Sunday, December 29, 2013

105 2014 ට මත්තෙන්

අංශක 23 හමාරක ආනතියක් සහිතව පිහිටලා තියෙන පෘථිවිය තමන්ගෙ අක්ෂය වටා කැරකැවෙන්න ගත කරන පැය 23 විනාඩි 56 තත්පර 4 ක කාල සීමාව හෙවත් දින එකින් එක ගතවෙලා දින 365 ක් නොහොත් වසරක් ගෙවී ගිහිල්ලා...එහෙමත් නැත්තං අපේ පෘථිවිය තමන්ගෙ අක්ෂය වටා භ්‍රමණය වෙලා නිකං ඉන්නෙ නැතුව සූර්යයා වටාත් ඉලිප්සාකාර මාර්ගයක චාරිකාවක් ගිහිල්ලා ගමන් ආරම්භයට නැවතත් ලගා වෙන දවසක්. ඒ අව් අස්සෙ වර්තමාන පෘථිවි දිනයක් මිලි තත්පර 1.7 කින් දැනට වසර 100 කට පෙර පැවති පෘථිවි දිනයකට වඩා දිගුවෙලාලු. චන්ද්‍රයා පෘථිවිය කෙරේ දක්වන ගුරුත්වාකර්ෂණ බලපෑමේ වෙනස් වීම ඒ වෙනස ඇති කර තිබේලු.

ඇත්තටම පෘථිවිය භ්‍රමණය වෙන්නෙ කෙතරම් වේගයකින්ද....එය පැයකට කිලෝමීටර් 1670 ක අති මහත් වේගයක්. එනම් සෑම තත්පරයකටම අපි කිලෝමීටර් භාගයකට ආසන්න දුරක් අපට නොදැනීම මේ විශ්වය තුල චලනය වෙනවා....එහෙම බැලුවාම මේ ක්‍රියාදාමයන් විශ්වාස කල නොහැකි මායාවන් බදු සිදුවීම් නොවේද ?

සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා අපි පුංචි සන්දියෙ වැඩිහිටියො සුභ පැතුවෙ සිංහල අලුත් අවුරුදු දවස් වලට....ඒත් කාලයේ ඇවෑමෙන් වසරක් ගෙවිලා අලුත් වසරක් උදා වෙද්දිත් අපි දැන් සුභ නව වසරක් වේවා කියලා සුභ පතනවා...ඒ අනුව වසරකට දෙවරක් අලුත් අවුරුදු සුභ පැතුම් එකතු කරන්න දැන් හැකියාව ලැබිලා.

කාලෙකට කලියෙන් කිසිවෙකුට මතකයක් තිබුනෙ නැති පෙම්වතුන්ගේ දිනය හෙවත් වැලන්ටයින් දිනය පසුකාලීනව විකුණගෙන කන තැනට වැඩ සිදුවුනා වගේම අලුත් වසරක් උදාවෙන පැයේදිත් විකුණන්න පුලුවන් හැම දේම විකුණන්න අපේ වෙළද ප්‍රජාව පසුබට වෙන්නෙ නෑ. අලුත් අලුත් වෙළද රැලි අතර අපේ මිනිස්සු මං මුලා වෙලා. එක රැයකට ලක්ෂ ගනන් වියදම් කරලා වසරේ අවසන් රාත්‍රිය සමරන්න හැකි අය වගේම එදා වේල කන්න නැති දිළින්දොත් එක සේ දරාගෙන පෘථිවිය වෙනදා වගේම කැරකෙනවා. දිනෙන් දින ගෙවෙනවා....වසරෙන් වසර අපේ ජීවිතයේ අවසානය කරා අපි ලං වෙනවා. ඔතන තමයි ජීවිතයේ යථාර්ථය කැටි වෙලා තියෙන්නෙ. අපි හැමෝම යම් දවසක මේ ජීවිතයෙන් සමු ගන්න බව බොහෝ දෙනෙකුට මතක නෑ. ඒ හින්දමයි ඒ අය වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව වගේ දුර්ගුණ පමණක් තමන්ගෙ ජීවිතයට ලං කරගෙන ජීවන මග තරණය කරන්නෙ.

ඇත්තටම වසරක් ගෙවිලා අලුත් වසරක් ලබද්දි කරන්න තියෙන හොදම දේ විදියට මම දකින්නෙ ගත වුන වසර තුල තමා කල කී දෑ පිළිබද ස්වයං විවේචනයක නිරත වීම. තමාගේ විවේචකයා තමාම වන කල හොද ආත්ම විශ්වාසයකින් අනාගත අභියෝග ජයගැනීමට හැකියාව ඇති බව මගේ විශ්වාසයයි. තමාගේ රැකියාව, පවුල් ජීවිතය හෝ වෙනත් ඉසව් කරාද මේ අදහස සාර්ථකව යොදා ගන්න පුලුවන්.

ගෙවිලා යන වසරේ මම සාර්ථක වෘත්තිකයෙක්ද ? සාර්ථක සැමියෙක්ද ? සාර්ථක බිරිදක්ද ? සාර්ථක සිසුවෙක්ද? සේවකයන්ට සාර්ථක ස්වාමියෙක්ද ? ඔබට ඔබෙන්ම අහන්න පුලුවන්. ඔබේ හෘද සාක්ෂිය මේ ගැටලු වලට ඔබට පිළිතුරු දෙනු ඇති.

සිරා කොලුවා වන මම පුද්ගලිකව සෑහෙන කාලයක සිට අනුගමනය කරන මනෝවිද්‍යාත්ම පිළිවෙතක් තියෙනවා නව වසර පිළිගැනීමට මත්තෙන් ඉටු කරන, ඒ පිළිබද මගේ කාමරයට එන යන අය දැනුවත් කරන්නයි දැන් ඔන්න මම සැරසෙන්නෙ. උසස් පෙළ කරන අවධියෙදි එක්තරා ගුරු භවතෙකු තමයි මේ ක්‍රමය මට ඉගැන්වූවෙ.

වසර පුරාම එක සේ කාර්යක්ෂමව තමන්ගේ කටයුතු කරන්න ඇතැම් විට අපිට හැකියාව ලැබෙන්නෙ නෑ. කායිකව වගේම මානසිකව තියෙන ඒකාග්‍රතාව බිද වැටෙන තැන්....ආයෙමත් නැගිටින තැන් සෑම වසරකම ඕනෑම පුදගලයෙකු සතුව තිබෙනවා. ජයග්‍රහණයේදී සතුටු වෙනවා වගේම පරාජයක් ලද තැනක අනවශ්‍ය විදියට දුක් නොවී පරාජයට හේතු විමසා කෙටි කලකින් එය නිවැරදි කරගන්න හැකි නම් සෑම කෙනෙකුම ජයග්‍රාහකයෙකු වේවි.

දෙසැම්බර් 31 රාත්‍රිය නිමාවෙලා අලුත් වසරක අලුත් දිනයක් ලබන්න ඔන්න මෙන්න තිබෙන අවස්ථාව තමයි මම මේ කියන කාරිය සදහා ඉතාමත් යෝග්‍ය. ගන්න හිස් කොලයක්...එළඹෙන වසරේ අත්පත් කරගැනීමට බලාපොරොත්තු වන ඉලක්කයන් ඇතුලු හදෙන් විමසන්න. මොහොතක් නිහඩ පරිසරයක තනිවෙන්න. හිතට එකගව පැහැදිලි අකුරෙන් කඩදාසිය මත ඒවා සටහන් කරන්න.

