අහෝ ලංකාවේ ගීතය වර්තමානයේ මේ යැයි දැන හදුනාගතිමි. සතියකට එක් දිනක් හැර ඉතිරි සියලු දින වල එහි 90% පමණ ප්‍රචාරය වන්නේ තමා හැර ගියා යැයි කියන පෙම්වතියක වෙනුවෙන් ගයනා ප්‍රේම වැලපිලි හෙවත් හුදු ප්‍රේම අදෝනා වර්ගයේ ගීතය. මේවායේ පද රචනාවේ හෝ සංගීතයේ හෝ කිසිම ගතයුත්තක් නැත. ඒවා ලියා තිබෙන්නේ සිංහල සාහිත්‍ය පිළිබද මෙලෝ සංසාරයක දැනුමක් තියෙන උන් නොවන බව ගීතයේ පද පේලි දෙක තුනක් ශ්‍රවනය කල පසු මනාව වැටහෙයි.
ලංකාවේ බහුතරයක් ඉල්ලන රස මෙය නොවෙතත් අප මත බලෙන් පටවා ඇති මේ රස කුමක්ද ? අප වර්තමානයේද රස කරමින් අසන 70 , 80 දශකයේ ගීත ගගුල සිදී ගියේ මක්නිසාද...මේ ලිපියෙන් යම්තාක් දුරකට මේ කාරණා පිළිබද කථිකාවක් මගේ හැකියාවේ තරමට ඇති කරන්නට මම කැමැත්තෙමි.
70 දශකය සිරි ලංකාවේ සකලවිද කලාවේ ස්වර්ණමය යුගය ලෙස බොහෝ ප්‍රසිද්ධ අදහසක් වෙයි. සිනමාව, සංගීතය, නාට්‍ය කලාව මෙන්ම නර්තනයටද මේ කාරණාව එක සේ වලංගු බව තතු දත් අය පවසති. එතැන් සිට දශක හතරකටත් වඩා දුර ගෙවා ඇති අප අද සිටින්නේ කොතැනද ? එදා තිබූ දියුණුව අද අප අත්කරගෙන නැතිද ?
වෙනත් අයෙකු සතුව වෙනත් අදහසක් තිබෙන්නට හැකිය. නමුත් මගේ අදහස් මෙබදුය. පෙර කියූ විවිධ කලා භාවිතයන් අතරින් ගීතය, සංගීතය යන්නට මේ සටහන ලඝු කලහොත් වර්තමානයේ ඒ තුල ඇතිවී තිබෙන රස මොට වීමට මා දකිනා හේතූන් මම මෙහි සංශිප්තව සටහන් කරමි.
70 දශකයේදී ලංකාවේ සරළ ගීතය දික්විජය කර සිටි අමරදේව, හරූන් ලන්ත්‍රා, සී.ටී. ප්‍රනාන්දු, එච්.ආර් ජෝතිපාල, මොහිදින් බෙග්, ධර්මදාස වල්පොල, ඇම්.ඇස් ප්‍රනාන්දු, ෂෙල්ටන් පෙරේරා, මිල්ටන් පෙරේරා, සිසිර සේනාරත්න, වික්ටර් රත්නායක, මිල්ටන් මල්ලවආරච්චි, නන්දා මාලනී, ලතා, ඇන්ජලින්, සුජාතා වැනි මහා චරිත මෙන්ම ඒ කාලය වන විට ක්ෂේත්‍රයට පැමිණ සිටි සනත් නන්දසිරි, දයාරත්න රණතුංග, මර්වින් පෙරේරා, ටී එම් ජයරත්න, සෝමතිලක ජයමහ, අබේවර්ධන බාලසූරිය, ග්‍රේෂන් ආනන්ද මෙන්ම 80 දශකයේදී ප්‍රසිද්ධ වේදිකාවට පැමිණි එඩ්වඩ් ජයකොඩි, අමරසිරි පීරිස්, රූකාන්ත ගුණතිලක, වැන්නන් නව පරපුරට නිසි මග පෙන්වන්නට කටයුතු කලේ නැතිද ? විටෙක මට සිතෙයි.
ලංකාවේ ගුවන් විදුලි මාධ්‍ය තුල ශ්‍රී ලංකා ගුවන් විදුලිය පමණක් තිබූ සමයේ සහන නිවේදකයකු බදවා ගැනීමට පවා බොහෝ සේ සංකීර්ණ සම්මූඛ පරීක්ෂණ වට තුන හතරක් පසු කර යන්නට ඔහුට හෝ ඇයට සිදු විය. මේ ක්‍රියාවලිය අතර තුර ඔහුගේ සාහිත්‍ය දැනුම මෙන්ම ලෝකය සහ සමාජය පිළිබද දැනුමද පරීක්ෂා කෙරිනි. එහි ප්‍රතිඵලය වූයේ ඇසූ පිරූ ඇති අයවලුන් පමණක් ගුවන් විදුලියේ සේවයට එක් වීමයි.
අප මහත් අභිරුචියෙන් වර්ණනා කරන එකල ගායන වේදීන්/වේදිනියන් ගායන හැකියාව අනුව වර්ග කර ගුවන් විදුලියේ වැඩසටහන් සදහා එකතු කරගත් නිසාත්, අතීතයේදී ගායකයෙකු වන්නට වෙනත් ක්‍රමවේද නොතිබූ නිසාත් සැබෑ ලෙසම ගායනයට දක්ෂයන් පමණක් ගීත ගායනයට එකතු වූහ.
පොදුවේ ගත් කල මේ සියලු දෙනා සිංහල සාහිත්‍ය, ලංකාවේ ජන විඥානය පිළිබද දැනුමෙන් පෝෂණය වී සිටි නිසාම ශ්‍රාවකයා ආනන්දයෙන් ප්‍රඥාව කරා ගෙන යා හැකි ගීත නිර්මාණ බිහි කරන්නට ඔවුනට අපහසු වූයේ නැත. නිවේදක පරපුරට තම කාර්යයන් අතික්‍රමණය කරමින් ගීත රචකයන් වන්නට ඔවුන්ගේ වෘත්තීය පරිසරය තුලම මග සැකසී තිබුනි. ගුවන් විදුලියේ එකල විකාශය වු කරුණාරත්න අබේසේකර ශූරීන්ගේ ළමා පිටිය කෙතරම් නම් කලාකරුවන් පිරිසකගේ තිඹිරිගෙය වීද ?
නිවේදක වෘත්තිය අතර තුර ගීත රචනයට පිවිසි අය අතර කරුණාරත්න අබේසේකර, මඩවල එස් රත්නායක, ප්‍රේමකීර්ති ද අල්විස්, කේ.ඩී.කේ ධර්මවර්ධන, දයා ද අල්විස්, යමුනා මාලනී වැනි අති දක්ශයින් කැපී පෙනෙයි. මහගමසේකර ශූරීන් මුලින් ගීත රචකයෙකු වී පසුව ගුවන් විදුලියේ ඇතැම් කලා වැඩසටහන් ඉදිරිපත් කිරීම කල බව අසන්නට ලැබුනි. නිවේදක පසුබිමක් නොවුනත් මේ කියන ගොන්නෙහි සැකයකින් තොරව තැබිය හැකි තවත් අතිවිශිෂ්ඨ ගණයේ ගීත රචකයන් රැසකි.
ඒ අතරින් සමහර කෙනෙක් දැන් අප අතර නැත. ධර්මසිරි ගමගේ, ඩෝල්ටන් අල්විස්, සුනිල් සරත් පෙරේරා, කුමාරදාස සපුතන්ත්‍රි, මහාචාර්ය සුනිල් ආරියරත්න, ආචාර්ය අජන්තා රණසිංහ, ලූෂන් බුලත්සිංහල, කුලරත්න ආරියවංශ, බණ්ඩාර අැහැළියගොඩ, ආනන්ද හේවාරංහිදගේ, නීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්න, රත්න ශ්‍රී විජේසිංහ පරම්පරාවත්... 80 දශකයෙන් පසු ක්ෂේත්‍රයට පිවිසි බන්දුල නානායක්කාරවසම්, විපුල ධර්මප්‍රිය, නිලාර් එන් කාසිම්, යසනාත් ධම්මික බණ්ඩාර කැළුම් ශ්‍රීමාල්, රවී සිරිවර්ධන වැන්නන් ඒ ගොනුවට එකතු කල හැක. විපුල, නිලාර්, කැළුම් මේ නම් අතර නිවේදක කාර්යයේ නිරත වූ අය වෙති. ඒ නිසාමදෝ සරු නිර්මාණ බිහිකරමින් ක්ෂේත්‍රයේ උඩුගම් බලා පිහිනන්නට ඔවුනට ශක්තිය ධෛර්යය ලැබී තිබේ. ඔවුන් ගෙත්තම් කරනා පද වැල් අපට පෙන්වා දෙන්නේ ප්‍රවීණයන්ගේ හෙවනැලි යට ඔවුන්ගේ අක්මුල් තවමත් සිදී නැති බවකි.
අද කාලයේ මෙන් බඩ වඩා ගැනීමේ යුගයක් එකල නොතිබූ නිසාම මේ මහා නිර්මාණකරුවන් ශ්‍රාවක මනසට කලාවෙන් දෙන්නට හැකි හොදම දේ තිළිණ කරන්නට සැම විටම උත්සුක වී තිබුනි. මුල් කාලයේදී කරුණාරත්න අබේසේකර ශූරින් හින්දි තනු වලට සිංහල වචන යොදා හින්දි ගීතයේ සිංහල අනුවාදනයන් එකතු කලත්, සිංහල සරළ ගීතය ක්‍රම ක්‍රමයෙන් පරිණාමය වන විට ස්වතන්ත්‍ර නිර්මාණ වලින් ශ්‍රාවකයන් පිනවන්නට අමතක නොකලේය. මා මෙහි දැක්වූ ගීත රචකයන් අතර මගේ ප්‍රියතමයා වන්නේ ප්‍රේමකීර්ති ද අල්විස් මහතායි. අපේ පරපුරේ උන්ට එවැනි මහා චරිතයක් ආශ්‍රය කරන්නට පින් මද වූ නමුදු අප කුඩා කාලයේ රූපවාහිනියේ ආයුබෝවන් වැඩසටහනෙන් දුටු ඔහුගේ සන්සුන් රූපකාය තවමත් සිතෙන් මැකී ගොස් නැත.
තමා හට එදිනෙදා ජන ජීවිතය තුල විදින්නට ලැබෙන මනෝභාවයන් ගීතයක පද පෙළක් කරන්නට ඔහුට තිබූ සමර්ථ කම වෙනත් කිසිම ගීත රචකයෙකුට තිබුනේදැයි සැක සිතෙයි. තමා සිටින පරිසරය, වේලාව ඔහුට වැදගත් වී නැත...සිතුවිලි උපදින නිමේෂයේ එය බස් ටිකට් පතක හෝ සටහන් කර පසු දිනෙක රසවත් ගීතයක් බවට පත් කරන්නට ප්‍රේමකීර්ති මහතා සතුව තිබී ඇති ප්‍රතිභාව පුදුමාකාර එකකි. එකල පැවති ජේ.ආර් ජයවර්ධන රජයෙන් ලැබුනු දඩුවම් මාරු නිසා ලංකාවේ පළාත් කීපයකම ගුවන් විදුලි විකාශනාගාර වල සේවය කරන්නට ඔහුට සිදුවී තිබේ. ඒ සෑම විටකම ඒ පරිසරයේදී ඔහු විදි අත්දැකීම් ගීතයකට ගොණු කර ඇති ආකාරය විශ්මය ජනකය.
