Thursday, December 12, 2013

89 මල් ජංගියා කෑවෝ....

ඒ, විවේක කාලයෙන් පසු එළැඹි  කාලපරිජේදයක් විය යුතුය. මැංගුස් ගහ යට 10 F පන්තියේ සියල්ලෝ ගණිතය විෂය උගන්වන දිසානායක ගුරුපියාට ඇහුම් කන් දෙමින් සිටි අවස්ථාවකි. අපේ සෑර් හිත හොද කෙනෙකු වුනත් කෝපාග්නියෙන් දැවෙන කල දිගට දිගේ ඇති දෑත් විදුලි වේගයෙන් ක්‍රියා කරන හෙයින්දෝ පන්තියේ උන් ගණිතය උගන්වන වේලාවට බොහෝ කීකරුය. හරිම සංවරය. ගෙදර වැඩ ගෙදරදී කරගන්නට බැරි උනත් වේලාසනින් පාසලට පැමිණ අනෙකෙකුගේ යමක් හෝ කොප්ප ගැසීමට තරම් නුවණක්කාරයෝය.


බැරිවෙලාවත් කලුලෑල්ලේ යමක් ලියලා ආයෙත් පන්තිය පැත්තට හැරෙනකොට වෙනත් අවධානයක් සිටින කොලුවෙකු දුටුවහොත් අපේ සෑර් අතේ ඇති හුණු කැටයෙන් ඒකා වෙත ප්‍රහාරයක් එල්ල කරයි. එහෙමත් නැත්තං...උඹ මේසෙ අස්සෙ තියාගෙන කෙල්ලන්ට ලියු කරදහියක් ලියනවාදැයි...කෝචොක් හඩින් සිනාසෙමින්ම අසයි. එවන් විටෙක ඒ සිනහවට එක්වන පන්තියේ කටකාරයන්ගේ සිනා හඩත් මහා හඩක් ලෙස ඉවතට ගලා යන විට කෝපයෙන් යුතුව බලනා එක බැල්මකින් ඒ සියල්ල නිහඩ කරගැනීමට හැකි අපූරු හැකියාවකින්ද එතුමා සන්නද්ධ විය.

හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක කපිල් දේව්ගේ පෙනුමට බොහොම සමාන නිසාම වරත්තු කොල්ලෝ අපේ සෑර්ට කපිල් දේව් නම් විකට නමක් පටබැද තිබිනි. මේ කියන කපිල් දේව් සෑර් දිනක් අත දිග හැර සත්ගුණවත් සිරා කොලුවාගේ පිට මැද කලාපයේ ශක්තිය උරගා බැලූ අවස්ථාව පිළිබද මම කාමරේ දොර විවෘත කල අවදියේම සටහනක් එක් කර තිබේ. එය නොකියවා ඇති ඇත්තන් නිදහස් වේලාවක එයද කියවා බලන්න.

අපේ පාසල නගරයේ තිබූ  හොදම මෙන්ම එකම බාලක පාසලයි. ශිෂ්‍යත්වයෙන් ඉහළ ලකුණු ලබාගෙන බාලාංශයක් නැති මේ පාසලේ 6 වසරට ඇතුල් විය යුතු හෙයින්ම ශිෂ්‍යත්ව උද්යෝගයෙන්ම මුල් අවුරුදු දෙකක පමණ කාලය ගෙවෙන්නේය. එහෙත් ඉන් පසු මේ අලුත් සමාජයේ අලුත් අත්දැකීම් සමග ඕනාවට වඩා පයුරු පාසානම් පවත්වන්නට යන ඇතමෙක් මන්දෝත්සාහී වන විට ගුරු දෙවිවරුන් යැයි කිව හැකි මේ ගුරුවරුන් එදා අපේ පුක පැත්තට කිසිම ලෝභ කමකින් තොරව පහරක් දෙකක් ගසා හෝ නිවැරදි මාවතේ ඉදිරියට රැගෙන යාමට දැරූ උත්සාහය මෙය ලියන අවස්ථාව වන විටත් මට ගෞරවනීයව සිහිපත් වෙයි.

