Thursday, December 19, 2013

83 ඔටුවා සමග අපි

ඔටුවා යනු, සිරා කොලුවා වන මම අ.පො.ස  සා/පෙ පන්තියේ ඉගෙන ගන්නා කාලයේ මගේ පන්තියේ සිටි පතෝල මෙන් මෙලෝ රහක් නැති එකෙකි. මේකා සුදුය...කෙට්ටුය, උසය...උගේ කට ඇරියොත් ඒ කටින් පිටවෙන වචන තවෙකෙකු සමච්චලයට ලක් කරන ඒවාමය. ඒ නිසාම පන්තියේ කවුරු කවුරුත් ඔටුවා සමග යාප්පුවෙන් දිවි ගෙවන්නට තීරණය කලේ මේකා අපිට මුලිච්චි වූ 9 වසරේ කැලෑසියේ සිටමය.

ඔටුවා යමක් පවසන විටෙක එය තවත් පන්ති කාමර ගණනාවකට ඇසෙයි. එය උගේ හඩ පාලන ගැජට්ටුවේ අප්සැට් එකක්ද, නැතිනම් ජාන වලින් ලද බෙලෙක් කටහඩේ ජන්ම ගතියක්දැයි මට තවමත් සිතා ගත නොහැක. මේ ලියවිල්ල අතරතුර ඒ ගැන කල්පනා කරන්නට ගියොත් මා මානසිකව ඇද වැටී තුවාල වීමට ඉඩ ඇති හෙයින් මම ඒ කාරිය නොකරමි.

9 වන කැලෑසියට පැමිණි පසු තාක්ෂණික විෂයන් අනුව පන්ති කාමර වර්ග කිරීමේ ක්‍රමවේදයක් අපේ පාසලේ තිබුනි...ඒ අනුව තමන් තෝරා ගන්නා විෂය අනුව 6 වසරේ සිට මෙතෙක් සිටි පන්තිය ඇතමෙකුට අහිමි විය. එතෙක් E පන්තියේ සිටි මම F පන්තියට වැටුනේද මේ ක්‍රියාදාමය නිසාය. අන්න ඒ අයුරින් වෙනත් පන්තියක සිටි ඔටුවාද අපි සියල්ලෝ පෙර කලෙක කල පින්කදක මහිමයෙන් අපේ පන්තියටම පැමිණියේය.

මල් ජංගියාට එසේ කියන්නේ ඇයිදැයි මා තවමත් නොදන්නවා සේම ඔටුවාට එසේ කියන්නේ ඇයි කියාද මම නොදනිමි. එනමුදු මට අවිශ්වාසයක් නැත...පුංචි එකා සන්දියේ කල මහා තුප්පහි වැඩක ජාතක කථාවක් ඒ නම පිටුපස තිබිය යුතුමය. අපි පුංචි පහේ සිස්සත්වය සමත් වී නගරයේ පාසලට පැමිණෙන විට පරණ පාසලෙන් තවත් කීප දෙනෙකු හෝ නව පාසලට පැමිණියහොත් උන් එන්නේ හිස් අතින් නම් නොවේ....පුංචි පාසලේදී කියූ පජාත අන්වර්ථ නමක්ද රැගෙනය. ජංගි කථා මෙන්ම ඔටු කථාද එසේ වූ ඒවා වන්නටත් බැරි කමක් නැත.

කෙසේ හෝ ඔටුවා සමග අපි දැන් පන්තියේ ඉගෙන ගන්නෙමු. මුගෙ මූණත් තහඩුව සම්පූර්ණයෙන්ම ගුටිකන වර්ගයේ එකකි..ඒ නිසාම අපිද ඔටුවාව ඇති පදම් සමච්චලයට ලක් කළෙමු...මෙවැනි කාර්යයන් සදහා එකල අප පන්තියේ සිටි, රට බල්ලා,අල පඩයා, දත් දිගා, මහා රාණි, සොබ්බයා, ලතා, පිටි මෝල, බඩියා, කට කලුවා වැන්නවුන්ගේ සහයෝගයද ලැබුනු හෙයින් ඔටුවා කා සමගවත් පුද්ගලික තරහක් ඇති කරගත්තේ නැත. සබද, මා මේ මතක් කරගෙන යන්නේ වසර 15 කට එහා ඉතිහාසයක් බව සැලකුව මනාය. මතක් කල පමණින් වුවත් මට දැනෙන්නේ පුදුමාකාර සතුටකි. සැනසිල්ලකි...ඒ ඉතිහාසය එතරම් රසවත්ය..ඔබේ පාසල් අතීතය පිළිබද කරනා ස්මරණයක්... ඔබටත් එවැනිම සුවයක් ගෙන දෙන බැව් මමද ඉදුරාම දනිමි.

මගේ උසස් පෙළ වසරට අදාළ ආදි ශිෂ්‍ය හමුවක දසුනක්...
අපේ මුල් කාලීන ගුරු පියවරු කීප දෙනෙක් මැද්දෙන් ඉන්නෙ.
පන්තියේ එතරම් පිළිගැනීමක් නැතිව සිටි ඔටුවා එක්වරම කරළියට එන්නේ ඒකා විසින් එක එකා වෙත පුද්ගලිකව කියා දුන් කෙහෙල් ගෙඩි දෙකේ කථාව නම් අතිශයින් වැඩිහිටියන්ට පමණයි වර්ගයේ කථාව නිසාය. ඔටුවාගේ කථාව අසන හිතවතා එහි එක් තැනකදී දැඩිව කුපිත වෙයි...ඔටුවා නිසි ආකාරයෙන් කථාව කිව්වා නම් එය එසේ විය යුතුමය. එහෙත් ඉන් පසුව දහ අතේ වැද තමාගේ කථාව අසා සිටින මිතුරා සුහද කරගන්නා ඔටුවා...අන්තිම කෙහෙල් ගෙඩියට කල යුතු දේ කියනවාත් සමගම ශ්‍රාවකයෝ බහුතරයක් උගේ කෙහෙල්ගෙඩිය ගලවන්නට තැත් කොලහ.

කෙහෙල්ගෙඩි දෙකට පින් සිදු වන්නට දැන් ඔටුවා පන්තියේ නමක් ඇති එකෙකි. තාත්තා මහා පරිමාණ වී මෝල් සහ හාඩ්වෙයාර් කීපයක හිමිකරුවෙකු වූ නිසාම ඔටුවා ක්ලීන් සූට් වර්ගයේ කොලුවෙකි...එහෙත් උගේ පොකැට්ටුවෙන් මුදලක් ගන්නවාට වඩා...එකල අප විද්‍යාලයේ ආපන ශාලාව කරගෙන ගිය අශෝක අයියාගේ පරිප්පු හොද්ද සමග පාන් කනවා පහසුය. ඇට නැති පරිප්පු හොද්දේ ඇටයක් අහම්බෙන් හෝ හමු වූ දිනක් වූයේ නම් ඒ හොද්ද හදපු එකාට අත් වැරදීමක් වූ දිනයක් විය යුතුමය.