ඉලක්කයන් තෝරා ගැනීමේදී තමන්ට දැනට වඩා උත්සාහයක් දරා එළඹෙන වසරේදී සාක්ෂාත් කරගත හැකි මට්ටමේ ඉලක්කයන් ලියන්නට ඔබ අවංක විය යුතුයි. නැත්තං මේ ලිවිල්ලෙන් කිසිම ප්‍රයෝජනයක් නෑ. (උදාහරණයකට....මම ලබන වසරේ හදට යනවා කියා ඔබ ලියන්නේ නම් එය ඉටුකරගැනීමට අජටාකාශ ගාමියෙකු නොවන ඔබට අවස්ථාවක් නොලැබෙන බව ඉතාමත් පැහැදිලි කාරණයක්...එවැනි දෑ ලිවීම නිෂ්ඵලයි.)

උපරිම වශයෙන් ඉලක්ක 5 ක් පමණ ලිවීම ප්‍රමාණවත්...ඉටුකර ගැනීමට ඇති හැකියාවේ ප්‍රමුඛතාව මත ඒවායේ පිළිවෙල යොදාගන්න. දැන් මේ කඩදාසිය කීප වාරයක් නමලා ඔබට මතක තියෙන, නමුත් නෙත නොගැටෙන තැනක සගවා තබන්න.

කඩදාසියක ලියූ පමණින් බලාපොරොත්තු ඉටු වේවිද ? මෙය කියවන ඔබ මගෙන් අසාවි. මගේ පිළිතුර කිසිසේත් නැත යන්නයි. එය එසේ වේ නම් අපි සියල්ලෝම කඩදාසියක අනාගත අරමුණු සටහන් කොට ඒ දෙස බලාසිටින්නෝ පමණක් වන්නට ඉඩ තිබුනි.

හිස් කඩදාසියේ ලියූ කාරණා පිළිබද ඔබට හොද මතකයක් තිබිය යුතුයි. අලුත් වසරේ එළඹෙන සෑම දිනයකම ඒවා පිළිබද වෙන් වෙන් වශයෙන් සිහිපත් කරමින් ඉලක්කයන් ජය ගැනීමට අධිෂ්ඨානයක් ඔබේ සිත තුල ඔබ විසින්ම ජනිත කරගත යුතුයි. ඊට අමතරව ඒවා වෙත එළඹෙන ඔබේම ක්‍රමයක් ඔබට අත්හදා බලන්න පුලුවන්.

මේ ක්‍රියාදාමය මේ අයුරින් ඉදිරියට යන යම් කාල සීමාවකට පසු ඔබේ අරමුණු ඔබේ යටි සිත හා බද්ධ වෙනවා. යටි සිතට යමක් ඇතුලත් කර ගැනීම එක්වර කල නොහැකි දෙයක් වුවත් ඒ කාරිය සිදු වූ පසු ඔබට පහසුවෙන් ඉලක්ක හඹා යන්න පුලුවන්. එයයි මිනිස් සිතේ හාස්කම. ඔබ නොදන්නා ශක්තියක් ඔබේ සිත තුල නිදි වැදී තිබෙනවා. නිසි ලෙස එය අවදිකරගන්නට ඔබට හැකියාව ලැබේ නම්...නිසැකවම ඔබ සාර්ථක පුද්ගලයෙකු බවට පත්වේවි.

මේ ආකාරයෙන් කෙමෙන් කෙමෙන් වසර අවසානයටත් අපි ලගා වෙනවා. කලින් වසරෙදි වගේම දෙසැම්බර් 31 වෙනිදාවක් උදා වෙනවා. ඊළග වසරට අදාළ ඉලක්කයන් කඩදාසි කොළයක ලියන්න මොහොතකට පෙර තමයි කලින් වසරෙදි ඔබ ලියූ කොළ කැබැල්ල සගවා ඇති තැනින් ඉවතට ගන්නෙ. දිගහැර බලන්න ඔබ ලියූ ඉලක්ක කීයක් වසර තුලදි ඔබ අත්පත් කරගෙන තියෙනවද කියලා...අත්පත් කරගන්නට නොහැකි වූ අරමුණු වලට එසේ වූයේ ඇයි. ඔබම ඒ පිළිබද විනිශ්චයකට එන්න. ඔබ භාවිතා කල සැලසුම් වල වැරැද්දක්ද? නැතිනම් ඒ වෙත ලං වෙන්නට උත්සාහ දැරූ ක්‍රමයේ වැරැද්දක්ද ?  ඔබ හොදින් දැන් දන්නවා...ඇයි මට ඒ ඉලක්ක ජය ගන්නට නොහැකි වුනේ කියා....

ගන්න ඊළග වසරේ ඉලක්ක ලියන කඩදාසිය, කලින් වසරේදී සාක්ෂාත් කරගැනීමට නොහැකි වූ ඉලක්කයන් නැවත් වරක් මේ කඩදාසියෙත් ලියන්න...ඉටු කරගෙන තිබෙන ඒවා වෙනුවට නව ඒවාත් සමගින්...(උදාහරණයකට...ඔබ විවාහක පුද්ගලයෙකු නම් ...ලබන වසරේදී මම පිය පදවියට පත් වෙනවා...වැනි ඉලක්කයක් වුවත් ඔබට මේ කඩදාසියේ ලියන්න පුලුවන් ) සියල්ල සටහන් කල පසු කලින් වගේම නිතර නොපෙනෙන තැනක සගවන්න. ලියූ ඉලක්කයන් නිතිපතා ස්මරණය කරන්න...ඒවා වෙත ලගා වෙන ආකාරය සැලසුම් කරන්න. සෑම වසරකම අවසාන මොහොතේ මේ කාරිය පුරුද්දක් ලෙසට කරන තත්වයට පත් වෙන්න.

මේ ක්‍රමයෙන් ඔබ ලබන සාර්ථක භාවය පිළිබද ඔබ තෘප්තිමත් නම් ඊළග වසර උදාවන්නට මත්තෙන් ඔබේ හිත මිත්‍රාදීන් අතරත් මේ ක්‍රමය බෙදා දෙන්න. හොද දෙයක් හැකි තරම් මිනිසුන් අතර බෙදා දීම හොද වැඩකි. ඒ සිතුවිල්ලෙන් මම මෙය අකුරු කළෙමි.

පසු සටහන

නිමාවෙන්නට යන 2013 වසරේ මාස කීපයක් සිරාගේ කාමරයට ලිපි ලිවීමෙන් වැළකී සිටින්නට මට අකමැත්තෙන් හෝ සිදුවුනා. රැකියාව සම්බන්ධව ඇතිවුන අනපේක්ෂිත තත්වයන් ඊට හේතු බව මම මීට කලිනුත් කියා තිබෙනවා. කෙසේ හෝ උදාවෙන 2014 වසරෙදි කාමරයේ ලෑලි දොරට තට්ටුව දමා මෙහි පැමිණෙන ඔබ වෙනුවෙන් වඩා හොද යමක් කියවන්නට දෙන්නට මම මේ වන විටත් කල්පනා කරමින් ඉන්නෙ. රැකියාවෙන් අනතුරුව නිදි දෙව්දුව වැළදගන්නට තිබෙන කාලයෙන් සෑහෙන කොටසක් කැප කර මේ විදියට සිරාගේ කාමරයේ ලිපි පලවෙන්නෙ මට ශක්තියක් වූ පාඨක ඔබ සැම නිසයි. ඒ නිසාම එළඹෙන 2014 වසරටත් අපේ මේ බැදීම තව තවත් ශක්තිමත් වෙන්නට පතනවා.

