අපි ගැටයො කාලෙ ගමේ සම වයසෙ කොල්ලො අතර සහයෝගය සමගිය වැඩි උනේ ක්‍රිකට් ක්‍රීඩාව නිසයි. පිල්ලෑවෙ පොල් වත්තට හැන්දෑවට හැන්දෑවට ගාටලා බෝල තලන අස්සෙ තමයි මේ කියන ඒවා වර්ධනය වෙලා ආවෙ.
පින්තූරය ගත්තෙ මෙතැනින් |
අපේ ක්‍රිකට් කණ්ඩායමේ දකුණතින් පිත්ත හසුරවපු ඉතා හොඳ පිතිකරුවෙක් තමයි ඩොනා කියන්නෙ. ඩොනා කාගෙන් හෝ ක්‍රිකට් පිළිබද පුහුණුව ලැබුවෙ නැති උනාට හරිම ලස්සනට පිට ඉන්න පැත්තෙන් එන බෝල වලට ලස්සන ලස්සන පහර ගැහුවා. ඉතිං අපි පන්දු යවන වෙලාවට පුලුවන් තරම් ඩොනාගෙ කකුලටම තමයි බෝල දැම්මෙ. මිනිහගෙ දුර්වල තැන එතන.
ඩොනා අපිට වඩා වසර කීපයක් වැඩිමල්. බොහොම දේහදාරී චරිතයක්. ක්‍රිකට් ගහන්න ටෙනිස් බෝල ගන්න කඩේට ගියාම ඒවා ඔබලා බලන එක අපේ සිරිතක්. ඉක්මනින් එබෙන පන්දු වගේම එබෙන්නෙ නැති ගල්ගෙඩිය වගේ පන්දුත් අපේ භාවිතයට සුදුසු නෑ. ඒවා ඉක්මනින් පැලෙනවා. ඉතින් මේ බෝල ඔබන රාජකාරිය බොහෝ වෙලාවට කලේ ඩොනා. මේකා ඇගේ තියෙන ශක්තිය දාලා බෝල ඔබද්දි සමහර වෙලාවට ඒවා කඩේ ඇතුලෙම පැලුනා. ඒ වෙලාවට අපි හීන් සීරුවෙ මුදලාලිට ආයෙමත් බාර දුන්නා. සමහර වෙලාවට පන්දු යවමින් ඉන්න ඩොනා ආතොල් එකට බෝලය ඔබනවා. ඒ වෙලාවට එතන ඉන්න අනිත් උන් කුණුහරුපෙන් බැනලා තමයි ඩොනාගෙන් බෝලෙ බේරගන්නෙ.
ඩොනාට පොඩි ගොතයක් තිබුනා. සමහර වචන ඒකාට නිවැරදි විදියට උච්චාරණය කරන්නම බෑ. තවත් සමහර වචන කීප වතාවක් උත්සාහ කරලයි කියන්න ඕනෙ. ඔය වගේ හේතු නිසා ගමේ හිටිය මල් වගේ යුවතියො අඩු ගානෙ සිනහවකින් වත් ඩොනාට සංග්‍රහ කලේ නෑ. අන්තිමේදි කිසිම කොල්ලෙකුගෙ ඇල්ම බැල්ම ලැබුවෙ නැති කැත කලු කෙල්ල දමයන්ති තමයි ඩොනාගෙ ආදර දැලට අහු උනේ.
දෙන්නා දැන් යාලුයි..පිල්ලෑව වත්තට කොල්ලො බෝල ගහන්න එන්නෙ හැන්දෑවට..දවල් වරුව නිස්කලංකයි, වෙලේ හුලං වත්ත පුරා හමනවා. පිල්ලෑවට ආසන්නයේ බාගෙට වැඩ නිම කල නිවසක් අස්සෙ තමයි දෙන්නගෙ පෙම මෝරන්නෙ. දවසක් හරක් ගේන්න ගිය වැඩිහිටියෙක්ට ඩොනා දමයන්ති ප්‍රේමය අතට අහුවෙලා.
තෝ මොනවද බොල මේ පාළු ගේ අස්සෙ මේ කෙල්ල එක්ක කොරන්නෙ ?
අනේ මා මා මාමෙ අපි ඩඩ් ඩඩ් ඩඩ් ඩබල් බනිස් කෑවා.... ඇත්තටම ඩොනා අතේ ක්‍රීම් බනිස් ජෝඩුවක් තමයි ඒ වෙලාවෙ තිබිලා තියෙන්නෙ. මේ බනිස් කාපු කතන්දරේ ක්‍රිකට් ක්‍රීඩා කරපු අපේ කන් වලට එන්න වැඩි කලක් ගියේ නෑ. මුල් කාලෙ අපෙන් එල්ලවෙච්ච දරුණු අපහාස උපේක්ෂාවෙන් විදදරාගෙන ඩොනා දිගටම ක්‍රීඩා කරන්න ආවා ගියා.
සුමියා කියන්නෙ අපි ක්‍රිකට් ක්‍රීඩා කරපු කාලෙත් අවුරුදු 40 කට විතර කිට්ටු හාදයෙක්. හොර අරක්කු වික්ක රිචාගෙ දුව රංජනී එක්ක දීගතලා ඇවිත් පිටගමක සුමියා අපේ ගමේ බින්න බැස්සා. වැඩිය ඇඟපත ලොකු නැති බොහොම අහිංසක, ඒ වගේම හරිම ප්‍රියමනාප මිනිහා තමයි සුමියා. ජෝඩුවම වයසට ගිහින් කසාද බැන්ද හින්දම අවුරුදු දෙක තුනක් යනකං දරුවෙක් ලැබුනෙ නෑ.
පිල්ලෑව වත්තට ආසන්නයේම තමයි සුමියගෙ නිවස තිබුනෙ. කොල්ලො එක්ක හරිම විවෘතවයි සුමියා තමන්ගෙ විවාහ ජීවිතය ගැන කථා කලේ. අපි බත් දන්සැල පවත්වපු කාලෙ දර කොටං කුළුගෙඩියෙන් ගහලා පලන්න හරියටම කූඤ්ඤය තියන සාස්තරේ අපට කියා දුන්නෙත් මේ කියන සුමියම තමයි.