පන්ති කීපයක සිටි කොල්ලන් එකට එක් කර තැනූ නව පන්තියේ මාස දෙක තුන ගත වෙද්දි බොක්කෙ ෆිට් සමග පුංචි පහේ හතුරන්ද සිටියහ. එය ඕනෑම පාසලක මෙන්ම පසුකාලීනව රාජකාරී කරන තැන් වලද සාමාන්‍ය ක්‍රමවේදයයි. බටහිර හා පෙරදිග තූර්ය වාදක ඛණ්ඩ නියෝජනය කල සාමාජිකයන් හතර දෙනෙකුම පන්තියේ සිටි නිසා ගුරුවරයෙකු නැති කාලජේදයක් අපටම ආවේණික ශෛලියකින් යුතු වූ  සජීවි සංගීත ප්‍රසංග කලාව පෙරට ගෙන එන්නට අපි එකල යොදා ගත්තෙමු. සමස්ත ලංකා කථික තරග පිට පිට වසර කීපයක් ජයගත් අපේ සගයෙකුට නිරතුරුව ප්‍රසංග ආමන්ත්‍රණය හිමි වුනි. සංගීත සංදර්ශනයට ගායකයන් නැග්ගවීම සහ බැස්සවීම පමණක් නොව අනුග්‍රාහක භවතුන්ගේ දැන්වීම් ප්‍රචාරයද සිදු විය. එහෙත් මේ දැන්වීම් බොහොමයක් නිවේදකයාගේ පුද්ගලික තරහකරුවන් කිපෙන සුලු ඒවා හෙවත් උන්ට මඩ ගසන වර්ගයේ ඒවාය.

හිටපන්...උඹට මම හවසට වැලි පිට්ටනියෙදි අල්ලන් නෙලන්නම්.... එසේ කීවේ අල පඩයාය.

අඩෝ...උඹ ඉතින් කන්න තමයි....මෙසේ කියා දත්මිටි කෑවේ අපට සිංහල ඉගැන්වූ නන්දාවතී ගුරු මාතාව තිළිණ කල සාඩම්බර නමකින් සන්නද්ධ වු බර්නාඩ්ය.

නම වැටුන කථාවත් කිව යුතුම වර්ගයේ කථාවකි. නන්දාවතී ගුරු මෑණියෝ ඒ වන විටත් අප පාසලේ වසර 30 කට ආසන්න කාලයක් සේවය කර තිබුනි. ශිෂ්‍යයන් ලෙස තමාගේ ගුරු ජීවිතයේ මුල් අවධියේදී ඇයට සමීප වූ ඇතැම් පරණ ගෝලයින්ගේ නම් යොදා එතුමිය හිටිවනම වර්තමාන උන්ද අමතයි...එය අත්වැරදීමකි. එසේ එක් දිනක් ජගත් නම් මේ කොලුවාව එතුමිය ඇමතුවේ, බර්නාඩ්... ඔය පොත අරගෙන මෙහෙට එන්න යනුවෙනි... එදා සිට ඒකා බර්නාඩ් නම් විය.... තවත් දිනෙක ෂ්‍යාම් නම් තවත් එකෙකුට එතුමිය කථා කලේ... ලෙස්ලි මොකද...ඔච්චර කටේ සද්දෙ කියාය.. එදා සිට ඒ අසරණයා ලෙස්ලි නම් විය....

කෙසේ හෝ අපේ 11 F පන්තියේ  සජීවී බජව්ව නැගලා ගියේ අයිය බඩාගේ කවකටු පෙට්ටියේ ඩ්‍රම්ස් වාදනයේ පිහිටෙනි. සිරාගේ දායකත්වය ලැබුනේ ගායනාවන්ටය. එකල පාසලේ ගායනා කණ්ඩායම මවිසින් නියෝජනය කල නිසාම මේ අවස්ථාව මට නිරතුරුව හිමි විය. ඇරත් සිරා අදටත් හොදින් ගීත ගායනා කරන එකෙකි. බොලාට සැක නම් ඔබ මා හමු වූ දිනෙක මගේ සුරතේ කීයක් හෝ ගුලිකර සින්දුවක් කියවා ගන්නට අවස්ථාවක් මම ඔබට දෙමි.  තූර්ය වාදක ඛණ්ඩය තුලත් සයිඩ් ඩ්‍රම් වාදනය කල අයිය බඩා සතුව උපතින් ගෙනා අපූරු වාදන හැකියාවක් විය... ඒ නිසාම පසුකලෙක ලංකාවේ දක්ෂයන්ට පමණක් ඇතුලු විය හැකි නාවික හමුදා තූර්ය වාදක ඛණ්ඩයේ දොරද අයිය බඩා නමින් විවෘත විය.

අද මෙන්ම එකලත් දීර්ග ශාලාවක එක ලග පිහිටි අයුරින් අ.පො.ස සා/පෙ පන්ති පිහිටා තිබුනි. ඇතැම් විටෙක වෙනත් පන්තියක එකෙකු ගෙදර වැඩ කර නොතිබූ පාඩමකට ගුරුවරයා පැමිණ ඇති විටෙක දඩුවම්  මග අරින්නට අපේ පන්තියට වී බජව්වට සම්බන්ධ වෙයි. මේ අයුරින් විවිධ පන්තිවලින්ද  රසියකයන් පැමිණ වට වූ කලෙක බජව්ව උච්චතම අවස්ථාවට එළඹෙයි. අන්න ඒ වෙලාවට කොහේ හෝ සිට ඒ කරා එන චරිතය ඔටුවායි....

උඹලා තාම ප්‍රියාගෙ හදවත ඉල්ලා ගැහුවෙ නෑ නේද...ඒකත් ගහල්ලකො බන්.... රතු හෝ කොළ ටයි පටියකින් හදවත ඉල්ලන්නට ගොස් මුහුණ දුන් සාටර් සිදුවීමක් නිසාදෝ ඔටුවා හැමදාමත් ඉල්ලුවේ ඒ ගීතය පමණමය. නැතිනම් ඒකා වෙන ගීත දන්නේ නැතුවා වන්නටත් පුලුවන.

කෙසේ හෝ සා/පෙ මග ගෙවාගෙන අ.පො.ස උ/පෙ පන්ති වලට එළඹෙන විට අපේ පන්ති වල සිටි බොහෝ උන් විද්‍යාව හෝ ගණිතය හැදෑරීමට ගොස් සිටි නිසා අපි අතර තිබූ සහජීවනය මදක් දුරස්ථ විය. එහෙත් මා සමගම මල් ජංගියා / ඔටුවා / බඩියා / මහා රාණි වැන්නවුන්ද  වාණිජ්‍ය විෂය හැදෑරීමට තෝරාගෙන තිබූ නිසා එතැන් සිටද අපේ මිත්‍රත්වය තවත් දුරකට විහිදින.

සා/පෙ විභාගයෙන් ලද ප්‍රතිඵල අනුව උ/පෙ පන්ති වෙන්කර තිබුනි. ඒ අනුව බුලට් සැට් එක එක පන්තියකය. ඊට මදක් අඩු උන් ඊළග පන්තියේය...මේ අයුරින් පන්ති කාමර 5ක් පමණ වාණිජ්‍ය විෂයට වෙන්වී තිබුනි. ඔටුවා සිටියේ ශාලාවේ කොණටම වෙන්න සිටි පජාතම සැට් එක සිටි පන්තියේය. තත්වය එසේ වුවත් වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු බලකායේ සිටින හිත හොද නිත්‍ය සාමාජිකයකුද ඔටුවා සිටි පන්තියෙන්ම බිහි විය.

මේ කියන පන්තියේ සිටියේ නාහෙට අහන්නේ නැති සොමිබර බුවාලා සැට් එකකි. ඒ පන්තියට ඉගැන්වූ ගුරු වරුන්ද එවැනිම විනෝදජනක පිරිසකි. ඉංග්‍රීසි විෂය ඉගැන්වූ ගුරුතුමෙකු මේ වටිනා කියන පන්තිය භාරව සිටියේය. නමුත් ඔහු උගන්වන ඉංගිරිසියක් නැත. හැමදාමත් වචනයක් දෙකක් දෙසා පන්තියෙන් පැන ගනී. සරසවි කඩඉම ජයගන්නට ඉංග්‍රීසියේ සම්බන්ධයක් නොතිබූ නිසා එය ඉගෙනගැනීමට ඒකලාට උවමනාවක් නොතිබුනා වන්නටත් පුලුවන...එහෙත් නවනිංගිරාව විදින්නට වූයේ පෙර කියූ ගුරු පියාටය....සාමාන්‍යයෙන් වැඩක් නොකර කර ඇර සිටින බුවාලා හදුන්වන්නේ අයිස් ගහනවා යනුවෙනි...එහෙත් මෙතුමාට පන්තියේ සිටි කුපාඩි කොල්ලෝ නම තැබූයේ ගැලැසියර් යනුවෙනි..ඒ අනුව ගුරුතුමාගේ තරම ඔබට සිතාගත හැකි වනු ඇත.

