දයා..ලොකු දුව අගෝස්තුවෙ බඳිනවා.
සුජාගේ වටකුරු අකුරින් යුතු මේ වචන පේළිය තුල මගේ දෑස් කොපමණ වාර ගනනක් ඒ අතටත් මේ අතටත් ගියේදැයි මට නිනව්වක් නැත. එය කියවූ මුල් අවස්ථාවේ මා ලද ප්‍රහර්ශය තවමත් දැනෙනවාදැයි මම මගේ ඇතුලු හදෙන් ඇසුවෙමි.

ක්‍රීස් යන හඬින් විවර වූ නිවසේ ප්‍රධාන දොර පළුවට මෙපිටින් ගෙහිමි විල්සන්ගේ මහළු රූප කාය මට පෙනෙයි. කැටයම් සහිත කලු පැහැති බස්තම බිම තබමින් හෙමි හෙමින් කොර ගසමින් නිවසේ බරාඳය දෙසට යන ඔහුගේ අතේ දුම් පයිප්පයකි. ආයාසයෙන් හුස්ම ගන්නා මේ මහළු හදවත ගැහෙන රිද්මය නිවසේ නිහඬතාව බිඳ දමයි. වරින් වර රිද්මයකට මෙන් ඉහළට නැගෙන දුම් රොද අතරේ විල්සන් තම තරුණ වියේ නටඹුන් සොයනවාදැයි විටෙක මට සිතෙයි. වසර ගණනාවකට පෙර ඔහුගේ ප්‍රිය බිරිඳ මිය ගියෙන් තනිකම නැමති සෝ සයුරේ ගිලී හෙතෙම කෙසේ ජීවතවනවාදැයි ඔහු හමු වූ මුල්ම දිනයේ පමණක් නොව මේ දැනුදු මම සිතන්නෙමි.
.......................................................................................................
දයා..දවල්ට කෑවද ?
ලිපි ගොණුවක් අතින් ගත් ඉන්ද්‍රානි අක්කා මා දෙස අරමුණක් නැති බැල්මක් හෙලමින් ඇසුවාය.
තවම නෑ අක්කෙ.
මම අලුත් වැඩියා කරමින් උන් එක්ස් රේ යන්ත්‍රය දෙස බලාගෙනම පිළිතුරු දුන්නෙමි.
ගිහින් කාලා ඉන්න. දැන් වෙලාව කීයද ? මේ ඉස්පිරිතාලෙ ඉතින් කවදාවත් වැඩ ඉවර වෙන එකක් කියලයැ. ඒ නිසා වෙලාවට කන්න බොන්න.
කොළඹ මහරෝහලේ විකිරණ තාක්ෂණවේදිනියක සේවය කල ඇයත්, ක්ෂුද්‍ර ජෛව ඉංජිනේරුවෙකු ලෙස සේවය කල මමත් රාජකාරි කලේ එකිනෙකාට යාබදව හෙයින් අප අතර වූයේ මිතුරු කමකටත් වඩා සහෝදර බැඳීමකි. ඉන්ද්‍රානි අක්කා මගේම වැඩිමහල් සහෝදරියක් බඳුය.
දිවා ආහාරයෙන් අනතුරුව මා නැවතත් මගේ මේසය වෙත පැමිණෙන විට ඉන්ද්‍රාණි අක්කා ලිපි ගොණුවක් දෙස විමසිල්ලෙන් බලා සිටියාය. උපැස් යුවලට යටින් මදෙස බැලු ඇය ලිපි ගොණුව පැත්තක තබා පුටුවේ හරි බරි ගැසී වාඩි වූයේ වැඳගත් කථාවක් කිරීමට බැව් මම දැන් අත්දැකීමෙන් දනිමි.
දයාරත්න මල්ලි, පුලුවන් නම් හොඳ වැඩක් තියෙනවා කරන්න.
ඇගේ දෑස මගේ දෙනෙත දෙස එක එල්ලේ බලා සිටියි.
මොකක්ද අක්කෙ...
මම ඒ සැනින් පිළිවදන් දුන්නෙමි.
අපේ පොඩි සංගමයක් තියෙනවා. ඒකෙන් කරන්නෙ දෙමාපියො නැති, ඉගෙන ගන්න ආර්ථික ශක්තිය නැති ළමයින්ට ඉගෙන ගන්න උදව් කරන එක. අපි දරුවෙක් බාර දුන්නම ඒ දරුවගෙ අධ්‍යාපන අවශ්‍යතා වලට මාසිකව මුදලක් ලබා දෙන්න තමයි තියෙන්නෙ. මේක බොහොම සංවේදී වැඩක් මල්ලි. දැනෙන තෘප්තිය විඳලම බලන්න ඕනෙ.
ඉන්ද්‍රාණි අක්කාගේ නෙතඟට කදුලක් මෝදු වන බව මට පෙනෙයි. සාරි පොටින් පිසදමා ඇය කදුල මගෙන් වසන් කරන්නට සැරසුනද ඊට කලියෙන් මම එය දුටුවෙමි. දෙගොඩහරි වයසේ සිටින ඇය තවමත් අවිවාහක නිසා දරුවෙකු කෙරෙහි මහත් ආශාවක් සිතේ ඇතිවා වන්නට පුුලුවන.
කියන්න අක්කෙ. මමත් කැමතියි ඒ වගේ දේකට උදව් කරන්න.
අර දරුවො නැති සුබ්‍රමනියම් දොස්තර මහත්තයා දරුවො 4 දෙනෙකුට උදව් කරනවා. දැනට භාරකරුවො නැති අලුත් ළමයි ටිකක් ඉන්නවා. මේ ෆයිල් එකේ විස්තර ඇති. මේ වැඩේට එකතු වෙන්න කැමති නම් ,මල්ලි බලලා කැමති කෙනෙක් තෝරගන්න. ඇය තමා සතුව තිබූ ලිපි ගොණුව මාවෙත පෑවාය.
දරුවන් කීපදෙනෙකුගේ නම් ගම් සමග තවත් බොහෝ විස්තර එහි විය. එහෙත් පියා මෙන්ම මවද නොමැති 7 වසරේ ඉගෙනුම ලබන අනුරාධපුර ප්‍රදේශයේ දියණියක ඉදිරිපිට මගේ දෙනෙත් නතර වූයේය.
මෙයාව මට බාර දෙන්න. මම සැනින් කීවෙමි.
එයින් අනතුරුව ඇගේ තොරතුරු අඩංගු වූ පත්‍රිකාව අතට ගත් ඉන්ද්‍රාණි අක්කා ඇතැම් තොරතුරු තවත් කොළයක සටහන් කරනු දුටුවෙමි.
