අපි ඉතිං ඔය කියන කාලෙ කොට කයිසං අදින සූටි එව්වො වෙච්චි කොට සෑර්ට කවදාවත් අඟලා කියලා කථා කොලේ නෑ එතුමා ලගපාතක ඉන්න වෙලාවට. සිරා කොලුවා හිටියෙ 9 F පන්තියෙ. අනෙක් පාසල් වල කොහොම උනත් අපේ ඉස්කෝලෙ 9 වසරෙදි තාක්ෂණික විෂයන් වලට සැට් එක තෝරා ගත්තෙ ගණිතය විෂයට 8 වසර කැලෑසියෙදි ලබපු සාමාර්ථය දිහා බලලා. ලකුණු අඩු එවුන් කෘෂිකර්මාන්තය, ලී වැඩ, ලෝහ වැඩ වගේ ඒකක වලට තල්ලු කොරලා දැම්මා. 9 F පන්තියෙ වැඩිපුර උන්නෙ වාණිජ වෙනුවට වෙනත් විෂයක් හදාරපු ඇත්තො. මමත් එහෙම එකෙක් බොලව්. මම කලේ ලී වැඩ.
ඉංග්‍රීසි හෝඩියේ පිළිවෙලට බලාන ආවම F අකුරට ටිකක් දුරයි නොවැ...ඒ අරුතෙන්ම බොලාට වැටහෙනවා ඇති අපේ පන්තියෙ හිටිය එවුන්ගෙ කැරැට්ටුව කොහොමද කියලා. පන්තියම භය කරගත්ත මහ චණ්ඩියෙක් හිටියෙ නැති උනාට, චණ්ඩි දෙන්නෙක් තුන්දෙනෙක්ම මේ තැන ගන්න තරග කොලා. උන් උන් අතර ඇයි හොදයියක් තිබුනෙම නෑ.
මේ කිව්ව චණ්ඩි අතර ඉදිරියෙන්ම හිටිය දෙන්නා තමයි වීර චොපා සහ රට බල්ලා. චොපා චොපා කියලා මුලින් මුලින් කොල්ලො කථා කලාට, වාසගම වීර පොකුණ නිසා අන්තිමේදී චොපා වීර චොපා උනා. රට බල්ලගෙ කම්මුල් දෙක පිම්බිලා වගේ තමයි කොයි වෙලාවෙත් තිබුනෙ. ඒ හින්දයි ඒකා රට බල්ලා උනේ. සමහරු Country Dog කිව්වා. අ.පො.ස සා/පෙ ලියපු වසර වෙද්දි ඒ නම තවත් කොට වෙලා කන්ට්‍රියා බවට පත් වෙලා තිබුනා.
වීර චොපා වගේම රට බල්ලත් හිටපු ගමන් ඇවිළුනා...හරියට සංස්ථා පෙට්‍රල් වලට ගිණිකූරක් විසි කලා වගේ. උන් දෙන්නා පන්තිය මැද්දෙ අතපය වනාගද්දි අනිත් එව්වො දෙන්නා දෙපැත්තට කලේ නෝර්වේ සාම නියෝජිත සොල්හයිම්ලා වගේ.
පන්තියක් කියන්නෙ ඉතිං සාමාන්‍ය ජන සමාජයේ පැතිකඩක් වගේ තමයි...චණ්ඩි අස්සෙ නොන්ඩිත් උන්නා. උන් කා එක්කවත් වලියට ගියෙත් නෑ...ගහ බැන ගත්තෙත් නෑ, පාසලේ බාහිර ක්‍රියාකාරකමක් කලෙත් නෑ, ඉගෙන ගත්තෙත් නෑ. හරියට පතෝල වගේ තමයි.
වීර චොපා ක්‍රිකට් කණ්ඩායමේ හිටිය නිසා පිරිස් බලයේ පොඩි වැඩිවීමක් තිබුනා. රට බල්ලා චණ්ඩිකම් දැම්මට කිසිම බාහිර වැඩක නියලුණු එකෙක් නෙමෙයි. ඒ නිසාම මිනිහා තනියම තමයි හැම අභියෝගයකටම මුහුණ දුන්නෙ.
අපේ 9 කැලෑසියෙ හිටිය උන්ගෙ මූණු පොඩි මට තවම හොදට මතකයි. පන්තියෙ ඉගෙනීමට බර, හොද ළමයි කියලා ගුරුවරුන්ගෙන් නිතරම වගේ අහපු පිරිස පන්තියේ ඉදිරියෙන්ම හිටියා. ඊලගට පන්තියේ ජෝකර්ලා සහ පතෝල..ඊටත් පස්සෙ චණ්ඩි.
අපේ පන්තියේ හැමදාම පළවෙනියා උනේ ලතා. ගෑණු ළමයෙක් වගේම තමයි මිනිහා. ඇවිදින්නෙ කථා බහ කරන්නෙ වගේම කටහඩේ පවා කාන්තා ලකුණු තිබ්බා. ඌට හැමෝම ලතා කිව්වට අමනාපයක් නෑ. ලතාට හොදට සින්දු කියන්නත් පුලුවන් නිසා කාලයක්ම සිරා කොලුවා සහ කමල් ගොයියා එක්ක විද්‍යාලයේ ගායනා කණ්ඩායමත් නියෝජනය කලා. පස්සෙ කාලෙක අපි හැමෝම පුදුමයට පත් කරවමින් ලතා අනෙක් හැමෝටම කලින් වෛද්‍යවරියක් සමග විවාහ උනා. දැන් දරු සුරතල් බලන ගමන්. ලතා ඒ කාලෙ හිටපු විදියට මේකා දැන් පියෙක් කිව්වාම අපේ සමහර මිතුරො පුදුම වෙනවා. ඌට ඇතිවෙච්ච තදියම ගැන.
ලතාගෙ සෑම්පලයේම තව කෙනෙක් උන්නා රසික කියලා. මිනිහා පුදුමාකාර විදියට නිශ්ශබ්දයි. කවදාවත් දගලන්නෙ නෑ. කවුරුවත් රසිකගේ වැඩ වලට බාධා කලෙත් නෑ.
මම මේ කියන කාලෙ අපේ කැලෑසියට උගන්වන්න ආපු ගුරු භවතුන් අතර සැර පුරුෂ ගුරු භවතුන් දෙතුන් දෙනෙක් හිටියා. ඒ කාලෙ බොහෝ උන්ට වගේම මටත් ගණිතය නම් පත්තියන් උනේම නෑ. විද්‍යාවෙ නම් අවුලක් තිබ්බෙ නෑ.
අපිට ගණිතය ඉගැන්වූවෙ ලොකු බැබ්බා....එයාට ලොකු බැබ්බා කිව්වෙ පොඩි බැබ්බා කියලා තවත් ගුරුවරයෙක් විද්‍යාලයේ සේවය කරපු නිසයි. බැබුන් කියන සතාගෙ මුහුණෙ පෙනුම මතක් කරගනිල්ලකො....ඉතිං මේ කිව්ව දෙන්නගෙත් ඊට සමාන ලක්ෂන මූණත් තහඩුවෙ තිබුන නිසා තමයි බැබුන් කියන වචනයෙන් සමහර කෑලි ලොප් කරලා බැබ්බා කියලා යොදලා තිබුනෙ.
