Friday, August 22, 2014

54 අපි නොදන්න Mujahid

නාදුනන කෙනෙක් දුටු පමණින් ඔහු හෝ ඇය කෙරෙහි ලෙංගතු කමක්, හුරු පුරුදු ගතියක් දැනෙනවා නම් ඒ අැත්තන් පෙර සසරක හෝ අප සමග සමීපව සිටි අය බවට විශ්වාසයක් බොහෝ අය අතර තියෙනවා. මේ අත්දැකීම පුද්ගලිකව මමත් කීප වතාවක්ම විද තිබෙන බව මතකයි. අප මේ ගමන් කරනා දිගු සංසාර ගමන් මගේ එක් නවාතැන් පලක ඔබ හා මා දැන් නතර වී සිටියත් මරණෙන් පස්සෙ නැවතත් අපේ ගමන ඇරඹෙනවා. නිවන් දක්නා තුරාවට මේ සංසිද්ධිය සිදු වෙන බවක් තමයි බුදු දහමේ සදහන් වෙන්නෙ.

මැලේසියාවේ මගේ සේවා ස්ථානයට  මම එකතු වෙච්ච අලුතම සෑම කෙනෙක් ලගටම ගිහිල්ලා අතට අත දීලා සුභ උදෑසනක් කියලා ප්‍රාර්ථනා කරන බොහොම ප්‍රියමනාප මැදිවයසේ පාකිස්ථානු ජාතිකයෙක් හිටියා. දැක්ක පළමු වතාවෙම මම කලින් කිව්ව විදියෙ සිතුවිල්ලකින් මගේ හිත පිරුනා. මේ මනුස්සයා මොන තරම් සුන්දර හදවතක් තියෙන කෙනෙක්ද ? මට එහෙම හිතුනා.

ඔහුගෙ මුහුනෙ නිරන්තරයෙන් ඇදෙන අව්‍යාජ සිනහව, ලෙංගතුකම, මගේ සිතුවිල්ලට බණ්ඩි පෝර පාරක් ගැහුවා. කාර්යාලයේ මිතුරන්ගෙන් දැනගත් පරිදි ඔහු අපේ ආයතන ප්‍රධානියගෙ පුද්ගලික රියදුරු තැන. එයාගෙ නම තමයි Alamzeb Mujahid.

කාර්යාලයෙ ඇත්තො ඉතින් නිතරම වගේ නමේ දෙවැනි කොටසින් තමයි ඔහුව ආමන්ත්‍රණය කලේ. සෑම උදෑසනකම කාර්යාලයේ හැමෝටම වගේ ඔවුන් අසලටම ගිහින් සුභ පතලා පසෙක තියෙන සෝෆාවෙ ඉදගෙන ප්‍රධානියාගෙන් යම් කිසි අණක් ලැබෙන තුරු බලා ඉන්න ඔහු හරිම සන්සුන් නිවුනු ගතිගුණ තියෙන කෙනෙක් කියලා මට හිතුන වාර ගනන අපමණයි.

ඔහු සහ මා අතර මාස දෙක තුනක් ගතවෙන තුරාවට සිදුවුනේ මේ ක්‍රියාදාමය පමණයි. නමුත් එක දවසක් රාජකාරි වැඩකට මුජාහිඩ් සහ තවත් කාර්යාලයේ ලාංකික හිතවතෙක් සමග කාර්යාලයෙන් බැහැරට යන්න මට සිදුවුනා. එදා තමයි Alamzeb Mujahid කියන්නෙ කවුද කියලා මා සමග ගිය හිතවතා මට කිව්වෙ. ඒ කථාව ඇසූ සැනින්ම බොරු නොකියා ඉදින් කියලයි මම ඔහුට උත්තර දුන්න‍ෙ. නමුත් අපේ කථා නායකයා හිනා වෙලා...නෑ ඒ කථාව ඇත්තයි කිව්වට පස්සෙ මට ඒ සියල්ල පිළිගන්න සිදු වුනා.

කවුද හැබෑටම Alamzeb Mujahid ? ඔහු පාකිස්ථානයේ අතිශය ජනප්‍රිය වේදිකා සහ ටෙලිනාට්‍ය විකට නළුවෙක්, ඒ වගේම අධ්‍යක්ෂක වරයෙක්. පාකිස්ථානයේ  මුස්ලිම් සමාජය ඇතුලෙ ජන වර්ග කීපයක් ජීවත් වෙනවා නොවැ. එහි බහුතර ජනකොටස පඨාන් යන නමින් තමයි හදුන්වන්නෙ. සුප්‍රක්‍රට ක්‍රිකට් ක්‍රීඩකයන් වන ඉම්රාන් ඛාන්, සහීඩ් අෆ්රීඩි, යුනිස් ඛාන්, ජුනයිඩ් ඛාන් වැනි අය අයත් වන්නේ මේ ජන වර්ගයට. ඔවුන් කථා කරන භාෂාව හදුන්වන්නේ පෂ්ඨෝ (Pashto) කියන නමින්. පෂ්ඨෝ භාෂාව කථා බහ කරන පඨාන් ජනතාව අතර ඉතාම හොද ජනප්‍රියතාවක් දිනූ විකට නළුවා, එහෙමත් නැතිනම් මේ ජනවර්ගයෙන් බිහිවූ අසහාය විකට නළුවා විදියට අදටත් පාකිස්ථානයේ ගරු බුහුමන් ලබන්නේ Alamzeb Mujahid කියලා මට කිව්වෙ අපේ කාර්යාලයේ සේවය කරන තවත් පාකිස්ථානුවෙකු වන ජබීර් අෆ්රීඩි. ඔහුත් පඨාන් ජාතිකයෙක්. 

ජබීර්, ඔයා මුජාහිඩ් ගෙ රසිකයෙක් නෙමෙයිද පාකිස්ථානයෙ ඉන්න කාලෙ, මම වතාවක් ඔහුගෙන් ඇහුවා.

