Friday, February 22, 2013

81 අපි නොදන්න ටෙඩී සහ ඔබ නොදන්න අසංක

අසංක, ඉගෙන ගන්නෙ නැත්නම් ඉගෙන ගන්න ළමයෙකුටවත් ඉගෙන ගන්න දීලා පැත්තකට වෙලා ඉන්නවා... 5 වසර සිංහල පොත අතට ගෙන පන්ති භාර ලලිතා ටීචර් කෑ ගසයි.  කට කැඩෙනකන් කිව්වත් මේකා ඉගෙන ගන්නෙ නැති හැටියක් ...ඒ මදිවාට හැමදාම පැමිණිලි...අදින්නෙත් හරිම අපිරිසුදු විදියට... සිරා කොලුවා සිස්සත්තෙට ඉදගත්ත 92 වසරේ ඇසුනු කථා බහක් තමයි ඒ...

5 A ...ඒ තමයි අපේ පන්තිය...අපේ කාලෙ පන්තියෙ අගට අරලිය,වැටමාර, ඕලු,සමන්,වතුසුද්ද වගේ නම් තිබුනෙ නැති නිසා අපේ පන්තිය හැදින්වුවෙ ඒ විදියට...පළමු වසරෙ ඉදන් එකටම ආපු සිසු සිසුවියන් තමා අපේ මේ පන්තියෙ හිටියෙ... ගම්බද කුඩා පාසලක් උවත්...එහි හිටිය ගුරු දෙමව්පියන් ඉතාමත් උවමනාවෙන් සිස්සත්ත කඩඉම ජයගන්න පුංචි අපිට මහා අත්වැලක් වූ බව නොකියාම බෑ... කිසිම වැටුපක්...වරදානයක් අපේක්ෂාවකින් තොරව මාරුවෙන් මාරුවට විවිධ ගුරුවරු පාසලෙන් පසු හවස් කාලයේ අපට පන්ති පැවැත්වූවා...ඒ සම්පූර්ණයෙන්ම නොමිලේ...

3 පන්තියෙදි තමයි සිස්සත්ත තරගෙ පටන් ගන්නෙ... ඒ පන්තිය භාරව ඉන්න ටීචර් හැම දරුවෙක්වම උනන්දු කරලා හැකියාවන් වර්ධනය කරන්නට මහන්සි වුවත් ඒ මහන්සිය අපතේ ගිය අවස්ථාත් ඕනෙ තරම් තියෙනවා...ඒ ඉගෙනගන්න කිසිම උනන්දුවක් නැති අසංක වගේ චරිත නිසා...

අපි තුනෙන් හතරෙ පන්තියට එද්දි....පැරණි පන්ති භාර ටීචර් අලුත් පන්ති භාර ටීචර්ට දෙන තත්ව සහතිකය තුල අසංකගෙ නම නිතරම කියැවුනා. මේ පන්තියෙ ඉන්න අසංක කියන කොල්ලා නම් කිසිම වැඩක් කරන්නෙ නෑ...ගෙදර වැඩ දෙන ඒවා කිසිදවසක කරගෙන එන්නෙත් නෑ...ඒ මදිවට දාංගලේ...හැමදාම කාටහරි ළමයෙක්ට ගහලා....රැස්වීමකට එන්න කිව්වට ගෙදරින් කවුරුවත් එන්නෙත් නෑ...අනේ මන්දා මට නම් තේරෙන්නෙ නෑ...මේකා මොනවා කරන්න හිතාගෙන ඉන්නවද කියලා... ඔන්න ඔහොමයි අසංකයගෙ ගුණ වැයෙන්නෙ...

5 පන්තියට එද්දි ඉගෙනගන්න උනන්දුව තියෙන පිරිස ගුරුවරුන් හදුනගෙන තියෙන නිසා ඒ අයට විශේෂ සැළකීමක් තියනවා සිස්සත්තෙ කඩඉම ජයගන්න...කිසිම වැඩක් නොකරන අසංක වගේ උන්ට ඉගෙනගන්න කියලා වද නොදී තමන්ගෙ පාඩුවෙ වැඩක් කරගෙන ඉන්න ඒ දවස්වල පන්තියෙ අවස්ථාව තිබුනා... විශ්වාස කරන්න විභාගෙට මාස ගාණක් තියෙද්දිත් අසංකයට තුනේ පන්තියෙ ළමයෙක් විසදන ගණිත ගැටලුවක් වත් විසදාගන්න හැකියාවක් තිබුනෙ නෑ...සංඛ්‍යා දෙකක් එකතු කිරීම අඩු කිරීම පවා මේකට බෑ.

ඒ දවස්වල අසංකගෙ අම්මා තාත්තා ගැන වැඩි විස්තරයක් මට දැන් මතකයේ නැතත් මව මැදපෙරදිග ගෘහසේවිකාවක් ලෙස රැකියාව කරපු නිසා ආච්චිගේ භාරකාරත්වය යටතේ අසංක පාසල් ආගිය බව තමා මට මතක...ඒ දවස්වල ඉතිං ලලිතා චීටර්ට යකා ආවේශ වෙනවා මේ අසංකයා හින්දා...තුනේ පන්තියෙන් නැත්නම් දෙකේ පන්තියෙන් හරි හැමදාම පැමිණිලි...ළමයි එක්ක රණ්ඩු වෙනවා කියලා...ඒවට කොච්චර දඩුවම් කලත් හැදුන එකෙක් නෙමෙයි අසංක...


http://sphotos-a.xx.fbcdn.net/hphotos-ash4/247246_10151839104497814_1587190891_n.jpg

ඔයින් මෙයින් කාලය ගතවෙලා අපි සිස්සත්තෙත් ලිව්වා. 92 අවුරුද්දෙ අපේ පුංචි පාසලේ සිස්සත්තෙ සමත් ළමයි 10 දෙනා අතර සිරා කොලුවත් සිටිය නිසා නගරයේ ප්‍ර‍ධාන බාලක පාසලට ඇතුලත් වෙන්න මට හැකි වුනා...විභාගෙන් උඩින්ම ෆේල් වෙච්ච අසංක ගමේ පිරිවෙන වෙත උසස් අධ්‍යාපනය වෙත යොමු වුනා...එක පන්තියක අකුරු කරපු අපි ඉන් අනතුරුව බොහොම කලාතුරකින් මග තොටදි තමයි හමුවුනේ...

අ.පො.ස සා/පෙ අවසන් වෙලා තිබුන කාලෙ වතාවක් අසංක සෑහෙන කාලයකට පස්සෙ මට මුලිච්චි උනා...ඒ වෙද්දි ඒකගෙ හැසිරීමේ යම්කිසි වෙනසක් මම දුටුවා. ඉස්සර වගේ දගලන චරිතයක් නෙමෙයි. බොහොම තැන්පත් චරිතයක්...මම යන්තමට විභාගෙ පාස් වුනා බන්...කියලා අහිංසක විදියට හිනා වෙච්ච හැටි මට තවම මතකයි... සාමාන්‍ය සාමාර්ථ වලින් යන්තමට විභාගෙ ගොඩදාගෙන හිටිය උගෙන් මම ඊළගට  ඇහුවෙ උසස් පෙළට මොනවද බන් කරන්නෙ කියලා.... මම ගණිතයෙන් කරන්න හිතාගෙන ඉන්නෙ කියලා මගේ පිටටත් තට්ටුවක් දාගෙන පා පැදියෙ  නැගිලා එදා ඔහු මගෙන් සමුගත්තෙ...

