සිරා කොලුවාගේ කුඩා අවධිය කාමරය ඇතුලේ ලියවුනේ පිළිවෙලකට නොවේ. අනෙකුත් බොහෝ දේ පිළිවෙලකට ලියවුනද මගේ බාල කාලය පිළිවෙලකට ලියන්නට මම අපොහොසත් වූයෙමි. විඩෙන් විඩේ මතක් වන පරිදි සමහර දෑ මෙතුවක් ලීවෙමි. මේ ක්‍රමයෙන් මට ඉදිරියේදී හෝ ගොඩයාමක් නැතැයි අක්මාවට වැටහෙයි.
ඔබට මතක ඇති පරිදි ඔබේ ජීවිතයේ ලද මුල්ම තෑග්ග කුමක්ද ? කවදද ? කොතැනදීද ?
මේ ගැටලු කීපය මා ඔබට යොමු කලහොත් ඒ සඳහා ඔබේ ප්‍රතිචාර කෙබඳු වේදැයි මොහොතක් සිතා බලන්න. ඇතමෙකුට දෙමාපියන් හෝ පවුලේ සමීපතම ඥාතියෙකු ප්‍රථම ත්‍යාගය පිරිනමන විට මගේ ජීවිතයේ මා ලද ප්‍රථම තෑග්ග ලෙස මතකයේ සටහන්ව ඇත්තේ වෙනකකි. කරුණු එසේ වුවත් එයට කලින් මා දෙමාපියන් හෝ ඥාතීන්ගෙන් ත්‍යාග නොලබා සිටින්නට ඉඩක් නැත. එහෙත් මතකයට අනුව ප්‍රථම ත්‍යාගය මෙයයි.
සිස්සත්වය සමත් වී නගරයේ පාසලට ඇතුලු වන තෙක් මා ඉගෙනගත්තේ අපේ ගමේ පුංචි පාසලෙනි. ගමේ ළමයින් කියා වෙනසක් නැතුව කැපවීමෙන් අකුරු කල ගුරු දෙමාපියන් රැසක් එහි වූහ. මේ කාලයේ සිරා කොලුවාගේ මව මෙන්ම පියාද රැකියාවට ගිය නිසා පාසල නිමවීමෙන් පසු පියාගේ වැඩිමහල් සහෝදරයාගේ නිවසට වී දෙමාපියන් රැකියාව නිම වී පැමිණෙන තෙක් සිටින්නට මා හට සිදු විය. මහප්පාගේ දියණියද මගේ වයසේම වීමත්. ඇයත් මමත් එකම පාසලක අධ්‍යාපනය ලැබීමත් නිසා තනිකමක් පාළුවක් මා හට දැනුනේ නැත. පාසල් වේලාවෙන් පසු එළඹෙන සවස් කාලයේ මම ඇයත් සමග මයියොක්කා කොළ වලින් මාල, කොස් කොළ තොප්පි, කුරුම්බැට්ටි මැෂින් ආදිය සෑදුවෙමි. ඇය හා මම අහාර පාන ගත්තේත්, පොත් පාඩම් කලේත් එකටමය.
උදෑසන පාසලට යන විට මගේ පොත් බෑගයට, පාසල නිමවීමෙන් පසු අඳින ඇඳුම අම්මා විසින් ඇතුලුකරයි. නිවසට පැමිණි පසු මහප්පාගේ බිරිඳ හෙවත් මහම්මා විසින් එයින් සැරසෙන්නට මා හට උදව් කලාය. මේ කියන කාලයේ මම 1 වසරේ හෝ 2 වසරේ ශිෂ්‍යයෙකි. මහප්පා ඕමාන් රටේ රෝහලක කෘතිම පාද නිපදවීමට සම්බන්ධ රැකියාවක නිරත වූ නිසා ඔහු අප තරුණ වියට එළඹෙන තෙක්ම සිටියේ ලංකාවෙන් බැහැරවය. හෙතෙම වසරකට වරක් පැමිණ ආපසු ගියේය.
ඒ කාලයේ රැකියා අපේක්ෂාවෙන් නිවසට වී සිටි තාත්තාගේ නැන්දනියගේ පුතුන් අතරින් කවරෙකු හෝ පාසල නිම වන වේලාවට අප දෙදෙනා රැගෙන එන්නට පාසල අසලට පැමිණෙයි. සහෝදරිය හරස් පොල්ලේත් සිරා කොලුවා වන මම පිටුපස ලගේජයේත් යන ආකාරයෙන් අප පුෂ් බයිසිකලයේ පැටවී ගෙදර ආවෙමු. ප්‍රධාන මාර්ගය අභියසට වන්නට තිබූ මහප්පාගේ නිවෙසින් අපගේ ගමන හැමදාමත් කෙළවර විය.
හොඳම මල් පැළය තේරීමේ අමුතුම ආකාරයේ තරගයක් සඳහා ඉදිරිපත් වන්නට මා හට අවස්ථාව ලැබුනේ මේ අතර තුරයි. මෙවැනි තරගයක් කුඩා දරුවන් වූ අප උදෙසා එදා පැවැත්වූයේ ඇයි දැයි මා හට දැනුදු සිතා ගත නොහැක. 1 වසර සිට 5 වසර දක්වා පන්ති පැවැත්වුනු අපේ කුඩා පාසලේ සියලුම දරුවන්ට මේ සඳහා සහභාගි වන්නට අවසර තිබුනි.
