අයිවරි කෝස්ට් කියන්නෙ සිරි ලංකාවෙ අපි වැඩිය වගතුග නොදන්න බටහිර අප්‍රිකාවේ පිහිටලා තියෙන රටක්. ලයිබීරියාව, ගිණියාව, බුර්කිනා ෆාසෝ, මාලි වගේම ඝාණා කියන රටවලට මායිම් වෙලා පිහිටලා තියෙන, 1960 දි ප්‍රංශයෙන් නිදහස ලබා ගත්ත රටක්, ප්‍රංශ භාෂාව තමන්ගෙ රාජ්‍ය භාෂාව විදියට භාවිතා කරන අයිවරි කෝස්ට් රාජ්‍යයේ ආර්ථිකයෙ වැඩි බරක් දරන්නෙ කෘෂිකාර්මික නිෂ්පාදන. ඒ අතරිනුත් කෝපි සහ කොකෝවා ප්‍රධානයි. 1960 - 1970 දශකය තුල ආර්ථිකය වර්ධනය වෙමින් ඉහළට ආවත් 1980 දශකය තුල රටේ ඇතිවෙච්ච දේශපාලනික අරාජික වීම් එක්ක රට ආපස්සට ගියා. වර්තමානය වන විට තමන්ගෙ මූලික අවශ්‍යතා බොහොම අමාරුවෙන් සම්පූර්ණ කරගන්න වෙහෙසෙන බහුතර දිළිදු ජනතාවක් වෙසෙන රාජ්‍යයක් කිව්වත් වරදක් නෑ. ඒ උනාට ඒ ඇත්තො ලෝක කුසලාන පා පන්දු තරග වලටත් ක්‍රීඩා කරනවා. 2002 දි වගේම 2011 දිත් රටේ බලය අත්පත් කරගන්න වෑයම් කරපු විවිධ පාර්ශව අතර ගැටුම් ඇති උනා, මිනිස්සු සිය ගණනක් මිය ගියා.
රටේ ජාතකේ කෙටියෙන් දෙසනවා නම් අන්න එහෙමයි. අපි ඒ ඉලව් අත ඇරලා මාතෘකාවෙන් කියවෙන කාරණේට බහිමු. කවුද බොලව් චොකලට් ගොවීන් කියන්නෙ...බොලාට ඇතිවුන කුකුස ඔහොමම තියාගෙන අපි ඉතිරියත් දැනගෙන හිටිමු.
චොකලට් හදන්න ප්‍රධාන අමුද්‍රව්‍ය විදියට යොදාගන්නෙ කොකෝවා ඇට කියලා අද කාලෙ සිස්සත්ව පන්තියෙ කොලුවත් දන්නවා. ඒ වගේම ආදරයේ ආහාරය කියලත් චොකලට් වලට තවත් නමක් පටබැදිලා සෑහෙන දොහක්. ඒ හැබෑටම මක්කෙයි. ලව් කොරන කාලෙ ඉතිං අපේ කොල්ලො කෙල්ලො තුන් වේලටම උනත් චොකලට් ගිලින්න තියෙන ආශාව,ලැදිකම, පෙරේතකම හින්දම වෙන්න ඇති ඒ වගේ නමකුත් මේ කියන චොකලට් වලටම පටබැදිලා තියෙන්නෙ. තමන්ගෙ ආදර වන්තයට ලං වෙලා හොටු සූර සූර ආදර බස් තෙපලන....එහෙමත් නැත්තං තමන්ගෙ ආදර වන්තිය දැක බලාගෙන, කොත්තු කන ගමන් තොත්තුවක් එහෙම දීලා, කුඩේ යටට මුවා වෙලා චොකලට් පෙත්තක් රස බලන ආදරවන්තයො චොකලට් පිටිපස්සෙ ඉන්න මේ අහිංසක මිනිසුන් ගැන නම් කවදාවත් අහලා නැති බව ඉන්තේරුවෙන්ම මම දන්නවා.
ලෝකයට කොකෝවා නිපදවන රටවල් අතරින් ඉදිරියෙන්ම ඉන්න රට තමයි බටහිර අප්‍රිකාවෙ පිහිටලා තියෙන මේ අයිවරි කෝස්ට් රාජ්ජෙ. අවුරුද්දකට දළ වශයෙන් ඒ ඇත්තො මෙට්‍රික් ටොන් මිලියන 1.6 පමණ වේලපු කොකෝවා ඇට චොකලට් හදන්න වෙනත් රටවලට පටවනවා.
ඒ උනාට කරුමෙ කියන්නෙ මෙච්චර මහන්සි වෙලා අපිට චොකලට් පෙත්තක රහ බලන්න දහදිය වගුරවන මිනිස්සු කිසි දවසක චොකලට් කනවා තියා ඇහැටවත් දැකලා නෑ කිව්වොත් බොලා කිසි ලෙසකින් විශ්වාස කරන එකක් නෑ. මෙච්චර තාක්ෂණය දියුණු ලෝකයක අපි හිටියත් මම මේ කිව්ව කාරණේ සත්තම සත්තයි ගොයියො.
ඉතිං මේ අහිංසක මිනිස්සුන්ට චොකලට් පෙත්තක රස බලන්න දීලා ඒවා නිපදවන්න ඔය ඇත්තොත් දායක උනා කියලා කියලා දෙන්න විශේෂ නියෝජිතයෙක් මේ අවුරුද්දෙ පෙබරවාරි මාසෙ අයිවරි කෝස්ට් දේශයේ කොකෝවා ගොවීන් පිරිසක් හමුවෙන්න ගියා. ඔහු නෙදර්ලන්ත රූපවාහිනී සේවයක් වන metropolis වෙත අයිවරි කෝස්ට් දේශයේ සිට වාර්තා සපයන කෙනෙක්. එදිනෙදා ජන ජීවිතයේ බහුතර ඇසට නොපෙනෙන විශේෂ සිදුවීම් රූපයට නගා බොහෝ පිරිසක් වෙත සන්නිවේදනය කරන කණ්ඩායමක් ලෙසයි metropolis අන්තර්ජාලය තුල ජනප්‍රියව තිබෙන්නේ.
ඉතිං බොලව් දැන් අපේ විශේෂ නියෝජිතයා කලිසම් සාක්කුවෙ සගවා ගත්ත විශාල ප්‍රමාණයේ චොකලට් කීපයක්ම සමග මේ අය බැහැ දකින්න ඒ අයගේ වාසස්ථාන කරා යනවා. මැටි වලින් හදපු වරිච්චි බිත්ති සහිත නිවාස ඉදිරියේ මේ ඇත්තො තමන්ගෙ ආර්ථික වටපිටාව මේ යැයි නොකියා කියමින් වාඩිවෙලා ඉන්නවා. අපි ඉස්සරහා දැන් ඉන්න ගොවි රාළගෙ නම Alfonse. ඔහු ඉඩම් හිමි වැවිලි කරුවෙක්.
metropolis විශේෂ නියෝජිතයා සමග Alfonse |
හැබෑටම ගොයියො මේ ඇට වලින් මොනවද හදනවා ඇත්තෙ. තියෙන ඇටයක් පරිස්සම් කරගෙන ඉන්නෙ නැතුව අපේ නියෝජිත ගොයියා Alfonse වේලන්න අට්ටාලෙ උඩට අත ඇරලා තියෙන ඇට පෙන්නලා අහනවා.
ඇත්තමයි...මම මේ අවංකෙන්මයි කියන්නෙ. මම නං දන්නෙ නෑ මේ ඇට වලින් මොනවා හදනවද කියලා, මට ජීවත් වෙන්න ආදායමක් ලැබෙන හින්දයි මම කොකෝවා වවන්නෙ. හැබැයි මේවා ගන්න අය නම් මේවායින් රස කෑම හදනවා කියලා අහලා තියෙනවා. ඒ උනාට ඒවා මම කවදාවත්ම දැකලා නෑ. ඒ කථාව ඇත්තක්ද කියලා මම දන්නෙත් නෑ. මොනවා උනත් Alfonse ඇත්තම කිව්වා.
ඔන්න බලහල්ලකො ඉතිං...කොකෝවා වවන ගොයියා දන්නෙ නෑ තමන් වවන කොකෝවා ඇටේට වෙන සන්තෑසිය. මේක පුදුම ලෝකයක් කියලා හිතෙන්නෙ ඔය වෙලාවට තමයි.
මම ඔයාව පුදුම කරන්නයි යන්නෙ. මගේ සාක්කුවෙ තියෙනවා චොකලට් එකක්. මේක හදලා තියෙන්නෙ ඔයා ඔය වේලෙන්න දාලා තියෙනවා වගේ කොකෝවා ඇට පාවිච්චි කරලා.