මොකද නැත්තෙ. මම එයාගෙ හොද රසිකයෙක්...මට එයාව මේ ඔෆිස් එකේදි මුලිච්චි උනාම හිතාගන්න බැරි උනා මේ එයාමද කියලා. ජබීර් බොහොම සන්තෝෂයෙන් උත්තර දුන්නා. හරියට ටෙනිසන් කුරේගෙ විකට රගපෑම් නරඹපු ලංකාවෙ කෙනෙක්ට ඔහු සමග එකම කාර්යාලයක වැඩ කරන්න ලැබුනා වගේ චෑන්ස් එකක් ජබීර්ට ලැබිලා තිබුනෙ.

මිනිසුන්ගේ දෛවය කියන්නෙ හරිම පුදුම දෙයක්. අපේ හෙට දවස මොන වගේ වෙයිද කියලා අපට කියන්න බෑ. මොකද අපි නොහිතන දේ සිදුවෙන්න හැකි නිසා. කාලයක් රූපවාහිනියෙන් Alamzeb Mujahid ගෙ විකට රගපෑම් දෙස ආශාවෙන් බලාන හිටිය ජබීර් ගොයියට තමන්ගෙ වීරයා එක්ක කථා බහ කරන්න එක කාර්යාලයක වැඩ කරන්න අවස්ථාව ලැබිලා. පසුකලෙක මුජාහිඩ්  අපේ කාර්යාලයෙන් බැහැරව යන තුරාවට ජබීර් සමගම තමයි කාලය ගත කලේ.

අයියා මල්ලී වාගේ....
ජබීර් වම්පස, මුජාහිඩ් දකුණු පස
සිරා කොලුවගෙ හිතේ දැන් ලොකු කුතුහලයක් ඉපදිලා. ඒ තමයි මේ විකට නළුවට මොකද උනේ කියන කාරණේ. ඒ කථාව විසදගන්න තවත් ටික කාලයක් ගත උනා. ඒ අතරතුර කාලයේ පඨාන් ජනතාව ගැන යම්කිසි ප්‍රාමාණික දැනුමක් මට ලබාදුන්නෙ අපේ ජබීර්. ඔහු කියන විදියට ඒ අයගෙ වර්තමාන වීරයො දෙන්නා ඉම්රාන් ඛාන් සහ සහීඩ් අෆ්රීඩි. පාකිස්ථානයේ වත්මන් පාලකයා වන නවාම් ෂරීෆ් බොහෝ දුෂිත පාලකයෙක් නිසාම රටේ ජන ප්‍රසාදය දිනාගනිමින් සීඝ්‍රයෙන් ඉදිරියට එන නායකයා ඉම්රාන් ඛාන් බවයි ජබීර් නම් කියන්නෙ. මේ වෙද්දි පාකිස්ථානු පාර්ලිමේන්තුවෙ තෙවැනියට වැඩිම මන්ත්‍රී ආසන සංඛ්‍යාව හිමිව තිබෙන්නේ ඉම්රාන්ගෙ පක්ෂයට. බොහෝ විට ඔහු මීළග පාකිස්ථානු අගමැති වරයා බවට පත් වේවි.

පාකිස්ථානුවො ලංකාවට හරිම කැමතියි. රට මොකක්ද කියලා ඇහුවම අපි ශ්‍රී ලංකා කියලා උත්තර දුන්නම ඒ අැත්තො හරිම ඉක්මනින් සුහද වෙනවා. ඔවුන්ට ශ්‍රී ලංකා යනුවෙන් උච්චාරණය කරන්න අමාරුයි. ඔවුන්ගේ උච්චාරනය අනුව අපේ රට සිරි ලංකාව. ලංකාවෙ යුද්ධය අවසන් කරන්න පාකිස්ථානයෙන්  ලැබුනු සහාය ඉතා විශාලයි. ඔවුන් නිපදවපු යුධ අවි වගේම ප්‍රහාරක යානා ගුවන් නියමුවන් පවා ලංකාව වෙනුවෙන් විශාල සේවයක් ඉටු කල බවක් මා අසා තිබෙනවා.

ඒ වගේම ඉන්දියාව සමග පැවැත්වෙන ක්‍රිකට් තරගයකින් අපේ කණ්ඩායම ජය ලැබුවොත් පහුවදාට සුභ පතන්නත් මේ අය අමතක කරන්නෙ නෑ. ලංකාවෙ මුස්ලිම් ජනතාවට වගේ හලාල් ප්‍රශ්න මම ආශ්‍රය කරන පාකිස්ථානුවන්ට නෑ. අපි ලබාදෙන ඕනෑම දෙයක් අනුභව කරන්නෙ මේවා හලාල්ද කියලා අහන්නෙ නැතුවයි. ගිය සතියෙ දවසක මැලේසියාවෙ තියෙන බෞද්ධ පන්සලක දානයක් අවසානයේ අපේ කාර්යාලයේ සේවය කරන ලංකාවෙ අයට ඒ හිමිවරුන් නිර්මාංශ ආහාර වේලක් එවා තිබුනා. ඉතිරි වී තිබූ ආහාර පාර්සලයක් මම ජබීර්ට සහ අලුතින් අපි සමග එක්වුනු අමීර් නැමති තවත් පාකිස්ථානු ජාතිකයෙකුට ලබා දුන්නා. ඔවුන් ඉතාම ආශාවෙන් ලාංකික ක්‍රමයට පිස තිබුන ගොටුකොළ, වැටකොළු, කරවිල ඇතුලු ආහාර රසවින්දෙ.

පොඩි වටවංගුවක් ගහලා ආයෙමත් කථාවට එමු. මුජාහිඩ් සමග නිවී සැනසිල්ලෙ කථා කරන්න සිරා කොලුවට අවස්ථාව ලැබුනෙ පළමු අවස්ථාවෙන් තවත් මාසයක පමණ කාලයක් ගත උනාට පස්සෙ.

ඇත්තටම ඔයාට මොකද උනේ. ජනප්‍රිය නළුවෙකු විදියට ඉදලා අද ඇයි මේ රියදුරෙක් විදියට සේවය කරන්නෙ.

මගේ ප්‍රශ්නය අහලා ඔහු අහිංසක විදියට හිනා වුනා. ඒක තමයි මිනිස්සුන්ගෙ දෛවය කියන්නෙ. ඔහු එහෙම කිව්වා. 