එකල අපේ විදුහල්පති තුමා වූයේ එම්මානුවෙල් නම් වූ ජාතික ඇඳුමෙන් සැරසුන කාලවර්ණ පෙනුමක් ඇති තරමක් උස ගුරු පියෙකි. පාසලට යතුරු පැදියකින් පැමිණියේ ඔහු පමණි. හොන්ඩා සුපර් කබ් වර්ගයට අයත් අළු පැහැති එකක් වූ එය විදුහල්පති කාර්යාලය නුදුරේ සෙවනක නිතරම ගිමන් හැරියේය.
හොඳම මල් පැලය තේරීමේ තරගය දෙසට ආයෙත් හැරෙමු. තරගකරුවන් ඉදිරිපත් කරන පෝච්චි වල සිටවූ මල් පැල අතරින් හොඳම ඒවා තෝරා ත්‍යාග ලබාදීම තරගයේ ස්වභාවය විය. මගේ මව වර්තමානයේ මෙන්ම එකලද වරින් වර මිදුලේ ඇති මල් වර්ග වෙනස් කලාය. මේ කියන අතීතයේ තිබුනේ ක්‍රෝටන් වර්ගයට අයත් ගස්ය. ඉන් පසු ඒවා ගැලවී එහි බාබන් ඩේසියා සහ ඩේලියා වර්ග වල මල් පැල සිටුවිනි. ඉන් පසුව බෝගන් විලා වසන්තයත් එයිනුත් අනතුරුව කැනස් වර්ගත් අපේ මිදුල වර්ණවත් කලෝය. වර්තමානයේ නම් එය ඕකිඩ් වර්ග වලට වෙන් වී තිබේ.
අම්මෙ මට ලස්සන මල් පැලයක් ඕනෙ. ඉස්කෝලෙ තරගයක් තියනවා.
දවස අවසානයේ මා නිවසට රැගෙන යන්නට පැමිණි මවට මම කාරණය සැළ කලෙමි. මිදුලේ මල් පෝච්චි අතර වටයක් ගිය ඇය මල් නොපිපෙන කොළ පැහැති විසිතුරු පත්‍ර සහිත ශාකයක් මට පෙන්වා මෙය රැගෙන යන ලෙස පැවසුවාය. එහෙත් මට එහි කිසිම ලකයක් පෙනුනේ නැත. අනේ මල් පිපෙන එකක් දෙන්නයි මම කොතෙකුත් ඇවිටිලි කලද අම්මාගේ තීරණයේ වෙනසක් නොවීය. අවසානයේදී අකමැත්තෙන් හෝ මේ ශාකය සහිත මල් පෝච්චිය රැගෙන තරඟයට සහභාගි වන්නට මා හට සිදුවිය. එදා එය පාසලට රැගෙන ගියේ කවරෙකු දැයි මට දැන් නිච්චියක් නැත. ඒ කාලයේ තුන්රෝද රථයක් අහල ගම් හතක තිබුනේ නැති බව මා හට සිහිපත් වෙයි.
අප පාසලට යන විට අපේ මල් පෝච්චි රැඳවීම පිණිස ලී යොදාගනිමින් විශාල අට්ටාලයක් වැනි යමක් සකසා තිබුනි. අවසානයේ ඒ මත අප විසින් ගෙන ආ මල්පෝච්චි අපේ නම් සහිතව පිළිවෙලකට තැන්පත් විය. ඇත්ත වශයෙන්ම මේ කියන කාලය මට යන්තමින් මෙන් මතකයේ රැදී තිබෙන්නකි. මල් පෝච්චි වල වූ ශාකයන් විනිශ්චය කලේ ගුරු මණ්ඩලය විසිනි. මහප්පාගේ වැඩිමලා වූ ජානක අයියා පාසලේ ශිෂ්‍ය නායකයෙකු ලෙස 5 වසරේ එවකට අධ්‍යාපනය ලබමින් සිටි නිසා ඔහු මේ කාර්යය සඳහා වැඩි දායකත්වයක් දෙන්නට ඇත.
තරග විනිශ්චය අවසන් වී ප්‍රතිඵල දැනුම් දෙන විට කුඩා අප එක පේලියට පාසලේ වූ සුදු අරලියා ගහ යට සිටගෙන සිටියෙමු. පසෙකින් ගුරු මණ්ඩලය පෙනෙයි. ඊට විරුද්ධ පැත්තේ දෙමාපියන් පිරිසකි. තවත් පසෙකින් මල්පෝ්ච්චි රාශියයි. විදුහල්පති තුමා ප්‍රතිඵල ප්‍රකාශ කරන්නට සූජානමෙනි.