හැබෑට...එතකොට ඕකට කියන්නෙ චොකලට් කියලද ? ගෙදරට ආපු අමුත්තගෙ කථාව අහලා Alfonse ගොයියා එහෙම ඇහුවෙ හිතට දැනුන කුතුහලය බලහත්කාර කමෙන් නතර කරමින් වෙන්ට ඕනෙ.
ඔයාට මම කෑල්ලක් රහ බලන්න දෙන්නම් ආ...ලැජ්ජ වෙන්න එපා ගන්න. රූපවාහිනී ගොයියා Alfonse වෙත චොකලට්ටුවක් දික් කලා.
චොකලට් කෑල්ලක් කඩා ගන්න අපේ කොකෝවා ගොවියා එක පාරටම ඒක කටට අතඅරින්නෙ හරියට පන්සලේ පිං කැටයට කාසියක් අත ඇරියා වගේ. චොකලට් රස බලන්න තියෙන හදිස්සිය හින්දම වෙන්ටැ.
කොහොමද රහද...
ම්ම්ම්ම්ම්ම්.....හරිම රහයි. මම දැනගෙන උන්නෙ නෑනෙ බොලේ කොකෝවා මෙච්චර රහයි කියලා.
ඉතිං ඔයා කැමතිද චොකලට් වලට ?
නියමයි.
Alfonse ගොයියො....මේ හැබෑවටම චොකලට් කාපු පළවෙනි දවසද ? මාධ්‍ය නියෝජිත තැන තමන්ම අහලා සැකය දුරුකරගන්නද කොහෙද හිතලා එහෙම ප්‍රශනයක් ඇහුවා.
මොනවා කියනවද...මම කලින් කාලම නෑ. එහෙම කියලා ප්‍රීතියෙන් පිනා ගිය Alfonse තමන්ට ලැබුන චොකලට් එකත් කලිසං සාක්කුවේ ඔබාගෙන මිදුලෙ නවත්තලා තිබුන යකඩ අස්පයගෙ පිටට නැග්ගෙ හරිම උජාරුවෙන්. මෙච්චර කල් කොකෝවා ඇට අව්වෙ දාලා වේලුවට ඉතිං චොකලට් එකක රහ බැලුවෙ අද නොවැ. තමන් ලබපු මේ අත්දැකීම ගැන තමන් වේලන කොකෝවා ඇට විකුණලා දෙන බ්‍රෝකර්ට වගේම මිත්තරයන්ටත් කියනකං මිනිහට ඉස්පාසුවක් නැතුවා වාගෙයි. ඒකෙ ඉතිං පුදුම වෙන්න දේකුත් නෑ. අවුරුදු ගානක් කොකෝවා එක්කම ගැටුනට කවදාවත් අහලා තිබුන කථාවක්ද ? කවදාවත් විදලා තිබුන රසයක්ද ? Alfonse දැන් හිතන්නෙ මේ රස තමන්ගෙ මිත්තරයොත් විදින්න ඕනෙමයි කියලා.
යකඩ අස්පයා ගමේ කැළෑ මාර්ග ඔස්සේ මද වේලාවක් ධාවනය වෙලා මිත්තරයො ඉන්න ඉසව්වට ලගා උනා. එතැන කීප දෙනෙක්ම ඉන්නවා. හරියටම කියනවා නම් බොලං පුංචි පහේ සභාවක් රැස් වෙලා ගානයි.
චොකලට් එකේ රහ දැන් දන්න නිසා Alfonse වීරයා වගේ තමන්ගෙ මිත්තරයො අමතනවා.
අපේ මේ අමුත්තා බොහොම වටින තෑග්ගක් ගෙනල්ලා. අපි වේලන කොකෝවා ඇට පාවිච්චි කරලා තමයි සුද්දො මේක හදලා තියෙන්නෙ.
කෝ දෙන්න බලන්න...යාලුවො සැට් එක අතින් අතට චොකලට්ටුව යනවා.
ටිකක් තදයි නේද ? එක ගොයියෙක් එහෙම අහනවා.
සභාව මැද්දෙ පුංචි රවුමක් ගිය චොකලට්ටුව ගමට ආව අමුත්තගෙ අතේ නතර උනා.
මේකෙ කොටු ලකුණු කරලා තියෙන්නෙ. මෙන්න මෙහෙම කොටුවක් කඩලා අරගන්න පුලුවන්.
ආ... රහ බලන්න.
ම්ම්ම්ම්ම්ම්ම්.... Alfonse ගෙ මිත්‍රයෙකුටත් ජීවිතේ පළමු වරට විදින චොකලට් රසයෙන් රස නහර පිනා ගිහින් වගේ.
එතැනින් පස්සෙ ඔන්න දැන් යාලුවො හැමෝම චොකලට් රහ බලන්න පටන් ගන්නවා.
චොකලට් හින්දා තමයි සුදු මිනිස්සු බොහොම සනීපෙට ඉන්නවා ඇත්තෙ.
Alfonse එහෙම කියන අහිංසක විලාශය දැක්කම හිතට දුකයි. මේ මිනිස්සු කොකෝවා අැට ටික සුද්දට දෙන්න මොන තරම් නම් අව්වෙ පිච්චෙනවද, වැස්සට තෙමෙනවද ? කොටින්ම කොච්චර අහිංසක චරිතද.....මේක ලියාන යද්දි මටත් ප්‍රශ්න ගොඩායි. මේ අයගෙ වාස භූමි වලින් කාලෙකට කලින් බටහිර ජාතිකයො සාරය උරාගෙන තමන්ගෙ රටවලට අරගෙන ගියා. ඒ රටවල් දියුණු උනා. පසුකාලීනව මේ රටවල් පාලනය කල ස්වදේශික නායකයො ඉතිරිවෙලා තිබ්බ දේවල් හොරා කෑවා. අනිතිමේදි Alfonse වගේ ස්වදේශික චරිත දරිද්‍රතාවෙ පතුලට තල්ලු උනා. ඒ මොනවා උනත් මේ මිනිස්සු තමන්ට ලැබිලා තියෙන සීමිත සම්පත් එක්ක සතුටින් ජීවත් වෙන විදිය දැක්කම නම් අපේ හිත් වලටත් සතුටක් දැනෙනවා. සතුට කියන්නෙ ධනය, සම්පත් පමණක්ම නෙමෙයි කියලා පසක් වෙනවා.
මේ...මේවට මොකක්ද කිව්ව නම....යාලුවෙක්ට චොකලට් වලට කියන නම අමතක වෙලා ඒක රහ බැලුවට පස්සෙ.
රූපවාහිනී කණ්ඩායම කියන විදියට මෙච්චර කොකෝවා වවන අයිවරි කෝස්ට් දේශයේ චොකලට් මිළදී ගන්න තියෙන්නෙ ඉතාම කළාතුරකින්ලු. ඒ වගේම ඉතාම මිළ අධිකයි. චොකලට් පොල්ලක් යුරෝ 5 කට මිළ නියම වෙද්දි Alfonse ගෙ දවසක ආදායම වෙන්නෙ යුරෝ 7 යි. ඒ ලැබෙන මුදලින් එයා පවුලෙ සාමාජිකයන් 15 දෙනෙක් වගේම තමන් යටතේ සේවය කරන කම්කරුවන් 4 දෙනාවත් රැක බලාගන්න ඕනෙ. පේනවනෙ ඒ අැත්තො ජීවත් වෙන්නෙ මොන තරම් නම් කම්කටොළු විදිමින්ද කියලා.
කථාවෙන් කථාවෙන් රූපවාහිනී නඩේ Alfonse ගෙ කම්කරුවොත් එක්කම ඔහුගෙ කොකෝවා වගාවට පිවිසිලා. කොකෝවා ඵලදාව නෙලලා ඒවායෙ මද එළියට ගන්න වටපිටාවක තමයි අපි දැන් ඉන්නෙ.
මේක හරිම ලස්සන පළතුරක්...මේකෙ ඇතුලෙ තියෙන ඇට තමයි ගොඩාක් වටින්නෙ. කම්කරුවෙක් කොකෝවා ගැන තමන්ගෙ දැනුම ඒ විදියටයි පෙන්නුවෙ.
ඇට අයින් කලාට පස්සෙ මේ ගෙඩියෙන් අපිට වැඩක් නෑ. තවත් කෙනෙක් කොකෝවා ගෙඩියට පොල්ලකින් තඩි බාමින් ඇට ඉවත් කරමින්ම කථා කරනවා. තමන්ව කැමරාවට නගන හින්දමද කොහෙද සැට් එක කඩි වාගෙ වැඩ.
