Tuesday, May 21, 2013

175 සිංගප්පූරුවේ දුම්රිය සහ නොකී කථා

මේ සිරාගේ රට කථා මාලාවේ තුන්වන පියවරයි. බැලු බැල්මට සංවර්ධනයේ හිණිපෙත්තට පිවිස සිටින සිංගප්පූරුවේ පිටතට නොපෙනෙන පැතිකඩක් මෙන්ම එහි දුම්රිය සේවයේ ඇති දියුණුවද කියවන ඔබ වෙත අද මම හෙළිදරව් කරමි.

කලින් කොටස් අතපසු වී නම් කියවගෙනම එන්න. 1 කොටස 2 කොටස

නූතන තාක්ෂණයේ ආශිර්වාදය ලත් සිංගප්පූරුව මතුපිටින් සැබැවින්ම සුන්දර දේශයකි. බැලූ බැලූ අත මල් ගොමුය. උස් ගොඩනැගිලිය. වේගයෙන් ධාවනය වන අති නවීන රථවාහනය. අධිවේගී මාර්ග සහිත ජනාකීර්ණ මාර්ග දෙපස උද්‍යන අලංකරණය චමත්කාරජනක හැගීමක් සිත තුල මවයි. ඇතැම් උස් ගොඩනැගිලි අලංකෘතව ඇත්තේද ඒවායේ ඉහළ මාලවල සිටුවා ඇති ශාකයන්ගෙන් ජනනය වූ ස්භාවික පුෂ්පයන්ගෙනි. මා ඇවිද ගිය සෑම මාවතක්ම ඉතාමත් පිරිසිදුය. කොළ කැබැල්ලක් පවා නොමැතිය.





එරටට ගිය ප්‍රථම දිනයේම තනිව අවශ්‍ය තැනකට යාමේ පුහුණුව ලබාදීමේ අරමුණින් මා මිත්‍රයා සහන් මා දුම්රියේ රැගෙන ගියේය. නීති මෙන්ම රීති ද කියා දුන්නේය. දුම්රියේ හා බස් රථ වල යාමට අවශ්‍ය කාඩ් පත මෙරට සිට මව්බිම පැමිණි මගේ ඥාති සහෝදරයකු වේලාසනින් මට ලබාදී තිබූ නිසා අමතර වැයකින් මෙන්ම අපහසුතාවලින්ද මා නිදහස් විය.

සිංගප්පූරුව කුඩා රටක් වුවද එහි කාර්යක්ෂමතාවයේ මුදුන් මුල ලෙස දැක්විය හැක්කේ එරට ප්‍රවාහන පද්ධතියයි. මනාව ක්‍රියාත්මක වන, රටේ වැඩි කොටසක් ආවරණය වන පරිදි නිමැවූ දුම්රිය මාර්ග පද්ධතිය එයින් වැඩි කොටසකට උර දෙයි. සිංගප්පූරු රජයේ ප්‍රවාහන අධිකාරිය යටතේ පාලනය වන ආයතන දෙකක් මගින් දුම්රිය, බස් , කුලී රථ ආදී සේවා ජනතාව වෙනුවෙන් පවත්වාගෙන යයි. ඒවා සියල්ල එකිනෙකට සම්බන්ධ වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරයි. සිංගප්පූරුවේ දුම්රිය ස්ථාන මෙන්ම දුම්රිය හැදින්වීමට භාවිතා කරන්නේද MRT (Mass Rapid Transit) යන වදනයි. එහෙත් දුම්රිය ධාවනය නොවන පෙදෙස් වලට ගමන් කල හැකි පරිදි සකසා ඇති LRT (Light Rail Transit) නම් විශේෂ ප්‍රවාහන මාධ්‍යයක් ද වෙයි. එය බස් රථයක තරම වන රථයකි. යකඩ පීලි වෙනුවට නගරයට ඉහළින් දිවෙන කොන්ක්‍රීට් බැමි දෙකක් මත රියදුරෙකු රහිතව විදුලියෙන් ධාවනය වෙයි. අවශ්‍ය ස්ථාන වල ස්වයංක්‍රීයව නතර වන අතර දොර ඇරීම වැසීම ස්වයංක්‍රීයව සිදුවෙයි. මෙම ස්වයංක්‍රීය තත්වයන් MRT වලද එකසේ ක්‍රියාත්මක වෙයි.

LRT මාර්ගයක්

LRT රථයක් 

LRT රථයක සමීප දසුනක්


සිංගප්පූරුවේ දුම්රිය මාර්ගයන් වෙත ඒවා විහිදෙන දිශාව අනුව වෙන් වෙන් වශයෙන් වර්ණයක් ලබා දී ඇති අතර එම මාර්ගය හදුන්වන්නේ එම වර්ණයේ නාමයෙන්ය. එම මාර්ගයේ ඇති සියලුම දුම්රිය සථානයන්හි නම සටහන් කර ඇත්තේද පෙර කියූ වර්ණය පසුබිම් වර්ණය ලෙස යොදාගනිමිනි. 

අලු පැහැයෙන් LRT මාර්ගයන් දක්වා ඇත
ඒ අනුව උතුරේ සිට දකුණට විහිදෙන මාර්ගය රතු පැහැතිය. සම්පූර්ණ දුර කිලෝ මීටර් 45 කි. දුම්රිය ස්ථාන 26කි. නැගෙනහිර සිට බටහිරට විහිදෙන මාර්ගය කොළ පැහැතිය. සම්පූර්ණ දුර කිලෝ මීටර් 57.2 කි. දුම්රිය ස්ථාන 35කි. උතුරේ සිට නැගෙනහිරට විහිදෙන මාර්ගය දම් පැහැතිය. සම්පූර්ණ දුර කිලෝමීටර් 20 කි. දුම්රිය ස්ථාන 16කි. මේවා අතරින් පැරණිම දුම්රිය මාර්ගය රතු පැහැති මාර්ගයයි. වැඩ නිමවීමෙන් පසු එය විවෘත කර ඇත්තේ 1987 වසරේය.

ඉහත සියලුම දුම්රිය මාර්ගයන් හරහා ගමන් කරන දුම්රිය මාර්ගයක්ද වෙයි. එය තැඹිලි පැහැයෙන් සංඛේතවත් වන අතර Circle Line නම් විශේෂිත නාමයෙන් හදුන්වයි. යම් අයෙකුට එක් වර්ණයක සිට තවත් වර්ණයක දුම්රිය මාර්ගයකට පැමිණීමට උපකාර වන සේ එය ඉදිකර තිබේ. එහි සම්පූර්ණ දුර කිලෝ මීටර් 35.7 කි. 30 කට වැඩි දුම්රිය ස්ථාන සංඛ්‍යාවක් එම මාර්ගයේ තිබේ. මීට අමතරව එක් දුම්රිය මාර්ගයක සිට තවත් දුම්රිය මාර්ගයකට මාරු විය හැකි දුම්රිය ස්ථාන (Interchange Station) ඇති අතර මේ සියලුම තොරතුරු අඩංගු සිතියම් දුම්රිය පල තුල මෙන්ම දුම්රියේ සෑම මැදිරියක් තුලද පැහැදිලිව දක්වා තිබීම ඒවායේ ගමන් ගන්නා අත්දැකීම් රහිත අයට සෑහෙන තරමේ පහසුවක් ඇති කරයි. එම තොරතුරු සෑම විටම ඉංග්‍රීසි,චීන හා දෙමළ භාෂා වලින් දක්වා තිබීමත් දුම්රියේ ගමන් කරනා විට හඩ පටයක් මගින් මේ භාෂා ත්‍රිත්වයෙන්ම ඊළගට ඇති දුම්රිය ස්ථානයේ නම පිළිබද දැනුවත් කිරීමත්, දුම්රිය මැදිරිය තුල ඇති තිරයක ඉංග්‍රීසි භාෂාවෙන් ඊළගට නියමිත දුම්රිය ස්ථානයේ නම සටහන් වීමත්, දුම්රිය මැදිරියේ ඇති සිතියමේ දැල්වෙන බල්බයකින් ඒ බැව් දැන්වීමත් ආදී ක්‍රම රාශියක් මගීන්ගේ පහසුවට වෙයි.

දම් පැහැති දුම්රිය මාර්ගයේ දුම්රියක් ඇතුලත  දර්ශනයක්


මගේ නවාතැන හෙවත් ගාමිණී විලා පිහිටියේ දම් පැහැති දුම්රිය මග සමීපයෙන් නිසා මා වැඩි වාරයක් ගමන් කලේ එම මාර්ගයේ දුම්රියන්හිය. දම්පැහැති මාර්ගය සම්පූර්ණයෙන්ම පොළව යටින් දිවෙන්නකි. සමහර මාර්ග යම් දුරක් පොළව යටින් ගොස් පොළව මතුපිටට පැමිණෙයි. සෑම දුම්රිය ස්ථානයකම එක්ස්කැලේටර් (Escalator) ඇති අතර හැම විටම ඒවායේ වම් පසින් සිට ගැනීම රීතියකි. ඒ අනුව ඉක්මනින් යාමට අවශ්‍ය අය දකුණු පසින් ඉදිරියට ගමන් කරයි. දුම්රිය ස්ථානයට ඇතුලුවීමට පෙර ඇති බාධක කවුළු දුම්රිය කාඩ් පත නිසි ස්ථානයේ තැබූ විට විවර වන අතර මුදල් පසුම්බිය තුල කාඩ්පත රුවා පසුම්බිය ඒ මත තැබීම බොහෝ දෙනා අනුගමනය කරන ක්‍රමයයි. දුම්රිය වේදිකාවේ දොරටු විවර වන්නේ දුම්රියක් පැමිණ නතර වූ පසු පමණි. දුම්රිය වේදිකාවේ දොරටු වලට දුම්රියේ දොරටු හැම විටම සම්මුඛ වන පරිදි දුම්රිය ස්වයංක්‍රීයව නතර වෙයි. තමා දුම්රියෙන් බසින දුම්රිය ස්ථානයේ පිටවන ස්ථානයේ ඇති බාධක කවුළු නැවත වරක් කාඩ් පත තැබූ විට විවර වන අතර එම වාරයට අය කිරීම මෙන්ම කාඩ්පතේ ඉතිරියද එහි ඇති යන්ත්‍රයේ දිස්වෙයි. සෑම දුම්රිය ස්ථානයක පිහිටා ඇති යන්ත්‍ර විශේෂයක් මගින් කාඩ්පතට අලුතින් මුදල් ඇතුලත් කිරීම සහ ශේෂය විමසීම සිදුකල හැක. එම යන්ත්‍රය හරහා මුදල් ඇතුලත් කරගැනීමට නොහැකි අයවලුන් වෙත උපකාර කිරීමට දුම්රිය ස්ථානය තුල වෙනම කවුළුවක් තිබේ.එහි සේවයේ නිරත වන අය මගින්ද ඒ කාර්යය කරගත හැක.
දුම්රිය ස්ථාන පිවිසුමේ ඇති බාධක කවුළු

සෑම දුම්රිය ස්ථානයකම ඇති  ඇස්කැලේටර්

මේ පියගැටපෙලින් පහතට ගිය විට ඇත්තේ දුම්රිය වේදිකාවයි.
වසා ඇති දොරටු දුම්රියක් පැමිණ නතර කල පසු ස්වයංක්‍රීයව විවෘත වෙයි.


දුම්රිය පැමිණීමට ගතවන කාලය හා දුම්රිය මාර්ගයන් පිළිබද සිතියම් අඩංගු තිර


මල් වවා සුන්දර කර ඇති දුම්රිය ස්ථානයක්

සෑමවිටකම දුම්රිය ලගා වීමට ගතවන කාලය දුම්රිය වේදිකාවේ ඇති තිරයන්හි සටහන් වෙයි. තදබදය වැඩි උදෑසන හා සැන්දෑ කාලයේ සෑම විනාඩි 3කට පමණ වතාවක් දුම්රිය ධාවනය වන අතර තදබදය අඩු දහවල් කාලයේ සෑම විනාඩි 6කට පමණ වතාවක් දුම්රියක් ධාවනය වෙයි. සෑම උමං දුම්රිය පළක් මෙන්ම දුම්රිය හා බස්රියද වායු සමනය කර ඇති අතර ඉතාමත් පිරිසිදුය. දුම්රියෙන් බසින මගීන්ට අවහිරයක් ඇති නොවන පරිදි දුම්රියට නැගීමට සිටින අය සිටිය යුතු ස්ථාන වේදිකාවේ පොළව මත දක්වා ඇති අතර සියල්ලන්ම එයට අනුගත වෙයි.
රතු ඊතල වලින් දක්වා ඇත්තේ දුම්රියට නැගීමට 
බලාපොරොත්තුවෙන් සිටින අය නැවතී සිටිය යුතු ස්ථානයි.
කොළ පැහැයෙන් දැක්වෙන්නේ දුම්රියෙන් බසින අය ගමන් කලයුතු දිශාවයි.














කාඩ්පතට මුදල් ඇතුලත් කරන යන්ත්‍රයක්
පොදු ප්‍රවාහන මාධ්‍ය තුල ආහාර අනුභවය මෙන්ම ජලය/බීම වර්ග පානයද සපුරා තහනම්ය. එසේ වූවොත් අයකරන දඩය ඩොලර් 500 හෙවත් ලංකා මුදලින් දළ වශයෙන් රු. 50000/- කි. මීට අමතරව දුම්රියන් තුල දූරියන් නම් පළතුර ගෙනයාමද තහනම් බැව් දක්වා තිබේ. එම වරද සදහා දඩයක් අය කරන්නේ නැත. ගාමිණී අයියා කියූ පරිදි මදුලු ලෙස ගලවා පැකට් කල දූරියන් ගෙන යා හැකි අතර දූරියන් ගෙඩි ලෙස ගෙන යා නොහැක. සෑම දුම්රිය මැදිරියකම ආබාධිතයන්/ගැබිණි මවුවරුන්/කුඩා දරුවන් සමග සිටින මගීන් වෙනුවෙන් වෙන් වූ ආසන තිබේ. සිංගප්පූරු ජාතිකයන් තම රටේ පවා නොහදුනන අය වෙත සිනාවකින් හෝ සංග්‍රග නොකරන අපේ රටේ ඇත්තන් මෙන් ලෙංගතුකම පල නොකරන පිරිසක් වුවද ඉහත පිරිස වෙත වෙන් කල ආසනයක හිද සිටියේ නම් ඉතා ඉක්මනින් ඒ ආසනය ඔවුන් වෙත පිරිනමයි. බොරුවට නිදියන්නේ හෝ තව කෙනෙකු ආසනයක් දෙන්නේදැයි බලා සිටින්නේ නැත.