මුලින්ම තෙවන ස්ථානය ප්‍රකාශයට පත් විය. ජයග්‍රාකයා ඉදිරියට යන විට ඊට අදාළ මල් පෝච්චිය ඔහු හෝ ඇය අතට පත් කොට සෙසු අයට පෙන්වීමට වෙනම වැඩ පිළිවෙලකි. දෙවැනි ස්ථානයට මගේ නම ප්‍රකාශ විය. මම මහත් පුදුමයට පත් වීමි. මගේ අතට ලැබුන මල් පෝච්චියත් රැගෙන මම සභාව ඉදිරියට ගියෙමි. මගේ විරෝධය මැද වුවද අම්මාගේ තේරීම ගැන මම මහත් විමතියට පත් වී සිටියෙමි.
ජයග්‍රාහකයන් මෙන්ම ජයග්‍රහණ නොලැබූ අයද සභාව හමුවේ විවිධ අංග ඉදිරිපත් කල අතර සිරා කොලුවා වන මම රෝස මලේ නටුවෙ කටූ ගීතය ඉඳිරිපත් කලෙමි. එහෙත් නටුවෙ කටු වෙනුවට කටුවෙ නටු යනුවෙන් මවිසින් පද වරද්දවා කල ගායනය එම්මානුවෙල් විදුහල්පතිතුමාගේ අවධානයට ලක් වූ අතර ඒ බැව් විශේෂයෙන් සභාවට දැනුම් දී මා හට තවත් වටයක් අත්පුඩි ගසන්න යැයි එතුමා එදා පැවසූ ආකාරය ඉතා හොඳින් මගේ මතකයේ තැන්පත් වී තිබේ.
බ්‍රවුන් පේපර් යයි සම්මත කොළයක ඔතන ලද ත්‍යාගයක් මා හට ලැබිනි. එදින මා රැගෙන යන්නට පැමිණ සිටියේ අප නිවස ආසන්නයේ හිතවතෙකි. මා මහප්පාගේ නිවසේ දෙමාපියන් එනතුරු සිටින බවක් ඔහු නොදැන ඉන්නට ඇත. ඒ නිසා වසා දමා තිබූ අප නිවසට ඇරලවා හෙතෙම යන්නට ගියේය.
ත්‍යාගය විවෘත කර බලන තෙක් මට ඉවසුම් නැතිය. නිවසේ ප්‍රධාන දොර වසා දමා ඇති නිසා නිවස තුලට යන්නට ක්‍රමයක් නැත. පොත් බෑගය පසෙකින් තබා මම ඉස්තෝප්පුවේ කොනක හිඳගෙන ත්‍යාගය විවර කළෙමි. එහි අභ්‍යාස පොත් කීපයක් සහ නිල් පැහැති කලිසම් රෙද්දක් තිබූ බැව් මා හට යන්තමින් මෙන් මතකය.
ත්‍යාග වල හැඩරුව බලමින් සිටින කල හිස ගිණිගත්තෙකු මෙන් එහි පැමිණියේ වෙනදාට මා රැගෙන යන්නට පැමිණෙන බාප්පාය. ඔහු බන්දුල බාප්පාගේ බාල සහෝදරයායි. මගේ අඩුම කුඩුම රැගෙන ඔහුගේ පුෂ් බයිසිකලයට මා නංවා මහප්පාගේ නිවසට රැගෙන යන්නට ඔහු සැනින් කටයුතු කලේය. කාත් කවුරුවත් නැති අපේ නිවසේ මා වරුවක් තනිව සිටි බව සැලවූ පසු තාත්තා අම්මාට රැකියාවෙන් ඉවත් වී දරුවන් බලාගෙන නිවසට වී සිටින ලෙස පවසන්නට ඇත. මේ වකවානුවේ මයෙ මලයා බෙහෙවින් කුඩා එකෙකු නිසා ඒකා සිටින්නට ඇත්තේ අම්මාගේ මහ ගෙදර කිරි අම්මා සමග විය යුතුය.
දිනක් පාසල් අවසන් වීමෙන් පසු අප රැගෙන එන්නට සිරිත් පරිදි පැමිණෙන බාප්පා හට වෙනත් කාර්යයක් සඳහා පිටත් වීමට සිදුවී තිබුන හෙයින් සුදු අයියා නැමති අපේ ගමේ ඔහුගේ හිතවතෙකු පාසල අසලට එවා තිබුනි. බාප්පාගේ බයිසිකලයේ ලගේජයක් තිබුනත් සුදු අයියාගේ බයිසිකලයේ එවැන්නක් නැත. සොයුරිය හරස් පොල්ල මත නංවා මා හට බයිසිකල් හැඩලයේ හිඳගන්නා හැටියට සුදු අයියාගෙන් උපදෙස් ලැබුනි. කකුල් දෙක පහලට සිටින සේ මම දැන් හැඬලය මත හිඳගෙන සිටිමි. අපේ ගමන නිම වෙන්නට තව ඇත්තේ ස්වල්ප දුරකි. එහෙත් ඒ ඉසව්වේ අැති පල්ලමේදී එක්වරම සමබරතාව ගිලිහී යාමෙන් ධාවනය වන බයිසිකලයෙන් මහා මාර්ගයට බල්ටියක් ගසන්නට මා හට සිදුවිය.