තමන්ගෙ සේවකයො කොකෝවා ගෙඩි වලින් එළියට ඇද්ද ඇට එකතු කරලා Alfonse කෙහෙල් කොළ වලින් ආවරණය කලා. ඒවා පැසීම ඉක්මන් කොරන්නයි කියන්නෙ එහෙම කරන්නෙ. දවස් 5 ක්ම යනවලු ඇට වේලෙන්න. ඒ විදියට බලද්දි හැම චොකලට් එකකම ආරම්භය පටන් ගන්නෙ කෙහෙල් කොළ යට ගොඩ ගහපු මේ විදියෙ කොකෝවා ඇට ගොඩක් එක්ක.
ගමේ අනෙක් අය වගේම තමයි. Alfonse ගෙ සේවකයොත් මේ කොකෝවා ඇට වලට අවසානයේ කරන්නෙ මොකක්ද කියලා මෙලෝ සංසාරයක් දන්නෙ නෑ. ගමට ආව ආගන්තුකයා හෙවත් අපේ විශේෂ නියෝජිතයා සුපුරුදු ප්‍රශ්නය ඵලදාව නෙලන තැන හිටිය කීප දෙනෙකුගෙන්ම ඇහුවා.
අපි මේවා වැව්වට මේවායින් මොනවා කරනවද කියලා නම් අපි දන්නෙ නෑ. අපේ දෙමාපියො කියලා තිබ්බෙ මේ ඇට වලින් වයින් හදනවා කියලා. ඒ ඇත්තො එහෙම කිව්වා.
Alfonse තමන්ට ආගන්තුකයගෙන් ලැබිලා යාලුවන්ටත් රස බලන්න දීලා භාගයක් අහවර වෙච්ච චොකලට්ටුව කලිසම් සාක්කුවෙන් එළියට ඇද්දා.
ඔහු දන්නවා දැන් චොකලට් කියන්නෙ මොනවද කියලා. ඒ හින්දා තමන්ගෙ සේවකයන්ට ඒ ගැන කියාදෙන්න ඔහු සමර්ථයෙකු වෙලා.
අපි මේ වේලෙන ඇට වලින්ලු මේ චොකලට් හදන්නෙ. සුදු මිනිස්සු මේවා කන්න ඇබ්බැහි වෙලාලු ඉන්නෙ.
චොකලට් එක දැක්කා විතරයි සේවකයො ඒකෙ රහ බලන්න පොර කනවා.
මම තමයි මෙතන වැඩිමලා. ඉස්සෙල්ලාම මම රහ බලනකං ඉන්න..කෙනෙක් එහෙම කිව්වා.
අපේ ඇට වලින් මේවා හදනවා කියලා 100% ෂුවර්ද ? තව කෙනෙක් එහෙම ඇහුවා.
අපේ කොකෝවා ඇට වලින් වයින් හදනවා කියලා අපි අහලා තිබුනට මෙහෙම දේවල් හදනවා කියලා අපි අහලම නෑනෙ...තව කෙනෙක් එහෙමත් කිව්වා.
හැබෑට කොහොමද මේවායෙන් චොකලට් හදන්නෙ. ආගන්තුකයගෙන් එහෙම ප්‍රශ්නයක් ඇහුවෙ එතන හිටිය කෙනෙක්.
මේ ඇට වේලලා විශාලා කර්මාන්තශාලා වල රෝස්ට් කරනවා..ඊට පස්සෙ ඒවායෙන් කොකෝවා පවුඩර් වගේම බටර් හදනවා...අන්න ඒකට කිරි සහ සීනි එකතු කරලා තමයි මේවා හදන්නෙ.
මාරයි.....
ජීවිතේ ඉස් ඉස්සෙල්ලාම චොකලට් රස බැලුව කොකෝවා නෙලන්නෙක් ඒ රසයෙන් ඔකද වෙලා.
අපිට දැනගන්න ඕනෙ ඔයාගෙ හම අපිට වඩා සුදු මොකද කියලා. ඔයා නිතරම චොකලට් කාපු නිසාද ?
ඒ ප්‍රශ්නය ඇහුනා විතරයි ගමට චොකලට් අරගෙන ඇවිල්ලා අපිට මේ කථාව කියන ආගන්තුකයට හිනාවක් පැන්නා.
නෑ නෑ චොකලට් නිසා නෙමෙයි මගේ හම සුදු වෙලා තියෙන්නෙ.
ඇත්තද....අපි හිතුවෙ චොකලට් කාලා සුදුවෙලා කියලා. අසරණ කම්කරුවො එහෙම කිව්වා. අපි දන්නවා කොකෝවා වවන්න කොච්චර මහන්සි වෙන්න ඕනෙද කියලා. අද අපි ඒවයෙ ප්‍රතිඵලත් දැක්කා. චොකලට් රහ බලන්න ලැබීම මොන තරම් චෑන්ස් එකක්ද හැබෑටම. ඒ අයගෙ සතුට දෝරෙ ගලා ගිහින්...මේ පුංචි චොකලට් පෙත්තක් නිසා.
හැමෝම වටවෙලා වැඩේ දීලා චොකලට් දවටනය පමණක් ඉතිරි වෙලා.
මම මේක මගේ ළමයින්ට පෙන්නන්නයි යන්නෙ....දවටනේ දෙකට තුනට නමලා සාක්කුවේ දමාගද්දි ආගන්තුකයා තමන්ගෙ කලිසම් සාක්කුවෙන් තවත් චොකලට්ටුවක් මවලා ගත්තා.
ඒක දැකලා කොකෝවා නඩේට හරිම සතුටුයි...
කම්කරුවන්ට ජය වේවා ! ඒ ඇත්තො සතුට වැඩි කමට එහෙමත් කෑ ගැහුවා.
බොලා කැමතිද මේ සිදුවීම් පෙළ සහ මේ චරිත හැබෑවටම දකින්න ? මේක හරියට සුරංගනා කථාවක් වගෙත් ඔබට දැනෙන් ඇති.
මෙච්චර වෙලා මම කිව්වෙ යූ බටේ තිබිලා අහම්බෙන් දැක්ක වීඩියෝවක තිබුන කථාවක්. මේ වෙද්දි මිලියන තුන හමාරකට අධික ජනතාවක් මේ වීඩියෝව නරඹා අවසන්. ඔන්න ඔබටත් ඒ ගොඩට එකතු වෙන්න හොද චෑන්ස් එකක් සිරා කොලුවා අරගෙන ඇවිල්ලා තියෙනවා.
බයිට් ගැන නොසිතා ඒ දර්ශන ඔබේ නෙත් වලින්ම දැක ගත්තොත් මේ සටහන සම්පූර්ණ වේවි. බලන්න මේ අහිංසකයො පොඩි ළමයි වගේ ආශාවෙන් ජීවිතේ පළවෙනි වතාවට චොකලට් රස විදින අපූරුව. මා යලි යලිත් කියන්නේ සතුට යනු මිළ මුදල් හා සම්පත් නොවන බවයි. පුංචි චොකලට් පෙත්තකින් සතුටුවෙන මේ මිනිසුන් එය අපට පසක් කරනවා නොවේද ?
මම කාමරේ අරින සිරා කොලුවා.
ප.ලි
Metropolis නාලිකාවේ අඩවියට පිවිසීම මෙතැනින්
අයිවරි කෝස්ට් රාජ්‍ය පිළිබද තොරතුරු විකිපීඩියා අඩවියෙනි.
අයිවරි කෝස්ට් රාජ්‍ය පිළිබද තොරතුරු විකිපීඩියා අඩවියෙනි.
ඇත්තටම සතුට කියන්නේ සැප සම්පත් වලින් පමණක් ලබා ගන්න පුළුවන් දෙයක් නොවෙයි. ලංකාවේ වැවෙන හොඳම තේ අපි කවූරුවත් බීලා නෑ. එහෙම දුන්නොත් අඳුනන්නෙත් නෑ. ජපානයේ හොඳම නිෂ්පාදන පාවිච්චි කරන්නේ රටේ අය. ඝානාවේ, අයිවරි කෝස්ට් වල වගේම අපේ ආර්තිකෙත් රටේ හොඳම දේ විඳින්න තරම් දියුණු නෑ.
ReplyDelete+++++++++++++++++++
Deleteඒක වැරදි මතයක් සුධීක, ප්‍රශ්නෙ තියෙන්නෙ අපේ රටේ අය හොද තේ අදුරගන්න දන්නෙ නෑ.
Delete1. තේ කුඩු දීප්තිමත් කලු පාට වෙන්න ඕනෙ.
2. නහයට ඉතා මිහිරි සුවදක් තියෙන්න ඕනෙ.