.......................................................................................................
මල්ලි, අද පඩි අරගෙන ඔහොමම පොඩි කෙල්ලගෙ සල්ලි ටික දාන්න.
මුල් මාස දෙක තුනේම ඉන්ද්‍රාණි අක්කා මගේ වගකීම පිළිබඳ මා හට මතක් කලද මගේ අතින් දේවකාරියක ලෙස එය සිදුවෙන බව සැක හැර දැනගත් පසු ඇය ඒ පිළිබඳ නැවත නැවත මතක් කරන්නට ආවේ නැත. රුපියල් 500 ක මුදලක් කුඩා දියණිය ඉගෙන ගන්නා පාසලේ විදුහල්පති තුමා නමට මුදල් ඇනවුමක් ලෙස යැවූ විට එය ඇගේ මිත්තණියගේ අතට ලැබෙයි.
ඇගේ පියා අලියෙකුගේ පහර දීමෙන් මිය ගිය පසු මව වෙනත් පුරුෂයකු සමග දීගතලා ගොස් ඇත්තේ ඇයට වසර 3 ක් පමණ වයසේදී බව මට දැනගන්නට ලැබුනි. එතැන් සිට කුඩා දියණියගේ මව වන්නට මිත්තණියට සිදු විය. මිත්තණිය සහ කුඩා දියණිය වරිච්චි බිත්තියෙන් වටවූ කුඩා නිවසක තනිවන විට මේ ඉඩම ඩැහැගන්නට දියණියගේ මාමන්ඩියක මාන බලමින් සිටියේය. කාගේවත් පිළිසරණක් නැති ඇයට ඇත්තේ මිත්තනියගේ රැකවරණය පමණි. එහෙත් වයස්ගත ඇගේ වියෝවෙන් පසු දියණියට කාගේ පිළසරණක්ද ? අඩුම තරමේ ඇය අධ්‍යාපනයෙන් හෝ ජයගතහොත් ඇගේ පිළිසරණ වන්නට එයට හැකිය. ඒ නිසාම අනෙක් දරුවන් අතරින් මම ඇයව තෝරාගත්තෙමි. මගේ රුපියල් 500 මේ ඇත්තන්ට මහමෙරක් බව මට දැනෙන විට ලබන මාසයේ සිට තවත් කීයක් හෝ වැඩියෙන් යවන්නට මගේ සිත දෙස් දෙයි.
මාමා එවන සල්ලි වලින් මම හොඳට ඉගෙන ගන්නවා. ආච්චිත් මට කියනවා හොඳට ඉගෙනගත්තොත් අපිට හොඳ ගෙදරකට යන්න පුලුවන් කියලා. ඊයෙ රෑ ලොකු වැස්සක් වැස්සා. මගේ ලියන පොත් වැස්සට තෙමුනා. ඉස්කෝලෙ අදින ගවුමත් තෙමුනා. වහලෙ පොල් අතු මාරු කරන්න කාලෙ හරි කියලා ආච්චි කිව්වත් ඒකට සල්ලි නැතුව ඇති ආච්චි ලග.
ඒ සුජාතත් මමත් පෙම් කල සමයයි. ඇගේ පුංචි අකුරු මගේ හිතට බර වැඩිය. ඒ බර සැහැල්ලු කරගන්නා අටියෙන් මම සුජාතාට මේ ලිපිය කියවන්නට දුන්නෙමි. මගේ උරහිසට වාරු වී ඇය කදුළු සැලූ අයුරින් මම මගේ අනාගත බිරිඳ ගැන අතිශයින් සතුටු වූයෙමි. මට වැනිම දයාබරිත හදක් ඇයටද තිබේ.
අප දෙදෙනා කසාද බඳින්නටත් කලියෙන්ම අපට දැන් දියණියක සිටියි. ඇය මාසයකට දෙකකට වරක් මා ආමන්ත්‍රණය කර ලියමනක් එවයි.
කොළඹ අහස දම්පැහැවී තිබූ නිමේෂයක මමත් සුජාතාත් එකිනෙකාට ලංව ගාලුමුවදොර පිටියේ සිමෙන්ති බංකුවක හිඳගෙන සිටින්නෙමු. ඈත ක්ෂිතයේ පෙනෙන නොපෙනෙන නෞකාවක සේයා දෙස බලමින් සුජාතා ලොකු දුවට බෞතීස්මය ලබා දුන්නාය.
දයා..අපි බැන්දට පස්සෙ අපිට දරුවො හිටියත් මේ දුවනෙ වැඩිමල්. ඒ නිසා අපි එයාට ලොකු දුව කියලා කියමු.

ඉන්ද්‍රාණි අක්කා දිනක් මා වෙත ගෙන ආවේ සොම්නස් සහගත පුවතකි.
මල්ලි අර දරුවො ඔක්කොම අපේ සංගමයෙන් කොළඹ චාරිකාවකට එක්කගෙන එනවා. ඒ අයට මෙහෙට ආවම මාස්පතා මුදල් එවන භාරකරුවො මුණ ගස්වන්නයි හිතාන ඉන්නෙ.
එයින් පසු එළැඹුන සතියේ විදුහල්පතිවරුන් දරුවන් කැටුව කොළඹ පැමිණියෝය. දරුවන්ගේ භාරකරුවන්ද ඔවුන් හමුවන්නට එහි සපැමිණ සිටියෝය. මාස්පතා තම තමන්ගේ අධ්‍යාපනය උදෙසා මුදල් එවන, එහෙත් කිසිදා මුණගැසී නැති, කිසි දිනෙක රුවෙන් දැක නැති තමන්ගේ භාරකරුවන් කවුදැයි දැන හැඳිනගන්නට ඒ පුංචි දෑස් අග තිබුනේ පුදුමාකාර තදියමකි. තමන්ගේ වත්කම අනුව රැගෙන එන්නට හැකි උපරිමයෙන් රැගෙන ආ තෑගි ඒ පුංචි දෑත් අතර සිර වී තිබේ.
මා අසලට පැමිණි ඉන්ද්‍රාණි අක්කා මා කැටුව හුදෙකලා වී සිටි කුඩා දියණියක් අසලට ගියාය.
දුවේ. මේ තමයි ඔයාට සල්ලි එවන මාමා.