මාතර සිටියදී සුනිල් එදිරිසිංහ මහතා ගායනා කරන බානෙන් බැද රජරට පෙදෙසින්නේ, යාපනයේ සේවය කරන කාලයේ මන්නාරම් පිටි වැල්ලේ මදටිය වැල් ඔන්චිල්ලේ (ෆ්‍රෙඩී සිල්වා), තමාගේ වෘත්තීය ජීවිතයට එකට සිටි උන් පිහියෙන් අනිද්දී අලුත් කලාවක් සොයාගත්තා මං දියුණු වෙන්න ඕනෑ නම් (ෆ්‍රෙඩී සිල්වා) තමාගේ අතිජාත බිරිද වෙනත් ප්‍රේමයකට පැටලුන විට සදකැන් වැසිලා අදුරේ එතිලා (වික්ටර්) වැනි ගීත මේ විශිෂ්ඨයාගේ අවස්ථානුකූලව ගීත ලිවීමේ විශිෂ්ඨත්වය පිළිබද දෙස් දෙයි. මෙවැනි මහා ගීත රචකයන් සිටි ශ්‍රී ලංකාවේ අද අපට සිටින්නේ අදුරේ අත පත ගානා අදබාලයින් පිරිසක් නොවේද ?
අතීතයේ රචනා වූ ගීත රචනාවන් සාර්ථක ගීත බවට පත්වෙන්නට ගීතයේ තනුව, ගායකයාගේ හැකියාවටත් වඩා ගීත රචනාව තුලින් ඉස්මතු වූ අදහසේ ඇති යථාවාදී ස්වරූපය ඉවහල් වූවා යැයි සිතෙන තරමට ඒවායේ පදවැල් ප්‍රබලය. සැබෑ ජීවිතයේ ලබන අත්දැකීම් ඔස්සේ ගීත ලියවුන නිසාම ඒ පද අතර නොගැලපෙන යමක් නැත. එමෙන්ම එහි අදහස බොහෝ ශ්‍රාවකයන්ගේ අත්දැකීම් සමගින් සමපාත විය.
එහෙත් අප වර්තමානය දෙසට නෙත් යොමන විට තමන්ගේ කරගත් අනුන්ගේ අත්දැකීම් ඔස්සේ ලියනා ලියවිලි ඒ රසයෙන් බොහෝ ඈත බව ගීතයේ රසය නිසිලෙස හදුනන කෙනෙකුට වැටහෙයි. විරහා ගීත රැල්ලෙන් තෙමී සාක්කුව පුරවාගන්නට ජීවිතයේ කිසි දිනෙක විරහව විද නැති අය කදුළු වැක්කෙරෙනා විරහා ගීත ලියති.
1977 දී වීවෘත ආර්ථික ක්‍රමවේදය හදුන්වා දීමෙන් පසු එහි බලපෑම රටේ සියලුම අංශ කෙරෙහි විහිදී, පැතිරී ගිය බව රහසක් නොවේ. මේ කියනා විවෘත ආර්ථික ක්‍රමවේදයේ ආශිර්වාදය නිසාම ගීතය යනු ප්‍රබල වෙළදපල මාධ්‍යයක් ලෙස යොදාගන්නා වර්තමානයක සාක්ෂිකරුවන් වන්නට අපට හැකි වී තිබේ.
අතීත නිර්මාණකරුවන් තම තමන්ගේ මෙන්ම ශ්‍රාවක සැමගේ රස භාවයන් සන්තර්පණය කිරීමේ අරමුණින් නිර්මාණකරනයේ නිරත වුවද වර්තමානයේ එය තනිකරම ව්‍යාපාරයක් වී තිබේ. මේ කාරණය ගැන වර්තමාන නිර්මාණකරුවකු සමග කථාකලහොත් ඔවුන් නිසැකවම කියන්නේ ඒ කාලෙ හිටි අයට තමන්ගෙ නිර්මාණ මාකට් කරන්නට නොහැකි වූවාට අපට එය කල හැකි වූ බවකි. අති ජනප්‍රිය ගීත සිය දහස් ගණනක් ලියූ ප්‍රේමකීර්ති වැන්නෙකු සාමාන්‍ය ජනතාවගේම කොටසක් ලෙස පොදු ප්‍රවාහන මාධ්‍ය වල ගමන් කරමින්, සරළ ජීවිතයක් ගතකලද වර්තමානයේ ගීත 10 ක් ලියූ තැනැත්තාද වටිනා වාහනයක සහ වෙනත් දේපළ වල හිමිකරුවන් වී සිටිති. ගීතයක් මාකට් කරන්නට නම් එහි ප්‍රමිතිය අවම කල යුතුදැයි සොයා බැලීම වටී.
ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය ජනතාවට සමීප වෙද්දී ගීතයට රූපරචනාව නම් සංකල්පයක් නැතුවම බැරි තරමට සමීප විය. මේ කියනා රූප රචනාද අද වන විට ඉතාම එක්කාරී ස්වරූපයක් ගෙන තිබේ. ගීත මාකට් කිරීමෙන් අවසානයේ පාඩු විදින්නේ සුභාවිත ගීතයට පෙම්බදින ලංකාවේ අතිමහත් සංගීත රසිකයන් බව රහසක් නැත. බස් රථයක ගමන් කලත්, හන්දියේ කඩපිලේ ලොතරැයි කූඩුවක් අසල සිටගෙන සිටියත් අවර ගණයේ ගී නිර්මාණ වලින් දෙසවන් පුරවාගන්නට අපට සිදුවී තිබෙන්නේ මේ නිසාමය. මෙවැනි ගීත වලින් බොහෝ විට පෙම්වතිය මා හැර ගිය නිසා මම කදුලු වක්කරමින් හඩනා බවත්, මට මැරෙන්නට ඕනෑ බවත් කියවෙනු ඇත. හොද ආත්ම ශක්තියක් ඇති පිරිමියෙකු ප්‍රේමයේ විප්‍රයෝගය හමුවේ මෙලෙස හැසිරෙන්නේ නැති නිසා, මෙම ගීත ගයන්නේ නපුංසකයන්දැයි සමහරු අසති.
මේ රැල්ල ඇතිවෙන්නට සෘජුව වගකිව යුතු පාර්ශව දෙකක් මගේ සිහියට එයි. ඉන් පළමු කොටස වන්නේ පුද්ගලික ගුවන් විදුල් නාලිකා අටෝරාශියයි. දෙවැන්න රිගින් ටෝන් මාෆියාවයි.
පුද්ගලික ගුවන් විදුලි නාලිකා දැන් දැන් හැසිරෙන්නේ බලු බෙට්ට වුව විකුණා ලාභ ලබන්නට හැකි නම් එය සිදුකිරීමේ වරදක් නැත යන සංකල්පයේ සිට විය යුතුය. මිනිසුන් දැන් මේ ජහජරාවන් අහන්නේ නැති නිසා බලෙන් මුදල් ලබා දී ඒවා අස්සවා ගන්නට තරම් උන් බංකොලොත් වී සිටිති. අතීතයේ පැවති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට සමාජ වගකීමක් තිබුනද මේවාට ඒවා නැත. අතීතයේ නිවේදිකාවක් නිවේදකයෙන් වන්නට සාහිත්‍ය දැනුම වැදගත් සාධයක් වුවත් අද එය අවලංගු කාසියකි. පාසල් අධ්‍යාපනය තුල සිංහල සාහිත්‍ය හදාරා කුඹුරු කොටන්නදැයි බහුතරයක් සිතනා නිසාම අද සාහිත්‍ය ඉගෙනගන්නා පිරිස අඩු වී තිබේ.
සන්නිවේදන හැකියාව කෙසේ වෙතත්, තම උසස් නිලධාරීන්ට ශාරීරික අල්ලස් පවා දෙන්නට අකමැති නැති මාල ගිරවියන්, ගිරා පෝතකයන් පිරිසක් එෆ් නාලිකා වල සේවයට එකතු වන්නේ ඉහත විස්තර කල පසුබිම තුලය. අපිත් එක්ක සෙට් වී ෆන් එක ගන්නා හැටියට අපට ඇරයුම් කරනා ඔව්හු අඩුම තරමේ ප්‍රේමකීර්ති වැනි චරිත හෝ ඔවුන්ගේ මාධ්‍ය භාවිතය පිළිබද අසා හෝ තිබේදැයි සැක සිතේ. එෆ් එම් නාලිකා තුල වුවද නිසි ලෙස බස හසුරන අතලොස්සක් සංනිවේදකයන් සිටිනා වග ඔවුනට කරනා ගෞරවයක් වශයෙන් මෙහි සටහන් කල යුතුමය.
මේ කියූ එෆ් නාලිකා අතර ඇතමෙක් මුදල් වලට, පැකේජ් ක්‍රමයට ගීත ජනප්‍රිය කිරීමේ කොන්ත්‍රාත්තුද භාර ගනියි. තෝරා ගන්නා පැකේජය අනුව දිනකට ගීතය වාදනය කරනා වාර ගනන තීරණය වන අතර...ගීතය මාසයක පමණ කාලයක් දින පතා වාදනය කර ඊලග මාසයේදී ගීතය වාදනය වන විට අපි විසින් හිට් කලා යැයි ලේබලයක් අලවති. නමුත් ඒවා සැබැවින්ම හිට් වී දැයි මුදල් ගෙවූ උන් හොයන්න යන්නේ නැත.
සහශ්‍රය ලැබූ පසු තොරතුරු තාක්ෂණික මෙවලමක් ලෙස ලංකාව පුරාම පිළිකාවක් ලෙස පැතිරී ගිය ජංගම දුරකථනය ඔස්සේ අලුත්ම තාලේ ව්‍යාපාරයක් අරඹා ගොඩ ගිය ඇත්තන් අද කෝටිපතියන් වී සිටිති. අනුන්ගේ ගීත රිගින් ටෝන් ආයතනයේ භුක්තියට සවි කර එහි ආදායම් ලබන්නේ ඒ ඒ ගීත වල නිර්මාණ කාර්යයට කිසිම ලෙසකින් දායක වූවන් නොවේ. අමරසිරි පීරිස් මහතාගේ ළදුනේ ගීතය රිගින් ටෝන් වලට විකුණා රුපියල් ලක්ෂ 80 ක ආදායමක් ලැබූ බව කියතත් ඒ ආදායමෙන් ශත 5ක් හෝ ඒ මහතා ලබාගෙන නැත. එයින්ම රිගින් ටෝන් මාෆියාවේ තරම මෙන්ම ලංකාවේ බුද්ධිමය අයිතීන් එළි පිටම අමු අමුවේ කෙළෙසන අයුරු පිළිබද දළ අවබෝධයක් ලබාගත හැකි වනු ඇත.
ලංකාවේ පළමු කැසට් පටය නිකුත් කලේ දිවංගත මිල්ටන් මල්ලවාරච්චි ගායකයා විසිනි. නිහාල් නෙල්සන් වැඩිම කැසට් පට සංඛ්‍යාවක් වෙළදපලට නිකුත් කල ගායකයාය. අන්තර්ජාලය හෝ අද පවතින වෙනත් විනෝදාත්මක ප්‍රභවයන් නොතිබූ ඒ සමයේ කැසට් පට මගින් සැළකිය යුතු ආදායමක් ලබන්නට මේ අයට හැකි විය. පසු කලෙක තාක්ෂණයේ දියුණුව සමග සීඩී තැටි වලටද ගිත ඇතුලු කර අළෙවි කරන්නට ඔවුනට හැකි වූහ. එහෙත් අද මේ දෙවර්ගයම යල් පැන ගිය මෙවලමකි. අලුත් නිර්මාණයක් සිදුකර මිළක් නියම කර වෙළදපොලට නිකුත් කර දින කීපයකට පසු එම ගීත නිර්මාණ සියල්ලම මල්වත්ත පාරේ පදික වේදිකාවේ විකිණෙන්නේ ඉතාම අඩු මිළකටය. මේ නිසාම පැරණි ගායක ගායිකාවන් නිෂ්පාදන වියදම හෝ සොයාගන්නට නොහැකි නිසාම අලුත් ගීත ගායනා කරන්නේ, තැටි නිකුත් කරන්නේ නැත.
