Friday, May 17, 2013

115 සිංගප්පූරුවේ රැකියා

සිරාගේ රට කථා මාලාවේ අද දෙවන දවසයි. සිංගප්පූරුවේ රැකියාවක් සදහා අයදුම් කිරීමට ප්‍රථම එයට අදාළ නීති රාමුව පිළිබද අවබෝධයක් ගත යුතුමය. ඒ සදහා මට හැකි අයුරින් අත්වැලක් වීමට සිතා ගතිමි. අද ලියවිල්ල ඒ කාරිය සපුරනු ඇත. රට කථා පළමු කොටසට මෙතැනින් යන්න.

සිංගප්පූරුව රැකියාවක් ලබා දීමේදී අධ්‍යාපන සුදුසුකම් ඉතා දැඩිව සලකා බලන රටකි. උපාධියක් නැතිනම් තමාගේ ක්ෂේත්‍රයට අදාළව ඩිප්ලෝමාවක් හෝ ලබා තිබීම අනිවාර්යය. එහි ඇත්තේ සුදුසුකම් අනුව රැකියා බලපත්‍ර ලබා දෙන ක්‍රමවේදයකි. අදාළ තනතුරේ සේවය කර ඇති වසර ගණන  මෙන්ම අපේක්ෂකයාගේ වයස් මට්ටමද සලකා බැලීමෙන් අනතුරුව ඔහුට ගෙවිය යුතු අවම වැටුප MOM (Ministry of Man Power) නම් රාජ්‍ය ආයතනය විසින් තීරණය කරනු ලබයි. ඊට අඩු වැටුපකට සේවය කිරීමට රැකියා අපේක්ෂකයා කැමති වුවත් රැකියා බලපත්‍රය නිකුත් කිරීමේදී ඔහු වෙනුවෙන් MOM තීරණය කර ඇති වැටුප නොමැති නම් එම අයදුම්පත් නිසැකවම ප්‍රතික්ෂේප වෙයි. විදේශිකයකු වෙත වැඩි වැටුපක් ගෙවනු වෙනුවට ඊට අඩු මිළකට දේශීය ශ්‍රමය ලබාගත හැකි වාතාවරණයකදී හැමවිටම ඔවුන් වෙත අවස්ථාව ලබාදීම ආයතනයකට ලාභදායී හෙයින් රටතුලින් හොද මට්ටමේ ශ්‍රමිකයන් සොයාගත නොහැකි වෘත්තීන් වෙත පමණක් විදේශීය සේවකයන් බදවා ගැනීමට බහුතර ආයතන ක්‍රියා කරයි.







මෙයට අමතරව විදේශීය ශ්‍රමිකයකු සිංගප්පූරු හිමිකාරත්වයක් ඇති ආයතනයකට බදවා ගැනීමට හිතුමතේ ක්‍රියාකිරීමට අදාළ ආයතනයට ඉඩක් නැත. රජය විසින් ඒ ඒ රටවල් අනුව පැනවූ සම්මත අනුපාත එයට ඇත. හැමවිටම සිංගප්පූරු පුරවැසියන්ට ප්‍රමුඛතාව දිය යුතුය. නමුත් මෙම අනුපාත කම්කරුවන් හා ගෘහ සේවකයන් බදවා ගැනීමේදී බලනොපායි.

උදා - සිංගප්පූරු ජාතිකයන් 4 කට ලාංකිකයන් 1
         සිංගප්පුරු ජාතිකයන් 2 කට චීන ජාතිකයන් 1

නමුත් බොහෝවිට සිංගප්පූරු ජාතිකයන් හා මැලේසියානු ජාතිකයන් සම මට්ටමේ තබා සැලකීම බොහෝ ආයතන විසින් සිදුකරයි. ඒ සිංගප්පූරුව මලයාව නම් අතීත රාජ්‍යයෙන් වෙන්වූ රටක් වීමත් වර්තමානයේ පවා ජලය/එළවළු/පළතුරු/මත්ස්‍ය නිෂ්පාදන ආදී බොහෝ දේ මැලේසියාව විසින් සිංගප්පූරුවට ලබාදීමත් හේතුවෙනි.

විදේශ හිමිකාරත්වයක් ඇති ආයතනයකට අවශ්‍ය විදේශ ශ්‍රමිකයන් ලබාගැනීමට ඔවුන් වෙත අසීමිත නිදහසක් පෙර පැවතුනද දැන් දැන් එයද සීමා වෙමින් පවතී. ඒ අනුව වර්තමානය වන විට ශ්‍රීලාංකිකයකුට මෙහි රැකියා අවස්ථාවක් ලබා ගැනීම කෙතරම් දුෂ්කර දැයි ඔබට වැටහෙනු ඇත. මෙයට වසර දෙකකට පමණ පෙර මේ නීති රීති ඉතා ලිහිල්ව තිබී ඇති අතර ඒ කාලයේ වීසා නිකුත් කිරීමේදී රැකියා සොයාගැනීම උදෙසාම මාස 3ක් වලංගු වීසා පතක් නිකුත් කිරීමට පවා සිංගප්පූරු රජය ක්‍රියා කර තිබේ.

සිංහපුරයේ ආයතන තමන්ගේ පුරප්පාඩු වෙනුවෙන් කෙලින්ම රැකියා අපේක්ෂකයෙකු බදවා ගන්නේ කලාතුරකිනි. එයට හේතුව වර්ෂයක් පාසා අලුත් කල යුතු රැකියා බලපත්‍රය සහ වෙනත් නීතිමය කාරණා සදහා ඔවුන් මැදිහත්ව ක්‍රියා කලයුතු වීමයි. ඒ වෙනුවට සේවකයන් සපයන රැකියා නියෝජිත ආයතනයක (Agents) සේවය ලබා ගැනීමට අති බහුතරයක් ආයතන ක්‍රියා කරයි. අන්තර්ජාල රැකියා දැන්වීමකට අයදුම්කල පසු ඒ සදහා අවශ්‍ය අවම සුදුසුකම් සපුරා ඇති අයවලුන් වෙත අදාළ නියෝජිත ආයතනයේ නියෝජිතයෙකු දුරකථනයෙන් අමතා මූලික තොරතුරු විමසීමක් සිදු කරන අතර ඇතැම් විටක දුරකථනයෙන් පළමු සම්මුඛ පරීක්ෂණය පවත්වන අවස්ථාද තිබේ. ඒ රැකියාවට අදාළව න්‍යායික කරුණු විමසීමකිනි. මේ නියෝජිත ආයතන සියල්ලක්ම රජයේ ලියාපදිංචි ඒවා වන අතර එහි ක්‍රියාකාරිත්වය පිළිබද හැම විටම විශ්වාසය තැබිය හැකි වේ.

අපේක්ෂකයා හා සම්බන්ධ මූලික සම්මුඛ පරීක්ෂණ අදාළ නියෝජිත ආයතනය මගින් පවත්වා සුදුසුකම් සනාථ කරගත් අපේක්ෂකයන් පමණක් රැකියාව සපයන ආයතනය වෙත ඉදිරිපත් කර ඒ අතරින් අවශ්‍ය ප්‍රමාණය තෝරා ගැනීමට අවස්ථාව සලසන අතර තෝරා ගන්නා අයදුම් කරුවා වෙනුවෙන් අවශ්‍ය නීතිමය කාරණා (රැකියා බලපත්‍ර සැකසීම/අලුත් කිරීම ආදිය) නියෝජිත ආයතනය විසින් සිදුකරනු ලබයි. ඒ වෙනුවෙන් රැකියාව ලබාදෙන ආයතනය ඔවුන් වෙත ගෙවීම් සිදුකරයි. සිංගප්පූරුවේ නීත්‍යානුකූලව රැකියාවේ නිරත සියලුම දෙනා පිළිබද දත්ත MOM හි ඇති අතර යම් හෙයකින් වර්තමාන ආයතනයෙන් ඉවත් වී වෙනත් ආයතනයක රැකියාවකට සේවකයා එක්වන විට පැරණි ආයතනයේ නම අදාළ සේවකයාගේ නමට ඇති දත්ත ගොනුවෙන් ඉවත් කර අලුත් ආයතනයේ නම ඒ වෙනුවට ඇතුල් කිරීමට MOM ක්‍රියා කරයි.

විදේශීය රැකියා අපේක්ෂකයන් වෙනුවෙන් සේවය සලසන්නේ නැති බැව් දැක්වෙන මෙවැනි පුවරු
නියෝජිත ආයතන ඉදිරියේ වර්තමානයේ සුලභව ප්‍රදර්ශනය කර තිබේ.




ඒ අනුව ඉතා විධිමත් ක්‍රමවේදයකින් මෙන්ම දැඩි කම්කරු නීති පද්ධතියකින්ද සේවකයා සුරක්ෂිත වී තිබේ.කරුණු එසේ වුවද සිංගප්පූරුවේ රැකියාවක් ලබා ගැනීම වර්තමානය වන විට ඉතාමත් දුෂ්කර කටයුත්තක් වී තිබේ. වසරකට නිකුත් කල රැකියා බලපත්‍රයකින් සේවය කරන අයද ඊළග වසරට එය අලුත් නොකරනු ඇතැයි යන භියෙන් පසුවෙයි. ඒ පසුගිය ජනවාරි මස 14 දින රජය පැනවූ නව නීති රීති නිසාවෙනි.

වර්තමානය වන විට මෙරට ජීවත්වන ජනගහනයෙන් 40% පමණ කොටසක් විදේශිකයන්ය. ඒ අනුව රැකියා වෙළදපලේ වැඩි ප්‍රතිශතයක් විදේශිකයන් වෙත යාම හේතුවෙන් ස්වදේශිකයන් කෙරෙහි ඇති වූ රැකියා වියුක්තිය හමුවේ සිංගප්පූරු රාජ්‍ය උපතේ සිට මේ දක්වා බලයේ සිටින සිංගප්පූරුවේ පියා ලෙස සැලකෙන ලී ක්වාන් යූ මහතා නියෝජනය කල පක්ෂය අවසන් වරට පැවැත්වූ ජනමත විචාරණයේදී පෙර නොවූ විරූ පසුබෑමකට ලක් විය. එය ජනතාව දැක්වූ රතු එළියක් ලෙස සැලකූ ලී ක්වාන් යූ මහතාගේ පුත්‍රයකු වන වර්තමාන සිංගප්පූරු අගමැති තුමා තම ජනතාවට වඩා හිතකර අන්දමින් රැකියා වෙළදපොලේ නීති රීති දැඩි කර තිබේ. එය ආර්ථික වශයෙන් රටට යම් පමණකට අහිතකර විය හැකිය. මක්නිසාද මේ වන විටත් ඇතැම් විදේශීය ආයතන තම කාර්යාල සිංගප්පූරුවෙන් ඉවත්කර ගනිමින් සිටින හෙයිනි.

