Sunday, August 17, 2014

95 නවරත්න සහ පද්මිණී

රත්නයො තෝ කොහෙද බොල මක බෑ උනේ...ඉක්මනට වරෙංකො තේ එක හදාගෙන.

තමා අත හැර ඉවතට ඇදෙන සිගරට් දුම දෙස බලා සිටිමින්  කෑ මොර දෙන ඩගී මහත්තයාගේ හඩ පැල් කොටය අස්සේ සිටි නවරත්නට ඇසුනේ යන්තමිනි. ඉදහිට දවසක හේන පැත්තේ එන ඩගී මහත්තයා මුදලාලිගේ ගජ මිතුරා බවත් සිගරැට්ටුවක් පත්තු කරනා සෑම විටකම වාගේ තේ කෝප්පයක් තොල ගෑමේ පුදුමාකාර පෙරේත කමකින් පෙලෙන බවත්  හේනේ ගත කල දෑ වසරක කාලය නවරත්නට කියා දී තිබේ.

ඩගී මහත්තයා....තේ කෝප්පය සමග යටහත් පහත්ව තමා දෙස බලා සිටින නවරත්න දෙස දුම් වළලු අතරින් දෑස යොමා ඩගී මහත්තයා බලා සිටියේය.

ඕක ඔතනින් තියපං... 

ඔහු එලෙස තෙපලූයේ තමා කියන්නට තටමන කාරණය පිළිබද ඉව වැටීමෙන් විය යුතු යයි නවරත්නට සිතුනේය.

ඩගී මහත්තයා...නවරත්න නැවතත් රැල් බුරුල් හැර කටහඩ අවදි කළේය.

මොකද බං...උඹ මගේ නම පුරුදු වෙන්න කියනවද ?

අපේ මුදලාලිට කියලා....මට පොඩ්ඩක් ගෙදර ගිහින් එන්න.....

හෝව් හෝව්.....මම උඹට කී සැරයක් කිව්වද රත්නයො...මම නියම වෙලාව ආවම මුදලාලි එක්ක කථා කරලා වැඩේ කරලා දෙන්නම් කියලා....තව ටික කාලයක් ඔහොම ඉදිංකො...මම වැඩේ කරලා දෙන්නම්...

උගුරෙන් උගුර පල්ලම් බහින අශෝක වීදුරුව පතුලේ කැලතෙන තේ මණ්ඩි තමාට සිනාසෙනවාදෝයි නවරත්නට සිතුනි.

වට්ටක්කා ටිකයි කරවිල ටිකයි කඩලා ඉස්තෝප්පු කෑල්ලෙ අඩුක් කරලා තියපං...බණ්ඩක්කයි, වම්බටුයි කඩන්න තව සතියක් දෙකක් යාවි. පාලයා ආවම කියහං මාව හම්බවෙන්න එන්න කියලා....මම ඒකා එක්ක මේ මාසෙ උඹලගෙ කෑම බීම අඩුම කුඩුම ටික ගන්න ටවුමට යන්නයි කල්පනාව. ඵලදාවෙන් උඹලගෙ කෑමට ඉතුරු කරගෙන ඉතිරි කොටහ හවසට මම ඉස්කෝලෙ ලග එළවළු කඩේට යවන්නං.

ඇන්තනියා අද වල් ඌරෙක් වත් එළාගෙන තිබුනොත් මම උඹලට සප්පායම් වෙන්න මොනවා හරි සැර ජාතියක් අරගෙන හැන්දෑවට එන්නං ගොයියො.... ඇහැ තියාගෙන ඉදිං වටේටම... දන්නවනෙ....බඩු ටික හොද ගානට ඇවිල්ලා තියෙන්නෙ දැං.

පැල් කොටය හැරදා ඈතට ඇදෙන ඩගී මහත්තයාගේ රථයේ සේයාව දෙස බලා සිටි නවරත්නගේ ඇතුලු හදේ සිහින් රිදුමක් ඇතිවෙයි. කිසිම කිසි දිනක නොසිතූ අයුරින් ජීවිතයට පාර වැරදී, මහා ඝණ වනාන්තරයක මං මුලා වූවෙකු මෙන් හසරක් නොදැන මහ කැළය මැද්දේ ගෙවන මේ ජීවිතය දැන් නම් නවරත්නට හොදටම තිත්ත වී තිබේ. අතීතයේ සුන්දර දවසක සිත පැටලෙද්දී නවරත්න පිල් කොටයට බර දුන්නේය.

ඡායාරූපය මෙතැනින්


අවට හමා යන ගිණියම් වූ සුළං කෝඩය මැද වුවද පද්මිණීගේ මූණු පොඩ්ඩ මතකයට නගා ගැනීමට ඔහුට අපහසු නැත. ගාමන්ට් ෆැක්ටරියේ දහසක් නෙත් වසා ඇයට ආදරය ගැන කියා දුන් හැටිත්, ඇයව ජීවිත කාලයම ආදරයෙන් බලා ගන්නට පොරොන්දු වූ හැටිත්, වංශය කබල් ගෑමෙන් කෝපයට පත් ඇගේ පියාගෙන් සහ සහෝදරයාගෙන් එල්ල වූ බාධා අභියෝග මැද හොර රහසේ හද එළිය යටින්  ඇය කැදවාගෙන පැමිණ, පද්මිණි සමග පොතේ අත්සන් කර දීග කෑ හැටිත් නවරත්නගේ හදවතට අමුතු බරක් එක්කර තිබේ.

ෆැක්ටේරියේ ගබඩාවේ වූ හොරකමකට නිරපරාදේ තමා හසුකර යකඩ කූරු ගනින තැනට වැඩ කටයුතු සිද්ධ කර පද්මිණී සමග තහනම් ගහේ ගෙඩි කන්නට උත්සාහ කල ගබඩා පාලක දාබරේ ගැන තරමක කෝපයක්ද ඔහුගේ හිතේ උපදී. ඒ කාලකණ්නියා හින්දා නේද මට ජොබ් එක නැති උනේ...මේ ප්‍රශ්න හැම එකක්ම පටන් ගත්තෙ...ඕකාව මරලා කෑවත් මදි. නවරත්න තමාටම කියා ගත්තේය.

රැකියාව අහිමි වීමෙන් පසු පද්මිණීගේ තනි වැටුපෙන් කෙටි කාලයක් අපහසුවෙන් කුලී නිවෙසක ජීවත් වුවද ගාමන්ට් ෆැක්ටරියේ උන්ගේ උසුළු විසුළු, කයි කතන්දර අසමින් තව දුරටත් එහි සේවය කරන්නට බැරි තැන පද්මිණී රැකියාවට සමු දුන්නාය. අහස උසට නැගුන ණය බර මෙන්ම ජීවන බරද අහිංසක නවරත්න තලා පෙලා පාගා හප කරමින් තිබූ අවධියක රැකියාවක් සොයාගැනීම බොහෝ වෙහෙසකර වූයේ ෆැක්ටරියේ හොරකම සමග තම නම ඈදා පතුරුවා තිබූ කැළෑ පත්තර නිසා බව නවරත්නට සිහිවෙයි.

අවසානයේ නවරත්නට පිහිටට සිටියේ හන්දියේ තුන් රෝද රථ නැවතුමේ සමන්ත මල්ලී පමණකි.

නවරත්න අයියා...ගම්පහ ඉන්න මුදලාලි කෙනෙක් හොද විශ්වාස වන්ත මිනිහෙක් හොයනවා එයාගෙ හේන බලාගෙන වැඩ කරන්න. මුදලාලි හොද සල්ලිකාරයා. වැල්ලවාය පැත්තෙ හෝටලේකුත් තියෙනලු. වැඩිපුරම එළවළු බිස්නස්ලු කරන්නෙ. උඹට හොද ගානකුත් ගෙවයි. මම අදුනන මහත්තැන් කෙනෙක් ඊයෙ මගේ වීල් එකේ හයර් එකක් යන ගමන් කිව්වෙ. හැබැයි එක පුරස්නයක් තියෙනවා.

ඒ මොකක්ද මලයො...

මුදලාලි හොයන්නෙ තනිකඩ කෙනෙක්ව...බැදපු අයව ගන්නෙ නෑලු.

කමක් නෑ බං...අතේ ශතේ නැති වෙලාවෙ මොකක් හරි කමක් නෑ ජොබ් කට්ටක් ලැබෙනවනං... 