මේ කියපු බැබ්බලා දෙන්නම තිතට උගන්වපු ගුරුවරු. කවදාවත් අයිස් ගැහුවෙ නෑ. විකට නම් යොදලා තිබුනට මේ ඇත්තො ගුරු දෙවිවරු. ඒ නිසයි ඒ අයගෙන් ඉගෙන ගත්ත අපේ උන් හිරේ විලංගුවෙ නොවැටී යහපත් ජීවනෝපායක නිරත වෙමින් වර්තමානයේ ජීවත් වෙන්නෙ.
9 වසරෙදි විද්‍යාව උගන්වපු සුගතදාස සෑර් වගේම ගණිතය උගන්වපු ලොකු බැබ්බා සෑරුත් ගෙදර වැඩ කියලා යමක් දුන්නොත්, පහුවදාට ඒවා බලනවාම තමයි. ඒ වෙලාවට ඒවා නොකරපු උන්ට සම්බුව දුන්නා මදි නොකියන්න. වේවැල පාවිච්චියක් නෑ. අතින් පයින් තමයි ගණුදෙනුව බේරගත්තෙ. එහෙම වෙලාවට අසරණ අපිට උදව්වට හිටියෙ අපේ ලතා, නැතිනම් රසික.
අපි දන්නවා පන්තියෙ කවුරු වැඩ නොකලත්...සෑර් දීපු ගනන් ටික මුන් දෙන්නා හදන විත්තිය.
ලතෝ...උඹ ගෙදර වැඩ කලා නේද..පොත දීපිය මෙහෙට්ට....
අන්න එහෙමයි පන්තියෙ චණ්ඩි ලතාව ආමන්ත්‍රණය කොලේ....
ගෙදර වැඩ නොකරපු දවසට එහෙම උන් වේලාසන ඉස්කෝලෙට එනවා...උදේ ඉදන් අතින් අත යන ලතාගෙ වගේම ගැටළු විසදපු අනිත් අයගෙ පොත් වලින් සැට් එකම නියමෙට කොප්ප ගහනවා....
මෙහෙම කොප්ප ගහලා සිරා කොලුවා වන මට කෙළවුන දවසකුත් මගේ මතකයට එනවා බොලව්...මගේ සායම හේදුනත් ඒ කථාවත් කියන එක මගේ යුතුකම.
ලොකු බැබ්බා මේ කියන දවස් වල ජ්‍යාමිතිය ගැනයි උගන්වමින් උන්නෙ. අපි සැට් එක සුපුරුදු විදියට ලතාගෙන් කොප්ප ගහලා බබාලා වගේ පන්තියෙ ඉන්නවා දැන්.
සෑර් ගෙදර වැඩ බැලුවා...හැමෝම කරලා...එකෙක්වත් නොකර ඉදලා නෑ.
ලොකු බැබ්බා සෑර් සාමාන්‍යයෙන්උඹ බං බොලං කියලා තමයි කථා කරන්නෙ...
මෙහෙ වරෙං.....
හෙණයක් පාත් උනා වගේ එක පාරටම පන්තිය සසල වෙලා නිසල උනා.
ඔව් ඔව්...වට පිට බලන්න දෙයක් නෑ උඹ තමයි....අනේ ඒ උත්තමයා මගේ දිහාට අත දික්කරගෙන බලා ඉන්නවා.
මමත් ඉතින් පුරුෂ දහිරිය එකතු කරගෙන සෑර් ලගට ගියා.
උඹලා දැන් මම දුන්න ගනං ටික හදලා තිබුනනෙ. මෙන්න මේ ගාන මට කළු ලෑල්ලෙ හදලා පෙන්නපං....
අපේ ගණං සෑර් මට ගණිතය පෙළපොතේ ජ්‍යාමිතියට සම්බන්ධ ගැටළුවක් ඉදිරිපත් කොලා. අනේ ඉතිං දැන් මක්ක කරන්නද....ලතාට කියලා හදාගන්නයැ...
මම ඉතිං එතුමා ලගට ගොහින් කොටි වලිගෙ අල්ලගත්ත එකා වගේ වට පිට බල බලා ඉද්දි සෑර්ට වැඩේ තේරුනා...
උඹලා හිතන්නෙ අපි දන්නෙ නෑ බබ්බු කියලා නේද...අනුන්ගෙන් කොපි කලාට විභාගෙට උත්තර ලියන්න ඕනෙ උඹ නේද.....
උඹ සිස්සත්වෙ පාස් වෙලාද මේ ඉස්කෝලෙට ආවෙ.
ඔව් සෑර්
ලකුණු කීයද...
.........
උඹ ඒ කාලෙ හොඳ ළමයෙක්.... ඊට පස්සෙ තමයි උඹ නරක් වෙලා තියෙන්නෙ.
එහෙම කියලා මගේ කං කෙටියෙන් අල්ලගෙන....මගේ ඇගේ සවි ශක්තිය මදි කියලා එතුමාට හිතුන තැන් වලට මිට මොළවලා පාරවල් දෙක තුනක් දුන්නෙ....උඹ කෝනෙ දන්නෙත් නෑ...පාදය දන්නෙත් නෑ කියන ගමන්.
මම ඉතින් ෆුල් සාටර් වෙලා අස්සයා මැරිච්ච කව් බෝයි වගේ ආයෙමත් මගේ පුටුවට බර උනා.
එතැනින් පස්සෙ ලොකු බැබ්බා බෝඩ් එකේ ගනං හදන්න ආරාධනා කොලේ පන්තියෙ හිටිය පතෝල වගේ මෙලෝ රහක් නැති අල පඩයට.
උගෙ තිබ්බ වාසනා මහිමයට...ගාන හදන්න නැගිටිනකොටම කාලජේදයේ අවසානය සනිටුහන් කරමින් සීනුව නාද උනා. සෑර්ටත් හිනා... ඒ උත්තමයා අල පඩයා ලගටම ඇවිල්ලා....
කොල්ලො අද උඹේ වාසනාව හොදයි...යන ගමන් ස්විප් ටිකට් එකක් අරගෙන පලයං....අමතක කරන්න එපා...කියලා තට්ටුවක් දැම්මා.
9 වසරෙදි විද්‍යාව උගන්වපු සුගතදාස සෑර් හෙවත් අඟලා සෑර් කොල්ලන්ට දඩුවම් කලේ ඉදලා හිටලා දවසක. ඊට පස්සෙ වසරෙදි අපට විද්‍යාව උගන්වපු පොඩි බැබ්බා සෑර් නම් නිතරම වගේ කොල්ලන්ට සැර වැර කලා. මේ දෙදෙනාම ඒ කාලෙ රූපවාහිනී අධ්‍යාපන විකාශනයට පවා දායක වෙච්ච බොහොම දක්ෂ ගුරුවරු.