2014 වසරෙදි අලුත් ලේබල් දෙකක් මෙහි ඇලවේවි. ඉන් එකක් පාඨක ඔබේ සිතුවිලි ලියන්නට වෙන් වූ එකක්. එනම් මෙතෙක් කල් මගේ කථා පමණක් කියවූ සිරාගේ කාමරයේ පාඨකයන්ට තමන්ගෙ සිතුවිලි අකුරු කරලා තමන්ගේම නමින් මෙහි ඵලකරන්නට ලබාදෙන අවස්ථාවක්....ඒ අනුව එළඹෙන වසරේ සිට මාසයකට එක් ලිපියක් ලියන්නෙ මම නොවෙයි ඔබ. සභ්‍යත්වයේ සීමාව හදුනාගෙන ඔබට කැමති දෙයක් ගැන ලියන්නට නිදහස තියෙනවා. ඔබ ලියූ දෑ infosira2012@gmail.com යන මගේ විද්යුත් ලිපිනයට එවන්න. ඒවා මට ලැබෙන ප්‍රමුඛතාව අනුව නිසැකවම මෙහි ඵලවේවි. බ්ලොග් අඩවියක් නොමැති එහෙත් ලියන්නට ආශාව හා උනන්දුවක් තියෙන ඔබ සැමටම මේ අවස්ථාව විවෘතයි.

එසේ නම් මා ප්‍රිය මිත්‍ර වරුනි. විවිධ හැලහැප්පීම් මැද වුවත් හිස කෙලින් තබාගෙන ඉදිරියට යන්නට හැකියාව මට ලැබුන 2013 වසරෙන් අපි සමුගනිමු. 2013 වසරේ ලියනා අවසන් බ්ලොග් සටහන නිමා කරන්නට මත්තෙන් ඔබේ යහපත් සිතුවිලි ඉටුවෙන වාසනාවන්ත 2014 වසරක් ඔබ සැමටම උදාවෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරන්නම්....ජය !









මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.



ප.ලි

ඉලක්ක සටහන් කිරීමේදී කඩදාසියේ ලියූ ඉලක්කයන් අතරින් මට බොහෝ විට සාර්ථක කර ගන්නට හැකියාව ලැබුනේ ඉලක්කයන් 3 පමණ ප්‍රමාණයකි. ඉලක්ක හඹා යන්නට ඔබ සැලසුම් කරනා ක්‍රමවේදයන් මෙන්ම ඒ සදහා ගන්නා උත්සාහයේ ප්‍රමාණයද මත ඔබ සාර්ථක කරගන්නා ඉලක්ක ප්‍රමාණය විචලනය වන බැව් සිහිතබා ගන්න.

පෘථිවියේ වේගය හොයලා තියෙන්නෙ මෙන්න මෙහෙම. ඒ තොරතුරු අන්තර්ජාලයෙන්

නිරක්ෂයේ සිට පෘථිවියේ වට ප්‍රමාණය = කිලෝමීටර් 40,070
එක් වටයක් (දිනයක්) යාමට ගත වන කාලය = පැය 24

පැයකට වේගය = 40,070 බෙදීම 24

පිළිතුර = කිලෝමීටර් 1669.583








105 comments:

  1. අවුරුද්ද පුරාවට අපි වෙනුවෙන් ලියූ ලිපිවලට ස්තුතියී ඔයාගේ කාර්යබහුලත්වය මැද්දේ..

    අර ඔයා කියපු පිලිවෙත අපේ පාසලේ ගුරුතුමෙක් අපිට කියලා දුන්නා...ගොඩක් හොඳයි මෙහෙම ලිපියක් දාපු එක.

    ඒ වගේම සිතේ බැඳන් ඉන්න සියළු යහපත් ප්‍රාර්ථනා ඉටුවෙන්න කියලා පතනවා උදාවෙන නව වසරේදී..සුභ නව වසරක් වේවා ඔබට!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නංගි....සිරාගේ කාමරයට හැමදාමත් වගේ එන යන ඔබටත් ඔබේ ප්‍රාර්ථනාවටත් යන දෙකටම...ඔබටත් එළඹෙන වසර සුභ එකක් වෙන්නට ආයෙමත් පතන්නම්...

      Delete
    2. සිරා මහත්තයො මන් ඔයාගෙ කාමරෙට ආවට ගියාට මුකුත් තියල යන්නෙ නෑ,(අනෙ මන් දන්නෙ නෑ එ මගෙ හෑටිද කොහෙදා

      කාමරෙ ඉන්න ඔක්කොටම 2014 සුබම සුබ අලුත් අවුරුදක් වෙවා කියලා මන් පතනවා!

      කොලුවො ඔය කතව කිවෙ හිරාන් සර් ද?

      Delete
    3. යමක් තියලා යන්න එපා කියලා තහනමක් නෑ බොලං...
      2001 A/L ලියපු මම උපකාරක පන්ති යන කාලයේ මා දන්නා හිරාන් සර් කෙනෙක් හිටියේ නැත. හිරාන් යනුවෙන් මගේ පාසල් මිතුරෙකු නම් සිටී.

      ඔබටත් 2014 නව වසර සුභ වේවා !

      Delete
  2. අර ඉලක්ක ලියන වැඩේ මාත් කරලා බලන්න ඕන.
    පාඨක ලිපි පල කිරීමත් හොදයි ඒකෙන් බ්ලොගක් අටව ගන්න අකමැති ඒත් ලියන්න කැමති අයට ලොකු උදවුවක් වේවි.

    සිරාටත් සුභම සුභ අළුත් අවුරුද්දල් වේවා!

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම කියපු පිළිවෙලට කරලා බලන්න ප්‍රියා...නිවැරදිව ක්‍රමවේදය අනුගමනය කලොත් සාර්ථකත්වයක් ලබා ගන්න හැකි වේවි. දැනටමත් කාමරයට යන එන පාඨකයො මට විවිධ දේ එවනවා පල කරන්න කියලා...ඒ හින්දමයි එවැනි තීරණයකට එළඹුනේ

      Delete
  3. සියලු පැතුම් ඉටුවන සුබ නව වසරක්.

    අපි කප් ගැසුවේ sex වලින් පමණද? දැනගන්න මගේ බ්ලොග් එක පැත්තේ එන්න.

    ReplyDelete
    Replies
    1. කාමරයට සාදරයෙන් පිළිගන්නවා.

      මා ලංකාවේ සිටින කල ඔබ සමග විය යුතුයි දුරකථනයෙන් කථා කරන්නට ඇත්තෙ. නිවාඩු වෙලාවක ඔබේ ලිපියත් කියවා බලන්නම්.

      Delete
  4. වසර අවසානයට හොඳ ලිපියක් !

    සිරාටත් මෙවර කඩදාසියෙ ලියවෙන සියලු ඉලක්ක සපුරාගත හැකි සුබම සුබ නව වසරක් වේවා !!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සෙන්නා...කාමරේ පටන් ගත් අවදියේ සිටම මට ධෛර්යය දෙන කෙනෙක් විදියට ඔබේ ප්‍රාර්ථනාව මට බොහොම සමීපයි.

