Tuesday, March 31, 2015

60 දෑස්

ලොකු දුවට දරුවා ලැබී වසරකට පසු, ලංකාවට පැමිණීමත් සමග තමන් එහි යෑම ඒම කෙමෙන් අඩු වී ගියේ යයි විමලජීව මා හා පැවසීය. සිදු විය යුත්ත නම් තම දරුවකුට දරුවකු ලැබුණු පසු සීයා කෙනෙක් වශයෙන් නිරන්තරව ඔවුන් හා ගැවසීම වුවද විමලජීව කලේ හෝ ඔහුට නොදැනීම සිද්ධ උනේ එහි අනෙක් පැත්තය.

දුවගෙන් පමණක් නොව තමා බිරිඳගෙන්ද දුරස් වී ඇති බව ඔහු කීවේ වේදනාවෙන් පීඩිත හදිනි. වෙනදා සීතා හා ඔහු අතර තිබූ ඇල්ම බැල්මෙන් සැලකිල්ලෙන් හෙතෙම හිතා මතාම දුරස් වී හුදෙකලාව විසීමට කටයුතු කර ඇත.

මේ හැමෙකටම හේතුව ඒ ඇස් දෙකය.



යොහොන්සා රුවනාරි, ඔව්, ඇයගේ දෑස මිස තමා මේ කිසිවකට වගකිවයුතු නොවනා වගට විමලජීව තර්ක කරයි. යොහොන්සා රුවනාරි .. ඔව්, ඇය ලොකු දුවගේ කුළුදුල් දියණිය, නැතිනම් විමලජීවගේ කුළුදුල් මිණිපිරියයි.

ඒ ඇස් දෙකෙහි අහිංසකකම පිරී ඇත. බින්දුවක් ඇත්නම් එළියට පනින්නට බලාගත් කදුළු ඒ තුල දිලිසෙයි. විමලජීව වරෙක මට එසේ ලීවේය.

උඹට මතක ඇතිනම් මා මීට පෙරද ඔය ලෙසින් පවසා ඇති වග සිහිපත් වෙනු ඇත. ඒ හරියටම හතළිස් එක්වසකට පෙරාතුවය. එදා එය කවුරුන් උදෙසා වීද යන්න මගේ ළගම සිටි උඹ හොදින් දනියි. ඉතින් මා සාධාරණද අසාධාරණද යන්න උඹම සිතා බලන්න. හිත හදාගෙන ඒ දරුවාගේ මුහුණ දැක්මට මා‍ කොහොම යන්නද සිතන්න.. ඇයගේ අැස් දෙක දකින විට මා ‍දෙකකුල් පණ නැති වී උගුර කට වියැළෙයි. සීතා හා දරුවන් ඉදිරිපිට වෙනදා සේම හැසිරීමට නොහැකිව මම මහත් මානසික වේදනාවක් විඳිමි. කුමක් කරන්නද යන්න සිතාගත නොහැකිව සිටින විටයි උඹ අමතා හැමදේම කියා සිත සැහැල්ලු කර ගැනීමට සිතුවේ. මට මීට විසදුමක් නැතත් අඩු තරෙමේ හිත හැදෙන්නවත් උඹට කිව හැකි යමක් වේද ?

ඔහු පත්තිරුව මත තැබූ ප්‍රශනාර්ථයෙන් මගේ හදවතද බර වෙයි. විමලජීව බාල කාලයේ හමු වූ ජීවිතය පුරාවට සෝවුරෙකු මෙන් මා ළග හිඳි මිතුරාය. විශ්ව විද්‍යාලයේදී ද එතැනින් නික්ම සිවිල් සේවයට එක්වී ගත කල කාලයද මේ සියල්ල අප දෙදනාම කලේ එකටය. අතීතයේ විඳි හැම කටුක අත්දැකීමක් හමුවේම මා පසෙක සිටි මගේ පරම මිතුරා වශයෙන් මම ඔහුව දැකගත්තෙමි, දකිමි. ඉන් උපන් වේදනාව හමුවේ ඔහුට කවරාකාර නම් උපදෙසක් දෙන්නද යන්න මට ද සිතගනු බැරිවිය. ඔහුගේ සිතට සහනයක් සැලසිය හැකි යමක් මා අතින් ලියවුනාද යන්න මට ද සංකා සහිත වූවකි.