කිරිවත්තුඩුවගේ ලසන්ත මිහිලැල් හෙවත් හැමෝම කියපු විදියට KLM තමයි අපේ පන්තියෙ හිටිය මහතම එකා. ඒකාගෙ දෙමාපියන්ට බේකරියක් තිබුනා. බේකරියෙ පිටි කාලම වෙන්න ඇති මේකා ඌරෙක් වගේ මහත් වෙලා හිටියෙ. අපි ඉතින් උදේට කන්න කියලා රුපියල් 20 ගෙදරින් ඉල්ලගෙන ඉස්කෝලෙ ආව කාලෙ බේකරියෙ ලාච්චුවට අත දාලා රුපියල් 200 කට වඩා ගානක් KLM පාසලට දිනපතා අරගෙන ආවා.
මේ සල්ලි වලින් KLM උගෙ සහචරයන්ට පාසලේ කැන්ටිමෙන් මදි නොකියන්න කන්න අරගෙන දුන්නා හැමදාම වගේ. පන්තියෙ හිටිය පතෝල ටිකකුයි...ඔටුවා වගේ ලෝක කපටියො ටිකකුයි KLM ගෙ ඕනෑ එපාකම් ඉටුකරමින් උගෙ ලගටම වෙලා උන්නා අතවැසියො විදියට.
ඒ අව් අස්සෙ අපි පන්තිය ඇතුලෙම කැනීම් කටයුත්තකුත් කරගෙන ගියා. 9 F පන්තියේ පැති බිත්තියක අපිට කලියෙන් මේ පන්තියෙ හිටිය උන් හාරපු ලොකු හිලක් තිබුනා...හරියට පුංචි ගස් බෙනයක් වගේ...බිත්තියේ ගඩොල් පසාරු කරගෙන බොහෝ දුරට මෙය හාරලයි තිබුනෙ. අපට යාබද පන්තිය 9 G. අපේ පන්ති දෙක අතර සුහදතාව වර්ධනය කරන්න මේ කුහරය දිනපතාම ගුරුවරු නැති වෙලාවට ටික ටික හෑරුවා. නමුත් දෙපැත්ත යා වෙන්න කිට්ටු දවසක හොද සිමෙන්තියෙන් එය වසා දමා තිබුනා.
විද්‍යාව උගන්වපු සුගතදාස සෑර්ගෙන් හොඳ ගුටියක් ලබපු එකෙක් තමයි සිංගප්පූරුවෙදි මට මුලිච්චි උන අපේ චාමර ගොයියා. චාමර කියන්නෙ අපේ පන්තියේ විභාග ලකුණු වලින් පළමු 5 දෙනා අතර සිටිය කෙනෙක්. නමුත් මිනිහා ලතා වගේ නෙමෙයි. දැගලිල්ල උපරිම. දවසක්දා චාමර තව එකෙකුත් අල්ලගෙන පන්තියේ දගලමින් උන්න වෙලාවක...පිටිපස්සෙන් ආව සුගතදාස සෑර්ව දැක්කෙ නෑ.
චාමරයගෙ කනෙන් අල්ලගෙන සෑර් ගුරු මේසය ලගට ඒකව කුදලගෙන ගියා.
උඹ මොකද ගුරුවරයෙක් නෑ කියලා පන්තියෙ දගලන්නෙ. උඹලා වගේ උන් හින්දා තමයි පන්තියෙ ඉගෙන ගන්න එකෙක්ටවත් ඉගෙන ගන්න නැත්තෙ.
උඹ කී වෙනියද මේ සැරේ පන්තියෙ
4 වෙනියා සෑර්
මොකක්...4 වෙනියා...පන්තියේ දගලනවා මදිවට උඹ බොරුත් කියනවද ? උඹ වගේ දාංගලේ තියෙන එකෙක් කොහොමද බොල 4 වෙනියා වෙන්නෙ කියලා අඟලා සෑර් චාමරයට තද පාරක් දුන්නා.
එදා එහෙම ගුටි කෑවට චාමරයා ඇත්තටම පන්තියේ 4 වෙනියා. අවුරුදු 12 කට පස්සෙ මේකාව මට සිංගප්පූරුවෙදි මුලිච්චි වෙච්ච වෙලාවෙත් අපි මේ සිද්ධිය මතක් කරලා හිනා වුනා ඔහුගේ බිරිදත් සමගම. මේ දෙදෙනාම අද මෘදුකාංග ඉංජිනේරුවන්.
වීර චොපාට වෙච්ච සන්තෑසිය මතක් වෙද්දිත් මට හිනා යනවා. සුගතදාස සෑර් ඉංග්‍රීසි භාෂාවෙන් පවා විද්‍යාව උගවන්නට හැකියාව තිබුන ඉතාම හොද ගුරු පියෙක්. එතුමා සා/පෙ පන්ති වලට වගේම උසස් පෙළ විද්‍යාව පන්ති වලටත් අධ්‍යාපනය ලබා දුන්න නිසාම බොහෝ වෙලාවට පාසලේ විද්‍යාගාරයක තමයි හිටියෙ.
සමහර වෙලාවට අපිට පොත්පත් අරගෙන විද්‍යාව කාලජේදයට විද්‍යාගාරයකට එන්න කියලා පණිවිඩේ එවනවා. අදත් එහෙම දවසක්. මම වේලාසනම කිව්වා නොවැ..වීර චොපා කියන්නෙ චණ්ඩියෙක් කියලා...මේකට එක තැනක් ඉන්න බෑ...නළියනවා...ඉතින් දැන් අඟලා සෑර් විද්‍යාගාරය ඇතුලෙ අපට පාඩම කරගෙන යනවා.
අපේ පන්තියෙ ඒ දවස් වල උන්නු ගායනා කණ්ඩායම නියෝජනය කරපු මගේ මිත්‍රයා කමල් වීර චොපාගෙ කවකටු පෙට්ටිය කුමක් හෝ හේතුවකට අර ගත්තට ආපසු දීලා නෑ.
කමලො කවකටු පෙට්ටිය දීපිය..සෑර් ලියන්න දෙද්දි ලියාගන්න විදියක් නෑ. පෑන ඒක ඇතුලෙ....
වීර චොපා හෙමිහිට මුමුණනවා....ඒත් ටිකක් ඈතින් ඉන්න කමලට මේ වගක් ඇහෙන්නෙ නෑ...
වීර චොපා දන්න වැඩ ඔක්කොම පාවිච්චි කරලා පයින්ඩෙ යවන්න හැදුවත් හරිගියේ නෑ. අන්තිමේදි නප්පියට නැග්ග චොපාට විද්‍යාගාරයෙ තමා ඉන්න බව අමතක උනා...
කමලෝ......... කියලා මහා හයියෙන් බෙරිහන් දුන්නා.