මොකෝ සුමියා තවම වෙනසක් නැතෙයි.
වෙනසක් වෙන්න හිටින්න එපායැ...තවම හිටියෙ නෑ බොල...සුමියා එහෙම කියන්නෙ ඇඟට පතට නොදැනි.
ක්‍රීඩාව බොහොම සාරසුබාවට යන වෙලාවට රංජනී සුමියට බොන්න ආදරය වැඩියෙන් දාලා හදපු තේ එකක් අරගෙන වැට අද්දරට එනවා. ඒ වෙලාවට සුමියා ඇඹලයා වගේ රංජනී ලගට ගිහින් තේ කෝප්පය තොල ගාන්නෙ. සමහර දවස් වලට රංජනී පස්සෙන්ම ගෙදර යන සුමියා දාඩිය පෙරාගෙන ආයෙත් බෝල ගහන්න එන්නෙ කොල්ලන්ගෙ උසුළු විසුළු මැද.
සුමියො අදවත් හිටීද ? එහෙම දවස් වලට කුපාඩි කොල්ලො එහෙමයි ඇහුවෙ. අද නං සුමියා දරු පැටව් දෙන්නෙක්ගෙ ආදර පියෙක්.
අපේ අනුරාධයා ගැනත් යමක් නොකියාම බෑ. අසල්වැසි ගම්මාන සමග ක්‍රිකට් තරග සංවිධානය කිරීම වගේම අපේ ක්‍රීඩා උපකරණ පරිස්සම් කලෙත්, ක්‍රීඩාවට නිවෙස් වලින් කොල්ලො කුරුට්ටො උස්සගෙන ආවෙත් මේ ගොයියා.
තුන් ඉරියව්වෙන්ම දක්ෂ ක්‍රීඩකයෙක්. අනුරාධයගෙ ඔලු ගෙඩිය හරියට කොම්පීතරයක් වගේ. පන්දු ඕවරයට එක පන්දුවක් අඩු උනොත්, ලකුණු එකතුවෙන් එකක් අඩු උනොත් ඒ බව උගෙන් හංගන්න මොන සක්කරයටවත් බෑ. එහෙම වෙලාවට ඒකා සටනට යන්නෙ පණ එපා කියලා. නිතරම ක්‍රීඩා භූමියේ විහිළු තහළු කරමින් සිනාමුසුව හිටිය චරිතයක් නිසා කවුරුත් මේකා එක්ක සුහදව හිටියා.
දවසක් අනුරාධයට කැත සිද්ධියක් උනා. කොහෙද යන වරත්තුවො ටිකක් එක්ක බඩවැටියක් අස්සෙ ගංජා සුරුට්ටුවක් ඇදපු අනුරාධයා මොලේ කරවෙලා පිස්සු හැදිලා විකාර කියවන්න අරගෙන ගෙදර ආවට පස්සෙ. මේකා හොඳ සිහියෙන් නෙමෙයි මේ ඉන්නෙ කියලා හොඳටම භය වෙච්ච උගෙ අම්මා වගේම අක්කා ඒ වෙද්දි අපේ ගම මැද්දෙ ආවාසයක් හදාගෙන වැඩ වාසය කල මෙහෙණින් වහන්සේ වෙත රැගෙන ගිහින්. ඇයව ගමේ හැමෝම ආමන්ත්‍රණය කලේ මෑණියෝ කියලයි
අපට නොපෙනෙන බලවේගයක් නිසා මේ මිනිහා මරු කියවනවා කියලා හිතපු මෑණියො පිරිත් එහෙම කියලා අනුරාධයට සෙත් ශාන්ති කොරලා දැන් ඉතින් ගෙදර ගිහින් සාමකාමීව ඉන්න කියලා ඌට කියලා. මෙතෙක් වෙලා සද්ද නැතුව කෙහෙල් කරටිය පාත් උනා වගේ සද්දයක් බද්දයක් නැතුව හිටිය අනුරාධයා අමු තිත්ත කුණුහරුපෙන් මෑණියන්ට බැනලා. උන්ගෙ අම්මා අනුරාධයගෙ කම්මුල පුපුරන තරමේ කනේ පාරක් දුන්නත් අනුරාධයගෙ ගංජා ආතල් නම් බැහැලා නෑ. මේ වයසට ළමයි ඔහොම තමයි කියාගෙන මෑණියෝ ඊට පස්සෙ තමන්ගෙ කුටියෙ දොර වහගත්තා කියලයි එතැන හිටිය උන්ගෙන් මට ආරංචි උනේ. මේ සිද්ධියෙන් පස්සෙ අනුරාධයට හැමෝම කථා කලේ මෑණියෝ කියලයි.
අපි ඉස්සර ක්‍රිකට් ගහලා ඉවර උනාම හැමෝම වගේ තම තමන්ගෙ ශරීර වලින් වැගිරෙන කුණු දූවිලි දාඩිය වලින් මිදෙන්න අත්තනගළු ඔයේ නාන්න එකතු උනා. අපි හැමෝටම පීනන්න වගේම කිමිදෙන්නත් පුලුවන්. ඒත් අනුරාධයා ආඳා වගේ වේගයෙන් පීනන්න, දිය යටින් යන්න හොඳ සාමාර්ථයක් තිබුන එකෙක්.
මේකා දියයටින් ඇවිත් එක එකාගෙ ලාග්ගො අස්සට අත දාන්නෙ කාටත් හොරා විදුලි වේගයෙන්. උගේ අනපේක්ෂිත ප්‍රහාර නිසා කෝපයට පත් වෙන ජනතාව අන්තිමට අනුරාධයව අල්ලගෙන උගෙ ලාග්ගා ගලවලා, ඒකාව උපන් ඇඳුමෙන් වතුරට තල්ලු කරන්නෙ උස් හඬින් සිනහා වෙමින්.
