Sunday, August 31, 2014

87 මම සහ ඇමරිකාව

සිරා කොලුවා කියපු නිසාම ඔන්න මමත් හත්වෙනි ලිපියට සටහනක් ලියනවා. කාලෙකට පස්සෙ ලියන නිසා හරිම කම්මැලියි. ඒත් පොරොන්දු උනා නම් ලියන්නම එපැයි. අනික මාතෘකාවත් Coming Soon ලෑල්ලෙ දාලා තියෙද්දී. මගේ මූණු පොතේ ඉන්න යාළුවො නම් දන්නවා ඇති දැන් මං ජීවත් වෙන්නේ ලංකාවේ නොවන බව. මහත්තයා රස්සාව කරන්නේ ඇමෙරිකාවේ නිසා මටත් එහෙට යන්න සිද්ධ උනා. ඉතිං සිරාගේ ආරාධනාව උනේ ඒ රට ගැන මට දැනෙන විදිහ ගැන සටහනක් තියන්න කියලා.

අපි බැන්ද අලුතම මහත්තයට ආපහු යන්න උනා, නිවාඩු නැති නිසා. මට යන්න තිබුනේ තව මාසයක් විතර ගිහින්. ජීවිතේට කවදාවත් පිටරටකට ගිහින් නැති මට තනියමම මේ ගමන යන්න සිද්ද උනේ. මොනවා කරන්නද ? කවුරුවත් එක්ක යන්න කියලයැ. පැය 25ක විතර ගුවන් ගමනකින් පස්සෙ උදේ 8ට වගේ මං ඔන්න ඇමෙරිකාවට පය තිබ්බා. දැන් ඉතිං පාස් පොට් එකේ සීල් එක ගහගන්නත් එපැයි. එතනත් ලොකු පෝලිමක්. ඒත් ඒ වෙලාවේ මං ආපු ප්ලේන් එක විතරද කොහෙද ඇවිත් තිබුනේ. ඒ නිසා මහා ලොකු සෙනඟක් නම් නෑ.

එන මගීන්ට ගුවන්තොටුපලේ කෙරෙන වැඩ ගැන විස්තර යන TV එකක් මගේ ඉස්සරහම. සීල් එක ගහන්න ගියාම අහන ප්‍රශ්න, ඒවාට උත්තර දෙන්න හැටි, බෑග් වල බර වැඩි වුනොත් කීයක් ගෙවන්න ඕනෙද, බෑග් චෙක් කරන විදිහ අනම් මනම් ගොඩයි. ඒවා දැක්කාම භය උපරිමයි. ඇයි අප්පා මගෙන් මොනවා මොනවා අහයිද කවුද දන්නේ. මං ආපු ප්ලේන් එක පටන් ගත්තේ ඉන්දියාවෙන් නිසා ඉන්දියන් අය තමා වැඩි පුර හිටියේ. ඔන්න එක කවුන්ටර් එකක ඉන්දියන් පවුලක් නවත්තගෙන සෑහෙන්න ප්‍රශ්න කරනවා. මගේ භය තව වැඩි උනා. පලවෙනි වතාවටනෙ මෙහෙම අත්දැකීමක් ලැබෙන්නේ. ඒ අස්සේ පෝලිමේ ඉන්න ඉන්දියන් අය මට හින්දියෙන් කතා කරනවා. මාත් එයාලගේ ජාතියේ කියලා හිතලද කොහෙද.

කොහොම හරි පෝලිම ඉදිරියට ගිහින් මගේ වාරෙත් ආවා. ඇමරිකන් කොල්ලෙක් ඉන්නවා උදේ කොපි එකත් බිබී. මං ඉතිං හොදට හිනා වෙලා ගුඩ් මෝර්නින් කිව්වා. එයත් ගුඩ් මොර්නින්ග් එහෙම කියලා පාස් පොර්ට් එක ඉල්ලගෙන බැලුවා. රට මොකක්ද ඇහුවා. ශ්‍රී ලංකා කියපු ගමන් අහා ලස්සන රට කියපි. මාත් හොද හිනාවක් දාලා ඔව් ඒක ඇත්ත කිව්වා. අනේ කිසි ප්‍රශ්නයක් නැතුව සීල් එකත් ගහලා දුන්නා. මට පුදුමත් හිතුනා. අර ඉන්දියන් අයගෙන් සෑහෙන්න ප්‍රශ්න කරලා මට නිකංම යන්න කිව්ව විදිහ හිතුවාම.

ඊළග කඩඉම බෑග් චෙක් කිරිල්ල. බෑග් දෙකත් අරගෙන බෑග් චෙක් කරන තැනට යනකොට ඉන්දියන් සෙට් එකකගේ බෑග් ඇරගෙන ඔක්කොම ඇද ඇද බලනවා, ස්කෑන් කරනවා. මං හිතුවා හරි මටත් ඔය ටිකම තමා වෙන්නෙ කියලා. මගේ ක්‍රාෆ්ට් බඩු ටිකකුත් අරගෙන ආපු නිසා ඒවා දැක්කාම මුන් මොනවා අහයිද ඒවාට දෙන්න ඕනේ මොන වගේ උත්තරද කියල කල්පනා කරන ගමන් එතන හිටපු නිලධාරීන් දෙන්නගෙන් කෙනෙකුට පාස්පොර්ට් එක දුන්නා. ඉස්සරහ සිංහල අකුරු දැක්ක ගමන් මේ මොන රටේ පාස්පෝර්ට් එකක්ද කියල ඇහුවා. ශ්‍රී ලංකා කියපු ගමන් අත දික් කළා පැසේජ් එකක් වගේ එකකට. ස්කෑන් මැෂින් එකක්වත් පේන්න නෑ ඒ පැසේජ් එකේ. පුදුම වෙච්ච පාරට මගේ කටත් අැරුනද කොහේද. මං ආයේ නිලධාරියා දිහා බැලුවා. ඔයාට යන්න පුළුවන් කියලා ආයේ අර පැසේජ් එකටම අත දික් කළා. මේ මක් උනාද කියල හිත හිත මාත් ට්‍රොලියත් තල්ලු කරගෙන ගියා.බැලින්නම් කෙලින්ම එලියටනෙ ඒ පැසේජ් එක යන්නෙ. :O මෙලෝම දෙයක් චෙක් කලේ නෑ.

