Thursday, September 4, 2014

79 සංචාරය මරණයෙන් කෙළවර වන සෙන්ටිනල් දූපත

අපේ පෘථිවිය අතීතයට වඩා තාක්ෂණය පැත්තෙන් දැන් සෑහෙන්න දියුණුයි. ලෝකයේ එහා කොනේ ඉන්න කෙනාගෙ මුහුණ බලාගෙන සජීවීව කථා කරන්න, එහෙමත් නැත්තං පෘථිවිය වටා තියෙන ග්‍රහලෝක වලට යානා යවන්න තරම් පෘථිවියේ තාක්ෂණය දියුණු වෙලා. මේ කියන තාක්ෂණය දවසින් දවස සෑම අහු මුල්ලක් දක්වාම ව්‍යාප්ත වෙමින් තියෙන වටපිටාවක, චන්ද්‍රිකාවක් තබා ගුවන් විදුලියක් හෝ දැක නැති මිනිසුන්ද ඉන්න බව ඇහුවම ඔබ පුදුම වෙන්නත් පුලුවන්. නමුත් එය මුසාවක් නොවෙයි. එවැනි මිනිසුන් විවිධ ගෝත්‍ර වලට අයත් සාමාන්‍ය ජන ජීවිතයට ඔබ්බෙන් ජීවත් වෙන ඇත්තො. අපි අද යුරේනියම් වලින් බල ගැන්වෙන යුගයක් පිළිබද කථා කරද්දි මේ ඇත්තන් තවමත් ජීවත් වන්නේ ගල් යුගයේ.

අතීතයේදී සාමාන්‍ය ජන සමාජයෙන් බැහැරව හුදෙකලාව දිවි ගෙවපු බොහෝ ගෝත්‍ර, මේ වෙද්දි සාමාන්‍ය සිවිල් සමාජය සමග යම් තරමකින් ගණුදෙනු කරන තැනට පත්වෙලා තිබුනත්, වර්තමානයේ වුවත් කිසිම විදියකින් බාහිර ලෝකය සමග සම්බන්ධතා තබාගන්න අකමැති ගෝත්‍රයක් පිළිබද ජාලෙන් පෙරලපු කථා විශේෂාංගයෙන් අද ඔබට කියන්නයි සිරා කොලුවගෙ මේ සූජානම. මේ අය ගැන සිංහලෙන් ලියවෙන දෙවෙනි වතාව මෙයයි.

බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පිහිටා තිබෙන අන්දමන් සහ නිකෝබාර් දුපත් සමූහයට දූපත් 300 ක් පමණ අයත්, ඒවා කිලෝමීටර් 725 ක් පමණ දුරට විහිදී තිබෙනවා. මේ දූපත් සමූහයේ ඉන්දුනීසියාව සහ මියන්මාරය අතර කලාපයේ පිහිටා තිබෙන උතුරු සෙන්ටිනල් (North Sentinel ) දූපත ලොවෙන් හුදෙකලා වී වෙසෙන, සෙන්ටිනලීස් (Sentinelese) නැමති ගෝත්‍රයේ නිජබිමයි.



ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ ඉදන් කිලෝමීටර් 120 ක පමණ දුරකින් තමයි වර්ග කිලෝමීටර් 72 විශාල උතුරු සෙන්ටිනල් දූපත පිහිටා තිබෙන්නේ. ඉන්දියාවට අයත් මේ දුපත් සමූහයේ පරිපාලන කටයුතු සිදු වෙන්නෙ Port Blair හි සිටයි. ඉංග්‍රීසි ජාතිකයන් Port Blair පාවිච්චි කර තිබෙන්නේ ඉන්දියාවේ සිටි ඔවුන්ගේ සිරකරුවන් වගේම තමන්ට විරුද්ධව නිදහස් සටනට එළැඹුන සටන් කරුවන් රදවා තබන සිර කදවුරක් විදියට බවයි සදහන් වෙන්නෙ.

සෙන්ටිනලීස් ගෝත්‍රිකයො තමන්ගෙ දූපතට ආගන්තුකයන්ට පැමිණෙන්න අවසර දෙන්නෙ නෑ. ඒ වගේම බාහිර සමාජය එක්ක ගණුදෙනු කරන්න කිසිම කැමැත්තක් දක්වන්නෙත් නෑ. ඒ හේතු නිසාම ලෝකයේ සංචාරය කරන්නට අපහසුම තැන විදියට උතුරු සෙන්ටිනල් දූපතේ නම සමහර තැන් වල කියවෙනවා.

මේ ගෝත්‍රිකයන්ගෙ සමීප ඡායාරූප නෑ.

මේ ගෝත්‍රයේ මුතුන් මිත්තො අප්‍රිකානු මහද්වීපයෙන් පිටතට ගිය පළමු කණ්ඩායමේ අය කියලයි විශ්වාස කරන්නෙ. ඒ ඇත්තො කුඩා ප්‍රමාණයේ දූපත් වල වසර 60000 කට ඈත අතීතයේ සිටම ජීවත් වෙලා තිබෙනවා. පොදුවේ අන්දමන් දූපත් කලාපයේ මෙන්ම ගිණිකොන දිග ආසියාව, මලයාසියානු අර්ධද්වීපය අවට, පිලිපීනය, ඔස්ට්‍රේලියාවේ ටස්මේනියාව ආශ්‍රිතව හුදෙකලාව ජීවත් වන මෙවැනි ගෝත්‍ර වර්ග වල මිනිසුන් හදුන්වන්නේ Negritos යන නමින්. තද කලු පැහැති සම වගේම, කැරළි ගැසුනු කොණ්ඩයත් මේ අයගෙ පොදු ලක්ෂණ. මේ ගෝත්‍රිකයන්ගෙන් බොහෝ අය බාහිරට පේන විදියට වමත් කරුවන්.