    MRT හි ඇතුලත වීඩියෝ දර්ශනයක්

දුම්රිය මැදිරි තුල දක්වා ඇති දඩ පත්‍රිකාව....සිංගප්පූරුවේ දඩ නැති තැනක් නැත
 
අනෙක් ප්‍රධාන ප්‍රවාහන මාධ්‍ය වන බස් සේවාවද ඉතාමත් කාර්යක්ෂමය. බස් නැවතුම් වල රථය නවතාගෙන පසුපසින් එන බසය එනතුරු බෙලි දික්කරගෙන පසු පස බලාසිටින්නේ නැත. කලට වේලාවට බසය නැවතුම් වලින් පිටත් වන අතර දුම්රිය ස්ථාන වල මෙන් කාඩ් පත තැබීමට රථය තුල සවිකල යන්ත්‍ර කීපයක් වෙයි. ඒ නිසාම කොන්දොස්තර චරිතයක් නැත. සෑම විටම ඉදිරිපස දොරටුවෙන් රථයට නැගීමත්, රියදුරු ආසන්නයේ ඇති යන්ත්‍රය මගින් රථයට නැගුනු ස්ථානය සලකුණු කර පසුපස දොරටුව අසල යන්ත්‍රයෙන් ගමනාන්තය සලකුණු කල යුතුය. යම් හෙයකින් රථයෙන් බසින විටෙක කාඩ්පත සලකුණු කිරීමට අමතක වුවහොත් බස් රථය ගමන් කරන අවසන් නැවතුම දක්වා වූ අදාළ මුදල කාඩ්පතෙන් අඩු වෙයි. මෙම කාඩ් පත දුම්රිය /බස්රථ/ ක්‍රීඩා සංකීර්ණ/ පුස්තකාල ආදී විවිධ ස්ථාන වලට අදාළ ගෙවීම් කල හැකි පරිදි ජාලගත කරන ලද එකකි. ඇතැම් විටක දුම්රියෙන් කෙටි දුරක් ගමන් කර බස් රථයෙන් නැවතුම් දෙකක් පමණ ගිය විටෙක බස් රථය සදහා අයකරන්නේ නැත. සලකා බලන්නේ ගමන් කරන දුර පිළිබදවය. දුම්රිය ස්ථාන වල මෙන්ම බස් නැවතුම් පල වලද ඒ ඒ බස් රථ අංකයන් අනුව සවිස්තර තොරතුරු ගාස්තුවද සමග පුවරු මත සටහන් කර ඇත.
බස් රථ නැවතුම් පලක්...නිල් පැහැ කමිස ඇද සිටින්නේ රියදුරු මාමලාය.
මෙවැනි තට්ටු දෙකේ බස් පවා පදවන රියදුරු නැන්දලාද ඇති පදම් සිංගප්පූරුවේ සිටී.




ඉහත දැක්වූ සියලු ක්‍රමවේද ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන ආකාරය සිංගප්පූරුවට කෝඩුකාර මා වැනි අයෙකුට එක්වර ග්‍රහණය කරගත නොහැකි හෙයින් පළමු දිනයේම ඒ අත්දැකීම ලබාදීමට සහන් ක්‍රියා කළේය. ලංකාවේ දකින්නට නැති මේ නුහුරු අත්දැකීම් විදි පළමු වතාවේම මා සහන්ගෙන් ඇසූවේ ඇයි අපිට ලංකාව සිංගප්පූරුව වගේ දියුණුකරන්නට බැරි කියාය. ඕවා ගැන කථා කරලා වැඩක් නෑ..මෙහෙට එන හැමෝටම ඔය ප්‍රශ්නය ඇති වෙනවා...මටත් ඇති වුනා ඒත් ලංකාවෙ වගේ දූෂිත පාලකයන් ඉන්න තුරාවට ලංකාව මේ තත්වයට දියුණු කරන්න බෑ. මේ රටවල් වල පාලකයො 100% අවංකයි කියනවා නෙමෙයි. ඒ අය මුදල් හොයන්නෙ ජනතාවට සේවය සලසන පුද්ගලික ව්‍යාපාර පවත්වාගෙන යාමෙන්..නැතුව ජනතාවගේ මුදල් හොරකම් කරලා නෙමෙයි. සහන් පිළිවදන් සැපයූවේ එසේය.

1965 දී මලයාවෙන් වෙන්වී ස්වාධීන වූ පසු සිංගප්පූරුව ලංකාවේ කොළඹ මෙන් දියුණු කරන්නේ යැයි පැවසූ ලී ක්වාන් යූ නායක තුමා අවසානයේ එයට අත්කර දී ඇති දියුණුව පුදුම සහගතය. එක දිගට අගමැති තනතුරේ වසර 30 ක් කටයුතු කොට ඉන්පසුවත් පාර්ලිමේන්තුවේ විවිධ තනතුරු දරා අද විශ්‍රාම සුවයෙන් සිටින එතුමා ජාතියේ පියා ලෙස සලකන අතර නූතන සිංගප්පූරුව දෙස බලා අප්‍රමාණව සතුටුවනවා නොඅනුමානය. බීමට ජලය හෝ නැති කිසිම ස්වභාවික සම්පතක් නැති බිමක පිහිටවූ රාජ්‍යයක ගුවන්තොට අද වන විට ලෝකයේ කාර්ය බහුලම ගුවන්තොටුපල 10 අතරටද වරාය , ලෝකයේ කාර්ය බහුලම වරායන් 5 අතරටද එක් වී තිබේ. සිංගප්පූරුවේ චැංගි ගුවන්තොටුපලට ගුවන් යානා පහත් කරන විට එරට වරාය මැනවින් පෙනේ. එක් නැවකට යාව ඊළග නැව ආකාරයෙන් නැව් සිය ගණනක් නවත්වා ඇති ආකාරය දුටුවිට මෙන්ම ගුවන් තොටුපලේ පර්යන්ත්‍ර 3 ක එකකට එකක් යා වනසේ ගුවන් යානා නවත්වා ඇති ආකාරය දුටු විටද ඒ බැව් මොනවට පසක් වේ.

අපේ රටේ මෙන් තමා නොහදුනන අය වෙත සිනහවකින් හෝ සිංගප්පූරු ජනතාව සංග්‍රහ නොකලද ඔවුන් පුදුමාකාර ලෙස නීතිගරුකය, අවංකය, උදව්වක් ඉල්ලූ කලෙක හැකි පරිදි එය ඉටු කිරීමට කටයුතු කරයි. කුඩා කඩයකින් යමක් මිළදී ගත්තද අවසන් ශතය දක්වාම ඉතිරි මුදල් නිවැරදිව ලබාදෙයි. ඉතිරි මුදල් වෙනුවට ටොෆී චොකලට් ලබා දීමක් නැත. වරක් මා බස්නැවතුමක සිටියදී පැමිණි බස් රථයකි. රථය නවතා අත් තිරිංග තද කල රියදුරු තුමා පසුපසට පැමිණ දෙර විවර කර පඩිපෙළ යටට වෙන්නට අකුලා තිබු යකඩ තහඩුවක් වැනි යමක් දිගහැර පඩිපෙළ මතින් තැබුවේය. ඉන් අනතුරුව රථයට නැගුනු ඔහු රෝදපුටුවක සිටි තැනැත්තෙකු කරුණාවෙන් ආරක්ෂිතව රථයෙන් බස්සවා බස් නැවතුම තුලට කල අතර නැවතත් පෙර පරිදි පඩිපෙළ සකසා රියදුරු අසුනට වැදුනේය. මට හමු වූ සිංගප්පූරු ජාතිකයන් සියල්ලන්ම රාජකාරිය දේවකාරිය මෙන් කරන අයවලුන් වූ අතර උදෑසන සිට සිටගෙනම රාජකාරී කරන සුපිරි වෙළදසැලක මුදල් අයකැමි වරියක් වුවද දවස අවසාන භාගයේ වුවත් සිනාමුසුව බොහෝ ප්‍රබෝධයෙන් සේවය සලසන ආකාරය දැකගත හැක.

මෙතෙක් වේලා මා විස්තර කලේ සිංගප්පූරුව භෞතික වශයෙන් ලද දියුණුවයි. මේ විස්තරය අවසන ලංකාවේ වෙසෙන හිතවතෙකුට ලංකාව මේ තරම් දියුණු නෑ නේදැයි සංවේගයක් ඇති විය හැක. නමුත් ඊළගට මා කියන්නට යන කාරණා වලින් පසු සිංගප්පූරුවේ නැති දෑ ලංකාවේ ඇති බැව් ඔබටම වැටහේවි.

සිංගප්පූරුවේ නීති රීති මෙන්ම දඩ ද නැති තැනක් නැත. මෙහි වැසියන් මේ තරමට හික්මවා ඇත්තේ ඒවා මගින් වුවත් සමහර විට ඒ නීති රීති පද්ධතිය තුල නිදහස අවම වී ඇති බවක්ද හැගේ. හදිසියේ ඇතිවන කැස්සක් නිසාවත් පාරේ කෙළ ගැසිමට නොහැකිය. ආරක්ෂිත කැමරාවක් හෝ පොලිස් නිලදරුවකු ඒ බැව් දුටුවහොත් දඩය ෂුවර්ය. ප්‍රසිද්ධියේ 10 දෙනෙකුට වඩා එකට රැස් වී අල්ලාප සල්ලාපයේ යෙදීමද නීති විරෝධී ගනයට අයත් වෙයි. රැස්වීමක් පැවැත්වීමට අවැසි නම් සැමවිටම අවසර ගත යුතුය. රජය විවේචනය කිරීමට මෙන්ම එළිපිට විරෝධතා දැක්වීමටද අවස්ථාවක් නැත.පරිසරය සුන්දර කිරීමේ අරමුණින් කපුටන් වෙඩිතබා මරාදැමීම අදටත් සිංගප්පූරුවේ සිදුවෙයි. ඒ පිළිබද දර්ශන මෙතැනින්

නොමිලේ බෙහෙත්, නොමිලේ අධ්‍යාපනය මෙහි නැත...හැම දෙයම මුදලටය. කාගේවත් පිළිසරණක් නැති අසරණ වැඩිහිටියන් වෙනුවෙන්ද , ලංකාවේ තරම් සුභසාධක වැඩසටහන් නැත. ආහාර අළෙවිසැල්හි පිරිසිදු කිරීමේ නිරත වන පිගන් සෝදන වැඩිහිටියන් ඉතාම සුලභ දසුනකි. රටේ භූමි ප්‍රමාණය මද වීම නිසා හැම තැනම ඇත්තේ සුඛෝපභෝගී තට්ටු නිවාසයන්ය. ලංකාවේ මුදලින් රුපියල් කෝටි 5 සිට ඉහළට මිළ නියම වුවද කිසිදු තැනක නිදහසේ වැළි කැටයක් පෑගිය හැකි මිදුලක් නැත. එහි අරුත සිංගප්පූරු වැසියාට කෝටි ගණනක් ගෙවා හෝ ලබාගත නොහැකි ඇතැම් දේ ශ්‍රී ලංකා වාසීන් බහුතරයක් නොමිලේ භුක්ති විදින බවයි.

ලංකාවේ දුප්පත්ම මිනිහටත් හදිසියකදී පාරෙ කෙළ ටිකක් ගහන්න, නිදහසේ පොළවෙ පය ගහලා ඇවිදින්න, දරාගන්න බැරි විටෙක අකුලකට හරි මුත්තරා බර හෑල්ලු කරගන්න තියෙන නිදහස සිංගප්පූරු වැසියාට නැත. චාරිකා සටහනක් ලෙස මා දුටු දෑ මෙහි සටහන් කලත්...පුද්ගලිකව මට නම් ලංකාව තරම් සිංගප්පූරුව වටින්නේ නැත. මා සිංගප්පූරුවට පැමිණි ප්‍රථම දිනයේම
මේක යකෝ වැඩ කරන්න කියලා ලස්සනට හදපු අපායක් යනුවෙන් මා මිත්‍ර ජෙරමි පැවසුවේද මේ හේතූන් නිසා විය යුතුය. සල්ලි තියෙන එකාට මිස සල්ලි නැති එකාට ජීවත් විය නොහැකි තැනට සිංගප්පූරුව පත්වෙමින් තිබේ යැයි මට සිතේ.

සිංගප්පූරුවේ භෞතික දියුණුව මගේ උපන් බිමේ නැති වුවද එහි ඇති උණුසුම, අපේ යැයි හැගීම කිසිදු රටෙක අපට අත්විදිය නොහැක. භෞතික සාධක මතින් අන් රාජ්‍යයන් අප අභිබවා ගියද අධ්‍යාත්මික වශයෙන් මගේ රටේ ඥාති සමූහයා අන් කවර රටකට හෝ නොදෙවැනි යැයි මම සිතමි. නමුත් හද පෙළන සංවේගය නම් මේ කියන භෞතික දියුණුව මගේ රටට අත්කර දී රට සුඛිත මුදිත කර අපේ ජනතාවගේ ජන ජීවිතය උසස් කිරීමට සැබෑ උවමනාවක් නිදහසෙන් පසු බිහි වූ ජනනායකයන් බහුතරයකට නොතිබීමයි. ඒ වෙනුවට තමන්ගේ බඩ වඩා ගන්නා ජඩ දේශපාලන න්‍යායක පිහිට ඔව්හු සෙව්වෝය. දැන් අප පරක්කු වැඩිද ?



මතු සම්බන්ධයි......


මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා..


ප.ලි

කිසිදිනක විදේශගත නොවූ අයගේ දැනගැනීම උදෙසා ඇතැම් තොරතුරු කෙටි නොකොට ඇතුලත් කළෙමි.

රටක් සැබැවින්ම දියුණු නම් එයට භෞතික වශයෙන් ලබන දියුණුව මෙන්ම පුද්ගල සුභසාධනයද ඇතුලත් විය යුතුය. ඒ අර්ථයෙන් සැලකූ කල ඔස්ට්‍රේලියාව දියුණු රාජ්‍යයකට උදාහරණයකි. එහි වැඩිහිටියන් වෙනුවෙන් යැපීම් දීමනා ලබාදෙන වැඩසටහන් පවා ක්‍රියාත්මකය.

තවත් අලුත් දුම්රිය මාර්ග 5 ක් 2030 වෙද්දී නිමකිරීමට සිංගප්පූරු රජය සැලසුම් කර ඇති අතර ඇතැම් මාර්ගයන් දැනටම ඉදිකිරීමට පටන්ගෙන ඇත.

මගේ මිත්‍රයන් මට දැක්වූ තොරතුරු අනුව සිංගප්පූරුව තුල පිටින් පෙනෙන සුන්දරත්වයම එහි අභ්‍යන්තරයේ නැත.



175 comments:


  1. සිරා මම කෙටි කමෙන්ට් එකක් දානවා කියල හිතන්න එපා.ඒත් මචන් සියල්ල ගැන හිතද්දී කියන්න තියෙන්නේ සංචාරයකට වත් ඔහේ එන්න අදහසක් නැහැ. මීට කළින් තිබ්බා.මගේ සිංගප්පුරු යාලුවෙකුත් ඉන්නවා කළින් වැඩ කරපු .එයා නම් මේ තරම් බරපතළ විදිහට කියල නැහැ මට. ( ඒ වගේම අහන්න ගියෙත් නැහැ පස්සෙන් පන්න පන්න මොකද මට වැඩක් නැති නිසා )

    ඇත්තටම මචන් කන්න නැතුව මැරුණත් ලංකාවේ ඉඳන් මැරෙන එක නම් පුදුම සැනසීමක්,ඒ වගේම ඔහොම නීති රීති වලට යට වෙලා නම් ඉන්න බැහැ මචන්..ඇත්තටම මචන් හිර කාරයෝ වගේනේ . උපන් දා ඉඳන් මැරෙනකම් ඔහොම ජීවිතයක් ගෙවන්න වීම නම් පවක් ...! ඕක දියුණුව නෙවේ බන්...


    මූලික මිනිස් හිමිකම් වත් නැහැනේ. සිංගප්පූරුවේ දියුණුව ගැන මම දැන් ටිකක් බැලුවා හොයලා.මචන් රජයේ සමස්ථ අදායම එක්ක ලොකු ප්‍රතිශතයක් මකර කටට යනවා..!ඒත් කිසිවෙක් ප්‍රශ්න කරන්නේ නැහැ...හේතුව නීතිය සහ කිසිම කෙනෙක්ට තමන්ගේ කියල ස්ථාවර භාවයක් නැහැ..හැමෝම නිකන් කුලී කාරයෝ වගේ. පොඩ්ඩ බැරි උනොත් අකුලන් යන්න වෙනවා...

    ඔය දීපන්කරෙන් ඉක්මණට වරෙන් මචන්..මෙන්න මෙහෙ තියෙන දෙයක් කාල ඉම්මු...

    ReplyDelete
    Replies
    1. සිරාගේ සිංගප්පූරු ගමන එක්ක හිතන්න එපා මචන් මම මේ කියන දේවල් මේතැනින් පහලට.

