ජාත්‍යන්තරයේ ප්‍රංශය හඳුන්වාදෙන සංඛේතය අයිෆල් කුළුණයි. ලොව පුරා බොහෝ දෙනෙක් මේ කුළුණ ගැන දනිති. යුනෙස්කෝ සංවිධානය විසින් මේ වන විට අයිෆල් කුළුණ ලෝක උරුමයක් ලෙස නම් කර තිබීමෙන්ම එහි ඇති වටිනාකම පිළිබඳ දළ අවබෝධයක් අපට ගන්නට හැකිය.
අයිෆල් කුළුණ තනා නිමකරන්නට පෙර මිනිසා විසින් නිමවූ ලොව උසම ඉඳිකිරීම වූයේ ඇමරිකා එක්සත් ජනපදයේ අගනුවර වන වොෂින්ටන් ඩී සී හි පිහිටි වොෂින්ටන් ස්මාරකයයි. 1887 ජනවාරි 27 ඉඳිකිරීම් ආරම්භ කොට 1889 මාර්තු 31 වන දින විවෘත කරන විට වොෂින්ටන් ස්මාරකය අභිබවා මුල්තැනට එන්නට අයිෆල් කුළුණ සමත් වී තිබුනි. මේ වාර්තාව වසර 31 ක්, එනම් 1930 වසර දක්වා අඛණ්ඩව රැක ගන්නට එය සමත් විය. එහෙත් 1930 වසරේදී ඇමරිකාව විසින් නිව්යෝර්ක් නගරයේ ඉඳිකල Chrysler ගොඩනැගිල්ල ලොව උසම ඉඳිකිරීමේ වාර්තාව නැවත ඇමරිකාව දෙසට ගන්නට සමත් විය. නමුත් 1957 දී අයිෆල් කුළුණ මත සවි කල ඇන්ටනාවත් සමග එහි උස Chrysler ගොඩනැගිල්ල අභිබවා ගියේය.
වොෂින්ටන් ස්මාරකය |
අයිෆල් කුළුණ ඒ මත පසුව සවිකල ඇන්ටනාවද සමග අඩි 1063 ක් හෙවත් මීටර් 324 ක් උසැතිය. එය වර්තමානයේත් ප්‍රංශය තුල උසින් දෙවැනි තැනට ඇති මිනිස් ඉඳිකිරීමයි. ප්‍රංශය තුල වර්තමානයේ පළමු ස්ථානය Millau Viaduct නැමති පාලම විසින් දිනාගෙන තිබේ. එහි උස මීටර් 343 කි.
Millau Viaduct |
අයිෆල් කුළුණේ නිර්මාතෘ වරයා හෙවත් සැලසුම්කරුවා ලෙස බොහෝ අය විසින් හඳුන්වන්නේ Gustave Eiffel නැමති ඉංජිනේරුවරයා උවත් සැබෑ ලෙසම මෙහි මූලික සැලැස්ම 1884 මැයි මාසයේ දී සිය නිවසේ සිට ඇඳ තිිබෙන්නේ Maurice Koechlin නැමති ඉංජිනේරුවෙකු විසිනි.
Gustave Eiffel |
Maurice Koechlin |
අයිෆල් කුළුණ සැළසුම් කිරීමේ ඉංජිනේරු සමාගමේ සිටි ජේෂ්ඨ ඉංජිනේරුවෙකු වූ Maurice Koechlin මෙයට සමගාමීව තවත් සැලසුමක නිරතව සිට ඇත. සුප්‍රසිද්ධ ප්‍රංශ විප්ලවයේ සිය වන සංවත්සරයට සමගාමීව පැවැත්වූ Exposition Universelle නැමති ප්‍රදර්ශනයේ ඉඳිකිරීම් මේ සමාගමට පැවරී තිබු අතර අයිෆල් කුළුණද මේ ප්‍රදර්ශනය වෙනුවෙන් ඉඳිවූවකි.
Statue of Liberty |
Maurice Koechlin විසින් අඳින ලද මුලික සැලසුම එක් වරම Gustave Eiffel විසින් අනුමත කලේ නැත. Maurice Koechlin හා තවත් ඉංජිනේරුවෙකු වූ Emile Nouguier යන දෙදෙනා ඔවුන්ගේ සමාගමේ සැළසුම් අංශය බාරව සිටි ප්‍රධානියා වූ Stephen Sauvestre ගෙන් මේ සැලසුම තවත් විසිතුරු කර දෙන ලෙස ඉල්ලා සිටියහ.
අංශ ප්‍රධානියාගේ දායකත්වයෙන් පාදමේ සිටම එයට විවිධ කොටස් අළුතින් එක්වූ අතර ඒ අතරට පළමු මහලේ ඉඳිකරන වීදුරු මණ්ඩපයක්ද විය. මේ ඉංජිනේරුවරුන් තිදෙනා විසින් මේ සැලසුමට පේටන්ට් අයිතිය ලබාගෙන එය නැවත වතාවක් Gustave Eiffel වෙත ඉදිරිපත් කොට තිබේ. ඒ අවස්ථාවේ එම සැලසුම ඔහුගේ සිත් ගත් නිසා පේටන්ට් අයිතිය ඔහුවෙත ලබාගෙන අයිෆල් කුළුණේ ඉඳිකිරීම් ආරම්භය පිණිස අදාළ රජයේ අංශ වෙතින් අවසර ගන්නට මේ සැලසුම ඉදිරිපත් කොට ඇත.
ඉඳිකිරීම් ආරම්භ කරන්නට තවත් කාලයක් ගත විය. කාර්මික යුගයේ පිබිදීම මෙන්ම 1789 දී සිදු වූ ප්‍රංශ විප්ලවයේ සැමරුමක් ලෙසත් මේ නිර්මාණය ඉඳිකිරීම පිණිස 1885 දී Gustave Eiffel විසින් මේ සැළසුම Société des Ingiénieurs Civils නැමති ආයතනයට ඉඳිරිපත් කළේය.