රිගින් ටෝන් සදහා ගීත නිර්මාණය කරන්නට නව පරපුරට සිදු වූයේ එහෙයිනි. සංගීත සංදර්ශන හැමදාම නැත. ගීත ක්ෂේත්‍රයේ ආදායම විචල්‍ය වන නිසා ඔවුනට මෙය නිසැකවම වැදගත් දෙයකි. එහෙත් ගැටලුව වන්නේ රස නොමරා මේ කාර්යයේ නිරත වන්නට ඔවුනට හැකියාවක් නැතිද යන කාරණයයි.
අද සංගීත කලාව හැකියාවටත් වඩා තාක්ෂණය මත යැපෙන එකකි. ගීතයක් ගයන්නට නොහැකි වුවත් කෑලි පුරුද්දා ගායකයෙක් වන්නට මුදල් අතේ ඇති කෙනෙකුට ඉතාම පහසු කාරණයකි. විශ්වයම තනි යායක් තරමට දැනෙන සේ තාක්ෂණික පෙරළියක් සිදුව ඇති යුගයක, මේ තාක්ෂණ ක්‍රමවේද වලින් බැහැරව ඉන්නට අපේ කුඩා රටට හැකියාවක් නැත. එහෙත් තාක්ෂණය යොදාගත යුත්තේ නොහැකියාවේ හෙළුව වසා ගැනීමට නොව හැකියාවේ මායිම් වර්ධනය උදෙසාය. අවාසනාවකට ලංකාවේදී තාක්ෂණය වැඩිපුරම යොදාගන්නේ නොහැකියාව වෙනුවෙනි. සෘතියකට ගයනු තබා සෘතිය යනු කුමක්දැයි නොදන්නා අය පවා අද ගායකයන් වී සිටිති.
සංගීතය හා සම්බන්ධ වූ නව තාක්ෂණ ක්‍රම වේදයන් පිළිබද අදහසක් ලබාගෙන ඒ සමග බද්ධ වී ඉදිරි ගමන යන්නට ලංකාවේ අතිමහත් බහුතර ප්‍රබුද්ධ යයි සම්මත කලාකරුවන් කටයුතු කලේ නැත. ඔව්හු අලුතින් නිර්මාණ කරන්නට උත්සුක නොවී මේ රාමුව තුල වෙනම කුලකයක් ලෙස කලා ලොව වැජඹෙන්නෝය. නිර්මාණ කරණයේ යෙදෙන තරුණ සංගීතවේදීන්ගේ වරදක් දුටු විට එය දැඩිව විවේචනය කරනවා මිසක ඔවුනට ගුරුහරුකම් දෙන්නට, ඔවුන්ගේ ගමනට ශක්තියක් වෙන්නට ඇතමෙකු දායක වෙන්නේම නැත. නව පරපුරද ඔවුන්ගෙන් ගුරුහරුකම් ගන්නට උත්සාහ කලාදැයි මම නොදනිමි. කෙසේ හෝ මේ දෙපාර්ශවය අතර යහපත් සබදතාවක් ඇති වුනි නම්, ලංකාවේ ගීතයේ ප්‍රමිතිය තීරණය කිරීම පිණිස යම් වැඩපිළිවෙලක් රජයේ පාර්ශවයෙන් පැනවේ නම් පිං පඩි කෙලිනා සංස්කෘතික ඇමතිලාට ඉදිරියට මහන්සි වී කරන්නට යමක් තිබේ.
ගීතයේ ප්‍රමිතිය මෙන්ම එෆ් එම් නාලිකා වල සහ ඒවායේ ගිරවුන්ගේ ප්‍රමිතිය මැනීමට මිනුම් දඩු පනවන්නට සංස්කෘතිය භාරව කටයුතු කරන ඇත්තන්ට හැකි නම් පුරන් වී තිබෙන ශ්‍රී ලංකා ගීත කලාව නැවත අස්වැද්දිය හැකි යයි මට සිතේ. නමුදු පේනතෙක් මානයක ඒ සදහා සැබෑ උවමනාවක් ඇති කෙනෙක් නොපෙනේ.
වර්තමාන සංගීත භාවිතය තුල සුභාවිත ගීතයට පෙම්බදින රසිකයන් කෙතරම් නම් හෙම්බත් වී සිටිත්ද යන්න මා හට හොදින් වැටහුනේ 2012 වසරේදී BMICH හි පැවති අමරදේවයන්ගේ ප්‍රසංගයක් නැරඹීමට ගිය විටෙකය. රූපවාහිනී දැන්වීම් තුල ප්‍රවේශ පත්‍ර එදින දොරටුවෙන් ගත හැකි බව පුන පුනා කී නිසාම එදින දොරටුවෙන් ප්‍රවේශ පත්‍ර ලබාගන්නා අටියෙන් සිරා කොලුවා තවත් මිතුරෙකු සමග එහි ගියද එහි වූයේ භයංකාර තත්වයකි.
ප්‍රසංගයේ සංවිධායකයන් ප්‍රවේශ පත්‍ර අතැතිව සිටි අයවලුන් සියල්ල ප්‍රසංග ශාලාව වෙත යොමුකර ප්‍රවේශ පත්‍ර නොමැති මුත් ප්‍රසංගය නැරඹීමේ අටියෙන් එහි රැදී සිටි අයට ඉන් ඉවත් වන ලෙස බලපෑම් කරමින් සිටියෝය. එහෙත් එදින දොරටුවෙන් එකදු හෝ ප්‍රවේශ පත්‍රයක් නිකුත් කර නොතිබූ වටපිටාවක එලෙස ලෙහෙසියෙන් පරාජය භාරගන්නට ඔව්හු අකමැති වූහ.
අපි ආවෙ මෙතැනින් ටිකට් අරං මේක බලන්න. මෙතන ටිකට් දුන්නෙ නැති එකට අපි වැරදි නෑ...සමාජයේ විවිධ ස්ථරයන් නියෝජනය කරනා, විවිධ වයස් කාණ්ඩ වලට අයත් කාන්තා/පිරිමි රසික කැළ එකාවන්ව නැගූ හඩ නිසාම ප්‍රවේශ පත්‍ර නෙැමැතිව හිටගෙන ප්‍රසංගය නරඹන්නට අවසර දෙන්නට අවසානයේ සංවිධායකයන්ට සිදුවිය.
යහපත් ගීතයක රස විදින්නට හැකියාව ඇති තැනක තවමත් ලංකාවේ ප්‍රේක්ෂකයා දහස් ගනනින් රොද බදිනා බවට ඇස් ඉදිරියේ පෙනෙන්නට තිබෙන සත්‍යය වසන් කරන්නට එෆ් එම් නාලිකා වලට නොහැකි බව එදා මම තේරුම් ගතිමි.
අද ගුවන්විදුලියෙන් හැම විටම ඇසෙන්නේ දුක්බර තේමාවන් අනුව ලියැවුන ගීතය. මේ සියල්ලම බැලූ බැල්මට එක අච්චුවේ පුච්චා ඇති බව පෙනේ. සංගීත ඛණ්ඩ මෙන්ම තනු වල විශාල වෙනසක් නැත. ගුණාත්මක බවක්ද නැත. සතුට දනවන ගීතයක් ප්‍රචාරය වන්නේ, අලුතින් නිර්මාණය වන්නේ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා මෙනි. තම කැමැත්ත වෙනකක් වුවත් නාලිකා වල කැමැත්තට නිතරම දුක්බර ගීත ශ්‍රවණය කරන ලංකාවේ මිනිසුන්ගේ මනස තුල ක්‍රම ක්‍රමයෙන් ඇති වී යටි සිතේ තැන්පත් වෙන සෘණ මනෝභාවයන් පුද්ගලිකව ඔවුනටත්, පොදුවේ සමාජයටත් අවසානයේ රටටත් අයහපත් බව නිසි බලධාරීන් හදුනා ගනිත්වා.
ජයතිලක බණ්ඩාරයන් නෙත් එෆ් එම් වැඩසටහනකදී ගීතයක සමාජ වගකීම පිළිබද විග්‍රහ කලේ මෙසේය.
ප්‍රවීණ ගීත රචක සුනිල් සරත් පෙරේරා මහතා සිළුමිණ රසදුන අතිරේකය වෙත වර්තමාන ගීතය පිළිබද දක්වා තිබුනේ මෙවැනි අදහසකි.
// අද බොහෝ වෙලාවට අපට ඇසෙන්නේ හරසුන් බොළඳ ගී පද. විශේෂයෙන් ඒවායේ කිසිදු අර්ථ රසයක් නෑ. ගීතය කියන්නේ සාමූහික ප්‍රයත්නයක්. ඒ වගේම ගීතය සාහිත්‍ය අංගයක්. අදත් අපි අමරදේවයන්ගේ, සුනිල් එදිරිසිංහගේ ගීත රස විඳින්නේ ඒ සාහිත්‍ය අංගය ගීතවල නොමඳව තිබෙන නිසා. ගීතය කියන සාමූහික කලා මාධ්‍යය සංගීතඥයාගෙන් රසවත් වෙනවා. සාහිත්‍යය සදාකාලික වෙනවා. අද ඉන්නේ ගායකයෝ නොවෙයි ඝෝෂකයෝ. අපට ඇහෙන්නේ අරුත් සුන් ඝෝෂාවක් විතරයි. //

මම කාමරේ අරින සිරා කොලුවා.
ප.ලි
මෙම ලිපියේ සටහන්ව ඇත්තේ සිරා කොලුවාගේ පුද්ගලික අදහස් බව සැළකුව මනාය. ඒ තුල යම් සදොසක් වුවහොත් එය පෙන්වා දෙන්නට ඔබට ඇරයුම් කරමි. වර්තමාන පරපුර තුලද විදින්නට හැකි හොද නිර්මාණ කරනා නිර්මාණකරුවන් අතලොස්සක් සිටින බව කිව යුතුය.
වර්තමාන ගීතයේ හැසිරීම පිළිබද මාස දෙක තුනකට කලියෙන් මාධ්‍යවේදී චන්දන ලියනාරච්චි සිරාගේ කාමරයේ 7 වෙනි ලිපිය වෙනුවෙන් ලියූ සටහන මෙතැනින්
ප්‍රේමකීර්ති ද අල්විස් නැමති චරිතයට ප්‍රිය කරන ඔබ ඇසිය යුතුම කථාවක් මෙතැනින්
පුංචි පහේ මධු සාදයකදී වුවද නිතරම ඕනෑම කෙනෙකුගේ මුවෙන් නැගෙන්නේ දශක දෙක තුනකට කලියෙන් නිර්මාණය වූ ගීතයකි. එම ගීත පෙන්වා ඇති නිර්මාණාත්මක ගුණය එයට හේතුව විය යුතුය.

අසීරු තෝරා ගැනිමේ ක්‍රමවේදයක් තුලින් බිහිවෙන විශිෂ්ටයන් වෙතින් බිහිවෙන නිර්මාණ හා සරළ ක්‍රම ඔස්සේ හෝ සල්ලි බලය මතින් බිහිවෙන නිර්මාණ කරුවන්ගේ වෙනස තමා අපි අත්විදිමින් සිටින්නේ.
ReplyDeleteප්‍රේමකීර්ති කියන්නෙ ආප්ප බානවා වගේ ක්ෂණිකව සිංදු ලියලා දීපු කෙනෙක් කියලා මම අහලා තියනවා.. ඒත් ඒ ක්ෂණික නිර්මාන කෙතරම් හරවත්ද ? කල්පවතිනවද ? ඔහු විශිෂ්ඨයෙක් බවට ඒකම දෙස් දෙනවා..
දුක්බර තේමාවන් අනුව ගැයුනට කමක්නෑ.. හරවත් නිර්මාණනම්.. නිකන් අඩන්නන් වාලේ අඩන්න්නැතුව.. ඉස්සරත් දුක්බර නිර්මාණ කෙරුනනෙ..
වර්තමනයත් කියන තරම්ම නරක නෑ කියලාත් මට හිතෙනවා දර්ශන රුවන් දිසානායකලා, රජී වෙල්ගමලා වගේ අය ඉන්න නිසා...