මේ අනතුරෙන් පසු සිරා කොලුවා මහා හයියෙන් හැඩූ බව මතකය. ඉර මුදුන් වී තිබූ වෙලාව නිසා තුවාල වලින් ලෝභ නැතුව ලේ ගලයි. කෙසේ හෝ මහප්පාගේ නිවසට කැටුව ගොස් ප්‍රතිකාර කරන්නට අවට එක් රැස් වූ වැඩිහිටියෝ පියවර ගත්හ. එම නිවසේ මහප්පා විසින් පිටරටින් රැගෙන ආ තුවාල මතට ස්ප්‍රේ කල හැකි ඖෂධයක් විය. තුවාලය මත ගැටුන සැනින් එය කදිම සිසිලසක් උපදවා පසුව අති භයංකාර දැවිල්ලකුත් අවසානයේ දැලක් මෙන් වියමනක් තුවාලය මත සකසන්නත් මේ අරුම පුදුම බෙහෙතට හැකි වූ බව මට මතකය.
බයිසිකලයෙන් ගැසූ බල්ටියෙන් පසු අම්මාගේ වෘත්තීය ජීවිතය අවසන් විය. දරුවන්ගේ ආරක්ෂාවට නිවසේ නවතින ලෙස තාත්තා ඇයට කියන්නට ඇත. එදායින් පසු ජීවන බර තනියෙන් කරට ගත් තාත්තා රජයේ සේවකයන්ට එකල ලැබුනු සොච්චම් වැටුපෙන් මමත් මලයාත් කෙසේ හෝ උස්මහත් කලේය. නිවසේ තිබූ ආර්ථික ගැටලු කිසිවක් අපට දැනෙන්නටවත් ඉඩ නොතබා මේ දෙපල අප දෙදෙනා යහපත් මිනිසුන් කරන්නට කල මෙහෙවර සිහිපත් වන විට ඇතිවන්නේ පුදුමාකාර භක්තිමත් හැගීමකි. නෙත් අගට කදුලක් උනන්නේ නිරායාසයෙනි.
අද ලිපියට මම මෙතැනින් විරාමය තබමි. ළමා කාලය ආශ්‍රයෙන් තව බොහෝ දෑ ලිවිය හැකිය. ඒවා මතක් වෙන පිළිවෙලට ඉදිරියේදී අකුරු කරන්නට මම සිතා සිටින්නෙමි. අප එදා ගතකල සොඳුරු ළමා විය එලෙසින් ගත කරනා පුංචි එවුන් වර්තමානයේදී අපේ ගමේදී සෙවීම පවා උගහටය. උන්ගේ අත්වල කුරුම්බැට්ට මැෂින් නැත, පොල්පිති හරක් නැත, මයියොක්කා මාල කොස් කොළ ඔටුනු නැත. මුදල් සෙවීම පිණිස හැල්මේ දුවන සමාජයක මේ දරුවන් නිවසේ තනි කරන්නට, කාටූනයක් නරඹා හෝ වෙනත් යාන්ත්‍රික ක්‍රීඩාවක නිරත කරවන්නට අකැමැත්තෙන් හෝ දෙමාපියන්ට සිදුවී තිබේ. වෙනත් දරුවන් සමග වැඩි භජනයක් නැති නිසා මේ පොඩි උන් සහජීවනය ගැන දන්නේ නැත. ජය පරාජය විඳදරා ගන්නා හැටි දන්නේ නැත. නිර්මාණාත්මක හැකියාවන් වර්ධනය වන්නේද බොහෝ මන්දගාමීවය.
සිරාගේ කාමරයට පැමිණි ඔබට මේ ආරාධනාව සිරා කොලුවාගෙනි. ඔබේ මතකයට අනුව ඔබ මුලින්ම ත්‍යාගයක් ලද අවස්ථාව මෙහි කමෙන්ටුවක් ලෙස සටහන් කලහොත් මේ සටහන වඩාත් පරිපූර්ණ වේ යැයි මගේ අක්මාව මට කියයි.
බාල කාලය ගැන කථා කරනා විට මා හට අමතක නොවන ගීතයක් වෙයි. මගේ ළමා කාලය පිළිබඳ ලිපි වලට ලේබලය අලවා ඇත්තේද මේ ගීතය උපයෝගී කරගෙනයි. C.T ප්‍රනාන්දු මහතා විසින් මේ ගීතය ගායනා කොට තිබේ. නාවික හමුදා තූර්ය වාදක ඛන්ඩයේ කාලයක් සේවය කල අයිය බඩා වතාවක් මට කිව්වේ දියතලාවේ පැවති හමුදා සෙබලුන් විසිර යාමේ උත්සවයකදී මේ ගීතය වාදනය කල බව හා එදා එතැන සිටි බොහෝ දෙනා හඬා වැටුන බවකි.