ග්ලැසියර්ට වුවද ඇතැම් දිනයක උගන්වන සිතක් පහල වේ..එහෙත් ඊට හරස් කපන පන්තියේ සිටින වදකාරයන් ඔහුට හිස රදයකි....කොයි වෙලාවෙත් පෑනකින් ඩ්‍රම්ස් ගහනා කොට සංජීවයාද එහෙම එකෙකි. ඒකාට වරක් එතුමා දී තුබූ දඩුවම වූයේ වාණිජ්‍ය අංශය ඉදිරියෙන් තිබූ ගසකට පෑනෙන් නොනවත්වා ඩ්‍රම්ස් ගසන ලෙසයි...මේ පන්තියේම සිට ලයිෂන් චණ්ඩියෙකුට වරක් දුන් දඩුවම වූයේ කොලුවාගේ බෙල්ලෙන් පහළට යැවිය හැකි ලෙස නිර්මාණය කල බ්‍රිස්ටල් බෝඩ් එකක // මම නැවතත් කිසිවෙකුගේ මුදල් බලෙන් නොඉල්ලමි // යනුවෙන් සදහන් කර විවේක කාලයේදී පාසලේ හැමටම පෙනෙන තැනක ඇවිදීමට අවස්ථාව උදා කර දීමයි....එහෙත් පන්තියේ සිටි හොදම කරදර කාරයාට ගැලැසියර් මෙවැනි දඩුවම් දුන්නේ නැත...අයිසෙ මෙහෙ එනවා...තමුසෙ මේ පන්තියෙ හිටියොත් අනිත් ළමයෙක්ටවත් ඉගෙන ගන්න නෑ...අර පබ්ලික් හෝල් එකට අලුත් පිචර් එකක් ඇවිල්ලා...හොද එකා වගේ 10.30 බලලා එනවකො....ආ සල්ලි.... 

තවත් වරෙක ව්‍යාපාර අධ්‍යයනය ඉගැන්වූ පාසලට අලුතින් පැමිණි හුරුබුහුටි චූටි ගුරුතුමියක් පන්තියේ සිර කර පිටතින් අගුලු ලා තිබුනි....ඇගේ ඉල්ලීම් නොසලකා දොර හරින්නට පරක්කු වූයෙන්...අලුත් මිස් හැඩුම් දරාගෙන දිව්වේ ප්‍රධාන කාර්යාලයටය. එහි සිටි විදුහල්පති තුමාට සිද්ධියේ අකුරක් නෑරම  පැවසූ පසු පන්තියේ සියල්ලන්ටම කාර්යාලයට පැමිණෙන ලෙස ඇරයුම් ලැබුනි...ඒ අතර අපේ ඔටුවාද සිටියේය. මුල් ගුරුතුමාගේ වේවැල් කසායෙන් පස්සා  පැත්ත සනහාගෙන එදා ඔටුවා ඇඹරි ඇඹරී ගෙදර ගිය අයුරු මට අද මෙන් මතකය.

කෙසේ හෝ කාලයේ ඇවෑමෙන් මේ ලොව කිසිදිනෙක කිසිවෙකුට වෙනස් කල නොහැකි යථාර්ථයට අපි සියල්ලෝ මුහුණ දුන්නෙමු. උසස් පෙළ පන්තියේ දෑ වසරක් අවසානයේ දශකයකටත් වැඩි පාසල් ජීවිතයට සමුදෙමින් මිතුරන් හා සතුරන් උනුන් වැලදගෙන පාසලෙන් සමුගත් දිනය තවමත් මගේ නෙත් කෙවෙනි අගට කදුලක් එක් කරයි...වර්තමාන සමාජයේ ඉන්නා ආකාරයේ පොතටම ඇලුනු පොත් ගුල්ලන් එදවස අපේ පාසලේ බොහෝ හිග විය. තමාගේ දෙවැනි මව් ලෙස සලකා බොහෝ උන් පාසලට දැඩි සේ ආදරය කලේය...පන්ති කාමරයේ කුමන දඩබ්බර වැඩක් කලත් පාසලේ නම බබලවන්නට බාහිර ක්‍රියාකාරකමකින් හෝ ඉදිරියට ගියහ. ඇතමෙකුගේ පසුකාලීන ජීවන වෘත්තිය බවටද එයම පත් විය. දශක එක හමාරකට පසු අද ආපසු හැරී බලද්දී බාහිර ක්‍රියාකාර කම් සමග අධ්‍යාපනය සමගාමීව කල උන් ජීවන ගමනේ අනෙක් අයවලුන්ට වඩා දුරක් ගොස් ඇති බවක් පෙනේ....

අපේ ඔටුවාගේ කථා වස්තුව ඇරඹෙන්නේ මෙතැන් සිටය...මේ ආරම්භයක් පමණි....පුංචි පියවරක් දිගු ගමනකට මුල පුරයි කියන්නා සේ මේ කථාවෙන් පසු නිසැකවම ඔටුවාගේ ජාතකේ මෙහි දිග හරිමි.




මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.


ප.ලි

අපේ පරම්පරාව අදටත් පාසලට දක්වන්නේ සිය මවට දක්වන තරමේ සෙනෙහසකි. ඇල්මකි.

අපේ බජව්ව ලත් තැනම ලොප් වන අවස්ථාද නොතිබුනා නොවෙයි.... ඒ ආසන්න පන්ති වල ගුරුවරුන් හෝ වසර භාරව සිටි රංජිත් ප්‍රනාන්දු ගුරු පියාගේ ආගමනයෙනි....තදින් බැණ වැදුනාට එතුමා කිසිම කලෙක අපේ කලාකරුවන්ට දඩුවම් කර නැත. ඉහළ ඡායාරූපයේද මේ වටිනා මිනිසා සිටියි.

බජව්වේ නිවේදක තුමා වර්තමානය වන විට ජනප්‍රියම විෂයකට අදාළව  ගම්පහ වැඩිම ශිෂ්‍ය ප්‍රජාවක් සහභාගි වන උපකාරක පන්තියක ගුරුතුමාය...









83 comments:

  1. අම්මප මේකා ඉගෙන ගත්තද ඔටුවෝ ඇල්ලුවද. කවදාවත් ඉස්කෝලේ කතාවක කියන්නේ නැහැනේ මම හොඳ ළමයෙක් කියලා. අම්ම මට බැන්නට මං හොඳයි සින්දුවද ඒ කාලේ ගැහුවේ. හරි හරි කියමුකෝ බලන්ඩ ඔටුවගේ ඉතුරු ටික.

    ReplyDelete
    Replies
    1. මම ඇත්තටම හොද ළමයෙක්...මම මගේ පාසල් කාලය තුල කිසිම දවසක පීරියඩ් කට් කරලා...වේලාසන ඉස්කෝලෙන් පැනලා ගිහිල්ලා නෑ...ඒ දවස් වල ඉදලම මගේ තිබුන පුරුද්ද තමයි පංතියේ වැඩ කරන ගුරුවරුන්ගෙන් හොද අහන උන් එක්කමයි මමත් හිටියෙ...

