Thursday, May 9, 2013

61 අම්පාර විද්‍යානන්ද පිරිවෙනින් මතු වූ පුංචි සිනා මල්

මේ පෝස්ටුවේ සිට රට කථා කියන්නට මම කලින් සිතා සිටියෙමි. සිරාගේ කාමරයට පැමිණි බොහෝ අයගේ ඉල්ලීම වූයේද එයයි. එනමුදු හදිසියේ මා ලද විද්යුත් ලිපියක් ඒ සියල්ල කණපිට පෙරලූයෙන් කලින් සැලසුම් නොකලද මෙවන් ලිපියක් අද සිරාගේ කාමරයේ හදිසියේම පලවෙයි. 

ඔබ බ්ලොග් ලියන්නේ ඇයි ? මේ ගැටළුවට විවිධ අය විවිධ පිළිතුරු දිය හැකි වුවත් සිරාගේ අවංක පිළිතුර නම් මා බ්ලොග් ලියන්නේ සිරා කොලුවා වන මගේ ස්වයං තෘප්තිය උදෙසා බවයි. එහිදී මා කියවීමට පැමිණෙන පාඨකයන් වෙත උපරිම සාධාරණයක් කිරීමට මම හැම විටම උත්සාහ කරමි. ඔවුන්ගේ දැනුමට අඹමල් රේණුවක හෝ දෙයක් එකතු කරන්නට හැකි නම්, යහපත් මතවාදයක් සමාජගතකිරීමට හෝ අන් අයගෙන් පිළිසරණක් අපේක්ෂාවෙන් පසුවන  කාට හෝ සරණක් වන්නට හැකි නම් සිරාගේ කාමරයේ ඒ උදෙසා නිබදව ඉඩක් වෙන්වෙයි.

නැගෙනහිර පළාතේ සිදුකල චාරිකාවකින් පසු සිරාගේ කාමරය තුල මා ලියු අරංතලාව පිළිබද වූ ලියවිල්ලද උක්ත අරමුණ සාක්ෂාත් කරන්නකි. ඒ තුලින් එදා මා ඔබෙන් ඉල්ලා සිටියේ සරණක් නැතිව ලතැවෙන බුද්ධ පුත්‍රයාණන් වහන්සේ පිරිසක් වෙත පිළිසරණ වන ලෙසයි. ඊට අවශේෂ පරිසරය පිළිබද තොරතුරුද එදා මවිසින් සදහන් කළෙමි. ඊයෙ පෙරේදා දිනක මා ලද විද්යුත් ලිපිය එයට සම්බන්ධ වූවකි. එය කියවූ අවස්ථාවේ ඇති වූ චිත්ත ප්‍රීතිය දැනුදු දැනෙනවා වැනිය. ඒ ගැන විස්තර ඔබම කියවා දැන ගනු පිණිස කිසිදු සංශෝධනයකින් තොරව එය මෙහි පල කරමි. අරංතලාව පිළිබද මා ලියූ පෙර ලිපිය කියවූයේ නැතිනම් එය මුලින් කියවා පසුව මෙය කියවීම වඩා සුදුසු යැයි සිතමි.

තවෙකෙකුට සරණක් වීමෙන් පසු දැනෙන ප්‍රීතිය හදුනන්නේ එය භුක්ති විදි අයෙකු පමණි. මා හට මේ පිළිබද දැනුම් දුන් සත්පුරුෂයන්ද අද මේ සතුට භුක්ති විදින බවට අටුවාටිකා අවශ්‍ය නැත. දිනෙන් දින සෝදාපාළුවට යන ගුණ ධර්ම ඇති සමාජයක මෙවැනි සත්පුරුෂයන්  තව තවත් දිරිගන්වනු උදෙසා ඒ පිළිබද සටහනක් තැබීමට මා රිසි බැව් මම ඔවුන් වෙත සැළ කලෙමි. ඔවුන්ගේ පිළිතුර වුයේ අප පිළිබද සටහනක් නොතබා අප කල කාර්යය පිළිබද පමණක් අවැසි නම් සටහන් කරන ලෙසයි. ඒ අනුව ඔවුන්ගේ ඉල්ලීම පරිදි මේ සටහන තුල මේ කාර්යය උදෙසා දායක වූවන්ගේ නම් ගම් නොමැතිය. මෙහි පලවන ඡායාරූපයන් මාගේ ඉල්ලීම පරිදි මවෙත එවන ලද එවාය.

