Monday, February 4, 2013

109 පත්තරේ දැන්වීම හා මාලදිවයින

ඒ 1990 වසරේ ජූනි මාසයට පෙර දිනයකි. ලංකාවේ ප්‍ර‍ධාන පුවත්පතක පල වී තිබූ දැන්වීමකි. ඔබ උපන්නේ 1965 ජූලි මස 27 වන දින නම් මාලදිවයින් නිදහස් දින උළෙලට ශ්‍රී ලංකාවෙන් සහභාගි වන රාජ්‍ය දුත කණ්ඩායමට එක්විමට ඔබටත් අවස්ථාවක්...වහාම අයදුම්පතක් යොමු කරන්න, යනුවෙන් අමාත්‍යාංශයක නමක් හා ලිපිනයක් ඊට යටින් විය.

මේ කියන කාලයේ අද පෝස්ටුවේ කථානායකයා වන ඉන්ද්‍ර‍නාම  25 හැවිරිදි වියේ පසු වූ භද්‍ර‍ යෞවනයෙකි. ඔහුගේ නෙතු මේ කියූ දැන්වීම නොදුටු මුත් ඔහුගේ මෑණියන්ගේ යුගදෙනෙත එම දැන්විම හා සම්මුඛ වී තිබුනි.

ඔයා ඉපදුන දවසෙ අයට ඉල්ලුම් කරන්න කියලා අන්න දැන්විමක් තිබ්බා පත්තරේ. ගිහිල්ලා පත්තරයක් අරන් එන්න...
http://www.piracyhappens.net/wp-content/uploads/2012/05/Extra.gif

මෑණියන්ගේ එවදන් හමුවේ මේ කියන පත්තරය සොයා ගැනීමට කථා නායකයාට  සෑහෙන දුරක් පුෂ් බයිසිකලේ පාගා යන්නට  සිදුවිය. අහන අහන තැන පත්තර අවසන්ය. කෙසේ හෝ නගරයේ අදුරු මුල්ලක තිබූ පත්තර කඩයක එකම එක පත්තරයක් ඉතිරි වී තිබිනි. ඒ පත්තරයේ සටහන් වූ පෙර කියූ දැන්වීම ඔහුට මෙතරම් සොදුරු සිහිනයක් දකින්නට අවකාශ සලසාවී යැයි කිසිවිටෙක  සිතන්නට නැත.

අයදුම්පත යොමුකර ටික දිනක් ඇවෑමෙන් ඉන්ද්‍ර‍නාම වෙත එම අමාත්‍යාංශයෙන් ලැබුනු ලිපියකි. එහි සටහන්ව තිබූයේ උක්ත කාරණය පිළිබද තෝරාගැනීමේ පරීක්ෂණයට පැමිණෙන ලෙසයි. එකම දින උපන් සිය ගණනක් සිටිය හැකි හෙයින් මේ පරීක්ෂණයෙන් තමා සමත් වේ යැයි කිසිදා නොසිතූ බැව් මේ කථාව මා හට පැවසූ අවස්ථාවේ ඔහු අවධාරනය කොලා.

මාලදිවයින පිළිබද නොයෙක් තොරතුරු වලින් සන්නද්ධව අමාත්‍යාංශය වෙත නියමිත දින උදෑසන ගිය ඔහු විශ්මයට පත්වී තිබුනි. සිය ගණනක් අපේක්ෂකයන් බලාපොරොත්තු වුවත් පැමිණ සිටියේ තවත් පිරිමි ඉල්ලුම්කරුවකු සහ ඉල්ලුම්කාරිනියක පමණි.

මාලදිවයින් රාජ්‍යයේ 25 වන නිදහස් සැමරුම යෙදී තිබූ  1990 වසරේ එම උත්සවය සදහා සහභාගි කරවා ගැනීමට නිදහස ලද දිනයේ උපන් තරුණියක හා තරුණයකු බැගින් ඉදිරිපත් කරන ලෙස හිටපු මාලදිවයින් ජනාධිපති මොහමඩ් අබ්දුල් ගයුම් මහතා සාක් කලාපයේ රටවල් වෙතින් කල ඉල්ලීමක ප්‍ර‍තිඵලයක් ලෙසයි මේ දැන්වීම පලවෙලා තියෙන්නෙ.

සම්මුඛ පරීක්ෂණයට පැමිණ සිටි  පිරිස අතර සිටියේ එක් කාන්තාවක් නිසා ඇයට තෝරාගැනීමේ පරීක්ෂණයක් පවත්වලා නෑ...පිරිමි තරගකරුවන් දෙදෙනාට ලංකාව පිළිබද ඉංග්‍රීසි භාෂාවෙන් රචනාවක් ලියන්න උපදෙස් ලැබිලා. ඉංග්‍රීසි භාෂාව පිළිබද අපේ කථානායකයට තිබුන පරිචය නිසාම ඔහු ලංකාව ගැන මෙන්ම මාලදිවයින සම්බන්ධයෙනුත් රචනා දෙකක් ලියලා...ඒ අනුව ඔහුට හැකිවෙනවා මාලදිවයින් රාජ්‍යයට යන අවස්ථාව උදා කරගන්න.

මේ කියන දවසෙන් පස්සෙ දිගින් දිගටම පැවති වැඩමුළු කීපයකදි ඔවුන් මේ ගමනට සූදානම් කරන්න එවකට රජය කටයුතු යොදලා තියෙනවා...හැමදේටම අනුග්‍ර‍හය ලංකා රජයෙන්...අලුත් ඇදුම්...අලුත් සපත්තු... රත්නපුර පදිංචිකාරියක් වෙච්ච අයදුම්කාරිය සිය පියා එක්ක මේ කටයුතු සදහා කොළඹ ආවම ඉන්ද්‍ර‍නාමගේ පානදුර නිවසටත් ඇවිල්ලා...ඒ නිසා මේ දෙපාර්ශවය අතරත් යම් සුහදත්වයක් ඇති වෙලා.