එලියට ගියාට මහත්තයා ඈවිත් නෑ තාම. ඒ අස්සේ ටැක්සි ඩ්‍රයිවර්ලා ඇවිත් ටැක්සි ඕනෙද අහනවා.විනාඩි පහළොවක් විතර ගියාම ඔන්න මහත්තයත් ආවා. එලියට ආවාමත් ලොකු වෙනසක් තේරුනේ නෑ. වෙනස තේරෙන්න ගත්තේ කාර් එක පාරට ගත්තාම. පාරවල් සෑහෙන්න ලොකුයි. පාරේ අයිනේ දකින්න ඕනේ බිල්ඩින් තියෙන්නේ පාරෙන් සෑහෙන ඈත. ඒ ඉඩ පිලිබඳ ප්‍රශ්නෙ නිසා නිකන් කරකවල අත ඇරපු තත්වයක් තම මට ආවේ. අනික් එක එලවන දිශාවේ මාරුව. එක පාරටම සමහර වාහන දැක්කාම හිතෙනවා කෝ යකෝ මේකේ ඩ්‍රයිවර් කියලා. ටික දවසක් ගියා ඒක අවුල් නැති තත්වෙකට එන්න.

ගෙදර යන්නත් කලින් මුලින්ම ගියේ ඇමෙරිකාවේ ප්‍රසිද්ද Walmart කියන කඩේට. හරිම පිළිවෙලයි. සමහර වෙලාවට සේල් බඩු එහෙම කඩෙන් එලියේ ඔහේ තියලා තියනවා. කවුරුත් අරගෙන යන්නෙ නෑ. ඕනෙනම් ශේප් එකේ අරන් ගිය හැකි. ඒත් කවුරුත් ගෙනියන්නේ නෑ වගේ. කඩේ ඇතුලෙදි විකාර රූපි ඇදුම් ඇද ගත්ත අය සෑහෙන්න දැක්ක හැකි. ෆේස්බුක් එකේ එහෙම සමහරුනම් දැකලා ඇති ඒ කඩේට එන මිනිස්සු ඇදගෙන එන ඇදුම් වල විකාර බව එහෙම පොඩි වීඩියෝ කෑලි එහෙම. ගිය පලවෙනි දවසේ දැක්කේ නැති උනාට පස්සෙනම් විකාර ෂෝ දැක්කා. :D. එක දවසක් බඩ එල්ලා වැටෙන ගෑනු කෙනෙක් ඒ එල්ලා වැටෙන බඩ තනිකර එලියේ තියෙන විදිහට ටීෂර්ට් එක ඇදල. හුළං වැදෙන කොට සනීපෙට වෙන්න ඇති.

මේක නම් ගුගල් දෙයියාගෙන් ගත්ත එකක්



තව මෙහෙදී දැකපු දෙයක් තමයි කළු ජාතික ඇමෙරිකානු ගැහැණු ගොඩක් දෙනෙක් බොරු කොන්ඩ දාන එක. එයාලට තියෙන කොන්ඩේ මදි කියල හිතලා වෙන්න ඇති එක එක පාටට කොන්ඩ දාලා. හුගක් අය සුදු පාට කොන්ඩ දාලා. ඉතිං දැක්ක ගමන් තේරෙනවා මේක බොරු කොණ්ඩයක් කියලා. කළු හමත් එක්ක සුදුම සුදු කොන්ඩේ දැක්කාම විකාරයක් වගේ පෙනුනත් එයාලගේ කැමැත්තනේ කියලා ඉන්න තමා තියෙන්නේ.

ඇමෙරිකාවට ආපු දවසට පස්සෙ දවසෙම අපිට පැය 16ක දුර ගමනක් යන්න සිද්ද වෙලායි තිබුනේ. ඉන්ඩියානා කියන ප්‍රාන්තෙට. අපි පාන්දරම පිටත් උනා. නැත්නම් ඉතිං ඊට පහුවදා තියෙන සෙමිනා එකට යන්න ලැබෙන්නේ නෑ. ලංකාවෙයි මෙහෙයි වෙලාව වෙනස නිසා ඇති වෙන නිදිමත මැද්දෙම තමා මට යන්න උනේ. ප්‍රාන්ත අතර යන්න තියෙන්නේ හයිවේ වල. ආයේ මොනවද එක දිගට එලවාගෙන යන්න තියෙන්නේ. මහන්සි උනාම නතර වෙලා පොඩ්ඩක් මහන්සි නිවාගෙන යන්න තැනුත් තැනින් තැන හදලා තියෙනවා. සනීපාරක්ෂක අවශ්‍යතා ඉටු කරගෙන, ඕනෙනම් සල්ලි දාලා කොපි කෝප්පයක් අරන් බීලා ගිය හැකියි. අපිත් සෑහෙන්න නවත්ත නවත්ත තමා ගියේ. කන්න බොන්න, පෙට්‍රල් එහෙම ගහන්න ඕනේ නම් ඒවාට යන්න පාරෙන් අයින් වෙලා යා යුතු තැන් තියෙනවා.

මේ තියෙන්නේ ඒ වගේ මහන්සි නිවන්න ඉන්න තැනක් (Rest Area)




මාර්ග සංඥා නියම විදිහට තියෙනවා.වේග සීමා,ලේන් ඉවර වෙන විදි දහසකුත් එකක් බෝඩ්. එලවන කෙනෙක් ඉතිං ඔය ඔක්කොම බලාගෙන යන්න ඕනේ. මට දැනුන විදිහටනම් මාර්ග සංඥා ලංකාවට වඩා වැඩියි වගේ. ඒත් මිනිස්සු ගානට යනවා. නොයන මිනිස්සුත් නැත්තෙ නෑ. ඒත් ලංකාවට සාපේක්ෂව හරිම අඩුයි. ඒ වගේම පොලිස් පප්පලත් හැම තැනම ඉන්නවා. පප්පලා කියනවට වඩා ඉතිං අයියලා වගේ තමා :D. පගා ගැහිලි අනං මනං කතා මුකුත් නෑ. මාර්ග නීති කැඩුවොත් බේරිලි බොරු. ආහ් තව දෙයක් ලේසියකට හෝන් සද්දයක් අහන්නත් නෑ. ලේසියෙන් මෙහෙ මිනිස්සු හෝන් ගහන්නේ නෑ.

