Thursday, August 14, 2014

114 නෙවිල් අයියා සහ ගමේ සංගීතේ

මට මතක ඇති කාලයේ අපේ ගමේ සංගීත කාරයෙකුට හිටියේ නෙවිල් අයියාය. 90 දශකයේ මුල භාගය වූ මේ කියන කාලයේ නෙවිල් අයියා භද්‍ර යෞවනයෙකි. සිරා කොලුවා තුනේ  පන්තියේ සිටියේ වුවද රටේ එවකට පැවති සංගීත රැල්ල පිළිබද යම් මතකයක් තිබීම මේ ලිපිය ලියන්නට ආශිර්වාදයකි. ගමක් ගමක් පාසා සංගීත කණ්ඩායම් හදා ගැනීමේ උන්මාදයකින් එකල තරුණ කැළ පෙළුනු බව සැබෑවකි. අන්තර්ජාලය හෝ වර්තමානයේ ඇති වෙනත් විනෝදාත්මක අංගයන් සුලභ නොවූ මේ කියන කාලයේ සංගීතය සමග දිවි ගෙවීම මේ ඇත්තන්ට මහත් සතුටක් වන්නට ඇත.

නෙවිල් අයියා ගිටාර් වාදකයෙකි. ඔවුන්ගේ සංගීත කණ්ඩායම සතියේ බොහෝ දින වල හැන්දෑ කොරේ සිය පුහුණුවීම් කලේ ඔවුන්ගේ පුංචි නිවෙසේ ඉදිරියෙන්ම තිබූ කාමරයකය. මේ නිවසට ළග පාත සිරා කොලුවාගේ වාස භවනද පිහිටා තිබූ හෙයින් පුහුණුවීම කරනා විටෙක මේ කාරිය දැක බලාගන්නට මා හට ඇති වන කුතුහලය නිම වෙන්නේ එම ඉසව්වට පා නැගීමෙන් පමණක්මය.

වර්තමානයේ තාර දැමූ මාර්ගයක් තිබුනද එකල අප ගම මැදින් වැටී තිබුනේ ගුරු පාරකි. මේ ගුරු පාරට කිට්ටුව පිහිටි නෙවිල් අයියාගේ සංගීත කාමරයේ පාර දෙසට වන්නට තිබූ ජනේලයේ එල්ලී ඔවුන්ගේ පුහුණුවීම්  නැරඹූ එකම නරඹන්නාද මා පමණක්ම විය. සිරා කොලුවා උත්පත්තියෙන්ම සංගීත රසකාමියෙක් වීම මේ අරුමයට හේතු භූත වන්නට ඇත.

රිදම්, ලීඩ්, බේස් ගිටාර් වාදකයන් තුන් දෙනාට අමතරව ඩ්‍රම්ස් සහ කී බෝඩ් වාදකයන් දෙදෙනා පුංචි කාමරයේ කිටි කිටියේ හිර වී සිටි අන්දම මට තවමත් මතකයට නගා ගත හැක. කුඩා එකෙකු වූ මා ගැන තැකීමක් නොකල ඔව්හු සිය කාරියේ දිගින් දිගටම නියැළුනු අතර කී බෝඩ් වාදන ශිල්පියා පමණක් ඉද හිට සිනහවකින් සංග්‍රහ කල බවද මතකය.

එකල ගම් මට්ටමෙන් සංගීත කරුවන් බවට පත් වී සිටි බොහෝමයකගේ බාහිර සමාජයට පෙනෙන සංගීත සළකුණ වූයේ දිගට වවන ලද කොණ්ඩයයි. අපේ නෙවිල් අයියාටද එවැනි කොණ්ඩයක් එකල තිබුනි. වික්ටර් රත්නායක, ගුණදාස කපුගේ, රාජු බණ්ඩාර මෙන්ම එකල ජනප්‍රිය තලයේ ඉහළින්ම සිටි වාදකයෙකු වූ අතුල අධිකාරිද කොණ්ඩය වැවූ අයවලුන් වීම ඒ රැල්ලට ජවයක් එක් කරන්නට ඇත.

අන්න අදත් නෙවිල්ලගෙ බජව්ව පටන් අරන්...සංගීත කණ්ඩායමේ හඩ අපේ නිවෙසට ඇසෙන විට මගේ පියාණන් නොයෙක් වර එසේ කියා තිබේ.

එකල පාසලේ මා වටා සිටි කොල්ලන් බහුතරයකටද මේ කියන සංගීත රසය දැනෙමින් තිබූ යුගයකි.

ඊයෙ පොලේ වත්තෙ සංගීතයක් තිබ්බා....ලීඩ් ගිටාර් එක කරේ තියාගෙන ගැහුවෙ...

එවන් විටෙක ඔව්හු මෙවැනි සිදුවීම් මහත් අභිරුචියෙන් විස්තර කල අයුරු මට මේ ලිපිය ලියන අතරතුර මෙනෙහි වෙයි.


ලංකාවේ කණ්ඩායම් සංගීතයේ නොමැකෙන සළකුණක් තැබූ සංගීත කණ්ඩායමක් වූ බ්ලූ ෂැඩෝස් හි එකල කී බෝඩ් වාදන ශිල්පියා වූ චමින්ද කොළඹගේ අයියාද අප ගම්මානයට යාබද ගමේ විසූවෙකි. ගමේ ජන සමාජය තුල ඔහුට තිබුනේ හොද පිළිගැනීමකි. ඔහුගේ පියා සංගීත ගුරුවරයකු වූ අතර මවට හැර පවුලේ සියල්ලන්ටම කිසියම් හෝ වාදන භාණ්ඩයක් වාදනය කල හැකි බව ප්‍රකටව තිබුනි. එම කණ්ඩායමේ ගායකයෙකු වූ සංගීත් විජේසූරියද අපට කිට්ටුව සිටි කෙනෙකු වූ හෙයින් ගම් මට්ටමින් සංවිධානය වූ බොහෝ සංගීත ප්‍රසංග වල වාදන කණ්ඩායම වන්නට බ්ලූ ෂැඩෝස් ලාට හැකි විය.

සිරාට සිටින බාප්පලා කීප දෙනා අතරින් වරායේ රාජකාරී කරන බන්දුල බාප්පා ස්වභාවයෙන්ම හොද රස වතෙකි. මේ කියන කාලයේ ඔහු සේවය කලේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරියෙකු ලෙසයි. ඔහුට ලැබෙන කෙටි විවේකයෙන් වැඩි කොටසක් ගෙවුනේ කාමරයේ වූ බොක්ස් ගිටාරය සමග ඔට්ටු වීමෙනි. ඔහුගේ ගුරුවරයා වූයේ පෙරකී නෙවිල් අයියායි. හෙතෙම ලබාදුන් ගුරුහරුකම් නිවාඩුව අවසන් වන තුරු පුරුදු පුහුණු වීම බන්දුල බාප්පාගේ සිරිත විය.

වරක් බාප්පා අසල ගම්මානයේ වූ සංගීත ප්‍රසංගයක ගායකයෙකු වෙත මූල්‍ය අනුග්‍රහය එක් කර තිබුනි. ඒ හේතුවෙන් එම සංගීත ප්‍රසංගය නැරඹීමට ආරාධිතයකු ලෙස ආරාධනා ලැබූ ඔහු  එහි ගියේ පුංචි සිරා කොලුවාද සමගිනි.

අප එතැනට ගිය හැටියේ ප්‍රසංගයේ සංවිධායකයන් අප මහත් හරසරින් පිළිගෙන අසුන් පැනවූ අන්දමත්, බයිලා චක්‍රවර්ති ඇම් ඇස් ප්‍රනාන්දු මහා ගායකයා අප ඉදිරියේ සජීවීව ගීත ගායනා කල අන්දමත් මගේ මතකයේ තවමත් නොනැසී පවතියි. එතුමා එදා ගායනා කාල ගීත අතරින් මම එන්නෙ ඩුබායි රටේ ඉදලා සහ මැණිකෙ මම ආයෙ ගෙදර එනවා යන ගීත ඉතාම හොදින් මගේ මතකයේ සටහන් වී තිබේ. ගීත ගායනා කරන්නට ප්‍රථම ගීතයේ පද රචකයා, සංගීත නිර්මාපකයා මෙන්ම තමාට අනුග්‍රහය දැක්වූ පුද්ගලයා පිළිබදව මතක් කර ඔවුනට ස්තූති වන්ත වන්නටද එතුමාට හොද කෙළෙහිගුණයක් තිබුනි. ඒ ගුණය වර්තමානයේ සිටින ගායකයන් කී දෙනෙකු සතුව තිබේද ?

සංගීත කාරයො හිගන්නො...නෙවිල් අයියලා සංගීතයෙන් මුදලක් හම්බ නොකල  නිසා අපේ ගම්වාසීන් ඇතැම් විටෙක එසේ සිතන්නට ඇත. කෙසේ හෝ කාලයේ ඇවෑමෙන් නෙවිල් අයියා සංගීත කණ්ඩායම සමග තිබූ ඇයි හොදයියට  ආයුබෝවන් කියූ අතර ඒ සමගම ඔහු විසින් දිගට වවා තිබූ කොණ්ඩයද කලින් තිබූ තැනටම කෙටි කළේය.

අතීතයේ දිනක සවස් භාගයේ ගම දෙවනත් කල සංගීත නාදය දැන් වියැකී ගොසිනි. සංගීතයෙන් ජීවත් වෙන්නට බැරි බව පවුලේ අයෙකුගෙන් නැගෙන ඇණුම් බැනුම් මගින්  හෝ තදට දැනෙන කුසගින්න විසින් නෙවිල් අයියාට උගන්වා දී ඇති සෙයකි.

ඔහුගෙන් පසු අපේ ගමේ සංගීත උණ වැළදුන කිසිවෙකු දක්නට ලැබුනේ නැති වුවද සංගීත ප්‍රේමී ජන කොටස් වලින් නම් අඩුවක් වූයේ නැත. පල්ලියේ මංගල්ලය දවසට මෙන්ම අලුත් අවුරුදු දවසටද රහමෙරට බයිට් මෙන් ගීතයද අත්‍යවශ්‍යම දෙයක් විය. එවන් දිනක අළුයම දක්වාම එක සීරුවට පැරණි රසාංග ශ්‍රවණය කිරීමට තරම් අපේ දෙසවන් පින් කර තිබුනි.

නෙවිල් අයියාගෙන් පසු සිරා කොලුවාගේ ගම් පියසේ සංගීතයට සම්බන්ධ කාර්යයක් කලා නම් ඒ රෝහිත අයියා සහ උපුල් අයියා විසිනි. සහෝදරයන් දෙදෙනෙකු වූ මේ දෙදෙනාගෙන් වැඩිමලා රෝහිත විය. එකල අතිශය ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වූ සන්ෆ්ලවර් සංගීතයට ජනප්‍රිය ගායක ගායිකාවන් සහභාගි වූ දැවැන්ත සංගීත ප්‍රසංගයක් නොමිලේම තම ගම්වාසී හිතවතුන්ට තිළිණ කරන්නට ඔවුන් දෙපළ මූලිකත්වය ගත්තේය. ඒ සදහා නෙවිල් අයියාගේ සහයෝගයද ලැබෙන්නට ඇත.

