ජීවන් කියන්නෙ සිරා කොලුවා හා පුරා කියලා රැකියාවට ගිය තැන හිටිය ගොයියෙක්. ජීවන්ගෙ නම සිංහල නමක් වගේම තමයි. ඒත් වාසගමින් තමයි මිනිහා දෙමළ බව තව කෙනෙක් දැනගන්නෙ. කලු ජූලිය හෙවනෙ ඉපදුන එකෙක් නිසා ජීවන්ගෙ තාත්තා භය වෙන්න ඇති දෙමළ බව ඇඟවෙන පරිදි නම තියන්න. ජීවන්ට ඉතාම හොදට සිංහල කථා කරන්නත් හැකියාව තිබුන නිසා කිසිම කෙනෙක් මිනිහා දෙමළ කියලා කියන්නෙ නෑ. දෙමළ අයට උච්ඡාරණය කරන්න අපහසු වචන, අකුරු ජීවන් උච්චාරණය කලේ හරිම පහසුවෙන්.
මම සිංහල ඉස්කෝලෙක සිංහලෙන් ඉගෙන ගත්ත එකෙක් යකෝ....
දෙමළ ඇත්තන්ට කියන්න අපහසු වචනයක් කියන්න කියලා ජීවන්ට කිව්වම...ඒක උච්චාරණය කරලා ඒකා හැමදාමත් ඔය වාක්‍යය තමයි අන්තිමේට කිව්වෙ.
මේ කියන ආයතනය දැන්වීම් ප්‍රචාරණ ආයතනයක්. සෙනසුරාදා ඉරිදා දවස් දෙක නිවාඩු නිසා බොහෝ වෙලාවට සිකුරාදා දවසට බෝතලයක් වටේට ඉඳගන්න තිබුන නැඹුරුව බෙහොම ඉහළයි. ඒ සඳහා උපන් දිනයක් හෝ වෙනත් නිශ්චිත සිදුවීමක් අවශ්‍ය උනේම නෑ. සිකුරාදා උදේ වරුවෙ ඉදන්ම ධාරානිපාත වර්ෂාවක් වැස්සත් හොඳටම ප්‍රමාණවත්.
ජීවන් අද නම් බොන්න හොඳ දවසක් බං ..මොනවා හරි කරමුද ?
ප්‍රධාන ග්‍රැෆික් කරුවා එහෙම කියනකොට අළෙවිකරණ අංශයෙ හිටිය ජිවන් කැමැත්ත පලකරන්නෙ උඩ පැනලා. එතනින් පස්සෙ මා ඇතුලු නඩේ නවතින්නෙ බොරැල්ලෙ Mint Leaf අවන් හලේ. ණය පත් වලින් ගෙවන්න තිබ්බ පහසුකමත් මෙතනට අපිව කාන්දමක් වගේ අද්දවා ගන්න ඉවහල් උනා.
ඔය වගේ සැඳෑවන් බර ගානක් ගෙවුන දවසක ජීවන් අපට ආරාධනාවක් කලා. තමන්ගෙ අක්කගෙ වෙඩිමට සහභාගි වෙන්න කියලා. මේක දෙමළ වෙඩිමක් නිසා හැමෝම වගේ ඉස්සෙල්ලාම ඇහුවෙ එක ප්‍රශ්නයයි.
බොන්න තියෙනවද ?
බොන්න නම් නෑ...උඹලා මගින් බීලා වරෙල්ලා..ජීවන් එහෙම උත්තර දුන්නා.
එහෙම කොහොම කොරන්නද බොල...වෙඩිමක් ගන්නවා නං හරියට ගනින්කො..අඩුපාඩු..කොට ඉතුරු කරන්නෙ නැතුව. කාර්යාලයේ උන් එහෙම කිව්වා.
ජීවන්ගෙ මේ ආරාධනාව මට නම් බොහොම වටිනා අවස්ථාවක්. ඒ වන තෙක් මම දමිළ විවාහ උත්සවයකට සහභාගි වී නොතිබීම එයට හේතුවක්. ඒ නිසාම මේ වෙඩිම පැහැර හරින්නෙ නෑ කියලා මම තරයේ හිතාගත්තා.
අපේ ඔපීසියෙ අපි සමග හිටියෙ එකම එක කාන්තා පරාණයක් විතරයි. එයාගෙ නම ෆාතිමා. අපි එක්ක ඩිසයින් වැඩක් කරගෙන කාටවත් කරදරයක් නැතිව හිටිය කෙල්ලෙක්. ජීවන් නැති වෙලාවට සැට් එක ෆාතිමාවත් ලගට අරගෙන වෙඩිමට ගෙනියන ත්‍යාග ගැන කථා බහ කලා. අන්තිමේදි හැම දෙනාගෙම සහයෝගයෙන් මොන මොනවදෝ තෑගි කොල වලින් ඔතාගෙන සූජානම් කරගන්න අපට හැකි උනා. ගෙනිච්ච දේවල් දැන් මට මතක නෑ.
දවසක් දා උදෑසනක ෆාතිමාගෙ මුහුණ දුක්බර වෙලා තිබුනා. හැමෝම ඇගෙන් කාරණය විමසුවා.
තාත්තා කියනවා මට වෙඩින් එකට යන්න ඕනෙ නෑ කියලා.