රැකියාවට යන එන යුවතියො රාශියක් මේ වෙලාවට ඔයට යාබද මාර්ගයේ ගමන් කරනවා. අනුරාධයගෙ ලාග්ගා මාර්ගයට ආසන්න කුඹුරකින් තියලා අපි හෙමිහිට මාරු වෙන්නෙ මේකාට හොඳ දඬුවම කියලා හිතාන. ඒත් අපි පාගමනින් හන්දිය පැත්තට යද්දි අපිට පිටිපස්සෙන් උගෙ දඬු මොනරයෙන් ඇවිත් පොල් කෑල්ල වගේ සුදුවට පේන දත් අැන්ද පෙන්නලා අනුරාධයා අපිට හිනාවෙන්නෙ ඔලොක්කුවට වගේ.
අද ලිපියෙන් මම අන්තිම වශයෙන් කියන්න කල්පනා කලේ අපේ දෙලා ගැන. දෙලා පිටගමකින් ඇවිත් අපේ ගමේ පැළපදියම් වෙච්ච හාදයෙක්. මට වඩා වසර කීපයක් වැඩිමල්. පිල්ලෑව වත්තට ක්‍රිකට් ක්‍රීඩාව මාරු කරන්න කලියෙන් අපි බෝල ගැහුවෙ මාර්ගයට යාබද වපුරන්නෙ නැති කුඹුරු ඉඩමක. කාලයක් තිස්සෙ මෙතන ක්‍රීඩාව යද්දි තණ තිල්ල ක්‍රීඩා පිටියක වගේම ලස්සනට සැකසුනා. ධාරානිපාත වර්ෂාවක් වැස්සත් පැය භාගයකින් ආයෙමත් ක්‍රීඩා කරන්න පුලුවන්.
මේ භූමියෙම අපි පස්සෙ කාලෙක ලෙදර් බෝල ක්‍රිකට් සෙල්ලං කලේ ගමේ රොෂාන් අයියට පිං සිද්ධ වෙන්න. කොළඹ ක්‍රිකට් ක්‍රීඩා සමාජයක මිනිහා ක්‍රීඩා කොරපු නිසා අවශ්‍ය උපාංග සියල්ලම එයා ලග තිබුනා. මම අරවින්දටත් බෝල් කරලා තියෙනවා, රොෂාන් අයියා එහෙම කියද්දි අපි උගෙ දිහා බලා උන්නෙ හරියට වීරයෙක් දිහා බලනවා වගේ. පා ආවරණ, හිස් ආවරණ, අත් ආවරණ පැළඳගෙන වෙළ මැද්දෙ ඉන්න අපේ සැට් එක දකින ගමේ කෙල්ලො අපිට කෝචොක් එකට තමයි හිනා උනේ.
ක්‍රීඩා පිටියට යාබද ඉඩමක දෙලා සහ අම්මා ජීවත් වෙච්ච කුලී නිවස තිබුනෙ. ඊයෙ දෙල් බැඳලා කෑවා මාර රහයි. අපේ ගමට ආවට පස්සෙ ඒකා ඇතුලත් වෙච්ච අලුත් පාසලේ මිත්තරයො එක්ක නිතරම දෙල් වල වරුණාව කියපු හින්දා තමයි දෙලා කියලා නම වැටුනෙ. මට මතක විදියට දෙලාගෙ ගෙදර ලොකු දෙල් ගහක් තිබුනා.
දෙලා කැපවීමෙන් ක්‍රීඩා කලා. වසරින් වසර ගෙවීගෙන යද්දි ඒකා ගමේ එදා ඉඳන් හිටිය එකෙක් තරමට හැමෝටම සමීප උනා. විරුද්ධ පාර්ශවයෙ කාගෙන් හෝ ක්‍රීඩාව අතරතුර වංචාවක් උනොත් දෙලා කිපෙන්නෙ පොළගෙක් වගෙයි. උගෙ කටින් ඒ වෙලාවට පිට පනින්නෙ කුණු හරුප මාලාවක්. දවසක් මොකක්දෝ හුටපටයකට දෙලාගෙ ඉවසීමේ සීමාවෙ අන්තිම කට්ටයත් පැන්නා. තොපිට මෙතන ආයෙ බෝල ගහන්න දෙන්නෙ නෑ කියලා වහසි බස් දොඩාපු මිනිහා ගෙදරට දුවලා උදැල්ලක් උස්සගෙන ආවා. කවුරුවත් මේ නාටකයට මැදිහත් නොවී බලාන උන්නා. දෙලා අපි උදේ හවස බෝල ගහපු තැන ගැඩවිලෙක් වගේ හාරගෙන හාරගෙන ගියේ හිතේ තිබුන කෝපය නිසාම වෙන්න ඇති.
පහුවදා හැන්දෑවෙ පාසල් නිමාවෙලා අපි එතැනට එනකොට විශාල වලක් සහ පස්ගොඩක් තිබුනා. හැමෝගෙම සහයෝගයෙන් පස් තුනී කරලා ආයෙමත් ක්‍රීඩා කරන්න හැකි විදියට හදාගත්තට පස්සෙ කිසිවක් නොවුන ගානට දෙලා ක්‍රීඩාවට එකතු උනේ.
ඉස්සර අපේ ගමේ කොල්ලො කෙල්ලො හැමෝම නියෝජනය කොරාපු යෞවන සමාජයක් තිබුනා. මේ යෞවන සමාජයට තමන්ගෙ රැස්වීම් තියන්න ස්ථිර ගොඩනැගිල්ලක් තිබුනෙ නැති නිසා කොල්ලො ක්‍රිකට් ක්‍රීඩා කරන වෙල් යායටම ඒ ඇත්තියොත් රැස්වීම් දවසට ආවා. ක්‍රීඩාව යන අතර තුර කෙල්ලො එකා දෙන්නා එතැනට ඇවිත් අපි ක්‍රීඩා කරන ස්ථානය සමීපයේ හිටගෙන අපි දිහා බලා උන්නා. අන්න ඒ වෙලාවටනෙ කොල්ලන්ගෙ සැඟවුන ක්‍රීඩා කෞෂල්‍ය ඉහළට එසවුනේ. සැට් එක උපරිමයෙන් ක්‍රීඩා කලා. පන්දු යවන්නො උපරිම වේගයෙන් පන්දු යවන්න උත්සාහ කලා. පිතිකරුවො දැරිවියන්ට පේන්න හයේ හතරෙ ඒවම ගහන්න වග බලාගත්තා.