ඇත්ත...ප්‍රේමකීර්ති විනාඩි 3 නි ලියපු ගීතත් තියෙනවා අදටත් ඉතාම හොද ජනප්‍රියතාවක් තියෙන...ඔහු තුල තිබූ නිසග හැකියාව නිසා තමයි එහෙම යමක් කරන්න හැකි උනේ...නිතරම දුක්බර දේ සවනට වැටෙද්දි අපේ මනස අපටත් හොරා ඒ ඔස්සේ ක්‍රියාකරන බවට මනෝවිද්‍යාෙව් කියවෙනවා...සතුට වෙනුවට දුක තමයි එවිට ජීවිතයට ලැබෙන්නෙ...දැන් වෙලා තියෙන්නෙ දුක ඕනෑවට වැඩියි...ආදරයේ සුන්දරත්වය ගැන සින්දු කියවෙන්නෙම නැති තරම්..සින්දු කියන හැම කෙනාම ආදරයෙන් පරාජය වෙච්ච අය...
Deleteමේ ලඟදි චැනල් එකක ගියා සනත් නන්දසිරි ගායකයානන් ගැන වැඩසටහනක්...! මම ඉතා රසවින්දමි. ඒ කාලයේ ගී නිර්මාණය කලහැටි.එතුමා හොඳම ගීතණු අමරදේව මහත්මයට දුන්නු හැටි.
ReplyDeleteඑතුමා කිව්වා තමාගේ අතිජාත මිත්‍රයෙක් වන අජන්තා රනසිංහ තමාට ගී ලියාදෙන්නෙ පොලීසියෙන් වගේ කියල ''ඒ මේක කියපන් මොකක් හරිදාල".... එහෙම කියල කොලයක් දීලා යනවලු. ඒ උනාට ඉතාම මිහිරි ගී රචනාලු.
දවසක් දෙනවලු අමුතුම පදරචනාවක්..නන්දසිරි මහත්මයා කියනව මෙහෙම.... නිර්වාණස්වර්ණ ද්වාරයෙන්..තිලෝසතුන්....සම්බෝදිරාජ...පාදපද්ම..ඕයවගේ බර වචන ගොඩක්...මම බැලුව දෙය්යනේ මේ වචන වලට කොහොමද තනුවක් දාන්නෙ...මෙන්න රෑ..අජන්තා කතාකරල කියනව...මට වචන ගලාගෙන යනහැටි නිකන් තණුවක් දාල වගේ...මට නිකං තනුව දැම්ම වගේ උනා.."
ඕන්න ඔහොමයි මචං සිරා ඉස්සර මිනිස්සු ගී හැදුවෙ.
වීයා දැක්ක කල්
Deleteවීයා මචෝ..වැඩසටහන ITN නාලිකාවේ අගෝ 24 වන ඉරිදා විකාශය වූ" තඹරවිල".. නරඹන්න කැමැති කෙනෙකුට උදව්වක් වෙයි.
Deleteසනත් නන්දසිරි, දයාරත්න රණතුංග, අජන්තා රණසිංහ, අමරා රණතුංග...මේ අය පාසල් යන කාලයේ සිටම මිතුරු මිතුරියන්...ඒ කාලෙ සනත්ට හොදට හිසකෙස් තිබුනලු...ඒ වගේම අජන්තා කෙල්ලෙකුගෙන් යාලුවෙන්න ඇහුවොත් ඒ අහපු හැම එකක්ම හා කියලා මාස දෙක තුනකට පස්සෙ බූට් එක ලැබුනලු...ඔය මිල්ටන් ගයන මේ මැයි ගහ යට ගීතයත් අජන්තා රණසිංහයන්ගෙ පුද්ගලික අත්දැකීමක්.....දැරිවියකගේ ආගමනය අපේක්ෂාවෙන් නුගේගොඩ පැත්තෙ මැයි ගහක් යටලු එයා එහෙම හිටියෙ....පාසල් කාලයේ මේ අයගෙ ආදර සබදතාවකින් විවාහ උනේ එකම යුවලක් පමණයි...ඒ තමයි දයාරත්න අමරා ජෝඩුව....මේ විස්තර අජන්තා වතාවක් පුවත් පත් සාකච්ඡාවක කියා තිබුනා...බලන්න කෙතරම් සුන්දර මිනිස්සුද කියලා.....
Deleteවීයා දැන් වගා සංග්‍රාමයට උර දීලා....අපි වවමු රට නගමු කියන සංකල්පයටලු යන්නෙ...මොකද දකුණෙ කකුල්නෙ.....
Apparently Ajantha wrote “Kiri Kawadi Sinna Nodeka Bandunu Aadre” based on a personal experience. When he was very young he used to follow a girl who would not spare even a second glance no matter how hard he tried. This girl later became a famous actress later – Sriyani Amarasena. Quaint and heart warming
Deleteමටත් අයියට උන වැඩේම වෙලා තියෙනවා නන්දා මාලනී ගේ ප්‍රසංගයක් බලන්න ගිහින්..ටිකට් ඉවර වෙලා...මේ කතාව නම් ඇත්ත..මොකද මගේ යාලුවෙක් ලගදි සින්දුවක් කිවා..එයාගේ ඔරිජිනල් රේකොඩින් එක අහන්න හම්බුනා අහම්බෙකින්..එක අහුවට පස්සේ ගලකින් පහලට පනින්න හිතුනා..කොම්පියුටර් ජිල්මාර්ට් තමයි ඉතින් වැඩි හරියක්....
ReplyDeleteඒක තමයි ගොඩාක් අය කරන්නෙ....පිච් එක පනින තැන් කම්පියුටරෙන් අමුණනවා...ඉතිං හැකියාවක් නැති උනත් මිනිහා ගායකයෙක්...
Deleteදැන් කාලේ සින්දු වල මට දිරවන්නැත්තේ මෙලඩි එක තමයි. හැම එකේම එකම ඩ්‍රම් බීට් එක......
ReplyDeleteමේවායේ ඩ්‍රම් බීට් එක පරිගණක වැඩසටහනෙන් යොදා ගන්නා එකක්....ගිටාරයක් සමග විදුලි ඕගනයක් වැනි දෙයක් පමණයි වෙනම වාදනය කරන්නෙ...ඒ නිසයි එක වගේම ඩ්‍රම් බීට් ඇහෙන්නෙ...ඒ තුල වාදකයෙක් වාදනයා කරද්දී දැනෙන ජීව ගුණය ගිලිහිලා...
Deleteභාෂා ඥානය සහිත, සාහිත්‍ය දැනුමෙන් පිරිපුන්, කථාකිරීමට වඩා කියවීම වැදගත් බව තේරුම්ගත්, බලාසිටීමට වඩා ඇහුම්කන්දීම ප්‍රයෝජනවත් බව තේරුම්ගත්, සංගීතය යනු ඝෝෂාවක් නොව හඬ මාධූර්යය බව අවබෝධකරගත් පරපුරක්, යලි ඇතිකළ හැකිනම්, අපට යළිත් සිංහල සංගීතය අසන්නට ලැබෙනු ඇති.
ReplyDeleteසහතික ඇත්ත විචාරක තුමා...අද ඉන්න ගීත රචකයො සිංහල සාහිත්‍ය ගැන වැටහීමක් නෑ...ඒ ඒ අය වටිනා කලා කෘති පරිශීලනය කර නැති නිසා....
Deleteසිරා මෙන්න සින්දු ....
Deleteසිංහල සාහිත්‍ය බේරෙනවා ...
වස්සානයේ කඳුළු වියළී යාවී
නුඹ ගැන මතකේ සිතෙන් මැකේවී
අළුත් ඉරක් හෙටක් පායා ඒවී
හිනා මල් ලඟ මං නවතින්නෑ
සේන මීදුමේ මං දැවටෙන්නෑ
ආදරේ මට අවැසි වෙන්නෑ
මං දැන් නිර්වාණයේ //
බොඳ සිහින වල ආයෙත් ගිලෙන්නෑ
අළුත් සිව් පද ආයෙත් ගොතන්නෑ
පැතුම් කඳු මං ආයෙත් හදන්නෑ
නුඹේ උණුහුම මට හීතල නෑ
නුඹේ හාදු වැල් මට උණුහුම් නෑ
හිරුට පිපුණු කොඳ සඳු රවටනු බෑ
මං දැන් නිර්වාණයේ //
නිර්වාණයේ... //
මං දැන් නිර්වාණයේ
ගායනය - 6th Lane
https://www.youtube.com/watch?v=K621yEAH3jc#t=76
අද හොද සිංදු නැතුවම නෙමෙයි.. හැබැයි තියෙන්නේ අතලොස්සයි.. එහෙම නිර්මාණ කරන්න පුළුවන් දක්ශයෝ ඉන්න අඩුවෙන්.. අනිත් අය වෙළදපොළ බලාගෙන නිර්මාණ කරන අය වීමයි ඔතන තියෙන ප්‍රශ්ණේ..
ReplyDeleteහොද සින්දු ඉතාම අඩුයි මලේ...කෙල්ල දාලා ගියා කියලා කියන අදෝවැඩියා තමයි හැම තැනම තියෙන්නෙ. ගීත වෙළදපොල තුල දිශාව තීරණය කරන බලවේග තමයි ගීතයේ තේමාව වගේම සංගීතයේ දිශාවත් අද තීරණය කර තිබෙන්නේ...
Deleteලංකාවේ බහුතරය සුබාවිත සංගීතයට කැමති කියන එක පිළිගන්න බැහැ. බහුතරයට ඕනේ හරසුන් දේවල්. ඒවා දෙන්නේ සමහර නාලිකා සහැදී ඉන්නවා. ඉල්ලීම සැපයුම තමයි. සුබාවිත සංගීතය කියන්නේ මැණිකක් වගේ දුර්ලබ දෙයක්. ගල් ගොඩවල් අතරේ තියෙනකොට තමයි මැණිකෙත් අගය දැනෙන්නේ. හොද උසස් රසවින්දනයක් ඇති අය සමාජයේ ඉන්නේ ටික දෙනයි. ඒ කට්ටිය ටික ටික අඩු වෙනවා
ReplyDeleteඇත්තෙන්ම මම හිත්නේ ඉල්ලුමම නෙමෙයි...ඔවුන් මුල් කාලයේ ඉල්ලපු නැති දෙයක් බලෙන්ම ඔවුන් මත පටවලා ඔවුන්ගේ රසඥතාව මොට කරලයි ඔවුන්ගේ ගීත අහන රසික කොටසක් හදලා තියෙන්නෙ. සුභාවිත ගීතයට කොපමණ මිනිසුන් පෙම් කරනවාද කියලා තහවුරු කරගන්න නම් මම කිව්ව ආකාරයේ ප්‍රසංගයකට ගිහින් බලන්න ඕනෙ....ප්‍රවේශපත්‍ර වලට තියෙන අතිරික්ත ඉල්ලුම...ගැන..
Deleteමේකට තියෙන එකම උත්තරේ මෙච්චරයි...
ReplyDeleteහැම එකාම කරන්නෙ වැල යන පැත්තට මැස්ස ගහන එක...
වෙනින් එකෙක් ඇවිත් ඒක වෙනස් කරන්න ගියොත් උට නැත්තටම නැතිවෙන තැනට වැඩ සිද්ධ වෙනව...
සිරා හැම දේම එකයි... අපිට ඇහෙන දේට අපි සංවේදී වෙලා... අපි අතිං උනත් ලියවෙන්නෙ එකමමොඩල් එකේ ඒව...
මං වෙනත් මාතෘකාවලින් වෙනත් දෙයක් ලීවොත් ඒක තේරුං ගන්නවට වඩා ඒක නොතේරෙන අය වැඩී... ඉතිං මාත් කරන්නෙ අර වගේ ඒව පැත්තකට දාල තේරෙන ඒව ලියල දානව...
මම සාමාන්‍යයෙන් ගුවන්විදුලිය සහ රූපවාහිනිය පරිහරණය කරන කෙනෙක් නෙවී...