මුස්ලිම් ජනසමාජය ඇතුලෙ කාන්තාවන්ගෙ නිදහස යම් තරමකට කප්පාදු වෙන බව අපි දන්න නිසාම ඒ තීරණය ගැන පුදුම වෙන්න දෙයක් තිබුනෙ නෑ. ඒත් අවසානයේ ඇය හඬා දොඩා දන්න සෙල්ලං ඔක්කොම දැම්මට පස්සෙ විනාඩි 5 කට මඟුල් ගෙදර ගිහින් තෑගි භෝග ආදිය දීලා එන්න ඇයට අවසර ලැබිලා තිබුනා.
දැන් ඉතින් මඟුලට දින ලං වෙලා. ඔපීසියෙ ඇත්තො බොහොම ආශාවෙන් මගුලට යන්න සූජානම් වෙනවා.
උඹ ලග අලුත් සපත්තු දෙකක් තියෙනවද ? ගාල්ලෙ චන්දනයා තව එකෙකුගෙන් අහනවා.
ඔය දෙක හොඳයිනෙ බං...අපි රෑටනෙ මඟුලට යන්නෙ..පේන්නෙ නෑ කළුවරේ..අනිකා ඒ විදියට උත්තර දෙනවා.
ඔන්න ඉතින් කාලය ටික් ටික් හඬින් ගත වෙලා මගුලට යන දවසත් ලං උනා කියමුකො. උදෑසන රාජකාරියට ඇවිත් හැන්දෑවෙ ඒ ඇඳුම උඩටම පුබුදුවගෙ මිළ අධික සැන් කුප්පියෙන් පොඩියක් හලාගත්තම ජීවන සුවඳ යට ගියා.
තුන් රෝද රථ දෙකක් කුලියට ගත්ත අපි බොරැල්ලෙ කොටා පාරෙ ඉදන් රාජගිරිය ඔබේසේකර පුර මඟුල පැවැත්වුන ශාලාව ලගට යද්දි එතන උත්සවශ්‍රීයෙන් ඇළලිලා තිබුනා. වේග රිද්මයේ දමිළ ගීත වටාපිටාවෙ තිබුන නිශ්ශබ්දතාවය බිඳ දාලා තිබුනෙ.
ජැන්ඩි පහට කුර්තාවක් ඇඳගෙන උන්න ජීවන් අපිව බොහොම උණුසුම් විඳියට පිළිගෙන මගුලෙ මනාලිය වෙන තමන්ගෙ අක්කටත්, තමන්ගෙ පවුලෙ අයටත් බොහොම සතුටින් අඳුන්වා දුන්නා. ඔතාගෙන ගිය තෑග්ග එහෙම හැමෝගෙම සහයෝගයෙන් භාර දුන්නට පස්සෙ කාගෙ කාගෙත් අැස් බෝල කැරකුනේ වට පිටාවෙ උන්න මිනිස්සු දිහාට.
අඩෝ...බොන්න නෑනෙ බං...චන්දනයගෙ මූනෙ තිබුනෙ අපේක්ෂා භංගත්වයක සළකුණු...
ජීවන්...බොන්න නැද්ද බං...පුබුදුවා බැරිම තැන ජිවන්ගෙන් ඇහුවා.
අයියෝ...තොපිලට යකෝ ඔච්චර තදියම් මොකද...පොඩියක් ඉවසන් ඉඳහල්ලකො අපේ අම්මා සුට්ටක් එහෙට මෙහෙට වෙනකං. අපි කාටවත් බොන්න දෙන්නෙ නෑ. ඒ උනාට ඉතිං උඹලා වගේ බේබද්දො ටිකකට බොන්න නොදී මට ආයෙමත් ඔෆිස් ඇවිත් කනක් ඇහිලා ඉන්න බැරි නිසා මම උඹලව පොඩි ජොයින්ට් එකකට සෙට් කරන්නං.
ජීවන් අපිත් එක්කම ආසන්නයේ තිබුන කඩ කාමරයක් ඇතුලට ගියා. ඒ වෙද්දි දවසේ කටයුතු නිමා කරලා එය වසා දමා තිබුනෙ. සිල්ලර බඩු විකුණන කඩයක්. දැන් අපි කඩේ ඇතුලෙ මේසයක් වටේට පුටු කිපයක් තියාගෙන අස්සයො මැරිච්ච කව් බෝයිලා වගේ බෝතලයක් එක්ක ජීවන් මතු වෙනකං බලාන ඉන්නවා.
විනාඩි 10 ක් විතර ගත වෙන්න ඇති. සීදූවෙ ඇක්ස්ට්‍රා ස්පෙෂල් බෝතලයක් එක්ක ජීවන් දත් සැට් එකම පේන්න හිනා වෙන ගමන් අපේ පැත්තට ආවා. බෝතලය එක්ක ගෙනාව බයිට් පීරිසි දෙකත් මේසෙ උඩ තිබ්බා.
අයියෝ ජීවන් ගල් ද බං...මේවා බීලා කොහොමද බං ගෙදර යන්නෙ. පළාතම ගඳ ගහනවනෙ.
චන්දනයා උදේ පාන්දරම නාහෙන් අඬන්න ගත්තා. ඒකා හිටියෙ උගෙ ඥාතීයෙකුගෙ නිවසක නැවතිලා, ඒ හින්දයි ගල් වලට භය.
අනේ පලයං යන්න...උඹලා යකෝ ගාල්ලෙ ඉද්දි ගල්වත් බොන්න තිබුනද..නිකං විස්කි බ්‍රැන්ඩිම බීපු උන් වගේ කථාව...උඹට බොන්න බැරි නං නිකා ඉඳහං...ජීවන් වෙඩි වගේ උත්තරයක් දුන්නා. චන්දනයගෙ කට වැහුනා.