ඉතිං කියන්න ඔයාට මොකද උනේ..මම ආයෙමත් වතාවක් ඔහුව කථාවට උනන්දු කලා.

මම බොහොම ඉහළ ජනප්‍රියත්වයක ඉන්න කාලෙ තලේබාන් සංවිධානය මාව පැහැරගෙන ගියා 2009 දි. ඒ වෙද්දි මම පාකිස්ථානයේ වගේම ඇෆ්ගනිස්ථානයෙත් ජනප්‍රියයි.

තලේබාන් කියන්නෙ අනක් ගුණක් නැති තිරිසන්නු පිරිසක් නිසාම මම මුජාහිඩ්ගෙන් මෙහෙම ඇහුවා.

ඒ අය ඔයාට කරදරයක් කලේ නැද්ද ? ගැහුවෙ නැද්ද ? ශාරීරිකව පීඩා කලේ නැද්ද ? 

අපෝ නෑ...ඒ ඔක්කොම වගේ තරුණ වයසෙ ළමයි. හැමෝම වගේ මගේ රසිකයො. ඒ අය ඉතාම සුහදව කථා කලා. මාව මරන්න නෙමෙයි උස්සගෙන ගිහින් තිබුනෙ. මගේ සල්ලි ගන්න. හැබැයි මේ වගේ පැහැරගැනීමට ලක් වෙච්ච අය නැවත වතාවක් ජීවත් උනේ නම් බොහොම කලාතුරකින්. ඒ ඇත්තො මාව සතියක්ම බලෙන් රදවා ගත්තා.

ඉතිං ඊට පස්සෙ මොකද උනේ ?

මම හම්බකරලා තිබුන දේවලින් භාගයක් තලේබාන්ලා ගත්තා. ඊට පස්සෙ ඉතිරි භාගයයි, බිරිදයි, ළමයි දෙන්නයි එක්ක දේශපාලන රැකවරණ ඉල්ලගෙන මම මැලේසියාවට ආවා. පාකිස්ථානයෙන් එන්න කලින් පුවත්පත් සාකච්ඡාවක් තියලා මගේ අලුත් තීරණය ගැන මගේ රසිකයන්ට දැනුම් දුන්නා. අවුරුදු 20 කට ආසන්න කාලයක් ඒ වෙද්දි මගේ රංගන ජීවිතය තුල ගතවෙලා.

ජීවිතේ බේරගන්න ඕනෙ නිසයි එහෙම කලේ. මොකද ඒ අය මට රගපෑම් නවත්වන්න අණ කලා. දන්න කියන කාලෙ ඉදන් කරපු රගපෑම නැතුව මම වෙන මොනවා කරන්නද පාකිස්ථානයට වෙලා. මගේ ගමන ඒ විදියට නිමා වෙච්ච නිසා තමයි ඔයාට මාව මැලේසියාවෙදි අද හමුවෙන්නෙ.

ඉතිං හම්බ කරපු ඒවායින් භාගයක් ගෙනාවා නම් ඇයි ඔයාට මෙහෙම රැකියාවක් කරන්න උනේ? මම ආයෙමත් ඇහුවා.

ඇත්තටම මම ගෙනාව මුදල් වියදම් කරද්දි මගේ කිසිම සැලසුමක් තිබුනෙ නෑ. ඒ හින්දා සල්ලි ටික ඉක්මනට ඉවර උනා. මම මැලේසියාවට ආව ගමන් BMW කාර් එකක් ගත්තා. නමුත් ටිකෙන් ටික සල්ලි ඉවරවෙලා අපිට කරදර එද්දි මම ඒක විකුණලා දැම්මා.

තමන්ගෙම කියලා BMW කාර් රථයක් පදවපු කෙනා අපේ ආයතන ප්‍රධානියගෙ BMW  වාහනයෙ රියදුරා බවට පත්වෙන්නෙ තවත් ටික කාලයකට පස්සෙ දැනුන අගහිගකම් එක්ක බව දැන් ඔබට වැටහෙනවා.

ඉතිං...කියන්න බලන්න ඔයාගෙ රගපෑම් ගැන. මම ඔහුගෙන් ඇහුවාම මුජාහිඩ් සිරා කොලුවාව රැගෙන කාර්යාලයේ පරිගණකයක් ඉදිරියේ වාඩි උනා. යූ බටේට පිවිසිලා ඔහුගේ නම එහි සදහන් කල පමණින් ඔහුගේ රගපෑම් සහිත විශාල ප්‍රමාණයක වීඩියෝ දර්ශන එහි දර්ශනය උනා. බොරුවක් නෙමෙයි. හොයලා බලන්න.


ඔය හැම එකේම ඉන්නෙ මම..ඔයාම බලන්න මගේ රගපෑම් හොදද කියලා. මම වේදිකා නාට්‍ය වල වගේම රූපවාහිනී විකට නාටක වලත් රගපෑවා...මම හිතන්නෙ වේදිකා නාට්‍ය 200 කට පමණ කිට්ටුව රගපාලා ඇති. මේ තියෙන්නෙ මම අන්තිමටම රගපාපු රූපවාහිනී නාට්‍ය. මේ ඉන්නෙ පාකිස්ථානයේ ඉන්න ජනප්‍රිය නිළියක්. ඔහු විවිධ දේ මට පැහැදිලි කරමින් ඔහුගේ රගපෑම් දෙස මා සමග බලා සිටියා. ඇත්ත වශයෙන්ම මුජාහිඩ් කදිම හැකියාවක් ඇති ඉතාම දක්ෂ නළුවෙක්. ඔවුන්ගේ භාෂාව අපට වැටහුනේ නැති වුවත්, ඔහුගේ අභිනයන් ඔහුගේ හැකියාවන් ගැන යම්කිසි ඉගියක් අපට ලබා දෙනවා.


Alamzeb Mujahid කියන්නෙත් පඨාන් ජාතිකයෙක් නිසාම ජබීර් කියපු විදියට පඨාන් වරුන්ගෙ වර්තමාන වීරයන් ගැන මට සිහිපත් උනා.

සහීඩ් අෆ්රීඩි එහෙම මුණගැහිලා නැද්ද ?  