ඇගේ වතකමල වඩාත් පැහැපත් නැති වුවත් ඇය කඳිම ප්‍රියමනාප දියණියකි. දෑස් විශාල කර මදෙස බලා සිටි ඒ කුඩා මුවේ මන්දස්මිතියක් ඇදුනේ නිරායාසයෙනි. ඇගේ අතෙහි වූ රෙදි වලින් මැසූ කුඩා පටි දෙකක් සහිත ලා කහ පැහැති විශාල බෑගය බිමින් තබා එකෙනෙහිම ඈ මා හට දණ ගසා වැන්දාය. මගේ නෙත් යුග කඳුලකට මුල පිරූයේ ඇස් පිල්ලමක් ගසන වේගයකිනි. ඇගේ දෙව්රින් අල්ලා නැගී සිටවූ පසු, මම ඇයව තුරුලු කරගත්තෙමි. මහා ධාරක සෙනෙහසකින් මම ඇයව දැඩිව තුරුලු කරගත්තෙමි. මේ මගේම දියණියක බැව් එවේලෙහි මා හට ප්‍රත්‍යක්ෂව ගියේය. දෙමාපිය සෙනෙහස අහිමිවි ගිය ඇයට මගේ රැකවරණය ඇය තනිව මේ මහ පොළව උඩ ශක්තිමත්ව නැගී සිටින දිනයක් එළඹෙන තුරු ලබාදෙන්නට අධිටන් කළෙමි.
දුව මොන පන්තියෙද දැන් ඉගෙන ගන්නෙ. මම නොදන්නවා මෙන් ඇසුවෙමි.
මම 8 වසර D පන්තියෙ මාමෙ. ඇය තවමත් සිනාසී සිටින්නීය.
මම එවන සල්ලි පොත් පෑන් පැන්සල් ගන්න ඇතිද ?
ඔව්...ආච්චි ඒ සල්ලි වෙන කිසිම දේකට වියදම් කරන්නෙ නෑ.
මොනවද ඔය අතේ තියෙන බෑග් එකේ තියෙන්නෙ.
තව ඩිංගෙන් ඒක මාමට දෙන්න අමතක වෙනවා. කොළඹ එනවා කිව්වම මාමට ගෙනිහින් දෙන්න කියලා ආච්චි අම්මා මේවා ලෑස්ති කලේ...ගොඩාක් වටින තෑගි දෙන්න අපිට විදියක් නෑනෙ මාමෙ.
මම ඇයව ලගට ගෙන ඇගේ හිස සිපගත්තෙමි. මේ තරම් සුරතල් දියණියක අතැර යන්නට තරම් ඇගේ මැණියන් කුරිරු වූ අයුරු මා හට සිතාගත නොහැක.
ඉතින් ඔයාම පෙන්නන්නකො ඔය බෑග් එකේ ඔයා මට මොනවද ගෙනාවෙ කියලා.
අගේ පුංචි අතැගිලි කඩිසරව ඒ මේ අත දුවයි. බෑගය තුලටත් එයින් පිටතටත් කීප වාරයක් ගමන් කල ඒ කුඩා දැතට පින්සිදු වන්නට සියඹලා, අඹ සහ බඩඉරිඟු, සැළකිය යුතු තරමේ ප්‍රමාණයක් එතැන වූ සිමෙන්ති පඩියක් මත ගොඩගැසුනි.
මෙච්චර ගොඩක් ඔය බෑග් එකේද ගෙනාවෙ...බෑග් එක බර නැද්ද ?
ටිකක් බරයි. මම ඒ උනාට උස්සගෙන ආවා.
මේ අඹ කොහෙන්ද ? හොඳින් ඉදුන කර්තකොලම්බ අඹයක සුවඳ බලමින් මම ඇසුවෙමි.
අපේ වත්තෙන් මාමෙ.

මේ හමුවීමෙන් පසු මම ලොකු දුවට යවන මුදල වැඩි කලෙමි. එතැන් සිට මාස්පතා මගෙන් ලැබෙන මුදල පිරිමසා ගනිමින් දියණිය හොඳින් ඉගෙන ගනිමින් සිටියි. ඒ අතරතුර ඉන්ද්‍රාණි අක්කා වෙනත් රෝහලකට මාරු වී යාමත්, මා හා සුජාතා විවාහ වීමත් විවාහයෙන් පසු අප දෙදෙනාගේ සිහින සාක්ෂාත් කරගැනීමට මා විදේශ ගත වීමත් සිදු වූයේ සිතාගත නොහැකි තරමේ වේගයකිනි. විදේශගත වන්නට පෙර සුජාතා සමග ලොකු දුව මුණගැසී දියණියගේ භාරකාරීත්වය මම මගේ බිරිඳට පැවරුවෙමි. එතැන් සිට ලොකු දුව සුජාට ලිපි එව්වේ නැන්දේ යන ආමන්ත්‍රණයෙනි.
යුරෝපයේ සිට මා යවන මුදල් සුජාගේ දෑතින් මුදල් ඇනවුමක් බවට පත් වී අනුරාධපුරයට යයි. ඒවායේ පිහිටෙන් ලොකු දුව හොඳින් ඉගෙන ගනියි. මෙවර පන්තියේ හතර වැනියා වන්නට ඇයට හැකි වී තිබේ. වාර විභාගයේ ප්‍රතිඵල ලැබුන විගස ඇය ඒ බැව් සුජාතා හට දැනුම් දෙන්නීය. සුජාතා මා හට දුරකථන අැමතුමක් ලබා දෙන සෑම විටෙකම නිරන්තරයෙන් ලොකුදුව ගැන තතු සැළ කලාය.
විටෙක කාලය ගත වන්නේ සිතාගත නොහැකි වේගයකිනි. සා/පෙ කඩඉම ඉතා හොඳින් ජයග්‍රහණය කල ඇය උසස් පෙළ පන්තියේ ඉගෙන ගන්නා අවධිය වන විට මම මගේම දරුවෙකුගේ පියෙක් වූයෙමි. ඒ දරුවා තනිව රැක බලා ගනිමින් නිවසේ කටයුතු කරමින් සුජාතා ලොකු දුව ගැනද සොයා බැලුවාය.
නැන්දෙ මම උසස් පෙළට වාණිජ කරන්නෙ, ඇය ඒ වග දන්වා තිබුනාය.

ලොකු දුව දැන් උසස් පෙළ වාණිජ පන්තියේය. මා හට සියුම් ආඩම්රයක් දැනෙයි. මම තවත් අදියරකින් ඇයට යවන මුදල වැඩි කළෙමි. තරුණ දියණියක ඇඳුමෙන් පැළඳුමෙන් ලස්සනට ඉන්නට ප්‍රිය බව සුජාතා මා හට මතක් කලාය. ඒ නිසාම ඇයට අධ්‍යාපනයට අමතරව ඒ සඳහා වියදම් කරන්නටද මුදලක් ලබාදිය යුතුය. ඇය අමතර පන්ති යන්නට අධිමදි කලද සුජාතාගේ බලකිරීම මත අතිරේක පන්ති වල උපකාරයද ලබා ගත්තාය.