කෙමෙන් කෙමෙන් වැඩසටහනට යන දවසත් ලං වුනා කියමුකො...රත්නපුරේ ඇත්තිගෙ මෑණියෝ ඇගේ ආරක්ෂාව ගැන සලකා මේ ගමනට දැඩි ලෙස විරුද්ධ විම නිසා ඇය මාලදිවයින් සංචාරයට එක් වෙලා නෑ...අන්තිමට අපේ ඉන්ද්‍ර‍නාම උන්නැහේ තමයි ඉතිං කාන්තා පිරිමි දෙපාර්ශවය වෙනුවෙන්ම මේ අවස්ථාවට සහභාගි වෙලා තියෙන්නෙ.

ඒ කාලෙ ලංකාවෙ තිබුනෙ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ ආණ්ඩුව...අගමැති වෙලා හිටියෙ ඩී.බී. විජේතුංග මහතා, අගමැති තුමා ඇතුලු රාජ්‍ය නියෝජිතයන් සමග මේ ගමන යන්නට ඉන්ද්‍ර‍නාමට අවස්ථාව උදා වෙලා... කවදාවත් හිතපු නැති ගමනක්...ඇරත් මේ වගේ ලංකාවෙ දෙවැනි පුරවැසියා එක්ක, එකම ගුවන් යානයක..අනෙක් රටවලිනුත් ලස්සන කෙල්ලො එහෙම එයිද ? ඉන්ද්‍ර‍නාමගෙ හිත තරමක් නොසන්සුන්.

මෙතැන් පටන් මේ කථාවෙ ඉතිරි හරිය ඉන්ද්‍ර‍නාම මහත්තයගෙ වචනයෙන්ම ඉදිරිපත් කරන්නම්. ඇත්තමයි මම කවදාවත් හිතුවෙ නෑ මම වගේ සාමාන්‍ය පන්තියෙ පොඩි මිනිහෙක්ට ලංකාවෙ ඉහළම ප්‍ර‍භූන් එක්ක රතු පලසෙන් ගිහිල්ලා මේ වගේ උත්සවයකට සහභාගි වෙන්න ලැබේවි කියලා.  උත්සවයට පිටත්වෙන දවසෙ පානදුරේ අපේ ගෙදරටම අමාත්‍යාංශයෙන් බොහොම සැපපහසු කාර් එකක් එව්වා කටුනායක ගුවන්තොටුපලට යන්න. ඒ වගේම ගමනට අවශ්‍ය හැමදේම ලැබුනෙ රජයේ වියදමෙන්.... මම කටුනායකට ලගා වෙද්දි අගමැති තුමා ඇතුලු රාජ්‍ය නිලධාරීන් ගුවන්තොටුපලට ඇවිල්ලා හිටියෙ... අපේ කණ්ඩායමේ සියල්ලන්ම 60 විතර වෙන්න ඇති. අගමැති තුමා මගේ ලගට ඇවිල්ලා ඇදුම දිහා හොදට බලලා කොහොමද දැන් යන්න සූදානම් නේද කියලා හිනාවෙලා ඇහුවා.

ඉන්දියාවෙන් මේ උත්සවේට සහභාගි වෙන්න පැමිණෙන ජෝඩුවත් ලංකාවට ඇවිල්ලා තමයි මාලදිවයිනට පිටත් වුනේ... මම කොහොමත් හිතාගෙන හිටියෙ ඉන්දියාවෙන් එන කෙල්ල බොහොම ලස්සන වේවි කියලා...ඇත්තටම එහෙන් ආපු ගෑණු ළමයා හරිම ලස්සනයි. දහස් ගාණක් අතරින් තෝර ගත්ත කෙනෙක්නෙ.

ඉතිං ඔන්න අපිට ගුවන් යානයේ ව්‍යාපාරික පන්තියේ ආසන තමයි වෙන්කරලා තිබුනෙ අගමැති තුමා පෙනෙන මානයක තමයි මමත් හිටියෙ...මාලදිවයිනේ ගුවන් තොටුපලට යානය ගොඩ බැස්සුවට පස්සෙ මගේ බෑග් එක පවා අරන් යන්න කෙනෙක් එහෙ රජය පත්කරලා තිබුනා.... ලංකාවෙ සහ මාලදිවයිනේ කොඩි දෙක බැගින් අතින් ගත්තු කුඩා ළමයි පේලි දෙකකට දෙපසින් ඉදලා අපිව පිළිගත්තෙ රතු පලසින්. මට ඉතිං හිතට අමුතුම සතුටක් දැනුනා...

මාලදිවයින කියන්නෙ ඉතිං දූපත් දහස් ගාණකින් සැදුන රාජ්‍යයක් නිසා විවිධ දුපත් වල පිහිටි තරු පන්තියේ හෝටල්වල තමයි අපි එහෙ ගතකල සතියක පමණ කාලයක් හිටියෙ. තනි තනි වශයෙන් තමයි අපිට කාමර ලැබුනෙ...මගේ කාමරයට යාබදව ඉන්දියානු යුවතිය. ඊට පස්සෙ බංගලිදේශයෙන් ආපු ගෑණු ළමයා... මේ දෙන්නම හරිම ලස්සනයි. මුලින් මුලින් ටිකක් ආඩම්බර කමට තමයි හිටියෙ...ඒත් අපි ගියදවසෙ රාත්‍රියෙ මාලදිවයින් පාර්ලිමේන්තුවෙ තිබ්බ රාත්‍රී භෝජන සංග්‍ර‍හයෙදි අදුනගෙන කථා කලාට පස්සෙ ඒ ගතිය නැතිවෙලා ගියා. එයා මාව ඉන්දියා විදේශ ඇමති තුමාට අදුන්වා දුන්නා...මේ භෝජන සංග්‍ර‍හයෙදි මට කෑම බෙදුවෙ මාලදිවයින් පාර්ලිමේන්තුවෙ කථානායක තුමා....මම ඒ වෙලාවෙ කල්පනා කලා...අනේ මටත් ලැබුනු චෑන්ස් එකක් කියලා. ඉන්දියානු ගෑණු ළමයගෙ නම නිධි.

