Thursday, October 9, 2014

80 බන්දුල බාප්පා

කවුද මේ නොසන්ඩාල අවලං වැඩේ කරපු එකාලා...හොයාගෙන ඇවිත් කන පැලෙන්න දෙන්න කලිං මේ කාර් එකේ ලියලා තියෙන කුණු කථා ටික මකනවද නැද්ද ?

මේ වෙඩිම සිරා කොලුවාගේ ඥාති සහෝදරයෙකු වන අතුල අයියාගේය. උගේ ජීවිතයේ ලස්සනම දවස ජල්තර කරන්න හදන්නේ කවුද ඩෝ...සිරා කොලුවාගේ සිංහයා ඇතුලු හදේ අවදි වී ඇති සෙයකි.

අත පය දෙපසට වනමින් කෑ ගසනා චරිතය දුර තියා හදුනාගැනීමට අපහසු නැත. ඒ අපේ බන්දුල බාප්පාය. හොදින් වැඩුනු උස මහත සිරුරක් සහිත මේ චරිතය කෝප වූ විටෙක පාලනය කිරීම උගහට බැවින් ඥාති සමූහයා ඔහු වටා රොක් වී කාරණේ කුමක්දැයි විමසති.

බන්දුල මල්ලි පොඩ්ඩක් ඉවසලා හිටියා නං....

නෑ කරුණෙ අයියෙ...අපේ කොල්ලෙක් අද බැන්දෙ...මෙහෙම කැත කථා වාහන වල ලියන එක හරිද...මට අහුවුනොත් කණ පැලෙන්න දෙන්නෙ. බන්දුල බාප්පා නිම්හිම් නැති කෝපයෙන් මොර දෙයි.

සිරිලංකා ගුවන් හමුදාවේ නිළ දරුවෙකු ලෙස යුද්ධය ඉතාම දරුණුවට ඇදී ගිය කාලයේ චීන වරාය කඳවුරේ සේවය කල බන්දුල බාප්පා වූ කලී කදිම රසවතෙකි. මගේ පියානන්ගේ නැන්දනියගේ පුතුන් හතරදෙනාගෙන් කෙනෙකු වන ඔහු අපට නැදෑකමින් බාප්පා කෙනෙකි. නමුත් අනිකුත් බාප්පලා අතර අපට වඩාත්ම සමීපතමයා ඔහුය. ඒ නිසාම සම වයසේ ඥාති පුතුන් තම තමන්ගේ ආදර ගැටළු, භෞමික අඛණ්ඩතාවය මොට වීම ආදී ප්‍රශ්න සියල්ල ඉදිරිපත් කලේ ඔහු වෙතය.

වෙනදාට සොමිබරව සිටින ඔහු මේ අවස්ථාව වන විට කෝපය ඉහවහා ගොස් ඇති නිසා ඊලගට සිදුවෙන්නට යන්නේ කුමක්දෝයි සිතන ඥාති ජන සමූහයා මගුල අස්සේ තෝන්තු වී සිටිති.

මගුලේ මනාලයා වූ අතුල අයියා පැණි හද කෑමට පිටත්වීමට මොහොතකට පෙර පෙරලුනු බාල්දිය ගැන විස්සෝපයෙනි.

මොහොතක ඇවෑමෙන් හිස බිමට හරවා ගත් චරිත 3 ක් මංගල රථය අසලට පැමිණෙන අයුරු පෙනෙයි. රථයේ පසුපස වීදුරුව මත දන්තා ලේප භාවිතයෙන් ලියූ අසැබි වදන් පෙළකි. ඒවා සීමාව ඉක්මවා ඇති බව බන්දුල බාප්පාගේ අනු මස්තිෂ්කයට වැටහී තිබේ.

ගුටි නොකා ඉක්මනට මකපල්ලා...බන්දුල බාප්පාගේ මුහුණ ආතුරයාගේ ශරීරයට වැහුනු යක්ෂයා එලවන්නට දත කන කට්ටඩියෙකුගේ වැනිය. මුහුණ දහඩියෙන් පෙගී ගොසිනි.

මනාලියගේ සහෘදයන් ඔවුන් දෙපලට දෙන්නට සූජානම් කොට තිබූ පුංචි පහේ රැග් එක ලත් තැනම ලොප් වී අතර මග කෙළවී අවසානයේ කුජීතම වී ඇත. කොහෙන්දෝ පාත් වූ බන්දුල බාප්පා ඉදිරියේ උනුන් මුහුණට මුහුණ බලාගෙන සිටිති.

මේ මගුලෙ බන්දුල බාප්පා හිටියා නම් දෙතුන් දෙනෙක් ඉස්පිරිතාලෙ බඩගානව ෂුවර්
ඡායාරූපය ඉස්සුවෙ මෙතැනින්


විනාඩි කීපයක් අතරතුර රථයේ කුණු හරුප නළ ජලයෙන් සේදි ගියෙන් මංගල රථය පැණි හද කන්නට යන ගමනට  සූජානමෙනි. බාප්පාගේ කෝපය අශෝක වීදුරුවට වැටුන තේ යාරයක රස්නය මෙන් කෙමෙන් කෙමෙන් පල්ලම් බසියි.

සභාව සන්සුන් වී ගුණ කථන / අවවාද  / ළමයි හදන ආකාරය  ආදී  නව යුවල කෙරේ උපන් අනුපමේය අනුකම්පාවෙන්, දැන උගත් වැඩිහිටියන්ගේ බොක්කෙන් ඉපදුන අදහස් සභා ගත වී හමාර වෙන විට අතුල අයියා තුල තදියමේ සලකුණු හොදින් පෙනෙයි.

ඒ අවසරයෙන් මනාලිය කෙරේ පැමිණි ඇගේ යෙහෙලියන්  ඇය ඒ වන විට හැඳ සිටි ගවුම් කර අතරින් අත දමා පෝරුව අභියස පුන් කලස් සැරසූ පොල් මල් වලින් නෙලාගත් බීජ වැනි කොටස් වලින් ඇගේ පුන් පියයුරු යුවල වට කෙරුවේ නුදුරේදී අතුලයාගෙන් එල්ලවිය හැකි අතුරු ආපදා වලින් ඒවා රැකගන්නට විය යුතුය.

ඔය වගේ අහිංසක විහිළු කලාට කමක් නෑ...අර වගේ කුණුහරුප නොලියා....මෙච්චර ලස්සනට වියදම් කරලා මගුලක් කාලා, ලස්සන ඇඳුම් ඇදලා, වටිනා වාහනේකටත් නැගලා වටේ පිටේ ඉන්න මිනිස්සුන්ට හිනා වෙන්න කුණුහරුප ලියාගෙන යනවා...මොකක්ද ඒ චාරිත්තරේ.....


පොල් මලෙන් කල විහිළුව බන්දුල බාප්පා කෙරෙන් අනුමත වූයෙන් නව යුවල සිත් සතොසින් ගැරඬියන් සේ එකට වෙලී ඔවුන්ගේ ලොවක තනි වෙන්නට පිටත් වූහ.

හැබෑටම බන්දුල බාප්පා මේ කියන මගුලේදී මේ තරම් කිපුනේ මන්දැයි සිරා කොලුවාගේ අක්මාවට වැටහෙන විට ඒකාද කසාදයක් කොරගන්නා වයසට පැමිණ තිබුනි. ඉස්සර දවසක මෙන් නොව දැන් බන්දුල බාප්පා සමග එක මේසයක හිඳ බියර් වීදුරුවක් තොල ගාන තරමට අපට උසස් වීම් ලැබී තිබේ. එවන් විටෙක මම මේ පරණ සිදුවීම මතක් කලෙමි.

ඇයි බාප්පට එදා ඒ තරමට තද උනේ.

මට කොහොමත් මගුල් ගෙවල් වල රැග් කරන උන් පේන්න බෑ. ඒකට හේතුව තමයි අපි බැඳපු දවසෙ අපි වින්ද දුක.