3. පැකට් නොකරන ලද තේ ( සිල්ලර ) ගන්න
4. තේ හදල ඉවර උනාම තියන මන්ඩි දිස්නෙ දෙන තඹ පාටට තියෙන්න ඕනෙ.
විශේශයෙන්ම එකපාරක් උනුකරල නිවුන වතුර ආයෙ උනු කරල තේ හැදුවොත් මොනතරම් අනර්ඝ තේ කොල වලින්වත් රසට තේ හදන්න බෑ. අනික තේ කුඩු 2gms එක තේ කෝප්පයකට ඇති.
තේ කොල කොතැනද මම ඇති එතන.
සුධීක අයියගෙ සැප සම්පත් කථාවට මම අක්මාවෙන්ම එකගයි....කම්මල අයියා ඉතින් වෘත්තීයමය වශයෙන් තේ ගැන දන්න මිනිහා නොවැ...හැබැයි ඔය සුධීක අයියා කියන කථාවම තමයි මමත් අහලා තියෙන්නෙ. තත්වයෙන් උසස් තේ පිට රට යවනවාය, අපේ මිනිස්සුන්ට බොන්න වෙළද පලට එන්නෙ රොඩු, ඩස්ට් එක කියන්නෙ බොරුද එතකොට...තේ වල රස හොදට විදින්න නම් සීනි දාන්න බෑ නේද ලොකු අයියෙ....
Deleteරොඩු හෙවත් කසල තේ දේශීය වෙලදපලට එන්නෙ නෑ. දුප්පත් අප්‍රිකානු රටවලට යවන්න තේ මන්ඩලයට හොරෙන් හොද තේ සමග කලවම් කරනව.
Deleteඩස්ට් එක කියද්දි සිහියට එන්නෙ දූවිලි, ඒත් තේ ඩස්ට් එක කියන්නෙ කොලේ අන්තිමට කුඩුවෙලා හැදෙන එක. ඒක ඉල්ලුමක් තියෙන්නෙ හොංකොං වලට. මෙන්න මෙහෙමයි නිශ්පාදන පිලිවෙල BOP》BOPF 》DUST no 1》 DUST 》Fannigs no1》fannigs ලංකාවෙ විකුනන්නෙ dust no 1 මේ එකම නිශ්පාදනයෙ තේ පෙනුම සහ කෑලි වල විශාලත්වය අනුව නම් දාපුව.
Tea bags වලට දාන්නෙ ෆැනිග්ස්1 සහ ෆැනිග්ස්. තේ සීනි දාන්නැතිව තමයි රස. උඩරට තේ වත්තෙන් වත්තට ආවේනික රසයක් තියනව. මහා පරිමානයෙන් පැකට් කරද්දි වතු ගනනාවක තේ කලවම් වෙනව ඒකයි රස නැත්තෙ. ඒකයි මම කියන්නෙ සිල්ලරට කිරන තේ හොදයි කියල.
කම්මල් මහත්තයා දන්නවානම් ලියපන්කෝ අළුත් තේ දළු හොයා ගත හැකි නම් තමන්ට බොන්න උසස් තත්ත්වයට ම නැත්ත බොන්න පුළුවන් විදිහට තේ කොළ හදා ගත හැකි විදිහක්.
Deleteඒකනම් දන්නෙ නෑ මචෝ. හැබැයි අපි පොඩිකාලෙ හොට් ප්ලේට් එක යට තියල තේ දලු අතින් කුඩු කරල අරගෙන බිවුව. රස මතක නෑ.
Deleteඅමු දලු හොයා ගන්න තියනව කියන්නෙ සල්ලි වත්තක් තියන පාටයි.
කම්මල, එතකොට හොඳම තේ, නොහොත් උසස්ම තේ කියල වර්ගයක් නැද්ද ( ඒක තීරනය වෙන්නෙ වත්ත නුව විතරද ) ? BOP & DUST අතර වෙනස කුඩු වල ප්‍රමාණය විතරද?
Deleteඉන්දික, මිල අනුව හොදම තේ කිවුවොත් රත්තරං කතුරෙන් දලු කපල හදන white tea ඊලගට golden tips, silver tips, මේ තුන තමයි සුපිරි ගනයට වැටෙන්නෙ. ඊට අමතරව වතු වලට ආවේනික සුලු පරිමාන hand made tea තියනව. උදා:- මගෙ මිතුරෙක් ඇමරිකාවෙන් සම්මානයක් ගත්ත Lumbini Estate ජය චක්‍ර. මේ සියලු දේවල් විකුනන්නෙ පෙනුමට සහ මේව නිශ්පාදනය කරන්න පුලුවන් ඉතාමත් සීමාසහිතව. හැබැයි මේ එකක්වත් අපේ දිවට රස නෑ.
Deleteමීට අමතරව රුසියාවට , මැදපෙරදිග රට වලට විකුනන පහත රට තේ මිලෙන් අධ්ක නමුත් අපේ වතුරට රස නෑ. මේක පැහැදිලි කරන්න මටත් blog එකක් ලියන්න වෙනව.
මම කියන්නෙ ලංකාවෙ අයට රස උඩරට තේ ගැන. ඉන්දික BOP ඉදන් DUST එනකම්ම එන්නෙ අර කලු ගල් සයිස් කරනව වගේ එක එක ප්‍රමානයට හලපු එකම නිශ්පාදනය.
BOP & DUST අතර වෙනසක් තියනව. තේ කෝප්පයක් හදන්න ගන්නෙ තේ 2gms ඊට පස්සෙ විනාඩි 5ක් තැම්බෙන්න වහල තියෙන්න ඕනෙ. ඊටපස්සෙ බලද්දි BOP දීප්තිමත් තේ කෝප්පයක් DUST කෝප්පෙ ටිකක් මොට පාටක් ( මොට පාට වෙන්නෙ දිය තේ ගොට්ටෙන් රිංගපු dust ) රසේ වෙනසක් tea taster කෙනෙකුට ඇරුනම ඒ රස වෙනස තේ කෝප්පයක් බොන කෙනෙකුට දැනෙන්නෙ නෑ.
තේ වත්තෙන් වත්තට රස වෙනස්, ඒ වගේම එකම වත්තෙ තේ උනත් හදන වෙලවෙ කාලගුනය , නිශ්පාදන කරද්දි වෙන වෙනස් වීම් එක්ක රස වෙනස් වෙන්ව. ඒ වගේම අපේ වතුර වල තත්වය අනුවත් වෙනස්. රසම මටකැලේ වත්තෙ Dust 1 , ඒක නුවරඑලියෙ වතුරෙන් බිවුවොත් පට්ට රසයි. ක්ලෝරීන් වතුරෙන් වෙනම රසයක් ,කිවුල් වතුරෙන් හැදුවොත් පල් රසයි.
හොඳ කියන එක වෙනස් වෙනව ප්ලේන්ටී ටී ( නුවර එලිය ) සහ කිරි තේ ( පාතරට/ මැද ) අවශ්යතාව අනුවත්.
Deleteඒ සඳහා ප්‍රදේශයට අමතරව නිශ්පාදන කියාවලියත්
Pra Jay අන්න හරි පහත රට තේ එක්ක කිරි තේ නියම රසයි. Tea taste කරද්දිත් පහත රට තේ වලට කිරි දාල තමයි රස හදුනා ගන්නෙ.
Deleteඒ වගේම නිරිත දිග මෝසම් සුලං කාලෙටත්, ඊසානදිග මෝසම් සුලං කාලෙටත් එන ආවේනික රස. විස්කි වගේ ඒ කාලෙට පාඩු ලබමින් තිබ්බ ඌව වතු ටික අවුරුද්දෙම සල්ලි හොයා ගන්නව. විස්කි වගේ තේ විකුනල
ඌව ළිඳුල රස තේ seasonally flavored tea 2045,3085 clone's silvery tip
Deleteගස්වල ක්ලෝන් එක ගැන වෙන්නැති උදාර කියන්නෙ. ඒ ගැනනම් මගෙ දැනුම හොදටෝම අඩුයි. Western season and Uva season එක ගැනද නැතිනම්.
Deleteඌව සීසන් අගෝස්තුවල වගේ තියනව.
Deleteහැබයි දැන් ඉස්සර වගේ කොලිටිවත් ප්‍රයිසස් වත් නෑ
තෑන්ක් කම්මල. මම ඔය වයිට් වර්ජින් ටී ගැන ඩොක්‍යුමන්ට්‍රියක් දැක්ක. ඒක මේ දෙනියාය පැත්තෙ මෑන් කෙනෙක් කරන පරණ චය්නීස් මෙතඩ් එකක්නෙ. අනෙක්ව ගැන නං අහල තිබ්බෙ නෑ.