මේ ඇත්තන්ගෙ වාසස්ථාන හරිම සරලයි. පැති බැමි හෝ බිම් සැකසුමක් නැති , වහළය සදහා කොළඅතු සෙවිලි කල නිවාස තමයි සෙන්ටිනලීස් ජනතාව භාවිතා කරන්නේ. ඒ අයට තමුන්ගෙ ආයුධ හදා ගන්න ලෝහ වර්ග තිබුනෙ නෑ. නමුත් ඔවුන්ගේ වෙරළට පාවී ආ ලෝහ කොටස් වගේම මේ මුහුදු කලාපයේ අනතුරට පත්වෙච්ච නෞකා මගිනුත් ඇතැම් ලෝහ කොටස් මේ අය අතට ලැබුනා. ඔවුන් ඒවා මුවහත් කර තමන්ගේ ආයුධ ලෙස භාවිතා කරන පිහිය, හෙල්ලය,වෑය, ඊතල ආදිය සකසාගෙන තිබෙනවා. සතුන් දඩයම, මාළු ඇල්ලීම වැනි කටයුතු වලට ඔවුන් ඊතල යොදා ගන්නවා. මේ ජනතාව ආහාර ද්‍රව්‍ය ගබඩා කිරීම උදෙසා උණ බට වලින් මෙන්ම වෙනත් ශාක පොතු වලින් භාජන සකසාගෙන තිබෙනවා.

සෙන්ටිනලීස් ජනවර්ගයේ වර්තමාන ජනගහණය ගැන කවුරුවත් හරියට දන්නෙ නෑ. බාහිර ලෝකය සමග කිසිදු සම්බන්ධතාවක් පවත්වන්නේ නැති නිසා ඒ ගැන පැහැදිලි තොරතුරක් දක්වන්න කිසිවෙකු නෑ. ජනගහනය සමහර විටක 40 - 500 අතර ප්‍රමාණයක් වෙන්නත් පුලුවන්.

තමා වෙත පැමිණෙන ආගන්තුකයා සතුරෙක්ද නැතිනම් මිතුරෙක්ද කියන කාරණේ මේ ගෝත්‍රිකයො තකන්නෙ නෑ. ඔවුන්ගේ දූපතේ වෙරළට ඔබ වැරදීමකින් ආවත්, හිතාමතාම ආවත් ඔවුන් ආගන්තුක සත්කාරය දක්වන්නෙ එකම විදියකට. ඒ හෙල්ලයකින් ඔබේ පපුවට ඇනීමෙන්, නැතිනම් ඊතල වරුසාවක් ඔබ වෙත එල්ල කිරීමෙන්. කෑම වර්ග, රෙදිපිළි ඒ ඇත්තන්ට වැදගත් දේ නොවෙයි. මේ අය කෙතරම් නොහික්මුන ජන වර්ගයක්ද කියනවානම් 2004 වර්ෂයේදි ඇති වූ සුනාමියෙන් පීඩාවට පත් වූ මේ දූපතේ ගෝත්‍රිකයන් බේරා ගැනීමට පැමිණි, ගලවා ගැනීමේ කණ්ඩායම් වලටත් ඔවුන් තමන්ගේ සුපුරුදු ප්‍රතිචාරයම දැක්වූවා.

2004 වසරේ සුනාමියට තුඩුදුන් සාගර පතුලේ භූමිකම්පාව සිදුවුනේ නිකෝබාර් දූපත් ආසන්නයේ. මේ විපතින් හානියට පත් වූ මේ ගෝත්‍රයේ ඇත්තන්ට සහන සලසන්න සහන කණ්ඩායම් ආවෙ ඉන්දියානු නාවික හමුදාවෙ හෙලිකොප්ටර් යානා වලින්. ඒ අයට අවශ්‍ය උනේ සුනාමියෙන් දිවි බේරාගත් අයට උදව් කරන්න. ඒ උනාට ඒ සදහා තිබුනේ ඉතාම සුළු අවස්ථාවක්. මේ හින්දම ඔවුන් ආහාර අඩංගු පාර්සල් ගුවනින් දූපතට හෙළන්නට උත්සාහ කලා. ඒ අවස්ථාවේත් දූපතේ ගල් ගුහා වලින් වගේම කැලෑව තුලිනුත් මතුවෙච්ච සටන් කාමීන් හෙලිකොප්ටරය දෙසට ඊතල ප්‍රහාර එල්ල කලා.

සෙන්ටිනලීස් ගෝත්‍රිකයො ගැන ලෝකයා දන්නෙ බොහොම පොඩ්ඩයි. ඔවුන්ගේ භාෂාව, ඔවුන්ගේ පුරුදු, ගති සිරිත් විරිත්, ආදී සියලුම දේ මේ දූපතේ ගණ වනාන්තර ඇතුලෙ සැගවිලයි තිබෙන්නේ. නමුත් ඔවුන් තමන්ගෙ ජීවිතය පවත්වාගෙන යන්න ආහාර සපයාගන්න විදිය ගැන නම් අදහසක් ගන්න අපහසු නෑ. ස්වභාවයෙන්ම හොද දඩයක්කාරයො පිරිසක් වන මේ අය සත්ව දඩයමෙන් සහ කැළෑවෙන් සපුරා ගන්නා වෙනත් ශාකමය ආහාර මගින් යැපිය යුතුයි. ඔවුන් සත්ව පාලනය හෝ කෘෂි භෝග වගාකිරීමක් කරන්නෙ නැති නිසා වෙනත් විකල්පයක් නෑ. පොල්, පළතුරු, මාළු, කැලෑ ඌරන්, කටුස්සන්, තලගොයින්, කැස්බෑවන්, කුඩා කුරුලු වර්ග, වගේම මී පැණිත් ඔවුන්ගේ අාහාර වලට ඇතුලත්. 1880 දී සෙන්ටිනල් දූපතට පැමිණි ඉංග්‍රීසි ජාතික ගවේෂකයකු වන M. V. Portman පවසා තිබෙන්නේ මේ අයගේ ආහාර සැකසීමේ රටාව අන්දමන් දූපත් කලාපයේ වෙසෙන Onge ගෝත්‍රිකයන්ගේ ක්‍රමයට සමාන නමුත් අැබෝර්ජියන් වරුන්ගේ ක්‍රමයට වඩා බොහෝ සේ වෙනස් බවකි.