අපේ ක්‍රීඩාව දිහා බලාන උන්න මේ සීදේවි දැරිවියො උන්ටත් සෙල්ලං කරන්න උවමනායි කියපු නිසාම අපි ඒ අයට අත් පන්දු ක්‍රීඩා කරන්න තැනක් හදලා දුන්නා. එදායින් පස්සෙ ක්‍රිකට් ක්‍රීඩාවට ආව ඇතමෙක් කෙල්ලො එක්ක බෝල සෙල්ලමට එතැන නතර වෙච්ච නිසා අපි පස්සෙ දවසක පිල්ලෑව පොල් වත්තට අපේ ක්‍රිකට් ක්‍රීඩාව මාරු කොලා.
ලංකාවෙන් පිට ඉඳන් නිවී සැනසිල්ලෙ අපේ ගමේ මේ අහිංසක අතීතය මතක් කරද්දි මට දැනෙන්නෙ හරිම සතුටක්. යෞවන සමාජයෙ හිටිය අති මහත් බහුතරය අද දෙමාපියන්. දරුවන්ගෙ වගකීම් එක්ක කථා බහ කරන්නවත් වෙලාවක් නෑ. ඒත් මෙදා ලංකාවට ගියාම අපේ පරණ මතකය ඇවිස්සෙන්නත් එක්ක හැමෝම එකතු කරගෙන ආයෙමත් දවසක් දෙකක් හරි ක්‍රීඩා කරන්නයි මගේ අදහස.
මම කාමරේ අරින සිරා කොලුවා.
ප.ලි
ලාග්ගා යනු ජොකා හඳුන්වන අලුත් වචනයකි. මේ වචනය බ්ලොග් ඉසව්වට රැගෙන ඒමේ ගෞරවය විචාරක තුමා හට හිමිවෙයි.
ඩ ...ඩ ...ඩබල් බනිස් එක්ක කෙක් ..කෙක්.. කෙසල් ගෙඩි තිබිල නැද්ද බන්..නියමෙට කතාව ගොඩ නැගිලා තියෙනවා මල්ලි..සිනා සාගරයක්..සුබ පැතුම්..
ReplyDeleteමම හිතන්නෙ බනිස් කන්න කලියෙන්ම කෙසෙල් ගෙඩිය කන්න ඇති. මට ඊයෙ ප්‍රවෘත්තියක් ආවා මේ දමයන්ති කෙල්ල මෑතක අප අතරින් සමුගත්ත බව. ඩොනා වෙන කෙනෙක් සමගයි විවාහ උනේ. ඔබේ අදහසට ස්තුතියි ලොකු මාමෙ.
Deleteඩොනා ගැන ගිය පාර කොමෙන්ටෙකෙන් දැන ගත්තා නේ.. හැක් හැක්.. සුමිය එල පොර.. සුමියල හැමෝම එහෙම තමයි.. (උඹට ඒ කතාවනම් තේරෙයිද දන්නෑ.. :) ඔය අනුරාධය වගේම ක්‍රිකට් ගහනකොට පන්දුවෙන් පන්දුව මතක හිතාගෙන හිටපු ඩයල් එකක් ගැන මීට ටික කාලෙකට කලින් කවුදෝ එකෙක් ලියල තිබ්බා.. උඹමද මංදා.. හැබැයි ඒකෙ විදියටනම් දැන් ඒකා මැරිල..
ReplyDeleteඔය කෙල්ලොන්ට නේද අර උඹල පටි ජොකා ඇඳන් නාන ගමන් පුක පෙන්නුවේ.. පට්ට ඕයි.. @ මිසින් ගම :'(
සුමියල කියන්නෙ එල පොරවල්, අනේද බොල එකට ඉන්න උන්ටත් අඩි දෙන උන් නේද? මචං සුමිත් කියල මගෙ යාළුවෙක් හිටිය ඌට ඕනෙම දෙයක් විහිළුවට ගන්න පුලුවන් එකෙක්. ඌ ඊජිප්තුවෙ ඉද්දි මැරුනෙ . මැරෙන්ඩ කලින් ලියුමක් එවල තිබ්බ පන්තියේ හිටිය එකෙකුට ඒක මරනෙ ගැන විහිළුවෙන්.
Deleteපටි ජොකා ඇදන් නාන ගමන් පුක පෙන්නුවෙ අපි නෙමෙයි ගොයියො...ඒ වෙන කවුරු හරි. අපේ කිත්තා නම් පාලම යට ඉදන් විවිධ විකාර කලා පාලම උඩින් යන දැරිවියො භය කරන්න. අපේ සුමියා හරිම අහිංසකයා..මළ ගෙදරදි සුමියා ඉන්නවා නම් අපිට පාලුවක් නෑ. අපේ බයිට් එක වෙලා මිනිහත් ආතල් එකේ ඕමියක් බලනවා.
Deleteඇඬෙනවා.. ගම්වල හැදුනත් ඔය විදියෙ අත්දැකීම් එච්චරම නොලැබුන හින්දා.. ආයෙත් ගමට යන්න ඕන උනත් දහසක් කාරනා නිසා එය සිදුනොවෙන නිසා..
ReplyDeleteගමට හැමෝම ආසයි. ඒ ඉතිහාසයට හැමෝම කැමතියි. නමුත් අද හැමෝම හැල්මෙ දුවන රේස් එකක අකමැත්තෙන් හරි තරගකරුවො වෙලා.
Deleteසිරා හරියට හරි..........