ඒත් මං හැමදාම රෑ 7 30 ට සිටි එප් එම් අහනව...
ආරාධනා අහන්න...
එචචරම තමා
ආරාධනා ඉතාම හොද වැඩසටහනක්...ඒ වගේම ලක්හඩේ අලුතෙන් පටන් ගත්ත අඩ සද යායත් හැකි නම් අහන්න..ගීතයක පිටිපස්සෙ ඉන්න මිනිස්සු ඒ වගේම ගීතයක් ගොඩනැගුනු හැටි වගේ රසිකයන්ට අහන්න ලැබෙන්නෙ නැති දේ එතැන සාකච්ඡා වෙනවා.
Deleteවැල යන අතටයි මැස්ස හදන්නේ
Deleteගම යට කරගෙන වැල දිවයන්නේ //
ගම රට වැනසුනත් එකයි
අපි හෙට නැතිවුණත් එකයි //
අපි බැලුවේ එකම එකයි
වැලට මැස්ස හදන එකයි //
රළ යන අතටයි ඔරුව පදින්නේ
මකර කට වෙතයි රැල්ල ඇදෙන්නේ //
මකර කටට ගියත් එකයි
අපි හෙට නැතිවුණත් එකයි …
සිහ ශක්ති
මට මතකයි මේ සින්දුව...සංගීත් වික්‍රමසිංහ එහෙම විනෝදශීලී විදියට ගායනා කලා. බොලා හැබෑටම ජංගම රෙකෝඩ්බාර් එකක් වගේ.
Delete//අතීතයේදී ගායකයෙකු වන්නට වෙනත් ක්‍රමවේද නොතිබූ නිසාත් සැබෑ ලෙසම ගායනයට දක්ෂයන් පමණක් ගීත ගායනයට එකතු වූහ.// ++++++++++++++++
ReplyDeleteකිවයුතු දෙයින් සෑහෙන ප්‍රතිශතයක් මේ ටිකේ තියෙනවා. ඔය කියන 'ක්‍රමවේද' දැන්නම් තොග පිටින්ම තියෙන එක තමා ප්‍රශ්ණෙ.
දැන් ගායකයෙක් වෙන්න අවශ්‍ය සුදුසු කම - සල්ලි හෝ පෙනුම හෝ නර්ථන හැකියාව හෝ තාක්ෂණ දැනුවත් වෙත්දි අනවශ්‍යම සුදුසුකම ගායන හැකියාවයි!!!
දැන් සල්ලි වැඩි උන් තමන්ගෙ රූපය ජනප්‍රිය කරගන්න අදහසින් මියුසික් වීඩියෝවක් එහෙම කරන ගමන් මෙලෝ රහක් නැති සින්දු කියනවා....
Deleteමොනා කරන්නද බං දැං හැමදේම මාර්කට් කරන්න එපායැ.. හොද දේ නැති නොවෙන නිසා අළුත් දේ ගැන තකන්න එපා. හැකිනම් බාරගන්න නැතිනම් අතහරින්න..
ReplyDeleteබොලාගෙ උපදෙසත් නරකම නෑ...ඒත් කනට හුරු මිහිර නැති උනාම හිතට අවුල් නේද බොලං...
Deleteමියුසික් ගැන මෙලෝ හසරක් මං දන්නෙ නෑ. පැහැදිලි කරගන්න කරුණක් තියන නිසා අහන්නෙ ( මගෙ අදහසක් කියනව නෙමෙයි )
ReplyDeleteහැමතිස්සෙම ඇහෙනව විවුර්ත හෝ වෙලඳපොල ආර්තිකය, තාක්ෂණය, ටීවී , එෆ් එම් චැනල්, රියැලිටි වැඩසටහන්, මුදල් ලැබීම, මුදල් සොයායාම ආදී කාරණා නිසා ඉස්සරවගේ නෙමෙයි දැන් කොලිටි බැහැල කියල. ඇමරිකාව, යුරෝපය, ඉන්දියාව, ඉන්දුනීසියාව, දැන් චීනෙත් ආදී රටවල ඔය ඔක්කොම තියනව කොලිටිත් තියනව, trash ත් තියනව, ඉන්ඩස්ට්‍රි එකත් නැගලයනව සම්භාව්ය සරල රස්තියාදු ( ඒරටවලත් එහෙම කියනවද ? මං දන්නෙ නෑ ) ඔක්කොම එවුන් සල්ලිත් හම්බකරනව, මිනිස්සුත් රස විඳිනව වගේ තමයි පේන්නෙ. ලංකාවෙ වෙනස්ද? ඇයි ඒ?
දියුණු රටවල ඒ ඒ විලාසිතාවට අනුව ගීත විකාශනය වන ගුවන් විදුලි නාලිකා තිබෙන බව මා අසා තිබෙනවා. ඒ අනුව ඒ ඒ වර්ගයේ ගීත වලට කැමති අයට තමන් කැමති නාලිකාව අහන්න පුලුවන්....උදා Jazz, Rock
Deleteලංකාවෙ වෙළදපල සාධක මත ප්‍රබුද්ධ කළාකරුවන් නිහඩ වී තිබෙනවා. වර්තමාන තාක්ෂණික ක්‍රමවේද පිළිබදවත් සමහර විට ඔවුන්ට අවබෝධය නැතුව ඇති. ඒ අයගේ නිහඩතාව නිසයි හරසුන් දේ මෙපමණ බිහිවෙන්නෙ.
රෙඩියෝ විතරක් නෙමෙයි TV ත් අපේ ගෙදරින් ඇත් කරලා තියන්න හේතුව ඔික තමයි.
ReplyDeleteඅසන්නන්ගේ ඉල්ලිම් කිව්වට ඉල්ලන ඔින සිංදුව FM නංගි අපිට කලින් කියනවා ඊට පස්සේ ඉතින් අපිට තියෙන්නේ නම් ටික එකතු කරන්න.
ගිතයට එකතු කරගන්නවා අයියා අක්කා අක්කා ගේ පෙම්වතා පෙම්වතාගේ නංගි නංගිගේ වත්තල වද පුංචි වද පුංචිගේ ලොකු දුව
උඔගේ ලිපියනම් අගය කල යුතුයි.
එල ද බ්‍රා
එෆ් එම් නංගිලා කථාකරන්නෙ හරියට සුපිරි ජීවිත ගත කරන ඉතාම ඉහළ වැටුපක් ලබන පිරිසක් වගේ...මම මේ ලගදි ඔය ක්ෂේත්‍රයෙම ඉන්න කෙනෙකුගෙන් ඔය ගැන ඇහුවා...මිනිහා හිනා වෙලා මට කියනවා...ලොකු පඩියක් ගන්නවා බං ලොක්කො එක්ක හාන්සි වෙන උන් නං කියලා....
Deleteමෙන්ඩිස් අයියා සින්දුවට එකතු කරගත්ත පිරිස නම් මල් හතයි...වද පුංචිගෙ ලොකු දුව එකතු කරගත්ත එක ගැන විශේෂ පරීක්ෂණයක් කරන්න වෙයි වගේ...
දුක තමා දැන් හැදෙන ගොඩක් එවුනුත් ඔය ගීතවලට කැමති වීම.
ReplyDeleteමගේ නෑයෙකුත් ඉන්නවා සිංදු ලියන, කියන, සංගීතය සපයන. (කලින් blog post එකේ එයා ගැන මං කිව්වා.) එයාගෙ සිංදු එක්තරා ගායකයෙක්ගෙ කොපියක් විදිහටයි මට ඇහෙන්නෙ.
අද ඉන්න තරුණ පරපුරත් සින්දු ලියන උන් වගේම සිංහල සාහිත්‍යයක් ගැන දැනුමක් නෑ...ඉතින් මේ කුණු රහට උනුත් වහ වැටිලා....ඒක තමයි කරුමෙ.
Deleteඉතාම හරවත් ලිපියක්, උත්සාහය අගය කරනවා සහෝදරයා, මුළු ලංකාවේම රසන්යතාවය මාධ්‍ය ආයතන ප්‍රදානීන්ගේ අල්ලේ නැටෙවෙනවා නොවේද, ඒ අස්සේ පින් පඩි ගන්න සංස්කෘතියකුත් තියෙනවනේ, හනේද කියන්නේ, අද තියෙන්නේ කකුල් දෙකට කියන ගීත, උන්ට අම්ම ගැන කිව්වත් නැටවෙනවා, බුදුහාමුදුරුවෝ ගැන කිව්වත් නැටවෙනවා, සංගීත සංදර්ශන බහුතරයක (හිස්) හිස් ගොඩක් තියෙනවා කකුල් නැටවෙන, අපි මොන දේ කතා කරත් මේ පරිහානිය තව දසක ගණනාවකට එහෙමම තියෙයි, මොකද අතීසාරයට අමුද ගහලා පලක් තියෙනවද, බුදු බන ඇත්ත නම් මේ දෙස් දෙන්නේ කොසොල් රජතුමා දැකපු සිහින ගැන නොවේද සෑම විෂය සීමවන්න්ටම අදාලව.
ReplyDeleteසොමියා බොගෙ කටේ මසුරං දාන්න ඕනෙ...ඕක තමයි ඇත්තම කථාව...ආයතන ප්‍රධානීන්ගේ න්‍යාය පත්‍රයට තමයි එෆ් නාලිකා ගමන් කරන්නෙ...මේ චැනල් වල වැඩ කරන නිවේදිකාවො / නිවේදකයො ඇතැම් විට තමන්ගෙ රසඥතාව නිහඩකරගෙන තමයි මේ කසිකබල් ගීත වාදනය කරන්නෙ. ඔවුනට ඉතිං රැකියාව වැදගත් නොවැ....මොකද මේ සමහරෙක් මා සමග පුද්ගලිකව අදහස් හුවමාරු කරගන්නවා...ඒ අයම කියනවා මේ ගීත වලට අපි කැමති නෑ කියලා.
Deleteපොඩි කාලෙ ඉඳන් ඇහෙන්නෙ හර සුන් ගීත නම් කුමක් කරන්නද. අද කාලයේ දරුවන්ට බොහෝවිට අහන්න ලැබෙන්නෙ සිරා කියන පරිදි හරසුන් බොළඳ සිංදු පමණයි. නමුත් අද වන විටත් හරවත් ගීත රචනාකරුවන් සිටිනවා. ඔවුන් සහ තරුණ දක්ෂ ගායකයින් එක්වෙලා මේ රැල්ල වෙනස් කරනන උත්සාහයක් යම් තරමකට හෝ දරනවා නම් අනාගත පරපුර වාසනාවන්තයි. ඒ උනත් අද ගුවන් විදුලි නාලිකා අතලොස්සක් හර ඉතිරි හැම එකකම වාගේ තියෙන්නේ හුදු ප්‍රේමාලාප සහ කුණුහරුප. බස් වල යනකොටත් මේවා ඇහෙනවනේ ඇති වෙන්න. මේවා අහන පිරිසකුත් ඉන්නවා නේද කියල සමහරවිට පුදුමත් හිතෙනවා.
ReplyDeleteමම නම් හැම වෙලාවේම අහන්නේ පරණ සිංදු. මා අතේ පැරණි සිංදු විශාල ගණනක් තියෙනවා. කොපමණ ඇහුවත් එපා වෙන්නේ නෑ. අමතක වෙන්නෙත් නෑ. වර්තමාන සින්දුවක පැවැත්ම ගැන හිතනවිට ඒවා මොන තරම් පුස් දේවල්ද කියල හිතෙනවා.අවුරුදු 15 කටත් වැඩියෙන් පරණ සිංදු තවමත් මතකයේ තියෙද්දී දිනකට කලින් අහපු සිංදු අමතක වෙලා යනවා. හේතුව ඉතින් සිරා හොදටම පැහැදිලි කරලා තියනවනේ.