අනේ අපේ සුගතදාස සෑර්ට ඒක ඇහුනේ අඟලෝ.... කියනවා වගේ.
එතුමාගෙ මල අතට ආවෙ තත්පර කීපෙකින්. සුගතදාස සෑර් වේවැල් කොටේකුත් අරගෙන වීර චොපාට ගහන්න පැන්නා.
උඹ මම කවුරු කියලා හිතුවද යකෝ අසමජ්ජාති කථා කියන්න..එහෙම කියලා වීර චොපාට ගහපු ගැහිල්ලක් හැබෑට....එද මෙදා තුර ගුරුවරයෙක් එහෙම ගහනවා මම නම් දැකලම නෑ. අන්තිමේදි වේවැල කැඩිලම ගියා. නමුත් චොපා නෙමෙයි සැලුනෙ...මිනිහා එච්චර ගුටිකාලත් කිසි දෙයක් නොවුන ගානට හිටියා. සුගතදාස සෑර් මේ තරම් කිපෙනවා අපි කවදාවත් දැකලා තිබුනෙ නෑ...කොල්ලො කවට කමට කියන නම් ගුරුවරු දැන ඉන්න බව අපේ අක්මා වලට එදා වැටහුනා.
අද කාලෙ එකෙක්ට ඒ විදියට ගැහුවා නම්...සමහර විට ගුරුවරයා උගෙන් ගුටිකනවා...නැත්තං මානව හිමිකම් නඩුවක් වැටෙනවා. නමුත් මේ මොන දේ උනත් අපිව හොද මිනිස්සු කරන්න නේද මේ ගුරුවරු එදා අපට දඩුවම් කලේ කියලා අපේ හිත් අපට කියද්දි...අද සැදෑ සමයට එළැඹිලා ඉන්න මේ චරිත ගැන අපේ හිත් වල උපදින්නෙ අප්‍රමාණ ගෞරවයක්. මහමගදි මේ චරිත හදිසියේ අපට හමුවුනාම අපිටත් හොරෙන් ඒ අයගෙ දෙපා පාමුල අපි වැද වැටෙන්නෙ තුන් හිතකවත් අඹමල් රේණුවක තරමේ තරහක් නැති නිසයි.
මම කාමරේ අරින සිරා කොලුවා.
ප.ලි
මේ කිසිම ගුරුවරයෙක් අද අපේ පාසලේ සේවය කරන්නේ නැත. කාලය මැව් අරුමය මේ යැයි ශපථ කරමින් ඒ අය ගෝලයන්ගේ ඉදිරි ගමන දෙස බලමින් විශ්‍රාම සුවය විදියි.
වීර චොපා පිළිබද පාසල් කාලයෙන් පසු හෝඩුවාවක් නැත/ KLM දෙමාපියන්ගෙන් පසු බේකරියේ පාලනය භාරගෙන එය එදාට වඩා දියුණු තැනකට රැගෙන විත් ඇති බව ඔහු ලගකදී මුලිච්චි වූ අය මට කියා තිබේ. එතැනට යන අපගේ ඕනෑම පරණ මිත්‍රයෙකුට මාළු බනිසක්, කිඹුලෙක් කන්නට දී කථාවට වැටීම උගේ සිරිත බව අසන්නට ලැබුනි/ අලපඩයා මෙන්ම ඔටුවාද දෙමාපියන්ගේ ව්‍යාපාර කටයුතු වලට සම්බන්ධ වී අද වගකීම් සහගත වී සිටිති / රටබල්ලා තම උපාධිය සම්පූර්ණ කර ඔහුගේම මුද්‍රණ ව්‍යාපාරයක් අරඹා තිබේ/ කමලාද මා මෙන් විදේශගතව සිටියි.
රසවත් සිද්දිය. ඔහොම සිද්දියක් මටත් මතක් වුනා.
ReplyDeleteමාතලන් පලකල චානුක වත්තේගම ගේ කැත බොරුව. ගැන දැනගන්න ඇවිත් යන්න
මටත් යාළුවෙක් හිටියා ඒ කාලේ මිනිහා අඩි හයක් විතර උසයි, මිනිහා ඒ කාලේ නාහෙට අහන් නෑ.. උගේ විනෝදාංශේ තමයි අත මිට මොලවලා ලඟ ඉන්න එකාගේ බඩට අනින එක.. ඒක කන එකෙක් බොක එලියට පනින එක නවත්තගන්නේ හෙන ගේමක් දීලා.. දෙතුන් පාරක් උගෙන් කාපු මං හිතාගනත්තා කවදකහරි ඌට ගේමක් දෙනවා කියලා.. එහෙම හිතලා කල්පනා කළා ඔව් අවුරුදු ගානක් කල්පනා කළ හරියටම අවුරුදු හයක් විතර.. ඊට පස්සේ මං ලොකු ප්ලෑන් එකක් ගැහුවා ඈත ඉඳන් මූට ගලකින් ගහල දුවන්න.. එක දවසක් මූ ගහකට මුවාවෙලා බේරුණා, හැබැයි අනික් දවසේ එනකොට මූ නෑ... මූ ගෙවල් දොරවල් විකුණලා ගිහිල්ලා.. ඕං දැං බියගම පැත්තේ පදිංචිවෙලා ඉන්නවලු.. මට බයේ.. හැක් හැක්..
Deleteකළු සිංහලයට මතක් වෙච්ච සිද්ධිය කමෙන්ටුවක් ලෙස සටහන් කර යන්න අමතක උනාද....?
Deleteවිදානෙ බොලේ ප්ලෑන ගහන්න අරගෙන තියෙන්නෙ බොලේ අගහරු ලෝකෙට යන්න ප්ලෑනක් ගහන්න යන කාලෙනෙ. අවුරුදු 6ට අඩුගානෙ ඉලක්කෙට ගලක් ගහ ගන්න පුරුදු වෙන්න බැරි උනාද....
විදානේ කියන්නේ ආශ්‍රය කරන්න හොඳ එකෙක් නොවේ.බලාගෙන ගියාම එකට ඉඳන් වල කපන්න අවුරුදු ගණන් පිබුරු අඳිනවා. උබ ඕක මට කියුවනන් ඔහුට හොඳ පාරක් දෙනවා.
Deleteඔව් ඔව් ප්‍රවේශමෙන්...විදානෙ ලග තියෙන්නෙ දීර්ඝ කාලීන සැළසුම්....
Deleteහම්මේ ඉතින්.... මතක් වෙනව අප්පා ඒ දවස් වල සිද්ධි.....
ReplyDeleteබොලා එකෙක්ටවත් සිද්ධියක් දෙකක් කියන්න නරකයි.....
Deleteපොහ්..........නියම කතාවක් රස ගුලාවක්. ඇත්තටම සිරෝ ජීවිතේ කවදාවත් අමතක නොවෙන කාලයනේ පාසල් කාලය. මමත් ලියන්නම්කො මතක් කරලා.
