Monday, May 13, 2013

105 අලුත් ලේබලයක් සමග සිරාගේ රට කථා

මාස දෙකකට වැඩියෙන් ගත වූ කාල සමයකින් පසු සයිබරයේ මගේ පුංචි අවකාශය තුල සිට නැවතත් ඔබ හමුවීමට ලැබීම සැබවින්ම සතුටට කරුණකි.සිරාගේ කාමරය නිසොල්මන් වී ගෙවී ගිය කාල සමය තරම් මගේ ජීවිතයට අත්දැකීම් එකතු කල තවත් කාල සමයක් නැත්තේමය. එහි දුක මෙන්ම සතුටද එකසේ තිබේ.

මාර්තු මස දෙවැනි දින උපන් බිමෙන් සමුගෙන නොදන්නා රටකට ගියේ දන්නා කියන වයසේ සිට හිතේ තෙරපී තිබෙන බලාපොරොත්තු කන්දරාවකට ජීවය දීමේ අරමුණින් මිස උපන් දේශය පිළිබද ඇතිවූ අබමල් රේණුවක හෝ තරමේ කලකිරීමකින් නොවේ. පුහුදුන් මිනිසෙකු ලෙස ලෞකික ජීවිතය සැපවත් කර ගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙන් මා මේ ගමන පැමිණියේ රැකියාවක් නිෂ්චිතව සම්බන්ධ කරගෙනද නොවේ. අනාගත බලාපොරොත්තු ජය ගැනීමට තරම් ප්‍රමාණවත් වැටුපක් ලංකාවේදී ලැබීමට මා භාග්‍යවන්තයකු නොවූ තැන මගේ පාසල් මිතුරකු වූ වෘත්තියෙන් මෘදුකාංග ඉංජිනේරුවකු වන සහන් මූණු පොතේ කල කථා බහක් නිසාවෙන් විදේශගත වීමේ බලාපොරොත්තුව නම් බීජය මුලින්ම මා සිතේ වැපිරුනු බව උදක්ම කිව යුතුය. එදිනෙදා ජීවිතයේදී මුහුණ දුන් යම් යම් අපහසුතා එයට ජලය සහ පොහොර සැපයූ සාධකයන්ම වුහ. සහන් රැකියාවේ නිරතව සිටින දේශයම මගේ තෝරාගැනීමද විය.

හිමිදිරියේම මවට හා පියාට සමුදුන් අවස්ථාව අතිශය හැගීම්බර එකක් විය. පුංචි එකා සන්දියේ සිට මා ඔවුන්ගෙන් වෙන් වී ජීවත් වී නැති නිසා මෙය අලුත් අත්දැකීමකි. උදා අරුණළු මැදින් කටුනායක ධාවන පථයෙන් ගුවන් යානය ඉහළට එසවෙද්දී මගේ නෙත් කෙවෙනි තුල සිරවූ කදුලු ගුලි තුලින් උපන් දා සිට දිවි ගෙවූ, මාගේ ආදරණීයයන් වෙසෙන බිම කෙමෙන් බොද වෙද්දී හදවතට දැනුනු බර දැනුදු දැනෙනවා මෙන්ය. මෙයට පෙර සංචාරය කිරීමේ අරමුණින් මා විදේශගතව තිබුනද මෙවර එය සෑහෙන වෙනස් අත්දැකීමකි. නැවතත් උපන් බිම පැමිණෙන නිෂ්චිත දිනයක්, රැකියාවක්, නොමැතිව අතේ ඇති සීමිත මුදලින් කල යුතු දෑ රාශියක් සමග පීඩාවට පත්ව තිබූ මනසක්ද සමගින් මගේ ගමනාන්තය වූ චැංගි ගුවන් තොටුපලට යානය ලගාවුයේ පැය තුන හමාරකට ආසන්න කාලයක් ගෙවීමෙන් අනතුරුවය.

අතීත පුරාවෘත්තයන්ට අනුව සිංහයන් වාසය කලා යැයි සැලකෙන මුත් පුරාවිද්‍යා සාධක මගින් තවමත් තහවුරු නොවූ ආසියාවේ ඉහළම ආර්ථිකයකට හිමිකම් කියන සිංහපුරය (Singapore) මගේ අලුත් නවාතැන් පල විය. කලින් සපථ කල අයුරින්ම මා පිළිගැනීමට සහන් මෙන්ම මගේ පැරණි රැකියා ස්ථානයක කලමණාකාර තනතුරක් දැරූ ජෙරමි ද එක්ව සිටීම ප්‍රියයන්ගෙන් වෙන් වූ මට කදිම සමාගමයක්ම විය.



ජෙරමි ඔහුගේ රථයේ ඉදිරිපසට මා නංවාගත්තේ , උඹ දැකලා නෑනෙ සිංගප්පූරුව හොදට බලාගනින්...මේක යකෝ වැඩ කරන්න කියලා ලස්සනට හදපු අපායක්... යනුවෙන් පවසා උස් හඩින් සිනාසීමෙනි. ඒ වදන තුල සැගවුනු යටිඅරුත මවිසින්ම තේරුම්ගනු ඇතැයි සිතූ නිසාදෝ සහන් නිහඩතාව ප්‍රිය කළේය.

සිංගප්පූරුව හා එහි නීති රීති පද්ධතිය පිළිබද කථා බහ අතරතුර රථය මගේ අලුත් නවාතැන් පල අසලට ලගා වී තිබුනි. මගේ මිත්‍රයා රැකියාවට සම්බන්ධ වීමට ප්‍රථමයෙන් නවාතැන් ගෙන තිබුනේද එම ස්ථානයේමය. සිංගප්පූරු ශ්‍රී ලාංකිකයන් බහුතරයක් දෙනා හදුනන, සැබැවින්ම ප්‍රියමනාප, අන් අයට උදව් කිරීමේ සහජ පුරුද්දක් සහිත චරිතයක් වූ ගාමිණී අයියා නිවසේ ප්‍රධානත්වය ඉසිලුවේය. සිංගප්පූරු ජාතිකයකුට අයත් දෙමහල් නිවසක් කුලී පදනම මත ලබාගෙන එහි රැකියාවන්හි නියුතු සහ රැකියා බලාපොරොත්තුවෙන් පැමිණෙන අයට සහන මිළකට ආහාරද සමග ලබා දීමට ගාමිණී අයියා පහසුකම් සලසා තිබුනි.

මගේ අලුත් නවාතැන හෙවත් සෙසු උන් හදුන්වන පරිදි ගාමිණී විලා හි නවාතැන් ගෙන සිටි අය අතුරින් මා හැර සියල්ලන්ම වෘත්තියෙන් ඉංජිනේරුවන් වූහ. ගෘහ මූලික තෙමේද 70 දශකයේ පේරාදෙණිය සරසවියෙන් පිට වූ ඉංජිනේරුවකි. හෙතෙම සිංගප්පූරුවේ වසර 12 ක අත්දැකීම් ඇත්තෙකි. ගාමිණී විලා හි සිටි උන් අතරින් එකෙකු දෙන්නෙකු හැරෙන්නට අන් සියල්ලන් මෘදුකාංග ඉංජිනේරුවන්ය. ඒ නිසාම බොහෝ විට කණට වැටුනේ ඔවුන්ගේ විෂය ක්ෂේත්‍රයට අදාළ කරුණු වුවත් අප අතර දලු ලා වැඩුනු සහෝදරත්වයට එය බාධාවක් නොවීය. එහි නේවාසිකයන් පිළිබද තොරතුරු, සිංගප්පූරුවේ මා ගතකල සති 4ක කාල සමය තුල මා උකහා ගත් දේ, සිරා දැන් සිටින රට ආදී දේ පිළිබදව ඉදිරියේදී ඔබට කියමි.