සහීඩ් අෆ්රීඩි කියන්නෙ මගේ හොදම යාලුවෙක්. අපි පාකිස්ථානයෙදි බොහෝ  වාර ගනනක් මුණ ගැහිලා තියෙනවා. 

ඔයා මොනවද ඉස්සරහට කරන්න හිතාගෙන ඉන්නෙ ? මැලේසියාවෙ ඉදන් රගපාන්න ඔයාට බැරිද ?

මම දැන් දේශපාලන රැකවරණ ඉල්ලලා තියෙන්නෙ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන්. මම ඇමරිකාවට යන්න තමයි ගොඩාක් කැමැත්තෙන් ඉන්නෙ. එහෙ ගියොත් කාර්මික ශිල්පියෙක් විදියට හරි සිනමාවට සම්බන්ධ වෙන්න උත්සාහයක් ගන්නවා. මුජාහිඩ් බොහොම සන්සුන්ව කිව්වා.

ඇත්තෙන්ම පාකිස්ථානයට වර්තමානයේ ලබා තියෙන කලා දසාව බොහොම නරක එකක්. තලේබාන් සටන්කරුවන්ගෙ වගේම වෙනත් ත්‍රස්තවාදී කල්ලි වල තිප්පොලක් බවට පත්වෙලා තියෙන නිසාම පාකිස්ථානයේ ආරක්ෂාව අද හොදටම පිරිහිලා. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර වලින් වගේම වෙනත් ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් සාමාන්‍ය ජනතාව නිතරම මිය යනවා. සංචාරකයන් ලෙස කිසිවෙක් අද පාකිස්ථානයේ සංචාරය නොකරන තරම්. කාලයකට පෙර ලංකාවෙ ජාතික ක්‍රිකට් කණ්ඩායමට පාකිස්ථානයෙදි එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයත් ඔබට අමතක නෑ.

මේ හේතු නිසාම තමන්ගෙ රටේ නිදහසේ ඉන්න බැරි නිසා ඉතාම බහුතර පාකිස්ථානුවන් පිරිසක් මැලේසියාවට සංක්‍රමණය වී සිටිනවා. ඒ අය අද මැලේසියාවෙ නිරතවෙන්නෙ පාකිස්ථානයෙදි ඔවුන් නියැලුනු රැකියාවට සම්පූර්ණයෙන්ම පරිභාහිර දේවල් වල.

අපේ කාර්යාලය කිට්ටුව තියෙන සෙනසුරාදා පොලේ රෙදි කඩයක් කරන පාකිස්ථාන සිවිල් ඉංජිනේරුවෙක් වතාවක් මට මුලිච්චි උනා. ඒ වගේම අපේ කාර්යාලයේ මුද්‍රණ කටයුතු ඉටු කරලා දෙන රෂීඩ් පාකිස්ථානයෙදි හෝමියෝපති වෛද්‍යවරයෙක් ලෙස කටයුතු කල කෙනෙක්. නළුවෙක් අධ්‍යක්ෂක වරයෙක් ලෙස කටයුතු කරපු මුජාහිඩ් දැන් රියදුරෙක්.

මෙහි සටහන් කරපු කථා බහෙන් පස්සෙ මුජාහිඩ් සහ සිරා කොලුවා අතර බොහොම ශක්තිමත් බැදීමක් ඇති උනා. සංචාරක ක්ෂේත්‍රයට අදාළව මැලේසියාවේදී වසරකට දෙවරක් පැවැත්වෙන දැවැන්තම ප්‍රදර්ශනය වන MATTA FAIR (Malaysian Association of Tours & Travel Agents) සදහා මගේ ආයතනය සහභාගි වන නිසා ඒ ගමන් බිමන් බොහොමයක් සදහා අපට සහාය වුනේ මුජාහිඩ්. ප්‍රදර්ශනය පැවැත්වෙන කාල වකවානුවෙදි එක පවුලක උන් වගෙයි අපි ඉන්නෙ. රටවල් කීපයකට අයත් පිරිස අපේ කාර්යාලයේ සේවය කලත්, ජාතිභේද, ආගම් භේද අපට නෑ.

මේ හැගීම තවත් ශක්තිමත් වෙන්නෙ ප්‍රදර්ශනය පැවැත්වෙන දින 3 පුරාවටම, ප්‍රදර්ශනයෙ කටයුතු අවසන් වූ පසු රාත්‍රී භෝජනය සදහා සියල්ලෝම එකාවන්ව සහභාගි වන වටපිටාව තුල. ආයතනය විසින් බරපැන දරන මේ අවස්ථාවට බියර් බෝතල් කීපයකුත් ලැබෙනවා. මුජාහිඩ් අප සමග හිටිය කාලෙ මේ බියර් අපේ වීදුරු වලට වත්කලේ ඔහු විසින්. ඔහු ඒ සදහා අනුගමනය කල ක්‍රමයත් ඔහුටම ආවේණික ක්‍රමයක්.



තමන්ගෙ අක්කා සහ ඇයගේ සැමියා සමග වෙසෙන ජබීර් බියර් බොන්න ගොඩාක් කැමතියි. ඒ උනාට ගෙදර අයගෙන් බැනුම් අහන්න වෙන නිසා ඒ කාරියට හරිම භයයි. බහුතර මුස්ලිම් ජාතිකයන් මත්පැන් පානය නොකරන පිරිසක් නිසාම ජබීර්, අක්කාගේ දෝෂාරෝපණයට ලක් වෙනවා ඇති. එහෙත් තමන්ගෙ වීරයා වීදුරුවකට වත් කරලා බියර් වීදුරුවක් දෙනකොට ජබීර් කොහොම නම් එපා කියන්නද ? මිනිහා වීදුරු දෙකක් පමණ පානය කරද්දි සර්වාංගයම රතුවෙලා කරටිය පාත් වෙනවා. ඊට පස්සෙ ජබීර් තමාට තමා පාලනය නැති ජීවියෙක්. මෙහෙම දවසක තමයි මගේ ඇග පුරා කෑම පිගානක් හැලුවෙ. එදායින් පස්සෙ මම මිනිහා ලග අසුන් ගන්නෙ නෑ.

