“ලේ....ලේ මට දැන් ඔන ලේ රහ බලන්න මිනිහෙක්.....ඉස්සෙල්ලම මූණට හම්බුවෙන එකාගෙ ලේ පනිනකල් හපාගෙන ඉන්නවා. මං උගේ උගුරු දණ්ඩටම පනිනවා....
වයිටාගේ කෙඳිරුම් හඬ කලූගේ ඔලුවේ කැකෑරෙන්නේ හෙණ පහරක් මෙනි.
මට දැන් උඹෙන් වැඩක් නෑ. උඹ අර හන්දියට පලයන්. උඹව අත්‍යවශ්‍ය භාණ්ඩයක් වේවි.
මට දැන් උඹෙන් වැඩක් නෑ. උඹ අර හන්දියට පලයන්. උඹව අත්‍යවශ්‍ය භාණ්ඩයක් වේවි.
මිනිසා තුලවත් දක්නට නොමැති වර්ගය පිළිබද කැක්කුම බලු බසින් බලු මුවින් එසේ වචනයට පෙරළී තිබුනි.
.......................................................................................................
.......................................................................................................
කලූගෙ ඇස් දෙක රතුවෙලා. එළි වෙනකල් අඬලා තියෙන තරමට දැන් නාහෙ දෙපැත්තෙ කබත් එක්ක ඉතිරි උන තෙත තීරු දෙකක් විතරයි එතන තියෙන්නෙ. මට වගේ හෝදගන්න බැහැනෙ ඒ සතාට. කලූගෙ කට දෙපැත්තෙන් සෙම බේරෙනවා. තොල් දෙක නොපිටට පෙරළිලා.
කල්පනා අඬමින් හොටු සූරමින් තමා කාරයට දමා දොර වසන්නට පොදිකන නෑ පිරිවරගේ උරහිසට උඩින් බලා සිටියේ ඈත යන කලූ දෙසය. දොර වැසෙත්දී, මුළු එළියම අඳුරු වෙත්දී ටින්ට් වීදුරුව අතරින් එබී ඇය ඉහත සියල්ල යන්තමින් බලා සිතා ගත්තාය. නොපිටට පෙරලුණු තොල් දෙක දුටු තැනින් පසු ඇගේ දර්ශන පථය වැසුනේ මිනිස් පොදියකින් හා ඔවුන්ගේ බරසාර වතිනි.
අම්මාත් නෑදෑයනුත් හඬද්දී කල්පනාගේ මුවග ඇත්තේ සිනාවකි. ඒ පසුගිය රාත්‍රී ගණනාවක් තිසිසේ සිදු වූ දේහි විරුද්ධ පසයි.
ඒයි පිස්සු බල්ලෙක්....
මිනිහෙක් කෑ ගැසුවේය. නමුත් වාහනයේ වීදුරුව අතරින් ඒ හඬ කල්පනා අසලට නොගියද අනෙක් මිනිසුන් වෙත බෝ වී ගියේය.
.......................................................................................................
කලූ කියන්නෙ අපේ අල්ලපු ගෙදර බල්ලා. බල්ලා කිව්වට කලූ බැල්ලියෙක්. කලූ ගෙදරට ආපු දවසෙ ගුණවර්ධන නෝනලගෙ ගෙදර අයත් ඒ කියන්නෙ අපිත් ගියා බලන්න. උගේ කන්පෙති පහළට කඩා හැලෙනවා. මුළු ඇඟම කලුයි. ඒ නිසාම ඌ කලූ උනා.
මෝටර් රථය මහ පාරට දැමූ තැන පටන් කල්පනා කල්පනාවට එළඹුනාය. හෝටලයට යා යුතු දුර බොහෝ බැවින් ඇයට රිසිසේ එහි නියැළෙන්නට ඉඩ තිබුණි. ඇය හෝටලය වෙත ගොස් එතැනින් අනාගතයට හෝ ආපසු නිවස වෙත ගොස් එතැනින් අතීතයට හෝ නොගොස් කලූ පිළිබදවම සිතුවාය.තවදුරටත් තමාට තමන් ගැන කල්පනා කිරීමට යමෙක් ඉතිරිව ඇතැයි කල්පනාට නොසිතුණි.
නම ඇහුන හැටියෙම කලූ කොහෙ හිටියත් දුවගෙන එනවා. අල්ලපු ගෙදර අපේ ගෙදර කියලා වෙනසක් නෑ. කලූට කොහෙත් ගෙදර වගේ. ගෙවල් දෙකෙන්ම කෑම බීම ඕන තරම්. කලූ බලාගෙන ඉද්දි සැපට හැදුනා. එහා ගෙදර මල්ලිලයි අපේ නංගියි එක්ක නැටිල්ලමයි වැඩේ. අපේ ගෙදර අයත් කලූට ගොඩාක් ආදරෙයි.
කල්පනා හිතට බාධා කරන යමක් අවට ඇතිවාක් සේ කල්පනාට හදිසියේ හැඟුනාය. ඇය පියවි ලොවට දෑස විවර කර බලද්දී ඔහු මනමාල සිනාවක් ද සමග ඇය දෙස බලා සිටියි. කල්පනා හිස අනෙක් පසට හරවා වීදුරුවෙන් එපිට දිවයන ගස් ගල් අතරට වැදුනාය. තවද මනමාල හිනාවක් යයි කීමෙන් ඔහු පිළිබද බිදුකුදු අප්‍රසාදයක් ඇති නොවිය යුතු වගද කිව මනාය. ඔහු මනමාලයා බැවින් ඒ ඔහුගේ වරප්‍රසාදයකි.