සැලසුම සම්මත වන්නට තවත් වසර දෙකකට වඩා කාලයක් ගත විය. ඒ අතර තුර කාලයේ රජය තුලද වෙනස්කම් සිදු විය. Gustave Eiffel මුල සිටම අවසර ගැනීමේ කටයුත්ත නැවතත් ඇරඹුවේය. 1886 දී එය රජයේ නියෝජිත මණ්ඩලයක අවධානයට ලක් වූ අතර මෙයට සමගාමීව ඉදිරිපත් වූ වෙනත් සැළසුම්ද සළකා බලන ලදී.
අවසානයේ අනෙකුත් අය ඉඳිරිපත් කල සැලසුම් අතරින් Gustave Eiffel විසින් ඉඳිරිපත් කල සැලසුම ඉඳිකිරීම් සඳහා තෝරාපත් විය. එය ප්‍රායෝගිකව ඉඳිකල හැකි එකක් වීම, සැලසුම අංගසම්පූර්ණව ඇඳ තිබීම, ආදී කාරණා එම තීරණයට ඉවහල් වී තිබේ.
Gustave Eiffel ඉංජිනේරුවරයා විසින් ඉඳිකිරීමට අදාළ ගිවිසුම සමාගම වෙනුවෙන් නොව පුද්ගලිකව අත්සන් කර තිබේ. පොදු ජනතාවගේ ආධාර කුළුණ ඉඳිකිරීමට වැය වන සමස්ත වියදමෙන් 1/4 කට පමණක් ප්‍රමාණවත් විය. Exposition Universelle ප්‍රදර්ශනය පැවැත්වෙන කාල සීමාවේදී මෙන්ම ඉන් පසුව 20 වසරක කාලයක් දක්වා කුමන හෝ අන්දමක වාණිජ ක්‍රියාවලියකට කුළුණ යටත් කිරීමෙන් ලැබෙන සියළු ආදායම් Gustave Eiffel හට හිමි වන ප්‍රකාරව ගිවිසුම සකස් විය.
Gustave Eiffel විසින් කුළුණේ මෙහෙයුම් කටයුතු සහ එයින් ලැබෙන ආදායම කළමණාකරණය පිණිස අලුත් සමාගමක් පිහිටුවන ලදී. මේ නව සමාගමේ ප්‍රාග්ධනයෙන් අඩක් ඔහු විසින් යොදා තිබේ. සැබැවින්ම මෙය ස්මාරකයකට එහා ගිය ආයෝජනයකි.
කුළුණේ අවසාන සැලසුම අනුමත වන තැන දක්වා මේ ඉඳිකිරීම උදෙසා සැලසුම් සම්පාදනය කල ආයතන විසින් සාමාන්‍ය සැලසුම් 1700 ක් සහ විස්තරාත්මක සැලසුම් 3629 ක් ඉදිරිපත් කොට තිබේ. එය සමස්තයක් ලෙස කඩදාසි කොළ 18038 කි. මේ සියලුම දෑ අතින් අදින ලද ඒවායි. ඒ නිසාම කාර්මික යුගයේ කඳිම සංඛේතයක් ලෙස අයිෆල් කුළුණ හැඳින්වීම හැම අතින්ම සාධාරණය.
1887 ජනවාරියේදී කුළුණ ඉඳිකරන භූමිය තීරණය කල පසු ඉඳිකිරීම් ඇරඹිනි. අතිශයින් බැරෑරුම් කොන්ක්‍රීට් හා හුණුගල් පාදමක් යෙදීම පළමු කාර්යය විය. කුළුණේ ඉඳිකිරීම් මොඩියුල ක්‍රමයට සිදුකරන්නට යෝජනා වී තිබුනි. එහි සමහර කොටස් නිම කලේ කුළුණ ඉඳිකරන භූමියට පාරිභාහිර වෙනත් තැන් වලයි. ඒවා නිමකල පසු ප්‍රධාන කුළුණ සමග එකලස් කරන්නට අශ්වයින් යෙදූ කරත්ත ආධාරයෙන් ඉඳිකිරීම් සිදුකරන භූමියට රැගෙන එන්නට නියමිත විය. මොඩියුලර් ක්‍රමයට නිමකරන ගොඩනැගිලි ඉඳිකිරීම බහුල වූයේ මෑතක සිටයි. අදින් වසර 100 කටත් එහා අතීතයකදී එම ක්‍රමය අනුගමනය කර තිබීමම අයිෆල් කුළුණේ විශිෂ්ඨත්වය අපට කියයි.
කුළුණ ඉඳිකරන්නට ප්‍රථම භූමිය |
ඉඳිකිරීම් අතරතුර |
අයිෆල් කුළුණේ මූලික සැලසුම් කරුවා වූ Maurice Koechlin එහි ඉඳිකිරීම් සඳහා ඉතාම උද්යෝගයෙන් සහභාගි වී සිටියේය. කාර්මික යුගයේදී ගොඩනැගිලි සැලසුම්කරුවන් හා ඉංජිනේරුවන් අතර ගෘහ නිර්මාණ ශිල්පයේදී විවිධ කඹ ඇඳීම් තිබුනි. අයිෆල් කුළුණේ ඉඳිකිරීම් සිදුකෙරීගෙන යන අතරතුර සමහර සැලසුම් කරුවන් මෙම කුළුණ ඉඳිකිරීමේ වැඩි ගෞරවය ඉංජිනේරුවන් හට හිමිවී තිබෙන බවත්, සැලසුම් කරුවන්ටද නිසි ගෞරවය ලැබිය යුතු බවට අයිතිවාසිකම් ඉදිරිපත් කලහ.