කොහොමද නම පටස් කාලා :D





මහා මාර්ග නම් සෑහෙන ලොකුයි. පාර දෙපැත්තෙම ලොකු ගස්. සමහර මාර්ග වල දෙපැත්තට යන මාර්ග දෙක මැද්දේත් ගස්. මෙහෙ ආපු විස්තර අහන්න යාළුවො කතා කලාම මං කියනවා ගස් ගොඩයි, ලංකාවටත් වඩා කියලා. සමහරු විශ්වාස කලෙත් නෑ. මට මතක විදිහට සිරා කොලුවා හිතුවෙත් මෙහෙ ගස් අඩුයි කියලා. කොටින්ම මමවත් මෙච්චර ගස් බලාපොරොත්තු වුනේ නෑ. ෆිල්ම් වල ගොඩාක් පෙන්නන්නෙම ඉතිං ටවුන් එකක් අල්ලගෙනනේ. ඒත් මෙහේ මිනිස්සු සෑහෙන්න ගස් ආරක්ෂා කරන බවක් තමා පේන්න තියෙන්නේ. ටිකක් ගම්බද වගේ සමහර මාර්ග වල යනකොට මට හිතෙන්නෙ හබරණ කැලේ මැද්දෙන් යනවා කියලා. ඒ තරම් ගස්. පාරක් හදන්න ඕනේ වෙලා ගස් කැපුවොත් පාර හදලා ඉවර වෙලා ආයේ ගස් වවනවා. ගස් වගේම තමා සත්තුත්.

මාර්ගයට යාබද රුක් ගොමුවක්
පාරේ අයිනේ ගොඩාක් වෙලාවට එක එක සත්තු මැරිලා ඉන්නවා. වාහන වලට හැප්පිලා තමා ඉතිං මුන් මැරෙන්නෙ. ඒත් කරන්න දෙයක් නෑ. අධි වේගෙන් යන වාහන එක්ක සත්තු බේරන්නත් බෑ. බැජර්ලා තමා වැඩි හරියක් හැප්පිලා ඉන්නවා දැක්ක සතා. මුවොත් හිටියා අතරින් පතර. ඒත් ඒකෙන් තේරෙන්නේ මෙහෙ සෑහෙන්න සත්තු ඉන්නවා කියන එකයි. පාරේ තැන් තැන් වල මුව ලකුනු එහෙම මාර්ග සංඥාවක් විදිහට ගහලා තියෙනවා. මුවන් පාරට පැනීමට හැක කියන්න. :D . ඒ විතරක්යැ වලස්සුන්ගේ ලකුනුත් තියෙනවා. වලස්සුනම් දැක්කේ නෑ හැබැයි අපි.

ඒ පාරවල් වලදී දකින්න වෙන සත්තු නෙ. හුගක් ගෙවල් කිට්ටුවත් සත්තු දකින්න පුළුවන්. හාවෝ, ලේන්නු වගේ. ලේන්නු කිව්වට ඉතිං ලංකාවේ වගේ තුන් ඉරි අප්පුලා නම් නෙවේ. ලංකාවේ දඬු ලේනෙක්ගේ ප්‍රමාණයේ විතර එකෙක් තමා මෙහෙදි වැඩිපුරම දකින්න හම්බෙන්නේ. උන් එච්චර මිනිස්සුන්ට භයත් නෑ. . ලංකාවේ වගේ තුන් ඉරි අප්පු කෙනෙකුත් මෙහෙ ඉන්නවා. හැබැයි උගේ නැට්ටේ ලොම් නෑ. මීයෙකුගේ වාගෙයි ඒකාගෙ නැට්ට. මක් වෙලාද දන්නේ නෑ. උන් ගස් දිගේ යන්නෙත් නෑ. බිමමයි යන්නෙ. හාවොත් හුගක් වතු වලට ඇවිත් නිදහසේ තණකොළ එහෙම කාලා යනවා. ලංකාවේ නිදහසේ ඉන්න හාවෙක් දැක්ක කාලයක් මතක නෑ මටනම්. මෙහෙ සත්තු නිදහසේ ඉන්න පාටයි.

මේ අපි ඉන්ඩියානා වල ගියපු විශ්ව විද්‍යාලයේ හිටපු ලේනෙක්




ඇමෙරිකාවෙ කෑම බීම ගැනත් නොකියම බෑනේ ඉතිං.ලෝකේ තියෙන හැම රටකම වගේ කඩ තියෙනවා මං හිතන්නේ. ලංකාවේ ඒවානම් අඩුයි හැබැයි. තාම යන්න බැරි උනා. ලංකාවේ කෑම කඩේකට. චයිනීස්, ඉන්දියන්, ඉතියෝපියන්, එජිපිට්, ඉටලියන් එක එක ජාතියෙන් කෑම කඩ. එක එක කඩ ට්‍රයි කළා ඉතිං. අපරාදේ කියන්න බෑ කෑම ඒකෙන් භාගයක් විතර අහක. මං වැඩිය කන කෙනෙක් නෙවේනේ. ඒත් දෙන්නේ මෙහෙ මිනිස්සු කන විදිහටනේ. සෑහෙන ගොඩක් කන්න අරන් ඉතුරු කරන එක තමා විදිහ. ඉතුරු කලත් ඒ වෙනකොට සෑහෙන ප්‍රමාණයක් බඩේ. ඒ වගේම තමා ගෘහ භාණ්ඩ. හුගක් අය පොඩ්ඩක් එහා මෙහා වුන ගමන් පුටු සෙටි, කබඩ් කුණු බක්කියට තමා දාන්නේ. අපි ඉන්න අපාර්ට්මන්ට් එකේ කුණු බක්කිය ගාව එක පාරක් හොද කබඩ් එකක්, තවත් දවසක පුටු සෙටි එකක්. කුණු දානකොටත් සාමාන්‍යයෙන් පාවිච්චි කරන්න පුළුවන් බඩු දකින්න ලැබෙනවා කුණු බක්කිය ඇතුලේ.

ඇමරිකන් මිනිස්සු හරිම මිත්‍රශීලීයි. දැක්ක ගමන් හිනා වෙන හායි කියන අය තමා වැඩි. එහෙම උනාට අනුන්ගේ වැඩට ඇගිලි ගැහිලි එහෙම නෑ. ඇත්තම කිව්වොත් අපි දන්නෙත් නෑ මේ අපේ ගෙදරට එහා ගෙදර ඉන්නේ කවුද කියල. :D

මම මේ ලිව්වෙ මෙහෙ ඇවිත් ගතකල මාස එක හමාරට මට ඇමෙරිකාව ගැන දැනිච්ච දේවල් ටිකක් තමා. එහෙත් සෑහෙන කාලයක් මෙහෙ හිටපු අයට තව කියන්න දේවල් එහෙම ගොඩාක් ඇති. එහෙම අයට ඒ විස්තර කමෙන්ට් එකක් විදියට බෙදා ගන්න ආරාධනා කරනවා.

මේ තියෙන්නෙ මම ගත්ත පින්තූර ටිකක්.