උසස් පෙළ ප්‍රතිඵල ලැබෙන කාලය වන විට සුජාතා දෙවන වරටත් මව් පදවිය ලැබුවාය. එහෙත් තවමත් අපේ ලොකු දුවට අපේ ඇති ආදරය බිඳකදු අඩු වී නැත.
නැන්දෙ මට කැම්පස් යන්න තරම් ප්‍රතිඵල මදි. මම රස්සාවක් කරන්න කියලා බැලුවෙ. හැමදාම මාමට කරදර කරන්න බෑනෙ.
ඇගේ එවදන් සුජාතා මට සන්නිවේදනය කල දවසේ මම ඇයට උපදෙස් දුන්නේ නැවත වාරයක් විභාගයට පෙනී සිටින ලෙස ලොකු දුවට කියන ලෙසයි. අපේ යෝජනාව පරිදි දෙවන වරටත් විභාගයට පෙනී සිටි අැය විශ්ව විද්‍යාලය පෙනෙන දුරින් එවර නතර විය. එයින් පසු ඇගේ විෂයට අදාළව උසස් ඩිප්ලෝමාවකට ඇය යොමු කරන්නට සුජාතා පුද්ගලිකව කැප වූවාය.
නැන්දෙ, මාමට කියන්න තවදුරටත් මට සල්ලි එවන්න එපා කියලා. මම දැන් ගෙවල් පැත්තෙ පොඩි ළමයින්ට පන්ති කරනවා. ඒකෙන් ලැබෙන ආදායම මට මගේ දේවල් කරගන්න ඇති. මම වගේ දුප්පත් වෙන ළමයෙක්ට පුලුවන් නම් උදව් කරන්න කියන්න. සුජාතා ලද ලිපියක ලොකු දුව එසේ අකුරු කර තිබුනි.
ලොකු දුවට මෙන්ම සෑම යෞවනයෙක්ටම ස්වාධීන වෙන්නට ඇත්තේ තරමක ආශාවකි. ඒ ගැන සුජාතා සමග කථා බහ කල පසු ඇගේ කැමැත්තට ඉඩ දෙන්නට මම තීරණය කළෙමි.
ඩිප්ලෝමාව අවසානයේ රැකියා පුහුණුව පිණිස පුද්ගලික ආයතනයකට ලොකු දුව යොමු වූ බවත්, පුහුණු කාලය අවසානයේ එම ආයතය විසින් සහකාර ගණකාධිකාරිණියක ලෙස ස්ථිරව රැකියාව පිරිනැමූ බවත්, එහිදී හඳුනාගත් තරුණයෙකු ඇගේ කැමැත්ත විමසන බවත් සුජාතා මට දැන්වූවාය.
කොල්ලා හැඩකාරයෙක්ද ? සුජාතා ඇගෙන් විමසයි.
ඔව්..ලොකු දුව ලැජ්ජාවෙන් ඇඹරෙයි.
ඉතින් ඔයා කැමතිද ?
මාමා කැමති නම් විතරයි මම කැමති වෙන්නෙ.
ඒ ඇයි..ඔයානෙ කසාද බඳින්නෙ...
ඒ උනාට මාමනෙ මට මේ තැනට එන්න උදව් කලේ..එයාගෙ කැමැත්ත ආශිර්වාදය ඇතිවයි මම කසාඳ බඳින්නෙ. අනික මට හැමදේටම ඉන්නෙ ඔයාලා විතරයිනෙ.
එවර නිවාඩුවට ලංකාවට ගිය පසු ලොකුදුව පිළිබඳ සිතක් පහළ කරගෙන සිටි තරුණයාගේ නිවෙසට ගොස් ඔහුගේ වැඩිහිටියන් සමග කථාබස් කරන්නට මා හට හැකිවිය. අවසානයේ ලොකු දුව පෙම්වතියක් වූයේ කාගෙ කාගෙත් කැමැත්ත අනුවය.
එතැනින් පසු වසරක්වත් ගෙවුනේ නැත. නිතරම අන්තර්ජාලයෙන් හෝ දුරකථනයෙන් මා අමතන සුජාතා සෑහෙන කලකින් ලිපියක් ලියන්නට කල්පනා කරන්නට ඇත්තේ මේ ආරංචිය වෙනස් ලෙසකින් මා හට සන්නිවේදනය කරන්නට සිතා විය යුතුය.
දයා, ලොකු දුව අගෝස්තුවෙ බඳිනවා.... තරමක් විශාල අකුරින් ලිපියේ මැදට වන්නට එසේ සටහන්ව තිබුනි.

ඡායාරූපය උපුටාගත්තේ මෙතැනින් |

ජය මOඟලම් ....සුභ මOඟලම්....යුග ජීවිතේ වාසනා....!!!
ReplyDeleteනියමයි සිරා...ලස්සන කතාවක්...ජයෙන් ජයම වේවා....!!!
Deleteඔන්න දෙවනි පාරටත් කියෙව්ව......
ස්තූතියි මිත්‍රයා...සත්‍ය කථා පුවතකට බන්ඩි පොහොර පාරක් ගහපු අවස්ථාවක් මේ.
Deleteමේ 7 වෙනි ලිපිය නෙමේ නේද?
ReplyDeleteඋඔ ලියලා හිතට දැනේන..
එල ද බ්‍රා මචං..
ලොකූ පනිවිඩයක් තියනවා මේ කතාව ඇතුලේ.
මේ 7 වෙනි ලිිපියට කලින් එක. අදහසට ස්තූතියි..පුද්ගලිකව මමත් ආසයි භාරකරුවෙක් වෙන්න.
Deleteහිතට දැනෙන හැම දේම වචන කරන්න බැරි එක මේ වගේ වෙලාවකට නම් පාපයක් කියලා හිතෙනවා.....
ReplyDeleteසමහර වෙලාවට මටත් එහෙම වෙනවා. ඒ ප්‍රබල හැගීමක් විස්තර කරන්න බැරි උනාම.
Deleteහරි අපූරුයි සිරා. හරිම සංවේදීයි
ReplyDeleteඇත්තටම කථාව ලියාගෙන යද්දි මගෙත් ඇස් වලට කදුළු ආවා.
Deleteබොහොම වටින වැඩක් කරන්න බ්ලොගර්ස් ලාට කරන ආරාධනයක් විදිහට මම මේ පොස්ට් එක දකින්න කැමතියි.. එය එසේම වෙනවා නම්....