      මේ කථාවෙන් කියවෙන උන්ගෙත් ලොකු වැරදි නෑ...දාංගලේ විතරයි....අද නම් මේ ඔක්කොම වගේ ඉතාම හොද ආර්ථික තත්වයක් සහිතව ජීවත් වෙනවා...සමහරු පියවරුන්ගේ ව්‍යාපාර කටයුතු දියුණු කරමින් ඉන්නවා....දැන් මේ අතීතය අමතක කරලා හරිම වගකීම් සහගතයි මේ සියල්ලන්ම....

      Delete
    2. ///මම ඇත්තටම හොද ළමයෙක්...මම මගේ පාසල් කාලය තුල කිසිම දවසක පීරියඩ් කට් කරලා...වේලාසන ඉස්කෝලෙන් පැනලා ගිහිල්ලා නෑ...///

      සිරෝ,,උඹ ඇත්තටම ඉස්කෝලේ ගියාද බං??
      මගේ උසස් පෙළ කාලය පුරාවටම මං ඉංග්‍රීසි සහ තවත් එක විෂයක් කට් කළා.ඒ කියන්නේ පීරියඩ් හතරක්ම :D
      ඔය පීරියඩ් 4 හවසට වැටුනොත්....ඉන්ටවල් එකෙන් පස්සේ මං ගෙදර. ;)

      Delete
  2. සිරා අයිය මුල පුරල තියෙන හැටියටනම් පට්ට කතන්දර ටිකක් ඉස්සරහට බලා ගත්තැකි වගේ. මෙච්චර කාලයක් හොරෙන් බ්ලොග් කියවල ගිය මම කොමින්ට් කරන්ඩත් පටන් ගත්ත. දිගටම ලියං යං ජය වේව!

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් කොලාට ස්තූතියි මලයො....කථා සාගරයක් තියෙනවා ලියන්න...ඒ සියල්ලම ලියනවාද නැත්තං මගින් නතර කරනවාද කියලා කල්පනා කලේ...

      Delete
  3. එහෙනන් ඔටු සිරිස් එකක් කියවමුකෝ.ඔය දක්ස අදක්ස පන්ති බෙදෙලි මහ ජරා වැඩක්.

    ReplyDelete
    Replies
    1. මේක නම් සහතික ඇත්ත..මටත් ඔය අත්දැකීම තියෙනවා.

      Delete
    2. ඒ කථාවට මමත් එකගයි...නියම ගුරුවරයෙක් වෙන්නෙ වැඩ බැරි එකෙක් විභාගය සමත් කරවලා මිස වැඩ පුලුවන් එකෙක් සමත් කරවලා නෙමෙයි....අපේ පාසලේ ක්‍රමයක් නෙමෙයි ඔය ක්‍රමය....ඒ ඒ අංශ වල ඉගැන්වීම් කරපු ගුරුවරු තමන්ගේ පන්තියට එහෙම අය තෝරා ගත්තා පසු කාලෙක මගේ පන්තියේ ප්‍රතිඵල හොදයි කියලා කියන්න පුලුවන් නිසා....නමුත් මම මේ කථාවෙ කියලා තියෙන කවුරුත් ගනන් ගත්තෙ නැති පන්තියේ උන් තමයි අද හැමෝටම වඩා ආර්ථික පැත්තෙන් සුරක්ෂිත වෙලා තියෙන්නෙ....

      Delete
  4. හ්ම්ම්.....හොද පාසල් අවධිය මතක් කිරීමක්.
    මට සින්දු කියන්න බැරි නිසා,එකෙක් හිටිය පට්ට සින්දු කියන එකෙක් ඒකට කියල කියවගන්නවා,
    එක ගගක ඉවුරු දෙක කවදා සින්දුව ......මාළු පාන් එහෙකට.
    හොද රසවත් ලිපි පෙළක් වෙයි නේද සිරා මල්ලි.

    ReplyDelete
    Replies
    1. චික්

      මාලුපාන් ගෙඩියටත් සින්දු කිව්වද ???

      කෙන්ජි මාමා ඉස්කෝලෙදි නත්තල් සීය වගේ ඇති !!!!

      Delete
    2. අපි ඉතින් මේ වගේ ගුරුවරයෙක් නැති වෙලාවට තමයි සින්දුවක් දෙකක් කියලා පොඩි ෆන් එකක් ගත්තෙ...කෙන්ජි අයියා එල කොල්ලෙක්නෙ...සින්දු කියපු එකාට සලකලා නොවැ...

      Delete
  5. "අර පබ්ලික් හෝල් එකට අලුත් පිචර් එකක් ඇවිල්ලා...හොද එකා වගේ 10.30 බලලා එනවකො....ආ සල්ලි...." හිනායන සීන් එක :D

    රන්ජිත් සර්නම් නියමයි ඉතින් කියල වැඩක් නෑ හොදට හොදයි වගේම නරකට, බුදු අම්මෝ...මාත් එක එක ඒවට බැනුම් අහල තියනව...ෆොටෝ එකේ ඉන්න සර්ලගෙන් මැද්දෙ ඉන්න 3න් දෙනානම් දන්නව, දෙපැත්තෙ සර්ල දෙන්නවනම් දන්නෑ...

    ReplyDelete
    Replies
    1. දකුණු පැත්තෙ සුදු හිස කෙස් සහිතව ඉන්නෙ ශිෂ්‍යත්වයෙන් සමත් වෙලා 6 E පන්තියට 1993 ඇතුලු වෙච්ච අවස්ථාවේ මගේ පන්තිභාර ගුරුතුමා...ජයසේකර සර් කිව්වම ඒ දවස්වල හිටිය හැමෝම දන්නවා...මෙතුමා තමා කාලයක්ම පාසලේ සෞඛ්‍යදාන ඒකකය භාරව හිටියෙ...අපි උසස් පෙළ කරන අවධියෙ ගණේමුල්ල ගලහිටියාවෙ නියෝජ්‍ය විදුහල්පති ධූරයේ හිටියෙ...තරහා යන වෙලාවට සොරිම තමයි ඉතින්.....ඔරලෝසුව ගලවලා ගහන්නෙ....

      අනිත් පැත්තෙ කොනේ ඉන්නෙ පින්තු සර්...අපේ විද්‍යාලයේ සාඩම්බර ශිෂ්‍යභට ඉතිහාසය ගැන කියනකොට මුලින්ම කියවෙන නම එතුමගෙ...පන්තිකාමරයෙන් නොව ක්‍රීඩා පිටියෙන් ජීවිතය හොයාගත්ත කොල්ලො බහුතරයක් නිසි මග ගියේ එතුමා නිසයි...

      Delete
  6. ග්ලැසියර් නං මරු :) කතාවත් මරු. දිගට ම ඔටු සීරීස් එක අරගෙන යමුකෝ එහෙම නං.කට්ටිය ව අඳුර ගන්නත් සිරා පොඩි හින්ට් එහෙම දීලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ග්ලැසියර් සෑර් 2009 වසරෙදි විශ්‍රාම ගියා කියලා මට අපේ පාසලේ මලයෙක් පුද්ගලිකව දැන්වූවා...ඔහොම ඉදිරියට යමුකො එහෙනං....


      Delete
  7. ඔටුවෙක් ගැන කියනව කිවුවට එකා ගැන නැතුව අනිත් උන් ගැනනේ කියලා තියෙන්නේ.....
    බලද්දි සිරාත් සියලු සයන්ස්කරයෝ අනිත්‍යයි කියලා තේරුම් අරගෙන තියෙන්නේ..
    අපේ පන්තියෙත් හිටියා ඔයවගේ කට හැකර එකෙක්,බොට කියන්න මේ මුලු ලොකෙම එකසැරේම සද්ද වහලා හිටිහියොත් එකාගේ කටේ සද්දේ උපරිම ඇහෙයි අඩි දෙකක් දුරට...