තොපිලට වෙන බයිට් නෑ. සෝඩා ඔනෙ නම් කඩෙන් ගනිල්ලා...ඒක මම සෙට්ල් කරන්නං. මේකත් මේ මඟුල අස්සෙන් ඇස් වහලා අමාරුවෙන් උස්සගෙන ආවෙ. අපි ගැන හිතලා ජීවන් කඩල පීරිසියක් එක්ක කුකුල් මස් දීසියකුත් අරගෙන ඇවිත් තිබුන විදිය දැකලා අපට මිනිහා ගැන පහන් සංවේගයක් ඇති උනා.
මේ ගල් බෝතලේ කොහෙන්ද බං ගත්තෙ ජීවන්. අරක්කු පිළිබඳ විශේෂඥ පුබුදු පැනයක් විමසුවා.
ඕක මම කාර්ගිල්ස් එකෙන් ගත්තෙ. බාල එකක් නෙමෙයි..හොඳ එකක්. භය නැතුව ගහපල්ලා. ගඳ එන්නෙ නෑ. එහෙම කියාගෙන ජීවන් යන්න ගියා.
දැන් ඉතින් එතන ඉන්න බයිට් මරුවො ටික පාලනය කරගෙන දොරලෑලි වැහුන කඩේ ඇතුලෙ වැඩේ නැගලා යනවා. ඈතින් හීනියට වේග රිද්මයේ දෙමළ සින්දුවක් ඇහෙනවා. ලෑලි දොරවල් වල හිඩැස් වලට ඇහැ තිබ්බම සල්වාර්, සාරි වලින් සැරසුන දමිළ යුවතියො පේනවා.
බොහොම ආරක්ෂිත වට පිටාවක ජීවත් වෙන චන්දනයට නිතරම බොන්න කන්න ලැබෙන්නෙ නෑ. ඒක නිසාමදෝ ඒකා ගල් බොන්න බෑ කිව්වට ලග නමලා වේලාසනම පොඩියක් වැනෙන්න ගත්තා. බෝතලය කඩලා මඳ වෙලාවකින්ම බයිට් අහවර වෙච්ච නිසා එතැන ඉදන් මාරක ප්‍රේම කථා බයිට් එකට අරගෙන අපේ ක්‍රියාදාමය ඉදිරියට ගලා ගියා.
පැයක් යද්දි සියල්ල අහවරයි. තව එකක් තිබුනා නම් පංකාදුයි. කවුදෝ එහෙම කිව්වා.
ජීවන් මඟුල් ගෙදර බරටම වැඩ ඇති. ඒකා පේන්නවත් නෑ. මිනිස්සු කෑම කන්න පෝලිමේ ඉන්න වගක් ඈතින් පේනවා. ඒක දැකලා අපේ බඩගෙඩි ඇතුලෙන් කහන්න ගත්තා. පොඩියක් වැනෙමින් උන්න චන්දනයා මේසයෙන් නැගිටිනකොටම කකුල් පැටලිලා වැටෙන්න ගියා. කඩ හිමියා කඩය සහ ඔහුගේ නිවස වෙන් කරලා තිබුන පාටිෂන් එක තිබුනෙ අපට එහායින්. චන්දනයා හදිසියේම එතනට වාරු උනා. ඒකගෙ තප්පදෝරු ශරීරස්කන්ධය දරා ගන්න බැරුව පාටිෂන් කෑල්ල හදිසියේම ඇතුලට කඩා වැටුනා. එතන තිබුන ඇඳක නිදාගෙන උන්න දෙමළ ගෑණු කෙනෙක් නයිටි කෑල්ලත් උස්සගෙනම දිව්ව දිවිල්ලට සුසන්තිකා පරාදයි. ගේ ඇතුලෙන් දෙමළ වචන එක දෙක හයියෙන් හයියෙන් ඇහෙනකොට අපිත් දනි පණි ගාලා ඉක්මනට කඩ කෑල්ලෙන් එළියට පැන්නෙ මරන්න අරන් යන හරක් ටිකක් ලොරියෙන් එළියට පනිනවා වගේ.
ඒ වෙද්දි මගුල් ගෙදර ඇත්තො හැමෝම වගේ කාලා බීලා අහවරයි. ව්‍යංජන බොහොමයක් අඩිය පෑදිලා. කුකුල් මස් කරියෙ හොඳි විතරයි කෑලි අතුරුදහන් වෙලා.
කමක් නෑ බං...අපි බයිට් එකට කුකුල් මස් කෑවනෙ. තියෙන දෙයක් එක්ක කාලා ගෙදර යමං ඉක්මනට පුබුදු කිව්වා. ඔයින් මෙයින් තිබ්බ සුන්බුන් වලින් බත් ඩිංගිත්තක් කාලා අහවර වෙද්දිම තමයි ෆාතිමා කෙල්ල තාත්ත එක්ක ඇවිත් වාහනෙන් බැස්සෙ. අපි දිහා බලන්නවත් කාලය වැය කරපු නැති එයා ඔතාගෙන ආවා තෑග්ග මනමාලි අතට දීලා සුභ පතලා අපි ලගට ආවා. අපිත් එක්ක තවත් විනාඩියක් දෙකක් කථා කරලා තාත්තගෙ විනාඩි 5 අවසරය අකුරට රකිමින් නැවතත් වාහනයට ගොඩ උනා.