බන්දුල බාප්පා විවාහ දිවියට එළඹෙන විට සිරා කොලුවා සූටි එකෙකි. ඒ කාලයේ අද මෙන් හනිමුන් සොමිය ගන්නට දින ගනන් වැය කරමින් රට පුරා කරක් ගැසුවේ නැත. අද මගුල කෑවා නම් පහුවදා දෙවැනි ගමන සිදුවෙයි. එවන් වටපිටාවක එළඹෙන පළමු රැය තිබහෙන් සිටි එකෙකුට කෙතරම් නම් වටිනේදැයි කම්මල අයියා හෝ එලද බ්‍රා මෙන්ඩිස් අයියා බොලාට කියා දෙනු ඇත.

ඉතින් පළමු දවසේ මගුල කා...හෝටලයට ගොස් අනිත් එකත් කන්නට සැරසෙන විට බන්දුල බාප්පාට මෙන්ම ඔහුගේ සහකාරියටද තරු පෙනුනේ මිතුරු මිතුරියන් කර තිබූ ජඩ කුමන්ත්‍රණය හෙළි වීමෙනි.

එකල තිබුනේ ශාරීරිකව ක්‍රියාත්මක නොවන මෙවැනි වර්ගයේ රැග් විය යුතුය. මනාලියගේ මෙන්ම මනාලයාගේද පහුවදා ගමනට අඳින්නට නියමිත ඇදුම් එකට තබා වාර සිය ගනනක් අරමුණක් නැතුව ඒ මේ අත මසා දමා තිබේ.

ඉතිං කොල්ලො....එදා රෑ ඇඳට වෙලා එළිවෙනකං ඇඳුම් ඩැමේජ් වෙන්නෙ නැති වෙන්න මැහුම් කප කපා ඇඳුම් දෙක වෙන් කරගත්ත එක අපි දෙන්නා කලේ. අවලං හැත්තක් අපේ සොමිය කෑවා. අන්න එදා ඉඳලා තමයි මට ඔය මඟුල් ගෙවල් වල ජෝඩුවට වද දෙන උන් පෙන්නන්න බැරි. අතුල අයියාගේ මගුලේදී බන්දුල බාප්පාට තද වූයේ මන්දැයි දශකයකට පමණ පසු එසේ දැන ගතිමි.

හැඩි දැඩි සිරුර නිසාදෝ මගුලකට පැමිණි කල්හි බන්දුල බාප්පාට තරමක වෙනසක් වන්නට නම් රහමෙර බෝතල කීපයක් වත් හිස් කල යුතු වේ. ඇතැම් දිනෙක පදම ඉක්මවා යයි. සමහර දිනෙක ඔහු කිසිම හේතුවක් නොමැතිව මහා හඩින් හඬා වැලපෙයි. එවන් විටෙක මගේ පියා හෝ වෙනත් වැඩිහිටියෙක්,

අන්න බන්දුලට අඬන වෙරි ඇවිල්ලා යනුවෙන් පවසයි. මේ වදන කාන්තා පිරිමි භේදයකින් තොරව අප පවුල් වල බොහෝ දෙනා දනිති. කලාතුරකින් දවසක බාප්පාට අඬන වෙරි තැපෑලේ පැමිණෙන බව දැනෙන විට වැඩිහිටියෝ ඔහු වසං කරති.

බාප්පා අඬන වෙලාවට අඬන්නේ මනාලයා බදාගත් වනමය. එයින් මට ගම්‍ය වූ කරුණ වූයේ තනිකඩ ජීවිතයේ අවසානය සනිටුහන් කරමින් තවත් එකෙකු වලට වැටෙන හෙයින් බාප්පාගේ චිත්ත සන්තානයේ බුර බුරා නැගෙන වේදනාව කඳුලු බවට පෙරලෙන බවකි. කලාතුරකින් දවසක එසේ වුවද පසුදා වුව ඔහු සිටින්නේ පෙරදා කිසිවක් නොවූ අයුරිනි.

ගුවන් හමුදාවෙන් සමුගත් බන්දුල බාප්පා වරාය අධිකාරියේ රැකියාවට එක් විය. එහිදී ලද වැටුප සැළකිය යුතු එකක්ම වූයෙන් කෙටි කලෙකින් ඔහු නව නිවසක් ඉදිකර වාහනයක හිමිකරුවෙකුද විය. ඔහු මිළදී ගත් වෑන් රථය පසු කලෙක විකුණා දැම්මේ ඔහු වර්තමානයේ ජීවත් වන පළාත කිට්ටුව පාතක හාදයෙක්ට බව බාප්පා එකල මට කිව්වා මතකය. මුලින් කොටසක් ගෙවා ඉතිරිය සතියක් තුල ගෙවන පොරොන්දුව පිට ගණුදෙනුව අවසන් විය. එහෙත් සතිය දෙසතිය වුවද ඉතිරි කොටස නැත. ඉවසීමෙන් සැනසීම නොලැබුන තැන බාප්පා අදාළ තැනැත්තාගේ නිවෙස බලා ගියේ දෙකින් එකක් අද බේරාගන්නා බව කියමිනි.

මහත්තයා සමාවෙන්ට ඕනෙ....සල්ලි ටිකක් හිර උනා...ලබන සතියෙ දිහාට.....

කථා කරන්න එපා...මට හැමදාම මෙහෙ බඩගාන්න බෑ. අද මේ ගණුදෙනුව ඉවරයක් කරමු.

ඉතිරි කොටහට ඔය පරණ වාහනයක් වත් හුවමාරු කරමු එහෙනං...

මොනවද තියෙන්නෙ ඔහේ ලග

ඔය පෝටිකෝව යට තියෙන ලාන්සර් බොක්ස් එක හරි මිට්සුබිෂි ඩෙලිකා L300 වෑන් එක හරි අරගෙන යන්න....

බාප්පා මේ වාහන පරීක්ෂා කරන අතර තුර ඈතින් වූ දරමඩුවක වසා දමා ඇති රථයක් පෙනෙයි.

අරක මොකක්ද ?

වැඩක් නෑ ඒක විකුණන්නෙ නෑ.

පොඩ්ඩක් යමු බලන්න...බන්දුල බාප්පාගේ අතකින් රථයේ රෙදි ගැලවී බිම වැටෙයි.

අඩේ....මේ තියෙන්නෙ මරු බඩ්ඩක්...මේක මම අරගෙන යන්නම්...




බාප්පා මෙන්ම සිරා කොලුවාද එකසේ මනාප ෆොක්ස්වැගන් බීට්ල් 7 ශ්‍රී ලෙමන් කහපාට රථයක් බාප්පාගේ නිවසේ ගරාජයට ඇතුලු වූයේ එදායින් පසුවය.

අහම්බෙන් දවසක බන්දුල බාප්පාගේ නිවසට ගිය මාගේ දෙනෙත් අදහාගත නොහැකි වූයේ මගේ සිහින රථය එහි තිබෙනු දැකීමෙනි. මගේ ආශාව පිළිබද දන්නා බාප්පා....

උඹට ඕනෙ නම් කොල්ලො ඕක අරගෙන පලයං...පුලුවන් දවසක සල්ලි දීහං...

කීයද ගාන...

දෙක හමාරයි...මම අරගෙන එනකොට ඕකෙ වයර් සෑහෙන්න මීයො කාලා තිබුනෙ....ඒවා හදලා සීට් ඔක්කොමත් කුෂන් කලා. මට ගිය වියදම් නැතුව උඹට ගාන කිව්වෙ...

මම ඒ වෙලාවේම මෑණියන් දෑ ඇමතුවෙමි.

අම්මේ බාප්පගෙ කාර් එකක් තියෙනවා ඉබ්බෙක්....මම අරගෙන එන්නද ගෙදර ?

අපෝ එපා...ඔය ලදරං දාන්න මෙහෙ ඉඩත් නෑ...පඩිය ඔක්කොම ඉවර වෙයි ඕවයෙ කැඩෙන ඒවා හදන්න ගියාම...ඒක ඉබ්බෙක් කිව්වා නේද...ඔය ළග පාත ඇළකට දැම්මොත් නරකද ?

මවගේ විරෝධය නිසා මවිසින් රැගෙන නොගිය ඉබ්බා කාර් එක පසුකලෙක බන්දුල බාප්පා අතට ගානක් කැපෙන පරිදි විකුණා තිබුනි.