ලෝකේ පුරාම නගර වල නම් මෙහෙ තියෙනවා. නගරනම් මදෑ රටවලුත් තියෙනවා. යන අතරමගදී අපි ඊජිප්තුව එහෙම බලාගෙන ගියේ. :D


සමහර ගිමන් හල් ඇතුලේ ඒ ඒ ප්‍රාන්තේ විශේෂ දේවල් ප්‍රදර්ශනයට තියලා තියෙනවා

සෝයා වතු යායක්

මාර්ගය අද්දර වවා තිබෙන මල්

විශ්ව විද්‍යාලයක් තුල

අපි බලන්න ගිය සත්තු වත්තක හිටපු මේස් දාගත්ත කුකුළෙක්.
මුගේ කකුල් දෙකේත් පිහාටු හරියට මේස් දැම්මා වගේ.

ගගක් හරහා ඉදිකර ඇති පාලමක්

කන්දක් මැදින් ගමන් කරනා මාර්ගයක්





මාසයේ අවසාන ලිපිය වෙනුවෙන් සිරාගේ කාමරයට ලියා එව්වේ,
නිසුපා හෙට්ටිවත්ත.


ප.ලි

කලකට පෙර සිංහල බ්ලොග් අවකාශය තුල නිතරම දැකිය හැකි මුහුණක් වූ නිසුපා තම පුද්ගලික ජීවිතයේ කටයුතු සමග බ්ලොග්කරණයෙන් මේ වන විට ඈත් වී සිටියි. නිසූගේ කථා යන නමින් ඇය පවත්වාගෙන ගිය බ්ලොග් අඩවිය සිරාගේ කාමරයට එන යන බොහෝ අයට මතකයේ ඇතුවාට සැක නැත. බ්ලොග් කෙරුවාවට  පිවිසීමෙන් පසු සිරා කොලුවා වන මම උපයාගත් මිතුරු මිතුරියන් අතර ඇය සුවිශේෂී චරිතයකි. මූණු පොතෙන් සිදුකල කථා බහකදී ඇගේ වර්තමාන අත්දැකීම් සිරාගේ කාමරය සමග බෙදාගන්නට මා කල ඇරයුමට ඇය ලබාදුන් ප්‍රතිචාරයට මම බෙහෙවින්ම ස්තූතිවන්ත වෙමි. නිසූ....ඔබට ජය !

87 comments:

  1. අපිගැන ගහන පම්පොරි කොච්චර බොරුද නේද?එ මිනිස්සු කොච්චර මනුස්සකම් පිරුන විනය ගරුක අනුන්ගෙ අයිතියට ගරු කරන මිනිස්සුද.ලක්වෙ මිනිස්සු කොයිකාලෙක ඔය තත්වෙට එයිද මන්ද
    ඔබට ස්තුතියි නිසුපා

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක ඇත්ත. අපේ රට වැඩියම කන්නේ දේශපාලකයෝ ටික.
      ස්තුතියි කියෙව්වට.

      Delete
    2. මටත් කියවාගෙන යද්දිම හිතුනෙ ඔයටිකම තමා දමිත්.

      Delete
  2. මේකෙන් තේරුණේ කොයි රටකවත් කළු හෝ සුදු වෙන්නේ නෑ කියන එක. ඇමෙරිකාවේ සමහර මිනිස්සු අන්තිම නරකයි. සමහරු හොඳයි. අපෙත් ඉතින් ඒ වගේනේ. දැන් නම් අපිත් ඉන්නේ අල්ලපු ගෙදර කෙනා කවුද කියලා දන්නේ නැතිව. මං ඒත් බැලුවා පාමංකඩ පාලම ළඟ දකින්න නැත්තේ ඇයි කියලා. වෙනදා උදේට වැඩට යත්දී අනන්තවත් දකිනවා. ෆොටෝ එකක් ගන්නවත් බැරි වුණා නේ. :)

    ReplyDelete
    Replies
    1. එච්චරට මාව දැක්කද? මං හිතුවේ එක දවසයි දැක්කේ කියලා. ෆේස් බුක් එකේ ෆොටෝ එහෙම දැක්කේ නැද්ද?

      මිනිස්සු වගේම තමා. අපිට කිසිම දෙයක් තනිකර කළු සුදු කියල වෙන් කරන්න බෑනේ.මේක ඉතිං අල්ලපු ගෙදර කියන්නේ පැසේජ් එකකින් විතරනේ වෙන් වෙලා තියෙන්නේ. :D

      Delete
  3. ටිකක දිග ලිපියක් වුනත් කියවන්න ආස හිතෙන විදිහට ලියලා තියෙනවා.. විස්තරත් එක්ක පින්තූරත් අපිත් එක්ක බෙදා හදා ගත්තට හුඟක් ස්තූතියි..

    ReplyDelete
    Replies
    1. මට සෑහෙන්න වෙලා ගියා මේක ලියන්න. දැන් ලියන පුරුද්ද මග ඇරිලා. මං හිතුවේ ලිව්වා ටික මදි ඇති කියලා. බොහොම ස්තුතියි.

      Delete
  4. ලස්සනයි.. බලන් ගිහාම අපේ රටට වැඩිය ලස්සනයි පිළිවෙලයි වගේ..

    ReplyDelete
    Replies
    1. අනේ අම්මෝ ඔව්. පිළිවෙල එහෙම උපරිමයි. තාම මං ජරාවට තියෙන පාරක් දැක්කේ නෑ. සමහර විට ඈත පාලු පැති වල ඇති. තාම ඉතිං මං ඇවිත් ටික කාලෙනේ.

      මහත්තයා කියනවා පාලු පැති වල නෙවේ නගරබද වගේ තමා බලාගන්න පුලුවන් කියලා.

      Delete
  5. හුඟ කාලෙකින් බ්ලොග් එකක් කියෙව්වෙ :) ඇමරිකාව :) හම්මේ කංවද යන්නද ඉතින් :(

    ReplyDelete
    Replies
    1. හොදා හොදා. දැන් වැඩ වැඩි ඇතිනේ. මං මේ ලංකාවට එන්නේ කවද්ද කියලා බල බල ඉන්නේ.

      Delete
    2. හම්මේ සමියෝ දැක්ක කල් කොහේද බං ඉන්නෙ..(මමත් ඉතිං එහෙම තමා..!)

      Delete
    3. එහෙම හිතන්න එපා සමියො...ඔය නිසූගෙන්ම අහන්නකො කවදාවත් ඇමරිකාවට යන්න හිතාගෙන හිටියද කියලා...කොටින්ම ගිය වසරෙ මේ කාලය වෙද්දිවත් ඇගේ තුන් හිතකවත් තිබුනෙ නෑලු ඒ රටට යන්න...අපේ ජීවිත හරි පුදුමයි බං...අපි නොහිතන දේ තමයි නිතරම සිදු වෙන්නෙ.

      Delete
    4. හ්ම්.... ඒකනම් ඇත්ත.මං කවදාවත් හිතලා නෑ මට ඇමෙරිකාව වගේ රටකට එන්න පුළුවන් වෙයි කියලා.