අපේ නඩය රාත්‍රී ආහාරයෙන් පස්සෙ සීසීකඩ විසිරී ගියා. ගෙදර යන්න වැඩිම දුරක් තිබුන එකා තමයි මම. ගුණසිංහපුර බස් නැවතුමෙන් රාත්‍රී 10 ට පිටත්වෙන රද්දොළුගම බස් එකේ ඇවිත් ජා-ඇලින් බැස්සම 10.45 ට ජා ඇලින් නිට්ටඹුව බලා ගමන් ආරම්භ කරන අවසන් බස් රථය හමුවෙනවා. කොළඹදී බෝතලයක් වටේට ඉඳගත්තොත් මම ගෙදර ගියේ ඒ විදියට. ඒත් මේ කියපු දවසෙ මගේ වෙලාවෙ තිබ්බ අවුලක් නිසාදෝ රද්දොළුවෙ බස් එක කොට කොටා අාව නිසා ජා-ඇල බස් රථය මට මග ඇරුනා. පළාතම මුසල පාලුයි. බල්ලෙක්වත් නෑ. තුන් රෝද රථයක යන්න තියා කොත්තු රොටියක් ගන්න සල්ලි නෑ.
ඇක්ස්ට්‍රා ස්පෙෂල් කික් එක තවමත් ඇගේ දුවන නිසා හිතට භයක් නෑ. මම පයින්ම ඒකල පැත්තට යන්න තීරණය කොලා. අතර මගදි මට රාත්‍රී සේවයේ නියුතු ආයතනයක ට්‍රැක්ටරයක් මුලිච්චි උනා. නිකමට අත දැම්මම මෙන්න බොලේ නැවැත්තුවා.
මල්ලි කොහෙටද යන්නෙ....
ගම්පහට අයියා.
අපි නම් ඒකලට යන්නෙ..
කමක් නෑ අයියා මාව එතනින් හලාගෙන යන්න.
ට්‍රැක්ටරේ පිහිටෙන් ඒකලට ආව මම එතන ඉදන් ගම්පහ පැත්තට පයින්ම ඇවිදගෙන එනවා. දැන් වෙලාව මධ්‍යම රාත්‍රියටත් ආසන්නයි. අතේ පයේ රත්‍රන් බඩු, වටිනා ජංගම දුරබණුවක්, පසුම්බියේ අම්බානක මුදල් නැති මට භය වෙන්න කිසිම හේතුවක් නෑ.
ඒකල වෙල කියන්නෙ ගෙවල් දොරවල් නැති දෙපැත්තෙම මහ යායට කුඹුරු තියෙන පාළු ප්‍රදේශයක්. ඉස්සර මහ දවාලෙත් කොල්ල කෑම් සිදුවුන මෙතනින් මම දැන් තනියම රෑ 12 ට යන්න යන්නෙ. මෙන්න බොලේ කවදාවත් නැතුව ජංගම පොලිස් මුරපොලක් එතන.
මම මුරපොලට කිට්ටු වෙද්දිම වාහනයක් නවත්තලා පරීක්ෂා කරනවා. මම පොලෝසියේ ඇත්තෙක් ලඟට කිට්ටු කොලා.
මම මේ කොළඹ ඉඳන් එන ගමන්. බස් නැති හින්දා පයින්ම යනවා. මේ වාහනේ යන්න බැරි වෙයිද ?
ඒක ඉතින් වාහනේ හිමිකරුවගෙන් තමයි අහන්න ඕනෙ. පොලිස් අයියා කෝචොක් හිනාවක් දැම්මා.
මම හිමිකරුවට සම්මුඛ උනා.
අයියෙ මාව වෙලෙන් එගොඩට දානවද....
නෑ මල්ලි අපි එච්චර දුර යන්නෙ නෑ
වෙලෙන් මෙගොඩ යන්න කිසිම තැනක් නැති උනත් මිනිහා දුන්නෙ එහෙම උත්තරයක්. මාව පහුකරගෙන ගිය වාහනේ අපූරුවට වෙලෙන් එගොඩ උනා.
අන්තිමේදි තවත් කිලෝමීටර් 4 ක් විතර පයින්ම බඩගාලා රාත්තිරී 1 පහුවෙලා නිවසට ලගා වෙද්දි මම හොඳ ගානට හෙම්බත්. මගේ ජීවන සුවඳට වඩා ජීවන්ගෙ ගල් අරක්කු සුවඳ ඈත තියාම දැනුන නිසාද මන්දා අපේ බලු කොල්ලට මාව අඳුනගන්න විනාඩියක් දෙකක් ගියා. පජාති වෙඩිමකට ගිහින් අන්තිම කුජීත වෙලා හිටිය මම මහන්සිය නිසා ඉස්තෝප්පුවෙ බිම ඉඳගත්තම අපේ බලු කොල්ලා මගේ මූණ ලෙව කාලා සුවඳුක් විමසුවෙ හරියට මගේ පෙම්බරී එයා වගේ.
බලු කොල්ලත් බොනවද කොහෙද... :D
ReplyDeleteඒ බලු කොල්ලා අවුරුදු 10 ක් ආයු වළදලා අභාවප්‍රාප්ත උනේ..මගේ හිතට ගොඩාක් සමීප වෙච්ච බලු කොල්ලා තමයි ඒ.
