Sunday, December 8, 2013

136 පොලිසිය සහ හැංගිමුත්තන්

මේ පැත්තට තමා ආවෙ...අත අරින්න නරකයි. ඌ කවුරු කියලා හිතුවද දන්නෙ නෑ අපි දෙන්නා....පොලිස් නිලදරුවන් දෙදෙනෙකු පොලිස් බයිසිකලයකින් අල්ලපු ගෙදර පිළිකන්න දිගේ පසුපසට යන භීතිය කැටි වූ ත්‍රාසජනක දර්ශනයක් දැකලා තමයි කාමරේ උන්න සිරා කොලුවා එළියට පැන්නෙ.

ඡායාරූපය asiafoundation.org

හත්වලාමෙ මේ මොකද මේ...කාන්තා දූෂණයට නම් දරාපු උන් වත්, කසිප්පු පෙරන, මාල කඩන, කුඩු විකුණන උන් වත් අපේ ගමේ නැති කොට මොකද මේ පොලෝසිය පිළිකනු දිගේ බඩගාන්නෙ...භයානක අපරාධ කරුවෙක්වත් ගමට රිංගලාද ? එහෙම හිතන ගමන් තමයි මමත් අපේ ගෙදර වැට පැනලා සරම කැහැපට ගහගන්න ගමන් ඒ ඉසව්වට කකුල ඉස්සර කොලේ.

බලන්න.....බලන්න...ඔය කෙහෙල් පදුර අස්සෙත් බලන්න....

ආ.....මේ තියෙන්නෙ....ඌ හිතන්න ඇති අපි මේක හොයාගන්න එකක් නෑ කියලා.

කවුද ඌ...මොකක්ද කෙහෙල් පදුර මැද්දෙ තියෙන්නෙ...මට ප්‍රශ්න අටෝරාශියයි. ඒ බව දැනගන්නකං ඇතිවෙන කැසිල්ලේ බරපතල කොම හින්දම මමත් ඇවිදින වේගය වැඩි කරලා පොලිස් නිළදරුවන්ට සම්මුඛ උනා...

තමා කොයි ගෙදරද....දබර ඇගිල්ල මා දෙසට යොමු කරලා පොලිස් නිලධාරියෙක් මගෙන් විමසුවා.

මේ ගෙදර...ඒ ආසන්නයේම තියෙන අපේ නිවස පෙන්නලා මමත් උත්තරේ දුන්නා...

තමා දැක්කද මේක මේ පදුර අස්සෙ හංගලා ගිය කෙනාව ?

පොලෝසිය එක දිගට ප්‍රශ්න වැලක් මගෙන් අහගෙන යන්නෙ මගේ මූණත් තහඩුවෙන් අපරාද කාරයෙක්ගෙ දර්ශන දැකලා ඔකද වෙලාද කියලත් මට හිතුනා.

අනේ නෑ රාළහාමි...මම මේ ඩිසයින් වැඩක් කරමින් උන්නෙ...මම මේ සද්දෙ ඇහිලා බලන්න ආවෙ.

තමා කොහෙද වැඩ කරන්නෙ....

මම ඉතිං එවකට වැඩ කරපු ලංකාවෙ සුපතල පත්තරේක නමක් කිව්වා...මගේ රැකියාවේ ස්වභාවයත් කිව්වා.

ඊට පස්සෙ ඉතිං කොස්තාපල් රාළහාමිලා පොඩි ගරුසරුවක් දක්වලා දැන් දැන් කථා බහේ යෙදෙනවා... තමා... කියන කෑල්ල නිකම්ම ලොප් උනා.

බලන්න මහත්තයා...හෙල්මට් නැතුව ආපු නිසා අපි මේක පැදගෙන ආපු එකාට සංඥා කලා නවත්තන්න කියලා..කොහෙද මේකා අපිට වෙට්ටුවකුත් දාලා තමයි මේ පැත්තට පැන්නෙ...

අපිත් එක්ක කොහෙද ඒවා...පේනවනෙ අපේ බයික් එක, කිරි කිරි SUZUKI  GN 250 බයිසිකලේ පෙන්වන ගමන් එක රාළහාමි කෙනෙක් උජාරුවෙන් කිව්වා.

අපිත් මිනිහගෙ පස්සෙන් පැන්නුවා..හන්දියෙන් මේ පැත්තට හැරෙව්වට පස්සෙ...
අපි මේ පෙට්‍රල් සුවද දිගේ මෙතනට ආවෙ...

ඒ අතර තුර කෙහෙල් පදුර අස්සට එබිලා මමත් හොදහැටි ඒක මැද තියෙන යකඩ අස්පයා දිහා බැලුවා...හප්පද බොල මේ අපේ මංජු කොලුවගෙ දඩු මොණරෙ නොවැ... ඒත් ඉතිං කටක් ඇරලා කියන්නෙ කොහොමද....

මහත්තයා මේ බයිසිකලේ අදුනනවද ? නැත්තං පදින කෙනාව දන්නවද ?

අනේ නෑ රාළහාමි...මම කලින් දැකලා නෑ...ඒ උනාට අපේ පැත්තෙ ඒ වෙද්දිත් YAMAHA TZR එකක් පැද්දෙ මංජු මලයා විතරක් හින්දා මේ බයිසිකලේ ගමේ වැඩිහිටියෙක් උනත් හොදට අදුනගන්නවා සිකුරුයි.

යකඩ අස්පයා මෙන්න මේ වගේමයි...


ඒයි සිරි...පොඩ්ඩක් බලන්න ඕකෙ යතුර තියෙනවද කියලා... ඒ අවසරයෙන් එතනට කිට්ටු කොරපු කලු, උස මහත රාළහාමි බයිසිකලේ හැඩලය හොල්ලලා බැලුවා....

මූ නම් යකෙක්...හැන්ඩ්ල් එකත් ලොක් කරලයි මේ සුට්ටට පැනලා තියෙන්නෙ...කලු රාළහාමිට නප්පියටම තද වෙලා කියලා මට දැන් දැන් අක්මාවට දැනෙනවා. එතකොට එතන හිටිය අනිත් සුදු රාළහාමි නම් කථා කරන ඌරුව අනුව නුවර පළාතෙ කෙනෙක් වගෙයි. 

හැන්ඩ්ල් ලොක් එක කඩලා අරන් යමු...වෙන කරන්න දෙයක් නෑ...මහත්තයා අදුනන කෙනෙක් බේරගන්න අදහසින් නම් බයිසිකලේ අදුනන්නෙ නෑ කිව්වෙ පොඩ්ඩක් කල්පනා කරලා කියන්න...මොකද මේක අපි අරගෙන ගිහිල්ලා නඩු දැම්මොත් ආයෙත් පදින්න වෙන්නෙ නෑ...උසාවියෙම දිරලා යයි.

අන්න එතකොට තමයි මටත් නුවන පෑදුනේ...මංජු මලයගෙ රට ඉන්න අම්මා දුක් මහන්සියෙන් හම්බ කරලා එවපු සල්ලි වලින් ගත්ත මේ යන්තරේ ඒ විදියට නාස්ති උනා කියලා ඇහුවම කොච්චර දුකක් ඇතිවෙයිද ඒ ඇත්තිට......

මට දැන් නම් පොඩි මතකයක් එනවා....මම නොවලහා කිව්වා....

එතකොට රාළහාමිලට හීන් හිනාවකුත් ගියා...අපිත් ඉතිං රාජකාරි ජීවිතයෙදි හොදට තැම්බිච්චි මිනිස්සුනෙ මහත්තයා...අපි දන්නවා ඔයා මේක අදුනනවා කියලා. පණිවිඩයක් යවන්න එයාට...මෙතනට එන්න කියලා...නැත්තං ආයෙ මේ බයිසිකලේ පදින්න නම් වෙන්නෙ නෑ...

ඒ වෙලාවෙම එතනට ආපු අපේ තවත් අසල්වාසියෙකු එක්ක කථා කරලා මම තීරණය කලා මංජු මලයට පණිවිඩේ යවන්න...පුංචි කොල්ලෙක් පණිවිඩේ අරගෙන ඉගිලුනා... ඒ අතර අපේ අල්ලපු ගෙදර අනුලා නැන්දා බුලත් කහටින් විකසිත වෙච්ච දසන් පෙන්නලා මට පොඩි ඉගියක් දුන්නා පොඩ්ඩකට එන්න කියලා...එයාට ලං වුනාම එයා මට කිව්වෙ මංජු කොලුවා අහවල් ගෙදර අන්න භයට හැංගිලා ඉන්නවා කියලයි.

කාලය විනාඩි කිපයක් ගියත් මංජුවා නෑ...ඒ ගමන තමයි කළු රාළහාමිගෙ ඉවසීමේ සීමාව පැන්නෙ...තවත් බලන්න ඕනෙ නෑ...ලොක් එක කඩලා අරගෙන යමු...ගනුදෙනුව උසාවියෙදි බේරගන්න කියන්න. එහෙම කියලා බයිසිකලේ හැන්ඩ්ල් එක වැරෙන් සොලවන්න හදද්දිම තමයි ඈතින් මංජුවා මතු වුනේ...

මෙයාද මේකෙ අයිතිකාරයා..රාළහාමිලා දෙන්නම එකවර ඇහුවා. ඒ වෙද්දිත් මේ ස්ථානයේ ගමේ හිතවතුන් රාශියක් රැස් වෙලා. අපේ ගමේ කල කෝලාහල බොහොම විරල හින්දා පොලිස් නිළ ඇදුමක් දැක්ක ගමන් සැට් එක පිරෙනවා. මොකක්ද වෙලා තියෙන්නෙ බලන්න.

අඩිය ඉක්මන් කරලා එනවා...පොලීසියේ අණ නොතකා ධාවනය කරන එක වරදක් බව තමා දන්නෙ නැද්ද...සුදු රාළහාමි එහෙම ඇහුවා...ඒත් කලු රාළහාමි...

උඹ අපි කවුරු කියලද හිතුවෙ...නවත්තන්න කියද්දි වෙට්ටු දාගෙන ගියේ...දෙන්න හිතෙනවා උඹට....කියලා අත උස්සද්දිම තමයි බුලත් කෙළ පාරක් බිමට ගහගෙනම අනුලා නැන්දා සීන් එකට ඇන්ටොර් උනේ...අනේ අනේ රාළහාමි අපේ කොලුවට ගහන්න එපා. ඒකා භයටම තමයි ඔය වැඩේ කොරන්න ඇත්තෙ....වටේ පිටේ හිටිය උනුත් මංජුවගෙ සහායට හිටිය නිසා රාළහාමිලගෙ තරහා නිවාගන්න විදියක් නෑ...මංජුවා තනියෙන් හිටියා නම් ගුටියක් දෙකක් කන එක ස්ථිරයි.

අනේ රාළහාමි...මම භයටමයි එහෙම කලේ...

භයට කියලා එහෙම කරනවද බොල...උඹට අපි අපරාද කාරයෙක් කියලා වෙඩි තිබ්බා නම් මොකද වෙන්නෙ... පොලීසියට වෙට්ටු දාලා දුවන්න හිතනවා නම් ඒක බොරුවක්...

ඇත්ත කියහං...උඹට ලයිෂනුත් නෑ නේද ? එහෙම කියලා සුදු රාළහාමි කෝචොක් හිනාවක් දැම්මා...ඒත් අපේ මංජු මලයා ලැයිසොම පෙන්නුව හින්දා වරදේ ස්වභාවය වෙනස් වුනා. 

ඒත් තවමත් කළු රාළහාමිගෙ තරහා නිවිලා නෑ... මේක ගොඩින් බේරගන්න බෑ...උඹලා වගේ උන් හදන්න නඩු දාන්නම තමයි වටින්නෙ...එතකොට අනිත් දවසෙ මොළේ පෑදෙයි...

එහෙම කරන්න එපා රාළහාමි. තාම මේකට වැඩි වයසකුත් නෑනෙ...ඔය හෙල්මට් නැති එකට විතරක් දඩ කොළයක් ලියලා දීලා මේකව අත අරින්න..භයටමනෙ ඔහොම කොරලා තියෙන්නෙ...

ගමේ අයගෙ ඉල්ලීම හමුවෙ පොඩ්ඩක් විතර දැන් රස්නෙ අඩුවේගෙන යන්නෙ...

ඒ අතර සුදු රාළහාමි වටාපිටාවෙ අය එක්ක බොහොම දොඩමළුයි. 

මමත් මේ වගේම පොලීසිය නවත්තන්න කියද්දි අප්පච්චිගෙ මොටෝසයිකලේ නවත්තන්නෙ නැතුව ගෙදර ගිහිල්ලා හැංගුනා. පොලීසියෙන් ගෙදරට ආවා...අපේ අප්පච්චි හරිම නීති කාරයා...පොලීසියෙන් කාරණේ අහලා කාමරේ මුල්ලක හැංගිලා හිටිය මාව කනෙන් අල්ලලා මිදුලට ගෙනල්ලා පොලීසියෙ අය  ඉස්සරහම ගැහුවා කණට දෙකක් එලොව පොල් පෙනෙන්න. එදා පොලීසියෙ අය කිව්වා වෙන දඩුවමක් ඕනෙ නෑ. දඩුවම් ලැබුන නිසා කියලා.

එදායින් පස්සෙ තමයි මම හැදුනෙ...කරපු වැරැද්ද තේරුම් ගත්තෙ...ඒ හින්දා අදින් පස්සෙ මේ වගේ වැරදි කරන්න ආයෙම ලෑස්ති වෙන්න එපා. මම පොලීසියට බැදුනට පස්සෙත් එදා අප්පච්චිගෙන් කාපු කනේ පාර ගැන මතක් වෙනවා.

ගිය සතියෙ දවසක මේ වගේම වැඩක් උනා අපි දෙන්නට...එදත් මේකා වගේ එකෙක් අපිට වෙට්ටුව දාලා ගියා. අපිත් බයික් එකේ පැන්නුවා. ප්‍රධාන පාරෙන් අතුරු පාරකට දැම්මා..අපිත් ඒකට දැම්මා...ඊළගට ගුරු පාරකට දැම්මා අපිත් ඒකටම දැම්මා...ගුරු පාර ඉවරවෙලා කොල්ලා  වෙළක් මැදින් නියරක් දිගේ යන්න ගත්තා...අපිත් ඒ විදියටම ගියා...අන්තිමට වෙළ මැද කමතෙදි මිනිහා යන්න එන්න අතක් නැතුව නතර වුනා.