    ReplyDelete
    Replies
    1. ඔටුවා ගැන තමයි බන් ලියන්න හිතාගෙන මේ ලිපිය පටන් ගත්තෙ...ඒත් අතීත මතකයන්ගෙ ආශ්වාදයන් නිසාම එක හුස්මට ලියැවුනේ වෙන දෙයක්....ඒ නිසාම ඊලග කථාවෙන් ඔටුවා ගැන කියන්නම්...

      Delete
  8. ඉස්සර අපේ පන්තිය තමයි වසරෙන්ම ප්‍රසිද්ධ බජව්වට.අන්තිමට අපි කොච්චියෙත් සින්දු කිව්වා.ඉස්කෝලෙ ඉදලෙන් එන සද්දෙ එනකොට දැනෙන ගැම්ම තාමත් තියෙනව.

    ReplyDelete
    Replies
    1. කෝච්චියෙ සින්දු කියද්දි වටේ පිටේ නංගිලාට එහෙමත් ඇහැ දාන්න ඇති නේද...හා නැද්ද මලයො...

      Delete
  9. ඔටුවගේ ඉතුරු ටිකත් බලමු ඉස්සරහට...

    // 9 වසරේ කැලෑසියේ // මේකට නව වන කැලෑසිය කියලා දැම්මා නම් හොඳයි වගේ..

    සෙටාර් එකගෙ නම් ටික තමා මරු..අපෙ ඉස්කෝලෙ හිටියේ අල පඩයා වෙනුවට "කිරි පඩයා" හැක්...අපේ හුඟක් උන්ට නම් හැදිලා තිබුණේ උන්ගේ නමේම කොටසකින්..

    පුන්සිරි - පූසා
    තරිඳු- තරියා
    ලසන්ත- ලසා
    තරින්දත්- දතා
    අසිත - අසියා
    ලක්මාල්- ලකියා

    ඔය වගේ.තව හිටියා ජපනා,බඩා, වගේ නම් තිබුණු අය..මල් ජංගියා වගේ නම් නං තිබුණේම නෑ

    //අයිසෙ මෙහෙ එනවා...තමුසෙ මේ පන්තියෙ හිටියොත් අනිත් ළමයෙක්ටවත් ඉගෙන ගන්න නෑ...අර පබ්ලික් හෝල් එකට අලුත් පිචර් එකක් ඇවිල්ලා...හොද එකා වගේ 10.30 බලලා එනවකො....ආ සල්ලි.... // දැන් වගේ මෙහෙම උනොත් සේරම කොලුවෝ කරදර ම කරයි...හිහ් හී....... :D

    ReplyDelete
    Replies
    1. ඔන්න මම නගා කියපු විදියට ඒ කොටස හදලා දැම්මා...බලාන ගියාම ඔයාටත් සෑහෙන යාලුවෝ ඉන්න පාටයි...ඔය දග කරපු උන් බහුතරයක් අද ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරිකයො..සමහරු තාත්තලගෙ ව්‍යාපාර ඉදිරියට අරන් ගියා....

      Delete
  10. යකෝ අර 10.30 ෂෝ එක බලන්න සල්ලිත් දීල යවන එක තමයි සිරා කෑල්ල.

    හොඳයි හොඳයි එහෙනං ඔටුවගෙ පිටෙත් නැගල යංකො බලන්න.

    ReplyDelete
    Replies
    1. ඔය වගේ කොල්ලො එක්ක යාලුවො වගේ හිටිය ගුරුවරු කීප දෙනෙකුම අපේ පාසලේ හිටියා...ඒ අය එක්ක කවදාවත් කොල්ලො තරහා අරන් නෑ....

      Delete
  11. මම කල්පනා කලේ සිරාට කියන නම මොකක්ද කියලා ? ඇත්තටම කවුරු හරි දන්න කෙනෙක් ඉනන්වද ?

    ReplyDelete
    Replies
    1. සූදීක,

      මේකාට කිව්වේ රොබින් හුඩ් කතාවේ කඩු දෙකෙන් සටන් කරන නලුවාගේ නමයි... ඒ මේකාගේ කොන්ඩය හා නලුවාගේ කොන්ඩය එක හා සමාන නිසාය​.

      සිරා කියන පන්තියේ සිටි උප නායකයා මමයි.. නායකයා බ්‍රිස්ටල් බෝඩ් එක එල්ලගෙන සිටි කොලුවා නායකයායි.. (හිතා ගන්න පුලුවන් නේද අනිත් එවුන් ගැන​​.) ඒත් ඔය කියන සර් නිසා අපි ඉගන ගත්ත දේවල් බොහොමයි. කාලයක් නීතියක් තිබුන සිංහලෙන් කතා කරල අහුවොනොත් නිකන් ඉන්න වෙලාවට දැඩි දඩුවම් තමයි...

      සිරා , ලියපන් මතක වස්තුව මම හිස් තැන් පුරවන්නම්..
      අතීතයේ ගොඩාක් දෙවල් මතක් වුනා.. ඇත්තටම ඒ අතීතය ගෝඩාක් සුන්දරයි... අද කොහේ කොහේ ද එදා හිටපු එවුන්..


      මම​
      මයික්

      Delete
    2. මයික්ට පොඩි වැරදීමක් වෙලා...මොකද මයික්ගෙ පන්තිය භාරව හිටියෙත් කොල්ලො එක්ක කොල්ලා වගේ හිටිය තවත් ඉංග්‍රීසි ගුරුතුමෙක්....මම මේ කිව්වෙ උඹලගෙ K පන්තිය ගැන නෙමෙයි. කොණට වෙන්න තිබ්බ L පන්තිය ගැන....ඇතැම් සිදුවීම් අමතක වීගෙන යන වටපිටාවක තමයි ලියාගෙන යන්නෙ...අමතක වෙන ඒවා බොලා මතක් කරදෙයි කියලා හිතනවා...

      Delete
    3. අයියෝ ටැපලිලානේ.... ඒත් බ්‍රිස්ටල් බෝඩ් එක එල්ලගෙන සිටි කොලුවා අපේ පන්තියේ නේ (බෙම්මුල්ලේ කණියා)... මම දන්නා විදිහට කොලඹ වරායේ වගකිවයුතු රැකියාවක් කරන එක් දරු පියෙක් දැන්.

      Delete
  12. මචං මං නම් උඹලා පුද්ගලිකව දන්නේ නෑ.ඔය රතු/කොළ ටයි කියන්නේ අර රතු දිව කොළ දිව කියන අයද බං?එතකොට කන්නියාරාමයේ ලමයිට එහෙම උඹලා සැලකුවේ නෑ?www.amuthusithuwili.wordpress.com

    ReplyDelete
    Replies
    1. මොකක්ද බන් දිවේ කථාව...අපි එහෙම එකක් ගැන දන්නෙ නෑ...මිනී කනත්ත ලග රතු පාට ටයි එක ගම්පහ ඉන්න ඕනෙ කොල්ලෙක් දන්නවා....වතුර ටැංකිය ලග කොළ පාට ටයි ගැනත් උන් දන්නවා...මම මේ කිව්වෙ ඒ විද්‍යාල දෙකේ යුවතියො ගැන...

      Delete
  13. ආ බං ඔටුවා අර ඉස්සරහ වාඩිවෙලා ඉන්න එවුන්ගෙන් එකෙක් නේද.
    ඔන්න සිරා මල්ලි මේ ක්‍රමේ තමයි උඹගෙ ක්‍රමය වෙනත් ලිවීමේ රටාවක් හරියන්නේ නෑ බං.මේ උඹගෙ ට්‍රේඩ් මාක් එක.

    ReplyDelete
    Replies
    1. ඔටුවා අද කාර්යබහුල ව්‍යාපාරිකයෙක්...මේවට යන්න එන්න වෙලාවක් නෑ...ඒ ෆොටෝ එකේ ඔටුවා නැ....ඉදිරියෙන්ම ඉදගෙන හිනාවෙන්නෙ වසර කීපයක් සමස්ත ලංකා මල්ලවපොර ශූරතාව අපේ පාසලට ගෙනත් දීපු සහෝදරයෙක්..එයාට යාබදව ඉන්නෙ කොට සංජීවයා...