මුදලාලි අමුතුම පුද්ගලයෙක් බව පළමු හමුවේදීම නවරත්නට දැනුනි. හිනා කදුළක් මූණේ නැති, සැරපරුෂ ලෙස හඩනගා කථා කරන දේහදාරී ඔහු සමග ගණුදෙනුව බොහොම ප්‍රවේශමෙන් කල යුතු එකකි.

උඹේ නම මොකක්ද කිව්වෙ ?

නවරත්න..මහත්තයො

උඹ බැදලද ?

නෑ මහත්තයො.....

එහෙනං හෙට ඉදන් කතරගම හේනෙ වැඩට පලයං...එතන ඉන්නවා ඩගී කියලා මහත්තයෙක්. එයා කියයි උඹ කරන්න ඕනෙ දේවල්...අනං මනං කණු කුණු බෑ. නිතර නිතර ගෙදර යන්න අරවා මේවා බෑ. ගෙදර යන දවසක උඹේ පඩිය මම එකසැරේ ගෙවනවා. කන්න බොන්න අදින්න වෙලාවට කලාවට ලැබෙයි.තේරුනාද නවරත්න ?

මේ ජස්ටින් මුදලාලි හොදට හොදයි නරකට නරකයි...මා එක්ක බබා හුකුං බෑ ගොයියො....වංචාවට බොරුවට දැඩි දඩුවම්, හෙට කොළඹ ආපු ලොරියක් පෝර අරගෙන කතරගම යනවා. උඹට ඒ එක්ක යන්න පුලුවන්. එහෙනං ගමන තීන්දුයි.....

නවරත්න අයියා මොනවද බං උඹ අහස පොළව ගැටලන්න වගේ කල්පනා කරන්නෙ. පාලයා ලගටම එනතුරු නවරත්න දුටුවේ නැත.

මොනවද බං ඉතිං ගෙදර තොරතුරු ගෑණි ගැන බං...දවසට කී පාරක් මැරි මැරි උපදිනවද ...මේක නම් පූරුවෙ කරපු මහා කරුමයක්.

මෙතනට එන කෙනෙක්ට මුදලාලි යන්න දෙන්නෙ නෑ කියලා තමයි මම එද්දි හිටපු උන් කිව්වෙත්...මුදලාලි එලවළු වලට මුවා කරලා වවන අනිත් ඒවා ගැන රට්ටු දැනගනියි කියලා වෙන්න ඇති. මං වගේ අම්මෙක් අප්පෙක් ගෑණියෙක් දරු මල්ලෙක් නැති එකෙක්ට මේක හොද උනාට උඹට එහෙම බෑ තමයි. අපරාදෙ උඹට මේ බඩකඩිත්තුවට එන්නෙ නැතුව ඉන්න තිබුනෙ.

කවුද බං දන්නෙ. මම ආපු දවසෙ ගෑණිව මහ ගෙදර ගාවට ඇරලවලා ආවට පස්සෙ එක ලියුං කරදහියක් ලියන්න පුලුවන් උනා කියලයැ...දැන් වෙන මිනිහෙක් එක්ක පැටලිලාද කියන්නත් බෑ. නවරත්නගේ වියළි සුසුමක් වා තලයට එකතු වෙද්දී ඩගී මහත්තයාගේ කැබ් රථය ඈතින් මතුවිය.

රත්නයො...උඹ පාලයට පයින්ඩෙ කිව්වෙ නැද්ද ? මම මේ බලාගෙන ඉදලා ඉදලා බැරිම තැන ආවෙ...උඹලට කන්න බොන්න හාල් සිල්ලර ටික ගේන්න යන්න පෝර කවර දෙක තුනකුත් අරගෙන නැගපං පාලයො.

කැබ් රථය තම දර්ශන තලයෙන් ඉවතට ඇදී යන විට සුපුරුදු තනිකම, පාලුව, සමග කෝපයකින්ද හිත වෙලී යන අයුරක් නවරත්නට දැනිනි. හිරේ ගියා නම් මීට වඩා නිදහසයි....වරෙක ඔහුට සිතෙයි.

පැල් කොටයේ ඉස්තෝප්පුවේ මැටි ගෑ පිල් කොටයේ ඉදගෙන සිටින ඔහුට හේනේ සරුවට වැවී ඇති විවිධ භව භෝග පෙනෙයි. මේවාට ජලය සැපයීමත්, ඵලදාව නෙලීමත්, පොහොර දැමීමත් ඇරුනු විට බර වැඩකට තිබෙන්නේ අලුත් වගාවක් කරනා කලෙක පාත්ති සකසා විවිධ බීජ වර්ග දිගේලි කිරීම පමණකි.

මුදලාලි එළවළු වවන්නේ එක්වරම හේනට පිවිසෙන කෙනෙකුට පෙනෙන්නට බව නවරත්න දනියි. එළවළු පසුකර තවත් දුර ගිය විටෙක මුදලාලිට ධන නිධානය ලබා දෙන කංසා වගාව පෙනෙයි.

හේනට පැමිණි මුල්ම දින රූපවාහිනී පුවත් වලින් පමණක් දැක තිබූ මේ ශාඛය දුටුවනම ඔහුගේ හිතේ හටගත් කුහුල, පොලෝසියට හසුවේදැයි ඇති වූ භිය, ඩගී මහත්තයාගේ උපදෙස් මේ දැනුදු ඔහුට දැනෙන්නා, ඇසෙන්නා මෙන්ය.

නවරත්න...උඹට කැමති කාලයක් මෙතන වැඩ කරන්න පුලුවන්. මෙහෙන් යන දවසක වැඩ කරපු අවුරුදු ගානටම හරියන ගානක් එකසැරේ දෙයි. හැබැයි ජස්ටින් මුදලාලිගේ නීති රීති වලට පිටින් වැඩ කරලා, හොර බොරු කරලා විතරක් අහුවෙන්න එපා. මුදලාලි නාහෙට අහන්නෙ නැති මිනිහා. උඹව කම්බස් කරලා මිසක් පස්ස බලන්නෙ නෑ එහෙම උනොත්...ඒක ඉරහද වගේ විශ්වාසයි.

එවක් පටන් මහත් වූ භීතියකින් හේනේ කල් ගෙවන නවරත්නට පද්මිණීගේ මතකය හැම විටෙකම එකතු කලේ දුක්බර හැගීමකි. තමා තනිකඩ යයි පවසා දැන් කසාද බදින ලද එකෙකු යැයි කීම මුදලාලිගේ කෝපාග්නිය ඇවිස්සෙන්නට හොදටම ප්‍රමාණවත් බව ඔහු දනියි.

මනසේ හොල්මන් කල තවත් සිතුවිලි සමුදායක සිරවී සිටි නවරත්න ඉන් මිදුනේ හෝරාවකට පමණ පසු හඩනගා පැමිණ මිදුලේ නැවතුන ඩගී මහත්තයාගේ රථය නිසාය. හාල් ඇතුලු වෙනත් අඩුම කුඩුම පැටවූ පොහොර ගෝනි කීපයක් එහි පසුපස කොටසේ තිබූ අතර ඒ කොටසේ වාඩිගෙන සිටි ඇන්තනියා නවරත්නගේ ඇසට හසුවූයේ රථය කරා ගිය විටදීය.

පංකාදු වල් ඌරෙක් එලාගත්තා බං ඊයෙ රාත්තිරියෙ...මුදලාලි මහත්තයටත් කොටහක් යැව්වා වැල්ලවායෙ හෝටලේට. මේ අපේ කොටහ. රත්නයො උඹේ අත් පාරට්ටුයිනෙ බං...හොද රහට හදලා ගනිං.

හේනේ ආරක්ෂාවට කොයි වේලාවෙත් තුවක්කුවක් අත දරාගෙන හේන පුරා කරක් ගසන ඇත්තනී, මුදලාලිට ඉතාම කීකරු මිනිහෙක් බව ගෙවුන කාලය තුල නවරත්න හදුනාගෙන තිබේ.

රත්නයො...ඌරු මසට මෙන්න තව දේවල් ගෙනාවා.

සීල් අරක්කු බෝතල් දෙකක් පිල් ගැට්ට මත තබමින් ඩගී මහත්තයා කෑදර සිනහවක් නගයි.