Deleteමම බීපු රසම තේ එක බොගවන්තලාව ප්ලාන්ටෙෂන් හෙඩ් ඔෆි එකේ වයසක පියන් කෙනෙක් තමයි හදල දුන්නෙ. කිරි යාන්තමට, රසට, සුවඳට නියමෙට තිබ්බ ඒක උඩරට තේ වෙන්න ඕන!
ඉස්සර දවසක මහව දුම්රියේ ගිය කාලෙ මගෙත් යාලුවෙක් හිටියා සමර් විල් කම්පැණියෙ වැඩ කරපු.....මිනිහා නිතරම තේ වෙන්දේසියට එහෙමත් ගියා. එයා කියපු විදියට ස්වභාවික මින්ට් රසයක් තියෙන තේ කොළ වර්ගයක් හැදෙනවලු වසරේ එක්තරා කාලයක සුවිශේෂී වත්තක....බොහොම සුළු ප්‍රමාණයක් කිව්වා නිපදවන්නෙ. එය ඉතාම ඉහළ මිළකට අළෙවි වෙනවා කිව්වා.
Deleteහැමෝටම ස්තූතියි චොකලට් අස්සෙ තේ ගැන ලස්සන කථාබහක් ඇති කලාට....ඉදිරි දිනයක හත්වෙනි ලිපිය විදියටවත් කම්මල අයියගෙන් තේ ලිපියක් ලියවා ගන්න බලමු.
හ්ම්ම් බොහෝ තැන් වලට පොදු කරුණක්. යමක් වෙනුවෙන් දරදිය අදින වෙහෙසෙන යටි පෙළට ඒ දෙය විදින්න ලැබෙන් නැහැ.
ReplyDeleteවිස්තර ටිකට ස්තූතියි සිරා අයියෙ.
වැඩකරන ජනතාවට ලෝකයේ බොහෝ තැන් වල විදින්න තියෙන ඉරණමම තමයි මේ කොකෝවා ගොවීන්ටත් අත් වෙලා තියෙන්නෙ.
Deleteචොකලට් කන්න මගේ එච්චර පිරියක් නෑ නෙ....
ReplyDeleteඒත් මොන ගොවිය උනත් දුක් තමා විදින්නෙ...
බොලාව දැක්ක කල්....දැන් බොට බොගක් තිබුනා කියලා අමතක වෙලාවත්ද කොලුවො...
Deleteසංවේදී කතාවක් , :/ වීඩියෝ එකත් බලමු. :) අපේ රටෙට්ජ් ගොඩක් වෙලාවට අමුද්‍රව්‍ය හදන මිනිහට නිශ්පාදනය මිලට ගන්න බැරි ආර්ථිකයක්නෙ තියෙන්නෙ. :(
ReplyDeleteවීඩියෝවෙ තියෙන දේම තමයි මම අකුරු කරලා තියෙන්නෙ. ඇත්තෙන්ම මටත් සෑහෙන්න දැනුන දර්ශන පෙලක්....ඒ මූණු වල තියෙන අව්‍යාජත්වය තමයි ගොඩාක්ම හිතට දැනුනෙ.
Deleteමේ විඩියෝ එක දකිද්දී මට හිතුන දේම තමයි අයියත් ලියලම තියෙන්නේ..
ReplyDeleteලංකාවේ මහන හොදම ඇදුම් අපිට අදින්න වෙන්නේ නෑ.. හොදම තේ අපිට බොන්න වෙන්නේ නෑ.. අන්න ඒ වගේ තමයි මේකත්.. ඒත් ඔවුන් අපිටත් වැඩිය අවාසනාවන්තයි කියන්නේ චොකලට් කියලා දෙකවත් තියෙනවා කියලා නොදන්න කමයි..
මම දැක්කා මේ වීඩියෝව මූණු පොතේ ෂෙයාර් කරලා තියෙනවා. ලෝකෙ ගොඩාක් තැන් වල මේ කාර්යය මෙහෙමම තමයි නේද...බලන්න හැම කෙනාටම ලස්සන ගෙවල් හදලා දෙන බාසුන්නැහැ පුංචිම පුංචි ගෙදරක වාසය කරනවා, වාහන හදලා දෙන ගැරේජ් බාස් පා පැදියක ගමන් බිමන් යනවා....අප වටා තියෙන පරිසරයෙම ඒ වගේ බොහෝ කථා තියෙනවා.
Deleteමටත් ලංකාවේ හොඳ තේ රටේ අයට බොන්ට හම්බ වෙන්නේ නෑ නේද කියන එක මතක් වුනා. මේකත් ඒ වගේ.
ReplyDeleteසිරා හැමදාම වගේ ගොඩක් මහන්සිවෙලා තොරතුරු හොයාගෙන ලියලා.
කම්මල අයියගෙන් ඇහුවා නම් තේ වල උපතෙ ඉදන් විපත දක්වාම කියලා දේවි...එයා වෘත්තීමය වශයෙන් තේ වලට සම්බන්ධයි. මේ කථාව ලියන්න නම් ගොඩාක් මහන්සි වෙන්න උනේ නෑ පොඩ්ඩි...වීඩියෝවෙ අවශ්‍ය හැමදේම තිබුනා.
Deleteපොඩ්ඩිලට එවන දිල්ම පැකට් ලංකාවෙ ගන්න පුලුවන් ( single estate un blend) කොහෙද මෙහෙ උන් ඉන්දියන් අයගෙ වල් කහට ගහල තේ රස නෑ කියල අඩනව.
Deleteඉන්දියන් කහට ගැන නම් කියන්න එපා...මම ඌටි ගිය වෙලේ අරගෙන ආව තේ කොළ මෙලෝ සංසාරයක රහක් නෑ...පිදුරු දාලා උණු වතුර දැම්මා වගේ....ඒත් දවටනේ නම් හරිම ලස්සනට තිබුනා.
Deleteබොහොම හොඳ සමාජ විද්‍යාත්මක ලිපියක් සිරා. ඉහළින්ම අගය කරනවා. මම හිතන්නේ අපේ රටත් ඇතුළුව හුගක් දුප්පත් රටවල ගොවියාගේ තත්වය මේකම තමා.
ReplyDeleteහලෝ මේ, ඔන්න හොඳින් කිව්වේ, අපේ රට දුප්පත්! පිස්සුද ඕයි තමුසෙට. වයසට ගියාම සරකිට් අවුල් වෙනවා කියන්නේ ඇත්ත වෙන්න ඇති. මහා බැංකුවේ අධිපති සද්ගුණවත් තැනපත් සුනිල් කබ්රාල් මැතිතුමා කියන විදිහට මේක මැදි ආදායම් ලබන රටක්. මුදල් ඇමති විදිහට ඉන්නේ ජපුර විශිව විද්‍යාලයේ පුස්තකාලයේ අාර්ථින විද්‍යා පොත් අතගාල තියෙන පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ මැතිතුමා. ඉතින් පොත් අතගැවම ලැබෙන්නේ සුළුපටු දැනුමක්ද.නිකන් බයිලා කෙළින්න එපා හලෝ.
Deleteසුනිල් කබරාල් නොව අජිත් කබරාල් නොහොත් කබරාල යනුටවන් නිවැරදි විය යුතුයි.
Deleteඋඹටද අර ගද්‍රභයා කියලා දාලා තිබුණේ විචාරකයා
Deleteපොත් අතගාපු නිසා තමයි එහෙනම් ලොක්කා විදියට ලස්සනට අපිට පොත පෙරළන්නේ.:D
Deleteඇනෝ ගොයියා ඔළුව අතගාලා හීනියට ටොක්කක් ඇනලා නේද බොලේ මහබැංකුවෙ අධිපති ගොයියට....සැට් එක මේ දවස්වල තුන්වන වාරෙත් බලය ගන්න හැටි ප්ලෑන් කරනවා..ඒ හින්දා ආර්ථික වේගය, උද්ධමනය, ජීවන අංකය, දළ ජාතික නිෂ්පාදනය, ගෙවුම් ශේෂ හිගය වගේ දේවල් ගැන වැඩිය කථා නෑ.
Deleteමං මගෙ බ්ලොග හරහ කලින් කියල තියෙනව කොකෝ ගැන.. ඒ හැටි නෙවෙයි...
ReplyDeleteඒත් කොකෝ ගස් මෙහෙ ඕන තරං තියේ..
ඒත් වතු අයිතිකාරයො කවදාවත් කොකෝ ඵලදාව ගන්නෙ නෑ...
ඒ ඇයි කියල නං මං දන්නෙ නෑ...
ඒත් එකක් දන්නව...