      Delete
    5. බැරි වුනෝත් යනවා කැකිරාවට හරි

      Delete
  6. මට ඉන්දියානා යන්න හම්බුනේ නෑ.. හැබැයි air port එකේදී මටත් හම්බුනේ ඔය වගේ සැලකිල්ලක් තමයි පාස්පෝට් එක දැක්ක ගමන්. කාපු කෑම කඩ වලින් මගේ නම් හිතට අල්ලපුම එක තමයි මෙක්සිකන් කෑම! පංකාදු පහයි!

    ReplyDelete
    Replies
    1. ඔයා හිටපු තැන් අනුව හම්බ වෙන්න වුනේ නෑනේ. අනේ මන්දා අපේ පාස්පෝර්ට් එකට එහෙම සැලකිල්ලක්. සැලකිල්ලක් නෑ කියලනේ හුගක් තැන් වල කියන්නේ.
      ආපුම දවසේ මහත්තයා මට අරන් දුන්නේ මෙක්සිකන් කෑම.එයත් ආසාලු. මට ඇල්ලුවේ නෑ අප්පා. :/

      Delete
    2. කාල බලන්න බොරිටෝ එකක්! ආයේ කියලා වැඩක් නෑ

      Delete
    3. ඒකක් තමා අරන් දුන්නේ. :3

      Delete
  7. දැම්ම නෙමෙයි.. තව පස්සේ තමයි කියන්නේ ලංකාව හොදයි කියලා.. අත්දැකීමෙන් කියන්නේ..

    සුබ පැතුම් අක්කේ..

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා හොදයි කියලා මහා ලොකුවට දැනෙන්නෙත් නෑ. දිගට ඉන්න අදහසකුත් නෑ මල්ලි . ලංකාව නරක් කරලනේ. බලමුකෝ

      ස්තුතියි. :)

      Delete
  8. ආ මෙයානේ අර ලැප්ටොප් එකක් ලැබුණා දැන් දෙන්නම් ජම්බු කියලා පස්සේ ආගිය අතක් හොයාගන්න බැරි වුණ කෙනා.

    බොහොම හොඳයි. හොඳ විස්තරයක්. ඇමරිකන් ජාතිකයෝ සාමාන්‍යයෙන් හරි මිත්‍රශීලීයි තමයි. එයාර්පෝර්ට් එකේදි ලැබුණ සැලකිල්ල නම් පුදුමයි. මම හිතාගෙන හිටියේ ලංකාවේ කිව්වහම ලැබෙන සැලකිල්ල එච්චර හොඳ වෙන එක්ක නැහැ කියලා. ඇමරිකාවට ගියහම ජීවිත කාලය පැය 10 විතර අඩු වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇමරිකාවට ගියහම ජීවිත කාලය පැය 10 විතර අඩු වෙනවා.
      අව්ලක් නෑ තිසර ආපහු ආවම එක ඉබේම එකතු වෙනවා

      Delete
    2. හිකිස්. අන්න එයා තමා. සයිට් එකේ ඉදලානේ ලිව්වේ. ඊට පස්සෙ ඔෆිස් එකට ගියා. රෑ වෙලා ගෙදර යන නිසා ලියන එක මග ඇරුනා.

      ඒක තමා මාත් සෑහෙන්න පුදුම වුනා. මහත්තයා යනකොට එයාගේ බෑග් නම් හොදට චෙක් කරලා තිබ්බා. පොළොස් මාලුවක් ගෙනිහින් ඒ මස් කියලා හිතලා ඔබ ඔබ බලලා තිබුනා. ඉතිං මගේ බෑග්වත් බලන්න නැතුව යැව්වාම මට කට නොඇරී තියෙයියෑ.

      අඩු වුන පැය 10 ආයේ ගානට එකතු වෙයි මැලේ රාළ කිව්වා වගේ. :D

      Delete
  9. මම ගිය වෙලාවත් ශ්‍රී ලන්කා පාස්පෝර් එක දැකලා ඇස්දෙක ලොකු කරගෙන ඉන්න කොට මම හිතුවෙත් වැඩ හරි කියලා ..... ඊළඟට ඉමිග්රේෂන් ඔපිස කියපි "ඔහ් ලෝන්ග් ජර්නි..... සෝ වට්ස් අප් මෑන්" කියලා කිව්වා .... එකටත් ඔල්මොරොන්දන් වෙලා ඉන්න කොට ඊළඟට මේකා පොතට සිල් එකත් ගහලා අයෙත් කියපි "ඔහ් කූල් මෑන් එන්ජෝයි යුව ට්‍රිප් කියලා" පොත අතට දුන්න ...... මම මෙච්චර දවස් හිතාගෙන උන්නේ මගේ හොඳ වෙලාවට ඉස්සෙලා දවසේ කසියා ගහපු පොරකට තමයි මාව සෙට් උනේ කියලා ...... බලන් ගියාම ගිය හැමෝටම එහෙමතමයි සැලකිල්ල ......

    ReplyDelete
    Replies
    1. ඌ නම් ෂුවර් එකට උඹේ මූණ දැකලා හිතන්න ඇති ,මෙලෝ රහක් නැති එකෙක් , ෂුවර් එකේ කාම පැයේදී පැනලා ඇවිත් කියලා ....

      Delete
    2. රාළෙ බොලා ඇත්තටම ඇමරිකා ගියාද..ඒ කාලෙ ක්ලින්ටන් ගොයියා නෙව ඉන්න ඇත්තෙ....මොනිකා ලෙවින්ස්කිට එහෙම ඇහැක් ගැහුවෙ නැද්ද ?

      Delete
    3. @මැලේ රාළ - ඇත්තටම මටත් සෑහෙන්න පුදුම හිතුනා නේන්නම්.ලංකාව කොච්චර හොද තැනකට ගන්න පුලුවන්ද. අනේ මන්දා ඒත් කන කට්ටිය කාලා කොහොම ඉතුරු කරයිද දන්නේ නෑ.

      @ඉවාන් පවුලූශා - කාම පැයේදී ??? :D

      Delete
    4. මැලේ යනවේලාවේ හිටපු ඉමිගෙරේෂන් ඔපිසර්ට ඡෝබ් එක නෑලු ඌව අයින් කරලා තියෙන්නේ මුව රට ඇතුල් කරා කියලා.

      Delete
  10. අක්කන්ඩි අපේ රටට එහම පිගැනිමක් තියෙනවා කියලා දැනගත්තාම හිතට හෙන ආඩම්බරයක් දැනුනා. පරිසසමෙන් එන්න ඡය ශ්‍රි මහා බෝ හාමුදුරැවන්ගේ පිහිටයි.
    සිරාගේ මේ ක්‍රමය එල ද බ්‍රා.