සිරා කොලුවා වාණිජ අංශයෙන් උසස් පෙළට පෙනී ඉද්දි අසංක ගණිතයෙන් පෙනී සිටියා.. සිරා ඉතිං සරසවි කඩයිම අසලටම ඇවිල්ලා නැවතුනා... හිගය Z Score දශම දෙකක්. සරසවි යන්න බැරිවෙච්චි  දුක තමා එදා මෙදාතුර සිරා වින්ද බරපතලම වේදනාව...අන්න ඒ නිසයි සරසවි යන කොල්ලො කෙල්ලන්ට අදත් සිරා ගරු කරන්නෙ....මට කරගන්න බැරි වෙච්චි දෙයක් උන් කරපු නිසා... ප්‍ර‍තිඵල පිටවූ අලුතම වාගෙ  මට අසංකව හදිසියේ මහා මාර්ගයේදි නැවතත් මුලිච්චි උනා...කොහොමද බන් උඹේ ප්‍ර‍තිඵල කියලා මම ඇහුවාම...කලින් වාරෙ වගේම අහිංසක විදියට හිනාවෙලා...කණට ඇහෙන නෑහෙන ගාණට...මට එස් දෙකයි බන්...ආයෙමත් කරන්න හිතාගෙන ඉන්නවා කියලා කිව්වා. ඒ වෙද්දි අසංක සෑහෙන්න වෙනස් චරිතයක්...සිස්සත්ත පන්තියෙ හිටියෙ මේකමද කියලා හිතාගන්නත් බැරි තරම්...

සිරා ඉතින් උසස් ‍පෙළින් පස්සෙ වෙනත් මාර්ග වලින් උසස් අධ්‍යාපනය හදාරමින් සිටිය කාලෙදි... මගේ තවත් 5 වසර පන්ති සගයෙක්...යනෙන ගමනක් අතරතුර මුලිච්චි උනා...ආගිය තොරතුරු විමසලා...අපේ පන්ති සගයන් ගැන මතකය අලුත් කරනකොට තමයි...අසංකගෙ නමත් කියැවුනේ...උඹ දන්නවද අසංකයා දැන් ඉන්න තැන... මම දන්නෙ නෑ බන්...හුග කාලෙකින් මට මුලිච්චි වෙලා නෑ...මම එහෙම උත්තර දුන්නා... අපිත් එක්ක 5 පන්තියෙදි ඒකා හිටපු විදිය දන්න උන් කිසිකෙනෙක් මේ කථාව විශ්වාස කරන්නෙ නෑ බං...මම කීප දෙනෙකුටම මේ ගැන කිව්වා...උන් හැමෝම මට කිව්වෙ උඹ කියන්නෙ ඇත්තමද කියලා... අසංක දෙවැනි වාරෙ විභාගෙ ලියලා...දිස්ත්‍රික්කෙ 28 වෙනියා විදියට සමත් වෙලා...අන්න මොරටුව විශ්ව විද්‍යාලෙට යනවා ඉංජිනේරු ශිෂ්‍යයෙක් විදියට.

මේ ප්‍ර‍වෘත්තිය සිරා කොලුවා වන මමත් තවත් කීප දෙනෙකුටම ඉන්පසුව දැනුම් දුන්නා...ඒ හැමෝම මගෙන් ඇහුවෙත් මේක ඇත්තක්ද කියලා.. සිස්සත්ත පන්තියෙදි එකතු කිරීම අඩු කිරීම කරගන්න බැරි වෙච්ච අසංක...අද ඉංජිනේරුවෙක් විදියට ලෝකයේ කොහේ හරි රැකියාවේ නිරතව ඇති...මට ඉන් පසුව කිසිම දිනෙක ඔහු මුණගැසී නෑ...දකින්නත් ආසයි...

මේ කථාව මට හදිස්සියේ මතකයට ආවෙ...අන්තර්ජාලයෙන් ඊයෙ පෙරේදා දවසක දැක්ක කථාවක් නිසා...මේ කථාව පැවැත්වූයෙ මහාචාර්ය සරත් විජේසූරිය මහතා විසින්, බුද්ධිමතුන්ගේ  වේදිකාව නමින් ඉතාලියේ මිලානෝ නුවර වෙසෙන ලාංකිකයන්ගෙන් සමන්විත  සිංහල සාහිත්‍ය කලා සංගමය මගින් සංවිධානය කර පසුගිය ජනවාරි මස මිලානෝ නුවර දොන් බොස්කෝ ශාලාවේදී පැවැත්වූ වැඩසටහනකදී. ඔහුගේ දීර්ඝ කථාව අවසාන භාගයේ  නියම ගුරුවරයෙක් යන වදනට උදාහරණයක් ටෙඩී නම් දරුවකුගෙ සත්‍ය සිද්ධියක් ඇසුරින් ඔහු විස්තර කරනවා...අන්න ඒ කථාව අවසානයේදි මගේ මතකයට නිරායාසයෙන් නැගුනෙ අසංක...කලබලේ නැතුව....බොහොම නිවීසැනසිල්ලේ විනාඩි 20 ක් අරන් ටෙඩීගෙ කථාව අහලා බලන්න...මහාචාර්ය තුමාගෙ කථාවෙන් ටෙඩී සම්බන්ධ කොටස මේ විදියට මවිසින් සංස්කරණය කලා.

                                                         

ගුරු වෘත්තියට මනෝ විද්‍යාත්මක සිද්ධාන්ත වර්තමානය වන විට එකතු වී තිබුනත්...අතීතයේ තත්වය ඊට වෙනස්... මගේ පුද්ගලික විශ්වාසය අනුව විශිෂ්ඨ ගුරුවරයෙකු  විය හැක්කේ...පන්තියක ඉදිරි පෙළේ දක්ෂතා දක්වන සිසුවෙකු විභාගය සමත් කරවිමෙන්  නොව...දුර්වල සිසුවෙකු විභාගය සමත් කරවීමෙන්. අසංකගේ ලොවට නොපෙනුන පුද්ගලික ජීවිතයට එබිකම් කර කරුණාව දයාව දැක්වූ කවර හෝ ගුරුභවතකු හෝ කීප දෙනෙකු නිසාවෙන් ඔහු අවසානයේ ජීවිතය ජයගත් බවක් මට හැගෙන්නෙ... පන්තියක පසුගාමී තත්වයක ඉන්න දරුවකු වෙත මේ අයුරින් එළැඹිලා, තියෙන බාධක කම්කටොළු ගැන දැනුවත් වීමෙන් මේ වගේ ඵලදායී ගුරුවරයෙක් වෙන්න  සෑම ගුරුවරයෙකුටම පුලුවන්...අන්න ඒ අයට ගුරු දෙවිවරු කියන වදන බොහොම සාධාරණයි කියලා මට හිතෙනවා....