හෝටලයෙන් පිටත් වෙලා අපිට උවමනා තැනට යන්න රාජ්‍ය නායකයන් පාවිච්චි කරන ඉතාම සුඛෝපභෝගී බෝට්ටුවක් ලබා දී තිබුනා...ඉතිං මේ ගමන් වලදි ඉන්දියානු කෙල්ලයි බංගලිදේශ කෙල්ලයි මාත් එක්ක බොහොම හිතවත් වුනා.. අවුරුදු 25 වෙද්දි ඒ දෙන්නම MA උපාධියත් අරගෙන තිබුනෙ... ඉන්දියාවෙන් ආපු පිරිමි ළමයා ඒ වෙද්දි විශේෂඤ වෛද්‍ය වරයෙක්...එයා නිතරම පොත් කියවමින් සිටි නිසා අපිත් එක්ක එච්චර එකතු වුනේ නෑ. මේ ගෑණු දැරිවියො දෙන්න තවත් හිතවත් කරගන්න මම පොඩි උප්පරවැට්ටියක් දැම්මා.  මට අත බලා සාස්තර කියන්න පුලුවන් කියලා ඒ අයට කිව්වා.  ඔන්න දෙන්නම අත් දෙක එක සැරේ දික් කලා, මම ඉස්සෙල්ලාම නිධි ගෙ  අත අල්ලගත්තා...මට නිකං මොනවද වගේ ඒ වෙලාවෙ...ඒ ළමයා පුදුමාකාර  ලස්සනයි. මම ඉතිං  එයාගෙ අංග චලන ගැන අවධානයෙන් කථාව පටන් ගත්තා. සහෝදරයො 4 ඉන්නවා කිව්වම එයා එක පාරටම කිව්වා ලගටම ආවා... ඇත්තටම ඉන්නෙ 3 දෙනයි කියලා...උපාධියක් තියෙනවා කියලා කිව්වම එයා කිව්වා මම මාස්ටර් එකත් කරලා ඉවරයි කියලා...

ඔය විදියට බොහොම සුහද වුනා පැය කීපයකින්ම... ඊට පස්සෙ ඒ දෙන්නම රාත්‍රියට මගේ කාමරේට ඇවිල්ලා කථා බහ කරන්න, මගේ කාමරය අස්පස් කරන්න පුරුදු වුනා...මට ලංකා රජයෙන් රු 500 දුන්නා වියදමට...ඉතිං ඔය මුදලත් පාවිච්චි කරලා මම සාප්පු සවාරි ගියා මේ දෙන්නත් එක්ක...අපේ බෑග් මලු උස්සගෙන යන්න අපිට මාලදිවයින් රජය විශේෂ නිලධාරීන් පත්කරලා තිබුනා.... අපිට ලැබුනෙ VIP මට්ටමේ සැලකීම්.

මාලදිවයිනට ගිහිල්ලා දවස් දෙකකට පස්සෙ තමයි නිදහස් දිනය එළැඹුනේ...එදා එහෙ පාර්ලිමේන්තුවෙදි අපි අපේ උපන්දින කේක් කැපුවෙ විදේශීය රාජ්‍ය නායකයන් එක්ක... ප්‍ර‍ධාන උත්සවය නිමවෙලා ගතවුනු දවස් කිපයෙදි අපි අතර බැදීම බොහොම ශක්තිමත් වුනා... මම ඇයට හිතින් ආදරය කලා. ඒ ගැන ඇයට වැටහෙන විදියට කථා බහ කලා. මම හිතන්නෙ නිධි තේරුම් අරන් තිබුනා මගේ හිතේ තියෙන දේ ගැන. දේශසිමා මායිම් ආදරයට නැති බව මම ඇයට කිව්වා...

ඔය විදියට කාලය ගතවෙලා අපේ සංචාරයේ අවසන් දිනයට එළැඹුනා. අපි සමුගත්ත අවස්ථාව බොහොම හැගීම්බර එකක්...ගැණු ළමයි දෙන්නම මගේ ඉස්සරහා කදුලු සැලුවා. මට ෆොටෝ එකක් ගහගන්න කැමරාවක් තිබුනෙත් නෑ... නිධි සහ මම අපි දෙන්නගෙ  ලිපිනයන් හුවමාරු කරගෙන වෙන්වුනා.

ලංකාවෙ ඉදන් නිධි ට මම දිගටම ලිව්වා...එයත් පිළිතුරු එව්වා...අන්තිමට පවුලෙ අය එයාට එහෙන් කෙනෙක් යෝජනා කලා කියලා ලියලා එව්වම නම් මට යම් වේදනාවක් ඇති වුනා. එදායින් පස්සෙ අපි අතරෙ ලිපි හුවමාරුව අඩුවෙලා පස්සෙ නැතිවෙලාම ගියා.

මම කිප වතාවක් ඉන්දියාවට ගියා..එක සැරයක් නිධිගෙ ටවුම කිට්ටුවෙන්ම ගියත් මම එයාව හම්බවෙන්න උත්සාහ කලෙත් නෑ...අද මට කසාද බැදලා ළමයි දෙන්නෙක් ඉන්නවා වගේ එයත් කසාද බැදලා පුංචි පවුලක් හදාගෙන ඇති. පත්තරේ දැන්වීමක් මට ලබාදුන්න දේවල් හොදටම මදෑ....නැද්ද මල්ලි... එහෙම කියලා ඉන්ද්‍ර‍නාම කථාව අවසන් කලා.

