරදිලාවත් අම්මට රෙක්සෝනා ගාන්ට දෙන්නේ නෑ...:D

    ReplyDelete
    Replies
    1. මම ඉතිං තනිකඩයා විදියට ඔහොම හරි දැනගත්ත එක මදෑ... :D

      හා හා එහෙම කරන්න එපා...අම්මට ගාන්න කියන්න...

      Delete
  24. කියුටි කුරා වගේම බියුටි කුරා බියුටි කූනා නමිනුත් පව්ඩර් වර්ග තිබුනා.
    කැලමයින් ලෝෂන් ගාපු ගමන් සුවදයි, ටික වෙලාවක් යනකොට පිළිස්සුන ගදක් එනවා.
    තව තිබුණා ඩෙබ්‍යුටාන් කියලා කොලොන් වර්ගයක් පිරිමින්ට...(පිරිමින්ට තිබුණෙ ඒ කොලොන් එකයි "චැම්පියන්" බ්ලේඩ් එකයි විතරද කොහෙද...)

    ReplyDelete
    Replies
    1. ඩෙබුටාන් කියන නම මමත් අහලා තියෙනවා...දැන් නෑ මම හිතන විදියට...ඊළගට තියෙන කොටස් වල බ්ලේඩ් ගැන දැන්වීමකුත් තියෙනවා...ඒක නම් චැම්පියන් නෙමෙයි.

      Delete
  25. කියා වැඩක් නෑ සිරෝ. උඹගේ බොග දැකලද දන්නෙ නෑ. දැන් සිරසෙත් යනවා අද දවසට හරියටම අවුරුදු 100 කට එහා දිනමින පත්තරේ විස්තර. මේ පෝස්ට් එකක් ලියන්න කොච්චර කට්ටක් කන්න ඕනද කියන එක නම් මම හොඳටම දන්නවා..

    ReplyDelete
    Replies
    1. අන්තර්ජාලයේ බොහෝ තැන් වල දැන් පැරණි පත්තර පිටු තියෙනවා...ඇත්තටම මේ දේවල් වලින් පරණ ජන සමාජය පිළිබද යම් අදහසක් ගන්න පුලුවන් නිසා...හරිම සුන්දර හැගීමක් තමයි දැනෙන්නෙ..ඒ හැගීම ඔබ හැමෝම එක්ක බෙදා ගන්න තමයි මගේ වෑයම...

      Delete
  26. //අදම මැක්ස් ෆැක්ටර් තොල් සායම් ලබාගෙන ඔබ සිත් ගත් චිත්‍ර‍පටි නිළිය මෙන් පියකරුව සිටින්න.//
    මේ වගේ ඇඩ් එකක් දැන් දැම්මොත් කොහොම හිටීවිද...?

    මටනම් හිතුනෙ...අපේ රුපියලේ අගය කෙතරම් බාලදු වෙලාද කියල. අනික දැන් ,ඉස්සර කියල වෙනසක් නෑ..දෙමල ආදිපත්‍යක් මේ ක්ෂේත්‍රයේ තිබිල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. අද වගේම අතීතයේත් බොහෝ දේ ආනයනය කරලා විකුණපු නිසා ඉන්දියානුවන් අතරමැදියන් විදියට කටයුතු කරපු අවස්ථා වැඩියෙන් තියෙන්නෙ ඇති.

      අර වගේ පද පෙළක් අදට ගැලපෙන්නෙ නෑ...ඊට වඩා බලාපොරොත්තුවක් හිතේ ඇතිවෙන ආකාරයට තමයි ස්ලෝගන් එක නිර්මාණය වෙන්න ඕනෙ...

      Delete
  27. නියමයිනේ..ඕකනෙ කියන්නෙ දැන් අයට බැන්නට ඉස්සර අයත් නිකා ඉඳලා නෑ. බියුටි කචල් නොකලා නම් ඔය තම ඇඩ් දානවද පත්තරවල...