මේ සියලු තැන් වල තමාට සහජයෙන් ලැබුන කවට කමෙන් අප පිනවන්න මුජාහිඩ් අමතක කළේ නෑ. ඔහුගේ අභිනයන් අපේ මුහුණු වලට නිතරම සිනහව කැන්දගෙන ආවා.

ගිය වසරෙ අග භාගයේ දවසක ලංකාවෙ පුද්ගලික රූපවාහිනී නාලිකාවක කණ්ඩායමක් මැලේසියාව පිළිබද වාර්තා වැඩසටහනක් කරන්න මෙහි පැමිණියා. එදා ඔවුන් එහි සමහර කොටස් රූගත කලේ අපේ කාර්යාලය තුලදි. මේ කටයුතු සිදු වෙද්දි  පසෙක සිට ඒ දෙස උපේක්ෂාවෙන් බලාන උන්නෙ මුජාහිඩ්. ඉස්සර දවසක කැමරාවක් ඉදිරියේ රගපෑම් කල ඒ අතීතය ඔහුට සිහිපත් වෙන්න ඇති. නිතරම සිනහවෙන් හිටිය මේ මිනිසාගේ හදවත මේ දර්ශනය දැකීමෙන් දුක්බර වෙලා. ඔහු හැගීම් දැනෙන්නෙ නැති මිනිහෙක් වගේ මේ කාරිය දිහා බලාන උන්නා. මුජාහිඩ්ගෙ අතීතය දන්නා කෙනෙක් විදියට ඒ අවස්ථාවේ මගේ හිතටත් සෑහෙන තරමේ බරක් දැනුනා. ඒ ඔහු සහ මා අතර තියෙන මිත්‍රත්වයටත් වඩා මනුස්ස කම නිසා වෙන්න ඇති.

ඔබ මෙන්ම මමත් සමහර විටෙක අපගේ උගත්කම, රැකියාව, සමාජ තත්වය මත අන් අය පහත් කොට සළකන, එහෙමත් නැතිනං උද්දච්චකමෙන් ජීවත් වන, කෙනෙක් වෙන්න පුලුවන්. නමුත් මේ සියලු දේ අප ජීවත්වන කෙටි කාලයකට පමණයි. ලෝකයේ පැවැත්ම, එය බිහිවූ පසු ගත වී තිබෙන කාලයට සාපේක්ෂව බැලුවාම මිනිසෙකුගේ වයස එයින් දශමයක්වත් නැති බව ඔබට වැටහේවි. නමුත් බහුතරයක් අය හිතාන ඉන්නෙ ඔවුන් බොහෝ කල් ජීවත් වන බවක්. කිසි දිනෙක නොමැරෙන බවක්, මේ කියපු කාරණා නොදන්නවා වාගේ, ගහමරා ගෙන, බෙලි කපාගෙන ජිවත් වීමෙන් ඇති ඵලක් නෑ නේද ? අද සටහන අවසන් කරන්න යද්දි මට මතක් වුනේ මෙන්න මේ ගීතය. එය කෙතරම් පැරණි වුවත් වර්තමානයටත් වලංගුයි. එහෙමයි මට හිතුනෙ.

සංසාරේ භවේ දුකා...සිරි සෑසි දෙසූ ලෙසේ...
දුක සැප දෙක නිති පෙරලේ රිය සක ලෙස ලෝ කුහරේ..
අද මාවත යන දුගියා... හෙට ලොව අග රජ වෙනවා...
කළ කර්මය පල දෙනවා...රජු මවත බැස යනවා..
නව ද්වාරයෙනි ගලනා වු ඕජස්... මේ කුණු සිරුරා...
මහ පොලවට පස් වෙනවා...සේ ඊර්ෂ්‍යා මාන ලොවේ...



මම කාමරේ අරින සිරා කොලුවා.


ප.ලි

විකිපීඩියාව මුජාහිඩ් පිළිබද කියන දේ මෙතැනින්.‍

පසු කලෙක මුජාහිඩ් අපේ ආයතනයෙන් සමුගෙන වෙනත් තැනක සේවයට එකතු වුවත් එදා තිබූ ලෙංගතු කම තවමත් එලෙසමය. හදිසියේ හෝ මහමග හමුවූ විටෙක නැවතී වචනයක් දෙකක් කථා කරන්නට ඔහුට ඇති තරම් වේලාව තිබේ.

මැලේසියාවේ වෙසෙන පාකිස්ථානු ජනතාවගෙන්ද ඔහුට ලැබෙන්නේ උණුසුම් ප්‍රතිචාර...ආහාර වේලක් ලබා ගන්න ආපන ශාලාවකට ගියත් ඔහුගේ බිල ගෙවන්න රසිකයො පොර කනවලු. ඔහු සමග ඡායාරූප ගන්න, කථාබහ කරන්න ඒ අය හරිම මනාපලු.



54 comments:

  1. මුලින් තියන කතාවට සම්පූර්ණයෙන් එකඟ යි. මම එක!

    ReplyDelete
  2. ජිවිතේ කියන්නේ මහාම මහා අමුතු දෙයක් අයියේ

    ReplyDelete
    Replies
    1. ඇත්ත වශයෙන්ම නිර්වචනයක් දෙන්න බැරි දෙයක්.

      Delete
  3. සටහන බොහොම සංවේදී කරලා සිරාගේ ලිවීමේ රටාවෙන් . ජීවිතේ අපි හිතැන ලෙසටම සරල රේඛාවක සංසුන් ලෙසට ගමන් කරන්නේ නෑ. සමහර පීඩාවන් එන්නේ හිතාගන්නත් බැරි විදිහට . අන්තිමට හිතන්න වෙන්නේ ජීවිතේ කියන්නේ ඕක තමයි කියලා .

    ReplyDelete
    Replies
    1. ඔය මොන බාධාව ආවත් ජීවිතය ජිවත් කරන මිනිහා තමයි දිනුම්. කරදර බාධක හමුවේ ජීවිතයෙන් පලා යන මිනිහා ආත්ම විශ්වාසයක් නැති කෙනෙක් විදියට සමාජය පිළිගන්නෙ.