Gustave Eiffel මේ මහා නිර්මාණය ඊජිප්තුවේ පිරමීඩ සමග සංසන්ධනය කලේය. එය සැබැවින්ම ඒ කාලයේ හැටියට ගැලපෙන සංසන්ධනයකි. ඒ වන විටත් පිරමීඩ මිනිසා විසින් ඉඳිකල විශාල ඉඳිකිරීම් ලෙස වැජඹෙමින් තිබුනි. ඔහු විවේචන කිසිවක් කනකට ගත්තේ නැත. ව්‍යාපෘතිය අනුමත කරගත්තායින් පසු එල්ලවන විවේචනයන්හි ගත යුත්තක් නැති බව ඔහුගේ අදහස වන්නට ඇත. සැලසුම්කරුවන්, ඉංජිනේරුවන් මෙන්ම සාමාන්‍ය ජනතාවද දිනෙන් දින ඉහළට නැගෙන කුළුණ දෙස මහත් ප්‍රබෝධයකින් බලා සිටියහ.
අයිෆල් කුළුණ විවෘත කල දින විදුලි බල්බයන්ගෙන් සැරසී |
අයිෆල් කුළුණේ වැඩ නිමවීමෙන් පසු එයට සමස්ත ලෝකයේම අවධානය ලැබුනි. පළමු ලෝක යුද්ධයෙන් පසු 1925 වසර වන විට අයිෆල් කුළුණ ගරා වැටෙන තැනට පැමිණ තිබුනි. එය මළකඩ කා තිබූ අතර නඩත්තුවට අති විශාල මුදලක් අවශ්‍ය විය.
මේ කාරණය වර්තමානයේ නම් ඇදහිය නොහැකි කාරණයක් ලෙස පෙනුනත් එය 1925 දී එසේ නොවීය. 1889 දී පැරීසියේ පැවති Exposition Universelle නැමති ප්‍රදර්ශනය වෙනුවෙන් ඉඳිකල මේ කුළුණ වසර 20 කට පසු 1909 දී එතැනින් ඉවත් කරන්නට මුලින් සැලසුම් වී තිබුනි. 1925 වන විට අයිෆල් කුළුණ නගරයේ වෙනත් ස්මාරක වූ Gothic cathedrals හෝ Arc de Triomphe තරම් විරාජමානව පෙනුනේ නැත. එය පැවතියේ සැබැවින්ම ඉතාම දුර්වල තත්වයකය.
කුලියට ගන්නා ලද ලිමොසින් රථයක නැගී Victor Lustig ව්‍යාපාරිකයන් සමග අයිෆල් කුළුණ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. ව්‍යාපාරිකයන් 6 දෙනා අතරින් මේ කාර්යය උදෙසා වඩාත් උද්යෝගය සහිත පුද්ගලයා තෝරා ගැනීම ඔහුගේ අභිප්‍රාය විය. අද දින විමර්ශයෙන් පසු පසුවදා කුළුණ සඳහා ලන්සු තබන්නට ව්‍යාපාරිකයන්ට නියම විය. මෙය රාජ්‍ය රහසක් නිසා කිසිවෙකුත් සමග මේ කාරණය පැවසීමෙන් වළකින ලෙසටද ඔවුනට නියම විය.
අවසානයේ Andre Poisson නැමති ව්‍යාපාරිකයාගේ ලන්සුව Lustig විසින් භාරගත්තේය. Poisson පැරීසිය තුල එතරම් ස්ථාවර ව්‍යාපාරිකයෙකු නොවුන නිසා මේ ගණුදෙනුවෙන් පසු ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ස්ථාවර වන්නට හැකි වෙතැයි ඔහු සිතුවේය.
නමුත් Poisson ගේ භාර්යාවට ඔහුට වඩා මොළය තිබුනි. මේ සැක සහිත නිළධාරියා කවුද ? සියලුම කටයුතු රහසිගතව ඉතාම ඉක්මනින් කරන්නේ ඇයි ? ඇය සිය සැමියාගෙන් ප්‍රශ්න කළාය.
Victor Lustig තවත් රැස්වීමක් කැඳවූවේය. එහිදී තමා රජයේ ඇමතිවරයෙකු බවත්, තමාගේ එදිනෙදා කටයුතු වල වියදම් පියවාගැනීම පිණිස අයිෆල් කුළුණ විකුණන බවත් පැවසීය. Poisson නැමති ව්‍යාපාරිකයා තමා දූෂිත රජයේ ඇමතියෙකු සමග කටයුතු කරන බව වැටහීම නිසා ඔහුගේ බිරිඳ මතුකල සැක සංකා තුරන් වී ගණුදෙනුවට අදාළ මුදල Victor Lustig හට ගෙවීය. මුදල් පිරවූ සූට්කේසයක් සමග හෙතෙම තම පුද්ගලික ලේකම් වරයාද සමග වියානාවට දුම්රියෙන් පැනගිය අතර මේ මහා වංචාවට හසුවූ Poisson ව්‍යාපාරික තැන පොලිසියට පැමිණිලි කලේය.
අයිෆල් කුළුණ දෙවරක් විකුණන්නට තැත් කල මහා චෞරයා Victor Lustig |
Victor Lustig මාසයකට පසු නැවතත් පැරීසියට පැමිණ දෙවන වතාවටත් අයිෆල් කුළුණ විකුණන්නට තවත් ව්‍යාපාරිකයන් පිරිසක් සමග සාකච්ඡා කල අතර එහිදී ඉදිරිපත් කල ලියවිලි අනුව ඇතිවූ සැකයක් මත ව්‍යාපාරිකයෙකු විසින් පොලිසියට පැමිණිලි කලද පොලිසියෙන් මිදී පලායන්නට Victor Lustig අවසානයේ සමත් විය. දෙවරක්ම අයිෆල් කුළුණ විකුණන්නට උත්සාහ කල වංචාකරුවා ලෙස Victor Lustig නාමය ඉතිහාසයට එකතු විය.