ReplyDeleteජයවේවා..!!
ඇත්ත වශයෙන්ම මිළ කල නොහැකි ක්‍රියාවක්..මේ ලිපිය කියවා හෝ කෙනෙක් මේ කාරණයට යොමු වෙනවා නම් එය මට මහත් සතුටක්.
Deleteනරකද සිරෝ මේ කථාව ටෙලිනාට්‍ය කාරයෙකුට දුන්නොත් ඒකාංගික නාට්‍යයක් හදන්න කියලා. මේ කතාවේ තියන අපූර්වත්වය, තවත් උත්සන්න වෙන්නෙත්, ප්‍රේක්ෂක හදවතට කා වදින්නේත්, යම්කිසි ගැටලුකාරී තත්වයක් සහිත උච්ඡාන්තයක් සහිතව, මෙය ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයකින් එලි දැක්වුනාමයි.
ReplyDeleteමගේ මිත්‍ර අධ්‍යක්ෂකවරයෙක් ඉන්නවා. ටෙලිය කෙසේ වෙතත් කෙටි චිත්‍රපටියක් වත් කරන්න කියලා මේ කථාව දීලා බලන්නම්. අදහසට ස්තූතියි විචාරක තුමා.
Deleteපට්ට වැඩක්....
ReplyDeleteපැපූ කියනවා වගේ කැන්ඩ පුළුවන් නම් වටින වැඩක්...
ඇත්ත වශයෙන්ම මිත්‍රයා. ඉගෙනීමට අත දෙනවා කියන්නෙ පුදුමාකාර වටිනා වැඩක්.
Deleteනෙතේ කඳුලක් ඇතිව කියෙව්වේ සිරා මල්ලී. මගෙත් මහත්තයාගෙත් ජීවිතේ අපි දරුවන් කිහිප දෙනෙකුට මේවාගේ කැපකරු මා පියන් වුණා. ඒ සතුට වෙන කිසිම දෙයකින් අපිට ලැබුනේ නැහැ. ඒ ගැන දන්නා නිසාවෙන් දුවගේ කතාවට වඩාත් සංවේදී උනේ. අදටත් අපි කුඩා පුතෙකුට උදව් කරනවා. ඒ පුතාත් දන් ටිකෙන් ටික යෞවනයට ලං වෙමින් ඉන්නෙ. දුවක් කලින් බන්දවා දුන්නා. අනෙක් දෙන්නා ගේ විස්තර හිටි අඩියේ ප්‍රේමදාස මහත්තයාගෙ ඇවෑමෙන් නතර උනා. ලිපි වලටත් උත්තර නෑ. කොහේ හෝ හොඳින් ඇති යයි සිතනවා. මේ උතුම් කාර්යයේ වටිනාකම හොඳින් දන්නවා මල්ලී. මේ කතාවෙන් තව තවත් මෙවන් දේ කරන්නට අපි සියළු දෙනාටම දිරි ලැබේවා!
ReplyDeleteඔබටත් මේ අත්දැකීම් තියෙන නිසා මේ කථාව ගොඩාක් දැනෙන්න ඇති අක්කා. ගොඩාක් ස්තූතියි ඔබේ අදහස් වලට...
Deleteකරන්න පුළුවන්කම් තියෙන සියලු දෙනාම කලයුතු වටිනා දෙයක් මේක...
ReplyDeleteඒ වගේම තමයි හැමදාම පත්තර වල මේ වගේ දුප්පත් අසරණ පවුල් ගැන විස්තර දාල තියෙනවා උදව් ඉල්ලලා.
තුන් නිවුන් දරුවෝ ලැබිච්ච අම්ම කෙනෙක් බබාලට කිරිපිටි ගන්න උදව් කරන්න කියලත් දාල තිබ්බා
ඒ වගේ නම් කී දාහක් ඉන්නවද උදව් ලැබිය යුතු...
අපේ සමාජයෙ දැන් දැන් උදව් කරන්නෙ තමන්ට අඩුම තරමෙ ප්‍රචාරණයක් හෝ ලැබෙනවා නම් විතරයි. නමුත් අප්‍රසිද්ධියේ මිනිස්සුන්ට උදව් කරන ප්‍රසිද්ධ චරිත බොහොමයක් ඉන්නවා.
Deleteමට කියන්න කිසි දෙයක් නෑ ඉතිරි වෙලා...අවසානය තෙක් ගලා ගිය කදුලු බිදු පවසාවි නුඹේ හැගීම්බර වූ කතාවෙ වටිනකම...........ලස්සනයි....ඒ වුණාට ඔහොම කතා ලියන්න එපා ආයෙ...එහෙම උණොත් ඇස් දෙන වේලිලා නොපෙනී යාවි
ReplyDeleteගොඩාක් ස්තුතියි මිත්‍රයා මගේ මහන්සියට වටිනාකමක් එකතු කලාට. ඔබේ හැගීම්බර කමෙන්ටුව මට දහක් දේ පවසයි.
Deleteසෑහෙන්න සංවේදී කතාවක් ලස්සනට අකුරු කරල තියෙනව සිරා.
ReplyDeleteමේ වගේ අම්ම තාත්ත නැතුව අසරණ වෙච්ච ළමයි කොයි තරමක් කාගෙවත් හවුහරනක් නැති හින්ද ජීවිතේ නිකං නාස්තිකරගන්නවද. ඒ වගේ අයට උදව් වෙන්න පුලුවන්නං ඒක ලොකු පිනක්.
මම හිතන්නෙ ප්‍රේමදාස මහත්තයගෙ කාලෙ මේ වගේ වැඩසටහනක් දීප ව්‍යාප්තව තිබුණ 'සෙවන සරණ කැපකරු මාපිය ක්‍රමය' කියල.
මෙවැනි දරුවන් වර්තමාන සමාජයෙත් ඉන්නවා. අවශ්‍ය කරන්නෙ අපේ කැපවීමත් ඕනෑකමත් පමණයි. ඔවුනට යහපත් හෙටක් හදන්න අපට දායකත්වය දෙන්න හැකි නම්..ඇයි අපි එය නොකර ඉන්නෙ.
Deleteතුන් පාරක් කියෙව්වා...
ReplyDeleteමොන වගේ හැගීමක්ද දැනුනෙ.
Deleteහිතිච්ච දේවල් වචනවලට පෙරලන්නේ කොහොමද කියල මට තාම හිතා ගන්න බැහැ..ජීවිතේ අපිට මැරෙන මොහොතේ මතක් කරලා සතුටෙන් මැරෙන්න ඉතුරු වෙන්නෙ මේ වගේ දේවල් විතරයි.මේත් ඒ වගේ එක සිද්දියක්...