යළිත් පුරුදු කල්පනාවට බසින්නට තරම් හිත සකසා ගැනීමට ඇයට මඳ වේලාවක් ගතවිය. එයද ඇය නැවතුණු තැනින් නොව තරමක් මෙපිටිනි.
වයිටා අපේ ගෙවල් පැත්තෙ කැරකෙන්න ගත්තෙ ඔය කාලෙ තමයි. ඌ පාර දෙපැත්තෙ ඉව කර කර කණුවලට චූ කර කර ඇවිදිනවා හරි හදිස්සිකාරයෙක් වගේ. සමන්ත විහිළු කලා මට ඌව පෙන්නලා. ඒ දවස්වල අපි මගින් බැහැලා රවුම් පාර පැත්තෙන් කථා කර කර ඇවිදගෙන එනවා. අලුතෙන් කාපට් පාර හැදුවට පස්සෙ රවුම් පාරෙන් ආවෙ පාර නොදන්න කෙනෙක් හරි, අපි වගේ පාර හරියටම දන්න දෙන්නෙක් හරිම තමයි.
මං එළවන්න හැදුවම සමන්ත හිනාවෙලා මාව නැවැත්තුවා. ඒ හැටි...සමන්ත කිව්වා.
ඒ හැටි
මං කිව්වෙ සමන්තගෙ, සමහර විට එදා එයා මාව නැවැත්තුවෙ නැත්තං අද මෙහෙම නොවෙන්න තිබුනා.
මං කිව්වෙ කලූට.
රියදුරු රියේ වායු සමීකරණය නිවා දමා ජනෙල් පියන් විවර කළෙන් සීතලත් රැගෙන සුළඟ කාරය තුලට වැදුනේ කල්පනාගේ මුහුණද සිඹිමිනි. ඇයට හදිසියේම දොතොල් වෙව්ලා යන පුරුදු සිසිලත් මතක් විය.
ඔය වීදුරුව වහන්න. ඔයාට සීතලයිද ?
තමා පසෙක සිටින මිනිසාගේ හඬට ඇය නැත යන්න හැඟවෙන පරිදි දෙපසට හිස වැනුවා පමණි. එසේ වුවද යළි ජනෙල් විවර කරන්නැයි ඔහු නොකීවේය.
කලූ ඉක්මනට පැටව් ගහාවි.
සමන්ත කිව්ව වගේම කලූ පැටව් දැම්මා. අපි උන්ව බලන්න ගියේ කලූව ගෙනාපු දවසටත් වඩා සතුටින්. ඒත් අල්ලපු ගෙදර අයට නම් ඒක වදයක් උනා මිසක් සතුටු වෙන බවක් පෙනුනෙ නෑ. ටික දවසක් යනකොට පැටව් ටික අතුරුදහන් වුනා. කලූ කෑ ගගහ හැම තැනම උන්ව හොය හොයා ඇවිද්දා. නොකා නොබී හිටියා.
අපි කලූව ඉල්ලුවා හොඳට බලාගන්නම් කියලා. ඒත් ඒ අය කැමති වුනේ නෑ. කලූට තිබුන සැළකිලි අඩු වුනා. අපේ ගෙවල් අතරෙ පරතරය වැඩි උනා.
මහත්තයා ඕන නම් ඩෙවෝන් එක ලග නැවතිලා බලලා යමු.
රියදුරුගේ හඬ කල්පනා යළිත් පියවි ලොවට ඇද්දේය. ඔහු පාරේ වලවල් මග හරින අතරතුර පිළිතුරක් අපේක්ෂිතව කණ්නාඩිය දිහා බලයි.
දැන් එතන රස්තියාදු වෙන්න වෙලා නෑ. අපි හෝටලේටම යමු.
කල්පනාට එහි වගේ වගක් නැත. ඇයට කොයිකත් එකය.
තියෙන තදියමක් ඇයගේ සිතට නැගිය යුතු අදහසක් ඈ වෙනුවෙන් රියදුරු සිතුවේ ඒ බැවිනි. නමුත් ඔහුගේ තදියම සාධාරණ විය හැකිය. මන්ද ඔහු මනමාලයාය.
කල්පනා සුසුමක් හෙළා ඉතිරි හරිය ඉක්මනින් සිහිපත් කරන්නට සිතුවාය. ඊට වඩා වැඩි දුර නොවනා වග ඈට ඉවෙන් මෙන් දැනුණි.
සමන්ත අපේ ගෙදර එක්ක කථා කරන්න ආවෙ මේ දවස් වල. මට හොඳට මතකයි එයා කිව්වා හන්දිය ලඟ බලු පැටව් තුන්දෙනෙක් වාහනේකට අහුවෙලා තිබුනා කියලා. එදා අපේ ගෙදරින් දොට්ට දාපු සමන්ත බල්ලෙක් වගේ ඔළුව නමාගෙන ගියා. මම අඬ අඬ ඉන්න අතරෙ කලූ වැට පැනලා අපේ ගේ දිහාට ආවා. වෙනදා වගේම තාත්ත ඌට බත් දෙනවා මං අහගෙන. ඒත් කලූ කෑවෙ නෑ මං හිතන්නෙ.
මෝටර් රථය ගලින් නිමකළ පටු මාර්ගයක කන්ද නැගීම අරඹා තිබුණි. දකුණින් බෑවුමද වම් පසින් කන්දද තේ ගස්වලින් වටව ඇත. ඈත නව වගාව සඳහා බූ ගා රඹුක් සිටුවන ලද අඩ නිරුවත් කන්දකි. ඒ වට කොට ඇති කඳු වළල්ල මහා මූසල පාළු ස්වභාවයක්ම පායි. උන් හිස වටා එතී මීදුම් වළාවන්ද හැගීමක් දැනීමක් නැතිවම පාවී නොයා කන්දෙහිම වෙළී හිදියි.