      මචන් අපිට සිංගප්පූරුව කිව්වම එක පාරට ඔලුවට එන්නේ සුඛිත මුදිත දේශයක් ගැන.ඒ තමයි යාන වාහන උස බිල්ඩින් දැක්කම එන හැගීම ඕනේ කෙනෙක්ට.නමුත් ඒක නෙවේ රටක සමස්ථ ජීවන මට්ටම මනින්න ඕනේ සාදකය.

      සිංගප්පූරුව කියන්නේ වර්හ කිලෝ මීටර් 700 විතර වෙන රටක්නේ.

      01. නගරයක් පාලනය කරනවා වගේ පාලනය කරන්න පුළුවන් ඒ නිසා.
      02. අති සංකීර්ණ එකිනෙකට වෙනස් ගැටළු එන්නේ නැහැ ( වෙනත් විශාල රටවලට සාපේක්ෂව )
      03. රටේ සමස්ථ අදායම එක්ක බලද්දී වර්ග කිලෝමීටරයක් සඳහා බිලියන ගණනින් මුදල් ආයෝජනය කරන්න පුළුවන් . ( අනිත් රටවල් වලට සාපේක්ෂව සහ වර්තමාන ආර්ථික දියුණුව එක්ක )
      04.මිනිස්සු ටිකත් එහෙමම හික් මීයෝ වගේ හික්මවිලා .( අධික නීති . හරි හරි එහෙම නැහැ කියමුකෝ )
      05.උපන් දා ඉඳන් සිංගප්පූරු වැසියෝ ඔය ජීවිතේට හුරු නිසා ඒ රාමුවෙන් එළියට යන්න උත්සාහ කරන්නෙත් නැහැ. ( එයාලටත් නැති අමාරුවක් අපිට ආවට මමත් ඇතුළුව )

      06. රටේ තියෙන සීමිත ඉඩ කඩ එක්ක ඔය වගේ නීති රීති මාලාවක් නොවෙන්න මෙලහට පිටකොටුව වගේ වෙලා.( එහෙම බලද්දී නීති දාල හරි ඔහොම පවත්වන් යන එක ගැන සතුටු වෙන්න ඕනේ )

      07. කොහොම හරි වර්තමානය වන විට දැඩි නීති වලින් බැහැර වෙලා සුහදශීලී ප්‍රතිපත්ති වලට යනවා නම් "ලෝකේ සුන්දරතම පුංචි රටක ආකෘතියක් විදිහට" සිංගප්පූරුව කිරුළු පළඳියි...

      08. අඩුම තරමේ වයසක , ඇත්තටම බෙලහීන පිරිසට හරි සහන රජයේ වියදමෙන් සලසන්න ඕනේ.


      ( මගේ මේ කොමෙන්ට් එක සහ සිරාගේ සිංගප්පූරු ගමන අතර සම්බන්දයක් දකින්න එපා. )

      Delete
    2. machan AUSTRALIYAWA ape singappuruwatayi sri lankawatayi detama wada lokui ne...

      eka nisa

      1. uba mathe waradi...
      2. uba mathe waradi...
      3. uba mathe waradi... ape ayaojanaya karanne elowatayth nathi melawatath nathi ewatane.. ( ex : mattala air port and hambantota waraya )
      4. AUS wala minissuth ape wage un nemei... (ex : " lankaawe 10k gaththoth ki denada ban topiyak kaawath kole kunu godak gaawatama gihin wisi karana eka.. "
      5. ekath hondayi ne ban.... ape un wage sakkili thaaleta hadila na ne un..
      6. ehenam AUS ehema wenna epai.. ape ratata wada AUS kohomada udin inne ochchara loku ratak welath...
      7. ape rate neethiyak thiyenawada??????
      8. onna meka thamayi uba dinna ekama kaaranaawa

      Delete

    3. මෙහෙමයි මචන් මට ජයග්‍රහණය සඳහා තර්ක කරන්න උවමනාවක් නැහැ. සිංගප්පූරුව චා රටක් කියනත් උවමනාවක් නැහැ.මම කිව්වේ ඒ ඒ තත්ව ගැන.මම කියපු දේවල් වල ගත යුත්ත ගන්න . ඒ ඇති .. අනික මම කමෙන්ට් එකේ මුල සිටම disclaimer එකත් එක්ක ඒ ඒ අවස්ථාව පැහැදිළි කරේ...

      ===============================
      ඕසි වල සමස්ථ භූමි ප්‍රමාණය වැඩි උනාට බහුතරය ශුෂ්කයි.ඒ වගේම ජනගහනය සීමිතයි. එදා ඉඳන්ම යුරෝපීය සම්භවයක් ඇති අය අතිනුයි ඕසි බිහි උනේ.නැතුව මහා විශාල ආර්ථික සංග්‍රාමයක් කරලා නෙවේ. අනිත් දේ තමයි පසු ගිය දශක දෙකේ සිට ඒ රටට ගන්නේ " සමජයේ ඉහල යැයි සම්මත " මිනිස්සු.ඒ නිසාත් ඉබේම ජීවන තත්ව සාදකය ඉහළ යනවා.
      ( මේ ටික හරි කිව්වේ ඕසි ගැන ඇදුන නිසා..ඒ ඇරෙන්න කතා කරනවා නම් තව කතා කරන්න දේවල් ගොඩක් තියෙනවා.)
      ===============================

      Delete
    4. AUS nemeyi ban europe godak darawal maara clean.. a a ratawal wala minissu discipline athin loku thanaka inna nisa...

      (ex : " lankaawe 10k gaththoth ki denada ban topiyak kaawath kole kunu godak gaawatama gihin wisi karana eka.. "


      ratak honda wenna rate minissuth honda wenna one... kaala kanni paalakayoyo kaala kanni minissui wadiyen inna ratawaluth kaala kanni wenawa... duken unath kiyanna wenne lankaawath ehemai... :(

      Delete
    5. thawa ekak machan... mama lankawe ipadila lankawe hadila wadila lankaawatama apahasa karanawa kiyala hithanna epa... samahara gathi guna athinnam api inne amuma pahalin... ubala mekata ekaga nowi inna ekak na...

      Delete
    6. ඔව් මචන් ඒක ඇත්ත. මෙතන පැහැදිළිවම තියෙන්නේ ආකල්පමය වෙනස ගැන ප්‍රශ්නයක්. 48 සුද්දාගෙන් මේ රට උදුරන් අපේ කරගත්ත දා ඉඳන් අපි දැක්කේ බලයට කෑගහන , පාවා දෙන , තුට්ටු දෙකේ විගඩන්. ඒවා දකින්න දකින්න අපේ මනසේ ඇඳෙන්නේ මේක තමයි දේශපාලනය කියල.

      නමුත් දේශපාලනය කියන්නේ රටක ඇති සීමිත සම්පත් ක්‍රමවත්ව පාලනය කරන්න හදා ගත්ත එකඟතාවයට. උපරිම කාර්යක්ෂමව සම්පත් පරිහරණය , මෙහෙය වීම තමයි දේශපාලනය තුලින් වෙන්න ඕනේ...නමුත් අපේ රටවල වෙන්නේ සම්පත් සූරා කෑමට දේශපාලනය යොදා ගැනීම..

      මෙවැනි සිද්දි දකින්න දකින්න අපෙත් මනස පිරෙනවා පහත් ආකල්ප වලින්.අන්තිමට රටේ පාලකයෝත් , රට වැසියොත් යන්නේ පහත් ආකල්ප වලින් පෝෂිත තුප්පහි අනාගතයක් සඳහා...
      කිසිම දාක සුබ අනාගතයක් නම් උදා වෙන්නේ නැහැ ආකල්පමය වෙනසක් නොවෙනකම්.....

      ( මේ කමෙන්ටුව ශ්‍රී ලංකාවට අදාලව දැමු එකක් බව සලකන්න )

      Delete
    7. anna uba hari.. mama mechchara wela kiyanna dangalapu eka uba therum gaththa... sira machan.. tharaha wenna epa thawa ano la set ekak ube blog eka chora karanawa...

      Delete
    8. අනිත් දේ තමයි පසු ගිය දශක දෙකේ සිට ඒ රටට ගන්නේ " සමජයේ ඉහල යැයි සම්මත " මිනිස්සු.ඒ නිසාත් ඉබේම ජීවන තත්ව සාදකය ඉහළ යනවා.

      සහන්
      මෙන්න මෙතන ඔබ වැරදියි.මම 1990 ඕස්ට්‍රේලියාවට සංක්‍රමනය වුනේ නීත්‍යානුකූලව බෝට්‍ටුවෙන් නෙමෙයි.මම ඔයා කියනව වගේ ඉහල පැලැන්තියෙ කෙනෙක් නෙමෙයි.ජර්මන් ටෙක් එකේ ඉගෙනෙගෙන ලංකාව බාසාවෙන් කියන හැටියට මැකෑනික් කෙනෙක් වුන මට මෙහෙට එන්න ලැබුනා skilled migrant ලාට එන්න ආගමන ප්‍රතිපත්තියෙන් ඉඩ දෙන නිසා.අනික තමයි සහන් ලංකාවෙ මොන සැප තිබුනත් නීතියක් තියනවද? බයක් නැතුව ඉන්න පුලුවන්ද? මම කියන්නෙ කිසිම්ස් ලොකු ලොක්කෙක් දන්නෙ නැති අහින්සකයෙකුට.

      Delete
    9. අන්න ඒකයි වැඩේ.ඔබ ලංකාවේ හිටියා නම් නිකන් ගැරිජ් කාරයෙක් .මජන් කාරයෙක්. දවස පුරා මජන් අත ගාලා කීයක් හරි කොටා ගන්න කසී කබල් මිනිහෙක්...! disclaimer ( මම නෙවේ මෙහෙම කියන්නේ.මම කියන්නේ ලංකාවේ ආකල්පය .මම ඔහොම හිතන පතන කෙනෙක් නෙවේ )

      ඒත් ජර්මන් ටෙක් 90 ගියා කියන්නේ ඔබ එංජිනේරුවෙක් වගේ ඒ කාලේ හැටියට.වටිනාකම කියලා නිම කරන්න බැහැ.ඔබ ස්ටෙප් කීපයයි තව සම්පූර්ණ කල යුත්තේ මෝටර් කාර්මික එංජිනේරුවෙක් වීමට..ඔබ පිපීගෙන එන පොහොට්ටුවක් වගේ.ඔබේ වටිනාකම් මොන තරම්ද කියන දේ ඕසි රජය/බටහිර ආයතන දන්නවා.ඔබව දොහොත් මුදුණින් බාර ගන්නේ ඒකයි.

      දැන් තේරුණාද ලංකාවේ සහ ඕසි රජයේ වෙනස.ඔබ මෙහෙ හිටියනම් අදටත් ගැරිජ් කාරයෙක් ජර්මන් ටෙක් ගාටපු.ඔබ ඕසි වලදී පිළිගත් වෘතියක් කරන දක්ෂ කාර්මික අංශයේ රැකියාවක නිරත මහත්මයෙක්...!


      මම මගේ උපාලි මැස්ඩා ලිපි වලත් කතා කරේ ඔය ගැනමයි...බුලත් විට විකුණන මනුස්සයත් වැදගත් රටක ආර්ථිකයට.කිසිම කෙනෙක් ලොකුත් නැහැ , කිසිම කෙනෙක් පොඩිත් නැහැ.සියලු දෙනා ඉන්න ඕනේ.සියලු දෙනාට ආත්ම ගෞරවය , වෘතීය ගෞරවය ලැබෙන්න ඕනේ...
      " : ඇයි අපිට ජපානෙන් 300% බද්දට වාහන ගේන්න උනේ?1960 දී ලංකාවේ මෝටර් රථ තාක්ෂනය විනාශ කළ දේශපාලනය ".


      ඔබ සතුටු වෙන්න ගැරිජ් කාරයෙක් නොවී , එංජිනේරු වෘතියක යෙදෙන මහත්මයෙක් විදිහට ඔලුව කෙළින් තියන් ජීවත් වෙන්න ලැබීම ගැන.දියුණු වී ඔලුව උස්සා සිටින සියලු රටවල් දියුණු උනේ එහෙමයි...!

      අපිට තවම ඒ ගමන යන්න බැරි උනේ මිනිස්සුන්ගේ ආත්මයටම ගරහන නිසා.සියල්ල අවසානයේ රටම ගැරහීමට පත් වෙන්නේ ඒකයි අනිත් රටවලට සාපේක්ෂව...

      Delete
    10. සහන් සහ ඇනෝ මිතුරන්ගෙන් හරබර අදහස් රාශියක් ජනිත වී ඇති බැව් මගේ අදහසයි. සිංගප්පූරුවේ අඩුපාඩු දැක්වීමට මා උත්සුක වූයේ සිංගප්පූරුවේ හොද දේ පිළිබද පමණක් මා ලිව්වා නම් එමගින් ලංකාවේ නරක තවත් ඉස්මතු වේ යැයි මට හැගුනු හෙයින්. ඇත්තටම ලංකාවේ හොද දේ ගොඩාක් තියෙනවා...නමුත් නරක දේ නිසා ඒ සියල්ල වැසී ගිහින්...අද අපේ රටේ තියෙන මේ කාබාසිනියා දේශපාලන සංස්කෘතිය තුල අපට ලංකාව කවදාවත් දියුණු රාජ්‍යයක මට්ටමට ගේන්න පුලුවන් වෙයිද කියලා හිතෙනවා...එතනට එන්න නම් ආකල්පමය විදියට ලංකාවෙ බහුතරය සෑහෙන වෙනසකට ලක්විය යුතුයි. පුංචි රැකියාවක් කරන කෙනත් රටේ දළ ජාතික නිෂ්පාදනයට දායක වන අයෙකු ලෙස මීට වඩා පිළිගැනීමක් සහ ගෞරවයක් හිමිවිය යුතුයි. යුධ ජයග්‍රහණයෙන් පසු ඒ සදහා කදිම අවස්ථාවක් නිර්මාණය වුවත් පාලකයින් ඒ වාසිය උකහා ගන්නට සමත් නොවූ බැව් කණගාටුවෙන් වුව කිව යුතුය.

      Delete
    11. anna hari sira... ubata ekenma theruna... desha paaluwo ehema rata kanakota ape minissu wena ratawal walata yana eka nawaththanna ba... anith eka thamai ape minissunge hadiyawa meeta wada wardanaya kara ganna eka...

      singapouruwa gana thawa wisthara daapan.. jaya wewa..

      Delete
  2. අම්මෝ ලස්සන උනාට උබලා දෙන්නා කියන විදිහට අපායක්නේ

    ReplyDelete
    Replies
    1. එහෙමමත් නෑ අටම්...ඒ දේ සාපේක්ෂයි...නමුත් සිංගප්පූරුවෙ තියෙන විනය,පිරිසිදුකම,ආරක්ෂාව සළකා බැලුවාම ලංකාවට වඩා ගවු ගාණක් ඉදිරියෙන් තියෙන්නෙ...ඒ සියල්ල දැඩි නීති රාමුවක් නිසා ඇති වී ඇත්තෙ...

      Delete
    2. ape ratatath ehema neethi daala hari kamak na ban rata piliwelakata thiyenawanam... eth kaalakanni deshapaaluwo ekka owa karanawa thiya hithannawath ba... eka ekata thiyenne eka eka neethine ban... ekane okkotama hene..

      Delete
  3. // සිංගප්පූරුව තුල පිටින් පෙනෙන සුන්දරත්වයම එහි අභ්‍යන්තරයේ නැත//

    මේ කියමන තුල මුළු කතාවම ගැබ්ව ඇත.

    "Singapore is a 'FINE' country " යනු යටි අරුතක් ඇති තවත් එක් කියමනකි. ඒ සිංගප්පූරුවෙ හැම උලව්වකටම දඩ ගසන නිසාය.