ඒ හින්දා අපිට වෙට්ටු දාලා දුවන්න හිතනවා නම් ඒක බොරුවක්....පේනවනෙ අපේ බයිසිකලේ...මේකෙන් ඕනෙ තූත්තු කුඩියක යන්න පුලුවන්. 

කරපු වැරැද්දට සමාව ඉල්ලපන් කොලුවො මේ රාළහාමිලාගෙන්...ආයෙ ඒ වැරැද්ද කරන්නෙ නෑ කියලා පොරොන්දු වෙයන්...ගමේ බවලත්තු කීප දෙනෙක් කොලුවා දිරිමත් කරලා එහෙම කෙරෙව්වට පස්සෙ ඒ අයගෙ හිත් උණු වෙලා මංජුවා දඩයක් කන්නෙ නැතුවම එදා බේරුනා...ජීවිතේට වැදගත් පාඩමකුත් ඉගෙන ගන්න ගමන්.

ඊට පස්සෙ කාලෙක අපි ගම්පහ පොලෝසියට ගියේ ගමේ සංවිධානය කරපු සංගීත සංදර්ශනයකට අවශ්‍ය බලපත්‍ර ගැනීමේ කටයුත්තකට....අන්න ඒ වෙලාවෙදි මංජු මලයව අදුනගෙන අවශ්‍ය පෝරම පුරවලා උපරිම සහයෝගයක් දුන්නෙ පෙර කිව්ව සුදු රාළහාමි. එදා ඒ දෙන්නා මිත්තරයො දෙන්නෙක් ගානට තමයි හැසිරුනේ. 

දැන් මම කියන්න යන කථාව මේ බයිසිකල් කථාවට අදාළ නෑ....බොහෝ අයට පොලීසියෙ ඇත්තො කිව්වාම හිතට එන්නෙ බොහොම අප්‍රසන්න අත්දැකීම් කීපයක මතක සටහන් වෙන්න පුලුවන්. නැත්තං අතීතයේ දවසක තමන් පුද්ගලිකව මුහුණ දීපු සිදුවීමක් එක්ක ඇතිවෙන තරහක් වෙන්න පුලුවන්. ඒත් පොලීසියෙ තාමත් බහුතරයක් ඉන්නෙ ඉතාම අවංක නිලධාරීන් කියන එක අපි අමතක කරන්න නරකයි. ඒ අයගෙ ප්‍රධාන වගකීම තමයි සිවිල් සමාජයේදි රටේ පුරවැසියන්ගෙ ජීවිත, දේපළ පිළිබද ආරක්ෂාව තහවුරු කිරීම සහ  පුරවැසියන් අනපේක්ෂිත ගැටලුවකට මැදි වුනාම ඒ අයගෙ සහායට ඉදිරිපත් වීම.

බොහෝ තරුණයන්ට පොලීසියෙ ඇත්තන් සමග අමනාප කම් තියෙන්නෙ රථ වාහන වැරදි එක්කයි.  ඇතැම් නිලධාරීන් බුරුලක් දුන්නත් සමහරු එහෙම නෑ...ජරාවක් කාරිය කන්න උත්සාහයක් ගන්නවා. ඒත් මගේ අත්දැකීම් අනුව ඒ අය සමග අපි කථා බහ කරන විලාශය තමයි  ඒ අය නම්‍යශීලී වීම හෝ අනම්‍යශීලී වීම තීරණය කරන්නෙ.

වතාවක් මම වේයන්ගොඩ දුම්රිය හරස් මග අසල තියෙන ගේට්ටුව වැහෙන්න ඔන්න මෙන්න තියෙද්දි මගේ ඇන්ටික් යකඩ අස්පයා එතැනින් එතෙර කලා. නමුත් ඊට ඉදිරියෙන් හිටිය පොලිස් නිලධාරියෙක් මාව නතර කලා. මටත් වැරැද්දක් හිතාගන්න බැරිවෙච්ච නිසා ඒ නිලධාරියාට සම්මුඛ වුනා. අපේ දෙබස මෙහෙමයි.

ඇයි රාළහාමි...
ඇයි කරපු වැරැද්ද දැක්කෙ නැද්ද ?
මම වහලා තිබුන ගේට්ටුවකින් නෙමෙයිනෙ දැම්මෙ
ඒ උනාට ගේට්ටුව වැහෙන්න යන වෙලාවෙ පත්තු වෙලා තිබුනෙ රතු පාට කියලා දැක්කෙ නැද්ද ?

ඒ දවස් වල මගේ බයිසිකලය අලුත්වැඩියා කරගෙන යන කාලෙ...ඒ වැඩකට ගිහින් එද්දිම තමයි මේ වැඩෙත් වුනේ...බොහෝ තැන් මළකඩ කාලා පින්තාරුව ඉරිතලලා හිගන වේශයෙන් තිබුන නිසාම ඒ දිහා අවඥා සහගත බැල්මක් හෙලලා සාජන් මහත්තයා මගේ දිහාට හැරුනා.

මේකට ලියකියවිලි තියෙනවද ?
ඔව් ඔව්...ඒවා ඔක්කොම තියෙනවා...
එහෙනං ගමු බලන්න...

ඔන්න මම ඒ සියල්ල ඉදිරිපත් කලා...සියලුම දේ එතන තිබුන නිසා එතැන ගැටලුවක් නෑ...

ඊළගට සුපුරුදු ප්‍රශ්න කීපය...

කොහෙද වැඩ කරන්නෙ...දැන් කොහෙද ගියේ....

මමත් ඉතිං බොහොම සංයමයෙන් උත්තර දුන්නා. රාළහාමි පුලුවන් නම් සහනයක් දෙන්න. මම වහපු ගේට්ටුවකින් නෙමෙයිනෙ දැම්මෙ... මම එච්චරයි කිව්වෙ... මද වෙලාවක් කල්පනා කොරලා බලලා......

සාජන් මහත්තයා මට කිව්වා...මීට පස්සෙ මේ වගේ වැරදි කරන්න එපා...මාර්ග නීති හදලා තියෙන්නෙ පදිකයො සහ  රථ වාහන වල යන අය ඇතුලුව  දෙපාර්ශවයේම ආරක්ෂාවට....නීති ගරුක රියදුරෙක් විදියට ඒවා පිළිපදින්න කියලා.

තවත් දෙයක් කිව්වා....මම අද මහත්තයව යවන්නෙ මහත්තයා කථා කරපු විදිය හින්දයි. මම අහවලා අදුනනවා, මෙයා අදුනනවා කියලා එක එකාට කෝල් අරන් අපිට කථා කරන්න කියලා  ෆෝන් එක දික් කලා නම් කවදාවත් යවන්නෙ නෑ...මොකද මහත්තයා අපිටත් තියෙනවා ආත්ම ගෞරවයක්..අපිත් තව කෙනෙක් ඉස්සරහා සෙකන්ඩ් වෙන්න කැමති නෑ.

දැන් තමයි මට ඔබට කියන්න තියෙන දේ කියන වෙලාව. මේ නිලඇදුමකට මුවාවෙලා ඉන්නෙත් ඔබ මම වගේම සිවිල් පුරවැසියෙක්...ඔහු කරන්නෙ ඔහුගෙ රාජකාරිය...එතැනදි එහි සීමා මායිම් අපි හදුනාගත යුතුයි. ඔහුගෙ රැකියාව එය වුනත් ඒ රැකියාව තුල ඔහු අත්විදින අත්දැකීම් අනෙක් රැකියාවකට වඩා හාත්පසින් වෙනස්. දේශපාලකයන්ගෙන් වගේම ඉහළ නිලධාරීන්ගෙනුත් මේ පහළ  නිළධාරීන් සෑහෙන්න බැට කනවා. ඉහළ යන ජීවන වියදමට සරිලන සේ වැටුප ප්‍රමාණවත් නොවීම, ඔබට මට මෙන්ම ඒ අයටත් දැනෙනවා. ඒ අයගෙ දරුවන්ටත් අසනීපයකදි බෙහෙත් ටිකක් අරන් දෙන්න, අධ්‍යාපන කටයුතු වලදි පොතක් පැන්සලක් අරන් දෙන්න වගේම ගෙදර නඩත්තුව වගේ වගකීම් නිළ ඇදුමක් ඇන්දත් ඒ උරහිස මතත් පැටවිලා තියෙනවා.  ඒ ගැටලු වලින් ඔහුට දැනෙන පීඩනය එක්කයි ඔහු රාජකාරිය කරන්නෙ...ඒ නිසා ඒ ස්වරූපය හදුනාගෙන ඔහු දෙස පොදුවේ පොලිස් නිලධාරියා දිහා බලන අසුභවාදී ආකල්පයකින් තොරව බලන්නේ නම් මැනවි කියායි මගේ අදහස.

ඔබ දැක ඇති ගිණි ගහන මද්දහනෙ, මහ වැස්සෙ එහෙමත් නැත්තං වාහන දුම් පිරුනු මහා මාර්ගයේ  අපේ සහායට වාහන හසුරුවන පොලීසියේ මහත්වරු. එවැනි වටිනා සේවයක් පිළිබද සමාජයේ යහපත් ආකල්පයක් නැත්තෙ සුළුතරයක් නිලධාරීන් කරන වැරදි ක්‍රියාවන් සහ දේශපාලන අතු ඉති පොලීසිය නම් රාජ්‍ය ආයතනය තුලට රිංගපු  නිසා කියලයි මට හිතෙන්නෙ. ඒ හින්දා අපි අලුතෙන් හිතමු. නිලඇදුමක් ඇන්දත් ඒ ඉන්නෙත් අපේම සහෝදරයෙක් කියන හැගීමෙන්.

මේ ලිපිය ලියාගෙන යන වෙලාවෙ මගේ ඡායාරූප මාධ්‍යවේදී මලයා එක්ක ඇතිවුන කථාබහකින් පස්සෙ තවත් කරුණු කීපයක් මේ ලිපියටම එකතු වුනා.

පත්තර රස්සාවට දිවා රෑ වෙනසක් නෑ කියන එක එවැනි තැනක සේවය කරන ඇත්තන්ටත් ඒ අයගෙ පවුල් වල අයටත් අමුතු දෙයක් නෙමෙයි. අන්න ඒ වගේ ඊයෙ පෙරේදා දවසක අපේ මලයත් ගම්පහට කෝච්චියෙන් ඇවිත් එතැන ඉදන් සුපුරුදු විදියට යතුරු පැදියෙන් ගෙදර එන්න පිටත් වෙලා...දැන් වෙලාව රාත්‍රී 12.30 යි. අපේ හන්දියට ආසන්නයෙන් සාමාන්‍යයෙන් රථවාහන පොලීසියෙ ඇත්තො රැදෙන්නෙම නැති තරම්. ඒත් එදා මේ කියන වෙලාවට එක් තැනක පොලීසියෙ දෙදෙනෙකු ඉදලා බයිසිකලය නවත්තලා...

ලියකියවිලි පරීක්ෂා කරන්නට වෙන්න ඇතැයි සිතූ මලයා ඒවා ගන්නට හදද්දී ඔවුන් කියා ඇත්තේ ඕවා අනවශ්‍ය බවත්...අපිට උදව්වක් කරන හැටියටත්...

ජරාවක් කන්න සිතූ බවක් වැටහුනු මලයා සල්ලි නැතෙයි කී විට... සල්ලි නෙමෙයි අපිට උදව්වක් කරන්න. අපේ බයිසිකලේ පෙට්‍රල් නැතිව නතර වෙලා...මේ වෙලාවෙ පෙට්‍රල් ගන්න ටවුමටම යන්න එපායැ...පුලුවන් නම් ඔයාගෙ බයිසිකලය දෙන්න...පෙට්‍රල් ටිකක් අරන් එන්න... ඒ අනුව මලයා බයිසිකලය ලබා දී අනෙක් නිලධාරියා සමග මාර්ගය අද්දර බෝක්කුවක් මත හිදගෙන හිද ඇත. ඒ සුළු මොහොතේදී මලයාගෙ පත්තර රස්සාව නිසාවෙන්දෝ මේ කියන කාරණා අදාළ ස්ථානයේ ඉතිරි වූ රාළහාමි විසින් එක හුස්මට පවසා තිබුනි.

මේ පොලීසියේ තියෙන අලුත් නීති රීති එක්ක අපි දැන්  දවසකට නඩු 50 ක් ගේන්න ඕනෙ....ඒ දේවල් වලට ඇති තරම් පෙට්‍රල් දෙන්නෙත් නෑ...ඒ හින්දයි අපේ බයිසිකලේ අද මෙතැන හිටියෙ... මම පොලිසියට ඇවිල්ලා දැන් අවුරුදු 20 කටත් වැඩි...ඒත් තාමත් උසස් වීමක් නෑ...කොටින්ම කියනවා නම් සාජන් පට්ටමක් වත් නෑ...හැබැයි ඔයා මේවා පත්තර වල එහෙම ලියන්න යන්න එපා. දැන් බලන්න අර කඹුරුපිටියෙ රාළහාමි මරපු සිද්ධිය...ඒ අහිංසක මනුස්සයවයි එයාගෙ නෝනවයි, අතදරුවයි මරලා දැම්මෙ...කැටයම් චින්තක කියලා හාදයෙක්...ඒ මිනිහගෙ ජාවාරම් පොලිසියට අල්ලලා දුන්නෙ අර මැරිච්ච රාළහාමි කියලා සැක කරලා. පොලිස් සේවයේ යෙදෙන එකේ ජීවිත අවධානමකුත් තියෙනවා. ඒ සිදුවීම එකක් විතරයි...කසිප්පු අල්ලන්න ගිහිල්ලා..අපරාධ කාරයො අල්ලන්න ගිහිල්ලා අපේ රාළහාමිලා කී දෙනෙක් නැති වෙලා තියෙනවද....