ඔහු නොඉවසිල්ලෙන් කල්පනාගේ ඇඟ උඩ නගින්නට සැරසෙන විට ඇයගේ නිවසේ සාමාජිකන් සියලු දෙනා මංගල්ලය වමාරා කමින් සිටියේය. විදුලි එළියෙන් ආලෝක වූ ඉස්තෝප්පුවේ එළිය ඔවුන්ගේ මුහුණුවල තැවරී තිබුණි. කල්පනාගේ කාමරය හැර මුළු නිවසම එළියය.
වැඩ ටික ලස්සනට කෙරුණා නේද ?
හ්ම්.....
ගිහිල්ලා කථා කරන්නම් කිව්වට අමතක උනාද මන්දා
සිරිලාල් කථා කලා. 6 වෙද්දි හෝටලේට ආවලු.
ආ....ඒක නෙමෙයි අරුංට හෙණ ගහන්න එපැයි අර කරපු අපරාදෙට
මොන ?
අර අහිංසක සතාව මරා දැම්මෙ...ඌට ඇති පිස්සුවක් නෑ. අර ඔපරේෂන් එකට පස්සෙනෙ ඕක උනේ. අනික උන්ට කොහෙන් ආව අයිතියක්ද ඒ අහිංසකයව වඳ කරන්න.
හ්ම්
.......................................................................................................
ලේ...හැම තැනම ලේ...තෙතට දැනෙන මගේම ලේ වල තියෙන හිරිකිත...
කල්පනා ඇඟේ ගෑවී ඇති තමන්ගේම රුධිරය ඇඳ රෙද්දෙහි පිස දැමුවාය. ඔහු ඇය පසෙක නිදයි. ඒ සමන්ත දැයි කල්පනා යළි හැරී බැලුවාය. ඔහුට රැවුලක්ද වැවී ඇත. ඇඟ පතද විශාලය. ඇයට තම නිරුවත් පපුවේ පැත්තක් කඩාගෙන එළියට එන්නා සේ දැනෙයි. නමුත් වම් තනය මත අත තබාගත් විට ඇයට දැනුනේ තන පුඩුවෙන් නැගුණ පුපුරු ගැසීමක් වැනි වේදනාවක්ම පමණි.
ඒ සමන්තම තමයි....
අන්තයේදී සුසුම් හෙළා අත පහත දැමූ ඇය ඇඳෙන් බිමට බැස්සාය. මේ ඇළෙනසුළු පිළිකුලෙන් මිදීමට ඕනෑ වූයෙන් කල්පනා කළුවරේම නාන කාමරයට පිය නැගුවාය.
.......................................................................................................
මෝටර් රථය මහ පාරට දැමූ තැන පටන් කල්පනා කල්පනාවට එළඹුනාය. හෝටලයට යා යුතු දුර බොහෝ බැවින් ඇයට රිසිසේ එහි නියැළෙන්නට ඉඩ තිබුණි. ඇය හෝටලය වෙත ගොස් එතැනින් අනාගතයට හෝ ආපසු නිවස වෙත ගොස් එතැනින් අතීතයට හෝ නොගොස් කලූ පිළිබදවම සිතුවාය.තවදුරටත් තමාට තමන් ගැන කල්පනා කිරීමට යමෙක් ඉතිරිව ඇතැයි කල්පනාට නොසිතුණි.
නම ඇහුන හැටියෙම කලූ කොහෙ හිටියත් දුවගෙන එනවා. අල්ලපු ගෙදර අපේ ගෙදර කියලා වෙනසක් නෑ. කලූට කොහෙත් ගෙදර වගේ. ගෙවල් දෙකෙන්ම කෑම බීම ඕන තරම්. කලූ බලාගෙන ඉද්දි සැපට හැදුනා. එහා ගෙදර මල්ලිලයි අපේ නංගියි එක්ක නැටිල්ලමයි වැඩේ. අපේ ගෙදර අයත් කලූට ගොඩාක් ආදරෙයි.
කල්පනා හිතට බාධා කරන යමක් අවට ඇතිවාක් සේ කල්පනාට හදිසියේ හැඟුනාය. ඇය පියවි ලොවට දෑස විවර කර බලද්දී ඔහු මනමාල සිනාවක් ද සමග ඇය දෙස බලා සිටියි. කල්පනා හිස අනෙක් පසට හරවා වීදුරුවෙන් එපිට දිවයන ගස් ගල් අතරට වැදුනාය. තවද මනමාල හිනාවක් යයි කීමෙන් ඔහු පිළිබද බිදුකුදු අප්‍රසාදයක් ඇති නොවිය යුතු වගද කිව මනාය. ඔහු මනමාලයා බැවින් ඒ ඔහුගේ වරප්‍රසාදයකි.
යළිත් පුරුදු කල්පනාවට බසින්නට තරම් හිත සකසා ගැනීමට ඇයට මඳ වේලාවක් ගතවිය. එයද ඇය නැවතුණු තැනින් නොව තරමක් මෙපිටිනි.
වයිටා අපේ ගෙවල් පැත්තෙ කැරකෙන්න ගත්තෙ ඔය කාලෙ තමයි. ඌ පාර දෙපැත්තෙ ඉව කර කර කණුවලට චූ කර කර ඇවිදිනවා හරි හදිස්සිකාරයෙක් වගේ. සමන්ත විහිළු කලා මට ඌව පෙන්නලා. ඒ දවස්වල අපි මගින් බැහැලා රවුම් පාර පැත්තෙන් කථා කර කර ඇවිදගෙන එනවා. අලුතෙන් කාපට් පාර හැදුවට පස්සෙ රවුම් පාරෙන් ආවෙ පාර නොදන්න කෙනෙක් හරි, අපි වගේ පාර හරියටම දන්න දෙන්නෙක් හරිම තමයි.