මේ කියන සංගීත ප්‍රසංගයට සහභාගි වූ ඇතැම් ආරාධිතයන් පිළිබද මා හට යම් තරමකට මතක තිබේ. ඒ කාලය වන විට සමිතා මුදුන්කොටුව ශිල්පිනිය ක්ෂේත්‍රයට පිවිසියා පමණකි. අද මෙන් තරබාරු නොවූ  සිහින් සිරුරක හිමිකාරිය වූ ඇය ඉර පායා යන ගීතය ගායනා කළාය. ප්‍රසංගයේ නිවේදකයා ලෙස කටයුතු කලේ තිලක් කුමාර රත්නායක හෙවත් කෝපි කඩේ සෝමෙ අයියායි. වර්තමානයේ මෙන් පුද්ගලික නාලිකා පැටව් ගසා නොතිබුන ඒ යුගයේ කෝපි කඩේ ටෙලි නාටකය බොහෝ සේ ජනප්‍රිය එකකි. සෝමෙ අයියාද ජනතාවගේ නොමද ආදරය ලබා සිටි කළාකරුවෙකි.

එදා මෙදාතුර සිරා කොලුවාගේ ගම්මානයේ පැවති දැවැන්තම ප්‍රසංගය වූයේ මෙයයි. වර්තමානයේදීත් අපේ ඇත්තන් ඇතැම් විටෙක මේ මතකයෙන් සිය පෙණහළු පුරවාගනියි. පසු කලෙක රෝහිත උපුල් යුවල විදේශගත වීමත් සමග මෙවැනි යමක් සංවිධානය පිණිස කෙනෙකු ගමේ  නොවුනෙන් සිරා කොලුවා ඇතුලු ගම්වාසී  මිතුරන් විසින් වසර 18 කට පසු එම ස්ථානයේම සංගීත සංදර්ශනයක් සංවිධානය කරන තුරු සංගීත සංදර්ශන අත්දැකීම අපේ ගමේ ඇත්තන්ගෙන් ඈත් වී තිබුනි.

දැනුම් තේරුම් ඇති වයසට පැමිණෙන සිරා කොලුවාට ලග පාතක සංගීතයක් තිබෙන බව ආරංචි වුවහොත් එහි යා යුතුමය. නැතිනම් නිදා ගන්නා වේලාව වන විට සංගීත සංදර්ශනය යන්තමින් හෝ නිවෙසට ශ්‍රවනය වෙයි. එවැනි විටෙක එතැන චිත්තරූප මවාගැනීම තරමක වේදනාවකි.

මෙවැනි ගමන් සදහා මටම ඔබින මිත්තරයන් පිරිසක් සිටීම වඩාත් පහසු සහ ආරක්ෂාකාරී විය. එසේ නොමැති නම් නිවෙසින් මේ ආකාරයේ ගමන් සදහා අවසර ලැබෙන්නේද නැත.

වරක් අපට යාබද ගම්පියසක තරුණයන් පිරිසක් එක්ව අටවාගත් සංගීත කණ්ඩායමක් පැවැත්වූ කළඑළි ප්‍රසංගයකි. එළිමහනේ නොමිලේ පැවැත්වූ මෙහි ගීත ගායනය සදහා ප්‍රවීණ සංගීත වේදී ගුණදාස කපුගේ මහතාද එක්ව සිටියේය. කැළෑබද මණ්ඩියක වූ වල් පදුරු කපා දමා බිම සැකසූ තැනක ප්‍රසංගය සූජානම් කොට තිබුනි. එහෙත් ඇතැම් තැනක පොළවෙන් උඩට මතු වූ කපා දැමූ ශාඛ වල මුලක් දෙකක් වෙයි.

කපුගේ ගායකයා එදා එහි පැමිණියේ කන සාක්කුවට වැටෙන්න ඔන්න මෙන්න තිබියදීය. සිරුර අපහසුවෙන් සමබර කරගෙන වේදිකාව දෙසට යන ඔහුගේ පය පෙර කියූ මුල් වල හැපී වැටෙන්නට යයි. එවිට අමු තිත්ත කුණු හබ්බයක් දෙකක් එළියට පනින්නේ වටේ පිටේ සිටි බෝ පැල වැනි  අපේ සිත් සතන් සනසවමිනි.

කෙසේ හෝ ඇහැට කනට පෙනෙන ඔහුගේම වයසේ කාන්තාවක විසින් වත්තන් කරගත් කපුගේ තෙමේ වේදිකාවට ගොඩවී පළමු ගීතය ගයන්නට ආරම්භ කළේය.

සංගීත කණ්ඩායම ගමේ බඩුවලින් යුතු එකක් බව පෙර කීවෙමි. ඩ්‍රම්ස් වාදකයා පවත්වාගෙන යන රිද්මය කපුගේ ගායකයාට නින්ද නැති රැයේ ගයන්නට වේගවත් වැඩිය...ඔහු යම් යම් සංඥා වාදකයා වෙත තම හස්තයෙන් දැක්වුවද ඒවා තේරුම් ගන්නට ඒ වෙලාවේ පැමිණ සිටි ජනකාය නිසාදෝ අන්ද මන්දව සිටි ඔහුට හැකි වූයේ නැත.

ගීතයේ පළමු කොටස අවසන් වී සංගීත ඛණ්ඩ වලට යොමු වනවාත් සමග ඔහු කරා ගිය කපුගේ තෙමේ...

යකෝ....ගහපිය කියන්න පුලුවන් විදියකට...යනුවෙන් තෙපලූ අයුරු වේදිකාව අසලම සිටි මගේ දෙසවනට වාර්තා විය.

කෙසේ හෝ සෙසු වාදකයන්ගේ සහයෝගයෙන් නිසි මගට පිළිපන් ඩ්‍රම්ස් වාදකයා දෙසට හැරී මහත් සෙනෙහසින් ගීතයෙ ඉතිරිය ගයන්නට කපුගේ ශූරීන් අවසානයේ කටයුතු කලේය.

අප අවට ගම්මාන වල පැවැත්වූ සංගීත ප්‍රසංගයන් බොහොමයකට ජනප්‍රිය ගායකයන් සහභාගි වුවද බොහෝ විට සංගීත කණ්ඩායම ලෙස කටයුතු කලේ ගම් ආශ්‍රිත තරුණයන්මය.

වරක් පල්ලියේ මංගල්ලය වෙනුවෙන් පැවති ප්‍රසංගයකි. නිසි සන්නිවේදනය නැති නිසා හෝ පුහුණුවේ මද කම නිසා උන් නිතරම වරදවා ගත්තෝය. ඩ්‍රම්ස් වාදකයා වයන්නට පටන් ගන්නා ගීතය නොව වෙනත් ගීතයක් කී බෝ්ඩ් වාදකයා වාදනය කරන්නට පටන් ගනී. එවිට රිද්මයේ නොගැලපීම මත සින්දුව ලත් තැනම ලොප් වෙයි. කණ්ඩායමේ නිවේදකයා දෙකට නැමී අපට සමාවෙන්න යනුවෙන් නිතරම කියයි.

එදා එහි සිටි නරඹන්නන් කුල්මත් වූයේ ගායකයන්ගේ ගීත ශ්‍රවනයෙන් නොව නිතරම වරද්දා ගන්නා සංගීත කණ්ඩායමට හූ කීමෙනි. ඇතැම් තැනක වරදවාගෙන ගීතය මැද හරියේදී නතර වූ විටෙක නරඹන්නන්ගෙන් ලැබෙන හූවට මුහුණදීගත නොහැකිව ප්‍රසිද්ධ කලාකරුවෝ ශබ්ද විකාශන උපකරණ වලට මුවා වූහ.

සංගීත ප්‍රසංග වර්ණවත් වූ තවත් සාධකයක් වූයේ මල් වැනි දැරිවියන්ගේ සහභාගිත්වයයි. නිතරම නිවෙස ආශ්‍රිතව වෙසෙන අයෙකු වුවද කාලයකට පසු එළැඹෙන මෙවැනි අවස්ථාවකදී වැඩිහිටියෙකු සමග ප්‍රසංග භූමියට පැමිණෙයි. එවන් විටෙක මේ මල් සොයා මදි නොකියන්නට බඹරු ඇදී එයි. යුවතියගේ හිත දිනාගන්නට මෙන් කැපිච්ච පණුවන් මෙන් ඉදිරිපත් කරන නර්තන අංග ඔවුනට කෙසේ වෙතත් අපට නම් හොද විනෝදයක් එන්නත් කලහ. ඇතැම් නර්තන කරුවෙකු තණමල්විල මලින් සන්තර්පනය වී ඉදිරිපත් කලේ ඔවුනටම ආවේණික නර්තන රටාවන්ය. ගීතයේ පද වලින් කියවෙන දෑ තම දෙඅත් මගින් නරඹන්නන් වෙත වෙත පහදා දීමට ඇතැම් විටෙක ඔව්හු කාරුණික වූහ.

එහෙත් කාලය කෙමෙන් කෙමෙන් ගතවෙද්දී එළිමහන් ප්‍රසංග සංවිධානය කරන උන් මහත් අමාරුවක වැටුනේ ප්‍රසංග නැරඹීමට මත් වී පැමිණෙන ඇතමෙකු තම තමන්ගේ පුද්ගලික කොන්තර සංගීත භූමිය තුල විසදා ගන්නට යාමෙනි. ඇතැම් විටෙක නර්තනයේ යෙදෙන කෙනෙකුගේ අතක් තම ශරීරයේ වැදුනද එය නිම වන්නේ ගාලගෝට්ටියකිනි. මේ හේතු නිසාම වර්තමානය වන විට අප ඉසව්වේ ඉළිමහන් සංගීත ප්‍රසංග පැවැත්වීම කළාතුරකින් සිදුවන දෙයක් බවට පත්ව තිබුනද පල්ලියේ මංගල්ලයට නම් ගමේ බඩු තවමත් ශිල්ප දක්වයි.

සිරා කොලුවාගේ ප්‍රමුඛත්වයෙන් වසර 18 කට පසු අප ගම් පියසේ සංගීත නාදය දෝරෙගලා ගිය අන්දම ඉදිරි දිනයක කියමි. කථාව ආරම්භයේදී මා ඔබට සදහන් කල නෙවිල් අයියා කාලයක් අතුරුදන්ව සිට එක් වරම අප ගම්පියසේ ප්‍රාතූර්භූත විය. වර්තමානයේ හන්දියේ තුන් රෝද රථ ගාලේ ප්‍රමුඛ සාමාජිකයෙකි. සංගීතය හා බැදුන කිසිම කටයුත්තක නොයෙදෙන ඔහු විහිළුවට හෝ අද ගීතයක් ගයන්නේ නැත. ගිටාරයක් දෙස අැහැක් ඇර බලන්නේ නැත.