ඔබෙන් බැණුම් අසනා පොලීසිය තරුණයෙකුට සහාය වන අවස්ථාවක්
මේ ඡායාරූප දෙකේ විස්තරය මෙතැනින්
පොලීසියෙ වැඩ කලා කියලා අනිත් සිවිල් මිනිස්සුන්ට නැති අමුතු බලයක් අපිට නෑ... හැබැයි අනිත් මිනිස්සුන්ට වඩා අපි සේවයට කැප වෙලා ඉන්නවා. තර්ජන ගර්ජන වර්ජන ඉල්ලීම් මොකුත් නැතුව... පොලීසියෙ ඉහළ නිළධාරීන්ගෙන් වගේම දේශපාලකයන්ගෙන් එන නියෝග නිසා සමහර වෙලාවට සෑහෙන්න පීඩාවට පත් වෙනවා. හදිසි අවස්ථාවක් ආවොත්  සේවයට බැදී ඉන්නවා...එදාට ගෙදර දරුවෙකුගෙ උත්සවයක් තිබ්බත් රාජකාරි ස්ථානයේ ඉන්න වෙනවා. ඩියුටියකට දැම්මොත් එතැනින් අයින් වෙන්න  කියනකං ගිණි අව්වෙ..එහෙමත් නැත්තං මහ වැස්සෙ හරි ඉන්න ඕනෙ. ඒකට දිවා රෑ වෙනසක් නෑ...සමහර දවසකට පිට පළාත් ඩියුටියකට ගියාම බත් එක එන්නෙ හවස 4 ට විතර... ඒ එන බත් එකත් පිළුනු වෙලා...ඉතිං වතුර ටිකක් බීලා බඩ පුරවා ගන්නවා. ඒත් බහුතරයක් මිනිස්සුන්ට අපේ සේවය ගැන වටිනාකමක් නෑ...පොලීසියෙ නම කැත කරන එකෙක් දෙන්නෙක් හින්දා හැමෝම ඒ මිම්මෙන් මනිනවා.

අපේ තාත්තත් පොලීසියෙ රාජකාරිය කරපු හින්දයි පොඩි කාලෙම මටත් පොලිසියට බැදෙන්න ආශාවක් හිතුනෙ...ජිප් එකේ ඉස්සරහ සීට් එකේ කලු පාට පටිය හරහට දාලා උජාරුවෙන් යන්න, ඔය වගේ හීන තමයි ඒ දවස් වල දැක්කෙ...ඒත් මේ රස්සාව ඇතුලෙ මොන තරම් පීඩනයක්, හිත රිදෙන දේ උනත්..අපේ අහිංසක මිනිහෙක්ට සේවය කරලා ලබන සන්තෝෂය ඒ හැමදේම අපිට අමතක කරවනවා.

පොලීසියෙ ඇත්තන්ගෙ රැකියා වලට අදාළ තත්වය එහෙම වෙද්දි ඔබත් මමත් රාජකාරියෙදි ඇතිවන සුළු අත්වැරැද්දකට ඔවුන් සමග දැඩි සේ කිපෙනවා. පොලිස් නිලඇදුමක් දුටු පමණින් අහේතුක කෝපයක් උපදවා ගන්නවා. ඔබට හැකි නම් හෙට ඉදන් අලුත් ඇහැකින් පොලීසියේ නිලධාරියෙක් දිහා බලන්න උත්සාහ කරන්න. විශේෂයෙන් ජනතාවගෙන් වගේම පොලීසියෙ ඉහළින්ද පීඩාවට පත් වෙන පොලිස් පොඩ්ඩො දිහා.

පසු සටහන

මේ සිරාගේ කාමරයේ ලියවෙන 100 වෙනි ලිපියයි. ලිපි 100 ලිවීම කෙතරම් ආයාසකර කටයුත්තක්දැයි මම දැන් හොදින් දනිමි. ඒ ඉලක්කය කරා මා රැගෙන ගියේ කාමරයේ ලෑලි දොරට තට්ටුව දමා නිතරම මෙහි පැමිණෙන පාඨක ඔබ සහ  සහෝදර බ්ලොග් කරුවන්ය...ඒ සියල්ලන්ටම මගේ නොවක් ස්තූතිය මේ අවස්ථාවේ පිරි නමමි. මේ ලිපි 100 අතර වැදගම්මක් ඇති දෙයක් ලියවුනු ලිපි ප්‍රමාණය වැඩි වෙතැයි මම සිතමි. ලියූ ලිපි මල්ල හැකි තරම් විශාල කර ගන්නවා වෙනුවට යම් හරවත් යමක් ඔබට තිළිණ කරන්නට මා ගන්නා වෑයම නිසාම ආරම්භයේ සිටම තවමත් ලියන්නේ මසකට ලිපි 7 කි. ඒ නිසාම සිරාගේ කාමරය යනු හතේ හත වැදුනු බ්ලොග් අවකාශයේ ඇති එකම බොගයි. ඒ බව දකුණු පස ලිපි පෙන්වන ගැජට්ටුවෙන් මනාව දර්ශනය වෙයි. 7 ඉලක්කමෙන් ඇති කරනා කාල පරතරය ලිපියෙන් කියවෙන කාරණය පිළිබද යහපත් කථිකාවක් ඇති කිරීමට මෙන්ම පාඨක ප්‍රතිචාරයන් දැක්වීමටත් ප්‍රමාණවත් කාලයක් සපයන බව මගේ අදහසයි. ඉදින් සබද, මෙහි යනෙන ඔබ සැම වෙනුවෙන් හැකි තරම් කාලයක් සිරාගේ කාමරයේ දොර විවෘත කර තැබීම මගේ ඒකායන පැතුමයි. ඔබ සැමට ජය !


මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.


ප.ලි

ශ්‍රී ලංකා පොලීසිය ඉතාම කාර්යශූර පිරිසක් බව, කිසිදු සාක්ෂියක් ඉතිරි නොකොට සිදුවුනු අපරාධයන්හි වැරදිකාරයන් අත්අඩංගුවට ගන්නා ලද අවස්ථාවලදි අපිට ඒත්තු ගියා. එහෙත් පොලීසියට අත තියන මහා බලපරාක්‍රමයක් ඇති දේශපාලුවන් හෝ ජරාවට, දේශපාලන හිතෛශීභාවයට තම නිළඇදුම පාවාදෙන නිලධාරීන් අතළොස්ස  නිසාම පොලීසියට ඒ කීර්තිනාමය ඇති කරගැනීමට ඉඩක් නොමැත.

දේශපාලන අතපෙවීම් නැති 100% ස්වාධීනව කටයුතු කල හැකි තැනකට අපේ පොලීසිය පත් කරන්නට හැකි නම් අපේ සමාජය නිසි මාවතේ යනු ඇත. එහෙත් එය දහවලේ දකිනා සිහිනයකි. රට කරවන අය මුලින්ම ආදර්ශය දිය යුතුය. දැනට නම් එහෙම යමක් මේ කපේට සිදුවෙතැයි පෙනෙන්නට නැත.

පොලිස් පොඩ්ඩා යනු පොලිස් රාජාකාරී ජීවිතය තුල මෙන්ම සිවිල් සමාජයෙන්ද වැඩි වශයෙන් පීඩනයට පත් වන්නාය. හෙතෙම ගිරයට අහු වූ පුවක් ගෙඩියක්මය. එවැනි  චරිත දෙස මින් පසුවවත් සානුකම්පිතව බලමු. ඉහළින් ලැබෙන අණ පිළිපදින්නට සිදුවූ නිසා අමාරුවේ වැටුන මෙවැනි චරිත රාශියකි. 

අපේ සමාජය වැරදි කරනා පොලිස් නිලධාරියෙකු හෝ නිලධාරීන් හට එළව එළවා පහර දුන්නත් සමාජයට හා මිනිසුන්ට අනේක කැප කිරීම් කරමින් හොද දේ කරනා නිලධාරීන් කිසි ලෙසකින් අගය කරන්නේ නැත. එය අපේ ජන සමාජයේ විඥාණය පිළිබද ගැටලුවක් ලෙස මම සිතමි.

පහළින් පල වූ ඡායාරූප දෙක මලයාගෙනි.



136 comments:

  1. මෙච්චර කාලයක් උඹේ පෝස්ට් එකක පළවෙනියා විදියට කමෙන්ට් කරන්න මම කොච්චර පෙරුම් පිරුවද....අද ඒ ආශාව ඉෂ්ඨ කරගන්න මේ තරම් හොද දවසක් ලැබීම ගැන බොහොම සතුටුයි ලොක්කෝ....උඹේ මනුස්සකම ගෑවුන මිතුරු කමත් මේ පුංචි කාමරයත් තවත් බොහෝ කාලයක් යෙහෙන් වැජඹේවා කියලා අද වගේ විශේෂ දවසක පතන්නම්.

    මම මයික්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මගේ මිත්‍රයා...විශේෂ දවසක ඉස් ඉස්සෙල්ලාම හොදම මිතුරෙකුගෙන් සුභාශිංෂන හිමි වීම ගැන සතුටුයි...අපේ මිතුදම අපේ ජීවිත කවදා හරි අවසන් වන දවසක් දක්වාම ආරක්ෂා වේවා කියලා පතනවා....

      Delete
    2. සිරා අය්යා පොලිසියේ මාමා කෙනෙක්ගේ දුවෙක් බදින්න යනවාවත්ද ?
      වෙන්ඩ බෑනා නිසා පොලිස් මාමාලගේ හොද පේනවා වගේ

      Delete
    3. පොලිස් මාමලගෙ දුවලත් ඒ වගේමද කියලා කවුද බොල දන්නෙ...දැනට නම් නැත තමයි උත්තරේ...

      Delete
  2. රැට කියවන්නම් එයිට කලින් 100ට උණුසුම් සුබ පැතුම් මලයා

    ReplyDelete
    Replies
    1. මේක කොටද්දි නලින් අයියා කෝච්චිය අල්ලන්න දුවන වෙලාව කියා සිතමි.

      Delete
  3. පොලිසිය ගැන කියල තියන එකට නං එකෙන්ම එකඟයි සිරා.. ඒ ඉන්නෙත් මිනිස්සු තමයි.හැබැයි ඔවුන්ගේ පීඩනය වැඩි හරියක් පිට කරන්නේ පොඩි මිනිහගෙ පිටින් බවත් කිවයුතුයි.. අත්දැකීම් නං එමටයි ඔවුන් සමග.. බොහොමයක් පොලිස් ස්ථානත් දැන් S5 සංකල්පයට අනුව පෙරට වඩා ඉදිරියෙන් ඉන්නව කියල කියන්න පුලුවන් මචං !
    TZR (මැස්සා ) කියන්නෙනං බං සුපිරිම භාන්ඩයක් ඈ..!! ලොකුකමකට නෙවෙයි මං හා හා පුරා කියල ගත්තෙ TZR RR කියන ඕක !! ඕකෙ තියනව power valve කියල යුනිට් එකක්..ස්පීඩ් එක 60 පැන්නහම ඕක ඔන් වෙනව.එතකොට් බයික්කෙ පිඹිනව බන් . GN 250 ට ඇරියහැකි ලොවෙත් නැතිවෙන්ඩ . .මං rebel 250 එක්ක ගියා ඕකෙ !!

    ReplyDelete
    Replies
    1. මොනවා යකෝ උඹ පත්තරේ බෙදන්නයන්නේ TZR RR එකකද ? උඹ යකෙක්නේ. ඔකේ ගිහින් අපායටත් පත්තර බෙදලා ආව හැකි සුටුස් ගාලා

      Delete
    2. ඕක දීල සෑහෙන්න කල් බං ඉවාන් අයියෙ..පත්තර බෙදිල්ල කෙසේ වෙතත් අපායෙ නං ගියෑකි :-)
      අපේ 2ක් එහෙ ගියා ඔය බයික් සෙල්ලම හින්දා ..!!
      තව පොඩ්ඩෙං මාත් එහෙ තමා !! :-)

      Delete
    3. ඔව් ඔව්...අපේ පැත්තෙ තිබුන ඒ වර්ගයේ එකම බයිසිකලයක් වත් හිමින් ගමනක් ගියේ නෑ..අනිත් එක ඉතිං හිමිං ගමන් යන්න උවමනා එකෙක් වැඩි ගාණක් ගෙවලා එහෙම බයිසිකලයක් ගනීවියැ....වේගය මරුවා කැදවයි....ඒක තමයි මතක තියා ගත යුත්තෙ මොන බයිසිකලයක් පැද්දත්....

      Delete
    4. TZR 125 සහ DT 125 water cool මොඩල් වල තියෙන්නේ එකම එන්ජිම තියරිය අනුව නම් ඔය මොඩල් වල තියන 2 stroke engine වල බලය GN 250 තියෙන 4 stroke engine එකකට ආසන්නයි ඒ වගේම ඔය power valve නිසා වැඩි වෙගේදීත් හොඳ පිකප්. පත්තර මල්ලිගේ අත්දැකීම හරියට හරි.
      මගේ පළමු යතුරු පැදිය DT 200 මොන යකෙකුටවත් ඉස්සර් වෙන්න බැහැ.

      Delete
  4. මේ සත්‍ය දකින්නේ බොහොම ටික දෙනයි. ඒ වගේම ජරාවට යටවුණු අය කිප දෙනෙක් නිසාත් මේ තත්ත්තවය ඇතිවෙලා තියනවා.අනෙක් කරුණ තමා පොලිසියට දොස් නගන්නේ බොහෝ විට රථවාහන වරදක් කර එයට දඩ කොළ ලබපු අය තමා. නමුත් තමන් වරදක් කළා කියා අප කිසිම විටක පිළිගන්න අකමැතියි. අප වරදක් කළානම් කිසි කතා බහකින් තොරව ඒ දඩ කොළේ අරගන යන්න හැකියි. ඒ වගේම නිළ ඇඳුමේ ඌස්නය ගත් හරකෙක් දෙන්නෙක් ද නැතුවා නොවේ.

    ReplyDelete
    Replies
    1. නලින් අයියගෙ අදහසේ කිසිම තැනකට මගේ විරෝධයක් නෑ...සම්පූර්ණයෙන්ම එකගයි...

      Delete
  5. 100 ට සුබ පැතුම් සිරා,ඇත්තටම මම හිතාගෙන හිටියෙ සිරා පෝස්ටු සීයකට වැඩිය ලියල ඇති කියලයි,මමත් මුලදී ලියාගෙන ලියාගෙන ගියා හරියට ආප්ප බානවා වගේ,ඒ යන වේගෙ වැඩිය කියල තේරුනේ පස්සෙයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හැලපයියෙ....පෝස්ටු වැටෙන්න ඕනෙ යම් සීමාවක් ඇතුලෙ...ආප්ප බානවා වගේ දාන්න ගියොත් ලියන අපෙන් ඒවාට සාධාරණයක් ඉටු වෙන්නෙ නෑ කියලා මට හිතෙනවා...