කුළුණේ ඉඳිකිරීම් අරඹන්නට පළමුව අත්සන් කළ ගිවිසුමට අනුව එය විවෘත කිරීමෙන් වසර 20 කට පසු ඉවත් කල යුතු විය. ඒ කාරිය පහසු කරන්නට කොටසින් කොටස ගැලවිය හැකි නිසා මොඩියුල ක්‍රමය මේ සඳහා භාවිතා කළ බව ඉහතදී අනාවරණය කළෙමි. වසර 20 කට පසු කුළුණේ අයිතිය Gustave Eiffel විසින් පැරිස් නගරය වෙත පවරන ලදී. එයින් පසු ක්‍රම ක්‍රමයෙන් මළ බැදී විනාශ මුඛයට යමින් තිබූ අයිෆල් කුළුණ දෙවන ලෝක සමයේදී පැරීසිය හරහා ජර්මන් හමුදාව ගමන් කරනා විට විනාශ කර දමන ලෙස හිට්ලර් විසින් තම ජෙනරාල් වරයෙකු වෙත නියෝග කලද ඔහු ඒ නියෝගයට අවනත නොවීමේ ප්‍රතිඵලයක් ලෙස වර්තමානයේත් එය ධෛර්යවන්තව නැගී සිටියි.
කුළුනේ ඉහළම මාලයේ සිට පෙනෙන පැරිස් නගරයේ දසුන |
1980 වන විට අයිෆල් කුළුණ දැඩි අවධානම් සහගත තත්වයකට පත් වී තිබුනි. 1889 දී කුළුණේ වැඩ නිමවන අවස්ථාව වන විට මෙහි සමස්ත බර ටොන් 9700 ක් පමණ විය. නමුත් වරින් වර කොන්ක්‍රීට් යොදමින් කුළුණ මත සිදු කල වෙනස් කම් සහ කුළුණ මුදුනේ සවිකල ඇන්ටනා ආදියෙහි බරත් සමග ටොන් 1300 ක් පමණ අලුතින් කුළුණට එකතු වී තිබුනි. ඒ වන විට පැරණි සෝපාන කඩමළු බවට පත් වී තිබුනි.
කුළුණේ පරිපාලනය මෙවැනි තත්වයක් යටතේ නව සමාගමක් යටතට පැවරිනි. 1980 - 1983 කාල සමයේ ඇමරිකානු ඩොලර් මිලියන 38 ක් වියදම් කරමින් කුළුණ මුළුමනින්ම අළුත් වැඩියා කෙරිනි. අමතර බරින් බොහෝ කොටසක් ඉවත් විය. පැරණි පියගැටපෙලේ සමහර කොටස් අලුතින් සවි වූ අතර ඉවත් කල කොටස් ප්‍රසිද්ධයේ වෙන්දේසි කෙරිණි. නවතම සෝපාන සවිවිය. අලුතින්ම ආලේප කරන ලද තීන්ත වල පමණක් ටොන් 5 ක බරක් අඩංගුය.
වර්තමානය වන විට අයිෆල් කුළුණ කදිම සංචාරක ආකර්ෂණයක් සහිත ස්ථානයකි. වසරකට ලක්ෂ 45 කට අධික ජනතාවක් එය නරඹති. ඒ ඔස්සේ ලැබෙන්නේ අතිවිශාල ධනස්කන්දයකි. මේ ආදායමට පින් සිදු වන්නට පසු කලෙකදි ආපනශාලා 3 ක් කුළුණ මුදුනේ ස්ථාපනය විය. ඒ අතර ඇති Jules Verne අවන් හල සුවිශේෂ වෙයි. එහි වෙන්කිරීමක් කරන්නට මාස 3 කින් මෙහා හැකියාවක් නැත. තැපැල් කාර්යාලයක්, ශ්‍රවණාගාරයක්, සිහිවටන අළෙවිසැලක් මෙන්ම මුදල් මාරුකිරීමේ මධ්‍යස්ථානයක්ද කුළුණ මුදුනේ ස්ථාපනය කොට තිබේ.
ප.ලි
අයිෆල් කුළුණ පිළිබඳ විස්තරාත්මක ලිපියක් මෙතැනින්
බොහොම හොඳයි සිරා. දැනුම වඩවන රසවත් ලිපියක්.
ReplyDeleteමට මතක්වුනා ප්‍රවීණ චිත්‍රකතා ශිල්පී දයා රාජපක්ෂ මහතාගේ විකට චිත්‍ර කතාවක්. එක්තරා තරුණියක් විවාහවී මධුසමය ගතකරන්න යනවා කඩුගන්නාවට. ඇයව කලින් විවාහ කරගන්න සිටි පුද්ගලයා ඇයට කියා තිබෙනවා මධුසමය සඳහා ඇයව පැරිස් නුවරට කැටුව යන බව. නමුත් ඒ සම්බන්ධතාව කැඩී ගොහින්.
ඉතිං එදා රෑ අර තරුණිය තමන්ගේ මනමාලයාට කියනවා, ඔයා වගේ නෙවෙයි අරයා මට පොරොන්දු වෙලා හිටියේ හනිමූන් එකට මාව පැරිස් වලට අරන් යනවා කියලා. නමුත් ඔයා එක්ක මට එන්න වුනේ කඩුගන්නාවටනේ කියලා.
මනමාලයා කියනවා ගණන් ගන්න එපා අනේ. අයිපල් කුලුනට වඩා ඩෝසන් කුලුන පොඩ්ඩයි කොට කියලා.
+++++++++++++
Deleteමේං අයිපල් කුලුන කියල පෙන්නුව නං ඉවරයිනෙ!
Deleteඑල ද බ්‍රා පොරක්
Deleteවිචාරක තුමාගෙ කථාවත් මරු. හැබෑට ඉතිං ඩෝසන් කුළුණ ඊට වඩා අඟල් ගානක් වගේ මිටි ඇති. ඔය රාජ් කියන විදියට තමයි මිනිහට උත්තර දෙන්න තිබුනෙ.