    දැන් කොහොමද මන්දා, චුයින්ගම්, බුලත්, සහ සැටලයි ටීවී එහෙමත් තහනම් නේද? මට හමුවූ අයෙක් කීවේ , ඔබ සිංගප්පූරු ජාතිකයන් හතර දෙනෙක් සමඟ කතාකලොත්, ඉන් එක අයෙක් රජයේ ඔත්තු කරුවකු විය හැකි බවයි. සිංගප්පූරුව යනු පොලිස් රාජ්‍යයකි. මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වන, කතා කිරීමේ නිදගස, මාධ්‍යය නිදහස, විරෝධය පෑමේ නිදහස, අහිමි සිංගප්පූරුවෝ, අධික ලෙස මුදලටත්, වැඩටත් ඇබ්බැහි වුනු, නීතිගරුක නමුත් මනුස්සකමක් නැති මිනිස්සු කොටසක් බවට,එරට දැඩි නීති පද්ධතිය පත් කර ඇත.

    සිංගප්පූරුව ඔබේ රට නෙමෙයි, අඩු ගානෙ පදිංචිවෙන්න ඉන්න රටක් වෙත් නෙමෙයි. රට ගැන දැන ගෙන හිටියට කමක් නෑ, ඕනෙවඩා කළකිරෙන්න එපා, එය ඔබ ආ කාරියට බාධාවක් වේවි.

    ස්වභාවික සම්පත් නැති, බොන්න වතුර ටික පවා ආනයනය කරන්න වුනු, ජාතීන් කීපයක් වාසය කරන, වෙනත් රටක නගරයක් තරම් වපසරියක් ඇති ඔවැනි රටක පැවැත්මට,පාර්ෂික එකාධිපති ක්‍රමය හැර වෙන විකල්පයක් නැති වීමටද ඉඩ ඇත.

    බොහොම ආසාවෙන් කියෝපු ලිපි පෙලක්. ස්තූතියි






    ReplyDelete
    Replies
    1. @ ටොමියා

      +++++++++++++++++++++++++++++++++++

      ටොමියා කියන දේ එහමයි හරි සිරෝ හොඳට කල්පනා කරෝත් එහෙම . ඒ මිනිස්සු එදා ඉඳං ඉන්නවනේ ඔය රටේ කොහොම හරි. අපි ඒ රටේ මානව හිමි කම් තියේද නැද්ද කියල හිතන්න යන්න ඕනේ නැහැ.අපිට තියෙන්නේ ආව වැඩේ කරන් ඉන්න. හැබැයි ඒ රටේ විස්තර දාන්න පුළු පුළුවන් වෙලාවට ...

      ඒ කිව්වේ නවතින්න පුළුවන් තැන් , හෝටල් , කෑම බීම ගන්න ලේසි පහසු තැන් , පන්සල් ගැන , බලන්න ලස්සන තැන් , වගේ ආගිය තොරතුරු...

      Delete
    2. ටොමියා.....සිංගප්පූරුව ගැන කළකිරෙන්න හේතුවක් නෑ...මම දැන් සිංගප්පූරුවේ ඇත්තෙත් නෑ...මම මේ ලිපි පෙලේදි උත්සාහ කලේ සිංගප්පූරුව පිළිබද මට උකහා ගත හැකි වූ දේ වගේම වසර ගණනක් එහි සේවය කල මගේ මිතුරන් මට කියූ දේත් පාඨක ඔබ වෙත ලබා දෙන්න. ඒ හේතුවෙන් හොද වගේම නරකත් මම ලිව්වා. ඔබේ කමෙන්ටුව තුල ඇතුලත් කරුණු සත්‍යයි.

      Delete
  4. ඒකට මෙහෙ අදත් අපේ කට්ටි 2ක් ගහගෙන පත්තරේ තිබුනා,,ගෑනු කේස් එකකට,අවුලක් නෑ කස්ටිය පොලිසියෙදි හොදටම අඩලා දුක කියලා හෙට ගෙදර යයි...

    ReplyDelete
    Replies
    1. ඔව් නේද?

      Delete
    2. ඉතාලිය දැන් පරණ ඉතාලිය නෙමෙයි නේද ? ආර්ථික වශයෙන් පසුගාමී තත්වයක නේද ඉන්නෙ...

      Delete
  5. ඒත් මචං මැද පෙරදිග වැඩට යනවට වඩා නම් සිංගප්පූරුවෙ යන එක හොඳයි... අඩුම ගානෙ හැමෝටම පොදු නීතියක් තියෙනව, ඉඳල හිටල හරි හොඳ ගහක් කොලක් දකින්න පුලුවන්... :)

    හැබැයි ඉතින් සිංගප්පූරුවෙ වැඩට ගිහින් ටික දවසක් යද්දි රට එපා වෙනව(ලු)... ඊට පස්සෙ ඉතින් කරන්නෙ වටේ පිටේ තියෙන රටවල් වල රවුම් ගහන එක... ඒ වැඩේට නම් සිංගප්පූරුව කියාපු තැන, air tickets ගනන් අඩුයි නෙ...

    ReplyDelete
    Replies
    1. ඒත් මචං මැද පෙරදිග වැඩට යනවට වඩා නම් සිංගප්පූරුවෙ යන එක හොඳයි//

      ඔටුවන්ට කඹුරන්න යනවට වඩා නම් කොහේ යන එකත් හොඳයි :D

      Delete
    2. බුවා නො ඔෆෙන්ස්, බට් , ඔය ඔටු රටවලින් නේද බන් වැඩිම විදේශ විනිමයක් එන්නේ...

      Delete
    3. @ buwa - machan otuwanta kamburanawa unata kamak na... mokada un ekata hariyana loku watupak gewana nisa... dubai ehema niyama ratak... habai igena gena honda job ekakata enawanam... kamkaru wada karana ayata thamayi katta kanna wenne.. honda job karana ayata ehema na... mama wada karanneth oil company ekakaka.. matath AED 15000ka watupak mehe hambenawa... 15000 x 34.50 balapan rupiyal kiyada kiyala... habayi mona magula unath mamath aadare mage ratata... puluwan tharamak mungen hamba karagena mage ratata enna thamayi mamath hithagena inne... jaya wewa...!!!!

      Delete
    4. ගමන් මඟියා , ඇනෝ - ගනන් ගන්න එපා , සිරියස් කථාවක් නෙවෙයි . මගේ පුද්ගලික ප්‍රතිපත්තියක් තමයි මුස්ලිම් රටවල සේවය නොකරන එක (ආර්ථික වශයෙන් කොයි තරම් ලාභ වුනත් )

      හැබැයි ගමන් මඟියා මතුකරන විදේශ විනිමය කතන්දරය නම් කණ්ගාටුදායකයි , මොකද රටක ප්‍රධාන ආදායම් මාර්ගය වෙන්න ඕනි විදෙස් වෘත්තිකයින්/ශ්‍රමිකයින් නෙවෙයි

      Delete
    5. @ buwa - ubata ehenam lankawedeshapalane karanna wei... eka thamayi sapen inna puluwan ekama widiha... jaya wewa

      Delete
    6. අවංකවම කියනවා නම් අරාබි රටවල් වල තියෙන නීති රීති තරම් සිංගප්පූරුවේ නීති රීති දරුණු නෑ...එහි ආගමික නිදහස,ජනවාර්ගික නිදහස උපරිමයෙන් තියෙනවා...හැබැයි මරණ දඩුවමත් ක්‍රියාත්මකයි...හොරට ඉදලා අහුවුනොත් කස පහරත් නියම වෙනවා.

      රාමසාන් සමයට අරාබි රටවල වෙසෙන අන්‍ය ආගමිකයනුත් සෑහෙන තරමේ අපහසුතාවලට පත් වෙනවා නේද...

      Delete
    7. oya minissunge poru baila ban... kada nam kalin wahanawa... kana bona unta ge athulata wela kanna puluwan bada palenakam hari... gewal wala wada karanna yana ayatanam oya thathwe wenas athi... hampuththu kanne nathuwa gedara wada karana ekata kanna denne na ne kohomath... thamanta kiyala wenama thanak thiyenawanam ge athulata wena ona magulak karanna puluwan...

      Delete
  6. මචං,සමස්තය වශයෙන් ලංකාවේ අපි භොUතිකව දියුණු නොවුනාට අධයාත්මකව දියුණු ජාතියක් කියලා සිරාවටම හිතනවාද?

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම හිතන්න තිබුණා උඹ වගේ එකෙක් මෙහෙම කමෙන්ට් නොකරන්න.

      Delete
    2. @ ano +++++++++++++++++

      Delete
    3. අවංකවම මට එහෙම හිතෙනවා...ලංකාවෙ හැම දෙනාම වැරදි කරන්නෙ නෑ...සුලුතරයක් තමයි එහෙම දේ වල නිරත වෙන්නෙ...ඒ සුලුතරයක් නිසා බහුතරයගෙ හොද යටපත් වෙලා. අපේ මිනිස්සු තරම් ලෙංගතු මිනිස්සු, දුකේදි ඇදුනුම්කමක් නැති වුනත් පිහිට වෙන මිනිස්සු, තමන් කුසගින්නෙ හරි ඉදලා තව කෙනෙක්ට කන්න දෙන මිනිස්සු, අනිත් රටවලා නෑ කියනවා නෙමෙයි හරිම අතලොස්සයි. ලංකාවෙ වටිනාකම හොදට දැනෙන්නෙ පිටරටකට ආවම. කොයි රටේ හිටියත්, මොන සැප පහසුකමක් වින්දත් අපේ මිනිස්සුන්ගෙ හදවත තියෙන්නෙ ලංකාවෙ.

      Delete
  7. සිංගප්පූරුව ගැන මැලේසියාවෙන් ආපු මගේ මිත්‍රයෙක් මරු කතාවක් කිව්වා. ජෝහොර් කියන්නේ මැලේසියාවේ දකුණු පැත්තට වෙන්න තියෙන ප්‍රාන්තේ. එහේ තියෙන වතුර සිංගප්පූරුවට අරන් පිරිපහදු කරලා ආපහු මැලේසියාවට යවනවා. වතුර ලීටර් එකක් සිංගප්පූරුවට දෙන්නේ රුපියල් පහ නම් ආපහු මැලේසියාවට දෙන්නේ රුපියල් 8 කට. මේ ගණන් උදාහරණ විතරයි. මේ ක්‍රමයට අවුරුදු පනහකට ගිවිසුම් ගහලා. මම 2008 ගියත් මේ වගේ සටහනක් කරන්න බලාපොරොත්තුවක් එදා නොතිබුන නිසා කිසිම තොරතුරක් එකතු කලේ නෑ. ඔයාගේ පොස්ට් කියවද්දී ගිය තැන් මතක් වෙනවා.

    ReplyDelete
    Replies
    1. මම ඒ ගැන නම් ඇත්තටම දැනුවත් නෑ සුදීක අයියා...නමුත් මට දැනගන්න ලැබුනු විදියට මැලේසියාවෙන් ලබාදෙන ජලය සදහා අයකරන ගාස්තුව මෑතකදි වැඩි කරලා තියෙන නිසා තමන්ගෙ අවශ්‍යතා සදහා කෘතිම ජලාශයක් හදලා තියෙනවා සිංගප්පූරුවෙ Jurong කියන පලාතට වෙන්න...හරියට අපේ වැවක් වගේ එකක්. නමුත් එහි රැස් කරන ජලය මම හිතන්නෙ නෑ ඒ අයට ප්‍රමාණවත් වෙයි කියලා.

      මැලේසියාව සමග මේ ජල ගිවිසුම කෙටුම්පත් කරන්න ලී ක්වාන් යූ නායක තුමාට සහාය වෙලා තියෙන්නෙ එතුමාගෙ බිරිද කියලා මම ජාලෙ සැරිසරන වෙලාවක දැක්කා.

      Delete
  8. සිංගප්පුරුවේ ගාණට අපිත් දැන් හැදීගෙන එනවා , හැබැයි ප්‍රජාතන්ත්‍රවාදය බල්ලට දාලා ටිකෙන් ටික ඒකාධිපති වීමෙන් විතරයි . සමාජ සුභසාධනය දෙපැත්ත කැපෙන ආයුධයක් , මේක සමහර දියුණු රටවල සාර්ථකයි , ලංකාවේදි අවශ්‍ය අන්වශ්‍ය හැමෝටම හැමදේම නිකන් දෙන්න ගිහින් නාස්තිය පිරුණු සේවාවේ ගුණාත්මක භාවය පිරිහුණු විකාරයක් බවට පත්වෙලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. //ලංකාවේදි අවශ්‍ය අන්වශ්‍ය හැමෝටම හැමදේම නිකන් දෙන්න ගිහින් නාස්තිය පිරුණු සේවාවේ ගුණාත්මක භාවය පිරිහුණු විකාරයක් බවට පත්වෙලා තියෙන්නේ//

      මටත් හිතුනේ බුවාට හිතුන දේ තමයි....

      අම්මේ සිරෝ... මම නම් වැරදිලාවත් ඔය රටට නම් එන්නේ නැ.... හේතුව දන්නවනේ... හි හි....

      Delete
    2. හිරු ඒ රටට යනවලු එස්කැලේටර් ගලවල පඩිපෙල් හයිකරපු දවසක. :D

      Delete
    3. @ hiru - dubai nam aulak nathi wei... samahara than wala nam padipel thiyenawa...

      Delete
    4. ඔන්න හිරූ සිංගප්පූරු යනව නං අන්ඩග්‍රවුන්ඩ් රේල්වේ එකේ යන්න එපා

      Delete
    5. ඒකාධිපති වියරුවක් තියෙන බව මමත් පිළිගන්නවා බුවා...තමන්ගෙ නම ප්‍රචාරය කරගන්න තියෙන ආශාව නිසා ජනතා මුදල් නිකරුනේ නාස්ති වන බවක් තමයි මට දැනෙන්නෙ..ව්‍යාපෘතියෙ ශක්‍යතාව නෙමෙයි ප්‍රමුඛ වෙන්නෙ...

      හිරු....

      සෑම දුම්රිය ස්ථානයකම සිමෙන්ති පඩිපෙලවල් තියෙනවා බන්...ඒ දුම්රිය ස්ථානය තුලට යන්න...නමුත් පිටවෙන තැන්වල නම් ඇක්ස්කැලේටර් විතරයි. ඇස් දෙක රෙදි පටියකින් බැදලා අපේ මහත්තයට අල්ලගන්න කිව්වා නම් ඒවා තරණය කරන එක සිම්පොල්...

      Delete
  9. සත්තු වගේ නැතිව විනයක් ඇතිව ජීවත් වීම අපායක ජීවත් වීමක්ද. එසේනම් ඇයි උඹ අපායක ඉන්නේ. ලියන කියන දේ හිතට එකඟව ලියපන්. රටක දියුණුව කියන්නේ. සිරිත් විරිත් හා හැදියාවන් අතින් ඉදිරියෙන් සිටීමත් ඉතා වටිනවා. ඔය රට ඔය තත්වෙට ගෙනාවේ බොහොම දරුණු නීතී රීති දාලා. රටක් හදන්න ඕන එහෙමයි..

    ReplyDelete
    Replies
    1. මේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කථා කරන මාතලන් ? සිංගප්පුරුව රෝල් මොඩල් එකක්ය කියල මම නම් කීයටවත් කියන්නේ නෑ , රටක් දියුණු වෙන්න ඕනි ප්‍රජාතන්ත්‍රවාදය රැකගෙන මිසක් සිංගප්පුරුව වගේ ඒකාධිපතිව නෙවෙයි . ආසියාවෙන් ගන්න තියන උදාහරණය දකුණු කොරියාව ,ජපානය යුරෝපයේ උදාහරණ ඕනි තරම් .

      Delete
    2. http://en.wikipedia.org/wiki/File:2010_Freedom_House_world_map.svg

      ඔය කොල පාටින් තියන රටවල් අනුගමනය කරන මාවතයි මම නිවැරදියි කියල කියන්නේ . රටක් දියුණු කරන්න ඒක බාධාවක් නොවන බව ඔය සිතියම තුලින්ම පැහැදිලියි

      Delete
    3. ඔය ගොප්ඩක් රටවල් දියුණු උනේ එකාධිපති පාලනයක් තිලින් තමයි. ඊට පස්සෙයි ප්‍රජාතන්ත්‍රවාදය ලැබුනේ. සිංගප්පූරුවත් අද ප්‍රජාතන්ත්‍රවාදී රටක්. අපේ රටටත් වඩා අන්තයට තිබුන රටක්. අද ළෝකයේ දියුණුම රටක් බවට පත් කොට අවසානයි.

