Friday, September 19, 2014

104 චූටි නංගිගේ ස්වයංවරය

සිරා කොලුවගෙ අතිජාත මිත්තරයෙක් වෙච්ච නගා කොලුවගෙ ආදර කථාව බොලාට කියන තවත් දවසක අපි හමු වෙලා. මේ සිදුවීම් අද ඊයෙ වෙච්ච ඒවා වගේ හදවතේ ගැඹුරු තැනක සටහන් වෙලා තිබුනත් අපටත් හොරා කාලය වේගයෙන් ගතවෙලා දශකයකටත් වැඩි කාලයක් ගෙවිලා ගිහිල්ලා. චූටි නංගිගෙ මුදල් පසුම්බියෙන් එළියට පැන්න ඇගේ පෙම්වතාගෙ රූපයෙන් කලින් කොටස අහවර උනේ. අද එතැන ඉදන් ඉදිරියට.

පුස්තකාල ජීවිතය හමාර කරලා අපි උසස් පෙළ විභාගයටත් ඉද ගත්තා. විභාගයට උත්තර බැඳපු ආකාරය අනුව විශ්ව විද්‍යාල ප්‍රවේශය අපේක්ෂා කරන්න බැරි හින්දම දෙවන වතාවටත් විභාගෙට පෙනී ඉන්න මමත් නගා කොලුවත් ඒ වෙද්දිත් සූජානම් වෙලා අහවරයි. උපකාරක පන්ති පටන් ගත්ත අලුතම වගේ නගා කොලුවත් මමත් පන්සල් හන්දියේ පුෂ්පෙ ගොයියත් පෙර පුරුදු ගමන යළි ඇරඹුවා.

මෙදා පොටේ නම් දෙනවා බැටේ කියලා හිතාන මුල ඉදන්ම ඉතාම හොදින් අධ්‍යයන කටයුතු කරන්නයි අපි තුන්දෙනාගෙම වෑයම. කලින් වතාවෙ වගේම මේ වතාවෙත් ගම්පහ පුස්තකාලයේ උපකාරය පතන්න අපි අමතක කලේ නෑ. මමත් නගා කොලුවත් පුස්තකාල උඩුමහලෙ පාඩම් කරන්න වෙන් කරලා තිබුන කලාපෙට සැට් වෙලා අධ්‍යයන වැඩ කටයුතු කොරාන යනවා. කලින් අවුරුද්දෙ අපිත් එක්ක එක බඩවැල කඩාන ආපු සහෝදරයො වගේ සහෝදරත්වයෙන් ඉදලා..විභාගයෙන් අනතුරුව විසිර ගියපු කිසිවෙක් දැන් එහි නැති නිසා මුල් දවස් කීපයේ දැනුනෙ පුදුමාකාර පාලුවක්. දැරිවියන්ගේ ඉසව්වෙත් අපි එක්ක හිතවත් වෙච්ච, අපේ නෙත් වලට රසදුනක් වෙච්ච කිසිම මුහුණක් දකින්න නෑ. උසස් පෙළට පළමු වතාවට මුහුණ දෙන්න සැරසෙන අපට වඩා වසරක් වයසින් අඩු යුවතියො කීප දෙනෙක් හැරෙන්න තවමත් එහි වැඩි ජනකායක් නෑ.

දවසක් දෙකක් ගත වෙද්දි පුස්තකාල මතකය නගා කොලුවගෙ හිතට දුකක් ගෙනාව නිසාම ඒකා නිවසේ ඉදන් වැඩ කටයුතු කොරන්න තීරණය කලත් හදිසියේ ඒ අදහස අතහැර දමන්න සිදු උනේ අනපේක්ෂිත සිදුවීමක් නිසා. එක දවසක් දවල් වරුවක පුස්තකාලෙ පාඩම් කරන කොටසෙ දැරිවියන්ගෙ පැත්තෙ අපට හුරු පුරුදු මුහුණක් සිනාමුසුව අපි දිහා බලා උන්නා.

වෙන කවුරුවත් නෙමෙයි බොලව් චූටි නංගි.......

අපි වගේම දෙවන වතාවටත් විභාගෙ ලියන්න ඒ ඇත්තිත් කල්පනා කොරලා.

ඒ දසුනින් නගාගෙ හිතේ දහසක් මල් පීදුනා. හැමදාම පුස්තකාලෙ එන්න මිනිහට දැන් හේතුවක්, ආශාවක් තියෙනවා. එදා හවස ගෙදර යන ගමන් චූටි නංගි එක්ක බොහොම හිතවත්ව කථා බහ කරන්නත් නගාට අවස්ථාව ලැබුනා. ඒකා උන්නෙ හරිම ප්‍රීතියෙන්.

දවසක් දෙකක් යද්දි මේ දෙන්නා යාලුවො දෙන්නෙක් වගේ හිතවත්, පාඩම් වැඩ කටයුතු අවසානයේ හැමදාම වගේ අපි තුන්දෙනා දොඩමළු උනා. මේ අතරවාරයේ දවසක තමයි චූටි නංගිගෙ පෙම්වතා ගැන නගා කොලුවා විමසුවෙ. ඒ වෙලාවෙ ඇගේ මුහුණ දුක්බර වෙච්ච ආකාරය මට තවමත් මතකයි. මාස 6 කින් එයා මාව මුණගැහෙන්න ඇවිල්ලා නෑ. ඇය එහෙම කිව්වා.

නගා ගොයියට කලින් වතාවෙ චූටි නංගිගෙ ප්‍රේමය දිනාගන්න බැරි උනත් මේ වතාවෙ නම් වැඩේ ගොඩදාගන්න පුලුවන් කියලා මගේ අක්මාවට දැනුනත්..මේ මගුල් නිසා නගාගෙ විභාග ප්‍රතිඵලයට කෙළවෙයිද කියලාත් නොහිතුනා නෙමෙයි.

තවත් මාස දෙක තුනක් ගත වෙද්දි අලුත් මුහුණු වලින් පුස්තකාලය පිරුනා. මේ චරිත දිනපතා හමුවෙද්දි අපි අපිටත් හොරෙන් එකිනකො සමග සුහද වෙලා. දැරිවියන්ගෙ පැත්තෙ ඉතාම සුන්දර දැරිවියො කීප දෙනෙකුම වාඩි වෙලා උන්නත්...සිරා කොලුවා මේ වතාවෙ මේ කිසිදෙයක් ගැන උනන්දු උනේ නෑ. විභාගයෙන් උසස් ප්‍රතිඵලයක් ගන්න අරමුණ විතරයි මට තිබුනෙ.

කාලය ටික් ටික් හඩින් ගත වෙනවා. විභාගයට තියෙන දින ගනන එකින් එක අඩු වෙනවා...නගා සහ චූටි නංගි අතර තියෙන ඇයි හොදයිය නැගලම යනවා.