මුදලාලි මහත්තයා හෝටලේ ඉන්නවා, රෑ වෙලා සමහර විට හේනට එයි. මස් ටික හොදට හදලා ගනින් රත්නයෝ...

හේනට පැමිණෙන්නට පෙර සිටම ඉවුම් පිහුම් කටයුතු සදහා නවරත්නට තිබූ හැකියාව නිසාම හේන තුල බොහෝ විට කෝකියා වූයේ ඔහුය.

ඌරු මස් කපා  සෝදා කුළු බඩු සමග මුසුකර ලිප තබන විටත් නවරත්න කල්පනා කරමින් සිටියේ මේ මරු කපොල්ලෙන් ගැලවෙන විදියක් ගැනයි.

අද මට මෙතැනින් පැනලා යන්න බැරිවෙයිද ? ඔහුට නිකමට මෙන් එලෙස සිතුනේය.

රත්නයො...මුදලාලිටම හිතිලා උඹට යන්න දෙන දවසක් වෙනකං ඉදිං...ඊට කලින් යන්න ඇහුවොත් උඹට යන්න කියයි. ඒ උනාට උඹට ගෙදර නම් යන්න වෙන්නෙ නෑ ගොයියො. උඹ එන්න කලින් හිටිය කීප දෙනෙක්ම උඹ වගේ වැඩ කරලා මුදලාලිගෙන් අහලා ගෙදර ගියා. හැබැයි උං ගෙදර ගියාද කියලා නම් මම දන්නෙ නෑ.

ඇන්තනී තමා දරුවෙකු මෙන් ආදරයෙන් රැක බලාගන්නා තුවක්කුව රෙදි කඩකින් පිස දමමින් නවරත්න සමග  අතීතයේ දිනක දෙඩූ ඒ බස් ඔහුගේ සිතේ හොල්මන් කරයි. තමා විවාහකයකු බව ඇන්තනිට සැළ කල දවසක ඔහු බැරෑරුම් පෙනුමක් මුහුණට ආරූඩ කරගනිමින් ඇසූයේ මුදලාලිට බොරු කිව්වේ ඇයි කියා පමණකි.

මුදලාලි මේකට බැදපු නැති උන් ගන්නෙ පවුල් බරක් නැති හින්දා දිගටම ඉදියි කියලා හිතලා. ඒ හින්දා උඹ බැදලා කියලා දැන් කිව්වොත් බොරු කිව්වා කියලා මුදලාලිට ගොඩාක් තරහා යයි. මුදලාලිට බොරුව පේන්න බෑ. නයා වගේ තමයි එහෙම වෙලාවට.

කෙමෙන් කෙමෙන් හේනේ පැල් කොටය වෙත අදුර ගලාවිත් පසුව එය ඝණ අදුරේ වෙලී ගිය අයුරු මස් හොද්දට තනි රකිමින් සිටි නවරත්න දුටුවේ නැත. කුට්ටි කැපිය හැකි ගණ අදුරට එළියක් දෙමින් ඉස්තෝප්පුවේ යට ලීයේ පාල විසින් එල්ලූ පැට්‍රෝල් මැක්ස් ලාම්පුව නිසා ඒ කොටසට තරමක එළියක් වැටී තිබේ. ඒ එළිය යට දුම්බර පැදුරකි.

උඹේ හොද්දෙ සුවද මිදුලට එනවා බං...මම මේ ඉන්න බැරි තැන ආවෙ..ඩගී මහත්තයා සිගරට් කහටින් දුර්වර්ණ වූ දසන් දක්වා සිනාසී ගොජ දමන මස් හොද්දෙන් මස් කැබැල්ලක් ඩැහැ ගත්තේ උකුසු වෙසිනි.

පංකාදු පහයි බං....උඹේ මස් හොද්දට ගහන්න මස් හොද්දක් මුදලාලිගෙ හෝටලේ උන් වත් හදන්නෙ නෑ...අම්මපා....

ඇන්තනියො...අඩුම කුඩුම ටික සූජානම් කරලා ගනිං...පාලයො මයියොක්කා ගහක් දෙකක් උගුල්ලපං. ඩගී මහත්තයා  උපදෙස් දෙමින් මිදුල දෙසට යන විට ඌරු මස් හොද්ද ලිපෙන් බා ඇතිලියකින් වසා දමන්නට නවරත්න කටයුතු කළේය.

මිදුලේ පසෙක ඇටවූ දර ලිපක් මත හේනෙන් ගලවා කෑලි කල මඤ්ඤොක්කා හට්ටියක් පැසෙමින් තිබේ. ලිපට පහත් වී පිඹිමින් සිටි පාලයාගේ මුහුණ රතු වී ඇති බව නවරත්න එක්වරම හදුනාගත්තේය.

ඩගී මහත්තයා මම නාගෙන එන්නම් එහෙනං...නවරත්න සබන් පෙට්ටියත් බාල්දි කබලත් රැගෙන පැල් කොටයට තරමක් දුරින් තිබුන වගා ළිද වෙත ගියේ කඩිනමිනි.

හිස මත පතිත වෙන සෑම ජල බාල්දියක් පාසාම ඔහු කල්පනා කලේ හේනෙන් පලායන ආකාරයයි. එළඹෙන රාත්‍රිය ඒ සදහා වඩාත් උචිත යයි ඔහුගේ හිත කියයි.

ගතේ, හිතේ, වතේ තිබුන සියලු අපහසුතාවන් සිසිල් පැනින් ස්නානය කල පසු දුරු වී ගිය වගක් නවරත්නට දැනෙයි.

රෙදි ටික වනා දමා ඉස්තෝප්පු කෑල්ලට ගොඩවෙන විට ඌරු මස් හට්ටියට අමතරව මඤ්ඤොක්කා හැලියක්ද එහි වූ පැදුර මත සූජානම්ව තිබුනි. කොච්චි යොදා සකසා තිබූ කදිම කට්ට සම්බෝලයක් මෙන්ම කැන්ද කොළ කීපයක්ද ඒ අසලම තිබුනි.

රත්නයො...උඹ එනකං අපි සළු උනේ නෑ. මුදලාලි මහත්තයා එන්න රෑ වෙයි....අපි වැඩේ පටන් ගමු එහෙනං...උඹලටත් ඉදලා හිටලා ජොලියක් තියෙන්න එපායැ....හක්කේ දතක සිරවූ මස් කැබැල්ලක් ඇගිල්ලෙන් දවටාගන්නට වෙහෙසෙමින් ඩගී මහත්තයා කියයි.

ඩගී මහත්තයාගේ සුරතින් විවර වූ සීල් අරක්කු බෝතලය අතින් අතට රවුමට ගොස් නවරත්න අසල නතර විය. අවස්ථාවක් ආවොත් පැනගන්නට සිහි කල්පනාවෙන් සිටිය යුතු යැයි තරයේ අධිටන් කරගෙන සිටි නවරත්න තම වීදුරුව මත්පැනෙන් පුරවාගත්තත් එය පානය නොකර සිටීමට ඉටා ගත්තේය.

පැට්‍රෝල් මැක්ස් එළිය යට දුම්බර පැදුර උඩ ඩගී මහත්තයාගේ හඩ උස්ව නැගෙයි. ඔහු තමා ගැන කියනා පුරාජේරුවට හූ මිටි තබමින් මහත් රුචියෙන් කන් දී සිටින ඇන්තනියාට සහ පාලයාට නොපෙනෙන්නට තමාගේ වීදුරුවේ තිබෙන රහමෙර පිල් කොටයට උඩින් මිදුල වෙත යවන්නට නවරත්න සමත් විය.

පළමු බෝතලය පතුල දකින විට නවරත්න හැර අනෙත් අයට එහි ප්‍රතිඵල දැනෙමින් තිබුනත්...තමාගේ වෙනස නොපෙනෙන්නට නවරත්න තරමක් වැඩියෙන් වෙරි ඇගට ගත්තේය.

යකෝ රත්නයො...උඹට බීලා පුරුදු නැත්තං ඔහොම බොන්න එපා....හික්....තරමට බීහං...මොකද අද බිව්වා කියලා හෙට වැඩ නොකර ඉන්නයැ...හික්...ඩගී මහත්තයා ලග ලග වැටෙන ඉක්කාව දරාගනිමින් අමාරුවෙන් වචන අමුණයි.