සීදුවේ සකුරා චන්දන ගයන්නේ නෙවිල් අයියාගේ ගීතයදැයි වෙලාවකට මට සිතෙයි.



මම කාමරේ අරින සිරා කොලුවා.

114 comments:

  1. බ්ලූ ෂැඩෝස් ගැන කියපුවම මට අපේ අම්මගෙ ගම මතක් වුණා. බ්ලූ ෂැඩෝස් එකේ නායකයාගෙ ගේ එහා පැත්තෙ තමයි අම්මලගෙ ගෙදර තිබ්බෙ. (පල්ලිය පාරෙ.) ඔබා මාමගෙ ගම්පහ පල්ලිය පාරෙ තිබ්බ ගේ ගාවින් යන්න තිබ්බ පාරෙ දෙවෙනි ගෙදර. ඉස්සර ඔය ගෙදර ගිරවෙක් ඇති කළා. මම පොඩි කාලෙ ජනේලෙ එල්ලිලා ගිරවා දිහා බලන් ඉන්නවා.

    ඉස්සර ඔය ගේ අද්දරින් පොඩි අඩි පාරක් තිබ්බා කුඹුරකට යන්න. ඉස්සර ඔය පාරෙ යනවා කුඹුරු කපන කාලෙට. දැන් නම් ඒ පාරට තාරත් දාල.

    දැන් බ්ලූ ෂැඩෝස්ලගෙ ඉඩම පිටිපස්සෙ කට්ටි කඩල විකුණුල. ඉස්සරහ කොටස විතරයි ඉතුරු. සංගීත කණ්ඩායමත් නෑ. මං හිතන්නෙ ඕක නැවැත්තුවෙ ඕකෙ නායකයා ගුරුවරියක්ව විවාහ කර ගත්තට පස්සෙ. ඉස්සර ලොකුවට තිබ්බ ඉඩමෙ දැන් පිටිපස්සට වෙන්න අළුත් අළුත් ගෙවල් හැදී ගෙන එනවා.

    තව පොඩි දෙයක් කියන්න ඕනෙ. අපි හිටපු ගෙදරට ඉස්සරහ ගෙදර හිටියෙ මහාචාර්ය ඒ. වී. සුරවීරයන්ගෙ නංගි කෙනෙක්. තාමත් ඉන්නව. බ්ලූ ෂැඩෝස් ගේ ඉස්සරහින් යන පරාක්‍රම පාරෙත් මගෙ නෑදෑයෝ තවමත් ඉන්නවා. ඒත් දැන් ලොකු සම්බන්ධයක් ඔවුන් එක්ක නෑ. මතකයන් විතරයි තියෙන්නෙ. අවුරුදු දෙක, තුනකින් ඔය පැත්තෙ ඇවිත් යන්නත් බැරි වුණා.

    ReplyDelete
    Replies
    1. බ්ලූ ෂැඩෝස් නායකයා ප්‍රමෝද් අයියා නේද...එය තමයි බ්ලූ ෂැඩෝස් ඩ්‍රම්ස් වාදකයා විදියට පරණ අය ටිකෙන් ටික අයින් වෙලා ගියත් අන්තිම වෙනකම්ම වාදනය කලේ. බොහොම සම්ප්‍රදායික විදියට ඩ්‍රම්ස් වාදකයො වාදනය කරපු කාලෙක ඒ සම්මතයට අසම්මතය එකතු කරපු දක්ෂයෙක් විදියට මට ඔහුව හදුන්වා දෙන්නට හිතෙනවා.

      කීබෝඩ් ගහපු චමින්ද අයියව මම දැකලා නෑ අවුරුදු 16 කින් විතර...ඉස්සර පොඩි බෙන්ලි බයිසිකලයක නිතරම පාර තොටේදි දැක්කා. මොනවා උනත් අතීත කාමය ඇවිස්සුවට චරිත් ඔබට බොහොම ස්තූතියි...

      Delete
  2. පොඩි සීන් එකක් කියන්නං,ඔය මෙන්ඩියා දන්නවා ඩයල්ටික.. සුරංග තරංග අසංක කියලා අයියල මල්ලිල සෙට් එකක් සවුන්ඩ් සෙටප් එකකුයි උන්ගෙම බෑන්ඩ් එකකුයි කලා..අයිය මික්සර් එකේ..තරංග පෑඩා.අසා රිදමා.. තරංගයා අපේ එකා.අපි ඉතිං ගිහිං බඩු ටික අටවන්න සප් එකක් දීලා අපේ වැඩ.ඉතුරුවා ගිටාර් පෙට්ටි අස්සේ මූලස්ථානෙට..

    ඔන්න දවසක් ෂෝ එකක තරංග පෑඩ් දෙකක් (20) තියාගෙන නැමීගෙන ගහනවා..පිටිපස්සෙ අපි වැඩ :D මූනුත් ඇවිත් සිං ගාල එකක් ඇනගෙන යනවා. ටිකකින් බලද්දි තරංගයට බඩු.. මේකා පෑඩ් දෙකක් එකට තියාගෙන ෂෝක් එකට ගහගහ හිටි එකා ටිකකින් එකකින් විතරක් හෝ ගාල ටෝන් මාරු කර කර ගහනවා පිස්සුවෙන් වගේ..සිංදුව ඉවර උනාම ළඟට ගිහින් මං ඇහුවා මොකද %$* අර එක පෑඩ් එකම කන්න හදන්නෙ අනිත් පෑඩ් එක ලෙඩ දුන්නද කියලා. මූ කියනවා

    " අම්මටහුඩු . පෑඩ් දෙකක් තිබ්බද ? මං අනික දැක්කෙ නෑනෙ බං " කියලා. :D

    ReplyDelete
    Replies
    1. ඌට එක පෑඩ් එකක් ලොකුවට පෙනිලද?:D ඇත්ත කියහන් ඔය තරංගයා නේද ඕක උඹෙන් ඇහුවෙ?

      Delete
    2. උට එකක් හරි ගහන්න මතක තිබ්බ එක මැදැ

      Delete
    3. //මූනුත් ඇවිත් සිං ගාල එකක් ඇනගෙන යනවා.// ඔත‍නනෙ වරද්දගෙන තියෙන්නෙ. දෙකක් ඇනගත්තනං යස අපූරුවට පෑඩ් දෙකම ගහන්න තිබ්බ.

      Delete
    4. කථාව කියවන්න පටන්ගන්නකොටම මට මතක්වුනේ පත්තර මල්ලිව. මම දන්නවා උන්ගේ බැන්ඩ් එක. පුරේ තමයි ගැහැනු ළමයි විතරක් සෙල්ලං කරපු එකම බැන්ඩ් එක තිබුනේ.

      Delete
    5. @ චරිත්, බ්ලූ ශැඩෝස් නැවතුනේ ඔයාකියපු කාරනේ හින්දම නෙමෙයි. පරාක්‍රම පාරෙනෙ අපිත්. ප්‍රබෝද් අයිය තරම් ලෙසට කාවඩි සින්දුවට ඩ්‍රම් ගහන්න වෙන කිසිම කෙනෙකුට බෑ කියල සිංදුව කියන කෙනාම කිවුවලු.
      ඔබා අයිය තමයි කම්මල කියන නම මට යෝයනා කලේ.

      Delete
    6. පත්තරේ බොරු කියන්ඩ එපා අපි දන්නෙ මෙහෙම තරංගය සිංදුව ඉවර වෙලා ඇවිත් " අඩෝ පත්තරේ තෝ මගෙ පෑඩ් එකේ ජැක් එක ගහගෙන ඉන්නෙ තොගෙ $@# " කිවුවලු.

      Delete
    7. හා හා මල්ලි මචෝ..
      දමි අයියා කොහොමද වැඩ .. එක පෑඩ් එකකින් ගේම ගහනවා කියන්නේ :D
      ප්‍රසන්න් අයියා.. උං නැහීගෙන ගහද්දි අපි තමා රෙෂ්පට් පිට වැඩේ කරං යන්නෙ.ඒකනෙ බං ආතල්ම වැඩේ.

      මෙන්ඩියො. ඔය කියන්නෙ "සවරංගා" කන්තා බෑන්ඩ් එක නේ මචෝ. ලංකාවටම එකයි. අතන පොළට මෙහා තරුණසේවා එකේ ප්‍රැක්ටිස් කරේ. අපේ එකෙක්ගෙ වෑන් එකේ තමා කට්ටිය ෂෝ වලට යන්නේ.මරු ඩයල් ටික.ඩ්‍රම්ස් ගහන එකී අපේ පැත්‍තෙ.
      වෑර් ඇමිනුවෙ අපිනෙ බං.. ආයි මොනවද :D

      Delete
    8. කම්මලේ. වෑර් ඇමිනුවෙ අපිනෙ බං. ආයි මොනවද :D

      Delete
    9. යකඩෝ...මම දන්නෙ නෑනෙ පත්තර මලයා සංගීත කාරයා කියලා...මම හිතුවෙ උඹ ඒ කාලෙ ඉදලම පත්තර බෙදන්න ඇති කියලා..පෑඩ් ගහපු එකා මත් වතුරට අමතරව තව මොනවා හරි ෂුවර් එකටම පාවිච්චි කරලා ඉන්න ඇති. නැත්තං බොලේ පෑඩ් දෙකෙන් එකකට තඩි බායිද.....

      ඉති ඉතිං පත්තරය මල්ලි...උඹලා ගානට වයර් ඇමිණුවාද? පොඩ්ඩක් කියපංකො උඹ බෑන්ඩ් ගහපු කාලෙ විස්තර, අත්දැකීම් එහෙම....බොලා කලේ ගායනයද ? වාදනයද ?

      Delete
    10. මං දන්න සංගීතයක් නෑ බං .චැහ්.ඔය තරංගයල එක්ක ඔට්ටු උනා...ඕක තමා මගේ මහලොකු සංගීතෙ .:D මට මොන ගායන වාදන ද බං.. අප්පුඩියක් ගහගන්ඩ බැරිකොට.

      Delete
  3. මගෙත් මතකේ හෙන ඈතට යනවා බං මේ කතාවලට.සන්ගීත වල වෙච්ච රස කතා,වලි,ප්‍රේම කතා පිස්සු කතා මහ ගොඩයි.තැන්කූ මෙව්වා මතක් කොරලා දෙනවට.මේක කියවද්දි තමා අමතක වෙල තිබ්බ සෑහෙන්න එවුවා මතක් උනේ.පට්ට බං මං හිතන්නේ.හැම ගමකම ඉන්නවා ඔය නලින් අය්යා වගේ චරිතයක්.අපේ ගමෙත් ඒ චරිතෙ නලීන්ම තමා හැබැයි ඌ අදටත් බෑන්ඩ් එක කරන් යනවා.