ඇයගේ දෑස ඒ වැනි වූවා කියා ඒ ගැන මෙතරම් සිතීමෙන් ඇත්තේ කවර ඵලයක්ද ? සමාන දෑස් පමනක් නොව එක හා සමාන මුහුනු ඇඟපත ඇත්තෝද ‍ මෙලොව කෙතරම් වෙත්ද ? උඹ වැනි උගත් බුද්ධිමත් පරිණත කෙනෙක්ගේ මෙවන් සුළු කරුණක් මත ඇතිවන හැසිරීමේ තේරුමක් ඇත්දැයි මදක් විමසා බලන්න. මෙතරම් උඹ වෙනුවෙන් කැපවන සීතා ඇතුළු පවුලේ අය වෙත නුඹෙන් සාධාරණයක් ඉටුවේද යන්න යළි යළිත් සිහිකරනු මැනවි.

සත්‍ය වශයෙන්ම මාගේ විශ්වාසය වූයේ මෙය ගණනකට ගත යුත්තක් නොවන බවයි. දරුවාගේ දෑස් ඒ වගේ වුවද එහි ඇති දෙයක් මට එදා නොහැගිණි. ඇය තම එකම දියණියගේ දරුවා මිස අන් කිසිවකුත් නොවන වග විමලජීවට ඒත්තු ගැන්වීමට කෙතරම් උත්සාහ කලද ඔහු ඒ තේරුම් ගත් බවක් නොපෙනුනි. මා විශ්වාස කලේ කාලයත් සමග විමලජීව මේ අදහස් හැර දමා සාමාන්‍ය පරිදි කල් ගත කරනු ඇති කියාය. නමුත් සිදු වූයේ අනෙකකි.

අවසන් වරට මට ඔහුගෙන් ලිපියක් ලැබුනේ වසර එකකුත් හමසකට පෙරාතුවය. ඒ ඔහු අතුරුදහන් වී යයි සැලකෙන දිනට පසු දිනය.

දයාබර විජේ වෙත

විජේ ඒ ඈම මිස අනිකෙකු නොවන වග ප්‍රත්‍යක්ෂ කොට කියමි. ඔබගේ උපදෙස් හිසින් ගෙන මේ සියල්ල යථා තත්වයට පැමිණෙනු ඇතැයි විශ්වාසයෙන් මම යළිත් සාමාන්‍ය ලෙස ජීවිතය ගත කිරීමට දැඩි ලෙස ප්‍රයත්න ගතිමි. ඒ අනුව ලොකු දුව බෑනා හා මිණිබිරිය සමග වඩ වඩාත් කාලය ගත කිරීමත්, සීතාගේ සිතට කරදරයක් නොදෙනු පිණිස වෙනසකින් තොරව හැසිරීමටත් කටයුතු කළෙමි. නමුත් දිනක් මා නොපැතූ නොසිතූ වෙලාවක මගේ අවාසනාවන්ත අතීතයේ අවාසනාවන්ත අතපසු කිරීම් මා හැර නොයනා වග මට පෙන්වා දුන්නේ මා වැනි පවුකාරයෙකු මිහිපිට තවත් නොමැති හෙයිනි. මේ ලිපිය ලියන රාත්‍රියට පෙර සන්ධ්‍යා කාලයේ සීතාත් මමත් ළදැරිය හා සෙල්ලම් කරමින් ඇය හා ප්‍රීතියෙන් සිටියෙමු. එක වරම බහ තෝරන වියේ හුන් ළදැරිය අත් පන්දුවක් මාවෙත දිගු කරමින් ඉමල් ඉමල් යයි හඬ ගෑවාය. මහ හඬින් සිනාසුනු සීතා දැරිය තුරුළු කොට සිඹිමින් අනේ අනේ අම්මා තාත්තා පැත්තකට දාලා අපේ පැටියා සීයට නමම කියලා බහ තේරුව නේද ? ආ පැටියෝ කියූ විට මට ක්ලාන්ත වන්නා සේ මුළු ලොවම කැරකෙන්නා සේ දැනුණි. අද රාත්‍රියේම මා මේ තීරණයට එළඹීමට සිතුවේ ඒ අනුවය.