උතුරු සෙන්ටිනල් දූපත ඉන්දියාවට අයත් වුවත් මෙහි වෙසෙන ගෝත්‍රිකයො ඉන්දියාව කියන්නෙ කුමක්ද කියලාවත් අහලා නැතුව ඇති. සෙන්ටිනල් ගෝත්‍රිකයො සමග මිත්‍රත්වය ඇති කරගන්න ඉන්දියානු රජය උත්සාහ ගෙන තිබෙන්නේ 1964 වගේ කාලයේ ඉදන්. අවසානයේ ඔවුන්ගේ සියලුම උත්සාහයන් වතුරේ ගියා. මේ උත්සාහයන් 90 දශකයේ මුල් භාගයේදී ඔවුන් අතහැර දැමූවේ මෙවැනිම වැඩසටහන් නිසා Jarawa ගෝත්‍රිකයන් අතින් රජයේ පාර්ශවයේ කීප දෙනෙකු මිය ගියාට පස්සෙ.


මේ ඉන්නෙ Jarawa  ගෝත්‍රිකයන්

ඉන්දියානු රජය උතුරු සෙන්ටිනල් දුපතට පිවිසීම වර්තමානයේ තහනම් කරලයි තියෙන්නෙ. දූපතට හැතැප්ම 3 කට එහායින් අනතුරු ඇගවීමේ කලාපයකුත් පවත්වාගෙන යනවා. ඒ මෙහි පිවිසෙන්න උත්සාහ කරන ගවේෂකයින්ගේ සහ වෙනත් ඇත්තන්ගේ ආරක්ෂාව උදෙසා. නමුත් කිසියම් ක්‍රමයකින් මේ ආරක්ෂක කලාප පසුකරගෙන මේ ගෝත්‍රිකයන් මුණ ගැසෙන්නට යන කෙනෙකුගේ අවසානය නම් සුන්දර එකක් වෙන්නෙ නෑ.

සෙන්ටිනල් ගෝත්‍රිකයො තමන්ගෙ ආගන්තුකයන්ට ආගන්තුක සත්කාර දක්වපු ආකාරය ගැන කියවෙන ඇග කිළිපොලා යන කථා පුවත් කීපයක්ම තියෙනවා. 1896 දි අන්දමන් දූපතේ ඉංග්‍රීසි ජාතිකයන් පිහිටා තිබුන සිර කදවුරෙන් පැන ගිය සිරකරුවෙක් අහම්බෙන් වගේ උතුරු සෙන්ටිනල් දූපතේ වෙරළ තීරයට පැමිණියා. දවස් කීපයකට පස්සෙ ඔහු පිළිබද සෙවූ කණ්ඩායමට වෙරළෙ තිබිලා හමුවුනේ උගුරු දන්ඩ කපා, ඊතල වලින් සිදුරු කර තිබුන ඔහුගේ මළ සිරුර.

1974 දි මේ ඇත්තන් ගැන වාර්තා වැඩසටහනක් සකසන්න එහි ගිය ඉන්දියානුවන් කණ්ඩායමක අධ්‍යක්ෂක වරයාගෙ කලවයේ අඩි 8ක් පමණ දිග දැවැන්ත ඊතලයක් ඇනුනා. මේ ගමන අතරතුර කෙසේ හෝ ඔවුන් මේ ගෝත්‍රිකයන්ගෙ ඇතැම් දර්ශන රූපගත කලා. එය තමයි සෙන්ටිනල් ජනවර්ගය කැමරා කාචයට නැගූ ඉතිහාසයේ පළමු අවස්ථාව. මේ දර්ශන ඔවුන් Man in Search of Man නැමති වාර්තා වැඩසටහනේ ඇතුල් කලා. පහතින් දක්වලා තියෙන්නෙ එම වාර්තා වැඩසටහන. සෙන්ටිනල් ජනතාව වාර්තා වැඩසටහන් කණ්ඩායමට ප්‍රතිප්‍රහාර එල්ල කරන ආකාරය වගේම, මේ කලාපයේ වෙසෙන අවශේෂ ගෝත්‍රික කණ්ඩායම් දෙකක් වන Onge සහ Jarawa ගෝත්‍රිකයන්ගෙ දර්ශනත් මේ රූපරාමු වල තිබෙනවා. නමුත් සෙන්ටිනල් ජනතාව අනිත් ගෝත්‍ර දෙකේ ජනතාව වගේ මේ පිරිස සමග සුහද වෙන්නෙ නෑ.


ඉන්දියානු මානව විද්‍යාඥයකු වන T.N.පණ්ඩිත් මහතා 80 දශකය අග, 90 දශකය මුල් භාගයේ උතුරු සෙන්ටිනල් දූපතට ගිය රාජ්‍ය අනුග්‍රහය ලද සංචාර කීපයකට නායකත්වය ලබා දුන් අයෙක්.

අපි එහි ගිය සමහර අවස්ථා වල ගෝත්‍රිකයො අප දෙසට ඔවුන්ගේ තට්ටම් හරවා මළ පහ කරන ඉරියව්වෙන් වැල්ලෙ ඉදගත්තා. ඒ අපට අවමන් කරන්න, අපහාස කරන්න. ඔවුන් අපිව පිළිගන්න සූදානම් නෑ කියන ඉගිය තමයි ඒ විදියට ලබා දුන්නෙ. පන්ඩිත් මහතා ඒ විදියටයි තමන්ගෙ අත්දැකීම් ආවර්ජනය කරන්නෙ.