මහාචාර්ය තුමාගේ සම්පූර්ණ කථාව මෙතැනින්




මම කාමරේ වෙසෙන, සත්ගුණවත් සිරා කොලුවා






ප.ලි



මහාචාර්ය තුමාගේ සම්පූර්ණ කථාව අසා බලන මෙන් මම ඔබ සියල්ලන්ටම ඇරයුම් කරමි..එමගින් ඔබේ  ජීවිතයකට එකතු කර ගත හැකි මා හැගි කරුණු ගණනාවක් ඇති බව මම ශපත කරමි. මෙවැනි වැඩසටහන් සංවිධානය කරමින් නුතන අධිවේගී සමාජය තුල නැසී යන හර පද්ධතීන් රැක ගැනීමට උත්සාහ ගන්නා ඉතාලියේ මිලානෝ නුවර සිංහල සාහිත්‍යා කලා මණ්ඩලය වෙත මාගේ ප්‍ර‍ණාමය හිමි වේ.

ටෙඩීගේ කථාව ශ්‍ර‍වණය කිරීමෙන් ඔබේ නෙත් අගට කදුලක් ඉනුවා නම්...අවංකවම සතුටු වෙන්න ඔබ  ඔබ ගැනම...ඔබ සංවේදී හදවතක් සහිත මිනිසෙක්...


එකට සිටි මිතුරෙකු ලෙස අසංකයා පිළිබද  අපේ පරණ උන් හැමෝටම අද ඇත්තේ ගෞරවය මුසු වූ සතුටකි.


මේ දිනවල පුද්ගලික ජීවිතයේ කටයුතු සමග ඉතාමත් කාර්යබහුල බැවින් අනෙකුත් බ්ලොග් අස්සේ කරක් ගැහීමට නොහැකි වූ බැව් කරුණාවෙන් සලකන්න. ඉදිරි දින වල නොවැරදීම එමි. ගැත්තාට සමාව දෙනු මැන.




81 comments:

  1. මතක් කරන්න එපා ඔය සිසත්ත තරගෙ, පොඩි උන්ගේ ළමා කලේ විසකරලා ඔක් නිසා.

    ReplyDelete
    Replies
    1. ටෙඩීගෙ කථාව අහලා බලන්න...එතැන තමයි මේ කථාවෙ හරය තියෙන්නෙ...

      Delete
  2. ගැත්තාට සමාව දෙමි.අපුරු මතෘකාවකි.මුල පිස්සු ලොකයක් අවසානය සංවේදියි. ස්තුතියි දැනුවත් කිරිම පිළිබඳවත්.

    ReplyDelete
    Replies
    1. මේ කථාවෙ සංවේදී බව හොදට දැනෙන්නෙ ටෙඩීගෙ කථාවත් ඇහුවොත් තමා...නොවැරදීම එයත් ශ්‍ර‍වණය කරන්න...

      Delete
  3. මහාචාර්ය සරත් විජේසුරිය තුමාගේ විඩියෝ එක ඊයේ විශ්ව විද්‍යාල ප්‍රෙව්ශ ලත් සිසු සිසුවියන්ට අහන්නට සැලැස්සුවා.මමත් එක ඇහුව්වා. ඔබටත් පිං. දැනුවත් කිරිමට

    ReplyDelete
    Replies
    1. එතුමාට පින් මේ වගේ සරළ භාෂාවෙන් අප දැනුවත් කරනවාට...

      Delete
  4. සිරා,

    මේ ටෙඩිගේ කතාව කියව්ව කාලයකට ඉස්සල ... ඇත්ත මචං ගුරුවරයකුට පුළුවන් ළමයකුගේ මුලු ජීවිතයම වෙනස් කරන්න.. ගොඩක් ගුරුවරු කියාගන්න අය ඒක දන්නේ නෑ...

    මම
    මයික්

    ReplyDelete
    Replies
    1. උඹ ලංකාවෙන් පිට ඉන්න නිසා...මේ කථාව අපිට කලින් සමීප වෙන්න ඇති...මහාචාර්ය තුමා මෙතැනදි මේ ගැන කිව්වෙ නැතිනම් අපි තවම දන්නෙ නෑ...ශිෂ්‍යයාගේ අනාගතය පැහැබර වෙන්නෙ ගුරුවරුන් නිසා....ඒ හේතුවෙන් ගුරුවරුන් වෙත ඇත්තේ විශාල වගකීමක්.

      Delete
  5. දක්ෂකම උපතින් ගෙනඑන දෙයක් නොවේ වර්ධනය කරගත යුතු දෙයක්..ගුරුවරුන්ගේ කාර්යය විය යුත්තේ එයයි..ස්තුතියි සිරා පෝස්ටුවට..

    ReplyDelete
    Replies
    1. ඇත්ත....මමත් එයට එකගයි... එහෙත් සමහර ගුරුවරු ධනවත් පවුල් වල දරුවන්ට පන්ති කාමරය තුල විශේෂ සැලකිලි දක්වනවා මගේ ශිෂ්‍ය ජීවිතය තුල මම දැකලා තියෙනවා.

      Delete
  6. මේ විදියටම අපේ ජීවිත කනපිට ගස්සවලා යන්ඩ පුළුවන් ඉහලම තැනට යවන්න සමත් වෙච්ච ගුරුවරු සහ ගුරුවරියන්ගෙ ඇසුර මටත් ලැබුන නිසා මම අද මෙතන ඉන්නෙ..දවසක මගේ කතාවත් ලියනවා මගේම බ්ලොග් එකේ..

    ReplyDelete
    Replies
    1. ඒ දවස උදාවෙනතුරු මමත් ආශාවෙන් බලා ඉන්නවා..වෙනී අයියගෙ කථා කියවද්දි ඔබේ ළමා කාලය ගත වූ පරිසරය පිළිබද අදහසක් ගන්න පුලුවන්...

      Delete
  7. 92 මම ඉපදුන අවුදුද්ද , එදා මෙදා තුර ළමා මනසට කරන්න පුළුවන් ලොකුම මානසික වදය කරන්නේ ඔතනින් , උන්ව එක දෙකට කොටු කරන්නේ ඕකෙන් , මට දුකයි මම ඕක ලිව එක ගැනමත්

    ReplyDelete
    Replies
    1. 92 වගේ නෙමෙයි මලේ අද තත්වෙ...අපි සිස්සත්තෙ ලියන කාලෙ මේ වගේ ළමයි පීඩාවට පත්වෙන තරමේ තරගයක් තිබුනේ නෑ...අපි පාඩම් වැඩ අස්සෙන් ර්‍කිඩාවටත් ඕනෑ තරම් ඉඩ ලැබුනා.