    ReplyDelete
    Replies
    1. අනික තමා ඔය ගුණදාස කපුගේ කියන්නෙ මං මාර විදිහට ආස කරන චරිතයක්.පත්තරයා කියන්න වගේ ගල් නම් ඉතින් කපුගේම තමා.කපුගේ හරිම සරලයි ඒත් ඒ සරල කම ඇතුලේ මාර ගැඹුරක් තියනවා.ඒ වගේ මයි පොරගේ සින්දු උන්මාද සිතුවම් එහෙම මාරම නිර්මාන තමා.ඇඩෙනවා....!!!

      Delete
    2. මගෙ බිසවුනේ අසාපන්
      නුඹ මන්ද්‍රි දේවි නොවුනී .… වගේ සිංදු !!!
      අපරාදෙ … තව කාලයක් ඉන්න තිබුණ මනුස්සයෙක් අප්පා..

      Delete
    3. කොහෙද ඉතින් අහුවෙ නෑනෙ වෙල් ෆැන්ටමනෙ ගැහුවෙ අන්තිම කාලෙ.ගල් ගැහුවනම් ඔහොම වෙන්නෑ බං

      Delete
    4. පුරේ ෆැන්ට බීල තමයි කපුගේ නාස්ති උනේ.

      Delete
    5. ලිමිට් නෑනෙ බං.. පව් !!!
      අද හිටියනං …

      Delete
    6. කපුගේ උන්නැහේ අපේ කිට්‍ටුව ගමක (උපන් ගම) බොහොම පිටිසර පලාතක්. ජේ ,වී.පී එකෙන් හදපු ස්මාරකයකුත් තියෙනව ප්‍රධාන පාරෙන් හැරෙන තැනක. ඒත් ගමේදි නම් මම දැක්කෙ කම්පන ප්‍රසංගයට ආපු එකම වතාවෙ විතරයි.

      Delete
    7. මල්ලියා....උඹව කාමරේට සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා...බොලත් පත්තර මල්ලිටම සෙට් වෙන භාණ්ඩයක් බවයි පේන්නෙ...නලින් අයියා නෙමෙයි බං...නෙවිල් අයියා...බොට සුට්ටක් පැටලිලා....ඉස්සර අපේ ගෙදර කාමරයක අනුරාධපුරේ කොල්ලෙක් බෝඩිං වෙලා හිටියා අපේ පැත්තෙ පිරිවෙනට ඉගෙනගන්න යන්න...මිනිහා මට ඔය කපුගේ ගායක තුමා ගැන බොහෝ කරුණු කාරණා කියා තිබෙනවා....කාලයක් පවුලේ හිතවතෙකු ලෙස එතුමා ඒ අය ආශ්‍රය කර තිබුන නිසා...

      පිටරට සංචාරයකින් පස්සෙ ගුවන්තොටුපලේ බස් රථයේ ස්වයංක්‍රීය දොරට පොඩි ෂොට් එකක් කාරිය දාගෙන එතුමා හේත්තු වෙලා ඉන්න වෙලාවක දොර ඇරලා... බිමට වැටුන පාර වැදිලා තියෙන්නෙ ඔලුව...රෝහල් ගත කරන්නත් ටිකක් ප්‍රමාද වෙලා...අන්න එහෙමයි අවසන් අවස්ථාව පිළිබද මට දැනගන්න ලැබිලා තියෙන්නෙ.

      Delete
    8. අපේ එකා නලින් නෙ බං නෙවිල් තිබ්බත් පෙන්නෙ ඉතින් නලින්වගේ තමා
      මටත් ඕක ඔය ආකාරයටම තමා ආරංචි ඒත් ඔය අධික මත්පැන්පානයද මොකක්දත් තියේ.අපි ඉතින් ඔය මරන සහතික කියවන්න යනවයැ බං.හික්...... හික්........
      ආ..........අර සාදරයෙන් පිලිගන්නවද මොකක්ද කිව්වෙ.
      බ්‍රැන්ඩ් එක ගල්
      ~ස්තුතියි~

      Delete
    9. උඹ බයිටට මොනවා හරි ඔතාගෙන එනවා නම් මේ වෙලාවෙත් මගේ ලග ලංකාවෙන් මෙහෙට ආපු ගල් බෝතලයක් තියේ...

      Delete
    10. ~ ස්තුතියි නැවතත් ~

      Delete
    11. මේ එනව මචෝ 99 ආවැහිකි නෙ මැලේසියා. මංඤ්ඤොක්කා ටිකක් ඔතාගත්තා කොච්චි තලලා.
      ~ ස්තුතියි නැවත නැවතත් ~

      Delete
  4. අයරින් තරහා උනා
    කැතරින් පැනලා ගියා
    මැගිලින් ඩුබායි ගියා
    මට කවුරුත් නැතිව ගියා
    එපා එපා එපා දාල යන්න එපා

    රොසලිනා... රොසලිනා...

    කොණ්ඩය දිග හින්දා
    ඇඟපත මදි හින්දා
    අතමිට නැති හින්දා
    මගේ අයරින් තරහා උනා
    සංගීතය හින්දා මුළු රෑ නිදි මරලා
    දවසම බුදි හින්දාමගේ කැතරියා පැනලා ගියා

    සල්ලිම ඉල්ලාලා
    මට කරදර කරලා
    දුන්නේ නෑ කියලා මගේ මැගිලියා ඩුබායි ගියා
    මට ආදරේ කරලා රොසලින් වෙන්ව නොයා
    ඉන්නකෝ ළඟට වෙලා මගේ රන් කඳ තමයි ඔයා

    - මේරියන්ස් -

    ReplyDelete
    Replies
    1. පෝස්ට් එක කියවන්න ගත්දිම මට මතක් උනේ උඹව බං.!!

      Delete
    2. අපේ සිංදු ඇනෝ තාම නෑ නේ ප්‍රියෝ :D

      Delete
    3. මේරියන්ස් නලියා කියන්නෙත් ලංකාවෙ කණ්ඩායම් සංගීතය ගැන කථා කරනවා නම් අනිවාර්යෙන්ම කථා කල යුතු මිනිහෙක්...උසස් පෙළ ගණිත අංශයෙන් හදාරලා...විභාගය දවසෙදි උත්තර පත්තරය පිරෙන්න ස්වර ප්‍රස්ථාරයක් ලියලා ආව ගින්දර කොල්ලෙක් තමයි නළියා...සදාකාලික යෞවනයා කිව්වත් වරදක් නෑ....එන්න එන්න තරුණ වෙනවා.

      Delete
    4. නලියා හලාවත් සෙන් මේරිස් හෙඩ් ප්‍රිපෙක්ට් බන්,,,අපේ නෑයෙක් ඉන්නවා උගේ යාලුවෙක්,,ඌ ස්කෝලෙ හෙන නීති කාරයලු,,ස්කෝලෙ පොඩි උන් හෙන බයලු ඌ ප්‍රිපෙක්ට් ඉද්දි

      Delete
    5. අය්යෝ පත්තරේ මට මේ පොස්ට් එක මිස් වෙලා මචෝ ......
      ඔය බ්ලූ ෂැඩෝස් එකේ අසංක වගේ නමක් තියෙන හාදෙයෙකුත් සිංග් කළා වාගේ මතකයි .අර ගැණු හඩින් සින්දු කිවේ ....අමිල තරංගගේ අය්යා වාගේ .

      ස්තුතියි ...
      බ්‍රෑන්ඩ් එක ගල්

      Delete
    6. ඉගිල්ලෙන්න උඩින් යන්න ඇයි දඟලන්නේ
      මිනිස්සුන්ට කකුල් දෙකයි තටු නැහැ එන්නේ
      ගමනේ යෙදීලා යන හැටි බලාලා
      ඇද කුද හොයාලා කියනව ගොතාලා
      රාග තාල මාරු වෙවී පාදයේ
      ඉඳල හිටල දකින ගමන මාවතේ
      ගමනේ යෙදීලා යන හැටි බලාලා
      ඇද කුද හොයාලා කියනව ගොතාලා
      ගෑණියෙක්ද පිරිමියෙක්ද නෑ තේරුණේ
      පද්දයි උකුල් කලාපේ
      අපි ඔහෙ ඉන්නෙ අනේ අපේ පාඩුවේ
      තරහද ඒයි මේ අනේ
      වෙද්දු හෙද්දු දොස්තරු කලාකාරයො
      ඩෝප් දාන වීරයෝ කචල් කාරයෝ
      ඔය මොක්කු මොක්කු ළං වුණත් අපේ හාදයෝ
      කොක්ක කැත්ත නං එපා අපිත් යාළුවෝ
      ඉගිල්ලෙන්න උඩින් යන්න...
      ඇවිදින මල මිනී වාගෙ ගමන් යන එන
      ඩ්‍රැකියුලාල ඉඳියි ඔරවන
      ගාල කඩපු හරක් වගේ කඩා බිඳගෙන
      තව සමහරු යන්නෙ පිඹගෙන
      ගෑණු පිරිමි මේ වගේ ගමන් කරනවා
      මේව දැකල දෙයියනේ බයත් හිතෙනවා //
      ඉගිල්ලෙන්න උඩින් යන්න...
      කාසි වාසි හම්බුණාම ලැබුණ උන්දලා
      පාරෙ යන්නෙ බොඩිය පුම්බලා
      මහන්තත්වෙ ඔළුවෙ තියෙන අපේ මෑන්ස්ලා
      උඩින් උඩින් යන්නෙ පියඹලා
      එකා වාගෙ ඉපදී එක වාගෙ ඇවිදලා
      ලොකු වුණාම ගමන් බිමන් ඇයි වෙනස්වෙලා //
      ඉගිල්ලෙන්න උඩින් යන්න...

      - සන්ෆ්ලවර්

      Delete
  5. කොහේ බැලුවත් මලට බඹරු නම් ඇවිත් ඇති. :D

    ReplyDelete
    Replies
    1. ලෝක චාරිත්තරේ එහෙම නේද....මළට බඹරෙකු සේ කියලා ක්ලැරන්ස් මහත්තයා ලස්සන සින්දුවකුත් කිව්වෙ ඒ හින්දමනෙ.....

      Delete
  6. මොකක්ද බං මේ “කාමරේ අරින“ කෑල්ල.. උඹ දැං අරින්න වහන්න ගත්තද??

    ඔව් බං ලීඩ් ගිටාර් එක සුපිරියට ගහන එකාට අපි කියන්නේ ඌ ඒක කරේ තියාගෙන ගැහුවා කියල නේ..සකුරා රේන්ජ් ගීතය මං අහල නැහැ..

    ReplyDelete
    Replies
    1. දේශො ..උඹ දැක්කද අර සකුරා රේන්ජ් එකේ බේස් ගහන පොඩි එකා ඔගිව්ගෙ වැඩ..යන්තන් 21 යි.ලස්සනට ගහනව නේ.

      Delete
    2. කාමරේ අරින්න කියලා බොලාම නේද මට කිව්වෙ....මතක නැතෙයි...ඇරිල්ලේ ගෞරවය බොලාට මම එක ලිපියකදි පුද දුන්නා. ඒක කියවන්න නැතුව ඇති.