Deleteෂිහ්.. ගමක උපන්නත් අපටත් මේ වගේ අත්දැකීම් නෑ බොල. ඉරිසියයි උඹ ගැන. විචාරක තුමාගෙ ලාග්ගා ගැන කතාවත් කියෙව්වා.
ReplyDeleteගමක උපන්නත්...අපේ වගේ සැට් එකක් නැත්තං මේ අත්දැකීම් ගන්න බෑ බොලං..පිරිස් බලය තියෙනවා නම් තමයි පුංචි කාලෙ තවත් සුන්දර වෙන්නෙ.
Deleteඅපි ඉස්කෝලේ පහල පන්තිවල ඉන්නකොට ඇන්ද ලාග්ගෝ ගෙදරදී අම්මා මහලා දුන්නේ. අර පටි ගැටගහන ලාග්ගෝ. හිටපු ගමන් හුටස් ගාලා ඔය පටි කැඩෙනවා කල් යනකොට. එදාට වෘෂභයා සිත්සේ කාණුවට බැහැලා ඉන්නවා.
ReplyDeleteහරිම රසවත් විස්තරයක් සිරෝ. මෙහෙම ජීවිතයක් විඳලා නැත්නම් වැඩක් නැහැ.
රට අඹ ලෑලි වලින් බැට් හදාගන්න කලින්, අපි පොල්පිති වලිනුත් 'බෑට් ගැහුවා'
පටි ගැට ගහන මොඩ්ල් එක හින්ද නේද ජොකාට වවුල්ලු කිවුවෙ. අපි කැඩෙට් කරන කාලෙ පටි ජොක්කු අදින්න කැමති නැති උන්ට කිවුවෙ ඔය විදිහට මහල අදින්න කියල.
Deleteපටි ගැට ගහන ලාග්ගොත් තිබ්බද...මම ඒවා ගැන දන්නෙ නෑ. අපේ ආච්චිත් ක්‍රිකට් ගහනවට කිව්වෙ බෑට් ගහනවා කියලා තමයි. මට උන්දැව මතක් උනා ඒ වචනය දැක්කම.
Deleteහරියට හරි කම්මල. 'වවුල් ජොකා' කියලා තමයි කිව්වේ.
Deleteසිරෝ, හොඳ හතර රියන් පුරුසයකුගේ වවුල් ජොකෙක්, පොඩි එකෙකුට පොරවන්ඩ වුනත් පුළුවන්. :D මේකේ කමෙන්ට් වලට පින්තූර දාන්න හදපන්කෝ.
හපොයි මේ විචා අංකල්ගෙ ජොකා මෙතන දාන්න හදන්නෙ සිරෝ. ඒකටනං ඉඩ දෙන්න එපා. :D
Deleteවෙලාවකට සිරා එක්ක ඉරිසියා හිතෙනවා.. මේ වගේ අත්දැකීම් විඳින්න අපිට එතරම් වාසනාවක් තිබුනෙ නෑ. මේ විදිහට හිනස්සනවට ස්තුතියි ඔබට.....
ReplyDeleteස්තූතියි මිත්‍රයා. මේ මගේ ඇත්තම ළමා කාලය සහ නිකලැල් ගමේ විස්තර...
Deleteඅම්මට සිරි ...පට්ට ආතල් නෙද බO ...ඒ කාලේ...
ReplyDeleteදැන්නෙ බං ඒ කාලෙ මේ තරම් ආතල් කියලා දැනෙන්නෙ.
Deleteඅපිටත් ඉතින් එහෙම කාලයක් තිබ්බනේ.. ආයේ ඉතින් කොහෙද එහෙම..
ReplyDeleteබොලාත් යමක් ලිව්වොත් නරකද...
Deleteඅපිටත් ඔහොම කාලයක් තිබුනේ නෑ... ඒ අතින් සිරා අයියා හරි වාසනාවන්තයි.
ReplyDeleteනගා නගරාශ්‍රිතවද හැදුනෙ. මගේ ළමා කාලය අතිශයින් සුන්දරයි. වෙල් ඉපනැල්ලෙ සරුංගල් යැව්වා, ඇළේ දොලේ පැනලා නෑවා, ගස් බඩගෑවා...මගේ දරුවෙකුටත් මේ අත්දැකීම් දෙන්නයි මම හිතාන ඉන්නෙ.
Deleteහැක්... නියම ආතල්නෙ.
ReplyDeleteඩොනාගෙ ඩබල් බනිස අස්සෙ කෙහෙල් ගෙඩිය හිරවෙලා තිබුණනං තමයි මරු වැඩේ වෙන්නෙ.
හික්ස්....
Deleteඩොනාට කෙල්ලෙක් සෙට් උනේ නැති වටපිටාවක..ආදරයේ මුදු මදහස දරාගෙන දමයන්ති ඩොනාට ලං වෙද්දි කොහොමට තියෙන්න ඇතිද...
Deleteසැහ් අර යකා බනිස් කාලා නිකං හිටල නේහ්..
ReplyDeleteකෙහෙල් ගෙඩිය වේලාසන කන්න ඇති සමහර විට...
Deleteසුපිරියටම ලියැවිලා තියෙනව සිරා අයියේ!
ReplyDeleteස්තූතියි නගා..
Deleteඅනේ මන්දා මේ කාලය කියන එක නවත්තලා දාන්න තිබ්බනම් හරි!
ReplyDeleteඅන්න ඩුඩ් අයියන්ඩි ලග මැෂිමක් තියනවා.
Deleteබොට යැංකි රටට ගිය වෙලාවෙ වත් ගැජට් එකක් හොයාගන්න බැරි උනාද...
Deleteබනිස් අතේ තිබුන නිසා හරිගියා. වැරදිලාවත් බනිස් කෑල්ලක් අතේ නොතිබුනානං?
ReplyDeleteඔයිට හපන් වැඩක් උනා අපේ පුල්ලියට..ඌ දවසක් වැස්සිගෙ දෙතොල් සිප ගන්නවා කවුදෝ එකෙක් දැකලා....පුල්ලියට පොඩි මිස් එකක් තිබුන නිසා අපි නම් පුදුම උනේ නෑ.