පුුදුමයකට වගේ බාහිරින් දූපතට පැමිණි අය කලහකාරී නොවන ලෙසට මේ ගෝත්‍රිකයන් විසින් පිළිගත්ත අවස්ථාවක් තිබෙනවා. 1991 ජනවාරි මස 4 වෙනිදා පණ්ඩිත් මහතාගේ මෙහෙයවීම යටතේ කාන්තා, පිරිමි, ළමා 28 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් එහි ලගා උනා.

ඒ අවස්ථාවෙ ඔවුන් අප මුණ ගැහෙන්න අප වෙත පැමිණියා. ඒක හරිම පුදුමයක්. ඒ ඇත්තො හිතන්න ඇති අපි සමග කථා බහ කරන්න දැන් කාලය ඇවිල්ලා කියලා. පණ්ඩිත් මහතා එහෙම කියනවා.


2011 වසරේදී ඉන්දියානුවන් පිරිසක් අසලටම පැමිණි සෙන්ටිනල් ජනතාව

නමුත් අවාසනාවකට වගේ වැරදීමකින් මේ දූපත ආසන්නයේ මාළු බෑමේ නිරතව සිටි ධීවරයන් දෙදෙනෙක් 2006 දි ගෝත්‍රිකයන් අතින් මිය ගියා. ඔවුන්ගේ මළ සිරුරු රැගෙන යාමට පැමිණි හෙලිකොප්ටරයටද ඔවුන් සුපුරුදු ඊතල ප්‍රහාරය එල්ල කලා.

වර්තමානය වන විටත් සබදතා ගොඩනගා ගැනීමට අපහසු වූ ගෝත්‍ර අතර අවසානයේ සිටින්නේ සෙන්ටිනල් ජනතාව. ඔවුන් නූතන ශිෂ්ඨාචාරය, සභ්‍යත්වය හදුනන්නෙ නෑ. ඔවුනට කල හැකි හොදම දේ තමයි ඔවුන් දැන් ජීවත් වෙන විදියට ලෝකයෙන් හුදෙකලා වෙලා ජිවත් වෙන්න ඉඩ දෙන එක. මේ අයට නූතන සමාජයට හැඩ ගැසීම ඉතාම අපහසු වාගේම ඔවුන්ගේ ශරීර වල ප්‍රතිශක්තිකරණ හැකියාවත් මේ නිසා වෙනස් වෙන්න පුලුවන්.

කිසිම අවස්ථාවක බාහිර ලෝකයෙන් කිසිදු උදව්වක් ලබා නොගන්නා මේ ජනවර්ගය සැබවින්ම පුදුමාකාර කණ්ඩායමක්. මෙවැනි මිනිසුන් වර්තමානයේ හරිම දුර්ලභයි. ඔවුන් කොහොමද බාහිර ලෝකය දකින්නෙ, ඔවුන්ව ආමන්ත්‍රණය කරන්නෙ, සමහර විට අපි ඔවුන් සෙන්ටිනල් ජනතාව ලෙස ආමන්ත්‍රණය කරන බව පවා ඔවුන් දන්නෙ නෑ. මේ ගෝත්‍රිකයො ගැන පරීක්ෂණ කරන ඇතැමෙක් එහෙම කියනවා.

අද ලිපියට මූලාශ්‍ර

Wikipedia අඩවියෙන් සහ යූ ටියුබ්හි වාර්තා වැඩසටහන් මගිනි.



මම කාමරේ අරින සිරා කොලුවා.


ප.ලි

වසරකට දෙවරක් පැවැත්වෙන මැලේසියාවේ සංචාරක අංශයේ දැවැන්තම ප්‍රදර්ශනය වන MATTA FAIR (Malaysian Association of Tours & Travel Agents) වෙනුවෙන් සහභාගි වීමට ඇති නිසා බොලාගේ කමෙන්ටු වලට සිරා කොලුවාගේ පිළිතුරු ප්‍රමාද වන බව දන්වා සිටිමි.

සෙන්ටිනල් ගෝත්‍රිකයො ගැන සිංහලෙන් පුංචි සටහනක් මෙන්න මෙතන තිබුනා.

79 comments:

  1. අපූරු විස්තර පෙලක් සිරා..
    කවදාවත් නොදැන සිටී වටිනා විස්තර ටිකක්...

    ස්තුතියි තොරතුරු බෙදාගත්තාට..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. තෝ කොහෙද මකබෑවෙලා ඉන්නේ මේ දවස වල ,අපි හිතුවේ සෙන්ටිනල් ජනතාවට අහුවෙලා ඇට ගලවලා කියල

      Delete
    2. ඇයි අනේ C J කියන්නේ Chief Justice නේද? ඉතිං මේ මනුස්සයාට කොච්චර නඩු බලවන්න ඇද්ද මේ දවස්වල.

      Delete
    3. @ ඉවාන් & විචාරක,
      මං නිට්ටඹූ ගියා එහේ සිග්නල් නෑ නේ.. සැහ්

      Delete
    4. ස්තූතියි විදානෙ.....මේ දූපත පැත්තෙ එහෙම යන්න හිතන්නවත් එපා ගොයියො....

      Delete
  2. මමත් හිතන්නේ මේ අය සමාජානුයෝගී කිරීමට උත්සාහ දැරීම පලක් නොවන බවයි. ඔවුන් 21 වැනි සියවසෙන් පසු කාලයට අනුගත නොවී ක්‍රමයෙන් වියැකී යනු ඇති. නැතහොත් ඉතා සෙමින් සමාජානුයෝගී වනු ඇති.

    ReplyDelete
    Replies
    1. ජීවියාගේ පරිණාමය කියන සාධයක ගැන අවධානය යොමු කලොත් ඉදිරි කාලයක බාහිර සමාජය සමග බද්ධ වෙන්නට මේ ඇත්තන්ටත් සිතේවි.

      Delete
  3. අපිත් ඔහොම වෙන්න තිබුනා නේද අතීතයේ සම් සිදුවීම් නොවුනා නම්? හැබැයි ඔය වගේ මානසිකත්වයක් තියෙන උන් ඔය දූපතේ විතරක් නෙවෙයි, බාහිර ලෝකයෙත් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත වශයෙන්ම ඔව්. බාහිර ලෝකයට විවර උනත් තවමත් අපේ රටේ දූපත් මානසිකත්වයෙන් මිදෙන්න බැරි පිරිසක් ඉන්නවා.