      Delete
  4. මොකක්ද මෙකට කියන්නෙ.ත්‍රස්ථවාදින් විසින් විමුක්තිය ලබාදෙනවායි කියන මිනිස්සුම තමයි එ ත්‍රස්ථවාදෙන් වැඩියෙන්ම දුක් විදින්නෙ.ලන්කාවෙ දෙමල මිනිහත් අනිත් රටවල මුස්ලිම් මිනිහටත් වෙලාතියෙන්නෙ ඔක.

    ReplyDelete
    Replies
    1. ත්‍රස්තවාදයෙන් විමුක්තිය ලැබූ කිසිවෙකු නෑ නේද....තම තමන්ගේ සැගවුනු න්‍යාය පත්‍ර ගොඩදාගන්න තමයි හැම ත්‍රස්තයාටම උවමනා.

      Delete
  5. මොක වුනත් සහජීවනය තමා වැදගත්..

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ උන් එක්ක බෑ බං..මෙහෙ උන් එක්ක නම් සහජීවනය පුලුවන්...

      Delete
    2. ඇයි ලන්කාවෙ උන්ට මොනවා උනාටද?

      Delete
    3. ඒක මෙහෙමනෙ වෙන්නෙ ඇනෝ මිත්‍රයා... ක්‍රිස්තියානි හෝ බෞද්ධ හෝ සිංහල ජනතාවට විතරක් සහජීවන උවමනාව තිබිලා වැඩක් නෑනෙ...අනෙක් සුළු ජාතීන්ට ඒ උවමනාව නැතිනම්...බලන්න යුද්ධයෙන් පස්සෙ උතුරෙ යටිතල පහසුකම් ඇති කරලා ජනතාවගේ සුභ සිද්ධිය ඇති කලා පවතින රජය...නමුත් ඒ පළාත් වල පැවැත්වුන ඡන්දයෙන් රජයට ලැබුනෙ ඡන්ද කීයද..බෙදුම්වාදී අදහස් දරන දෙමළ පක්ෂයක් තමයි දෙමළ ජනතාවට කිසිවක් නොකලා උනාට ඡන්ද ටික ඩැහැගත්තෙ. මුස්ලිම් ප්‍රජාවගේ හැසිරීම ගැන කියන්න දෙයක් නෑනෙ.

      Delete
  6. හෙට Exam නිසා දිග කමන්ටුවක් පසුවට.

    ReplyDelete
    Replies
    1. අඩෝ පිටෝන් exam එකක්ද

      Delete
    2. Exam එකට එලද බ්‍රා එහෙනං...

      Delete
  7. සිරා අය්යෙ පාකිස්තානෙ නිළියන්ට සංගීත කාරියන්ට විතරයි අපල කියල මං හිතං හිටියෙ..
    පිරිමිඅයටත් ඒ වගෙ නෙව.. හය්යෝ..
    කොයිතරං වටින ජීවිතද මේ නාස්ති වෙන්නෙ...

    අපරාදෙ මනුස්සය ඔයාලගෙ ඔපිසියෙන් ගිහින් තියෙන්නෙ..
    මං කියන්න හිටියෙ මලාලකා යූසුෆ්සායි ගැන ඒ ගොල්ලො මොනවද හිතන්නෙ කියල අහල පුලුවං නං පොස්ටුවක් කොටන්න කියල..
    ඒකත් හබක්

    ReplyDelete
    Replies
    1. මලාලකා යූසුෆ්සායි///
      මලාලාකා නෙවී..
      මලාලා විදියට නවැරදි වෙන්න ඕන...

      Delete
    2. ඔය තලේබාන් කියන සංවිධානය බොහොම දැඩිමතධාරී පිරිසක් නොවැ. බාමියන් බුද්ධ ප්‍රතිමා විනාශ කලෙත් ඔය හැතිකරේ කියලා මතක ඇතිනෙ. කාන්තාවන් අධ්‍යාපනය ලැබීමට පවා උන් විරුද්ධයි. ඒ වගේම සංගීතය ඇතුලු කලා කෘති වලටත් වැඩි කැමැත්තක් නෑ.

      Delete
  8. උඹටත් බං පුදුමාකාර චරිත නෙව හමු වෙන්නේ... දවසක ඇමරිකාවේදි හොලිවුඩ් වලදි හමුවෙමු කියල මුජහිඩ් ට කියහං.. මාත් සුභ පතනවා බීඑම්ඩබ් එකක් ආයි අතට ගන්න වාසනාව ලැබේවා කියලා..

    ReplyDelete
    Replies
    1. ඇත්ත වශයෙන්ම අපූරු මිනිස්සු මුලිච්චි වූ අවස්ථා බොහොමයි. ඒ වගේ වෙලාවක වචනයක් දෙකක් හරි කථා කරලා ඒ චරිතය ගැන යම් කිසි දැනුවත් භාවයක් ලබන්න මම බොහොම මනාපයි. ස්තූතියි ප්‍රාර්ථනාවට...

      Delete
  9. අපේ බොහෝ ‍දෙනෙක් හිතාගෙන ඉන්නෙ තමන්ගෙ තත්වය දිගටම රැඳිල තියෙයි කියල. නමුත් කාට උනත් ඔය තත්වෙ ඇතිවෙන්න පුලුවං. ඒක තේරුම් අරන් හිටපු හින්ද වෙන්නැති මුජාහිඩ් සැහැල්ලුවෙන් ජීවත් වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. අපි කථාවට කියන්නෙ පොළොවෙ පය ගහලා ජීවත් වෙනවා කියලා...එතකොට මේ වගේ කරදර ජීවිතයට අාවත් උපේක්ෂාවෙන් විද දරා ගන්න හැකියාව ලැබෙනවා.

      Delete
  10. පකිස්ථානුවො ඉන්දියාව එක්ක විරසක තරමටම ලංකාවත් එක්ක හිතවත්.. අඩුම ගානෙ ඉම් රාන් ඛාන්ටවත් පකිස්ථානෙ ගොඩ ගන්න පුළුවන් වුනොත් මුජහිඩ්ටලට තමන්ගෙම රටේ නම්බු පිට ජීවත් වෙන්න ලැබෙන දවසක් එයි..