Deleteසි සි සි සිරා කොලුවාගේ ග ග ග ගමේ සෙට් එක නම් ම ම ම ම මරු .. අපේ ගමෙත් ඉන්නවා පොරක් බිව්වහම විතරක් ගොත ගහනවා. ඒක එසේ මෙසේ ගොතක් නෙමේ . සමහර වෙලාවට එකම අකුර විනාඩියක් විතර කියව කියව තටමනවා. .
ReplyDeleteමොකද උඹ ගොතගහන්නෙ..කාලක් ගැහුවද උදේම...මටත් ගොත ගැහෙනවා බං පදම උපරිම වැඩිඋනාම...
Deleteහික් හික්...
ReplyDeleteපොල් වත්තෙ පොල් ගස් වල හැප්පි හැප්පි කිරිකොට් ගහපු අපි නං වෙල් වලට බැස්සෙ ගොයං කපල වෙල වේළුනාට පස්සෙ ඒත් එල්ලෙ ගහන්ට විතරයි මොකද ඒ වගේ තැනක කිරිකොට් ගහන එක ටිකක් අමාරු හංද
මරු ඇ
හිහි
අපේ පොල් වත්තට අපි තවත් කණ්ඩායම් වලට ආරාධනා කලා මුදල් ඔට්ටු දාලා තරග කරන්න. අපේ උන් ගහන ඒවා පොල් ගස් අස්සෙන් ගානට යනවා. අනිත් උන් ගහන ඒවා ගස් වල වැදිලා පිතිකරුවා ලගටම එනවා..හැක් හැක්...
Deleteඑල ද බ්‍රා..
ReplyDeleteඅපේ ගැන්සියේ හිටපු සමහර එවුන්ගේ ඇත්ත හරි නම් අදටත් දන්නේ නෑ.
ගුල්ලා කිරියා පුංචා මගුරා
බොට ඒ කාලෙ කිව්ව නම මොකක්ද..
Deleteඅඩියා...
Deleteමම හැමදාම බෝතලේ අඩියේ ෂෝට් එක ඉල්ලලා වලි
අම්මට උඩු අඩියා.... කොහොමෙයි බන්... කොල්ල ෆුල් බිසී මේ දවස් වල...
Deleteසිරා කොළුවො,
ReplyDeleteමටත් උඹ මේව කියද්දී මගේ අතීතය මතක් උනා.
අපිටත් ක්‍රිකට් ගහන්න මේ ෆොටෝ එකේ තියෙනවා වගේම පොල් වත්තක් තිබුනා. ඒකෙදී හයක් හතරක් ගහනවා කියන එක පට්ට ගේමක්. දැන් ඒ ඉඩම කොටස් වෙලා.
දැන් වෙද්දී ගමේ ඉන්න පොඩි උන් ක්රිෙකට් ගහන්නේ නැහැ. උන් TV බලනවා හරි මැරීගෙන පන්ති යනවා හරි පාඩම් කරනවා හරි වෙන්න ඇති.
උන්ව මහ මිනිස්සු කාලකන්ණි බවට පත් කරනවා
ඒ ලඟම තිබ්බ හිස් ඉඩමක තමයි අපි වොලිබෝල් ගැහුවේ. සමහර දවස්වල ටීම් හයක් හතක ඉන්න දවසුත් තිබුනා. හැමතිස්සෙම දිනන ටීම් එක දිගටම සෙල්ලම් කරනවා.
ඊට පස්සේ හවස් උනාම පුෂ් බයිසි වලින් ගිහින් ගඟේ පැනල නානවා... රෑ වෙලා කැරම් ගහනවා, එක්කෝ දාම් අදිනවා...
හොරෙන් කුරුම්බා, රඹුටන්, අඹ කඩන්න යනවා...
නටපු පිස්සු වැඩ ටික මතක් වෙද්දීත් දුකයි...
මහ උන් පොඩි උන්ව කාලකන්නි කිරීමේ වරද අපිටත් කරන්ඩ වෙලා නේද ලොකූ? අපි කොච්චර එහෙම නිදහසක් වින්දට දැන් ලමයින්ව එලියට යවන්න බෑනෙ. ඉස්සර අපි ඉන්න තැනක් කවුරු හරි වැඩිහිටියෙක් ඇහැගහගෙන ඉන්නෙ. දැන් මේ ඉන්නෙ කාගෙ ලමයිද කියල ඇහුවොත් එක වැඩිහිටියෙක් දන්නෙ නෑ කියන්ඩ.
Deleteඉස්සර වැලගෙඩියක් බෑවොත් කෑ ගහල කියන්නෙ " වැල කන්න වරෝ '' කියල දැන් කෑගැහුවොත් 119 එකට කෝල් කරයි.
ඒක නම් ඇත්ත කම්මලේ.අපේ පුතා ශිෂ්‍යත්තේ ලියන්න ඉන්දැද්දි පන්ති යවන්න කියල අපේ නෑදෑයෝ සහ මිත්‍රයො දැඩි ලෙස කියද්දී මම යැව්වේ නැහැ.ඒකෙන් මට සෑහෙන්න දොස් අහන්න උනා.මම කිව්වේ තව අවුරුදු 2-3 ඔහේ ඉඩපුවාවේ.ඒ ටික කාලේ විතරයි උන්ට ළමා ලෝකයක් තියෙන්නෙ කරදර කරන්න එපා කියල.මට හෙන දෝස් මුරේ ගෙදරිනුත් ..ඒත් මම යැව්වේ නෑ බන්.කොල්ල විබාගේ පාස් උනේ නැහැ.එක ලකුණයි මදි උනේ..ඒත් අද උබ දන්නවද..49ක් ඉන්න පන්තියේ ඌ 2 වෙනියා.අර විබාග පාස් උන් ඔක්කොම පරාද කරලා.අනික හොද මතකයක් තියෙනවා.අදටත් මම කියල තියෙන්නෙ කොල්ලෝ එක්ක වේලට ගිහිල්ල සෙල්ලම් කරලා ඉදහන් කියල..