ඇගේ පෙම්වතා ඇගෙන් කෙමෙන් කෙමෙන් දුරස් වන බවත්, නගා ගොයියා දිනෙන් දින ඇයට සමීප වන බවත් මේ දෙදෙනා සමීපයේ හිටිය මට අමුත්තක් උනේ නෑ. ඇය නිවසින් රැගෙන එන බත් ගෙඩිය ඇයත් සමග අනුභව කරන්න, චූටි නංගි සමග වැහි දවස් වලට කුඩේ යටින් යන්න නගාට අවස්ථාව ලැබිලා. ඒ දිහා බලාන මිත්තරයෙක් විදියට මම ඉතාමත් සතුටු උනා. මේ දෙන්නගෙම පොදු හිතවතෙක් බවට සිරා කොලුවා උසස් වෙලා.

අපේ එකාට නැවත වතාවක් චූටි නංගිගෙන් කැමැත්ත විමසන්න අවශ්‍ය උනේ නෑ. උසස් පෙළ විභාගය ලියන්න දෙවැනි වතාවට ගම්පහ පුස්තකාලයට සමුදෙනකොට නගා සහ චූටි නංගි එකිනෙකාට පෙම් කරමින් උන්නු ජෝඩුවක්.


දෙවන වතාවටත් උසස් පෙළට මුහුණ දීලා නිවසට වෙලා ඉසිඹුවක් ලබමින් උන්නු කාලෙ අපි අතරෙ ආශ්‍රය, හමුවීම් සීමා සහිතවයි සිදු උනේ. එක දවසක් නිවසේ දුරබණුවට නගා කොලුවාගෙන් ඇමතුමක් ලැබුනා.

උඹ මොකද බොල කරන්නෙ....

මොනවා කරන්නද....උඹට වගේ ලව් කර කර ටවුම පුරා ඇවිදින්න, චිත්‍රපටි හෝල් ගානෙ යන්න එකියක් මට නෑනෙ...

ඒ ඉලව්ව ගැන කථා කරන්න තමයි මම උඹට කථා කලේ.

මොකද පොල්ල තියලා කෙල්ල මාරු උනාද ?

නෑ බං....ඒකිගෙ පරණ කොල්ලට කාලෙකට පස්සෙ චූටි නංගිව මතක් වෙලා. ඊයෙ පෙරේදා දවසක කෝල් එකක් දීලා. එයා ඉතිං අපි දෙන්නගෙ සම්බන්ධය ගැන කිව්වම මිනිහට තරහා ගිහිං...මාව මුණගැහෙන්න ගම්පහට එනවා කියලා...

කොහෙ එකෙක්ද බොල...

ජා-ඇල

උඹ භය වෙන්න එපා අපි මොනවා හරි කොරමු.

ජා-ඇල කිව්වම පොඩියක් විතර වලියට බර ගතියක් තියෙන නිසා නගාගෙ දෙකකුල් දැම්මම මැඩ්ලින් ගහනවා. මේ ඇමතුමෙන් සතියකට විතර පස්සෙ ගම්පහ දුම්රිය නැවතුම අසල චූටි නංගිගෙ අලුත් සහ පරණ කුමාරවරු අතර හමුවකට මග එළිපෙහෙලි උනා.

උඹ භය වෙන්න එපා...මමයි පුෂ්පයයි ඈතින් බලාන ඉන්නම්...උඹ ඒකා එක්ක සුහදව කථා කරපං...අවුලක් ගියොත් අපි දෙන්න ගේමට ඇන්ටර් වෙන්නම්. මම ඒ විදියටයි නගාට උපදෙස් දුන්නෙ.

සති අන්තයේ දිනෙක සවස් වරුවක තමයි මේ සිද්ධිය සිද්ධ උනේ. සිරා කොලුවත්, පුෂ්පෙ ළමයත් ඒ ඉසව්වට යද්දි විනාඩි කීපයක් ප්‍රමාදයි.

නගා, චූටි නංගි සමග ටිකක් විතර උස මහත කලු හාදයෙක් කථා බහක නිරත වෙලා ඉන්න ආකාරය අපිට ඈතටම පෙනුනා.

එකපාරටම යන්න ඕනෙ නෑ. ප්‍රශ්නයක් ආවොත් එතනට යමු...පුෂ්පයා එහෙම කිව්ව නිසා දුම්රිය ස්ථානය කිට්ටුව තැනක අපි දෙන්න මේ තුන් කට්ටුව දිහා බලාන උන්නා.

කථා බහ සුහද නොවන වග තේරුම් ගන්න අපිට වැඩිවෙලාවක් ගියේ නෑ. ආගන්තුක තරුණයා අත පය වනමින් වේගයෙන් කථාබහ කරන විලාශය අපේ හිත් ගත්තෙත් නෑ. ස්වභාවයෙන්ම සටනට යන්නෙ නැති අහිංසකයෙක් වෙච්ච අපේ නගා මුව පොව්වෙක් වගේ බලාන හිටියා.

අන්න ඒ වගේ වටපිටාවක අපි දෙන්නත් කථාවට මැදිහත් උනා. ඔබ දැකුමෙන් මා නෙත ලැබුවේ....ලද ඉහළම සතුටයි මෙලොවේ......වගේ නගා අපි දෙන්නා දිහා බලාන උන්නා. අපි කවුද කියලා ආගන්තුකයට හදුන්වා දුන්නට පස්සෙ මිනිහා අපේ පැත්තට හැරුනා. අපේ පුෂ්පෙ ගොයියත් හොද දේහදාරී පුරුෂයා. ඒ හින්දා ආගන්තුකයා ටිකක් විතර කළබල වෙලා.

මචං මේ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්....වැඩ නිසා මට ටික කාලයක් හම්බවෙන්න එන්න බැරි උනා. (ඒ කාලෙ අද කපොල් වලට වගේ මල් කඩන්න ජංගම දුරබණුව අද මෙන් පදුරක් පදුරක් ගානේ තිබුනේ නැත) මම වැඩ ටික ඉවරකරගෙන එද්දි මෙයා වෙන කෙනෙක්ට සෙට් වෙලා.

දුක වගේම තරහා මුසුවෙචච බැල්මක් මිනිහා ලග තිබුනෙ. එතැනින් පස්සෙ ගොඩාක් දේ ගැන එයා තර්ක කලත්..චූටි නංගි නගා ලගට වෙලා ලේන්සුවෙ කොණක් හපමින් නිහඩව සිටියා.

මේ ඇත්තගෙ කථාව ටික වේලාවක් අහගෙන ඉදලා..මම මිනිහගෙ පිටට තට්ටුවක් දැම්මා.

මචං..මේ වගේ දේකට ගහමරා ගන්න එකේ තේරුමක් නෑ. උඹ ආදරය කරපු කෙනා මෙතන ඉන්නවනෙ දැන්...අපි එයාගෙන්ම අහමු එයා කාටද කැමති කියලා.

මගේ ස්වයංවර යෝජනාවට ඔහු එකග වුනා.

ඔයා මේ දෙන්නගෙන් කාටද කැමති...මම චූටි නංගිගෙන් ඇහුවා.