අපේ පාසලේ අභ්‍යන්තර ශබ්ද විකාශන පද්ධතියක් තිබුනත් එක් වසරකට හෝ දෙකකට පමණක් දැනුම් දිය යුතු පණිවිඩයක් වූ කලී පන්තියක් පන්තියක් ගානේ පණිවිඩකරුවෙකු යැවීම තමයි සිරිත. බොහෝවිට මෙසේ පණිවිඩ යැවීමට අවශ්‍යතාවක් පැන නගින්නේ සිසුන්ගේ බාහිර ක්‍රියාකාරකම් සම්බන්ධ කාරණා නිසාවෙන්ම පණිවිඩකරුවා හැමවිටම වෙනත් පන්තියක හෝ අප පන්තියේම ඉගෙන ගන්නා සිසුවෙක්ම තමයි.

මේ කියන කාලෙ වෙද්දි අපේ දිසානායක සෑර් බෑන්ඩ් කාමරේට රිංගලා ඒකෙ ඇතුලෙ බූරු ගහපු උන්ට නෙලලා බෑන්ඩ් ගහන උන් එක්ක ඌරු ජුවල් ඇතුව හිටි කාලයක් හින්දා එතුමා කොහේ හරි පන්තියක උගන්වන වෙලාවට බෑන්ඩ් එකේ විශේෂ පුහුණුවීමක් හරි රැස්වීමක් හරි දැනුම් දෙන්න කිසිම ජගතෙක් ඒ පන්තියට ගියේ නෑ.

අපේ අද කථා නායකයා වෙන මල් ජංගියා මගේ පන්තියේ  උසස් පෙළ අවදියේ හිටියත් මේ කියන කාලයේ වෙනත් පන්තියක තමයි හිටියෙ. මල් ජංගියාට ඒ වගේ ඉස්තරම් නමක් ලැබුනු විදිය ගැන නම් මම කවදාවත් අහලා නෑ..මේ කුණු නම ප්‍රසිද්ධ තැනක කියන්න බැරි හින්දම කොල්ලෝ ඒ වගේ තැනකදි  කථා කලේ මල් කියලා. පොඩි කාලෙදි දායාද වෙච්ච මේ කැත නම දරාගෙන උසස් පෙල පන්තියෙ හිටිය කාලෙදි උනත් මගේ මිත්තරයා කිසිම ලෙසකින් උරණ වුනේ නෑ ඒ නමින් ඒකව අමතනවට...

අපේ පාසලේ බාහිර ක්‍රියාකාරකමක නියැලෙන්නෙ නැති ළමයින්ට යමක් අනිවාර්යෙන්ම කරන්න කියලා කාලයක් නීතියක් පැනවුනා. අන්න ඒ කාලෙදි බෑන්ඩ් ගහන්නත් කීප දෙනෙක් ඉදිරිපත් වුනා. අපේ කණ්ඩායමට අලුතින් සාමාජිකයො ගන්නෙ වසරකට එක වතාවක් පමණයි. ඒ නිසා අලුතින් සැට් එක ගන්න අවශ්‍යතාවක් ආවොත් මගේ නමත් දීහන් කියලා මල් වේලාසන මට කියලා තිබුන නිසා මම කොහොම හරි මේ කොලුවව බෑන්ඩ් එකට ඔබලා දැම්මා....

තූර්ය වාදක ඛණ්ඩයට අලුතින් කෙනෙක් ආ විගස පුහුණුවීම් කරලා අපේ ඉදිරිපත් කිරීම් වලට ගන්න බෑ...ඒ සදහා සෑහෙන කාලයක් වගේම ලොකු පුහුණුවකුත් අවශ්‍යයි. ජීවිතේට අතපත ගාලා නැති වාදන භාණ්ඩයක් මුල ඉදන් ඉගෙනගන්නවා කියන්නෙත් වෙහෙසකාරී කටයුත්තක්. ඉතින් එවැනි නවකයින්ගෙන් අපි ගත්ත ප්‍රයෝජනය තමයි කලින් කිව්වා වගේ පණිවුඩ සේවය. එහෙමත් නැත්තං පණිවිඩකරුගේ  භූමිකාව රගන්නට අවස්ථාව ලබා දීම.