      Delete
  8. මං ඔය කතාව ඇහුවා..
    සම්පූර්ණ කතාව...
    කරුමෙක මහත කියන්නේ මං දැක්කා මේ කතාවෙම එක කෑල්ලක් විතරක් කට් කරලා බැනලා දාලා තිබ්බා.. සිංදු වලට බනිනනවා කියලා...
    සිරාම කතාවක් මේක....

    ReplyDelete
    Replies
    1. මමත් දැක්කා එතුමාට ගොඩක් අපහාසවෙන කමෙන්ට් තිබුන ඒකෙ.
      සම්පූර්ණ කතාව ඇහුව නම් කවුරුවත් බනින එකක් නෑ..!

      Delete
    2. ගොසිප් සයිට් එකේ තිබුන ඒ ප්‍ර‍වෘත්තිය මමත් දැක්කා...උන්ට ඕනෙ ගොසිප් විතරමනෙ...

      Delete
  9. අප්පේ..යාන්තම් මම සිස්සත්වේ වැඩි ලකුණු නොතිබුණු හින්දා තමයි අද කැම්පස් එකක ඉන්නේ..නැත්නම් මමත් අද පාස් උන කස්ටිය වගේ තාමත් ගෙදර..!

    ReplyDelete
    Replies
    1. සිස්සත්වය අසමත් වීම පසුකලෙක කැම්පස් යාමට මගකි...එහෙමද නාඩියො...

      Delete
  10. 92නේ මම ඉපදුනෙත් හපුච්චියේ,, මම නම් ඔය තරගෙට විභාගේ ලීවේ නෑ,, ඇත්තටම මම හිතන් හිටියේ ශිෂ්‍යත්වේ කියලා සාමාන්‍ය විභාගයක් කියලා,, මහා ලොකුවට පාඩම් කරේ නෑ,,

    ටෙඩීගේ කතාව අහන්න මේ වෙලාවේ ක්‍රෙඩිට් නෑ අයියන්ඩියා,, පස්සේ අවිත් අහන්නම්,, ක්මේන්ට්ස් දැක්කාම අහන්න ඕනේමයි හිතුනා..

    ReplyDelete
    Replies
    1. බොලේ සූටි නංගියෙක්නෙ...ක්‍රෙඩිට් තියෙන වෙලාවක අහලා බලන්නකො...එයින් කියැවෙන දේ ඔබ මවක් වූ පසු හෝ ඔබට ප්‍රයෝජනවත් කියලා මට හිතෙනවා...

      Delete
  11. මන් අත්දැකීමෙන් දන්නවා ගුරුවරයෙකුට ශිෂ්‍යයෙක් අහිංසක හෝ අංගුලිමාල කෙනෙක් කරන්න පුළුවන් කියන එක.. 8වසරෙදි මගේ ජීවිතය විනාස කරෙත් ගුරු හොරෙක් තමයි.. නමුත් මම අද හොද තැනක ඉන්නේ එදා මම නොතේරුම්කමට කලදේ නිසාම තමයි..
    මෙන්න මගේ නෝනා අඩනවෝ...

    ReplyDelete
    Replies
    1. මටත් එවැනි අත්දැකීම් තියෙනවා...අපට හොදින් සලකපු හා නොසලකපු යනුවෙන් කොට්ඨාශ දෙකක් ඉන්නවා...මම ඉතින් පරණ තරහා පිරිමහන්න යන්න නැතුව දකින තැනක මේ දෙපාර්ශවයටම සුහදව කථා කරනවා...එවිට ඒ අයගෙ හෘද සාක්ෂිය නිසි පිළිතුරු ලබා දෙයි කියලා හිතනවා...

      ඒ කියන්නෙ නෝනා බොහොම සංවේදී කෙනෙක්...

      Delete
  12. සිර මල්ලි මම හමදාම උබෙ මෙ අට මගලෙ කියවනව බන්.නමුත් මොනව හරි ලියන්න හිතුවෙ උබ ගෑන මෙ ලගකදි ඉදන්.ලෑජ්ජා වෙන්නෙ නතුව කිව්වොත් මම ඕ ලෙවල් කලෙ උබ සිස්සත්තෙ කරපු වසරෙ.විස්වාස කරපන් මම ඕ ලෙවල් කරන්න එනකන් ඉන්ගිරිසි හෝඩියෙ අකුරු 26 හරියට දෑනගෙන උන්නෙ නෑහෑ.අපිට ඉන්ගිරිසිය එපා කෙරෙව්වෙ අපිට උගන්නපු ගුරුවරු.ඒ අය ඉගෑන්නුවෙ ගොට්ට අල්ලපු දෙමෞපියන්ගෙ දරුවන්ට විතරයි.නමුත් 1992 අවුරුද්දෙ අපිට රත්තරන් ගුරුතුමියක් ආව බන් ඒ ලලිතා පද්මිනී කියල.එතුමිය අපිව හවස නවත්ත ගෙන අපිට ඉන්ගිරිසි ඉගෑන්නුව.ඒකෙන් තමයි යන්තම් ඕ ලෙවල් ඉන්ගිරිසි වලට සම්මානයක් ගත්තෙ.එදා අත් හරල හිටපු මගෙ සගයො දෙන්නෙක් අද නීති ක්ශේස්ත්‍රයෙ නමගිය දෙන්නෙක් ගම්පහ උසාවියෙ.අත්ත තමයි ගුරුවරයෙකුට පුලුවන් දරුවෙකුව මාර්ග දෙකෙන් ඕ නම අන්තයකට යවන්න. මාත් ඔය උලව් සිස්සත්තෙ පස්ස් නෑ බන්.ඕක පාස් වෙලා හරි උජාරුවට උබහෑ ගිය ඉස්කෝලෙට ගිය මගෙ නෑන්දගෙ පුතා දරුනු විදිහට පිස්සු කෙලල දන් කාලකන්නි ජීවිතයක් ගත කරනව.රටින් පිට හරි අපි රටට සේවයක් කරනවනෙ බන් නෑද්ද?

    ReplyDelete
    Replies
    1. සිස්සත්තෙ කියන්නෙ අඩු පහසුකම් සහිත පාසලක ඉදන් වැඩි පහසුකම් සහිත පාසලකට යන්න දරුවාට අවස්ථාව ලබාදෙන විභාගයක් මිස දරුවාගේ ඉදිරි විභාග පිළිබද තීරණයක් ගත හැකි විභාගයක් නොවේ...අපේ පවුල් වලත් අද වෛද්‍යවරු, ඉංජිනේරුවො ආදී සමාජය පිළිගත් තනතුරු වල ඉන්න නංගිලා මල්ලිලා බහුතරයක් සිස්සත්තෙ අසමත්...

      Delete
  13. මේ කතාවම රෑ ඉරපානෙත් කිව්වා. එදත් මා සංවේදි උනා. මහාචාරය තුමා වගේම උඹත් මේක දැනෙන්න ලියලා තියෙනවා.. පොඩි කාළේ අදක්ෂ සිසුන් ළොකු උනාම ළෝකේ ජයගන්නා බව බොහෝ අය ඔප්පු කර තියෙනවා...