Deleteමරු කතාව,ඔය වගේ උත්සව ගෙදරින් බොන්න නොදෙන කොට,ගෙදර බොන එකෙක් ඉන්නවනම්,ඌ අනිවාරයෙන් ඌට පුලුවන් විදියට මොනව හරි,පිට තැනක සෙට් කරනවාමයි.එහෙම ගහන්න ගියාම වෙන අලකලන්චිත් එමටයි.මම හිතන්නෙ බොන උදවිය බොහො දෙනෙකුට ඔය ගැන රසවත් අත් දැකීම් ඇති.(රන්ජන්)
ReplyDeleteඇත්ත වශයෙන්ම රංජන් අයියා. සමහර තැන් වල බොන්න දෙන්නෙ නැත්තං එළියට ගිහින් බීලා ආපු අවස්ථාත් ඕනෑ තරම් මම දැක තිබෙනවා. එහෙම වෙලාවට 1000 දෙන්න ආව මිනිහා බොන්න ගිය වියදම අඩු කරලා 750 ක් දීලා මාරු වෙනවා.
Deleteපට්ට කතාව :)
ReplyDeleteස්තූතියි මිත්‍රයා
Deleteඇත්තටම උබේ පෙම්බරී කවුද බන්..හොරෙන් අහන්නෙ..බලු කොල්ලද?
ReplyDeleteඒවා මෙහෙම ප්‍රසිද්ධියෙ අහනවද..බලු කොල්ලා මැරිලා දැන් සෑහෙන කලක් ගත වෙලා.
Deleteඅප්පේ ඔය රෑට බස් නැති එකනං නඩු දාන්න වටින අඩුපාඩුවක්
ReplyDeleteරෑට බස් නැති උනාම මම වින්ද දුක් කන්දරාව කියලා නිමක් නෑ බං...තනි ඇහැට ඇඩෙන්නෙ මතක් වෙද්දි.
Deleteඑකක් ඇර අපි ගිය දෙමළ මඟුල් කිසිම එකක බොන්න දුන්නෙ නෑ.අසෝකන් උගෙ නංගිගෙ මඟුලේදී අපිව ලඟපාත තැනක සැට් කරවලා බෝතල් ගෙනත් දුන්නා.අපිත් බීල ඉවරවෙලා හොඳ උන් වගේ ආපහු මඟුලට ගියා.
ReplyDeleteඑදා මෙදාතුර මම ගිය එකම දෙමළ වෙඩිම මේක. හෙට අනිද්දට නම් මැලේ දෙමළ වෙඩිමකට යන්න තියෙනවා ඔපීසියෙ දැරිවියෙකුගෙ. මුස්ලිම් වෙඩිම් කීපයකටම ගිහින් තියෙනවා.
Deleteසුරාපානයට එරෙහිය.....
ReplyDeleteඒත් කතාව පට්ටය...
රූපෙ අමධ්‍යප සංගමයෙ නිලධාරියෙක් වගේ...
Deleteයකෝ මොකක්ද බං.... එක ගල් බෝතලේ විස්සක් විතර බීලා ඔච්චර ඩෝප් වෙනවද ? ගිය අවුරුද්දේ ලංකාවට නිවාඩු ගිය ටිකට මායි අපේ බාප්පාගේ පුතයි ඩී.ඩී බෝතල් දෙකහමාරක් බීලා පයින්ම ගෙදරත් ගියා....!
ReplyDeleteමොනවා උනත් වෙනද වගේම ලියවිල්ල නම් වෙඩි...!
ඩීඩි බීපු කාලයක් මතක නෑ
Deleteසිරාට සිරා පොරක් කිව්වට සිරා කොමෙන්ට් අයින් කරනවනේ. කුහුහරුප නැති,අපහාස නොවන උපහාසාත්මක කොමෙන්ට් අයින් කරන්නේ ඇයි සිරා?
Deleteඩීඩී මට නම් බොන්න අමාරු ඩ්‍රින්ක් එකක්...පට්ට සැරයිනෙ...බෝතල් දෙක හමාරක් දෙන්නෙක් බීලා පයින් ගියා කියන්නෙ අරක්කු වල කොලිටිය අන්තිම බාලයි. මෙතන බෝතලය වටේට හිටියෙ මාත් එක්ක තුන් දෙනයි. නමුත් ෂැන්ඩිය අතර මග ඉවර උනාට පස්සෙ අමුවෙන් තමයි වැඩේ ගියෙ. ඒකයි කික් එක දරුණු උනේ.
Deleteඇනෝ මිත්‍රයා...උඹලගෙ අදහස් මට ශක්තියක්. ඒ නිසයි මෙච්චර කාලයක් ඇනෝ කමෙන්ට් හැකියාව ආරක්ෂා කරලා තියෙන්නෙ. ඒත් තව කෙනෙකුට මගේ කාමරය ඇතුලෙදි අපහාස කරන්න ඉඩ දෙන්න බෑ. අපහාසය සහ උපහාසය පරිස්සමට හදුනාගන්න ඕනෙ දෙයක්. අන්තිමේදි ඒ අය මට චෝදනා කරනවා ඒ දේවල් මම මකා දැම්මෙ නෑ කියලා. වතාවකුත් මම හොද පරිප්පුවක් කාලා ඉන්නෙ. අන්තිමට මගෙ එකේ ඇනෝ කමෙන්ට් මමම ගහගත්තා කියලා මට චෝදනා කලා. ඒ නිසා සමාවෙයං මැකුවට..
//මායි අපේ බාප්පාගේ පුතයි ඩී.ඩී බෝතල් දෙකහමාරක් බීලා පයින්ම ගෙදරත් ගියා....!//
Deleteකාලෙ බෝතල්ද?