මොහොතක් නිහඩව සිටි ඇය....මම කැමති මෙයාට...ඇය නගාගෙ අත අල්ලගත්තා.

පැරණි පෙම්වතා බිම බලාගෙන නිහඩවම සිටියා. නමුත් ඔහුගේ හිතේ විශාල දුකක් හිර වී තිබෙන බවක් මට දැනුනා.

අපේ එකා ගිය අවුරුද්දෙ ඉදන් ඔය කෙල්ල ගැන හිතන්නෙ. මුලින්ම අහපු වෙලේ කැමති උනේ නෑ...උඹේ ෆොටෝ එකක් පවා පෙන්නුවා...මාස ගානක්ම උඹලා දෙන්නා මුලිච්චි නොවුන නිසා මේ සම්බන්ධෙ ඉවරයි කියලා ඒකි හිතන්න ඇති.

ඕවා ඔහොම තමයි බං...ගෑණු කියන්නෙ අමුතුම ජාතියක් කියලා උඹ අහලා ඇතිනෙ...ඔය මගුල් අමතක කරලා කරන දෙයක් හොදින් කරගෙන වෙන කෙනෙක් හොයාගනිං...පුෂ්පෙ ළමයත් මිනිහගෙ හිත හැදුවා.

තවත් මොහොතක් ඔහු ගම්පහ දුම්රිය නැවතුම අසල බලා සිටියත්, අලුත් ජෝඩුව නම් ඊට කලියෙන් සතුටින් විසිර ගියා. කලින් ආශ්‍රය කරලා නැති උනත් පරණ පෙම්වතා පිළිබද විශාල කණගාටුවක් ඒ වෙද්දිත් මගේ හිතේ මෝදු වෙලා. මොකෙක් උනත් කොල්ලෙක්නෙ...මට එහෙමයි හිතුනෙ.

මේ සියලු සිදුවීම් නිම උනාට පස්සෙ අපේ සත්‍ය ප්‍රේම භෘංගරාජයා නගා...අපිට මුලිච්චි උනේ ඉදලාම දවසක තමයි. තමන්ගෙ ප්‍රේමකථාව නැගලම යන බවක් තමයි මිනිහා හැම වෙලාවෙම අපිට කිව්වෙ. ඔයින් මෙයින් විභාග ප්‍රතිඵල නිකුත් වෙන දවසත් උදා උනා.

ප්‍රතිඵල නිකුත් වෙච්ච දවසෙ හැන්දෑවෙ අපේ මිදුලෙ ඉදන් නගා බෙරිහන් දෙනවා මගේ නම කියලා.

මොකද බොල....නම කියන්න පුරුදු වෙනවද ?

උඹ ප්‍රතිඵල බැලුවෙ නැද්ද ?

නෑ...තවම බැලුවෙ නෑ..උඹ බැලුවද ?

ඔව්...නගා කෝල හිනාවක් දැම්මා...

ඉතිං...කොහොමද ප්‍රතිඵලේ

A 3 යි. නගා මාව වැළදගත්තා.

උඹත් ඉක්මනට බලහං...කැම්පස් යන්න පාස් වෙලා තියේවි....

අපේ නිවසින් ප්ලේන්ටියක් ගහපු නගා, මගේ මෑණියන්ගෙ දෙපා වැදලා, උගෙ පොල්ල නැති බයිසිකලේ උඩට ගොඩ උනා. දෑ වසරක්ම මේ ප්‍රතිඵලේ ගන්න මා එක්කම මහන්සි වෙච්ච එකා නිසා නගා ගැන මට පුදුම සතුටක් දැනුනා.

වාණිජ අංශයෙන් විභාගයට ලියපු නගා සරසවි වරම් ලබලා, ජීව විද්‍යා අංශයෙන් විභාගය ලියපු චූටි නංගිට මොකද උනේ, මුන් දෙන්නගෙ ආදර අන්දරය ඊට පස්සෙ නැගලම ගියාද, ඊලග කොටසෙන් ඒ ටික දෙසාබාන්නයි මගේ සූජානම. එතකං ඉවසං හිටහල්ලා.....



මම කාමරේ අරින සිරා කොලුවා.

104 comments:

  1. කට ඇරගෙන කියෙව්වා. ඉතුරු ටික කියවන්න වෙන දවසක එන්නලු.... ;-(
    මෙච්චර උනන්දුවෙන් මේවා කියවන අපිට මෙහෙම කරන්න හොඳද....
    මේ කොයි කාලෙද ගම්පහ ජා ඇල පැත්තෙ සැරිසැරුවෙ? අපි එහෙ ක්ලාස් ගිය කාලෙ වුණා නම් අපිත් එනවනෙ ජා ඇල හන්දියට සපොර්ට් එකට

    ReplyDelete
    Replies
    1. මොනවා කොරන්නද ඉතිං....දිග වැඩිඋනාමත් කාමරේට එන උන් බනිනවා නොවැ....කොහොමත් මේ කථාවෙ ඉදිරියත් එක්ක එක කොටසකට ගොනු කරන්න අමාරුයි...මේ සිදුවීම් ප්‍රබන්ධ නොවේ නොවැ...ඒ නිසා සිදු වෙච්ච ආකාරයටම ලියාගෙන යන එකයි මම කොරන්නෙ.

      මේ සිද්ධිය උනේ ගම්පහ නගරයේදි...ජා-ඇල නෙමෙයි...ඔයා කොහෙටද පන්ති ආවෙ..සමාධියටද...නැත්තං ජා-ඇලද ?

      Delete
    2. 2005 ගම්පහ සියාරා

      Delete
    3. අපි අවුරුදු 4 ක් වැඩිමල් බොලාට වඩා...ඒ නිසා දකින්න විදියක් නෑ නගෝ....

      Delete
    4. නඟා ඩොකෙක් බැඳලා ඉන්නේ කියලා සිරා කියලා තියේ කලින්..කෝ මේ උඩ දාගෙන කමෙන්ට් කරන බ්ලොග් යාලුවන්ට එආක මතක නැද්ද?

      Delete
    5. ඩොකා බැන්දෙ නගා නෙමෙයි බං...අපේ පන්තියෙ හිටිය ලතා...

      Delete
  2. හිටහන් බලන්න අනුමානයක් කරන්න පුළුවන්ද කියල. සියළු කාරණා සලකා බැලීමේදී, "මුන් දෙන්නගෙ ආදර අන්දරය ඊට පස්සෙ නැගලම ගියෙ නෑ" කියල හිතෙනව මට.

    ReplyDelete
    Replies
    1. මට ඒකට පිළිතුරක් දෙන්න අමාරුයි ගොයියො...කථාව කියවන ඇත්තො මගෙ බෙල්ල මිරිකනවා එහෙම උනොත්....

      Delete
    2. නඟා ඩොකෙක් බැඳලා ඉන්නේ කියලා සිරා කියලා තියේ කලින්..කෝ මේ උඩ දාගෙන කමෙන්ට් කරන බ්ලොග් යාලුවන්ට එආක මතක නැද්ද?