රත්නයගෙ අත්දෙක තමයි අත්දෙක...අපේ එමලියා වත් ඒ කාලෙ මෙච්චර රහට ඌරු මස් හදන්නෙ නෑ යකෝ...ගෑවුන තැන කන්න පුලුවන්. ඇගිල්ලේ දැවටුන මස් හොදි ලෙව කමින් ඇන්තනියා කියන්නේ තමා අතහැර ගිය බිරිදගේ නමද එයටම ගාවමිනි.

දෙවැනි බෝතලයේ තවත් කාලකට වඩා නැත. ඔලුව බරවූ පාලයා දැනටම පිල් කඩට හේත්තු වී සිටී. ඩගී මහත්තයාගේ කටින් කුණුහරුප පිට පනියි.

උඹට කියන්න රත්නයො....ඒ කාලෙ මා එක්ක බුදියගන්න ගෑණු පොර කෑවා....හික්....

මයියොක්කා හට්ටියේ භාගයක් පමණ අවසන් වී තිබේ. ඩගී මහත්තයා දැන් හොදටම දොඩමළු වී සිටියි.

ඩගී මහත්තයා...මුදලාලිට කියලා...මට....

තොට යකෝ කී සැරයක් කියන්නද ? මම කිව්වනෙ උඹට...මම වෙලාව ආපුවහම මුදලාලි එක්ක කථා කරන්නං කියලා. උඹට කලින් මෙහෙ හිටිය උන් හොරෙන් පැනලා ගියා...උපන් දා ඉදලා මේ කැලේ කරක් ගහන ඇන්තනියට උන්ව හොයාගන්න එක මහ අමාරුවක්ද බං. මුදලාලි ඉස්සරහමයි ඇන්තනියා උන්ගෙ ඔලු කටු කුඩු කලේ ....උඹටත් ඒක කරගන්න ඕන නං ඕවා අහන්න පලයං මුදලාලිගෙන්.

තවත් මද වේලාවක් වල් පල් දොඩමින් උන් ඩගී මහත්තයා වාහනය තුලට වැදී එහි දොර වසාගෙන ගොරොද්දෙ අදින්නට විය. ඇන්තනියාද පැදුරේ පසෙක බෝතලය සමීපයේ නිදා වැටෙයි. ඔලු කටු කුඩු වුවත් මේ අවස්ථාවේ පලා යා යුතුම යැයි නවරත්නගේ සිත කියයි.

අතට අහු වූ ඇදුම් කඩමල්ලක් ඇදගෙන හනි හනික සූජානම් වූ නවරත්න ලා එළියෙන් පෙනෙන පැල් කොටය දෙස තවත් මොහොතක් බලා සිට ඇන්තනියාගේ තුවක්කුව දකුණතට ගෙන  වගා ළිද පැත්තෙන් ඈතින් පිහිටා තිබූ ඇළ මාර්ගයක් ඔස්සේ ඉදිරියට ඇදුනේය. මෙහි ගත කල  දෑ වසර පුරාවටම තමා මෙපමණ දුරක් පැමිණ නැති බව ඔහුට සිහිපත් වෙයි. හැම වේලේම කොටි හපුවෙකු මෙන් හේන පුරා තුවක්කුව දරාගෙන කැරකෙන ඇන්තනියා අද නිදාගත්තේ තමාගේ පූරුවේ පිනකට යැයි නවරත්නට සිතුනේය.

කළුවරේ හෝරා කීපයක් කටු සහිත පදුරු වල පැටලෙමින්, ගල් තලා මත ලිස්සා යමින් ගැහෙද හදවත වාරුකරගෙන නිදහස සොයාගිය නවරත්න අවසානයේ මහා මාර්ගයක් අසලට ලගා වීමට සමත් විය.

බස් රථයක යාම තමාගේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි යයි සිතූ ඔහු පරණ තාලේ ලොරියකට අත දිගු කලේ අරමුණකින් නොවේ. කදුරුවෙලට යන්නට අවැසි වුවත් ලොරිය යන්නේ කොළඹට පමණි. එතැන් සිට ඉතිරි මග කෙසේ හෝ යන්නේ යයි අධිටන් කොට ඔහු ලොරියට නැගුනේය.

දෑ වසරක්....කල්ප ගනනක් ලෙස නවරත්නට හැගෙයි. මේ ගුරුපාරේ පද්මිණි සමග හුදකලාවේ දොඩමළු වූ යටගිය දවසක අසිරිය ඔහුගේ මුහුණට ආරූඩ වෙයි. අනේ පද්මිණි මේ අවුරුදු දෙකේ කොහොම ජීවත් වෙන්න ඇත්ද ? මම කියන දේවල් ඔයා විශ්වාස කරයිද ? ඔහුගේ සිතේ නොයෙක් ගැටලු ඇති වී සැනින් නැතිව යයි.

පද්මි...ඔයා මට ගොඩාක් අාදරෙයිද ? 

ඔව් රත්තරනේ....මම ඔයා ගැන මිසක වෙන කෙනෙක් ගැන කවදාවත් හිතන්නෙ නෑ...ඇත්තමයි සත්තයි....

ඇය එසේ කියූවේ තමා පසු කරයන මාර ගස් සේවනේ සිටි දිනෙක බව නවරත්නට සිහිවෙයි.

දැන් ඉතින් තවත් මද දුරකි. ඇගේ නිවස පෙනෙන තෙක් මානයේ මද වේලාවක් නැවතී සිටි ඔහු සිත අධිෂ්ඨානයෙන් පුරවාගෙන මිදුලට පිවිසියේය.

පද්මිණි...පද්මිණි....

අම්මේ.....කවුද ඇවිල්ලා කථා කරනවා...මම බබාට කිරි දෙන ගමන්, පොඩ්ඩක් බැලුවා නං....


මම කාමරේ අරින සිරා කොලුවා.

95 comments:

  1. කතාවනම් ඌරු මස් හොද්ද වගේමයි සිරා කොලුවො.. ගෑවුන තැන කන්න පුළුවන්.. දෙයියම්පා.. !! පද්මිණීට වරදක් කියන්න බෑ මයෙ හිතේ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සෙන්නා...මේ වගේ ප්‍රබන්ධ ලියන්න තමයි මම ගොඩාක්ම කැමති. කථාවක් ලියලා ඉවර උනාම ඒ ගැන මම තෘප්තිමත් නම් විතරයි මෙතනට අරගෙන එන්නෙ.

      පද්මිණීට මමත් වැරැද්දක් කියන්නෙ නෑ...කිසිම ආරංචියක් නැති මිනිහෙක් ගැන අවුරුදු දෙකක් ආර්ථික අහේනිය දරාගෙන බලාගෙන ඉදියි කියලා හිතන්න අමාරුයි. හැබැයි එහෙම කරන අයත් නැතුව නෙමෙයි.

      Delete
  2. කොටස් දෙකයි හොදේ....මුදලාලි රැවුල කැපුව කට් එක හෙක් හෙක්... මගෙන් අහන්න.

    ReplyDelete
    Replies
    1. මම දන්නවා නොවැ...මේ කථාව යට තියෙන සත්‍ය කථාව කම්මල අයියා දන්න විත්තිය. අද කථාව මෙතකින් සමාප්තයි. කොටස් දෙකකට කැඩුනාම කෙටි කථාවෙ කික් එක නැතුව යනවා කියලා තමයි ගොඩාක් අය කලින් ඒවට කිව්වෙ.

      Delete
  3. සුපිරිම කාතාව...එක හුස්මට කියවලා ඉවර කළා..

    මෙන්න කතාව වගේම සුපිරිම බාන්ඩයක්

    http://ikman.lk/en/vespa-px-125-1956-for-sale-galle

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මලයො...බොලා යකඩ අස්පයෙක් ගත්තත්....තවම පරණ ඒවා ගෙන හෙවීම අතඇරලා නෑ වගේ...

      ලින්කුව දිගේ ගිහිල්ලා බැලුවම මට ඇඩුනා බං....ආශාව වැඩි කමට...

      Delete
    2. ඔව් ඔඑ මන් ඕවයේ ෆොටෝ එකතු කරනවා නේ...එහෙම හොයන කොට තමයි හම්බුනේ...සල්ලි තිබ්බා නම් ගන්නවා අනිවාර්යේනම් ඕක නම්...1956 එකක යනකොට කාටද ආඩම්බර

      Delete
    3. කෙල්ලො සූ ගාලා එයි...එහෙමද හිතන්නෙ...උන් කැමතිම නෑ බං පරණ ඒවට...