    ReplyDelete
    Replies
    1. අක්කන්ඩි.....අනේ මේ චූටි මල්ලියෙක් ඇවිදින් නිසූපෝ....

      Delete
    2. @Sanjeewa Mendis - ආඩම්බරයි නේන්නම්. මහින්දට බයද දන්නෙත් නෑ. :D. ස්තුතියි.

      @සිරා - මල්ලියෙක් නෙවේද? :O ආමන්ත්‍රණයක් දැම්මේ නෑ ඒ නිසා.

      Delete
    3. ඔයා වගේ දෙගුණයක් වයස ඇති නිසූ...එලද බ්‍රා නේද මෙන්ඩිස් අයියා....

      Delete
    4. අප්පා එහෙමද. මදෑ ... :D

      Delete
    5. මට 21 යි.. රඡයේ ප්‍රසිද්ධ නිවාඩු අතඇරලා වයස ගනන් හදන්නේ.

      Delete
    6. මට 21 යි.. රඡයේ ප්‍රසිද්ධ නිවාඩු අතඇරලා වයස ගනන් හදන්නේ.//
      සෙනසුරාදා වරුවත් අතඇරපන් මෙන්ඩො, එතකොට 18යි.

      බ්‍රෑන්ඩ් එක හැලිබොරේන්ජ්
      - ස්තූතියි -

      Delete
    7. ටැංකියු ටැකියු කම්මලේ
      බයිට් එකට ත්‍රි පෝෂ
      -ස්තුතියි-

      Delete
  11. ඔයා අර රඹුටන් කේස් එකෙන් පස්සෙ බ්ලොග් ලියවිල්ල අතෑරලාම දැම්මා නේද?

    අවංකවම කිව්වොත් මමත් ජීවත් වෙන්න කැමතිම රට එක්සත් ජනපදය.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..... මටවත් මතක නෑ අන්තිමට ලිව්වේ මොනවද කියලා. :D

      මං නම් ආයේ ලංකාවට යනවා.

      Delete
  12. නිසුපා ට මෙහෙමවත් මතක් උන එක ලොකු දෙයක්. මටත් මගුල් ගෙදරකට ආරාධනාවක් තියනව ඔය පැත්තෙ යන්ඩ සලකා බලමින් ඉන්නෙ.
    ඇවිත් ඔහෙටම වෙලා ඉන්නත් හිතෙනව.

    ReplyDelete
    Replies
    1. හි හී කම්මැලි වෙලා අප්පා ලියන්න. ආහ්... ඒවාට ආව හැකි තමා. එහෙම නතර වුන ය ඉන්න බව කතානම් අහල තියෙනවා. හරියට දන්නේ නම් නෑ.

      Delete
  13. අපුසින් නගා මක්කා හරි ලිව්ව කිව්වම මට නං තේ එක ඉස්පොල්ලේ ගියා. ඔව් ඉදගෙන.. හැක්..

    ReplyDelete
    Replies
    1. හැබැට බලාගෙන හුස්ම හිර වෙයි. :P

      Delete
    2. තේ...යකෝ උඔට ගෙදරදි තේ දෙනවද? මට නම් කහට.. තේ ඉල්ලුවෝත් සිනි බෝතලේන් ඔලුවට ගහන්නේ.

      Delete
  14. හොඳ විස්තරයක් නිසූපා. ඇත්තටම මේ වගේ සැලකීමක් අපේ රටට ඒ රටවල්වල තියෙනවයි කියල අහන්න ලැබීමත් සතුටක්. ඒ තත්වය දිගටම පවතීවා කියල පතනව.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න අයියේ. ඒක නම් ඇත්ත. තව තවත් දියුණු වේවා කියලා තමා මාත් පතන්නේ.

      Delete
  15. ඔක්කොමත් හරි මට පුදුමෙ, හෝන් නොගහා වාහන පදවන රියදුරො!!!! ඒකට අපේ ලංකාව. :D

    ReplyDelete
    Replies
    1. ඒකට චෙන්නායි !!!

      Delete
    2. ලංකාවේ එහෙම එකෙකුට ඉන්නේ අර දේශයකා කියන යකාම විතරද මන්දා.. ඔව්..

      Delete
    3. මම නිසුපාත් එක්ක ඉන්ඩියානා ගිහින් වර්ජිනියා හරහා ආපහු ගෙදර එනකල් තියෙන කිලෝමීටර් 2500 ක විතර දුර drive කළේ එකම එක පාරක් වත් හෝන් එක ගහන්නෙ නැතුව. කිව්වට විශ්වාස කරයිද දන්නෙ නැහැ, කාර් එක ගත්තු දවසෙ ඉඳන් අද වෙනකල් මම හෝන් එක ගහල තියෙන්නෙ 6 පාරයි.

      Delete
    4. බලපන්කො සිරා මේ කතාව...උදිතගෙ.
      පිස්සු හැදෙනවා...!!!!
      මම අපේ ගෙදර ඉඳල ප්‍රධාන පාරට කාර් එක ගන්න ගියත් 6 පාරකට වැඩිය හෝන් එක ගහනවා.(ගහන්න වෙනව)

      Delete
    5. ඒ අපි හුරුවෙලා තියෙන විදිය වීයා. අපි වෙන රටකට ගියාම අකමැත්තෙන් හරි ඒ සංස්කෘතියට හැඩ ගැහෙනවා. ලංකාවෙදි වැරදි කලත් ඒ රටවල් නීති රීති අනුව හැසිරෙනවා. ලංකාවෙදි තැන තැන කුණු දාපු මිනිහා පිටරකදි කුණු බක්කියකට පමණක් ඒක දාන්න පුරුදු වෙනවා....අන්න ඒ වගේ වැඩක් තමයි මේක.

      2010 දි මම ගියා චෙන්නායි...දවස් 6 කට..නමුත් මට ගිය දවසෙම ලංකාවට එන්න හිතුනා. මහා මාර්ගයෙ විනය අන්තිමයි...පාර පනින කෙනෙක්ට ලේසියෙන් ඉඩ දෙන්නෙ නෑ පාර පනින්න...මාර්ග නීති නැති ගානට හැම තැනම වාහන..යතුරු පැදි සදහා හෙල්මට් අනිවාර්ය නෑ. මේ වගේ තත්වයක් තිබුනත් දවස් 6 තුල මම කිසිදු අනතුරක් දැක්කෙත් නෑ. චෙන්නායි ගිය කෙනෙක්ට ලංකාව කොච්චර ලස්සන තැනක්ද කියලා හොදට වැටහෙනවා.