සිංගප්පූරුවේ රැකියා වල නිරත බහුතර ශ්‍රීලාංකිකයන් සංචාරක වීසා මගින් මෙහි පැමිණ අන්තර්ජාල රැකියා අඩවි මගින් ඒ සදහා ඉල්ලුම් කර සම්මුඛ පරීක්ෂණයන්ට මුහුණ දී සාර්ථක වීම නිසා මමද එම ක්‍රමය අනුගමනය කළෙමි. එය ඉංජිනේරුවන් වූ බහුතරයක් කෙරෙහි සුබදායී ලෙස ක්‍රියාත්මක වුවද මගේ වෘත්තියට අදාළව කෙසේ වේදැයි කුකුසක් මුල සිටම මගේ සිතේ තිබුනද මගේ ක්ෂේත්‍රයට අදාළව ලංකාවේ ඇති ඉහළම පෙළේ පාඨමාලා සමර්ථව තිබූ හෙයින් ඒ අවධානම භාර ගැනීමට මගේ සිත මටම බල කලේය. මා ජීවිතයේ මෙතෙක් දුර පැමිණියේ මෙවන් හිතුවක්කාර තීරණ මතින් නිසා මෙය මට අලුත් අත්දැකීමක්ද නොවේ. ග්‍රැෆික් නිර්මාණකරුවෙකු ලෙස සිංගප්පූරුවේ සේවය කරන ශ්‍රී ලාංකිකයකු සොයා ගැනීමට දැරූ සියලුම උත්සාහයන් අසාර්ථක වූයෙන් මට මගේ ක්ෂේත්‍රයේ තවෙකෙකුගේ විදේශ අත්දැකීම් වල පිහිට නොලැබුනි.

සිංගප්පූරුවේ රැකියා අවස්ථා පලවන ප්‍රධාන අන්තර්ජාල වෙබ් අඩවි 3කි. මේ සියල්ලේම තම තමන්ගේ දත්ත ඇතුලු කර ගිණුමක් ආරම්භ කල පසු එහි පලවෙන රැකියා අවස්ථා සදහා ඉල්ලුම් කිරීමට අපේක්ෂකයන්ට අවස්ථාව ලැබේ. ආයතනයන්හි පවතින පුරප්පාඩු සදහා සේවකයන් සපයන තැරැව්කරුවන්ද මේ අඩවි වලින් දත්ත ලබා ගන්නා නිසා අයදුම්කරුවන් දෛනිකව තමන්ගේ ගිණුම් යාවත්කාලීන කල යුතුය. උදෑසනම අවදි වී අලුතින් පලවී ඇති රැකියා අවස්ථා සදහා අයදුම් කල පසු දිණය පුරාවටම වරින් වර මේ අඩවි නිරීක්ෂණය කල යුතුය. ඒ අලුත් රැකියා දැන්වීමක් පලවීමට වෙලාවක් කලාවක් නැති හෙයිනි. දිනය පුරාවටම පරිගණක තිරයක දෙනෙත් සිරකර ගතවූ සති 3ක් පිළිබද මොහොතක් සිතන්න. එය කෙතරම් නම් වෙහෙසකරද...බලාපොරොත්තු සහගත දෑස්වලින් මා සමග සිටි සියල්ලන්ම තම තමන්ගේ අනාගත සාර්ථකත්වය සොයයි.

රැකියා කරන අය උදෑසනම විලාවෙන් පිටත්ව ගිය පසු නිවසේ ඉතිරි වන්නේ රැකියා අපේක්ෂිත මගේ වර්ගයේ කීප දෙනෙකි. මේ සියල්ලන්ම තම තමන්ගේ ලැප්ටොප් පරිගණක පේලියට තබා ගෙන රැකියා දඩයමේ යෙදෙන්නේ උදෑසන 6 පමණ සිටය. ඇතැම් දිනක මධ්‍යම රාත්‍රිය දක්වාම මේ වෑයමේ නිරතවීමට සිදුවිය හැකිය. එය සැබැවින්ම නීරස අත්දැකීමකි. ගාමිණී අයියා නොමසුරුව ලබාදෙන Wifi පහසුකම නිසා මේ කාර්යය පහසුය.

චීන හෝ ඉන්දියානු අවන්හලකින් ආහාර ලබා ගැනීම / ශීතකරණයේ ඇති පරාටාවක් රත් කරගැනීම/ තමන්ට හැකි පරිදි හොද්දක් බතක් සකසාගැනීම යන අකාරයන් මගින් උදෑසන හා දිවාකාලයේ ආහාර අවශ්‍යතා සපුරා ගත්තත් රාත්‍රියට නම් අනිවාර්යෙන්ම ගාමිණී විලා හි මුලුතැන්ගෙය කාර්යය බහුලය. රැකියා නිමවී පැමිණෙන බහුතරයක් දෙනාද අහාර ඉවීමේ කටයුතු වලට දායක වේ. ඇතැම් වෙලාවක ප්‍රධාන සූපවේදී තනතුර ගාමිණී අයියා දැරුවද තවත් අවස්ථාවක ලංකාවේ දකුණු පලාතෙන් සිංගප්පූරුවට සංක්‍රමණය වී සිටින ලක්මාල් ඒ තනතුරට වගකියයි. මුහුදු මාලු වර්ග පිසීමට ඔහු දක්වන්නේ සැලකිය යුතු දක්ෂතාවකි. ඔහුගේ ඉස්සන් හොද්දේ සුවද උඩු මහලේ කාමර තුල සිටින උන් මුලුතැන් ගෙයට කැදවීමට සමත්ය. සිරා කොලුවා දන්නේ පරිප්පු හොද්ද හදන අකාරය පමණක් නිසා ලූණු ගෙඩියක්, මිරිස් කරලක් කපා දීමෙන් පමණක් මේ කටයුතු වලට දායක වීමට සිදු වූ බැව් සැලකුව මනාය. නමුත් පරිප්පු පිසින දිනයට නම් සිරා කොලුවා තම හැකියාවන් මොනවට පෙන්වයි.