Deleteehenam nokiya idin ban karana ekekuta karanna dila.ubala kiyolawthwarak bambu gahannada.korane nathuwa deyak.
Deleteඇනෝ ඉන්දික ගැනනම් ඔය කථාව ටිකක් අසාධාරණයි.
Deleteමේ වගේ වැඩ වලදී ඉන්දික කථා කරල / කියෝලා විතරක් ඉන්න කෙනෙක් නොවන වග මම පුද්ගලිකවම දන්නව. එනිසා කලබලෙන් මිනිස්සුන්ට අගතිගාමීව කථා කරන්න එපා. කෙනෙක් තවත් කෙනෙක්ගේ උවමනාවකට අතමාරුවක් දෙන්නේ තමන්ට බේත් ගන්න තිබ්බ සල්ලි වලින් වෙන්න පුලුවන්. ඒත් එක දන්නේ ඒ දෙන මනුස්සය විතරමයි. ආර්ථික වශයෙන් අනේකවර හොම්බෙන් ගිහිල්ල තියන කෙනෙක් හැටියටයි ඒ කීවේ!
ඇනෝ ගොයියො...මිනිස්සු ගැන නිගමනය කරන්න ඔය තරම් ඉක්මන් වෙන්න එපා. ඉන්දික කියන්නෙ මම බ්ලොග් තුලින් හදුනගෙන ලගින් ආශ්‍රය කරන චරිතයක්. ඔහු ඔහුගේ වැටුපෙන් කරන සමාජ සත්කාර ගැන ඇහුවොත් ඔබ දුක්වෙයි ඔබ මෙතන පලකල අදහස ගැන. කරන මිනිහා කියන්නෙ නෑ. කිසිවක් නොකරන එකා තමයි අඬබෙර ගහන්නෙ.
Deleteභාෂාව හසුරලා තියෙන විදිහට මම හිතනවා මේ පිරිමි කෙනෙක් කියල.ඇනෝ සහෝදරයා ඔබ තුමා මා ගැන විනිශ්චයක් දෙන්න තාම ලපටි වැඩියි.ඔබ තුමා කවුද කියල දන්නෙ නැති හින්ද මම වැඩි දුර පිලිතුරු දෙන්න කැමති නෑ.තිස්ස සහෝදරයයි සිරා මල්ලියි දීල තියෙන උත්තර හොදටම සෑහෙයි.මට කියන්න තියෙන්නෙ තුවාල වෙලා වේදනාව විඳල තියෙන එකෙක් තවත් එකෙක්ගෙ තුවාල දිහා බලල හිනා වෙන්නෙ නැහැ කියන එක විතරයි.ඔබ තුමාට අවශ්‍ය නම් මම කරලා තියෙන ඒවයේ ලිස්ට් එකක් එවන්නම්,,,
Deleteමේ 7 වෙනි ලිපියද සිරෝ?
ReplyDeleteනැත. මේ 7 වෙනි ලිපියට කලින් ලිපිය. මෙය සත්‍ය කථාවක් පාදක කර ලියූවක්. නම් ගම් මනංකල්පිතයි.
Deleteකථා නායකයා ලොකු දුවද දයාද?
ReplyDeleteමටනම් දෙන්නම සිරා!
ඒ විතරක්ද සුජාතාත් සිරාම සිරා!
බෙබඳු දියණියක් භාරයටගෙන රැකබලා ගැනීමට පුල පුලා සිටින මට ඇඟිල්ලෙන් ඇන්නා වැනිය!
ජයවේවා මචෝ!
මේ හැම චරිතයක්ම මේ කථාව ඇතුලෙ ප්‍රධාන චරිතයක් වෙලා. තුන්දෙනාගේම එකමුතුව නිසයි කථාව තුල සතුටුදායක අවසානයකට යන්න හැකි උනේ.
Deleteමම දැම්ම කමෙන්ට් එක පෙන්නන්නෙ නැති නිසා ආයෙත් දාන්න තීරණය කළා.
ReplyDeleteසිරා අයියෙ මේක නම් ගොඩක් සංවේදී කතාවක්. නෙත් අගින් කඳුලක් වැටෙන්න තරම් සංවේදීයි. මේ වගේ සිද්දි ලියන එක ගොඩක් වටිනව, මොකද මේව කියවන අය තවත් මේ වගේ අසරණ ළමයින්ට උදව් කිරීමට පෙළඹීමට ඇති හැකියාව වැඩියි. අර උඩින් විචාරකතුමා කීවා වගේ ඒකාංගික ටෙලිනාට්‍යයකට ගැලපෙන කතාවක් මේක.
බූට් මාසෙන් පස්සේ දැම්ම පෝස්ට් වලට කමෙන්ට් කරන්න එන්න බැරිවුනා මේ පැත්තෙ. අර MATTA පොස්ට් එකේ ෆොටෝ ටික දැක්කා. සිරා අයියා හෙන හැන්ඩියා :D. ජය වේවා!!!
මම ස්පෑම් ගොඩෙත් බැලුවා. එතැනත් නෑ බොලාගෙ කමෙන්ටුව.
Deleteමේ කථාව ගොඩාක් සංවේදී බව මට දැනුනෙ මේක ලියාගෙන යද්දි මගේ අැස් වලත් කඳුලක් මෝදු වෙද්දි. තමන් පුංචි කාලෙ ඉඳන් අනුග්‍රහය දක්වපු දි්‍යණිය පතිකුලයට යන දවසෙ භාරකරුවන්ට කොපමණ සතුටක් දැනෙනවා ඇතිද..
ස්තුතියි මලයා අදහස් වලට..//සිරා අයියා හෙන හැන්ඩියා// මට ලැජ්ජයි බං..
මගෙත් අම්මගේ ලොකු තාත්තගේ දූ මට මාසෙකට සැරයක් රුපියල් 500ක් එව්වා. ලොකු අම්ම ඩොලර් 20ක් එව්ව. ඒක මාස් පතා අමතක නොකර එව්වා.සන්ද්‍යා පුංචි, ලොකු අම්ම තව ගොඩක් දෙනෙක් මට උදව් නොකලානම් මම අද මෙතන නෑ
ReplyDeleteඉතින් වයිෆ්ගේ ඉස්කෝලේ පුංචි ළමයෙක්ට අපි උදව් කරනවා කොච්ච්ර අමාරුකම් තිබ්බබ්ත්
Deleteස්තූතියි ඔබේ ජීවිත කථාවෙන් කොටසක් මෙතැන අවංකව සටහන් කලාට...ඔබේ කථාවත් බොහොම සංවේදී හැඩයි.