      Delete
  5. Udawana 2014 wasara obage siyalu pathum balaporotthu elesema itu wana suba nawa wasarak wewa.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි....ඔබෙත් සියලුම යහපත් ප්‍රාර්ථනාවන් සඵල වේවා !

      Delete
  6. කියවන්න පෙර සුබ පතන්න ඕන...
    දැන් දැන් දිග වැඩිද මන්ද....
    අපිට තව වැඩ තියෙනවා බන් ..පොඩ්ඩක් හිතපන්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කෙන්ජි අයියා...මේකෙ මොන දිගක්ද බන්...මීට කලියෙන් පල වෙච්ච එක මේ වගේ දෙගුණයක් විතර දිගයි.

      Delete
    2. kenji you always not in the right track, look How sira giving great advice to us from his previous experience, i think almost blog readers will highly appreciate this sort of blog post, because it come from his experience and sira teach to us well how that can be value to us,

      Kenji i noticed you have great experienced in different situations, please share with us those and teach to readers what sort of stuff can get through your experience to us, that the most important thing in blogging share experience in web 2 platform in genuinely then most of people try to follow you, because you are the one of hero to them

      Please kindly request share your experience in particular way, not just your me mystery stories.

      Thanks

      Delete
  7. 2013 ගෙවෙන මේ මොහොතේ ලබන 2014 අවුරුද්දේ ඉලක්ක තියාගන්න හැටි කියලා දීපු එක නම් හුඟක් වටිනවා..

    ඉතින් ලබන්නාවු නව වසර ප්‍රීතිමත් නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ...

    ReplyDelete
    Replies
    1. අනුගමනය කරලා බලන්න ඒ ක්‍රමය...වෙනසක් වේවි ජීවිතේ ඔබේ...පැතුමට ස්තූතියි...

      Delete
  8. කියන්න අමතක උනා! සුභ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
    Replies
    1. අපි අර ඉලක්ක ටික පේන තැනක තියා ගමු. (computer එකේ desktop එකේ වගේ) එතකොට අපිට අවුරුද්දේ target ටික හැම වෙලේම මතක හිටිනවනේ...

      Delete
    2. එසේම වේවා නාඩියො...අර ඉලක්ක ටික පේන තැනක නොතියන්නෙ එවිට අපි අත්‍යවශ්‍යයෙන්ම ඒවා සිතේ ධාරනය කරගත යුතු නිසා...කොළය පේන්න තියෙනවා නම් අපේ ඉලක්කයන් අපිට හැමදාමත් එතැනින් බලන්න පුලුවන්. නමුත් පේන්න නැති වුනාම සිත තුලින්මයි ඒවා මතක් කල යුතු වන්නෙ....එයයි වෙනස...

      Delete
  9. අපරාදෙ කඩදාසි.. :) විහිළුවට කිව්වෙ..

    මම නම් මේක පාවිච්චි කරනවා.. http://www.any.do/
    65% විතර සාර්ථකත්වයක් තියෙනවා..

    ලබන අවුරුද්දෙ සිරාගේ කඩදහියෙ ඔක්කොම ඉවර වේවා!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි....මම ඒක පාවිච්චි කරලා නෑ...ඔත්තුවට ස්තුතියි හරි...තමන්ගෙ කැපවීම උනන්දුව මත තමයි ඕනෑම යමක් සාර්ථක කරගත හැකි වන්නෙ...

      Delete
  10. ඇත්ත අයියේ...මිනිස්සු පුදුමාකාර විදියට වෙනස් වෙලා...
    මම ඉන්න මොණරාගල ටවුම වැඩි ජනගහනයක් ගැවසෙන්නෙ නැති ටවුමක්. ඒත් අද කඩ වලට කිට්ටු වෙන්න බෑ...මිනිස්සුන්ට අවුරුදු....අනේ මන්දා...
    අයියටත් සුබම සුබ අවුරුද්දක් වේවා...!!
    සියලු බලාපොරොත්තු ඉටු වේවා...!!!

    ReplyDelete
    Replies
    1. බොලා මොණරාගලද ? ඒ ගැන දැනගැනීමට ලැබීම ගැන බොහොම සතුටුයි...මොකද ඔය ඉසව්වෙ කිසිම මිත්තරයෙක් / හිතවතෙක් මට නෑ. ලංකාව වටා යන වෙලාවකදි අපි අනිවාර්යෙන්ම මුණ ගැසේවි.

      ප්‍රාර්ථනාවන්ට ස්තුතියි මලයො...ඔබටත් එසේම වේවා !

      Delete
  11. මමත් උත්සාහ කරල බලන්න ඕන...කීපයක් අරමුණු තියෙනව සපල කරගන්න...!
    හැබැයි ඒව නිසිපරිදි ඉ‍ටුකර ගැනීමට නොහැකි උනොත් ඒක මානසිකව බලපාන්නෙ නැද්ද...?

    බොක්කෙ මෙව්ව එකත් එක්කම සුබ නව වසරක් වේවා..!

    තව එකක් කාරනා 5ක් තිබුනට දැන් අවුරුදුගානක් තිස්සෙ1වෙනි කාරනේ ව්දියට කොලේ පුරෝන කාරනේ 2014දි ඉ‍ටුවේවා,,:))(දන්නෝ දනිති)

    ReplyDelete
    Replies
    1. නිසි ආකාරව ඉටු කර ගැනීමට නොහැකි වුනොත් මානසිකව බලපාන්නෙ නෑ...ඔබ යමක් ඉෂ්ඨ කරගන්න ඔබ ප්‍රමාණවත් යැයි කියා සිතන උත්සාහයක් අරගෙන ඒ කාර්යය ඉෂ්ඨ කර ගන්න බැරි වුනත් හිතට දුකක් නෑ. මොකද ඔබට හිතන්න පුලුවන් මට පුලුවන් උපරිමයෙන් කැප වුනා කියලා. එවිට කරන්න තියෙන්නෙ තමා තුලින්ම තවත් අමතර ශක්තියක් උපදවාගෙන ඊළග වසරෙදි ඒ ඉලක්කයා සපුරා ගන්නට වෙහෙස වෙන එක.

      වීයා කියන කාරණේ ගැන මම දන්නවා...නමුත් විශ්වාස කරන්න මම තවමත් කිසි දිනෙක ඒ කාරණාව මගේ කඩදාසියෙ අකුරු කරලා නෑ...බ්ලොග් අවකාශයේ මට මුලිච්ච වෙච්ච බොහොම සමීප සහෝදරයෙක් විදියට ඔබේ පැතුමට බොහොම ස්තූතියි...ඔබටත් සියලු දේ ඉටුවෙන නව වසරක් වේවා .

      Delete

  12. //2014 වසරෙදි අලුත් ලේබල් දෙකක් මෙහි ඇලවේවි. ඉන් එකක් පාඨක ඔබේ සිතුවිලි ලියන්නට වෙන් වූ එකක්.//
    වටිනා අදහස් වලට සිරාවටම ස්තුතියි සිරා
    සුභ අලුත් අවුරුද්දක් වේවා!!!
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. සිරාගේ කාමරයට එන යන හැමෝටම මේ අවස්ථාව විවෘතයි. ප්‍රාර්ථනාවන්ට ස්තුතියි විදානෙ. අලුත් අවුරුද්දෙදි නැවත හමු වෙමු එහෙනං...