මම හිතන්නෙ ඇපල් ප්‍රවීණයන්ගේ නිහඩතාව තමයි මේ තරමට ගීත ක්ෂේත්‍රය විකෘති වෙන්න බලපාලා තියෙන්නෙ. ඔවුනුත් නව පරපුර වගේම හරවත් නිර්මාණ ඉදිරිපත් කලා නම් මේ ගැටලුවට යම් තරමකට විසදුමක් ලැබේවි. නමුත් වෙළදපොල සාධක මත වියදමවත් හොයාගන්න බෑ කියලයි ඒ අය යමක් නොකරන්නෙ.
Deleteමේ මාසෙ හිට්වෙන සින්දුව ඊලග මාසෙ වෙද්දි අමතකයි...සාහිත්‍ය රසයක් නැති නිසාම මේ ගීත හරියට වල්පල් , එහෙමත් නැත්තං ඕපයක් ඇහුව ගානයි...
හරසුන් ගීත කලාවත් ගිරාපෝතක නිවේදන කලාවත් ජනප්‍රිය කලේ 90 දශකයේ මුල් භාගයේ සිට මෙරට වැසි වසින්නට වූ එෆ් එම් නාලිකාවනුයි.අද ඇති සංස්කෘතික පරිහානියට ඔවුන්ද යම් තරමකින් හෝ වග කිව යුතුයි.
ReplyDeleteඇත්ත වශයෙන්ම...පුද්ගලික නාලිකා එක දෙක තිබුන යුගයේ එතරම් හානියක් උනේ නෑ....නමුත් නාලිකා පැටව් ගැහුවට පස්සෙ රේටින්ග්ස් හොයාගෙන දුවපු බලු තරගෙ ප්‍රතිඵල තමයි මේ.
Deleteකාට කියන්නද බං …
ReplyDelete90 දශකයේ පටන් සංගීතය කාබාසිනියා කරන්න දායක වූ , පත්තර මල්ලීට කියන්නම දෙයක් නැතිවූ හැටි. අහෝ....:D
Deleteහෑ … !!! :D
Deleteබ්‍රෑන්ඩ් එක ගල්
Deleteස්තුතියි
සෝඩ එපා
Delete-ස්තූතියි-
බයිට් එකට තෙප්පිලි බැදලා
Delete- ස්තුතියි -
මදි පාඩුවට ගොලිප් එකක්
Delete- ස්තුතියි -
සැමගේම ස්තුතියට
Delete-ස්තුතියි-
ස්තුතියි නැවතත්
Delete- ස්තුතියි -
බයිට් එකට මෙන්න ..........
Deleteමාතලේ හැදුවා මං ගේ තට්ටු
කේතලෙන් මල්ලක් ගත්තා කෙට්ටු
ඒ කෙල්ල දැම්මානේ මට වෙට්ටු
කවදහරි කරනව නංගිව මට්ටු
සිරිපාල කපුවා තිබ්බෙ මොට්ටු
මොට්ටුවට මතුරල ඕංරීන් කට්ටු
මොට්ටු දී ඈ හට උනානෙ තුට්ටු
ඇයිද දැන් පෙරලෙන්නෙ පානිට්ටු
කටගැස්ම වී මා ලෝකෙට පේනවා..
තලුමරා මාවම බයිටට ගන්නවා..
හිස හැරුණු ඒ මේ අත දුවනවා...
ඊජිප්තු පිරමීඩෙක මා නිදනවා...
උන් දෙන්න වගුරනවා සතුටු කඳුළු
ඉතිරිවුනෙ මට මේ බල්ලා නකුටු
සමගියෙන් ඉන්නේ අපි වී වකුටු
කවදහරි පෙන්නනව රැම්බො පාට්ටු..
ඒ කාලේ අපි කෑවේ කෝලි කුට්ටු
කෙලින් තිබු කොණ්ඩය උනානෙ පොකුටු
තුන්වේල කන්නේ දාලා සීට්ටු (දැන් ඉතින්)
හිටගෙන ගිලින්නයි වෙන්නෙ පිට්ටු
කටගැස්ම වී මා ලෝකෙට පේනවා..
තලුමරා මාවම බයිටට ගන්නවා..
හිස හැරුණු ඒ මේ අත දුවනවා...
ඊජිප්තු පිරමීඩෙක මා නිදනවා...//
ගායනය : ලහිරු පෙරේරා
පද රචනය : මනුරංග විජේසේකර
සංගීතය : ලහිරු පෙරේරා(Music Oven Crew)
සුමිහිරි පානේ පදමට ගහලා
Deleteහෙට මැරුණත් හිතට සැපයි අද ජොලි කරලා
නොකා නොබී ලෝභ කමට වස්තු සොයන්නේ
මරුන දාට කොෆින් එකේ අපි නිදියන්නේ
සෝඩා නොදා විස්කි බ්‍රැන්ඩි ගහපන් මල්ලි
කළු කෙල්ලයි සුදු කෙල්ලයි එයි ඇත එල්ලී
සුමිහිරි පානේ ....
ගායනය - ඩෙස්මන් සිල්වා
හැබෑට පත්තර මලයට කියන්න දෙයක් නැතුවම ගියාද..සවුන්ඩ් වැඩ කරපු කාලෙ අපිත් නොදැනුවත්වම කලාවේ විනාශයට දායක උනාද කියලා මිනිහා හිතන්න ඇති....ගල් බෝතලයක් මගේ ලග තියේ.....සැළලිහිණියෙක්වත් අහුවුනොත් එවන්නං උගේ අතේ...
Deleteඑනකොට අරන් වරෙන්
Deleteඑනකොට ගල් මොටද මෙන්ඩිස් අයියා...
Deleteඅපෝ විස්කි බ්‍රැන්ඩි එපා. වමනේ යනවා
Deleteබ්‍රැන්ඩ් එක ගල්
-ස්තුතයි-
ආන්න බොක්කා.. අපි එදත් ගල් . අදත් ගල්. … ඔය රට විෂ්කි නොදෝමකිං.
Deleteඑළකිරි මෙන්ඩිස් අයියා...දේශීය දේ අගයන්නත් එක්ක අපි මෙන්ඩිස් ගල් එකක්ම ගහමු...ආයෙ සෙට් වෙච්ච දවසක....ඉස්සර ෆුල් කෝඩෙ දවස් වලට අපි කොල්ලො සෙට් එක මෙන්ඩිස් ගල් තමයි ලග නැමුවෙ.
Deleteහොඳ ලිපියක් සිරා.
ReplyDeleteඇත්තටම 70, 80 සින්දු අහල තියෙන කෙනෙක් ඒ සින්දු කවදාවත් තමංගෙ හිතෙන් අහක් කරගන්නෙ නෑ. නන්දා මාලනීගෙ, අමරදේවගෙ හිත නිවන සින්දු වගේම ජෝතිගෙ, නිහාල්ගෙ වේග රිද්ම ගීතත් ඒ කාලෙ එක ලෙසම ජනප්‍රිය උනා. දැං ඔය එක එක ස්ටාර් වෙන ගායකයො උනත් අන්තිමට හිට් වෙන්නෙ ඒ කාලෙ හිටපු ගායකයන්ගෙ සින්දු වලින් තමයි.
ඒ කාලේ අපි රේඩියෝ වලින් සින්දු අැහුවට කොම්පියුටර් ගේම් ගහන, පරිගණක එක්කම ජීවත් වෙන පරපුරට හොඳයි කියන දේවල් වෙන්න ඇති දැන් නිර්මාණය වෙන්නෙ.
ස්තූතියි ප්‍රසන්න අයියා.....ඔබේ පරපුර සුභාවිත ගීතයේ සහ අද තියෙන හරසුන් ගීත අතර වෙනස හොදට හදුනනවා...ඉස්සර ගීතයක් අහද්දි හිතේ ඇතිවෙන්නෙ චිත්ත රූප....අද සින්දුවක් අහද්දි ඇතිවෙන්නෙ කෝපය...
Delete70,80,90, 2000 දශක වලදිත් සුභාවිතයැයි කියන සංගීතයට වෙනස් ආරක රැලි ඇතිඋනා වගේම නැති උනා.
ReplyDeleteමගේ මතය නම් සංගීතයේ නව ආරක රටාවල් අත්හදා බැලිය යුතුයි. පැවතෙන දේ ඉතිරිවෙලා අනික්වා නැතිවෙලා යයි.
දැන් සංගීතයකරන්නෙ විශුවල් එකක් කරල මාකටින් පාරක් දීල සිංදුවක් බලෙන් කන ඇතුලට යැවීමක්, කොහොම උනත් බහුතරයක් කනින් පිටවෙලා සුභාවිතයැයි අපිට උචිත ලෙස හදාපු ෆෝල්ඩර් එකේ තැන්පත් වෙනව. ඒව තමයි බාත් රූම් එකේ ඉද්දි නිකම්ම කටින් එලියට එන්නෙ.
නව සංගීත රටා බිහිවිය යුතුයි.නව නිර්මාණ අත් හදා බැලිය යුතුයි..ඒත් මචෝ සිංදුවක ට්‍රැක් එක ප්ලේ කරලා කට හොල්ලන එක නම් මට පෙන්නන්නම බැරිවැඩක්.. උඹ කියන්නේ ඒ සිංදුවෙ අයිතිකාරය ඇවිල්ල ට්‍රැක් එකට කට හොල්ලල යනව. බෑන්ඩ් වල කොල්ලෝ ලයිව් සිං කරනවා ඒකම එයා නැති තැන් වල ඊට වඩා ලස්සනට :D :D හා හා
Deleteට්‍රැක් එකට කට හොල්ලල යනව // අඩේ එක දවසක්වත් ට්‍රැක් off කරල නැද්ද :-#
Deleteහැක් .. ආ ඕෆ් කරනව අර හොයි හොයි , යෝ යෝ ගාල කෑහන තැන් වලදි නං :D
Deleteඔය ගොඩාක් හම්පඩයින්ට ලයිව් සින්දු කියන්න බෑ....ඔය වගේ හාදයෙක් වතාවක් ස්වර්ණවාහිනියෙ සජීවී වැඩසටහනකදි අසරණ උන විදිය දැක්කා නම් දුක හිතෙනවා අයියෝ....
Deleteසිරා අර උදය ශ්‍රී කියන එකා නේද ????
Deleteබෙග් මාස්ටර්ගේ සින්දුවක් කියන්න ගිහින් නාගත්ත එක ගැන නේද කියන්නේ ....
ප්ලේ කලේ අර "පු" මල්ලිගේ බෑන්ඩ් එක .අනේ අම්මේ හතුරෙකුටවත් එහෙම වෙන්න හොද නැ ....
ඇයි මිනිහත් නා ගත්තද ? මම කිව්වෙ චින්ති කියන හාදයා ගැන...වතාවක් සජීවී රූපවාහිනී වැඩසටහනකට මිනිහා සහභාගි වුනා. වැඩසටහන මෙහෙයවපු නිවේදකයා සජීවීව වෙනත් ගායකයකුගේ ගීතයක් ගයන්න ආරාධනාවක් කලා. චින්ති තමන්ගෙ හැකියාව ගැන දන්න නිසාම ඒ ඉල්ලීමෙන් ලෙස්සලා යන්නම බැලුවා. බැරිම තැන ක්ලැරන්ස්ගෙ සින්දුවක් කිව්වා....ඒ ගීතය අහලා නිවේදකයා ඇතුලු සභාව අපහසුවෙන් සිනහව වලකා ගත්තා.
Deleteමාකටින් ගැන හරි අවබෝධයකින් කටයුතු කරනවනං, පෞද්ගලික නාලිකා වලට තියෙන්නෙ ඔරිජිනල් මියුසික් තියෙන 70 -80 දශකයෙ සින්දු වලට පොඩි තැනක් දෙන එකයි. මේ කාලෙ කොතනකින්වත් ඇහෙන්නෙ නැති දෙයක් තමා ඒ.
ReplyDeleteනාලිකා වලට අමතරව රිගින් ටෝන් කියලත් අටමගලක් තියෙනවා නෙ...ඒ අයගෙ කැමැත්ත මේ කසිකබල් සින්දු වලින් තමන්ගෙ හොද්ද බොරකර ගන්න...