වව්ලගෙ ගෙදර යනවා වගේ මම නම් ඔහොම කේස් වලට ගිහාම එතන පසුබිමට හැඩගැහිලා ඉන්නවා බන්
ReplyDeleteඅන්න හරියටම හරි ඩිලාන්...අපි යන තැන ගැන දන්නවා නම් අවශ්‍ය දේවල් මගදි හරි කරගෙන ගියාම දුකක් නෑ.
Deleteපව් අර මනමාලයා ට දීල තියෙන වදයක් :D :D
ReplyDeleteඒ මනමාලයා නෙමෙයි. මනමාලිගෙ මලයා...
Deleteඑක බෝතලේට ඔහොම වුනානම්, බෝතල් දෙකක් ගහලා උඹලා ඔක්කොම රත්මලාන ගුවන්තොටුපලට යනවා ගෙදර යන්න ප්ලේන් එකක් කුලියට ගන්න.
ReplyDeleteසිරාට සිරා පොරක් කිව්වට සිරා කොමෙන්ට් අයින් කරනවනේ. කුහුහරුප නැති,අපහාස නොවන උපහාසාත්මක කොමෙන්ට් අයින් කරන්නේ ඇයි සිරා?
Deleteමම උඩිනුත් උත්තරයක් දුන්නා විචාරක තුමා ෂැන්ඩි හිගවීමේ ඛේදවාචකයක් නිසා අමුවට ගහලා තමයි එච්චර කික් උනේ.
Deleteඅනේ සත්තලනේ...අපහාසය උපහාසය කෙස් ගහක වෙනසක් තියෙන්නෙ. මේක ඇතුලෙ මරාගන්න වෙන්නෙ අන්තිමට ඔය වැඩ නිසා. ඇනෝ අයිතිය දීලා තියෙන්නෙ බොලාලගෙ කමෙන්ට් මට වැදගත් නිසා. තව කෙනෙක් ප්‍රකෝප කරන කමෙන්ට් දාන්න එපා දෙයියො.
තෝ අනික්උන්ට කෙලිනකොට බබාද
Deleteඅපිත් දෙමළ වෙඩින් එකකට බැටී ගියා.අරක්කු කේස් එක නම් ටිකක් මතු උනාට මාර වෙනස් වෙඩින් ඒවා.පට්ටයි...
ReplyDeleteදෙමළ වෙඩින් වල අරක්කු දෙන්නෙ නෑ කියලා ඔය හැලපයියත් කියලා තියෙන්නෙ.
Deleteඅරක්කු දෙන්නෙනැති මුස්ලිං වෙින් එකකට ගියා පට්ටයි..මුස්ලිං වෙඩින් වල අපිට යන්න තියෙන පාට් එඑකේදි කන්න තමය තියෙන්නෙ..හප්පච්චියේ එහෙමත් කෑමක්..දඩ බඩ ගාල කෑව මාරුවුනා පට්ට ලේසියි..
ReplyDeleteමුස්ලිම් වෙඩින් වලට මමත් ගිහින් තියෙනවා. ගෑණු එක පැත්තක පිරිමි එක පැත්තක. අපි මගුලට ගියාට මනමාලිව දකින්න වෙන්නෙ නෑ. අනිත් කාරනේ කන්න ගියාම හරක් මස් දඩි කැලි උයලා තියෙන්නෙ. මම හරක් මස් නොකන බව දන්න නිසා මගේ මුස්ලිම් යාලුවො මට මස් අයින් කරලා බත් ටික බෙදලා දුන්නා.
Deleteහින්දු, මුස්ලිම් වෙඩිමකට යද්දි අනුමත වෙලා යන්න ඕනෙ. නැත්නම් වාහනේක බාර් එක ලැහැත්ති කරල තියා ගන්න ඕනෙ.
ReplyDeleteපලවෙනියෙන්ම මතක තියන තෑග්ග වයින් කරපුවාම දුවන යකඩ සපත්තු දාපු අශ්වයෙක් ඒක මහප්ප ගෙනත් දුන්න දවසෙම බැට්‍රි වලින් යන මෝටර් බෝට්ටුවක් හම්බුනා බාප්පගෙන්. මම හිතන්නෙ අවුරුදු දවසක වෙන්න ඇති. තෑගි දෙකම මහගෙදර තාමත් තියනව. බෝට්ටුවට දාන්න මීඩියම් සයිස් බැටරි නැතුව ඒ කාලෙ හරියට දුක්වෙවී හිටිය.
හින්දු වෙඩිමක් මේ වසරෙ තියෙනවා මට මෙහෙදි සහභාගි වෙන්න. රසවත් යමක් තිබුනොත් මම ලියන්නම්. මගදි අනුමත වෙලා තමයි යන්න වෙන්නෙ.
Deleteපෝස්ට් දෙකකට එක කමෙන්ට් එකකින් උත්තර දුන්න විරල අවස්ථාවක් මේක...හැක් හැක්
සිරාට අවුරුදු කොහොමද? ලංකාවෙන් ඈත් වෙලා දුර රටක ඉද්දි කොහොමද අවුරුදු සමරුවේ. මම මේ අහන්නේ වෙන රටවල් වල ඉන්න ලංකාවේ අය එකතු වෙලා අවුරුදු සමරන අවුරුදු උත්සව ගැන නෙමෙයි. තනි තනිව ඉන්න සිරා වගේ අය, එහෙමත් නැත්තං පිටරටක ඉන්න ලංකාවේ පවුලක් ගෙදර ඉදන් කොහොමද අවුරුදු සමරන්නේ කියන එක ගැන. කිරිබතක් හදනවද? නැත්තං මොකද කරන්නේ?