සෙනසුරාදා හා ඉරිදා දිනයන් සිංගප්පූරුවේ බහුතර ආයතන වසා ඇති හෙයින් ගාමිණී විලා වෙත අවශ්‍ය අඩුම කුඩුම ගෙන ඒමට පිරිස වෙළදපොල වෙත යන දිනය වන්නේ ඒ දිණ දෙකෙන් එකකි. මුළුතැන්ගෙයට අවශ්‍ය ද්‍රව්‍ය මෙන්ම සතියක් සදහා අවශ්‍ය මාලු හා මස් වර්ග ද ශීතකරණයේ ගබඩා කරන්නේ හොදින් පිරිසිදු කිරීමෙන් අනතුරුවය. මාලු කපා සුද්ධ කරන මෙහෙයුමේ ප්‍රධානත්වය උසුලන්නේද පෙර කියූ ලක්මාල්මය. මුහුද අසබඩ නගරයක අයෙකු නිසා ඔහුට මේ කාරණා හිච්චි එකා කාලයේ සිටම පුහුණු වී ඇති සෙයකි. සතියකට අවශ්‍ය තරමට මස්/මාලු ගෙන ආවත් ඇතැම් විටක ඒවා සතියේ පළමු දින දෙක තුනෙන් අවසන් වන අවස්ථාද නැතුවාම නොවේ. ඒ ලංකාවට නිවාඩු ගොස් නැවත පැමිණෙන එකකු ගෙනඑන සැරබීම බෝතල වලට පින්සිදුවන්නට ඒවා බයිට් වීමෙනි. එසේ වූ විටක ඉතිරි දින කීපයේ ආහාර අවශ්‍යතා සපුරාගැනීමට විකල්ප ක්‍රමවේදයන්ගේ පිහිට පැතීමට ගෘහ මූලික තෙමේ හට සිදුවේ.

එළවලු හා අනෙකුත් ද්‍රව්‍ය ගෙන ඒමට යන නඩය සමග මමද කීප වතාවක්ම Fair Price ගියෙමි. සිංගප්පූරුවේ පිරිසිදු පානීය ජලය මෙන්ම ගොවි බිම්ද නොමැති නිසා එහි පානීය ජල අවශ්‍යතාවය මෙන්ම එළවළු, පළතුරු අවශ්‍යතාවයද සපුරන්නේ අසල්වැසි මැලේසියාවයි. Fair Price සිංගප්පූරුවේ අඩු මිළට පාරිභෝගික භාණ්ඩ ලබා ගැනීමට සෑම නගරයකම ඇති කර ඇති අර්ධ රාජ්‍ය හිමිකාරත්වයක් ඇති ආයතනයකි. හරියට අපේ සමූපකාරය වාගේය. නමුත් මෙහි තත්වය, පෙනුම ලංකාවේ සුපිරිම වෙළදසැල්ද පරදවන සුලුය. නැතැයි කියන්නට දෙයක් නැත...පොඩි එකාගේ සූප්පුවේ සිට අරක්කු බෝතලය දක්වාම දේවල් මේ තුල ඇත. බොහෝ විට සේවය සදහා සිටින්නේ මැදිවයසේ කාන්තාවන්ය. එහෙත් ඇතැම් තැනක තරුණියන්ද වෙති. මේ ගමනට බොහෝ විට එක්වන ඇතැමෙකුගේ ප්‍රියතම විනෝදාංශයක් වන්නේ මුදල් අයකැමි තරුණිය අසලට වී සිංහල බසින් ඇගේ රූ සපුව සහ ශරීරාංග වර්ණනා කිරීමයි. කිසිත් නොවැටහෙන තරුණිය සිනාසී තම සේවය සපයයි.

Fair Price හි තායිලන්ත කුරුම්බා (Young Coconut) විකිණීමට තබා ඇති ආකාරය. 
කුරුම්බයක්  දළ වශයෙන් ලංකා මුදලින් රු 140/-






රට කථා කැමති ඔබට තවත් විස්තර ඉදිරියට.........


මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.



ප.ලි

මිතුරාගේ ඉල්ලීම පරිදි ඔහුගේ සැබෑ නාමය වෙනුවට ආරූඩ නාමයක් යෙදීමට සිදුවිය.
මේ අතර තුර හිට් නොතකා ලියවෙන සිරාගේ කාමරේ පළමු හිට්ස් ලක්ෂය වාර්තා කිරිමට සමත් විය. 



























105 comments:

  1. මේක කියෙව්වම මට මතක් වුනේ මම රට ආපු මුල්ම දවසෙ ප්ලේන් එක කටුනායකින් උස්සනකොට සට සට ගාලා කඳුලු හැලිච්ච විදිහ.

    සිරා අවධානමක් අරගෙන රට ඇවිත් තියෙන්නෙ එහෙනම්.

    ඉතිරියත් එනතෙක් බලා සිටිමි.

    ReplyDelete
    Replies
    1. ඔව් සෙන්නා...මම ජීවිතයේ බොහෝ තැන් වල අවධානම භය නැතුව ගත්ත කෙනෙක්...ජීවිතයේ යම් යම් තැන් වලදි අවධානමක් ගතයුතු තැන් එනවා...මේ අවස්ථාවත් ඒ වගේ...අවධානම සාර්ථකව භාර අරගෙන සාර්ථක වෙච්ච මිනිස්සු සෑහෙන දෙනෙක් මට හමුවෙලත් තියෙනවා...

      මේ කථාමාලාවම මම මේ වන විටත් ලියා අවසන්...ඉදිරියේදී පිළිවෙලින් පල වේවි.

      Delete
  2. සිරා උබ සිංගද ගියේ ? මගේ අයියත් සිංග ඉන්නේ, එය වැඩ කරන තැනට ලංකාවෙන් තව කෙනෙක් ගෙන්නනවා කියල සති 3ට විතර උඩදී කිව්වා, උබ හොයන විදියේනම් වැඩක් නෙවෙයි එතන උත්සව අවස්ථා sසංවිධාන කරන තැනක්, පඩියත් හොදයි කියල කිව්වා, මන් ආයි කතාකරහම අහල බලන්නද.?

    ReplyDelete
    Replies
    1. අහලා බලන්න...මොකද මම දැන් ඉන්න රටට වඩා සිංගප්පූරුවෙ ජන ජීවිතයට ගොඩාක් කැමතියි...ඒ ඇයි කියලා ඉදිරි පෝස්ටු වලින් ඔබට පැහැදිලි වේවි. මේ ගැන අයියා දැනුවත් කර ඔහු සම්බන්ධ කර ගත හැකි දුරකථන අංකයක් මා වෙත ඊයක් ලෙස එවන්න පුලුවන් නම්...ඔබට අතිශය කෘතඥපූර්වක වෙමි.

      Delete
  3. //අනාගත බලාපොරොත්තු ජය ගැනීමට තරම් ප්‍රමාණවත් වැටුපක් ලංකාවේදී ලැබීමට මා භාග්‍යවන්තයකු නොවූ තැන //

    මෙහෙම වෙනවා කියන්නෙත් උපන් බිම ගැන කලකිරීමක්ම තමයි මචන් , ඒ රට නෙවෙයි රට අද ඉන්න තැන ගැන . කොහොමවුනත් සිංහ දේශයෙන් සිංහ පුරයට ගිය උඹේ සෑම බලාපොරොත්තුවක්ම ඉශ්ටවේවා කියල මම ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
    Replies
    1. නෑ...මම හිතට එකගව ආයෙත් කියන්නෙ මට උපන් බිම පිළිබද කලකිරීමක් නෑ...මගේ ක්ෂේත්‍රය පිළිබදව නම් යම් කළකිරීමක් තියෙනවා...මගේ සමීපතමයන්, මට හුරුපුරුදු පරිසරය තියෙන ලංකාවට ආයෙත් එන්නෙ කවදද කියලා ඇගිලි ගනිමින් මම ඉන්නෙ...
      පැතුමට ස්තූතියි....