මා බාල කාලේ අම්මාගෙ උකුලේ
නැළවුණු තාලේ මට තාම සිහිවේ//
පෑ ආදරේ මා හොවමින් තුරුල්ලේ
නෑ හීනවූයේ මෑණී මගේ
ඈ දුන් ඔවා මී ගඟුලෙහි නාමි
මට තාම සිහිවේ ඇගේ ගීත රාවේ
ඉගෙනීම ඔබගේ ධනයයි සිතා
ඉවසීම කරුණා ගුණදම් ගොතා
දුරලන්න වංචා මද මාන ඊර්ෂ්‍යා
මේ වාගෙ මට ඈ අවවාද දුන්නා
මේ පුංචි ලංකා ඔබගේ පුතේ
ඈ රැක්ම ඇත්තේ පුතුගේ අතේ
නංවලා ස්නේහේ රට දෑ කෙරේහී
රැකගන්න සැමදා ඇගෙ නාමෙ පුතුනේ
මා බාල කාලේ අම්මාගෙ උකුලේ
නැළවුණු තාලේ මට තාම සිහිවේ//
පෑ ආදරේ මා හොවමින් තුරුල්ලේ
නෑ හීනවූයේ මෑණී මගේ
ඈ දුන් ඔවා මී ගඟුලෙහි නාමි
මට තාම සිහිවේ ඇගේ ගීත රාවේ
වීකෘති වී නැති නියම ගීතය රසවිඳ බලන්න.
ප.ලි
වර්තමානයේ යුරෝපයේ සිටින මගේ ඥාති සහෝදරිය සමග ඊයෙ පෙරේදා දිනක සිදු කල කථා බහක් අපගේ පුංචි කාලය දක්වාම ගමන් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මේ සටහන අද මෙහි ලියවෙයි. ඇය මෙන්ම මමද, මෙය කියවන ඔබද ළමා කාලයට බොහෝ සේ ඇළුම් කරන බව දනිමි. ඒ සුන්දරත්වය ඔබේ දරුවන්ටත් හැකි පමණ විඳින්නට දෙන්න.
සිරා කොලුවා නොරටක සිටින නිසා මෙවරත් අවුරුදු නැත. එහෙත් ලබන්නා වූ සිංහල හා හින්දු අළුත් අවුරුද්ද ඔබ සැමට ප්‍රීතිමත් එකක් වන්නට ඉතසිතින් පතමි.

මම කාමරේ අරින සිරා කොලුවා.

පුංචි කාලේ මතක හරිම සුන්දරයි... ඒ දවස් වල ලොකු වෙන්න දැගලුවට දැන් තමයි තේරෙන්නේ පොඩියටම හිටියනම් කොච්චර හොදද කියලා...
ReplyDeleteසී.ටී ගේ සින්දුවක් ඇහුවේ සෑහෙන්න කාලෙකින්..
(දැන් ඉතින් සේරම නවත්තලා පරණ සින්දු හොයන්න යූබටේට රිංගනවා)
පොඩි කාලෙ විදියට හැමදාම ඉන්න පුලුවන් නම් කොච්චර සෝයිද...කන්න බොන්න සේරම ලගටම ලැබෙනවා නොවැ. මොන වගකීමක් වත් නැති ඒ ජීවිතය නියමයිනෙ.
Deleteඅපි එද ගොඩාක් පැරණි ගීත අහන්නෙ පස්සෙ එකතුවෙච්ච සංගීතයත් එක්කනෙ. මුල්ම විදියට ගීතයත් අහද්දි පොඩි ගතියක් තියෙනවා ඒකෙත්.
පූංචි කාලෙ කරපු දේවල් ගැන මතක් කරන්න කොයි කවුරුත් කැමතියි නෙ :). කොච්චර නම් සුන්දර මතක ගොඩක් තියෙනවද. දැන් ඉන්න ළමයින්ට ඔය කියන ආකාරයේ ළමා කාලයක් තියෙනවද කියන එක සෑහෙන්න ප්‍රශ්නාර්ථයක්.
ReplyDeleteඅනික ඔය පුංචිම කාලෙ විතරයිනෙ කරපු දෙයක් වැරදුනහම හදා ගන්න චාන්ස් එකක් වැඩියෙන්ම තිබ්බෙ.
මට නම් මතක විදිහට ගෙදර අයගෙන් ඇරෙන්න ඉස්සරලම කියල තෑග්ගක් හම්බුණේ පෙර පාසලේ තිබ්බ කොන්සට් එකේදී. මතක විදිහට සෙල්ලම් කාර් එකකුයි තව මොකද්ද එකක් :D.
මම පුද්ගලිකව හිතාන ඉන්නෙ මම වින්ද ළමා කාලයෙන් වැඩි කොටසක් මගේ දරුවන්ටත් විඳි්න්න ඉඩ දෙන්නයි. ඒක කරන්න බැරි කමක් නෑ කියලයි මගේ අදහස.
Deleteඅඩේ.. මමත් මෙමරිය අවුස්සලා හොයා බලන්න ඕනේ මගේ පලවෙනි තෑග්ග
ReplyDeleteමෙමරිය අැවිස්සුනොත් මෙතනට ඇවිල්ලා කියහං මොකක්ද ලැබුනෙ කියලා.
Deleteඅගෙයි කතාව.. කොහොමත් පොඩි කාලේ හරි සුන්දරයි සිරා...........
ReplyDeleteබොට තෑගි ලැබුනෙ නැද්ද පොඩි කාලෙ.