Deleteමහන්සි වෙලා ලියපු ලිපියක්.. මගේ සිත් ගත්තෙම අර කුළුණ ඉදිවෙන අතර වාරයේ ගත්ත ඡායාරූප ටික.. මොකද මම කලින් ඒ ටික දැකලා තිබුනේ නෑ..
ReplyDeleteබොලා ඉතිං මේ රටට ආසන්න රටේ ඉන්න හාදයා වෙච්චි කොට මේ කුළුණ දැකලා ඇති කියලයි මගේ විශ්වාසය. මේ ලිපියට ඡායාරූප හොයනකොට තමයි මමත් ඉස්සෙල්ලාම ඒවා දැක්කෙ.
Deleteහොඳ ලිපියක්
ReplyDeleteස්තූතියි...
Deleteගොඩාක් විස්තරාත්මක වටිනා සටහනක්. බොහොමයක් කරුණු මා දැන සිටියේ නෑ. ස්තූතියි! වටිනා විස්තරයට මල්ලී.
ReplyDeleteස්තූතියි චන්දි අක්කා. මමත් ගොඩාක් දේ පිළිබඳ දැනුවත් වෙන්නෙ කියවීමෙන්. ඉතින් එයින් යමක් අනිත් අයටත් බෙදා දෙන්නයි මේ වෑයම.
Deleteපට්ට විස්තර ටික සිරා... මාතෘකාව දකිද්දිම මට මතක් වුනේ වික්ටර් ලුස්ටිග්. පොර ගැන මුතුහරක ලිපියක් තිබුණා. වෙලාවක දාන්නං.
ReplyDeleteමම නම් ලුස්ටිග් ගැන හාපුරා කියලා දැනගත්තෙ මේ ලිපිය ලියන අතරෙදි තමයි ඔන්න. කම්බා හොරු කියන්නෙ මේ වගේ අයට වෙන්න ඕනෙ.
Deleteහොඳ ලිපියක්. ස්තුතියි සිරා !
ReplyDelete(සංඛේතය නෙවෙයි සංකේතය නේද ?? )
සංඛේතය යනුවෙන් තමයි මම දැක තියෙන්නෙ බොහෝ තැන් වල සිංහල පිළිබඳ දැනුමැත්තෙකුගෙන් අසා බලන්නම්.
Deleteනිවැරදි වචනය සංකේතය
Deleteඅයිෆල් දැකල තියෙන්නෙ ගූගල් ගෝලෙන්. මරුවට බලන්න පුළුවන්.
ReplyDeleteමමත් උත්සාහ කරලා බලන්නම් ඒ විදියට.
Deleteදවසක මේ විස්තර පොඩි මෙන්ඩාට කියලා දෙනවා..
ReplyDeleteසරලව පැහැදිලිව ලියලා
එල ද බ්‍රා
බ්‍රෑන්ඩ් එක ගල්
හැමදාම වගේ සිරා කොලුවට පොඩි තල්ලුවක් දාලා යන්න එනවට මෙන්ඩයියට මගේ ආදර ස්තූතිය.
Deleteඑක්තරා වැඩමුළුවකදී ඉංජිනේරුවෙකු වන Koechlin ගේ සැලසුම ඇයි වෙනත් ඉංජිනේරුවෙකු වූ Gustave Eiffel ට කියාවට නංවන්න උනේ කියලා අචාර්ය වරයෙක් බොහොම පැහැදිලිව විස්තර කරා....
ReplyDeleteඒ තමයි කෙනෙක්ට සිහින සැබෑකරගැනීමට තිබෙන අධිෂ්ඨානයේ හෙවත් හැකියාවේ තරම..... Koechlin ට වඩා ඒ අතින් ගව ගානක් ඉදිරියෙන් ඉඳලා තෙයෙන්නෙ Gustave Eiffel.
ඉදිකිරිමකදී ලෝකයේමේ වනතෙක් විවේචන වැඩියෙන්ම එල්ල උන නිර්මාණය වෙන්නෙත් ඔය අයිෆල් කුලුනම තමයි...... තවත් ඉංජිනේරු සමාගමක් අයිෆල් කුලුන විවුර්ත කරන දා තමන්ගේ ව්‍යාපාරික කටයුතු නවතා දැමුවේ එහි අයිතිකරු මුලසිටම ප්‍රකාශ කලේ මේය සැබෑවක් උනොත් තමන් ආයතනය වහනවයි කි කතාව නිසාමයි
මැලේ රාළ ගොයියගෙ කමෙන්ටුවට මගේ බලවත් මෙව්වා එක. ඉතාම වටිනා තොරතුරු රාශියක් මෙතන තියෙනවා. ඇත්ත වශයෙන්ම සැලසුමට දායක නොවුනත් ඒ සැලසුම යථාර්ථයක් කරන එක කොච්චර අපහසු වැඩක්ද කියලා මට හිතාගන්න පුලුවන්. අරමුදල් සම්පාදනය / පිරිස් බලය / වැටුප් ගෙවීම කොපමණ දේ තියෙනවද කරන්න. 1889 වගේ ඈත අතීතයේදිත් වසර 2 ක් තුල මේ වගේ දැවැන්ත නිර්මාණයක් කලා කියන්නෙ වර්තමානයේ තියෙන තාක්ෂණයත් එක්ක ඒ ඇත්තන්ට බාර දුන්නා නම් මාස 3 න් වැඩ නිමකරයි කියලා මට හිතෙනවා. බොලා දන්න තව කාරණා තියෙනවා නම් මෙතනට එකතු කොලා නම් හොඳා.
Deleteවටිනා ලිපියක් සිරා. අයිෆල් කුළුණ විකුනන්න හදපු හොරාගෙ කතාව ගොඩක් ඉස්සර කියවල තිබුන. ඔය ජාතියේ හොරු ලංකාවෙ ඕනෙ තරම් ඉන්නව කියල මතක් උනේ මේ පෝස්ට් එක බලද්දි.