ReplyDeleteමැලේසියාවෙ දෙමළ ජනතාවත් අවුරුදු සමරනවා. ඒ නිසා ඔපීසියෙ යුවතියො එක්ක කෑම මේසයක් දැම්මා. යන්තං ඒකට කිරිබත් කෑලි ටිකකුත් එකතු කලා. තනි තනිව ඉද්දි ඉතින් අවුරුදු සමරන්න විදියක් නෑ. අතීතයේ දවසක ලංකාවෙ අවුරවුදු සමරපු විදිය මතක් කරන එක තමයි කරන්න වෙන්නෙ. පිරිසක් ඉන්න තැනක සුලුවෙන් යමක් කරන්න පුලුවන්. සිංහල පවුල් වල අය ඒ කිව්වෙ බිරිද ලග ඉන්න ඇත්තො නම් කිරිබත් හදනවා. දරුවන්ට අවුරුදු සමරන හැටි ගැන පෙන්වන්නත් එක්ක.
Deleteබොන්න විඳලා තිගෙන දුකක්. අපේ ද්‍රවිඩ ජාතික මිතුරියකගේ මගුල් ගෙදර නම් බොන ජාති තියා මස් මාළුවත් තිබ්බේ නැහැ. තනිකර වෙජි.
ReplyDeleteසිරාගේ කතාව නම් හරිම රසවත් ඉතින් කවදත්
ඇත්ත අක්කා. මගේ කාර්යාලයෙත් වෙජිටේරියන් දෙමළ අය ඉන්නවා. බොහොම මහත කළමනාකරුවෙක් හිටියා. මිනිහා කේක් කෑල්ලක් වත් කෑවෙ නැ.
Deleteඅදහසට ස්තුතියි වෙනදා වගේම.
මම ක්‍රිස්තියානි අයගේ වෙඩින් වලටනම් ගිහින් තියෙනවා.. කීපයක්ම මෙහෙදි තමයි.. පල්ලියට ගියා ඊට පස්සේ කොහේ හරි පාටිය.. අපි ඉතින් බොන්නේ නැති හන්දම හොදයි..
ReplyDeleteක්‍රිස්තියානි වෙඩිම් වල ඉතින් කන බොන දේවල් වැඩියෙනුත් එකක් තියෙනවා නොවැ. මීගමුවෙ වෙඩිමකට ගියා නම් දැනගන්න පුලුවන්...කොහොමද සැප කියලා...
Deleteඅපි ගියා මුස්ලිම් මගුල් ගෙදරකට අක්කරේපත්තු. එතැන අපිත් එක්ක ගිය වෙන මුස්ලිම් කොල්ලෙක් උගේ ගානේ බෝතලයක් දුන්නා. දෙමළ වේදීන් වල අර බෙරයක් පලන්න හදනකොට තමයි එපා වෙන්නේ.
ReplyDeleteමම මහවෙ යන කාලෙ අපි එක්ක හිටිය මුස්ලිම් උන් සිගරට් එක ඇද්දට අරක්කු බිව්වෙ නෑ. හැබැයි අපි බොන කන තැන් වල උන් හිටියා. අපි එක්ක මෙහෙ ඉන්න පක්කො ඔය අපූරුවට බොන්නෙ. හැබැයි උන්ට බීමතින් පාරෙ ගිහින් අහුවුනොත් දඩුවම් තියෙනවා මුස්ලිම් නිසා. අපි හැමවිටම නිදහස්.
Deleteසිරා මේක මහ ගල් බාල්දි මගුල් ගෙයක් නේ බන්....මමත් ගිහින් තියනව මෙහෙම උඩ බලන් ඉන්න ඕන මගුල් ගෙවල් කීපයකම....මම කියන්නෙ නෑ මෙතන ඒ කතා...හරි නෑ නේ ඉතින්......මොනව කරන්නද ඉතින් අර "වවුලගේ මගුල් ගෙදර ගියාම එල්ලිලා ඉන්න ඕන " කියල කතාවක් තියනවනේ....
ReplyDeleteබලහං ගමන අවසානයෙදි කාපු කට්ටයි කන්න බොන්න ලැබුනු දේවලුත් එක්ක බැලුවාම අතින් කාලා හරක් බැලුවා වගේ වැඩක් තමයි වෙලා තියෙන්නෙ.
Deleteඅඩෝ මගේ වෙඩිමෙදි මම බොන්න දුන්නේ නෑ .. හෙහ් හෙහ් බොන උන් ට කලින් ම කිව්වා බොන්න නම් දෙන්නේ නෑ .. උඹල ඕනේ එකක් කර ගනිල්ලා කියල .. මමත් අමද්‍යප නිසා ඒ හැටි අවුලක් වෙන්න නෑ .. මම හිතන්නේ ..
ReplyDeleteමමත් එක දෙමළ මගුල් ගෙදරක ගිහින් තියෙනවා .. මුස්ලිම් එකකටත් ගියා .. අපේ මගුල් තරම් සංකීර්ණ නැති සරල මගුල් උත්සව ..