      Delete
  6. මමත් හැමවිටම නීතිගරුක වෙන්න උත්සහා කරණවා. පොලිසියෙන් මාව අල්ලපු කිසිම අවස්තාවක මම ඔවුන්ට ජරාව දෙන්න උත්සහා කරළා නෑ. කිසිම කෙනෙක් කවදාවත් මගෙන් ජරාව ඉල්ලලත් නෑ. ඒ අපි ඔවුන් එක්ක ගනු දෙනු කරන විලාශය නිසා වෙන්න ඕනා. මේ ලඟකදි මාව ඇල්ලුවා පදික වේදිකාවක් උඩ නැවැත්තුවා කියලා. අනිත් වාහන නවත්තලා තිබුන නිසා තමා මාත් නැවැත්තුවේ. ඒක පදික වේදිකාවක් කියන කාරණය මට එච්චර ඔලුවට ගියෙත් නෑ. පොලිසියෙන් ඇවිල්ලා ඇයි මෙහෙම කළේ කියලා ඇහුවම තමා මට තේරුනෙ මම වැරැද්දක් කරලා කියලා. මම මුලින්ම කළේ වරද පිළි අරන පොලිස් නිළදාරියාගෙන් සමාව ඉල්ලපු එක. ඊට පස්සෙ ඔහුට කිව්වා ඔහුගේ රාජකාරිය කරනන් කියලා.මට දඩ කොළයක් ලියලා දුන්නා. එච්චරයඉ. ඔහු බොහොම සුහදව, විනීතව මාත් එක්ක කතා කළා.

    සිරා මේ පෙන්නපු දේ ගැන මමත් කවදාවත් හිතලා තිබුනෙ නෑ. මේ දැන් වෙනකම්ම මගේ හිතෙත් තිබුනෙ ඔවුන් බහුතරයක් ගැන වැරදි චිත්‍රයක්. සුලු පිරිසක් කරන දේ නිසා සමස්තය ගැනම අපේ හිතේ වැරදි චිත්‍රයක් ඇඳ ගන්න එක වැරදියි තමා.

    උඹට් ස්තූතිය් සිරා මෙහෙම අපේ ඇස් පාදනවට.

    සීයට උණුසුම් සුබ පැතුම් !!

    ReplyDelete
    Replies
    1. මම අනන්තවත් දැකලා ඇති පොලිස් පොඩ්ඩො විදින දුක...ඒ නිසාමයි මම මෙහෙම යමක් ලිව්වෙ...ඒ අයගෙ දුක දන්නෙ ගෙදර ඉන්න අය විතරයි...උඩින් , යටින් හැම පැත්තෙන්ම පීඩනයට පත් වෙච්ච පිරිසක්... ප්‍රාර්ථනාවට ස්තූතියි සෙන්නා...කාමරේ දොර ඇරපු මුල්ම කාලයේ සිට ඔබ දුන් සහයෝගයටත් ස්තූතියි...

      Delete
  7. සිරා......සීයට.... සීයක් සුබ පැතුම්!!!!!!!!!!

    මට පොලිසීයේ පහල උදවිය ගැන තියෙන්නේ පුදුම දුකක්....උන් දෙපැත්තකින් තැලෙනවා.....මේ ෆොටෝ එක බලපන්....වඳින එකා වදින්නේ රස්සාවට බයේ වෙන්න ඇති.....වැඳුම් ගන්න අයයි,,,බලන් ඉන්න එවුනුයි අමු පොන්නයෝ නෙමේද?

    http://www.lankaenews.com/Sinhala/news.php?id=23825

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අරූ...ඔය වදින එක මම දැක්කා...ඒ වදින මනුස්සයා තමන්ගෙ ආත්ම ගෞරවය කීතු කීතු වලට ඉරාගෙන රැකගන්න රැකියාවකින් තෘප්තියක් ලබනවද කියලා මට සැකයි...සමහර විට මිනිහගෙ ලොකු වරදක් ෂේප් කරන්න කියලා වදිනවද දන්නෙත් නෑ.

      Delete
  8. අනේ මන්ද බං මට නම් තියෙන්නෙ නරක චිත්‍රයක් ඔවුන් පිලිබඳව.
    කාරනා කීපයක්,
    මෝට බයික්,ත්‍රීවීල් වලට සලකන්නෙ එක විදියකට, කාර් වගේ ලොකු වාහන වලට තවත් විදියකට, මම නම් කිසි දවසක දැක නෑ බස් රථ වලට නීතිය ක්‍රියාත්මක කරනව,. තනි ඉරි,ඩබල් ඉරි,කහ ඉරි.උන්ට නෑ..!

    අනික පෙන්නන්නම බැරි දේ අපි වාහනය නවත්තල (බයිසිකල්)අතේ තියෙන බරත් උහුලන් ඔවුන් ගාවට යන්න ඕන . නැත්නම්...වැරදි ගොඩයි.
    හැබැයි ස්කූටර් පදින ගෑණු අය නවත්තන්නෙ නැහැ.

    මට හමුවෙලා තියෙන අයට නම් කතාකරන්න තෙරෙන්නෙ නැහැ.උජාරුකමින් ඔලුව ඉදිමිලා...හැබැයි ඒ බයිසිකලේ යනකොට තමයි.

    100ක් ගැහුවට බොක්කෙන්ම මෙව්ව එක..!!
    මොනා වෙලාද මන්ද මට ලියන්න හිතෙන්නෑ බං..පරණ උන්ට මොනව වෙලාද මන්ද...ගොඩක් උන් දකින්න්නත් නෑ..!

    ReplyDelete
    Replies
    1. මේ ලක්ෂණ මම හිතන්නෙ පළාතෙන් පළාතටත් වෙනස් ඇති. අපේ ගම්පහ පොලෝසියේ නම් මට කියන්න තරම් වරදක් නෑ...මමත් වාර කීපයක්ම විවිධ මට්ටම් වල නිලධාරීන්ට අහුවෙලා ඇති...අපි වතාවක් රාත්තිරියක වහපු ගැරිජ් එකකට වෙලා මධු විතෙන් සප්පායම් වෙද්දිත් පොලිස් ජිප් එකක් එතැනට ආවා....ඒ හැම වෙලේම අපි කථා බහ කරපු විලාශයෙන් තමයි ප්‍රශ්නයක් ඇති නොවුනෙ.

      බ්ලොග් ලෝකයේ ඉන්න මගේ බොක්කක් බොල උඹත්...ස්තූතියි..ජීවිතයේ යෙදෙන වගකීම් එක්ක වෙලාවක් හොයාගන්න බැරුව ඇති...බොටත් දැන් වෙලා තියෙන්නෙ ඒ සන්තෑසියම නේද ?

      Delete
  9. දෑන් සිරගෙ අම්මයි තාත්තයි සිරාවත් එක්කන් කෙල්ලගෙ ගෙදර ගියා.
    සිරිපාලය ඒ තරම් කෑමෑත්තකින් නෙමෙයි ගියෙ.ඈයි දන්නවද මු කලින්
    දවසෙ මොනවද ජරාවක් කාල බඩ එච්චර හොද තත්වෙකින් නෙමේ තිබුනෙ.
    මොනව කරන්නද.ගිහින් දොර ලග පුටුවෙන්ම වාඩි උනා.
    විනාඩි 5 ගියෙ නෑ වාතයක් යන්න ආව.අව්ලක් නෑ පරිසරය හොදයි.
    හෙමින් ඈරිය.නෝන්ඩියක් නෑ.හෑබෑයි පලාත ගදයි.ඔය වෙලාවෙ මනමාලිගෙ තාත්ත ආව.බෑලුව වට පිට සිරගෙ පුටුව යට බල්ල නිදි.අන්කල් කාරයා බල්ලට
    සද්දයක් දෑම්ම..සීබා යනව එලියට කිව්ව..කියල අන්කල් කාරයා කුස්සියට ගියා.සිරාට හරි හෑපී.තව එකක් යන්න ආව.මොන ප්‍රශ්නද කියල ඈරිය.පලාතම
    ගන්න දෙයක් නෑ ගදයි.
    අන්කල් ආව සීබා මම උබට එක සෑරයක් කිව්වා පලයන් එලියට කිව්ව.සීබ නිදි.
    3න් වෙනි සෑරේටත් සිරිපාල පුරුදු විදිහටම බඩේ ගෑස් එක පිට කලා.එතකොටම
    අන්කල් කාරය ආව.අන්කල්ට මල පෑන්න.කඩාගෙන ආව සීබ ලගට.......
    සීබෝ කියන දේ අහල පල එලියට නෑත්තම් මනමාල මහත්තය උබේ පිට උඩ රෙයි කිව්වලු.....අන්කල් කාරයට තේරිලා සිරගෙ සෙල්ලම.

    ReplyDelete
    Replies
    1. මොකක්ද ඇනෝ මේ රෙන සීන් එක...උඹට කෑමක් වත් අජීර්ණය වෙලාද ? පොලිසිය සහ මේක අතර සම්බන්ධයක් බොට පේනවද ?

      Delete
  10. ප.ලි කෑල්ලේ තියෙන දේනම් සහතික ඇත්ත.. පොලීසිය කොච්චර හොද වුනත් දක්ශ වුනත් ප්‍රාදේශිය නායකයන්ගේ ඉදන් ඉහලට වෙනකන් ඉන්න අයගෙන් තියෙන ඇඟිලි ගැහිලි හන්දා තමයි ගොඩක් වෙලාවට හරියට දෙයක් නොවෙන්නේ.. හැබැයි ඉතින් හොරුත් නැතුවම නෙමෙයි..

    100ට සුභ පැතුම් අයියේ.. දිගටම ලියමු.. අපි එනවා...

    ReplyDelete
    Replies
    1. අපේ කුණු දේශපාලකයො තමයි පොලීසියට නිදහසේ රාජකාරි කරන්න ඉඩ නොදෙන්නෙ...එහෙම නැත්තං අපේ පොලිසිය ඔය කියන තරම් නරක නෑ..මම දැන් ඉන්න රටේ පොලිසිය එක්ක ගත්තම මේ අය වීසා නැති කෙනෙක් අහුවුනොත් ඒකව නිදහස් කරලා යවනවා...හැබැයි අතේ මිටේ, සාක්කු වල තියෙන හැම දේටම සුද්දෙ දීලා.

      Delete
  11. අපිත් පොලෝසියට ඇදලා අරිනවා උන් කරන වැඩ වලට. කැබයි ඉතින් මේ වගේ සමාජයකට ගැලපෙන පොලීසියක් තමයි අද තියෙන්නේ. පොලීසිය වැරදි කියන්න මිනිස්සු හොඳද.. මම නම් හැමදාම පානියෙන් බේරෙන්නේ. කවදාවත් බල්ලන්ට වගේ කතා කරන්නේ නෑ ඇඳුරුම කම් කියන්න යන්නේ නෑ. තනිකර ෂේප් න්‍යායය. එතකොට උනුත් හොඳයි. රට හදන්න කලින් අපි හැදිලා ඉන්න එපාය.

    ReplyDelete
    Replies
    1. මාතලන්ගෙ න්‍යාය තමයි අද කාලෙට ගැලපෙන්නෙ...මොකද පොඩ්ඩා උනත් කැමති නෑනෙ තමන් වරදකට අල්ලපු එකා ඉස්සරහා ලොක්කෙක්ට වුනත් සැකන්ඩ් වෙන්න.

      Delete
  12. පොලීසිය දැන්නම් ඉස්සරට වඩා ටිකක් හරි හොඳයි. ජරාව කෑමත් තරමක් දුරට අඩුයි. ඒ වගේම පිළිවෙළයි.
    පොලිස් පාට් අඩුවෙන්න තවත් හේතුවක් තමයි, මානව හිමිකම් නඩු. මේ නඩුවකදි පොලිස්කාරයෙක් වැරදිකාරයා වුනොත් වන්දි ගෙවන්න වෙන්නෙ මිනිහගෙ අතින්මයි. ඒ හින්දා නිකං ටිංකිරි ගාගන්නෙ මොකට ද කියලා උන් හුඟාක් ප්‍රවේශම් වෙනවා.

    තාමත් පජාත වැඩ කරන්නනෙ අවුරුදු 45පැනපු උන් තමයි.

    ReplyDelete
    Replies
    1. "තාමත් පජාත වැඩ කරන්නනෙ අවුරුදු 45පැනපු උන් තමයි" ඇත්ත
      "ජරාව කෑමත් තරමක් පිළිවෙළයි " කිව්වනම් හරි

      Delete
    2. ඒක ඇත්ත...ජරාව කාපු අයගෙ බණ්ඩියත් හොදට ඉදිරියට නෙරලා තියෙනවා නේද..සමහර රථ වාහන පොලීසියෙ ඇත්තො බස් රථ රියදුරන්ට සක්කිලි වගේ කථා කරනවා මම දැකලා තියෙනවා...ඉදිරියට හැදෙන පරම්පරාව වත් නිවැරදි මගක ගියොත් හොදයි...ඒත් තවමත් ඉහළින් ඉන්නෙ පරණ මිනිස්සු නිසා පොලිසිය හැදෙන්න තව සෑහෙන කලායක් යයි.

      Delete
  13. සීයක් ලිව්වට සීයාට සුබ පැතුම් සීයේ. මම ඊයේ පෙරේදා දෙසීයා වුනා. ඒත් ඒ ගැන මම සඳහන් කලේ නැහැ.

    පොලීසිය ස්වාධීන වූ දවසට පොලීසිය ගැන මහජනතාවගේ විශ්වාසය ආපහු ලැබෙයි. හැබැයි තව පරම්පරාවක්වත් යන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. දෙසීයා වූවාට මගෙනුත් සුභ පැතුම් පිළිගන්න...බ්ලොග් ලියන සීයලා ඉන්නෙ බොහොම අතලොස්සයි නේද ? මහජන විශ්වාසය දිනාගන්න ඉතිං පොලීසිය ඒ බව ක්‍රියාවෙන්ම ඔප්පු කරන්න ඕනෙ. ඒකට දේශපාලුවන්ගෙ බාධා කිරීම් අවම වෙන්නත් ඕනෙ...මේ දෙකම මෑතකදි සමපාත වෙයි කියලා නම් හිතන්න අමාරුයි.