පළමු සතියේම අයදුම් කල රැකියා දැන්වීම් අතරින් සම්මුඛ පරීක්ෂණයක් සදහා කැදවීම් ලැබීමට තරම් සිරා කොලුවා වාසනාවන්ත විය. මා වෙත ඊයකින් දන්වා තිබූ පරිදි මගේ සම්මුඛ පරීක්ෂණය ඊට දින දෙකකට පසු උදේ වරුවේ 11.30 ට නියමිත වී තිබිනි. මෙසේ සම්මුඛ පරීක්ෂණයක් සදහා කැදවීමක් ලද පසු එම ආයතනය පිහිටා ඇත්තේ කොහිදැයි සෙවීම ප්‍රධාන කාර්යයයි. ඒ සදහා කදිම අන්තර්ජාල සහායකයෙක් සිංගප්පූරුවේ සිටී. ඒ go there අන්තර්ජාල අඩවියයි. මා නවාතැන් ගෙන සිටින ස්ථානයේ තැපැල් සංඛේත අංකය හෝ ලිපිනය ඇතුලු කර මා යා යුතු ස්ථානයේ ලිපිනය හෝ තැපැල් සංඛේත අංකය ඇතුලු කල පසු සියලුම විස්තර එමගින් ලැබේ. දුම්රියේ යනවා නම් මා සිටින ස්ථානයේ සිට මා හට සමීප දුම්රිය ස්ථානයට යාමට ගත වන වෙලාව, නිවසේ සිට එතැනට ඇති මීටර් ප්‍රමාණය, දුම්රියෙන් බැසිය යුතු දුම්රිය පල, පිටවිය යුතු දොරටුව, ඉන් පසු නැගිය යුතු බස් රථ අංකය, තවත් බස් රථයකට මාරු විය යුතු නම් ඒ ස්ථානය, ගමනට ගත වන කාලය හා ගාස්තුව, කුලී රථයක යනවා නම් ගාස්තුව හා කාලය ආදී සියලුම දේ සවිස්තරව එහි සටහන් වෙයි. කාගෙන්වත් අසා දැනගන්නට දෙයක් නොමැති තරම්ය. සිංගප්පූරුවේ ඕනෑම තැනකට ලගා වීමට මහත් පහසුවක් ඉහත වෙබ් අඩවියෙන් ලැබේ. (උදාහරණයකට එම වෙබ් අඩවියේ සර්ච් කල යුතු තැන changi airport to woodleigh mrt ලෙස සදහන් කර සර්ච් කර බලන්න. MRT යනු දුම්රිය ස්ථාන හැදින්වීමට භාවිතා කරන කෙටි නාමයයි.Mass Rapid Transit )

ඒ අනුව මගේ තේරීම වූයේ කුලී රථයෙන් යාමයි. සිංගප්පූරුව පිළිබද අවබෝධය අඩු මා හට එය මහත් පහසුවකි. කවදත් පමාවී සම්මුඛ පරීක්ෂණ සදහා ලංකාවේදී සහභාගී වූ මා මෙහිදී ඒ නරක පුරුද්ද දුරු කරගැනීමට සිතූ හෙයින් නියමිත වෙලාවට පැයකට කලින් ගාමිණී විලාවේ වූ කුඩා බුදු පිළිමයට පහනක් දල්වා පැතුම් එක්කොට නිවසින් පිටවුනෙමි. කුලී රථයකට නැගීමට නියමිත ස්ථානයේ සිටගෙන සිටින විට ආරාධනයකින් තොරවම මාර්ගයේ ගමන් ගන්නා කුලී රථ එතැන නවත්වයි. මට කලින් පැමිණි අය සිටී නම් පෝලිමට සිටීමට සිදුවෙයි. රථ එන පිළිවෙලට පෝලිමේ මගීන් අඩුවෙයි. ඒ අනුව මගේ වාරය උදා වූ විට පැමිණියේ නවීන පන්නයේ Hyundai වර්ගයේ රථයකි. සිංගප්පූරු කුලී රථ වලින් වැඩි කොටසක් එම වර්ගයේ රථ වෙයි. Toyota Crown පැරණි මාදිලියේ රථ, Benz රථ මෙන්ම Chrysler වර්ගයේ අධි සුඛෝපභෝගී රථද සිංගප්පූරුවේ කුලී රථ සේවයේ නිරත වෙයි.

 
Chrysler වර්ගයේ කුලී රථයක්


ආචාරශීලීව මා පිළිගත් රියදුරු තෙමේ සුභ උදෑසනක් ප්‍රාර්ථනා කිරීමෙන් අනතුරුව මා හට යාමට අවශ්‍ය ස්ථානය විමසීය. සිංගප්පූරුවේ කුලී රථ පදවන පිරිමින් මෙන්ම කාන්තාවන්ද සිංගප්පූරු ජාතිකයන්ය. විදේශිකයන්ට එම රැකියාවේ නිරත වීමට එරට නීතියෙන් අවසර නැත. මගේ පිළිතුර Defu Lane 11 යන්න සහ ආයතනයේ ලිපිනය විය. ගාස්තුව සටහන් වන යන්ත්‍රයට රථයට නගින ස්ථානය ඇතුල් කල පසු රථය පිටත් විය. සිංගප්පුරුවේ කුලී රථයක් තුල GPS උපකරණයක් මෙන්ම CCTV කැමරාවක්ද අනිවාර්යෙන් තිබේ. රියදුරාට එක එල්ලේ මා කියූ ලිපිනයේ අංකය සොයා ගත නොහැකි වූ හෙයින් කීප වතාවක් වැරදි අතුරු මාර්ග වල ධාවනය කරන්නට සිදු විය. අවසානයේ රථය නිවැරදි තැන නතර විය. gothere හි සටහන්ව තිබූ අගයට වඩා වැඩි අගයක් යන්ත්‍රයේ සටහන්ව තිබිනි. නමුත් හෙතෙම මගෙන් අයකලේ වෙබ් අඩවියේ සටහන්ව තිබූ වටිනාකම පමණි. එය ඩොලර් 6කුත් ශත ගණනකි. ඒ වෙනුවට බිල්පතක්ද නිකුත් කෙරිනි. ඔහුගේ වරදින් ගාස්තුව වැඩි වූ නිසා අමතර කොටස මා ගෙවිය යුතු නොවේ. එය ඔවුන්ගේ ආචාර ධර්ම වලට එකගය.

සම්මුඛ පරීක්ෂණය සදහා නියමිත ආයතනයේ ඇතුල්වෙන දොරටුවේ වූ විදුලි සීනුව නාද කල පසු කාන්තාවක් පැමිණ කුඩා ගේට්ටුවක් විවෘත කලාය. ඇය සිනාමුසුව මගෙන් විමසා සිටියේ සම්මුඛ පරීක්ෂණයටද යනුවෙනි. මම ඔව් කියූ විට..මා කාර්යාලයට රැගෙන ගිය ඕ මා හට පිටු කීපයක පෝරමයක් පිරවීමට ලබා දුන්නාය. ලංකාවේදී මල්ලක් රුපියල් 150/- ට පමණ ලබා දෙන බේබි නාරං හටගන්නා ශාකයක් ජීවිතයේ පළමු වතාවට මා දුටුවේ මේ අවස්ථාවේය. ඒවා කාර්යාලය තුල වූ පෝච්චි වල සිටවා තිබූ අතර කහ පැහැති ඵලයෙන් බරව තිබිනි. පිළිගැනීමේ නිළධාරිනිය අසල වූයේද දොඩම් පිරවූ විශාල ප්‍රමාණයේ වේවැල් කූඩයකි. මා පසුව දැනගත් පරිදි දොඩම් යනු සෞභාග්‍ය සලසන පළතුරක් ලෙස ඔවුන් විශ්වාස කරන්නේලු.

පෝරමය පුරවා පිළිගැනීමේ නිලධාරිනියට භාරකල පසු ඇය මා රැගෙන ඉහළ මාලයක් වෙත ගියාය. එහි කිසිවෙකුත් නොවූ කාමරයක වු සාකච්ඡා මේසයක මා තනිකර ඇය මගෙන් සමුගත්තාය. මද වේලාවක් ඇවෑමෙන් චීන පෙනුමක් ඇති සිහින් නෙත් සගලකින් යුත් ප්‍රිය ජනක තරුණයෙක් කාමරයට පැමිණියෙහිය. හෙතෙම මා සම්මුඛ පරීක්ෂණයට ලක් කරන තැනැත්තාය. කාලයක සිට අදුරන මිතුරෙකු පරිද්දෙන් මා පිළිගත් හෙතෙම මගෙන් ආගිය තොරතුරු විමසා මා ලංකාවේදී කල නිර්මාණයන් සහ මගේ අයදුම් පතත්...මොහොතකට පෙර පිරවූ පෝරමයත් සියුම් ලෙස පරීක්ෂා කලේය. පසුව සුහද කථා බහක නිරත වූ හෙතෙම ඔවුන්ගේ ආයතනය හා ගණුදෙනුකරුවන්ගේ විස්තර මාවෙත දැක්වීය. මගේ අපේක්ෂිත වැටුපද පැන්සලකින් මගේ අයදුම්පතේම සටහන් කොට ත්‍රිමාණ (3D) පරිගණක වැඩසටහන් පිළිබද මගේ දැනීම විමසුවේය. ඩිප්ලෝමාව උදෙසා මා 3D හදාරා තිබුනත් ඒ සම්බන්ධයෙන් එතරම් අත්දැකීම් මා හට නැත. 2D පරිගණක ග්‍රැෆික් වැඩසටහන් පිළිබදව නම් මා සතුව ඉතා හොද දැනුමක් ඇත. මා ඒ පිළිබද ඔහු දැනුවත් කර පැවසූයේ ආයතනයට අවශ්‍ය මට්ටමේ දැනුම අවස්ථාවක් ලැබෙන්නේ නම් ඉතා කෙටි කලකින් ග්‍රහණය කරගැනීමේ හැකියාව මට ඇති බවයි. ඔහු එයට හිස සලා එකගතාව පල කලෙහිය.