      Delete
    4. +++++++++++++++++
      කාටද ආඩම්බර? මං ගාව තියෙනවා සිරාගෙ වයසෙ බයික් එකක්...!

      Delete
  4. Replies
    1. මොනවා කරන්නද....දුක තමා...

      Delete
  5. බලපන්කො ඉතිං.. අරූට එතනම වෙඩි තියාගන්න හිතෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. තුවක්කුව එච්චර දුර ගෙනාවෙ නැත්තෙ හොද වෙලාවට එහෙනං...

      Delete
  6. Replies
    1. මොකෝ බං....බොටත් මෙහෙම අත්දැකීමක් තියෙනවද ?

      Delete
  7. කාලෙකින් ගොඩ වුණේ. කතාව මෙතැනින් හමාරද ?

    ReplyDelete
    Replies
    1. මෙතැනින් හමාර කරලා තමයි තියෙන්නෙ....හිතුනොත් ඉදිරියෙදි ආයෙත් මොනවා හරි අමුණන්නත් පුලුවන්.

      Delete
  8. මලා, අරූට ආවේ මොකටද කින්ද මන්ද කියලත් අමතක වෙන්න ඇති අර ටික ඇහුනම..

    ReplyDelete
    Replies
    1. අන්න ඒ දේ නම් ඇත්තටම වෙන්න ඇති මලයො...අපරාදෙ මට හේනටම වෙලා ඉන්න තිබුනෙ වගේ හැගීමක්.

      Delete
  9. කතාව කියවන ගමන් සිරාගේ කාමරේ ඉන්නේ කියලවත් තේරුනේ නෑනේ. :)

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ මේ කථාව තුල මම සාර්ථකයි කියලද....ස්තූතියි පොඩ්ඩි.

      Delete
  10. සිරාගේ කාමරේට එන්න ලැබුනේ කාලෙකින් .. පට්ටයි ඌරු මස් හොද්දට වඩා රහයි .

    පද්මිණීට වරදක් කියන බෑ . මොකද ඕක සාමාන්‍ය මිනිස් ස්වභාවය ..
    "Out of Sight - Out of Mind" වෙන්න ඉඩ වැඩියි

    ReplyDelete
    Replies
    1. //"Out of Sight - Out of Mind" වෙන්න ඉඩ වැඩියි //

      මොනාහරි කිවුවද???? :D

      Delete
    2. කවුරු ගැනද අහන්නේ රෙහෝ .... :P

      Delete
    3. උඹ මට ඉංගිරිසියෙං බැන්න නේද ? දෙන්නං තොට !!!

      Delete
    4. කාලෙකින් ආවා කියලා සිරා අහිතක් හිතන්නෙ නෑ ආයුබෝං....මම දන්නවා බොලාට වැඩ අධික බව...බොලා කියන කථාව සහතික ඇත්ත. ලංකාවෙ පරණ ආයතන වලින් මම අයින් වෙද්දි කදුළු පෙරාගෙන ඔයාව අමතක කරන්නෙ නෑ අයියෙ කියපු නංගිලා...අද ඔය අපූරුවට අමතක කරලා තියෙන්නෙ.

      අරින්න එපා පත්තරයො...ඉංගිරිසියෙන් කියලා තියෙන්නෙ උඹව බාවලා මිසක් මෙදා පොටේ පස්ස පලන්නෙ නෑ ඉස්සරහම බලනවා කියලා.

      Delete
    5. "Out of Sight - Out of Mind" වෙන්න ඉඩ වැඩියි
      අප්පට සිරි පත්තරයෝ මැක්කෙක් ගිය උඩක් කිව්වලු

      Delete
    6. ඒක නේන්නං බං. මුගෙ බය නැතිකම බලහංකො &@#&#&6$*%%7#; @:®£´€[^|¥€

      Delete
    7. නිකං ඉන්න එපා පත්තරයො කඩිනම් පියවරක් ගනින්...රාළයගෙ කාම පැයේදිවත් උපදෙසක් ගනින්....

      Delete
  11. හුටා...
    අරූට අර තුවක්කුවෙන් වෙඩි තියාගන්න නොහිතුනා ඇති...
    යෆොයි

    ReplyDelete
    Replies
    1. තුවක්කුව මගදි දාලා ආපු එක හොදට ගියා එහෙනං...

      Delete
  12. සුපිරියි කියන්නෙ ආයෙම දෙකක් නැහැ.

    කතාව නවත්තපු තැනත් හොදයි. කියවන පාඨකයාට එතනින් එහාට කතාව මවා ගන්න පුළුවන්.!

    මට නම් හිතෙන විදිහට නවරත්න පිටව යත්දිත් පද්මිණී සති දෙක තුනක පමණ ගැබිණියක් නම්!!!!! ඔය කිරි බොන්නෙ ඔහුන්ගෙම දරුපැටියා විය හැකියි.!

    ReplyDelete
    Replies
    1. මටත් හිතුනේ ඒ විදියටයි

      Delete
    2. ස්තූතියි ප්‍රියා...බොලා හැමදාම කියනවනෙ සිරා කථාවක් ලිව්වම ඒක යටින් පසුබිම් කථාව ලිව්වම ගතිය නැතුව යනවා කියලා. අද ඉතිං ඒ වැරැද්ද කලේ නෑ. හැබැයි මේ කථාවටත් පාදක වෙච්ච සිදුවීමක් තියෙනවා.

      බොලාට කැමති විදියට ඒ ගැන හිතන්න අයිතිය තියෙනවා...මම ඒ ගැන යමක් කියන්නෙ නෑ.

      Delete
  13. සහ් උරූ මස් හොද්ද හරි රහයි...

    ReplyDelete
    Replies
    1. බ්‍රෑන්ඩ් එක ගල්
      - ස්තුතියි -

      Delete
    2. ඒ උනාට දේශකයගෙ බයිට් එක බැදපු හුරුල්ලො....ස්තුතියි....

      Delete
  14. හයියෝ නවරත්නයා වගේ ගොනෙක්. අනික බලපං පඩි ගෙවන කොන්දේසිය? කවදහරි යන දවසක එකපාර ගෙවන්න! ඒ කියන්නේ මූ අවුරුද්දකට වැඩි කාලයක් වැඩ කරලා තියෙනවා නොමිලේ.

    ReplyDelete
    Replies
    1. මෙතන තිබ්බ කොමෙට් එක මැකුවෙ මේ නිර්මානය රස විදීමට එය බාදාවක් වෙන නිසයි.

      Delete
    2. ඇත්තටම මෙවැනි චරිත අපේ සමාජය තුල තියෙන දේවල්...කවදාවත් ආර්ථික ප්‍රතිලාභයක් නැතුව ප්‍රවේණි දාසයො වගේ වැඩ කරන මිනිස්සු කොයි තරම් ඉන්නවද....ඒ නිසා මේ චරිතය යථාවාදී නෑ කියලා කාටවත් චෝදනා කරන්න බෑ. මේ ලියවුන කථාව යට සැබෑ කථාවක් තියෙනවා. එය සැබෑ ස්වරූපයෙන් නෙමෙයි මම මෙතන ඉදිරිපත් කරලා තියෙන්නෙ.

      Delete
  15. මෙහෙ ඉන්න සමහර බංගලි මිනිස්සුන්ට ඕකම වෙනව. උන් ලේබර් සප්ලයර්ස්ල ගාව තුට්ටු දෙකට වැඩ. ඒකෙනුත් මාස තුන හතරක පඩි දෙන්නෙ තියාගන්නව. අවුරුදු දෙක ඉවර උනාම තමයි අර හංගපු පඩිය දෙන්නෙ. ඒක අරන් යනකොට ගෑණුන්ට දෙය්යො ළමයි හදල දීල. උ'න් ආයි ඇවිත් ඒව කියන්නෙ හරි සැහැල්ලුවෙන්. ඒ උනාට බර වෙන්නෙ අහන අපේ හිත්.