      Delete
  14. පොලිසියේ ඉන්න "බහුතරයක්" මිනිස්සු...සිරාවටම මං හිතුවේ 100 කට වඩා ලියලා ඇති කියලයි..සුබ පැතුම් සිරා

    ReplyDelete
    Replies
    1. මම ඉතින් මද වේගයෙන් යන එකා නොවැ...එකයි සෙන්චරියට පරක්කු උනේ...අනිත් කාරණේ මාස කීපයක් නොලියා හිටියනෙ...බහුතරයක් ඉන්නෙ මිනිස්සු තමා...ඒ උනාට සුළුතරයකගෙ ගද ගහන වැඩ නිසා ඒ මිනිස්සු යට ගිහින්...

      Delete
  15. මුලින්ම 100 වෙනි පෝස්ටුවට බොක්කෙන්ම සුබ පතනව.අනේ මන්ද පොලිසියනම් ...මේ දවස් වල පොලිසිය ගැන සයිබරයෙ ලියවෙනව වැඩියි.මොකද මන්ද?

    ReplyDelete
    Replies
    1. පොලීසියෙ ග්‍රහයා නීච වෙලා ඇති ඒකයි වැඩිපුර ලියවෙන්නෙ...පැතුමට ස්තූතියි මලයො...

      Delete
  16. TZR kiyanne byk da paththara malliiiiiiiiiiiiiiiiiiiiiiiii

    ReplyDelete
    Replies
    1. අනේ මම නම් ඕවා පැදලා නෑ...මම ඇන්ටික්...

      Delete
  17. 100ට උණුසුම් සුබ පැතුම්.ඔය දෙ මෙ ලොකේ හැමරටකම තියනවා.මොකද පොලිසියෙ ඉන්නෙ මිනිස්සු නිසා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇත්ත...අපි ඉන්න රටේ පොලිසිය අපේ එකට වඩා සෑහෙන්න ජරාව කනවා...

      Delete
  18. සීයට සුභ පැතුම්. මට තියනවා පොලෝසිය ගැන බොහොම සංවේදී වගේම විනෝදජනක කතාත් මහ ගොඩක්, ඒත් ඕවා ලියන්න කොයි වෙලාවක්. දෙසීයක් ලියන්න බලන්න. තව ලියන්න දාහත් ලියනව නම් අපි නැතත් ඉන්න ලෝකෙක ඉදලා හරි සතුටු වෙන්නම්.

    ReplyDelete
    Replies
    1. බලමු...හැකි තරම් කාලයක්...බ්ලොග් ලිවිල්ල හිතට සතුටක් ගෙනදෙන තෙක් ලියනවා...එහෙම නැති වෙච්ච දවසට නවත්තනවා...ස්තූතියි අයියෙ...

      Delete
  19. සිරා පොලිසියේ අය කෙරෙහි හැමෝම බලන්නේ වැරදියට සහ ද්වේශයෙන්... ඒත් පොලිසියේ රාජකාරී කරන අය විතරයි දන්නේ ඒ පීඩනයේ තරම. උදේ වැඩට ගිය වෙලාවේ ඉඳන් හොරකම් කරපුවා , බීපු වළි , ගෑණු කේස් , ණය කේස් , අනතුරු , පිහි ඇනුම් , දාලා ගියපුවා එකී මෙකි නොකී සියලු දේ..

    පොලිස් මහත්තුරු කීප දෙනෙක්ගෙන් අහලා බලන්න ඔවුන් විඳින දුක.. ඒ මදිවට එක එක අයගෙන් ගැරහුම් , නියෝග , සිත් රිදවීම් .... ප්‍රශ්න ප්‍රශ්න ප්‍රශ්න .... අපි දන්නේ බනින්න විතරයි නේ සුදනෝ වගේ ... ඇතුළාන්තය කව්රුත් දන්නේ නැහැ ...

    ReplyDelete
    Replies
    1. අපිට කියල ප්‍රශ්න නැද්ද බං රස්සාවෙ .
      අපි ඒව පොලිස් කාරයංගෙ පිටින් යවනවැයි ??
      නෑනෙ .!!


      Delete
    2. සහන්ගෙ කථාවට මම සම්පූර්ණයෙන් එකගයි...පත්තර මලයො අපේ රැකියා වගේද බොල පොලිසියේ රැකියාව...ඒකෙ වගකිම / පීඩනය / ලොක්කන්ට දෙකට නැමෙන එක / අව්වෙ කර වෙන එක...ඒවා උඹ කරන ජොබ් එකෙත් තියෙනවද ?

      Delete
  20. සියක් ලියුව එක එළ , ඒ උනාට මේ පෝස්ට් එක ගැනනං එකග වෙන්නේ නැ , අදත් එකෙකුට කියුවා පොලිස් කාරකං එපා වැඩේ කරගන යන්ඩ කියලා , මචං මගෙත් ඉන්නවා නැදැයෝ යාළුවෝ සෙට් එකක් , යුනිෆෝම් අදින , ඒ උනාට ඇත්ත තිත්තයි ,

    මේක හෙන පට්ට පෝස්ට් එකක් තමා , ඒ උනාට සිරා මොන කරුමයක්ද මන්දා මට තාම හම්බෙලා නැනේ චොයි පොලිස් මාමෙක් , අංකල් කෙනෙක් ,

    සමහරක්විට හෙට අනිද්දා දවසක අර රාලහාමිලා දෙන්නගේ ඇත්ත තත්වය උඹට කියයි මල්ලි කෝල් කරලා වෙන තැනක මල්ලි සෙට් වෙච්ච වෙලාවක උන්ට , මගේ බයිසිකලය ඉල්ලුවානං මං අනිවා බෑ කියලා ගෙදර එනවා ,

    මෙතන නොකියුවට ගොඩ දෙනෙක් හිතන්නේ එහෙම තමා , ඇත්තටම හිතට දැනෙන දේ කියන්නේ මේ බ්ලොග් කියවන උන් කියෙන් කි දෙනාද

    ReplyDelete
    Replies
    1. ඉතින් බීලා බයික් පැද්දම කොහෙද උඹට හොඳ පොලිස් කාරයෝ හම්බවෙන්නේ හික්ස්

      Delete
    2. "පොලිස් මාමෙක් , අංකල් කෙනෙක්" :D

      Delete
    3. බොට කොහොම වෙතත් මට නම් හම්බවෙලාම තියෙන්නෙ චෝයි පොලිස් මාමාලා...වතාවක් හොදට ගසලා CT 100 එකක හතර දෙනා ඩබල් දාලා ගිහිල්ලා ඇල්ලුවෙ අයි පී උත්තමයෙක්...එදත් අපි දඩ නොකා බේරුනා එවලෙ තිබ්බ වැස්ස පෙන්නලා...

      Delete
  21. පොලිසිය කියන්නේ මහ අමුතු තැනක්! මේ වගේ හොඳ මිනිස්සුත් ඉන්නවා! නාහෙට අහන්නේ නැති නරුමයෝ ටිකකුත් ඉන්නවා!
    යකෝ 100ක් ලිව්වා කියන්නේ මල් හතයි ගස් දෙකයි තමා! සුභ පැතුම් වේවා! කොහොමත් උඹ අයියේ කියලා කටක් ඇරලා කියන්න පුළුවන් එකෙක්! ජය!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නාඩියා....

      හොද නරක කියන්නෙ ඉතිං කාසියක දෙපැත්ත වගේ තමයි...දැන් හොද එකා හෙට නරක් වෙන්න පුලුවන්...

      Delete
  22. 100ට උණුසුම් සුභ පැතුම්....
    .
    සිරා කොහෙද බං ඉන්නේ ඇත්තටම? මට නම් හොඳයි කියන්න පුළුවන් පොලිස් කාරයෙක් තාම හම්බෙලා නෑ. අනිත් එක ඔය ඔකොම සද්ද තියෙන්නේ ලක්ෂ 10න් මෙහා වාහන වලට තමා. අනිත් එව්වා නැවැත්තුවත් ලඟට ගිහිං කතා කරන්නේ. එයාලත් රාජකාරියක් කරන බව ඇත්ත. ඒත් මගේ යාලුවෙක් කිව්වා වගේ
    // නීතියත් හරියට පිළිහුඩුවා වගෙ. ලූලා වගේ ලොකු මාළු ගොඩ පීනුවත් පිළිහුඩුව කොටන්න හිතන්නෙවත් නෑ. හැබැයි තිත්ත පැටියෙක් ඔලුව දානකොටම කෙළලා අරිනවා. //

    ReplyDelete
    Replies
    1. ඒවා පොලිසියේ වැරදි විතරක් නෙමෙයි බන්..රට කරවන උන්ගෙත් වැරදි...පොලිසිය විතරක් නෙමෙයි බන් අද හැමෝම සල්ලි තියන එකාට තමයි ගෞරවය දෙන්නෙ....

      Delete
  23. පළමුව උඹේ නොදැවී රැස්කල ශතකයට මගේ සුභ පැතුම් පිරි නවමි.
    පොලීසියේ උසස් මහතුන් ගැන උඹේ අදහස් වලට මමද එකඟ වෙමි. හැම මිනිසකුම උඹ වගේ සිතුවානම් ලෝකය කෙතරම් ලස්සන වන්නට තිබුනාද?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියා....මේ විදියට නොදැවී ද්විත්ව, ත්‍රිත්ව ශතක ලබා ගන්න තමයි බලාපොරොත්තුව...මේ කියන මිනිස්සු ලගට ලං වෙලා බැලුවොත් තමයි ඒ අයගෙ ජීවිත වල තියෙන හැලහැප්පීම් එක්ක නේද මේ අය රාජකාරිය කරන්නෙ කියන දේ අවබෝධ වෙන්නෙ...

      Delete
  24. ඔබ සහ සහෝදර බ්ලොග් කරුවන්ය..

    ReplyDelete
  25. ඕකේ ඉතින් දෙපැත්තම තියනවා. දැන් උඹේ ලිපිය අනුව උනත්, පොලිසියේ දෙන්නා පොඩ්ඩක් කූල් ඩවුන් වෙන්නේ උඹ පත්තරේ කියලා කිව්වහමනේ. ඒ වගේ දෙයක් කියන්න නැති බොහොම සාමාන්‍ය මිනිස්සු හමුවේ පොලිසියේ බොහෝ අය තමන්ගේ පීඩනය මුදාහරිනවා. හැබැයි මේක නිවැරදි වෙන්න ඕනේ උඩ ඉඳන් තමයි.

    පොලිසියට පගා අල්ලස් දීමට උත්සාහ නොකිරීමෙන්, අපිටත් මේකට යම් තරමක් දායක වෙන්න පුළුවන්. ඒ වගේම කියන්න ඕනේ, තමන් වැරැද්දක් කලා නම් පිළිගන්න අපි පුරුදු වෙන්න ඕනේ. උඹ උනත් මෝටර් සයිකලේ දැම්මේ රතු ලයිට් එකේ නම් නිදහසට කරුණු නොකියා, පොලිසියේ රාජකාරිය කරන්න ඉඩ දෙන්න ඕනේ. පොලීසිය ගැන බලන විදිහ සහ ගණුදෙණු කරන විදිහ අපි වෙනස් කරගත යුත්තේ අපිට වදින දඩකොළයෙන් බේරෙන්න නම් ඒක වැරදියි. දැන් මේ සිද්ධියේදිත්, උඹ ඇතුළු මුලු ගමම මූලිකවම හැසිරිලා තියෙන්නේ මංජුට වෙන පාඩුව නැති කරගන්න අරමුණෙන්. ඒකත් වැරදියි.

    ReplyDelete
    Replies
    1. අහ්හ් 100ට සුභ පැතුම්....

      Delete
    2. වැරැද්දක් කරලා ඒක ෂේප් කරගන්න යන එක වැරදියි තමයි...නමුත් අතේ සතේ නැති වෙලාවෙ ගේට්ටුව වහන්න කලින් ගිය හින්දයි එදා මම ඒ විදියට කථා කලේ...ඊට වඩා ලොකු වැරැද්දක් කලා නම් මම ඔලුව පාත් කරගන්නවා...අදටත් මම දඩයක් කාලා නෑ.

      මංජුවගෙ කේස් එකේදි ගමේ අය ඉදිරිපත් වුනේ උගෙ බයිසිකලේ බේරගන්න...හෙල්මට් එකක් නැතුව ගිය වරදකට ලක්ෂයකට වැඩි වටිනාකමක් තියෙන යන්තරයක් විනාශ වෙන්න දෙන්න පුලුවනෑ...ගම්මු කිව්වෙ බයිසිකලේ තියලා දඩ කොළයක් ලියන්න කියලා....පොලිස් නිලධාරීන්ම තමයි කොලුවට සමාව දුන්නෙ.

      Delete
  26. සිරා පොලිසියෙත් වැඩ කලාද?

    මොන හේතුවක් නිසාද දන්නේ නෑ. කාරෙක එලවද්දි පොලිස් මහත්තයෙක් දැක්ක හැටියේ නිකංම වේගේ අඩුවෙනවනේ. බයට තමා. හැබැයි හය්යෙන් යන හන්දා නෙමේ.:)

    ලිපි සීයට සුබ පතනවා...

    ReplyDelete
    Replies
    1. කාර් එකේ හෙමින් ගියාට මොකක් හරි හොරයක් ඇති ඔය කිව්වට..... නැත්නම් මොකද අප්පා බය වෙන්නේ

      Delete
    2. මේ ලිපියෙ කොහෙ හරි මම එහෙම සදහන් කරලා තිබ්බද ? මම කොහෙ ගියත් තැලෙන පොඩි වෙන පොඩි මිනිහට කන් දෙන එකෙක්...ඒ හින්දයි මේ දේවල් මට සමීප. ඔයා ඉන්න රටේදි වැරදි පැත්තට රථයක් ධාවනය කරපු රථයක ගැටිලා මගේ මිත්තරයෙකුගෙ රථයක් අවසන් ගමන් ගියා...උගෙ දකුණු අතත් කැඩුනා...කොහොමත් නෝනලා වාහන එළවද්දි හදිසියකදී කලබල වෙනවා වැඩියි කියලයි කියන්නෙ...