ReplyDeleteඅනිවාර්යෙන්ම ලියන්න....විචාරක තුමාලගෙ කාලයෙ කොල්ලො අපේ කාලෙ උන්ට වඩා හොදයිද කියලා එතකොට බලාගන්න පුලුවන්.
Deleteවිචාරකතුමා අපිට පහල පංතියේ හිටියේ.
Deleteයට තට්ටවේද???
Deleteමෙන්ඩිස් අයියගෙන් කෙල්ලො කොහොම බේරුනාද මන්දා හැබෑට...
Deleteඅපේ ඉස්කෝලෙ හිටිය චුට්ටෙ කියල සර් කෙනෙක්............සර් තමයි විනය පාලක.......... සර්ගෙන් ගුටි නොකාපු එක කොල්ලෙක්වත් නැතුව ඇති මගෙ හිතේ............ හැබැයි දන්නම් සර් ගැන මතක් වෙන කොට පුදුම ගෞරවයක් ඇති වෙන්නෙ..............
Deleteඒ වගේමයි කොල්ලන්ට තිබුණු නම්..................
මිටි කොල්ලෙක් හිටිය, උෟට කිව්වෙ හෝතම්බ කියල, පස්සෙ ඒකා “කොටහෝත” වුණා........ මූණෙ කුරුලෑ පිරිල තිබුණු එකෙක් හිටිය “පුක්මූණ” කියල.................. පස්සෙ එක්ගෙ නමේ පු යන්න ලොප් වෙලා උෟ “ක්ක්ක්මූමූණෙක්” යන රිද්මයානුකූල නමෙන් විරුදාවලී ලැබුව............... තාත්ත සාමවිනිසුරු වුණු එකෙක් හිටිය..උෟ “මගෝඩිස්” වුණා...................... ආමර් ස්ට්‍රීට් එකේ බොම්බෙට අහුවෙලා බේරිච්චි එකෙක් හිටිය........උෟට “බෝම්බය” කියලත් කිවුව, “ඩප්පිය” කියලත් කිව්ව.............
කොටහෝත ගැන ආරංචියක් කෑ
ක්ක්ක්මූමූණා දැන් ඉංජිනේරුවෙක්
මගෝඩිස් දැන් කැම්පස් ලෙචෙක්..........උෟ පී.එච්.ඩී එකත් කරල ඉන්නෙ
බෝම්බය හෙවත් ඩප්පිය දැන් ලොකු කොම්පැණියක එකවුන්ටන් කෙනෙක්.......
ආයෙත් දුවන්න හිතෙන පුදුම සුන්දර කාලයක් සිරා මලයො.......................
පිස්සු හැදෙනවා...
ReplyDeleteඇත්තටම කෙල්ලොන්ගේ ඉස්කෝල කොච්චර බොරින්ද කියල හිතෙන්නේ මේ වෙලාවල් වලට තමයි.. හි.. මෙතරම් ජොලි නැතත් අපිත් පොඩි පොඩි වැඩ කළා.... ඒත් මේ වගේ නම් කරන්න ලැබෙන්නේ නැහැ...
හැබැයි කෙල්ලන්ට වගේ නෙමෙයි...පිරිමි පාසල් වල දඩුවම් කරද්දි දෙන එක දෙනවා මදි නොකියන්න....ඔබ කියනවා වගේ කරන වැඩ වල නම් වෙනසක් තියෙනවා තමයි....අපි ඉතින් ඒ කාලෙ පිට්ටනියෙ ඉදන් දවල් වරුවෙ අහස් කූරුත් යැව්වා අසල්වැසි කාන්තා පාසලකට....
Deleteඅපේ පන්තියෙ කොල්ලො සර්ලගෙන් ගුටි කාල තියෙනව බලං ඉන්න එවුන්ට ඇඩෙන්න..........
Deleteඅපෙත් ඉන්නව අඟලයා කියල ඉස්කෝලෙ මහත්තයෙක්.හැබැයි ඌ නං පත්වීම ගත්තෙ අපි ඉස්කෝලෙ කාලෙ ඉවරවෙලා රස්සවලුත් කරද්දි.උගෙ ගැනත් රස කතා ගණනාවක් තියෙනවා.
ReplyDeleteඒ රස කතා හැලපයියා ඉදිරි දිනයක අපේ පහන් සංවේගය උදෙසා යුනිකෝඩ් බවට පත් කරයි කියලා මගේ අක්මාවට දැනෙනවා.
Delete//අපේ පන්තියේ හැමදාම පළවෙනියා උනේ ලතා. ගෑණු ළමයෙක් වගේම තමයි මිනිහා. ඇවිදින්නෙ කථා බහ කරන්නෙ වගේම කටහඩේ පවා කාන්තා ලකුණු තිබ්බා. // :D:D
ReplyDelete//වීර චොපා // යාලුවන්ට ලස්සණ නම් තිබිලා තියෙන්නේ නේ?
ඔය නම් සැට් එක හොදයි...ප්‍රසිද්ධියේ කියන්න බැරි නම් තිබ්බ උනුත් හිටියා.....අපේ පන්තියෙ හිටිය ලිංගයා.....දැන් තැපැල් සංදේශ දෙපාර්තමේන්තුවෙ ඉහළ නිළයක....එතකොට කාමුකයා....ඔය වගේ නම් රාශියයි....
Deleteඉස්කෝලේ කාලේ දේවල් මතක් වෙද්දී ඉතින් හිත වාවන්නෙම නෑ.. පන්තියේ සෙට් එකේ හැබැයි මරු නම් ටික..
ReplyDeleteබොලාත් මට මතකයි පාසල් ප්‍රේමය ගැන ලියපුවා...දැන් ඒ මතකය ඇසුරින් යමක් ලියන්නෙම නෑ නේද....වෙන්න පවුල නීති දැම්මද....
Deleteහිහි...
ReplyDeleteමට මේ ගැන මතක් වුනේම නෑනෙ... අපි දාල හිටියෙත් එෆ් තමා...
හිහි හරිම මාන්දමික සෙටි එකක් හිටියෙ...
හිටින්නකො මං කොමෙන්ට් එකක් වෙනුවට පොස්ට් එකක්ම දාන්න
දාපන් පහක්! අජූතයි කියන්නෙ අපේ ඉස්කෝලෙ ඔච්චර දිගට නෑ A,B,C විතරයි. අහෝ සංසාරෙ කියන්නෙ මම හිටියෙත් අන්තිම පංතිය වෙච්ච C එකේ.!!
Deleteබලන් ගියාම අපි ඔක්කොම එක බෝට්ටුවෙනෙ බං!! :) :)
හිටින්නම් හිටින්නම්...බොලා පෝස්ට් එකක් දානවා නම් බලාගෙන හිටින්නම්....
Deleteඅපේ පාසල ඉතිං අපේ නගරයේ තියෙන ප්‍රසිද්ධම එක නිසා පන්ති වැඩියි...කොල්ලො වැඩි නිසා...9 වසරෙදි අපේ පන්ති අවසන් උනේ ඉංග්‍රීසි හෝඩියෙ එච් අකුරෙන්. ඒ කාලෙ මෙහෙම කුපාඩි වැඩක් නොකලා නම් අද මතක් කරලා ලබන්න සොමියකුත් නෑ නේද බං.......