      Delete
  4. මිතුරාගේ ආරූඪ නාමයත් මිතුරාම යෝජනා කළ බවයි ඔහු අපිට පෙරේදා පෑවසුවේ... :D ඔහු පෙරේදා අපේ ගෙදර ආපු වෙලාවෙ තමයි ඒ ගෑන කිව්වෙ...
    මෙහාට ආවම හෑම කෙනෙක්ම අනුගමනය කරන ක්‍රමය හොඳට විස්තර ඈතුව කියල තියෙනව... :)
    මම මේක චාමරටත් බලන්න කියන්නම්කො... :)

    ReplyDelete
    Replies
    1. මිතුරා ගෙදර ආවද....එයාම තමයි එයාගෙ ආරූඩ නම යෝජනා කලේ...ඒක ඇත්ත...සිංගප්පූරුවට මම ආ මාවතේ තව කෙනෙක් එන්න හිතනවානම් ඒ අයට උපකාරී වන බොහෝ කරුණු ඉදිරියේදී පල වේවි. ඔබ දෙපළ මවෙත පිරිනැමූ රාත්‍රී භෝජන සංග්‍රහය පිළිබදවත් සටහනක් ඉදිරියේදී එනවා....

      Delete
  5. දැන් ඕන තරම් ප්‍රස්තුත තියෙනවනේ ලියන්න.. නොරටක පරිසරය, ජීවන රටාව, ඉතිහාසය, කෑම බීම, වැදගත් ස්ථාන, පාලන ක්‍රමය ගැන දැන ගන්න මිනිස්සු කැමතියි.. ඒතකොට රැකියා සඳහා ඇවිත් ඉන්න අයගේ ජීවිත, ප්‍රශ්ණ, ගැටළු,,,,,ඒවා ගැනත් ලියන්න....

    ReplyDelete
    Replies
    1. ඒ සියලුම දැ පිළිබද මගේ ශක්ති ප්‍රමාණයෙන් ඉදිරියේදි නිසැකවම ලියැවෙනවා...

      Delete
  6. මේ ලිපි මාලාවෙන් හොඳ විස්තර ටිකක් දැන ගන්න පුළුවන් වෙයි අපිට.. උඹගේ සියලු කටයුතු සාර්ථක වේවා කියල පතනවා..!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චන්දන...ඉදිරියේදී බොහෝ කරුණු මෙහි පලවේවි.

      Delete
  7. //උඹ දැකලා නෑනෙ සිංගප්පූරුව හොදට බලාගනින්...මේක යකෝ වැඩ කරන්න කියලා ලස්සනට හදපු අපායක්..//ගොඩක් දෙනෙක් නොහිතන නොදකින තිත්ත ඇත්තක් නේද?

    ReplyDelete
    Replies
    1. ඔව්...පිටින් පේන සුන්දරත්වය ඇතුලෙ රැකියාවේ තියෙන පීඩනය, වෛද්‍ය ප්‍රතිකාර සදහා වැයවෙන අති දැවැන්ත වියදම, කිසිම දෙයක් නොමිලේ නොලැබෙන පරිසරය...මේ වගේ දේ තියෙනවා...

      Delete
  8. ලස්සනට ලියල තියෙනව මචන්... අපිට යන්න බැරි උනත් මෙහෙම හරි දකින්න පුලුවන් වීම ගැන සතුටු වෙනව..... පට්ට මචන්... ඔක්කොම ලියපන්...

    ReplyDelete
    Replies
    1. ලියන්න පුලුවන් හැමදේම, රට ගැන හොද අවබෝධයක් ගන්න පුලුවන් විදියට ලියන්න තමයි වෑයම...

      Delete
  9. ම්ම්ම්... සිරා සිංගප්පූරු ආව බවවත් ගාමිණී පොට් එකේ හිටි බවවත් දන්නෙ නෑ. කොහොම උනත් කොහෙන්හරි දැන් රැකියාවක් සොයාගෙන තිබීම ගැන ඇත්තටම සතුටුයි. ජයවේවා!!

    ReplyDelete
    Replies
    1. ඇනෝ මිතුරා..ඔබ මා හදුනන කෙනෙක්නෙ...පොඩ්ඩක් ඔබව මට හදුනාගත හැකි පරිදි පොඩි ඉගියක් දෙන්න බැරිද ?

      Delete
  10. රටින් පිට ඉන්න සිරාට, පුළුවන් හැම වෙලාවෙම අපි ඉන්නවා මචං තනිය මකන්න. හොඳින් ඉඳල හොඳින් වරෙන්. ජය වේවා !

    ReplyDelete
  11. මටනම් ලංකාව මතක් වෙද්දි තාමත් කදුළු වැටෙනවා අයියේ, අනික ඔය රස්සාවල් හොයන දුක මමත් හොදට අත්වින්දා ඒකත් මෙහෙ සමර් එකේදි, එලියට බහින්න බෑ රස්නේ.. ඒත් කට්ට කාගෙන හිටියා මොනව කරන්නද?

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත බොහෝ විට අපි අලුත් යමක් පටන් ගන්නකොට ඔය කියන කට්ට නොකාපු අය හරි අඩුයි. කට්ට කාගෙන ඉදිරියට යමු.

      Delete
  12. එල ඇ ........... මාත් එන්නයි හිතුවේ ...........ACC college සිස්සත්තයක් ලැබුනනේ

    ReplyDelete
    Replies
    1. හොදා හොදා...හොද මිනිස්සු ටිකක් අදුනගන්න ලැබේවි.

      Delete
  13. අවුරුදු දෙකක් කට්ට කාලා ලංකාවට ඇවිත් පාඩුවේ ඉන්නේ කට්ට කාලා හම්බ කරගන්න නම් හොද රට දිගටම ලියන්න ජොබක් හරි ගියාද මචන් උබ ඩුබායි පැත්තේ ගියා නම් ගොඩක් හොදයි

    ReplyDelete
    Replies
    1. දැන් මම සිංගප්පූරුවෙ නෑ....මගේ රැකියාවටම සෙට් වෙලා ඉන්නෙ...ඒ දේම කරනවානම් මෙහෙත් නරක නෑ...

      Delete
  14. කොහොමින් හරි තමන්ගේ අරමුණු ඉෂ්ට කරගන්න පුළුවන් තැනකට යනවනම් එච්චරයිනෙ බං, ලංකාවේ වාතාවරණය දැන් එන්න එන්නම නරක අතට හැරෙනවා ,
    උබේ සියලු පැතුම් සඵල වේවා !!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චමියා...වාතාවරණය සෑහෙන්න අවුල් වේගෙන යන නිසා තමයි මමත් රට පැන්නෙ...

      Delete
  15. අර කැසියර් ලමිස්සිගෙ ගුන වර්නනා කරපු හෑටි කියුවනම් අපටත් දැනගන්න ....