      මෙතන කියන්නෙ ලීඩ් ගිටාර් එක සුපිරියට ගැහිල්ලක් ගැන නෙමෙයි. සමහර වාදකයො තමන්ගෙ වැඩ කිඩ පෙන්වන්න ගිටාරය උරහිස්සට උඩින් පිටිපසට කරගෙන ඒ දෙස නොබලා ඉදිරිය බලමින් වාදනය කරනවා....අන්න එවැනි අවස්ථාවක් තමයි කරේ තියාගෙන ගහනවා කියලා අපි කිව්වෙ.

      සකුරා රේන්ජ් කියන්නෙ අජිත් මුතුකුමාරණ ඉන්න බෑන්ඩ් එකනෙ...සීදුවෙ සකුරා තමයි මේ දාලා තියෙන සින්දුව කියන්නෙ.

      Delete
  7. ඔය ගිටර් කරෙතියන් ගහන එක මම ඇත්තටම දැක්ක සිදුවෙදී සනිධප එකෙ ලිඩගෙන්.සොටක් ගහල කොන්ඩෙ ටිකක් වවල හෙන ස්පොර්ට්මිට් කොල්ලෙක්.පොර ගැහුව ඇත්තටම කරෙ තියාගෙන.
    සන්ගිතෙන් ගොඩයන්නෙ බොහොම ටික දෙනයි.ගොඩක් ඇනගන්නව

    ReplyDelete
    Replies
    1. දමියො.. ඔය කියන්නෙ ශාන් ගැන නේ මචෝ.ඌ තමා ගිටාර් එක දනිස්සට විතර එල්ලගෙන ගහන ෆැෂන් එක ගෙනාවෙත්.ප්ලේ කරනවා බං ඇඩෙනවා දකිද්දි..නියම බොක්කා.වයිෆුත් මාරම හොඳයි බං...ගෙදරත් ගිහිං තියනවා මං.ඌ ඉන්නෙ ඕං ඔය ජා ඇල වැලිගම්පිටි හන්දියට මෙහා පල්ලෙහාට යන පාරෙ ටික දුරක් ගියාම තියන අයන් වර්ක්ස් එකට එහාපැත්තෙ..

      Delete
    2. වෙන්ටැ මචන්.මම ඔය බුවාලගෙ නම් වැඩිය දන්නෙ නැ.පොර මාර දක්සය.එදා ශානිකා කොල්ලගෙ කරෙ නැග්ගෙ නැති එක එක විතරයි.
      මෙ එක නෙමෙයි බොගෙ කොමෙන්ටුවක් නිසාම මම පොස්ට් එකක් ලිවුව .බලපිට මාව නරක මිනිහකර ගන්නෙ නැතුව. ඕ යෙස්

      Delete
    3. බලපිට = බලපිය

      Delete
    4. මට ඒ පෝස්ටෙක මිස් වෙලා මචෝ. අනේ සමාවෙයං … දැං බැලුවෙ

      ශානිකා උගෙ කරේ නැග්ගනං ඌ දොයි :D අර ජින්ජර් නං නගිනවා මට දෑහැට පෙන්නන්න බෑ..අම්මපා.මාර හොඳ එකා බං.මට ඌ කරා උදව්වක් කවදාවත් අමතක වෙන් නෑ මචෝ මගෙ වෙඩිම වෙලේ..

      Delete
    5. සනිධප ශානගෙ ගෙට එහා පැත්තෙ තමයි ඒ කාලෙ මගේ කම්පියුටරේ කාර්මික වැඩ කරපු දුෂ්මන්ත අයියා හිටියෙ. මිනිහා ජනප්‍රිය වෙන්න කලින් ඉදලා මම දැකලා තියෙනවා...ගෙදරදි ඈම්ප් එකට ගහගෙන තනියෙන් ගිටාර් ගහපු කාලෙ ඉදලා...අයර්න් වර්ක්ස් එක තාත්තගෙ..බොහොම නිරහංකාර කොල්ලෙක් තමයි...පුද්ගලිකව වර්තමාන එළිමහන් ප්‍රසංග වේදිකාවෙ මම දකින දක්ෂම ලීඩ් ගිටාර් වාදන ශිල්පියා ෂාන්. ඔහු වාදනය කරන විට ඒ දෙස බලා ඉන්න ලොකු ආශාවක් ඇති වෙනවා. ජින්ජර් සමහර ප්‍රසංග වල කරපු නාඩගම් දැක්කම බල්ලො බත් කන්නෙ නෑ පත්තරයො.

      Delete
    6. ජින්ජර් ඔලුවෙන් හිටගෙන කකුල ප්ලෑශ්බෑක් ඉස්සර උන්නු රන්සිරිගේ බෙල්ලෙ තියා ගන්නවා බන්,,රන්සිරියා එක්ක තමා ඕකිට ඔය ඔලුවෙන් හිටගෙන ඔය වැඩේ කරන්න පටන් ගත්තෙ

      Delete
  8. ඒකාලෙ වගේ නෙමෙයි දැන්නං සංගීත වලට යන්න ඕන බොහොම පරිස්සමෙන්. නැත්තං පිහි පාරක් හරි කාල එන්න තමයි වෙන්නෙ.

    කෝපි කඩේට කෙල උනේනං යසට තිබ්බ ඒකට දේශපාලනේ රිංගන්න ගිය එක කියලයි මටනං හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත වශයෙන්ම ප්‍රසන්න අයියා....මගේ අවවාදය නම් ඇහැට කනට පේන දැරිවියො එහෙම ඉන්නවා නම් තමන්ගෙ ගමෙන් පිට සංගීත බලන්න නොයන තරමට හොදයි...බිව්වට පස්සෙ අල්ලපු ගෙදර එකා උනත් ෂුවර් නැති කාලයක් මේක.

      Delete
  9. දැන් තියෙන සංගීත වල ගෝරියක් ෂුවර් ඇන් ෂොට් එහෙම නැත්නං ඒක ලංකාවෙ සංගීතයක් නෙවෙයි.ඔක්කොම ඇරියස් පිරිමහගන්නෙ සංගීතෙ දාට.

    ReplyDelete
    Replies
    1. චන්ඩිය බඩේ ඉද්දි, ගැන්සිය වටේ ඉද්දි එකෙකුට නොගහ පුලුවන්ද ?

      Delete
    2. මමත් නං කාල තියනවා සෙම වැක්කෙරෙන්ඩ . අහක යන ටොපි :D

      Delete
    3. චී චී ඔවුව අපේ රහස් පත්තරයො , අපි අනික් උන්ට දුවන්න ගැහුවෙ.

      Delete
    4. ආ ඔව් ඔව් … අපි නේ ගැහුවේ … උං දිව්වා . හරි හරි . එහෙම තමා :D
      අපි එලෝ එලෝ ගැහුවේ ඊට පස්සෙ . මතකයි .!!!

      Delete
    5. ඇයි බං කඩයක් ඇතුලට රින්ගලා අනේ බුදු අක්කේ අපිව බෙරලා දෙන්න කියලා වැද වැටුනේ. මම හැංගිලා හිටිය කරවලා බක්කියෙන් එලියට ආවේ කරවලයකුත් සාක්කුවෙ දාගෙන. (ආ.. ඒ මෙනවද ඒ කියන්නේ).

      Delete
    6. මම අර අඩි 8 ක් විතර උස තාප්පෙන් බඩගාල පැන්නා … හෙල්ප්ග්‍රීන් එක මැදින හොස්පිට්ල් කවාටස් ටික මැදින් ඔරේ රන් කෙලීන්ම ගෙදර ඇඳ්… පහුවදා උදේ ගිහිං බයික්කෙ ඇරං ආවා :D

      Delete
    7. හැලපයියට කියන්න අපේ පැත්තෙ තියෙනවා පරම්පරා 3 ක් තිස්සේ දිගින් දිගට ඇදෙන පතරංග සංගීත වලියක්...හැමදාම සංගීතයක් ඇතුලෙ තමයි දෙපාර්ශවය ඇගේ හිරි ඇරගන්නෙ. තාම මරණයක් නම් උනේ නෑ. ඒ උනාට සංගීතෙ ඉවර වෙලා සතියක් දෙකක් යනකං දෙපාර්ශවය අහුවෙන අහුවෙන තැන මරා ගන්නවා. ගම් දෙකක පිරිස් දෙකක් අතර තියෙන මේ වලිය මම හිතන්නෙ තවමත් ඉවර වෙලා නෑ.

      Delete
    8. පත්තර මල්ලි වෙන්නප්පුව නයිනමඩම,වෙන්නප්පුව බොරලැස්ස පල්ලි මංගල්ල වලට සවුන්ඩ් වැඩ වලට ඇවිත් නෑද,,එක්කෝ ගම් දෙක මරා ගන්නවා,,නෑ නම් ගමේම උන්,,දැලි පිහි ශොට් වලට අඩුම 10 වත් ස්පිරිතාලෙ පහු වෙනිදා..

      Delete
    9. ඩිලා මචෝ මං මේ සවුන්ඩ් එකේ වල බැස්සෙ අනුරාධපුරේදි මචෝ..අපිට ඉතිං පුරේ අවට ෂෝස් වලට තමා ඒකට ආවෙ.. ඔය බොරලැස්ස වෙන්නප්පුව මහවැව ලයින් එකට ආවෙම නෑ මචෝ. සවුන්ඩ් ඕන් නෑ නිකං වෙඩිමක් තිබ්බත් ඔය හරියෙ ඉතිං :D … දන්නවනෙ .කොහොමද සැප කියල .හා හා

      Delete
  10. මමත් ඒක පුද්ගල සංගිත ප්‍රසංගයක් පවත්තපු පොරක් තමයි නුවර බස් ස්ටැන්ඩ් එකේ ( ගෙදරින් තරහා වෙලා ගිහින්).
    කැසට් පිස් දෙකකුත් ගැහැව්වා.
    අහලා ගල් ගහපිය
    අහලා ගල් ගහපිය අංක 2 ගහලා එලවපිය.

    ReplyDelete
    Replies
    1. වටේ හිටපු උන් ආයෙ සිංදු කියන්න නුවර එන්න ඕනෙ නෑ කියල අවවාද අනුසාසනා දීල බස් එකක නග්ගල ගමේ එවුව නේද?

      Delete
    2. බ්රෑන්ඩ් එක ගල්
      - ස්තුතියි -

      Delete
    3. සල්ලි දුන්නේ ආය කවදාවත් සිංදු කියන්නේ නැ කියලා පොරෝන්දු කරවගෙන.

      Delete
    4. මට තනි ඇහැට ඇඩුනා අප්පා....හිතේ දුකට කයි සීපදයක්වත් කියන්න බැරි රටකද අපි ඉන්නෙ කියලා හිතුවම...තුන් වෙනි කැසට් එකට අපි නම දාමු //ගල් ඉවර නම් පොල් ගහපිය// කියලා.