ඉන්ද්‍ර‍නාම මහතා දැන් දිවුරුම් දුන් භාෂා පරිවර්ථකයෙක් වගේම ජනමාධ්‍යවේදීයෙක් ලෙසත් කටයුතු කරනවා...ඉංග්‍රීසි භාෂාව මෙන්ම ලෝක දේශපාලන ගමන් මග ගැනත්, ඒ ඒ රටවල සංස්කෘතික ගති ලක්ෂණ පිළිබදවත් ඔහුට තියෙන්නෙ පුදුමාකාර දැනුමක්. 2015 දි මාලදිවයින තමන්ගෙ 50 වෙනි ජාතික දිනය සමරනවා...එදාට නැවතත් පැරණි ආරාධිතයන් එක්කලොත් අනිවාර්යෙන්ම ඔහුට ඉන්දියානු යුවතිය දැක බලාගන්නට ලැබේවි.



මම කාමරේ වෙසෙන, සත්ගුණවත් සිරා කොලුවා.


ප.ලි

ඔහුගේ ඉල්ලීම මත නියම නම වෙනුවට ආරූඩ නාමයක් යෙදීමට සිදූ වූ බැව් කරුණාවෙන් සලකන්න.

මේ ගමනේදී හදුනාගත් රාජ්‍ය නිලධාරීන් නිසා පසුකලෙක ඔහුට රජයේ රැකියාවක් ලැබී තිබෙනවා.

එදා මෙහෙම යමක් මේ විදියට සිදුවුනත්, අද නම් ඇමතියෙකුගේ හෙන්චයියෙකු මෙවැනි අවස්ථාවක් සදහා යොදා ගනු ඇතැයි මට සිතේ.
















109 comments:

  1. ඉහි ඉහි...
    මට අනුෂ්කාව මතක් උනා.....

    ආදරේට දේස සීමානං නෑ තමා....

    ReplyDelete
    Replies
    1. නැගිටපන් දැන් එලි වෙලා

      Delete
    2. තව දෙයක්....
      මගේ උපන් දිනේ දවසටනං ලෝකෙ උඩුයටිකුරු වෙන වැඩ වෙන්නේ...
      උදාහරණ 2004 සුනාමිය...

      Delete
    3. පව් බං මේ........ මූට අරක හොයා දිපල්ල.

      Delete
    4. පවු බන්....මට උඹ ගැන දුකායි....අද නිදහස් දවසෙවත් මේ කොලුවගෙ හිතට නිදහසක් නැති හැටි...සෑමා එක්ක ඉන්දියාවටවත් ගිහිල්ලා ට්‍ර‍යි එකක් දුන්නොත් නරකද බන් ?

      Delete
  2. මගේ උපන්දිනය දවසේ කොහේටවත් නිදහස ලැබිල නෑද්ද කියල බලන්න ඕන ..

    ReplyDelete
    Replies
    1. අන්න වටිනා අදහසක්....හැබැයි ඉතිං ඒ රටේ නායකයටත් මේ වගේ අමුතු අදහසක් ඇති වෙන්න ඕනෙ...

      Delete
  3. මාරම වාසනාවක් ඒක නම්.
    ජීවිතේටම බලපාල තියනවනෙ. ජොබ් එක ගැනම හිතුවොත්.

    ප.ලි එකෙ අන්තිම කොටස නම් සහතිකම ඇත්ත

    ReplyDelete
    Replies
    1. ඇත්තටම...එයා රැකියාව කලේ ඒ ගමනෙදි ඇතිවුන සම්බන්ධතා මත...ඒ රැකියාවට අවශ්‍ය සියලු සුදුසුකම් ඔහු සතුව තියෙනවා...

      Delete
  4. මාර චෑන්ස් එකක්නෙ බන් ඒක.. ඔය දිනේට ඉපදිච්ච තුන්දෙනාටද ඔය දැන්වීම දකින්න හෝ ඊට ඉදිරිපත් වෙන්න හිතිලා තියෙන්නෙ ? ඒක ඔක්කොවන්ටම වඩා පුදුමයක්...

    මට මේක දැක්කම ශර්ලොක් හෝම්ස් - රතු කෙස්සන්ගේ සංගමය මතක් වුනා..

    අනේ උන් දෙන්නන්ට බඳින්න තිබුනෙ.. එකම දවසෙ ඉපදිච්ච දෙන්නෙක්නෙ මරුවට තියෙයි..

    කිව්වත් වගේ දැන් ඔහොම වුනානම් පත්තර වල ඇඩ් දදා ඉන්නෑ.. උප්පැන්නයක් හදලා හරි හෙන්චයියෙක්ව අරියි...

    ReplyDelete
    Replies
    1. සෙන්නා, ඒ දවස් වල රටේ තිබ්බ දේශපාලන තත්වයත් එක්ක මෙවැනි දේකට ඉදිරිපත් වෙන්න සුදුසුකම් තිබුනු අනෙක් අය මැලිවෙන්න ඇති. මොකද භීෂණය නිමා වූ අලුත නෙ...

      මේ කථාව මට කියද්දිත්, නිධිගෙ මතකය අලුත් කරද්දි ඔහුගෙ මුහුණ එළිය වුනු හැටි මම දැක්කා...

      Delete
  5. Ehi ehi..mage b'day eka dawase thamai siriyawe jathika dinaya..magulak thamai.. :P

    ReplyDelete
    Replies
    1. සිරියා ජනාධිපතිට මෙහෙම අදහසක් දැම්මා නම් ගොඩ... හැබැයි සිරියාව දැන් නම් ෆුල් අබ්ලික්...

      Delete
  6. වෙලාවට මගේ උපන්දිනේ කොහෙවත් නිදහස් දිනයක් නෙමේ!

    ReplyDelete
  7. අපරාදේ එයාට තව එක පාරක්වත් නිධිව බලන්ට යන්ට තිබුනේ අර හින්දි ෆිල්ම්ස් වල වගේ. අද කාලේ අය නම් මොන, මොනවා කරයිද? :D

    ඇත්ත කියලා හිතාගන්ට බැරි ඇත්ත කතාවක්!!!