සිරා කොලුවා රට පැටවෙන්නට මාස කීපයකට පෙර බාප්පාට සිදුවූයේ අකරතැබ්බයකි. නිවසේ වහළයේ වූ අලුත් වැඩියාවක් සදහා කෙට්ටු ඉනිමගක් දිගේ ඉහළට නැගුනු ඔහුගේ විශාල ශරීරයේ බර තව දුරටත් දරා ගත නොහැකිව ඉනිමග දෙකඩ විය. බිම පතබෑවුන බාප්පාගේ එක් අතක් විසන්ධි වූයෙන් ඔහු නිවසේ අැඳ මත දපාගෙන සිටින විට සිරා කොලුවාට සම්මුඛ විය.

ඉතිං කොල්ලො...හොද ෆොක්ස්වැගන් දෙක තුනක් තියෙනවා....හිටහංකො අත හොඳ වෙනකං....ඔහුට මගේ ආගමනය කැඩුනු අත පවා අමතක කර තිබුනි.

වෑල්ඩිං වැඩ / විදුලි කාර්මික වැඩ / ජලනල වැඩ /රථ වාහන කාර්මික වැඩ / මේ කොයි දේත් බන්දුල බාප්පාට කජු කනවා වැනිය. යමෙකු වැඩ කරන දෙස බලා සිටි පමණින් ඔහුට ඒ කාරණය තනිව ඉගෙන ගන්නට ඇත්තේ පුදුමාකාර හැකියාවකි. ඉහත කී හැම දෙයක්ම ඔහු එලෙස ඉගෙනගත් ඒවාය.  සිරා කොලුවාගේ අතිජාත ස්කූටරය මිළදී ගත් අලුතම එහි බොහෝ වැඩ කටයුතු සිදු වූයේ ඔහුගේ දෑතිනි. ‍

එහෙත් ඔහු හෝටල් පාසලේදී ඉවුම් පිහුම් ඉගෙනගත්තේ කුමන ආශාවක් නිසාදැයි මම නොදනිමි. එම අධ්‍යාපනයට පින්සිඳු වන්නට ඥාති වෙඩිම බොහොමයක ගාස්තුවක් අය නොකරන බයිට් සාදන්නා වන්නේ බන්දුල බාප්පාය.

මල්ලියෙ කොහොමද කුකුල් මස් මේ තරම් රහට හදන්නෙ...බාප්පාගේ වැඩිමල් සහෝදරියක් විටෙක අසයි.

උඹලට ඕවා නිකං කියා දෙන්න බෑ. මට ඒවා ඉගෙන ගන්න වියදමක් ගියා...යනුවෙන් පවසා ආඳා මෙන් ලිස්සයි.

සිරා කොලුවා වන මම විදේශගත වූයේ ඥාති හිතමිත්‍රාදින් කිසිවෙකුටත් දන්වා නොවේ. එය බන්දුල බාප්පාටද පොදු විය. රට පැටවී වසරකට පමණ පසු මම ජංගම දුරබණුවෙන් බාප්පා ඇමතීමි.

කවුද කථා කරන්නෙ...

මම අහවලා...

අප්පට සිරි මේ ෆොරීන් ඩයල් එකක්නෙ කථා කරන්නෙ.... ඉතිං ඉතිං...

කථා බහ විවිධ අතුරු මාර්ග දිගේ ඇර සොයිසා කියමින් යයි....

මෙහෙ වාහන නම් බොහොම ගනං අඩුයි බාප්පෙ....ලංකාවට ගේන්න බෑනෙ ඒකයි අවුල...

ලංකාවට ගෙනාවෙ නැති වුනත් කමක් නෑ කොල්ලො...ඔහෙ ඉන්න කාලෙට හරි එකක් පැදහං...පුලුවන් නම් ලංකාවට ආව දවසක ජිප් එකක් ගනිං...ජිප් තමයි ලංකාවට හොදටම අල්ලලා යන්නෙ.

මම පොඩි තේ ඉඩමක් ගත්තා බුලත්සිංහල...උඹට කිව්වද ?

නෑනෙ...

ඒකෙ පොඩි බංගලාවක් තියෙනවා...ඒක හොදට හදලා...නිවාඩු  දවසක නැවතිලා ඉන්න  පුලුවන් තරමට ගේන එක තමයි ඊලග ප්ලෑන් එක.

ඒක නෙමෙයි කොල්ලො...මගේ ඉඩම එහා පැත්තෙ ඉඩම අයිතිකාරයා මගේ හොඳ යාලුවා. මිනිහට ලස්සන දුවෙක් ඉන්නවා, ------------------- ඉස්කෝලෙ උගන්වන ටීචර් කෙනෙක්. මොකද කියන්නෙ උඹට සැට් කරන්නද ? මම කිව්වොත් යාලුවා බෑ කියන්නෙ නෑ. හැබැයි කේන්දරේ නම් ගැලපෙන්නම ඕනෙ පුතේ.

කෙල්ල ලස්සනද ?

උඹ මොනවා කියනවද කොල්ලො...මේ බාප්පා එහෙම අප්සට් ඒවා සෙට් කරයි කියලා හිතුවද අපේ එකෙක්ට..

මේ දවස් වල මගේ කේන්දරේ අවුල් තව අවුරුදු දෙකක් වත් ඉන්න වෙයි වගේ

ඒ වෙද්දි ඒ කෙල්ල බැඳලා ළමයිනුත් ඉඳියි. කේන්දරේ බල්ලට දාලා බැඳපං....

අපෝ බෑ...අපේ අම්මා කැමති නෑ එහෙම කරනවට...

කාලය විටෙක ඉඹි ගමනින්ද තවත් විටෙක අතිධාවන වේගයකින්ද ඉඳිරියට ඇදෙයි. ලංකාවේදී කල කී දෑ නිතර මෙනෙහි වෙයි. මවුබිමේ ලස්සන දවසක සිත නතර වෙයි.

සුදු සීයා නමින් අප හැදින්වූ, අද ජීවතුන් අතර නැති දුරින් ඥාතියෙකු වූ කෙනෙකු වරක් බන්දුල බාප්පාට ෆොක්ස්වැගන් කාරයක් පිළිබද  ඔත්තුවක් දී තිබුනි.

අඩුවට ගන්න පුලුවන් වාහනයක් බන්දුල මල්ලි...ඉක්මනින් බලන්න...

සුදු සීයාද කාලයක්ම තමාගේ කියා මොරිස් මයිනරයක් තිබූ අයෙකි. ඒ නිසා පැරණි වාහන පිළිබඳ නිතරම අවධානයෙන් සිටි කෙනෙකි.

කොල්ලො මේ ඉරිදා වරෙන් කාර් එකක් තියෙනවා බලන්න යන්න..අඩුවට සෙට් උනොත් උඹ ගනින්...

බාප්පා රථ වාහන බලන්න ගිය කිසිම ගමනකට රෝද 4 පාවිච්චි කරන්නේ නැත. ඔහු එවන් ගමනකදී බර දෙන්නේ රෝද 2 වෙතය.

කෙහෙල් දළු පැහැති 4 ශ්‍රී ෆොක්ස්වැගන් වැට මොඩ්ල් රථයක් අප එහි යන විට නිවෙසක අඟුවේ තිබුනි. පිටත පෙනුම ඉතා අගනේය. පින්තාරුව ඉතාම හොඳ තත්වයේ තිබේ. වාහනයේ නිකල් කොටස් හිරු එළියෙන් දිළිසෙයි.

නියමෙට තියෙනවා වගේ මේක නම් නියම භාණ්ඩයක්...

බාප්පා නියමයි කියන්නට ඉස්සර වූයේ නැත. රථය වටේ වට දෙක තුනක් කැරකුණු ඔහු වසා තිබූ වීදුරුවක් පහත් කරමින් රථය තුලට හිස යොමු කළේය.

මෙන්න බලහං, උඹ හොදයි කියපු එකේ අඩිය නෑ.

ෆොක්ස් වැගන් රථය තුල පතුලක් කියා නාමයක් නැත. රථය තුලින් සම්පූර්ණයෙන්ම වාගේ මහ පොළොව පෙනෙයි.

දෙයකට හොඳයි කියන්න ඉක්මන් වෙන්න එපා කොල්ලො. ටිකක් වෙලා ඉවසිල්ලෙන් බලහං....උඹ බඳින්න කෙල්ලෙක් බලන්න ගියත්....මේ වැට මොඩල් ෆොක්ස්වැගන් කාර් එක මතක තියා ගනින්...පිටින් ඔපේ යටින් හපේ බව එතකොට සිහියට එයි.