Deleteඅපේ නංගිගේ කොලුව ක්‍රිකට් ගහන්නේ ලැප් එකෙන්..මම දෙකක් දාලා නංගිටයි මස්සිනාටයි කුනුහරැපෙන් බැනලා ආවේ..
Deleteඇයි බං නිකන් හිතහන් මුගේ අනාගතය?
උඹේ අත්දැකීම් මගේ අත්දැකීම් එක්ක සමපාත වෙනවා ලොකු පුතේ. මගේ දරුවෙකුත් මේ අත්දැකීම් මේ විදියටම විඳිනවා දකින්න මම ආසයි. මම ඒ දේ කොහොම හරි කරනවා..ඔක්කොම බැරි නම් වැඩි ප්‍රමාණයක් හරි.
Deleteඅපිනම් දැනටත් අපේ කොළුවට ඌම බිම වට්ටව ගත්තු කෑම අහුලාගෙන කන්න, වැලි වලින් සෙල්ලම් කරන්න බේසමක වතුර පුරවලා සෙල්ලම් කරකර ඉන්න අවස්ථාව දෙනවා
Deleteසපත්තු නැතුව වැලි පොළවේ දුවන්න, වතුර වලවල් වල පනින්න. මේ ඔක්කොටම ඉඩ දෙනවා.
තව පොඩ්ඩක් ලොකු උනාම අපි පොඩි කාලේ කලා වගේ වැස්සේ නාන එකත් කරන්න දෙන්න ඕනේ, කුඹුරේ බැහැල මඩේ නටන එකටත් ඉඩ දෙන්න ඕනේ.
ඉගෙන ගන්න එකටත් බලකරන්නනම් කිසිම අදහසක් නැහැ. උපරිම නිදහස දීල ශේප් එකේ මොනිටර් පාරක් දාගෙන ඉන්න එක තමයි කරන්න හිතාගෙන ඉන්නෙ...
"හොරෙන් කුරුම්බා, රඹුටන්, අඹ කඩන්න යනවා..."
Deleteඅපිනම් හොරෙන් කෙසෙල් මලුත් කපලා තියෙනවා බන්... කාලා ලෙල්ල විසි කරන්නෙත් ඒ වත්තටමයි...
සිරාට වගේ කොහේද ගල්කිස්ස,රත්මලාන වගේ නාගරික පරිසර වල හැදුණු,වැදුණු අපිට හිතේ හැටියට සෙල්ලම් කරන්න ඉඩක් කඩක් තිබුණේ.අපි සෙල්ලම් කෙරුවේ පාරවල් වල.නෑවේ ගෙදර පයිපෙන්.වෙනසක් කියලා තිබ්බේ අනුරාධපුරේ අම්මලාගේ ගමේ ගියාම විතරයි.
ReplyDeleteනාගරික පැතිවල ඉතින් ගෙදර මිනියක් තියන්නවත් ඉඩ තියෙන එකක්යැ. ලබන ආත්මෙවත් ගමක ඉපදියං ගොයියො. ගමේ ජීවිතය සරළයි..ඒ වගේම පස්සෙ කාලෙක මතක් කරලා සතුටු වෙන්න පුුලුවන් අත්දැකීම් බහුලයි.
Deleteකෝ කට ඇරපන් සිරෝ ගල් ෂොට් එකක් වක් කරන්න...
Deleteපොඩි කාලෙ මතක් වෙද්දිත් සුන්දරයි. අපිත් ඉස්සර ක්‍රිකට් ගැහුවෙ පොල් වත්තක, කුඹුරු කපපු කාලෙට වෙලට බැහැල එල්ලෙ ගහනව. ඔයේ වතුර වැඩි කාලෙට දියේ ඔට්ටු තියනව, බල්ටි ගහනව පායන කාලෙට මතුවෙලා තියන වැල්ලෙ පිලිම අඹනව, මතුවෙලා තියන දර කොට ගොඩදානව , මාළු වලක් ඉහල කොහෙ හරි පුච්චන් කනව. ගංවතුර කාලෙට කෙහෙල් කොට ඔරු හදල වෙලේ පදිනව
ReplyDeleteහවස් වෙද්දි කොහෙ හරි ගෙදරක දාම් අදිනව නැත්නම් කැරම් ගහනව. අපේ වයසෙ කොල්ලො 10 යි එක කෙල්ලයි ගමේ හිටියෙ. O/L ඉවරවෙලා ,A/L පටන් ගන්නකම් කැලෑ වැදිල හිටියෙ. නම් දාපුවනම් තාමත් රෙගිස්ටරේ තියනව අපේ ඩබලක් හිටිය Mi 6 සහ Mi 7 කියල ඒ උන්දෙන්නගෙ බන්ඩක්ක කොටු දෙකේ තිබුන බන්ඩක්ක ප්‍රබේද දෙකේ නම් දෙක.
අතීතයට යන්න හරි ආසයි සිරෝ. හැබැයි දැන්නම් නාන මංකඩවල් වලින් නාන උන් නෑ . එකතු වෙලා සෙල්ලම් කරන පොඩි උනුත් නෑ.
අපි තමයි මචං ඒ ආතල් ගත්ත අන්තිම පරම්පරාව
Deleteකම්මල අයියත් එහෙනං ළමා කාලය හොඳ හැටි විඳලා තියෙන හැඩයි. අද කාලෙ දරුවන්ට කොහෙද මේ තරම් ලස්සන ළමා කාලයක්. අවුරුදු 3 න් සමහරු මොන්ටිසෝරි යනවා...ඊට පස්සෙ සිස්සත්තෙ , සා/පෙ, උ/පෙ, විශ්ව විද්‍යාලය, කඩයිම් කීයක්ද....අර දරුවට අහිමි වෙන ළමා කාලය ආයෙ කවදාවත් එන්නෙ නෑ නොවැ.
Deleteඇඩෝව්... අපිත් ඕවා කරා අරි....?