    ReplyDelete
    Replies
    1. මම වැඩකරපු තැන හිටපු නේපාලි සික්‍යුරිටි පොරට අව්රුදු පහකට පස්සෙ නිවාඩු හම්බුනේ. පොර අස්වෙලාම යන්න ගියා පස්සෙ. හැමදාම අහද්දි ඌ දෙන්නෙ එකම උත්තරේ... May be next month ! සමහර් ඉන්දියන් පොරවල්නම් නිවාඩු හම්බුනාට යන්න කැමති නෑ.. උන් ගෙදර යන්නෙ නහයෙන් අඬ අඬ... උන්ට එහෙ සුර ලෝකයක්.. එහෙම උනුත් ඉන්නවා...

      Delete
    2. මැලේසියාවෙත් ඔවැනි කථා ඕනෑ තරම් තියෙනවා....ලබන වසරෙ ජනවාරි ඉදන් මම කියන්නං අකුරක් නෑර මැලේසියාවෙදි මම අහපු දැකපු දේවල්....ඇතැම් කථා විශ්වාස කරන්න බැරි වෙයි.

      මැද පෙරදිග සේවය කරපු මගේ යාලුවොත් කියලා තියෙනවා පක්කො එක දිගට අවුරුදු 10 ක් විතර වැඩ කරලා ගෙදර ගියත් ඉක්මනටම ආපහු දුවගෙන එනවා කියලා...උන්ට මම හිතන්නෙ කාලය ගත වෙද්දි පවුල එක්ක තියෙන බැදීම නැතුව යනවා ඇති.

      Delete
    3. එහෙනම් ලබන ජනවාරියේ ඉඳන් මගේ බොග වහනවා............. උබට බැරිද ඕක හෙට අනිද්දාම පටන් ගන්න

      Delete
    4. බොලාගෙ බොග තිබ්බත් ඉතින් වහලා වගේනෙ කොහොමත්...අවාරෙට පොල් වැටෙනවා වගේනෙ ඒකෙ ලිපියක් පල වෙන්නෙ...මැරකකා ට කාම පැය අහිමිද දැන්...

      Delete
  16. ලියපන් මචං නවකතාවක්.
    පට්ට writing Style එක

    ReplyDelete
    Replies
    1. දිරි ගැන්වීමට ස්තූතියි...බලමු ඉදිරියට....

      Delete
  17. ලමයෙක් ඉන්නව කියපු හැටියෙම වෙන එකෙක් එක්ක ගිහින් කියන මතෙට එන්න බැ.තව කොටසක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඔව් වෙන එකෙක් එක්ක "ගිහිං" කියන්න බෑ තමා , වෙන එකෙක් එහෙ "ඇවිත්" වෙන්නත් පුළුවන්නේ .. අනේ යකෝ උඹත් කියන කතා

      Delete
    2. ළමයා නවරත්නගේද....වෙන කෙනෙක්ගෙද....ඒ ප්‍රහේලිකාව කියවන බොලාම විසදගත්තොත් හොදා...ඉවාන් කියපු දේත් වෙන්න තියෙන ඉඩ බොහොම වැඩියි...අපේ සමාජයෙ හොද උපාසකයො ගෑණුන්ව දැලේ දාගන්න පාවිච්චි කරන එක උපක්‍රමයක් තමයි ඒ අයගෙ නැති බැරි කමට පිහිට වීම.

      Delete
    3. ආවා ගියා ..ආවා ගියා ..හිටිය වෙන්න බැරිද....?

      Delete
    4. වෙන්න පුලුවන්...මොකෑ බැරි...

      Delete
    5. @පත්තරෙයා
      කට ඇරහං මසුරමක් දාන්න...

      Delete
  18. "ළමයාට කිරිදෙන ගමන්" කියලා නෙමේනේ කිව්වේ... "බබාට කිරිදෙන ගමන්" කියලා... ඒ කියන්නේ අවුරුදු දෙකකට වඩා ගොඩක් පොඩි දරුවෙක් වෙන්නැති කියලා මට හිතුණේ... නවරත්නට දුක තමයි... තුවක්කුව මෙච්චර දුර ගෙනාවද දන්නෑ... මොනවා උනත් මට හිතුනේ දැන් තමයි කතාව පටන් ගන්නේ කියලා...

    ReplyDelete
    Replies
    1. පිස්සුද බීටලේ, අපේ පත්තරයටත් තාම ගෙදර එක්කෙනා කියන්නෙ බබා.

      Delete
    2. ඕ යේස් … මොකෝ ගෙදර එන්නෙ බඩගාල නෙවැ.. :D

      Delete
    3. අද පත්තරයා දවල් වෙලාද නැගිට්ටෙ.....බොලා නැතුව ගියාම හරිම පාලුයි බං කාමරේ...ඇත්තමයි....

      පොඩිම ළමයෙක් නිසා වෙන්න ඕනෙ නේද අම්මා බබාව තියලා ආවෙ නැත්තෙ...මම වක්‍රව අදහස් කරන්න උත්සාහ කලේ එහෙම දෙයක්...ඇත්තටම හොද අදහසක්...මම මෙතැනින් කථාව අහවර කරන්න උත්සාහ ගත්තත් ඔබ කියනවා නම් කථාවෙ ආරම්භය මෙතැනයි කියලා...බලමු ඉදිරි දවසක තව යමක් අමුණන්න...ඇන්තනියගෙ තුවක්කුව කැලෑවෙම දාලා ආවා. ස්තූතියි අදහසට...

      කකුල් හතරින් එන්නත් බැරි හින්දද බං බඩගාගෙන එන්නෙ පත්තරයො...

      Delete
  19. අකලට වට මහ වරුසාවක් සේ
    අසුබ දිනක ආ සුබ පැතුමක් සේ
    මා හැර ගිය ඔබ
    නොසිතූ මොහොතක
    ඇයි දෝ යළි ආවේ...

    ඇයි දෝ යළි ආවේ...


    කෝ මේ සින්දු මල්ලියි සින්දු ඇනෝයි?

    ReplyDelete
    Replies
    1. ඉන්දික මේකත් පොඩ්ඩක් යයි වගේ ...

      පෙර දිනයක මා පෙම් කළ යුවතිය
      සිය පුතු නලවනවා
      මගේම ගීයක් නැලවිලි ස්වරයෙන්
      ඈතින් මතු වෙනවා...//

      නුරාව වෙනුවට ඉදුනිල් දෙනයන
      දයාව වෑහෙනවා..
      සිනාසුනෙමි මම අවිහිංසක ඇය
      කෝල බැලුම් හෙලුවා..

      පෙර දිනයක මා...

      හිරුට සදුට නොකියා හොර රහසේ
      කාලය වියැකෙනවා..
      නෙත් අදහා ගන්නට බැරි ලෙස රූසිරු
      කෙමෙන් මැකී යනවා..
      එදා වගේ තවමත් වැට අද්දර
      නාමල් පුබුදිනවා..
      නොකා නොබී දුක් වින්ද අතීතය
      යළි මට සිහිවෙනවා..

      පෙර දිනයක මා..

      ගායනය: ඩබ්ලිව්.ඩී.අමරදේව
      පද රචනය: සුනිල් සරත් පෙරේරා
      සංගීතය: ඩබ්ලිව්.ඩී.අමරදේව

      Delete
    2. හැබැයි පොඩ්ඩක් හිත හදා ගත්තම ඌට මෙහෙම කියන්න පුළුවන් වෙයි

      ඔබ පෙම් කරනා ඔබේ කුමාරී...
      ඔබට ආදරෙයි කියනා අයුරින්...
      පෙර දවසක මා පෙම් කරනා සද...
      මට ද ආදරෙයි කියා තිබේ...

      ඔබ පෙම් කරනා ඔබේ කුමාරී...
      මට ද ආදරෙයි කියා තිබේ...

      සාගර වෙරළේ සොඳුරු සැදෑවක...
      රඟහල කෙරවල අඳුරු නිමේෂෙක...
      අද ඔබ ළඟ ඔබ සනසාලන ඇය...
      පෙර දවසක මා තුරුලට වී හිඳ..
      මටද ආදරෙයි කියා තිබේ...

      සක්මන් මළුවක දෙපා ගෙවෙද්දී..
      දොඩමළු පෙම්බස් ගොළුවී යද්දී...
      මා සමුගෙන ඔබ වෙතට පැමිනි ඇය..
      සනහස සඟවා දෙනෙත නුරාවෙන් ..
      මටද ආදරෙයි කියා තිබේ..