      Delete
  4. සෑහෙන්න වටින විස්තරයක්.. මම කලින් කියවලා තියෙනවා ඇමේසන් වනාන්තරයෙත් මේ වගේ භාහිර ලෝකය එක්ක සම්බණ්ඳ කම් තියන්නේ නැති ගෝත්‍ර ඉන්නවා කියලා..

    හැබැයි ඉතින් ඒ මිනිස්සු ගැන හොයන්න ගිහින් නිකන් අපරාදේ ඒ මිනිස්සුන්ටත් කරදරයක් නොවී උන්ට තනියෙන් ඉන්න පුළුවන්නම් අපිට මොකෝ කියලා ඉන්නයි තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ඇමේසන් වනයෙන් කාලාන්තරයක් තිස්සෙ තොරතුරු නැතුව සිටි ගෝත්‍රයක් පිළිබද මෑත කාලීනව තොරතුරු ලැබුනා. මේ වගේ කතන්දර වලට ඇමේෂන් වනයත් ඉතාම ප්‍රසිද්ධයි. ඒ තේමාවට රූගත කරපු චිත්‍රපට කීයක් නම් තියෙනවද.....

      Delete
  5. තාක්ෂණය දියුණුවීමත් එක්ක කරදර වැඩිවෙලා කියලා මට හිතෙන්නේ. වැඩක්වත් හරියට කරගන්ට පුලුවන්ද මේ තාක්ෂණ දියුණුව හන්දා. :P

    නොදියුණුයි කීවට සතුටින් ඉන්නවා නම් ඒ ඇති කියලා වෙලාවකට හිතෙනවා. මේ ලියවිල්ලෙන් ඒක ඔප්පු වෙනවා වගේ....

    ReplyDelete
    Replies
    1. නිකමට හිතන්න මේ මිනිස්සුන්ගෙ අවශ්‍යතා කොයි තරම් සරළද කියලා....සොභා දහමට බද්ධ වෙලා ජීවත් වෙනවා...කෘතිම කෑම බීම / කෘතිම සැප පහසුකම් කිසිවක් නෑ. සිත බොහොම නිදහස් නිසා සිතේ සතුට නිරන්තරයෙන්ම ඇති.

      Delete
  6. එල ද බ්‍රා.
    අදමයි මේ වගේ විස්තරයක් දැනගත්තේ.
    මතකද beach film එක

    ReplyDelete
    Replies
    1. බේ වොච් නං මතකයි … :D

      යාංතං ගොඩ ගියෙ ඒකෙං

      Delete
    2. බොලා කියන ෆීල්ම් එක නම් මම බලලා නෑ....සිරා කොලුවා ඉතින් චිත්‍රපට බලන්නෙම නැති එකෙක්නෙ....ඒත් කාලෙකට කලින් බලපු දූපතේ තනිවුන මිනිසා....මෙල් ගිබ්සන් රගපාපු The Cast Away චිත්‍රපටය මතක් උනා.

      Delete
    3. eke inne ban tom hanks...

      Delete
    4. Mel Gibson goiyage thamayi "APACOLYPTO"....lassanyi....balahan somiyata wage

      Delete
  7. වටින ලිපයක් සිරා සහෝ....., පට්ට ස්පීඩ් එකක අනාගතයට දුවන ලෝකේම එකෙන් හුදකලා වෙලා තමන්ගේ පාඩුවේ හම්බ වෙන දයක් කාල වෙන දෙයක් බලාගෙන ඉන්න මිනිස්සු වගයක්, මේ වගේ මිනිස්සු හොයාගෙන ගිහින් තමන්ගේ හොයා ගැනීම ලෝකෙට දීල තමන්ගේ පොරත්වයත් එක්ක විශ්ලේෂණ වාර්තා දෙන්න හදන මැරුම් නොකා මැරුම් කන්න යන සමහර උන්දලාට අමතක වෙච්ච කාරණේ තමයි (මෙතුවක් කල්) කොහොමද මේ මිනිස්සු ජීවත් උනේ කියන එක, එක අමතා කරලා අහවල් එක උස්සගෙන මේ මිනිස්සුන්ට දෙන්න යනවට වඩා ඒ මිනිස්සුන්ට ඒ මිනිස්සුන්ගේ පාඩුවේ ඉන්න දෙන එක තමා හොඳම දේ, මොකද පවටත් පින් දෙන්න බෑනේ. :D

    ReplyDelete
    Replies
    1. http://en.wikipedia.org/wiki/Xingu_(film)

      Delete
    2. ස්තූතියි සොමියො....බර දාලා කමෙන්ට් එකක් දැම්මට....ඒ මිනිස්සුන්ට ඒ ජීවිතේ හොද නම්...සිතේ සතුට සැනසීම තියෙනවා නම්....ඒ කිසිවක් නැති මිනිස්සු ඒ ඉසව්වට ගිහින් කරදර කරන්නෙ මක්කෙයි හැබෑටම...

      Delete
  8. ඉන්න විදියටම ඉන්න දෙන එක තමයි හොඳම.

    ReplyDelete
    Replies
    1. මමත් ඒ අදහසට එකගයි සිංහලයො...

      Delete
  9. වටින විස්තරයක් සිරා අයියේ. මම හිතන්නෙ මෙයාල ගැන සිංහලෙන් ලියවෙලාම නැතුව ඇති.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බස්සි. මේ ලිපිය අග අමුණා තියෙන කෙටි ලිපිය පමණයි ජාලයේ මේ අය ගැන මීට පෙර ලියවී තිබුනෙ.