      කියවන අය සතුටු මේ විදියට නම් ....වැඩිපුර මේ වර්ගයෙන් ලියන්නම්...ඉදහිට අර වර්ගයෙන්...

      Delete
  14. ඉස්කෝලේ කාලේ නම් මරු.. දැන් ඔටුවා ලොකු පොරක් වෙලාද.. අර ඉස්සරහා කොළ පාට ටි ෂර්ට් එකක් ඇදගෙන ඉන්න එකාව ටිකක් දැකලා පුරුදුයිවගේ ..

    ReplyDelete
    Replies
    1. ඔටුවා අද හොද සල්ලිකාරයා...ඉස්සර වගේ වාචාලයා වගේ කියවන්නෙත් නෑ....ඉදිරි කථාවක වර්තමාන තත්වය ලියන්නම්....කෙළ පාට ටී ෂර්ට් එක යක්කල පැත්තෙ ඉන්නෙ...වර්තමානයේ ලංකාවෙ නෑ....අපේ කොල්ලො බහුතරය ලංකාවෙන් පිට දැන් ඉන්නෙ...

      Delete
  15. Sira aiye, Oya issarawa white Shirt 1ka adagena inne Rangith Sir neda?
    Lab 1ke eliye wate ellila polimata warella kiyala kaagahanawa mata ada wage mathakai. dan nam sir pension.
    Sir ge gewal Maimbule wagei mata mathaka

    ReplyDelete
    Replies
    1. මම ඉතාමත් ගෞරව කරන ගුරුතුමෙක් ඒ....මම බෑන්ඩ් ගහන කාලෙ මට සෑහෙන්න බැනලා ඇති....ඒ කාලෙ එතුමාට අපිව පෙන්නන්න බැරි තරම්...ඒත් පස්සෙ කාලෙක ඒ ගතිය වෙනස් වුනා...ඔයා විශ්වාස කරනවද ඉස්සර එහෙම බැන්නට මේ සුහද හමුවෙදි සර් මගෙන් සමාව ඉල්ලුවා....ඒක බොහොම හැගීම්බර අවස්ථාවක් මලයො...

      Delete
  16. මෙතන මේ 'ඔටුවා' ගැන වෙන විස්තරයෙන් තේරෙන්නේ 'ඔටුවෙක්' කියලා හැඳින්වෙන්නේ නිතරම රන්ඩුවලට පැටලෙන, වැඩක් නොකරන කෙනෙක් ගැනද?

    'අපි ඔටුවොද?' කියලා නිතර පිරිමි ලමයි අහනවා දැකලා තියෙනවා.

    අපි නම් ගොඩක් නම් හැදුවේ ටීචර්ස්ලට... :D

    ReplyDelete
    Replies
    1. රණ්ඩු වලට යන්න තරම් බරසාර ඇගක් ඒකට තිබුනෙ නෑ...අදටත් නෑ...ඔටුවා කියන්නෙ හැම දේටම ඔලුව දාන අදහසින් වෙන්න ඇති....අපේ පාසල බාලක පාසලක් උනාට වැඩිපුර ගුරු මණ්ඩලයේ හිටියෙ ගුරුවරියන්...ඒ අතර අලුතින් පාසලට පැමිණි නිළියන් වගේ සුන්දර අයත් හිටියා...ඒ අයට නම් උසස් පෙළ කරන උන්ගෙ පොඩි සැළකීමක් තිබුනා...

      Delete
  17. ඔටුවගේ කතා ඉක්මනින්ම කියවන්න බලාගෙන ඉන්නවා හොඳේ...

    තරුණ කාලයක් තිබුනෙ නෑ වගේ ඉන්න ගුරුවරු අතරේ.. තරුණ හිත් තේරුම් ගත්ත සොඳුරු ගුරුවරු හැමදාටම අපේ මතකයේ රැඳෙනවා...

    ReplyDelete
    Replies
    1. ඔටුවගෙ කථා ඉදිරියට කියවමු නගේ...බාහිර ක්‍රියාකාරකම් කරපු නිසයි අපේ පාසල් ජීවිතය මෙතරම් රස ගුලාවක් වෙලා තියෙන්නෙ...අදටත් පාසලට ගියොත් අපිව අදුනන කොල්ලෙක් දෙන්නෙක් ඉන්නෙ....අපේ බෑන්ඩ් ගැහිල්ලට පින් සිද්ද වෙන්න....

      Delete
  18. ඇත්‍තම තමා සිරෝ දැන්නම් පොතේ ඇලිච්ච පොත් ගුල්ලො තමා ඉන්නෙ.

    අපෙ ඒ කාලෙ සිංදු කියත්දි ප්‍රසිද්ධම සිංදුව 'නුපුරදු ඔබ දුටු' යි. අසංකගෙ.

    ReplyDelete
    Replies
    1. අපි නම් කපුගේ, ටී එම් , ප්‍රියා ඔය වගේ අසංකට කලින් පරම්පරාවෙ ගීත තමයි වැඩිපුර කිව්වෙ...හැමෝම ඉල්ලුවෙත් එවැනි ගීත....

      Delete
  19. අ‍ර වම් පැත්තෙ කෙලවරේම ඇඟිලි දෙකක් දික් කරන් ඉන්න එකා කවුද බං ???

    ReplyDelete
    Replies
    1. ඒ ගෝතයා තමා බොල මේ අටමගල ලියන්නෙ...

      Delete
  20. බජව් නම් අපිත් දැම්ම ඉස්කෝලෙ ඕය ආකාරයටම. පෑන් වල පස්ස පැත්ත කඩල යනව ෆෝම්වෙලා..ඩ්‍රම්ස් ගහනකොට..!

    මම ඩොල්කිය අලුත් වැඩියා කරන්න දුන්න .ඒකෙ බුම් එක පැත්ත ඉරිල ගිහිල්ල නිසා..නිකං කාලයක්ම තිබ්බ නිසා ජිල් එක පැත්තත් ඉරිල..තව සති දෙකක් යනව කියන්නෙ හදන්න. ඊට පස්සෙ හොඳට හුරුවෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ඩොල්කිය අලුත් වැඩියා කරලා තියහන් වීයා...ලබන වසරෙදි සිරි ලංකාව පැත්තෙ එන්න අදහසක් තියෙනවා..එහෙම ආව වෙලාවට බූම් එකට වගේම ජිල් එකටත් රිදෙන්න ගහලා සොමියක් ගමු....

      Delete
  21. //අයිසෙ මෙහෙ එනවා...තමුසෙ මේ පන්තියෙ හිටියොත් අනිත් ළමයෙක්ටවත් ඉගෙන ගන්න නෑ...අර පබ්ලික් හෝල් එකට අලුත් පිචර් එකක් ඇවිල්ලා...හොද එකා වගේ 10.30 බලලා එනවකො....ආ සල්ලි...///.
    අපිට බොටනි ඉගැන්නුවේ පී. එච්. නෝනිස් මහත්මයා. එච්.ආර්. නෝනිස්ගේ මල්ලි. පන්තියට ආපු ගමන් එකෙක්ව එලියට දානවා "තමුසේ නම් ඕයි ජීවිතේට ඉගෙන ගන්න එකෙක් නෙමෙයි" කියලා. ඇත්තටම අපේ උ/පෙ පන්තියේ හිටියේ ඒ මොඩ්ල් එකේ අය තමයි මමත් ඇතුලුව. මට ඒක මතක්වුනා.

    ReplyDelete
    Replies
    1. අපේ පාසලෙත් ඔවැනි උදාහරණ කීපයක්ම තිබුනා...ඒ සිදුවීම් ඉදිරියේදී ලියවෙන කථා අතරතුර වරින් වර මතු වේවි....