      සුභ ප්‍රාර්ථනාවට ස්තූතියි...

      Delete
  27. පෙට්‍රල් සුවඳ දිගේ ආවේ ඈ? හෙහ් හෙහ්!

    පොලිසියේ වැඩ කරන මගේ යාලුවෙක් මට හම්බ වුනා පෙරේදා රෑ කොත්තුවක් ගන්න බලා ඉන්න වෙලේ. ඉතින් ආගිය තොරතුරු කතා කලා.

    උඹ දැන් කොහෙද බං වැඩ ? පිටකො‍ටුවෙද?

    මම මචං ..........(පෞද්ගලිකයි)

    ඉතින් කොහොමද පොලිස් කෙරුවාව මේ දවස් වල?

    හයියෝ මචං, උඹලා කියවනවත් ඇතිනේ අපේ ***ගේ පුතාලා කරන වැඩ නේද? හයියෝ බං කියලා වැඩක් නෑ.

    හැම එකාම නරක නෑනේ බං.

    මම නෙවෙයි එහෙම කිව්වෙ ඕං.

    ReplyDelete
    Replies
    1. ඔන්න එක සැරයක් ලංකාවේ ප්‍රසිද්ද රාජමාහා විහාරේක ලොකු හන්දුරු කෙනෙක් මෙහෙඅවිත් මට මුලිච්චි උනා පන්සලේදී .....
      හාන්ඳුරුවෝ මට කිව්වා මහත්තයා දැන් මෙහෙ කාලයක් ඉන්න නිසා මට කියන්නකෝ දැනට මෙහෙ තියෙන අලුත්ම මෝඩල් එකේ හොදම පොන් එක මොකද්ද කියලා .... මට අපේ ගමේ ප්ලෝසියේ ලොකු මහත්තයට තෑග්ගක් හැටියට ගිහින් දෙන්න කියලා.... ඔන්න ඊට පස්සේ හාන්දුරුවෝ කියනවා හරිම හොඳ මහත්තයා හොන්දම බෞද්දයා... අගමටයි පන්සලටයි මටයි හරිම හිතවත් කියලා .....
      ඕක අහගෙන හිටපු එතන හිටිය තව හාමුදුරු කෙනෙක් අර හාමුදුරුවෝ යනකම් ඉදලා මට කියනවා මමත් ඔය ගමේම පන්සලකම තමයි. ඒ උන්නාන්සේට හොඳ උනාට ඔය පොලිස් කාරයා මහා පාගා මරුවා දෙස්පලකයෝයි අනික් ගමේ ලොක්කන්ට ඕන හැටියට විතරයි එයා වැඩ කරන්නේ ගමේ සාමාන්‍ය මිනිස්සුන්ටනම් ඔය මිනිහව පෙන්න බැරිය කියලා

      ඔන්න බලන්න එකම පොලිස් කාරයා ගැන දෙන්නෙක් කියන කතාවේ හැටි

      Delete
    2. කොත්තුවක් ගන්න ගිහිල්ලා හිටියෙ කියලා හොදටම විශ්වාසද ? දුඹුරු පාට ද්‍රාවණය සහිත බෝතලයක් පොඩි මේස කොටයක් උඩ නග්ගලා ඒක වටේ නෙමේද ඔයත් යාලුවත් හිටියෙ...ඕනෙ තැනක ඉතිං හොද සහ නරක තියෙනවා නොවැ....

      රාළෙ පොලෝසියෙ අය විතරක් නෙමෙයි අනෙක් කෙනෙක් උනත් තව කෙනෙක්ට හොදයි තව කෙනෙක්ට නරකයි.

      Delete
  28. 100 ට සුබ පැතුම් සිරා මල්ලි..
    කොතැන ඉන්නෙත් මිනිස්සු..හොඳ පොලිස් නිළධාරීන් හැමතැනමත් ඉන්නවා. කවුරුවත් ඒ ගොල්ලන්ගෙ පැත්තෙන් වෙන දේවල් හිතන්නෙ බලන්නෙ නැති කම නිසා හැම වෙලාවෙම ඇති වෙන්නෙම ගැටුම තමයි...

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ මේ පොලීසියෙ ඇත්තො පොඩි මිනිහට ගෞරවයක් නැති විදියට කථා කරන නිසාවෙන් තමයි ගොඩාක් ප්‍රශ්න ඇතිවෙන්නෙ...හැම කෙනාටම සුහදව ආමන්ත්‍රණය කලා නම් දඩ කොළය ගන්න උනත් අපේ උන් පැකිලෙන එකක් නෑ.

      Delete
  29. සියවැනි ලියවිල්ලට සුබපැතුම් සිරා ..

    පොලෝසිය නම් අපේ හොඳා කියලා හිතෙනවා සමහර රටවල අය දැක්කම . ඔතෙන්ට යන්නේ නරක මිනිස්සු නෙමේනේ . හොඳ තරුණයෝ .තැනෙ හැටියට ලොක්කන්ගේ හැටියට පාඩම් වෙලා එන්නේ පස්සේ .අනික හැමෝම නරකත් නැහැ . හුඟාක් හොඳ වෙලා ඒගොල්ලන්ට පවතින්නත් බැරුව ඇති. .අව්වේ වැස්සේ ඒ මිනිස්සුත් කරන වැඩේ සුළුවෙන් තකන්න බැහැනේ . සමහරු නම් ඉන්නවා අහිංසකයින් දැක්කම ලොකු කම් පෙන්නන

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබ තුමියටත්...

      අර අහිංසකයන්ට ලොකු කම පෙන්වන උන් අවම කරගත්තා නම් පොලිසියට මහජන සහයෝගය තාමත් ඉහළින්ම ලබාගන්න පුලුවන්...මැලේසියාවෙ පොලිසියට වඩා නම් අපේ අය සෑහෙන ඉදිරියෙන්...මෙහෙ අය ජරාව කන්න රුසියො...

      Delete
  30. සිරාගේ සීයට හතේ හතම වැදිලා දෙසීයක් වේවා.. ජය වේවා සිරා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දේශකයා...හතේ හත වැදීගෙන යද්දි සීය / දෙසීය / තුන්සීය වගේ කඩඉම් පහුවේවි. ඒත් එච්චර කාලයක් මම බ්ලොග් ලියාවිද කියලා ෂුවර් එකක් නෑ...අද ඉන්න මිනිහා හෙට නැතිකොට බ්ලොග් වලට මොනවා වේවිද කොහොම කියන්නද...

      Delete
  31. සියට සුබපැතුම්..............!!!!!!!!!!
    කේක්ද...?බෝතල්යක්ද දෙන්නේ....?
    පොලිසියේ අයට ජරාව දීලම, උනුත් දැන් හොයන්නෙම ජරාව.
    නීතියට හරියට වැඩ කරනවනම් ඉවරයිනෙ......

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ...ජරාව දෙන්න උත්සාහ නොකර දඩ කොළය අතට ගත්තා නම් වැඩේ අහවරයි...එත් පිට පළාතකදි දඩයක් කෑවම ඒක ගෙවලා ලැයිසොම ගන්න ආයෙත් එහෙටම යන්න වෙන නිසයි ගොඩාක් අය ජරාවක් හරි ගෙවලා ෂේප් වෙන්න බලන්නෙ.

      Delete
  32. සීයට සුබ පැතුම් සිරෝ, සිරෝසිස් හැදෙන්න බීලා සමරන්න ඕන. මන්ජුවා බේරගන්න අඳුනන්නේ නෑ කියලා උඹ පොලිස් කාරයින්ට චා වෙච්ච වෙලාවේ උඹේ මූන බලන්න තිබ්බනම් කොච්චර සිරාද කියලා හිතුනා සිරා

    ReplyDelete
    Replies
    1. ඒ උනාට ඉවා අයියෙ පොලිස් මහත්තුරුන්ට ඔයවාගෙ බයික් පෙන්නන්න බෑ බං. කාගෙ වැරැද්දද දන් නෑ ට්‍රේල් නම් අරහං !!
      අනිත් ඒවත් ඈත සද්දෙ ඇහෙද්දිම මග බලං ඉන්නෙ අත දාන්න . මම නං හෙඩ්ලයිට් පාරක් ගහලා කියනවා ඉස්සරහ එන උනට. වැරදි හොය හොය ලියනව බං ඔක්කොම තිබ්බත් !!

      ඕක ගැන මට තියන විවේචනය ටිකක් නරකයි.
      මෙතන කියන එක අපහාසයක්නෙ.නොකිය ඉන්නම්
      පුලුවං අය හිතාගන්නැතැයි :-)

      Delete
    2. උඹ මේ මගුලක් කථා කරනවා...චා උනත් මම ඒක ලස්සනට බිමට හරෝගත්තා කූඹියෙක් කකුල කෑවා කියලා...බොලා බයිට් එකට යමක් ගේනවා නම් බෝතලේ අරන් මම එන්නම්...ඔය රාළයටත් එන්න කියමු...

      Delete
  33. ගොඩක් හොඳ ලිපියක් අයියේ...

    පොලිසියේ හොඳ නරක දෙගොල්ලම ඉන්නවා..අයියගෙ ලිපියෙ තියන කරුණු වලට මම එකඟයි...හැබැයි ඒ වගේම ලොකු ලොකු වාහන වල යන අයට සැලුට් කරලා පොඩි වාහන වල යන අයට සත්තම් දාන අය නම් මට පේන්න බෑ...හිතන්නකො අපි ප්‍රශ්නයක් වෙලා පොලිසියට ගියා කියලා...වැරැද්ද කරපු එකාට බල්ලන්ට වගේ බැන බැන ඉන්න පොලිස් රාලහාමිලා එක කෝල් එකෙන් බලු වෙන අවස්ථාත් තියනවා...අනික තමයි ඒ මහත්වරුත් පොඩි මිනිහට "වරෙං පලයං"තමයි...ඔය විනීතකමට කතාකරන්නත් ලොකු පොඩි වෙනස බලපානවා එයාලට..මට නම් හිතෙන්නෙ සල්ලි වලට බලයට ඔක්කොම යටයි කියලා

    ReplyDelete
    Replies
    1. අමතක උනා 100 කුත් ලියලනෙ අයියා....සුබ පැතුම් ඈ..!

      Delete
    2. ස්තූතියි....ඔයාගෙ කමෙන්ටුවෙ තියෙන අදහස් ඇත්තයි. දැන් දැන් මේ අවිනීත කම නැති කරන්න විශේෂ වැඩමුළු පවා ක්‍රියාත්මක වෙනවලු...පොලිසිය සහ ජනතාව අතර සහයෝගය වැඩි දියුණු කරන්න. මොකද ජනතාවගේ සහයෝගයක් නැතුව පොලීසියට තමන්ගෙ කටයුතු නිසිආකාරව කරන්න අමාරුයි.

      Delete
  34. පොලීසියෙ ඉන්න හැම එකාම නරකත් නෑ. හැම එකාම හොඳත් නෑ තමයි. හෙඳ එවුවො හිටියත් උං නරක් කරගන්නෙත් අපේ එවුවොම තමයි. ඒක පොලීසියෙ විතරක් නෙමෙයි ලංකාවෙ කොයි ආයතනෙත් එහෙමයි.
    අන්තරාදායී රිය පැදවීමකට නඩු දාන්න පුලුවං කම තියෙද්දිත් රුපියල් 500 ක දඩ කොළයක් දීල ඇරිය කවදාවත් දැකල නැති රාළහාමි කෙනෙකුත් මට හම්බඋනා. නඩු දැම්මනං දඩේ දහන්නෙත් රුපියල් 1000 යි. ඒත් ඒක ගෙවන්න ගොඩකවෙල ඉඳල වැල්ලවායට යන්න වෙනව.

    උඹේ ලිපි 100 ට සුබ පැතුම් ! දිගටම මේ වගේ ලියන්න හැකියාව ලැබේවා !!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අයියා.....වතාවක් ඔය වගේ මම අදුනන ත්‍රී රෝද රථ රියදුරෙක්ට දඩයක් ගහලා ඒකා පොළවෙ පස් කනවා රාළහාමි ඉස්සරහා අනේ අඩුවෙන් ගෙවන්න දඩයක් ගහන්න කියලා...ඒ ගමන රාළහාමි කිව්වා එහෙනං ටිකක් රෑ වෙනකං ඉන්නවා කියලා....ඒ දවස් වල පාක් ලයිට් නැති කේස් එකටද කොහෙද දඩය 150/- ඒක ගහන්න තමයි ඉන්න කිව්වෙ..

      Delete
  35. දවසක් සිරා අයියලගෙ ගෙවල් වලට ටිකක් එහා මාකවිට හරියෙ පාරෙ හිටපු පොලිස් රාලහමිල දෙන්නෙක් කෙලගෙන ආව ආපේ ගෙවල් පාරෙ, ඇවිත් අහනව කොල්ලෙකුයි කෙල්ලෙකුයි අවෙ නැද්ද මෝටසයිකලයකින් මේ පැත්තෙ කියල, එතකොට අපේ පැත්තෙ ගෑණු කෙනෙක් කිව්ව මෙතනින් බයිසිකලේ දාල වත්ත පහල වෙල පිටිපස්සට දුවනව කියල, අපිත් ඉතින් රාලහමිල දෙන්න එක්ක ගියා සීන් එක බලන්න...බලද්දි උන් බයිසිකලේ අපේ ගෙදරට අල්ලපු ගෙදර ලග මඩුවකට දාල වත්ත පිටිපස්සෙ වෙලේ වතුරෙ තියන හබරල ගාලකට රින්ගල, රාලහමිල දෙන්න උන් දෙන්නව කුදුලන් ඇවිත් බලද්දි කොල්ලට ලයිසන් නෑ අවුරුදු 20ක 22ක විතර එකෙක්, කෙල්ලත් 19ක් විතර ඇති..අන්තිමට ගෙවල් වලට කෝල් කරල විස්තරේ කියල කෙල්ලවනම් ගෙදර යැව්ව..කොල්ලව අර පොලිස් යුනිෆෝම් එකේ අත ලග තියන ලනුවක් වගේ එකක් ඒකෙන්ම අත් පිටිපස්සට කරල බැදල පොලිසියට අරන් ගියා..පොලිස් රාලහමිත් කිව්වෙ නවත්තන්ඩ සංඥා කරපු වෙලාවෙ නවත්තල විස්තරේ කිව්වනම් සහනයක් දෙන්න තිබ්බ කියල..ඒත් රාලහමිල දෙන්නව මහන්සි කරපු නිසා අනිව නඩු දානව කිව්ව :D

    100ට සුබ පැතුම්.. :)

    ReplyDelete
    Replies
    1. එහෙනං අපේ මංජුවා පස්සෙ පන්නපු ඩබලමද මන්දා...ඒ දෙන්නා 119 යටතෙ හිටිය දෙන්නෙක්...මාර්ගයේ සංචාරය කරද්දි ඇමතුමක් ලද සැනින් අදාළ කෙනා පස්සෙන් යනවා...මොනවා උනත් පවු නේද බන්..කොල්ලා කොටුවක් පනින්න ගිහිල්ලද මන්දා...