ReplyDeleteදෙවන ලෝක යුද්දෙ කාලෙ දුර්ලබ ෆොටෝ ටිකක් මා ලග තියන්ව, ඒ ගැන ලියන්න කැමති කෙනෙකුට ෆොටෝ ටික දෙන්න පුළුවන්.
අදහසට ස්තූතියි අයියෙ. අයිෆල් විකුණන්න හදපු කථාව මම නම් පළමු වතාවට තමයි ඇහුවෙ. මේ වගේ හොරුන්ට කියන්න නමක් තියෙනවද කියලා මම බැලුවෙ. ඇස්කිමෝවරුන්ට ශීතකරණ විකුණන්න පුලුවන් ඩයල් එකක් තමයි මිනිහා.
Deleteදුර්ලභ ෆොටෝ වලින් ප්‍රයෝජනයක් ගන්න කෙනෙක් හමුඋනොත් කියන්නම්.
සිරා උඹ දන්න දේවල්.. කොහොමත් මේක කියෙව්වාට පස්සේ අායේ බ්ලොග් බලන්න වෙන්නෑ... අැයි ඩෙටා ඉවරයි උඹේ රූප බලලාම
ReplyDeleteමම දන්න දේවල් නෙමෙයි බොලං..ජාලෙන් පෙරලලා ගෙනාපු දේවල්. මම ඉතිං වැඩිපුර යමක් බෙදන්න කැමති මිනිහා නොවැ.
Deleteගොඩක් හොඳ ලිපියක් සිරා...
ReplyDeleteමම ටික කාලෙකට කළින් පත්තරේ තිබිල කියෙව්වා අයිපල් කුළුන හොරෙන් විකුණපු කේස් එක ගැන,
ඌටත් වඩා හොඳ හොරෙක් විදිහට තමයි මට Gustave Eiffel කියන එකාව පේන්නේ.
ඌ ඩිසයින් නොකරපු එකක් උගේ නමින් පේටන්ට් එක අරගෙන උගේ නම දාගෙන ඒකෙන් එන සල්ලිත් ගත්ත එක අවුල් නැද්ද.
ඉස්සර ඔය ප්‍රසිද්ධ බුවාලා ගොඩ දෙනෙක් එහෙම කලා කියල මම අහල තියෙනවා
අයින්ස්ටයින් පවා..
අපේ කැම්පස් එකෙත් හිටියා ඒ වගේ සද්භාවයෙන් කටයුතු කරපු ලෙචාලා...
ඇත්තටම මේක ඩිසයින් කරපු බුවා උනන්දුවෙන් ඒකෙ වැඩ කලා කියන එකෙන්ම තේරෙනවා නේද ඌ මොන තරම් සිරා පොරක්ද කියල
සරළව හිතපං ලොකු පුතා පාපන්දු තරගයක දන්න වැඩ කිඩ දාලා ප්‍රතිවිරුද්ධ ගෝලය ආසන්නයට කට්ට කාගෙන බෝලෙ අරගෙන එන ක්‍රීඩකයා නෙමෙයිනෙ ගෝලය වාර්තා කරන්නෙ. අන්න ඒ වගේ Gustave Eiffel ට තිබුන හැකියාවෙන් ප්‍රයෝජන ගත්තා කියලයි මට හිතෙන්නෙ. මේ වගේ දැවැන්ත ඉඳිකිරීමක පළමු චරිතය වෙනවා කියන්නෙ මොන තරම් වගකීමක්ද.
Deleteඉංග්‍රීසි ලිපිය තුලත් මේ සැලසුම සිදුකරලා මේ කාර්යයට සහාය දුන්න ඉංජිනේරුවා ගැන ප්‍රශංසා මුඛයෙන් කථා කරලා තිබුනා. ඒ කාලෙ බොහෝ අය මේ විදියට සහයෝගය දුන්නෙ නෑලු.
ගොඩක් වෙලාවට කුළුණෙ බරයි,ඇණ ගානයි තියන විස්තර දැකල තියෙනවා.නමුත් සංකල්ප කරුවන්,සැලසුම්,ඉදිකිරීම්,වැදගත් සිද්ධීන් ආදිය ඇතුලත් සමබර ලිපියක්.වටිනා ලිපියක්..
ReplyDeleteජයවේවා..!!
බොලාගෙ අදහසට ස්තූතියි ගස් ලබ්බො. මට තවම ඒ ඉසව්වට එන්න වෙලාවක් ලැබුනෙ නෑ. ලගදීම ලබු පලුවක් කාලා යන්න එන්නං.
Deleteහොඳ ලිපියක් සිරා. ඔය ප්‍රන්සෙ දැනට තියෙන උස්ම ඉදිකිරීම වෙච්චි Millau Viaduct පාළමේ කුළුණු සම්බන්ධවෙලා තීන්නෙ යකඩින් හැදුනු සැකිල්ලකින්. පාර තියෙන්නෙ ඒ සැකිල්ල උඩ. අන්න ඒ යකඩ වැඩෙත් කරේ ඔය සියවසකට වඩා පරණ අයිෆල්ගෙ Eiffage සමාගමම තමා අන්තිමට.
ReplyDeleteඅයිෆල් ලොක්කගෙ තවත් ජනප්‍රිය ඉදිකිරීමක් තමා බුඩාපෙස් රේල්වෙ ස්ටේෂන් එක.
ලොකු අයියත් ඉතිං ඉඳිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ රැකියාවක නිරත වෙන නිසා මේ කාරණා ගැන හොඳ අවබෝධයක් තියෙන බව මම දන්නවා. අයිෆල්ගෙ සමාගම යකඩ වැඩ කිඩ පිළිබඳ වසර 100 කට වැඩි අත්දැකීම් තියෙන නිසා විශ්මකර්ම නිර්මාණ කල හැකි මට්ටමේ ඇති.