      Delete
  3. උඹේ යෝජනාව හරි බං.එහෙම තමයි වෙන්න ඕනෑ.

    ReplyDelete
    Replies
    1. මම නම් ආසම නැති වැඩක් තමයි ගෑණු නිසා පිරිමි මරාගන්න එක...

      Delete
    2. ඔය කීවට
      ඉලිඩඩ්, මහා භාරත්, රාමායනනේ වගේ එවුව ලියවුනේ ජංගි වලි නිසානෙ බං

      Delete
    3. ඔය ඉලියඩ් ආශ්‍රයෙන් හදපු "Troy" චිත්‍රපටියේ තියනවා මෙහෙම දෙබසක්...

      "I've fought many wars in my time. Some I've fought for land, some for power, some for glory. I suppose fighting for love makes more sense than all the rest."

      Delete
    4. වලියක් කොතැනද එතන සායක් ඇත.

      Delete
    5. නිගමනය - ජංගි වලි වලට වසර දහස් ගනනක ඉතිහාසයක් ඇත.

      Delete
  4. හොඳම හරියේ නවත්තලා...

    ReplyDelete
    Replies
    1. එහෙමද හිතෙන්නෙ....තාවකාලික නැවතුමක් පමණයි....

      Delete
  5. අද නම් කෙටියෙන්ම ලියලා තියෙන්නේ කම්මැලි කමෙන්ද කොහෙද.. ඉතුරු ටිකත් ලියලම ඉවර කරානම් තමයි හොඳ. දැන් ඉතින් ඉතුරු ටික කියවන්න බලාගෙන ඉන්න වෙනවනේ... :(

    ReplyDelete
    Replies
    1. කම්මැලි කමක් නිසා නෙමෙයි නගෝ...මම ලියන ඒවා දිග වැඩියි කියලා බොහෝ දෙනෙක් කියනවා...කාර්යාල වල විනාඩියට දෙකට බ්ලොග් කියවන්න එන අය තමයි ඒකෙන් අපහසුතාවට පත් වෙන්නෙ. ඒ නිසයි ටිකක් කොට කරලා ලියන්නෙ.

      ඉතිරියත් මේ ලිපියටම ඇමිනුවා නම් තවත් මේ වගේ කොටස් දෙකක්වත් තියේවි...එතකොට කවුරුවත් කියවන්න කැමති වෙන එකක් නෑ...දිග වැඩි නිසා...

      Delete
  6. නවාතැනින් ඇය යනවා 
    වරම් ලබා සරසවියට
    මගේ දුකට නුඹ නාඩන්
    පාන්කිරිත්තෝ....

    භද්‍ර යොවුන් විය සපැමිණි
    සක්මන් මළුවල පෙම්බැඳි
    සිනා කවට බස් පවසති 
    කුමර කුමරියන්..

    ඇසුර පතන දූත හසුන් 
    අවට මැවෙත නවක දසුන්
    නුහුරු ලොවේ කුමර විකුම්
    සසල කරයි සිත්

    මතක විමල් කවුළු දොරින්
    හිස පීරන උදෑසනක
    ඇගේ රුවට ගී ගයන්න
    එපා කුරුල්ලෝ
    ශිල්ප සතර දැන එනතුරු 
    කල්ප කාල පසුවනතුරු
    ඉර අවරින් පායනතුරු
    සිහින දකින්නම් ..…

    ගායනය - සනත් නන්දසිරි
    පද - සුනිල් සරත් පෙරේරා

    ReplyDelete
    Replies
    1. මේ සිංදු අහලත් නෑ බං.. කෝ අපේ සිංදු..?
      බ්‍රැන්ඩ් එක ගල්
      -ස්තුතියි-

      Delete
    2. හන්තාන දෙසින් එන
      මුදු සීත සුළං ‍රැලි
      ඔබ තාම හොදින් හදුනනවානම්
      මේ පාන ඔබේ සුරතින් දැල්වූ
      මං බෝම ප්‍රවේශම් කර ගන්නම් …..//
      සංසාර පුරුද්දටදෝ මන්දා
      ගංගාව ශෝකයෙන් වැළපෙනවා..//
      මං තාම මහාවැලි ගං ඉවුරේ
      වැලි පාර දිගේ හවසට යනවා

      හන්තාන දෙසින් එන
      මුදු සීත සුළං ‍රැලි
      ඔබ තාම හොදින් හදුනනවානම්
      මේ පාන ඔබේ සුරතින් දැල්වූ
      මං බෝම ප්‍රවේශම් කර ගන්නම්

      තනි වී අද මා මේ වැව රවුමේ
      දළදා පෙරහැර සිරි නරඹනවා..//
      මහ සෙනග අතර ඔබ කොතැනක හෝ
      එහි හිඳිනු ඇතැයි නිකමට සිතෙනා

      හන්තාන දෙසින් එන
      මුදු සීත සුළං ‍රැලි
      ඔබ තාම හොදින් හදුනනවානම්
      මේ පාන ඔබේ සුරතින් දැල්වූ
      මං බෝම ප්‍රවේශම් කර ගන්නම්

      ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
      පද රචනය : සුදත් ගාමිණී බණ්ඩාර
      තනුව : ගුණදාස කපුගේ

      Delete
    3. ඇයි බොලව් තොපිලට මේ සින්දුව අමතක උනාද ?

      ඔබ පෙම් කරනා ඔබේ කුමාරී...
      ඔබට ආදරෙයි කියනා අයුරින්...
      පෙර දවසක මා පෙම් කරනා සද...
      මට ද ආදරෙයි කියා තිබේ...

      සාගර වෙරළේ සොඳුරු සැදෑවක...
      රඟහල කෙරවල අඳුරු නිමේෂෙක...
      අද ඔබ ළඟ ඔබ සනසාලන ඇය...
      පෙර දවසක මා තුරුලට වී හිඳ..
      මටද ආදරෙයි කියා තිබේ...

      සක්මන් මළුවක දෙපා ගෙවෙද්දී..
      දොඩමළු පෙම්බස් ගොළුවී යද්දී...
      මා සමුගෙන ඔබ වෙතට පැමිනි ඇය..
      සනහස සඟවා දෙනෙත නුරාවෙන් ..
      මටද ආදරෙයි කියා තිබේ..

      ගායනය සහ තනුව : ගුණදාස කපුගේ
      පද රචනය : සුනිල් ආර් ගමගේ

      Delete
    4. මටමෙන් ඔහුටද කඳුල ඔබයි...
      කඳුල ඔබයි හසරැල්ල ඔබයි...

      තිදෙනෙකු අතරින් දෙදෙනෙකු එක්වේ...
      ආදර ගගුලක් පෙරට ඇදේ...
      කාටද ඔබෙ අත හිමි වන්නේ...
      මා වාගෙම ඔහු විමසන්නේ...