    ReplyDelete
    Replies
    1. උත්සාහයක් දැරුවා නම් ගොඩ යන්නත් තිබුනා...ඒත් ඇගේ දෙමාපියන් කැමති වෙන එක නම් ෂුවර් නෑ....

      මේක ඇත්තම කථාවක්...නයෙක් නෙමෙයි...

      Delete
  8. ඔය වගේ සීන් වෙනවා තමයි අහම්බෙන් හම්බ වුණාම.

    ReplyDelete
    Replies
    1. දුටු ගමන් ඇතිවන ප්‍රේමය හොදද නරකද ?

      Delete
  9. ඉන්ද්‍රනාම කියන නම මම පුවත්පත් වලදි හරි කොහෙදි හරි දැකලා පුරුදු ගතියක් තියනවා.. මෙයා නොවෙන්න පුළුවන්... බොහොම රසවත් කතාවක්...

    ReplyDelete
    Replies
    1. ඉන්ද්‍ර‍නාම කියලා බ්ලොග් ලියන කෙනෙක් ඉන්නවා...ලංකාවෙ ප්‍ර‍සිද්ධ කෙනා ප්‍ර‍විණ ඡායාරූප ශිල්පී ඉන්ද්‍ර‍නාථ නේනුවර මහතා.

      ඉන්ද්‍ර‍නාම කියන්නෙ ආරූඩ නාමයක් මිස කථානායකයාගේ සැබෑ නම නෙමෙයි.

      Delete
  10. ඉන්ද්‍රනාම තේනුවර කියල නමක් නම් හුරුයි මට කියවලා.. එයාද ?

    ReplyDelete
    Replies
    1. නෑ සරත්, ඒ ඉන්ද්‍රනාත තේනුවර... ප්‍රසිද්ධ ඡායාරූප ශිල්පියෙක්... බ්ලොග් අවකාශෙත් ඉන්නවා... ගම්පහ ගෙට්ටුවට මුදලින් ආධාර කලා කියලා සිරා ගිය සතියේ දාලා තිබ්බේ. ඉන්ද්‍රනාම කියලා කෙනෙක් බ්ලොග් එකක් ලියනවා මං හිතන්නේ...

      Delete
    2. //ඔහුගේ ඉල්ලීම මත නියම නම වෙනුවට ආරූඩ නාමයක් යෙදීමට සිදූ වූ බැව් කරුණාවෙන් සලකන්න.//
      මේ ටික කියෙව්වේ නැද්ද බොලව්.

      Delete
    3. රතුවා උත්තරේ දිලා තියෙනවා...මේ කථාව කියපු කෙනා කැමති උනේ නෑ නියම නම පලකරනවට...ඒ නිසා මම යොදාගත්ත ආරූඩ නාමයක් තමයි ඉන්ද්‍ර‍නාම... තිසරගෙ කථාවත් හරි...

      Delete
  11. අර රත්නපුරේ එක්කෙනාගේ අම්මා නොහිටින්න මේ ප්‍රශ්නේ ජාත්‍යන්තර මට්ටමට නොයන්නත් ඉඩ තිබුනා..

    ReplyDelete
  12. එක දෙකින් වාසනාවන්ත වුනත් තව දෙකින් අවාසනාවන්ත වෙලා..එත් ඉතින් ලැබුණු දේ ගැන හිතලා හිත හදාගන්න තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. නොලැබුනු දේට වඩා ලැබුනු දේ වටිනවා නොවැ.....ජීවිතයේදී කොහොමත් අප පතන හැමදේම අපට ලැබෙන්නෙ නෑ...

      Delete
  13. කියවන් යන්කොට ඔලුවත් එක්කම හිරි වැ‍ටුන..
    ඒ තරම්....සිත්ගන්නා සුලු සිදුවීමක්නෙ..අපරාදෙ..ඉන්දියානු ලමය..!

    //එදා මෙහෙම යමක් මේ විදියට සිදුවුනත්, අද නම් ඇමතියෙකුගේ හෙන්චයියෙකු මෙවැනි අවස්ථාවක් සදහා යොදා ගනු ඇතැයි සිතෙනවා.// කතාවෙ හොඳම කොටස මේකයී............තවටිකක්....ඒදා 50ක් විතර ගියාට අද.......250ක් ව්ත් යාවි...පිරිවරාගෙන.

    ReplyDelete
    Replies
    1. දුටු මතින් ඇතිවුනු ප්‍රේමයක් නොවැ... සාර්ථක අසාර්ථක බව පිළිබද අදහසක් මට නම් නෑ... අද මෙහෙම දෙයක් වෙන්නෙ නැති බව නම් හොදටම විශ්වාසයි... බොලාගෙ ඡායාරූප ටික ඉක්මනින් මේල්ලුවකින් එවන්නම්...

      Delete
    2. හොඳයි සිරා..!
      මූනු පොතක් හදාගන්නත් හිතයි..?????

      Delete
  14. මාර චාන්ස් එකක්නෙ හම්බවෙලා තියෙන්නෙ.
    අද කාලෙනං බොරු උප්පැන්න හදාගෙන හරි කට්ටිය ඕකට අරං යයි.

    ReplyDelete
    Replies
    1. on balahanko rata gana hithana hati..:D

      Delete
    2. හරියටම හරි ප්‍ර‍සන්න අයියා...ඉන්ටව් එකට එන අයගෙන් අහන පළමු ප්‍ර‍ශ්නය...

      ඔයාගෙ දේශපාලන දැක්ම කුමක්ද ? මොන පක්ෂෙටද ඡන්දෙ දුන්නෙ...

      Delete
  15. මේක පුදුම කතාවක්නෙ සිරා. මම මෙහෙම කතාවක් අහලා තිබ්බේ නෑ කවදාවත්.

    ReplyDelete
    Replies
    1. හෙන්රි අයියා ඉන්න රටේ වෙච්ච සිදුවීමක් නිසා ඔහෙ ඉන්න පරණ ලාංකිකයෙකුගෙන් අහලා බලන්න... පාර්ලිමේන්තු භෝජනාගාරයෙ හිටිය සිංහල සේවකයන් සෑහෙන්න උදව් කලා කියලත් කිව්වා...