තමන්වෙත ලැබෙන පරිත්‍යාගයන් දෙස සොම්නස් සහගත ඉරියව්වෙන් බලා සිටින කුඩා සංඝයා වහන්සේ දුටු කල සියුම් ප්‍රීතියකින් මසිත ඔකද වෙයි. මේ ආධාර ලබාගැනීමට මමද දායක වුනෙමි යන සිතිවිල්ල මා සිත අමන්දානන්දයට පත්කර ඇති සෙයකි. ඉදින් සබද ඔබටත් ඔබේ බ්ලොග් ලියවිල්ලක් තුලින් බොහෝ දෑ කරන්නට හැකි යයි මෙමගින් අදහසක් ගන්න. හැකි සෑම විටෙකම ඒ උදෙසා අවස්ථාව ලබා දෙන්න. සිරා කොලුවාගේ ඉල්ලිම එයයි.


මා ලද විද්යුත් ලිපිය කිසිදු සංස්කරණයකින් තොරව මෙසේය.

(උපුටා ගැනීම)


පින්වත් මිතුර;

ඔබගේ බ්ලොගයේ පලවු අරන්තලාව ඛේදවචකය පිලිබද ලිපිය දැක (http://siragekamare.blogspot.com/2012/08/blog-post_21.html), අම්පාර විද්‍යානන්ද පිරිවෙන වෙත ගොස් මහත් වු පින් කමක් කර ගැනීමට හැකිවිය. මමත් මගෙ කල්‍යාණ මිත්‍රයින් පිරිසකුත් එකතු වී සම්පූර්ණ කර ගත්තා වු මේ සියලු පින් ඔබටද අඩු නැතිව අනුමොදන් වේවා. තව තවත් යහපත් දේ වැදගත් දේ ඔබේ බ්ලොගයේ පලකරත්වා.
මෙවැනි විස්තරයක් ඔබ දැනුම් නොදෙන්නට අපට මෙය සාක්ශාත් කල නොහැකිවනු ඇත.
අප පූජා කල යම් ද්‍රවය සහ පොත් පිලිබද විස්තරයක් ඉදිරිපත් කරමි. අසා සතුටු වීමට මිස මෙය ඉදිරිපත් කරන්නේ ලොකු කමකට නොවේය. ඔබට බොහෝ පින් සිදු වේවා.

අප සියලු දෙනාම එක්වී පූජා කල භාණ්ඩ;

Exersice books 200 Pages (Single Rule)---------------350+
Exersice books 200 Pages (Square Rule)---------------150+
A4 sheet Bundle--------------------------------------5
CR books---------------------------------------------100+
Eraser-----------------------------------------------100+
Blue pen---------------------------------------------250+
Black pen--------------------------------------------150
Red Pen----------------------------------------------100
Pencil-----------------------------------------------250+
pencil (coloured ones)------------------------------100
Pencil sharpner--------------------------------------100+
Ruler (12'')----------------------------------------- 100+
Mahtematical Box (Kawakatu petti)-------------------  50+
Glue bottle
Scissors-------------------------------------------- 50
Stapplers
Staplers pin
Calculators------------------------------------------- 5 or 5+
punchers
Files
පිරුවානා පොත් වහන්සේ (ඇලුත් වැව සෝරත හිමි.)-----------------------------10
පාලි වරනැගිල්ල.------------------------------------------------------------------ 29
සංස්කෘත වරනැගිල්ල.------------------------------------------------------------  30
පාලි භාෂාවත්වරණය 1------------------------------------------------------------ 10
පාලි භාෂාවත්වරණය 2------------------------------------------------------------ 10
පාලි භාෂාවත්වරණය 3------------------------------------------------------------ 10
පාලි ව්‍යාකරණ විවරණය
සංස්කෘත නාම සංඛයාත පදමාලා
පන්සිය පනස් ජාතක පොත 1
පන්සිය පනස් ජාතක පොත 2
අභිධර්ම චන්ද්‍රිකාව
අභිධර්ම ප්‍රදීපිකා 1
අභිධර්ම ප්‍රදීපිකා 2
සංස්කෘත සිංහල ශබ්ද කෝෂය
ශාසනාවත්වරණය (රේරුකනේ හිමි )----------------------------------------------5+
සුවිසි ගුණ විවරණය (රේරුකනේ හිමි )-------------------------------------------- 5+
ත්‍රිපිටක ධර්ම කෝෂය
බෞද්ධ ශබ්ද කෝෂය 1
බෞද්ධ ශබ්ද කෝෂය 2
ලෝ වැඩ සගරාව
බුත්සරණ
අමාවතුර
පූජාවලිය
විශුද්ධි මාර්ගය
සද්ධර්මාලංකාරය
මහාවංසය
බාලාවතාරය
ගුත්තිල කාව්‍යය
සංයුක්ත නිකාය 1
සංයුක්ත නිකාය 2
දීප නිකාය
මජ්ජිම නිකාය 1
 මජ්ජිම නිකාය 2
අංගුත්තර නිකාය 1
අංගුත්තර නිකාය 2
ඛුද්ධක නිකාය 1
ඛුද්ධක නිකාය 2
ඛුද්ධක නිකාය 3
ඛුද්ධක නිකාය 4
ඛුද්ධක නිකාය 5
ඛුද්ධක නිකාය 6
2 dhamma books
Malalasekara English sinhala Dictionary---------- 5
Concise Oxford Dictionary------------------------ 1
Slippers(rubber)---------------------------------------- 50
සිවුරු(Poplin Material Thani Pata Siwura )----------- 50+
අදන-------------------------------------------------------     20+
Medicine baskets
Essential English Grammer ( Raymen murphy)-------2
Intermediate english Grammer ( Raymen murphy)----2
Advanced English Grammer (Martin Hewings)--------2
English Grammer -------------------------- part 1,2,3,4