සම්මුඛ පරීක්ෂණය අවසානයේ පැවති සුහද කථා බහේදී ලංකාව පිළිබද දැන ගන්නට ඔහු කැමති බැව් මා හට සැළ කලෙන් මා කෙටි විවරණයක් ඉදිරිපත් කලෙමි. ලංකාවේ අධිවේගී මාර්ග ඉදිකරන්නේ චීන සමාගම් යැයි මා කියූ විට, ඇත්තට, යැයි ඇස් ලොකු කර සිනාමුසුව මා දෙස බලා පැවසූ හෙතෙම මට පැවසූවේ දැන් දැන් සිංගප්පූරුවේ රැකියා අවස්ථා සදහා වැඩිපුර පැමිණෙන්නේ දකුණු ආසියාවේ අයවලුන් බවයි. ඒ ඇයි යන්න ඔහුගේ පැනය විය. මගේ පිළිතුර වූයේ ගෝලීය අර්බුද හමුවේ දිනෙන් දින ඉහළ යන ජීවන වියදම මව් රට තුල රැකියාවක නිරතවීමෙන් සපුරා ගත හැකි වුවත් ඉතිරි කිරීම් හා අනාගතය උදෙසා ආයෝජනයන් කිරීමට තරම් එය ප්‍රමාණවත් නොවන හෙයින් එසේ වන්නට ඇති බවයි.

මගේ අයදුම්පතෙහි වූ අවිවාහක යන්න මා හට පෙන්වා ඔහු විවිධ ප්‍රශ්න නගයි. වයස 30ක් වෙලත් ඇයි තවමත් කසාද නොබැන්දේ ....ලංකාවේ තරුණයින් කසාද බදින්නේ දෙමාපියන් සොයා දෙන කෙනා නේද ? ඕගොල්ලො දෑවැද්ද ගැන සෑහෙන්න සලකා බලනවාද ? ඔහුට ප්‍රශ්න රාශියකි. කසාද බැදිමට අවශ්‍යතාවක් පසුගිය සමයේ තිබුනේ නැති බවත්, ලංකාවේ කාන්තාවන්ට මෙන්ම පිරිමින්ටද තමන් විවාහ වන කෙනා තෝරා ගැනීමට නිදහස ඇති බවත්, ලංකාවේ ඇතැම් අය දෑවැද්ද ගැන සළකා බැලුවත් එය ඉන්දියාවේ මෙන් ලංකාවට සමාජ ප්‍රශ්නයක් වී නැති බවත් බොහෝ අය ඒ පිළිබද තැකීමක් නොකර ආදර සබදතාවකින් පසු විවාහ වන බවත් පැවසූ විට ඔහු සෑහීමට පත්විය. අපේ හමුවීම අවසානයේ හෙතෙම මට සමුදුන්නේද ලෙංගතුව මගේ අත දැඩිව අල්ලාගනිමිනි. චීන ජාතිකයන් මෙසේ ලාංකිකයන් හා සුහද වන්නට එක් හේතුවක් වන්නේ බුදු දහමයි. අනෙක් කාරණය අතීතයේ සිට ලංකාව චීනයේ හොද මිතුරෙකු වීමයි. චීන ජාතික කාන්තාවක් ලාංකිකයන් කෙරේ දැක්වූ ආකල්පය සෘජුවම වරෙක මා වෙත කීවාය. ඉදිරි පෝස්ටුවක එය ලියන්නෙමි. අහෝ 3D ...මා ඇති පමණ ඔබ දැන සිටියා නම් අද ඩෙෆු ලේන්හි රැකියාවේ නිරතවනවා නොඅනුමානය.


මතු සම්බන්ධයි......


මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.


ප.ලි

සිංගප්පූරුවේ රියදුරන් බෙහෙවින් විනීතය. එහෙත් අවිනීත රියදුරන් ලොව හැම රටකම සිටී. 2012 මැයි මස සිදුවූ කුලී රථයක් හා ෆෙරාරි වර්ගයේ රථයක් අතර වූ ගැටීමෙන් ෆෙරාරි රියදුරා,කුලීරථ රියදුරා මෙන්ම කුලීරථයේ සිටි ජපන් ජාතික තරුණියද මිය ගියහ. එහි දර්ශන සටහන් වී තිබුනේ මා පෙර කියූ පරිදි තවත් කුලී රථයක් තුල වූ කැමරාවක් මගිනි. එහි දර්ශන මෙතැනින් බලන්න.


රැකියා බලපත්‍ර වර්ග සහ ඒවා ලබාදීමේ නිර්ණායක පිළිබද දැනගැනීමට මෙතැනින් පිවිසෙන්න.

115 comments:

  1. සිංගප්පුරු වැසියෙක් කියන්නේ සිංගපුර් ජාතිකයෙක්ම විතරයි. ඒකා මොන රටින් ආවත් ලියාපදිංචි උනානං සිංගප්පුරු එකෙක්ම තමා... මට හිතෙන්නෑ බං සිංගප්පුරු යන්න... හැක් හැක්...

    ReplyDelete
    Replies
    1. ඉහ නිකට පැහිලා මොන සිංගප්පූරුද සුදෝ...දැන් විශ්‍රාම යන වයසත් ලගයි නේද ?

      Delete
  2. අප්පටසිරි ඒක හරිගියේ නැද්ද

    ReplyDelete
    Replies
    1. ඒක ගැස්සිලා ගියා මගෙ සුදු අටමෝ...මට වාවන්නෙ නෑ...

      Delete
    2. මෙහි අටම් සඳහන් කර ඇති කාරණය ගැන මටද දැනගැනීමට අවශ්‍යයය ...

      Delete
    3. අටමා ඔය කියන්නෙ සුදු නංගි කෙනෙක් ගැන කථාවක්...

      Delete
  3. සිරා මට තවම අයියව කන්ටැක් කරගන්න බැරි උනා, උබට එතකොට ඔය ජොබ් 1සෙත් උනාද?
    උබේ විසා එක මොකද්ද දැනට ඉන්න? මේ සතිය ඇතුලත මන් ඔයාට මේල් 1ක් දාන්නම්.

    ReplyDelete
    Replies
    1. අපි ඒ දේවල් පුද්ගලිකව කථා කරමු...මේල් එකක් එවන්න...

      Delete
  4. මමත් සිංගප්පූරුවේදී අත් දැක්ක හොඳම දෙයක් තමයි, බස් රථවල, කැබ් රථවල රියදුරන්ගේ ආචාරශීලී බව.

    ReplyDelete
    Replies
    1. ඒ කාරණා වලට උදාහරණ ඉදිරි පෝස්ටු වල එනවා...

      Delete
    2. සිංගප්පූරු ඉඉදලා ද ආ

      Delete
  5. ඉතාම වටින ලිපියක්.ඔය රැකියා විස්තර ලංකාවෙ පත්තර වල දාන්න පුළුවන් නම් රැවටීම් වලට අහුවෙන අයට ප්‍රයෝජනවත් වෙනව.
    ගිය අවුරුද්දේද කොහෙද ඔය රටේ ටැක්සියක අමතක වෙලා ගිය ලක්ෂ ගානක මුදල් වගයක් හොංකොං කපල් එකකට නැවත භාර දීල තිබුන.
    මමයි දුවයි ආපු වෙලාවක තෑගි දෙන්න ගත්ත කෑම බිම බෑග් එකක් අමතක වුනා ඒකනම් නැවත ලැබුනෙ නැහැ.

    ReplyDelete
    Replies
    1. කෑම බීම බෑග් එකේ අයිතිකාරයා හොයන්න ගියා නම් එවා නිකම්ම නරක් වෙන නිසා අයිතිකාරයට පින්දිලා කුසබලා ගමන් කරන්න ඇති.

      Delete
    2. අනේ පිනට දෙන්න තරම් දෙයක් නෑ. පාන් ගෙඩියයි, තක්කාලි ගෙඩ්යකුයි තිබුනේ.

      Delete
    3. මේ හුනු මී කෙන්ජියෙකුත් ඇවිල්ල.
      දුවට ඕනකරලා තිබුන චොකලට් වැනි පැණි රස කෑම.

      Delete
    4. කවුද දැන් මෙතන ඇත්ත කෙන්ජි....

      Delete
    5. ඇත්ත කෙන්ජි/බොරු කෙන්ජි ඔබට ඇත්තටම හදුනාගත නොහැකි නම්...
      ඇත්ත කෙන්ජියගේ අවසාන කොමෙන්ටුව.....

      Delete
    6. අයියෝ තරහා ගන්න එපා...සිම්පල් අකුරු එකා තමා හොරා...

      Delete
    7. මගෙ තරහ නහර කපල බව බොලා දන්නව නොවැ මලේ.

      Delete
  6. ඕනෑවට වඩා අවංක, සත්‍යවාදී වන්නට ගියොත් සිංගප්පූරු ජොබ් සෙවීම බොරුය. සම්මුඛ පරීකෂණවලදී හොඳ හැටි බොරු බේගල් ඇද බා හැකි ඇත්තන්ට පහසුවෙන්ම ගොඩ යා හැකිය. අත් දුටුවයි.. ප්‍රත්‍යක්ෂයි... :)

    ReplyDelete
    Replies
    1. එය සිංගප්පුරුවේ නොව කොහෙත් ක්‍රමයයි.
      නමුත් එයටත් හැකියාවක් , කලාවක් තිබිය යුතුයි.

      Delete
    2. එයටත් හැකියාවක් , කලාවක් තිබිය යුතුයි...සහතික ඇත්ත...ඒ හැකියාව මට නැත. මම අවංකයෙකි.

      Delete
  7. කැබ් කිව්වම මතක් උනේ.. හපොයි වීනීත අවීනීත කෙසේ වෙතත් ලංකාවේ කට්ටියට වඩා නම් හොඳ ඇති තමා... මේවයේ වැරදිලා හරි බඩුවක් දාලා ගියොත් ආයිත් ලැබෙන්නේ 1000කින් එක පාරයි... මීටර් ටැක්සි කිව්වත් එච්චරම තමයි.....