      Delete
  11. අනෙ අම්මෝ දැන් නම් සංගීතයක් බලන්න යත්දි අවසන් කැමති පත්තරෙත් ලියලා තියලානෙ යන්න වෙන්නෙ. ඒ තරමටම අපේ සමඟිය, සහජීවනය, සංගීත රසකාමීත්වය, අරක, මේක වැඩි දියුණු වෙලානෙ. :)

    ReplyDelete
    Replies
    1. පහුවදා සීඩී කඩෙන් ෂෝ එකේ ඩීවීඩී එක ඇරං බලන එක ලාබයි :D

      Delete
    2. සමහර පළාත් වල ඉතාම සාමකාමීව වැඩේ කෙරෙනවා...ඒත් ගැටලුව තියනේනෙ පිට පළාත් වලින් ගොඩාක් අය මෙවැනි වෙලාවක එනවනෙ....ඒ හින්දා සාමය ආරක්ෂාකිරීම බොහොම ගැටලුවක්. යහපත් සිහියෙන් නොමැති වීම තවත් හේතුවක්.

      Delete
  12. 89 භීෂණය කා‍ලෙ තමා සංගීත කණ්ඩායම් උණ පටන් ගත්තෙ. අපේ අයියත් එක බෑන්ඩ් එකක උනන්දුවෙක් වෙලා හිටියා. ඌ ඇරෙන්න බෑන්ඩ් එකේ අනිත් ඔක්කොම උං පස්සෙ ආමි බෑන්ඩ් එකට ගියා.

    අපේ යාළුවො සෙට් එකකුත් හිටියා ස්කේල්ස් කියලා බෑන්ඩ් එකක් හදාගෙන. උන්ගෙ එක සංගීතෙකදි, ගමේ ගායකයෙක් හෙන්රිගෙ (ඩූඩ් නෙවෙයි කල්දේරා) සින්දුවක් කිය කියා ඉද්දි වෙන සංගීතෙකට යන්න ගිහිං පාර වැරදිච්ච හෙන්රිත් එතෙන්ට වෑන් එකක ආවා මතකයි. ඒ සංගීතෙදි ඩ්‍රමා කාවඩි බයිලා ගහද්දි එක ස්ටික් එකක් විසි වෙලා ගියා. පෑඩා උගෙ ස්ටික් එකක් දික් කලා. එතකල් ඌ තනි ස්ටික් එකෙන් ජාම බේරගත්තා, නරඹන්නන්ට නොදැනෙන්න.

    ReplyDelete
  13. සිරියලතා , සිරියලතා මගෙ හිත ගත් සුදු කෙල්ලේ
    මගෙ පෙම් ලොව එලිය කලේ ඔබයි ආදරී.,.


    ඕක තමයි බ්ලූ ශැඩෝස්ලගෙ ජනප්‍රියම සිංදුව. චන්න, ලක්කන, උද්දක කියන මගෙ යාලුවො තුන් දෙනෙක් තමයි ලීඩ්,බේස්, රිදම් ගිටාර් ගැහුවෙ සංගීත් විජේසූරිය නිත්‍ය ගායකය. එතකොට කොන්ඩෙ වවල පෝනියක් දාල හිටියෙ.

    ReplyDelete
    Replies
    1. සිරියලතා වලට අමතරව බ්ලූ ෂැඩෝස් මිලාන් ගායනා කරපු සදරේඛා හිනැහේවී මේ රෑ යාමේ...අදටත් ඉතාම ජනප්‍රිය ගීතයක්. ඊට අමතරව තැන ගන්නට දැන් සමහරු උඩ පැනගෙන එනවා...අයියෝ...ඔහේ ගියාදෙන්...උන් වැටේ මුලාවේ...අපේ ගමන අපි යනවා අපේ පාඩුවේ, යනුවෙන් බයිලා රිද්මයට ගහපු තවත් ලස්සන ජනප්‍රිය සින්දුවක් මේ අයට තිබුනා.

      කම්මල අයියා....මිලාන් ගැහුවෙත් ලීඩ් නේද...ඒ කාලෙ....

      Delete
    2. මිලාන් ආවෙ අර සහෝදරයො තුන්දෙනා අයින් උනාට පස්සෙ. පස්සෙ මිලාන් බැන්දෙ ඩොකියෙක් දැන් ඇමරිකාවෙ කියල තමයි දන්නෙ. මිලාන්ගෙ ලීඩ් ගැහිල්ල මරු ගිටාර් එක දනහිස්ස ගාවට විතර පල්ලෙහාට එල්ලගෙන ඉන්නෙ.
      බෑන්ඩ් එක මුල් කාලෙ සුපිරියට මියුසික් දුන්න. චන්න, ලක්කන, උද්දක ඉන්න කාලෙ, සංගීත්, කොලඹගේ, කපිල, ප්‍රබොද් අපරාදෙ නියමෙට තිබුන බෑන්ඩ් එක.

      Delete
  14. අපිත් ඉස්සර සංගීත සංදර්ශන බලන්න යන්නේ සංගීතේ අහන්න නෙවෙයි කොහොමටවත්. Extra curricular activities වලට. බැන්දට පස්සේ ඒක සම්පූර්ණයෙන් නතර කරලා දැම්මා. හුඟක් වෙලාවට ඔලුවක් දෙකක් පලාගෙන, සමහර වෙලාවට මිනීමැරුමකුත් සිද්ද වෙලා තමයි ඔය හුඟක් සංදර්ශන ඉවර වෙන්නේ. උඹ දන්නවද ඔය ගායකයෝ සංවිධායකයෝ සංගීත සංදර්ශන තියන්න අකමැති ප්‍රදේශත් තියෙනවා කියලා.

    ReplyDelete
    Replies
    1. එක දවසක් ඩූඩ් අයියෙ අපි ෂෝ එකක් බල බල ඉද්දි හෑන්ඩ් ග්‍රෙනේඩ් එකක් ගැහුවා වලියක් ගිහින් වෙන උන් වගයක්...මැරුනේ අපි අඳුරන එකෙක් ..බිම දිගේ විසි කරපු එක කකුල් වලට එහෙ මෙහෙ විසි වෙලා ඇවිත් අංහිංසකම කොහෙවත් හිටපු කොල්ලෙක් මැරුණේ.. උගේ කකුල් දෙක මුළම පත්‍තු වෙලා..එදානම් ෂෝ එපාම උණා අප්පා … චික්.

      Delete
    2. අය්යෝ බං. ඕක තමයි කේස් එක. අපරාදේ උඹලෑ යාලුවා. මේ අහක යන කිසි වැඩක් නැති වලි ඇඟට කඩන් වැටෙන නිසාමයි අපි අතෑරියේ ඔය වැඩේ. ඒ විතරක් නෙවෙයි පත්තර මල්ලි. මම නොකියපු තව කාරණයක් තියෙනවා. ඒක තමයි බං සද්දේ. ඇත්තටම ඒකට නීතියක් නැද්ද බං මෙච්චර ඩෙසිබල් ගානක් විතරයි දාන්න පුලුවන් කියලා? යකෝ තාප්ප කඩා වැටෙන අහල පහල ගෙවල් වල වීදුරු බි‍ඳෙන ගානට වොලියුම් ඇරියාම කං අඩි ඩැමේජ් වෙන එක ගැන කියන්න ඕනෙ නෑනේ.

      Delete
    3. මොනා කරන්නද බං..උගේ වෙලාව.පරණ ඇරියස් පිරිමහන්නත් ඔතනට එනවනේ.බඩට මෙව්ව ටිකක් වැටුන ගමන් සමහරුන්ට වලි,කෝන්තර මතක් වෙනවනේ බං.නානත්ත කායා..නානත්ථ සංඥා !!!

      ඔය ඩෙසිබල් කතන්දරේ කෙලින්ම හාට් එකට බලපානවා නේද ඩූඩ් අයියේ.. ෆුට් එක වදිද්දි පපුවම හෙල්ලෙනවා.උපරිම ඩෙසිබල් ගානක් ගැන නීතියක් නම් මම අහලා නෑ. ඇති.… ඒත් මුල්බැහැපු මිත්‍යාවන් තියනවනේ
      කොලම්ස් වැඩි නම් සවුන්ඩ් සෙටප් එක හොඳයි
      සද්දෙ වැඩි නම් ෂෝ එක හොඳට ගහනවා වගේ..
      මේක අවුට් ඩෝ වගේම වෙඩින් වලත් මං දැකලා තියනවා.මං හිතන්නේ මේක මතවාදීව වෙනස් වෙන්න ඕන තැනක් කියලා. ඔය පිට්ටනි අයිනෙ ගෙවල් තියන මිනිස්සු ජීවිත කාලෙම ඔය දුක විඳිනවා..

      ඔය වාහන හෝන් වලටනං ඩෙසිබල් 85 ට වඩා බෑ කියලා නිතියක් ගෙනාව නේ ? ඇත්තමයි බං සමහර ප්‍රයිම් මූවර් /ටිපර් එහෙම හෝන් කරද්දි උඩ ගිහිං බිම වැටෙනවා :D අර එයා හෝන් කියලා නලා හයක්ද කොහෙද හයිකරන් තියනවා දැක්කම බයේ බෑ ..

      Delete
    4. හෙන්රි අයියලා ඉතිං බැන්දට පස්සෙ මොන සංගීතද...මලක් තෝර ගන්න ඒ පැත්තෙ ඒ කාලෙ කරක් ගැහුවට...මලක් ගෙදරටම ගෙනාවට පස්සෙ පොඩි පැදුරු සාජ්ජක් එහෙම දාන්න ඇතිනෙ...

      මිනුවන්ගොඩ මාතම්මන කියන ප්‍රදේශයේ සංගීතයක් තිබුනොත් දෙතුන් දෙනෙක් මැරෙන කාලයක් තිබුනා...අද කොහොමද කියන්න දන්නෙ නෑ....එක් වතාවක් 3 දෙනෙක් මැරුනා පිහි ඇනුමකින්. ඒ සිදුවීමෙන් පස්සෙ කාලයක් යනතුරු සංගීත සංදර්ශන ඒ ප්‍රදේශයේ පැවැත්වීම නවත්වලා තිබුනා.

      සද්දෙ වැඩි වෙන තරමට සෙටඅප් එකේ කොලිටිය පෙන්නන්න පුලුවන් කියලා සුවුන්ඩ් කරන අය හිතනවා...ඇතැම් වෙලාවට පුංචි ඉඩකඩක කරන සංගීත සංදර්ශන වලටත් සම්පූර්ණ සෙටඅප් එකක් දාපු අවස්ථා අපි දැකලා තියෙනවා...ඩ්‍රම් සෙට් එකේ ෆුට් එක වදිද්දි පපුව ඇතුලෙන් නටනවා වගේ කම්පනය වෙනවා...කොහොමද සද්දෙ....අපි ඉතින් ගමේ වෙල් යායෙ සංගීත කරපු උන්නෙ....වෙල දිගේ හඩ ගල යන නිසා සද්දය පිළිබද අපට ගැටලුවක් ආවෙ නෑ.

      Delete
    5. පිශ්ශු ..මම අලවුවෙ, සන් ෂයින් ගහපු ෂෝ එකකදි කොලම් සෙට් එක යට නිදාගත්තෙ සනීපෙට.