හැම කොකෝ ගහකටම හොද සාත්තුවක් වගේම මාසෙකට සැරයක් වත්තෙ කොහෙ හරි කෙකෝ හිටෝනව...
කොකෝ කියන්නෙ පස සරුසාර කරන දෙයක්ද කියලත් මං වෙලාවකට කල්පනා කලා මොකද මේ වගේ වවන කොනෝ වලිං වෙන ගන්න ප්‍රෙයා්ජනයක් නැති හංද..
අපූරු ලිපියක් සිරා..
මං හදන්නෙ දං මේක බලන්න..
ස්තූතියි ඔබට
ජයවේවා
මම හිතන විදියට ඇට වේලලා ගත්තොත්, කොකෝවා ඇට කිලොවකට රුපියල් දෙසීයක් පමන ගන්න පුලුවනි... මෙරට දර්ව්ය මිලට ගන්නා උදවිය ඒවා මිලට ගන්නවා
Deleteඅපේ පළාතෙ නම් කොකෝවා ගස් හරිම හිගයි...තැන් දෙක තුනක ගස් දෙක තුනක් තිබුනා. ඒවායෙ ඉදුන ගෙඩි අපි පුංචි උන් කාලෙ පලාගෙන කෑවා කියලා මතකයි...කෑවෙ මොනවද කියලයි අමතක....
Deleteකොකෝවා ඇට වල වටේට මැන්ගුස් වල වගේ මදයක් තියෙනවා..ඒක කන්න ඇත්තේ....අපිත් කනවා ඒවා...
Deleteඅන්න ඒක වෙන්න ඇති කන්න ඇත්තෙ...බොහොම පුංචි කාලෙ තමයි කොකෝවා කන්න ලැබුනෙ.
Deleteබොට තැන්කුයි සිරා.. මේ කතාව මාත් ඊයේ මුණුපොතේ දැක්කා. හොයන්න හිටියත් බැරි උනා. ඒත් උඹ මේක හොයල බලල දාපු එකම වටිනවා..
ReplyDeleteඅද වගේ කාලෙක මේ වගේ මිනිස්සුත් ඉන්නවා කිව්වම පුදුමයි නේද ගොයියො....ඉන්දියාව ඇතුලෙ නම් මේ වගේ කථා එමට ඇති.
Deleteසංවේදී සටහනක් සිරා අයියේ... ලිවීම් රටාවත් ඉතාම රසවත්. විස්තරයටත්, වීඩියෝවටත් ස්තූතියි
ReplyDeleteබොහොම ස්තූතියි නගෝ ඔබේ අදහසට....
Deleteපිස්සු හැදෙන කතාවක් තමයි. මමත් ගූගල් සර්ච් කරලා බැලුවා. Chocolate slavery එක ගැන සෑහෙන කරුණු තිබුණා. දැන් ඔය රට ඔය ගානටම ඇදගෙන වැටිලා තියෙන්නේ නිදහස ලැබුනට පස්සෙ තිබුන කෛන් අල්ලගෙන හිටපු ආක්‍රමණිකයටත් වඩා දූෂිත ආණ්ඩු නිසා වෙන්නැති මම හිතන්නේ.
ReplyDeleteමේ ගැන තව ටිකක් හොයලා බලන්න ඕනේ. මොකද සමහර විට මාධ්‍ය වේදියෝ දකින්නේ තමන්ට ඕනේදේ. ලෝකෙට පෙන්නන්නෙත් තමන්ට ඕනේ දේ සහ ලෝකයා දකින්න කැමති දේ.
උදාහරණයක් විදීයට ගත්තොත් ලංකාව කියන්නේතේ වත්තක් නෙවෙයි නේද? ලංකාවේ ගෑණු ඔක්කොම තේ දළු නෙලන්නියෝ නෙවෙයි නේද? එතකොට ලංකාවේ හැමතැනම මැණික් පතල් නෑ නේද? ලංකාව කියන්නේ මැදපෙරදිගට ගෘහසේවිකාවෝ සපයන රටක් නෙවෙයි නේද? නමුත් ඔය විදියට ලංකාව දකින සහ පෙන්නන අය ඉන්නවා බොහොම ලොකු සංඛ්‍යාවක්.
අන්න ඒ නිසා තව ටිකක් අයිවරි කෝස්ට් ගැන හොයලා බලන්න වටිනවා.
හෙන්රි අයියා කියපු නිසාම මමත් තව ටිකක් විස්තර හොයලා බැලුවා...චොකලට් වහල් භාවය කියලා වෙනම මාතෘකාවක් තියෙනවා බොලේ. අද තමයි එහෙම යමක් ගැන ඉස්සෙල්ලාම දැන ගත්තෙ. ඒ ඔස්සේ තව යමක් ඇද බාන්න මට හිතයි....හෙන්රි අයියට හිතෙන්නෙ නැද්ද ඔය කියන වහල් භාවය ගැන යමක් ලියන්න.
Deleteඔබේ කථාව සහතික ඇත්ත. අපි වැඩිය විස්තර නොදන්නා රටක් ගැන මේ වගේ වීඩියෝවකින් දෙකකින් තීන්දුවකට එන එක අසාධාරණයි. ඒ රට සම්බන්ධව තියෙන තවත් ලියවිලි කීපයක් අන්තර්ජාලයෙන් කියවූවොත් නම් දළ අවබෝධයක් ගන්න හැකි වේවි.
අප්‍රිකාවෙ තියෙන දුප්පත්ම රටක් තමා මේ රට. හරිම ඛේදනීය තත්වයක් මේ තත්වෙ. ලෝකෙ හුඟක් නොදියුණු රටවල තත්වෙ මේ. ඉතාම වටිනා ලිපියක් මල්ලි. ස්තූතියි!
ReplyDeleteඅප්‍රිකාවෙ බොහෝ රටවල ඔය දිළිදු බව කියන සාධකය ඉතිරි වෙලා තියෙනවා අනෙකුත් මහද්වීප වලට සාපේක්ෂව...ටැන්සානියාවෙ හිටිය මගේ මිත්තරයෙකුත් වතාවක් මට එහෙ පරිසරය ගැන විස්තර කියලා තියෙනවා..කෘෂිකර්මය තමයි මේ හැමතැනකම ප්‍රධාන ජීවනෝපාය.
Deleteඔය මිනිස්සු කවදාවත් චොකලට් කාලා නැහැ කියන කතාව මම නම් පිළිගන්නේ නැහැ.ඕක රඟපෑමක් වෙන්න ඇති.පොඩි පෙට්ටි කඩයක උනත් බාල වර්ගයේ පොඩි ප්‍රමාණයේ චොකලට් තියෙනවා.මුන් අර මාද්‍ය වේදියා ගොනාට අන්දන්න ඇති.
ReplyDeleteඑකත් ඇත්ත තමයි ඇනෝ ... කියන්න බැනේ ඔය ගොවියෝ අතරේ අපේ මේ පත්තරයා වගේ එකෙක්වත් හිටියද කියලා
Deleteබොට වගේම මටත් එවැනි අදහසක් ඇති උනා මුල්ම වතාවෙ මෙය නැරඹුවාම...නමුත් ජාත්‍යන්තර පුවත් නාලිකාවක් තමන්ට ප්‍රසිද්ධිය ලබාගන්න බොරු කියන එකක් නෑ නේද? මේ ලගදි තවමත් දෙවන ලෝක යුද්ධය අවසන් නෑ කියලා හිතාගෙන කැළෑවැදී උන්න තාත්තෙකුයි පුතෙකුයි හොයා ගත්තා නේද...ඒ වගේ විශ්වාස කරන්න අමාරු පුවත් මේ ලෝකය පුරාම තියෙනවා. පත්තරයා කොහෙ හරි මකබෑවිලා අද....කාමරේ පැත්තෙ නැත්තං පෝස්ටුවක් දාපු ගමන් එනවා වෙනදට...
Delete<< මේ ලගදි තවමත් දෙවන ලෝක යුද්ධය අවසන් නෑ කියලා හිතාගෙන කැළෑවැදී උන්න තාත්තෙකුයි පුතෙකුයි හොයා ගත්තා නේද.. >>
Deleteමේ ඒවගේ තව එකක්.....
මේ කථාව මම ඒ කාලෙදිම කියෙව්වා වගේ මතකයි. ස්තූතියි ලින්කුවට සෙන්නා.