    ඔය වොයිල් සාරි, ජෝජට් සාරි එහෙම ඉස්සර හරි ප්‍රසිද්ධලු. ජෝජට් සාරියක් ඇන්දම ඒක මිලෙන් ඉහලයි කියලා හැමෝම දන්නවලු. ඉස්සර ගෑණු අට මිනි ගවොම් ඇන්දලුනේ. එහෙම ඇන්ද අයත් දැන් චුට්ටක් කොටට අදින අයටත් බනිනවා...

    ReplyDelete
    Replies
    1. කොයි සාරියද ඉතිං හොද කියලා ඕගොල්ලොම තමා කියන්න ඕනෙ... මම නම් දන්නෙ නෑ...සාරිය කියන්නෙ ඇදුමක් විතරක්ම නෙමෙයි...බෙල්ලෙ වැල දාගන්න උන්ටත් උපකාරි වන දෙයක්නෙ...

      මිනි ගවුම් ඇන්ද අයට ඒ කාලෙ දැන් මතක නෑලු...

      Delete
  28. හික්.... ඇත්තම කිව්වොත් මට නම් මේ දැන්වීම් කියවද්දී හිනා ගියා..... වෙන මොකවත් නිසා නෙමෙයි ලියල තියෙන විදියට..... මෙන්න මේ වගේ ඒවා නිසා.....
    රෙක්සෝනා සබන් වලට ස්තුති වේවා!!!
    අදම මැක්ස් ෆැක්ටර් තොල් සායම් ලබාගෙන ඔබ සිත් ගත් චිත්‍ර‍පටි නිළිය මෙන් පියකරුව සිටින්න......

    ඒ කාලේ පුදුම චිත්‍රපටි පිස්සුවක් තියෙන්න ඇති නේද? මේ ඇඩ් එකෙන්ම ඒක පේනවනේ........ :)


    ReplyDelete
    Replies
    1. සමනලියෙ...බොට සෑහෙන්න හිනා යයි එහෙනං ඊළග කොටස් වල තියෙන ඒවා දැක්කොත්...එදාටත් හිනා වෙන් ඔය දත් ටික පරිස්සම් කර ගන්න රාත්‍රී කෑමෙන් පසු දත් මදින්න.

      ඒ කාලෙ විද්යුත් ජනමාධ්‍ය තිබුනෙ නැති නිසා..චිත්‍ර‍පට වලට පුදුමාකාර ඉල්ලුමක් තිබුනා සහ...අදට වඩා හොද රසවින්දන ශක්තියක් තිබුන පිරිසක් එදා ජීවත් වුනා.

      Delete
  29. ඔයාගෙ සීයට පිං සිදුවෙන්න ඕනෙ මේ ටික එකතු කරල තියා ගත්තට . හරි වටින පිංතූර ටිකක්නෙ .

    ReplyDelete
    Replies
    1. සීයත් දිව්‍යලෝකෙ ඉදන් මේ බ්ලොග බලනවද දන්නෙත් නෑ...තව ඉදිරියට තව දේවල් දෙන්නම්...

      Delete
  30. ඔන්න සිරෝ එදා ඇඩ්වටයිසින් මේ වෙන කොට මොන විපර්යාසයකට ලක් වෙලාද කියා හිතාගන්න හැකියි නේ මේවයින්.

    ReplyDelete
    Replies
    1. අද විවිධ සංකල්ප ඇවිල්ලා දැන්වීම්කරණය කියන දේත් පුලුල් විෂයක් බවට පත්වෙලා...විවිධ තනතුරු නිර්මාණය කරමින් විධිමත් වෙලා...

      Delete
  31. සමාජයක් වෙනස් වුන හැටි සිරාගෙ මේ ලිපි මාලාවෙන් හොඳට බලා ගත්තෑකි...ඔය අතරින් රෙක්ස්සෝනා, ගෝයා සහ ලැක්ටො කැලමයින් තාම තියනවා.. කුන්ඩන්මාල්ස් කියන නමත් මේ ළගක් වෙනකම්ම රේඩියෝ එකේ ඇහුන නමක්...