      Delete
    6. මුලින්ම තද සවුන්ඩ් සෙට් එකක් ගෙනාවෙ සන්ප්ලවර්ස් ලා,,ඕකෙ යට නිදියනවා කරටි කැඩෙන්න ගහලා නම්ම්,,කම්මල ඒ විදිහටද උබත් නිදියෑවෙ

      Delete
    7. අපේ නෑදැවෙන අයිය කෙනෙක් සංගීතෙ කලේ, ආයෙ මොනාද හතරක් පහක් නමල සැපට් දොයි.

      Delete
    8. පත්තරේ...ඔය සිද්දිය උනේ එප්පාවල,කටියාවේ ෂෝ එකකද....

      Delete
  15. වීඩියෝ එකත් බලලම ඉමුකෝ

    ReplyDelete
    Replies
    1. කොහොමද ලංකාවෙ සංගීතෙ ඇතුල් පැත්ත....

      Delete
  16. සංගීත සංදර්ශණයක් කියන්නේ ඉතිං ෂුවර් වලියක්නේ.
    සුට්ටක් බීලා, අම්බානකට නටලා, පොඩි වලියකුත් දාගෙන පොලීසියෙන් ගහලා එලෙව්වහම... ඊලග සංගීතය දවසේ රිටන් එක දෙන්නම් කියලා තමයි මාරු වෙන්නේ...

    ReplyDelete
    Replies
    1. බීමත්කම...පරණ හුටපට අළුත් වීම, ආදර පුරස්න...මේ වගේ ගොඩාක් දේවල් සංගීත වලි වලට හේතු භූත වෙනවා. සමහරු බිව්වට පස්සෙ කළහයට බරයි...පොඩි සිදුවීමක් උනත් මහා විශාල දෙයක් බවට පත් කරන්න ඒ අයට හැකියි.

      Delete
  17. @ කම්මල - ප්‍රබෝද්ගෙ නම අමතක වෙලයි තිබ්බෙ.

    බ්ලූ ෂැඩෝස් නවතින්න හේතුව නම් මම දන්නෙ නෑ. ගම්පහ 2011 හා 2012 දි මළ ගෙයක් තියෙද්දි වාහන දැම්මෙ ප්‍රබෝද්ලගෙ ගෙදර. අන්තිමට එහෙ ගියෙ ඔය කාලෙදි තමයි. ආපහු ගම්පහ පැත්තෙ ආවෙවත් නෑ.

    දැන් ඔබා මාමගෙ ගෙදර ඉන්නෙ නවරත්න කියල කට්ටියක් නේද?

    මම ඔය කියපු ගම්පහ ගෙදරත් බෑන්ඩ් එකක් තියෙනවා. Chimes of the 70's සමහර විට දන්නව ඇති.

    ReplyDelete
    Replies
    1. බ්ලූ ෂැඩෝස් පරණ අය ටිකෙන් ටික මේ කණ්ඩායමෙන් ඉවත් වීම තමයි මම හිතන්නෙ කණ්ඩායමේ බිද වැටීමට ප්‍රධානම හේතුව. සංගීත් තමයි මුලින්ම මම හිතන්නෙ කණ්ඩායම හැරදා ගියේ...යූ බටේ තියෙනවා බ්ලූ ෂැඩෝස් මිලාන් ඇමරිකාවෙදි සදරේඛා ගීතය ගායනා කරන වීඩියෝවක්...සමහර විට ඔහු දැන් එහි පදිංචිව ඇති.

      Chimes of the 70's බෑන්ඩ් එක කරන්නෙ මගේ පාසලේම බාල සහෝදරයො ටිකක්....ඔවුනට තමන්ගේම කියලා ශබ්දාගාරයකුත් තියෙනවා....මම වතාවක් දෙකක් එතැනට ගිහිල්ලා තියෙනවා. ඒ කණ්ඩායමේ ඉතාම පුංචි වයසක ඉන්න දක්ෂ ඩ්‍රම්ස් වාදකයෙකුත් ඉන්නවා...ඉදිරියේදි ලංකාවෙ සංගීත අඹරට ඔහු හොද සම්පතක් වේවි. මේ අය තරුණ පිරිසක් උනාට 70 දශකයේ ගායකයන්ට තමයි වැඩි පුර බැක් කරන්නෙ...විශේෂයෙන් අනිල් භාරතී, ඉන්ද්‍රානි පෙරේරා වගේ අයට.

      බෑන්ඩ් එක තියෙන නිවෙසම තමයි ශබ්දාගාරය තියෙන්නෙත්....අතීතයේ එතැන හිටියෙ වෙන කෙනෙක්ද ?

      Delete
    2. රුක්ෂාන්ගෙ තාත්තා දේවින්ද, මගෙ මාමා. ඒ කියන්නෙ මගෙ අම්මගෙ මල්ලි. රුක්ෂාන්ගෙ මල්ලි උදේශ තමයි ඩ්‍රම්ස් ගහන්නෙ. මං පොඩි කාලෙ අවුරුදු 5 වෙන්කම් හිටියෙ ඔය ගෙදර. ඔය ගෙදරම තමයි දිගටම ඔය කට්ටිය හිටියෙ. කොයි කාලෙදිද එහෙ ඇවිත් ගියෙ?

      ඔබා මාමගෙ ගෙදර තමයි දැන් වෙන කට්ටියක් ඉන්නෙ.

      Delete
    3. සුපර් ස්ටාර් තිසරගෙ වැඩ වගයකට තමයි මම එතැනට මුලින්ම ගියේ....ඊට පස්සෙ මගේ පාසල් බෑන්ඩ් කණ්ඩායමේ වැඩකටයුත්තකට ගියා. ගම්පහ හෝටලේ අජිත් අයියා එක්ක...රතුරෝස ටෙලියෙ සහාය අධ්‍යක්ෂක අජිත් ජයවර්ධනව දන්නවා නේද ?

      Delete
    4. ප්‍රබෝද් බෑන්ඩ් එක විකිනුව මේ ලගදි, දැන් ගහන උන් අජූවයි. චරිත්ගෙ මාමව මම දන්නව. දැන් පොඩි book shop එකකුත් කරනව. එයාගෙ පුතාල දෙන්න මියුසික් වලට දක්සයො තමයි.
      ඔබා අයියලගෙ ගෙදර ඉන්න අය අදුරන්නෙ නෑ.

      Delete
  18. සංගීත තිබ්බට කමක්නෑ ඒවා රෙකෝර්ඩ් කරලා බස්වලා දාලා අපේ කන් පලවන එක තමා එපාම කරපු වැඩේ.. මටනම් අහන් ඉන්න හිරිකිතයි උන්ගෙ සිංදු.. මම කියන්නෙ බෑන්ඩ් එකෙන්ම කියන්නෙ සින්දු කණ සින්දු අන්න ඒවා..

    කෝ අපේ අයියලා අක්කමා මල්ලිලා අත්පුඩියක් දෙන් න අ අ අ අ අ අ අ අ......අ අ අ අ අ අ අ අ අ

    ආහ් ඔය තියෙන්නෙ.... නියමායි නියමායි..... කෝ විසිල් පාරකුත් දෙන් න අ අ අ අ අ අ අ අ......අ අ අ අ අ අ අ අ අ

    ආආහ් නියමායි නියමායි ඔය තියෙන්නෙ.. අපි ඔයාලට ගොඩාක් ආදරෙයි.... ගොඩාක් ආදරෙයි....

    හෙක් හෙක් ... මටනම් ඔවා ඇහෙනකොට ඔක්කාරෙට වගේ එනවා....

    ReplyDelete
    Replies
    1. හ්ම්..සෙන්නා කියන කතාව නිසා තමයි දැන් ඕව බලන්න හිතෙන්නෙ නැත්තෙ..!

      Delete
    2. ඔබ සමග සම්පූර්ණයෙන් එකඟයි සෙන්නා. දැනට මාස හයකට විතර උඩදී කොළඹ කුරුණෑගල පෞද්ගලික බසයක අමන ඩ්‍රයිවරයාට, මට කියලා දෙන්න වුණා, ටිකක් නරකින්, මගීන්ගේ අයිතිවාසිකම් සහ බස් රථවල ශබ්ද විකාශන යන්ත්‍ර පිලිබඳ නීතිය. මම නාකියා නිසා කටෙන් ගහන්න හදපු ඒ අමනයාට මම මගේ කටේ හයිය පෙන්නුවා.

      Delete
    3. එළිමහන් සංගීත ප්‍රසංග කියන්නෙ සංගීතය බොහොම හොදින් විදින්න හැකි තැනක් නෙමෙයි. පොදු ජනතාවට හුදෙක් විනෝදාස්වාදය සපයන අංගයක් විදියටයි එය පැවතෙන්නෙ. සංගීත රසය හොදින් විදින්නට තමයි ගෘහස්ත ප්‍රසංග පැවැත්වෙන්නෙ. එවැනි ප්‍රසංගයක ප්‍රවේශ පත්‍රයක මිළ බහුතරයක් ජනතාවගේ ආර්ථික තත්වය එක්ක පෑහෙන්නෙ නැති නිසා ඔවුන් සංගීතය ශ්‍රවනය කරලා විනෝද වෙන්න තොරගන්නෙ එළිමහන් ප්‍රසංගයක්. නමුත් වර්තමානය වන විට මේ ප්‍රසංග වලට පැමිණෙන නරඹන්නන් ඇතමෙක් මේ කාරියේ වටිනාකම සම්පූර්ණයෙන්ම නැති කරනවා.

      මමත් ඉතාම අකමැති දෙයක් තමයි ඉතාම පහත් රුචිකත්වයක් තියෙන මල් සින්දු...විරහව අදෝනාවක් විදියට ඉදිරිපත් වෙන ගීත මහා හයියෙන් බස් රථ වල ශ්‍රවනය කරන්නට වීම....රථයේ සේවක දෙපලගේ රුචිකත්වය ඒ අය මගීන් මත බලෙන් පටවන්න ගන්න උත්සාහයක් විදියටයි මම එය දකින්නෙ...වතාවක් මෙවැනි රථයක ගමන් කල හිමිනමක් මේ අවරගනයේ ගීත තව දුරටත් අසා සිටින්නට බැරි තැන...

      ලස්සන සින්දු ටික මල්ලි....මට මේ කැසට් එක දෙන්න...ඔයා අලුතින් එකක් ගන්න යනුවෙන් පවසා රියදුරු තැනගෙන් මුදල් දී ගත් බවත්....එතැනින් පස්සෙ සින්දුව නතර වූ බවකුත් පුවත්පතක තිබී කියෙව්වා.

      Delete
  19. සංගීත කිව්වම ඉස්සර වෙනම උප සංස්කෘතියක් තිබ්බ කියල හිතෙනව. රටකජු විකුනන,හිමකිරම විකුනන බයිසිකල්,අන්නාසි වෙලෙන්දෝ.....ලස්සන චීත්ත ගවුම් ඇඳපු කෙල්ලො..පුයර හත්තට්‍ටුවක් උලාගත්30පැනලත් බැඳපු නැති ඇන්ටිලා...!
    මතක් වෙනකොටත් ආතල් බං.