      Delete
    4. @ buwa - ape rate ithin neethiyak kiyala ekak thiyenawada ban... saataka mamatama giya rata ne... thuk nodakin.. yuddenam iwara kara... ekata api adatath saataka mamage indala soldaduwa wenakamma naya gathi... eth yudde iwara karala me yaka pissune kelinne... ape rate thiyena sampath ekka baluwama kohomata diyunu karanna puluwan ratak da... eth hama ekama balanne thamanta kara ganna mosak ratata karanna nemei... kanagaatuwen unath kiyanne anna ekai apita hariyanne naththe...

      Delete
    5. සිංගප්පුරුවේ තියන ප්‍රජාතන්ත්‍රවාදය තියනවාය කියන්නේ නාමිකව තියන ඡන්දය නිසාද ? කවදා හෝ ඒකාධිපති පාලනයක් තියෙන්න ඉඩතියනවා , එහෙම නෙවෙයි සිංගප්පුරුව , මැලෙසියාව හෝ අරාබි රටවල් වගේ ඒකාධිපති පාලන ක්‍රමයක් පවත්වාගෙන දියුණු වුනු රටවල් කියන්නෙ වෙනත් කාණ්ඩයක් . වර්ථමානයේ ලිබර්ල් ප්‍රජාතන්ත්‍රවාදි පාලන ක්‍රමයන් අනුගමනය කරන මම දන්න රටවල් නම් සියල්ලම සංවර්ධනය වුනේ හෝ වෙමින් පවතින්නේ ඒ ක්‍රමය යටතේ , මොකද ඒකාධිපතිත්වයක් යටතේ රටක් අවුරුදු 30 -40ක් පාලනය වුනාට පස්සේ නාමික ප්‍රජාතන්ත්‍රවාදයක් මිසක් , පූර්ණ නිදහසක් මිනිස්සුන්ට අවශ්‍ය වෙන්නේ නෑ මොල හේදීමකට ලක්වෙලා ඉන්න නිසා

      Delete
    6. // ලංකාවේ දුප්පත්ම මිනිහටත් හදිසියකදී පාරෙ කෙළ ටිකක් ගහන්න, නිදහසේ පොළවෙ පය ගහලා ඇවිදින්න, දරාගන්න බැරි විටෙක අකුලකට හරි මුත්තරා බර හෑල්ලු කරගන්න තියෙන නිදහස සිංගප්පූරු වැසියාට නැත. චාරිකා සටහනක් ලෙස මා දුටු දෑ මෙහි සටහන් කලත්...පුද්ගලිකව මට නම් ලංකාව තරම් සිංගප්පූරුව වටින්නේ නැත. මා සිංගප්පූරුවට පැමිණි ප්‍රථම දිනයේම මේක යකෝ වැඩ කරන්න කියලා ලස්සනට හදපු අපායක් යනුවෙන් මා මිත්‍ර ජෙරමි පැවසුවේද මේ හේතූන් නිසා විය යුතුය. සල්ලි තියෙන එකාට මිස සල්ලි නැති එකාට ජීවත් විය නොහැකි තැනට සිංගප්පූරුව පත්වෙමින් තිබේ යැයි මට සිතේ. //

      අනෙක සිරා කතා කරන්නේ ප්‍රාජාතන්ත්‍රවාදයක් ගැන නොවේ. පාරේ හුජ්ජා කරන්නට බැරිවීමක් හා සුබසාධනයක් ගැනය. ඔය සුබසාධනය ගැන ඒ දියුණු රටවල්වලත් ආදායම් බදු ගෙවන පුද්ගලයන්ගේ විරෝධතා මතුවන කාලයකි මේ. සුබසාධන ඉල්ලන්නේ ඕනෑම රටක කාළකන්නින් මිසක් වෙන කිසිවකු නොවේ.

      Delete


    7. //. ප්‍රසිද්ධියේ 10 දෙනෙකුට වඩා එකට රැස් වී අල්ලාප සල්ලාපයේ යෙදීමද නීති විරෝධී ගනයට අයත් වෙයි. රැස්වීමක් පැවැත්වීමට අවැසි නම් සැමවිටම අවසර ගත යුතුය. රජය විවේචනය කිරීමට මෙන්ම එළිපිට විරෝධතා දැක්වීමටද අවස්ථාවක් නැත//

      මාතලන් අය්ය මොකෝ ට්‍රැක් පනින්නේ , සිරාගේ ලිපියේ ඔය කාරණා දෙක වගේම ප්‍රජාතන්ත්‍රවාදයේ මූලිකාංගයක් වෙච්ච භාෂණයේ නිදහස ගැන ඉහහල කොටස සඳහන් වෙනවා . අනික සිරා තමන්ගේ අත්දැකීමෙන් සමාජීය කාරණාවක් මතු කලාම ඒ ගැන එතනින් එහාට කථා කරන්න බැරි කමකුත් නැනේ

      පාරේ හුජ්ජ කරන එකට ඉඩ දෙන එකට ප්‍රජාතන්ත්‍රවාදයයි කියල මම කියල තියනවද ? සුභ සාධනය වුවමනාවට වඩා වැඩි වෙන්න වගේම 100%කින් ඉවත් කරන්නත් බෑ . ධනවතුන්ගෙන් අරන් දුප්පතුන්ට බෙදනවා කියලා උග්‍ර ධනවාදින් විරෝධය පල කලාට රටක් වශයෙන් දිගු කාලීන අවශ්‍යතාවයන් සඳහා එහෙම කරන්න වෙනවා

      Delete
    8. මම නම් මාතලන් කියන එකට එකගයි.අපේ රටින් තව රටකට ගියාම ටික දවසකින් ඒ රටේ සැම දෙයකටම අනුගත විය යුතු වෙනව.යම් අයෙක් යන රටේ තමන්ට ස්ථාවර තත්වයක් නැතිව යාමෙන් පේන්නෙම වැරදි.මේක අප කාහටත් පොදුයි.
      ඔය රටේ නීති ගැන හුගක් පසුතැවිලි වෙන්නෙ ජාවාරම් කාරයො.
      පාරෙ තොටේ යන එවුවො එක්ක හිනා වේවි ඕපාදුප කතා කතා කර කර ඉන්න හින්ද තමා අපේ රටට හෙනම ගහල තියෙන්නෙ.
      දියුණු රටවල කරන්නෙ අක්කර ගාන අහන්නෙ නැතිව මඤඤොක්ක අරන් ගිහිල්ල තම්බන් කන එක.

      Delete
    9. රටේ නිතියට අනුගත වෙන්න බැරි නම් ඒ රටට නොයා ඉන්න ඕනි ඒකේ සැකයක් නෑ , නමුත් රටක් අනුගමනය කරන වැරදි ප්‍රතිපත්ති ගැන අපිට කථා කරන්න බැරිද? කෙන්ජි ඉන්න රටේත් තත්වය මේකද


      //ප්‍රසිද්ධියේ 10 දෙනෙකුට වඩා එකට රැස් වී අල්ලාප සල්ලාපයේ යෙදීමද නීති විරෝධී ගනයට අයත් වෙයි. රැස්වීමක් පැවැත්වීමට අවැසි නම් සැමවිටම අවසර ගත යුතුය. රජය විවේචනය කිරීමට මෙන්ම එළිපිට විරෝධතා දැක්වීමටද අවස්ථාවක් නැත//

      Delete
    10. උඹ බලාපොරොත්තු වෙන භාෂණේ නිදහස ඇමරිකාවෙත් නෑ...

      Delete
    11. මම බලාපොරොත්තු වෙන ඇමරිකාවේ විතරක් නෙවෙයි බොහො රටවල තියනවා , ඒකාධිපති රටවලට සුදු හුණු ගාන්න බොරු තර්ක ගෙනාවට වැඩක් නෑ මචන් , පුලුවන් නම් සිංගප්පුරුවේ ඉඳන් උඹේ බ්ලොග් ජාතියේ විවේචනයක් කරන බ්ලොග් එකක් හොයල පෙන්නපන් !

      Delete
    12. අනික බුවා වැද්දෝ කොළඹ ආවත් එන්නේ පොරෝ කරේ දාගෙන. අපේ ගොඩක් අයත් එහෙමයි. ඌට ගහක් යට රෙන්න, හිතුන එකට කෙලින්න, සතෙක් විදගන්න, මීයක් කඩන්න වගේ ඌගේ ප්‍රජාචන්ච්‍රවාදෙට කෙල උනාම ඌට කොළබ එපා වෙනවා. අපේ ගොඩක් අයත් ඇමරිකාවේ ගියත් කුණු කරවල කෑල්ලක් හොය හොයා එපාට්මන්ට් ගානේ ලක් ගහන්නේ ඒකයි.

      මම හිතන්නේ නෑ සිරා මාත් එක්ක අමනාප වෙයි කියලා. සිරාටත් වෙලා තියෙන්නේ ඒකයි. සිරාට නෙමේයි සිරාගේ යාලුවටත් වෙලා තියෙන්නේ ඒකයි. උපන් රටේ ඉන්නවා තරම් වාසනාවක් නෑ කිසිම කෙනෙකුට මම හිතන්නේ. ඒත් ඉතින් ඒ රටේ ඉන්න බැරිනම් මක්කා කොරන්නද.... වවුලගේ මගුල් ගෙදර ගියාම එල්ලිලා ඉන්න වෙනවා සිරෝ...

      Delete
    13. මෙතන සිරාගේ අත්දැකීම පටලවා නොගෙන කථා කරමු . පාරේ වැඩේ දෙන එක වත් කෙල ගහන එකවත් ගැන නෙවෙයි මම කථා කරන්නේ , ඊලඟට ඇමරිකාවේ ගිහින් කරෝල හොයන හෝම් සික් එකත් නෙවෙයි . මාතලන් මොනව හෝ හේතුවක් නිසා සිංග්ගප්පුරුව රෝල් මොඩල් එකක් කරන් ඉන්නවා ,ඒක මාතලන් සාමාන්‍යයෙන් කථා කරන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලන ප්‍රතිපත්ති එක්ක ගැටෙන හැටි පෙන්නුවාම ඒක පිලිගන්නෙත් නෑ . සිංගප්පුරුව ප්‍රජාතන්ත්‍රවාදයක් නැති රටක් කියල ලයිස්තුගත කරල තියෙන්නේ සිරාවත් මමවත් නෙවෙයි , ඊලඟට සිංගප්පුරුවේ ක්‍රමය සංවර්ධනයේ "එකම " විකල්පය කියලත් මාතලන්ට සනාථ කරන්න තවත් බෑ .

      Delete
    14. @ buwa - machan ape un blog walin anduwata wipaksheta hama ekatama baninawa... paare bahala udgoshana karanawa.. owa walin monawa hari wenasak unada ban..??? mokak hari unama ape un dawas 4k 5k yanakam uda daagena kiyonawa... eeta passe saddayakwath na... prabhakaran kiwwa wage ape unta okkoma mathaka tika dawasak yanakam witharayi..

      lankawe pirisidu kamak naththe ape ungema waradi nisa... hithena hithena than wala kela gahanna.. kaapu beepuwa paare wisi karanna... hujja bara hadunama than than wala daana eka... yako owa karana thaak kal ape rata pirisidu wenne na.. rata lassanata thiya ganna onenam minissuth yam kapakirimak karanna one... ape ratenam owa gana katha karala wadak na... palaneth ballata gihin ne thiyenne... lankaawe 10k gaththoth ki denada ban topiyak kaawath kole kunu godak gaawatama gihin wisi karana eka.. :D :D :D :D

      Delete
    15. @ AnonymousMay 21, 2013 at 1:52 PM



      aththa kathawa machan. ape minissunta katha karanna nidahasa thibbath hariyata NA wage ban...

      ex: malaka silva siddiya , anith amathi puthage siddiya, dumindayage siddiya (thawa thiyenawa eth danata oya athi )


      ape un pissu ballo wage kiyonawanam thamai.. eth kisima wadak wela na ban... ape un monawa kiwwath un karanne unta ona eka ne.. ehema baluwama anith rata wala katha karanna nidahasak thibune nathi unata kamak na.. un apita wada udin innawa ne

      wadiya one na balapanko ape Parliament eke inna set eka..

      sanath jayasuriya....
      paba...

      oya wage moda harkwa yawweth apema gon janathawa kathire gahalane ban... bath packet ekatayi arakku widuruwatayi passen yana un inna ratak ne ban ape thiyenne...

      Delete
    16. menna dawase kathawa.....


      " lankaawe 10k gaththoth ki denada ban topiyak kaawath kole kunu godak gaawatama gihin wisi karana eka.. "

      ++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    17. මෙහෙමයි මා මිත්‍ර මා තලන් තුමෝ...සිංගප්පූරුව ගැන මහා විශාල අත්දැකීම් සම්භාරයක් මට නෑ...මට මේ ගමනේදි හමුවුනු ඇතැම් මිත්‍රයන් වසර ගණනක් එහි සේවය කරන අය...එහි සමාජය එක්ක හොදට ගැටුණු අය..උගත්කම පැත්තෙනුන් සෑහෙන ඉහළට ගිය අය...ඒ නිසා පාරෙ හුජ්ජ කරන්න නිදහසක් කිසිවෙක් අපේක්ෂා කරන්නෙ නෑ...එහෙම වෙන්න අවශ්‍යත් නෑ...මම ඒ තුලින් කියන්න උත්සාහ කලේ සිංගප්පුරුව භෞතික විශාල දියුණුවක් ලැබුවත්..එහි මිනිස්සු ජීවත් වෙන්නෙ නීති රීති නිසාවෙන් මතු වූ විශාල පීඩනයක් හිසේ දරාගෙන කියන කාරණේ. ඒ නිසාවෙන්ම ඒ අය යාන්ත්‍රික ස්භාවයට ඒ කියන්නෙ විනය තිබුනට මානුෂීය ලක්ෂණ නැති පිරිසක් බවට පත් වෙලා.

      ඔය අපාය කියන හැදින්වීම මම කරපු එකක් නෙමෙයි. සිංගප්පූරුවෙ වසර ගණනක අත්දැකීම් ඇති..එහි ඉහළම සමාජය ආශ්‍රය කරන මගේ මිත්‍රයෙක් කියපු කථාවක්...ඒ නිසා ඒ හැදින්වීමේ වගකීම මම භාර ගන්නෙ නෑ. මම පුද්ගලිකව සිංගප්පූරුව අපායක් කියලා කියන්නෙත් නෑ...නීති රීති වලින් තමයි රටක් හදන්න ඕනෙ...ඒති උවමනාවටත් වඩා නීති රීති දාලා මිනිස්සු යාන්ත්‍රික තත්වයට පත්කරනවා නම් එය සාධාරණයි කියලා මට හිතෙන්නෙ නෑ...

      සුභසාධක වැඩසටහන් අවශ්‍ය පිළිසරණක් නැති මහලු අයට,රැකියාවක නිරත විය නොහැක ආබාධිත අයට මිස කම්මැලි කමට නිදාගෙන ඉන්න උන්ට නෙමෙයි. රැකියාවක් කරගන්න තරම් ශක්තියක් නැති, කාගෙවත් පිළිසරණක් නැති අයට ආණ්ඩුවේ පිහිට මිස කාගේ පිහිටද ? සිංගප්පුරුවේ මුදල් තියෙන එකාට මිස නැති එකාට මූලික අවශ්‍යතා පවා ඉටුකර ගැනීමට නොහැකි වටපිටාවක් තමයි තියෙන්නෙ..