ඔන්න ඉතිං අපේ මල් ජංගියත් බෑන්ඩ් ගහන්න...ඒ පවුලෙ සාමාජිකයෙකු වෙන්න තියෙන ආශාව හින්දම මේ අලුත් රාජකාරිය බාර ගත්තා. තූර්යවාදක ඛණ්ඩයේ ඒ දවස් වල නායකත්වය දැරුවෙ උසස් පෙළ කරලා නිවාඩු පිට හිටිය ලොකු අයියා. හදිසියේ යමක් සාකච්ඡා කල යුතු වෙලාවක ඕනෑම බාහිර ක්‍රියාකාරමක නියලෙන අයෙකුට ඒ අදාළ කාමරයට යාමට පන්ති කාමරයෙන් නිදහස් කරන්න කියලා විදුහල්පතිතුමාගේ අත්සනින් යුතු ලියවිල්ලක් පන්තිකාමරයේ ඒ අවස්ථාවේ උගන්වමින් සිටින ගුරුභවතට ලබා දෙනවා. එහි ඒ ඒ බාහිර ක්‍රියාකාරකම බාරව ඉන්න ගුරුවරයාත් අත්සන් කල යුතුයි.

ඒත් ඉතිං අපේ ලොකු අයියගෙ වෙනස මේ අත්සන් දෙකම එයා ගහලා සීල් එකක් නැතුව තමයි ලිපිය යවන්නෙ....පණිවිඩය අරගෙන එන දූතයාම මේ ලිපි කියවන නිසා එතෙක් ගැටලුවක් ඇති උනෙත්  නෑ...සමහර වෙලාවට පන්තියෙන් එළියට යන්න ඕනෙ කෙනාගෙ නමත් එක්කම මේ ලිපි කියවුනත්...ඒ කණ්ඩායමම නියෝජනය කරන අපේ නම් නොකියවුනත්...කොහොම හරි බලෙන්ම එලියට පැන ගන්න තමයි ඉතිං ඒ දවස් වල අපේ හිත් මාන බැලුවෙ.

ඔන්න දැන් අපි මේ පෝස්ටුවෙ උඩම හරියට ආයෙමත් සම්බන්ධ වෙනවා...දැන් කවුද මැංගුස් ගහ යට F පන්තියෙ ගණිතය උගන්වන්නෙ......අපේ දිසානායක සෑර්...හෙවත් කපිල් දේව්. පන්තියෙ ඉන්නෙ බටහිර තූර්ය වාදක ඛණ්ඩ සාමාජිකයො 3 දෙනයි. ඒ අයියා බඩා, සිරා සහ දිනීර.

අපේ සෑර්ගෙ බෑන්ඩ් එකට තියෙන අකමැත්ත නොදැන මල් ජංගියා ඔන්න පන්තිය ලගට ඇවිල්ලා...පන්තිය ඇතුලට එන්න අවසර පතනවා....

Excuse me Sir.........

මොකක්ද කාරණේ....සෑර් උපැස් යුවලට යටින් බලලා එහෙම ඇහුවා.....

මේ බෑන්ඩ් එකෙන් පණිවිඩයක්...

වෙස්ටර්න් ද ? ඊස්ටර්න්ද ?

වෙස්ටර්න්....

ආ...එහෙනම් එනවකො බලන්න පන්තිය ඇතුලට....

මල් ජංගියා චකිතයකින් තොරව....අතේ ඇති ලියමන කියවාගෙන කියවාගෙන ගොස් අවසන් කරයි.

දැන් කවුද මේ නම් තියෙන අයට එන්න කියලා කිව්වෙ....

එන පොට හොද නැති බව මගේ අක්මාවට දැන් දැන් දැනේ....

බෑන්ඩ් එකේ අයියා තමයි එන්න කිව්වෙ...

එහෙම එන්න එන්න කියන තැන් වලට මගේ පන්තියෙ ළමයි යවන්න බෑනෙ....කෝ දෙනවා බලන්න ඔය ලියමන... කෝ මේකෙ විදුහල්පතිතුමාගෙ සීල් එකත් නෑනෙ...අත්සන් දෙකේම තීන්තයත් එක වගේ...

දැන් නම් වදින්න ගිය දේවාලය ඉහේ කඩා වැටෙන්නට ආසන්න බව පෙර සසරේ කල පිංකමක් නිසාදෝ දැනුනු මල් ජංගියා.... එහෙනං සෑර් මම යන්නම්...කියමින් මාරු වෙන්නට තැත් කොරයි...