Deleteඑක තැනකට වෙලා අතීතෙ මතක් කරනකොට දැනෙන හැඟීම් පොදු හැඟීමක් බවට පත් කරගත්තු එක නම් 'සිරා' වැඩක් සිරො.. ජයවේවා..!!!
ReplyDeleteගමේ මතකයට හැමෝම කැමතියි...මතක් කරන්නත් ආසයි. නමුත් ගමට යන්න වර්තමාන තරගකාරී සමාජ ක්‍රමය ඉඩ දෙන්නෙ නෑ. බොටත් ජය !
Deleteඔය වගේම පොල්වත්තක තම අපේ ළමා යොවුන් කාල ගෙවුනේ රගර් පවා ගැහුවා ඔය පොල්වත්තේ
ReplyDeleteඅපිත් පිට්ටනියක් නැතුව හිටිය කාලෙ පාලු පොල් වත්තක සෙල්ලං කළා.ක්‍රිකට් වොලිබෝල් විතරක් නෙවෙයි කෙල්ලො කෝට් එකක් හදාගෙන නෙට්බෝලුත් ගැහුවා.අවුරුදු උත්සව පැවැත්තුවා.පස්සෙ අයිතිකාරයො පොල්වත්ත කඩල වෙන්කරගත්තා.ඊට පස්සෙ අපි වෙලට විසිවුනා.වෙලේ නොකරපු සෙල්ලමක් නෑ.වෙලේ වතුර වැඩිවෙද්දී පාරෙ සෙල්ලං කළා.
ReplyDeleteදැන් කොල්ලන්න නං කිසි කරදරයක් නෑ හොඳම පිට්ටනියක් තියෙනවා.නැත්තෙ සෙල්ලම.උන්ට ඒකෙ අගයක් නෑ.අගේ දන්නෙ පිට ගම්වල කොල්ලො.අපේ උන් පිට්ටනියක් තිබ්බෙ නැති අතීතෙ ගැන දන්නෙ නෑනෙ.
හුඟ කාලෙකින් මේ පැත්තෙ ආවෙ. අද තමා මගඇරුනු කලින් ලිපිත් කීපයක්ම කියෙව්වෙ.
ReplyDeleteසිරාල ලස්සන ගමකනේ ඉඳල තියෙන්නෙ. ආ .... ඔය ඇඟ මහන්සිකරල කරන ක්‍රීඩා කරන්න මගේ නම් ඒ හැටි මනාපයක් තිබුනෙ නෑ බං. ඒ උනාට ක්‍රිකට් සෙල්ලම් කරපු කාලයකුත් තිබුනා. යාළුවො එක්ක රණ්ඩු වුනා, බිම පෙරලගෙන ගුටි ඇනගත්තා. ඒත් ඊට පස්සෙන්ද ආයෙ එකට සෙල්ලම් කළා. තව කාලයක් තිබුනා, මම හිතන්නෙ අපි ඉස්කෝලෙ හතේ අටේ පන්තිවල හිටපු කාලෙ, අපි යාළුවො කීප දෙනෙක්ට බැඩ්මින්ටන් පිස්සුවක් තිබුනා තදටම. ඒ කාලෙ නම් නිවාඩු කාලවලට උදේ ඉඳන් හවස් වෙනකන් කාගෙ හරි ගෙදරක ඕක තමා කළේ. අපිට ඉතින් නාන්න ගඟක් තිබුනෙ නෑ. සමහරදාට හවසට මූදෙ පැනල නාලා ගෙදර එනව. ගෙදරින් කවුරු හරි නැතුව මූදෙ නාන්න යනවට නම් ගෙදරින් කැමැත්තක් නෑ. චූටි මාමගෙන් අනන්තවත් ගුටි කාලත් තියෙනව. දැන්නම් ඉතින් ඒව අතීතයම තමයි. මොකද කාගෙන්වත් තහනමක් නැතත්, ගෙදර ගේට්ටුවෙන් එළියට බැස්සම මූද පේන සයිස් උනත් මම දැන් අවුරුදු දෙකතුනකින් මූදෙ නාලා නෑ. ඒව මම හිතන්නෙ ඒ වයසට හිතෙන දේවල් වෙන්න ඕන. ඒ උනාට දැන් හවසට එළියට බැස්සහම ඒ වගේ ළමයි සෙල්ලම් කරනව පේන්නෙ නෑ, ළමයින්ට ඒව අවශ්‍ය නෑ වගේ, මගේ හිතේ වෙන විනෝදාංශ තියෙනව.
කවදද බO සිරො..... ලොකු දුව බඳින්නෙ....අපිටත් මගුළ කියපන්....
ReplyDeleteබ්‍රැන්ඩ් එක ගල්....
ගමක සුන්දර මතකය. හරිම ආසාවෙන් කියෙව්වෙ. අද කාලෙ මේව නෑ දරුවන්ට. ඒ ගැන ඇත්තෙ කණගාටුවක්. දැන් ඉන්න අම්මලා ලමයින්ට පරිසරය විඳින්න දෙන්නෙ නැති තරම්. කුණුගාගනියි, විෂබීජ, අනම් මනම්.
ReplyDeleteකාලෙකින් සිරෝ මේ පැත්තේ ආවේ... ලංකාවට යන්න ඉන්න නිසා සැහෙන්න කාර්‍යබහුලයි මේ දවස් වල... උඹ ඔහොම කතා කියනකොට මට මතක් වෙන්නේ අපේ ගමේ හිටපු එවුන් බන්.... ආපහු ඒ ආතල් නෑනේද කියලා මතක් වෙනකොට පොඩි දුකක් දැනෙනවා බන්...
ReplyDeleteඅපිත් ඉස්සර ක්‍රිකට් වලට අමතරව එල්ලේත් ගැහුවා. නමුත් ඒ හුඟාක් කලාතුරකින්. එල්ලේ ක්‍රීඩාව අභාවයට යන්න ගත්තේ සෑහෙන කාලෙකට ඉස්සර ඉඳලා.
ReplyDeleteසිරා ඒ දවස්වල ඩබල් බනිස් කන්නෙම නැද්ද?