දර ගොඩක් වෙනුවෙන් වැය කල කාලය පිළිබද තැවෙමින් මේ කියන දවසේ  යළි නිවසට පැමිණියත්....මේ මොහොත දක්වාම බාප්පාගේ අවවාදය මට අමතක වී නැත. මේ වදන මෙයට පෙර නොයෙක් වාරයක් අසා ඇති මුත් එය ශරීරයට ජීරණය වන තරමට ප්‍රත්‍යක්ෂ වූයේ නම් එදාය.



මම කාමරේ අරින සිරා කොලුවා.



ප.ලි

සිරා කොලුවා යනු උග්‍ර ඇන්ටික් උණක් සහිත එකෙකි. ඒ නිසාම මවිසින් 2008 වසරේදී Flickr වෙබ් අඩවිය තුල ආරම්භ කල වොක්ස්වැගන් බීට්ල් සමූහය, මේ වන විට ලොව පුරා බීට්ල් ලෝලීන් විසින් එකතු කල ඡායාරූප 6000 කට වඩා ප්‍රමාණයකින් සන්නද්ධව තිබේ....ඔබත් බීට්ල් ලෝලියෙකු නම් මෙතනින් ඒවා නරඹන්න.

80 comments:

  1. බන්දුල බාප්ප කිව්වම එක පාර ඔළුවට ආවෙ බන්දුල පෙතිය කියපු මාලුව. බාප්ප සිරාට දුන අවවාදෙ මරු. ඒත් ඉතින් කොහොමද ඔහොම ඔළුව දාල කෙල්ලගෙ පල්ල තියෙද කියල බලන්නෙ කිව්වෙ නැති එක තමා අවුල!

    ReplyDelete
    Replies
    1. ඔලුව වෙනුවට වෙන මොකක් හරි දාලා බලාගන්න බැරිවෙයිද ඉන්දික ? :P

      Delete
    2. බලල වැඩක් නෑ !! කොහොමත් වැඩි හරියක පල්ලෙ කෑලිත් නෑ ! :D

      Delete
    3. බන්දුල පෙතියා කියලා මාලුවෙකුත් ඉන්නවද...ඒ ගැන ඇහුවෙ අද නොවැ...සමහර විට බාප්පා හොයා ගත්ත එකෙක්ද දන්නෙත් නෑ...තවම මෙන්ඩිස් ගොයියා මේ පැත්තට ඇවිත් නෑ...සමහර විට එයා දන්නවා ඇති බාප්පා ‍නොකිව්ව කෙල්ලගෙ පල්ල බලන සාස්තරේ...

      Delete
    4. මෙන්න බන්දුල පෙතියා. මෙයා ඉන්නෙ කෑගල්ලෙ පොඩි දොළක විතරයි, මුළු ලෝකෙම්ම.

      ඉවාන්, මොකක් වගේද, අතක්, නැත්තං කකුලක් වගේ දාල බලන්නද ඔය කිව්වෙ. මට පැහැදිලි නෑ.

      Delete
    5. බන්දුල පෙතිය බොහොම ඉක්මනට වදවේගෙන යන මාලුවෙක්..හැබැයි මට හිතා ගන්න බැරි සිරා කොලුව ගෑනියෙක් බලන්න ගියාම ෆොක්ස් වගන් කාර් එක ගැන මතක තියා ගන්න කිව්වේ ඔය දෙකේ හැඩේ මොකේට හරි සමාන කොමක් තියේද....දන්න කවුරු හරි කිව්ව නම්...

      Delete
    6. ස්තූතියි ඉන්දික දෙපලටම...

      Delete
  2. නියම බාප්පා කෙනෙක් නේ. වොක්ස්වැගන් එකක් ගන්න ආසාවක් මටත් තියෙන්නවා.

    ReplyDelete
    Replies
    1. බොට වගේම තමයි...මටත් ඒ ආශාව නැති වෙලා නෑ තවම..

      Delete
    2. සිරාට නම් 18 ශ්‍රි එකක් පුලුවන් මකසිට නම් 32 ශ්‍රි තමයි.

      Delete
    3. ඉවානයට 64 ශ්‍රී … ඕ යේස් !!!

      Delete
    4. 32 ශ්‍රි ජීප් එකක් හොයනවා බන්

      Delete
    5. පළාත් සභා මොඩ්ල් ද මන්ත්‍රී මොඩ්ල් ද ?

      Delete
  3. වොක්ස්වැගන් කියන්නේ ගොඩක් උන්ගේ සිහින වාහනේ බං... ජොබ් එකක් කරන දවසට මුලින්ම ගන්නේ එකක්!
    අර බාප්පා කිව්වා කෙනාවත් බැලුවොත් නරකද? ;)

    ReplyDelete
    Replies
    1. බාප්පා කිව්ව කෙනා හොයන්නෙ අද හෙටම බැඳගන්න කෙනෙක්....එහෙම ගහෙන් ගෙඩි එනවා වගේ එක පාරටම බඳින්න බෑනෙ බං....ජීවිත කාලෙම ඉන්න බලාගෙන ගහන ගැටයක් නොවැ...

      බොට ජොබ් එකේ පළමු වසරේදීම ඉබ්බෙකු ලැබේවා කියා පතමි...

      Delete
    2. ඒක ඇත්ත සිරා...නියම කෙනා නියම වේලාවට හම්බ වෙනවා බං. මට සදූ මුනගැහුනේ 38 ක විතර ඉස්කෝල ටිචැර් කෙනෙක් එක්ක කොටුවක් පැනලා එනකොට.

      Delete
    3. සිරා හොයන්නේ ටීචැර් කෙනෙක් මෙන්ඩෝ :D

      ඌට ඒ ටීචැර් ෂැට් කරලා දෙමු !!!

      Delete
    4. ඒ ටීච සිරාට හොදයි, සිරා ඇන්ටික් ලවර්.

      Delete
    5. කම්මල අයියත් ඉතිං ටීචර්ලා ගැන හොඳට දන්න මිනිහා නොවැ....

      Delete
  4. සෑහෙන කාලෙක ඉඳං කියෙව්වත් අද තමා හා හා පුරා කොමෙන්ටුවක් දාන්නෙ. (ඉතිං මාව පිළිගනිං).
    ඔය මගුල්වල ලොකුපෙට්ටිවල හුලං විස්කෝතු දාලා හරි අර රබර් මෙව්වා පුම්බල බෝල හදල දාලා තෑගි දීමත් උතුම් චාරිත්තර.

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා බොලාව....

      සමහර මඟුල් ගෙවල් වල ජෝඩුවට හරිම සුන්දර දේවල් කරන්න දෙනවා මිතුරො....කවට කමට මිස කාටවත් ශාරීරික හෝ මානසික පීඩාවක් නැති. එහෙම දේ වලට මගෙත් අමනාපයක් නෑ ඔන්න...

      Delete
    2. මචං..සිරාගේ පැනිහද දවසට කාමරේ ඇදයට ඉන්න ලිස්ට් එක ගන්නවා කැමතිනම් උඔත් නම දියන්.

      Delete
    3. ඕං මම සිවිලිම බුක් කරා !!!

      ඇඳ යට "ඕඩියෝ" විතරයි

      සීලිමේ ඉඳං ඕඩියෝ වීඩියෝ දෙකම බැලුවෑකි !!!!!

      එදාට

      බ්‍රෑන්ඩ් එක ගල්
      - ස්තුතියි -

      Delete
    4. අනේ අම්මේ....බොලා එන ගාන වේලාසන කියපල්ලා පහුවදාට Buffet Breakfast ඕඩර් කොරන්න...

      පත්තරයො..උඹ සීලිම කඩාගෙන අපේ ඇඟට එහෙම වැටෙනවා නෙමෙයි...

      Delete
  5. සැක් ඇත්තටම මටත් පෙන්නන්න බැරි වැඩක් තමයි ඔය මගුල් ගෙවල්වල රැග් දෙන එක. අපේ කසින් කෙනෙක්ගෙ මගුලක ඔහොම රැග් එක කියලා පූල් එක ගාව තල්ලු කරල, වැටිලා එක විනම්බෑසියක් උනා.