      කිසිවෙකු රිදවා හිනහෙනු බෑ මට...
      එහෙයින් ඔබගෙන් බැහැර යමි...
      ඔබටද ඔහුටද සුබ පතමී...
      ඔබටද ඔහුටද සුබ පතමී...

      ගායනය මිල්ටන් මල්ලවආරච්චි

      Delete
    5. එක මේ උඩ තියෙන විදියටද උනේ නැත්නම් මේ යට තියෙන විදියටද උනේ ???

      Delete
    6. බිදුවක් ඉවසා අහන්න හිතවත....
      අහන්න හිතවත
      ඈ මගෙ පෙම්වතියයි.....
      කිසිදා නොලැබෙන පෙමක් පතා ඔබ
      ඇය රිදවනු වැරදියි....

      මා ඇය හදුනා ගන්නට පෙර සිට
      ඔබ ඇය හදුනා සිටි නමුදු...
      ඔබට නොවේ ඈ මටයි පෙම් කලේ
      දුක්නොමදෙනු ළදකට ඵබදු...

      කුරුඵ කිරිල්ලන් කුඩු තැනු පසු
      සිදබිද වනසාලනු හරි නෑ....
      සොයුරු දමින් ඔබේ ඇසුර පැතු ඈ
      වරදට පොලඹණු ඵක යුතු නෑ...

      ගායනය පුන්සිරි සොයිසා

      Delete
    7. මුදු මුහුනේ සුව දැනුනේ
      පිය ලදුනේ මට විතරද?

      Delete
    8. සිංදු ටික හොදටෝම මදි. මේ මාතෘකාවට තව සිංදු ඕනෙ.

      Delete
    9. සින්දු මදි කිව්ව හින්දා මගෙන් බෝනස්...සින්දු ඇනෝ නිවාඩු නිසා.....

      පාසැල් බිමේ නාමල් පෙතේ
      තාමත් ඔහේ නාමල්
      පෙර සේ පිපේ
      ඒ පෙතේ ළං වී විසූ
      ඈ කොහේ මා කොහේ...

      සුදෝ සුදු වතින්
      ඇගෙ නිල් නෙතින්
      නිමා වූ අපේ
      පාසැල් සමේ
      රහසින් බැඳී මේ ගසේ
      හෙවණේ අපී
      කී කතා රැව් දේ යලී...

      ඇගෙ හදවතින්
      මගෙ හදවතින්
      මැකේ දෝ කෙසේ
      ඒ මල් සමේ
      ළා පත් සැළේ මේ ගසේ
      දොඩනා නියා
      ඒ යුගේ අපගේ කතා...

      පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
      තනුව සංගීතය සහ ගායනය : ප්‍රියා සූරියසේන

      Delete
    10. මුළු හදින් මම ඇයට පෙම් කොට
      අනාගත පෙම් සිහින මැව්වෙමි
      මගේ සොඳුරිය වෙනත් කෙනෙකුට
      අයිති වුණු හැටි බලා දුක් වෙමි .

      නිසංසල තැනකට වෙලා
      හඩන මගෙ ඇස් දෙක දෙස බලා
      කියන්නකෝ දෙවියනේ
      මේ දුක් කොහොම ඉන්නද ඉවසලා

      මගේ අත ගෙන කනට ළං වී
      අනෙ සුදු මම ආදරේ යැයි
      කියන්නට සිතුනේ ඇයිද සුදු
      නොසිතුවෙද මට දුක් ලැබේයැයි

      නිදැල්ලේ තුරුලට වෙලා
      රහස් එක එක කොඳුරලා
      සිනාසුණු හැටි මතක් වෙනකොට
      කොහොම ඉන්නද ඉවසලා

      එදා රෑ ගං ඉවුර අසබඩ
      සුපුන් සඳ පායන වෙලාවක
      කතා කී හැටි මතක් වෙනකොට
      දුක දැනෙයි පවතින අපායක

      මෙහෙම ලෝකෙක ඉපදිලා
      සිතෙහි අදහස් සුන් වෙලා
      මා උපන්නේ දුක් විදින්නද
      දුක් කඳුළු මැද තනිවෙලා

      මුළු හදින් මම ...

      ගායනය - නාරද දිසාසේකර
      පද රචනය - එඩ්මන් ජයසූරිය
      සංගීතය - කුලරත්න තෙන්නකෝන්

      Delete
  7. උඹ මේකත් මෙගා නාට්ටියක්නම් කරන්න එපා අයියේ ඈ!

    ReplyDelete
    Replies
    1. මගෙ ලග රැල්ලට යන වැඩ නෑනෙ නාඩියො...මේක සත්‍ය කථාවක්...ඉතින් සිදුවීම් වෙච්ච පිළිවෙලට තමයි ලියාගෙන යන්නෙ.

      Delete
  8. පරණ කතා ටිකත් කියෝගෙන ආවා. ඒ පාර මේකෙත් තව කොටසක් තියෙනවලුනේ

    ReplyDelete
    Replies
    1. අන්න ඒ නිසා තමයි එක හීනෙන් එළිවෙන්නෙ නෑ කියලා කියමනකුත් තියෙන්නෙ නිසු...

      Delete
  9. හොඳයි බලමුකෝ වෙච්ච දේ.

    ReplyDelete
    Replies
    1. බලන්න තියෙන දේ තියෙන්නෙ තව ඉදිරියට...

      Delete
  10. ඉතින් ඒ සැරේ අයියගේ ප්‍රතිපලේ කොහොමද?

    ReplyDelete
  11. දැං තමා හිතෙන්නෙ අර සතොසින් ගෙනාව සීනි දාල වෙඩි තියන්න
    සැක් ඉතරක්...
    අපූරු මතකයක් සිරා අය්යෙ....
    ඉතුරු ටික කියවනන බලාගෙන ඉන්නව

    ReplyDelete
    Replies
    1. ඒ මොකද බොලං සීනි සතොසෙන්ම ගේන්නෙ...සතොස සීනි වික්කෙ මී මැස්සොත් ඒක ඇතුලෙ දාලද...

      Delete
  12. සැලුන් එකට එන්ටර් වෙලා සිත්තර සත්සිරි පත්තර එනකන් බලාගෙන ඉන්නවා වගේ යකෝ.. ඉතිං ඊට පස්සේ කැලුම් දෙදුනුට මොකද උනේ කියලා බලන්න..
    උඔ ඒ කාලේ ඉදලා ඔලුවෙන් ප්‍රශ්න විසදපු එකෙක් බව දැනුනා..උඔ පුෂ්පයා වගේ යාලුවෝ වසානාවන්..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මෙන්ඩිස් අයියා මම පොඩි එකා කාලෙ ඉදලම පන්තියේ වැඩ කරන...ගුරුවරුන්ගෙන් හොද අහන කල්ලිය සමග ඇයි හොදයිය තියාගන්න උත්සාහ කරපු එකා. ඒ හින්දමද කොහෙද සමාජයට හානිදායක වැඩ කරන්න...තව එකෙක් වලට දාන්න ඉගෙන ගත්තෙ නෑ. යාලුවෙකුගෙ කරදරයකදි උනත් උදව් කරනවා...නමුත් මිනිහා වැරදි නම් වැරදියි කියලා මූණටම කියනවා. ඉදිරි කොටස් වලදි ඒවාට උදාහරණ ලැබේවි.