    ReplyDelete
    Replies
    1. සිංහල නොතේරෙන අය මෙතන සිටියා නම් අනිවා කියමි. ඒ දැරිවිගෙ අග පසග වෙන වෙනම ගෙන තමයි වර්ණනා කොලේ.

      Delete
    2. සිරෝ බලාගෙන ඔහේ ලංකාවේ අය එයාට සිංහල උගන්නල නම් එහෙම හික් සිරාට ගුටි තමයි

      Delete
    3. එහෙනං තාම ගුටි කනවා...

      Delete
  16. සුබ පැතුම් සිරා . ලස්සන රට . සමහර විට අපි මුණ ගැහෙන්නත් ඉඩ තියෙනව .

    ReplyDelete
    Replies
    1. සමහර විට මුණගැසේවි කියලා හිතෙනවා අක්කෙ...දැන් මම සේවය කරන ආයතනය 2015 දි ලෝක මට්ටමේ විශාල ව්‍යාපෘතියක් සැලසුම් කරමින් ඉන්නෙ...එහි ඉදිකිරීම් ඔය පැත්තෙනුත් යනවලු ඔන්න...

      Delete
  17. සිරා අයියා ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක්ද..වාව්..!!

    නන්නාදුනන රටේ හිත හොඳ මිනිස්සු කියන්නේ කෝටි ගානක වස්තුවක් (සමහර විට අමිල වස්තුවක්)

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම තමයි. මගේ මේ චාරිකාව තුල මට හමුවුන හොද මිනිසුන් ගැන ඉදිරියේදී ලියැවෙනවා.

      Delete
  18. කෝවන් ගෙදර හිටපු සගයෙක්May 13, 2013 at 12:58 PM

    ඕකට අපි කියන්නෙ කෝවන් ගෙදර කියලා.

    තව කෙනෙක් ඉන්නවා ඕකෙ මතක් කරන්න. නම චාමර අපි කියන්නෙ කීර්ති කියලා නෑතිනම් මුන්ඩිගල. කෝවන් ගෙදර පටන් ගත්ත දවසෙ ඉදලා ඉන්නවා.

    පොලීසියෙන් ආපු වෙලාවෙ කරපිංචා ගහේ හිටපු එක්කෙනාගෙ කතාවත් ලියන්න.

    මීට
    කෝවන් ගෙදර හිටපු සගයෙක්

    ReplyDelete
    Replies
    1. මුන්ඩිගල කියන්නෙ නියම කොල්ලෙක්...ගාමිණී විලාවට ආපු වෙලාවෙ ඉදන් ඔහු මට සෑහෙන සහයෝගයක් දුන්නා. කරපිංචා ගහක් තියෙන බව දන්නවා උනාට ඔය කියන කථාව නම් දන්නෙ නෑ....කෝවන් ගෙදර සගයගෙ නමත් වක්‍රව හරි කිව්වා නම්....

      Delete
  19. ela ela sira, apith goda giye gamini ayyalage help eken thamay. singa enna inna ekekta denaganna oni okkoma deetails meke dapan. Api hemotama jaya wewa ! :)

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම ඒ බොහෝ විස්තර මෙහි ලියැවේවි. මේ ඇනෝ යාලුවා මට රාත්‍රී භෝජන සංග්‍රහයක් ලබා දුන් මගේ මිත්‍රයා යැයි සිතමි.

      Delete
  20. කොහේ හිටියත් ජයග්‍රාහීව උඹේ ගමන ඉදිරියට යන්න ප්‍රාර්ථනා කරනවා මචං. දිගටම ලියපන් කොහොම හරි.

    ReplyDelete
    Replies
    1. දිගටම ලියනවා රතු...ප්‍රාර්ථනාවට ස්තූතියි මචං...

      Delete
  21. මම හිතුවෙ සිරා රට ගිහින් ආව කියලා.....ඇවිත් නෑනේ......හ්ම් කමක් නෑ කොහෝ ඉදන් ලියන එක ගැනනම් සතුටුයි......

    ඉන්න තාන හොදින් ඉදින්.....ජයම වේවා නිතැතින්ම ඔබට

    අළුත් විත්තල ගොඩාලියක් බලන්න පුළුවන් වෙයි නේද

    ReplyDelete
    Replies
    1. තාම පිට ලට සුදෝ...අලුත් විත්තලා ගොඩාලියක් ඉස්සරහට බලන්න පුලුවන්....

      Delete
  22. සිරා අයියේ.... උඹට හරි යනවා! ඉස්සරහට කියවමුකො රස කතා එහෙම....

    ReplyDelete
    Replies
    1. දැනටම හරියාගෙන වගේ එන්නෙ...රස කතා අනිවාර්යෙන් දෙනවා...

      Delete
  23. අඩේ මුව අක්න්න එපැයි සද්ද නැතිව රටත් ගිහින් දන්නෙවත් නැහැ කොහොම උනත් සුභ පැතුම් අයියා. මෙහෙත් තත්වේ ඔය විදියම තමයි මට මතක් උනෙත් මම පලවෙනි පාරට ජොබට ආව ගමන ලංකාවේ ඉඳල

    ReplyDelete
    Replies
    1. අවිනිශ්චිත අනාගතයක් කරා යද්දි කොහොමද බන් කිය කියා යන්නෙ...ඒ නිසා ගොඩාක් යාලුවො දන්නෙත් නෑ...මෙහෙට එනකං...

      Delete
  24. අවදානමක් දරාගෙන හරි ගත්ත තීරණය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල පතනව.
    ඒ වගේම හිට්ස් 100000 ක් ලැබීම ගැනත් සන්තෝෂයි.

    ගාමිණී අයියල වගේ අය කරන මෙහෙයත් අගය කළ යුතුයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ප්‍රසන්න අයියෙ...ගාමිණී අයියා නිසා අනාගතය සාර්ථක කරගත්ත බොහෝ පිරිසක් සිංගප්පූරුවේ ඉන්නවා...ඔහු ඇත්තටම බොහොම සුහද කෙනෙක්....

      Delete
  25. මන් අහල තියන විධිහට සිංගප්පුරුවේ ජීවන වියදම වැඩියි නේද? හොදින් වැඩ කටයුතු ටික කරගන්න ලැබේවා කියල පතනවා

    ReplyDelete
    Replies
    1. ජීවන වියදම ලංකාවට සාපේක්ෂව සෑහෙන්න වැඩියි. නමුත් සිංගප්පුරුවේ වැටුප් මට්ටමත් ඒ වගේම ඉහළයි.

      Delete
  26. කට්ටක් කන්නම වෙනව ජිවිතේ ජය ගන්න උබට ජිවිතේ ජයගන්න හැකිවෙන්න කියලා පතනවා....!!

    ReplyDelete
    Replies
    1. කට්ටක් කාලා තමයි මම නම් හැම දෙයක්ම මෙතෙක් ගොඩ දාගෙන තියෙන්නෙ..බලමු ඉතිං මේ පාර මක්ක වෙයිද කියලා...ලොකු අයියට බොහොම ස්තුතියි...