      Delete
  10. //""ඔවුනට කල හැකි හොදම දේ තමයි ඔවුන් දැන් ජීවත් වෙන විදියට ලෝකයෙන් හුදෙකලා වෙලා ජිවත් වෙන්න ඉඩ දෙන එක""// මම හිතන්නෙත් හොඳම දේ එක තමයි , මොකටද අපි ඔවුන්ව මේ විෂම ලෝකයට පුරුදු කරන්නට උත්සාහ කරන්නේ, ඔවුනොවුන් අතර ඉතාම සහයෝගයෙන් සහජීවනයෙන් ඔවුන් වාසය කරනවා, ඔවුන්ගේ අවශ්‍යතා ඔවුන් සපුරා ගන්නවා, කොටින්න්ම ඔවුන්ගේ දිවිය සරලයි, සැහැල්ලුයි ..අපිට දුෂ්කර ලෙස පෙනුනාට .
    ඔවුන් අපි මේ ශිෂ්ට සම්පන්න යැයි හඳුන්වන සමාජයට වඩා ශිෂ්ටයි, කාකොටා ගැනීම, කුහක කම්, දියයටින් ගින්දර ගෙනයාම් ,කල්ලි ගැසීම් වගේ "ශිෂ්ට" ක්‍රියා ඔවුන් අතර නැතුව ඇති

    ReplyDelete
    Replies
    1. මේ දුපතට යවන්න අවශ්‍ය අයගේ නම් ටික දියන්

      Delete
    2. ඉවාන් යවමු. අපි මෙහේ වැඩ ටික එකලාසයක් කරලා හිමිං යං !!!!

      Delete
    3. ශිෂ්ඨත්වය විවිධ අය අර්ථ දක්වන විදිය වෙනස් නොවැ. නමුත් අපි අද ශිෂ්ඨ යයි සම්මත සමාජයක ජීවත් උනාට...හැබෑටම මේ සමාජය ශිෂ්ඨද කියලා කල්පනා කරන්න වටිනවා....මොකද ශිෂ්ඨ සමාජයකට තරම් නොවෙන දේ තමයි නිතරම පුවත් පත් මගින් අපට දැනගන්න ලැබෙන්නෙ. සිතේ සතුට තමයි ඉතාම වැදගත් දේ....සල්ලි කන්දක් ගොඩ ගැහුවත් සිතේ සතුට නැති මිනිස්සු ඉන්න ලෝකෙක....කැලෑ සතෙක් දඩයම් කරගෙන ශරීරය නිරුවතින් ඉන්න මේ මිනිස්සු ලග සතුට උපරිමයෙන් තියෙන්න පුලුවන්.

      Delete
  11. උන් ඔය විදියටම හිටපුවාවේ බං.. තැන්කුයි මේ විස්තරයට.

    ReplyDelete
    Replies
    1. හොරා......! කමෙන්ට් විතරයි නේද කියෙව්වේ ? :P

      Delete
    2. දේශ් බිස්නස් එකක් කතාකරමුද ඒ නංගිලාට උඩුකය වහගන්න මොනවාහරි දෙන්න?
      ඉවනයා යවමු වැඩේ කතාකරන්න.

      Delete
    3. ඊට කලින් මං උඹ ළඟ ට්‍රේනිං එන්නං මෙන්ඩා

      Delete
    4. මෙන්ඩා . උඩු කය වගන්න නෙවෙයි බං අර බස් වලට ගහන ලොකු ජැක් තමා දෙන්න වෙන්නෙ !!! කෙලිං හිටවන්න..

      Delete
    5. ස්තූතියි දේශක ඇත්තො....

      මෙන්ඩිස් අයියා නරකද නිවාඩු වෙලාවක දූපත පැත්තෙ ගිහිල්ලා....ප්‍රමාණය ගැන සමීක්ෂණයක් එහෙම කරගෙන ආව නම්...මොකද බොලා මහන ඒවා මේ ඇත්තියන්ට සෙට් වෙයිද දන්නෙ නෑනෙ. බොලාට තනියම යන්න භය නම් ඔය පත්තරයවත් එක්කගෙන ගියා නම් අහවරයි.

      Delete
  12. හප්පේ...
    මගෙ නං අදහසක් වත් නෑ මේ වගේ ඈයො හම්බුවෙන්න..
    ඔව් ඉදගෙන...
    සමර විට අර සහෝදරයි විදානෙයි දෙන්න නං කැමති වෙන්න පුළුවන්...
    තනි නොතනියට කියල පත්තරයත් එයි සමාර විට....
    අනේ උඹට පාළුයි නෙ මචෝ මාත් එන්න කියල ඉවාන් ගොයියත් නාවොත් තමා පුදුමෙ...

    හැක් හැක්

    ReplyDelete
    Replies
    1. එතකොට උඔ එන්නේ නෑ? හැබැයි ආය පස්සේ කියන්න එපා යන්න කථා කරේ නැ කියලා.

      Delete
    2. ඔව් ඔව්.… ඕෆ් සීසන් ටිකට් ලාබයි

      Delete
    3. එලද බ්‍රා විකුණන්න මේ දෙන්න යන්න යන්නෙ මහේෂ්...බොලාත් කැමති නම් ගියාට කාරියක් නෑ.

      Delete
    4. මහේෂ් උඔ එනවනම් පැන්සලයි නා්ට් බුක් එකයි අරන් වරෙන් සයිස් ලියාගන්න.