මා සිටිනා තත්වය මත මා ගත් තීරණය නිවැරදි වග උඹ තේරුම් ගන්නේ නම් එය මට මහත් සහනයකි. මන්ද මට මගේ දයාබර සීතා වෙත මෙලෙස ලිපියකින් වචනයක් කියා ගැනීමට න‍ොහැකි වන බැවිනි . මා හා ජීවිතයෙන් වැඩි කොටසක් ලඟ හුන් මිතුරා වශයෙන් ඔබගෙන් අවසාන වශයෙන් ඉල්ලා සිටිනුයේ සීතා හා දරුවන් සනසා ඔවුන්ගේ තත්වය පහසු කරවන ලෙසයි. ඔබටත් මංගලිකාටත් රුවන්තා පුතාටත් දිගාසිරි. 


මෙයට 

සදාමිත්‍ර විමලජීව


සීතා විමලජීවට විමල් යයි අමතන්නේ නැත. ඔහුට ඒ ලෙස ඇමතුවේ ඇයම පමණි. ශ්‍රියානිම පමණි. ලිපියේ සදහන් වූ දෑ මෙන්ම ශ්‍රියානි පිළිබඳව සීතා හෝ පවුලේ කිසිවකුත් නොදනියි. අසරණ ඔවුන් විමලජීවගේ අතුරුදන් වීමෙන් කම්පිත වෙද්දී, ඊට නිවැරදි හේතුව දැන සිටියේ මමත් ඔහුත් පමණකි.

විමලජීවගේ බල පුළුවන්කාර පවුල් පසුබිම හමුවේ ශ්‍රියාණි හැරදමා විමලජීවට සීතා හා විවාහ වන්නට සිදුවිය. ශ්‍රියානි මිය ගියේ ඉන් ටික දිනකට පසුව විමලජීවගේ දරුවකුද කුසින් දරාගෙනය. එදා මෙදා තෙක් මේ සියල්ල දන්නේ විමලජීවත් මමත් මෙතැන් පටන් ඔබත් පමණි.

දරුවා වැඩෙනා තෙක් ඉමල් ඉමල් යයි කියමින් කිසිවකු සෙවුවද ඇයගේ වර්ධනයත් සමග එය මගහැරී ගියේය. දකින්නකු හදවත ආදරයෙන් පුරවන රුවින් හා වදනින් ඇය සුවෙන් වැඩෙන්නීය. සීයාද සොයන්නීය. ඒ ශ්‍රියානිම ද නැතිනම් කවුරුන්ද ? යන්නවත් සිදුවූයේ කුමක්ද? යන්නවත් මේ යයි කීමට මමත් නොදනිමි. නමුත් සාමාන්‍ය මිනිසෙකු වශයෙන් මමද එයින් විස්මයට පත්වූ වග නොකියා බැරිය.

සීතා හා දූ දරුවන් තවමත් බෝධි පූජා පවත්වමින්ද, ශාස්ත්‍ර අසමින්ද ඔහු සොයයි. උන් කෙරේ දයානු කම්පාවෙන් මගේ හදවත මා ඔහු සොයා යෑමට ගත් මේ තීරණයට මග පෙන්වූවේය.