    ස්තූතියි මේ මහන්සියට..

    ReplyDelete
    Replies
    1. කුන්ඩන්මාල්ස් ආයතනය මොකක් හරි ගුවන්විදුලි වැඩසටහනකට අනුග්‍ර‍හය දැක්වූවා කියලයි මට මතක...

      පරණ මතකයන් මට නම හරිම රහයි...ඒ නිසාම තමයි අපහසුවෙන් වෙලාව හොයාගෙන මේවායෙ ලැගලා ඉන්න කාවො එලවලා ස්කෑන් කරගෙන කාමරේට අරන් ආවෙ...

      Delete
  32. Replies
    1. 1948 කාලෙත් සංජීව අයියා ජීවත්ව ඉන්න ඇති...හැබැයි කලින් ආත්මෙ...

      Delete
  33. සිරා උබේ මේ වැඩේ නම් +++++++++++++++ පැරණි දේවල් හොයන්න මාත් හෙන ආසයි........ අදයි උබේ මේ පරණ පත්තර ගැන තියන පොස්ට් ටික කෙයෙවූවේ. අපිට නැහැ බං එහෙම වාසනාවක්............අපේ ලොකු උන්දැ නැති වෙනකොට අපි පොඩි.

    රස්තේ පාරක් ගහමුද

    ReplyDelete
    Replies
    1. මොකද බොලං වාසනාවක් නෑ කියන්නෙ...මගෙ ළග තියෙන ඇන්ටික් දේවල් සියල්ල ඉදිරියේදී කාමරෙන් බොලාට බලා ගන්න පුලුවන්...

      Delete
  34. "කියුටිකුරා මුව තවරන රුවැත්ති"

    ඒ කාලේ දැන්වීම් වලින් මිනිස්සුන්ව අම්බානක ගොනාට අන්දන ටයිප් එකක් මට පේනවා අප්පා..(දැනුත් කරන්නේ එකම තමයි, ඒත් දරුණු විදිහට අන්දනවා වගේ ඉස්සර)

    ගොයා සබන් වල තිබුන පාස්පෝට් සුවඳ මට හිතෙන්නේ රට ගිහින් එනකොට ගේන බඩු වල තියන සුවඳ වගේ ඇති කියල

    ReplyDelete
    Replies
    1. ඉස්සර මිනිස්සු මේ වගේ දැන්වීම් වල තියෙන විස්තර සෑහෙන්න විශ්වාස කරන්න ඇති කියලා මට හිතෙනවා...

      පාස්පෝට් සුවද යනු රට ගිහින් ගේන බඩුවල සුවද......හොද අදහසක්...

      Delete
  35. බොහොම අගෙයි සිරා අපිව අතීතයට කැන්දන්යාම පිළිබඳව. මගේ ලොකු අක්කා 1968 ඩදී විවාහ වනවිට ඉන්දියාවෙන් තමයි මගුල් සාරිය ගෙන්නුවේ. සෙල්ලම් නෑ සාරියේ මිල රු 150 යි. මට ෂර්ට් එකක් අරන්දුන්නා රු 5 කට.අක්කගේ මගුල් ගෙදරට අඳින්න. කුණු ගාගත්තොත් හම ගහනවා කිව්වා අම්මා.කෑගල්ලේ ඉඳලා කොළඹට මනමාලිව කැන්දන් යන රථ පෙරහරට රු 60 ගානේ කාර් 8 ක් කුලියට ගත්තා.