      Delete
  27. ලිපි මාලාව රසවත් වේවි කියලා හිතෙනවා..සියළු සිත්තැවුල් නිවී අළුත් පරිසරයට හුරුවෙන්න හැකි වෙන්න ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි...මට හැකි ලෙස බොහෝ කරුණු ඇතුලත් කරන්න උත්සාහ කරන්නම්...

      Delete
  28. 'Adventuring in to the life' Good my man, excellent, take that challenge. Wish you all success in your future endeavors.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. Thank you very much, your words inspire me some distance towards the success.

      Delete
  29. සිරා දැන් ඉන්නෙ කොහෙද කියල කිව්වනං හොඳයි

    ReplyDelete
    Replies
    1. ඒ ගැන ඉදිරියේදී කියනවා හැලප අයියේ...

      Delete
  30. සිංගප්පුර්/මැලේසියා රටවල සංචාරක විසා වලින් ඇවිත් රස්සාවල් හොයාගන්නව කියන එකනම් මහ බොරු වැඩක්.එයිට වඩා හරි තැනකින් සුදුසුකම් වලට මැද පෙරදිග රටකට යන එක.දැන හදුන ගත් මිතුරන් කීප දෙනකු ලගට ආ බැවින් මාස 2ට පසු හෝ මෙහෙම අදහස් හුවමාරු කර ගන්න ලැබුන.
    ඔබ දැනට ඉන්නෙ සිංග/මැලේ රටවල අස්ථාවර නම් ඔබ තීරණයක් ගන්න.විසා ප්‍රශ්න ලොකු විදියට බලපානව.
    මේඩ් ඉන් ශ්‍රී ලංකා සම හරක් අයියල ගැන හොද අවබෝධයක් ලබන්න ඇති මේ ටික කලට.

    ReplyDelete
    Replies
    1. මට මුල සිටම ඉන්ටර්නෙට් තිබුනට..බ්ලොගක් ලියන්න තරම් මානසික නිදහසක් තිබුනෙ නෑ...මම දැන් කෙමෙන් කෙමෙන් ස්ථාවර වෙමින් ඉන්නෙ...මගේ රැකියාවම ලැබුනා.වීසා ප්‍රශ්න නෑ. නීත්‍යානුකූලව ඉන්නෙ...ලංකාවෙ අයියලගෙන් නම් සෑහෙන්න දුරස් වෙලා තමයි ඉන්නෙ..

      Delete
  31. සතුටුයි ඈ....!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  32. ela,thawa visthara lianna.hama detama risk ganna epa.kasadeta ehema... malaa thamai

    ReplyDelete
    Replies
    1. කසාදෙත් අවධානමක් තමයි..දැන් ලව් කරන්න වෙලාවකුත් නෑ..යෝජනාවකින් බැදලා තමයි ලව් කරන්න වෙන්නෙ...එහෙම ලව් කරන එකත් ගැලපෙන්නෙ නෑ වගේ නම්...ඔන්න අවධානම....

      Delete
  33. රට රස්සා ගැන නම් අනේ මන්දා... කොහොමත් සිරා ගොඩ යන බව දන්නවා... අල්ලගෙන ඉන්න එකයි තියෙන්නේ ඉතිං...

    හැබැයි බදින්න කලින් කොල්ලෝ රට යන එකට මං කැමතියි... එතකොට ගෙවල් වලින් එළියට බැහැලා ජීවිතේ ගැන හරි අත්දැකීමක් අරගෙන ජීවිතේට මුණ දෙන්න පුලුවන් වෙනවා.. ගොඩක් වැඩකට නැති පුරුදු ( ඒ කිව්වේ කෑම බීම තෝරන එක, තමන්ගේ වැඩ තමන්ම කරගන්න පුරුදු වෙන එක එහෙම) අඩු වෙනවා... හි හි

    ReplyDelete
    Replies
    1. දැන් කෙමෙන් ස්ථාවර වීගෙන යනවා හිරු..ඔබ කියන කථාව ඇත්තයි. ගෙදර අයගෙ සහයෝගය ලැබුනු සමහර දේ දැන් තනියෙන් කරගන්න වෙලා. ඒක මට සතුටක්..ඒ හැමදේම තමන්ටම කළමණාකරනය කරගන්න පුලුවන් පුද්ගලයෙක් වෙලා තමයි සිරා ආයෙත් ලංකාවට එන්නෙ.

      මගේ නම් කෑම බීම තේරීමක් නෑ...අනිත් උන්ට කන්න බැරි චීන කෑම වර්ග වලටත් මම වග කිව්වා.

      Delete
    2. අපොයි දැන් ගැරඩින්වත් කනවද

      Delete
  34. හොඳයි මෙතන පල වෙන ඒවා මට ඒ තරම ආගන්තුන නොවන්නේ අපි පහුගිය දිනක අදහස් බෙදා ගත්ත නිසා. මේ කතා ටික රසවත් වෙයි. හිට්ස් ලක්ෂයට සුබ පැතුම් !!! දිවිය ජය ගන්න මගේ සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අයියෙ...බ්ලොග් ලොව මට සිටින ඉතාම හිතෛෂී පුද්ගලයන් අතළොස්සට ඔබත් අයිතියි...

      Delete
  35. මචං කොහේ ගියත් හොදින් ඉදලා ලංකාවේ කොල්ලෙක් කියන නම තියපන් හොදේ කාටත් මතක හිටින විදිහට

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ නම දැනටම තියාගෙන යනවා...

      Delete
  36. සිරා,

    සිංගප්පුරුව, මට මගේ ජීවිතයේ පිටරටකදී හමුවුන ගොඩක් හොද මිනිස්සු ඉන්න රටක්. (වැඩි විස්තර උබ දන්නවනේ ). මගේ හොදම මිතුරෙක් ජීවිතයේ හමුවුන නිහතමානීම ආයතන ප්‍රධානියා. එත් කවදාවත් මම සති 2 කට වඩා ඉන්න අකමැතිම තැනක් (එකම එක පාරක් මාසයක් ඉන්න වුනා ආයතනයේ පුහුණුවීමක් නිසා ඒ මාසය මාව තියාගන්න බොස් පුදුම දුකක් වින්දේ ..අදටත් කතා කලහම කියල හිනා වෙනවා ).

    ඒ වුනාට ඒ තියන කාර්ය බහුලත්වය මිනිසුන්ගේ තිබෙන්නා වූ ආතතිය විවේකි නැති කම ඒ හැම එකම බැලුවහම මටනම් කොච්චර මුදලක් දෙනවා කිව්වාත් , රැකියාව මොනතරම් හොදයි කිව්වාත් මට ඒ ජීවන රටාවට හැඩගැහෙන්න බෑ.. ඒකනිසා අර යාළුවා කියපු කතාවට "මේක යකෝ වැඩ කරන්න කියලා ලස්සනට හදපු අපායක්". මම සම්පුර්ණයෙන් එකගයි.. ඒකනිසා චාරිකාවකට ඇරෙන්න මම කවදවත් රැකියවකට යන්නේ නෑ. (මේ කතාව උබව අධෙය්‍යයට පත්කරන්න කියන කතාවක් නෙමයි කියල උබ දන්නවා ). කොහොම වුනත් ලංකාව එන සහ යන හැම වෙලාවකම දවසක් දෙකක් ගත කරන්න පරණ මිතුරන් හමුවෙන්න මම හැමදාම නවතින තැනක්.