Deleteමෙ ගැන නම් කතා කරන්න දෙයක් නැ සිරා
ReplyDeleteමිස් යු කිවුවම මි ටු කිවුවෙ බොරුවටද
කිය්ල අහන සින්දු තියෙනවනම් වෙන මොන කතාද?
ඔන්න ඔය ඔබ කිව්ව ගීතය අහපු පළවෙනි දවසෙ මට හිනා ගියා...නාලිකාවක ගීත ප්‍රචාරය කරන්න, ගීතය නිසි ප්‍රමිතියට තියෙනවද බලන්න දැනුමක් තියෙන අය හිටියා නම් මේ වගේ ගීත කවදාවත් ප්‍රචාරය කරන්නෙ නෑ...ලිද ලග නාන ගමන් කථා කරනවා වගේ තමයි අද සින්දු ලියන්නෙ.
Deleteඔබ කිව්ව ගීතයේ රූප රචනය දැක තිබෙනවාද...එය සින්දුවට නොදෙවෙනියි...අගක් මුලක් නැති අමුතුම එකක්...
ගීතයට පමණක් නොව ටෙලි නාට්‍ය, සිනමාව,පුවත්පත් වැනි සියලු කලාවන්ගේ පරිහානියක් දක්නට ඇත.එපමණක්ද ගුවන් විදුලි ධර්ම දේශනා පවා තුට්ටු දෙකට වැටී ඇත.
ReplyDeleteසමස්ත ලෙසම ලංකාවේ සෑම අංශයකම මේ කියන සෝදාපාළුව සිදු වී තිබේ...උදාහරණයකට විභාග දෙපාර්තමේන්තුව බලන්න...අපේ කාලයේ අපි ප්‍රශ්න පත්‍රවල දෝෂ ගැන අහලා තිබුනෙම නෑනෙ....අද ප්‍රසිද්ධ විභාගයක් තිබ්බ දවසෙ ඉදන් ගැටලු...
Deleteතෘකාව පිලිබදසිංදු ඇනෝගෙ සිංදුව මොකක් වෙයිද දන්නෑ
ReplyDeleteපින්තාලිය හැදුවේ අපෙ බෝසත් විදානේ
Deleteපැන් බිව්වේ මගී දන සිතු ලෙසානේ
දෙව්ලොව වැඩිය පසු ඒ ගුණ කඳාණෝ
පින්තාලිය බින්ඳෙ දෙව්දත් පුතාණෝ
පිනට ලැබුණි පැන් හැමතැන ඒ කාලේ
දනට පිනට බණටත් තිබුණයි ආලේ
මිලට පැන් ගන්ට වී ඇති මේ කාලේ
අපේ පවට මොනවා කරමුද රාළේ
නපුරු කලට එන දුක් නිම නැතේයා
සතුරු විපත් හැම පැත්තෙන් එතේයා
හොඳ මිනිසුන් සුර ලෝකෙට යතේයා
දෙව්දත් පුතුන්ගෙන් දුක් පැමිණෙතේයා
ගී පද - ඩබ්ලිව්. ඒ. අබේසිංහ
ගී තනු - එච්. එම්. ජයවර්ධන
ගායනය - සුනිල් එදිරිසිංහ
රා රා රා බොම්බියේ මුවා වෙයන් නංගියේ
Deleteජපං මැන්ඩලින් නද කර අවුරුදු එයි හන්දියේ
උජාරුවට කිව්වත් ලෝකෙට පරකාසේ
දේසේ හැටියට නොම වෙයි එන එන බාසේ
සීගිරි කැටපත් පවුරේ ඇත සංගීතේ
මිහිරට ගයමුකො මල්ලියෙ සීපද ගීතේ
අවුරුදු එයි හන්දියේ මුවා වෙයන් නංගියේ
අවුරුදු එයි හන්දියේ මුවා වෙයන් මල්ලියේ
ලලයි ලිලයි ලයි වැයුවත් වියෝලෙ බැන්ජෝ
කාගේවත් පට්ටන්දර මොකටද සිංඤෝ
කාලෙන් කාලෙට කියැවෙයි නෙක නෙක බයිලා
දෙස බස රැකුමට නුවණින් වැඩ කරපල්ලා
අවුරුදු එයි හන්දියේ මුවා වෙයන් නංගියේ
අවුරුදු එයි හන්දියේ මුවා වෙයන් මල්ලියේ
ගී පද - සුනිල් සරත් පෙරේරා
ගී තනු - රෝහණ වීරසිංහ
ගායනය - සුනිල් එදිරිසිංහ
ඇරු බොක්කා ඇරු … :D
Deleteකියලා වැඩක් නෑ සින්දුවො...උඹත් එක්ක ගල් බෝතලයක් ගහන්නමයි හිත....පත්තරයො බයිට් එකට මොනවා හරි ඔතාගෙන තට්ටුවක් දාන්න පහේ බූලියකුත් අරගෙන වර....
Deleteස්තූතියි සින්දු ඇනෝ, උඹ නම් රෙකෝඩ් බාර් එකක්.
Deleteඋඔ නම් යකෙක් ඇනෝ.
Deleteඑල ද බ්‍රා
බ්‍රැන්ඩ් එක ගල්
Delete-ස්තුතියි-
ස්තුතියි ....
Deleteබ්‍රෑන්ඩ් එක ගල් ....
ඇරපන් බෝතලේ ලෝබ නැතුව වක්කරපන් සුමිහිරි පානේ
කකුලද පැගුනේ එපා නංගි ගනන් ගන්න සුකිරි බෝලේ ...
උදේ පටන් රෑ වෙනතුරු මේ අත් දෙක හම යන තුරු ....//
වැඩ කරලා හරිම මහන්සියි ...
මේ ජොලි බීමකි ගරු සරු කට ගෑ වෙනකොට හරි මරු
බීමෙන් මැකෙනවා කාන්සි ...
ඇරපන් බෝතලේ .....
ගෙදර ගියොත් බොරු සද්දේ
කීකරු බාරිගේ යුද්දේ - හට්ටි මුට්ටි ඔලුවට එනවා
බාල්දි කටු පිහි මැද්දේ - අල්ලපු ගෙදර මිහිරක් දේ
ෂපාන් එකේ එහෙ නිදියනවා ....
ඇරපන් බෝතලේ ..
ගායනය - ඩෙස්මන් සිල්වා
මගේ කාමරේ පැත්තකට කරලා තියෙන ගල් බෝතලේට දැන් මාස 5 ක් වයසයි බොල...තාම මූඩිය කැරකුවේම නෑ.
Deleteමුඩිය කැරකුවොත් බෙල්ල කරකනවා. එනකොට අරන් වර.
Deleteපත්තර මල්ලි සින්දු ඇනෝ ඉවාන් සුදික අයියන්ඩි කම්මල අල්ලගෙන තිසා වැවේ හරි රාඡංගනේ වැව් බන්ට් එක උඩ ගහමු.
අනිවා මෙන්ඩියො ,අඩේ රාජාංගනේ වැවේ ගල උඩ ගහමු. එතන ටොප්
Deleteබ්‍රෑන් එක ගල්
- ස්තූතියි-
ආන්න බොසා.… තෙප්පිලියෙක් කාල ගල් ෆිංගක් බීල බන්ටෙකේ බුදියං පහුවදා ගෙදර යං . ආයෙ මොකෝ නොකිව්වත් ඒක නෙවැ වෙන්නේ. නැද්ද මං අහන්නෙ.
Deleteබ්‍රෑන්ඩ් එක ගල්
- ස්තුතියි -
මෙන්ඩිස් අයියා දැම්ම කිව්වා කියලා හිතාගනු හොදා...කම්මල අයියන්ඩිය එක්ක ලබන වසරෙ මැද පොඩි ගමනක් යමු....අපිට වීයත් එකතුවෙයි බොහෝ වෙලාවට...රාජාංගනේ වැවේ පොට් එකටත් එකෙන්ම යමු. අම්පාරෙදි සදරුවත් එකතු වෙයි.
Deleteපත්තරයො..බොලාත් සෙට් වෙනවද ගමන යන්න ?
Interestingly T M Jayaratne also sang රා රා රා බොම්බියේ in the film “Karumakarayo” Is this different?
Deleteවර්තමානයේ බිහිවන සියලු නිර්මාණ හරසුන් නිර්මාණ හැටියට ලේබල් කල නොහැක , විශිෂ්ට නිර්මාණ මෙන්ම ,නොයෙක් සමාජ පන්තීන් සහ විවිධ වයස් කාණ්ඩවල පිරිස් කෙලින්ම ඉලක්ක කරගත් නිර්මාණ බිහිවීම තමා අද සිද්ධ වෙන්නේ .
ReplyDeleteඋදාහරණයක් ලෙස ප්‍රේමයේ විරහව විඳින කොටස් කෙලිමනා ඉලක්ක කරගත් නිර්මාණ බිහිවෙනවා , ඒ වගේම ප්‍රේමයේ සුන්දරත්වය විඳින කොටස් ඉලක්ක කරගත් නිර්මාණ බිහිවෙනවා . තාක්ෂණයේ දියුණුව සමග ලෝකය කුඩා වීම නිසා විවිධ සංස්කෘතීන් වල ,රටවල නිර්මාණ රසවින්දීමත් ඒවා අනුගමනය කිරීමත් දකින්නට ලැබෙනවා .
නමුත් මේ ගීත සියල්ල ප්‍රචාරය වන්නේ පොදුවේ . විඳින්නට කැමති අකමැති හැම දෙනෙකුටම එය එකවර විඳින්නට සිදුවීම මත හරසුන් නිර්මාණ ලෙස බොහෝ දෙනකුට පෙනීයන්න පුළුවන්. වර්තමාන ගීතය 100%ම සුපිරි නිර්මාණ නොවන්නට පුළුවන්, නමුත් මට පෙනෙන පරිදි මහා ඛේදවාචකයක් එතැන් නැහැ.
මේ තරුන පරපුරම තමයි peoples award හිදී ජනප්‍රියම ගායිකාව ලෙස නන්දාමාලිනි තෝරන්නේ .
නමුත් මේ සියල්ල අභිබවා වෙළඳ උපක්‍රම ක්‍රියාත්මක වෙනවා . fm නාලිකා වල මුදල් ගෙවා ගීත ප්‍රචාරය කරගැනීම වැනි ක්‍රියාවන් මතින් සැමට සමාන අවස්ථාවන් ලැබෙන්නේ නෑ. නමුත් ස්වාභාවිකම හරසුන් නිර්මාණ යට යනවා, විශිෂ්ට නිර්මාණ ඉතිරි වෙනවා .
සියලුම ගිත හරසුන් යැයි මා අදහස් කරන්නේ නෑ....ඒ නිසයි 10% ක ප්‍රතිශතයක් හොද ගීත වෙනුවෙන් ඉතිරි කලේ...නමුත් අද බිහිවෙන ගීත වලින් අති මහත් බහුතරයක් හරසුන් ගීත බවට සැකයක් නෑ. ප්‍රේමයේ විරහවට කැමති අයට ඉල්ලුමට වඩා සැපයුම තියෙනවා...නමුත් ප්‍රේමයේ ශෘංගාරය, සුන්දරත්වය විදින්න හැකි නිර්මාණ බිහිවෙන්නෙ ඉතාම අඩුවෙන්...විරහා ගීතය මාකට් කරන්න පහසුයි වැනි අදහසක් නිර්මාණකරුවන්ට තියෙන නිසයි එවැනි දේම නිර්මාණය කරන්නෙ.
Deleteඑෆ් නාලිකා වල ප්‍රචාරය කරන්නට නව ගීත භාර ගන්නා විට ඒවායේ ප්‍රමිතිය නිර්ණය පිණිස යම් නිර්ණායකයක් ඇති කලා නම්...මේ තීරණ ගන්නා පුටුවලට නිසි පුද්ගලයන් පත්කලා නම් මේ ගැටලු පහසුවෙන් විසදිය හැකි වනු ඇත.