Later added

oxfor pocket dictionary
සකස්කඩ--------------------------------------------------------------------------------------       10
සුභාෂිතය -------------------------------------------------------------------------------------       4+                          සිරිත්මල්දම
බාල පණ්ඩිත බණ දහම් පොත-----------------------------------------------------------------      10
සාමණේර බණ දහම් පොත --------------------------------------------------------------------     10
Nail cutters------------------------------- 50
racers------------------------------------- 50
Umbrealla---------------------------------- 10
Bags ---------------------------------------5
toothpaste
toothbrush
soap
sinhala tami dictionary
sinhala hindi dictionary
මහා සිංහල ශබ්ධකෝෂය
sinhala english dictionary
English reading books for podi swameen wahanse
sinahal reading books  for podi swameen wahanse
පාපිසි
Chocolates (Podi swameen wahanse)---------- 20 (kandos 160g)

And many other books and items not listed here.
Extreamly sorry for that. i can not remember some items
we all have added.

මේ සියලු පින් කුසල් නිර්වාණ අවබෝධයට හේතු වාසනා වේවා.

(උපුටා ගැනීම අවසන්)


පරිත්‍යාගයන් සිදුකල දින ලබාගත් ඡායාරූප...

 ශාස්ත්‍ර‍පති පූජ්‍ය කිරිදිවැල සෝමරතන නායක හිමිපාණන්





මෙවැනි සත්පුරුෂයන් සිටින බැව් අසන්නට ලැබිමද සතුටකි. 
මේ සද්කාර්යයට දායක වූ සියල්ලන්ටම තෙරුවන් සරණයි !



මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා..


ප.ලි

පිටරට කථා මීළග පෝස්ටුවේ සිට

වූෂු ශූර අබේරත්න  වෙනුවෙන් මා ලියූ ලිපියද මෙලෙසම ඵල දැරූ අතර ඒ අවස්ථාවේ ඔහු ලද ආධාර නිසාවෙන් සහභාගි වු බල්ගේරියානු චාරිකාවෙන් පසු මේ වසරේ දැනටම ඉන්දියානු පුහුණු සංචාරයක් ඔහු නිමාකර ඇත. මේ වන විට ඔහු සිටින්නේ ජපානයේ පහුණුවීම් වල යෙදෙමිනි....තවත් මාස කීපයකින් ඔහු ප්‍රංශයේ සංචාරය කරයි. එම ලිපිය පල වූ අවස්ථාවේ ඔහුට සහාය දැක්වීමට පෙරමුණ ගත් දුකා අයියා ඇතුලු සත්පුරුෂයන් මහත් සෙනෙහසින් නැවත වතාවක් මතක් කරමි.