මෙහෙ එනවා....ගිහිං අයියට කියනවා...ඌට ඕනෙ ඕනෙ වෙලාවට ළමයි එවන්න මේක අම්බලමක් නෙමෙයි කියලා....ආයෙ මම ඉන්න වෙලාවට මේ කොළ කෑලි උස්සගෙන එනවා එහෙම නෙමෙයි. හ්ම්....හැරෙනවා මෙහාට... එහෙම කියලා අපේ දූතයට දුන්නා නේද කණ රත්වෙන්න පාරක්....අනේ  අපේ මල් ජංගියා. එකම පවුලෙ එකෙක් හින්දා ඒ පහර මටත් වැදුනා වගේ දැනුනා....

මල් ජංගියා කෑවෝ....කියලා පන්තියේ පිටිපස්සෙන් ඒ එක්කම වගේ හඩක් නැගුනෙ කැනා කියලා විකට නමක් තිබුන එකෙක්ගෙ ශ්‍රී මුඛයෙන්....

කවුද බොල ජංගියා...මෙහෙ වරෙන් කියලා මිනිහවත් ලගට ගෙන්නගත්ත අපේ සෑර්...උගෙත් ඇගේ ශක්තිය මදි කියලා හිතුන තැනක් බලලා වේගවත් ප්‍රහාරයක් එල්ල කොරලා ඒ බව සැක හැර දැනගත්තා. එදායින් පස්සෙ බෑන්ඩ් එකේ කිසිම දූතයෙක් ගණිතය පාඩම වෙලාවට අපේ පන්තිය පැත්ත පළාතක ආවෙ නෑ.

කථාව ඒ විදියට වැඩිය දුර දිග නොයවා ඉවර කලේ අද මට තවත් කථාවක් කියන්න තියෙන නිසයි. මේ වෙද්දි බොහෝ අය මේ කථාව අහලා ඇති...ඒත් මටත් මේ ගැන ඔබට කියන්න යුතුකමක් තියෙනවා කියලා හිතුන නිසා ඔන්න මමත් කියනවා...

බ්ලොග් ලියන කියවන ඔබ හැමෝගෙම සුහදතාව වර්ධනය කරන්න වසරින් වසර විවිධ වැඩසටහන් කරළියට එනවා. get-together  යන වදනින් බිදිලා ආව මේ වචනය බ්ලොග් අවකාශයට අවශ්‍ය විදියට හැඩකරලා අපි කියන්නෙ ගෙට්ටුව කියලා. ඒ අනුව මේ වසරෙ මුල්ම මාසෙ ගම්පහදි පවත්වපු ගෙට්ටුව ගැන ඔබට මතක ඇති. එහි සංවිධායකයන්ගෙන් කෙනෙකු ලෙස මට මතකයි එදා එයට සහභාගි වෙන්න නොහැකි වූ අය ඒ පිළිබද විස්සෝප වූ ආකාරය. මෙදා පොටේ මේ වසර අවසන් කරන්නෙත් ගෙට්ටුවකින්...එය කලින් පවත්වා නැති ආකාරයේ වෙරළ තීරයකදී පැවැත්වෙන අමුතුම ගෙට්ටුවක්.....දිනය දෙසැම්බර් 21 වෙනිදා... තැන  ගල්කිස්සෙ ජො ජො ස් ප්ලේස් කියන අවන්හල අසල වෙරළ තීරය. රාත්තිරියට ගිණිමැලයක් ගහලා තවත් වැඩසටහනක් තියෙන බවකුත් ආරංචියි.  සිරා ලංකාවෙ ඉන්න කාලෙදි ඔය කියන තැනට කීප වතාවක්  ගිහිල්ලා හීනියට සොමියකුත් දාලා තියෙන නිසා මම දන්නවා තැන...බොහොම සුන්දර ස්ථානයක්...ලස්සන වෙරළ තීරයක්...අවශ්‍ය පහසුකම් සියල්ලත් එතැන තියෙන නිසා චකිතයකින් තොරව කාන්තා පිරිමි හැමෝටම මෙයට සහභාගි වෙන්න පුලුවන්. බ්ලොග් ලියන, කියවන හැමටම විවෘත මේ අවස්ථාවට එක් වෙලා බ්ලොග් අවකාශය තුල ඇතිකරගත්ත ඒ බැදීම තවත් ශක්තිමත් කරගන්නා හැටියට සිරා කොලුවා වන මම ඔබෙන් ඉල්ලා සිටිනවා.