Deleteබුඩාපේස්ට් ඉස්ටේසුම දවසක දකින්න ලැබේවි මට සියැසින්. මගේ හොද මිත්තරයෙක් ඉන්නවා හංගේරියානු සුද්දෙක්.
තොරතුරුත් පිංතූරත් ඉතාම වටිනවා. බොහොම ස්තූත්‍යි.
ReplyDeleteමේ පැත්තට ඇවිල්ලා ගියාට ස්තූතියි ඔබටත්..
Deleteහුඟක් ස්තූතියි බොහොම වටින ලිපියක්.
ReplyDeleteස්තූතියි නගෝ..
Deleteවටින ඉදිරිපත් කිරීමක් සිරා. මාත් මේ වෙනකල් අර පරණ ෆොටෝ ටික දැකල තිබුණෙ නෑ.
ReplyDeleteදැන්නං මේ රටෙත් ඉන්න යකඩ හොරුන්ගෙ හැටියට ඕක හොරට විකුණනවයි කියන එකනං ගණං ගන්න ඕන දෙයක් නෙමෙයි.
ඒවා මමත් කලින් දැකලා නෑ. ලිපියට ඡායාරූප හොයනකොට තමයි මමත් මුලින්ම දැක්කෙ. දුවන්න පුලුවන් කෝච්චි පෙට්ටිත් යකඩ වලට කපපු ඉතිහාසයක් අපේ රටට තියෙනවා නේද.
Deleteඅයිපල් කුලන විකුනපු ඒකා ලංකාවේ ඉදලා මැලේසියාවට ගිය ගම්පහ පැත්තේ ස්කුටරයක් තිබුන පොරක් වෙන්න බැරිද?
ReplyDeleteමැලේ රාළයට ස්කූටරයක් නෑනෙ.
Deleteහැක් හැක්..ඔය කොරල තියෙන්නෙ...
Deleteහැබැයි ලංකාවේ ඉඩම් බ්‍රෝකර් කෙනෙකුට අහුවුනානම් අයිපල් කුලුන මෙලහකට පස් පාරක්වත් විකුනලා . මේ ඉදිකිරීම් සම්බන්ධ පින්තුරනම් බොහොම වටිනා දුර්ලභ පින්තුර ටිකක් , ස්තුතියි සිරා
ReplyDeleteහැක් හැක්...අත ලග වතුර කියලා විකුණන ඉඩමෙ ලිං හාරන්න බැරි විදියට තනි කළුගල. වැඩ රාජකාරි අස්සෙ මේ පැත්තට ඔලුව දැම්මට ස්තූතියි ගොයියො.
Deleteආසාවෙන් කියෙව්වා. අපූරු ලිපියක්.. වැඩියෙන්ම කුඩා ආකෘති හදන ස්මාරකයකුත් වෙන්නැති ඕක. මම දැකල තියනවා ගිනි කූරු, ටූත් පික් වලින් හදපු ආකෘති...
ReplyDeleteඅපේ පාසලේ පැවැත්වුන ප්‍රදර්ශනයකටත් අයිස් පලම් පතුරු වලින් අඩි 10 ක් පමණ උසට ඉතාමත් අලංකාරව මෙහි ආකෘතියක් හැදුවා. එහි තිබුන සුන්දරත්වය නිසාම විදුහල්පති කාර්යාලය තුල තවමත් එය තියෙනවා.
Deleteකවදාහරි යන්ඩ ඕනේ බලන්ඩ....
ReplyDeleteඇත්ත වශයෙන්ම රූපෙ මම යුරෝපයේ සංචාරයකට යන්න ඉතාම කැමැත්තෙන් ඉන්නෙ.
Deleteබොහොම අන්ගසම්පුර්න විස්තරයක්,ඔබට බොහොම ස්තුතියි.වරින්වර මේ වගේ තොරතුරු ගෙන එනවට,මේක දැක්කම තමයි මට හිතුනෙ මෙච්චර ලග (කි.මි 505)ඉදලත් මේ වටිනා දේ බලලා නැනේද කියලා.(කමක් නැ මන් වගේද,අපේ කව්ද ලොක්කෙක් සීගිරි ගියෙත් නැ ලුනේ) ලෝක හොරු ගැන නම් අපිටත් කියතෑකි 1950-1960 දසක වල හිටපු,එමිල් සවුන්ද්‍රනායගම් කියන ලාන්කිකයා.එන්ගලන්තෙ දි ඔය තරම් විසාල නැතත්.ලොකු වැඩ කරල තියෙනව කියල මම ජාලෙන් දැක්ක.ඒ ගැන හොයල විස්තරයක් ලියන්න පුලුවන් නම් මරු.එමිල් සවුන්ද්‍රනායගම්. මනික් සන්ද්‍ර සගරගෙ නැයෙක් කියනව.(රන්ජන්)
ReplyDeleteරන්ජන්, ඕකට අපි කියන්නෙ දළදා මාළිගාව ඉස්සරහ ඉන්න් හිඟන්න වගේ කියල. මොකද ඔතන ඉස්සරහ ඉන්න හිඟන්නට, අනේ මම මෙතන එකා මට කවද ඕක ඇතුලට ගිහින් වඳින්න බැරිද කියලනෙ හැමදාම හිතන්නෙ.
Deleteරන්ජන් අයියා...වෙලාවක 7 වෙනි ලිපියට මොනවා හරි අමුණලා එවන්නකො. ඔබ කියන පුද්ගලයා ගැනත් මම තොරතුරු හොයා බලන්නම්...ස්තුතියි තොරතුරට.
Deleteගොඩක් වටිනා ලිපියක්. සිරා අයිය තොරතුරු හොයන්න ගොඩක් මහන්සි වෙලා තියෙනව. ගොඩක් කරුණු දැන ගත්ත.
ReplyDeleteජය වේවා!!!