ඒ සමගම ශ්‍රියානි කෙරේද මගේ හදවත කම්පා වෙයි. විමලජීව දෙවරක්ම ඇයව හැර ගියේය. පළමුවර නිහඬව සිටි මට යළිත් එලෙස කළ නොහැක. ශ්‍රියානිට විමලජීව හෝ සිගිති ළදැරියකට සීයා කෙනෙකුගේ උණුසුම අවැසිය.

හෙට උදෑසන පළමුව කැකිරාවෙන් ඔහු සෙවීම අරඹමි. එයට පළමුව මෙය ලියා තබනුයේ මට විමලජීව හමුවේද නැතිද යන්න නොදන්නා බැවිනි. විමලජීව උසය. කොණ්ඩය කොටට කපා ඇත. ඔහු නිරන්තරයෙන් සිනාසෙයි. දෑසින්ද සිනාසෙයි. මිත්‍ර වූ විට ඔහු තරම් යහපත් මිත්‍රයෙකු තවත් නැත. ඔබට මෙවැනි ලක්ෂන ඇතියෙකු හමුවී නම් මා හට දන්වන මෙන් අවසාන වශයෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.



මාසයේ අවසන් ලිපිය වෙනුවෙන් සිරාගේ කාමරයට ලියා එව්වේ,

ඉසුරු අබේසේකර



ප.ලි

ඉසුරු අබේසේකර යනු කවරෙක්දැයි මේ වන විට සිරාගේ කාමරයේ පාඨකයන්ට අමුතුවෙන්ම කිව යුතු නොවේ. එහෙත් සිරා කොලුවා වන මම මගේ යුතුකම ඉටු කරමි. ඉස්සර දවසක මා ලංකාවේ ජාතික පුවත්පතක සේවය කරන සමයේදී අපේ ඇසුරට වැටුනු නව යොවුන් තරුණයෙකි ඔහු. ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ ලේඛකත්ව හා ජන සන්නිවේදන පාඨමාලාව ඔස්සේ  තම අනාගත ගමන් මග සොයාගත් ඉසුරු, සාහිත්‍යයට, කවියට මෙන්ම, සංගීතයටද පෙම් බදින්නෙකි. දක්ෂ ගිටාර් වාදකයෙකි. හෙතෙම වර්තමානයේ ලංකාවේ නමගිය දැන්වීම් ප්‍රචාරණ ආයතනයක පිටපත් රචකයෙකු (Copy Writer) ලෙස කටයුතු කරයි.

මේ ඉසුරු සිරාගේ කාමරයට එකතු කරන තෙවැනි කෙටි කථාවයි. ඔහුගේ ලියවිලි තුල ඔහුගේම කිව හැකි ආකෘතියක් තිබේ. ඉතාම කුඩා සිදුවීමකින් වුවද බරසාර කථාවක් ලියන්නට ඔහුට ඇත්තේ පුදුම හිතෙන සුළු හැකියාවකි.

මේ ලිපියට පෙර ඉසුරු අබේසේකර සොයුරා සිරාගෙ කාමරය වෙත එකතු කල කෙටි කථා මෙසේය.

ඇඹුල් දොඩම් , උපත් පාලනය

තෙවන වතාවටත් සිරාගේ කාමරය සමග නිර්මාණයක් බෙදාගත්තාට ඉසුරු මලයාට මගේ නොවක් ස්තූතිය පිරිනමමි. ජය !

60 comments:

  1. නියමායි................ජය වෙවා.....!!!!

    ReplyDelete
    Replies
    1. ඔබට බොහෝම ස්තුතියි! ජය!!!
      එ් වගේම නිරන්තරයෙන් ආධුනිකයන්ට අතහිත දෙන, ලොකු හදවතක් තියෙන සිරා අයියට අතිශයින්ම කෘතඥ වෙනව ආයෙමත් මට කාමරේ ඇතුළෙ ඉඩක් වෙන් කළාට. සිරා ඔබ නැවතත් ලංකාවෙදි මුණගැහෙන බලාපොරොත්තුවෙන් මේ දවස්වල ඉන්නෙ...
      ජය!