මෙදා පොටේ මට යන්නට නොහැකි වුවත් යන්නට හැකි ඔබේ අවධානයට ඒ තොරතුරු යොමුවිය යුතුයි. මේ ගෙට්ටුව පිළිබද වැඩිදුර තොරතුරු මෙතැනින් කියවා දැනගන්න. එහෙනං ඔබ සැමටම බොහොම සතුටුදායක ගෙට්ටුවකට ආසිරි. ගෙට්ටුවේ වර්ණවත් මඩ ෆොටෝ දකිනතුරා ඇගිලි ගනිමින් සිටිමි. ඒ කටයුත්ත වල් රජාට නිතරගයෙන් හිමි වෙයි.

මේ තියෙන්නෙ ජනවාරි මාසෙ ගම්පහදි අපි පවත්වපු ගෙට්ටුවේ මතක සටහන් කීපයක්...මාස ගණනාවකට පසුව උවත් මේ ඡායාරූප පෙළ නැවත දකිනකොට අපි එදා ගත කරපු ඒ සුන්දර දවස තවත් සුන්දරව මට අනුස්මරණය වෙනවා. ඔබත් කැමතිද මේ සතුට ආයෙමත් විද ගන්න ?

සමකය වටේ නලින් අයියගෙ හිතවතා...අම්පාරෙ චන්දන තමයි මේ ඡායාරූප සියල්ල එකතු කරගෙන මේ විදියට අන්තර්ජාල ගත කලේ...ඔහුටත් මගේ ස්තුතිය.




මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.


ප.ලි.

බ්ලොග් අවකාශයේ මට සිටින අතිජාතයින් අතරින් කෙනෙකු වන කබු නායක සෑමාට ප්‍රීතිමත් විවාහ ජීවිතයක් උරුම වෙන්නට පතමි. 









89 comments:

  1. පොඩි කාලෙදි මල් මල් ජංගියක්වත් ඇදලද දන්නෑ මල්ට මල් ජංගිය කියන්නෙ :D

    ReplyDelete
    Replies
    1. මිනිහා එක්ක මම තාමත් කථා බහ කරනවා...මගේ බහුතරයක් යාලුවො වගේ එයත් දැන් ලංකාවෙ නෑ...මම හරියටම අහලා මෙතනම උත්තරයක් දාන්නම්...

      Delete
  2. මල් ජන්ගියා අනුන්ගෙ ගුටියක් කාලතියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. අපි හැමෝම කන්න ඕනෙ ගුටියක් තමයි මිනිහා තනියෙන් කෑවෙ...

      Delete
  3. පව් ඉදගෙන අප්පා ...

    ReplyDelete
    Replies
    1. නෑ ගුටිකන වෙලාවෙ මිනිහා හිටියෙ හිටගෙන...

      Delete
  4. පව් බං ඒකා!! මේ සැරේ රජාට මඩ ගහන්නත් සෙට් එකක් එනවයි කියන්නේ... ;)

    ReplyDelete
    Replies
    1. අප්පට එහෙමද....අන්න එල කොල්ලො ටිකක්...මඩ ගංගාවක් ගලයි වගේ එහෙනම්...

      Delete
  5. මල් ජංගියා නමට හේතුව නම් පොඩි කාලේ මල් මල් ජංගියක් ඇඳපු එක වෙන්න ඕන.
    අපෙත් හිටිය එකෙක්.රතු ජංගියා....හතර වසරේදී දාපු නම මෝරා යුනි එකටම ගියා

    ReplyDelete
    Replies
    1. ඔය ජංගි නම් වැටෙන්නෙ පොඩි කාලෙදි තමයි...ලොකු උනාම වැටෙන්නෙ ඊට වඩා සංවර්ධනය වෙච්ච නම්... උදා...කොබා/සයිබුවා/වන්ෂොට්

      Delete
  6. සුන්දර පාසල් මතක නැවතත් හිතට ගලනවා.

    ReplyDelete
    Replies
    1. ගලාගෙන ගලාගෙන එනවා නම් වෙලාවක් ඒ පැත්තෙනුත් එකක් ලියන්ට...