    ReplyDelete
    Replies
    1. දක්ෂයෝ බහිවුනේ පන්තියේ පසුපෙළිනි කියලා කථාවක් තියෙන්නෙ...උන් තමයි නියම ශිෂ්‍යයො...

      Delete
  14. ගුරුවරු දෙවිවරු බව ඇත්තයි..!එහෙත් එහෙම අය දැන් සමාජේ හමුවන්නෙ අඩුවෙන්.

    මට මතක් වෙන්නෙ...මීට ටික කාලයකට උඩදි සරත් විජේසූරිය මහත්මයාගේම ලිපියක් තිබුන පත්තරේක.මෙතුමා මෙහෙම කියනව

    තමන්ව මේ වගේ තැනකට ගෙනාවෙ පාසලේ තුන්වන පන්තියෙ හිටිය ගුරුතුමී . අපි ඉගෙන ගත් පාසලේ හිටියෙ දුප්පත් දෙමාපියන්ගෙ දරුවො..ඔවුන් උදෙන්ම හේනෙ කුඹුරෙ වැඩට යනව..ලම්යි ගැන වෙහෙසෙන්න වෙලාවක් නෑ..!
    මේ නිසා ලමයි හරිම අපිලිවෙලයි කොන්ඩෙ කපල නෑ..පීරල නෑ ..දත් මැදල නෑ..!

    අපේ ටීචර් උදේට එනකොට ලොකු පන් මල්ලක් අරන් එන්නෙ.ඒකෙ තියෙනව..පොල්තෙල් බෝතලයක්,ලොකු පනාවක්, ලොකු පුයර ටින් ඒකක්..කතුරක්..!
    පන්තියට ඇවිල්ල මුලින්ම කරන්නෙ දත් බලනව...ඊලඟට..කොන්ඩෙ කපල නැති අය ඉන්නවනම් ටීචම කොන්ඩෙ කපනව..,පොල්තෙල් ගාල කොන්ඩෙ පීරල...,මුහුනෙ පුයර උලල තම්යි ..පාඩම් වැඩ පටන් ගන්නෙ.
    ඉතින් ලම්යි තමන්ගෙ අම්ම්,තාත්තට වැඩිය ටීචට ආදරෙයි..හැමදාම ලමයි ඉස්කෝලෙ එන්නෙ ආසාවෙන්..! පාඩම් වැඩ කරන්නෙ ආසාවෙන්..ලස්සන කවි සින්දු ඇය හැඩට ගායනා කරනව...ලම්යි කට ඇරන් බලා ඉන්නව.( මට මතක විදියට ලිව්වෙ)

    ඕන්න ඕය විදියෙ ලිපියක්...හිතන්න කාරනා කොච්චර තියෙනවද ඒ ටිකේ...!

    ReplyDelete
    Replies
    1. මෙවැනි ගුරු වරුන් ආයෙත් මනුලොව ඉපදේවිද කියලත් හිතෙනවා...ඒ ඔවුන් දේවත්වයට බොහොම සමීප නිසයි...මේ වගේ ගුරු දෙමව්පියන් අදත් ඉන්නවා...නැත්තෙ නෑ...එහෙත් බොහොම අඩුවෙන්...පිටිසර පළාත්වල සේවය කරන ගුරුවරු බොහොමයක් දෙනා තමන්ගෙ වැටුපෙන් අධ්‍යාපනයට දක්ෂ දරුවන්ට උදව් කරනවා...ඉගෙනගන්න...

      Delete
  15. මට මතක් වුණේ ඇල්බට් අයින්ස්ටයින්ව :)

    ReplyDelete
    Replies
    1. එතුමාවත් කුඩා කාලයේ මෙලෝ සසරක් බැරි මෝඩයෙක් විදියටලු හැදින්නුවෙ...

      Delete
  16. ඔය විදියට නොහිතූ දේවල් වෙන්න පුලුවන්. සිරා, ඇත්තටම අර විදියට හිටපු අසංක වෙනස් වෙන්න හේතුවුනේ මොකක්ද කියන එක උඹට දැනගන්න විදියක් තියෙනවානම් අසංකගේම කටින්ම, ඒක අර දේශනයටත් වඩා වටිනවා.

    ReplyDelete
    Replies
    1. හෙන්රි අයියගෙ අදහසෙන් පස්සෙ මම අසංකයා ගැන හොයන්න කීප දෙනෙකුටම කථා කලා...තාම තොරතුරක් නෑ...බලමු ඉදිරි දිනයක...යමක් ලියන්න හැකිවේවිද කියලා...

      Delete
  17. මටත් මේ වගේ කතා බොහෝමයක් කියන්න අත්දැකීම් තියෙනවා මචං. කාලෙකට කලින් තිරිවනා ගල් වගේ හිටපු උන් දියමන්ති බවට පත්වෙලා දිළිසෙද්දී ඒ අපූර්ව විපර්‍යාසය හිතට ගේන්නේ විස්මයජනක ආහ්ලාදයක්. කුතුහලකාරී ආශාවක් කොහොමද මෙහෙම උනේ කියලා දැනගැනීමේ.

    ReplyDelete
    Replies
    1. ගුරු වෘත්තිය බොහොම තෘප්තිමත් රැකියාවක්...තමන් වෘත්තීය ජීවිතෙන් සමුගත්ත දවසක තමන්ගෙන් ඉගෙනගත්ත ගෝලයො සමාජයෙ ඉහළ තැන්වල වැජබෙද්දි ඒ ගුරුවරුවන්ට කෙතරම් ච්ත්ත ප්‍රීතියක් ඇතිවෙනවද...

      Delete
  18. මමත් එතුමාගේ සම්පුර්ණ කතාවම මිට ටික දිනකට කලින් ඇහුවා. ටෙඩිගේ කතාව අහනකොට නම් පුදුම දුකක් ආවේ. ඒ වගේ ගුරුවරු හරි අඩුයි හොයා ගන්න. මට මතක් වුනේ අර හින්දි ෆිල්ම් එකක් ආවේ "තාරේ සමින් පර්" කියලා. ඒකෙත් ඔය වගේ ගුරුවරයෙක් ගැනනේ තියෙන්නේ....

    ReplyDelete
    Replies
    1. ඔය කියන චිත්‍ර‍පටය මට මතක විදියට මම නරමලා තියෙනවා...අමීර් ඛාන් නේද ගුරුතුමාගේ චරිතය රගපාන්නෙ...