මං එළවන්න හැදුවම සමන්ත හිනාවෙලා මාව නැවැත්තුවා. ඒ හැටි...සමන්ත කිව්වා.
ඒ හැටි
මං කිව්වෙ සමන්තගෙ, සමහර විට එදා එයා මාව නැවැත්තුවෙ නැත්තං අද මෙහෙම නොවෙන්න තිබුනා.
මං කිව්වෙ කලූට.
රියදුරු රියේ වායු සමීකරණය නිවා දමා ජනෙල් පියන් විවර කළෙන් සීතලත් රැගෙන සුළඟ කාරය තුලට වැදුනේ කල්පනාගේ මුහුණද සිඹිමිනි. ඇයට හදිසියේම දොතොල් වෙව්ලා යන පුරුදු සිසිලත් මතක් විය.
ඔය වීදුරුව වහන්න. ඔයාට සීතලයිද ?
තමා පසෙක සිටින මිනිසාගේ හඬට ඇය නැත යන්න හැඟවෙන පරිදි දෙපසට හිස වැනුවා පමණි. එසේ වුවද යළි ජනෙල් විවර කරන්නැයි ඔහු නොකීවේය.
කලූ ඉක්මනට පැටව් ගහාවි.
අපි කලූව ඉල්ලුවා හොඳට බලාගන්නම් කියලා. ඒත් ඒ අය කැමති වුනේ නෑ. කලූට තිබුන සැළකිලි අඩු වුනා. අපේ ගෙවල් අතරෙ පරතරය වැඩි උනා.
මහත්තයා ඕන නම් ඩෙවෝන් එක ලග නැවතිලා බලලා යමු.
රියදුරුගේ හඬ කල්පනා යළිත් පියවි ලොවට ඇද්දේය. ඔහු පාරේ වලවල් මග හරින අතරතුර පිළිතුරක් අපේක්ෂිතව කණ්නාඩිය දිහා බලයි.
දැන් එතන රස්තියාදු වෙන්න වෙලා නෑ. අපි හෝටලේටම යමු.
කල්පනාට එහි වගේ වගක් නැත. ඇයට කොයිකත් එකය.
තියෙන තදියමක් ඇයගේ සිතට නැගිය යුතු අදහසක් ඈ වෙනුවෙන් රියදුරු සිතුවේ ඒ බැවිනි. නමුත් ඔහුගේ තදියම සාධාරණ විය හැකිය. මන්ද ඔහු මනමාලයාය.
කල්පනා සුසුමක් හෙළා ඉතිරි හරිය ඉක්මනින් සිහිපත් කරන්නට සිතුවාය. ඊට වඩා වැඩි දුර නොවනා වග ඈට ඉවෙන් මෙන් දැනුණි.
සමන්ත අපේ ගෙදර එක්ක කථා කරන්න ආවෙ මේ දවස් වල. මට හොඳට මතකයි එයා කිව්වා හන්දිය ලඟ බලු පැටව් තුන්දෙනෙක් වාහනේකට අහුවෙලා තිබුනා කියලා. එදා අපේ ගෙදරින් දොට්ට දාපු සමන්ත බල්ලෙක් වගේ ඔළුව නමාගෙන ගියා. මම අඬ අඬ ඉන්න අතරෙ කලූ වැට පැනලා අපේ ගේ දිහාට ආවා. වෙනදා වගේම තාත්ත ඌට බත් දෙනවා මං අහගෙන. ඒත් කලූ කෑවෙ නෑ මං හිතන්නෙ.
මෝටර් රථය ගලින් නිමකළ පටු මාර්ගයක කන්ද නැගීම අරඹා තිබුණි. දකුණින් බෑවුමද වම් පසින් කන්දද තේ ගස්වලින් වටව ඇත. ඈත නව වගාව සඳහා බූ ගා රඹුක් සිටුවන ලද අඩ නිරුවත් කන්දකි. ඒ වට කොට ඇති කඳු වළල්ල මහා මූසල පාළු ස්වභාවයක්ම පායි. උන් හිස වටා එතී මීදුම් වළාවන්ද හැගීමක් දැනීමක් නැතිවම පාවී නොයා කන්දෙහිම වෙළී හිදියි.
කල්පනා බලා සිටියේ වාහනය ඉදිරිපස සවි කර ඇති, කන්ද නගින තාලයට අනුව හිස දෙපැත්තට සොලවමින් සිටින බල්ලාගේ රුව දිහායි. මඳ වේලාවක් යත්දී හිස කකියන්නට ගත්තෙන් ඕ දෙනෙත පියා ගත්තාය.
.......................................................................................................
වැඩ ටික ලස්සනට කෙරුණා නේද ?
හ්ම්.....
ගිහිල්ලා කථා කරන්නම් කිව්වට අමතක උනාද මන්දා
සිරිලාල් කථා කලා. 6 වෙද්දි හෝටලේට ආවලු.
ආ....ඒක නෙමෙයි අරුංට හෙණ ගහන්න එපැයි අර කරපු අපරාදෙට
මොන ?
අර අහිංසක සතාව මරා දැම්මෙ...ඌට ඇති පිස්සුවක් නෑ. අර ඔපරේෂන් එකට පස්සෙනෙ ඕක උනේ. අනික උන්ට කොහෙන් ආව අයිතියක්ද ඒ අහිංසකයව වඳ කරන්න.
හ්ම්
.......................................................................................................
ලේ...හැම තැනම ලේ...තෙතට දැනෙන මගේම ලේ වල තියෙන හිරිකිත...