      Delete
  22. මේකේ ඔටුවා කියලා tag එකක් දාන්නත් වෙයිද දන්නේ නෑ! :D

    ReplyDelete
  23. ආ තාම පදුර නේද තලලා තියෙන්නෙ..... කතාව පස්සෙ !!!

    පාසල් කාලෙ ගැන ආයෙ ඉතින් කවර කතාද සිරා....

    ReplyDelete
    Replies
    1. ඒ අතීතය මතක් වෙලා දැනුන කික් එකට නිකංම පදුර තැලුනා...

      Delete
  24. "මම ඇත්තටම හොද ළමයෙක්...මම මගේ පාසල් කාලය තුල කිසිම දවසක පීරියඩ් කට් කරලා...වේලාසන ඉස්කෝලෙන් පැනලා ගිහිල්ලා නෑ...ඒ දවස් වල ඉදලම මගේ තිබුන පුරුද්ද තමයි පංතියේ වැඩ කරන ගුරුවරුන්ගෙන් හොද අහන උන් එක්කමයි මමත් හිටියෙ..."

    අද නම් ඔය උඩ වාක්‍යය කොපි කර ගත්තේ උබේ කොමෙන්ටු රිප්ලයි එකකින් ඔය කියලා තියෙන ඒවා එක සැරයක් වත් පාසලේදී කරලා නැත්නම් සිරෝ උබ පාසල් කාලේන් විඳලා තියෙන්නේ 50%ක් විතරයි කියලයි මට හිතෙන්නේ.... මොකද ඔය එක වැඩක්වත් පාසලෙන් එලියට ආවට පස්සේ කරන්න බෑනේ .....

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඒ දේවල් මම කරලා නෑ...නැතුව බොරු නෙමෙයි...ඒත් බෑන්ඩ් ගහපු අතීතය තුල බොහෝ කොල්ලන්ට පාසල් ජීවිතයෙදි අත්දකින්න නොලැබෙන බොහෝ දේ කලා...ඒවා ඉදිරියේත් වරින් වර ලියවෙයි..අන්න ඒ නිසා 50% කථාව අදාළ නෑ රාළෙ...පාසල් වේලාව තුල බූරු ගැහුවා කියලා චෝදනාවක් ලබපු එකෙක් මම...පරණ පෝස්ටු අවුස්සද්දි පෙනේවි ඒ වග තුග....

      Delete
  25. සිරා සහෝදරයාගේ පොස්ටුවක් නැවත මට මිස්විය...මේ දිනවල අන්තර්ජාලයේ සැරිසරන්නට වේලාව අඩු හෙයින්...බොහෝ දෙනාගේ බොග් වල අප්ඩේෂන් මග හැරීමට සිදුවුවද..නිතර යනඑන සිරාගේ කාරමයට ගොඩවැදුන විට දිුටු අලුත්ම පොස්ටුවට හිත ඇදී ගියේ නිරායාසයෙනි. මෙහි පලවූ ඡායාරෑපයේ සියල්ලෝම පාහේ ජෙමාගේ එක පන්තියේ සිටියවුන් හෝ ජෙමාගේ ද මිත්තරයෝයය. සිරා රන්ජිත් ප්‍රනාන්දු ගුරැත=මා ැගන සදහන් කල නිසා එතුමන් ගැන යමක් පවසනු කැමැත්තෙමි. ජෙමා පාසල් ගියේ බොහෝ ආර්ථික අපහසුතා මැද්දේය. මසකට වරක් ලැබෙන ශිෂ්‍යාධාර මුදලත් දෙමාපියන් අනන්ත දුක් මහනසියෙන් සපයා දෙන පාසල් උපකරණත් ජෙමාට තිබූ එකම හයිය වූ අතර, මේ පිළිබදව හොදින් දත් රන්ජිත් ගුරැපියා වරෙක ජෙමාට පෙ!ද්ගලිකවම පාසල් උපකරණ කට්ටලයක් ලබා දුන් අතර, මේ පිළිබ‍්දටත් පන්තයේ සගයෝ නොදන්නා බව ජෙමා ඉදුරාම දනියි. ජෙමා පොඩි කාලේ හොද කතාකාරයෙකි. දිනක් විද්‍යා විෂය ඉගැන්වූ එතුමා ලබාදුන් විද්‍යා ර්‍ප්‍රබන්ධයක් ලිවීමේ කාර්යය ඉහළින්ම සාර්ථක කරගත් ජෙමාගේ නිර්මාණය පන්තිය ඉදිරියේ කියවා ප්‍රශංසා කල අයුරැ අදටත් සිහිවේ. ‘පොලොස් කොට්ටෝරැවා‘‘ යනුවෙන් ගෙුරවාර්ථයෙන් ආමන්ත්‍රණය කරමින් කනේන ඇද, බුරියෙන් ඇද නිවැරදි මගට ගත් රන්ජිත් ගුරැ පියාණන්ට දීර්ඝායු පතමින් කොමෙන්ටුව අවසාන කරමි. සිරාගේ බ්ලොග් ඇතුළු බොගවල් දෙක තුනකට ඔළුව දමාගෙන යන්නට හදිසියේ පැමිණියේ, කොතෙක් කාර්යබහුල වුවද උඹලාට මෙන්ම මටත් ඇති බ්ලොග් උණ නිසාමය.

    ReplyDelete
    Replies
    1. බලහං උඹේ කමෙන්ටුවත් මොන තරම් රසවත්ද කියලා...උඹට ජෙමෝ හොද කථාකාරයෙක් වෙන්න පුලුවන්...දිගටම බොග දාපන්...නිතරම අනිත් අයගෙ ඒවා කියවන ගමන් කමෙන්ට් වලට උත්තර දීපන්...අන්න නොවරදින අත් බෙහෙතක්...රංජිත් සර් වටිනා මිනිහෙක් කියලා මම කිව්වෙ ඔය නිසාම තමයි....

      Delete
  26. අනේ කෙහෙල් ගෙඩි දෙකේ කතාව කියලා නැහැනේ මං ඒක කියවන්න හින්ද පෝස්ට් එක බැලුවෙත් :( අර බර්නාඩ් කියන නම සහ ලෙස්ලි කියන නම යාලුවන්ට වැටුනා වගේ මෙහෙත් සමහර එම්ප්ලෝයර්ස්ලට සිංහල නම් ප්‍රනවුන්ස් කරන්න අමාරු නිසා කියන්න පුළුවන් එකක් කියන්නේ අපේ ඒ වගේ නම් වැටිච්ච යාලුවෝ ඉන්නවා ,, ගැහැණු අයට පිරිමි නම් වලින් කතා කරනවා හි හි අක්ක කෙනෙක් ඉන්නවා එයාගේ නම ජයනි එයාට මෙහෙ කතා කරන්නේ ජෙමා කියලා පව් එයාට නම ඇහෙද්දී හිනා යනවලු අපි කියන්නෙත් ජෙමා .. මටත් අපුර්වි වෙනුවට ආබ්‍රහම් කියනවා සියා මුලින් ඊට පස්සේ බොහොම අමාරුවෙන් වෙන එකක් පුරුදු කළා ලජාවේ බහ

    ReplyDelete
    Replies
    1. ආබ්‍රහම්...මම ඒ කථාව ගැන ලියපු හරියෙදි කියලා තියෙනවා නේද ඒක වැඩිහිටියන්ට පමණයි කථාවක් බව...බොලාට ඒ කථාව කියාදෙන්න කියලා මට කියන්නෙ හැබෑට ඉදගෙනද ?

      Delete
    2. @ අප๥໮໷

      menna kathawa....

      kesel gedi dekak thiyenawalu... ekak kaawama thawa kiyak ithuruda...?