මම D පංතියේ
Deleteමහේෂ්ගේ බොලෝග් එක මෙකකද?
Deleteබ්ලොග් එකේ නම අවන්හල....ඕඩර් කරන්න ගොඩාක් දේ තියෙනවා...
Deleteඈ බං සිරා අය්යෙ මෙච්චර කල් මේ මනුස්සය මේකට නාව වගේනෙ අහන්නෙ බොග් එක මොකද්ද කියල...
Deleteහිහි....
මුට වෙඩි තියන්න එපැයි...
ගල් බෝතලයක මූඩියකින්ම වෙඩි තිබ්බා නම් තවත් හොදා....
Deleteඉස්කෝලෙ කාලෙ ගැන නම් කතා කරත්දි ආයෙම දුවලා ඒ කාලෙට යන්න හිතෙන තරම් සිරා අයියෙ!
ReplyDeleteඇත්තටම අපි ගුටි කාපු තරම් දැන් ගුටි කෑවනම් කොල්ලො එක්කො මරණයක්! එක්කො නඩුවක්!
විද්‍යාගාර සීන් වලදි මට මතක් උනේ එකොලහ වසරෙදි අපේ එකෙක් කෙල්ලෙක් වාඩි වෙන්න යත්දිම පුටුව ඇදලා ඒකිව වට්ටලා ඔක්කොම ගුටි කාපු තරම්!! අර අහිංසක කෙල්ලගෙ කොන්ද නොකැඩි බේරුණේ අනූ නමයෙන්!
ඇත්තටම අද ඒ ගුරු ගෞරවය දෙපාර්ශවයේම ක්‍රියා කලාපයන් නිසා පිරිහිලා. හැබැයි ගම්බද පළාත් වල තවමත් එය සුරැකී තිබෙනවා. මට හිතවත් ගුරුවරුම කියනවා අද ඉන්න දරුවො එදා හිටිය උන් වගේ ගුරුවරයට ගෞරව කරන්නෙ ඇහුම්කං දෙන්නෙ නෑ කියලා.
Deleteඋඹලා මිශ්‍ර පාසලක හිටියා නම් හරි හරි වැඩ වෙන්න ඇති නේද බං....ලව් සීන් එහෙම නැගලම ගියාද ?
නැතුව නැතුව හප්පේ! :)
Deleteඔය නැගලම ගිය ලව් සීන් එකක් තමා දැන් ගෙදර ඉන්නෙත්. :D
හැබෑට...බොලා නිකං ඉදලා නෑ එහෙනං...
Deleteඅපිනම් ඉස්කෝලෙදි උඹලට වඩා එකක් ඉහලින් හිටියේ E පන්තියේ , තිබුනේ F වලට එනකන් විතරයි . අයියෝ සල්ලි, හැබැයි මොනවා වුනත් ඔය ඉස්කෝලේ මතක අමතක් කරන්න පුළුවන් එකෙක් නම් නෑ මං හිතන්නේ .. වීර චොපා මාරු නම
ReplyDeleteමම 6 ඉදන් 8 වසරට එනකං හිටියෙ E පන්තියේ තමා....ඒ කාලෙ මගේ පන්ති භාරව හිටියෙ ජයසේකර කියලා ගුරු මහත්මයෙක්...එයා තමයි අපි 6 වසරෙදි පන්තියක් භාරව සිටි එකම පිරිමි ගුරුවරයා...අපේ පාසල බාලක පාසලක් උනාට ගුරුවරියො තමයි වැඩිපුරම හිටියෙ....ඒක අදත් එහෙමයි. ගුරු සේවයට එකතු වෙන පිරිමි ප්‍රමාණය එන්න එන්නම පල්ලං බහිනවා කියලයි ආරංචි. ඌට චොපා කිව්වෙ මොකද කියලා බොලාට හිතාගන්න බැරි වෙන එකක් නෑ.
Deleteඒ කාලෙ කියන්නෙ සොඳුරු මතක තියෙන කාලයක් තමයි. මොනව උනත් අපිනං හිටියෙ A පන්තියෙ තමයි. ලොකු ලොකු කේස් දෙක තුනක් හින්ද දහය පන්තියෙදි අපේ පංතිය කොටස් තුනකට වෙන් කරල අනික් පංති තුනට දාන්න හදපු වෙලාවෙ ඒකට විරුද්ධව 6 පන්තියෙ ඉඳල අපිට උගන්නපු ගුරුවරු හෙන සටනක් ගෙනගියා.
ReplyDeleteඅපේ පංතියටත් විද්‍යාව උගන්නපු ගුරුතුමාත් කොට කෙනෙක් තමයි වගේම මීටර් කෝදුව අත මත පතිත කරන්න උපං හපනෙක්. නමුත් ඒ ගතිය 10, 11 පන්ති වලට එනකොට අඩුවෙලා ගියා.
ඉස්සර සමහර ගුරුවරු අඩි කෝදුවෙන් අත අනිත් පැත්තට හරවලා ගහනවා නේද....අපේ ඉස්කෝලෙ හිටියා නන්දසේන කියලා පංකාදු පහේ ගුරුවරයෙක්...මම එතුමා ගැනත් ඉදිරියේ දිනයක ලියන්නම්...එහෙම් පිටින්ම කථා සාගරයක්...එයත් ගණිතය තමයි ඉගැන්වුවෙ....
Deleteසිංදු ඇනෝ, සමණල රෑනක් සේ ඉගිලී අකුරට ගිය පාසැල් කාලේ........දාපන්කො සිංදුව
ReplyDeleteසින්දු ඇනෝ අද දුර ගමනක් ගොහින් වගේ....පත්තරත් බීලා අද වැඩට ගිහිල්ලා නෑ වගේ.....කම්මල අයියා පාසල් කාලයේ කීකරු දරුවෙක්ද ?
Deleteකොච්චර කීකරු දරුවෙක්ද කියනවනම්, අපේ කොමර්ස් ටීච පහල පංතියේ උන්ට ආදර්ශෙට දෙන්නෙ මාව.
Deleteදවසක් ටීචව හම්බවෙන්න අනිත් කොමර්ස් පංතියට ගියා. මාව පංතියේ ඉස්සරහ තියාගෙන උන්ට මගෙ වර්ණාවක් දුන්න. පංතියේ එකෙක් මහා සද්දෙන් " මුගෙ හොදේ සියලුම ගවුරවය අපේ පංතියට" කිවුව. ටීච " ඒ මොකද " අරූ කියපි නේද " මෙයාගෙ සිකරට් බීමයි, ගංජ ගැහිල්ලයි නැවැත්තුවෙ මේ කාංචනා, මෙයාගෙ class එකේ සමන්මලීටයි, සයන්ස් class එකේ අප්සරාටයි දෙන්නටම බැරි උනා කියල. ගිල්ලෙ නැද්ද ගුරුතුමී මේ ගුලිය.