      සිංගප්පූරුවෙ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කියනවා නම්...එහි ආණ්ඩුව විවේචනය කරන්න නීතයෙන් ඉඩක් නෑ..යම් හෙයකින් අද ඔබ විවේචනය කලොත් හෙට ඔබට වෙච්ච දෙයක් නෑ...

      Delete
    18. ඉතින් ඇයි අනේ එහෙම රටක අර උගත් මිනිස්සු බොහොම කාලයක් ආතල් එකේ එහෙව් රටක ජීවත් වෙන්නේ. කිසිම නිදහසක් නැත්නම්. ඕකට කියන්නේ සිරා. "ආත්ම වංචාව"

      Delete
    19. ඔය හැමෝම සේවය කරන්නෙ තමන්ට උවමනා ලෞකික ජීවිතය සැපවත් කිරීමේ අරමුණින් නොවැ...ඒ අතර ඉන්නවා සිංගප්පූරුවෙ පුරවැසිකම පවා ගන්න පුලුවන් තරමට සුදුසුකම් තියෙන වසර 10කට වඩා එහෙ හිටපු අයත්....නමුත් ඒ හැමෝටම අවශ්‍ය සෑහෙන තරමක් මුදල් උපයලා තමන්ගෙ ඉදිරි ජීවිතය ලංකාවෙ ගත කරන්න. ඒ අය සිංගප්පූරුවේ පැළ පදියම් වෙන්න කැමති නැත්තෙ මේ රටේ මනුස්ස කම ඉහවහා මුදල් කියන සාධකය හැම තැනකම රජවෙලා ඉන්න නිසා

      කිසිම නිදහසක් නෑ කියලා නම් කිව්වෙ නෑ මම...කන්න බොන්නද, කැසිනෝ ද, බඩු පොට්ද...මේ හැමදේම තියෙනවා...

      Delete
    20. ඉතින් තව මොනවද බන් ඉල්ලන්නේ... කාළකන්නි ඇමරිකාවේ, එංගලන්තේ, ඔස්ට්‍රේලියාවේ, කැනඩාවෙත් ඉන්නවා...

      Delete
  10. 'No duriyans' හිත ඇදලා ගත්තේ මේක. මට ඒ සුවඳ පේන්ට බෑ.:)

    ජපානෙත් මතක් උනා පින්තූරු ටික දැක්කාම...

    ReplyDelete
    Replies
    1. කාල තියේ නම් ඔහොම කියෙන්නේ නෑ......:D

      Delete
    2. දූරියන් තමා මම කාලා තියෙන රසම පළතුර.

      Delete
    3. දූරියන් වල ගුණ අගුණ ගැන අපේ කෙන්ජි මාමාගෙන් හරි මහාචාර්ය මා තලන් තුමාගෙන් හරි අසා දැනගන්න පොඩ්ඩි...

      Delete
  11. ලස්සනට හදපු අපායක්.

    ReplyDelete
    Replies
    1. ape rata ithin lassana nathi apayak ne machan... :( a athin balanakota singapuruwe lassana hari thiyenawa ne

      Delete
    2. අපායක් කියන යෙදුම සර්ව සාධාරණ නෑ...ඒ කියමන මගේ මිත්‍රයෙක් කියපු දෙයක් මිස මම කියපු දෙයක් නෙමෙයි.

      Delete
  12. loba natuwa post eka liyana..nodana dayak gana danagana eka watinawa.
    Jayawewa.

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි...වෙන්නෙ...සිංගප්පූරු මිත්‍රයන් නිතරම ඒ අය දන්න දේවල් වලින් මාව දැනුවත් කරනවා...මේ ලිපි පෙළට එය මහත් ශක්තියක්

      Delete
  13. Replies
    1. දුම්පානය කරන්න පුලුවන්...පොදු ප්‍රවාහන සේවා වල කරන්න බෑ...ප්‍රසිද්ධ ස්ථාන වල තහනම්...

      Delete
  14. සිංගප්පූරුවට කීපවාරයක් ගොස් ඇත. මේ සියල්ලම සත්‍ය බව මමත් දන්නවා. ඒ කොහොම වුනත් මේ රට මම දකින ඉතාම ආචාරශීලී මිනිස්සු සිටින රටක්. දිනක් මගේ දියණියගේ පාස්පෝට් එකේ පොඩි ප්‍රශ්නයක් ආවා. සීල් එකක් තියලා නැහැ. වරද එයාලගේ. මැලේසියා පිවිසුමේදී තමයි අහු වුනේ. ඔවුන් ඉතාම ආචාරශීලීව තමන්ගේ වරද තේරුම් ගෙන සියල්ල නිවැරදි කර අපේ අතටම පාස්පෝට් ගෙනත් දුන්නා විතරක් නෙමෙයි. ඔවුන්ගේ ප්‍රධානියෙක් පැමිණ සිදු වූ වරදට හිස නමා තුන් වරක් සමාව ගත්තා.

    මට හිතුනේ මෙවැන්නක් ලංකාවෙ දි වුනා නම්.....?

    ReplyDelete
    Replies
    1. වෙද මහත්තයො,කකා යුරෝපෙ සංචාරය කරල අපිව දැනුවත් කරනව.
      සිරා මලය එයා ගිය රට ගැන විස්තර කරනව.
      දෙදෙනා ගිහිල්ල තියෙන්නෙ අරමුණු දෙකකට.
      ඒ රටවල නිතිය තදයි කිව්වට ලංකාවෙ වාගෙ බලු නීතියක් නැහැ.
      ලංකාවෙ පය ගහල ඉන්න බිම විතරක් තිබුනොත් ඇද්ද හුලං බිබී ඉන්න.

      Delete
    2. ඇත්තෙන්ම කෙන්ජි මේ වගේ දෙයක් මෙහෙදි වුනා නම් මමයි, හාමිනෙයි, දුවයි ලොකප් කරලා තමයි විසදුම හොයන්නෙ. මේ මිනිස්සු මුලින්ම වරද හොයාගත්තා. පසුව අපිව කාමරේක, සියලු කෑම බීම සමග තබලා ඔවුන් සියල්ල විසදගෙන අපිව යැව්වා. අපේ රටේ නම් හුලන්ම තමයි. ඒකයි නියම ක්‍රමය. ඒ වුණු ප්‍රමාදයට පුදුම විදියට සමාව ගත්තා.

      Delete
    3. මිනිස්සුන්ගෙ ආචාරශීලීත්වය ගැන ගැටලුවක් නෑ...ඒ නිසයි මම කිව්වෙ දවසෙ අවසාන භාගයේදීත් මුදල් අයකැමි වරියක් වුවත් බොහෝ උවමනාවෙන් තමන්ගෙ රාජකාරිය කරනවා කියලා..

      Delete
  15. මචන් මම අහල තිබ්බ ඩුබායි ගහල තියන්නේ සින්ගපුරුවේ කොපියක් කියල.එක මචන් ඇත්ත කියල තේරුනේ උබලගේ මෙට්‍රෝ එක දැක්කම.පොඩ්ඩක් බලහන් ඩුබායි මෙට්‍රෝ කියල සර්ච් පාරක් දාල.එමමයි....

    ReplyDelete
    Replies
    1. aniwa me widihatama thamayi thiyenne... mamath dubai inna ekek... meheth train eka athuledi oya okkoma neethi thiyenawa... duriyan neethiya nathuwa...

      Delete
    2. ඒකත් එහෙමද...සිංගප්පූරුවට මේ සදහා ආදර්ශයක් වෙලා තියෙන්නෙ පිලිපීනයේ මැනිලා නුවර LRT System එක.

      Delete
  16. තමන්ගේ රටට තරම් හොඳ රටක් නැහැ කියන එක කොයි තරම් දියුණු රටකට ගියත් දැනෙන දෙයක්. තමන්ගේ අම්මා හොඳම අම්මා වගේ දෙයක්. දීර්ඝ කාලීනව සිංගප්පූරුව වගේ රටක ජීවත් වෙන්න මගෙත් කැමැත්තක් නැහැ. නමුත් සිංගප්පූරුව කිසිසේත්ම අපායක් නම් නෙමෙයි. සිංගප්පූරුව සතු සීමිත භූමි ප්‍රමාණය එක්ක කෙළ ගැසීම, කුණු වීසිකිරීම තහනම් හේතුව හිතාගන්න පුළුවන්. වඩාත්ම වැදගත් වන්නේ සිංගප්පූරුවේ මතුපිට පෙනෙන දියුණුව එහි සීමිත වරප්‍රසාද ලත් පංතියක් පමනක් නොව පොදුවේ මුළු ජනගහණයම අත්විඳින දියුණුවක් වෙන එකයි. නීතිය ක්‍රියාත්මක කිරීම, දූෂණ අවම කිරීම අතින් සිංගප්පූරුව ඉන්නේ ආසියාවේ විතරක් නෙමෙයි ලෝකයේම ඉහලම තැනක. ඒත් නිදහසේ අදහස් ප්‍රකාශ කිරීම අතින් සිංගප්පූරුව පසුගාමීයි. අපි තේරුම් ගන්න ඕනේ තව දෙයක් තමයි පිහිටීම, සහ ආර්ථිකය යන කාරණා මත සිංගපූරුවට ඔවුන්ට ආවේණික නීති රීති පනවා ගැනීමට සිදුවන බව. නමුත් පැහැදිලිව පෙනෙන දෙයක් වන්නේ මේ සමහර නීතිරීති රටේ ආරක්ෂාව සහ පැවැත්ම වෙනුවෙන් මිසක් මහජන පීඩනයට යොදා නොගන්නා බව. කැරලි කෝලාහල ගැන මෑතකදි අහන්නට ලැබිලා නෑ.

    ReplyDelete
    Replies
    1. චීනෙත් කැරලි කෝලාහල නෑ , මොකද කැරලි ගහන්න ගියොත් ඒක අන්තිමම එක වෙන නිසා . පිරිසිදු වටපිටාවක් වෙනුවෙන් දාන නිති වලට අත් උස්සන්න පුලුවන් වගේම පිරිසක් එකතු වීම තහනම් කරන , නිදහස් අදහස් දැක්වීම සීමා කරන නිති වලට අත් පාත් කරන්නත් වෙනවා . කොහොමත් සිංගප්පුරුවේ තරුණයින්ව ඉතාම හොඳ මොල සේදීමකට ලක්කරන වැඩ පිලිවෙලක් තියනවා , එතකොට ඉතින් පාලනය කරන කොයි එකාත් දෙය්යා තමයි

      Delete
    2. ඔව් බුවා එකඟයි, නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට බැරි වීම බරපතල ප්‍රශ්නයක් තමයි. නමුත් දැඩි සමාජ නීති මගින් පාලනය වෙන මැදපෙරදිග රටවල් එක්ක බලද්දි සිංගප්පූරු පාලනය ජනතාව පීඩාවට පත්කරගෙන ඉන්න පාලනයක් බව පෙනෙන්න නෑ. ඔබ කියලා පරිදි මොළ සේදීම හේතුව වෙන්න පුළුවන්. නමුත් සිංගප්පූරුව වගේ සංචාරකයන්ට පාරාදීසයක් බඳු විවෘත රටක, ඔය මොළ සේදීම එච්චර ඉෆෙක්ටිව් වෙන්න පුළුවන්ද? චාන්ගී ගුවන්තොටුපොලේ හෝ වරායේ එක් දිනක වැඩ වර්ජනයක් ඇති උනොත් මුළු ලෝකයටම වෙන බලපෑම කොහොමද? මට හිතෙන්නේ වැඩ වර්ජනය කරන මිනිස්සු බලෙන් යටපත් කිරීමට වඩා, වැඩ වර්ජන මතු නොවෙන පරිසරයක් පවත්වාගෙන යාම තමයි ඔවුන් කරන්නේ. නමුත් ඉතින් අපි පිට ඉඳ කරන මේ විශ්ලේෂණ කොච්චර දුරට සත්‍යද කියල කියනන් මම දන්නෙ නෑ..

      Delete
    3. සිංගප්පූරුව වැඩකරන්න ලස්සනට හදාපු අපායක්.....මම එහෙම කියන්නෙ නෑ...සිංගප්පූරුවේ සෑහෙන අත්දැකීම් තියෙන මගේ මිතුරෙක් තමයි එහෙම කිව්වෙ...

      ඔබේ අදහස් සමග මට පරස්පරයක් නෑ...සංවර්ධනයේ ප්‍රතිලාභ හැමෝම භුක්ති විදිනවා...නමුත් මනුස්ස කමට වඩා මුදල් තමයි ප්‍රධාන වෙන්නෙ හැමතැනකම...ඊටත් වඩා රටතුල තියෙන දැඩි මර්ධනය..විරුද්ධවාදින්ට තමන්ගෙ අදහස් දක්වන්න වේදිකාවක් නෑ...රාජ්‍ය බලය යොදලා ඒ සියල්ල අවහිර කර තියෙන්නෙ.

      Delete
    4. rate ekala hariyata rata paalane karanawanam wiroda enne na ne ban siro... a athin balapan ape rata... eka eka kochchara uda pannath anthimata wenne anduwata ona dey ne.. ehema baluwama apeth a neethiya nila nowena widihata kriyathmakai

      Delete
  17. මම ඔය පැත්තේ ආවේ 2010දි... ආපු දවසෙම අන්ද මන්ද උනා මේ සිද්ධි ටික දැකලා.. වැඩි දවසක් හිටියේ නෑ.. යාලුවෝ හිටියේ එහා පැත්තේ මැලේසියාවේ හින්දා බස් එකක එහා පැත්තට ගියා!

    ReplyDelete
    Replies
    1. මැලේසියාව ගැන ඉස්සරහට ලියනවා නාඩියා.....

      Delete
  18. සිරා හොද ලිපියක්. මොකද මම වගේ ඔය රටේ පස් නොපාගපු එකෙක්ට මාර ආතල් එකක් එනවා විස්තර ඇහුවම. කව්ද කියන්නේ සිංගප්පුරුව හොද රටක් නෙමෙයි කියල.. මොන රටේද 100%ක් නිවරැදි. සමස්ථයක් විදියට හොද රටක් කියල කියන්න මොකටෙයි බය වෙන්නේ...

    ReplyDelete
    Replies
    1. වැඩිදුර විස්තර තව ඉදිරියට...සිංගප්පූරුව හොද රටක් නෙමෙයි කියලා කියන්නෙ එහෙ ඉන්න ඈයොම තමා.

      Delete
    2. ehema kiyanawa aththe ape rate wage limit eka pannala pissu kellinna bariwa dangala dangala inna un wenna athi ban...

      Delete
    3. පිස්සු කෙලින උන් එහෙ නෑ බන්...ඔය ඔක්කොම ඉංජිනේරුවො...ඉතින් උන්ට මොළයක් නැද්ද ?

      Delete
    4. onawata wada igena gaththamath mole kuruwal wenawa ban...

      Delete
  19. කොච්චර නීති දාල හරි ලංකාවෙත් පාරවල් වල කෙළ ගහන එක නවත්තනවනං මම කැමතියි. අඩුම ගානෙ පාර දෙපැත්තෙ කාණු තියෙද්දිත් අපේ මිනිස්සු පාර මැදට කෙළ ගහනව.

    ‍රටේ දියුණුවට අත්‍යවශ්‍ය ප්‍රධාන සාධකයක් තමයි නිසි ප්‍රවාහණ සේවාව. ඒ අතිං ඔය රට ඒක නියමෙටම තියාගෙන ඉන්න හැඩයි.

    'නොමිලේ බෙහෙත්, නොමිලේ අධ්‍යාපනය මෙහි නැත...' මෙහිත් නැත. මොකද ඒවට අවශ්‍ය ප්‍රමාණයට වැඩියෙන් මිනිස්සුංගෙන් බදු අයකරගන්නව.

    ReplyDelete
    Replies
    1. ප්‍රවාහන සේවා වල කාර්යක්ෂමතාව සහ ඒවායේ පිරිසිදු කම ගැන නම් කියන්න වදන් නෑ...අද ඊයෙ සේවයට එක්කරපු ඒවා වගේ ඒ හැම එකක්ම...