      Delete
  13. මට නිකමට හිතුණා මාත් ඔය ගෝත්‍රයට කොහෙන් හරි ලේ නෑ කමක් තියන එකෙක් ද දන්නෙ නෑ කියලා... :)

    ReplyDelete
    Replies
    1. ///තමා වෙත පැමිණෙන ආගන්තුකයා සතුරෙක්ද නැතිනම් මිතුරෙක්ද කියන කාරණේ මේ ගෝත්‍රිකයො තකන්නෙ නෑ. ඔවුන්ගේ දූපතේ වෙරළට ඔබ වැරදීමකින් ආවත්, හිතාමතාම ආවත් ඔවුන් ආගන්තුක සත්කාරය දක්වන්නෙ එකම විදියකට. ඒ හෙල්ලයකින් ඔබේ පපුවට ඇනීමෙන්, නැතිනම් ඊතල වරුසාවක් ඔබ වෙත එල්ල කිරීමෙන්. ///

      :-D D D D

      Delete
    2. මම හිතනවා ප්‍රාට මේ ගැන කියන්න D අකුරු හතරකට වැඩිය දේවල් තියනවා කියලා... :)

      Delete
    3. මං හිතන්නේ ප්‍රා වෙරළට බැස්ස මුල් කාලේ මා ඔහුට එල්ල කල ඊතලයක් ගැන මේ කියන්නේ... :)

      Delete
    4. හැබෑටම....බොලා ආගන්තුකයන්ව ඒ තරම් ඉහළින් පිළිගන්නවද ?

      Delete
  14. මේ ගෝත්‍රිකයො ගැන සුනාමි ඉවර උනාම ලිපියක් ගියා පත්තරේක. වේවැල් වගේ දෙයකින් වියාගත්ත ඔරුවක් පාවිච්චි කරනවලු මාළු අල්ලන්න. සුනාමියෙන් මොවුන්ට විශාල හානියක් සිදුවෙන්න ඇති කියල ඔවුන් ගැන බලන්න ගියාම, සුනාමි එන බව දැනගෙන ඔවුන් උස් ස්ථානවලට ගිහින්ලු.
    ඔවුන් ඉන්දියානු මහාචාර්‍ය කෙනෙකුට විතරක් ඔවුන්ව හමුවෙන්න පුලුවන් බව සදහන් වෙලා තිබුන.

    ReplyDelete
    Replies
    1. Jarawa ගෝත්‍රිකයො ලග නම් ඔබ කියන ආකාරයේ ඔරු තිබෙනවා. මේ ඇත්තන් ලගත් ඒවා තියෙනවද දන්නෙ නෑ. සොභාදහමට ලග නිසා සොභාදහමේ වෙනස්කම් ඒ අයටත් හොදින් දැනෙනවා ඇති. හරියට සිව්පාවුන්ට දැනෙනවා වගේ.

      Delete
  15. හරිම හිතහොද, ආචාරශීලී, මිත්‍රශීලී ජනතාවක් වගේ!!! :D :D

    ඔය මිනිස්සු ඔහොම ඉන්න එක එයාලටත් හොදයි අපිටත් හොදයි.!

    ඒ මිනිස්සු මොන අශිෂ්ඨයොද,, අපේ සම හරක් ශිෂ්ඨ යැයි කියා ගන්න උන්දැලැත් එක්ක බලත්දි???

    විස්තරයට ස්තූතියි සිරා අයියෙ.

    ReplyDelete
    Replies
    1. ලබන සතියේ අපි යනවා උඔ එනවද?

      Delete
    2. ගල් කේස් පහ හයක් වත් ගෙනියන්ඩ වෙයි. උං මොන ජරාවල් ද දන් නෑනෙ තියෙන්නෙ.. බාර් නොතිබ්බොත් කෙලියා තාප්පෙට. ඕ යේස්.

      Delete
    3. ඇත්ත වශයෙන්ම ප්‍රියා....ශිෂ්ඨ යයි සම්මත මිනිස්සු අද කරන වැඩ දැක්කාම...තමන්ගෙ පාඩුවෙ ඉන්න මේ මිනිස්සු අශිෂ්ඨයි කියලා කියන්නෙ ඉතිං මොළේ අමාරු කාරයෙක් තමයි.

      Delete
    4. ප්‍රියා සැන්ඩි මොනවද?

      Delete
  16. මෙහෙම අයත් ඉන්නවනේ.. ස්තූතියි ලිපියට...

    ReplyDelete
    Replies
    1. අපි නොදන්නා දේවල් තමයි මේ ලෝකෙ වැඩිපුර තියෙන්නෙ.

      Delete
  17. ස්තූතියි සිරා... අදමයි මේ සෙන්ටිමෙන්ටල් පොරවල් ගැන ඇහුවේ... උඹේ මාතෘකාව මට කිය වෙන්නෙම "සංචාරක මණඩලයෙන් කෙලවර වන" කියලා.. හෙහ් හෙහ් :D

    ඔය පොරවල් ඔහොම ගිහින් තව ටික කාලෙකින් නැති භංග වෙලා යයි නේද ?

    ReplyDelete
    Replies
    1. ලෝකයේ විකාශනයට විරුද්ධ දෙසට තමයි මේ අය ගමන් කරන්නෙ. බෝ වෙන රෝගයක් හෝ වෙනත් එවැනි ස්වභාවික හේතුවක් මත මෙවැනි ගෝත්‍ර ලෙහෙසියෙන් විනාශ වෙන්න පුලුවන්. බාහිර කාගෙවත් සහයෝගයකුත් නැති නිසා.

      Delete
  18. අපි විදවන මෙ විදවිල්ල නැතුව උන්ගෙ ආතල් එකෙ උන්ට ඉන්න අරින එක තමයි හොදම දේ.අපි පවු

    ReplyDelete
    Replies
    1. උන් ඇත්තටම අපි තරම් ගැජට් කෑලි පාවිච්චි නොකලට ෆුල් ජොලියෙ ඉන්න බවක් තමයි පේන්න තියෙන්නෙ.

      Delete
  19. #අප දෙසට ඔවුන්ගේ තට්ටම් හරවා මළ පහ කරන ඉරියව්වෙන් වැල්ලෙ ඉදගත්තා. ඒ අපට අවමන් කරන්න, අපහාස කරන්න. ඔවුන් අපිව පිළිගන්න සූදානම් නෑ කියන ඉගිය තමයි ඒ විදියට ලබා දුන්නෙ#
    හ්ම්ම්ම් ...මේ ටික දැක්කම හිතුන මේ දිවයිනේ පාලනය ඉන්දියානුවන්ට ඇති කියල.... අනේ උන් ඔන්න ඔය විදිහට උන්නාවේ..අපේ රටෙත් ඔය ඉන්නේ ඔය වගේ සෙන්ටිමෙන්ටල් කට්ටිය ඕනෙ තරම්..නැද්ද මලය..