අන්තිමට රතු ටයි පටි කාරියෙක් එක්ක කොක්කක් ගහගෙන ඉන්නව දැනගෙන ඇහුව " ඔයාට පුතේ ගෑණු ළමයි කීදෙනෙක් ඉන්නවද කියල. අම්මෝ හිතේ තිබුන වැරදි වැටහීම නැති උනේ අපේ අම්මවත් හම්බඋනාට පස්සෙ.
අරූ එදා හදිස්සියෙන් උනත් කිවුවෙ මම නිතරම කතා කරන කෙල්ලො තුන්දෙනෙක් ඒ ගැන.
ඒ වුනාට රතු ටයි එකක් එක්ක චුට්ටි මෙව්වා එකක් තිබුනා නේද?
Deleteමෙන්ඩො හොද චුට්ටි මෙවුව එක, හෙක් අවුරුදුම බර ගානක් තිබ්බ, දැනුත් නිකමට හරි ඉන්නවද, මලාද හොයල බලනව.
Deleteකරුමෙ කියන්නෙ මෙන්ඩිස් අයියා....රතු ටයි පටිය මිස් උනේ කෝච්චි පෙට්ටියෙ බෑග් එක නැතිවෙච්ච හින්දා....මතකයි නේද සිද්දෙ....
Deleteඉස්කෝල කාලෙ තරම් සුන්දර කාලයක් තියෙනවද සිරා අයියෙ.කොච්චර කතා කලත් ඉවර වෙන්නෙත් නැහැ ඉස්කෝල කතා..
ReplyDeleteමොනවා කියනවද...බොලා මෙහෙම කියද්දි මට තව තවත් කථා මතක් වෙනවා කාමරේ දොර ඇරලා බොලාට කියන්න.
Deletekiyapaaaaaaaaannnnnnn... apith bohoma manapai mke wage rasa katha ahanna...
Deleteඑහෙමයි ඇනෝ....
Deletepatta nam tika ban... siro ubata daala thibba nama mokakda habatama...? wadabari tarzan da ?
ReplyDeleteවැඩබැරි ටාසන් කියන්න මට වැඩ බැරි වෙන්න එපායැ බං...ඒ වගේ කුජීත නම් අපි ඒ කාලෙ කාටවත් දැම්මෙ නෑ....මම 9 වසරෙදි මේ වගේ උනාට සා/පෙ සියලු විෂයන් සම්මාන සහිතව සමත් වෙලා උ/පෙ විශ්ව විද්‍යාල කඩඉම දශම ගානකින් අහිමි වෙච්ච එකෙක්. පාසලේ බාහිර ක්‍රියාකාරකම් වල ඇලී ගැලී ඉදලත් මෙහෙම ප්‍රතිඵල ගත්තා නම් මම පන්තියේම හිටියා නම් කොහොම වෙයිද....හැබැයි එහෙම උනා නම් පොඩි කාලෙ මා ලග තිබුන සබකෝලය නැතුව යන එකක් නෑ. ඒක නැතුව ගියේ බෑන්ඩ් ගැහිල්ල නිසා.
Deleteරොබින් හුඩ් කථා මාලාවේ මම වගේම චරිතයක් ඉන්නවා. එයාගෙ නම තමයි මට කිව්වෙ...ඒ නමින් මට ගුරුවරියන් පවා කථා කලා ඒ කාලෙ....අදටත් ඒ අය ඒ නමම තමයි පාවිච්චි කරන්නෙ...හැකි නම් හොයාගනින්.
Will Scarlet ?
Deleteඉස්සර නම් නසියර් වගේ, දැන්නම් බඩ දාල ලිට්ල් ජෝන් වගේ. :-D
Deletena na mu TAK TIK TUK
Deleteලිට්ල් ඡෝන්
Deleteඔය කියලා තියෙන නම් අතර මට කිව්ව නමත් තියෙනවා...හොයා ගනිල්ලා...
Delete9 වසර පුරාවට අපේ ගනං මිස් මාව පන්තියේ තියාගත්තේ නෑ.. එලෙව්වා, දැක්කත් බනිනවා ඒ නිසා දකින්න කලින් පංතියෙන් යනවා, මගේ වාසනාවට අන්තිම වාරේදි මිස්ට මාරුවීමක් ලැබුණා... නැත්තං මට උදුසරණයි!!!
ReplyDeleteරසබර අතීතෙට හිත දුවනවා සිරා මේක කියෙව්වම.......
ජ ය වේ වා !!!!
ගනං මිස් ගියාට පස්සෙ බොලා ගණිතයට දක්ෂ උනාද...ඔය වගේ මට ඉන්නෙ ඉංග්‍රීසි ටීචෑර් කෙනෙක්...එයා අපේ පාසලේ කෙනෙක් නෙමෙයි...මම පුද්ගලිකව පොඩි කාලෙ ඉංග්‍රීසි ඉගෙන ගන්න ගිය ටීචෑර් කෙනෙක්...ඒ ගෑණි මාව කෑවා.....හැමෝටම නියම ගුරුවරු වෙන්න බෑ බං.... බොටත් ජය වේවා !
Deleteඅපේ වයිසා බවාට මාව පෙන්නන්න බෑ.
Deleteබාවා...ලස්සන නම නේද...
Deleteසා...............
ReplyDeleteඑකලෙ තමයි මල්ලි නැටුම පටන් ගත්ත කාලෙ
මල්ලි කිව්වෙ කොයි මල්ලිද....අර අහ වල් මල්ලිද....නැටුවෙ උඩරටද, පහතරටද, සඹරගමුද ?
Deleteදෙලුම් මල් පිපුණ දෙවැට දිගේ.....
ReplyDeleteපාසැල් ගිය කාලේ
මල් වගේ සිනාසුනු කෙල්ලන් හා
මතකයි මගෙ බාලේ.........
ජයවේවා ජයවේවා!
ක්ලැරන්ස්ගෙ ඔය ගීතය මමත් ඉතාම ප්‍රිය කරන ගීතයක්....ඒ වගේම ශාලිතගෙ සුළගේ ලෙළෙනා කියන ගීතය....මේවා ඇහෙන හැම වෙලාවකම අපේ පාසල් කාලය සිහියට එනවා සිකුරුයි. බොටත් ජයම වේවා !
Deleteඉස්කෝලේ කාලේ මතක් වෙද්දිනම් කඳුළු එනවා බං අයියේ
ReplyDeleteඋඹ ඉතිං ඉගැනීම වගේම බාහිර ක්‍රියාකාරකමුත් හොදට කරපු එකා නොවැ....පන්ති කාමරයේ අධ්‍යාපනය පමණක් ලබපු එකෙකුට පස්සෙ කාලෙක මතක් කරලා සතුටු වෙන්න දෙයක් නෑ....