    ReplyDelete
    Replies
    1. බලන්න නගා මේ පෝස්ටුවෙ ඉහළම තියෙන අයිසිං නාගත්ත දැරිවිගෙ ඡායාරූපය...එයා කොච්චර අපහසුතාවෙන්ද ඉන්නෙ....තමන්ගෙ ජීවිතේ සුන්දරම දවසෙ ඇයට දහස් ගානක් වියදම් කරලා කරපු රූපලාවන්‍ය කටයුතු වලින් පවා වැඩක් නෑ...මෝඩ තිරිසනුන්ගෙ අධම වැඩ නිසා...

      Delete
  6. බන්දුල බාප්පා දුන් අවවාදය මසුරං ය. නමුත් අදාල අවස්ථාවලදී පාවිච්චියට ගත යුත්තේ මොන අවයවයද යන්න සැලකිල්ලෙන් තෝරාගත යුතුය. සෑම විටම ඔලුව පාවිච්චි කරන්නට ගියහොත් අකරතැබ්බ වලට මුහුණදිය හැකි බව සිහිතබාගත යුතුය. :D

    අපේ වෙඩිමෙදිත් අපි දෙන්නව නටවන්න ගිහිල්ල මගේ බොඩිගාඩ් එකෙකුට තදවෙලා අපේ අයිය කෙනෙකුට කෙලින්න ගිය එක බොහොම අමාරුවෙන් ෂේප් කරගත්තෙ.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න අයියලා ඉතිං අත්දැකීම් ඇති අය නොවැ....ඒ නිසා අවවාදය පිළිගනු රිසි වෙමි.....

      ඔය හැඩිදැඩි ශරීරය ආරක්ෂා කරන්න එහෙනං ඒ කාලෙ ඉදලම බොඩිගාඩ් ලා උන්නා....මම හිතන්නෙ දැන් බොඩි ගාඩ් සංඛ්‍යාව එදාට වඩා වැඩි ඇති....

      Delete
    2. යකෝඅපි ප්‍රසා අයියන්ඩි රැස්පට් කරනවා මදිනේ..ආයනම් නරකක් කියලා කෙමෙන්ටුවක්වත් කොටන්නේ නෑ.

      Delete
  7. අඩේ අප්පා... ඒ උනාට සිඟිති rag වලත් පොඩි ලල් එකක් තියනවනේ... බාප්පා නම් සිරා පොරක් වගේ...

    ReplyDelete
    Replies
    1. කරදරයක් නැතුව කරන රැග් වල සතුටක් තියෙනවා විඳින, නරඹන දෙපාර්ශවයටම....නැතුව ශාරීරිකව කරන පීඩා නම් අන්තිම කැතයි...සමහර අය මියගිය අවස්ථාත් අහන්න ලැබිලා තියෙනවා මෝඩ වැඩ නිසා...

      Delete
  8. මටත් ඔය වෙඩින් වල රැග් සීන් නම් පේන්න බෑ. පොඩි ආතල් අන්තිමට මහ කඳුළු කතා වෙලා නැවතුන සිද්ධිත් තියෙනවනෙ.

    බාප්පා නම් එළ පොරක්නෙ.

    අර අවවාදය නම් ඉස්තරම්!

    දැන් අර ඉස්කෝලෙ හාමිනේ එක්ක කතා බහ කරාද? :)

    ReplyDelete
    Replies
    1. මම අහලා තියෙනවා පිහිනුම් තටාකයකට උස්සලා දානකොට හිස බැම්මක වැදිලා මියගිය මනාලයෙකුගේ කථාවක්...ඒ වගේ දෙයක් උනාට පසසෙ ඉතිං ඒ කාරියට සම්බන්ධ වෙච්ච උන්ට ජීවිත කාලයම හෘද සාක්ෂියෙන් දඬුවම් විඳින්න තමයි වෙන්නෙ.

      ඉස්කෝලෙ හාමිනේ යහතින් හිටියොත් ලංකාවට ගිය දවසක මුණගැහෙන්න මමත් මනාපයි බොලං...

      Delete
    2. අන්න මචං ටිචර් විතරයි කියන්නේ හරි ..අපි ඊයේ නවත්තපු තැනින් පටන් ගමු...

      Delete
    3. සයන්ස් ටීචැර්ලට මීයො පෙන්නන්න බෑ !!!!

      විච්චේදනය කරලා පෝමලිං වතුරෙ දානවා ……

      සිරෝ ඉස්සෙල්ල අහපිය උගන්න සබ්ජැට් එක. :D
      සයන්ස් නං ඔය මගුලෙං කාරිනෑ . චැහ්

      Delete
    4. මම හොයාගන්න යන්නෙ ඉංග්‍රීසි ටීචෑර් කෙනෙක්...

      Delete
  9. බාප්පා කිව්ව විදියට ඔය ෆොරීන් ඩයල් එක ඔහේ ඉදගෙන ඇති තරං කාලයක් පොඩි කාර් කට්ටක් එළවල මෙහේ ඇවිත් ජිප් එකක් ගමු නෙවද??

    ReplyDelete
    Replies
    1. ආ.. අමතක උනා පොක්ස්වැගන් කිව්වම මතක් උනේ. මං වැඩ කරපු ආයතනේක හිටියා මරු ඩයල් එකක්. ටිකක් වයසක ඒත් ඇවිද්දින්නමයි හිත..මේ යකා එක්ක මැච් එකක් බලන්න යනවා නං සීට් දෙකකට විතර එහායින් වාඩි වෙන්න ඕන.. හක හක ගාලා ඩෝල් ගාල පිටට දෙන්නේ මරු පාර නේ බං.. කියලා..

      බැරි වෙලා හරි ඌ අව්ටු උනොත් “*කනවා තමා“ කියල පිට පැලෙන්න ගහනවා.. හැක්

      මිනිහා ගැහැණු සමරිසි කේස් වලට කිව්වේ පොක්ස්වැගන් එළවනවා කියලායි.. මටත් ඒ දවස් වල කියනවා අනේ බං අපි පොක්ස්වැගන් කේස් එකක් බලමුකෝ බං කියලා.. හැක්.( ඒ කිව්වේ යකෝ නෙට් එකෙන් බ්ලු එකක් බලමු කියලා)

      Delete
    2. VW එකේ මොඩ්ල් එක නිර්මාණය උනා කියන්නෙත් ගැහැණියෙක් රෙද්ද උස්සපු කේස් එකක් නිසාලුනෙ.

      Delete
    3. හැක්...දේශකයා කම්මැලි කම අත ඇරලා කාලෙකට පස්සෙ හිතට අරගෙන ගහපු කමෙන්ටුවක්...

      ලංකාව ෆුල් අබ්ලික්ද ගොයියො.....මට නම් වැඩි කාලයක් පිට රටක ඉන්න ආශාවක් නෑ...ඒ උනාට ලංකාවට ඇවිල්ලා ලබන ආදායමෙන් ඉතුරුවක් කාරිය කරගන්න බැරි නම් රට නොගිහිනුත් බෑ.

      මිනිහා ෆොක්ස්වැගන් බලන්න යන්න කථා කලා....ඒ වෙද්දිත් දේශකයගෙ නම ඒ අංශයෙන් ඉහළ තැනක තියෙන්න ඇති....නැත්තං වෙන උන් ඉද්දි ඇයි ඔහේටම කථා කලේ...මට එතන පොඩි කුහුලක් තියෙනවා....

      රෙද්ද උස්සපු කථා නම් මන්දා සුදෝ...ෆර්ඩිනඩ් පෝෂ් කියන වර්තමාන පෝෂ් වාහන නිර්මාතෘෘ වරයා තමයි වොක්ස් වැගන් වාහනය සැලසුම් කරලා තියෙන්නෙ. දෙවන ලෝක යුද්ධය වෙනුවෙන් සේවයේ යෙදිය හැකි වාහනයක් සැලසුම් කරන්න කියලා හිට්ලර් කරපු යෝජනාවට ගැලපෙන ලෙස තමයි එයාර් කූල් එන්ජිමක් සහිත මේ වාහනය හැදුවෙ.