      Delete
  13. අලුත් අවුරුද්දෙ රෙඩ් ලේබල් බ්ලැක් ලේබල් වලින් ඉතිරේවා !!

    ජයම වේවා සිරා !!

    ReplyDelete
    Replies
    1. මගේ බොක්කෙ ෆිට් එකක්වත් ලග නැතුව ඒවා පිරී ඉතිරී ගියාට කිසි රසයක් නෑ පත්තර මලයො....අපේ බොසා පවත්වපු නත්තල් සාදෙත් ඔයිට වඩා ඉහළ ලේබල් තිබුනත් එවායින් දෙක තුනක් සප්පායම් වුනත් ලංකාවෙදි ගල් බෝතලයක් කඩලා යාලුවොත් එක්ක වින්ද සතුට විදින්න බෑ. ස්තූතියි ඔබට

      Delete
  14. ඊලග අවුරුද්ද වෙනුවෙන් ලියන සිරා අයියාගෙ ප්‍රාර්ථනා ඔක්කම සාර්ථකව ඉෂ්ඨ වේවා කියලත්, සුභම සුබ නව වසරක් වේවා කියලත් ප්‍රාර්ථනා කරනවා අයියේ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සසිදු...ඔබෙත් සියලු බලාපොරොත්තු ඉටු වේවා !

      Delete
  15. මමත් දැනට ලිපියක් ලියමින් පවතිනවා අලුත් අවුරුද්ද ගැන. ජනවාරි පලමුවනිදට දෙන්නම්.

    මේ ලිපිය බොහොම හොඳයි ඉහලින්ම අගය කරනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි විචාරක තුමා...බ්ලොග් අවකාශයෙ ඉන්න ඇසූ පිරූ තැන් ඇති කෙනෙකු විදියට අලුත් අවුරුද්දට වටිනා යමක් ඔබ ලියනු ඇති බව මට විශ්වාසයි.

      Delete
  16. ලෑලි දොරට යටින් කොල කෑල්ලක ලියල දන්නම් මෙහෙම. සිරා කොලුවගෙ සිරා බලාපොරොත්තු ඉටුවෙන සිරා පෝස්ට් දකින්න ලැබෙන සුභම සුභ නව වසරක් වේවා! ලබන අවුරුද්දෙම ලෑලි දොරට තට්ටු කරල ගොඩවෙන්නම්කො.

    ReplyDelete
    Replies
    1. ලෑලි දොරේ අලවලා ගියත් කමක් නෑ දෙයියො... විනෝදයත් එක්කම වැදගත් යමක් කියවන කෙනාට ලබා දෙන්නයි මම හැමදාමත් හිතුවෙ...ඉදිරියටත් ඒ බලාපොරොත්තුව එසේමැයි...

      Delete
  17. ඔය ක්‍රමය මමත් කොරනව මේ අවුරුද්දෙ ඉදල..මෙහෙම දෙයක් ගැන ලියපු එක ගොඩක් වටිනව.මොකද අපි වගේ පිස්සු නටන එවුන්ට මේව ගොඩක් වැදගත්..එහෙනම් සිරා අයියටත් 2014 සුබ නව වසරක් වේවා කියල පතනව..

    ReplyDelete
    Replies
    1. කාමරයට සාදරයෙන් පිළිගන්නවා. අද නේද කුළුදුලේ මේ පැත්තට ආවෙ...

      ඇත්තටම මගේ වෘත්තීය ජීවිතය තුල මම ලබපු අත්දැකීම් ගැන තවමත් ලියලා නෑ...ඒ දේවල් ප්‍රයෝජනයක් වන කෙනෙකුට ගන්න ඉදිරියේදී ලියනවා... ඔබටත් සුභ නව වසරක් වේවා !

      Delete
    2. නැහැ නැහැ..මම මගේ නම පොඩ්ඩක් අලුත් අවුරුද්දට වෙනස් කොරා..මම රජ වීදියම තමයි..මගේ නමත් පොඩ්ඩක් ගාවන්න හිතුන..ඒකයි මේ පොඩ්ඩක් වෙනස් වුනේ..

      Delete
  18. කරකැවෙන වේගය ගැන වෙනම ප.ලි. එකකුත් දාපු හින්ද කියන්නම්, ඒ කැල්කියුලේෂන් එක හරි යන්නේ සමකය උඩට විතරයි. උඩට හෝ පහතට යන්නට යන්නට cos(අක්ෂාංශ) ගානට කරකැවෙන වටයේ ප්‍රමානය අඩු වේ. උත්තරද්‍රැවයේ ඉන්න එකෙක් එක තැන කරකැවෙනවා මිස අක්ෂයට සාපේක්ෂ වේගයක් නැත.

    ReplyDelete
    Replies
    1. මම විස්තරය ගත්ත තැන ඔය විස්තර ටිකත් තිබුනා...අක්ෂාංශයෙන් අක්ෂාංශයට වේගය වෙනස් වෙන අන්දම පවා....ඒ පිළිබද ලියපු ලිපියක් නොවන නිසා ඒ කොටස එකතු කලේ නෑ. කෙනෙකුට දළ අවබෝධයක් ගන්නයි මේ ටික එකතු කලේ...

      Delete
  19. සිරාගේ අංක එකේ පැතුම ඉෂ්ඨ වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා!!
    සුබ නව වසරක් සිරෝ...

    ReplyDelete
  20. ක්‍රමය හොඳය.
    සාර්ථක ප්‍රථිපල බලාපොරොත්තුවෙන් නුගමනය කරමි.

    සුභ නව වසරක් වේවා...!!!

    ReplyDelete
    Replies
    1. අනුගමනය කරලා ඊලග වසරෙ ප්‍රතිඵල කියමු එහෙනං...

      Delete
  21. සුබ නව වසරක් සිරා. ලබන වසරේ කොලේ ලියපු නොලියපු බලාපොරොත්තු සඵල වේවා.

    ඔබ ලියපු වේගය නැතිව පෘතුවිය සුර්යා වටා යන යන වේගය ලියුවා නම් වඩා සුදුසුයි. පෘතුවියේ සිට සුර්යාට ඇති සාමාන්‍ය දුර කිලෝමීටර් මිලියන 150 යි වටයක් යාමට ගතවන කාලය වසරයි. එවිට අපි තප්පරයට කිලෝමීටර් 30 ක් විතර යනවා සුර්යාට සාපේක්ෂව.

    ReplyDelete
    Replies
    1. සූර්යයා වටා පෘථිවිය ගමන් කරන්නෙ පැයකට කිලෝමීටර් 60000 කටත් වැඩි බොහොම දැවැන්ත වේගයකින්....මිනිසකුගේ කිසිම පාලනයකින් තොරව මේ විදියට කැරකෙන ලෝක ගෝලයක් ඇතුලෙ අපි මේ විදියට ජීවත් වෙනවා කිව්වම හරියට සුරංගනා කථාවක කොටසක් වගේ...

      Delete
    2. පෘථිවිය කැරකෙන ගමන් ඉර වටේ යනවා ඉර ග්‍රහයෝ සෙට් එකම දක්කන් ක්ෂීරපත කේන්ද්‍රය වටා යනවා. ඒ අතරේ මන්දාකිනිත් එකිනෙකින් ඈත් වෙනවා. විශ්වයම ලස්සන සුරංගනා කතාවක්ම තමයි සිරා.
      මටත් ලිපි ලියලා එවන්නම්. මට බ්ලොගයක් කරන්න මහන්සි වෙනවට වඩා හොඳයි ලියන එක ඉක්මනට වැඩි පිරිසකට දෙන්න මෙහෙම තැනක දාන එක. ලබන මාසේ අනිවාර්යෙන්ම එකක් ලියලා එවනවා ඔබ පල කරනවා නම් .