Deleteඅනේ මන්දා බන් මේ වගේ කතා මගේ මොලේට යන්නේ නෑ නොවැ..
ReplyDeleteටිකක් නිවී සැනසිල්ලෙ කියවලා බලහං ගොයියො...එතකොට වැටහෙයි..
Deleteසිරා අයියේ... උඹ ලියපු මේක කියවපු ගමන් කරන්ට් එකක් වැදුනා වගේ උනා..
ReplyDeleteඅපි යාලුවෝ කට්ටියක් එකතු වෙලා 2012 ඉඳන් මේ වැඩේ කරගෙන එනවා. ගිය මාසේ අර නාය යාමෙන් අසරණ වෙච්චි පුංචි උන් බලන්න ගියා.
ඔන්න මම ලින්කුව දැම්මා මෙතන අපේ බුකියේ පේජ් එකේ... මෙන්න පේජ් එක
අපි එකතු වෙමු බං.. මේ අසරණ මල් කැකුළු වලට පිහිට වෙමු
මම බොලා කරන සමාජ සත්කාර වල ඡායාරූප නිතරම දකිනවා. ඉතාමත් අගය කරනවා නාඩියො. අපිත් පුංචි වැඩසටහනක් සංවිධානය කරගෙන යනවා. ඉදිරියේදී දැනගන්න හැකි වෙයි.
Deleteසෑගෙන්න කාලෙකින් බ්ලොග් ලිපියක් කියෙව්වේ.....! මේක හරිම සංවේදී විදිහට ලියලා තියනවා.....! නියමයි....!
ReplyDeleteදුමී අයියා දැකීම සතුටක්. සෑහෙන කාලෙකින්. නරකද මකුළු දැල් බැඳිලා තියෙන බොගට ශුද්ධ පවිත්‍ර කරලා ගත්තා නම්.
Deleteබොහොම හොද පණිවිඩයක් තියෙන කතාවක්.. ඇත්තටම ලස්සනයි.. ඒත් හැමෝම මේ දේ කරන්න ලෑස්ති නෑ.. නමුත් පුළුවන් තරමකින් හරි යමක් කරන්න පුළුවන් නම් ඒක තමයි වටින්නේ..
ReplyDeleteමම හිතනවා මේ ලිපිය යම් තරමකට කියවන අයගේ අවධානය මේ කාරණය කෙරෙහි යොමුකරන්න සමත් උනා කියලා.
Deleteලස්සනයි. මේවා කියවලා මෙහෙම දුවල පුතාලට ඇත්තටම උදව් කරන්න හිතෙන අය වැඩිවෙයි කියල හිතෙනවා !
ReplyDeleteමමත් එහෙම හිතනවා..එය එසේ වෙනවා නම් මම වැදගත් ලිපියක් ලිව්වා කියන සතුට මට දැනේවි.
Deleteඇත්තටම සිරා මේක කතාවක් කියලා විශ්වාස කරන්න මම කැමති නෑ. මේවා ඇත්ත කතා. මම ඉකි ගගහා ඇඬුවා. මේක කියවත්දී මම දයා වුණේ නිරායාසයෙන්. මටත් මෙහෙම දෙයක් කරන්න ඇත්නම් කියලා හිතුණා. පුවත් පතක තිබුණ පුංචි පුවතක් දැකලා මම කරපු ක්‍රියාවකුත් මතක් වුණා. ඒ ගැන ලියන්න මගේ මතකය අවුස්සපු මේ ලිපියට තුති. මමත් හිතුවේ හත්වෙනි ලිපිය කියලා. මොකද සිරාගේ ස්ටයිල් එක අපි දන්නා නිසා.
ReplyDeleteසුදීක කියන චරිතය කවුද කියලා මම මුලින්ම හඳුනා ගත්තෙ ගම්පහ ගෙට්ටුව දවසෙ. එදායින් පසු අපි දෙන්නා හමුවෙලා නැති උනාට අපේ ආශ්‍රය ඉදිරියට යන්නෙ අපේ ගතිපැවතුම් වල තියෙන සමාන කම් නිසා කියලයි මට හිතෙන්නෙ. මමත් බොහොම සංවේදී මිනිහෙක්. ඔබේ සංවේදී කම පිළිබඳ ඔබේ කමෙන්ටුව ආයෙත් අපිට කියනවා. සතුටු වෙන්න අනුන්ගෙ දුක දැනෙන සංවේදී හදවතක් ඔබට තිබෙන එක ගැන. හැමෝම මෙහෙම නෑ.
Deleteමේ ලිපිය කියවල ඇස් වලින් කදුළු පැන්න. මගෙ දෙසැම්බර් බෝනස් එක වියදම් කරන්නෙ අසරණ දරුවන්ගෙ අධ්‍යාපණයට අවශ්‍ය දේවල් සදහා තමයි. එකපාරක් වලියක් දාගෙන මගෙ බෝනස් එක නැවැත්තුව, මම HR එකට ලිස්ට් එකදීල මෙන්න මේ දරුවො බලාගෙන ඉන්නව ගිහින් දීපල්ල මේව කියල දීල ආව. පස්සෙ හොයල බලන්න ඇති, මට සල්ලි එවුව. ජනවාරි පලවෙනිද ලෝක්ක අතින්ම ළම්‍යින්ට දුන්න. දැන් මම එතන නැතත් එදා කරපු දේ හින්ද තාමත් ළමයි කම්පනිය ගානෙ උදවු ලබාගන්නව.
ReplyDeleteමේ ටික ලිවුවෙ, මේ ලිපියත් ඒ වගේ ටොක්කක් ඇන්න වගේ ආපහු පිනක් කරන්න මතක් වෙච්ච නිසා.
දරුවන් ඉන්න පියෙක් හැටියට තවත් දරුවෙකුගෙ දුක දැක්කම එය එසේ නොවන අයෙකුට වඩා සංවේදනය වෙනවා කියලයි මට හිතෙන්නෙ. කම්මල අයියගෙ වැඩ පිළිවෙල මම ඉතාම ඉහළින් අගය කරනවා. ඔබත් ගම්පහ ගෙට්ටුවෙන් මම හඳුනාගත් මගේම සහෝදරයෙක් බඳු පුද්ගලයෙක්.
Deleteලිපියෙන් සිද්ද වුන වටිනාම දේ එහෙම ළමයෙක්ට උදව් කරන්න පටන් ගන්න බස්සිට ලොකු උවමනාවක් සහ ආසාවක් ඇතිවීමයි.