      Delete
    2. ලොක්කනම් කළුයි අවුරුදු 35ක 40ක පෙනුමක් තිබ්බෙ..අනිත් එකා 28ක් වගේ තමා මෑන්ස් ටිකක් සුදුයි..ඔයා කියන ඩබල වෙන්නත් පුලුවන්....පවු කියන්නත් බෑ නේද ඉතින් නවත්තන්න කිව්වම ඒක ගනන්ගන් නැතුව ගියාම, අනික කොල්ලට ලයිසනුත් නෑ බයික් එකත් වෙන එකෙක්ගෙ...

      Delete
  36. පොලීසියේ උදවිය ගැන මාගේ බලවත් කණගාටුව.... උබ කොච්චර කිවුවත් සිරෝ.... හොද උන් ඉන්නව පොලෝසියෙ... බට්.... කාලකණ්නි හත්තවල් තමා වැඩි... ඒකට උන්ට බැනල වැඩක් නෑ... ලොකු උන්ට තමා බනින්න ඕන.... අනික තව දෙයක් තමා...



    "වතුර ගලා යන්නේ පහල තැනිනි"

    ReplyDelete
    Replies
    1. උඹේ අන්තිම වදන මේ විදියට කියමු පහත් තැනින් යයි ගලා ජලේ...අන්න ඒ නිසයි පොලීසියෙ පහළ ඇත්තො සමහර අහිංසකයන්ට පුස් පාට් දාන්නෙ...තමන්ගෙ හිතේ තියෙන පීඩනය මුදා හරින්න...

      Delete
  37. සිරා පොස්ට් 100ක් ලිව්ව, සිරා ට සිරාවටම සුභ පතනවා.....

    පොලිසිය ගැන කියනවනම් කියන්න තියෙන්නේ අර අලියව අතගාල අලියා මොනවගේද කියපු අන්දයෝ 5ස් දෙනාගේ කතාව වගේ තමයි ..... තව පැහැදිලි කරනවානම් පොලිසියෙන් පරිප්පු කාපු අය සහ ජරා වැඩ දකින අය පොලිසිය නරකයි කියනවා ... පොලොසියෙන් උදව් ලැබුන හා සොමියට බර පොලිස් යාලුවෝ ඉන්න අය පොලෝසිය හොඳයි කියනවා.......
    මගේ මතයනම් මෙහෙ පොලිසිය එක්ක ගත්තම ලංකාවේ පොලිසිය තාමත් හොඳ මට්ටමක ඉන්නවා

    ReplyDelete
    Replies
    1. අපේ මැලේ රාළට බොහොම ස්තූතියි...

      මෙහෙ පොලිසිය ඉතිං ජරා පප්පලා නොවැ...අතේ සල්ලි නැත්තං ෆෝන් එක හරි එහෙමත් නැත්තං රිංගිට් 10 ටත් යන්න දෙනවා කියන්නෙ ....අපේ පොලිසියෙ අගය මටත් මෙහෙ ආවට පස්සෙ තමයි වැඩියෙන් දැනුනෙ...

      Delete
  38. පොලිසිය වැඩිපුර බැනුම් අහන්නෙ වැරදි කරලා අල්ලලා නෙවෙයි සිරා.. එයාලගෙ ඔය ලොකු පොඩි කේස් නිසා... බයිසිකල් කාරයෙක්ට බයින තාලෙයි පැජරෝ කාරයෙන්ට කතා කරන තාලෙයි දෙකක් නිසා... පගාව ගැන නං පොලිසියට බැනලා වැඩක් නෑ.. මං බයින්නෙත් පගාව දෙන අයට.. නොදෙනවා නං ගන්නෙ කොහොමද... වැරදි නොකරනවා නං පොලෝසියට අහුවෙන්නෙ මොකටද.... ( වැඩිපුර මගෙන් බැනුම් අහන්නෙ අපේ මහත්තය ඔය සම්බන්ධව..)

    100 ක් ලියද්දි තේරෙනවනෙ කොහොමද රඟේ කියල... හි හි... ඔහොම යං....

    ReplyDelete
    Replies
    1. //වැඩිපුර බැනුම් අහන්නෙ..// එච්චරටම වැරදි කරනවද මිස්ටර් හිරූ.....!

      Delete
    2. ඇත්ත ඇත්ත.ලොකු පොඩි භේදයක් නැතුව හැමෝටම ගෞරවණීය විදියට ආමන්ත්‍රණය කලා නම් පොලීසිය සහ පොඩි මිනිහා අතර ගැටුමක් නෑ...අපේ මහත්තයා වැඩිපුරම බැනුම් අහන්නෙ වැරදි කරලා පොලෝසියට පගාව දෙන්න ගිහින්ද ?

      Delete
  39. පෝස්ට් සීයට පහක් දාන්නම් ..සිරා.

    පොලීසිය ගැන කිව්වහම මට මීට ටික කලකට පෙර වෙච්ච සිද්දියක් මතක් වුනා. ඒ දවස් වල මම බත්තරමුල්ලට යන්න බස් එකට නගින්නේ නුගේගොඩින්. දවසක් ඩ්‍රයිවර් ලග හිටගෙන ඉන්නකොට (දවල් 1 ට විතර ) පොලිස් අයියා කෙනෙක් ඇවිල්ලා කොක්ක, රතු වැටිලා තියෙනකොට ආවා කියල. ඩ්‍රයිවරුත් මුලදි කොක්කට ගිහිල්ලා පස්සෙ දඩ කොලයක් ලියාගෙන ආවා. බස් එකේ හිටපු පොරක් කිව්වා "අපරාදෙනේ දඩ ලියා ගත්තෙ, තව ටිකක් ඌව චාටර් කලා නම් යන්න දෙනවා" කියල. එතකොට ඩ්‍රයිවර් කියනවා, "මොනවා කරන්නද මහත්තයා මන් ඉවසුවා, අපි දෙන්නම වැඩ කරන්නෙ ගිනි ගොඩක් ලගනෙ" කියල.

    ඇත්ත, බස් ඩ්‍රයිවර් දවසම එන්ජිම ලග, පොලිස් රාළහාමි දවසම ගිනි ගන්න තාර පාරෙ.

    ReplyDelete
    Replies
    1. පහට දහයක් දාමු ඇල්බන් ලොක්කො....

      අන්න නිසි විදියට පොලිසිය තේරුම් ගත්ත රියදුරෙක්...හැමදාම අව්වෙ චා වෙද්දි...ඉදලා හිටලා ඊටත් වඩා චා සිදුවීමක් දෙකක් වෙද්දි..ඒ අයට රැකියාව තිත්ත වෙනවත් ඇති...

      Delete
  40. Ade me 100 da? Menna bokkenma. Suba pathum sira.

    Polisiya gana nam matath thiyenne yahapath aakalpayak nam neme. Eth sirage kathavata ekagai.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රියා....

      අදින් පස්සෙ වත් යහපත් ආකල්පයකින් බලලා ඒ අය එක්ක යමක් කථා බහ කරන්න අවස්ථාව ආව දවසක සුහදව කථා කරලා බලන්න..වෙනසක් තියේවි අදට වඩා...

      Delete
  41. ලිපිය නම් කියෙව්වේ නැහැ වෙලාවක් නැති නිසා.
    අවුරුදු දෙකක් කිට්ටු වෙන මගේ ලිපි කියවිල්ලට උඹේ ලිපිත් දිගටම කියෙව්වා.
    සෙන්චරියට බොක්කෙන් පැතුම්,.,.!
    දිගටම ලිවීමට ශක්තිය පතමි...!

    ReplyDelete
    Replies
    1. කෙන්ජි අයියත් මුල ඉදලම සිරා කොලුවට දුන්න සප් එකට මගෙත් ප්‍රණාමය..

      බොහොම ස්තූතියි ප්‍රාර්ථනාවට....හැකි තරම් කල් ලියමි.

      Delete
  42. සීයට සුභ පැතුම් !!! ඇත්තටම සිරාගේ මේ නොවෙනස් ගතිය වටිනවා. ඒ කියන්නේ හතේ හත.

    පොලීසිය කියන්නෙත් ලාංකික ජන සමාජයේ පැතිකඩක්. ඉතිං එතනින් ප්‍රංශයේ හෝ ජපානයේ පොලිස් සේවාවක් බලාපොරෝත්ත්තු වෙන්න බෑ. අපේ ජනතාවට ගැලපෙන්න තමයි පොලීසිය හැදිලා තියෙන්නේ. අපි ලෝකයක් දේවල හරියට තියෙන්න ඕනේ කියලා තර්ක කරලා වැරද්දක් කරලා පොලීසියට අහු වුණාම බනිනවා. ඒ අයට එයාලගේ රාජකාරිය කරන්න ලැබෙනවා නම් කරදරක් නැතුව එයාලත් මීට වඩා හොඳ වෙයි. පාරේ ඉන්න ට්‍රැෆික් රාළහාමිලා දැක්කම මාර දුකක් ඇති වෙන්නේ. ඒ වුනාට උදේට අතුරු පාරවල් වලින් එන වාහන වලට ඉඩ දෙන්න ප්‍රධාන පාර නවත්තලා තියෙන කොටනම් තද වෙනවා.

    ReplyDelete
    Replies
    1. හතේ හත රැක ගන්න සෑහෙන සටනක් දෙනවා...මට ජාලය නැතිව ගිය මාස වල වේලාසනනම 7 ලියලා පූට්ටු කරලා තිබ්බ නිසා ඒ රටාව බේරගත්තා....

      ඔයා දන්නවද ඔය මහා මාර්ග වල සේවය කරන බොහෝ රථ වාහන හසුරුවන නිලධාරීන්ට වාහන දුම නිසා ශ්වසන ආබාධ ඇතිවෙලා තියෙන බව...එහෙම බැලුවම ඒ අය තමන්ගෙ ජීවිතයත් පොදු ජනතාව වෙනුවෙන් කැප කරලයි තියෙන්නෙ...

      Delete
  43. මුලින්ම සියට සුබ පැතුම්.මම මුලින්ම බලපු බ්ලොග් එකත් සිරාගේ එක තමයි කලිනුත් කිවා වගේ.

    පොලිසිය ගැන නම් සිරෝ කතා කර වැඩක් නැහැ,පුදුම කලකිරීමක් තියන්නේ.මැරිච්ච මිනියෙන් පවා හම්බකරන් කන්න උත්සහා කරන යක්කුත් ඕකේ ඉන්නවා.හොද අය නැතුව නොවේ නමුත් බහුතරය අර වගේ තමයි.

    ReplyDelete
    Replies
    1. හැමදාම කාමරයට යන එන කෙනෙක් විදියට උඹේ කමෙන්ටුවත් මට සෑහෙන සුපුරුදුයි දැන්...

      බහුතරයක් හොද අය...සුලුතරය තමයි නරක...නමුත් අපේ සමාජයේ හොදට වඩා නරකට ප්‍රචාරය වැඩි නිසයි බහුතරය නරකයි කියලා අපිට දැනෙන්නෙ...

      Delete
  44. මුලින්ම මලේ උබගෙ 100 ට සුබ පැතුම්..මේ ටික මුලින්ම කියල ඉන්නම් ඈ....මම පොලිස් නිලදාරියෙක් නෙමෙයි ඕ....න්..නමුත් මම දැකල තියන සමහර විදේශ රටවල පොලිස් නිලදාරින්ට වඩා අපේ අය ටිකක් හොදයි.විශෙශයෙන් අනිත් ආසියානු රටවල අයට වඩා.මම මෙ අයගෙ වැරදි ඕන තරම් දැකල තියනව.නමුත් දැකපු එක හොදක් හරි කියන්න එපායැ..මම මුලින් රැකියාව කරපු ආයතනයෙදි මුලු රටේම තියන රෝහල් වලට යන්න ඕනෙ රාජකාරී වැඩ වලට..එක දිනක් මම මාතර රෝහලට යනව ඇත්තටම මම නිදාගෙන ගියේ වෑන් එකේ.මිරිස්ස හරියෙ යතුරු පැදියක් අනතුරකට ලක්වෙලා.ඒකෙ ආපු තරුනයට සෑහෙන්න අමාරු වෙලා තිබුනෙ.නමුත් කවුරුවත් වාහනයක් නවත්තල නැහැ මෙයව හොස්පිටල් ගෙනියන්න.සමජ සාදාරනේ කතාකරන අපේ හැටි එහෙමනෙ..අපේ වාහනේ එතනට එනකොටම වගේ පොලිස් යතුරු පැදියක් ආව.අපිත් ඉතින් නැවැත්තුව බලන්න.එතකොටම පොලිස් නිලදාරි මහත්තයෙක් අපි ලගට ඇවිත් ඉතාම කාරුනිකව මගෙ රියදුරාගෙන් ඇහුව,මහත්තය මේ කොල්ලට අමාරුයි මේකගෙ ජීවිතේ බේරගන්න ඉක්මනට හොස්පිටල් එකට ගෙනියන්න උදව්වක් කරන්න පුලුවන්ද කියල.මේක ජීවිතයක් පිලිබද ප්‍රස්නයක්නෙ.අපෙ ආයතනයෙ නීතිය තමයි පිට කෙනෙක් ආයතනයෙ වාහන වල ගෙනියන්න බැහැ.එහෙම උනොත් යන නිලදාරිය වග කියන්න ඔනෙ.ඩ්‍රයිවර් මගෙ දිහා බලපුවහම මම ඕන ..........ක් කියල දාගම්මු කියල කිව්ව.පස්සෙ අර පොලිස් නිලදාරි දෙන්න එතන ඉදන්ම රොහල් පොලිසියට කතා කරල බයිසිකල් එකේ සයිරන් එක ගහගෙන අපිට ඉස්සරහින් පාර ක්ලියර් කරගෙන ගියා.අපිත් ඉතින් ඇමතියෙක් යනව වගෙ හොස්පිටල් එකටම ගියා.ඒ වෙනකොට රෝහල් පොලිසිය රොහලට දැනුම් දීල එතන ඕන කටයුතු සූදානම් කරල.ලෙඩාගෙ වගකීමත් පොලිසියම බාර ගත්ත.අපිට නොසෑහෙන්න ස්තූති කලා.අපිත් ඒ පානෙන්ම එලිය බලල ඉක්මනටම ගියවැඩේ කරගෙන කොලබ ආව.මම කියන්නෙ දැන් අලුතින් ඉන්න පොලිස් නිලදාරින් බහුතරයක් හොදයි....අර කිව්ව වගෙ 45න් ඉහල.....?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියෙ....මම ඉන්න රටෙත් පොලීසිය බොහොම ජරා පප්පලා...වීසා නැති කොල්ලෙක් එහෙම අහු වුනොත් ඌව සුද්ධ කරලා යවන්නෙ....ෆෝන් එකක්වත් ආපහු දෙන්නෙ නෑ...