      Delete
  22. ..............සිරා අයියට කෙල්ලක් බැද ගන්න ලැබෙන සුබම සුබ නව වසරක් වේවා................

    අර මම බැලුවා ෆිල්ම් එකක් එකෙත් තිබුනේ ඔන්න ඔය වගේ කොළ වල ලියන පින්තුර අලවගන්න කියන් සින් ගැන මට හරියට ෆිල්ම් එකේ නම මතක නෑ බයිස්කෝප් එකේ තිබුනා

    ReplyDelete
    Replies
    1. කෙල්ලක් 2014 දි බැද ගන්න කිසිම අදහසක් නෑ බන්...බදින දවසක බැද ගන්න එකියක් මුලිච්චි උනොත් මදැයි...මම කියපු ක්‍රමේ ටැස්ට් කොරලා බලන්න මලේ...

      Delete
  23. හැම ප්‍රාර්තනාවක් ඉශ්ට වෙන්න කියල ප්‍රාර්තනා කරනවා සිරා අයියෙ :)

    සුභ නව වසරක් වේවා!!

    ReplyDelete
    Replies
    1. ඒ පැතුම එලෙසම ඔබටත් එක් කරනවා මලේ....අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්න කියා...

      Delete
  24. තියෙන වැඩයි ප්‍රශ්ණයි අරකයි මේකයි අස්සේ හරි මේකට ඉඩක් අර ගන්න එකෙන් අපිට කිසිම පාඩුවක් නෑ කියලා දැනෙන එකම සෑහෙන වටින දෙයක් අයියේ..

    එන අවුරුද්දේ පෞද්ගලික ජීවිතේ වගේම අපි නිතර දකින බ්ලොග් ජීවිතෙත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
    Replies
    1. කියවන කෙනෙක් අපේ ලියවිලි තුලින් යම් රසයක් විදිනවා නම් අන්න එතැනදි අපි කරන කැප කිරීම් ගැන දුකක් නෑ...ඇත්තටම මම අඩුවෙන් නිදාගෙනයි මේ ලියන වැඩ ටික කරගෙන යන්නෙ...

      ඔබේ අධ්‍යාපන කටයුතු වගේම ප්‍රේම වෘතාන්තයටත් 2014 සුභ වෙන්නට පතමි.

      Delete
  25. වැදගත් ලිපියක් සිරෝ. ගෙවිච්ච අවුරුද්ද දිහා හැරිලා බලලා, එන අවුරුද්දට ප්ලැන් ගහන එක නම් හොඳම හොඳ වැඩක්. ඒක කියලා දෙන්ට ඇවිත් තියෙන විදියත් හරිම අපූරුයි.

    ඔයාගේ අලුත් අවුරුද්දේ ඔය කොලේ ලියන පහම එලෙසම ඉටුවේවා කියලා ප්‍රාර්තනා කරනවා.:)

    සිරාට සුබම සුබ අලුත් අවුරුද්දක්!!!

    ReplyDelete
    Replies
    1. නරකද මම ලබන වසරෙ මව් පදවිය ලබනවා වගේ කාරණයක් අර කොළ කෑල්ලෙ ලියලා නොපෙනෙන තැනක තිබ්බොත්....

      ප්‍රාර්ථනාවටත් දිගින් දිගටම සිරාගෙ කාමරයට දක්වන ලෙංගතුකමටත් පොඩ්ඩිට බෙහෙවින් ස්තුතියි...ඔබෙත් සියලුම පැතුමන් එළඹෙන වර්ෂයේ ඉටු වෙන්නට පතනවා...ජය !

      Delete
  26. අර පෘතුවියේ කේස් ටික මම වෙනම තියල තියන්නම් පොඩි එවුන් ලොකු උනහම කියවන්න අර ලිපි ලියන්න කැමති කස්ටියට පිටුවක් වෙන් කරන එකනම් සිරා කොල්ලගේ සිරා වැඩක් එල එහේනම් ලබන අවුරුද්දේ උඹේ ටාගට් වලින් ගෝල දෙකතුනක්ම ගොඩදාගන්න ලැබෙන්ට කියල සුබ පාර්ථනා කරනව මොකද ටාගට් නැති මනුස්ස ජිවිතේත් හරියට ගෝල් එකක් නැති ෆුට් බොල් පිට්ටනියක් වගේ කියල කවුද එකේක් ඉස්සර කියල තිබ්බ ය කියලා අපේ බාප්පා මට කිව්වේ මං පුංචිකාලේ හින්දා එහේනම් සුබ නව වසරක් ජය..!!!

    ReplyDelete
    Replies
    1. හරියට හරි ලොකු අයියෙ...බලාපොරොත්තුවක් නැති ජීවිතය බොහොම නීරසයි කියලා මම මීට කලිනුත් කියලා තියෙනවා...ඔබත් දැන් ඉතා හොදින් ජීවිතයේ සතුට විදිමින් ඉන්න වෙලාවක් නිසා මටත් බොහොම සතුටුයි....තවත් දරු දැරියො කීප දෙනෙක්ම ඉදිරියේදී ජාතියට දායාද කරන්න ලැබේවා කියා පතනවා...

      Delete
  27. අඩේ මම නොදන්න කරුණු සෑහෙන්න ලැබුන බන්... මමත් දැනටමත් ප්ලෑන් ගහල සහ ලොකු වැඩකට අත ගහල හමාරයි... අලුත් අවුරුද්දෙ සුභ මොහොතින් ආරම්භ කරන්න තමා හිත....

    උබටත් සාමය සතුට පිරි, සියලු බලාපොරොත්තු එලෙසින්ම ඉටුවෙන (උබේ 05 ට අමතර) සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා....

    ReplyDelete
    Replies
    1. බොහොම සන්තෝෂයි මලයො....ඉදිරි කටයුතුත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියා පතනවා...

      Delete
  28. නව වසරට සුභ පැතුම් සිරා... 2013 උඹට නම් සෑහෙන වටිනා අත්දැකීම් රැසක් ලැබුණු එකක් බව නොඅනුමානයි.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම අයියා...ඒක එහෙම තමයි...ඒ අත්දැකීම් මම තවම ලියලා නෑ...2014 දි නිවීසැනසිල්ලේ කියවන්න නිවාඩු පාඩුවේ ලියන්නම්....

      Delete
  29. ජය වේවා සිරා.. මම නං අද ගැව විතරක් හිතන එකෙක්.. ඒක නිසා ඔය කොළ නාස්තිය අවමයි...

    ReplyDelete
    Replies
    1. ඒකත් එහෙමද.....ඔය නිකං තියෙන කොළයක් හරි අරගෙන මේ අවුරුද්දෙ පොඩි වෙනසක් කරමු....එහෙනං කොරමුද ?

      Delete
  30. කොලේක ලිවුවෙ නැති උනත් ජනවාරි පළවෙනිදට මොකක් හරි එක දෙයක් අධිෂ්ටාන කරගෙන තමයි වැඩ ටික කරගෙන යන්නෙ. මේ ක්‍රමයත් ඉතාම ‍හොඳයි.