      Delete
  7. පණිවිඩ කාරයෙක් ගුටි කන කතාවක් ඇහුවමයි.. අපේ නම් ඕන තරම් බැනුම් අහලා ඇති පණිවිඩ ගෙනියන්න ගිහින්..

    ReplyDelete
    Replies
    1. පණිවිඩ කාරයන්ට තමයි පණිවුඩේ දෙන කෙනාට වඩා ගුටි කන්න සෙට් වෙන්නෙ...විශේෂයෙන් ලව් ලෙටර් ප්‍රවාහනය කරනකොට....

      Delete
  8. හෙක්...හෙක්...අයියෝ මල් ජංගිය.මටත් වැදුන වගේ බං.
    මමත් කාල තියෙනවා ඔය කියන කනේ පාරවල්.
    මේක දැක්කම කන කීං ගාන්න ගත්ත මතක් වෙලා.

    ReplyDelete
    Replies
    1. මොනවද බන් කෙන්ජයියෙ...වෙලාවක ලියහංකො අන්න ඒ සාම්පලේ කථාවක් බොටම කියලා දැන් බොගක් තියෙන එකේ....

      Delete
  9. 'මල් ජංගියා'?

    මේක ඉතින් කොල්ලෙකුටම කීව හන්දා හොඳයි. :D

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ අප්පේ ඒ...ගෑණු ළමයි දැන් ජංගි අදින්නෙ නැද්ද ? :D

      Delete
  10. සොඳුරු මතකයක් බොහොම ලස්සනට ලියලා තියනවා.. ගෙට්ටුවේ සටහනට ස්තුතියි. මෙදා ඔබ නැතත් එදිනට අනිවාර්යෙන්ම ඔබව මතක් වෙනවා සිරා මලයා

    ReplyDelete
    Replies
    1. මම දන්නවා ගෙට්ටුවක් සංවිධානය කරන්න කොච්චර මහන්සි වෙන්න ඕනෙද කියලා...අන්න ඒ මහන්සියට මට හැකි විදියට දීපු තල්ලුවක් තමයි මේක...ගෙට්ටුව ලස්සනට තියේවි...මෙහෙට වෙලා සිතේ මවාගන්නම් සුන්දරත්වය..

      Delete
  11. අඩේ පට්ට ආතල් ඕයි.... බුරිය උල් වෙන්න හිනා....

    මේ ඒක නෙමෙයි.. සෑම බදිනවද?? ඔන්න එහෙනම් ඌටත් සුභාසිරි... ජය මංගලම් කිවුව...

    ReplyDelete
    Replies
    1. සෑමා බදිනවද නෙමෙයි බොල දැන් බැදලා ඉවරයි...දැන් පැණි හද කන්න සීතල පැත්තකට ගිහිල්ලා ඇති...

      Delete
  12. ඇයි බං ඌට මල් ජංගියා කියන්නේ පව් නේ ඌ හො එකා නැත්නං අනුනුගේ මල ඔළුවේ ගාගනීයැ.. කබු නායක ඒ මොකාද බං... හැක් හැක්.. ආහ් කපිල් දේව් කියල සර් කාරයෙක් අපිටත් හිටියා මේ එයා නං වෙන්න බෑ..

    ReplyDelete
    Replies
    1. මල් ජංගියා කියන්නෙ ඇයි කියලා අහන්න මම සයිබරය පීරුවා මේකා හොයාගන්න....කොල්ලා ඉන්නවා තාම ඕෆ් ලයින්...කබුනායක සීන් එක දැන් පරණ කේස් එකක් නැද්ද මෙයා...කාලයක් සැරට නැගලා ගියා...බොලාලගෙ කපිල් දේව් අපේ කෙනා වගේම වේග පන්දු යවන්නෙක්ද ?

      Delete
    2. අපොයි මිනිහා අපේ බංකු වල යට තියෙන අඩිය තියන්න ගහල තියෙන පොල්ල ගලවල අරන් අපිට වැරෙන් පහර දෙන බුවෙක් හරියට අර සිම්බාබ්වේට 189 ගැහුවා වගේ වර්ල්ඩ් කප් මැච් එකක.. හැක්

      Delete
  13. පව් යකෝ මල් ජංගියා. ජංගියේ මල පහවෙන්න ඇති ඌට. දැන් බලන් ගියාම උඹ විතරයි සත්ගුණවත් අනික් උන් ඔක්කොම මදාවියෝ.