    උබට ජය...!!

    මම
    මයික්

    ReplyDelete
    Replies
    1. ඇත්ත මයික්...සිංගප්පූරු වාසීන් අන් අය කෙරේ එතරම් මිත්‍රශීලී ප්‍රතිචාරයක් නොදක්වන තමන්ගෙ පාඩුවේම සිටින පිරිසක් නිසා මටත එහෙම හිතුනා...එහෙත් රටේ භියක් සැකක් නැතුව ඕනෑම තැනක, ඕනෑම වෙලාවක යන්න හැකි වීම, ගමනාගමනය ඉතා පහසුවීම වගේ දේවල් එක්ක එහි ජන ජීවිතය ඉතා පහසුයි සහ ආරක්ෂිතයි.

      සිංගප්පූරුවේ සිටි සමයේ ඔබේ මිතුරන් මවෙත හදුන්වාදීමට ඔබ දැරූ උත්සාහයට ස්තුතියි මයික්...

      Delete
  37. කිව්වත් වගේ ෆෙයාර් ප්‍රයිස් එක නම් සුපිරිම තමා

    ඉතින් අයියට ජොබ් එක සෙට් වුනේ නැද්ද? අපරාදෙනේ!

    ReplyDelete
    Replies
    1. දැන් ජොබ් එකකට සැට් වෙලා ඉන්නෙ මල්ලි...හැබැයි වෙන රටක...

      Delete
  38. මම දැනගන්න කැමතියි..ඔය රටවල්වල මිනිස්සු තෘප්තිමත් ද කියලා. නැත්නම් ඒ ඇයි කියලා...? (මේක ටොපික් එකක්)

    සිරාගෙ බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉටුවේවා...!!!

    ReplyDelete
    Replies
    1. මිත්‍රයා, ඒ රටේ මිනිස්සු තෘප්ත්මත්ද, නැත්නම් ඒ ඇයිද කියලා සොයා බලන්න කලින් අපේ රටේ මිනිස්සු තෘප්ත්මත්ද, නැත්නම් ඒ ඇයිද කියලා සොයා බැලිය යුතුයි නේද?

      Delete
    2. තෘප්තිමත්ද කියන දේ ගැන නම් මට අදහසක් නෑ...මෙහෙ හැම දේම මුදලට...කිසිම දෙයක් නොමිලේ නෑ...රෝහලට ගියාම බෙහෙත් ටික ලංකාවෙ වගේ නිකං දෙන්නෙ නෑ...මම හිටපු ගෙදර යාලුවෙක් ප්‍රෙෂර් කුකර් එකට චුට්ටක් කකුල පුච්චගෙන බෙහෙත් වලට වියදම් කලා ලංකාවෙ මුදලින් රු 10000/-කට වඩා...ලංකාවෙ ඒ ප්‍රතිකාරය කලා නම් උපරිම රු 400/- යාවි.

      මම දැකපු දේ තමයි..සිංගප්පූරුවෙ වැසියො තමන්ගෙ රටේ නොදන්න අය සමගවත් ඇයි හොදයියක්...සුහද කමක් පෙන්නන්නෙ නෑ...ඒ උනාට දුම්රියට ළමයෙක් වඩාගෙන හරි වයසක කෙනෙක් හරි නැග්ගොත්..ළගම කෙනා සීට් එක දෙනවා වට පිට බලන්නෙ නැතුව.

      රටේ තියෙන භෞතික සම්පත් වල දියුණුව නිසා හැම කටයුත්තක්ම පහසුයි..ගමනාගමනයට ලංකාවෙ වගේ කාලය නාස්ති වෙන්නෙ නෑ...පොදු ප්‍රවාහන සේවා ඉතාමත් කාර්යක්ෂමයි...එසේ වුනත් මේ වැසියො හරියට රොබෝලා වගේ...හැම වෙලේම දුරකථනයේ නැත්නම් ටැබ් එකේ හිරවෙලා...ඒවගෙ වහල්ලු වෙලා ඉන්නෙ...එතැනදි ලංකාවෙ මිනිස්සුන්ගෙ අපි අත්දකින සුහදතාව කොච්චර වටිනවද කියලා හිතෙනවා...මගේ සිංගප්පූරු මිත්‍රයා මට කිව්ව විදියට එහෙ බඩුමිළ ඒ අයටත් ටිකක් වැඩියි කියලයි කියන්නෙ...

      ඇනෝ සහෝදරයා...

      තවත් රටක විස්තරයක් අහන්න කලින් ලංකාවෙ විස්තරේ හොයා බලන්න කියලා කොහෙවත් නීතියක් නෑ නේද....

      Delete
    3. //ඒ උනාට දුම්රියට ළමයෙක් වඩාගෙන හරි වයසක කෙනෙක් හරි නැග්ගොත්..ළගම කෙනා සීට් එක දෙනවා වට පිට බලන්නෙ නැතුව.//

      සිරාගේ ලිපි වගේම ඒවාට වැටෙන කොමෙන්ටු කියවන එකත් මගෙ පුරුද්දක්. ඒ නිසයි මෙය දැක්කෙ. කොහොම උනත් මගෙ අත්දැකීමෙන් කියනවානම් මමනම් දැකල තියෙනව දුම්රියේ හිටගෙන යන ගැබිණි කාන්තාවන්, දරුවන් වඩාගෙන ඉන්න අය, වයසක අය ඕන තරම් (දුම්රිය පෙට්ටියක ඔවුන් වෙනුවෙන් වෙන්වුණු ආසන කීපයක්ම තිබුණත්). හැබැයි ඒක සුලබ නෑ. ආසනය දුන්නත් ඒ අර නීතිය/සම්ප්‍රදායට ගරු කිරීමක් විදියට බව තමයි මටනම් තේරුණේ. නමුත් අපේ ලංකාවේ ඊට වෙනස්. කෙනෙක් අහක බලන් හිටියත් තවත් කෙනෙක් ආසනේ දෙනවා, නැත්නම් බැනලාහරි ඉල්ලලා දෙනවා. ඒක තමයි මනුස්සකම.

      හැබැයි මනුස්සකම්වලින් පොහොසත්, මිත්‍රශීලී, සිනහවෙන් සංග්‍රහ කරන වැසියනුත් මෙහෙ නැතිවම නෙමෙයි. කොහොම උනත් රටවල් දෙක සංසන්දනාත්මකව බැලුවොත් හොඳයි සහ නරකයි කියලා අපිට දැනෙන දේ දෙපැත්තේම තියෙනවා. කොහොම උනත් සිරා වගේම මාත් වැඩිපුරම කැමති අපේ රටට.

      (කරුණු කාරණානම් තියෙනව ගොඩක් කතා බහ කරන්න. ඒත් ඒ ඔක්කොම ලියන්න ගියොත් සිරාගෙ ලිපියට වැඩිය මේ කොමෙන්ටුව දිග වැඩි වෙන්න පුලුවන් නිසා නොලියා ඉන්නම්. :))

      ඔබට ජය!