    සිරාටත් එළඹෙන වසර සුබ නව වසරක් වෙන්න කියල පතනවා. රැකියාවෙ ප්‍රශ්න නිරාකරණය කරගෙන ජීවිතේ බලාපොරොත්තුත් සාර්ථකව ඉෂ්ට වෙන්න කියන ගමංම.

    ReplyDelete
    Replies
    1. රැකියාවේ ප්‍රශ්න නම් බොහෝ දුරට විසදිලා තියෙන්නෙ....ප්‍රසන්න අයියත් මෙදා පොටේ කොළ කෑල්ලක ලියලා මේ කියලා තියෙන විදියට අලුත් අවුරුද්දට ගිහිල්ලා බලන්න...වෙනසක් වෙයිද කියලා...

      Delete
  31. ඔබටත් සුබ අළුත් අවුරුද්දක් වේවා.2013 ඉවර වෙලා 2014 ලබද්දී ඉෂ්ට කර ගන්න බලාපොරොත්තු වෙන යහපත් හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    ඔයාගේ ලිපියේ සඳහන් කරා නම් වටිනා පොඩි දෙයක් ගැන මට හදිසියේ මතක් වුණා.ඔය කොලේ තමුන්ගේ ඉදිරි වසරේ ඉටු කර ගන්න බලාපොරොත්තු වෙන දේවල් ලිව්වට කමක් නෑ.එයින් අනිත් අයගේ බලාපොරොත්තු කඩ නොකර.කියන කාරණාව.

    උදාහරණයක් විධියට පිරිමි ළමයෙක් ගෑණු ළමයෙක් ගැන බලාපොරොත්තු තියා ගෙන ඉන්නවා.එයාට වෙන සම්බන්ධයක් තියනවා කියමු.ඉතින් අර බලාපොරොත්තු තියාගෙන ඉන්න කෙනා ඉදිරි වසරේ හිතනවා නම් මම කොහොම හරි එයා එක්ක යාළු වෙනවා කියලා.එහෙම හිතලා අර සම්බන්ධය කඩා බිඳ දාන්න උපක්‍රම යොදනවා නම්... ඒක හොඳ නෑ නේද?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බට්ටි...ටිකක් විතර දිග කමෙන්ට් එකක් කොටන්න මහන්සි උනාට....ඇත්තටම ඒක හොද නෑ...ඒක එහෙම තමයි...මම උනත් පුද්ගලිකව මට තිබුන පැරණි ප්‍රේම වෘතාන්ත වලට තිත තිබ්බෙත් අනිත් පාර්ශවයත් එක්කත් කථා කරලා බොහොම සුහදව...කෙනෙක් සමග සම්බන්ධයක සිටින ගමන් තව කෙනෙක් ගැන හිතන එක අද ෆැෂන් එකක් වෙලා...නමුත් මම ඒ ක්‍රමය දැඩිව හෙලා දකිනවා...ලිපියේ අග ඔබේ සියලුම යහපත් ප්‍රාර්ථනාවන් ඉටුවෙන සුභ නව වසරක් වේවා කියලා පැතුවෙ ඒකයි...අයහපත් බලාපොරොත්තු එතැනදි ලොප් වෙනවා...නගාටත් හිතේ සතුට සමග සුභ අනාගතයකට ආසිරි පතනවා....

      Delete
  32. කියල තියෙන දේවල් හරි වුනත් අයියේ අපේ එවුන් මෙව්වා කරාවිද දන්නේ නැහැ එකයි අවුල.

    ReplyDelete
    Replies
    1. හැමෝම එක වගේ නෑ නොවැ මලයා...තමන්ට යහපත් අනාගතයක් උදාකරගන්න කැමැත්ත තියෙන උන් විතරක් අනුගමනය කරාවි...ඒ අය තමා මම ඉලක්ක කලෙත්...

      Delete
  33. සිරාතත් සුබ නව වසරක් වේවා !
    මේ අවුරුද්දේ මගෙත් බලාපොරොත්තු ටිකක් තියෙනවා ඉටු කරගන්න. බලමුකෝ :)

    ReplyDelete
    Replies
    1. ඔබේ බලාපොරොත්තුත් ඒ සිතූ ලෙසම ඉටු වේවා !

      Delete
  34. ලෑලි දොරේ තීන්ත ටිකක් ගා ගනින් අලුත් අවුරුද්දේ.
    සාමය,ප්‍රේමය පිරි නව වසරක් වේවා සිරාට සහා පවුලේ සැමට.....!!!!

    ReplyDelete
    Replies
    1. තීන්ත ටිකක් ගාන්න තමයි කල්පනාව...ඔහොම යමුකො...මොනා හරි වෙයි නොවැ...

      Delete
  35. සිරාට සුබම සුබ නව වසරකට ආසිරි,
    එක්කෙනා දෙන්න වෙන නව වසරක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. ප්‍රාර්ථනාවට ස්තූතියි හැලපයියෙ...ඒ උනාට එක්කෙනා දෙන්නා වෙන්න දැන්ම අදහසක් නෑ...හොද දැරිවියක් හොයාගන්නත් එපැයි...

      Delete
  36. //ඔබේ යහපත් සිතුවිලි ඉටුවෙන වාසනාවන්ත 2014 වසරක් ඔබ සැමටම උදාවෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරන්නම්....ජය ! //

    ReplyDelete
  37. ඔයාගේ ඒ ක්‍රමෙත් නියමයි අයියේ,, මාත් එහෙම දේශන අහල තිබ්බත් කරලනම් නැහැ අප්පා.. ඒ දේවල් කොච්චර හොද වුණත් කෙරෙන්නේ නැහැ.. මේ අවුරුද්දේ බලන්න ඕනේ ලියන්න එහෙම දෙයක්....ඔයාගේ අලුත් ලේබල් දෙක වටීවි ඔයාගේ ලිපි කියොන පාඨකයන්ට ..සත්ගුණවත් සිරා කොලුවාගේ සිරා උපදේශේ මෙදා ක්‍රියාත්මක කරලම කියන්නම්කො..

    සුබ අලුත් අවුරුද්දක් ඔයාට ,,

    ReplyDelete
    Replies
    1. මම කියනවට මේ වතාවෙ කරලා බලන්න නගෝ...පැහැදිලි වෙනසක් ඇති වේවි...මිනිස් සිතේ බලය බොහොම ප්‍රභලයි...අද අපි පුදුම වෙන යෝධ නිර්මාණ පෘථිවියේ කලෙත් ඔය කියන සිත දියුණු කල මිනිසුන්... 2014 වසර ඔබටත් සුභ එකක් වෙන්නට පතනවා...

      Delete
  38. suba nawa wasarak wewa!!!!! kole liyagena inna patum siyalla itu wewa!!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියා...ඔබටත් එලෙසම වේවා !

      Delete
  39. ඔය ක්‍රමේ මම අයි දැනගත්තේ ...කරලා බලන්න ඕන.මට ඔය ක්‍රමේ කරන්න ගියාම තියෙන්නේ එකම අවුලයි. එක තමයි ගිය අවුරුද්දේ හංගපු කොලේ මේ අවුරුද්දේ හොයාගන්න එක. මට දැන් විනආදිපහකට කලින් තියපු එකක් හොයාගන්නත් අමතක වෙනවනේ අප්පා.