61 comments:

  1. හිරුවා එවපු ලින්ක් එකක් නිසා හිටි ගමන් මෙහෙට ආවේ. කැමතියි පුලුවන් විදිහකට ඔහොම දේවලට දායකත්වය දෙන්න. බ්ලොග් එක මගින් අපව දැනුවත් කරන මෙන් ඉල්ලීමට කැමතියි. සැබැවින්ම අගේ කරනවා මෙවන් ක්‍රියාවන්. ජය වේවා.

    ReplyDelete
    Replies
    1. සරත් අයියා සෑහෙන දවසකින්...තවත් සමාජ සත්කාරයක් තියෙනවා කරන්න...ඒ ගැන ඉදිරියේදි කථා කරමු. ජය !

      Delete
  2. ela kollek machn

    ReplyDelete
  3. ඇත්තෙන්ම මේ වගේ දේවල් දැනුවත් කරවන් එක පින් වැඩක්. සිරාට ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි පුලුවන් විදියකට මේ වගේ වැඩ වලට සහයෝගය දෙන්න...ඒ සතුට මුදලට ගන්න බෑ.

      Delete
  4. සන්තෝසයි සිරා

    ReplyDelete
  5. සිරා සත්ගුණවත් කියන්නේ නිකං නෙමෙයි නේ. අනික උඹට තියෙන ආත්ම තෘප්තිය හරිම වටිනවා. ඒකේ ප්‍රතිපලත් වැඩි කල් නොගිහින්ම දැක්ක එක ලොකු පිනක්. උඹට ඇත්තටම ත්‍රිවිධ රත්නයේ පිහිටයි.. මම දන්නවා උඹ හරිම සංවේදි එකෙක්.
    (ආ ඒකට කමක් නෑ සිරා කෙල්ලෙක් හොයාගෙන වර)

    ReplyDelete
    Replies
    1. සිරා නයි අරිනවා නෙමෙයි...ඇත්තටම සෑහෙන්න සංවේදියි...කෙල්ලෙක් හොයගෙන එන්න බැරි වුනොත් දේශිකාගෙ යාලුවෙක් ගැනවත් සලකා බලමු.

      Delete
    2. එහෙනං ඉතිං පැන්සන් ගියපු කෙල්ලෙක් බදිනව කියල ගෙදර කියහං

      Delete
    3. බොලේ දේශකයා එච්චර වයසද...මම හිතුවෙ නාඹර කොල්ලෙක් කියලා...

      Delete
    4. දේශකයා කියන්නේ වයස අවුරුදු 43 ක කෙනෙක්.මෙයා ලිංගික වශයෙන් ටිකක් වැඩිපුර සක්‍රීය කෙනෙක් වගේ සිරෝ.උබ නැති කාලේ දාපු පෝස්ට් දිහා බලපන්.මම හිතන්නේ අපේ සියලුම බ්ලොග් ලියන බලන ගැහැණු උදවිය පරිස්සම් වෙන්න ඕනේ මේ වගේ අයගෙන්.මේ කමෙන්ට් එක අයින් කරන්න එපා.මේක අපහාසයක් නෙවේ.සත්‍ය සිරෝ මම කියන්නේ.

      Delete
    5. හැක් හැක්.. අම්මප මුං උප්පැන්ත් උස්සනවද කොහේද.. ඒත් වැරදි එකක් උස්සල තියෙන්නේ..

      Delete
  6. මේ සද්කාර්යට සහභාගි උන හැමොටමත් ඒකට මග පාදල දුන්න සිරාටත් බොහොම පිං.

    ReplyDelete
    Replies
    1. අගය කිරීමට ස්තූතියි ප්‍රසන්න අයියා...

      Delete
  7. පින් අනුමෝදන් උනා සිරා.

    ReplyDelete
    Replies
    1. එහෙමද..එහෙනම් සතුටුයි..

      Delete
  8. ගොඩක් සතුටුයි මෙවැනි දෙයක් කරපු එක ගැන.මේ වගේ තවත් උතුම් වැඩ කරන්න ශක්තිය සිරාට ලැබෙන්න ඕනි.