      Delete
  19. ජීවිතේ හරි පුදුමයි බං. මේ වගේ සිදුවීම් නොවෙනව නම් ඒක නිකම්ම නීරස වෙයි. මටත් ඔය වගේ ගුරුවරයෙක් හම්බ වුනා, ගණිතයට. 9 වසරෙදි මම ටියුෂන් ගතිපු ගුරුවරයා. මට 7-8 පන්තිවලදි එපාම වෙල තිබුනු ගණන්වලට පුදුම ආසාවක් ඇති වුනේ. එයාගෙ ක්‍රමේ වෙනස්. කොටින්ම අපි 9 වසරෙ ඉද්දි 11 වසරෙ පොතේ ගණනුත් හැදෙව්ව. පනස් ගනන් හැට ගනන්වල ඉඳල ඕලෙවල් ගණන් පේපර්වල ගනනුත් හැදෙව්ව. ඕක ඒ විදියට ඉගෙනගත්ත කෙනෙක්ට ඇරෙන්න වෙන කෙනෙක්ට හිතෙන්නෙ පිස්සුවක් විදියට. මට නම් ඒක අල්ලල ගියා. ඒකෙන් වුනේ 7-8 පන්තිවල පැත්තකට දාලා තිබ්බ අධ්‍යාපනේ ආයිත් පනගහල ආපු එක. වාර විභාගෙදි පන්තියේ විසිගනන්වල හිටපු මම ඊට පස්සෙ 2-3-4 න් පස්සට ගියේ නෑ කවදාවත්. ඒකෙම අනිත් පැත්තට උනේ පල්ලෙහා පන්තිවලදි හොඳට දාන්ගලේ තිබුණු මම ඕලෙවල් පන්ති වෙද්දි පොතටම බර වෙච්ච ළමයෙක් වෙච්ච එක. කොහොම උනත් ඒක නිසා මට අනිත් විෂයන්වලටත් ආසාවක් ඇති වුනා. එක ගුරුවරයෙක්ගෙ කැපවීම ළමයි සිය ගණනකට නිවැරදි මාර්ගය පෙන්වනව, හැබැයි අනෙක් පැත්තට ගුරුවරු කොච්චර කැපවුනත් වැඩක් නෑ ළමයටම උනන්දුවක් ඇති වුනේ නැත්නම්. ඉස්සෙල්ල හොයන්න ඕන ප්‍රශ්නෙ තියෙන්න කොතනද කියල. ඒකට පිළියම් කරල ඕන උගන්වන්න. නැතුව සිලබස් කවර් කරන්න උගන්නල වැඩක් නෑ.

    උඹ 92 ද ශිෂ්‍යත්වෙ කළේ. අපි 93 දි ශිෂ්‍යත්ව ක්ලාස් එකේ ඉද්දි මට මතකයි ටීචර්ගෙ පුතා ඇවිල්ල කිව්ව ජනාධිපතිට බෝම්බයක් වැදිල, ඇඳිරිනීතිය දමලය කියල. අපි පොඩි එවුන්න, ඇඳිරි නීතිය කිව්වම ළමයි හොඳටම බය වුනා.

    ReplyDelete
    Replies
    1. ඔහොම තමා බන් බොහෝ දෙනාගෙ පාසල් කාලය...ළමයි උවමනාවෙන්ම අධ්‍යාපනයට යොමු වෙන්නෙ විවිධ තැන් වලදි...සමහරු පාසල් ජීවිතය නිමවෙනතුරු මේ විදියට කැප වෙන්නෙ නෑ...

      Delete
  20. ඇයි දන්නෑ බන් ඌ දෙවෙනි පාර පාස්වෙලා කැම්පස් ගියා කියලා ඇහුවම මට මාර සතුටක් දැනුනා බන්.. මේ කවදාවත් නොදැකපු කොල්ලට මුලු හිතින්ම සුබ පැතුවා.. ඒ උඹේ ලිවීමේ දක්ෂතාවයද වෙන එකක්ද කියලා මට හිතා ගන්න බැරුව මේ ඉන්නෙ.

    ඔහොම වෙනවා බන්.. ඇල්බර්ට් අයින්ස්ටයිනුත් පොඩි කාලෙ ගොන් බදින කණුවක් කියලා මම කොහෙදි හරි කියවලා තිබුනා.. නිකන් හිතපන් මනුස්සයන්ගෙ යාලුවන්ට මොනවා හිතෙන්නෙ ඇත්ද ?

    ReplyDelete
    Replies
    1. අයින්ස්ටයින් ගෙ කථාවත් මම අහලා තියෙනවා...අසංකගෙ පවුල් පසුබිමින්, සමාජයෙන්, අවශේෂ ශිෂ්‍යයන්ගෙන්, ගුරුවරුන්ගෙන් ඉල්ල වෙච්ච අපවාද, පීඩනය නිසා ඔහු මෙවැනි තැනකට යන්න ධෛර්යය ගන්න ඇති කියලා මට හිතෙනවා...

      Delete
  21. සිරා ඇත්තෙන්ම හොඳ කතාවක්. මහාචාර්ය තුමාගේ වැඩසටහන් වලට මම හරි කැමතියි

    ReplyDelete
    Replies
    1. මමත් බොහොම ප්‍රියයි...එතුමා කථාවක් පවත්වන අපූරුව නිසා කම්මැලිකමකින් තොරව බලාඉන්න පුලුවන්...

      Delete
  22. දක්ෂතාවට වඩා කෙනෙකුගේ උවමනාව ඔහු/ඇය ඉහලට ගෙනියන්න සමත් වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත වශයෙන්ම එය තමයි ප්‍ර‍ධාන වෙන්නෙ...නමුත් ඒ තැනට ශිෂ්‍යයා පත්වෙන්න ඔහු පිටුපසින් නිහඩ සේවයක් කරන්නෙ ගුරුවරු...

      Delete
  23. mamat A/L fail, ea unata textile diploma ekak kara. Degree ekat complete karana hitagena inawa.
    Jayawewa

    ReplyDelete
    Replies
    1. උ/පෙ ෆේල් උනා කියලා ඔබ අද වෘත්තීය ජීවිතය තුල පැරදිලා නෑ නොවැ...අධිෂ්ඨානය තමයි වැදගත්...

      Delete
  24. මෙහෙ 5හේ විභාගේ මමත් ෆේල්. නමුත් අද අයිටී ඉංජෙක් වෙලා ඉන්න එක ගැන සතුටු වෙනවා. එදා මම මෝඩයෙක් ඉගනගන්න බැරි එකෙක් කියල කිව්ව අය දිහා උපේක්ෂාවෙන් බලනවා එයාල නිසා තමයි අද මට මේ තැනට එන්න ගටක් ආවේ.

    ReplyDelete
    Replies
    1. බොහොම සන්තෝසයි කෝරලේ මලයො...ඔබට අපහාස කරපු අයට දෙන්න පුලුවන් හොදම පිළිතුර තමයි ඒ අයට බොහොම සුහදව ප්‍ර‍තිචාර දැක්වීම...

      Delete
  25. ඔය පහේ විභාගෙ සමත් වෙන්න කියල ළමයින්ට අනවශ්‍ය බලපෑම් කරන එක තනිකරම බොරු වැඩක්.
    දැං පෙර පාසලේ ඉඳලමයි ඔය තරගෙ පටන් ගන්නෙ. ඒත් ගොඩක් ළමයි 5 න් පස්සෙ ඒ දක්ෂකම් පෙන්නන්නෙ නෑ. නමුත් ශිෂ්‍යත්වෙ ෆේල් උන ගොඩක් ළමයි 6 වසරෙන් පස්සෙ හොඳ දක්ෂතා පෙන්නනව.