මගේ නම් අදහස බොන කන එකා කයි නොබොන එකා නොබොයි කියන තියරයි. බොන උන්ට තමන්ව පාලනය කරගන්න පුලුවන් තරමකට බොන්න පුලුවන් නම් කිසිම ගැටලුවක් නෑ. හැබැයි බිව්වට පස්සෙ වීරයො වෙන එකෙක් දෙන්නෙක් වෙඩිමක හිටියොත් නම් ගුටි පූජාවක් ෂුවර්.
Deleteමටත් තවම මුස්ලිම්, දෙමළ මගුල් ගෙවල්වල ගිහිල්ල අත්දැකීමක් නෑ.
ReplyDeleteඒත් අපේ ලොකු මස්සිනාගෛ මගුල් ගෙදරනං බඩු තිබ්බෙ නැති නිසා අපේ කොල්ලො සෙට් එක ලෑස්ති වෙලා බෝතලයක් ගෙනල්ල මිදුලෙ තියාගෙන ගහන්න ගිය සීන් එක බලවත් ඉල්ලීම මැද්දෙ පල්ලෙහ දොල දක්වා ගෙනිච්ච.
බෝතලේ මිදුලෙ තියලම ගහන්න හදන්න ඇත්තෙ ඇටෑක් එකටම වෙන්න ඕනෙ.
Deleteබසු වෙඩිමත් අමද්‍යප වෙඩිමක්.
ReplyDeleteහැබැයි මහ රෑ ඔච්චර දුරක් පයින් එන්න චිත්ත ධෛර්යය ලැබෙන්න ඇත්තෙ ගල් වල පිහිටෙන්ම වෙන්න ඇති.
//බසු වෙඩිමත් අමද්‍යප වෙඩිමක්.//
Deleteඑහෙනං ඉතිං අපි දෙන්නෙ දෙන්න ගෙනාපු ගාණෙන් බාගයයි.ඉතුරු බාගෙ එකතු කරල බෝතල් ගේනවා.
හැක් ... බස්සට ජින් බාගයයක් පොවන්ට අවසර ....බස්සි. ඒකා අපේ එකා .. වෙච්චි.. , වයින් පොදක් තෝලගෑගෙන මන්දු වෙයන් බස්සී.
Deleteබස්සා අමද්‍යපද ? අපරාදෙ තරුණ ජීවිතයක් නිකරුනේ නාස්ති වෙනවා...ඔය මට ඉහළින් ඉන්න වැඩිහිටියන්ගෙන් අසා දැනගන්න බීමෙහි ඇති වටිනාකම.
Deleteමම ජාඇලින් වගේම ගම්පහ පැත්තෙනුත් බීලා බස් නැතුව පයින්ම ගෙදර ඇවිත් තියෙනවා. ගෙදර එද්දි කික් එක ඉවරෙටම ඉවරයි. ගන්න අලයක් ඉතුරු වෙන්නෙ නෑ.
බොමු............. බොමු.......................
ReplyDeleteබොමු කමු ප්‍රීති වෙමු. හිතනවාට වඩා සොදුරු විනෝදබර ලෝකෙක අපි ජීවත් වෙන්නේ...
Deleteඋඹලට කට්ටක් කන්න උනාට ඔය දෙමළ වෙඩිං පට්ට මචං.. බෝතලේට වට උනේ නැත්නම් සෑහෙන්න හොඳ අත්දැකීමක් ගන්න තිබ්බ. අර වෙළ මැද්දෙන් කුඹුරට හරවපු වාහන කාරයාගේ &*&^%^ හිතුනේ නැද්ද?
ReplyDelete//අර වෙළ මැද්දෙන් කුඹුරට හරවපු වාහන කාරයාගේ &*&^%^ හිතුනේ නැද්ද?// :D :D
Deleteඅපේ අක්කාග මගුල් ගෙදරට මගෙ කැම්පස් එකේ යාලුවෙක් දවස් 7කට විතර කලින් ඇවිල්ල වෙඩිමෙන් පස්සෙ දවස් 7ක් ගිහිල්ල තමයි ගියේ. ඉතුරු වෙච්චි කෑම ටික ඉවර කරගන්න ඌව තියාගත්ත කියල අනික් කොල්ලො ඌට පල් එක දැම්ම.................
ReplyDeleteමගුලකට ගියත් බොන්න ඕන මරණෙකට ගියත් බොන්න ඕන, මොනද බං මේ ජීවිත?
ReplyDeleteඔහොම අහපු යාලුවො අපිටත් හිටිය කියන්නයි මම හැදුවෙ :D
රැ තනියෙන් යන විට මේ සිරා කොලුවට ...
ReplyDeleteපාලු පෙදෙස ඇති බව දැනුනා සිහියට ....
ඔපීසියේ එකම කෙල්ල ආව මතකෙට ...
ෆාතිමාව සිහි කරගෙන ගියා ගෙදරට...
අනේ ඉතින්සිරා කොලුවා මෙන්න මෙහෙම කියනව...පජාති වෙඩිමකට ගිහින් අන්තිම කුජීත වෙලා හිටිය මම මහන්සිය නිසා ඉස්තෝප්පුවෙ බිම ඉඳගත්තම අපේ බලු කොල්ලා මගේ මූණ ලෙව කාලා සුවඳුක් විමසුවෙ හරියට මගේ පෙම්බරී එයා වගේ.
ෆාතිමාව සිහි කරගෙන ඇවිත් ගෙදරට...
දැක්කේ ඒ කෙල්ල වගෙයි බලු නාම්බව...
ලං කලාලු මුණු දෙකම දෙන්න හාදුව.....
ලෙව කෑවලු බැලු තඩියා මුහුණු තහඩුව.....