      Delete
  2. හම්මේ.. කාලෙකට පස්සෙ කෙටි කතාවක් කියෙව්වෙ... හොඳ වස්තු බීජයක්... ඇස් කියන්නෙ කොච්චර දේවල් කියන්න පුළුවන් මාතෘකාවක්ද... හි හි

    ReplyDelete
    Replies
    1. ඔබටත් බොහොම ස්තුතියි!!!!
      නීල උත්පල දිගටි දෑස්
      මීන චංචල කිදුරු දෑස්
      කතා කරන දෑස්
      ඔය වගේ කොච්චර ඇස් තියනවද නේද?
      ජය!

      Delete
  3. ඉසුරැ එල ද බ්‍රා..
    පරන කතා දෙකත් කියවන්නම්..
    සිරා... 7වෙනි ලිපිය දකින හැම වේලාවකම උඹව අගය කරන්න හිතෙනවා...මේක අනිත් අය වෙනුවෙන් කරපු ලොකු පරිත්‍යගයක්..
    ටොපියක් බෙදාගෙන කන්න අකමැති කාලේ තමන්ගේ බෝලොග් එකේ වෙනකෙනෙකුට අදහස් ලියන්න දිම අගය කල යුතුයි.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි ඔබට . සිරා ගැන නම් වදන් නෑ.
      එල ද බ්‍රා මෙන්ඩා!
      ජය!

      Delete
    2. එකනෙ බන් ඌට සිරා කියල කියන්නෙ...
      තාමත් බ්‍රැන්ඩ් එක ගල්.......ෆොරෙවර් ගල්......!!!!

      Delete
    3. අනිවා
      බ්‍රෑන්ඩ් එක ගල්

      Delete
  4. ///ටොපියක් බෙදාගෙන කන්න අකමැති කාලේ තමන්ගේ බෝලොග් එකේ වෙනකෙනෙකුට අදහස් ලියන්න දිම අගය කල යුතුයි.///"එල ද බ්‍රා මෙන්ඩාApril 1, 2015 at 10:37 AM"
    ඇත්තටම මාත් මේ කතාවට එක්ඟයි.... සිරාට ස්තුති කරන්න ඕනෙ මේ විදිහට තව කෙනෙකුට අත දෙනවට.........

    ReplyDelete
    Replies
    1. ඔබටත් ස්තුතියි!
      සිරාටත් ඔබටත් ජය!

      Delete
    2. එල කැමා..උඔගේ බෝලග් එකට එන්න පාර කියපන්

      Delete
  5. වෙනස්ම විදිහේ සාර්ථක කෙටි කතාවක්...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි තුශානි. ඔබේ අදහස දිරියක්!
      ජය!

      Delete
  6. වෙනස්ම විදිහේ කෙටි කතාවක්. මෙවෙන් වස්තු බීජයක් ඇතුලත් කතාවක් මේ දිනවල රූපවාහිනියේ 9 වෙනි කඩුල්ල යනුවෙන් විකාශනය වෙනවා. ටිකක් මීට සමානයි. නමුත් එහි පෙල ගැස්ම කිසිම පිලිවෙලක් නෑ , ප්‍රේක්ෂකයා විටෙක අතරමං කරවනවා. ස්තුතියි! මල්ලි ,කෙනෙක්ට අතහිත දෙනවාට. ඒ වගේ දෙයක් මේ කාලෙ කරන අය ඉතාම අඩුයි.

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහසටත් ස්තුතියි චන්දි. මේක නම් අවුරුදු 04ක් විතර පැරණි එකක්. සිරා ගැන අදහසටත් බොහෝම ස්තුතියි!
      ජය!

      Delete
    2. නමවෙනි කඩුල්ල සාපේක්ශව හොඳයි.මේ වගේ කතාවක් තමයි.ඒත් චන්ඩි/දි(?) කියන විදිහට ප්‍රේක්ශකයව වටේ යවනවා...