      Delete
    6. උදිත....සිරාගේ කාමරය තුල මේ හමුවීමත්...ඔබත් බ්ලොග් කරුවෙකු බව දැනගන්නට ලැබීමත් මහත් සතුටක්....

      Delete
    7. ඔන්න මහත්තයාම උත්තර දීලා :D

      Delete
    8. දේශකයා හෝන් ගහන්නේ නැත්තේ ඌට වාහන එලවන්න බැරි නිසා.

      Delete
    9. හෝන් ගහන්නේ කිසිම හික්මීමක් නැති ඉවසීමක් නැති ඔට්ටපාලුවො.. මම නං අඩු ගානේ බ්‍රේක් එක තියේද හොයන්නෙත් කලාතුරකින්..

      Delete
    10. උඹ හර්ස් එකක්ද බන් එළවන්නේ බ්‍රේක් වත් බලන්න උවමනා නැත්තේ

      Delete
    11. ඇයි බං ඇනෝ නවත්තලා තියන වාහන කටින් බ්රැම් බ්රෑම් පිප් පිප් ගගා එලෙව්වා මතක නැද්ද? ඒකට ඉතින් බ්‍රෙික් ඔිනැය?

      Delete
  16. ලංකාවේ කිව්වම ආපහු යවයි වගේනේ මෙහෙ කට්ටිය කියන්නේ ,

    ReplyDelete
  17. එහෙනම් තාමත් ඇමෙරිකාවෙ ලංකාවට තියන ප්‍රතිරූපය හොඳයි.. අහන්නත් සතුටුයි.. ඕක වැඩි කල් නොගිහින් අපේ අයියලම කාලා දාවිද කියලා මට බයයි..

    මෙහෙත් හයි වේ වල යනකොටනම් හෝන් සද්ද ඇහෙන්නෑ.. ඔහෙ ටවුන් වල තදබදයක් වෙලාවටවත් හෝන් ගහන්නැද්ද ? මට මේ ළඟදි මැලේශියන් පොරක් කියුවා එහෙ හෝන් ගැහුවොත් ඉස්සරහා එකා වාහනෙන් බැහැලා පොල්ලක් උස්සන් එනවා කියලා.. සිරා ඒක ඇත්තද බන් ?

    ඇමෙරිකාව ෂෝක් වගේ....

    ReplyDelete
    Replies
    1. සෙන්නා මැලේසියාවෙ නම් තත්වය ටිකක් වෙනස්. මැලේසියානුවන් සහ චීනුන් අතර හොද විනයක් තිබුනත් මැලේසියානු දෙමළ අය ඊට වෙනස්..ලංකාවෙ තරම්ම නැතත් මෙහෙ හෝන් හඩ ඇහෙනවා. පදික මාරු මතින් බොහෝ විට මෝටර් සයිකල් ගමන් කරනවා...වාහන අස්සෙන් බොහොම වේගයෙන් රිංගලා එන නිසාම පාර පනින වෙලාවට අපි හොද අවධානයෙන් ඉන්නෙ යතුරු පැදි ගැන.

      නමුත් සිංගප්පූරුවෙ තත්වය සම්පූර්ණයෙන්ම වෙනස්. මා එහි සිටි මාසයක පමණ කාලය තුල මට හෝන් හඩක් ඇහුනෙ එකම එක වතාවයි. ඒ වාහනයක හැපෙන්න ගිය මිනිසෙක් බේරගන්න. සිංගප්පූරුවේ තියෙන විනය මැලේසියාවෙ නෑ...නමුත් සිංගප්පූරුවේ නැති නිදහස මෙහෙ තියෙනවා.....ජපානයෙත් හෝන් හඩ ඇහෙන්නම නෑ කියලා එහෙ උන්න මගේ යාලුවෙක් කිව්වා. හෝන් එක නාද කරන එක තමන්ගෙ රියදුරු කුශලතාවයට මදි කමක් කියලයි ඒ රියදුරන් කල්පනා කරන්නෙ.

      පොලු අරගෙන බැහැලා එනවා නම් මම දැකලා නෑ...නමුත් මෙහෙ වාහන හොරු හරියට ඉන්න නිසා කාර් ඇතුලෙ පොලු තියාන ඉන්න අය නම් මම දැකලා තියෙනවා....මැලේසියාවෙදි උස්සන වාහනයක් ගොඩබිමෙන් තායිලන්තය පැත්තෙන් පන්නන්න හැකි නිසා උස්සන වාහන හොයනවා බොරු...යතුරු පැදි වලටත් තඩි ඉබ්බො දාලා තියෙන දර්ශන ඉතාම සුලභයි.

      Delete
    2. ඇත්තටම මලෙසියාවේදීත් හොඳ සද්දවෙනවා හරිම අඩුයි ඔය( සිරා ඉන්න ලිට්ල් ඉන්දියා හැර) සෙන්නගේ යහළුවා කියලා තියෙන කතාව බොහෝ දුරට ඇත්ත මෙහෙ පිටිපස්සෙන් ගිහින් හොර්නෙක ගැහාව්වාම ගොඩක් අයට තරහා යනවා තමයි ....

      Delete
    3. @සෙන්නා - අන්න ඒ බයනම් තියෙනවා තමා. තාම හොද තත්වේ තිබ්බට කොයි වෙලේ ඔය ආකල්පය නැති වෙයිද දන්නේ නෑ.

      කොහෙදිවත් මෙහෙ මිනිස්සු හෝන් ගහන්නේ නෑ. හෝන් ගහන්න පුළුවන් අනතුරක් වලක්වන්න විතරයි.

      නරකම නෑ ඉතිං ඇමෙරිකාව. :D

      Delete
  18. පොඃ .. මේ මෙයානේ. මම මුලින්ම හිතුවෙ සයුරි වත්ද කියල. :) අර රත්තරන් මඟුල ගැන කිව්වට පස්සෙ ලිව්වෙම නෑ නේද? මෙහෙම හරි ලිව්ව මැදෑ.

    අපේ රටේ රාජ්‍ය අනුග්‍රහයෙන්ම අපේ මිනිස්සුන්ට ඇමරිකාව ගැන ඇතිකරන හැඟීමෙ හැටියට ඔය සැලකිල්ල වැඩිකාලයක් ඔහොමම තියෙයිද මන්ද. අපේ එවුන් වගේ, මෙහේ තානාපති බුදියගෙන ඉන්නෙ නැතුව නැතෑ.

    ReplyDelete
    Replies
    1. මහා කම්මැලිකමක් ඔලුවට ගහලා අප්පා. :D සයුරිත් ඇමෙරිකාවේද ඉන්නේ?