    ක්යුටිකියුරා පව්ඩර් මාර සුවඳයි සිරෝ. දැනුත් ඒ සුවඳ දැනෙනවා දැනෙනවා වහේ. ඒ වගේමයි ගෝයා සබන්. ගෝයා සබන් වලට වඩා ඒ කාලේ තරුණ පරපුර අතර ආදර තෑගී ලෙස හුවමාරු වුනේ ගෝයා සෙන්ට්. ඇත්තටම බොහොම ශ්රුන්ගාරාත්මක සුවඳක් තිබුනා ඒ සෙන්ට් වල. අපේ අක්කලා, පුංචි අම්මලා ඒ කාලේ ලැක්ටෝ කැලමයින් පැන පැන ගෑවේ මූනේ තියන 'කොස්කටු' :D නැතිකරගන්න. අපේ තාත්ත අපේ අම්මා සමග ආදර සම්බන්ධතාවය තිබුන කාලේ තාත්තාගේ වැටුප රු 7.50 ක් බවත් එයින් රු 4.50 කට අම්මාට ආදර සාරි අරන්දෙන බවත් අපේ පුංචි අම්මා කෙනෙක් රාජකීය රහසක් වගේ කියලා තියනවා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. විචාරක මහත්තයගෙ තාත්තගෙ මූල්‍යය කළමණාකරණය හරිම දුර්වලයි ඈ.. :-)

      Delete
    2. @ සෙන්නා;
      එහෙම කියන්න එපා සල්ලි දීල ගන්න ඇත්තෙ ලාම්පුවලට දාන්න භූමිතෙල් ටිකයි,බස් එකට කෝච්චියට විතරනෙ මාසෙටම ශත ගානක් යන්නෙ.තමන්ම හදාගත්ත දේවල්නෙ කෑවේ බීවේ.සීනීත් ගත්තෙම නැහැ.[නැහැ ..නැහැ..ඇමතිලා නැති හින්ද නෙමේ]වත්තෙ කිතුල්/පොල් රා වලින් හකුරු ටික.සෑම මසකම හෝ මාස කීපයකට වරක් තමන්ගෙ අය/හිතවතුන් පාර්සල් මගින් දුම්රියෙන්/තැපෑලෙන් එවන තේ කොළ ඇතුළු තව දේවල්.ඒ කාලවල් එහෙම හුවමාරු උනා.මම හිතන්නෙ විචාරක තුමාගෙ පියා අර රු.3.00නුත් ගානක් ඉතිරි කරන්න ඇති.

      Delete
    3. ඒකත් එහෙමද අප්පා.. කවුද දන්නෙ.. එහෙනම් මොකෝ තමන්ගෙ ලව් එකට පඩියෙන් භාගයකටත් වැඩියෙන් වියදම් කළාට.. :-)

      Delete
    4. දැන් කාලෙ කියල වෙනසක් තියෙනවද සෙන්නා ?ඉස්සර 3 හරි ඉතුරු කරගෙන දීලා තියෙන්නෙ.දැන් කාලේ අපි මොනවාද කරන්නෙ ???:):)

      Delete
    5. හරියට හරි. අපේ තාත්තා මගුල් කාලා තියෙන්නේ සත පහක්වත් ණයට නොගෙන. මම මගුල් කෑවේ ණයවෙලා. (බැංකුවට)

      අපි ඉතින් කනවා තමයි.

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    6. මේ ලේබලෙන් පැරණි පත්තර පිටු ටිකක් කාමරේට අරන් ආවම මම ඉතාමත් ආශාවෙන් බලාන ඉන්නෙ විචාරක තුමාගෙ අදහස එනකං...පෝස්ටුවෙ තියෙන දේට අමතරව බොහෝ වටිනා කාරණා, පැරණි මතකයන් ඔබතුමා හැමදාම අපිත් එක්ක බෙදා හදා ගන්නවා නොවැ...ඒකයි කාරණේ...ඒ වෑයමට බොහොම ස්තූතියි...ඇත්තටම මේ කියන අතීතයට ආයෙත් යන්න පුලුවන් නම් කියලා මට හිතෙන වාර අපමණයි...ඒ කාලෙ බොහොම නිවී සැනසිල්ලෙ සොභාදහමට ලංවෙලා මිනිස්සු ජීවත් වෙලා තියෙන ආකාරය හරිම අනර්ගයි.

      විචාරක තුමත් එහෙනං ප්‍රියම්භිකාව බලන්න ගිහින් තියෙන්නෙ කියුටිකුරා ගාලා...