      ගායනය: ගුණදාස කපුගේ
      පද රචනය: සුනිල් ආර්.ගමගේ
      සංගීතය: ගුණදාස කපුගේ

      Delete
    3. හවහට අපිත් එක්ක එක්ක සෙට් ඌ උනාම මෙහෙම කියයි ....
      (බ්‍රෑන්ඩ් එක ගල් - ස්තුත්යි )

      දුරස් වන්නට මේ ලෙසින්
      දුරස් වන්නට මේ ලෙසින්
      ඇයිද අප හමු වුණේ
      දුරස් වන්නට මේ ලෙසින්
      මොටද අප ඉපදුනේ

      අත් වැල් බැඳගෙන මංමාවත් දිග
      ඔහේ ඇවිද ගිය කාලය මතකද ...//
      පුංචි ළදැරියක් වගේ හුරතලෙන්
      ඔබ හිනැහුණු ඒ කාලය මතකද

      දුරස් වන්නට මේ ලෙසින්
      ඇයිද අප හමු වුණේ
      දුරස් වන්නට මේ ලෙසින්
      මොටද අප ඉපදුනේ

      අනාගතය ගැන අහස් මාළිගා
      අප දෙදෙනා මැවු කාලය මතකද ...//
      ඔබේ පෙම්වතා ලෙසින් එදා මා
      ඔබේ ළඟින් උන් කාලය මතකද

      දුරස් වන්නට මේ ලෙසින්
      ඇයිද අප හමු වුණේ
      දුරස් වන්නට මේ ලෙසින්
      මොටද අප ඉපදුනේ ...//

      ගායනය - ආචාර්ය දයාරත්න රණතුංග
      පද - ආචාර්ය අජන්තා රණසිංහ
      තනුව - ආචාර්ය දයාරත්න රණතුංග

      Delete
    4. ඔබේ පෙම් වදන් වදන් නෑඑදාමෙන් ඇසෙන්නේ
      හදේ පෙම් හැගුම් නෑ එදාමෙන් නැගෙන්නේ
      සඳේ රන් කැළුම් නෑ එදා මෙන් දිලෙන්නේ
      විලේ මල් නෙළුම් නෑ එදා මෙන් පිපෙන්නේ

      මෙමා මුණ ගැසීමත් විඩාවක් උනේදෝ
      මෙමා හා දෙඩීමත් විඩාවක් වගේදෝ
      දිනක් නොදුටුවොත් මා එදා ඔබ හැඩූවේ
      අදයි ඔබව කලෙකින් පසු මා දුටූවේ

      හිතේ නැද්ද ඔබගේ මෙමා ගැන කතාවක්
      ඔබේ මුළු හදින් පෙම් කලා මට වතාවක්
      බිඳක් මට නොදේනම් ඔබේ මුදු සිනාවක්
      මතක් වෙන්න හීනෙන් කියන්නම් කතාවක්…

      ගායනය - එච් ආර් ජෝතිපාල
      (ඇනෝ මචෝ දන්නවනං තණුව /පද නිර්මාණකරුවන් සටහන් කරපං )

      Delete
    5. ජය වේව බොස් .… මං ආවා .එකෙන්ම. විරහව නං

      බ්‍රෑන්ඩ් එක ගල්
      - ස්තුතියි -

      Delete
    6. පට්ටයි කියන්නෙ පටේ පට්ටයි...මමත් හරිම මනාපයි මේ විදියට ගීතයෙන් ගීතය කරන සංවාදයට...ඉන්දික අයියා සදහන් කරපු නිරංජලා සරෝජිනීගෙ ගීතය වගේම අමරදේවයන් සහ කපුගේ ගයන ගීත දෙකත් මම ඉතාම මනාප ඒවා. ඔබ පෙම් කරනා ගීතය ඇත්තම ඇත්ත සිදුවීමක් පාදක කරගෙන ලියවුන එකක් නිසා රස වැඩිද කියලත් හිතෙනවා...බොලා හැමෝටම මගේ ස්තූතිය....

      මෙන්න ඔය රැල්ලට මම එකතු කරන ගීතය...

      මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි
      මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි

      වැව් ඉවුරේ දිය රළ පෙර සේම නැගෙනවා
      නුග ගස් පෙළ අප නැතිවත් තව දළු ලනවා
      සරසවි බිම කඳු රැල්ලෙන් එතෙර පෙනෙනවා
      ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා

      ඔබ අත ගෙන ගිය වීදියෙ ඈ හා යනවා
      සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා
      ඒ කාලේ පැතූ පැතුම් යළි සිහි වෙනවා
      ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා

      පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
      සංගීතය - මර්වින් පෙරේරා
      ගායනය - මර්වින් පෙරේරා

      Delete
    7. පත්තරේ මෙන්න ,
      ඔබේ පෙම් වදන් වදන් නෑඑදාමෙන් ඇසෙන්නේ...

      ගායනය - එච් ආර් ජෝතිපාල
      පද රචනය - සිසිර සේනාරත්න
      (හින්දි තනුවකට ගැයූ ගීයකි.)

      ස්තුත්යි නැවත එන්න ...බ්‍රෑන්ඩ් එක ගල්

      Delete
    8. එකෙන්ම තැන්ක්ස් උඹට මචෝ .. සිංදු නං සිංදු ඇනෝ.. ජයවේවා බොස්.උඹේ රාජකාරිය උඹ තිතටම කරනවා..එළම කිරි.

      Delete
    9. ඔන්න මගෙන් මෙන්න මේක

      මගේ පුංචි ලෝකේ හිරු හඩවා... ඔබ යන්න ගියදා සද සගවා ....//
      ඔහුගේ දැතේ සැන්ගී පාවී.....
      අපේ පාලු නිම්නේ තරු වෙරළේ
      යලි මුණ ගැහෙන්නේ නැ නයනේ

      සීතල පිනි මල් පොකුරු පිපි
      මා හද සැමරුම් සුවද දිදී
      ඇ වෙනුවෙන් දෝ රැ මොනරුන්
      සිත රිදවා හඩනු ඇසේ මා තනි උදා මගේ තුරුලේ

      මගේ පුංචි ලෝකේ හිරු හඩවා... ඔබ යන්න ගියදා සද සගවා ...

      මාවත කදුලින් වැසුණු වෙලේ
      ඇ වෙත පැතුමක් මසිත නැගේ
      මා දෙනුවන් ඇගෙ සුරතල් වූ මිහිරි ලොවේ ආලෝකය නැ හිරු එළියේ
      අපේ පාලු නිම්නේ තරු වෙරළේ යලි මුණ ගැහෙන්නේ නැ නයනේ ....//

      ගායනය යසපාල පෙරේරා

      Delete
    10. කවුද බොලේ යසපාල පෙරේරා...අදමනෙ නම ඇහුවෙ...මම අහලා තියෙන්නෙ යසපාලිත නානායක්කාර ගැන විතරයි රාළෙ.

      Delete
  20. නවරත්නට වෙලා තියෙන්නෙ අර කරෝල වාඩියට ගියාම වෙනවයි කියන එක තමයි. මොනව උනත් ගෑනු මනුස්සය වෙන කසාදයක් කරගෙන නං ඒ මනුස්සයගෙ පැත්තෙන් බැලුවම ඒක වැරදියි කියන්නත් බෑ අවුරුදු දෙකක් තිස්සෙ තමංගෙ මනුස්සය ගැන කිසිම තොරතුරක් නොලැබුනාම.
    ඒ වගේම නවරත්නත් ගෑනිට ආදරෙන් හිටපු හැටියට මිනී මරුවෙක් වෙන්නත් පුලුවන් ඔයින් පස්සෙ.
    නියම කතාව සිරා...

    ඩගී සහ එඩී කියන්නෙ එක්කෙනෙක් වෙන්න ඇති. :D

    ReplyDelete
    Replies
    1. මේ වගේ සිදුවීම් අපේ ජන සමාජය ඇතුලෙ අදටත් ඕනෑ තරම් තියෙනවා...වහල්ලු වගේ කිසිම ආර්ථික ලාභයකින් තොරව සේවය කරන මිනිස්සු ඕනෑ තරම් මම දැක තිබෙනවා.

      පද්මිණීට කිසිම දෝෂයක් කියන්න බෑ. තරුණ වයසේ ඉන්න ඇය ආර්ථික අපහසුතා වලින් පෙළෙද්දි කවුරු හරි අත දෙන්න ඇති...ඇය පසුව ඒ අත තදින්ම ග්‍රහණය කරගන්න ඇති.