Deleteඔව් ඉතිං... උන්ට මතක් කරන්න තියෙන්නේ පොත විතරයි
Deleteදිග උනාට බොහොම රසවත්..මොහොතකට අතීතයට හිත අරං ගියා. මං ගූගල් අර්ත් ගිහින් අඩු ගානෙ සතියකට වතාවක්වත් ඉස්කෝලෙ යනවා.
ReplyDeleteඇත්තටම...ජීවිතේ වගකීම් නැති...ගැටලු නැති සමනළයෙක් වගේ සැහැල්ලුවෙන් හිටි කාලයක් නොවැ....ඒ කාලෙදි අපි කල්පනා කරන්නෙ කවදද ඉස්කෝලෙ යාම නවතින්නෙ කියලා...එළියට ආවම හිතනවා ආයෙ යන්න තියෙනවා නම් කියලා....මිනිස් සිත අවස්ථා දෙකකදී හිතන විදියෙ වෙනස....
Deleteඅපේ වයිසාගේ නම බාවා.
ReplyDeleteපිනා වපරයා
ලපයා
කෝදුවා අපේ ඉස්කෝලේ සෑර්ලා
පන්තියේ කොල්ලෝ
ගුල්ලා, කිරියා, කිරි පුඩිමා, දෙලා,මියා, කදිරා, පුසා, දෝතේ, පුක බරියා, පුංචා
කාටවත් අපහස කරන්න නෙමෙයි මටත් පාසල් කාලය මතක් වුන නිසා ලිව්වේ.
මෙන්ඩියට කිවුවෙ මොන නමද මෙතනින්.
Deleteඅඩියා.. බොන්න ගියාහම බෝතලේ අන්තිම අඩියේ ෂෝට් එක ඉල්ලලා මම වලි.
Deleteතාමත් අඩිය ඉල්ලන්වද? බ්‍රෑන්ඩ් එක ගල් ස්තූතියි.
Deleteමේ අපේ පාසලේ සැට් එක.....විදුහල්පතිතුමාට නම් දැම්මෙම නෑ කවදාවත්...උප විදුහල්පති කෙනෙක් හිටියා අපි පුංචි සන්ධියෙ...එයා උස ළමයා, ඊට අමතරව පපියා / මයික් කටා / තනි අලියා / පතියා / වපරෙ / මාලුවා / සාමෙල් / අයියෝ පාත / වගේ අය හිටියා....ගුරුවරියො අතර කටු බැල්ලි / ඇට මාලෙ / වට්ටක්කෙ / සුදු චූටි / බෙට්ට / වගේ නම් මට තවම මතකයි.
Deleteඅද බ්‍රෑන්ඩ් එක හැලිබොරේන්ජ් නෙමෙයිද...බයිට් එකට බැදපු හුරුල්ලො...මගේ ගානෙ...
හිනා යනවා. එකක් මේක කියවලා. අනිත් එක අපේ ඉස්කෝලෙ කාලෙ මතක් වෙලා..... අපේ ඉස්කෝලෙ නම් ළමයින්ට වැඩියෙ නම් තිබුනෙ නෑ... ඊටත් එක්කම නම් දැම්මෙ අපේ අල්ලපු පාසලේ කට්ටියට තමය්,
ReplyDeleteපාසල් කාලය ඉතින් පොදුවේ හැමෝටම සුන්දර මතකයක් තමයි අරගෙන එන්නෙ. ඒ කාලයට අපි කවුරුත් ආස වෙන්නෙ අද වගේ වගකීම් රාශියක් අපේ දෙවුර මතට වැටී තිබුනෙ නැති හින්දා කියලයි මට හිතෙන්නෙ. අල්ලපු පාසලේ කොල්ලොද හිටියෙ...
Deleteසිරා අයියගේ සුන්දර අතීතය අපිත් එක්ක බෙදා ගත්තට තැන්කු කිව්වා, අඩේ ඔය කැනීම් කටයුතු වලට අපි හෙනම විසේසස්නයෝ තමා, අයි අප්පා ගෑනු ඉකොලෙකුඉ පිරිමි ස්කොලෙකුඉ එකම තාප්පෙකින් වෙන් කරලා තිබුනොත් හිතාගන්න අහැකිය, අපේ හිටියේ සත්තු වතේ සෙට් එකක් , ඒ නම් තමා තිබුනේ, එතකොට පිකිසා, කිරි මණ්ඩලේ, මිස්ටර් බීන්, අබය, චන්ඩි ලතා, බඩ සුන්දර මිස්, වයිටා, යසයා, අන්නාරියා, චමින්ද වාස්, අනේ අම්මපා හැමෝටම සුන්දර අතීතයක් තමා පාසල් සමය නම්.
ReplyDeleteබොලා මිනුවන්ගොඩ පැත්තෙ පාසලකද....එහෙත් තියෙනවා තාප්පෙන් වෙන් වෙන් සිද්ධියක්....කිරි මණ්ඩලේ කිව්වෙ නම් දැරිවියකට වෙන්ට ඇති...එතකොට තුනී ලෑලි එහෙම තිබුනෙ නැද්ද ? බඩ සුන්දර මිස්ට එහෙම සෑර්ලා ඇල්ම බැල්ම දාන්න ඇති....
DeleteHi,
ReplyDeleteInteresting & remembering our school time too.I Also wanted to write a Sinhala blog. Please help me. I already sent you the email as well. But no reply. Please help.
Tks
Rangana
I will send you a reply through the E-mail buddy....I was so busy in last week...
Deleteඒක ඇත්ත සිරා අයියේ ගුරුවරු කොයි තරම් ළමයින්ට දඬුවම් කරත් ඒ අය ගැන හැම කෙනෙක්ගේම හිතේ තියෙන්නේ හරිම පුදුමාකාර ගෞරවයක්.
ReplyDeleteකට්ටිය ගැන විස්තර එක හුස්මෙට කියෙව්වා හරිම රසවත් මතකයන් ගොඩක්..
නමුත් ඒ ගෞරවය තියෙන්නෙ අතීතයේ හිටිය ළමුන්ට තමයි. අද දරුවෙක්ට ගුරවරයා පාරක් ගහලා තිබුනොත් ඒ ගැන විමසන්න දෙමාපියන් පහුවදාට පාසල් එනවා. මේ කථාබහ ඉවරවෙන්නෙ නඩුවක් පැවරීමෙන්...නැතිනම් පොලෝසියට පැමිණිලි කිරීමෙන්.
Deleteපිස්සු හැදෙන යුගයක් ඒක. කොයි තරම් වයස ගියත් අමතක වෙන එකක් නෑ. ඉදිරියේදී දිග අරින්න හිතෙනවා. සමහර කොටස් නම් මේ වෙනකොට ලියලාත් තියෙනවා. මේ ටික හරි රසවත්.
ReplyDeleteඔය වගේ සිද්දි දෙක තුනක්ම වෙලා තියෙනවා. ලිව්ව නම් හරි කියල හිතෙනවා නිවාඩු වෙලාවක.
ReplyDelete