    මුජහිඩ්ට අපි සුබ පැතුවා කියහන් !

    ReplyDelete
    Replies
    1. ඉම්රාන් ඛාන් යන ගමන හොදයි කියලා බහුතරයක් පාකිස්ථානුවො පිළිගන්නවා. ඒ ඇත්තන්ගෙ රටේ වර්තමානයේ තිබෙන තත්වය නම් සැබවින්ම ඛේදවාචකයක්.
      ස්තූතියි සෙන්නා !

      Delete
  11. ත්‍රස්ථවාදය අහිමි කරන දේවල් වල නිමක් නෑ.

    කොහොම උනත් මුජහිඩ්ලා ඇතුළු ත්‍රස්ථවාදය නිසා අසරණ වූ සියළු දෙනාට නැවත සැනසීම ලැබේවා කියලා පතනවා!!

    ReplyDelete
    Replies
    1. ඇමරිකාවෙ අත පෙවීම් නිසාත් පාකිස්ථානය බොහෝ දුරට පීඩාවට පත් වෙලා තිබෙනවා. ඔවුන්ට ස්වාධීනව කටයුතු කරන්න නොහැකි තත්වයක් උදාවෙලා තිබුනා. විශේෂයෙන්ම මෙයට පෙර අගමැති ෆර්වේස් මුෂාරෆ් හිටිය කාලෙ.

      Delete
  12. ත්‍රස්තවාදය කොයි නමින් ආවත් ත්‍රස්තවාදයමයි … !!!

    ReplyDelete
    Replies
    1. ත්‍රස්තවාදය විමුක්තිය ගේන්න සටන් කරන බව කිව්වට...ලබාගත් විමුක්තියක් නෑ.

      Delete
  13. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. දුක් වෙන්නනම් අපිට මේ රටේ සිරෝ මොන තරම් කතා ගොන්නක් තියෙනවද ?...
      උබ මුජයිඩින් කිව්වම මම හිතුවේ මෙන්න මෙයා ගැන කියලා

      Delete
    2. අඩේ Dato කෙනෙක් නේද....ඔය ලින්කුවෙ ඉන්න මිනිස්සුන්ට වඩා කොච්චර අහිංසකයෙක්ද අප්පා අපේ මුජහිඩ්...

      කථා ගොන්නක් තියෙනවා කිව්වට බොලා ලියන්නෙ නැති එකනෙ අවුල...දැන් කාම පැයත් අහිමිද ?

      Delete
  14. පව් දෙයියනේ. මලේ හැබැයි උඹ මුජා එක්ක එකට ඉඳලා ෆොටෝ එකක් ගත්තා නම් තමා මරු. ඔය වගේ චරිත මේ හිටියා මේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත වශයෙන්ම හිත හොද, මනුස්ස කම හිත පුරාම තියෙන මිනිහෙක් මුජාහිඩ් කියන්නෙ. ඔහුගේ කරදර කාලය අවසන් වෙලා පෙර වගේ සතුටින් ජීවත් වෙන්න පුලුවන් වාතාවරණයක් අැතිවෙනවා නම් කෙතරම් සතුටක්ද ?

      මම සහ ඔහු පෙනී සිටින ඡායාරූපයක් ඔබට මූණුපොතෙන් එව්වා.

      Delete
  15. බඹරේ වැල්ලේ ගැහුවත් කැරකෙන කාල්කුත් තියෙනවා. ඒකේ අනිත් පැත්ත විස්තර කරන්න ගන්න උපමාව මතක් වෙන්නේ නෑ.

    අන්න ඒක තමයි යාලුවට වෙලා තියෙන්නේ.

    ඒ වගේම පාකිස්තානය කිව්වාම ලංකාවේ රේගුවට නම් මතක් වෙන්නෙම මත්ද්‍රව්‍ය.

    ReplyDelete
    Replies
    1. ඒකේ අනිත් පැත්ත විස්තර කරන්න ගන්න උපමාව මතක් වෙන්නේ නෑ.
      "හෑරුවොත් ගෙම්බෝ "

      Delete
    2. ඇත්ත. හැම කෙනෙක්ටම ජීවිතේ නරක කාල උදාවෙනවා. ඒ කාලෙට මානසිකව වැටෙන්නෙ නැතුව තමන්ගෙ වැරදි හදුනාගෙන වැඩ කරලා ජීවිතයේ සුභ කාලය නැවත් උදාකර ගත් අය ඕනෑ තරම් ඉන්නවා. පාකිස්ථානය කිව්වොත් ඉතිං මත්ද්‍රව්‍ය වලට නම් දරා තිබෙන බව ඇත්තයි. කටුනායක ගුවන්තොටුපලේදි කෙතරම් පාකිස්ථානු ජාතිකයන් පිරිසක් නීතියට හසු වෙනවද මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන.

      වලක් හෑරුවොත් ගෙම්බො වගේම ගහකට නැග්ගොත් දෙබලක් කියන කියමනත් මම හිතන්නෙ ගැලපේවි.

      Delete
    3. මම නම් කැමතියි බං ගහකට නැග්ගාම දෙබලක් තියෙන එකට. හිතලා බලපං පොල් ගහකට බඩගානකොට අතර මග දෙබලක් තිබ්බොත් කොච්චර ආතල්ද කියලා. මම නම් කකුල් දෙක දෙපැත්තට දාලා දෙබලේ ඉඳගෙන රෙස්ට් එකක් හෙම අරං තමයි යන්නේ.

      Delete
    4. සමහර විට දෙබල තරණය කරගෙන ගහේ කරටියට යන්න අපහසු නිසා වෙන්න ඇති එවැනි කියමනක් තියෙන්නෙ. දෙබලෙ බෙණ එහෙම තිබුනොත්, නාග චම්පා එහෙම හිටියොත් රැස්ට් එක නැගලම යයි....

      Delete
  16. අපූරු මිනිසෙක් මුණගැසී ඇති හැඩයි...

    ත්‍රස්ත්‍රවාදයෙන් අපට ලැබෙන්නේ අහිමිවීම පමණයි...