      අක්කගෙ මගුල් සාරිය රු 150/- කියන්නෙ ඒ වගේ කාලයක සෑහෙන මුදලක් නොවැ...ඒ සාරිය අදත් තියෙනවද ?

      Delete
    7. සිරා, ඔබේ මෙවැනි ලිපි කියවා මා අතීතයේ ඉතා ඈතට යනවා. සතුටත් දුකත් සමබරව එහි තිබෙනවා. ඇත්තටම ඒ යුගයේ මිනිස්සු මොනවා නැතත් සතුටෙන් හා තෘප්තියෙන් හිටියා කියලයි මටනම් හිතෙන්නේ. එයට පලවෙනි හේතුව තමයි අපේ පොකට් එකට අනින කූට වෙළඳ ප්‍රචාර එකල නොතිබීම.

      අක්කාගෙන් අහන්න ඕනේ ඒ සාරිය තියනවද කියලා. ඒක ගෙනාව දවසේ ගමේම ගෑණු පිරුනා එක බලන්න. අක්කා ඉන්නේ පිටකෝට්ටේ රජමහ විහාර පාරේ. දන්නවද සිරෝ, අක්කා කසාද බැඳලා පිටකෝට්ටෙට එන කාලේ ඒ පාරේ ලයිට් තිබුනේ නැහැ. සමහර තැන්වල තාර තිබුනෙත් නැහැ.

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    8. පුලුවන් නම් එහෙ ගිය වෙලාවක...සාරිය ගැන අහලා ෆොටෝවක් අරගෙන එන්න...දැකබලාගන්න ආසයි...මම හිතන්නෙ හොද මතක සටහනක් නිසා...අනිවාර්යෙන්ම සුරක්ෂිතව ඇති...

      Delete
  36. සමහර නම් නම් තාම පාවිච්චි වෙනවා. වත්මන් පරම්පරාවේ සුඛොපබෝගී භාන්ඩ හා සසඳද්දි ඉස්සරහට කොහොම හිටීද ?
    …දැන්ම පත්තර ටිකක් අරන් තියන්න ඔනේ 2050 දි විතර බ්ලොග් ලියන කෙනෙකුට ප්‍රයෝජනයට ගන්න.( චැහ් එහකොට බ්ලොග් තියෙවියැ )

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ වෙද්දි බ්ලොග් තියේද කියලා නම් මටත් හිතන්න අමාරුයි... මම නම් මතුපරපුරට බලා ගන්න...සුනාමිය සම්බන්ධ පුවත් පත් එකතු කරලා තියෙනවා...

      Delete
  37. සීයට පින්සිදුවෙවා!!

    එකම දේවල් ටික නේද කරකවල හැමදාම එක එක නම් වලින් දෙන්නේ.

    අර උඩින් කිහිප දෙනෙක් කියල තියෙනවා වගේ දැන් ඉන්න අච්චිලගෙන් අහන්න ඕනේ අපේ කෙල්ලොත් එක්ක මෙච්චර ඉරිසියා ඇයි කියලා.

    ReplyDelete
    Replies
    1. ආච්චිලට දැන් පරණ කරපු දේවල් මතක නැතුව ඇති...ඒකයි කාරණේ...

      Delete
  38. හැමදාම කියනව වගේ මේ දැන්වීම්වල තියෙන භාෂාව තමයි මුලින්ම හිතට වදින්නෙ. ඒත් එදා මිනිස්සුන්ට ඒක සාමාන්‍ය දෙයක් නිසා අවුලක් නැතුව ඇති.

    ඔය දැන්වීම්වලට ඡායාරූප එහෙම එකතු කිරීම මම හිතන්නෙ ඒ කාලෙ හෙන පට්ට වැඩක්. දැන් නම් ඕව මොනවද, නේද? අනෙක ඔය දැන්වීම් දිහා බැලුවම පේනව ඉස්සර පත්තරවල චිත්‍ර ශිල්පීන්ට කොයිතරම් ඉල්ලුමක් තිබුනද කියල.