Deleteමුලින්ම හම්බ උන තෑග්ග මොකද්ද කියල හරියට මතකක් නං නෑ සිරෝ.අපටත් අලුත් අවුරුදු නෑ එකදිගට මේ හතරවෙනි වසර.
ReplyDeleteඑහෙමද..ලංකාවෙන් පිට ඉදන් අවුරුදු දිහා බලාන ඉද්දි හිතට දැනෙන හිතට දැනෙන හැගීම ගැන මම මේ කල්පනා කලේ.
Delete2 වසරේ හෝ 3 ස්කෝලේ ක්‍රීඩා උත්සවේකදී විල්බැරෝ ගිහින් දිනලා තෑග්ගක් හම්බුනා බන් මගෙ යාලුවෙකුත් එක්ක...අද පෝස්ට් එක ළමා කාලෙටම ගියා,,,85,86 උන් වෙන්න ඕනා අවසන් සෙට් එක ළමා කාලය යාන්ත්‍රික නොවුනු..
ReplyDeleteඇත්ත වශයෙන්ම ඒ කාලෙ උන් තමයි අපි වින්ද සුන්දරත්වය වින්ද අවසාන පිරිස. එතැනින් පස්සෙ ආවෙ රූපවාහිනියට, ටීවී ගේම් වලට වහවැටුන සැට් එකක්.
Deleteමගේ පළමු තෑග්ග කොහොම වුනත් මගේ පළමු සැටිපිකෙට් එකනම් මට හොඳටම මතකයි සිරෝ. දහම් පාසැලේ තෑගි බෙදාදීමේ උත්සවේකදි වෙන කාගෙද නමක් කියනකොට මම ගිහින් ඔලුව එහෙම නවල දෑතින්ම ඒක අරගෙන ගෙදර ගෙනෑව. ඒ දවස්වල මගේ බාප්පල පුංචිඅම්මල උත්සවේදි තෑගිගන්න හැටි ගෙදරදි පුරුදු වෙනව බලන්ඉදල මනා දැනීමක් තිබුණ. එතකොට මම දහම් පාසැල් යන්න හිතලවත් නෑ. සටිපිකෙට් එකේ අයතිකාර ළමය පහුවෙනිද ගෙදරට ඇවිල්ල ඉල්ලුවත් මම දුන්නෙ නෑ. අඬල අඬල තියාගත්ත.
ReplyDeleteඇනෝ මිත්‍රයගෙ අදහසට ස්තූතියි. ඔයිට සමාන වැඩක් මටත් වෙලා තියෙනවා නොවැ. උපන් දිනයකට ඡායාරූපයක් ගන්න ෆොටෝ සාප්පුවට එක්කගෙන ගිහින් ඒකෙ තිබුන රෝද තුනේ බයිසිකලයක් උඩ තියලා ෆොටෝ එක අරගෙන ඉවර උනාට පස්සෙ බයිසිකලේ දාලා එන්න බෑ කියලා. බැරිම තැන ටවුමෙන් රෝද තුනේ බයිසිකලයක් අරගෙන දීලා තාත්තා මට..
Delete++++++++++
Deleteහම්මේ..මට මැවිල පෙනුන..දෙකට නැමිල සහතිකේ ගන්න හැටි..
Deleteකොච්චර ට්‍රයි කලත් මට හම්බ වෙච්ච මුල්ම තෑග්ග මතක් කරගන්න බෑ අෆ්ෆා...
ReplyDeleteඑහෙමද...සමහර විට නිස්කලංකව අතීතයේ කිමිඳුනා නම් මතක් වේවි.
Deleteමම පුංචි කාලේ බැලුන් කාරයෙක්ව චිත්‍රයට නැගලා තෑග්ගක් දිනුවා. අපේ අම්මා ඒ චිත්‍රය සෑහෙන කාලයක් රැකගෙන හිටියා. නමුත් පස්සේ මොනවා වුනාද දන්නේ නැහැ. මට අදත් ඒ තෑග්ගට වඩා අම්මා පිලිබඳ සුන්දර මතකයක් ලෙස ඒ සිද්ධිය හිතේ තියනවා.
ReplyDeleteඇත්තටම අම්මලා අපිව යහමගට ගන්න කොච්චර වෙහෙසෙන්න ඇද්ද.
ඒ චිත්‍රය අදත් තිබුනා නම් ඔබේ මුණුපුරෙකුට පෙන්වන්න කෙතරම්ද වටිනාකම නේද...ඇත්ත වශයෙන්ම දෙමාපියන් අපිව උස් මහත් කරන්න වින්ද දුක් වේදනා නියමාකරයෙන් දැනගන්නෙ අපිත් දෙමාපියන් උනාට පස්සෙදි කියලයි මගේ අදහස.