      Delete
    4. ඒ කතාව අහල නෑ වගේ,

      Delete
    5. කොයි කථාවද අහලා නැත්තෙ...

      Delete
  10. බාප්පාගේ අවවාදය හොඳයි, හැබැයි දැන් කාලේ හරි නේද ? :P

    ReplyDelete
    Replies
    1. කාලෙ හරි නෙමෙයි ටිකක් පරක්කුයි වගේ....මගේ සමහර යාලුවො දැන් දරුවො පාසල් යවනවා....ඉඳලා හිටලා පරණ එකෙක් මූණු පොතේ සම්මුඛ උනාම අහන්නෙ උඹට දරුවො කීයද කියලා....

      Delete
  11. මගුල් රැග් නම් මහ තිරිසන් වැඩක් බං. කොහොම ඉවසගෙන හිටියත් කවුරුවත් කැමති නෑනෙ ඕකට. ඒත් ඉතින් වැඩියම ඕවා ඇදි ඇදී යන්න එකම සෙට් එකේ උන් අතරෙ. තමන්ට දීපු එකාට රිටන් එක දෙන්න නෙ අනිත් වුන් බලන් ඉන්නෙත්.

    අර කහපාට කාර් බට්ට නම් මරු බං.. ම්ම්...වාහන ගැන වැඩියම හොයන්නත් එපා...... ;)

    ReplyDelete
    Replies
    1. අපිත් ඉතිං යාලුවන්ට රැග් දීලා තියෙනවා...ඒවා ඉතිං බොහොම අහිංසක ඒවා...මනාලිය පුෂ් බයිසිකලයක තියාන යන්න...අන්න ඒ වගේ ඒවා...නැතුව ඒ අයව ශාරීරිකව පීඩාවට පත්වෙන දේ කරන්න යන්න නරකයි...ඒ අයගෙ සුන්දර දවස අසුන්දර වෙන එක තමයි එයින් වෙන්නෙ.

      මොකද කියන්නෙ චන්දන සල්ලි සල්ලි කියලා බලන්නෙ නැතුව ගමුද ඉබ්බෙක්...

      Delete
  12. කොහොම වුනත් බාප්පා හොඳ අවවාදයක් දීලා තියෙන්නේ නේද ...

    ReplyDelete
    Replies
    1. ඇත්ත වශයෙන්ම...ඒ නිසයි අවශේෂ බාප්පලා කීප දෙනා අතරින් මෙයා මට වඩාත් සමීපව දැනෙන්නේ...

      Delete
  13. බාප්ප කියපු එකනම් සහතික ඇත්ත.ඔය රැග් සින් එක නිසා අපෙ අක්ක කෙනෙක්ගෙ මගුල් ගෙදරකදි හොටෙල් එකෙ පුල් එකට මනමාලයව උගෙ යාලුවො සෙට් එක දාල මනමාලිගෙ තාත්තට එ කාලෙත් 10000ක් ද කොහෙද ගෙවන්න වුනා.මෙ 90ගනන්වල.
    ඔක්කොම බලන්නෙ නැතුව හොද කෙල්ලෙක් හමුවුනොත් බැදහන් බන්

    ReplyDelete
    Replies
    1. හොඳ කෙල්ලෙක් හමුවුනාම බඳින්න අදහසක් තියෙනවා තව අවුරුදු දෙකකින් විතර වගේ...බලමුකො ඒ වෙද්දි මොනවා වෙයිද කියලා....

      Delete
    2. අපිට වෙඩිං කේක් කැල්ලක් එක්ක ගල් අරක්කු ටිකක් බොන්න.

      Delete
    3. මියුෂික් දෙන්නං පැලෙන්ඩ !!!

      ගල් විතරයි අපිට ඕනැ.. එක්කො සල්ලි දියං මෙන්ඩා ගෙනෙයි බඩු !!!

      Delete
    4. වෙඩිං කේක් කෑල්ල බයිට් එකටද ගල් අරක්කු වලට....හෙ හෙ...

      Delete
  14. ආන්න...............ආන්න.....................දැක්කා නේද හමුදාවේ කිව්වම ත්‍රිවිධ හමුදාවේ ඉන්න බාප්පලා එසේ මෙසේ පුතයලා නෙවෙයි. :D

    ලස්සන අත්දැකීම් රාශියක් සහිත කතාවක්.

    ReplyDelete
    Replies
    1. ඔබතුමා ඔහොම කියන කොට මට මතක් වුනේ ගෝඨා බාප්පා...:D

      Delete
    2. මට එක දෙයක් කියන්න අමතක වුණා. කාලෙකට ඉහතදී ත්‍රිවිධ හමුදාවට බෝවෙලා තිබුණ ජරා ලෙඩක් තමයි, හමුදා විවාහ මංගල්‍ය වලදී රැග් එක කියලා බලු වැඩ කිරීම. සමහර අවස්ථා වලදී ඉතාම පහත් හැසිරීම් පවා දක්නට ලැබුනා. මේ තත්වය දැඩිව පාලනය කරන්නට හමුදාවට හැකිවුනා. හමුදා නීතිය අනුව බලනවිට, හමුදා මංගල්‍ය උත්සවයක් කියන්නේ, පෙළපාලියක්. එහිදී හමුදාවේ කාටවත් බැහැ, සත්තු වගේ හැසිරෙන්න. ඒ වගේම එතනට ඇවිත් ඉන්න සාමාන්‍ය අයටත් බැහැ නිළ ඇඳුමෙන් ඉන්න මනමාලයා/මනමාලිය සහ ඔහුගේ/ඇයගේ, සහකාරිය/සහකරුවා වෙත, කිසිම ශාරීරික හෝ මානසික පීඩාවක් කරන්න. නිළ ඇඳුමෙන් ඉන්න කෙනෙකුට බැහැ, මංගල්‍ය උත්සවයකදී, බීමත්ව හැසිරෙන්න.

      Delete
  15. //ඒක නෙමෙයි කොල්ලො...මගේ ඉඩම එහා පැත්තෙ ඉඩම අයිතිකාරයා මගේ හොඳ යාලුවා. මිනිහට ලස්සන දුවෙක් ඉන්නවා//

    මෙන්න මේක ගැන පොඩ්ඩක් බැලුවානම් සිරෝ...:P

    ReplyDelete
    Replies
    1. බලමුකො පොඩ්ඩි...තව කල් තියෙනවා නොවැ....සිරා තාම සූටි එකා ....

      Delete
  16. මම උඔගේ ස්කුටර් එක දැක්කා ගම්පහ ගෙට්ටුවෙදි මටත් ලෝබහිතුනා බං ඒක දැක්කහම එල ද බ්‍රා. අපරාදේ උඔට ඉබ්බාව ගන්න තිබුනේ.
    මගේත් පැනිහද ගැන කතාටිකක් තියනවා මට වෙච්ච දේකත් එක්ක ඒත් පෞද්ගලික ඡිවිතේ හැම දෙයක්ම බෝලෝග් වල කොටන්න එපා කියලා අවවාදයක් හම්බ වුන නිසා පොඩ්ඩක් සැරබාල කරලා ලියන්නම්.
    සිරා මචං... මගේ කතාවක් ලියාගෙන යනවා උඔගේ 7වෙනි ලිපියට දාන්න හැබැයි ඒක නම් ලියනවා අතපය දිගඇරලා උඑ කපලා කෙටලා දාපන්.

    ReplyDelete
    Replies
    1. මගේ ස්කූටරේ මා නොමැතිව සොවින් බරවී ගෙදර ගරාජයේ තිබෙන බව තමයි කියන්න තියෙන්නෙ. මේ ලගදි ටෙලියකට අරගෙන තිබුනා උන් තවම සල්ලි ගෙව්වෙත් නෑ ඒ මදිවට ටිකක් සූරලා...ආයෙ නම් මොන යකාටවත් ඒක දෙන්න එපා කියලා මම ගෙදර අයට කිව්වා.

      7 වෙනි ලිපියට හොඳ කථාවක් ලියලා එවන්න මෙන්ඩිස් අයියා....සත්‍ය කථාවක් උනොත් දැනෙන කික් එක වැඩියි.