    ReplyDelete
    Replies
    1. ඔබේ ප්‍රාර්ථනාවට බොහොම ස්තූතියි සහෝදරයා..

      Delete
  9. සියල්ලටම වඩා වටින්නේ, තෑග්ග තෑග්ගක් ලෙස ලබාදීම. ගොඩක් දෙනෙක් පරණ කාඩ් බෝඩ් පෙට්ටිවලයි, පත්තර කෑළි වලයි ඔතලා, එහෙම නැත්නම් සිලි සිලි බෑග් වල දාලා දෙන්නෙ නිකන් නොදී බැරි කමට වගේ. එහෙම බැළුවම මේ ෆොටෝ අනික් අයට ආදර්ෂයක්....

    වෙල් ඩන් සිරා.....

    ReplyDelete
    Replies
    1. මේ සත්කාර්යය කල අයට එහි සම්පූර්ණ ගෞරවය හිමි විය යුතුයි.

      Delete
  10. මේ කාර්යයට දායක වුනු අයටත් සිරාටත් පිං...!

    ReplyDelete
  11. godak sathutudayaka aranchiyak...kohomahari pera lipiya mata maga arila..den thamai ekath kiyewwe..hemadama mata hithuna deyak thamai sira aththatama "sath gunawath" kiyala...adath e de mata ayeth hithunaa..me kusala karmayata dayaka una oba athulu siyalu denaata pin prarthana karanawa....sira ayya newatha liweema loku sathutak..!

    ReplyDelete
    Replies
    1. ඔයා ඔය කථාවම ඊට කලිනුත් කියලා තියෙනවා වගේ මතකයි...අදහසට ස්තූතියි නගෝ...

      Delete
  12. ඇත්තෙන්ම සිරා, පොඩි හාමුදුරුවොන්ගෙ මූනෙ තියෙන සතුට. අපි උනත් ඔය වයසෙදි කවුරු හරි තෑගි දෙනවනම් කොච්චර ආසාවෙන් ද හිටියෙ. අනෙක මේ තෑගි උන්වහන්සේලගෙ අධ්‍යාපනය වෙනුවෙන් නිසා වඩාත්ම උතුම් පින්කමක් වෙනවා. උන්වහන්සේලාගෙ අධ්‍යාපන කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථකවෙලා රට, ජාතිය, ශාශනය බබලවන සංඝපීතෘවරුන් බවට පත්වෙන්න වාසනාව ලැබෙන්න කියලත් මම ප්‍රාර්ථනා කරනවා.

    වචනෙ පරිසමාප්ත අර්ථයෙන්ම උඹ නම් සත්ගුණවත් තමා බං.

    ReplyDelete
    Replies
    1. ඒ පොඩි හාමුදුරුවරුන්ට පියා වගේ සලකන්නෙ ලොකු හාමුදුරුවො...උන් වහන්සේ හරිම වේදනාවකින් හිටියේ මේ පොඩි අයගෙ අධ්‍යාපනයට අවශ්‍ය දේවල් හිගයි කියලා. මේ පරිත්‍යාග අතර වැඩිපුර තියෙන්නෙ ඒ අයට ඉගෙන ගන්න අවශ්‍ය දේවල් නිසා මේ පුංචි හිත් සතුටින් පිරී ඇති හැඩයි. ඔබේ පැතුම මගේද පැතුමයි.

      Delete
  13. sAm haraha "Yashoda Nangi" mata call kara, ea wenuwan mawa unandu karapu ubata pin.
    (wistara sAm kiyai).
    Jayawewa.

    ReplyDelete
    Replies
    1. ඒ ගැන අවධානයෙන් ඉන්නවට ස්තූතියි අයියෙ...අපි ඉදිරියේදී ඒ ගැන දැඩි කථිකාවතක් ඇති කරමු...

      Delete
  14. Meken pahadili wenawa SIRA pin karanna ona tharam krama thiyena.awashya wenna uwamanawa vitharai kiyala.thawa thawath pin kamaththo awadi karathwaa..

    ReplyDelete
    Replies
    1. අපිට සෘජුව නොහැකි නම් වක්‍රව හරි යහපත් කාරියකට දායකත්වය දෙන්න පුලුවන්...