    ReplyDelete
    Replies
    1. මට වෙච්ච චා සිදුවීම් වැලක් ඉදිරියේදි ලියනවා...ඒවා ලිව්වට පස්සෙ මගේ සත්ගුණවත් පට්ටම ගැලවෙයිද මන්දා බොලං...

      Delete
    2. සත්ගුළුවත් කියන්නේ බං අර “සාමදාන වින්ස්චයකාර“ වගේ පට්ටමක් නෙහ්..

      Delete
  14. ඊට පස්සෙ ලොකු අයිය මල් ජංගියගෙන් මොකුත් අහගත්තෙ එහෙම නැද්ද?

    ReplyDelete
    Replies
    1. අනේ නෑ...ඒකා බොහොම අහිංසක එකා...ජංගියට පස්සෙ එයත් එක්කම එකට හිටිය මිත්‍රයත් බෑන්ඩ් ගහන්න ආවා...එයා ගැනත් මම ලියන්ම් ඉස්සරහා දවසක....හැබැයි ඒ කථාව බොහොම දුක හිතෙන එකක්...

      Delete
  15. ඔය වගේ සීන් නම් තියෙනවා.. මෙතනදිත් සර් තරහ පිට කරල තියෙන්නෙ අහිංසකයෙක්ගෙන්නෙ ..

    මේ පාර ගෙට්ටුවට සිරා අයිය නැති අඩුව ගොඩක් දැනේවි.. හ්ම්ම්

    ReplyDelete
    Replies
    1. අපේ සෑර් උගන්වනකොට ශක්‍රයා උනත් බාධා කලොත් අනිවාර්යෙන් බැනුමක් ෂුවර්....

      ගෙට්ටුවට එන්න තිබුනා නම් කියලා මටත් හිතෙන වාර අනන්තයි බං....ඒ දුක පහ වෙන්නත් එක්ක පුලුවන් තරම් පෝස්ට් ලියපල්ලා...ෆොටෝ පෙන්නපල්ලා...රජාට මඩ ගහන්න පුලුවන් එකෙක් හොයපල්ලා....

      Delete
  16. මටත් දිසානයක සර්ව නම් මතකයි...ගුටිකාල නම් නෑ උසස් පෙළ පන්තිවලදි බූරැ ගහන, කටු ගහන සෙට් එකේ මමත් ඉදල තියෙනව..එක පාරක් සෝම හාමුදරැවො රේඩ් කරපු පරාක මමත් අහුවුනා මම ජීව විද්‍යා පන්තියෙ හිටියට, වැඩිපුර හිටියෙ සී, ඊ එකේ වගේ ගණිත පන්තිවල ලේනව එහෙම සිරාට මතක ඇතිනෙ...මොනව වුනත් ඒ ගුරැවරැනගේ වටිනාකම දැන් තමයි තේරෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. ලේනා කිව්වම ඉතිං විද්‍ය / ගණිත අංශ වලින් උසස් පෙළ ලියපු උන්ට ඒ කාලෙ දිරවන්නෙම නැති චරිතයක් නොවැ...මම වාණිජ අංශයෙ එකා නිසා එහෙම අවුලක් නැ....මොකද අපේ ගුරුවරු එක්ක එපි යාලුවෝ වගේ තමයි උන්නෙ...

      දිසානායක සර් මට ගැහුවෙ එකම එකයි...ඒ බූරු ගහලා මාට්ටු වෙච්ච දවසෙ...සතියක් විතර කොන්දා රිදුනා බොල...

      Delete
  17. මල් ජංගියා,විලිලජ්ජාවේ බෑ සිරෝ ඒ නමට. සමහරක් ගුරුවරු දෙවිවරු බව පේන්නේ ස්කොලෙන් අයින් වුනාම තමයි සිරෝ...

    ReplyDelete
    Replies
    1. විලි ලැජ්ජා හින්දා නේන්නම් බොලං ඒ නම අපි මල් කියලා මොඩ් කලේ....මට නම් දැක්කම හිතට තරහක් ඇති වෙන එකදු ගුරුවරයෙක් හෝ නෑ...ඒ අය අපිට ගැහුවෙ බැන්නෙ අපේ අනාගතය එළිය කරන්න කියන දේ අද හොදට වැටහෙනවා...