      චිත්‍රකථා අලුත් පිටපත එනකං උන්මාදයකින් වගේ බලාන උන්නු කාලයකුත් තිබුනා නේද හැබෑටම...

      Delete
    2. හැබෑට මෙන්ඩො කැලුම් දේදුණු, ඒව තමයි මෙගා.

      Delete
    3. කැලුම් දේදුනු මෙගා නාටකෙත් නැගලම ගියා නේද...ඒ උනාට චිත්‍ර කථාවෙදි කැලුම්ලා දේදුනුලා චිත්ත රූප වලින් මවා ගන්න ඕනෙ නිසා රසය වැඩියි.

      Delete
  13. බලමු බලමු. මොකද මුල් කෑල්ල මං බැලුවෙත් නැහැ බං..

    ReplyDelete
    Replies
    1. ඒ කෑල්ල බලලා ඉදිමුකො එහෙනං...

      Delete
  14. පරණ කොල්ල පවු අප්පා!! :(

    ශැක්. මාර අප්සට් එක.

    ReplyDelete
    Replies
    1. යළි සමරන්නට දෑස වසාගෙන
      අතීතයක් මට මතක නැතී
      ඔබ සමුගත් දින දෑත බදාගෙන
      හැඬුවා පමණක් මතක තියේ

      සරසවි උයනේ නිල් තුරු සෙවනේ
      ඔබේ අහිංසක සිනා නොවේ
      අනාගතය ගැන ප්‍රාර්ථනාවන්
      හදේ කොනක ඉදි වුනා ප්‍රියේ
      ශිල්ප සතර දැන ඔබ උගතෙකු වී
      දෙපා නැගූ ලොව අහිමි වුනේ
      සුසුමක් වී ඔබ හදේ රැ‍ඳෙන්නට
      උගත්කමද අප දුරස් කළේ

      දෙගුරුන් සනසා මා සිත හඬවා
      යස ඉසුරින් පිරි ඇගේ ලොවේ
      අද ඔබ ගෙවනා සුවබර දිවියට
      සාප කරන්නට නොහැක ප්‍රියේ
      මට හිමි නැති ඔබෙ සෙනෙහස අබියස
      අනාගතය සිහිනයක් වගේ
      අතීතයම වලදමන්න හැකි මුත්
      ලෝකය නෑ මට සමා කලේ

      යළි සමරන්නට දෑස වසාගෙන
      අතීතයක් මට මතක නැතී
      ඔබ සමුගත් දින දෑත බදාගෙන
      හැඬුවා පමණක් මතක තියේ

      ගායනය : නිර්මලා රණතුංග
      පද රචනය : ඩිෂාන් නානායක්කාර
      තනුව : සමන්ත පෙරේරා

      Delete
    2. දෙනෝදහක් ගැවසෙන සරසවියේ
      පාළුව තනිකම දැණෙනවනම්
      කුටියේ කවුළුව විවර කරනු මැන
      සුළඟක් වී ඔබ වෙත එන්නම්

      ඔබ සරසවියක මා පොඩි ගෙපැලක
      එක්වන්නට අද වරම් නැතේ
      එකම පන්තියේ එක ළඟ ඉඳගෙන
      පාසල් ගිය හැටි සිතට නැගේ

      දෙනෝදහක් ගැවසෙන...

      ඔබ හා අත්වැල් බැඳ ඇවිදින්නට
      පෙරුම් පිරූ පාසැල් සමයේ
      සිල්ප සතර රැඳුණේ නැහැ මා සිත
      ඒ හින්දයි අපි දුරස් වුණේ

      දෙනෝදහක් ගැවසෙන...

      -මිල්ටන් මල්ලවාරච්චි.

      Delete
    3. රන් තරු පායන අහස බලාගෙන
      ඇයි ඔබ තව හිනැහෙන්නේ
      මගෙ හද දිනූ ආදරය සොරාගෙන
      වෙනෙකෙකු නොවැ අද එන්නේ

      මිහිර සොයා ගිය මගෙ ජීවය දැන්
      කඳුළැලි හා ලත වන්නේ
      සමාවෙයන් සොඳුරිය තවමත් මා
      අතමයි වරද තියෙන්නේ

      කුඩා රුවල බැඳ තනිව සයුර මැද
      ඈත අතීතය දෙස බැලුවේ...
      කොහේ සිටන් කොයි බට මා යාවිද
      මට නම් නෑ වැටහෙන්නේ...

      රන් තරු පායන ...

      පලා දෙපලු කළ හදවත දැන් නම්
      කාට එකතු කළ හැක්‌කේ
      බලාගන්න සෙනෙහස තව ඔබටයි
      මා හද තුළ හැම වේලේ

      රන් තරු පායන ...

      මිහිර සොයා ගිය මගෙ ජීවය දැන්
      කඳුළැලි හා ලත වන්නේ
      සමාවෙයන් සොඳුරිය තවමත් මා
      අතමයි වරද තියෙන්නේ..///

      ගායනය - කීර්ති පැස්කුවල්
      පද රචනය - ස්ටැන්ලි පීරිස්
      සංගීතය - ස්ටැන්ලි පීරිස්

      Delete
  15. මුල් කෑල්ලත් බැලුවා.නගා බුද්ධිමත්ව ක්‍රියා කරලා තියෙනවා.එකනේ අරකි කොල්ලගේ පින්තුරයක් පෙන්වලා තියෙන කොට පවා මු වැඩේ අත නැර ලස්සනට මුහුණ දුන්නේ.

    ReplyDelete
    Replies
    1. උත්සාහවන්තයා ජය ගනී කියලනෙ කියන්නෙ...අපි බලමු ඉදිරියට මොකද උනේ කියලා...

      Delete
  16. ප්‍රියදර්ශනSeptember 20, 2014 at 1:16 PM

    මෙගා නාට්ටියක් වගේනෙ...........කුතුහලය තියල නවත්තනව........... සිරාවටම සිරෝ මේ වගේ කතන්දර අපටත් තියනව............ ඒ දවස් වලනං මොලේ කචල්.................. දැංනන් මතක් වෙන කොට මාරම සුන්දරයි අප්පා................

    ReplyDelete
    Replies
    1. අන්න ඒ වගේ කුතුහලය තියෙන කථා කාමරේට එන අනෙත් අයත් එක්ක බෙදාගන්න තමයි 7 වෙනි ලිපිය කියලා අටමගලයක් අටවලා තියෙන්නෙ. බොලාගෙ කථාව ලියලා එව්වොත් 7 වෙනි ලිපියට දාන්නම්....