      Delete
    2. මචං ඇත්තම කතාවක් ඔලුවේ තියනවා මේ දවස්වල අවසාන විභාගයට සුදානම් වෙනවා...දෙනවා මචං අනිවා ලියලා දෙනවා උඔ දන්නවනේ මෙන්ඩා අම්මා දෙනවා කිව්වොත් තාත්තා ගස් බැදලා හරි දෙනවා.

      Delete
  17. කොහොම උනත් කමක් නෑ ඇවිත් ඉක්මනට පිළිවෙලක් වෙයං.රැග් එපා නං අපි රැගට එරෙහි වෙන්නං.ඔය වැඩේ නං මටත් එපා කරපු වැඩක්.ඉස්සර මඟුල් වීඩියෝ කරන්න ගියපුවාම එක එක විදියේ රැග් දැකල තියෙනවා.සමහර එවුන් කරන වැඩ වලට නං තුහ් කියල හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. තව අවුරුදු දෙකකින් විතර පිළිවෙලක් වෙන්නයි කල්පනාව හැලපයියා....මෙහෙම ඉතිං හැමදාම ඉන්න එපා කියලා අනුරාධපුරේ අංක 1 ව්‍යාපාරිකයෙක් මට වතාවක් කිව්වා. ඒ කථාව ඉදිරි දවසක කියන්නම්....

      Delete
  18. බන්දුල බාප්පලා ඉඳලත් කෝ ඉතින් තාමත් උඹලා හරියට වැඩක් කරගෙන නැහැ නේ තවම.

    ReplyDelete
    Replies
    1. ඇත්ත බං....අපේ ප්‍රමාදය සහ නොසැලකිල්ල නිසා තමයි තවම දෙන්න හදන අත අල්ලගෙන නැත්තෙ...

      Delete
  19. මට මං දීපුව ඇස් පනාපිට මටම පළදුන්නා .. චැහ් .
    අච්චර ලස්සන කාරෙක තියෙද්දි කෙහෙල් ගස් ටිං කබල් බැලුං එල්ලපු ලෑම්මාට්ටරේක පැටෙව්වා ගැණිව. මට දුන්නා එළවන්ඩ.. මටත් මොකෑ මාත් එලෙව්වා :D

    ReplyDelete
    Replies
    1. අරින්ඩ එපා පුරේ කොල්ලන්ට ටැට්ටර් ලැන්ඩ්මාස්ටර් සෙල්ලං බඩු උඔට එලවන්න දුන්න උන්ට රැග් එක

      Delete
    2. ඔය වගෙ ලෑන්ඩ් මාට්ටර් කථාවක් අපේ එකෙකුටත් උනා...මිනිහා අපේ බෑන්ඩ් එකේ අපිට වඩා වැඩිමල් එකෙක්...බදිනකොටත් හොඳ තනතුරක උන්නෙ රක්ෂණ ආයතනයක...ලස්සන දැරිවියක් සැට් වෙලා ඉතිං මේකා බැන්දා අපි හැමෝටම මඟුල කියලා. කොල්ලා දන්නවා ඉතිං බෑන්ඩ් එකේ උන් අරිින්නෙ නෑ කියලා...දෙවැනි දවසෙ මිනිහා වාහනේ වීදුරු ඔක්කොම වහගෙන දොරවල් ලොක් කරගෙන උපරිම ආරක්ෂා සහිතව ඉන්නවා...අපිට රැග දෙන්නත් ඕනෙ....අපි දැම්මා පාර හරහා කොටයක්....කාර් එක තව දුරටත් ඉස්සරහට යන්න බැරි නිසා නතර උනා. මිනිහා පරාජය පිළිඅරගෙන බැස්සා. නැග්ගුවා ජෝඩුව මාට්ටරේකට.. ඊට ඉස්සරහින් අපේ බෑන්ඩ් මාස්ටර් සැක්සෆෝන් එකෙන් බයිලාවක් ගහගෙන ගියා....පාරෙ බස් වල ගිය උන් මේ සීන් එක බස් එකේ ජනෙල් වලින් එළියට ඔලු දාගෙන බලන්න ගත්තෙ...ඒවා දැකලා මනමාලිගෙ මූණ රතු උනා....ඒ ඇත්ති පවු නේද බොල පත්තරයො....

      Delete
  20. සිරෝ
    බාප්පා යකාට ගියදෙන් මේ බීට්ල් කතන්දරේ නම් මටත් අල්ලල යනව මොකද මගෙත් ෆේවරිට් එක.ලංකාවෙන් පිටවෙන්න කලින් කීපයක් තිබුන මගෙ ලඟත්. අන්තිමට තිබුන එක 11 ශ්‍රි 586 කනේ මයිල් 1300 එකක්.මම ගත්තෙ දැ‍රැහැවක්.හදලා පෙන්ට් කලා තද තැඹිලි පාටක් අව්වෙ තියනකොට ඒ දිහා බලන්න අමාරුයි. දුකේ බෑ මතක් වෙනකොට .ලංකාවෙ තිබුන අතලොස්සක් වුන 11 ශ්‍රි බීට්ල් වලින් එකක්..තව එකක් තිබුනා 6 ශ්‍රී 5530 13 නිසා මොකෙක්වත් ගන්නෙ නෑ.මටනම් කිසිම අවුලක් තිබුනේ නෑ.පස්සෙ මුස්ලිම් මනුස්සයෙක් ගත්තා.

    ReplyDelete
    Replies
    1. 11 ශ්‍රී කියන්නෙ සුපර් බීට්ල් කියන මොඩ්ල් එක නේද ඇනෝ ගොයියො...ඒකෙ ඩෑෂ් බෝඩ් එක / සස්පෙන්ෂන් එහෙමත් වෙනස්...ඇන්ජිම 1600 cc මම හරිද....මම ඉබ්බෙක් ගත්ත දවසට මම මැරෙන දවසක් එනකං ඒවා මගෙන් ඈත් වෙන්නෙ නෑ...මගේ ස්කූටරයත් එහෙමයි...කිසිදා විකුණන්නේ නෑ.

      පොඩි අදහසක් දෙමු බලන්න...දරහැවක් අරගෙන හදන එකද ලාභ , හොඳට හදපු එකක් ගන්න එකද ?

      Delete
  21. බන්ධුල බාප්ප කිවුව කෙනා ගැන සලකල බැලුවොත් තමයි හොද. මොකෝ ඔවුව VW වගේ ඇන්ටික් වෙනකම් ගෙවල් වල තියාගන්නෙ නෑ.
    මගෙත් ආසම වාහනයක් තමයි vw බීට්ල් එක, හාමිණේ දක්වන තද බල විරෝදය හින්ද එකක් ගන්න විදිහක් නැතිව ඉන්නෙ.
    වෙඩින් කාරෙකට යාළුවො දෙන ඩෙකරේශන් එක හින්ද මම හොරෙන් තව කාරෙකක් ලැහැත්ති කලා ඒක එකෙක්වත් දැනගෙන හිටියෙ නෑ, වෙලාවට කාර් දෙකම ආව අපේ උන්ට අනිකට ඩෙකරේශන් දාන්ඩ බඩු ඔක්කොමඉවරයි.

    ReplyDelete
    Replies
    1. වැඩේ කියන්නෙ කම්මල අයියා මේ ඇත්ති උගන්වන්නෙ රතු ටයි පටි ඉස්කෝලෙ....එයා සමහර විට ඒකෙ ආදි ශිෂ්‍යාවක්ද දන්නෙත් නෑ. එහෙම උනොත් සහජීවනය හොඳ වෙයි නේද...
      මම ගිය වෙඩිමක දැක්ක ලස්සනම මඟුල් රැග් එක ගැන කියන්නද ?