Deleteමගේ මතකය හරිනම් අක්කර 5000ක විතර ප්‍රමාණයක් අපේ ශ්‍රේෂ්ඨ අතුරුදන් උපාලි මහත්මාට අයත්ව තිබුනා අයිවරි කෝස්ට් වලත් .... එම නිසා නිතර නිතර ගිය දකුණු අප්‍රිකා සංචාර වලට පසුව වෙන අය වෙන අර්ථකතන දිලා තිබුනා මම දැක්කා
ReplyDeleteමම නම් ඒ ගැන කිසිම දෙයක් අහලා නෑ රාළෙ...ඔබ සතුව වැඩි විස්තරයක් තියෙනවා නම් කාම පැයේ ඒ ගැන සටහනක් තැබුවොත් නරකද හැබෑට...
Deleteචොකලට් තරම් රස නැහැ නේද ඒ පස්සේ ඉන්න මිනිස්සුන්ගේ ජිවිත.?එත් සිරා මටත් සැකයි මෙයාලා චොකලට් ගැන දන්නෙවත් නැහැ කියලා කියන එක ගැන.මොකද චොකලට් කියන්නේ ඒ තරම්ම සුඛෝපභෝගී දෙයක් නෙමේනේ.අපේ රටේ නම් ආනයනික චොකලට් ගණන් වෙන්නේ ඒවාට ගහන අසීමිත බදු නිසානේ බං.එත් සමාන්‍ය මිළ ගණන් වලට ගන්න චොකලට් නැතුවමත් නෙමේයිනේ.
ReplyDeleteඒකනෙ කියන්නෙ බං...මේ වීඩියෝව දකිනකං මම උනත් හිතාගෙන හිටියෙ නෑ චොකලට් එකක් හදන්න මේ තරම් මිනිස්සු දුක් විදිනවා කියලා....කොටින්ම චොකලට් වහල් භාවය වගේ වචනයක් නිර්මාණය වී තිබීමෙන්ම පේනවා එහි බරපතල කම....
Deleteමේ අය චොකලට් දැක්කෙ පළවෙනි වතාවටමද කියන කාරණය ගැන කියද්දි මේ වාර්තා වැඩසටහන සැකසූ රූපවාහිනී ආයතනයම කියලා තිබුනා කළාතුරකින් තැනක මේ රටේ චොකලට් තියෙනවා උනාට ඒක එච්චර සුලභ නෑ කියලා. සමහර විට ගම්මානය සහ නගරය අතර ලොකු සබදතාවක් නැති නම්...මේ අය තමන්ගෙ වාස භූමි වලට පමණක් සීමා වෙලා ඉන්න පිරිසක් නම් ඒ කාරණය එහෙම වෙන්න පුලුවන්.
හැම තැනකම ඔහොමයි... කොච්චරා සල්ලි තිබ්බත් සතුට තියෙන්නේ දහඩිය හෙලන මිනිස්සු ළඟ
ReplyDeleteකථාව ඇත්ත නාඩියො....සල්ලි පුලුවන් තරම් එකතු කරපු උන්ට අන්තිමේ ඉතිරි වෙන්නෙ සොර සතුරු භියයි....හොද කරන්න බැරි ජීවිතාන්තය දක්වා තියෙන කරුම ලෙඩකුයි, දේපල බෙදාගන්න මරාගන්න දරුවො රැළකුයි තමයි ගොඩාක් වෙලාවට
Deleteඔමා කියන්න්න වගෙ හෙලා දකින්න ඔන
ReplyDeleteඅදහස පැහැදිලි නෑ ගොයියො...කොයි එකද හෙළා දකින්නෙ....
Deleteගොඩක් දුක හිතුනා මේ ගොවීන් ගැන...ගොඩක් දුප්පත් රටක් වගේ...
ReplyDeleteඅපිත් අපි වගා කරන සුපිරි තේ බීලා නෑ මං හිතන්නේ....අපි රස කර කර කන්නේ මේ මිනිස්සුන්ගේ ඩහදිය මහන්සිය! කමක් නෑ ඒ වෙනුවෙන් නිසි වටිනාකමවත් ඔවුන්ට ලැබෙනවා නම්...
ඇත්තෙන්ම ඉතාම දුප්පත් රටක්....
Deleteහොදම තේ කියලා කියද්දි නංගි ඉතාම ඉහළ මිළ ගනන් වලට විිකිණෙන තේ සුද්දො බොන්නෙ සීනි යොදන්නේ නැතුව....එහි කහට රහ තමයි ඔවුන් විදින්නෙ. නමුත් ඒ කහට රහ අපේ අයට හුරු පුරුදු නැති නිසා... (සීනි නොමැතිව නොබොන නිසා) හොදම වර්ගය උනත් අපේ අය හොද නෑ කියයි.
ඇගලුම් කර්මාන්තයෙත් තියෙන්නේ ඔය වගේම දුක හිතෙන කතාවක්. සමහර එක ඇගලුමක විකුනුම් මිල වැඞි ළමයෙකුගේ මාසික පඞියට වැඞිය.
ReplyDeleteමම හැමදාමත් කියන්නේ ඉදිකට්ට ඉහල පහල යන එක නැවතුන දවසක අපේ මේ සැප ඡිවිත ඉවරයි. පාන් කාලක් නෙමෙයි මගේ පොඞි එකාට ටොපියක් කන්න සල්ලි නැතිවෙයි.
බ්‍රා ලස් ලෝකයක් ගැනද මෙන්ඩියො හිතුවෙ. අම්මෝ නොකා නොබී මලටත් මොකො.
Deleteමා දන්න විදියට ඇඟලුම්වල තත්වය මෙයට හොඳයි. හේතුව TOMI, M&S වගේ ලෝකෙ ප්‍රසිද්ධ ඇඟලුම් වෙළෙන්දො තමන්ගෙ රෙදි මහන සේවකයන්ගෙ රැකියව, ඒ අයගෙ ජීවිත සුරක්ෂිතද කියල හොයල, එහෙම නොවෙන සැපයුම් කරුවන්ගෙන් බඩු ගැනීම නවත්වනව.
Delete@කම්මල
Deleteබ්‍රා ලස් ලෝකයක් වුන දාට මෙන්ඞියටත් ඉන්න වෙන්නේ රෙදි නැතුව.
@ඉන්දික අයියන්ඞී
කෝකොවා ගෙවියන්ට සාපේක්ෂව ඇගලුම් කර්මාන්තය යම් දුරකට මානුෂික බව පිලිගන්නවා. ඔයා කියන කථාවෙි යම් ඇත්තක් තියනවා හැම Buyer කෙනෙක්ම Compliance Audit එකක් කරනවා ඒ තුලින් උපරිම වැඞ කලහැකි පැය ගනන ආරක්ෂාව සනිපාරක්ෂාව අවම වයස් සිමාව වගේ දෙවල් ආවරනය වෙනවා. එක දිගට පැය 8 ක කැලි 1000, 1500, 2000 ක නිශ්පාදන ඉලක්කයක් (අනිවාර්යෙන් සම්පුර්න කල යුතුයි).
අයියන්ඞි වරදවා හිතන්න එපා මෙි කෙල්ලන්ට මගේ රැකියාවට බොක්කෙන් ආදරෙයි ගරැ කරනවා.
ඇගලුම් කම්හල් ආරම්භ කරලා 90 දශකයේ මැද භාගයට එහෙම එද්දි ශ්‍රමය සූරාකෑම ගැන ලොකු කථිකාවක් ඇති උනා නේද...ඊට පස්සෙ තමයි ඔය කියන විදියෙ වෙනස්කම් ඇති වෙන්න ඇත්තෙ....
Deleteබන්දුල නානයක්කාර වසම් නැමති ගේය පද රචකයා රත්මලාන මැලිබන් හන්දිය කිට්ටුව මධ්‍යම රාත්‍රිය ආසන්නව දැක්ක දර්ශනයකින් ඇති වූ කම්පනය නිසා තමයි රෑ වැඩ මුරය අවසන් වන කණිසමට කියලා සුනිල් එදිරිසිංහ මහතා ගයන ගීතය ලිව්වෙ..එයට පාදක වෙලා තිබුනෙත් ඇගලුම් කම්හල් යුවතියන් පිරිසක්...උදෑසන සිට එතරම් වේලාවක් ඒ අය සේවය කරලා.
බෙලෝගර් කෙනෙකුට කොමන්ටුවක් වටිනවා වගේම කොමන්ටර් කෙනෙකුට මේ වගේ දිගු පිලිතුරක් පැහැදිලි කිරිමක් වටිනවා.
Deleteස්තුතියි උඔට
එලද බ්‍රා......
Deleteඕක කොතනත් අඩු වැඩි වශයෙන් වෙන දෙයක් සිරා. චොක්ලට් නොකෑවමයි කියන එක විස්වාස කරන්න බැරි උනත් සුකෝපභෝගී භාණ්ඩ හදන වැඩි හරියකට ඒ භාණ්ඩ ජීවිත කාලෙදිම පාවිච්චි කරන්න හැකියාවක් ලැබෙන්නෙ නෑ.