    කොහොම උනත් අන්තිමට අසංකට හරි ගිය එකට සතුටුයි.

    ReplyDelete
    Replies
    1. සිස්සත්වෙ සමත් කරගන්න මෙච්චර දෙමාපියො වලිකන්නෙ හොද පහසුකම් තියෙන පාසලකට දරුවා යවන්න නිසා නොවැ...සියලුම පාසල් හොද පහසුකම් සහිතව නවීකරණය කලොත් මේ තරගය නිකම්ම නැතුව යාවි...

      Delete
  26. මිනිහෙක්ගෙ අනාගතය, පොඩි කාලෙ චර්යාවලින් පුරෝකථනය කරන්න යන එක බොහොම අනුවණ වැඩක්. බිමටම වැඩිලා, නට්ටංවුන කෙනෙක් උනත් අලු ගසා දාල උඩට එන්න යන්නෙ බොහොම සුලු කාලයයි.
    මගෙත් බැචෙක් හිටියා "සිරාගෙ අසංක" වගේම. පොරත් කරේ මැත්ස්. මුල්පාර S දෙකයිලු. දෙවනි පාර S තුනයි. ගෙදරින් එපා කියද්දි, මිනිහා තනිකැමැත්තට තුන්වෙනි පාරත් ට්‍රයි කරා. තුන්වෙනි පාර A තුනයි.

    ReplyDelete
    Replies
    1. ඔබේ මිතුරාත් කාටත් පූර්වාදර්ශයක් ගත හැකි විශිෂ්ඨ චරිතයක් කියලා මට හිතෙනවා... ඔහුගෙ ආත්ම ශක්තිය ඔහු නියම තැනට රැගෙන ගිහින් තියෙනවා...

      Delete
  27. මමත් ඔය 5 විබාගේ ෆේල්.අප්පා ප්‍රථමික අංශයට දාන්න ඕනි මන පුහුණුවක් තියනවා ඉවසීම තියන ගුරුවරු. මොකද දරුවන්ගේ ඉදිරිය තීරණය කරන්නේ එයාල ගේ හැසිරීම නිසා. මම පහේ පන්තියේ ඉද්දි උන්න ගුරුතුමී විවේක කාලෙට කලින් හෝ පසුව වතුර බොන්න දෙන්නේ නෑ. එක ඒ දවස් වල මට මානසික පීඩාවක් උනා මාත් හොඳටම මතකයි. පාසල් යන එකත් එපා වෙලා තිබ්බේ. ඔය වගේ ගුරුවරු නොහිත කරන දේවල් වලින් දරුවෝ ගොඩක් අසරණ වෙනවා. එත් අද මම මේ ඉන්නේ මට උගන්නපු ගුරුවරුන්ගේ මහන්සිය කියලත් කියන්නම ඕනි

    ReplyDelete
    Replies
    1. ඔබ කියන තොරතුරු අනුව ළමා මනස හදුනානොගත් ගුරුතුමියක් තමයි ඔබට ලැබිලා ඇත්තෙ... පුංචි දරුවන්ගෙ මනස පීඩාවට පත්විය හැකි ආකාරයන් පිළිබද බොහොමයක් ගුරුවරුන්ට දැනීමක් නෑ...

      Delete
  28. asankata samana kathawak mage jeewithayet atha. 10 wasaredy wara wibagaye ganithaya prashna pathrayata lakunu 2k thibbat matakay. O/L walata maths walata S samarthayak sahithawa samath wela. A/L walata bio karanna ganna interview ekedy mage application eka pattakata watunat. Kohomahary A/L bio karala. Maths natiwa pass karanna beri subject 2tama A aran ada mama government university ekaka 4th year medical student kenek. Apita niyama maga penweemak labuna data ona kadullak jayagatha heka!

    ReplyDelete
    Replies
    1. වෙලාවට අපේ පාසලේ ඔබ හිටියෙ නැත්තෙ...සා/පෙ විභාගෙන් ගණිතයට සම්මාන සාමාර්ථයක් නැත්නම් අපේ පාසලේ විද්‍යා/ගණිත/වාණිජ යන විෂයන් කරන්න අවස්ථාව දෙන්නෙ නෑ...කලා පමණයි කල හැක්කේ...

      කුමක් වුවත් ඔබ ගැන මට ඇත්තටම සතුටුයි.. ඔබ දක්ෂයෙක්...

      Delete
  29. අසංක වගේ අය මේ සමාජයේ ගොඩක් ඉන්නවා. කුඩා කාලේ ඇට්ටර වෙලා හැදිලා සා/පෙල කරන විට බෝපැල වගේ හැදුන ලමයි. ඒවගේ එකෙක් . මොනව වුනත් මට ඒගැන නම් සතුටුයි.

    සරත්විජේසුරිය මහතාගෙ කතාව අහන්න වෙනම එන්නම් මේවෙලාවෙ සිංදුවක් අහන ගමන් මේ ඉන්නේ..

    ReplyDelete
    Replies
    1. ටෙඩීගෙ කථාවත් ශ්‍ර‍වණය කලොත් තමයි මේ ලියවිල්ල සම්පූර්ණ වෙන්නෙ...

      Delete
  30. ලමුන්ගේ දක්ෂකම් සමහර විට විභාග වලින් මනින්ට බෑ.

    ටෙඩී ගැන තාම ඇහුවේ නෑ. සෙනසුරාදට වෙන වැඩනේ.:)

    අහලා ආයෙම කමෙන්ට් කරන්නම්.

    ReplyDelete
    Replies
    1. සෙනසුරාදට වෙන වැඩ කිව්වේ ????

      කථාව අහලම කියමුකො බලන්න එහෙනං අදහස..

      Delete
  31. සංවේදී කතාවක්. ලස්සනට ලියලා.
    ඔයා මිලානෝවල කලා සංගමය සමග සම්බන්දයිද?...

    ReplyDelete
    Replies
    1. මිලානෝ කලා සංගමයට සම්බන්ධයක් නැතත් හොද දේ කවුරු කලත් හොදමය යන පදනමේ සිට ඔවුන්ගේ වෑයම අගය කිරීම කලෙමි.

      Delete
  32. උඹ ඔය කියපු "අසංක" ඇත්ත නමද? ඔය කියපු කාල වකවානු විදිහට පොර ඉඳල තියෙන්නෙ අපේ බැච් එකේ... මට එහෙම චරිත දෙකක් මතකයි... :)

    ReplyDelete
    Replies
    1. පුලුවන් නම් අසංකව සම්බන්ධ කරගන්න පුලුවන් විදියක් තියේද කියලා බලන්න...ඔහුගෙ ඇත්ත නම තමයි අසංක...