      Delete
  27. ඔටු කතා සීරිස්‌ එකට ජය වේවා.අපෙත් ඔටුවෙක්‌ හිටිය.ඌ හැම එකාගෙම කුණු කන්දල් ඔළුවට දාගන්න නිසා තමයි එහෙම නමක් වැටුනේ.උඹලගේ ඔටුවට නම වැටුන හැටිත් හොයාගනින්.තව ලස්සන අතුරු කතාවක් ලියන්න පුළුවන් වෙයි.

    ReplyDelete
    Replies
    1. ඒකට නම හැටුන හැටි හොයාගන්න මේ කපේට වෙන්නෙ නෑ බොලං...මේ ලියන්නෙ අවුරුදු 15 කට එහා පැත්තෙ වෙච්ච දේවල්....එදාට වඩා අපේ ජීවිත අද කොච්චර වෙනස් වෙලාද...ඒ අව් අස්සෙ කාටද ඔය පැරණි රසාංග මතක...

      Delete
  28. මදැයි කෙහෙල් ගෙඩි දෙකේ කතාව අහන්න ආවා. සිරා මේ ඒ කතාව දානවද නිකං කන්නේ නැතුව ..:D

    ReplyDelete
    Replies
    1. උඹ මගෙන් පුද්ගලිකව අහගන්නවද මැරුම් නොකා....උඹේ අයිඩින්ටියත් අරන් වරෙන්....18 ට වැඩිද කියලා සහතික කර ගන්ට අවශ්‍යයි...

      Delete
  29. හරි දැන් මෙ ඔක්කොම කියන අතරෙ කියපන්කො උබට තිබුන නම මොකක්ද කියල.

    ReplyDelete
    Replies
    1. ඕකට ලගින් යන එකක්ලු..

      Delete
    2. නසියර්???? බෙන්ගිලාගේ නසියර් හෙම නෙවේ නේද සිරෝ?? :D

      Delete
  30. මම බොහොම පරක්කුයි නෙව අද .... ලියමු බලන්න කෙහෙල් ගෙඩි ගැන..අපටත් රස කතා මතක් වේවි ඒවා බලද්දී ....

    ReplyDelete
    Replies
    1. කෙහෙල් ගෙඩි ගැන මෙතන ලියන්න බැරුවා...නොදරුවො ඒ කථා කියවලා වැඩිහිටියො බවට පත් වෙන්ට පුලුවන්...

      Delete
  31. අර කොට සංජීවයා කිව්වේ සිරා අයියාටදැයි මට සැකයක් ඇත

    ReplyDelete
    Replies
    1. අනේ නෑ බං...මට උනා නම් මම වෙන එකෙකුගේ පිට දාන්නෙ නෑ....ඇත්ත ඇති සැටියෙන් ලියනවා...අර ෆොටෝවෙ ඉදිරියේම ඉන්නවා කොට සංජීවයා...

      Delete
  32. එල එල කතාව රහට ලියලා තියනවා.. අපි බලමු ඔටුවගේ ඉතුරු කෑල්ල මොන වගේ වෙයිද කියලා...

    රංජිත් සර්ව නම් තාම මතකයි මට.. කනිෂ්ඨ විද්‍යාගාරේ භාරව හිටියා අපි පොඩි කාලේ.. කොල්ලෝ සර්ට නම දාලා තිබ්බේ "දෙයියා" කියලා ඒත් හේතුවක් නම් මං දන්නේ නෑ බන්..

    ReplyDelete
    Replies
    1. පාසලේ ඉදිරියෙන්ම තියෙන විද්‍යාගාරයට තමයි රංජිත් සර් නිතරම ආවෙ ගියෙ...ඔටුවගෙ නම ගෑවුන තවත් දේ ඉදිරියට ලියන්නම්...

      Delete
    2. Ranjith sir ta Deiya kiyala kiwwe Lab 1ke wate ellila kollo polimata enawada kiyala balan inna hinda

      Delete
  33. කෙහෙල් ගෙඩි කන ඔටුවොත් ඉන්නවාද...?

    ReplyDelete
    Replies
    1. කෙහෙල් ගෙඩි එක එක අහුමුළු වල ගහගන්න ඔටුවො ඉන්නවලු...

      Delete
  34. ඇත්තටම සිරෝ.. මගේ පාසල් කාලෙ කියන්නෙ හරි සුන්දර මතකයන් සමුදායකින් පිරුනු තැනක්... පාසලේ හතර කොන සහ පාසලෙන් පිටත තියෙන මා දං කැලේ අපේ මතකයන් අතීතයට ඇදී යනව සිරෝ... ඉස්සර කරපු සෙල්ලම්.. කරපු පිස්සු වැඩ දැන් ලමයි කරනවද සිරෝ.. නෑ.... උන් දැන් කරන්නෙ කොම්පියුටර ජිල් මාර්ට්.. කතා කරොත් කතා කරන්නෙ ඌ බලපු "ෆිල්ම් එකක් හරි වැලක් හරි කෙල්ලෙක්ගෙ දැකපු ගලක් ගැන" පාසල නිම වෙලා ගෙදරට යන පාර දෙපැත්තෙ තියෙන පල වැල නෙල නෙල වැවුවල, ඇලවල,කුබුරු වල, වෙල් එලියේ සරුං ගල් යවන ලමයි දැන් ඉන්නවද සිරෝ.. උන් දැන් කරන්නෙ රිමෝට් කොන්ට්‍රෝල් එකෙන් උඩ බිම යන යන්තර එහෙ මෙහෙ කොරන එක... උන්ට පුලුවන්ද හරියට උඩ යන්න සරුන් ගලයක් හදන්න.... බෑ සිරෝ... ඒ කාලෙ ආයි ගන්න බෑ.... ඒව අතීතයත් එක්ක වැලලියා යාවි... ඇත්තටම දුකයි සිරෝ.....

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමයි බොලාගෙ කථාව....අද ඉන්න ළමයි කරන දේවල් තව අවුරුදු 10 කින් විතර එතැනට එන ළමයින්ට කරන්න වෙන්නෙත් නෑ...මේක තමයි ලෝක ස්වභාවය...හැම දෙයක්ම සැනෙන් වෙනස් වෙනවා....අපි දිනෙන් දින මරණය කරා ලං වෙනවා....නොපමාව කුසල් රැස් කර ගන්න...

      Delete
  35. හම්මේ ඉස්කෝලේන් ගහන කාඩ් එක නම් හලා ගන්න අමාරැයි මුන්ට අපේ ඇත්ත නම මතකම නෑ බස් එකේ දැක්කත් කාඩ් එකෙන්ම තමයි කතා කරන්නේ එතකොට ඉතින් අපි නෙවෙයි වගේ ඉන්නවා

    කොපු ලිලේ-
    පුකා
    ගෙරි
    නන්දෙ
    ලෑලි
    කොටා
    ගුවා
    නවුවා
    මැටි චමිත්
    බුරියා
    ඇන්ටික්
    ලෝන්සින්
    ජෝන්

    ඔය අස්සේ මගේ නමත් තියනවා

    ReplyDelete
  36. අපිටත් ඔය වගේ වැඩ වෙලා තියෙනවා බොලං...යාලුවන්ගෙ ගෙවල් වල ගිහිල්ලා උගෙ දෙමාපියන්ගෙන් ඒකා ගෙදර ඉන්නවද කියලා අහන්න නියම නම මතක නැතුව සාටර් වෙච්ච සීන්...බොගේ නම කොපු ලීලෙ නේද ? හරි ලස්සන නමක් මෙයා....කොප්පකට වතුර දාපු සීන් එකක්ද යට තියෙන්නෙ....

    ReplyDelete
    Replies
    1. රට බැලුම් පුම්බලා මගේ එක නෙවෙයි

      Delete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...