ReplyDeleteහරියට හරි ප්‍රසා. ඕක තමයි ඇත්ත. සමාජවාදේ කරළියට එන්නෙ ඔන්න ඔය කතාව නිසයි.
Deleteඅනික ඕක පිටිපස්සෙ සූරාකෑම, වහල් භාවය වගේ වචනත් එක්ක, නිර්මාණශීලිත්වය නැතිකම, මූලික් අවශ්‍යතාවලින් තෘප්තිමත්වීම, කම්මැලිකම සහ එකිනෙකාට හොරෙන් තමා ගොඩයෑමේ ගෝත්‍රික හැඟීම් වගේ දේත් තියෙනව. තමාගෙ සමාජයේ කෙනා දෙස ගෝත්‍රිකවාදීව නොබලන පට්ට මානුෂිවාදියො ඒ දේවල් පාවිච්චි කරල මේ මිනිස්සුට කොකෝ අරන් කොකා පෙන්නනව.
කථාව ඇත්ත ප්‍රසන්න අයියා...ඔයිට වඩා හරිම දුක්ඛදායක කථාවක් තියෙනවා චීනයෙ...අපේ එදිනෙදා ජීවිත බොහොම පහසු කරන්න ඉලෙක්ට්‍රොනික මෙවලම් හදන කර්මාන්ත ශාලාවල සේවය කරලා රසායන ද්‍රව්‍ය වලට වගේම විවිධ විකිරණ වලටත් නිරාවරණය වෙලා සුව කල නොහැකි අයුරින් පිළිකා රෝගය ඇතුලුව තවත් රෝගාබාධ ගනනාවකට ලක් වූ චීන ජාතිකයන් රාශියක් එහෙ සිටිනවා...ඒ අය තමන් කවදාවත් දැකලා නැති කෙනෙකුගේ යහපත වෙනුවෙන් තමයි එතකොට තමන්ගෙ ජීවිතය අවධානමට ලක් කරලා තියෙන්නෙ.
Deleteඉන්දික අයියගෙ කථාවෙත් බොහොම ලොකු සත්‍යයක් තියෙනවා...මේ හොදයි අපිට සෑහෙනවා...වගේ බොහොම උදාසීන අදහසක හිටියා නම් හැමෝම වගේ කවදාවත් මේ ලෝකෙ අලුත් දෙයක් නිපදවෙන්නෙ නෑ.
http://helppal.tk/discussions kattiya awith set wenna ape forum ekata.
ReplyDeleteකෝ බන් ඕක වැඩ නෑනෙ....
Deleteඑක අතකට අපිත් ඒ වගේ නෙවිද?
ReplyDeleteලෝකෙටම තේ බොන්න තේ කොළ නිපදවන අපි කීයෙන් කී දෙනාද හොඳ තේ කොල දාලා හදපු තේ කෝප්පයක රස බලලා තියෙන්නේ?
මේක අයිවරි කෝසට් වලට වගේම සූරා කෑමට ලක්වෙන සියළු තුන්වන ලෝකයේ රටවල ප්‍රශ්නයක්..
තේ කොළ ගැන ඉතින් ඔය ඉහළින් බොහොම හොද කථිකාවක් ඇති වෙලා තියෙන්නෙ.
Deleteහරිම පව් මේ ගොවීන්... මේක කියෙව්වහම මටත් මතක් වුනේ අපේ රටේ තේ කොළ වලට වෙන දේමයි.. හුඟක් ස්තූතියි මේ තොරතුරු අපිත් එක්ක බෙදා ගත්තට
ReplyDeleteඒ ඇත්තො බොහොම සුළු පහසුකම් යටතේ වුවත් යහපත් ක්‍රියාවක නිරත වෙමින් ජීවත් වීමයි අගය කල යුත්තෙ.
Deleteවැඩ කල් දාන්න හොඳ නෑ.. එතකොට තවත් පහු වෙනවා.. මේ කමෙන්ට් එක අද වැටෙන්න හේතුව ඒකයි..
ReplyDeleteසිරා මට දැනුන මුල්ම සිතුවිල්ලනම් මේක බොරුවක් හෝ නිෂ්පාදිතයක් කියන එක විතරයි... ඒත් පස්සෙ හිතුනා ඕනැම දෙයක් වෙන්න පුළුවන් ලෝකෙ මෙහෙම දේවලුත් වෙන්න පුළුවන්... කියලා.. විශේෂයෙන්ම අඳුරු මහද්වීපයේ දිළිඳු රටක් තුළ මෙහෙම දේවල් වෙන්ඩත් පුළුවන්... ඇත්තටම අප්‍රිකාවෙ උන් උන්ගෙ හැකියාව/ධනවත්කම අඳුනන්නේ නෑ ඒක හින්දා උන් හැමදාම සූරා කෑමට ලක්වෙලා අනිත් උන්ව පෝසත් කරණවා...
උඹ හිතන්නෙ අපේ පොස්පේට් වලින් මොනවා හදනවා ඇතිද ? ඒකත් ඔය ආනිසන්සෙම තමා මම හිතන්නෙ...
අර තාත්තනම් හරි අපූරු පොරක්.. ඌ චොකලට් එකම කාලා කොලේ ළමයින්ට පෙන්වන්න යනවා.. :D
//උඹ හිතන්නෙ අපේ පොස්පේට් වලින් මොනවා හදනවා ඇතිද ? ඒකත් ඔය ආනිසන්සෙම තමා මම හිතන්නෙ...//
Deleteපොස්පේට් වලින් පෝර *ජාතියක්* හදනව කියල හරි අහල තියෙනව කියමුකො. ඇයි උඹ හිත පුල්මුඩේ උන් දන්නව කියලද ඒ වැලි වලින් කරන වැඩේ?
අද කලයුතු දේ අදම කරන්න කියලා මාරි කියුරි මැතිණිය කිව්වෙත් ඕකම තමයි...
Deleteඔබේ අදහස සමග මම එකගයි. ජීවත් වෙන්න මගක් නැතිනම් තමන්ට හැකි දෙයක් කරලා මිනිස්සු ජීවිතය පවත්වාගෙන යන්න උත්සාහ කරනවා. එතැනදි ඔවුන් නිපදවන දේ කුමක් වුවත් එහි අවසාන ප්‍රතිඵලය කුමක්ද කියලා සොයාබලන්නට ඔවුන්ට වේලාවක්, හැකියාවක් හෝ කාලයක් නොමැති වෙන්න ඉඩ තියෙනවා. අයිවරි කෝස්ට් කොකෝවා ගොවීන් ගැන මට හිතෙන්නෙ එහෙමයි.
අපේ පොස්පේට් පිටරට පටවනවා කියලා නම් දන්නවා. ඒ නැතත් අපේ රටේ ඇති ඒකදේශික ඖෂධීය ශාක සමහරකට පේටන්ට් අයිතිය තියෙන්නෙ වෙනත් රටවලට කියන එක නම් ප්‍රසිද්ධ රහසක්.
තාත්තාට මේ අත්දැකීම විදගත්තට පස්සෙ වෙන්ටැ දරුවො මතක් වෙන්න ඇත්තෙ.
මාරම මාර කතාවක් ලෝකෙ කෙයිතරම් දේවල් මේ විදියට වෙනව ඇද්ද. ලංකාවෙත් ඔය සමහර නිෂ්පාදන කලාට ජනතාව දන්නෙ නැහැනේ. උදාරනයක් විදියට තේ කර්මාන්තයේ ඉහලම තැනක තියෙන හොඳම බීඕපී ගොල්ඩ් වගේ තේ බොන්න ලංකාවෙ අයට පින නැහැනේ
ReplyDeleteඅයිවරි කෝස්ට වල චොකලට් නිෂ්පාදන සමාගමක් දම්මනම් කොහොම තියෙයිද
ආර්ථික සාධකත් එක්ක ගත්තම රටේ ජනතාවට විකුණනවාට වඩා ආදායමක් රටින් පරිබාහිර අයට විකුණලා ලබා ගන්න හැකි නම් ඕනෑම කෙනෙක් ඒ මගට වැටේවි කියලයි මට හිතෙන්නෙ. ලංකාවෙ තේ කර්මාන්තය තුලත් ඇත්තෙ මෙවැනි තත්වයක්.
Deleteඒ වගේ දේශපාලනික වශයෙන් අරාජික රටක ආයෝජනයක් කරලා තමන් යට කරන මුදලට අවධානමක් ගන්න ව්‍යාපාරිකයො කැමති නැතුව ඇති.