හරසුන් නිර්මාණ යට ගොස් විශිෂ්ඨ නිර්මාණ ඉතිරි වෙන බව සත්‍යයි. නමුත් අපට අලුතින් විශිෂ්ඨ නිර්මණ අසන්නට නොලැබීම තමයි දුක..ප්‍රවීණයො අද අලුතින් නිර්මාණකරණයේ යෙදෙන්නෙ ඉතාම කලාතුරකින්.
කෙටියෙන් පිළිතුරක් දෙන්නම්. එදා ගීත රචකයා, සංගීත ශිල්පියා මෙන්ම ගායකයින්ද ඇසුරු කල දේ බලන්න. බොහෝ දෙනෙකු උසස් සාහිත්‍ය කෘති වලින් පෝෂණය ලබනවා. කෙනෙකු දෙයක් කරන්න බහින්නේ, ඒ පිලිබඳ නිපුණතාව පිළිබඳ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් ලැබුණු විවරණ තුලින්. අද කැමැත්ත සහ මුදල් තිබෙන ඕනෑම කෙනෙකු නිර්මාණයක් කරන්න පෙළඹෙනවා. මේ නිසාම දක්ෂයන් සහ උසස් රස ඇත්තන් යටපත් වෙනවා. නාලිකා සම්බන්ධයෙනුත් මේකමයි.
ReplyDeleteඕනෑම ක්ෂේත්‍රයක ප්‍රවීණයෙක් වෙන්න නම් නිසි හැදෑරීමක් මෙන්ම ඒ ක්ෂේත්‍රය තුල ප්‍රායෝගික භාවිතයත් වැදගත්...නමුත් ක්ෂේත්‍රයේ කිසිදු හැදෑරීමක් නැතුව පැරෂුට් ක්‍රමයට ආව නිර්මාණකරුවන් තමයි අද අප පිනවන්න වෙහෙසවන්නේ...
DeleteSinhala geetha Rachana kalawa thuttu dekata Danna Mulwechcha ekek Thamai Ara Duka (WBD)Kiyana,Sobana Gemiya.
ReplyDeleteසොකරිව විකුණලා කංසා බොන්න සොදා කියලා ලිව්වෙ මෙයා නේද...
Deleteහා!පටන් ගනිමු!!
Deleteසොකරි කතාවේ පරයට දුම් පෙවීම.
තෙයියත් තෙයියත් තෙයියත් තා
තෙයියත් තෙයියත් තෙයියත් තා
තෙයියත් තෙයියත් තෙයියත් තා
හකුරුත් දුංකලත් කංසා එක පමන
ඇඹරූ ලෙසට අල්ලේ පොඩිකරල ගෙන
කංසා ගඩුගුඩාවට දිය වත්කරන
ගුරුවත් සොකරිත් බොති කංසා ඉඟන
මටාත් දියාන් ගුරුහාමී කංසා ඉල්ලන
තටා දෙන්ට කංසා නැත ගුරුවා කියමින
පිහා කැත්ත අතේ ගගා මුවඅත බලමින
මටාත් නොදූන්නොත් කංසා ගුරුවා මරමින
හිංසා පීඩා විඳින්ට මුන්ගෙන් මට බැරුවා
කංසා ගඩුගුඩා පොල්ල කොන්ට අතට දෙනවා
පිස්සා වෙන්නට සොකරි පරයට දුම් පෙව්වා
උස්සා දමලා පරයගෙ කංස දෙකට එලුවා
රාමා රාමා මගෙ හොඳ රාමා
කංසා බීලා මත්වුනු රාමා
රාමා රාමා මගෙ හොඳ රාමා
අම්මා ආවා නැගිටින් රාමා////
තල මල පිපිලා (ජයලත් මනෝරත්න)
ගායනය - ජයලත් මනෝරත්න
සින්දු ඇනෝ උඔ අදහන්න වටිනවා.
Deleteඋඔගේ කමෙන්ටු නිසා බොලෝග් ලස්සන වෙනවා.
එලද බ්‍රා.
ඇත්ත වශයෙන්ම...කාමරේ පාලුව නැති කරනවට සින්දු ඇනෝට අක්මාවෙන්ම ස්තූතියි...
Deleteමට තියෙන්නේත් උඩ ඉවාන්ට තියෙන අදහස හා සමාන අදහසක්.ලෝකේ කාලෙන් කාලෙට වෙනස් වෙනවා වගේ මිනිසුන්ගේ රස වින්දනය වුනත් කාලෙන් කාලෙට වෙනස් වෙනවා.අනෙක් අතින් ඔවුන්ගේ නිර්මාණ අලෙවි කර ගැනීමේ ගැටළුවක් තියෙනවා.අපි වුනත් කැමති සින්දු සිඩි එකකට කොපි කර ගන්නවා මිසක් මුදල් දීලා මිලදී ගන්න පෙළබෙනවා අඩුයි නේද?
ReplyDeleteමුදල් විසික් කරලා ගයකයෝ වෙන අය නැතුවාම නොවේ.නමුත් පැවැත්මක් නැහැ.
රස වින්දනය කාලෙන් කාලෙට වෙනස් වෙනවා...ඒක ඇත්ත...නමුත් ජනතාවගේ රසවින්දනය තමන්ට උවමනා විදියට හසුරුවන මාධ්‍ය කලාවක් තමයි ලංකාවෙ දැන් දකින්න තියෙන්නෙ. මුදල් විසි කරලා ගායකයො වෙන ඇය නැතුවම නෙමෙයි නෙමෙයි...ඒ අය තමයි වැඩිපුර ඉන්නෙ අද...
Deleteබිත්තර වී හදාගන්තෙ කුඹුරෙ තරමට නොවැ
ReplyDeleteඑකපාරටම වපසරිය වැඩි වෙච්චි හන්ද බොල්වීත් වැපිරුවනෙ ආයිබෝවංඩ
දැන් පල නෙලන කාලේ
ඊලඟ කන්නෙ වත් බලමු යහමින් සරු බිත්තර වී ටිකක් හදාගන්න
හෘදයංගම ස්තූතිය (මට අනුවත්) සිරා පොරකට!!
කථාව ඇත්තයි...වැපිරූ දේ නොවැ අස්වැන්න විදියට ලැබෙන්නෙ...මොකද වී ඉහලා කවුපි නෙලන්නයැ... අස්වැන්න ලබා ගත් දවසක හොද බීජ ටික සංරක්ෂණය කර ගත්තොත් අනාගතයට යහපත් ආයෝජනයක් වේවි. ස්තුතියි තිස්ස ඔබටත්....
Deleteපාට හොඳයි පැළ වෙන ගොයමේ නිල්ල
Deleteඊට උඩින් ගැසුවා වැනි මඬ රොල්ල
යාල දෙගොඩ හඬනා මැඩියන් ගොල්ල
දෙවියනි, බුදුනි පාළුයි තංගලු මුල්ල....
(ජන කවියකි )
මම දැම්ම කමෙන්ට් එක කෝ.....?
ReplyDeleteස්පෑම් වෙලත් නෑ....මම එතනත් බැලුවා.
Deleteඑක්තරා යුගයක සුභාවිත රසවින්දනය වෙනුවෙන් නිර්මාණය වූ ගිතය වෙළඳ භාණ්ඩයක් බවට පත්වෙන්නෙ කැසට් කලාව බිහිවුනාට පස්සෙ. අද වෙනකොට මේක තනිකරම මුදල් මත හඹායන තරගයක්.
ReplyDeleteරසභාව කිසිවක් නැහැ ඒත් ගිත බිහි වෙනවා. ඇහෙනවා දැන් අහන අය නෑ. මා‘ධ්‍යට මුදල් ගෙවා ප්‍රචාරය කරගන්නවා. මුදල් නොගෙවන අයගේ හොද නිර්මාණ නිහඬව තැන්පත් වෙලා තියෙනවා.
මාධ්‍ය සහ කලාව වෙළදුන් අතට ගියාම එහෙම තමයි මොනා කරන්නද
ගීත රචනය වගේම සාහිත්‍ය එක්ක බද්ධ වෙලා කටයුතු කරන දයානන්ද අයියා වගේ කෙනෙක් මේ ගැටලු ගැන අපට වඩා හොද වැටහීමක් තියෙන බව මම දන්නවා....මම යෝජනා කරන්නෙ අදුර නැතුව යන්න කියලා එක පහන් සිළුවක් හරි දල්වමු කියලයි. මේ තියෙන තුට්ටු දෙකේ සින්දු රැල්ල අස්සෙ සුභාවිත රැල්ලක් හදලා ඒක නැගලා ගියොත් හැමෝම ඒ රැල්ලෙ එල්ලෙනවා නියතයි. එතකොට හැකියාව නැති උන් කොහෙමෙත් හැලෙනවා. අද පද රචනාව මෙයා ලිව්වොත්, සංගිතය කරන්න ඕනෙ අහවලා....අහවලා සංගීතය කරනවා නම් පද ලියන්න ඕනෙ මෙයා.....එහෙම තත්වයක් නේද අද ක්ෂේත්‍රය තුල තියෙන්නෙ....අදහසට ස්තූතියි ඔබට...
Deleteදැන් දැන් හැබැයි සමහර මාධ්‍යය ට්‍රයි කරනවා මේ රසඥතාවය ගොඩ දාන්න. ලක්හඬ ඒකෙ පෙරමුණේ ඉන්නවා..නෙත් එෆ් එම් එකේ බැලුම්ගල, දෙරණ ෆ්ම් එකේ රෑ ඉර පාන , ඔහොම ඔහොම පොඩි ලිස්ට් එකක් තියෙයි.. ඉස්සර නම් ගීත සාහිත්‍යය කියලත් එකක් තිබුනනේ. දැන් කට්ටිය සින්දු අහනවා කියන්නේ තනුවෙන් විතරයිලුනේ. තනුව හොඳ නම් පද කන්නද අහනවා.. හෙහ් හෙහ් ලිපිය ලොවෙත් පස්ටයි !
ReplyDeleteඇත්ත වශයෙන්ම ඔව්...සුභාවිත ගීතයට ප්‍රිය කරන අපි වගේ උන්ට හොද හෝඩුවාවක් මෙවැනි වැඩසටහන් පැටව් ගසන බව අසන්නට ලැබීම...ලක්හඩ ඇත්ත වශයෙන්ම රේඩියෝ කලාව විකෘති නොකර තමන්ගේ ගමන යන නාලිකාවක්...නමුත් දුරකථනයෙන් අන්තර්ජාලය හරහා අහන්න විදියක් නැති එකයි අවුල....ඒ අය අලුතින්ම පටන් ගත්ත අඩ සද යාය වැඩසටහනත් සුභාවිත ගීතයේ රස අපට බෙදා දෙන්න ගත්ත වෑයමක්....ස්තූතියි සිංදුවො....
Deleteසනා.. මෙවනේ නියම සින්දු'
Deleteඅහා..ඉයේ....අහා.
තිත්තයි පෑනිරස කලා
තනමල් රේනු ගොඩක් ගසලා
කදිමයි රස සරුවත් බීලා
ඔට්ටුයි අහසෙ පාවිලා...
දැන් ඉතින් මුකුත් බැරි එකා කරන්නෙ සංගීතේ කන එක තමයි.. කොම්පියුටර් ජිල්මාර්ට් දන්නවනම් වෙන මොනවද....
ReplyDeleteඇත්ත වශයෙන්ම තත්වය ඒක තමයි...ඒ නිසයි මම ලිපිය තුලදි කිව්වෙ අපි තාක්ෂණය යොදාගෙන තියෙන්නෙ හැකියාවන් වර්ධනය කරගන්න නොව නොහැකියාව වහගන්න කියලා.
Delete* Guwanviduli niwedaka geetha Rachkayan athrin Lalith S Mithripalawa obata Amathaka weeethi hedai.ohu CT Fernando,JOTHI weni gayakayanta geeliya thibenawa(Ranjan)
ReplyDelete