      මනාලයා මනාලිය එක්ක මධු සමයට පිටත් වෙන්න ශාලාවෙන් එළියට ආවා...මේ ජෝඩුවට නිල් පාට වොක්ස්වැගන් එකක් තිබුනා. ඒකෙ තමයි දෙන්නා නුවර එළි යන්න ලෑස්ති වෙලා තිබුනෙ....එළියට බැස්සා විතරයි කොල්ලගෙ යාලුවෙක් විලාප දීලා අඩන්න ගත්තා....අයියෝ හොඳට හිටපු අපේ යාලුවා නේද මේ විදියට විනාශ වුනේ...මට වාවන්නෙ නෑ...තනිකඩ කාලෙ අපිත් එක්ක හොඳට ආතල් දැම්ම එකා නේද අද මේ විදියට පවුල් වෙලා විනාශ උනේ කියලා ඒකා බිම පෙරළි පෙරළි ඇඩුවා...මඟුලට ආපු උන්ට හතර හිනා. ඕන්න ඊට පස්සෙ මේ ජෝඩුවගෙ ඉබ්බා කාර් එක හොඳට සරසලා තව යාලුවෙක් ගෙනත් දුන්නා...ඒකෙ කැසට් එකේ මහා සද්දෙට කුල ගෙදරින් දුම්බර කඳු වැටියේ කියන සින්දුව වාදනය වෙනවා..රථය පිටිපස්සෙ තැඹිලි ගෙඩි දෙකක් / පාන් රාත්තලක් / ටින් බෙලෙක්ක දෙක තුනක් එල්ලලා තිබුනා....ශාලාවෙන් ඒ අය පිටත් වෙද්දි අපිත් තවත් වාහන වල ඉබ්බව ලුහු බැන්දා. මීගමුවෙ පළවෙනි දවසෙ නතර උනේ...උන් දෙන්නව හෝටලයට දාලා, යාලුවො ටික තව වටයක් සප්පයාම් වෙලා එදා ගෙදර ගියේ...

      Delete
  22. සිරෝ,

    මගෙත් ආසම වාහන 2ක් තමයි ස්කූටරයයි ඉබ්බා කාර් එකයි.. කොහෙද අම්මගෙ වදේ තිබුනේ කකුල් දෙකෙන් යන්න බැරි මනුස්සය රෝද දෙකෙන් ගිහින් මොනවා කරගනීද කියල​.. දැඩි විරෝධය නිසා ඒක අත ඇරල දැම්මා..

    ලංකාවේ 2010 ඉබ්බෙක් ගන්නම ගිහින් ඒක අත අැරල ජපන් එකක් ගත්ත. ඉබ්බව මගේ යාලුවා ගත්තා. මග දීගේ කැඩෙන්න ගත්ත නිසා ඒක විකුනුවා එයත්. ආයි ආසයි ගන්න මෙහේ නෙමයි ලංකාවේ..මම හිතන්නේ හෝමාගම තියනවා ඉබ්බන්ට අඩුම කුඩුම හදන තැනක් තාමත්.

    මොනවා වුනත් මොන ජපන් ජර්මන් දැන් එලෙව්වත් පරන එකක් දැක්කහම තාමත් දෙපාරක් හැරිල බලනවා..

    මම
    මයික්

    ReplyDelete
    Replies
    1. මගේ නම් ප්‍රියතම වාහනය තමයි ඉබ්බා..මම නවීන වාහන වලට කවදාවත් සිහින දකින්නෙ නෑ ඉබ්බෙකුට තරම්...මම මෙහෙ වැඩට යන එන මාවතේ පයින් යන කොටසක තියෙනවා වාහන ප්‍රදර්ශනාගාරයක්...ඒකෙ ඉතාම මිළ අධික වාහන වන මැසරාටි / ලෝටස් වගේ වාහන පවා තියෙනවා...නමුත් ඒ වාහන වල මම ඉබ්බෙකුගෙන් දකින සරළ සුන්දරත්වය දකින්නෙ නෑ. පස්සෙ කාලෙක ලංකාවට පදිංචියට එනවා නම් ඉබ්බෙකු ගමු සුදා...අපි දෙන්නා ඉතිං අහළ පහළ උන් නොවැ...

      Delete
  23. මචං...මගේ වෙඩිමට ගැනිගේ පැත්තෙන් නෑදැයෝ කියලා සහබාගි වුනේ 5 දෙනයි අම්මත් ඇතුලත්ව ඒ අපි බැන්දට විරෝදය ප්‍රකාශ කිරිමක්..මගේ නෑදැයෝ කවුරැත් නෑ ඒ මම උන් එක්ක ඉලව් මගුල් නැති නිසා. හැබැයි වෙඩිමට 100ක් විතර හිටියා යාලුවෝ වටේ පිටේ අය. අපි නැකත් බැලුවේ නෑ කට්ටියට කිව්වා මම අහවල් දවසේ බදිනවා කැමතිවුන් වරේව් කියලා. යාලුවෝ ඇවිත් රෑ පෝරැව ගැහැව්වා උදේ බැන්දා මගේ යාලුවා (බෝයා) තමයි මට හනිමුන් හෝටෙල් එක බුක් කරන්න බාර අරගෙන තිබුනේ ඔන්න කාර් එකට නැග්ග මචංලා නරක වචනයක් පෝල් කෝම්ඔයක්වත් නෑ ටික දුරක් ගියාහම කාර් එක නැවත්තුව
    මම ඇහැව්වා ඇයි බං හනිමුන් ගිහින් එනකොට නේද රැග් කරන්නේ කියලා
    හුක@$%$&&%% නැතුව බැහැලා බැග් ටිකත් අරන් අර වැන් එකට නැගපං කියලා බෝහෝම කරැනාවෙන් කිව්වා..වැන් එක ඇතුලේ තව ඡෝඩු 4ක් උන් ඔක්කෝම බැදපු උන් එක ඡෝඩුවක් බබාල දෙන්නත් අරගෙන කස්ටියම අපි එක්ක හනිමුන් යන්න පුල් ආතල්..
    පලවෙනි දවසේ මගේ කන සාක්කුවට වැටෙන්න මට බොන්න දිලා මාව එලියේ කෙරිඩෝ එකේ බුදි කරලා ගැනි එක්ක එක නංගි කෙනෙක් කාමරේ නිදිය ගත්තා..පහුවෙනිදා උදේ ඉදලා අපි දෙන්නට කාමරේට එකට යන්න දෙන්නේ නෑ හැම වේලාවෙම කපල් එකක් ඉන්නවා. එදා රෑ උන් කස්ටියම බිව්වා මට උගුරක්වත් දුන්නේ නෑ ඔන්න යාලුවෝ දුන්න රැග් එක.
    දෙවනි ගමන දවසේ ගෙදරට එනකොට කාර් එක නවත්තලා වාහන ඉස්සරහින් කඔයක් දාලා ගෙදරට එනකන් යාලුවෝ ටික කාර් එක ඇදගෙන ආවා උඔලා වැටෙන ඔිනම වේලාවක උඔලාව ඇදනෙ යන්න අපි ඉන්නවා කියලා පෙන්නලු.

    ReplyDelete
    Replies
    1. අන්න යාළුවො.....පස්සේ උන්ට සලකුවෙවත් නැද්ද බන් මනමාලිව පරිස්සං කොරල දුන්නට....

      Delete
  24. මරු බාප්පෙක්නේ. පොර වහලෙන් පතබෑවිලා අත විතරක් කඩා ගත්ත එක ගැන අහලා මට දැනුනේ සතුටක්. ඒ මොකද වහලෙන් වැටිලා මැරිච්ච උන් කීපදෙනෙක්ම මම දන්නවා.

    උඹ දන්නවද සිරා මමත් ඉස්සර ලෑන්ඩ් රෝවර්, මිනි මයිනර්, VW බීට්ල් වලට මාර ආසයි. නමුත් මගේ ප්‍රියතම කාර් එක වුනේ Volkswagen Golf GT(Diesel). මම තවමත් ආසයි. නමුත් කාලෙත් එක්ක දේවල් ෆෝර්මැට් වෙනවා. දැන් නම් මම යන්නේ ඩීසල් වාහන වලට විතරයි. වෑන් වල ඉඩ තියෙන බව තේරෙනවා පවුල් කාරයෙක් වුනාට පස්සෙ, විශේෂයෙන්ම ළමයි බමයි ඉන්නකොට. තව SUV හොඳයි. නමුත් ගණං වැඩියි. මොනම හේතුවකටවත් පෙට්‍රල් කාර් එකක් ගන්න හිතෙන්නේ නෑ බං. මොකද ආසාවට ගත්තට වැඩිපුර තියෙන්නේ ගරාජ් එකේ නවත්තපු ගමන් වියදම වැඩි හන්දා. ඩීසල් එහෙම නෑ. කොච්චරවත් පාරේ.

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...