      Delete
  15. අනිත් උන් සත්ගුණවත් වෙන්නේ මැරුනට පස්සේ. උඹ තරුණ කාලේම සත්ගුණවත්කම පෙන්නනවා. :)

    ReplyDelete
    Replies
    1. මට සත්ගුණවත් සහකාරියකුත් ලැබෙයිද ලොකු අයියෙ...

      Delete
  16. මචන් පොත් ලිස්ට් එක දැක්කමත් හිත පිරෙනවා.සුදුසුම දේවල් ටික තමයි ගෙනිහින් තියෙන්නේ.ඕව හැම පොත් කඩේම ගන්න තියේද සිරා ..? මටත් ගුත්තිලය ගන්න ඕනේ පොඩි දේකට.

    අනිත් දේ තමයි සිරා ඔය දේ කරපු අය ගැනත් කියන්න..මොකද නරක වැඩක් නෙවේනේ.නම දාගන්න කරපු දෙයක් නෙවේ කියලා දන්නවා..ඒත් අපේ යුතුකම ඒ අයට ස්තූති කරන එක බ්ලොග් ලියන අය විදිහට...

    ReplyDelete
    Replies
    1. පොත් ලිස්ට් එක දැක්කම මමත් ගල් ගැහුනා...කොච්චර වටින පොත් ටිකක්ද එතැන තියෙන්නෙ...සමහර නම් පළමු වතාවට ඇහුවෙ...ආධාර දීපු අය කොච්චර හොදට ඒ කාරිය කරලා තියෙනවද කියන කාරණය පොත් ලැයිස්තුවෙන්ම පේනවා...

      ඒ අය කැමති වුනේම නෑ තමන්ගෙ නමක් හෝ පල කරනවාට...ඒ නිසා ඒ අනුව කටයුතු කරන්න මට සිදු වුනා සහන්...

      Delete
    2. බුදුරජාණන් වහන්සේ වදාළා යහපත් සිතින් දන් දෙන්න හොඳම දේ දෙන්න කියලා.

      Delete
  17. හැබෑටම සිරා සත්ගුණවත්. පින් වගේම සමාජ සත්කාරයට උර දෙන එක මාර දෙයක්. ජය වේවා!

    ReplyDelete
    Replies
    1. සමාජ සත්කාරයකින් පසු ලැබෙන මානසික සතුට තමා බොහොම වැදගත්...ජය!

      Delete
  18. උතුම් කොට සලකමි.අගය කරමි.

    ReplyDelete
  19. සිරා අයියේ ඔහොම හිටපන් මේ වගේ දේවල් තනියම කරලා කියනන් එපා බොල අපිටත් කියපන් මම ඉනන්ව නේද බුකියේ පොඩි මැසේජ් එකක් දාන්න මම කොහොමත් පිං අතේ වැඩ වලට කැමති මිනිහ. අපි ලොකු සල්ලි කාරයෝ නෙවෙයි පුළුවන් විදියට සම්මාදම් වෙන්නම් ජයවේවා

    ReplyDelete
    Replies
    1. ආධාර ලබාදෙන්න තීරණය කලේ මම නෙමෙයි...මම කලේ ඒ අඩු පාඩු ගැන බොගේ ලියපු එක පමණයි...ඒ නිසා පරිත්‍යාගයේ සම්පූර්ණ ගෞරවය එයට දායක වූ සත්පුරුෂයන් පිරිසට හිමි විය යුතුයි. ඉස්සරහට තව වැඩක් තියෙනවා...ඒකෙදි සම්බන්ධ වෙමු. ඔහොම හිතන එකත් සෑහෙන සතුටක්...

      Delete
  20. ශහ්..මේ පොටෝ දැක්කම හිතට අමුතු හැඟීමක් එනව බං..! අනේ මටත් එතන ඉන්න තිබුනානම් ඒ අවස්ථාවෙ..වගේ හැඟීමක්..!

    උඹට කොච්චර සතුටක් දැනෙනවද හිතා ගත්තෑකි..!
    ජය වේවා.

    ReplyDelete
    Replies
    1. ඒ හැගීම මටත් තියෙනවා...අම්පාර පාසලට පොත් බෙදා දෙන්න ගිය අවස්ථාවෙ මම එය හොදට වින්දා...