    ReplyDelete
    Replies
    1. අපේ රට කරවන උන් දැන් ජනතාවට පස්ස හරවගෙන නේද ඉන්නෙ....ඡන්ද කාලෙ ලං වෙද්දි තමයි ඉස්සරහට හැරෙන්නෙ.

      Delete
  20. මෙහේ සෙට් එකක්ම ඉන්නවා ඔහේ යවන්න ඕනේ.නිවාඩුවකට යවන්නේ කිවොත් අමාරු වෙන්නේ නැහැ යවන්න.රජයේ වියදමින් යැව්වත් පාඩුවක් නැහැ.රටට ඉතිරියක් එක.

    ReplyDelete
    Replies
    1. කැබිනට් එකම ගලවලා මේ දුපතට පිටත් කලත් කාරි නෑ...ඒ බරම සුළුපටුද රටට....

      Delete
  21. තව කොහෙද ඔහොම ගෝත්‍රයක් ෆොටෝ අරන් තිබුන නේද බං ? කොංගෝ හරි ඇමේසන් හරි වෙන්න ඕනෙ.
    මේ කස්ටිය ගැනනම් ඇහැව්වමයි :)

    ReplyDelete
    Replies
    1. ඇමේසන් වනයෙ ඉදලා හමුවුනේ බ්‍රසීල ඉන්දියානුවන් කියලා හදුන්වන ගෝත්‍රිකයො පිරිසක්.



      Delete
  22. සුද්දො ඔය දූපත් පාලනේ ලංකාවෙ ඉඳන් කොරානං අද ඔය ටික අපේනෙ! කරුමෙට ඒක උන් කල්කටාවට දුන්න විතරක් නෙමෙයි මෙහෙ ඉඳන් කරපු ල්ක්ෂද්වීප් පාලනෙත් උන්ටම දුන්න.

    ReplyDelete
    Replies
    1. ඒ උනාට ඉන්දිරා ගාන්ධි අපට තියාගන්න කියලා භාර දුන්න කච්චතිව් දුපත ආපහු ඕනෙ කියලා ජයලලිතා නෝනා සද්දෙ දානවා නේද....

      Delete
    2. ඡයලලිතා යවමු ඔය දුපතට

      Delete
  23. සිරා, අර ප්‍රබුද්ධ, පීචං, පපුව හොඳ කතා ඇත්තටම ඕනද ? මේ බ්ලොග් එක කියවන්නැති උන්ගෙ පපුව හොඳ නැද්ද එතකොට ? ඔන්න ඕවා අයින් කරලා දාපන් බන්... හිතේ සතුටට බ්ලොග් කරන්න ඇවිත් නිකන් බේද බින්න මොකටද ?

    ReplyDelete
    Replies
    1. අදහසට ස්තූතියි සෙන්නා...බොලා ඉතිං සිරා කොලුවා ලිවිල්ල ආරම්භ කරපු කාලෙ ඉදන්ම කාමරේට එන යන කෙනෙක් නොවැ....ඔන්න ඉතිං මම ඒ කොටහ වෙනස් කොලා. බල්ලෙක් කෑවා කියලා අපි ඌව කන එකක්යැ....නැද්ද බොලං...

      Delete
  24. හුඟක් වටින ලිපියක්...

    සාමාන්‍ය මිනිස්සුන්ට වඩා වෙනස් ජීවන රටාවක් තියෙන නිසා කාට වුනත් ඒ අය ගැන හොයලා බලන්න හිතෙන එක සාමාන්‍යයි. ඒත් මමත් හිතන්නේ එයාලට එයාලගේ පාඩුවේ ඉන්න දෙන එක තමයි හොඳම වැඩේ කියලා..

    ReplyDelete
    Replies
    1. අද වගේ කාර්යබහුල ලෝකයක එක සීරුවට තරගෙට දුවන අපිට...මෙවැනි හුදෙකලා මිනිසුන් ගැන තොරතුරක් දැනගන්න ලැබුනාම හරිම පුදුමයි. ඒ පුදුමය මේ තොරතුරු කියවපු පළවෙනි වතාවෙම මටත් දැනුනා.

      Delete
    2. තුශානි එහම කොහෙමද එයාලට පාඩුවේ ඉන්න දෙන්නේ? අපි මේ ගැන ලොකු කතාවක් ගොඩ නගන්න ඔිනේ.
      (කැමතිනම් ආධාරයක් කරන්න මගේ ගිනුම් අංකය දෙන්නම්.. ඔයා දුන්නා කියලා දෙන්න බැරියෑ)

      Delete
  25. Lipiyata wada comments walin aathal.ekak dena gal menda and paththarayata apage upahaaraya.

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් වල පොඩි ලල් එකක් තිබුනද...ඒකෙ ගෞරවය ඉතින් ඔය පත්තරයා මල්ලිට...මෙන්ඩිස් අයියා ඇතුලු සිරාගෙ කාමරේට නිතරම යන එන ඇත්තන්ට තමයි හිමිවෙන්න ඕනෙ.

      Delete
    2. ඇනෝ උඔත් එනවනම් කියපන් තව ගල් බෝතලයක් වැඩිපුර දාගන්න.

      Delete
    3. mama pol... gal beela pahuwada hujja karanakota palathe inna ba... :3

      Delete
  26. මේ වගේ දේවල් ගැන දැනුවත් වෙන්න මම හරි කැමතියි.

    ReplyDelete
    Replies
    1. මමත්....කුතුහලය අවුස්සන තොරතුරුක් දැනගන්න ලැබුනාම...එය ප්‍රමාද නොවී කාමරේට අරගෙන එන්න තමයි මගේ කැමැත්ත.

      Delete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...