      ඩගීයි එඩියි....නිවුන් සහෝදරයො දෙන්නෙක්....:D

      Delete
    2. නවරත්න ගෙදරින් යනදා සිදුවූ $*$@ර්ගයෙන් පිලිසිද ගැනීමක් උනානම්, මාස නමයක් බඩේ ඉදල නවරත්න ගෙදර එද්දි, අවුරුද්දයි මාස තුනක විතර ලමයෙකුට කිරි දෙන්නෙ පද්මිනී.
      හෑ ප්‍රසා මොකෝ මේ වැට පැන්නෙ. ..?

      Delete
    3. ඇන්තනිය පස්සෙන් එලෝගෙන ආවනෙ. :D

      Delete
    4. උගෙ තුවක්කුව අතේ තිබ්බෙ නැත්තෙ වෙලාවට...නැත්තං වල් ඌරෙක් කියලා පතබාන්න ඉඩ තිබුනා.

      Delete
  21. හත්තිලවුවට ගහපු කලාබරේ....හැක් :D

    ReplyDelete
    Replies
    1. ඔය වාක්කිය මාත් ඕනෑ තරම් අහලා තියෙනවා...ඒත් තේරුම දන්නෙ නෑනෙ බොලං...බොලා දන්නවද ?

      Delete
  22. ගල් ෂොට් එකක් ඇනගෙන වල් ඌරුමස් කෑල්ලක් කාල ඉන් නැතුව ගියා අල කන්ඩ !!! හරිනෙ ටොපිය දැං … චැහ්

    ReplyDelete
    Replies
    1. අද මොකද පත්තරයො එන්න පරක්කු...ඊයෙ බොක්කට බස්සපුවා වැඩ කලේ පරක්කු වෙලාද....වල්ඌරුමස් බයිට් එකයි මයියොක්කයි කිව්ව ගමන් කී දෙනෙක්ට කටට කෙළ උනන්න ඇද්ද නේද බං....නවරත්නයට හිතෙන්න ඇති අපරාදෙ මම පැනලා ආවෙ කියලා.

      Delete
  23. මම හිතන්නේ දැන් තමය උඔ කථාව ලියන්න පටන් ගන්න ඔිනේ. තව කැල්ලක් ඇමුනුවෙත් කථාවේ රසය වැඩි වෙයි.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඕකනෙ මෙන්ඩිස් අයියා උඹලා එක්ක කරන්න බැරි...සිරා කොලුවට විවේකයක් ගන්න බොලා දෙන්නෙම නෑනෙ....කථාවක් හිතට ආවම ලියලා ඉවරවෙනකං ඉවසුමක් නෑ බොලං...

      Delete
  24. කතාවෙ රසයි කෑමේ රසයි වැඩිකමට කමෙන්ට් එකක්වත් ලියාගන්න බැරිවුනා.අවසානය අපට හිතාගන්න ඉඋතුරු කරල නේද? ඒකත් නරක නෑ,නවරත්නට ආපහු හේනටම යන්න බැරුවයැ.

    ReplyDelete
    Replies
    1. හැලපයියට මේක කියවලා කථාවක් ලියන්න එහෙම මතක් උනේ නැතෙයි...මයියොක්කා සහ ඌරුමස් එක්ක සැට් වීමක් වගේ දෙයක්...නවරත්න ආපහු හේනටම යවනවද කියලා තමයි මමත් මේ කම්පනා කොරමින් ඉන්නෙ.

      Delete
  25. අන්න තැන........... දැන් ඉතින් ටික දොහකින් මේකේ පාට ටු එකත් දාපන් බන් (මම කියන්නේ ඇත්තට වෙච්ච එකම)

    ReplyDelete
    Replies
    1. ඒ කතාව මේ තරම් රසක් නැති වේවි මැලේ. මගෙ මනාපයනම් මෙතනින් ඉවර උනොත් හොදයි.
      දඩමස් එක්ක මඤ්ඤොක්ක කෑල්ලක් කාගෙන හේනෙම ගලක් ගහල මලක් ඇදල ඉන්නෙ නැතුව මොන එහෙකට ආවද මංද ?

      Delete
    2. ඇත්තටම වෙච්ච කාරණේ මම ලිව්වොත් ඒක තාත්වික නෑ කියලා කියවන අති මහත් බහුතරයක් කියාවි....නමුත් එය හැබෑවටම වෙච්ච දෙයක්. ඒ කථාව ලියන්න තමයි මුලින් හිතුවෙ....ඒත් නවරත්න මස් උයන අතරෙදි අවසානය වෙනස් කරන්න මම කම්පනා කොලා.

      Delete
  26. මඤ්ඤොක්කයි,ඌරු මසුයි කිව්වාම පොඩි කතාවක් මතක් වුණා.හෙහේ.
    සමහර විට දාබරේද දන්නේ නැහැ බබාගේ තාත්තා.කතාව හොඳයි සිරෝ.මිනිස්සුන්ගේ ජිවිත ගැන පුදුමත් හිතනවා.

    ReplyDelete
    Replies
    1. ඒ මතක් උනා කිව්ව කථාව බොලාගෙ අඩවියෙ ලිව්වොත් නරකද....කථාවෙ අවසානය කැමති විදියකට හිතාගන්න මම මෙදා පොටේ නිදහස දුන්නා ගොයියො.

      Delete
  27. හපොයි නවරත්නට මොනා හිතෙන්න ඇත්ද ...

    කොහොම වුනත් කතාව නම් අපූරුයි..

    ReplyDelete
    Replies
    1. මොනවා හිතෙන්නද...අපරාදෙ හේනට වෙලා වල් ඌරු මස් කෑල්ලක් කාලා ඉන්නෙ නැතුව ආවා කියලා දුක හිතෙන්න ඇති. අදහසට ස්තූතියි නගෝ...

      Delete
  28. නරකද මේ වගේ ටිකක් කල් දිගටම අරං යන්න පුළුවන් කතාවක් ලිව්වොත්. මම කියන්නේ එක දිගටම නෙවෙයි වෙනත් ලිපි අතරේ වරින්වර ඒ කතාවත් කොටස් වශයෙන් අරං යන්න පුළුවන්නේ. ටිකක් හිතලා බලන්න සිරා.

    ලස්සන කතාවක් මේක.

    ReplyDelete
    Replies
    1. වේලාව තමයි ගැටලුව...නිදහස් මානසික තත්වයක් තියෙන වෙලාවක තමයි මේ වගේ නිර්මාණාත්මක යමක් කරන්න පුලුවන්. ඉදිරියට හැකි තරම් ප්‍රබන්ධ ලියන්න උත්සාහ ගන්නම්... ස්තූතියි විචාරක තුමාගේ අදහසට...

      Delete
  29. වල් ඌරෝ ? ඒ දවස්වල පේරාදෙණිය තිප්පොල ලඟ මනුස්සයෙකුත් වල් ඌරන්ට මදු අටවනවා...

    ReplyDelete
    Replies
    1. වල් ඌරා කියන්නෙ ඉතිං හේන් වලට භෝග විනාශ කරන සතෙක් විදියටනෙ ප්‍රසිද්ධ...ඒ නිසා ගොවීන් බොහොම තරහකින් මේ සතා එක්ක ඉන්න බවක් මට හිතෙන්නෙ. බොලා ඉතිං පේරාදෙණියෙ ඉගෙන ගත්ත කාලෙ ඌරු මස් කෑවෙ නැතෙයි ?

      Delete
  30. විචාරකගේ කතාවට මමත් එකඟයි. එක දිගටම ලිව්වම එපා වෙනවා හරියට මෙගා ටෙලි නාට්ටි වගේ. අනික් ලිපිත් ලියන අතරේ කොටස් දෙක තුනක් යන කතාවක් දැම්මනම් සිරා ම තමයි. :)
    කතාව නම් ඉතා අගෙයි.

    ReplyDelete
    Replies
    1. කාලයකට පස්සෙ ඇපල්...මම පුද්ගලිකව කැමති එවැනි යමක් ලියන්නයි...නමුත් මට ලැබෙන විවේක කාලයේ මද කම තමයි ඉදලා හිටලා එවැන්නක් ලියන්න හේතු වෙලා තියෙන්නෙ.

      අදහසට ස්තූතියි.

      Delete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...