Deleteමට මතක ඇති කාලේ හම්බවෙච්ච පලවෙනි තෑග්ග තමයි අපේ නංගි.......... මට වඩා අවුරුදු තුනක් බාල අය නිවසට රැගෙන ආපු වෙලේ ඉරිසියාවෙන් පිපිරෙමින් සිටීමට හැමෝම කිව්වේ අම්මලා ඔයාට ශෝක්තෑග්ගක් ගෙනල්ලනේ කියලා තමයි
ReplyDeleteමැරකකා ඒ කාලෙ ඉදන්ම එහෙනං සද්දෙ දාගෙන ඉඳලා තියෙන්නෙ නේද...නගාට ඉතිං පාරක් දෙකක් ගැහුවෙ නැද්ද ඉරිසියාවෙ ප්‍රතිඵල විදියට...
Deleteඅමතක නොවන තෑගි තිබ්බත් ඒවා මුල්ම තෑගි කියලා කියන්න බෑ. ඒක අමාරු වැඩක්. මුල්ම තෑග්ග මතකයේ රැඳෙන්න තරම් හිතට කාවදින එකක් නොවුනා වෙන්නැති. ඒත් බං මා ගාවා තිබිච්ච සෙල්ලම්බඩු ඔක්කොම අම්මා හරි තාත්තා හරි තෑගි දීපුවා නේද කියලා මට හිතෙනවා.
ReplyDeleteමම මෙතනදි අදහස් කලේ තමන්ට මතක තියෙන විිදියට මුලින්ම තෑග්ගක් ලැබුන දවස. නැත්තං හැම දරුවෙකුටම කුඩා කාලයේ සෙල්ලම් බඩු දෙමාපියෝ ගෙනත් දෙනවා නොවැ...
Deleteමුලින්ම හම්බුන තෑග්ග මොකද්ද කියලා මටත් මතක නෑ අයියේ.. හම්බුන එකක් හම්බුවෙන්න ඇත්තෙත් ගාල්ලෙන් ආවට පස්සේ වෙන්න ඕන..
ReplyDeleteඅවුරුදු නම් ඉතින් අපිටත් නෑ..
බොලා ගාල්ලෙද හිටියෙ පැටියා කාලෙ. මට මේ අහිමි වෙන 3 වෙනි අලුත් අවුරුද්ද රට පැටවුනාට පස්සෙ.
Deleteගස්ලබ්බ මොන්ටිසෝරි ගියේ පල්ලියකට නිසා නත්තල ගැන අහල තිබුනා.අපි ආගමේ නොවන නිසා අපේ ගෙදරට නත්තල් සීය එන්නෙ නෑ කියල දුකින් ඉන්නකොට උදේ මටයි අක්කටයි කොට්ටෙ යට තිබිලා බැලුම් බෝල,පොඩි සෙල්ලම් වයින් කාර් එකකුයි බොනික්කෙකුයි ලැබුනා.තම කල්පනා කරන්නෙ නත්තල් සීයා ආවෙ කොහොමද කියලා.
ReplyDeleteනත්තල් සීයා පිණි මුව කරත්තෙන් එන්න ඇත්තෙ බොලා නිදා ගත්තට පස්සෙ.
Deleteපල්ලියෙ මොන්ටිසෝරිය අවසාන දවසෙ මොනව හරි දුන්න කියල මතකයි ඒත් ඒ මොනාවද කියල මතක නෑ. මතක ඇති දේකට හම්බ උනේ දහම් පාසලෙන් දුන්න සහතික විතරයි.
ReplyDeleteදැන් ඉන්න උංනං තෑගි බලහත්කාරෙන්ම නෙ ලබාගන්නෙ.
පල්ලියෙ මොන්ටිසෝරියට එතකොට ඔයත් ගියේ නේද...මට ඔය මොන්ටිසෝරි කාලෙ කිසිම දෙයක් මතක නෑනෙ අප්පා..
Deleteමං දෙකේ පන්තියෙදි (අත්වැරදීමකින්) පංතියෙ පළවෙනියා වුනා. එදා මගෙ යාළුවෙක් වුන, (තාමත් යාලුවෙක් තමා) තිළිණ උන්ගෙ ගෙදර මාව එක්කගෙන ගිහිං, ෆැන්ටා බෝතලයක් කඩෙන් ගෙනත් මාත් එක්ක බීලා, උගෙ සෙල්ලං තුවක්කුවෙන් මාත් එක්ක සෙල්ලම් කළා.
ReplyDeleteමං පළවෙනියා වුනයි කිව්වහම, අපේ (ලෝක ප්‍රසිද්ධ) බාප්පා මට රුපියල් 10 ක් දුන්නා.
ඔව්වා තමයි මට කවදාවත් අමතක නොවෙන මට ලැබුණ තෑගි. :-)
මොකද අත් වැරදීමකින් පන්තියෙ පළවෙනියා උනා කිව්වෙ...ටීචර්ට ලකුණු එකතු කරනකොට වැරදිලාද..මමත් 5 පන්තියෙදි පැෂන් ෆෘට් ගෙඩියකුයි මාරි බිස්කට් පැකට් එකකුයි එක්ක පාටියක් දැම්මා.
Deleteඅපිව සමහර වෙලාවට ජීවත් කරන්නේ අතීතයේ සුන්දර මතක. නහයට දැනෙන සමහර සුවඳවල් අපිව ඒ අතීතයට අරගෙන යනවා....