ස්තූතියි මනා. කියවන අයට මොනවා හරි දෙයක් ගන්න පුලුවන් ලිපි ලියන්න තමයි මම වැඩියෙන් මනාප.
Deleteනියමයි සිරා ....කියන්න වදන් නැත...එම නිසා කිසිවක් නොකියමි.....!!!!
ReplyDeleteහෙ හෙ මරු උත්තරේ බොලං...බොට ස්තූතියි..
Deleteඋඩටම නැගලත් විස්තර දන්නේ නැති හැටි. හදපු ඉංජිනේරුවන්ගේ නම් එක්ක විස්තර වගයක් නම් තිබ්බා. ඒ වුනාට හදිස්සිය තිබුණේ උඩට නැගලා වටපිට බලන එකටයි.
ReplyDeleteවිස්තරේට ස්තූතියි සිරෝ...:)
උඩට නැගලා බොලා වටපිට දැක්ක දේවල් එහෙ නොගිහින්ම බලන්න පුලුවන් ලින්කුවක් මම පස්සෙ එකතු කලා ලිපියෙ අගට. බලන්න ඒකට කොටලා ඒවද දැක්කෙ කියලා.
Deleteදාලා තියෙන ෆොටෝ ටික නම් ගොඩක් වටිනවා. වටින විස්තරයක්......
ReplyDeleteකැමරාවෙන් එහා නිසා බොලාට පින්තූර වලටම ඇහැ යන්න ඇති. ස්තුතියි මිත්‍රයා.
Deleteඔය පරණ පිංතූරත් තවත් වටිනා පිංතූර රාශියකුත් කුලුන යට ප්‍රදර්ශණයට තබා තියෙනව සිරෝ.කුලුනේ පාදම හදන්න වලවල් කපල අස්සයන් උපයෝගී කරගෙන පස් ඇදපු හැටි ශීත කාලෙ හිම වැටෙද්දී වැඩ කරපු හැටි ආදී වටිනා පිංතූර රාශියක් එතන තියෙනවා.
ReplyDeleteඒ පින්තූර වලින් සුටටක් මෙතනට ගෙනාවා නම් මේ ලිපියට තවත් එළියක් වැටේවි කියලා හිතුනා.
Deleteබුදු අම්මේ සිරා කොලුවා දන්න දේවල්. . මොනවා උනත් දන්න දේ අපිත් එක්ක බෙදා ගත්තනේ. . බොහොම ස්තුති වේවා........
ReplyDeleteමම දන්න ඉලව්වක් නෑ බං...ජාලෙන් පෙරලලා උස්සගෙන ආවෙ.
Deleteඅර වික්ටර් ලුස්ටිග් ගේ කතාව නම් කලින් අහලා තිබ්බා.අපේ අර නයිටිඑන් එකේ යකඩ සුදාත් ඔහොම එකෙක්නේ.
ReplyDeleteගොඩක් දේ අලුතෙන් දැනගත්තා,එළකිරි සිරෝ.
නයිටීඑන් යකඩ සුදා ඇතුලට ගිහින් එළියට ආවා නේද..පහුගිය ආණ්ඩු කාලෙ අල්ලන්න බැරුව නොවැ හිටියෙ පොලෝසියට..
Deleteනියමයි, නොදැන හිටපු දේවල් ටිකක් දැනගත්තා.....!
ReplyDeleteස්තූතියි දුමී අයියා...දිගටම කාමරේ පැත්තෙ එන්ට...
Deleteපරක්කු උනා බොලේ කියවන්න එන්න..ඔය විකුනන්න හදාපු උන්දැ ගැනනම් කලින් කියවල තිබ්බ.ඒත් මෙච්චර දිග පිරිච්ච විස්තරයක් සිංහලෙන් කියෙව්වෙ මේ ලිපියෙන්..පොඩි උන්ටත් ඉතා හොද වටිනා ලිපියක්..කියන්න තියෙන්නෙ වෙනදා වගේම..ජය...නියමයි.
ReplyDeleteකිසිම හදිස්සියක් නෑ ලොකු අයියා. බොලාගෙ අදහස් වලට මගේ ස්තූතිය.
Deleteනොදන්න දේවල් හුඟක් ඉගෙන ගත්තා. හරිම ලස්සනට නිමැවුම් කරල + සුබ පතනවා
ReplyDeleteකාමරේට සාදරයෙන් පිළිගන්නවා ප්‍රියන්ති. දිගු බ්ලොග් ගමනකට මම ඔබට සුභ පතනවා. 7 වෙනි ලිපිය ඕනෑම වෙලාවක විවෘතයි.
Deleteකලින් නොදුටු දුර්ලභ පින්තූර එක්ක විස්තරය හරිම රසවත්.හිට්ලර් අතින් විනාශ නොවී බේරුන එක කොච්චර දෙයක්ද. අවන්හලනම් හරිම ලස්සනයි.
ReplyDeleteඇත්ත වශයෙන්ම හිට්ලර් වැනි ඒකාධිපති වියරුවෙන් හැසිරුන මිනිහෙකුගෙ අණ පිළිපැද්දෙ නැති ඒ නිලධාරියා ගැන මට ඇතිවෙන්නෙ ගෞරවයක්. යුරෝපයක සංචාරයක යෙදෙන්න මගේ හිතේ පුංචියට හීනයක් තියෙනවා. ඒ හීනය හැබෑ කරගත්ත දවසක අයිෆල් කුළුණට ගොඩ වෙන්න හැකි වේවි.
Deleteඉංග්‍රීසියෙන් තිබුනට මේවා මලාට කියවන්නේ නෑනේ .. උඹ මේ කරන වැඩේ නිසා අපි කම්මැලි නැතුව කියවල යමක් ඉගෙන ගන්නවා ..
ReplyDeleteඋඹ මෙතන රිංගන්න ගත්ත නිසා අපිට ඒක කියවන්නත් එපා වෙනව.
Delete