ReplyDeleteඑය එසේ වූවා නම් ලිපියේ රචකයා විදිහට මම බොහෝ සතුටු වෙනවා.
Deleteඑක හුස්මට කියෙව්වා. සතුටු හිතෙන සංවේදී කතාවක් . . නැති බැරි අපේම මිනිස්සුන්ට හයියක් වෙන්න පුලුවන්නම් ඒක විශාල උදව්වක් වෙයි එයාලට ජිවන තත්වය ඉහලට ගෙනියන්න..
ReplyDeleteස්තූතියි මල්කොබා. මටත් නිතරම හිතෙන දෙයක් තමයි මට හැකි විදියට නැතිබැරි කෙනෙකුට පිහිට වෙන එක. ලංකාවට ආවම එවැනි කාර්යයක නිරත වෙන්නයි මගේ අදහස.
Deleteමෙච්චර ලස්සන කතාවක් කියවද්දී මෙච්චර දුක හිතෙන්නේ ඇයිද මන්දා...
ReplyDeleteඑච්චර දුක හිතෙන්නෙ ඔබට සංවේදී හදවතක් තියෙන නිසයි.
Deleteමගේ වැඩි සහභාගීත්වයක් නැතුව මගේ බිරිඳ විසින් අප්‍රසිද්ධියේ උදව් පදව් කරන මෙවන් ළමුන් දෙදෙනෙකු සිටී.. ඔබේ ලිපියෙන් පසු ඔවුන් දැක බලාගෙන තවදුරටත් යම් උදව්වක් අවශ්‍යනම් සිදුකිරීමට මට මහත් රුචියක් ඇති විය. ස්තූතියි එයට.
ReplyDeleteඔබේ බිරිඳට මගේ ප්‍රණාමය. ඇයට එක් වී හැකි නම් තවත් දරුවෙකු වෙත ඔබේ දයාව පතුරුවන්න. එයින් ඒ දරුවාගේ ජීවිතය ආලෝකමත් වනු ඇත.
Deleteජීවිතේ අපිට කරන්න පුළුවන් වටිනාම දේවල්. සම්බන්ධීකරණය කරන්න අවංක පිරිසක් ඉන්නවා නම්, උදව් කරන්න කැමති අය ඉන්නවා. තමන් දෙන සල්ලි නියමිත විදිහට ලැබෙනවද කියන එක තමයි මේ වගේ උදව් කරන වැඩි දෙනෙකුට තියන ප්‍රශ්නේ.
ReplyDeleteඔව්. විශේෂයෙන් බේබදු පියවරුන්ගෙන් තමයි මේ දෙන ආධාර බේරගන්න වෙලා තියෙන්නෙ.
Deleteහිතට දැනෙන කතාවක් සිරෝ.ඔය වගේ වැඩකින් ලැබෙන පින් වලට වඩා මට වැදගත් වෙන්නේ ඒ තුලින් ලබන ආත්ම තෘප්තිය.
ReplyDeleteමමත් පුද්ගලිකව හිතන්නෙ එහෙමයි මිත්‍රයා. මම සත්ක්‍රියාවකට දායක වනවා නම් එයින් මට ලැබෙන සතුට විතරයි මගේ අපේක්ෂාව.
DeleteMachan, I'm waiting for your 7th Letter for this month????
ReplyDeleteහත්වන ලිපිය මම නෙමෙයි ලියන්නෙ. එය පාඨකයන්ට බාර දීලා දැන් වසරකටත් වැඩියි. ඔබටත් කැමති නම් 7 වෙනි ලිපියක් ලියන්නට හැකියි.
Deleteඇහැට කඳුලක් එන තරමටම කතාව සංවේදීව අකුරු කරලා තියෙනවා.
ReplyDeleteමටත් හිතුනා මේ වගේ දෙයක් කරන්න. තාම ඒකට ශක්තිය මදි. ඒත් දවසක ඒ දේ කරනවා.
ස්තූතියි නගා....මතු දවසක නිසැකවම ඔබට ඒ ශක්තිය ලැබේවි...මමත් පතනවා එහෙම...
Deleteඇස් අඟ කඳුළක් රැඳුනා... ඔබ වැනි යුවල් ගැන ලොකු ආඩම්බරයක් ඇති උනා හදවතේ . ... ඔබ දෙපලටත්... ඔබේ ලොකු දුවටත් සුබ අනාගතයක්... ජේසු පිහිටයි !
ReplyDeleteමටත් ලොකු උවමනාවක් හා ආශාවක් ඇති උනා මෙවැනි උතුම් ක්‍රියාවකට... නමුත් තවම මා එවැනි වගකීමක් දරන්න ශක්තිමත් නෑ.... නමුත් තව සුලුකාලෙකින් හැකි වේ යන බලාපොරොත්තුවක් තියෙනවා එදාට පසු බට නොවී එයට උර දෙනවා....
ලොකු දුව මගේ වෙන්නෙ මේ කථාව අකුරු කල නිසා පමණයි..නැතිනම් මේ සිදුවීම සහ මා අතර සබඳතාවක් නෑ.
Deleteඔබේ යහපත් චේතනාව නුදුරු දිනයකදීම සාක්ෂාත් කරගන්න ලැබෙන්න කියලා මමත් පතනවා...
මචං මම ඇත්තටම ඇඬුවා....
ReplyDeleteතනිකඩයෙක් වෙලා ඉන්න මටත් බලාපොරොත්තුවක් ආවා ....
ස්තූතියි මිත්‍රයා ඔබේ ඔය සංවේදීකම ඔබට ආභරණයක් වේවි...
Deleteඇත්තටම බොක්කටම වැදුනා..
ReplyDeleteකටුස්සගෙ ලින්ක් එකෙන් ආවෙ.
ස්තූතියි...ආයෙත් දවසක ආයෙත් එන්න...
Deleteසිරෝ...උඹේ පොස්ට් එක හොඳටම වැදුනා...
ReplyDelete----------------
අපි මිනිස්සුන්ට කොච්චර ඈතින් ජීවත් වෙනවද කියලා වෙලාවකට හිතෙනවා...
අපේ ජීවිත වඩාත් ඵලදායී වෙන්නෙ තනියම වස්තුව ගොඩගහගන්නවා වෙනුවට...බොහෝ අයට අපට හැකි විදියට උදව් උපකාර කිරීමෙන් කියලා මම තරයේ අදහනවා.
Deleteadai mama oyage blog eka beluwe sahodaraya. attatama meka godak sanwedi katawak.mage as walin kadulu awe matath nodenima. digatama me wage ewa liyanna sahodaraya.
ReplyDelete