ඒ සමන්තම තමයි....
අන්තයේදී සුසුම් හෙළා අත පහත දැමූ ඇය ඇඳෙන් බිමට බැස්සාය. මේ ඇළෙනසුළු පිළිකුලෙන් මිදීමට ඕනෑ වූයෙන් කල්පනා කළුවරේම නාන කාමරයට පිය නැගුවාය.
මාසයේ අවසන් ලිපිය වෙනුවෙන් සිරාගේ කාමරයට ලියා එව්වේ,
ඉසුරු අබේසේකර
ප.ලි
ඉසුරු අබේසේකර තව දුරටත් සිරාගේ කාමරයට යන එන බොලාට අමුත්තෙකු නොවේ. මෙයට කලින් 7 වෙනි ලිපිය වෙනුවෙන් ඔහු ලියා එවූ ඇඹුල් දොඩම් කථාවෙන් ඔබ ඔහුගේ හැකියාව දැන හඳුනාගෙන තිබේ. වෘත්තියෙන් ලංකාවේ නමගිය දැන්වීම් ප්‍රචාරණ ආයතනයක පිටපත් රචකයෙකු (Copy Writer) වන ඔහුට කලාව සමග ඇත්තේ ගහට පොත්ත වැනි සමීප සබඳතාවකි. සිරාගේ කාමරයේ 7 වෙනි ලිපිය වෙනුවෙන් දෙවැනි වතාවටත් තමන්ගේ නිර්මාණයක් එවීම සම්බන්ධයෙන් ඉසුරු මලයා වෙත සිරා කොලුවාගේ නොවක් ස්තූතියි පිරි නමමි. ජය !
බලු උපත් පාලනය ගැන හොඳ කතාවක්
ReplyDeleteබොහෝම ස්තුතියි ඔබට
Deleteකමක් නෑ ආයේ පාරක් කියවල එන්නම්...
ReplyDelete:-) அண்டர தெமல වගේද? :-)
Deleteමට මේ කතාව තේරුම් ගිය විදිහටයි මේ ලියන්නෙ.
ReplyDeleteමෙය වැරදි අදහසක් දෙන කතාවක්. වන්ද්යාකරනයෙන් බල්ලන්ට/බැල්ලියන්ට කිසිම හානියක් වෙන්නෙ නෑ. ඔය දුක හිතෙනවයි කියන එක මිනිස් හැඟීම් සතුනට වැරදිවිදිහට ආදේශකිරීමක් (Anthropomorphism) . උන් ඉන්නවනම් පැටවුන්ට ආදරෙයි ඒවුනාට පැටව් නෑ කියල මිනිස්සුන්ටවගේ හැඟීමක් නෑ. මට ඉන්නව false pregnancy හැදෙන එක්කෙනෙක්. ඒක instinctively හැදෙන එකක්. ඒකාලෙ ඒවිදිහට හැසිරෙනව. ඊට පස්සෙම් පැටව් නෑ කියල දුකෙන් ඉන්නෙ නෑ. ඒගොල්ලන්ට ඕනැ කෑම, ආදරය ආරක්ශාව (ඒ අනුපිලිවෙලින්)
බල්ලන්ට ආදරේනම් කරන්න ඕනැ උන් බෝකරල අත්හරින එක නෙමෙයි අනවශ්ය බෝවීම පාලනය කිරීම.
ඇත්ත පව වන්ද්යාකරනය නෙමෙයි බල්ලන්ට වද දීම (ශාරීරික - පහර දීම, බෙහෙත් නොකිරීම, කෑම නොදීම සහ මානසික- කලින් ආදරය ආරක්ශාවදී පසුව නොසලකා හැරීම )
කතාව වැරදියට වැටහුනානම් මට සමාවෙන්න.
මං සාමාන්යයෙන් සීරියස් කමෙන්ට් කරන්නෙ නෑ. ඒත් සතුන්ට වදදීම ( මැරීම නොව වදදීම ) මට වැදෙන දෙයක්. විශේශයෙන්ම වන්ද්යාකරනය පවක් යයි සිතන මෝඩකම නිසා ( කම්මැලිකමට හෝ ලෝබකමට වඳ සැත්කම නොකිරීම සාමාන්ය ක්‍රූරකමක් ඒත් පවක්යයි සිතා එසේ නොකිරීම පුදුම මෝඩකමක්) බල්ලන් බෝ වී පාරෙ රෙ වද විඳීම මට පෙන්නන්න බැරි දෙයක්
මම අවුරුදු තිස්ගානක් බල්ලො පවුලේ සාමාජිකයන් තරමට ලඟින් ඇති කරල තියනව. මම හොඳට දැකල තියන දෙයක් තමයි. උන් උන්ගේ පැටව් බිහිකර බලාගැනීමට වඩා කැමති දෙයක් තමයි තම ස්වාමියා උන්ට දරුවන් ලෙස සැලකීම. උන් ගේ මානසික මට්ටම බොහෝ වෙලාවටමිනිස් ලදරුවෙක්ගේ ගානට තියෙන්නෙ. තමන්ගේ පැටව් සුරතල් කිරීමට වඩා නාකි බැල්ලෙයෙක් වුනත් කැමති තමන් මිනිසුන්ගෙන් සුරතල් ලැබීම
(මම ලියපු දිගම කමෙන්ට් එකද කොහෙද. එනිසා තව කැමැත්තක් නැත. එක්කෙනෙක් හරි මේක කියවල නිවැරදි ලෙස මේක විශ්ලේශනය කර සිතුවොත් මට ඇති. එයින් බලුපැටවුන් කීපයක් හරි පාරට නොවැටෙයිනෙ )
මම නම් බල්ලන්ටවත් අනෙක් සුරතල් සතුන්ටවත් කැමති කෙනෙක් හෝ කවදාවත් ඇති කරපු කෙනෙක් නෙවෙයි. හැබැයි මගේ ඔලුවෙත් තිබුනේ සත්තුන්ට උපත් පාලනය කරන එක නරක දෙයක් විදියට. මේ කමෙන්ට් එකෙන් ඒක වෙනස් වුණා.