    ඇත්තටම කෙන්ජි කියනවා වගේ මේ විස්තර පත්තර වල වැටෙන්න තමයි ඕනේ... ඇත්තමට කියනවා නම් මං වගේ කෝස් කරලා සහතිකේ ගත්තේ නැති මෝඩයෝ ඉන්නවානේ මේ රටේ මහ ගොඩක්... හි හි

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි හිරු...සිංගප්පූරුවෙ මිනිස්සු මේ තත්වයට ගෙනල්ලා තියෙන්නෙ නීති රීති මගින්...එහෙ හැම කාරණාවකටම අදාළවව නීතියක් සහ එය උල්ලංඝනය කලොත් දඩුවමක් තියෙනවා...

      Delete
  8. සින්ගා වල කැබ් එක ඇතුලේ කබරයා දැම්මොත් සුද්ද කරන් ඩොලර් 10 ක් ගන්නවා වැඩිපුර. නඅපේ අය්යිලා ඉතින් දන්නවනේ බොන්න බැරි ගානට බිලා බිලා එන්නේ දවසක් අපේ ගෙදර හිටපු සෙට් එකක් ඇතුලේ කබරයත් දාලා බිලා වැඩි එකාව බස්සලා අනිත් එකා ඒ ටි ම් එක ලගට යනවා කියලා ගිහින් බැහැලා දුවලා ඔන්න අපේ අයගේ වැඩ
    ඒ වුනාට සාපේක්ෂව අනිකුත් ද.ආසියානු රටවල් වලට වඩා අපේ රටට යම් පිළිගැනීමක් තියනවා

    ReplyDelete
    Replies
    1. අපේ රටට යම් පිළිගැනීමක් තියෙනවා...ඒක ඇත්ත නමුත් ඒ අපි ලංකාවෙ කියලා දැනගත්තොත්...අපේ භාහිර පෙනුම දුටු පමණින් ඒ අය හිතන්නෙ ඉන්දියාවෙ අය කියලා...ඒක තමයි ලාංකිකයන්ට තියෙන ලොකුම පාඩුව.

      අපිත් ඉතිං හොදට අනුමත වෙලා කැබ් වල ගියා...කාටවත් වැඩි වුනේ නම් නෑ...මදි උනා මිසක...

      Delete
    2. ඉතින් අපි ශ්‍රී ලාංකික පෙනුමක් හදා ගමුකෝ.

      " NOT FROM INDIA " වගේ දැන්වීමක් නිතර පළදින්න...

      Delete
    3. Cab wala giyata sira aragena enne Rupiyal ne ... :P

      Delete
  9. ලොකු රැකියා අර්බුධයක් තිබුන නේද ?
    දැන් සමහරවිට ඉවර ඇති

    කොහේද මන්දා සඟරාවක තිබුන ලෝකෙ අසතුටෙන්ම ඉන්න මිනිස්සු ඉන්නෙ සිංගප්පුරුවෙ කියල.
    ;-)

    ReplyDelete
    Replies
    1. අසතුටෙන්ම ඉන්න මිනිස්සු සිංගප්පූරුවෙ ඉන්න විදියක් නෑ...ඒ අයට තියෙන භෞතික සම්පත් වල දියුණුවත් එක්ක...ලෝකෙ නොදියුණු රාජ්‍යයන්ට හැරෙන්නවත් බෑ...නමුත් මානසික ආතතිය වැඩි ජනතාවක් ඉන්න පුලුවන්...හැමදේම මුදලට දෙන වටපිටාවක සල්ලි හම්බකරන්න තමයි හැමෝම වෙහෙසෙන්නෙ...

      ස්වදේශිකයන්ගෙ රැකියා වියුක්තිය දැන් අඩු වෙමින් පවතිනවා...ආර්ථික අර්බුදයක් තිබුනද කියන්න නම් මම දන්නෙ නෑ...

      Delete
    2. මෙය ටිකක් වෙනස් කතාවක්.

      "ඔයා දන්නවද? සිංගප්පූරු ජාතිකයො තමයි මේ මිහිමත ඉන්න දුප්පත්ම ජාතිය."

      "ඇයි එහෙම කියන්නෙ?"

      "අපිට අපේම කියල ඉඩමක් නෑ. අපේම කියල ගෙයක් නෑ (අවුරුදු සියයකින් මිලට ගත්තු ගේ නැතිවෙනවා). අපේම කියල වාහනයක් නෑ (අවුරුදු දහයකින් මිලට ගත්තු වාහනේ නැතිවෙනවා). ඉතින් අපි තමයි ලෝකෙ ඉන්න දුප්පත්ම අය."

      ඒ සිංගප්පූරු ජාතිකයෙක් හා මා අතර සිදුවුණු දෙබසක පුංචි කොටසක්.

      Delete
    3. කොහොමත් Landed House එකක ඉන්නවා කිව්වම පිළිගැනීම වැඩියි. ඉදිරි පෝස්ටු වලට ඔබ දන්නා කාරණා හැකිතරම් එක්කරන්න ඇරයුම් කරනවා සහෝදරයා...

      Delete
    4. රටවල් දියුණු කරද්දී ඔය වගේ තීරණ ගන්නවා . අපේ රටේ එහෙම කරන්න අමාරුයි. එකක් පාලකයින් බයයි ඊ ළඟ චන්දෙට ..අනික මොලේ නැහැ

      Delete
  10. Replies
    1. තව ගොඩාක් දේ කියන්න තියෙනවා...ඒවා ඉදිරියට...

      Delete
  11. ලංකාවෙනං ඔය වගේ පාරවල් වෙලාවල් ගණං තියල වෙබ් සයිට් හදන එකනං බොරුවක්. මොකද ඕව හැම වෙලාවෙම වෙනස් වෙනවනෙ.
    හොඳ විස්තර ටිකක්. ඔය රටවල්වල රැකියාවක් කරන්න යන්න ඉන්න අයට වැදගත්වෙයි.

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ කොහෙ හදන්නද අයියෙ...බස් ඩ්‍රැයිවර් බෙල්ලෙ පොට යනකං පස්ස බලාගෙනනෙ ඉන්නෙ ඊළග එකා එනවද කියලා...ඉතිං කොහොමද හරියටම වෙලාවක් දක්වන්නෙ...

      Delete
  12. 3D කෝස් එකක් කළත් ප්‍රායෝගිකව අත් දැකීම් ගන්න තරම් දෙයක් ලංකාවෙ කෙරෙන්නෙ නෑනෙ.
    කොම්පියුටර් එකෙන් වුනත් වැඩිපුරම කරන්නෙ අත බලා සාත්තරේ කියන එක විතරයි මම හිතන්නෙ.:P

    ටැක්සි රියදුරාගේ හැසිරීම බෙහෙවින්ම සිත් ගත්තා.

    ReplyDelete
    Replies
    1. ටැක්සි රියදුරෝ වගේම අනිත් ජනතාවත් හරිම විනීතයි...මම හිටපු කාලය ඇතුලත බීලා වැටිලා හිටපු කෙනෙක්, ගහ බැණ ගත්ත එකෙක් තියා උස් හඩින් කථා කරපු කෙනෙක් වත් දැක්කෙ නෑ.

      Delete
    2. අපි වැනි සාමාන්‍ය මිනිස්සුන්ට සිංගප්පූරුවේදි වැඩිපුර ඇස ගැටෙන්නට ලැබෙන්නේ අපි වැනිම සාමාන්‍ය මිනිසුන් සිරා. ඔබ කිව් පරදි ඔවුන්ගේ යම් විනීත බවක් පිටට පෙනෙන්නට තිබෙනවා තමා. ඒත්, දෙපිරිසක් ගහගන්න වලි, රිය අනතුරකින් පසු එය සිදු කළ තැනැත්තාට සිදු කළ පහරදීම්, මත්පැන් භාවිතයෙන් පසු අනිසි ලෙස හැසිරීම්, ළමයින්ට ගහන අම්මලා, වැනි මෙවැනි රටවල සිදු නොවෙනවා යැයි අනුමාන කළ හැකි බොහෝ දේ මගේනම් නෙත ගැටිලා තියෙනවා.

      Delete
    3. මම වැඩි කාලයක් සිංගප්පූරුවෙ හිටිය නැති නිසා එවැනි සිදුවීම් නෙත ගැටිලා නම් නෑ...ඒත් ඉතිං රැකියාවේ සහ දෛනික ජීවිතයේ තියෙන පීඩනයත් එක්ක එවැනි සිදුවීම් නැති වෙන්නත් බෑ....

      Delete
  13. ඔන්න ඔය විදිහට තමයි මිනිස්සුන්ට සළකන්න ඕනෙ කියලා ඩ්‍රැකියත් හැම තිස්සෙම කියනව. ඒකට අපේ රටේ මිනිස්සුන්ට සළකන විදිහ, හරියට නාසි හිරකාරයන්ට වගේ. ඉතින් අපි කොහොමද යහපත් මානසිකත්වයකින් වැඩ කරන්නෙ? ඒවුනාට අපි තරම් බෞද්ධයො වෙන කොහෙවත් නෑ.

    ReplyDelete
    Replies
    1. අපේ රටේ කම්කරු නීති රීති තව ශක්තිමත් වෙන්න ඕනෙ....විශේෂයෙන්ම වැඩබිමක අනතුරක් වුනාම ඒ සේවකයා වෙනුවෙන් වන්දියක් ගන්න කොච්චර කට්ටක් කන්න ඕනෙද...

      Delete
  14. මා ගිය රටවල් වලින් ඉතාම සිත් ගත් රටක් තමා සිංගප්පූරුව සිරා මල්ලි. අපි කලින් මැෂින් ආනයනය කලේ ඒ රටෙන්. ඒ අය බොහොම මිත්‍රශීලී අය. අදටත් ඒ මිතු දම තියෙනවා. ගොඩාක් දෙනා බෞද්ධ අය. එසේ නොවෙතත් බුදු දහමට ගරු කරන අය. රට සෑම අතින්ම පිරිසිදුයි. ඔහේ සිට මැලේශියාවට අය ගමන හරිම ආස ගමනක්. රසවත් තොරතුරු ගෙනාවට ස්තූතියි. ජයම වේවා කියල සෙනෙහසින් පතනවා මල්ලි ඔයාට.