      Delete
    3. සමාව! චන්ඩි ඔබට ජය!

      Delete
  7. වෙඩි වගේ කතාවකි! කිව යුතු දෑ බොහෝ වෙතත් ඉසුරුගේ ප්‍රතිභාව හමුවේ ගොලුව සිටිමි.

    ReplyDelete
    Replies
    1. හපොයි! :)
      බොහොමත්ම ස්තුතියි බස්සි. ඔබේ අදහසත් දිරියක්!!!!
      ජය!

      Delete
  8. විශේෂයක් නොදකිමි. තරමක් සුලභ තේමාවකි (පලායාම හැර).
    එකක් කඩතොලු මකන්නට ගොස් දෙකක් කඩතොලු සදාගත්තා වැනිය
    මැදිවියපත් මිනිසෙකුට හෘද සාක්ෂියත්, යුතුකම්/වගකීමුත් කළමණාකරගන්නට බැරිව පලායාම තරමක් අභව්‍යය. තැවෙමින්ම වගකීම් ඉටුකිරීම බොහෝවිට සිදුවේ.
    මේ මට හිතෙන හැටිය!

    ReplyDelete
    Replies
    1. මෙහිදී දරුවාගේ සිද්ධිය මගින් ඔහුගේ පලා යාම සාධාරණය කිරීමට උත්සාහ කළෙමි. වස්තුබීජයේ සුලභබව මගහරිනුව පූර්වාත්ම කියවීම එක් කළෙමි. එහි අභව්‍යබවක්ද පැවතිය හැකිය. ඔබගේ අදහසත් ඉදිරි කාර්යයන්හිදී බොහෝ ඉවහල් වනු ඇත. බොහොමත්ම ස්තුතියි!
      ජය!

      Delete
    2. ඉසුරු - ඔබේ වගේ ඉවසිලිවන්ත නිවුණු ප්‍රතිචාර බ්ලොග් අවකාශයේ අඩුයි
      ඒ සම්බන්ධව පොඩි ඇසිඩ් පරික්ෂාවක් කලේ කීවොත් නිවැරදියි
      වෙනදාට මම මෙච්චරම ඍජුවම අදහස් පලකරන්නේ නෑ - ඔබ දැනටමත් ගොඩක් දුර ඇවිත් යැයි හැඟෙනවා
      ජයවේවා!

      Delete
    3. :) ඔබතුමන්ට ආයෙමත් ස්තුතියි! ඔබේ අදහස් ආධුනිකයෙක් විදිහට මා ලද ලොකු දිරියක්.
      ජය!

      Delete
    4. තිසාගෙ මුල් කමෙන්ට් එක දැක්කම මම හිතුවෙ හැලපෙ ඒක හැක් කරලද කියල. පස්සෙයි පහල එක දැක්කෙ.

      Delete
  9. මනෝ පුබ්බං ගමා දම්මා - මනෝ සෙට්ඨං මනෝමයා...

    //විමලජීවගේ බල පුළුවන්කාර පවුල් පසුබිම හමුවේ// ඕක තමයි හෙනේ..

    ReplyDelete
    Replies
    1. මනෝමයා කිව්වෙ.... අර මනෝජ් ද :ඪ්

      Delete
    2. අනිවාර්යයෙන්ම....... බලපුළුවන්කාර පවුල් නිසා බොහෝ දෙනෙක් අතරමං. විශේෂයෙන්ම ලංකාවෙ.....
      ඔබටත් ස්තුතියි!
      ජය!

      Delete
  10. @ ඉසුරු ; ඇත්තටම 'කෙටි කතාවක්'
    හරිම අපූරුවට වචන අමුනලා තියෙනවා.
    ජයවේවා..!!!
    @ සිරා; මචං... උඹේ හදවත ගොඩක් ලොකුයි... හරි උණුහුම්...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඓබ් අදහසටත්!
      සිරා ගැන දන්න හැමෝගෙම හැගීම එකයි බලං යනකොට...
      ජය ඔබටත්!