Deleteමමත් වෙනස් දැක්මක් ගැන හිතන්න පෙළඹුණා
Deleteප්‍රා ජේට ස්තූතියි!
ඔබගේ අදහස බොහෝම අගය කළ යුතුයි. මුලින්ම ඒ ගැන ඔබට ස්තුති කරන්න කැමතියි. ඇත්තෙන්ම මාත් ඉන් දැනුවත් වුණා.
Deleteඒ වගේම, මෙතනදි කෙටි කතාවක් ලෙස ගත් විට “කළුෑ“ යනු හුදෙක් එහි ධාරකයක් මිසක් ධාරණාව නොවෙයි යන්නත් කිය යුතුයි. මා එය යම් සංකේතාර්ථයක් දනවන්නක් ලෙස ගොඩනගන්නයි උත්සාහ කර ඇත්තේ. එය කෙතරම් දුරකට සාර්ථකද යන්න ඇත්තෙන්ම දැන් නම් මටත් කිව නොහැකියි.
ඒ වගේම අපෙගේ සාම්ප්‍රදායික චින්තනය තුළ දාරක ප්‍රේමය මිනිසාට - තිරිසන් සත්වයින්ට වෙනසක් නැති පොදු දෙයක් (උදා- ජන කතා, ජාතක කතා). එබැවින් නූතන විද්‍යාෙවන් දුරස්ත සාම්ප්‍රදායික චින්තනයට සතෙක් වද කිරීමත් පවක්, නරක දෙයක්.
කෙසේ නමුත් නිර්මාණයකට දායක කරගැනීමෙන් කවර හෝ දෙයකින් සමාජයට වැරදි අදහසක් දනවනවා නම් ඒ පිළිබද සමාව අයදින්නත් හැකිවිය යුතු බැවින්, ඒ පිළිබද සමාව අයැද සිටිනවා.
ඔබට බොහෝම ස්තුතියි!
තිස්ස, පැතුම්
Deleteඔබ දෙපොළටත් බොහොම ස්තුතියි!
ප්‍රා. ජේ. සෑහෙන්න දෙයක් දැන ගත්තා. එළ.
Deleteප්‍ර බොහොම ස්තිතියි.එවගෙම ඉසුරු ඔබ විශිෂ්ඨයි
Deleteසෑහෙන්න අමුතු කතාවක්. දෙතුන් වතාවක්ම කියෙවුවා තේරුම් ගන්න.
ReplyDeleteහැඟෙන ඕනෑම් අදහසකට එන්න සම්පූර්ණ නිදහස තියෙනවා. බොහෝම ස්තුතියි ඔබටත්!
Deleteනැත්නං බෑ.. අබේ කොල්ලා දස්සයි...
ReplyDeleteහපොයි! බොහොමත්ම ස්තුතියි ඔබතුමන්ට.
Deleteකලපන ඇඟ ග ඇත තමනගම රරය ඇඳ රදදහ පස දමවය.
ReplyDeleteme kiyenne honeymoon ekedi pettagama kadapu ekak gana ne....ikeeeeeeeee :D
a wage deyak thamai...........
Deleteබොහොම ස්තුතියි ඇනෝතුමන්ටත්!
<< ඒ සමන්ත දැයි කල්පනා යළි හැරී බැලුවාය. ඔහුට රැවුලක්ද වැවී ඇත. ඇඟ පතද විශාලය. >>
ReplyDeleteඕකෙන් අදහස් කරන්නෙ මොකක්ද කියලා මට තෙරෙන්නෑ...
‘‘ඒ සමන්තම තමයි....
Deleteඅන්තයේදී සුසුම් හෙළා අත පහත දැමූ ඇය ඇඳෙන් බිමට බැස්සාය. ‘‘
සාමාන්‍යෙයන් හිතේ තියෙන දේ - අතේ තියෙන දෙයට ආදේශ කරගෙන සැනසෙන එක කාන්තා පාර්ශ්වයේ සහජ ලක්ෂණයක් විදිහටයි මට පේන්නෙ. බොහෝමයක් කාන්තාවො තමන්ගෙ අහිමි ප්‍රේමවන්තයව සැමිය තුළින් දකින අවස්ථා ඕන තරම්. මේකත් ඒ වගේ දෙයක් සෙන්නා...
ඔබට බොහෝම ස්තුතියි!
ආහ්..... මම මෙච්චර වෙලා හිතන් හිටියේ මේ ඔහු කියන්නෙ සමන්තම කියලා... බලද්දි වෙන කෙනෙක් නේද ? එහෙනම් බැඳල යන ගමන් බල්ලෙක් ගැන හිතන එක සාමාන්‍යයි... කතාව හොඳයි ඉසුරු... මම මේ කෑලි වලට මනාපයි..
Deleteඔහු මනමාලයා බැවින් ඒ ඔහුගේ වරප්‍රසාදයකි.
රවුම් පාරෙන් ආවෙ පාර නොදන්න කෙනෙක් හරි, අපි වගේ පාර හරියටම දන්න දෙන්නෙක් හරිම තමයි.
තියෙන තදියමක් ඇයගේ සිතට නැගිය යුතු අදහසක් ඈ වෙනුවෙන් රියදුරු සිතුවේ ඒ බැවිනි.
ආයෙත් බොහෝම ස්තුතියි ඔබට!