    ReplyDelete
    Replies
    1. මැෂින් කිව්වෙ මොන මැෂින්ද...අක්කා දැන් ඉන්නෙ යුරෝපයේද ?

      Delete
  15. මටත් ආසයි රට රස්සාවක් කරන්න.

    ලංකාවේ සමහරක් ටැක්සි ඩ්‍රයිවර්ලා හරි පාර දැන දැන පාර වරද්දාගෙන ගිහින් වැඩිපුර ගාන කොටා ගන්න තරම් පහත් උදවියනේ...එහෙත් සමහරක් එහෙමද දන්නේ නෑ.. මේ විස්තර කියනකොට මට ඔබා මාමා මතක් වුනා

    ReplyDelete
    Replies
    1. රට රස්සාවක් කරන්න යම් සැලසුමක් සහිතව හිතන්න...

      සිංගප්පූරුවෙ කුලීරථ රියදුරෝ අවංකව තමන්ගෙ රාජකාරිය කරන අය. මධ්‍යම රාත්‍රියෙ ටැක්සියට නැග්ගත්.. අපේ ගමනාන්තයට යන්න තියෙන කෙටිම මාර්ගය තමයි ඒ අය තෝරා ගන්නෙ. ඒ අපේ ගාස්තුව අඩු කරන්න.

      Delete
  16. Replies
    1. යමක් උකහා ගත්තා නම් සතුටක්...

      Delete
  17. සිංගප්පූරුවෙ අය සිංගප්පූරුව ගැන මෙහෙම කියනවා අහල නැද්ද ? Singapore is a fine country.. there is a fine for everything in Singapore !!

    ReplyDelete
    Replies
    1. ඒ කථාව නම් සහතික ඇත්ත...හැම තැනම දඩ තමයි...කෝච්චියෙදි වතුර ටිකක් බිව්වත් දඩය ලංකාවෙ මුදලින් රු; 50000/-

      Delete
  18. ස්තුතියි සිරා ලිපියට..ගොඩක් දේ දැනගත්තා..

    ReplyDelete
  19. රැකියා අපේක්ෂිතයෙකුට අගනා අත් පොතක් වගේ ලිපියක්..

    ReplyDelete
    Replies
    1. එහෙම කෙනෙක්ට ප්‍රයෝජනයක් ගන්න තමයි සවිස්තරාත්මකව මේ ගැන ලිව්වෙ...

      Delete
  20. සිරා,

    දන්නවද? ශ්‍රී ලංකාවට තාමත‍් On Arrival Visa දෙන එක රටක් තමයි සිංගප්පූරුව ...එක මහේ අනිත‍් ආසියාතික රටවලට නැති වරප්‍රසාදයක්. චීනෙට දෙන්නත‍් නෑ On Arrival Visa සිංගප්පූරුව ...(හැබැයි සමහරු කරන දේවල් වලින් ඒකත‍් නැති වෙනවා ළගදීම)

    අනික සිංගපුරුවේ කාර් එකක ගන්න පුළුවන් (ලංකාවට වඩා ගණන්) එත් එකට Parking Space එක ගන්න කාර් එකට වැඩ ගානක් ගෙවන්න ඕනේ. අනික අවුරුදු 5 කට පස්සේ අලුත් කාර් එකක් ගන්න එක ලබයි තියන එකේ COE එක අලුත් කරනවට වඩා. එකයි සිංගපුරුවේ පරණ වාහන හොයා ගන්න නැත‍්තේ..එහෙ ඒවා ත‍මයි ලංකාවට ගොඩක් එන්නේ ගොඩ දේනෙක් දන්නේ නැති වුනාට.

    අපේ රට ඇතුලට හාරලා වරාය හදද්දී සිංගපුරුව මුහුද ගොඩ කරලා ඒක කලේ (රට ත‍ව ටිකන් විශාල කරගත්ත‍)
    ලෝකයේ කාර්යබහුලම ගුවන් තොටුපලවල් වලින් එකක් එකේ වුනත‍් තියන පිරිසිදුකම කියන්න වචන නෑ.

    Chewing gum සිංගපුරුවේ නීති විරෝධිය (ගන්න තැනක් හොයා ගන්නත‍් නෑ)
    සිංගපුරුවේ සුදු පැතිකඩ වගේම කළු පැතිකඩක්ද ඇත (කොයි රටේත‍් එක එසේමය)එත් මරණ දඩුවම ක්‍රියාත්මක කරන රටක් නිසා වැරදි කිරීමට යොමුවන ප්‍රමාණය සාපේක්ෂව අඩුය.ලියනවනම් දේවල් එමටයි එත්,කොමෙන්ටුව තව පොස්ට් එකක් කරන්න අදහසක් නෑ. :P

    මම
    මයික්

    ReplyDelete
    Replies
    1. කොමෙන්ටුව පෝස්ටුවක් කලත් කමක් නෑ බන්...හැමෝම කැමතියි තවත් රටක නොදන්න දෙයක් දැනගන්න..උඹ කාලයක් එහෙ හිටිය නිසා සෑහෙන අත්දැකීම් ගොඩාක් තියෙන බව මම දන්නවා.

      ලංකාවට On Arrival Visa දෙන අනිත් රට මාලදිවයින. සිරිමාවෝ බණ්ඩාරනායක රජය සමග ලී ක්වාන් යූ හිටපු ජනාධිපතිතුමා පැවැත්වූ සුහද සබදතාව නිසා තමයි මම අහලා තියෙන විදියට ලංකාවට ලේසියෙන් සිංගප්පූරුවට යන්න අවකාශ ලැබිලා තියෙන්නෙ. මේ අවස්ථාව ඉන්දියාවටවත් නෑ.

      ලංකාවෙ කොළඹදි පාරෙ ටිකක් වෙලා හිටගෙන හිටියාම නහය දනවා..වාහන දුමට...එහෙත් සිංගප්පූරුවෙ වාහන දහස් ගාණක් යන අධිවේගී මාර්ගයක දවසක් හිටියත් එහෙම දෙයක් දැනෙන්නෙ නෑ...හේතුව තමයි අලුත්ම වාහන හැමෝම පාවිච්චි කිරීමත් 2 Stroke එන්ජින් සහිත වාහන (ත්‍රී වීල්) නොමැති වීමත්, මා ආශ්‍රය කල සිංගප්පූරුවෙ දශකයකටත් වඩා කල් සිටින ලාංකිකයන් වාහන මිළදී නොගන්නේත් වාහනය නවත්වන ස්ථාන වලට විශාල මුදලක් ගෙවීමට සිදුවන නිසා.

      Delete
    2. //ශ්‍රී ලංකාවට තාමත‍් On Arrival Visa දෙන එක රටක් තමයි සිංගප්පූරුව//

      මේක නම් දැනගෙන හිටියේ නෑ.

      Delete
    3. පොඩ්ඩි...ඔය මයික් ඉන්නෙත් ඔයා ඉන්න රටේමයි...අදුනගෙන බලන්න..සීදේවි කොල්ලා...

      Delete
    4. ඔව් තාමත‍් On Arrival Visa මාසයකට දෙනවා පොඩ්ඩි. නිවාඩු වෙලාවක අළුත් ජෝඩුව ගිහින් එන්න "සෙන්තෝසා දිවයින" පැත්තේ. පොඩ්ඩි ඉන්න දිහා සිට ඉක්මනට සහ බොහෝම ලාබදායිව ගිහින් එන්න පුළුවන්. (මම කිව්වේ ගුවන් ටිකට් පත ලාබයි කියලා හොදේ... :P)

      මගේ පරණ සේවා ස්ථානයේ ආයතන ප්‍රධානියයට පින් සිද්ද වෙන්න සින්ගපුරුවේ ගොඩක් දේවල් ඉගන ගත්තා සහ දැනගත්තා සහ ඇවිද්ද සාමාන්‍ය ජනතාවට ගිය නොහැකි තැන්වල. සුන්දර මතකයක්..ලී ක්වාන් යූ මහත්මයට ඕනේ වුනේ ඉස්සර සිංගපුරුව ලංකාවේ කොළඹ නගරය වගේ කරන්න එත් දැන් ඉන්න අපේ ලංකාවේ දේශපාලන උත්තමයන්ට ඕනේ ලංකාව සිංගපුරුව වගේ කරන්න... ඒකට ලංකාවට කල්ප කලාන්තරයක් යාවි දැන් .
      සිංගපුරුව නීතියට ගොඩක් ගරු කරන රටක්.දැන්වීම් පුවරුවල හැමවෙලාවෙම කියල තියෙන්නේ මේක කරන්න එපා දඩය මෙචරයි කියල (NO Smoking Fine $1000 වගේ ) හැබැයි අනිවා ලංකාවේ වගේ සමාවෙන්න හරි ,මෙක තියාගෙන ෂේප් කරන්න, මගේ මාම අහවලා,ඒවා බෑ.