      Delete
  16. වාසනාවන්ත උපන්දිනයක් ඔහුට තිබිල තියෙන්නේ !

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව...සෑහෙන්න වාසනාවන්තයි...

      Delete
  17. මටත් පරණ සීන් එකක් මතක් උනා

    ReplyDelete
    Replies
    1. එහෙනං ඒකත් අපිට ඉදිරියේදි කියවන්න ලැබේවි...

      Delete
  18. ආව්ව්,,, මට නිකම් එයාගේ හිතට දැනුන ඒවා දැනුන වගේ ,
    මම මුලින් හිතුවේ , එක්කෝ අර ලංකාවේ කෙල්ල බදී , දෙවනුවට එක්කෝ අර ඉන්දි කෙල්ල බදී කියල ,

    ReplyDelete
    Replies
    1. ඒ දෙන්නම බදින්න බැරි වෙලා බන්...හරියට මෙගා ටෙලියක් වගේ...

      Delete
  19. පිනා චෑන්ස් නෙහ්? :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මොනා කියනවද....රජාගෙ උපන්දිනේ දවසට නිදහස් දිනය තියෙන රටක් නැද්ද ?

      Delete
  20. හලේ..මගෙත් රාජ්‍යතාන්ත්‍රික ගමන් බිමන් වලදී ඔහොම අය හම්බුනොත්.... ;)

    ReplyDelete
    Replies
    1. හම්බවුනොත් මෙයා වගේ මිස් කරගන්න එපා...කොහොම හරි ගොඩදාගනින්...

      Delete
  21. Replies
    1. එය ආරූඩ නාමයක් පමණයි....ඔහු ප්‍ර‍මුඛ පෙලේ පත්තර කරුවෙක්...

      Delete
  22. දැන් කාලෙ නම් හෙන්චයියෙක් නෙමේ රාජ පැටියෙක්ම ගෙනියයි... අනික සේරම ආවතේව කාරයෝ එක්ක 200 ක් 300ක් වත් යයි... මම හිතුවේ මෙහෙන් යන්න හිටපු ගෑනු ලමය සෙට් වෙයි කියල...

    ReplyDelete
    Replies
    1. ඔබේ කථාව සමග මම 200% එකගයි...එහෙම තමා වෙන්නෙ...

      Delete
  23. අඩේ ඒක මාරයිනේ සිරා. මම මේ වගේ කතාවක් අහපු පළවෙනි සැරේ. ඇත්තෙන්ම මේක ඇත්ත කතාවක්ද බං, මට නම් තාමත් විශ්වාස නැහැ.

    ReplyDelete
    Replies
    1. හොර බොරු වංචා නෑ...සිරා කවදාවත් නයි අරින්නෙ නෑ...මේක රියල් කථාවක්...

      Delete
  24. සුලු සිදුවීමක් නිසා ලොකු වෙනසක් වෙන්න පුලුවන්. හදිසියෙවත් අර පත්තර පිටුව එදා හොයාගන්න නුපුලුවන් උනානම් ......
    ….....
    ….....
    ….....
    ….....
    …සිරාගේ අද මේ පොස්ටුව කුමක් වෙයිද ?

    ReplyDelete
    Replies
    1. සිරාට අද මේ පෝස්ටුව නැතුව යනවා...අපේ ජීවිත වලට ක්ෂණිකව ලැබෙන දෙයක් නිසා ජීවන ගමන් මගම වෙනස් වෙන්න පුලුවන් කියන දේට ජීවමාන උදාහරණයක් මේ.

      Delete
  25. ෂික් ගන්න අපේ දේ කියල, රත්නපුරෙන් වැඩේ ෆයිනලයිස් වෙයි කියල හිතුවේ. ලොකු ටෝක් දුන්නට ඔය මහත්තයා කෙලි පොඩ්ඩගෙන් කෙලින්ම අහල නෑ වගේ. කොහොම වෙත්ත හැමදේම සිද්ධ වෙන්නේ වෙන්න තියන හොදම විදිහට කියල කියනවනේ.

    ReplyDelete
    Replies
    1. \\\\ගන්න අපේ දේ කියල////

      e kaale api echchara diyunu na machan..:(

      Delete
    2. කෙල්ලගෙ කැමැත්ත තිබුනත්...එයාගෙ නිවසෙ පරිසරයෙන්, අයියලගෙන් ලැබෙන පීඩනය එක්ක එයාගෙ කැමැත්තට ඉඩක් නෑ කියලයි මට හිතේන්නෙ... ඒ නිසා තමයි එහෙම වෙන්න ඇත්තෙ. කෙල්ල ලස්සනයි කියන්නෙ ඉල්ලුමත් වැඩියිනෙ...

      Delete
  26. රාජ්‍ය තාන්ත්‍රික ගමනක දී එයට එක්වන සියලු දෙනාටම අති සුවිශේෂි වරප්‍රසාද එම රාජ්‍යයන් වෙතින් හිමිවෙනවා..අද දිනට ගැලපෙනම පෝස්ට් එකක්.. ඔහු පුදුම වාසනාවන්තයෙක්නේ...

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්...ඔබ අද රාජකාරී කරන තැනට කලින් සම්බන්ධව සිටි කෙනෙක් මෙයා...

      Delete
  27. දනම් ලංකාවේ ඔහොම වෙන්නේ නෑ ... අන්තිමට ලිව්වා වගේ මචං
    "අද නම් ඇමතියෙකුගේ හෙන්චයියෙකු මෙවැනි අවස්ථාවක් සදහා යොදා ගනු ඇතැයි මට සිතේ."
    හිතන්න දෙයක් නෑ තමයි වෙන්නේ ...

    මම
    මයික්

    ReplyDelete
    Replies
    1. ඇත්ත මයික්...එහෙම තමා වෙන්නෙ...