    ReplyDelete
    Replies
    1. පුවත්පත් වාර්තා සහ දැන්වීම් සඳහා ඡායාරූප එකතු කිරීම ඒ කාලේ ඉතා වෙහෙසකර ක්‍රියාවක්. පටල පටි (Film Roll)යොදන කැමරාවකින් පින්තූර අරන් අඳුරු කාමරයේදී අදාළ රසායනික ක්‍රියාවලියෙන් පසු මුද්‍රණය කර බැලුවම සම්පූර්ණයෙන් විකෘතිවූ ඡායාරූපත් ලැබෙනවා. කිසියම් සිද්ධියක් සම්බන්ධ රූපයක් නම් ආයෙත් ගන්න බැහැනේ. වෙළඳ දැන්වීම් සඳහානම් නැවතත් ගන්න පුළුවන්. මුද්‍රිත චායාරූපය විශේෂ කැමරා උපකරණයකින් නැවත අධි ආලෝකයයක් යටතේ පිටපත් ගන්නවා. ඒ පිටපතෙන් ප්ලේට් හදනවා කියන ක්‍රමයට මුද්‍රණ යන්ත්‍රයට යෙදියහැකි ඊයම් තහඩුවකට රූපයේ නෙගටිව් පිටපතක් (එය ඊයම් වලින්මයි සැකසෙන්නේ) ගන්නවා. මුද්‍රණය වීමේදී එය පොසිටිව් පිටපතක් වෙනවා. මේ කිව්වේ ඉතාම කෙටියෙන්. නියම විස්තරය මීට වඩා බොහොම දිගයි. කළු සුදු ඡායාරූප පමණයි යෙදිය හැකි වන්නේ.

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    2. එදා ලිඛිත භාෂාව තුල කථන භාෂාවේ හැඩතල දකින්න පුලුවන් කම තමයි ඔබ කියන වෙනස...ඒවා කියවගෙන යද්දි අද නම් හරිම ආශ්වාදජනකයි.

      ඡායාරූප පිටපත් කල ආකාරය පිළිබද විචාරක තුමා හොදින් කරුණු දක්වලා තියෙනවා...ස්තූතියි...

      Delete
  39. "ගොයා සබන් වල තිබුන පාස්පෝට් සහ නො 5 සුවද මොන වගේ විය හැකිද ?"

    කියවගෙන යනකොට මට අහන්න හිතුනු ප්‍රශ්නෙ සිරාම අහලනෙ...

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා...පාස්පෝට් කියන වර්ගයේ තිබුනෙ මොන විදියෙ සුවදක්ද කියලා...හිතාගන්න බෑ...

      Delete
    2. පුස්කාපු පොතකින් එනවා වගේ සුවඳක් වෙන්න ඇති.. හි හි..

      Delete
  40. ඔය ලැක්ටො කැලමයින් නම් අපේ ආච්චි ලග තාම තියනවා මං හිතන්නෙ, අපේ ආච්චිත් ඔය සේරම ගාල තියනවා තාමත් ඔය එක එක ඒවා ගානවා...තාම කෙල්ල කියල හිතන් ඉන්නෙ, වැඩේ කියන්නෙ වයස 71යි, කොන්ඩේ එක මිටට ගන්න බැරි තරම් මහතයි, දනහිස ලගට දිගයි... මිනිබිරියො 9 දෙනාගෙම කොන්ඩ එකතු කරත් ඒගාන එන එකක් නෑ...:(

    ReplyDelete
    Replies
    1. අනේ වාසනාවන්...එහෙම ආච්චි කෙනෙක් නිවසකට කොච්චර එළියක්ද...අපේ නිවෙස්වල නම් අයෙත් ඔය පහන දැල්වෙන්නෙ නෑ...සියලුම අය දිව්‍ය ලෝකෙට ගිහින්...

      ආච්චි උනත් එහෙම තමා ඉන්න ඕනෙ...විනෝදෙන්...ඔය විදියට ඉන්න අයට දීර්ඝායුෂ විදින්න පුලුවන්...හිත බොහොම නිදහස් සහ...සතුටින් තියෙන නිසා...