      අනික සිංගපුරුවේ කෑම ලාබය (මට හිතුන විදිහ හොදේ සිරා) සහ කෑමට තෝරාගැනීමට ඕනෑතරම් කෑම වර්ගද ඇත.
      අනික මම දන්නා තරමින් සැම අවරුදු 18 වූ පසු සෑම සිංගපුරු වැසියෙක්ම අවරුදු 2ක් අනිවාර්ය හමුදා සේවයේ යෙදිය යුතුය(National Service).සිංගපුරුවට ත්‍රස්තවාදි ප්‍රශ්න නැත. මාගේ SOF (Special Operations Force Like Sri Lankan Army SF) මිතුරෙකු මේ කාතාව කිව්වේ මට මතක විදිහට මම ලියන්නම් සිංගප්පුරු ගුවන් සේවයට අයත් ගුවන් යනයක් මගීන් (100 වැඩි පිරිසක් සිටි) සමග ප්‍රාණ ඇපයට තබාගෙන පාකිස්තානු ජාතිකයන් ත්‍රස්තවාදි පිරිසක් එක පකිස්තානු සිරකරුවෙකු නිදහස කරන්න ඉල්ලා සිටලා.මුලින් සාකච්චා මාර්ගෙන් විසදාගන්න උත්සහ කරලා තියනවා ඊට පසුව ත්‍රස්තවාදීන් සාකච්චා සාර්ථක නොවුන නිවේදනය කරලා තියනවා මෙතැන ඉදල සෑම විනාඩි 10කට සැරයක්ම එක මගියා බැගින් මරනවා කියල. විනාඩි 3 තිබියදී සින්ගපුරු ආරක්ෂක ඇමතිතුමා අවසර දීල තියනවා SOE Team එකට බේරාගැනීමේ මෙහෙයුමට. කිසිම මගියකුට හානියක් නැතිව ත්‍රස්තවාදීන් සියළුදෙනා ඝාතනය කරලා (all head shots )මගීන්ට කිසිම අනතුරක් නැතිව බේරාගෙන තිබුන. සින්ගපපුරු ජාතිකයන් එදා තමයිලූ දන්නේ SOE කියල Team එකක් ඉන්නවා කියලත්. ඒක තමයිලු එහෙ ඉතිහාසයේ වුන එකම ලොකුම ත්‍රස්තවාදී ක්‍රියාව.
      රජය ත්‍රස්තවාදී ක්‍රියා සදහා කිසිම නිදහස් ක්‍රියාවක් අනුගමනය කරන්නේ නෑ. දඩුවම උපරිමයි.අනික එහෙ හමුදාවේ සොල්දාදුවන්ට උපරිම ආකාරයෙන් සලකනවා.. අපේ වගේ යුද්දේදි සම්මාන සහ යුද්දේ නැති වුනහම වෙන විදිහකට සලකන්නේ නෑ.
      සින්ගපුරු ගුවන් ගමන් බලපත්‍ර ලාබීන්ට ලෝකයේ ඕනෑම රටක කිසම කරදරයකින් තොරව ඇතුල් වෙන්න පුළුවන්. ලංකාවෙ ඉස්සරම එහෙමයි කියල මගේ සීය කිව්වා. ලංකාවේ ගුවන් ගමන් බලපත්‍රයට ලෝකයේ ඕනෑම රටකට On Arrival Visa සහ රියදුරු බලපත්‍රයට ලෝකයේ ඕනෑම රටක සම්පුර්ණ රියදුරු බලපත්‍රය ලබා ගැනීමේ හැකියාව තිබුනලු .. ඒකට දැන් අයියෝ..

      කොමෙන්ටුව පොස්ට් එකක් වුනා.. ඉස්සරහට දන්නා දේවල් බෙදා හදා ගන්නම්. දැනට ඇති

      මම
      මයික්

      Delete
    5. මයික් ඔබ වැනි අය බ්ලොග් කරණයට පිවිසෙන්න ඕනේ. එහෙම වීම තුළිනුයි රටට වැඩක් ඇති දේවල් අන්තරජාල ගත වෙන්නේ.මන් හිතන්නේ ඔබත් බ්ලොගයක් පටන් ගත යුතු මට්ටමට ඇවිත් ඉන්නේ. පළමු පෝස්ටුවට සිරා අනුග්‍රහය ලබා දේවි.අපි එන්නම් වැල නොකැඩි. දැනුම සමාජගත වීමයි වැදගත් මයික්.

      පුළුවන් වෙලාවට මගේ බ්ලොගය පැත්තෙත් එන්න...
      සිරගෙ බ්ලොග් රෝලේ තියෙනවා 300 % ටැක්ස් ගැන පෝස්ට් එකක්..ඒක මගේ බ්ලොග් එක...

      Delete
    6. සහන්...මයික් කියන්නෙ කැංගරු දේශයේ බොහොම භාරදූර රාජකාරියක් කරන තමන්ගෙ ආයතනයට අවශ්‍ය අලුත් ස්වදේශීය සේවකයන් පවා සම්මුඛ පරීක්ෂණයට ලක්කිරීමට බලතල තියෙන තනතුරක සිටින කෙනෙක්...මගේ පාසල් මිත්‍රයෙක්...ඉඩක් ලැබෙන විදියට මේ වගේ විස්තරයක් කොටන්නෙ හරිම අමාරුවෙන්...මා දන්නා පරිදි සිංහල ටයිපින් ඔහුට සෑහෙන වේලාවක් ගතවෙන දෙයක්...

      මයික්....බොලාට නොසෑහෙන්න ස්තූතියි මේ අදහස් මෙතන බෙදා හදාගත්තට...බොලාට බොගක් ලියන්න වේලාවක් තියෙනවා නම් මම අනිවා උදව් කරන්නම්...

      Delete
    7. ඉතින් ඒක තමයි සිරා ඒ වගේ පිරිස තමයි බ්ලොග් කරණයට එන්න ඕනේ. නැතුව කම්මැලි කමට නිදි ගැට කඩන මිනිස්සු වත් , තමන්ගේ පම්ම්පොරි ගහන මිනිස්සු වත් , දෙයක් ගැන දැනුමක් නැතිව කතාවට මුල පුරන මිනිස්සු වත් නෙවේ.

      ( ඒ මිනිස්සුන්ට FB තියෙනවනේ )

      බ්ලොග් කියන දේ තුළින් දැනුම දෙන පරමාර්තෙන් පවත්වන් යන බ්ලොග් අඩුයි . ෆන් වැඩියි. මේ දෙක සම මට්ටමකට ගේන්න නම් මයික් වගේ අය පිවිසෙන්න ඕනේ. නැත්නම් සිරා ෆන් එක වැඩි වෙලා අපි විබාගේ ෆේල් වෙනවා...

      Delete
    8. "Mike...
      Blog ekak liyana patan gana..
      api enawa oyage Blog ekta.
      Jayawewa.

      Delete
    9. සහන් සහ සංජීව,
      බොහොම ස්තුති වන්ත වෙනවා ඔබලාගේ කාරුණික ඉල්ලීමට. එත් කණගාටුව ඒ ඉල්ලීම ඉටු කරන්න බැරි වෙන එක ගැන . සමාවෙන්න. මම ඔයාල ගොඩක් අයගේ බ්ලොග් අසාවෙන් කියවනවා.. එත් මම කොමෙන්ටුවක් දාන්නේ සිරාගේ බ්ලොග් අඩවියට විතරයි. ඒ වෙන හේතුවක් නිසා නෙමයි මට තිබෙන්නා වූ සිංහල ටයිප් කිරීමේ අපහසුතාවය අනික මගේ පාසලේ මිත්‍රයෙක්.. මොකද ඔය සිරාගේ ඉස්සල ගොඩක් කතාවකට පාදක වුන චරිත මගෙත් මිතුරන් ඉති න් කතාව කියද්දී නිකන්ම ඇදිල යනවා අතීතයට .

      මේ පොස්ටුවට මම මෙච්චර ලොකු කොමෙන්ටුවක් දන්නා හේතුව මම පෞද්ගලිකව ගොඩක් දේවල් දන්නා නිසා. එත් මම පෙර කොමෙන්ටුවක කිව්වා වගේ කවදවත් වැඩ කරන්නවත් එක දිගට සතියක් හෝ දෙකකට වඩා ඉන්න අකමැති තැනක් සිංගප්පූරුව . මම දන්නා විදිහට පුළුවන් විදිහට මම කොමෙන්ටුවකින් මගේ අදහස් ඔබ සමග බෙදා ගන්නම්. සමාවෙන්න බ්ලොග් එකක් ලියන්න වෙන්නේ නැති එක ගැන.

      සහන්, මම ඔබතුමාගේ බ්ලොග් එක කියවනවා මම 300% TAX එක මම කියව්ව. මම ගොඩක් දේවල් අහල තිබුන එත් සවිස්තරාත්මකව ඔබගේ පොස්ටුවෙන් දැනගත්ත. ලංකාව මට දැනෙන විදිහට දේශපාලුවන් විසින් විනාස කල ලස්සන රටක්. එක ගොඩ නගන්න ආයි කල්ප කාලන්තරයක් යාවි. බොහොම ස්තූතියි අදහස් බෙදා ගත්තට. මට ඉස්සර අදහසක් තිබුන කාලයක් රටක වැඩ කරලා ලංකාවේ පදිංචි වෙන්න එත් දැන් නිවාඩුවකට ඇරෙන්න ස්තිර පදිංචියයක්නම් වෙන එකක් නෑ.

      තව දෙයක් කියන්න ඕනේ පොස්ට් එක බැලුවහම සමහරුන්ට හිතේවි අනේ මටත් රට යන්න තිබුණානම් කියල .. එහම හිතලා හොර පාරවල් වලින් එන්න හදන්න එපා

      1.ඔයාලව deport කලොත් ඒ රටට පය ගහනව බොරු ආයි. (විශේෂයෙන් සින්ගපුරුවෙන් එහම වුනොත් ආයි වෙන රටකට ගිහින් යනගමන් translit එකට සින්ගපුරුවෙන් shopping කරන්නවත් එලියට යන්න දෙන්නේ නෑ.)
      2.ඔස්ට්‍රේලියාවට ගොඩ දෙනෙක් බෝට්ටුවෙන් එන්න හදනවා කැංගරු දේශයේ හීනය හැබෑ කරගන්න. එත් ඒ ගොඩ දෙනෙක් දන්නේ නෑ එහම එන එක්කෙනෙක්වත් ඔස්ට්‍රේලියාව ඇතුලට ගන්නේ නැති බව. එන ඔක්කොම ක්‍රිස්මස් අයිලන්ඩ් කියන දුපතට හෝ දැන් පැපුවා නිව් ගිනියා එක්කෝ රටට හෝ අප්‍රිකානු රටවලට පිටුවහල් කරනවා.

      එන්න ඕනෙනම් තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් හදාගෙන නීත්‍යානුකුලව එන්න. අවදානම්ක් අරන් ජීවිතයම එක්කෝ අකාලයේ නැති වෙලා යනවා එක්කෝ වෙන රටක සදහටම සිරමැදිරියක සිරකාරයෙක් වෙනවද කියල ඔයාලම තීරණය කරන්න. එහම වුනොත් තමගේ රටේ තියන දෙයක් කරගෙන සම්බෝලයි බතුයි කල ජීවත් වෙන එක සැපයි කියල හිතේවී,එත් එදාට පරක්කු වැඩි වෙලා තියේවි.