      Delete
  28. mageth oyita samana addakeemak thiyenawa..
    post ehekin daannamko.....
    thak u for this post siraa.....

    ReplyDelete
    Replies
    1. ඒ කථාවත් කියමුකො බලන්න එහෙනම්...

      Delete
  29. පින තමා ඉතින් ඔය කඩා වැටෙන්නේ. :) අද ඉතින් එව්වත් කඩා වැටෙන්නේ තියන එකාටම නේ. ඔන්න බලන්න මෑත ඉතිහාසේ වෙච්ච මේ කතාව කියවද්දී කොහෙන්ද පිරිහිලා තියෙන්නේ කියන එක හොයාගන්න පුළුවන් නේද?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම එදා වගේ දේශපාලන සංස්කෘතියක් අද නෑ...අද හැමදේම පක්ෂග්‍රාහී වෙලා..සුදුස්සාට සුදුසු තැන ලැබෙන්නෙ කලාතුරකින්...

      Delete
  30. අඩේ අයියේ..මම මේ මගේ උපන්දිනේ දවසේ නිදහස හරි මොකක්හරි ලබපු රටක් තියද කියලා හොයන ගමන්....

    ReplyDelete
    Replies
    1. පුලුවන් නම් හොයාගෙන ඒ රටේ ජනාධිපතිට ලියන්න...

      Delete
  31. පරණ පිනක්ද මන්දා...
    ඒ දෙන්නා දේශසීමා මායිම් නැති ආදරයකින් එකතු උනා නම් චිත්‍රපටියක් වගේ තියෙයි.. එහෙම උනානම් මේක ඇත්ත කතාවක් කියලා විශ්වා කරන්නත් බැරි වෙනවා..

    ReplyDelete
    Replies
    1. එහෙම නොවුනත් මේක සිරාම කථාවක් බණ්ඩො....මොකද බන් ගෙට්ටුවට නාවෙ ?

      Delete
  32. නියම කතාවක්නේ අයියා.
    වැරදිලා උපන්න දවස නිසා රාජ්‍යත්රාන්ත ගමනකුත් එක්ක ප්‍රේමයකුත් ලැබෙන්න ගිහින්.මේවා නම් දෛවයට අනුව සිද්ද වුන දෙයක් වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. පෙර කල කුසල් කියන්නෙ මේවට...

      Delete
  33. ජාත්‍යන්තර ප්‍රේම කතාවක්.. මාලදිවයිනේ ජනාධිපතිටත් අමුතු අදහස් නේ තිබිල තියන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔව්...වතාවක් කැබිනට් රැස්වීම් මුහුද යට තිබ්බා..ඊට පස්සෙ හිටිය ජනාධිපති මොහොමඩ් නෂීඩ්...

      Delete
  34. මේ කාලේ ඔය විදියේ ආරාධනයක් ලැබුනොත් අනිවාර්යයෙන්ම රජ පව්ලේ හිතවතෙක් තමා යවන්නේ බොරු උපන් දින හදල, මට පසට තරහක් තියෙන්නේ අද ඉන්න දේශපාලුවෝ ගැන , ඒක නෙමෙයි අපරාදේ අරයට අර ඉන්දියන් කෙල්ලව කොහොම හරි දාගන්න තිබ්බේ. ඔය කතාව ඉන්දියන් ෆිල්ම් ඩිරෙක්ටරයෙක් දැන ගත්තොත් පස්ට ෆිල්ම් එකක් හදාවි

    ReplyDelete
    Replies
    1. දේශපාලඤයන් හිටියෙ ඉස්සර...අද ඉන්නෙ දේශපාලුවො හෙවත් මගෝඩිස්ලා...ලගින් ගියොත් ඇහැක් නෙමෙයි...ඇස් දෙකම නෑ...

      Delete
  35. //එදා මෙහෙම යමක් මේ විදියට සිදුවුනත්, අද නම් ඇමතියෙකුගේ හෙන්චයියෙකු මෙවැනි අවස්ථාවක් සදහා යොදා ගනු ඇතැයි මට සිතේ// සහතික ඇත්ත කතාව............

    ReplyDelete
    Replies
    1. එහෙම තමා වෙන්නෙ...හොදටම ෂුවර් මට නම්...

      Delete
  36. ඇයි යකෝ මගේ උපන්දිනේ දවසේ මෙහෙම ඒවා නොවෙන්නේ............එත් වැඩක් නැහැ බං අද කාලේ ඇමති ළමයි ඉන්න නිසා ඒගොල්ලෝ තමා මේවා නියෝජනය කරන්නේ, ඒ කාලේ ඇමති ළමයි හිටියක් ඒගොල්ලෝත් සාමාන්‍ය කොල්ලෝ කෙල්ලෝ විතරයි. දැන් ඉන්න උන් ඇවිල්ල තියෙන්නේ අලි පු@# න්නේ......

    රස්තේ ගහන්න එන්න

    ReplyDelete
    Replies
    1. කාමරයට සාදරයෙන් පිළිගන්නවා

      ඇත්ත ඇත්ත...උන් හිතන් ඉන්නෙ උන් අමුතුම සත්ව කොට්ඨාශයක් කියලා.. ලගදි දවසක රස්තෙ ගහන්න ඒ පැත්තට එන්නම්...

      Delete
  37. අහම්බයෙන් උනත් ලැබිලා තියෙන වරම නම් අපූරුයි. ඇයි අනූවෙදී විතරක් ඔහොම දෙයක් කරලා තියෙන්නෙ ?

    ReplyDelete
    Replies
    1. 1990 දි තමයි මාලදිවයින තමන්ගෙ 25 වන නිදහස් දිනය සැමරුවෙ...ඒ නිසයි විශේෂත්වයක් කරලා තියෙන්නෙ...

      Delete
  38. නරකම නැහැ ලැබිල තියෙන දේ නම් ...