      Delete
    4. බොහොම ස්තූතියි මිත්‍රයා...මගේ මේ ලිපි මාලාව තුල අඩු වැඩිය පුරවන්න ඔබ වගේ සිංගප්පූරුවෙ ජීවත් වන අයගෙ දායකත්වය ඉතාමත් අගය කරනවා...

      Delete
  39. /*...මොකද මම දැන් ඉන්න රටට වඩා සිංගප්පූරුවෙ ජන ජීවිතයට ගොඩාක් කැමතියි.../*සිරා අයියා දැන් ඉන්නේ මොන රටේද ? , සිංගප්පුරුවේ හොල්මන් තියෙනවා කියල වෙන් කරලා තියෙන ප්‍රදේශ් ගැනත් ලියන්න ,

    ReplyDelete
    Replies
    1. ඉන්න රට ගැන ඉදිරියට කියන්නම්...සිංගප්පූරු වැසියන් හොල්මන් වලට ඉතාමත් භයයි. ඒක ඇත්ත. මේ තත්වය මා දන්නා විදියට ජපානයටත් පොදුයි. දම්පාට මාර්ගයේ පිහිටා තිබෙන Woodleigh දුම්රිය ස්ථානය මාස කීපයක් හොල්මන් භීතියක් නිසා වසා දමා තිබෙනවා..වර්තමානයේ එය විවෘතව තිබුනත් හැන්දෑ වෙනකොට දුම්රියෙන් ඒ ස්ථානයේ බසින මගීන් නොමැති තරම්...එහි සිටින්නෙ කාන්තා රුවක් තියෙන හොල්මනක් බවයි ආරංචිය.

      Delete
  40. සිංගප්පූරුව මාත් කැමති රටක්. හරිම පිළිවෙලයි. ඒ වගේම ඉතාම පිරිසිදුයි. ටක්සියක් ගන්ට උනත් දකුණු ආසියානු රටක වගේ බය හිත්න්නේ නෑ. හැබැයි ඉතින් ගස්කොළන් තමා අඩු.

    සිරා විනෝදෙන් ඉන්නබව පේනවා. ඒ වගේම හොඳ මිතුරුන් ටිකක් හමු වෙලා තියෙන බවකුත් පේනවා. ඔය පැත්තේ ආවොත් පණිවිඩයක් දෙන්නම්කෝ :D

    ඉතා ඉක්මණින් රැකියාවක් හරියන්ට කියලා ප්‍රාර්ථනා කරනවා. (දැනට ලැබිලා නැත්නම් )

    ReplyDelete
    Replies
    1. සිරා ඉන්නෙ විනෝදෙන්...ඒකෙ කිසිම බොරුවක් නෑ...මේ පැත්තට ආවොත් කියන්නකො...අපි හමුවෙමු.

      දැනට රැකියාවකට සම්බන්ධ වෙලා ඉන්නවා...ප්‍රගතිය ගැන ඉදිරියේදි තමයි කියන්න වෙන්නෙ.

      Delete
  41. අඩේ කියවන්න ඉඳගත්තා විතරයි පෝස්ට් එක ඉවරනේ.

    මම නක් කියන්නෛ උඹ දැන් ඉන්නේ මැලේෂියාවේ. බස් එකේ යන්න පුලුවන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔයාට හොදටම ෂුවර්ද ? ඉතිං ඉන්දුනීසියාවට සිංගප්පූරුවෙ ඉදන් බෝට්ටුවෙ යන්නත් පුලුවන්නෙ...

      Delete
  42. රට විස්තර පටාන් ගෙන තියෙන්නේ..... නියමයි නියමයි.....
    අවධානමක් අරන් රට ගියත්, අයියගේ බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉටු වෙන්න කියල පතනවා !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නංගි...ජීවිතයේ සමහර තැන් වල අවධානම් සහගත තීරණ ගන්න වෙනවා. එහෙම නැත්නම් කවදාවත් දියුණුවක් ලගා කර ගන්න බෑ.

      Delete
  43. කතා සෙට් එකම කියවන්න ආසාවෙන් ඉන්නවා... ඔබගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථකවේවා සිරා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නලින් අයියා.....කථා මාලාවක් තියෙනවා ඒ ගැන ලියැවෙන...

      Delete
  44. යන්න හිතෙනවා අප්පා...
    //උඹ දැකලා නෑනෙ සිංගප්පූරුව හොදට බලාගනින්...මේක යකෝ වැඩ කරන්න කියලා ලස්සනට හදපු අපායක්...//
    ලස්සනට පේන හැම දේම අවලස්සන දේකුත් තියෙනවම තමයි...

    ReplyDelete
    Replies
    1. යන්න හිතෙනවා නම් එන්න අප්පා...මට පුලුවන් උදව්වක් කරන්නම්....

      නිහඩ සුන්දරත්වය ඇතුලෙ සමහර විටෙක ඊට වඩා අසුන්දර දේ තියෙන්න පුලුවන්...ඔයා දන්නවද සිංගප්පූරුව කියන්නෙ මරණ දඩුවම ක්‍රියාත්මක කරන රටක් බව...

      Delete
  45. කියන කරන හැම දෙයක්ම සාර්ථක වෙන්න ඕනි.අපෙනුත් සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. කාමරයට සාදරයෙන් පිළිගන්නවා...ප්‍රාර්ථනාවට ස්තූතියි...

      Delete
  46. Mama enawa "Job" karana nami Ubawa balala yana. (Next year)
    Jayawewa.

    ReplyDelete
    Replies
    1. එන්න කලින් කියලා එන්න...ගුවන්තොටටම එන්නම් පිළිගන්න...

      Delete
  47. අනාගතය ජයවේවා..!
    විස්ථර නම් මදි බං..!

    ReplyDelete
    Replies
    1. තව එක පෝස්ටුවක් විතරනෙ සුදෝ දැම්මෙ...ඔහොම ඉවසගෙන ඉමු...තව ඉදිරියට සෑහෙන දේ තියෙනවා බෙදලා දෙන්න...

      Delete
  48. ඉක්මනින්ම රැකියාවක් ලැබේවායි පතමි. මොනව වුනත් විදේශයකදී තරගකාරීත්වයට මුහුණ දිමට පුරුදුවිමම හොඳ ඇත්දැකීමක්ම තමයි. සුබ පතමි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි...අයියෙ...දැන් නම් රැකියාවකට සම්බන්ධ වෙලා ඉන්නෙ...

      Delete
  49. sira aiye.. mamath thawa maasekin hamarakin podi trip ekak daanna kiyala ban inne... mageth yaluwek innawa ehe jobak karana... eka nemei dannawanam malaysia walata visa ganna ona karana ewa poddak kiyala deepanko... mama danata inne dubai... niwaduwata lankaawata awith thamai yanna hithan inne...

    ReplyDelete
  50. //...සිංගප්පූරුවේ රැකියා අවස්ථා පලවන ප්‍රධාන අන්තර්ජාල වෙබ් අඩවි 3කි.....//

    Machan puluwannam web site 3 link denna puluwanda?

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...