      මම හිතන්නෙ ඔය 40 පැනපු අය තමන්ගෙ පොලිස් සේවය ඇතුලෙ නිසිආකාරව උසස් වීම් එහෙම ලබලා නැත්නම්...අද ඊයෙ පොලිසියට ආව තරුණ නිලධාරීන්ට සැලියුට් එක ගහලා ඉන්න වෙන සිදුවීම් වගේ දේවලට කෝපයෙන් ඉන්නවද මන්දා....

      Delete
  45. //ඒත් පොලීසියෙ තාමත් බහුතරයක් ඉන්නෙ ඉතාම අවංක නිලධාරීන් කියන එක අපි අමතක කරන්න නරකයි.// මේ කතාවට මමත් එකඟ යි. අදටත් පොලිසියේ විතරක් නෙමෙයි අනෙකුත් ක්ෂේත්‍රවලත් බහුතරයක් ඉන්නේ අවංක උදවිය. නමුත් ලංකාවේ හුඟක් වෙලාවට සුළු දෙනෙක් වැරදි කරා ම අනිත් අය ව මනින්නෙත් ඒ මිම්මෙන්. ඒ නිසා තමයි පොලිසිය ගැන වැරදි අදහසක් මිනිස්සු අතර තියෙන්නේ.

    100 වැනි පෝස්ටුවට මගේ උණුසුම් සුභ පැතුම්! දිගට ම බ්ලොග් අවකාශයේ රැ‍ඳෙමින් ලේඛන කටයුතු කරගෙන යන්න ශක්තිය ධෛර්ය ලැබේවා!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ධාරා...

      මොකද පොලෝසියේ බහුතරයක් ඉන්නෙ නරක අය නම් ලංකාවෙ සිවිල් ජනසමාජයට එය තදින්ම දැනෙනවා...අපරාධ රැල්ල වේගයෙන් ඉහළ නගිනවා...

      Delete
  46. පොලිස් ඇඳුම ඇඳගත්තට ඒ ඇඳුම ඇතුලෙත් ඉන්නේ සමාජයේ ඉන්න තවත් එක මනුස්සයෙක්... ඒ නිසා එයාලා අතින් වුනත් හරි වැරදි දෙකම වෙන්න පුලුවන්.. මමත් විශ්වාස කරනවා බහුතරය ඉන්නේ හොඳ අය කියලා...

    පොස්‍ටු 100 වෙනුවෙනුත් සිරා අයියට උණුසුම් සුබ පැතුම් එක්කරනවා...

    මගෙත් ප්‍රියතම බ්ලෝග් පි‍ටු අතරින් එකක් තමයි මේක... බ්ලොග් අවකාශයට හැමවෙලාවකම හරවත්, රසවත් යමක් එකතු කිරීම අගයන්නත්, දිගින් දිගටම ඒක පවත්වාගෙන යන්න අවැසි නිදහස් මනසක් ලබන්නත්, සුබ පැතුම් එක්කරන්න මේක අවස්ථාවක් කරගන්නවා..

    ReplyDelete
    Replies
    1. අදහසට සහ ප්‍රාර්ථනාවට බොහොම ස්තූතියි නගෝ...කාට හරි ප්‍රයෝජනවත් දෙයක් වැඩිපුර ලියන්න තමයි මගේ කැමැත්ත එදා ඉදන්ම තිබුනෙ...ඉදිරියටත් එය එසේම වේවි....

      Delete
  47. සිය වෙනි පෝස්ට් එකට සුබ පැතුම් මිත්‍රයා. තවත් ලොකු දුරක් යන්න සුබ පතනවා. ජය෴෴

    ReplyDelete
    Replies
    1. කාමරයට සාදරයෙන් පිළිගන්නවා...අදහසට ස්තුතියි මිත්තරයා...

      Delete
  48. ඔබේ කතාව සහතික ඇත්ත. මගේ හොඳම යාළුවා පොලීසියේ ඉන්න නිසා මම ඔය කරුණු හොඳට දන්නවා. මාර්ග නීති කැඩීම් නම් අවංකව හොඳින් කථා කලොත් බේරෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. මම දවසක් වාහනේ කිසිම ලියවිල්ලක් නැතුවත් පොලෝසියට මාට්ටු වෙලා තියෙනවා...එදත් එතන හිටිය උසස් නිලධාරියා පොලෝසියට ඇවිත් ලියකියවිලි පෙන්වලා පොලිස් පොතේ පැමිණිල්ල ලියවෙන එක වළක්වාගන්න කිව්වා...එච්චරයි...

      Delete
  49. Sira ayye paththara mallita moko job eke wagakeem natte paththara bedaddi.. .seethata weulanawa wassata themenawa,aithikaaraya baninawa welawata awe nathoth,paththara parakku nam gewal walin complain,paththara barata accident wenawa,mewa dakiddi sira ayye policiye ayage wagakeem monada.paththara malli me presure eka pita karanna gaththoth policiyata hapan wei..baka baka.. neda paththara malliiiii,ehemai kiyala meya pita karanawada?na ne.job eka hodata karanawa,well done paththara malliiiiii

    ReplyDelete
    Replies
    1. පත්තරයා තාම පරණ පුරුදු විදියට පුෂ් බයිසිකලේ බන් පත්තර බෙදන්නෙ...ඔය මෝටර් සයිකල් පදිනවා කියන්නෙ අරයා බලන් යද්දි...

      Delete
  50. සිරා සහෝදරයගෙ 110 වෙනි පොස්ටුවට...සුබ පතන ගමන්ම..ජෙමාට ඉස්සරහට යන්න දීපු තල්ලුවත් මතක් කරනව...පොලීසියෙ මහත්තුරැ ගන විතරක් නෙමේ..ලංකාවේ බොහෝ දූෂණ වංචාවල් වෙනවයි කියන..හුගක් තැන්වල ටිකක් ඇතුලට එබිකම් කරල බැලුවොත් සිස්ටටම් එකේ වැරැද්ද මිසක් ඒකට අදාල මිනිස්සුන්ගෙ වැරැද්දක් නැති බව පෙනෙයි...මම රජයේ ආයතනයක වැඩ කලා කාලයක්....ඒකේ පල්ලෙහාම ඉන්න එකාට තමයි අන්තිමේ පීඩනය පාස් වෙන්නෙ..ඩිරෙක්ටර්ට බඩේ අමාරැවක් හැදුනොත් බඩයන්නෙ පියන්ට...පොලීසියෙ මහත්තරැන්ට ඕවගේ පුහ්න තියෙනව..කොස්තාපල් මහත්තය ලොක්කගෙ වත්ත සුද්ද කරන්න ඕන..ගෑනි ෂොපින් ගෙනියන්න ඕනෙ..මාසෙ අන්තිමට අතට එන සොච්චමෙන් දාහක් දේවල් කරන්න..ඕනෙ...ඉතින් ඔය අතරෙ මානුෂික වැරදි වෙන එක සාමාන්‍ය දෙයක්

    ReplyDelete
    Replies
    1. 110 නෙමෙයි ජෙමෝ 100 වෙනි පෝස්ටුව...පෝස්ටුව උඩින් තියෙන ඉලක්කමෙන් කියන්නෙ තියෙන කමෙන්ට් ගණන...මගේ පාසලේ තවත් සහෝදරයෙකු බ්ලොග් අවකාශය තුල හමුවීම ගැන බොහොම සතුටුයි..ඔබේ පෙරමග පැහැදිලියි....ඔබේම කියලා අනන්‍යතාවක් උඹ ලියන ඒවයෙ තියෙන නිසා අනිත් ඒවා අතරින් උඩට මතුවෙන්න ලේසියෙන් පුලුවන්...

      ඔබේ කථාව සමග මමත් එකගයි...ඒ සිස්ටම් එක වෙනස් කරන්න සපුමල් කුමාරයාම එන්න ඕනෙද දන්නෙ නෑ...

      Delete
    2. මම 100 කියල තමයි ටයිප් කලේ වැඩිපුර එකක් වැදිල...උඹ 1000 ක් ලියන දවසටත් මේ වගේම කමෙන්ටුවක් දාන්න ලැබේවායි පතනව..ජය

      Delete
  51. උබ කියන්නැහේ පොලිසි වල හොද උනුත් ඉන්නවා එකෙක් දෙන්නෙක් .. බහුතරයක් ජාරා පප්පෝ බං, සමහර විට උන්ට හම්බ වෙන පඩිය මදි ඇති ජිවත් වෙන්න.. මම දන්නා පොලිස් කාරයෙක් ඉන්නවා මිනිහා මෝටර් බයික් එකට පැට්‍රල් ගහ ගන්නෙම සුළු වැරදි වලට අල්ලාගෙන එන මිනිස්සුන්ට කියලා , එතැන තියෙන ෂෙඩ් එකට වැරදි කාරයෝ හිටි ගමන් පෝලිමේ එනවලු පැට්‍රල් බිල් තුන්ඩු අරගෙන යන්න සල්ලි දීලා ..

    100 ට සුබ පැතුම් සිරා

    ReplyDelete
    Replies
    1. තමන්ට ලැබෙන සොච්චමෙන් ජීවත් වෙන්න බැරි හින්දා තමයි ඒ අය එහෙම කරන්නෙ...මෙහෙ (මැලේසියා) පොලිසියත් ජරා පප්පලා...අපේ අය ඊට වඩා හොදයි...මේ අය පිටරැටියන්ගෙන් තමයි ගාන කපන්නෙ...ඒක රටක් විදියට සෑහෙන ගැටලුවක් නිසා රජය ලගදි පොලිසියෙ පඩි වැඩි කලා කියලත් ආරංචියි.

      Delete
  52. Replies
    1. සූ සූ ගාන්නෙ මක්කෙයි...කෙල්ලෙක් වත් දැක්කද...

      Delete
  53. 100ට සුබ පතමි! //ඒ ඉලක්කය කරා මා රැගෙන ගියේ කාමරයේ ලෑලි දොරට තට්ටුව දමා නිතරම මෙහි පැමිණෙන පාඨක ඔබ සහ සහෝදර බ්ලොග් කරුවන්ය...// ඇයි ඉතින් මේක ලිව්වේ අපි නෙමේ ඔබ නේ :-)

    ReplyDelete
    Replies
    1. පැතුමට තුති...බොලා ඇවිල්ලා දිරිමත් කොරපු නිසා තමයි මෙච්චර දුරක් ආවෙ කියලයි කිව්වෙ..

      Delete
  54. ඉස්සෙල්ලම 100 සුභ පැතුම්.
    ලන්කාවෙ පොලිසිය ගොඩාක් දක්ශයි.උවමනාව තියෙනවනම් ඔන එකක් අල්ලනව.රටවල් ගනනාවක පොලිසිවලට අල්ලන්න බැරිවුන කෙස් අල්ලල තියෙනව.එ වගෙම ලසන්ත වගෙ හොයානොගත්ත එවත් තියෙනව.

    ReplyDelete
    Replies
    1. සුභ පැතුමට ස්තූතියි... ඔබ කියන ඔය කාරණේ නිසා තමයි කෙහෙල් කැනක් වගේ දෙයක් හොරකම් කරපු උන් ඇතුලෙ ඉද්දි මහ හොරු එළියෙ ඉන්නෙ..

      Delete
  55. 100ට සුභපැතුම්. පොලිසියට යන මිනිහ වැරදි නෑ. නමුත් සියල්ලම පාලනය වන තැන අවුල් වුනාම පොලිසිය මොනව කරන්නද

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රාජ්....ඉහළින්ම නිවැරදි නොවී පහළ විතරක් නිවැරදි කරන්න හිතනවානම් ඒක කවදාවත් කරන්න බැරි වැඩක්...

      Delete
  56. ඇත්තටම පොලිසියේ ඉන්නෙත් මිනිස්සු. ඔවුන් ඉහල නිලධාරීන්ගේ පීඩනයට හසුවෙලා. විශේෂයෙන්ම යුනිෆෝම් අඳින ඕනෑම ස්ටාෆ් එකක් එහෙමයි. මේ සියලු සිද්ධි එදිනෙදා කොයි කවුරුත් මුහුණ ටදන ගැටලු.

    ReplyDelete
    Replies
    1. ඔබේ කථාව ඇත්තයි...ඒ නිසා මට විවාදයක් නෑ ඔබේ අදහස් සමග..

      Delete
  57. හ්ම් 100කුත් ලියලා අපි අලුත් නිසා 100 අතරින් පතර ගොඩක් කියවලා ඇති සුබ පැතුම් දිගටම ලියමු

    ඇත්තටම පොලිසියේ අය ගොඩක් හොදයි 1 කෙනෙක් 2නන් ඇරෙන්න මම නම් අවන්කවම පොලිසියේ අයට ගොඩාක් කැමතියි

    ReplyDelete
    Replies
    1. මග ඇරුනු ඒවාත් වෙලාවක කියවලා බලන්න බොරලු...

      සුභ පැතුම් වලට ස්තූතියි...

      Delete
  58. පොලිසි වල ඉන්නේ අමු පොන්නයෝ

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...