    ජ ය වේ වා !!!!

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ඔහු ඉතාම අපූරු මිනිසෙක්. ත්‍රස්තවාදයෙන් යහපත් දෙයක් දිනූ කිසිවෙක් නැති බව තමයි මට හිතෙන්නේ.

      Delete
  17. ජීවන ගමනේදි අපි කොයි තරම් නම් දේවල් පහු කරගෙන යනවද.. මනුෂ්‍යත්වයෙන් ජීවිතයට මුහුණ දෙන්න පුළුවන් නම් ඒක තමයි වටින්නේ..

    ReplyDelete
    Replies
    1. ජීවිතය ජීවත් කරවීමත්...ඒ ගමන අවසාන වන දිනයක් දක්වාම මනුෂ්‍ය කමට තමා අතහැර පලා යන්නට ඉඩ නොදීමත් ඉතාමත්ම වැදගත් කාරණා..

      Delete
  18. ත්‍රස්ථවාද අපිට දේවල් හිමි කරනවට වැඩිය අපි කැමතිම දේවල් අහිමි කරනවා..

    ReplyDelete
    Replies
    1. අමූලික ඇත්ත මලයො...අපේ රටේ අතීතය ගත්තම රටට වැඩදායී පුරවැසියො කී දෙනෙක් අපට නැති උනාද...

      Delete
  19. මට එකපාරට හිතට ආවේ මුස්ලිම් අය බොන්නේ නෑ නේද කියන ඒක්.

    ඔය වගේ ප්‍රසිද්ධ වෙලා හිටපු කෙනෙක් මේ වගේ තත්වෙකට වැටුනාම ඇතිවෙන හැඟීම කොහොම ඇද්ද? අපිට නම් හිතාගන්ටත් බැරුව ඇති.

    ReplyDelete
    Replies
    1. ප්‍රසිද්ධ වෙලා හිටියත් පොළවෙ පය ගහලා හිටිය කෙනෙක්ට මෙහෙම යමක් උනාට ලොකු ගැටලුවක් නෑ. හිත තමයි ගොඩාක්ම කම්පාවට පත් වෙන්නෙ. යම් තරමකට එය දමනය කර තිබූ කෙනෙකුට සහනයක් තියෙනවා.

      Delete
  20. //බියර් අපේ වීදුරු වලට වත්කලේ ඔහු විසින්. ඔහු ඒ සදහා අනුගමනය කල ක්‍රමයත් ඔහුටම ආවේණික ක්‍රමයක්.//

    ඔහොම කලාම පෙණ අඩුයි. වැඩි ප්‍රමාණයක් බියර් වීදුරුවෙ එතකොට

    ReplyDelete
    Replies
    1. බියර් දාන්න ඕන නියම ක්‍රමය ඒක තමා.. නැද්ද ප්‍රා..

      Delete
    2. @D, මං දාන්නෙ එහෙමයි. ඒත් සමහරු පෙණ ( a head ) තියනවට කැමතියි.
      බාටෙන්ඩර්කෙනෙකු නම් හරිගානට ඒක කරන්න වෙනව නැත්නම් කස්ටමර්ල බනිනව නේ වංචා කරනව කියල

      Delete
    3. මම දන්නවා වස්තුවෙ....එහෙම කලාම පෙණ අඩුයි කියලා...ඕවා ඉතින් මේ ලියමන අස්සෙ කිව්වම ඔය දේශකයා වගේ අය අපිට බේබද්දා කියලා කියනවා නොවැ...ඒ නිසා ඒවා නොකිව්වෙ....පෙණ හොදට එන්න බියර් වීදුරුවට දැම්මම බඩට දැනෙන අපහසුතාව අඩුයි....මධ්‍යසාරයේ සැර යම් තරමකට පිටවෙලා තියෙන නිසා....නමුත් පෙණ නැතුව බිව්වම තමයි බියර් එකේ කික් එක එන්නෙ. බියර් බෝතලයේ මූඩියට පහලින් පොඩි ගැට්ටක් තියෙන්නෙ....ඒ ගැට්ට වීදුරුවෙ කටට තියලා නමන්න තමයි තියෙන්නෙ.

      Delete
    4. වීදුරුවට පෙන පිරෙන්න දාල, සුරූස් ගාල පෙන ටික බොනකොට ම්...ම්...

      Delete
  21. අලුත් බොගක්ද...සුභ පැතුම් මිත්‍රයා අත අරින්නෙ නැතුව ලියාන යමං....

    ReplyDelete
  22. මට මේ ලිපිය මග ඇරුනෙ කොහොමද? පකිස්ථාන් මිනිස්සු ත්‍රස්තවාදය නිසා අපා දුකක් විදිනව කියල අහල තිබුනත්, මේ තරම් ජනප්‍රිය නලුවෙකුටත් ජීවත්වෙන්න බැරි තත්වයක් තිබෙන බවනම් දැන දැනගත්තෙ මේ ලිපියෙනුයි.

    ReplyDelete
  23. සිරා.....මටත් උනා මෙ වගේම සීන් එකක්...ඩවසක් මම උදේ ඔෆිස් එකට යන කොට ඉන්නව පොරක්...මම පොඩ්ඩක් බෑලුව .....මට හිතා ගන්නවත් බෑරි උනා...මෙන්න බොලේ අපේ රටෙ ඉන්න සුපිරි නලුවෙක්....මම නම නම් කියන්නෙ නෑ... ඒ වගෙම ෆිල්ම් නිශ්පාදකයෙක්...මම ඈහුව ඈයි අයිය මෙහෙ කියල...එයා කියනව එයා ලොකු අමරුවක වෑටුනලු..ෆිල්ම් එකක් හදල...රටටම ණය වෙල...ගෙවල් වාහන ඉඩ කඩම් ඔක්කොම නෑති වෙල...මට මාර අප්සෙට් පොරගෙ කතාව අහල....පස්සෙ අපේ කම්පෑනි සයිට් එකක වෑඩ කරා..මම දන්නව පොරට ඒව කරන්න බෑ කියල..එත් මොනව කරන්නද...පස්සෙ අස් වෙලා ගියා....

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...