      සිරා,
      බොහොම ස්තුතියි මචං මම බ්ලොග් ලියන්නේ නෑ. එකට වෙලාව සහ උඩ මම කියපු කරන බලපානවා.(මේ ටික ටයිප් කරන්නම පැයකට වැඩ ගියා බන්)

      මම
      මයික්

      Delete
  21. සිරගෙ විස්තරයත් උඩ මයික්ගේ විස්තරයත් සෑහෙන්න වටිනවා සිරා.තවත් මේ වගේම A- Z ලිපි ලියන්න ...හරිම ආස හිතෙනවා පෝස්ට් එක බලද්දී...මට සාමාන්යෙන් කියන්න මූලික රැකියා කීපෙක වැටුප් මට්ටම් ගැන ඔහේ...

    සඟ වෙද ගුරු කම්කරු වගේ...

    ReplyDelete
    Replies
    1. ඇයි 56 පෙරළිය සිංගප්පූරුවේ කරන්නද ?

      Delete
    2. I heard those words from my ex-boss,

      "In the 1960s "Lee Kuan Yew said" he wanted to build Singapore up like Sri Lanka. But when Bandaranayaki decide to change Sinhalese as the national language she fucked up whole country. A person who loved his country wouldn't do that. That's how SL start to goes down"

      මම හිතනවා ඒ කතාව ඇත්ත කියල. (සිංගප්පුරුවේ භාෂාව විදිහට මැන්ඩරීන් තියනවා එත් හැමෝම ඉංග්ලිෂ් ඉගන ගන්න ඕනේ අනිවාර්යෙන්ම). ඇත්ත කතා කාලොත් අදටත් ඒ ප්‍රශනය නිසා තමයි ලංකාවේ මනුසයකුට පිටරටක රැකියාවක් හොයා ගනිද්දී ප්‍රශ්නයක් වෙන්නේ එහම නැතිව හැකියාවල අඩුපාඩුවක් නිසා නෙමයි.
      ලංකාව නමයි ලෝකයම කියන්නේ ලෝකය සමග කතා කරන්න අන්තර් ජාතික භාෂාවක් ඕනේ. එහම නැත්නම් හැමදාම අපි එක තැනම තමයි .

      මම
      මයික්

      Delete
  22. මචන් සෑහෙන වටිනා විස්තරක්.යන්න ඉන්න අයට හොද පසුබිම් විස්තරයක්..මේ වගේ දේවල් හොයා ගන්න නම් සාමානියෙන් ඒ අදාල රටට යන්නම වෙනවා.. හොද ලිපියක් ...

    ReplyDelete
    Replies
    1. ඇත්ත...මම වුනත් ගිහිල්ලම තමයි මේ ගොඩාක් දේවල් දැන ගත්තෙ..

      Delete
  23. මමත් හොඳටම දැක්ක දෙයක් තමයි ඩ්‍රයිවර් ලාගේ විනීතකම.... හරිම ආචාරශිලියි!

    ReplyDelete
    Replies
    1. නාඩියා සිංහපුරයට ඇවිත් ගියාද ?

      Delete
  24. හරිම අගෙයි සිරා, හරි වටිනවා මේ විස්තරේ යන අලුත් කෙනෙකුට වුනත්..

    ඔහෙ ටැක්සි රියදුරෝ එහෙමයි, ඒකට මෙහෙ ඉන්නෙ බහුතරයක් මුඩුම හැත්ත..උදේට දැක්කොත් වගුතුවක් නෑ..

    සිරා සිංගප්පූරුවෙ තාමත් ලාංකිකයන්ට ඔන් අරයිවල් වීසා හම්බෙනවද ? මට ලඟදි දැනගන්න ලැබුනා දැන් ඒක නවත්තලා කියලා. ඇත්ත නැත්ත දන්නෑ..

    ලංකාවෙ දැන්නම් දෑවැදි, කුල ප්‍රශ්ණ නැතිම තරම්.. ඒ අතින් පව් ඉන්දියානුවො.. මේ ලඟදි අපේ ඔෆිස් එකේ එකෙක් උගෙ අක්කව බන්දෙව්වා.. ඌ කියපුවා අහපුවම ඇස් දෙකටම ඇඬෙනවා.. මිනිහා බර ගානක් වටේටම ණයයි..අක්කට දෑවැද්ද දීලා..

    ඉතිරි විස්තරෙත් ඉක්මනට දීහන්.. හරි වටිනවා.

    ReplyDelete
    Replies
    1. ඔහෙ ඉන්න ටැක්සි රියදුරන් බහුතරය පාකිස්ථානු අය නේද ? ඒකට සිංගප්පූරුවෙ හැමෝම වගේ බොහොම ආචාරශීලියි...

      සිංගප්පූරුව තාමත් ලාංකිකයන්ට on Arrival Visa දෙනවා..සිංගප්පූරුවේ පියා ලී ක්වාන් යූ මහත්තයගෙ පක්ෂය පාලක පක්ෂයේ සිටින තුරාවට එය ලැබේවි.

      ඉන්දියාවේ දෑවැදි ප්‍රශ්නය ගැන දැන් මමත් යම් තරමකට දන්නවා...මම ඉන්න රටට පැමිණි කේරළ තරුණයක් කීප දෙනෙක් ඒ ගැන මට කිව්වා...ඒ අතරින් කෙනෙක් ඇවිල්ලා හිටියෙ තමන්ගෙ අක්කලා දෙන්නා බන්දන්න...උන් ඒ ක්‍රමයට දෙහි කැපුවට කවදා හරි උන් බදින්නෙත් දෑවැද්ද හොයලා...

      Delete
  25. හොඳ සටහනක් සිරා. අර කුලී රථ රියදුරන්ගේ විනීත කම ගැන කියපු කතාව නම් හරිම ඇත්ත. අනෙක කුලී රථවල ලස්සන...ඒවායේ යන්ටත් කිසිම බයක් නෑ. සමහර විදේශ රටවලට ගියාම මිනිස්සු හරියට රවට්ටනවා. ඒ වගේ දේවල් සාමාන්‍යයෙන් නම් සිංගප්පූරුවේ වෙන්නේ නෑ.

    ලංකාවේ ලොකු පන්සලක් ඔහේ තියෙනවා නේද? සිරාට ඒකට යන්ට වෙලාවක් ලැබුනද?:)

    ReplyDelete
    Replies
    1. සිරා සෑම සතියකම ඔය කියන පන්සලට ගියා...ඒ ගැන විස්තරයක් ඉදිරියේදී එනවා...

      Delete
  26. මොහොම අගෙයි.. විදේශවල ඉන්න අය කරන්න ඕන මේ දේ තමයි...

    ReplyDelete
    Replies
    1. අපේ එකෙක්ට ගොඩ යන්න යන්තං හරි තල්ලුවක් දෙන්න පුලුවන් නම් එච්චරයි මට ඕනෙ...

      Delete
  27. ගොඩක් වටින විස්තරයක් සිරා අයියේ.....
    අනාගතේ දවසක යන්න හිතුනොත් මේ කරුණු ප්‍රයෝජනයට ගත හැකියි...

    ReplyDelete
    Replies
    1. ඒ වෙද්දි නම් මේ නීති රීති වෙනස් වෙයි නගේ...සිංගප්පූරුව ඉතාම ඉක්මනින් තමන්ගෙ රටේ ශ්‍රම බලකායට සම්බන්ධ නීති රීති වෙනස් කරනවා...

      Delete
  28. මම මේ උඹට රස්සාවක් හම්බවුනා කියනවා අහන්න බලාගෙන ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒ කථාවත් ඔහොම යද්දි කියවෙයි...බලාගෙන ඉමු...

      Delete
  29. සිරා, මම වරක් ගියා ලංකාවේ තිබෙන එක්සත් ජාතීන්ගේ සංවිධාන කාර්යාලයේ රැකියාවක් සඳහා සම්මුඛ පරීක්ෂණයකට. මගේ කිසිම සහතිකයක් බැලුවේ නැහැ. (සහතික වීල්බැරෝ එකක් විතර ගෙනිච්චා මම). එතන හිටිය සුද්දෝ බැලුවේ මගේ ප්‍රායෝගික දැනුම. සමාජ ප්‍රශ්න දෙස මා බලන ආකාරය ආදිය ගැනයි. රැකියාව සඳහා යාපනයේ ඇති ඔවුන්ගේ කාර්යාලය මගින් නවාතැන් ඔවුන්ගෙන් නොලැබෙන බව දැනගත් නිසා එය අතහැරියා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. විචාරක තුමා, මම දන්නා තරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තමගේම රටේ හෝ වෙනයම් රටක(ඒ රටේයුද්දයක් නැතිනම් පමණක් )සංවිධානය නවාතැන් පහසුකම් සලසන්නේ නෑ. ඒ වුනාට නවාතැන් සදහා යම්කිසි මුදලක් ගෙවනවා (හැම රටකටම නෙමයි එත් අවාසනාවට තමගේම රටේ කොහොමත් නවාතැන් දෙන්නේ නෑ මම දන්නා තරමින්) සහ ඔබතුමා හරි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහතික වලට වඩා ප්‍රයෝගික දැනීම බලන්නේ. (සම්මුඛ පරීක්ෂණ 4ක් විතර තියනවානේ)

      කියන්න ඕනේ..අපේ රටේ හමුදාවේ ගොඩ දෙනක් වැඩකරනවා එ. ජා. සංවිධානයේ ගොඩක් ඉහල තානාන්තර වල.මොනවා කිව්වාත් ලෝකයේ හොදම හමුදාවක් විදිහට කෙලින් කියාගන්න බැරිවුනත් වක්‍රාකාරව එයාල අපේ හමුදාව පිළිගන්නවා.
      ආඩම්බරයෙන් කියන්නේ ලංකාවේ හමුදා නිලදාරියෙක් සහ පොලිස් නිලදාරියෙක් තමයි ආසියා පැසිෆික් කලාපයේ සෑම UN එක හිටපු රටකමUN security officers ලාට අවි පුහුණුව ලබාදුන්නේ (2009-2012). (ඔබතුමා දන්නවාත් ඇති ).දැන් ඒ දෙදෙනාම උසස්වීම් ලබල.

      මම
      මයික්

      Delete
    2. ඔව් මයික්, ඔබේ තොරතුරු හරි. අපිට ලෝකයේ එළිපිට නොපෙන්වන පිළිගැනීමක් තියනවා. අපේ ප්‍රායෝගික දැනුම, වෙනත් හමුදාවල පොතේ දැනුමට වඩා ඉහලයි.