      සිංගප්පූරුවෙදි දරුවෙක් ලැබුනොත් ඒ සදහා යන ගාස්තුව ලක්ෂ 5 සිට රුපියල් මිලියනයක් දක්වා වෙනවා...සමහර ලාංකිකයන්ට මෙවැනි විටෙක ගාස්තුව පියවන්න අනෙකුත් ලාංකිකයන් උදව් වෙනවා.

      ලංකාවෙ මවකට ඔය කාරිය කරන්න කොච්චර වියදම් වෙයිද රජයේ රෝහලක...අන්න ඒ කාරණය තමයි මම ඉස්මතු කලේ...

      Delete
  20. Good article,hodata visthara karala thiyenawa.aththada hama thanama wage loku bord gahala thiyenawa kiyanne ammata thaththata gahanna epa kiyala.

    ReplyDelete
    Replies
    1. මේ පේනවද සිංගප්පූරු එවුන් අම්මට තාත්තට පවා ගහන ජාතියක්.මහ සක්කිලි ඔහේ ඉන්නේ.

      Delete
    2. අවංකවම මම නම් එහෙම දේ දැකලා නෑ. මම වැඩි කාලයක් සිංගප්පූරුවෙ හිටියෙ නෑ මිත්‍රයා.

      Delete
    3. ape rateth ehemai ne ban... ethakota ape unuth sakkili wenna epayi... ne ?

      Delete
  21. "සිංගප්පූරුවේ නීති රීති මෙන්ම දඩ ද නැති තැනක් නැත. මෙහි වැසියන් මේ තරමට හික්මවා ඇත්තේ ඒවා මගින් වුවත් සමහර විට ඒ නීති රීති පද්ධතිය තුල නිදහස අවම වී ඇති බවක්ද හැගේ."

    මට නම් කියන්න තියෙන්නෙ නීතිගරුකව තමන්ගෙ පාඩුවෙ ජීවත් වෙන කෙනෙක්ට ඔය කියන තරම් හිරේ දාල වගෙ ජීවත් වෙන්න වත්, නිදහස නෑතිකරගන්න වත් තත්වයක් සින්ගප්පූරුවෙ නෑ කියන එකයි... :)
    අපේ රට අද තියෙන තත්වෙට පත්වෙලා තියෙන්නෙත් මේ වගෙ නීතියක් හා හික්මීමක් මිනිස්සුන්ට නෑති එක නිසාම තම්යි...

    ReplyDelete
    Replies
    1. @ nim - ++++++++++++++++++++++++++++++++++++++++++++

      aththama kathawa.....


      +++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. නෑ ඕක බොරු
      -----------------------------------------
      -----------------------------------------

      Delete
    3. @ AnonymousMay 21, 2013 at 1:55 PM


      uba wage un innakamma owa boru thamayi ban... :/

      Delete
    4. නීතිගරුකව ජීවත් වන කෙනෙක්ට ගැටලුවක් නෑ ඒක ඇත්ත. නමුත් අවශ්‍ය දේටයි නැති දේටයි නීති රීති දැමීමෙන් වෙන්නෙ යන්ත්‍ර වගේ පිරිසක් බිහිවෙන එක නේද...

      Delete
    5. මම දන්නා විදියට වෙන කෙනෙකුටවත් පරිසරයටවත් හානියක් නොවෙන විදියට තමන්ගේ නිදහස උපරිමයෙන් පාවිච්චි කරන්න පුළුවන් රටක්.. (දේශපාලනය සම්බන්දයෙන් නෙමෙයි.. සාමාන්‍ය ජන ජීවිතය)

      Delete
  22. mamanam kamathi oya neethi reethi walata... mokada ape rata ekka balanakota godak un inne sakkili wage ne... para hamathanama kela gahana... kamak beemak biwwath kole, bothale paare wisi karala yana... ratak diyunu wenna hamogema sahayogaya one.. ehema naththam neethi daana eka hondai... ape rate ithin neethiyath ballata gihin thiyena nisa sorry.com thamayi...

    ReplyDelete
    Replies
    1. නීති රීති වලට විරුද්ධව නෙමෙයි ඇනෝ මම කථා කරන්නෙ...හැමදේටම නීති රීති දැම්මම පුද්ගල නිදහස සීමාවෙනවා කියන කාරණේ ගැන.

      Delete
  23. උඹ මේ කියන්නේ turnstile ගැන නම්. බාධක කවුලු වලට වඩා බාධක කඩුළු කියන එක ගැලපෙනවා කියලා මට නිකමට හිතෙනවා.

    උඹ වගේ එකෙක් ඔතනට ගිය නිසා අපිට මෙච්චර රසවත්ව මේ තොරතුරු ලබාගන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. ඊළග වතාවෙ ඒ වචනෙ යොදන්නම්..දැන් ආයෙත් හදන්න කම්මැලියි.

      Delete
  24. ගෙදර ඉස්තෝප්පු කෑල්ලේ ගෝනියක් එලාගත්තම තියන සැප ඔය කොහෙවත් නෑ සිරා. එකට කමක් නැහැ. ටික කලක් ඉඳලා මිනිහෙක් වෙලා එන්න.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත....මට මගේ ඇද තමයි ලෝකෙ තියෙන සුවපහසුම තැන...

      Delete
  25. ලොකු දෙයක් මේ වගේ පැහැදිළි විස්තරයක් සපයන්න පුළුවන් වෙච්ච එක.
    මම සිංග හිටියනම්, තත්ත්වය මැනැවින් තේරුම් අරන් ඉඳලා, තමන්ගෙ වැඩේ කරගෙන, පුළුවන් වුණ ගමන් වඩා හොඳ තැනකට පැන ගන්න එකයි මම නම් කරන්නෙ.

    ReplyDelete
    Replies
    1. සිරා මෙන්න මූ ගැන සෝදිසියෙන් ඉන්න.

      Delete
    2. එහෙම තමයි එහෙ හැමෝම කරන්නෙ...මේ දේවල් ගැන ලිව්වෙ කියවන අයට දැන ගැනීමට විතරයි. රටවල් හදන්න අපිට බෑ...අපිට ගැලපෙන්නෙ නැති වුනත් ඒ නීති රීති වලට අනුගත වෙලා තමන්ගෙ වැඩේ කරගෙන නැවතත් සියරට එන එක තමයි හැමෝගෙම බලාපොරොත්තුව...සිංගප්පූරුවෙ පදිංචි වෙන්න අදහස් කරගෙන ඉන්න කිසිවෙක් මට මුණ ගැසුනේම නෑ.

      Delete
    3. @ ඇනෝ
      උඹ සොදිසියෙන් හිටපං. සැරින් සැරේ පොඩ්ඩක් පිටිපස්ස හැරිල බෙල්ලත් පොඩ්ඩක් අතගාලා බලහං මචං. (නාඳුනන්නෙකුට කළ විහිළුවක් පමණි)

      Delete
    4. //තමන්ගෙ වැඩේ කරගෙන, පුළුවන් වුණ ගමන් වඩා හොඳ තැනකට පැන ගන්න එකයි මම නම් කරන්නෙ//

      ආදිපාද තුමා කිව්ව කතාවට මමත් එකඟයි. සිංගප්පූරුව, මැදපෙරදිග වැනි රටවල් ගමනාන්තය නොව ගමනේ අතරමඟ නවාතැන්පොලක් ලෙස පමණක් සැලකිය යුතුය. එයාල PR, woark permit කියල දුන්නට එව්වා හැමදේම ‍රැකියාවත් එක්ක බැඳලා තියෙන්නෙ. රස්සාව නැතිදාට ඇපත් නෑ.සමහර වෙලාවට එක ‍රැකියාවක ඉඳලා වෙන තැනක ‍රැකියාවකට මාරුවෙන්නවත් බෑ. එතකොට වෙන්නෙ ,කියන හැමදේටම යටත්වෙලා ජීවත්වෙන්න. හිතට කිසිම නිවනක් නැතිව, වෙන විකල්පයක් නැතිව ජීවත් වෙනවා කියන්නෙ හරිම අවාසනාවන්ත තත්ත්වයක්. නිදහස කියන එකේ වටිනාකම , තේරෙන්නෙ ඒක නැතිවුන විටයි.

      මේක හරියට උගුලක අහුවෙනවා වගේ වැඩක්. අතට සල්ලි ලැබෙන කොට අපේ , විතරක් නෙමෙයි, හත්මුතු පරම්පරාවෙම ජීවන රටාව වෙනස් වෙනවා. ඒකට පුරුදු වුනාම, එයින් ගැලවෙන්න එච්චර නෑ. එතකොට වෙන්නෙ, කට්ට කාගෙන ඇදගෙන යන්නයි. මොලේ තියන එවුන් කරන්නෙ, ගාණ කපා ගත්තා, පැන්නා.

      Delete
    5. mamath anna a wage ekek... mehe kohomath PR nam naaa... 60 years walin passe aniwa aawa dihawatama chutha wenna one... innakam thamange wada tika karagena hambena kiya hari ekathu karagena ena eka thamai mole athi eka karanne... habai godak un mehen lankaawata yanawanam adui... hama ekama yanne AUS naththam USA. ehema naththam CANADA...

      Delete
  26. අයියා කියලා තියන කතාව ඇත්ත, ලංකාව වගේ නෑ කොහෙවත්, ඒත් අනිත් අතට මට හිතෙනව මේ නීති රීති ඇතුලේ මිනිස්සුන්ගේ හැදියාව ඉතුරු වෙනවා කියලා..

    මම ඉන්නෙ ඩුබායි වල. ආපු මුල දවසේ ඉදල මට කැමති උන ලොකුම දේ තමයි මිනිස්සු පාරේ කෙල ගහන්නෙ නැති එක,ඒක මට පේන්න බැරි දෙයක්..
    හැබැයි අය්යේ..මට හිතෙන්නෙත් මේ ඔටු රටවල් වලට වඩා ඔහේ හොදයි කියලා මොකද ලබන මාසේ ඉතින් අපිත් මෙයාල එක්කම නෝම්බි අල්ලනවා වගේ තමයි, ප්‍රසිද්ධ ස්ථානවල වතුරවත් බොන්න බෑ ඒ වගේම 2 වෙද්දි සේරම කඩ වහනවා, එහෙම බැලුවම ඔහේ හොදයි...

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව්....මමත් ඔය අරාබි රටවල් වලට අකමැති නිසාම තමයි හොද අවස්ථා ලැබිලත් මම අරාබියට එන්න කැමති වුනේ නැත්තෙ...ඔහෙ ඉන්න මිතුරො මට නෝම්බි කාලෙ ගැන විස්තර කියලා තියෙනවා...සමහරුන්ට ඒ කාලෙ කෑම ගන්න තැනකුත් නැහැලු නේද...

      Delete
    2. mamanam okata ekanga na siro... uda comment ekakin wisthara deela athi..

      Delete
  27. සියලු දේ ගැන සලකද්දී දැනට පෘතුවියේ ඇති රටවල් වලින් සිය පවුල පිටින් වාසයට සුදුසුම රට මොකක්ද ...?

    ReplyDelete
    Replies
    1. හම්මෝ මේ ඔක්කොම කොටි හපුයියෝ ඉන්න රටවල්නේ.බුවා උබ කොටි එක්ක තියෙන සම්බන්දෙ මොකක්ද?

      Delete
    2. ඔයා හොඳ ඩයස්පොරවත් එක්ක නේ ඉන්නේ.

      Delete
    3. බුවාගේ පිළිතුරට ඩෙන්මාර්කයද ඇතුලත් විය යුතුය..ඉතාමත් සාමකාමී දූෂණ අවම රටක්.

      Delete
    4. මොකක් හරි නියම ධනවාදී ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය සුරැකෙන යහපාලනය ඇති රටක, වියදම උපයගන්න පුළුවන් රැකියාවක් සමඟ.
      අපේ මේ තියෙනව වගේ සමාජවාදය ගැන පිස්සු කෙළින, ගමේ චණ්ඩි පාට් වලින් රජකම් කරන පාලනයක් යටතේ නම් නෙවෙයි.

      Delete
  28. තර්ක විතර්ක කරන්න දැනුම මදි..!ලිපිටික ආසාවෙන් කියවන බව...කියවයුතුයි..!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වීයා...මේවට උත්තර දීලම මට හති බන්...

      Delete
  29. sira ayya Geylang paththe ehema giye natheyi...? :P

    ReplyDelete
    Replies
    1. ගේ ලෑන්ග් කිව්වෙ අර එක එක තාලෙ නංගිලා පාරෙ හිටගෙන ඉන්න පැත්ත නේද...D:

      Delete
    2. anna hali ban... unge gaana saraida ban... ? ;)

      Delete
    3. ඇනෝ කොටපු එකා උඹද එතකොට...

      Delete
    4. ow ow ban... habai gon aathal deepu ewa mage account ekata daanna epa.. uba ano nathi karalath mama comments damme mama gon aathal dunne nathi nisa... meka mama aasawe kiyona blog ekak.... uba elatama liyanawa... mal 7i... digatama liyapan... comments wala aul gathiyak thiyenawanam ganan ganna epa...

      Delete
  30. සිංගප්පූරුව කියන්නෙ හෙන පොඩි දූපතක් නේද බන් ? ඕකෙ මුලු දිග කීයද ? මම කිව්වෙ දෙවුන්දර සිට පේදුරු තුඩුවට මුලු දිග කීයද ? :D කෝච්චිවල යන්න තරම් දිගක් තියනවද බන් ඔහෙ ?

    සිරා, සිංගප්පූරුවෙ දවසට හුස්ම ගන්න පුලුවන් මෙච්චර වාර ගනනයි වගේ නීතියක් තාම නෑ නේද ? :D

    ඔය භෞතික දියුනුවත් සමඟම, පාරෙ කෙළ ගහන්න, චූ කරන්න, බීලා වැනි වැනි කුණුහරුප දෙකක් කිය කිය බැන බැන යෑමේ නිදහසත් තියෙන්නෙ ඕනා බන්.. නැත්නම් ඒවා මළ නගර.. මමත් ඉන්නෙ මළ නගරෙක.. හැබැයි මෙහෙවත් ඔච්චර නීති දරුණු නෑ බන්.

    නිච්චිතව රැකියාවක් සම්බන්ධ කර නොගෙන රට යන අයට උඹේ මේ ලිපිය ගොඩක් උදව් වෙයි.

    ReplyDelete
    Replies
    1. සෙන්නා දැකලා තියෙනවා නෙ..ඔස්ට්‍රේලියාවට යන උන් ආයෙ ලංකාවට එන්නෙ නෑ...එහෙම නතර වෙනවා...ඒ ඔස්ට්‍රේලියාව හැම අතින්ම හොද නිසයි. නමුත් මට තාම කිසිවෙක් හමුවෙලා නෑ සිංගප්පූරුවෙ පදිංචි වෙන්න තීරණය කරපු. ඒ හැමෝම ගාණ කපාගෙන ආයෙ ලංකාවට එන්න තමයි හිතාගෙන ඉන්නෙ.

      සිංගප්පූරුවෙ දිග පළල නම් දන්නෙ නෑ...රටේ එහා කොනේ ඉදන් මෙහා කොනට විනාඩි 40කින් යන්න පුලුවන්

      Delete
  31. අගනා පෝස්ටුවක්. මේ ලිපිය නිවාඩුපාඩුව කියවා කමෙන්ටුවක් දමන්නං. දැන් මං වැඩ කරන ගමන්.

    ReplyDelete
    Replies
    1. නිවාඩු පාඩුවේ කියවලා කියන්නකො එහෙනං...

      Delete
  32. කලකට පෙර කොච්චියේ වතුර බී දඩයක් සෙට් උනා. නමුත් මම දැනන් හිටියේ නැහැ. බෝඩ් එකක් තිබුනෙත් නෑ. අවවාදයකින් මාව නිදහස් කළා.