      එතුමියට දීර්ඝායුෂ පතනවා...

      Delete
  41. රෙක්සෝනා ඇඩ් එකනම් නියමයි.

    ReplyDelete
    Replies
    1. ඒ කිව්වෙ ඒකෙ ඉන්න කෙනත් නියමයි....

      Delete
  42. මෙව්වා දැක්කම පට්ටේටම හිනා යනවා සිරා අයියේ , පැස්ටල් වර්ණය ? , බුට්ටාස් ? ,
    ඒ කාලේ මිනිස්සු කොච්චර සරලවද හිතල තියෙන්නේ .

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙට යන්න පුලුවන් නම් මම මේ දැන් යනවා...ඒ කාලෙ ජීවිත හරිම සරළයි. ජීවන වියදම බොහොම අඩුයි.

      Delete
  43. ඒ වගේ පින්තූර ටිකක් බලන්න ලැබුන එකත් වටිනවා. ඔයාගේ සියට ස්තූති කරන්න ඕනේ ඒකට. ක්‍යුටිකිරා ගැන නම් අපේ ආච්චිත් ඉස්සර කියනව මට මතකයි...
    වටින වැඩක්..

    ReplyDelete
    Replies
    1. සීයාට ස්තූති වන්ත වෙන්න ඕනෙ...ඔහු අපෙන් සමුගෙන වසර 25 පමණ ගතවෙලා..

      Delete
  44. තෙල් මුහුණක් කියපු ගමන් ශම්මියාව මතක් උනේ නම් නෑ ඔන්න!
    මරු බියුටි කචල් වැඩ කෑලිනේ ඒ දවස් වලත් තිබිලා තියෙන්නේ!

    ReplyDelete
    Replies
    1. ෂම්මියගෙ තෙල් මූණ ගැන කථා කරද්දි ඒ එක්කම අටමගෙ නමත් මතක් වෙනවනෙ බන්...

      Delete
  45. ඉස්සර මේ බියුටි කචල් ඇඩ්වල හිටිය අය ගැනත් යමක් කියමුකෝ.... රුක්මණී දේවි ලක්ස් Ad එකක හිටියා කියලා කවුරු හරි කියනවා අහලා තියෙනවා

    ReplyDelete
    Replies
    1. මමත් එහෙම අහලා තියෙනවා...ඒ අය කවුරුවත් මගේ ළග තියෙන පත්තර වල නම් හිටියෙ නෑ...

      Delete
  46. ඔබේ බ්ලොග් එක තුලින් මම ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා.වටිනා මෙන්ම හරවත් ලිපි විශේෂයෙන් දුර්ලබ ඝනයේ පුවත් ඔබ අතින් ලියවෙනවා.ජය!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගයානි...විවිධාකාර දේවල් කාමරයට එන අයට ලබා දෙන්න තමයි මම හැමවිටම උත්සාහ කරන්නෙ... ජය !

      Delete
  47. //ගොයා සබන් වල තිබුන පාස්පෝට් සහ නො 5 සුවද මොන වගේ විය හැකිද ?// :D :D මේ ගැන අහන්න වෙන්නෙනම් ඒ කාලේ ආච්චිකෙනෙක්ගෙන් තමා.. ගෝයා රෙක්සෝනා නම් තවමත් තියෙනවනෙ.. කාලයත් එක්ක ඒ සුවඳත් වෙනස්වුණාද දන්නෑ..

    ගොඩක් ස්තූතියි මේ වටින උත්සහයට.. ඒවගේම සිරාගෙ සීයටත්.. තුති.. අවුරුදු ගණනක මේ ප්‍රථිඵල වලට.. හැකිනම් වෝටර්මාක් එකක් දමන්න මේ උත්සහයෙට තවත් වටිනාකමක් එකතුවෙන්න..(අදහසක් පමණි) දැන් හැමතැනම ඊමේල්වලිනුත් ප්‍රචාරය වෙන්න අරන්.. :)

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...