    කොහොම හරි සිරාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. කොලේ ලියපු සියල්ලම සඵල වේවා.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් කරලා බලන්න ඉවාන්...ඔබේ අවංක කැපවීම මත සාර්ථකත්වය ලගා කරගන්න පුලුවන්....කොළේ හංගපු තැන පේන තැනක ලියාගන්න...

      Delete
  40. මචං,
    සාමය සතුට පිරි, සියලු බලාපොරොත්තු එලෙසින්ම ඉටුවෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා....!!

    මම
    මයික්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මගේ අතිජාත මිත්‍රයා...ඔබටත් සියලු බලාපොරොත්තු ඉටු වෙන ජයග්‍රාහී වසරක් වේවා 2014

      Delete
  41. සිරා අයියා කියපු ක්‍රමේ අනුගමනය කරන්න ඕනේ මේ අවුරුද්දේ :) ඒත් ඉතින් ජනවාරි 1 ලබන්න ඔන්න මෙන්න තියලා නිහඞ පරිසරයක තනි වෙන්න ඉඩක් ලැබෙන්නේ නෑ. ඒ නිසා සද්දේ මැද ම තමයි ඉලක්ක ලියන්න වෙන්නේ.

    සිරා අයියට සුභ ම සුභ අලුත් අවුරුද්දක් වේවා! 2014 අවුරුද්දේ දී අඩුවක් නැතු ව පෝස්ට් 84 ක් ලියන්න වාසනාව ලැබේවා!

    ReplyDelete
    Replies
    1. නිහඩ පරිසරයක තනිවෙන්න කිව්වෙ ඊලග වසරෙ තමන්ට තියෙන බලාපොරොත්තු මොනවද කියලා බොහොම සංයමයෙන් කල්පනා කරන්නට එවිට හැකි නිසයි...ඊට කලියෙන් උනත් ඒවා තීරණය කරන්න පුලුවන්. එහෙම කරගන්න පුලුවන් නම් කලබල කාරී වටපිටාව ගැටලුවක් නෑ...මම ඔය වැඩේ කරන්නෙ අවසන් විනාඩි 5 තුල...

      මගේ ලිපි ලිවීමේ රටාව නගාට වැටහී ඇති පාටයි....ඇත්තටම ලිපි 84 ක් තමයි 2014 දි පළවෙන්නෙ හැම මාසෙකම ලිව්වොත්...නමුත් ජීවිතයට එළඹෙන අභියෝග හමුවේ හැම මාසයකම ලියන්න හැකි වේවිද දන්නෙ නෑ...පැතුමට ස්තූතියි නංගි...

      Delete
  42. සිරා අයියේ ලබන්නා වූ නව වසර සුභම සුභ හැපී නව වසරක් වේවා......
    බ්ලොගටත් ජයම වේවා..........
    දිනෙන් දින දියුණු වේවා කරන කියන හැම දේම.........

    ReplyDelete
    Replies
    1. ඔබටත් එසේම වේවා මලයො...මේ වසරේදී වැඩි වැඩියෙන් බොග් ලියන්නට ලැබේවා..

      Delete
  43. සිරාටත් සියළු පැතුම් ඉටු වෙන වාසනාවන්ත සුබ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඇනෝ මිත්‍රයා....ඔබටත් එසේම වේවා !

      Delete
  44. බ්ලොග් අවකාශේ වැඩිම කමෙන්ට් තියෙන බ්ලොග් එක සිරාගේ කාමරේ බව මට විශ්වාසයි. ඒ සිරා කොලුවාගේ සත් ගුණවත් බව නිසාම කියලයි මගේ විශ්වාසය. මට කොළ කෑල්ලේ ලියන්න තියෙන නිසා ඔක්කොම කමෙන්ට් බලන්නේ නෑ. මම මේක පබ්ලිෂ් කරන්නේ ලංකාවට හරියටම 2014 ලබද්දී. රටෙන් පිට ඉන්න සිරා කොලුවට මම දෙන අවුරුදු තෑග්ග ඒක.

    සියළුම සිතුම් පැතුම් ඉටු වන සුභ නව වසරක් වේවා !!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සුදීක අයියා ඔබේ ලෙංගතු කමට...ඔබ වැනි සුන්දර මිනිසුන් හදුනාගන්නට ලැබුනෙ මේ බ්ලොග් කෙරුවාව නිසාම තමයි මම අමාරුවෙන් හරි කාලය හොයාගෙන මේ කාරිය කොරගෙන යන්නෙ තවමත්...

      කොළ කෑල්ලෙ මේ වසරට අදාළව ලියවුනු සියලුම දේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා...ඊළග වසරෙ අද වගේ දවසක අපිටත් කියන්නකො ලියපුවායෙන් කීයක් සාර්ථක වෙලාද කියලා...

      Delete
  45. මේ නව වසර සිරා මලයටත් ඉතාම නොදුරු දිනකදි අපිට අසන්න ලැබෙන සිරා නැගනියටත්,මුලු රට වැසි ලෝ වැසි සියලු දෙනාටමත් ....සාමය සතුට පිරි සුබම සුබ නව වසරකට මගෙනුත් පුන්චි සුබ පැතුමක් ඕ.....න් ඈ....

    ReplyDelete
    Replies
    1. තවමත් අපි හමුවෙලා නැතත්...ඔබත් බොහොම ලෙංගතු සහෝදරයෙකු බව මට දැනෙනවා...ඔන්න ඔවැනි ලෙංගතු මිනිසුන් රැසක් හදුනාගන්න මගපෙන්වපු නිසාම තමයි බ්ලොග් කෙරුවාවට මම මෙතරම් මනාප...ඉන්දික අයියාටත් සියලු පැතුම් ඉටුවන නිදුක් නිරෝගී බව සහිත සුභ නව වසරක් වේවා !

      සිරා නැගනිය මේ වෙද්දි කොහෙ ඇද්ද......කොහෙ හරි ඇති නේද හැබෑට...

      Delete
  46. වටිනා ලිපියක්.
    ඔබට 2104 හැල හැප්පීම් නැති නිසලව ගලා බසින හීන් දියකඳුරක් සේ ජීවිතය සරල වේවා!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි....ඔබටත් එසේම වන්නට පතමි...ජය !

      Delete
  47. නලින් අයියගෙ පවුලටත් ඒ වාසනාව පැමිනේවා...ඒ මගේ පැතුමයි...

    ReplyDelete
  48. සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
  49. අන්න ඒකයි බං බීමේ වටිනාකම. ඔය පැ කි මී 1670ක වේගෙන් භ්‍රමණය වෙන එක දැනෙන්නේ දෙකක් ඇනගත්ත වෙලාවට විතරයි. ඒ කියන්නේ සත්‍යාවබෝධය!

    ලැබුවාවූ නව වසර රිඟිට් ඉතිරෙන එකක්ම වේවා. කෙල්ලකගේ බැල්ම වැටේවා.

    ReplyDelete
    Replies
    1. හප්පේ හෙන්රි උත්තමයා දැක්කෙ සෑහෙන දවසකට පස්සෙ....සිරිලංකාවෙන් නැවත් පිටත්වෙන්නට ඇති කියලා හිතනවා...මාලදිවයින් රුපියල් සට සට ගාලා ඔබේ සාක්කුවට වැටෙන වසරක් වෙන්න කියලා මමත් ඔන්න අක්මාවෙන්ම සුභ පතනවා.

      Delete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...