    ReplyDelete
    Replies
    1. නරක නෑ...අහම්බෙන් ලැබුන හොද අවස්ථාවක්...

      Delete
  39. අඩේ මාත් නිදහසට නිවාඩු.. ඒකයි පරක්කු උනේ..

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ...මේ පේනවනෙ මමත් සෑහෙන්න පරක්කුයි...

      Delete
  40. මගේ උපන්දිනේ නිදහස ලබපු රටකට කතා කරලා බලන්න වටිනවා.... එක්කෝ ඕන නෑ.. දැන් කාලේ විදේශ ගමන් යන රාජ්‍ය දුත කණ්ඩායම් දිහා බලද්දී අපට ප්ලේන් එකේ ෆුට් බෝඩ් එකේ එල්ලිලා යන්නවත් ඉඩ තියේවිද දන්නෑ. ඊට වඩා හොඳා මෙහේ ඉඳන් බස් එකේ ෆුට්බෝඩ් යනවා

    ReplyDelete
    Replies
    1. හා හා නියම කථාව...අපිට දැන් දැන් ෆුට් බෝඩ් එකවත් ඉතිරි වෙයිද මන්දා...

      Delete
  41. ලෝකේ දැන් කොයි තරම් පුංචි තැනක් වෙලාද?

    එහෙව් එකේ දැන් වත් ආපහු හොයලා බලලා යාලුවෝ වගේ වත් ආස්‍රය කරන්න කියන්න

    ReplyDelete
    Replies
    1. දුකා අයියගෙ කොමෙන්ටුව කථානායක තුමා මේ පෝස්ටුව කියවද්දි දකීවි...

      Delete
  42. මාර චාන්ස් එකක්නේ ලැබිලා තියෙන්නේ.... අපිට කොයින්ද ඒ වගේ චාන්ස්.....
    ආදර කතාවට තිත වැටුණු එක නම් අපරාදේ.....

    ReplyDelete
    Replies
    1. චෑන්ස් කියන්නෙ මෙහෙමත් චැන්ස් එකක් පෙර පින තමා...

      Delete
  43. //2015 දි මාලදිවයින තමන්ගෙ 50 වෙනි ජාතික දිනය සමරනවා...එදාට නැවතත් පැරණි ආරාධිතයන් එක්කලොත් අනිවාර්යෙන්ම ඔහුට ඉන්දියානු යුවතිය දැක බලාගන්නට ලැබේවි.//

    එය එලෙසම සිදුවේව කියලා පතනවා.

    ReplyDelete
    Replies
    1. එහෙම සිදු වුනොත් හදවතේ පොඩි රිදීමක් ඔහුට දැනේවි...

      Delete
  44. සිරෝ, අර ස්වාසිලන්තයේ ජාතික දිනය කවද්ද?

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. අර ගෑණු ළමයින්ගෙ ස්පෙෂල් නැටුම බලන්න නේද ? නරකම නෑ...

      සැප්තැම්බර් 6 තමයි දවස...

      Delete
  45. out station hitiya nisa "Kamreta" ena bari una. ida labuna gaman ona mama duwagena awa. ubage kamre ina minisut uba wagema "sira" porawal.
    Jayawewa

    ReplyDelete
    Replies
    1. මට ඇත්තටම මුලිච්චි වෙන්නෙ සිරා පොරවල් තමා...ඒ සිරා සිරා හින්දද මන්දා...

      Delete
  46. අනේ නියම උපන් දින සැමරුමක් අද වගේ නම් මොකෙක් හරි ඇමති හෙන්චයියෙක් ම තම ඔය ගමන යන්නේ. උපන්දිනේට බොරු උපන්දිනක් දල හරි.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම එහෙම තමා වෙන්නෙ...

      Delete
  47. මුළු පොස්ට් එකටම වඩා ලොකු දෙයක් යටම තියෙන පොඩි ජෙදෙන් කියල තියෙනවා. කවදා සුදුස්සාට සුදුසු තැන ලැබේවිද අපේ රටේ.

    ඔබගේ යාළුවා උත්සහ කරානම් එකම සැරයක්වත් මිතුරන් විදියට මුණ ගැහෙන්න ඉඩ තිබුනා නේ.

    ReplyDelete
    Replies
    1. ඔහුට යම් රිදීමක් ඇති වෙයි කියන අනුමානයෙන් වෙන්න ඇති ඊට පස්සෙ කවදාවත් හමු වෙන්න උත්සාහයක් නොගත්තෙ...

      Delete
  48. අපූරු සිද්දියක් බෙදාගත්තට ස්තුතියි සිරා..
    කොහොම වුනත් ළඟට ආපු අවස්තාවනේ මගෑරිලා තියෙන්නේ..:)

    ReplyDelete
    Replies
    1. සමහරුන්ට අතට දාගත්ත දේ කටට දාගන්න වරම් නෑ කියනවනෙ...

      Delete
  49. එදා කොයිතරම් වටිනකමක් කාලයට දීලා තියෙනවද කියලා හිතුණා.. රටේ නායකයන් වුණත්..
    ස්තූතියි ගොඩක් මෙහෙම යුගයක් අප අතර බෙදාගත්තට..

    ඊ ළඟ උත්සවක් පැවැත්වලා ඔහුට ආරාධනා ලැබුණොත්
    ඒ ගැනත් විස්තරයක් බලාපොරොත්තුවෙනවා.. :)

    ReplyDelete
    Replies
    1. එහෙම ආරාධනාවක් එන්න තව වසර දෙකක් ගතවෙන්න ඕනෙ....මට තොරතුරු ලැබුනොත් අනිවාර්යෙන්ම කාමරෙන් බෙදන්නම්...

      Delete
  50. ඉන්දියාවේ මැති අගමැතිනියන් පවා මෙහේ කොල්ලො එක්ක පෙම් හබ පටලවාගෙන තියනව.

    ReplyDelete
    Replies
    1. හැබෑට....එකක් දෙකක් කිව්වොත් නරකද...

      Delete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...