      Delete
  21. සිරා අයියේ ඔබ තවම බ්ලොග් කරණයට පැමිණ වසරක් වත් නැති වුවද ඔබට මෙමගින් සිදු කරන්නට හැකි වූ සමාජ සේවාවන් ඇති මහත්ය , අනාගතයේදීත් මෙවන් කටයුතු සදහා දායක වීමට ඔබට ශක්තිය ලැබේවායි පතමි . , ඕන මගුලකට අපිත් ඉන්නෝ හොදේ

    ReplyDelete
    Replies
    1. හෘදයාංගම දැක්වූ අදහසට බොහොම ස්තූතියි මලේ...ඉදිරියේ කරන කටයුතු පිළිබද දැනුම් දෙන්නම්...

      Delete
  22. ජය වේවා සිරා.. උඹනම් සැබෑම සත්ගුණවතෙක් තමා ! තව මේ වගේ පින් අතේ වැඩ කරන්න ලැබෙ0වා කියලා පතනවා !

    උඹටත්, ඒ පුණ්‍යවන්තයො රැලටත් තෙරුවන් සරණම පතනවා !!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සෙන්නා...තමන්ට පුලවන් විදියට හොද වැඩ වලට සහයෝගය දෙමු.

      Delete
  23. සිරා මලේ අර වැඩේ ගොඩ දාගත්තද...?

    ReplyDelete
    Replies
    1. ඒක ඒ විදියට කරගන්න බැරි උනා ලොකු අයියෙ...පස්සෙ ලංකාවෙ ගිණුමකට දාලා ඊට අදාළ බැංකු කාඩ්පත කූරියර් මගින් ගෙන්ව ගත්තා...ඔබ එදා පලකල සහායට බොහොම ස්තූතියි...

      Delete
  24. සෑහෙන පින් සිද්දවෙන වැඩක් ,අපේ සේනාවලට බැරි වෙයිද මේ වගේ වැඩක් කරන්න ඔය මරාගන්න යන්නේ නැතුව ?

    ReplyDelete
    Replies
    1. සිංහලයො සමගි වෙනවා නම් මොනවද කරන්න බැරි...අවාසනාවකට එහෙම වෙන්නෙ නෑනෙ.

      Delete
  25. බොහොම සන්තෝසයි මචං. අපිටත් සන්තෝසයි මචං

    වැඩි වැඩියෙන් මේ වගේ සත්කාර කරන්න ලැබේවා!!

    ReplyDelete
  26. ඇත්තටම හරිම සතුටක් දැනෙනවා මේ වගේ දේවල් දැක්කම.....
    තව තවත් මෙවැනි පිංකම් කරන්න සිරා අයියට ශක්තිය ලැබෙන්න කියල පතනවා!

    ReplyDelete
  27. පිං දහම් වලට සම්මාදන් වෙන්නත් වාසනා ගුණය ගෙනත් තියෙන්න ඕනේ. සිරාට ඒ දේ ලැබිලා තියෙනවා. මේ වගේ කෙනෙක් මිතුරෙක් වීම අපෙත් වාසනාවක්.

    ReplyDelete
    Replies
    1. ඔබ වගේ හොද හදවතක් තියෙන කෙනෙක් මගේ මිතුරෙක් වීම මටත් මහත් සතුටක්...

      Delete
  28. අනේ රත්තරන් අය්යේ ඔයාගේ මේ ලිපි කියෙව්වාම මගේ බ්ලොග් එකේ මම ලියන්නේ මොනවද කියලා මට හිතුනා අය්යේ. ඔයාලා හරිම ප්‍රවීණ උගත් අය. මම එහෙම නැහැ. මම තනිකරම බ්ලොක්කරණයට ආධුනිකයි අය්යේ. ඒ නිසා මම හා හා පුරා කියලා පටන් ගත්තු බ්ලොග් එකට දැන් ලිපි දාගෙන යනවා. මම දන්නේ නැහැ ඒවා හොඳයිද නරකයිද කියලා. අනේ අය්යේ මාව වරදවා වටහාගන්නේ නැතුව මට අනුකම්පා කරලා මගේ බ්ලොග් එකට ඇවිල්ලා ඒ ලිපි කියවලා හොඳ නරක ගැන කියලා අදහස් දාලා මාව දැනුවත් කරන්න මගේ සුදු අය්යේ. ඔයා එනකම් මේ නංගි මඟබලා ඉන්නවා මගේ රත්තරන් අය්යේ...

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...