      Delete
  17. මට මේ කතාවෙ උඹෙ "නගා" සහ "නංගි" මාරු වෙනව සිරෝ. බලමු ඊලඟට වෙන සීන් එක.

    ReplyDelete
    Replies
    1. මොනවා කරන්නද ඉන්දික අයියා.....මුන් දෙන්නට තිබුන ඇත්තම නම් තමයි ඔය දැම්මෙ.....

      Delete
  18. නගා කෙල්ලගෙන් අහන්න කාපු කට්ට ගැන කියවද්දි මතක් උනේම මම එයාට හෝ එයා මට ලව ප්‍රකාස කරගන්න බැරුව අවුරුදු තුනක්ම මහින්ද බන්ඩාරනායක සර්ගෙ පන්තියෙ හරියටම මට ඉස්සරහ හෝ පස්සෙ පේලියෙ වාඩිවෙන නුගේගොට සෙන් ජෝසප් එකේ පියුමි කෙල්ලව

    ReplyDelete
    Replies
    1. ඉතිං ඕනයා අවුරුදු තුන ගතවෙලා වැඩේ සිද්ධවෙලා පස්සෙ කාලෙක බොට අල්ලලා බැද ගන්න ඇහැකි උනාද ඔය කියන දැරිවි ?

      Delete
    2. මොන . . . .
      ලීඩ්ස් එකේ තිබ්බ විබාගෙට කලින් අන්තිම පන්තිය ඉවර වෙලා සර්ට වැදල එහෙම දෙන්නට දෙන්න මූනෙන් මූන බලාෙගන පැයක් විතර හොරගල් අහුල අහුල හිටිය කතා කරගන්න බැරුව. අන්තිමට ඉතුරුවෙලා තිබ්බ පුරුස දහිරිය අන්තිම බින්දු දෙක තුන එක තැනකට අරගෙන "එහෙනං හොදට විබාගෙ කරන්න" කියල සුබ පතල මම මගෙ පාරෙ ගියා . . . එයා එයාගෙ පාරෙ ගියා

      Delete
    3. ඔිනේ..දැන් දුක හිතෙනවා නේද බං?

      Delete
    4. ඇඩෙනව නෙමේ . . . වැලපෙන්න හිතෙනව කසාද බැදල දරුවො ලැබුනටත් පස්සෙ උදේ හවා මූනට මුලිච්චිවෙන්න පටංගත්තම . . . අවුරුදු ගානක්ම නොදැක හිටි එකීව

      Delete
    5. ඕනෙ, කොහොමද පරන ලව් එක හොදම යාළුවෙක් බැන්දම, පාටියකදි, ට්‍රිපකදි කෑම එක, වැඩියෙන් බොනවද, ඔවුව මෙවුව හොයද්දි, ඇඩෙනව නෙමේ වැලපෙනව.

      Delete
    6. මේවා දකිනකොට මට මගේ බ්ලොග් එක මගේ නමින් ලියන්න පටන් ගත්ත මෝඩ කම දස දහස් වරක් මතක් වෙනවා බන්ස් ල... කොටින් ම මගේ ප්‍රථම ඒක පාර්ශචික ප්‍රේමයේ අනිත් පැත්ත දැන් මගේ හොඳම පාටකයෙක් වෙලා.. ඉතින් ඒ කාලේ කතා 500ක් විතර ඇඟිල්ල අග නතර වෙලා තියෙනවා කොටා ගන්න විදියක් නැතිව.. :(

      Delete
    7. පැතුම්, මම ඉස්සල්ලාම කමෙන්ට් දැම්මෙ මගෙ නමින්, කෙනෙක් අවවාද කලා කවද හරි උඹ කැමති දේ නිදහසේ ලියන්න බැරිවෙනව කියල.

      Delete
    8. අඩේ මටත් දාන්න වෙන නමක් කියහන්

      Delete
    9. අඩේ ඕනයා...හැබෑටම වැලපෙන්න හිතෙනවා ඇති තමයි...කැත් සිද්ධිය...

      පැතුම් ගොයියො...බොලාට ලියන්න බැරි ඒවා වෙන නමකින් ලියලා අපි 7 වෙනි ලිපිය යටතේ කාමරෙන් පල කොරමු....

      කම්මල අයියට ඔය උපදේශය දීපු කෙනා ගැන මම දන්නවා.

      මෙන්ඩිස් අයියට ඉතිං වෙන නම් මොකටද.....එලද බ්‍රා කියලම දාමු...

      Delete
    10. Mendiyata hodai "gal menda" naththam "thabaruma"

      Delete
    11. Pathum machan.. ewa liyala sirage eke daapan...

      Delete
    12. //මේවා දකිනකොට මට මගේ බ්ලොග් එක මගේ නමින් ලියන්න පටන් ගත්ත මෝඩ කම දස දහස් වරක් මතක් වෙනවා බන්ස් ල..//

      ++++++++++++++

      Delete
    13. මෙන්ඩො , වැ:ව:කි =වැවකි = වැල වරක කිරීම
      වැවකි හොදයි නේ?

      Delete
    14. වැල වරකා කිරිල්ලත් නරක නෑ...මේ යෝධයා ඇත්තටම නම වෙනස් කරාවිද මන්දා...වැල වරකා කරනවට අමතරව අල ගෝනි කරනවා නේද පිටකොටුවෙ වෙළෙන්දො...

      Delete
  19. කුතුහලය රැදුන මෙගා නාට්ටියක්

    ReplyDelete
    Replies
    1. අයියෝ මෙගා කියලා කියන්න එපා....මෙගා කියන්නෙ කිසිම රසයක් නැති බහුබූතයක්...මේක එහෙම එකක් නෙමෙයි....වැල යන අතට ගහපු මැස්සක් නෙමෙයි...

      Delete
    2. Nadinige comment ekata balawath wirodaya.... sandaruwagen passe lesatama boga daanne ape sira koluwa... api kamathi uba me wage siddi hamadaama daanawanam.. api kiwwe mama athulu ape ofz eke innawa 26 denath ekka... jayen jaya

      Delete
    3. අනේ, අපහාසයෙන් ලියුවා නෙමේ...පොඩ්ඩක් සිරා අයියව අවුස්සන්න ලිව්වෙ... සමාවෙන්න...

      Delete
    4. නදිනි නගා..මක්කෙයි සමාව ඉල්ලුවෙ..එහෙම ඕනෑ නැතිය...

      ඇනෝ මිත්‍රයා...බොලා එහෙනං 26 දෙනෙක් එක්ක හැමදාම කාමරේට එන්නෙ..එහෙම නේද...සන්තෝෂයි බොලං...ලිපියේ අඩුපාඩු ගැන සදහනක් කොරලම යමු...එන හැම දවසකම...

      Delete
  20. මං නම් කියන්නෙ ලව් එක කැඩෙනව. :D

    ReplyDelete
    Replies
    1. අපි බලමු ඊලග කොටසින් මොකද වෙන්නෙ කියලා....එතෙක් කෙටි විරාමයක්...