    ReplyDelete
    Replies
    1. මැදිරියෙ තිබ්බ දඩ කොලේ දැක්කෙ නැද්ද ගොයියො ?

      Delete
  33. sira sahodaraya giye jobak hoya gannada naththam Singapore gana wisthara hoyannada...?

    ReplyDelete
    Replies
    1. නැහැ.බ්ලොග් එකේ දාන්න අලුත් මාතෘකා නැති නිසා.කතන්දර ගියා,අරුණි ගියා,සිරා ගියා,නයි හාමි ගියා.තව කී දෙනෙක් ගියාද ඔය වගේ.

      Delete
    2. බ්ලොග් එකේ ලියන්න දේ තිබ්බෙ නෑ බං...ඒ නිසා බඩට බත් නැතුව හරි මේක ලියන්න කල්පනා කලා...මොකද බ්ලොග් ලිවිල්ල නිසා මට මාසෙකට සෑහෙන ආදායමක් ලැබෙනවා..කරපු රැකියාවෙනුත් අයින් වෙලා බොග ලියන්න කරුණු හොයන්න තීරණය කලා.

      Delete
  34. සිරා,

    සිංගප්පූරු අතීතය මතක උන් වර්ථමාන සිංගප්පූරුවට ආදරෙයි. ඒත් ඒ අතීතෙ නොදන්න එරටෙ සහ නොරට උන්ට ඒක අපායක්. ඔහෙ මගේ මිත්‍රයෙක් ඉන්නව ඇලන් කියල. මිනිහට වයස දැන් ඇති හැටකට කිට්ටුව. මම මිනිහගෙ ගෙදරට මුලිම්ම ගියෙ අනූ නමේ. එතකොට ඌ පරිගණකයක් අළුතෙම්ම අරන් ( මේ මණුස්සය තීන්ත කම්පැනියක ටෙක්නිකල් මැනේජර් උනාට පරිඝනක නුහුරු පරපුරේ )අයි බී එම් ඩෙස්ක්ටොප් එකක්. මට ඒක පෙන්නල, හරි ආඩම්භරෙන් කිවුව ලී ක්වාන් යූ නොහිටින්න අපිට මෙව්ව දකින්නවත් නොලැබෙන්න තිබ්බ කියල. කොටින්ම මිනිහගෙ කතාවෙන් මට තේරුනෙ ලී ක්වාන්ව දෙවියෙක් ගානට අදහන බව. ඒකට හේතුව උන්ට පරණ මුඩුක්කු, හොරු පිරුන සිංගප්පූරුව මතක තිබීම.

    ඒත් ඔය මොන නීති තිබ්බත් ලිට්ලි ඉන්දියා වල තියෙන්නෙ නියම බුලත් කෙළ ගහන, පාරෙ පොකුරු පොකුරු ලගින, කුණු කෑලි දකින්න පුළුවන් නියම ඉන්දියාවෙ ටිකක් දියුණු ( බැංගලෝර් වගේ ) පෙණුමක්.

    අපේ රට ලස්සනයි කිව්වට, නිදහස තීනව කිව්වට එහෙම නෑ. මොකද ඒ ලසන තැන් කාල, කාබාසීනියා කරල. නිදහස හයි කාරයන්ට විතරයි. ඒකයි සාරුව සුනිල්ල නිදහසේ ඉන්නෙත්, ශිරාණි බන්ඩරණායකල හිරේ යන්නෙත්.

    ReplyDelete
    Replies
    1. ඔබේ කමෙන්ටුව එක්ක මම එකගයි...මට සිංගප්පූරුව අපායක් කියලා මතයක් නෑ...සිංගප්පූරු වැසියන්ට ලී ක්වාන් යූ කියන්නෙ දෙයියෙක් තමයි...ඒ වගේ චරිතයක් තමයි දැන් අපිත් පතන්න ඕනෙ අපේ රට ගොඩගන්න. මම මේ ලිපියෙදි සිංගප්පූරුවෙ හොද විතරක් ලිව්වා නම් මේක කියවන අපේ රටේ කෙනෙක්ට ලංකාව කියන්නෙ ලෝක තියෙන ජරාම රටක් කියන හැගීම එන්න තිබුනා. ඒ නිසා සිංගප්පූරුවෙ අඩුපාඩු කීපයකුත් එහෙ සෑහෙන කාලයක් ජීවත් වුනු අය මට කිව්ව පරිදි එකතු කලා. මොකද බහුතරයක් සිංගප්පූරුවෙ හොද මිස නරක අහලා නෑ.

      අපේ ලංකාවට තියෙන ස්භාවික දායාදයන් බැලුවාම අපිට සිංගප්පූරුවටත් වඩා දියුණුවක් ලබා ගන්න තිබුනා නිදහසින් පස්සෙ රට කරපු නායකයො හැමෝම තමන්ගෙ න්‍යායපත්‍ර පැත්තක තියලා රට වෙනුවෙන් කැපවුනු පොදු න්‍යායපත්‍රයකට වැඩ කලා නම්.. ලංකාවෙ වැරැද්දක් නෑ...ලංකාව කරවන උන්ගෙ තමයි එදත් අදත් වරැද්ද තියෙන්නෙ.

      Delete
  35. ඉතා වටිනා අදහස් දැක්වීමක් ...මාද අප්ප්‍රමානව මේ අත්දැකීමි ලැබුවෙකි. එහෙත් සත්‍ය නම්.දීර්ග ඉතිහාසයක් සංස්කෘතියක් අනන්‍ය ජාතියක් ඇති රටවල භොතික දියුණුවයි, එසේ නොමැති රටවල අදහාගත නොහැකි දියුණුවයි, සන්සන්දනය කල නොහැක. බැලු බැල්මට අපට අපේ රට ගැන දුක හිතුනත් අඩම්බර විය හැකි කාරනා බොහෝ තිබේ.

    ReplyDelete
    Replies
    1. ඔව් ලෝකයේ බොහෝ තැන් වල මේ සිද්ධිය දකින්න පුලුවන්...අපි දන්න විදියට අතීතයේ ලංකාව ඉතාමත් සෞභාග්‍යමත් රාජ්‍යයක්...නමුත් අද අපි ඉන්න තැන බැලුවාම රට මුහුණ දුන් සතුරු ආක්‍රමණ වලින් පස්සෙ ලංකාවෙ ප්‍රධාන ජාතිය වෙච්ච සිංහල මිනිස්සුන්ගෙ සමගිය නැති වීම තමයි ලංකාව දුර්වල වෙන්න ප්‍රධාන හේතුව කියලා මට හිතෙන්නෙ.

      Delete
  36. මම කලින් පොස්ට් එකට දාපු කමෙන්ට් එක ඉල්ලා අස්කරගන්නවා.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ සිංගප්පූරුවට එන්න අදහසක් නැද්ද....එහෙම වෙන්න එපා...ඇවිල්ලා මේ සුන්දරත්වය විදගන්න. හැබැයි මතක ඇතුව සෑහෙන ගාණක් මුදල් රැගෙන එන්න...මතකනෙ...නොමිලේ කිසිවක් නෑ...

      Delete
    2. නැහැ නැහැ. එහෙමනේවෙයි. ට්‍රිප් එකක් විදියට එන්න හිතාගෙන ඉන්නවා.

      Delete
    3. අපෝ භය නැතුව වරෙන්...අලුත්ම අත්දැකීමක් වෙයි...මොකද ඔබ ඉන්නෙ අප්‍රිකානු රටක නිසා...

      Delete
  37. නියම ලිපිය අයියා පින්තූර දකිද්දී නිකන් දිව්‍ය ලෝකය දැක්කා වගේ :)

    ReplyDelete
    Replies
    1. දිව්‍ය ලෝකය ඇතුලෙ තියෙන අදුරු පැත්ත තමයි යම් තරමකට ඔය හෙළිකලේ...

      Delete
  38. නියමයි නිකන් හරි ගිහින් බලන්න හිතෙනවා. හැම පොඩි දෙයක් උනත් ලියන්න සම්පුර්ණ විස්තරයක් වෙන්න. යන්න බැරි උනත් හිතින් හරි දැක ගන්න පුළුවන්නේ.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් හැමදේම ලියනවා...

      Delete
  39. ඔය නීති වලට නම් එහෙ මිනිස්සු හුරු වෙලා නිසා ගාණක් නැතුව ඇති.

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම වෙන්න පුලුවන්...ඒත් හික්මිම කියන දේ නිති රීති වලින් ගන්න අවශ්‍ය දෙයක් නෙමෙයි. අර බස් රියදුරා ආබාධිතයට එහෙම පිහිට වෙන්නෙ එයා නීතියෙන් ඒ කාර්යය සදහා බැදිලා ඉන්න නිසා. අපේ රටේ එවැනි කෙනෙක්ට කෙනෙක් පිළිසරණ වෙන්නෙ නීතිය නිසා නෙමෙයි, මනුස්ස කම නිසා.

      Delete
    2. a rate neethiya nisa oya wade hama driverma karanawa ne ban... ape rata manussakama nisa oya wade driver la ki denek karaida..???

      mathakane bus wala wada karana unta nila andumak aniwarya kara.... ape rate neethiyak na ban... neethiyak dammath eka hariyata kriyathmaka karanna kondak na ekeknawath... palakayoth ekayi... minissuth ekai...

      Delete
  40. මම නම් හිතන්නෙ නීති රීති තරමක් තද වුනාට අවුලක් නෑ. රටක් ලස්සනට තියා ගන්නයි පාරෙ හුජ්ජ කිරීමේ- කෙළ ගැහීමේ නිදහස ආරක්ෂාකිරීමයි දෙකක් කරන්න බෑ.එහෙම ඕනනම් පාරෙ රෙන කාලකන්නි ඉන්න ඉන්දියාව හොඳයි.
    නීතිය -පිළිවෙළ -විනය ආරක්ෂා කරගන්න බැරිනම් රටකට ඉදිරි ගමනක් නෑ.
    ලංකාව ත් ලස්සන රටක් කිරීමේ පළමු පියවර වශයෙන් බුලත්විට තහනම් කළ යුතුයි.

    ReplyDelete
    Replies
    1. පරිසරය සුරකින නීති රීති ගැන අවුලක් නෑ...නමුත් මිනිස්සුන්ගෙ මානව ක්‍රියාකාරකම් වලට බලපෑම් කරන...ඔවුන්ගේ නිදහස සීමා කරන නීති රීති ගැන තමයි විවේචන තියෙන්නෙ......

      Delete
    2. sira kiyana oya nidahasa hondai issara kaaleta... diyunu wenawanam owa ekka issarahata yanna ba... singapuruwe ekalath kohomada bulath kaala kela paare thana thana gagaha giyanam....

      Delete
  41. මම නම් කියන්නෙ ලංකාවේ සමහර නීති තව තද කරන්න ඕන කියල. එහෙම හරි සමහර මිනිස්සු හික්මෙනවානම් කොච්චර දෙයක්ද. එත් උඩින් ඉන්න අය වැරදි කරන අතරේ පහල ඉන්න අයව හදන්න නම් බෑ. දැන් ඉන්න ගොඩක් අය එහෙමනේ. එහෙම උනාම වෙන්න යට ඉන්න මිනිහ තවත් වැරදි වලට පෙළඹෙන එක විතරයි.

    ReplyDelete
    Replies
    1. //උඩින් ඉන්න අය වැරදි කරන අතරේ පහල ඉන්න අයව හදන්න නම් බෑ//

      ඔන්න ඕකයි කාරණේ...උඩින් ඉන්න අය ඉස්සෙල්ලාම ආදර්ශමත් වෙන්න ඕනෑ.

      Delete
  42. ලංකාව හදන්නනං කරන්න ඕනේ පලවෙනි දේ තමා මේ මල ඉලව් සර්වජන චන්දබලේ කියන හූනියම ගලවල දාන එක. හැම බල්ලටමය් බූරුවටමය් චන්දෙ දෙන්න පුළුවන් උනාම උන් තමන්ව පාලනේ කොරන්න පත්කරගන්නෙත් තමන්ගේ මට්ටමට ගැලපෙන බල්ලොය් බූරුවොය්

    ReplyDelete
    Replies
    1. masuran watina kathawa alayo.. ehema ballo buruwo inna nisa ne ban... ara wage apathayo set ekak parliament eke inne.... okunwa yawanna kathire gahuweth apema un ne... naththam paba anarkali wage un dinaida ban...


      http://www.youtube.com/watch?v=-sKiNjPEvI0

      Delete
    2. huta sira goiya inna palathen neda meki dinne... andenawa... :P

      Delete
    3. අලයගෙ කථාව ඇත්ත...රට ගැන සැබෑ හැගීමක් තියෙන රටට වැඩ කරන්න පුලුවන් උගත් මිනිස්සු ටිකක් පාර්ලිමේන්තුවට යවන්න පුලුවන් නම් රට ගොඩගන්න පුලුවන් වෙයි. දැන් ඉන්නෙ කුඩුකාරයො/සල්ලාලයො/මිනී මරුවො/කප්පම්කාරයො/හොර හරක් මුදලාලිලා නොවැ...

      @ JIL BUL

      මේ බොග ලියන්නෙ උඹද මමද ?

      Delete
    4. ha ehenam ubama liya ganin siro.. mama aapahu comment nokarami... jaya wewa..!!!!

      Delete
    5. තමාගේ අදහස පිළිබද විවාදයක් ඇති නොවන වටපිටාවකදි...තමන්ගෙ අදහස එක් කමෙන්ටුවකින් දැක්වීම සෑහෙනවා...

      Delete
  43. ඔබටත් ප්‍රීතිමත් වෙසක් මංගල්ලයක්ම වේවා !

    ReplyDelete
  44. සිරා අයියට තෑන්ක්ස් අපි වගේ කොච්චි පිස්සෝ වෙනුවෙන් මේ විස්තර දැම්මට , ලංකාවේ සිටින කුණු දේශපාලුවන් ගැන මතක් වන විටද #$@$$#^%

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මලේ...ලංකාවෙ දේශපාලනේ දැන්නම් ගන්නම දෙයක් නෑ වගේ...

      Delete
  45. බොහෝදෙනෙක් සිංගප්පුරුව පාිලිබදව අදහස් ප්‍රකාශකර ඇති නිසා වැඩිදුර කිසිවක් ලියන්න හිතන්නෙ නෑ.නමුත් කිනම් රටක හෝ හැමෝටම පිළිගන්න හැකි ‍නීති පද්ධතියක් කාටත් පොදුවේ ක්‍රියාත්මක වෙනව නම් ඒරට දියුණු වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත...යම් රාමුවක් තුල තමයි නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනෙ...ගොඩාක් ලිහිල් වෙන්නත් බෑ...වඩාත් දරුණු වෙන්නත් බෑ

      Delete
  46. Appreciate your article . But you can never critisize good or bad in such a short period like 1 month . IT takes time bro ! After 2-3 years you can decide whether Singa good or bad . So just writing facts is good enough . Btw everything depends on the mind set of person . Personally I appceciate this country , cz we have high security by law . If we are talented in the field we work, it is the factor of being success .We cant easily trust SL government law , as someone already mentioned above , without personal contacts ,sometimes hard to survive in SL . Simply in SL we cant even do a business deal in free mind . If the person who we dealing with , more powerfull than us , he definitly cheat and get most .very sad
    The way you write is awsome , I like your Sinhala . You will never guess me , we have met in Singa.
    Sorry for not writing this in Sinhala .

    ReplyDelete
    Replies
    1. It doesnt matter about your language, i can agree with you here. if I wrote singa is a 100% good country iam wrong. it has some bad things, such things decribed me ma friends who have been living there more than 3 years.

      Delete
  47. Yaluwa ,, Podi help ekak karanna.. mama langadi sinapore yanna inne... avidala balala ennayi yanne nam.. singapore yanna lankawe ayata visa one na kiyana kathawa aththada?

    ilangata api kohomda oya bus wala yana card eka ganne.. eka ganna thiyenne koheda?

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...