      එකනම් ෂුවර් නෑ. මටත් ඕවා මතක නිසාම හරි බයෙන් ආවේ. ඒත් මං විසා ගන්න ගිය වෙලේ සෑහෙන දෙනෙක්ට වීසා හම්බ වුනා. ප්‍රතික්ෂේප වුන ය හිටියේ හරිම අඩුවෙන්.

      Delete
  19. ලංකාවේ නම් මහමග විනය කවදා හැදේවිද

    ReplyDelete
    Replies
    1. සෑහෙන වෙහෙසක් දරන්න වෙයි. ඒත් මට හිතෙන්නෙ බැරි වෙන එකක් නෑ උත්සාහ කලොත්.

      Delete
  20. ආසාවෙන් කියෙව්වෙ මේ වගේ විස්තර වලට මම බොහෝම මනාපයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. බලමුකෝ ලියන්න උත්සාහයක් අරන් ආයෙත්. :)

      Delete
  21. ප්‍රජාතන්ත්‍රවාදය ඇති නම් ඇමරිකාව ලංකාවට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නේ. මෙහේ නීතිය කාටත් එකයි. කෙටියෙන්ම කිව්වොත් දේශපාලකයෙකුටවත් පාරේ නියමිත වේගයට වඩා වැඩියෙන් යන්න බැහැ. පොලීසියෙන් දඩ කොලයක් හම්බ වෙනවා වගේම ඒක ගෙවන්නත් වෙනවා. එහෙම ගෙවපු දේශපාලකයොත් ඉන්නවා. හැමෝටම එකම විදිහට නීතිය ක්‍රියාත්මක වෙන නිසා තමයි මේ රටේ මෙච්චර හොදට විනය ගොඩනැගිලා තියෙන්නේ. පරිසර සංරක්ෂණය අතිනුත් ඇමරිකාව ලංකාවට වඩා අතිශය ඉදිරියෙන් ඉන්නේ.

    අනිත් ඒක තමයි ලංකාවේ මිනිස්සුන්ගේ හිත් වල ඇමරිකාව ගැන ඇති කරලා තියෙන වැරදි ආකල්ප. (DDT කියන විදිහට රාජ්‍ය අනුග්‍රහයෙන්ම) ඇමරිකාවට වඩා ඉන්දියාවයි චීනෙයි ලංකාවට දරුණු විදිහට බලපෑම් කරනවා. ඇමරිකාව කියන්නේ විනාශකාරී රටක් හැටියට හංවඩු ගැසිය යුතු රටක් නෙවෙයි.

    ReplyDelete
  22. reply දාන්න බැනේ සිරා හදපන්.
    අක්කන්ඩි මුගේ පච මට 21 යි මොකෙද මම වයස ගනන් කරන්නේ පෝය බැංකු සෙනසුරාදා ඉරිදා රඡයේ ප්‍රසිද්ධ නිවාඩු අත ඇරලා.

    ReplyDelete
    Replies
    1. ඔහොම බැලුවොත් බොට ආයෙ සිස්සත්තෙ ලියන්නත් බැරි වෙන එකක් නෑ.

      Delete
    2. හිකිස්.... එක මිසක් :D

      Delete
    3. නැහැ බන් බැලුවේ 18 කැල්ලක් ගෙන්න බැරිද කියලා

      Delete
    4. ඇයි බං කෑල්ලක්...සම්පූර්ණ එකක් ගත්තොත් නරකද ?

      Delete
  23. මටත් තියෙන්නේ පුදුමයක් වගේ හැඟීමක් ඔහොම අපි ගැන ඇමරිකාව මිත්‍රශිලිව බලනවා කිව්වාම.
    සමහර විට අපේ ආණ්ඩු විසින් ඇමරිකානුවන් අපිට නොසලකන ගාණට නිතරම කතා කරන නිසා වෙන්න ඇති අපිට එහෙම හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අන්න ඒක තමා හේතුව. මාත් හරි බයේ හිටියේ අපේ කට්ටිය ලංකාවේ කරන ඒවාගේ හැටියට මොනවා වෙයිද කියලා.

      Delete
  24. ඇමරිකා එ. ජනපදයේ බ්ලොග් ලිවීමට තහනමක් තියෙනවා වගේ?

    ReplyDelete
    Replies
    1. නෑ නෑ එහෙම තහනමක් නෑ. :D

      Delete
  25. මේක හරි වැදගත් කතාවක්නේ...හරි ලස්සනට හරියට ඇමරිකාව වගේම පිළිවෙලට පිරිසිදුවට ඉදිරිපත් කරලා තියනවා...මේවයින් අපේ රටේ මිනිස්සුත් විශේෂයෙන් පාලකයො ආදර්ශයක් දෙන්න පටන් ගන්න ඕන...එතකොටයි අපි වගේ සාමාන්‍ය මිනිසුන්ගේ ආකල්ප හැදෙන්න පටන් ගන්නේ...අපේ රටට මේ තරම් සැලකිල්ලක් දක්වන්නේ ඇයි...ආඩම්බරයක් ආවා...ඒත් ඒ සැලකිල්ල දෙන්න හේතුව නම් පැහැදිලි නෑ...ඇත්තටම ඇයි ඒ???

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. මං ඔහේ හිතට එන විදිහට තමා ලිව්වේ. ඒක ඇත්ත අපේ කරන්නෙම ඇමෙරිකාව පට්ට ගහන එකනේ. :v

      ඇත්තටම එහෙම සැලකිල්ලක් දක්වන්නේ ඇයි කියලා මටත් හිතා ගන්න බෑ.

      Delete
  26. දැන් ඇමරිකාවට වෙලා බ්ලොග් එකත් නොලිය රැහැය්යො එලෝ එලෝ උඩබලං ඉන්නද දිගට්ම කල්පනාව?

    ReplyDelete
    Replies
    1. හිකිස්..... එලවන්න බැරි වුනා. ඌ හිටියේ එලියෙනේ. උඩ බලාගෙන නම් ඉන්නේ නෑ. වැඩ තියෙනෝ කරන්න.

      Delete
  27. නිසූ ඇමෙරිකාවට ගිය වග මුහුණු පොත හරහා තමයි දැනගත්තේ. කොහොම වුනත් මිනිසුන්ට නිදහසේ ජීවත් වෙන්න පුලුවන් රටක්. ලස්සන රටක්. ඉගනිම්වලටත් නියමයි.

    නිසූට ජයෙන් ජය වේවා.......

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දයානන්ද අයියා. ඔව් එකනම් ඇත්ත ලස්සන රටක්. බොහෝ මිනිස්සු ඒ ලස්සන පරිස්සම් කරනවා.

      Delete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...