      Delete
  21. පොහ්.......................මේ දෑස් මක්කටෙයි කියන්නේ මෙන්න මෙව්වගෙ කතාවලටනේ. ඇත්තටම අර ප්‍රශ්නය බුද්ධිමත් විදිහට නිරාකරණය කරගැනීම කොච්චර මානුෂිකද. නමුත් බොහෝවිට සිදුවෙන්නේ බල්ලො බළල්ලු වගේ කාකොටා ගන්න එකනේ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත වශයෙන්ම ඒ කාලෙ පරපුරට එහෙම සංයමයක් තිබුනා...අද කාලෙත් එහෙම නෑ නෙමෙයි...එහෙත් අද පවතින කලා මාධ්‍යයත් කෙල්ල දාලා ගියාම මැරෙන එක සැපයි කියලා කියන හින්දමද මන්දා...මරාගෙන මැරෙන්න තමයි ගොඩාක් අය කල්පනා කරන්නෙ.

      Delete
    2. හැබැයි ඉතිං 'එක හිත නැති උඹේ හිතත් දහඅට වංගුව වාගේ' කියලා හිත හදාගන්න අයත් ඉන්නවා.

      Delete
    3. හුහ්! සංයමය බලා ගන්න තිබ්බා පුෂ්පේ ගොයියත් හාල්මැස්සෙක් වගේ එකෙක් වුනා නම්. එහෙනම් කට්ටියටම කන්න වෙනවා.

      අපි සිරාලට වැඩිය කලින් පරම්පරාවක වුනත් අපිට නම් සංයමයක් කියලා එකක් තිබුනා කියලා මම අදත් හිතන්නේ නෑ.

      Delete
    4. හැබෑට...හෙන්රි අයියා එහෙනං කොල්ලා කාලෙ සෑහෙන දගයෙක් වගේ...

      Delete
  22. http://www.youtube.com/watch?v=O4L0xWI6tcg


    sinduwe pada gananam man danne na... visual eke theruma balapan... kolla kellata badinna thibba pirith nulkath thiyan aurudu 5k balan hitiyath kella wena ekekwa hoyan inna yasa apuruwa... kello ohomamai ban... mageth athdakim thiyenawa...


    ikmanata anith kotaha daapan....

    ReplyDelete
    Replies
    1. කොල්ලා අදහස හිතේ තියාගෙන හිටියට වැඩක් නෑ නොවැ...එතකොට වෙන එකෙක් ඩැහැ ගන්නවා...මටත් එහෙම වෙලා තියෙනවා...භෞමික අඛණ්ඩතාවය මොට වීම නිසා තමයි එහෙම සන්තෑසි වෙන්නෙ.

      Delete
  23. පට්ට පට පට. ඊගාව කොටසට දිග්ගැස්සීම පිළිබඳව මාගේ බලවත් විරෝධය! ඉක්මනට දාන්නකෝ....

    ReplyDelete
    Replies
    1. හෙට දිහාට ඒ කොටසත් කාමරයට ඒවි...ස්තූතියි.

      Delete
  24. ගතින් ඉන්නට නැතත් ලන්වි
    සිතින් යන්න එපා වෙන්වි
    කිවුවට සිරො ඔනම හිතක් වෙනස්වෙනව දකිනෑක නැවතුනාම.

    ReplyDelete
    Replies
    1. ඔබෙන් තොර වූ ලෝකයක්...සිතා ගන්නට බෑ......ඔහොම කියපු උන් තමයි එහෙම කිව්ව බවක් හිතාගන්නවත් බැරි වෙන්න වෙන අතක් බලන්නෙ.

      Delete
  25. මනමේ කුමරියක්ද? බලමු ඊලඟ කෑල්ලෙන්...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්...හොදම වැඩේ ඊලග කෑල්ලෙන් ඒක බලන එක තමයි...දැනට කිසිත් නොකියමි.

      Delete
  26. අඩේ මේ කතාව මගේ කතාවට ඉතාම සමීපයෙන් ගෑවී නොගැවී යන්නේ සිරෝ. සිරාවටම. කියවනකොටත් මට පුල් ආතල්. :D

    ReplyDelete
    Replies
    1. හැබෑට...මේක ඉතිං හිතලුවක් නොවේනෙ බං...ඇත්තම ඇත්ත කථාවක්...මේ ඉර හද යට මේ වගේ කථා දහස් ගනනක් ඇති.

      Delete
  27. ඔය ගෑනු ළමයට යාළුවෙක් හිටියෙ නැද්ද ? වැලපිටින් ගොඩයන්නෙ එහෙම යාළුවො ඉන්න කෙල්ලෙක් සෙට් උනානම් තමා.
    නගා කොමස් වලින් ගොඩ ගියා., නංගි ජීව විද්‍යාවෙන් ගොඩ යයිද ?
    රැදෙන්න අප සමග.

    ReplyDelete
    Replies
    1. මේ කෙල්ලට යාලුවො දෙන්නෙක් හිටියා....මේ හැමෝම අපේ සුහද මිතුරියො....ඒ අයගෙන් එක්කෙනෙකුට ඒ වෙද්දිත් කොල්ලෙක් හිටියා...එකියකට හිටියෙ නෑ කවුරුවත්...

      රැදෙන්න සිරාගෙ කාමරය සමගම...මේ විරාමයෙන් අනතුරුව නැවතත් සුපුරුදු වැඩ සටහන..

      Delete
  28. සිරා ල අපි ඒ දවස් වල ඔහොම මෙහෙම යන්න එන්න ඇති.. ගම්පහ ටවුමේ...හෙහ් හෙහ් ... මටත් ඔහොම යාලුවෙකුගේ පලහිලව්වක් මතක් වුණා.. එකවත් ලියල දාන්නම්...

    ReplyDelete
    Replies
    1. බොලා ගම්පහද එතකොට...මම දැන උන්නෙ නෑනෙ බොලං...ඒ මතක් උනා කිව්ව එක ලියපු දවසක කියවන්න එඤ්ඤං....

      Delete
    2. සිරා මූත් බණ්ඩයියෙක්... උගේ අන්තිම පෝස්ට් එක බලපන්කෝ... පොතක් ලියපු එක ගැන තියෙන්නේ...

      Delete
    3. හැබෑට...මම දැන උන්නෙ නෑ නෙව....

      Delete
  29. ikmanata ithuru kotaha daapanko goiyo... iwasanna ba saththale thawa nam.... :((((((((((((((

    ReplyDelete
    Replies
    1. ඉවසීමෙන් සැනසීම ලැබේ කියලා ත්‍රී වීල් එකක පිටිපස්සෙවත් ගහලා තියෙනව දැකලා නැද්ද ගොයියො...

      Delete
  30. නඟා ඩොකෙක් බැඳලා ඉන්නේ කියලා සිරා කියලා තියේ කලින්..කෝ මේ උඩ දාගෙන කමෙන්ට් කරන බ්ලොග් යාලුවන්ට එආක මතක නැද්ද?

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...