Deleteහ්ම්ම්ම්.. සත්තුත් මිනිස්සුය
ReplyDeleteඒක අනිත් පැත්තට කියනවට වඩා ලස්සනයි!
Deleteබොහෝම ස්තුතියි ඔබට!
කලූගෙත්, කල්පනාගෙත් කතාව ඈඳලා තියෙන හැටි අපූරුයි කියලා හිතුණා. වෙනස්ම ආරෙක කතාවක්. පවුලේ කෙනෙක් වගේ හුරතල් බලු පැටියෙක් ගෙදර ඉන්න මමත් සත්තුන්ට හිංසා කිරීමට ගැන නම් කොහෙත්ම කැමති නෑ.
ReplyDeleteසත්ව හිංසාව ගැන මගේ අදහසත් ඕකම තමා. අපේ සමහර මිනිස්සු සත්තුන්ට කරන දේවල් දැක්කම එච්චර කෘෘර වෙන්නෙ කොහොමද හිතෙන අවස්ථා තියනවා...
Deleteපොඩි කුමාරිහාමිටත් බොහොම ස්තුතියි!
Standard chartered Bank එකේ වැඩ කරන කවුරැහරි ඉන්නවනම් මට call එකක් දෙන්න උපදෙසක් අවශ්‍යයි..කතාව කියවන්න පස්සේ එන්නම්
ReplyDelete0779751111
ඔබේ පයින්ඩය මම කීප දෙනෙකුට යොමු කලා...ඔය කියන බැංකුවේ අදුනන කෙනෙකු නෑ කාටවත්....දුක තමයි ලොක්කො...
Deleteඔය බැංකුව පැත්ත බලාගෙන බත් කන්නේ නෑ..ස්තුතයි මචං උත්සහයක් දැරැවට
Deleteටිකක් තේරුම් ගන්න අමාරුයි..ලොකු දෙයක් ඇතුලෙ තියෙන පාටයි..
ReplyDeleteකැමති විධිහකට දකින්න නිදහස ඔබ සතුයි උමේෂ්. මහා බරපතල කාරණාවක් නෑ මේකෙ.
Deleteබොහොම ස්තුතියි ඔබට!
ජය!
හ්ම්ම් සත්ව හිංසාව ගැන අලුත් මානයක්!! කතාව ඇත්තෙන්ම හොදයි.
ReplyDeleteබොහොම ස්තුතියි ප්‍රියා...
Deleteගැටෙන්න අදහසක් නෑ... ඒත් මගේ අදහස මිට වෙනස්.. වෙනස් කියන එකෙන් අදහස් කරන්නේ ගැටුමකට කැමතියි කියල නෙවෙයි. මම දකින්නේ වෙනස් විදියකට කියල විතරයි.
ReplyDeleteවන්ද්‍යකරණයෙන් සතුන්ට මුකුත් වෙන්නේ නෑ කියල කියනවා නම්, ඒක වැරදියි. මොකද, ස්වාභාවිකව වඳ භාවයට පත්වීමක් නොවෙන හින්ද, ඒක ඒ සතාගේ සාමාන්‍ය ශාරික තත්වය වෙනස් කිරිල්ලක් හින්ද, ඒ සතාට බලපෑමක් තියෙනවා. හෝමෝන පෙති, ඉන්ජෙක්ෂන් වලින් 'කිසිම ' අතුරු විපාකයක් නැහැ කියල මම කොහෙවත් අහලා නැහැ, එහෙම කොහෙවත් විද්‍යාත්මකව තහවුරු කරලා නැහැ. එතකොට සත්තු උනත් මිනිස්සු උනත් එක විදියයි, ඒ කියන්නේ අතුරු ආබාධ ( දරුණු හෝ කුඩා) ඇතිවෙන හින්ද, මම මගේ ඇස් දෙකෙන් දැකල තියෙනවා එහෙම වන්ද්‍යකරණයෙන් පස්සේ ඉක්මනින් ජීවිතෙන් සමුගත්ත සත්තු.
අපි ඒක සාධාරණීකරණය කරන්නේ, අපි මිනිස්සු හින්දත්, අනිත් සියලු සතුන්ගේ පැවැත්ම, ජීවත්වීමේ, පැටවුන් වැදීමේ අයිතිය අපිට පාලනය කරන්න පුළුවන් පරම අයිතිය අපිගාව තියෙනබව අපිට උගන්නලා තියෙන හින්ද මිසක්, ඇත්තටම බැලුවොත් අපිට මොකද්ද තියෙන අයිතිය තවත් සතෙක්ගේ ජීවිතය පාලනය කරන්න තියෙන?
ඒ වගේමයි, දඩාවතේ යන සත්තු හින්ද වෙන කරදර තමයි ඔය තීරණවලට ප්‍රධාන හේතුව. වෙනත් රටවල් වල ( ඔය ප්‍රතිපත්ති ගේන ) දඩාවතේ යන සත්තු අවමයි. ඒ උන්ට අයිතිකාරයෝ අනිවාර්ය හින්ද මිසක් උන් වඳ කරලා කියන එක සැකයි. එහෙම අයිතිකාරයෝ නැත්තම්, උන්ව අරන් යනවා. (මරනවද කියන්න දන්නේ නැහැ.) කොටින්ම තමුන්ගේ සතා පාරේ ඇවිද්දවන්න එක්කගෙන යනකොට, ඌ ජරා කලොත්, ඒවා අයිතිකාරයා විසින්ම එකතු කරලා අයින් කරනවා. අපේ එහෙම කරන අය බොහොම අඩුයි. 1% විතර.