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
  30. හනේ බං වෙලාවට කලාවට බ්ලොග් කියවන්න බැරිවීමේ දුක තමයි..!
    3D කෝස් එකක් බාගෙට කොරල අතැරල දාපු එකේ පාඩුව මමනම් හොඳටම විඳිනව බං..!

    ReplyDelete
    Replies
    1. වීයට 3D පුලුවන් උනා නම් හදලා දෙන ගෙවල් මෙහෙමයි කියලා ගණුදෙනුකරුවන්ට පෙන්වන්න තිබුනා තමන් විසින්ම පරිගණකයේ නිර්මාණය කරලා.

      Delete
  31. සිරා කොලුවෝ,,, ඔහේ බස් එකේ යනකොට වතුරවත් බොන්න බෑ.

    ReplyDelete
    Replies
    1. බස්රථ වල වගේම දුම්රිය වලත් කෑම බීම....වතුර ටිකක්වත් බීම සපුරා තහනම්...ඒ ගැන විස්තර ඉදිරියේදී ලියන්නම්...

      Delete
  32. සිරාගෙන් ලියවෙන හොඳම ලිපියක්. හැබයි පුතෝ උඹ මගේ රට උන වැඩි කරන්න වගේ ලෑස්ති. දැන් ඔං මේ රස්සාව ඇති වගේ හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. පිටරට විස්තර මෙව්වා...අහගෙන ඉන්න ඔයාලා...දෙවරක් හිතලා බලලා...යන්නලා හිතලා ඔහෙලා...

      Delete
  33. සිරා කොලුවට දාන්න ඉන්න තැනින් හරි සිරා අක්ක කෙනෙක් සෙට් වේවායි පතමි , මං අහල තියෙඅන විදියට සිංගප්පුරුවේ වාහන ටැක්ස් ගොඩාක් වැඩියි ඒ තිබිලත් බෙන්ස් ,ක්‍රයිස්ලර් ටැක්සි ?

    ReplyDelete
    Replies
    1. දාන්න -----> දැන්

      Delete
    2. සුදු අක්කලා නම් වැහි වැහැලා... අපි දිහා බලන්නෙ නැති එක තමා අවුල..

      ඇත්තටම සිංගප්පූරුවේ වාහන මිළ සෑහෙන්න ඉහළයි. අනිත් කාරණය තමයි වාහනයක් පාක් කරන්න ගියාම තියෙන අධික වියදම..ඒ නිසා සිංගප්පුරු ජාතිකයන් බහුතරයක් පොදු ප්‍රවාහන සේවා භාවිතා කරනවා..ඉතාමත් කාර්යක්ෂම දුම්රිය,බස්,කුලී රථ සේවයක් රට තුල තියෙද්දි තමන්ගේම වාහනයක් නැති වීම එතරම් දැනෙන්නෙ නෑ.

      දාන්න කිව්වෙ මොකක්ද බන්...

      Delete
    3. ඒක පොඩි වැරදීමක් ඔය උඩින් නිවැරදි කරලා තියෙන්නේ :)

      Delete
  34. සිරා ,ඉස්සර වගේ නෙවෙයි දැන් ගොඩක් අය අමාරුවේ වැටෙනවා රස්සා හොයාගෙන සිංගප්පූරු ,මැලේසියා ගිහින්,මං දන්නා කිහිප දෙනෙක්ම ඉන්නවා.ඒ මිනිස්සු බැංකුවලින් ණය අරගෙන වීසා අරගන්න එක එක මිනිස්සුන්ට දීලා ගුවන් තොටුපලේදීම මාට්ටුවෙලා ආපහු ලංකාවට හරවලා එවපු අය.විශේෂයෙන්ම මැලේසියා යන්න ගිහින්.

    ReplyDelete
    Replies
    1. ඒ අමාරුවෙ වැටෙන ආකාරය සහ ඊට අවශේෂ කාරණා ගැන ඉදිරි දිනයක ලියනවා...

      Delete
  35. දියුණුවේ රහස තමා ඉතින් ඕක සිංගප්පුරුවේ!

    ReplyDelete
    Replies
    1. සිංගප්පූරුවේ දියුණුවේ රහස කලට වේලාවට අවශ්‍ය දේ කිරීම සහ රට තුල දූෂණ වංචා අවම වීම. මේ සියලු කාරණා ඒ අයට කරන්න හැකි වුනේ හැම කාරණයකටම අදාළව නීති රීති පැනවීමෙන් සහ ජනතාව ඒ නීති රීති වලට අනුගත කිරීමෙන්.....

      Delete
  36. Hoda lipiyak sira.habai mage malli kenek hitiya .miniha nam kiyanne machine witharai minissu ne kiyala.

    ReplyDelete
    Replies
    1. ඒ කථාව වැරදි නෑ...මගේ මිතුරන් බහුතරයක් කියන්නෙත් එහෙමයි...අපේ රටේ වගේ නෙමෙයි...යම් පරිගණක වැඩසටහනකට අනුව ක්‍රියා කරන ජීවීන් පිරිසක් වගේ තමයි බොහෝ දෙනා හැසිරෙන්නෙ...ටැබ් වල...ජංගම දුරකථන වලම එල්ලිලා ඉන්නෙ හැම වෙලේම.

      Delete
  37. අඩෝ ගාමිනි විලා කිව්වේ කොවන් වල් තියන එකද?

    ReplyDelete
  38. මෙවැනි ලිපි වල කාලීන වටිනාකමක් තියනවා

    ReplyDelete
  39. මචං යනවනම් අන්න ඒ වගේ රටකට යන්න ඕනේ.මේ වගේ කර්කශ අප්‍රිකානු රටකට එන්නේ නැතුව.

    හොඳ විස්තරයක් මචං.පහුගිය දවස් වල සිංගප්පුරු ගිහින් කොච්චර නම් අනාත වුනාද?.

    ReplyDelete
    Replies
    1. මචං සිංගප්පුරු විසිට් එකකට යනවනම් visa ඕනෙද?. නැත්නම් Open visa ද?.

      Delete
    2. සිංගප්පූරුවට නෙමෙයි ගොඩාක් ගිහිල්ලා අනාථ වුනේ මැලේසියාවට ගිහින්...ඒ ගැන විස්තරත් ඉදිරියේදී ලියනවා...

      සිංගප්පුරුව සහ මාලදිවයින කියන රටවල් දෙක විතරයි ලාංකිකයෙකුට Open Visa වලින් යන්න පුලුවන් රටවල්..ඔබට ගුවන් ටිකට් පතක් මිළදී ගත්තම සිංග්පූරුවට එන්න පුලුවන්...නමුත් ආගමණ විගමන නිලධාරීන් සිංගප්පූරුවට පැමිණීමට හේතු විමසා සිටිනවා සිංගප්පූරු ගුවන් තොටුපලේදි..එතැනදි ඔබට පිළිතුරු ලෙස සංචාරයක් සදහා පැමිණියේ යැයි කියන්න පුලුවන්.රටට ඇතුලුවීමේදි පිරවීමට ලැබෙන පත්‍රිකාවේ ඔබ එරට නැවතී සිටින දින ගණන වගේම නැවතී සිටින ස්ථානයේ ලිපිනයත් සටහන් කල යුතුයි. සිංගප්පූරු සංචාරකයෙකුට හෝටලයක මිස නිවෙසක නැවතීමට නීතියෙන් ඉඩක් නෑ. නමුත් ඔබට මිත්‍රයෙකුගේ නිවසක ලිපිනයක් යොදා පෝරමය පිරවීමට පුලුවන්. යම් හෙයකින් ආගමණ විගමණ නිලධාරීන්ට සැකයක් ඇති වුවොත් ඔබ සතු මුදල් ප්‍රමාණය පරීක්ෂා කරාවි. ඒ නිසා ප්‍රමාණවත් මුදලක් ඔබ සතුව තිබීමත් වැදගත්...සිංගප්පූරු ගුවන්තොටුපලෙනුත් සෑහෙන්න ලාංකිකයන් Depot වෙනවා.

      Delete
  40. මෙහෙත් ටැක්සි රියදුරන් නම් හොදින් හැසිරෙනවා, ඒත් එයාලට ඉංග්‍රීසි දැනුම නම් ගොඩාක් අඩුයි...හින්දි පුලුවන් නිසා අවුලක් නෑ...
    මේ පෝස්ට් එක නම් ගොඩාක් වැදගත් එකක් සිරා අයියේ... ඔය කසාද නොබැද ඉන්න එක විතරක් නෙමෙයි, කසාද බැදල මනුස්සයා ලග නැත්නම් ඒකත් මේ රස්සා වලට ප්‍රශ්නයක්...

    ReplyDelete
    Replies
    1. මෙහෙ කිව්වො කොහෙද. ඔබ ඉන්න රට ගැන මම දන්නෙ නෑ නගේ...කියන්නකො බලන්න ඒ පළාතෙ විස්තරත්...

      Delete
  41. විදෙශ ගත වෙන්න ඉන්න අයට විශේෂයෙන් වෑදගත් වෙන... අනෙක් අයටත් දෑන ගන්න වටිනා විස්තරයක්. කමෙන්ට් වලිනුත් බොහොම දේ කියවෙලා තියන්නෙ. අනෙක් විස්තරත් ලියමු කො සිරා..

    ReplyDelete
    Replies
    1. සිංගප්පූරුව ගැන තවත් විස්තර ඉදිරියේදී ලියැවෙනවා...

      Delete
  42. තායිලන්තේ හරහා එන එක අපිට ලැබ වුනත් වැඩි ගානක් දීලා හැමදාම සිංගප්පුරුව හරහා එන්නේ ඒ ගුවන් තොටේ පහසුව නිසා .මන් දැක්ක හොඳම ගුවන් තොටුපල .

    හොඳ නරක දෙකම කොහෙත් තියනවා . නමුත් මනුස්සයින්ට ඕන මුලික අවශ්‍යතා අතින් මේක හොඳම රටක් .

    ReplyDelete
    Replies
    1. අක්කව බලලා යන්නත් එක්ක ඔය පැත්තට එන්න ලොකු ආශාවක් තියෙනවා...බලමු අනාගතයේදි සමහර විට එන්න ලැබේවි.

      Delete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...