ReplyDeleteමටත් පොඩි කාලේ ඉස්සෙල්ලාම ලැබුනු තැග්ග මතක නෑ...තාත්තා පිට රට හිටිය නිසා පොඩි කාලේ ගොඩක් සෙල්ලම් බඩු තිබුනා කියලා නම් මතකයි....
අතීතය මට නම් හරිම ලස්සන මතක සටහනක්...ඒ නිසාම තමයි නිතරම කථා අස්සෙන් අතීතය මෙනෙහි වෙන්නෙ. අතීතය ස්මරණය කරලා සතුටු වෙන්න අකමැති කවුරුවත් නැතුව ඇති මම හිතන විදියට.
Deleteමට මතක විදිහට අපේ ගමේ අවුරුදු උත්සවයේ බනිස් කෑමේ තරගෙන් දිනලා අභ්‍යාස පොත් හම්බුනා කියල මතකය .
ReplyDeleteඒ වගේම ලැබුවා වූ සිංහල හින්දු අලූත් අවුරුද්ද සිරා ඇතුළු ඔබ සැමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ නව වසරක් වේවා ....................!!!!!!!!!!!!
ඔබටත් ප්‍රීතිමත් අලුත් අවුරුද්දක් වේවා ඇනෝ මිත්‍රයා...
Deleteකොහොමෙන් හරි අපිවත් ළමා කාලෙට එක්ක ගියා.මට නම් මතක තියෙන මුල්ම තෑග්ග එක අලුත් අවුරුද්දකට අපේ අත්ත මට ගෙනත් දුන්න පොඩි කතන්දර පොතක්.හැබැයි මට ඒක කියවන්න තරම් ලැබුනෙ නැහැ.එතකොට මම 2 කේ පන්තියෙ.ඒ පොත අපේ ලොකු මලයට ඕනෙ කියල බෙරිහන් දිදී අඩුවට පස්සේ අපේ තාත්ත මිනිහව රවට්ටන්න කියල දුන්න.පවුලේ වැඩිමලා පොඩිමල් උන්ට සලකන්න ඕනෙ කියන තියරිය තදින්ම ගෙදර ක්‍රියාත්මක උන නිසා හවස පොත් බලාපොරොත්තුව උන්න මට ලැබුනෙ ඉරා දමා තිබුන කොල ගොඩක් පමණයි.කෙසේ වෙතත් සිරා කොලුවට පොඩි කාලෙත් ලැජ්ජාව වහගන්න මොනවා හරි කෙරේමයක් තිබිල තියෙනව.අර ජුන්ඩයියව කොලෙකින් අගේට වහගෙන ඉන්නෙ.අනික මලය දැන් පොල්පිති ගොන්නු නැතුවට නිකං ගොන්නු ඕනෙ තරම් ගම් වල ඉන්නවනේ..වෙනද වගේම ජය..
ReplyDeleteබොට හොඳම වැඩේ වෙලා තියෙන්නෙ. මට නම් හරි සතුටුයි...ඇත්ත වශයෙන්ම ජුන්ඩා එළියෙ තිබ්බෙ...මම ඉතිං ඩිසයිනරයා වෙච්චි කොට මේවා මහ අමාරු වැඩයැ. මම මගේ ජාමෙ බේරගත්තා අන්තිමට.
Deleteමතකයේ තියෙන පලවෙනි තෑග්ග තමයි ක්‍රිකට් පෑඩ් යුගලක්. ඒක පාවිච්චි කරපු එකක්. මට ගෙනත් දුන්නේ මගේ ක්‍රිකට් ගුරුවරයා වෙච්ච ජයතිලක අයියා. ඒ කාලේ ඔහු වෛද්‍ය ශිෂ්‍යයෙක්. අවසන් වසරේදී ඔහුට ශිෂ්‍ය භාවය අහිමි වුණා. ඒ පෑඩ් පෙයාර් එක කැන්වස් රෙද්දෙන් මහලා තිබුණේ. ලෙදර් පටි වලට යකඩ බකල් තිබුණේ. ඒවාට අපේ කකුල් කැපුනා මතකයි. පම්පෝරියට නෙවෙයි. ඒ අයගේ ලොකු විශ්වාසයක් තිබුණා මම ගැන. ලොකු අනාගතයක් තියෙයි කියලා. නමුත් අපේ අම්මා සහ තාත්තා මේවා කණකට ගත්තේ නෑ.
ReplyDeleteඅපරාදෙ අයියෙ..ක්‍රීඩාවට තියෙන උනන්දුවත් ඔය පරණ කථා එහෙම ඇහුවම මටත් හිතෙනවා ගෙදර අත හිත ලැබුනා නම් ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරන්න ඉඩ තිබුනා කියලා. ඔය ප්‍රවීණත්වය නිසාමනෙ අපි ගම්පහ ගෙට්ටුවෙ ක්‍රිකට් තරගය විනිශ්චය කරන්න බාර දුන්නෙ. මතකයි නේද...
Deleteසුන්දර මතකයක්. මාත් මේ කල්පනා කලේ මට හම්බවුනු මුල්ම තෑග්ග මොකද්ද කියලා. ...
ReplyDelete