      Delete
    2. @ සිරා; මචං... උඹේ හදවත ගොඩක් ලොකුයි... හරි උණුහුම්...//
      ඇරපිය කට ගල් බෝතලයක් හලන්න

      Delete
  11. පට්ට කතාවක් බොස්... පටන් ගන්නා තැනින්ම කුතුහලය අවුස්සා, එය ටිකෙන් ටික වැඩි කර, අන්තිමේ හදවතට හිමින් තට්ටු කර, අවසන් කරන කෙටි කතාවක් මම කාලෙකින් කියෙව්වෙ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබටත් ඩ්‍රැකී!!!!! හදවතට දැනුන නම් එච්චරයි.
      ජය!!!!!!!

      Delete
  12. මට එකවරම මතක්වුනේ මේ ශෛලියෙන් ලියා ඇති ජී.බී.සේනානායකගේ 'නිධානය' කෙටිකතාවයි. පුද්ගල මනෝභාවයන්, පාඨක මනස වෙත සමීප කරවීමේදී, ඉතා පරෙස්සමෙන් වචන තෝරාගැනීම, ඔබ හොඳින් කර තිබෙනවා. ඔබට ප්‍රශංසා කරනවා. ධෛර්යවත් කරනවා. සුබ අනාගතයක්.

    ReplyDelete
    Replies
    1. ජී. බී. සේනානායකගේ ඒ ලක්ෂණය ඉසුරුගෙත් තියෙනවා තමා. මාත් එකඟයි ඒක ගැන...

      Delete
    2. විචාරකතුමනි, ඩ්‍රැකී ඔබ දෙපොළටම බොහොමත්ම ස්තුතියි. ඔබලාගේ ප්‍රශංසාවන්, දිරිමත් කිරීම් මගේ ඉදිරිගමනට මහත් දිරියක්. විශේෂයෙන්ම ජී. බී. සේනානායකයන් ගැන ඔබ හැදෑරීම සතුටට කාරණයක්.
      ජය!!!!!!!!!!!!

      Delete
  13. හිතට වැදෙන කතාවක්...
    පවුල් පසුබිම හමුවේ පිරිමින්ට වඩා වැඩිපුර අසරණ වන්නේ ගැහැණුන් නොවේද...
    බලවත් පවුලක පිරිමියා ස්වකැමැත්තට පමණක් ඉඩ දී දුප්පත් ඇස්දෙකක් කැන්දගෙන ආවත් ඇයට දුක...
    ඔහු ඇයව අතහැර ගියත් ඇයට දුක...

    ReplyDelete
    Replies
    1. අපේ රටවල ඒක සාමාන්‍යකරණය වෙලා ලොකු පුතා. කොහොම කළත් තැළෙන පොඩිවෙන අයිතිය ගැහැනුන්ට...
      ඔබේ අදහසට බොහොම ස්තුතියි!
      ජය!

      Delete
  14. This reminded me of the movie "I Origins". Nicely written !

    ReplyDelete
    Replies
    1. Thanks Sindu! Fantastic movie. Still remember those eyes.....
      Good Luck!

      Delete
  15. ඉසුරු හරිම සාර්ථකයි ,, jaya

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි ඔබේ අදහසටත්!
      ජය!

      Delete
  16. හොද කතාවක් රස වින්දා ඉසුරු..මෙතන නොකියා කියන එක දෙයක් තියෙනවා.ඒ තමයි විමලජිව ස්වාදීන තීරණවලට යන්න බය කෙනෙක් විත්තිය..ඒක අර පවුල් බලපෑමෙන් පැරණි පෙම්වතිය අත් හැර දමිමෙනුත් නැවත මිනිපිරියගේ උපතින් පසු ඇගේ චර්යාවෙන් ඔහුට ලැබෙන මානසික පීඩනයෙන් බේරීමට පලායාමෙනුත් පෙන්නනව කියලයි මට හිතුනෙ..කෙසේ වෙතත් ජය..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම! එවැනි පවුල් පසුබිම්වල ජීවත් වන අය අතර බොහෝ විට ඔබ කියන ආකාරයේ පසුබෑමේ මානසික තත්ත්වයන් දැකගන්න ලැබෙනවා. ඔබේ විවරණය අගෙයි! බොහොමත්ම ස්තුතියි ඉන්දික!