      Delete
  33. ඔබගේ ලිපිය කියවල මහාචාර්ය තුමාගෙ සුපුරුදු කතාව බැලුව/ඇහැව්ව. ටෙඩිව අසංකට ගලපලා ලියා ඇති ආකාරය ඉතා ඉහලයි.අර හෙන්රි "අයිය"කියල තියෙන විදියට අසංකයව ඔබම හොයාගෙන හොද ලිපියක් ලියන්න කෝ කෙල්ලෙක් සෙට් වෙන්න ඉස්සර.සරත් ගුරු පියා කියනවනෙ අර මල් වට්ටි අරගන අඩන විදිය.

    ReplyDelete
    Replies
    1. අසංකව හොයාගන්න හෙන්රි අයියගෙ අදහසෙන් පස්සෙ මම ක්‍රියා කලා...තවම හොයාගන්න බැරි වුනා...සමහර විට දැන් ලංකාවෙ නැතුව ඇති...

      කෙල්ලො දාලා ගියා කියලා ඒ විදියට අඩන්නෙ ඇත්තටම කොන්ද පණ නැති පිරිමි...මටත් එවැනි දේ සිදුව ඇතත් කවදාවත්...ඔවුන් ඉදිරියේ බැගෑපත් වෙලා නෑ...

      Delete
  34. මහාචාර්ය තුමා කියන විදිහේ විදිහේ ගුරුවරු බොහොම අඩුයි.. අසංකටත් ඒ වගේ ආදරණීය ගුරු පියෙක් හෝ මවක් මුණ ගැහෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම එහෙම වෙන්න ඇති කියලා තමයි මටත් හිතෙන්නෙ...

      Delete
  35. සිරා කොලුවා සිස්සත්තේ ලියන කොට අපි ඉපදිලාවත් නෑ නොවැ , අපොයි අයියේ ඔය වගේ බුවාලා ගැන ඕනේ තරම් මේ පැත්තේ ඉන්නවා ,අපේ ජනක අබේවර්ධන සර් ට පින් සිද්ද වෙන්න [ඇඩ් එකක් නොවේ , ලිව්වේ සිරාවටමය ]
    // මාධ්‍ය නිදහස නැතිවීම පිලිබදව සංවාදයක් ගොඩ නගමු ද [ගොසිප් 9 තහනම ]

    ReplyDelete
    Replies
    1. හෆොයි... සිරා කොලුවා දැන් සෑහෙන්න නාකියිනෙ එහෙනං...

      ගොසිප් 9 සමාජයේ පිළිගත් වෘත්තිකයන්ට අපහාස කල අවස්ථා කීපයක්ම මම දැක්කා...අවසන් අවස්ථාව අයි.ටී.එන් දුලක්ෂිගෙ...ඒ ප්‍ර‍වෘත්තිය දැකපු ගමන් ඒ ආයතනයෙ සේවය කරන මගේ මිත්‍රයෙක්ගෙන් ඇහුවාම කිව්වෙ....කවුද කියන්නෙ අමූලික බොරු ඕවා කියලා...

      මාධ්‍ය නිදහස කියලා පුද්ගලයන්ට අපහාස කරන්න ඔවුන්ට කිසිම සදාචාරාත්මක අයිතියක් නෑ.

      Delete
  36. මටත් මතකයි අපේ පන්තියේ හිටියා කොල්ලෙක් ඌ 8 වසරේදී අකුරු දෙකක් එකතු කරලා ලියාගන්න බැහැ.නමුත් 8 වසරේ. අහම්බෙන් අපේ පන්තියට ආපු ඉතිහාස මිස් දැක්කා උගේ වැඩ? වෙනමම පොත් අරන් දීලා දෙක තුන වසරේ වැඩ ඉඳලම කෙරෙවුවා. කාලයක් යද්දී ඌ සාමාන්‍ය තත්වෙට ආව. කියවන්න ලියන්න.එත් අවුරුද්දකට පස්සේ මිස්ට වෙනත් පන්තියක් ලැබුනේ අරයා ගැන හොයන්න වෙලාවක් තිබුනේ නැහැ.

    මට වුන සිද්දියක් මමත් කාලෙකට කලින් ලියල තිබුනා.සමහරවිට මතක ඇති.

    ReplyDelete
    Replies
    1. අර ටීචර් තව දුරටත් සේවයේ යෙදී සිටියා නම් ඒ ශිෂ්‍යයත් දුර ගමනක් යන්න ඉඩ තිබුනා...

      Delete
  37. ටෙඩි ගැන මම කලින් දැනගන හිටියා. ටෙඩි වගේමයි වෙන්නැති මමත්. මට ඒ අතීතය මතක්වුනා. ඒ කාලේ මතක්වෙද්දී මම ඒ ගුරුවරුන්ට වෛර කරන්නද එපාද කියල මට හිතාගන්න බෑ.

    ReplyDelete
    Replies
    1. වෛර කරන්න එපා...මමත් මට නරක විදියට සලකපු කිසිම ගුරුවරයෙක්ට වෛර කරන්නෙ නෑ...දුටු තැන බොහොම හොදට ගෞරව දක්වලා කථා කරද්දි...ඒ අයම අතීතයෙ අපට සළකපු විදිය මතක් වෙලා කදුලු සලනවා...සමාව ඉල්ලනවා...මේවා මගේ අත්දැකීම්...

      Delete
  38. මමත් ඔය වගේම නැතත් ඉගෙන ගන්න උවමනාවක් තිබුනෙ නැති ලමයෙක්. ඕලෙවල් කරද්දි තමයි හරියටම හිතට වැටුනෙ පාඩම් කරන එක ගැන.. ඒ මගේ ගණිත ගුරුවරය නිසා හැබැයි ගෙදර අය බය උනා මම ගණන් විතරක් පාස් වෙයි කියල..

    ReplyDelete
    Replies
    1. හැබෑටම ඉතිං ගණං විතරද පාස් වුනේ ?

      Delete
  39. සිරා විහිලුවෙන් වගේ හරි බැරෑරුම් කතාවක් කියල තියෙන්නෙ. ඇත්ත, ගුරුවරයෙකුට පුළුවන් ලමයෙක් සරසවියට යවන්නත් හිරගෙදරට යවන්නත්. අර කතාව ගැන දැනුවත් කලාට හුඟක් ස්තුතියි...

    ReplyDelete
    Replies
    1. අද ඉන්න ගුරුවරුන්ගෙන් කී දෙනාද තමන්ට පැවරිලා තියෙන ඒ වගකීම හරියටම ඉටු කරන්නෙ...අන්න එතැනයි ගැටලුව තියෙන්නෙ...

      Delete
  40. අපි ඉගෙනගන්න කාලෙ ගුරුවරු බැරි එකා පාගලා තලලා චප්ප කල හැටි මට මතක් වෙනවා. පොඩි තල්ලුවක් දුන්නා නම් ඉගෙන ගන්න හැකියාවතිබුණ ගොඩක් ඒ අතරේ හිටියා. අදත් එහෙමමයි කියලා මම අහල තියෙනවා. මගෙ අත්දැකීම් මම ලියන්නම්කො..

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...