    ReplyDelete
    Replies
    1. මංගල නැකතේ දීගෙක ගිය මගේ නංගෝ
      කවුරුන් කවදා මා කැන්දාගෙන යාදෝ 
      මා පිය සෙවනේ මා තනි වේවි 
      මංගල යහනේ ඔබ සැතපේවී 
      මගෙ හිමි සදු කොහෙදෝ …

      Delete
    2. එළිමහන් සංගිත ප්‍රසංගයක් අපට නිකංම නිකං විනෝදාස්වාදයක් සපයන දෙයක් උනාට මේ කර්මාන්තය මත සෘජුව යැපෙන විශාල පිරිසක් ඉන්නවා...සංගීතය බලන්න ආපු අය අස්සට වෙලා සාර බුලත් විට විකුණන කෙනා පවා මේ කියන පිරිසට අයත්...ඒ නිසා මෙහි ගුණත්වය ආරක්ෂා කරමින් ඉදිරියට පවත්වාගෙන යාම ඒ අයගේ ආදායම් මාර්ගයට සෘජුව බලපාන කාරණයක්.

      Delete
  20. අපිත් කොල්ලෝ සැට් එකක් පොඩි බෑන්ඩ් එකක් හදාගෙන හිටියා සිරෝ The Companions කියලා 1970 ගණන්වල. තානාපති කාර්යාල වලටත් ගිහිල්ලා ආධාර ඉල්ලුවා. කණ්ඩායම හැදීගෙන එනකොට අපි ටිකට රස්සාවල් ලැබුනා රට වටේ විසිරෙන විදිහට. කණ්ඩායම එතැනින්ම හබක්.

    ReplyDelete
    Replies
    1. සිරා කොලුවත් ඉතිං පොඩි කාලෙ නෙවිල් අයියලගෙ වැඩ එහෙම දැකලා...ඇති වෙච්ච සංගීත ආශාවට කොල්ලො කීප දෙනෙකු හවුල් කරගෙන සංගීත කණ්ඩායමක් ආරම්භකරන්න මුල් ගල් තිබ්බත්, ඒවා මුල් ගල් පමණක්ම උනා. මේ කණ්ඩායමට එකතු වෙන්න හිටි සමහරු සංගීත පන්ති පවා ගියා වාදන භාණ්ඩ ඉගෙන ගන්න. ඔය කියපු කණ්ඩායමේ විචාරක තුමා කලේ ගායනයද ? වාදනයද ?

      Delete
    2. මමත් කීබෝඩ් පන්ති ගියා.

      Delete
    3. අපරාදෙ දැන් පොඩියට ප්‍රැක්ටිස් පාරක් දැම්මන් හරි සර් … ආත්ම තෘප්තියට.. කෝඩ්ස් ටික හරියට වද්දිද්දි දැනෙන සතුට හරි අපූරුයි. පරක්කු නෑ තවමත්.ප්ලේ කරද්දි මතක් වෙයි නේද පරණ ඒව.

      Delete
  21. මේ දාලතියෙන සිංදුව සීදුව සකුරල උස්සපු එකක් උංගෙ නෙවී...
    ඩීඑන් ඒ ලගෙ ට්‍රැක් එකක්..
    ඒත් මොකක් හරි හේතුවකට ඔය සිංදුව කපල දැම්ම...
    සංගීතෙ කියනව නං පොල්ගහවෙල අපිට තිබ්බෙ අමුතු පිස්සුවක්...
    හිහි
    අපේ හැම එකෙක්ම ඩ්‍රම නැත්ත කී බෝඩ් එකක් හරි ගැහුව..
    මාත් බේස් ගිටාර් එක ගතැහුව කාලයක්..
    හිහි
    මතක් වෙද්දිල් මාර ලල්

    ReplyDelete
    Replies
    1. උඹලගෙ හොරයිසන් ගහන ඩීජේ සෙෂන් එකනං පට්ට මචෝ … බේස් ගහන්න පුලුවන්නං එළනෙ බං. මං ඊයෙ පෙරේද මෙහෙ මියුසික් බඩු කඩේකට ගියා. බේස් ගිටාර් ටිකක් තිබ්බ මචෝ මට ඇඬුනා.. ලස්සනේ බෑ ..එකක් තිබ්බා තනි කළු. .පුහ්..!!!

      Delete
    2. මගෙ ගිටාර් එක හැදුවෙ සන් ෆලවර් එකේ බේස් ගහන මාලන්ගෙ තාත්ත, මිල්ටන් අංකල්. ඒ මම 6 පංතියෙදි.
      අයිවෝ දි මෙල් ගෙන් පස්සෙ ලස්සනටම බේස් ගැහුවෙ මාලන්.

      Delete
    3. කම්මලේ මේල බලපන්.

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. සින්දුව කාගෙද කියලා සින්දුව තුලම කියනවා බං...ඒකට ගෙව්වේ ඔප්පුව තියලා කියලා කියන්නෙ...මමත් පුද්ගලිකව බේස් ගිටාරයට බොහොම මනාපයි. ගීතයකට හොද ජීවයක් එකතු වෙන්නෙ බේස් ගිටාරයෙන්...අනෙක් සියලුම වාදන භාණ්ඩ වාදනය කරලත් බේස් ගිටාරය වාදනය නොකලොත් දැනෙන්නෙ ලොකු අඩුවක්...බොට දිගටම බේස් ගැහුවා නම් තැනකට එන්න තිබුනා....පොල්ගහවෙල කිව්ව ගමන් අපිට මතක් වෙන්නෙ හොරයිසන් තමයි. අද ඒක දෙකට කැඩිලා ලයිව් හොරයිසන් කියලා තව කොටසක් ඉන්නවා.

      Delete
  22. සිරා සංගීත ගැන නම් අම්මෝ,,,දැනට මම ඉන්න සිටි එකේ නම් ස්ටේජ් එකක් දෙන්නෙ නෑ ලංකාවෙ ශෝ එකක් කිවුවොත්,,ඒ තරම් තැන බන්...ලංකාවේ සංගීතයක් බලපු කාලයක් මතක නෑ,,,අපේ වටේම පල්ලි මංගල්ල නෙ බන්,,ඉතින් ඔය අද ලොකු බෑන්ඩ් වල ආරම්බෙ ඉදන්ම මම දැකලා තියනවා,,ප්ලෑශ්බෑක් මුලින්ම අපේ පල්ලියෙ මංගල්ලෙට ආවේ 20000ට බන් කොහොමත් දවස පුරා බීගෙන ඉදලා රෑට ඔතෙන්ට යන්නෙ ගහ ගන්නම තමා,,එක පාරක් ඇන්ටන් ජෝන්ස් මුලින්ම නැගලා සාන්ත අන්තෝනි මුනිතමා ගහන්න පටන් ගත්තු වෙලේ ඉදන්ම වලි,,,ශෝ එක නැවැත්තුවෙත් නෑ,,මොකද සෙට් එකක් ශෝ එක නවත්තන්න දෙන්නෙ නෑ බෑන්ඩ් එකේ උන්ට ගහන්න ලෑස්තිය නැවැත්තුවොත්,,,පස්සෙ පොලිසිය ගෙනල්ලා වලිය නවත්තලා තුවාල කාරයෝ පටෝලා තමා ශෝ එක ඉස්සරහට ගෙනිච්චෙ..
    වතාවක් කොහෙද යන හමුදා සෙට් එකක් සිවිල් පිට ශෝ එක බලන්න ඇවිත් උන්ගෙ එකෙක්ට ගහලා ගමෙ උන්,,පැයක් ගියෙ නෑ ට්‍රක් දෙකකින් ලෝඩ් එකක්ම ඇවිල්ලා මුලු ගමටම නෙලලා ගියා මදි නොකියන්න,,ශෝ එකත් එතනින් ඉවරයි,,

    ReplyDelete
    Replies
    1. කැත සිද්ධිය නේද බං....ඔය හමුදා සෙබළු කොහෙ ගියත් වළියක් දාගෙන ආවොත් ට්‍රක් පිටින් ගිහිල්ලා එතැන වනසන එක සම්ප්‍රදාය වෙලා නේද බං....වතාවක් වත්තල නේවි කෑම්ප් එක කිට්ටුව නයිට් කඩයක් කුඩු කලා තේ බොන්න ආපු කොල්ලො තුන්දෙනෙක්ට වැඩ කරපු උන් ගැහුවා කියලා.

      Delete
  23. සිරා මොකක්ද බන් මෙ "මම සහ ඈමෙරිකාව" ඉක්මනට දාපන් බන්....අපි ගෑන කතා කරන එකක්ද?.....මටනම් දෑන් මේකෙ ඉන්දල ඈති වෙලා ඉන්නෙ......

    ReplyDelete
    Replies
    1. මම සහ ඇමරිකාව පල වෙන්න තව වැඩි කාලයක් නෑ...තව සුට්ටක් බලා ඉමු...බොලාට හිතෙන්නෙ නැද්ද...ඔය පැත්තෙ සිදුවෙන දෙයක් කාමරේට ලියලා එවන්න කාරිය...

      Delete
  24. හි හි හි සිරා හිටියේ නැතුවා වෙන්නැති 2012 මෙහෙ තිබ්බ සංගීතේ වෙලාවේ......
    එකේ සංවිධායකයින්ට සංගීතේ ගැන කොච්චර දැනුමක් තිබ්බද කියනවනම් සින්දු කියන්න ගෙන්නලා තිබ්බේ අන්ර්කෙලිවයි දමිතාවයි ... අන්තිමට බලන්න ආපු කොල්ලෝ සින්දුවක් රඟපාලා තිබ්බා ඒ තමයි අර මිරිකුවයි කිරිමන්ඩලේ කියන සින්දුව

    ReplyDelete
    Replies
    1. මිරිකුවයි කිරිමණ්ඩලේ සින්දුව නැගලම ගියාද...මම එහෙම සින්දුවක් තවම අහලා නෑ බොලං...සමහර විට සින්දු කෙසේ වෙතත් සංවිධායක මණ්ඩලය නම් හැබෑවටම කිරි මණ්ඩල අතපත ගාන්න ඇති...ආපු අයගෙ.

      Delete
  25. සංගීතයක් බලන්න ගිය කාලයක් මතක නැහැ බං.කොහොමත් ඉස්සර වගේ දැන් ඕවට යන්න මගේ කැමත්තක් එහෙමත් නැහැ.
    අර ගිටාර් කරේ තියන් ගහන එකෙක් ඉන්නවා අපෙත්.එක නම් මාරම ටැලන්ට් එකක් බං.

    ReplyDelete
    Replies
    1. සංගීත කියන්නෙ අද තරමක අවධානම් සහගත දෙයක් වෙලා. මම උනත් ඉස්සර වගේ බලන්න යන්න මහන්සිවෙන්නෙ නෑ දැන්....යූ බටේට ගියාම ඇතිවෙන්න සංගීත තියෙන්නෙ එතන...

      Delete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...