      Delete
  17. සාමාන්‍යයෙන් නොහිතන විදිහේ කතාවක්. ඉසුරු පාඨකයා කතාවට ඇද බැඳ තබා ගන්න විදිහට ලියල තියෙනවා. ඔබට සුභ පැතුම්. ඒ වගේම මේ වගේ දක්ෂයන්ගේ කෙටි කතා තමන්ගෙ බ්ලොග් එකේ දාල අපිට කියවන්න අවස්ථාව ලබා දෙන සිරා අයියටත් සුභ පැතුම්. ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒ වගේම මේ වගේ දක්ෂයන්ගේ කෙටි කතා තමන්ගෙ බ්ලොග් එකේ දාල අපිට කියවන්න අවස්ථාව ලබා දෙන සිරා අයියටත් සුභ පැතුම්. ජය වේවා!!//
      බ්‍රෑන්ඩ් එක ගල්
      එල ද බ්‍රා

      Delete
    2. බොහොම ස්තුතියි ඔබ දෙදෙනාටම. මේ අදහස් ඇත්තටම අධුනිකයෙක් විදිහට ලොකු ශක්තියක්!
      ජය!


      ඒ වගේම මේ වගේ දක්ෂයන්ගේ කෙටි කතා තමන්ගෙ බ්ලොග් එකේ දාල අපිට කියවන්න අවස්ථාව ලබා දෙන සිරා අයියටත් සුභ පැතුම්. ජය වේවා!!//
      බ්‍රෑන්ඩ් එක ගල්

      Delete
  18. අමුතු කතාවක්....පට්ට...

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි රූපේ ඔබටත්!
      ජය!

      Delete
  19. "ඇස්"කියන්නේ විටක මායාවක්.

    ReplyDelete
    Replies
    1. සැබෑවක්. බොහොම ස්තුතියි!
      ඔබටත් ජය මනෝජ්!

      Delete
  20. ඔය වගේ ලක්ෂණ තිබෙන බොහෝ දෙනෙක් හමුවී තිබෙනවා. හර්ද සාක්ෂියෙන් පලායන. ජය ඉසුරු

    ReplyDelete
    Replies
    1. පහසුම කාර්යය පලායාම. නමුත් එහිත් සාධාරණ අවස්ථාත් නැතිවාම නොවෙයි නේද ඉවාන් පවුලූෂා...
      බොහොම ස්තුතියි!
      ජය!

      Delete
  21. කතාවෙ පෙළගැස්ම අගෙයි, ඔබ දුර යන හැඩයි!

    ජය!

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි ඔබටත්!
      දුර යන්න යන්න ඔබ හැමගේ දිරිමත් කිරීමවල සුවද තවත් ළං වනු ඇති...
      ජය!

      Delete
  22. මේ කතාව කියවන්න තරුවක් දාගෙන හිටියත් විවේකයක් ලැබුනේ අදයි.. වෙහෙසක් නැතුව කියෙව්වා... දිගටම ලියන්න ඉසුරු.. අපි ඉන්නවා කියවන්න... :)

    ReplyDelete
  23. කොහේ හිටියත් හර්ද සාක්ෂියෙන් පලා යන්න බැහැනේ .මේ සිදුවීම් වෙනතෙක් ඔහු මිය ගිය ගැබිනි පෙම්වතිය අමතක කර සතුටින් සිටියාද කියා හිතෙනවා. ලස්සන කතාවක් . ජය!

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...