ඇත්ත, මේ කතාවේ වගේ, සත්තු මිනිස්සු හිතන විදියට නෙවෙයි පැටව් ගැන හිතන්නේ. එහෙම උනුත් අපි විදියට හිතනවා කියල හිතන එක වැරදියි, ඒ වගේම ප්‍රථමිකයි. ඒකයි මිනිස්සු සහ සත්තු අතර වෙනස. නමුත් වන්ද්‍යකරණය කියන්නේ 'පවක්'. ඒක හරියට නීතියෙන් තම පියා ඝාතනය කර, නිවැරදිකරු වෙලා නිදහස් උනත්, කර්මයෙන් ගැලවුමක් නැහැ වගේ... නීතියෙන් අපි සාධාරණිකරණය කලත්, පව පව මයි.... මම අනුමත කරන්නේ නැහැ...
ඒ පව කරන්න අකමැති මම නම්, තමුන් ආස නැත්තම්/හදාගන්න බලාගන්න බැරිනම් / කොටින්ම සතෙක් ඇතිකරන්න දන්නේ නැත්තම් ( පාරේ යන්න නොදී) උන් ඇතිකරන්න නරකයි. එහෙම කියලා පාරේ යන උන් වඳ කරන එක හරියයි කියල හිතන්නේ නෑ.
එහෙම තමුන්ගේ සත්තු පාරේ දඩාවතේ යන්න අරිනවා නම්, ඔහුට අවශ්‍ය යොමුකිරිල්ල කෙරෙන්න ඕනේ. ( එක්කෝ දඬුවම, නැත්තම් දැනුවත්කම)
සතෙක් හදනවානම් ඌව බලාගන්න ඕනේ. ආදරෙන්. පැටව් ආවොත් බලාගන්න වෙනවා. වඳ කිරිල්ල නම් මට වගකීමෙන් මිදෙන්න කරන නරක වැඩක් කියලයි හිතෙන්නේ.
කරන්න අමාරු/කල නොහැකි දෙයක් වෙන්නත් පුළුවන්. නමුත් මම සත්තු හදන්නේ නැති හින්ද තවමත් මට මේ අදහස වලංගුයි.
//හෝමෝන පෙති, ඉන්ජෙක්ෂන් වලින් 'කිසිම ' අතුරු විපාකයක් නැහැ කියල මම කොහෙවත් අහලා නැහැ, එහෙම කොහෙවත් විද්‍යාත්මකව තහවුරු කරලා නැහැ. එතකොට සත්තු උනත් මිනිස්සු උනත් එක විදියයි, ඒ කියන්නේ අතුරු ආබාධ ( දරුණු හෝ කුඩා) ඇතිවෙන හින්ද, මම මගේ ඇස් දෙකෙන් දැකල තියෙනවා එහෙම වන්ද්‍යකරණයෙන් පස්සේ ඉක්මනින් ජීවිතෙන් සමුගත්ත සත්තු.//
Deleteමෙය අර්ධ වශයෙන් ඇත්ත.
ඉන්ජෙක්ශන් එකට කියන්නෙ වඳ නෙමෙයි තාවකාලික උපත්පාලනය කියල. ඇත්ත ඒක හානිකරයි. පිලිකා වුනත් හැදෙන්න පුලුවන් බල්ලන්ට ඒනිසා.
වඳ කියන්නෙ සැත්කම. එය නිසා සතාගෙ ජීවිත කාලය දිග්වෙනවා කියන එක පිලිගත් මතය සහ මගේ සත්තු පිලිබද අත්දැකීම. ඕනැ වෙට් කෙනෙක් ගෙන් අහන්න. ඒගොල්ල සල්ලි හොයා ගන්න ඒක නිර්දෙශ කරනව කියල හිතනවනම් ඉන්ටර්නෙට් බලන්න.
සතාට හානියක් නොවුනත් "පව්" කියල හිතනවනම් ඒ ගැන මට උත්තරයක් නෑ. ක්‍රියාවටවඩා වැදගත් චේතනාව සහ ප්‍රතිපලය කියන එක විතරයි. තමන් පෞද්ගලිකව හිතල බලන්න.
මං නම් මගෙ සතාට කල ඒ "පව" ගැන තාම සතුටුයි. අවු 16ක් විතර සතුටින් ඉඳල එයා මැරුනෙ
අමුතු මානයකින් හිතලා මෙහෙම දෙයක් ලියුවට ස්තූති කරන්න ඕනේ... සාර්ථක ලිපියක්
ReplyDeleteබොහොම ස්තුතියි ඔබගේ අදහසටත්!
Deleteසමාවෙන්න ඔිනේ පරක්කු වුනාට..සිරාට වගේම ඉසුරැටත් ස්තුතියි අපිට හොද කථාවක් කියවන්න දුන්නට.
ReplyDeleteඔබටත් බොහොම ස්තුතියි!
Deleteසිරාට හැමදාමත් අපේ ප්‍රණාමය!!!!
අනේ මන්දා බං, කාලෙකට පස්සේ බ්ලොග් කියවන්න ඇවිත් මොලේ කචල් වුනා වගේ මේක කියවලා, ඇඹුල් දොඩම් කතාව වගේම මේකෙත් තියෙන්නේ නෙල්ලි රස
ReplyDelete:) :) ඇත්තමට නෙල්ලි රස දැනුණා නම් එ්ක තමයි මට වටින්නෙත් පවුලූෂා. මොලේ සම්බන්ධයෙන් අපහසුවක් වුණා නම් සමාවන්න! :)
Deleteබොහොම ස්තුතියි ඔබට!
Хороший день!
මමත් ටිකක් කල්පනාවෙන් දෙපාරක්ම කතාව කියෙව්වා.. කොහොම වුනත් දෙන්න හදපු පණිවිඩය හරි වටිනවා.
ReplyDelete