      Delete
  18. ලිව්ම උඩට ගියේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. උඩට ගියේ නෑ...මොකද ජංගියා උදේ පාන්දරම කෑවා නොවැ..

      Delete
  19. අපෝ ඔය හුණු කෑල්ලෙ කතාව කියත්දි මතක් උනේ අපිත් O/L කාලෙ ගියා නොවැ ටියුශන් කැලැසියකට කිරිබත්ගොඩ. ඒකෙත් ගුරු උතුමානන්ට ඔය හුණු පුරුද්ද තිබ්බා. මම තුමාත් කැත නැතුව දෙපාරක්ම ඔ‍ය හුණු පාර කාලා තියෙනවා හි… හි… සෙරෙප්පු පාරවල් කාලා තියෙන අපිට ඒවත් වැඩද.

    මල් ජංගියා නම් කෑවෙ ඉල්ලන් සිරෝ.

    ReplyDelete
    Replies
    1. සෙරෙප්පු පාරවල් කෑවෙ දැන් ඉන්න බිරිදගෙන්ද....ලැජ්ජා නැතුව ඒ කථාවත් වෙලාවක ලියහං...

      Delete
  20. පණිවිඩ කාරයා ආපු විදිහ කියෙව්වහමයි මතක් වුනේ.. අපේ ඉස්කෝලේත් ඔහොම තමයි.. ඒ වෙලාවට ඉන්න මිස් බලලා තමයි පණිවිඩේ පන්තියට අරන් එන්නේ.. කොහොමත් පණිවිඩේ කියලා ඉවර වෙනකොට පණිවිඩය ගෙනාපු කෙනා පන්තියේ, අපේ කට්ටිය එන්න කියපු තැන... අන්තිමට සම්පූර්ණ පණිවිඩය අහලා තියෙන්නේ පන්තියේ මිසුයි හිටිය අනිත් ළමයි ටිකයි...

    පණිවිඩය හරියට අහගන්නේ නැතුව එන්න කියපු තැනට නැතුව වෙන වෙන තැන් වලට ගිහින් කට්ටිය එනකන් බලන් ඉදලත් තියෙනවා ...

    ReplyDelete
    Replies
    1. කාන්තා පාසල් වල මෙහෙම ශාරීරක දඩුවම් අඩුයි නේද නගෝ...පිරිමි පාසල් වල කොල්ලන්ට දරා ගැනීමේ හැකියාව වැඩි හින්දද මන්දා..දෙනකොට දෙනවා...රිදෙන්නම...

      Delete
    2. ඔව් ඔව් .. කාන්තා පාසල් වල ශාරීරික දඬුවම් නම් අඩුයි...

      සිරා අයියට සුබම සුබ උපන්දියයකටත් සුබ පැතුම්...

      Delete
  21. නියම කතාව. කපිල් දේව් කියන්නේ බොහොම හොඳ නමක්නේ. අපි ඒ කාලේ දැම්මේ ඔයිට වඩා බොහොම නරක නම්.

    පණිවිඩ කාරයා ගුටිකාපු කතාවක් මම ඉස්සර ලියලා තියනවා මෙන්න මෙතන

    ReplyDelete
    Replies
    1. විචාරක තුමාගෙ කථාවත් වෙලාවක මම කියවලා බලන්නම්...ඇත්ත කපිල් දේව්ට ජාති / ආගම් භේදයකින් තොරව අපේ ක්‍රිකට් ලෝලීන් කැමැත්ත දැක්වූවා...

      Delete
  22. මල් ජංගියා කියද්දී මතක් උනා මටත් කතාවක් ...

    @ all

    අපේ සිරාගේ උපන් දිනේ ඊයේ ...... කෝ පාර්ටි සිරෝ ............?????????

    අහ්හ්හ් සැමාටත් ජීවිත ගමනට සුබ පතනවා .....

    ReplyDelete
    Replies
    1. සුභ උපන් දිනයක් වේවා සිරා අයියේ...!

      Delete
    2. රට පැටවුනාට පස්සෙ මම පාටි දාන්නෙ නෑ....ඉස්සරත් එහෙමට කියලා පාටි දැමීමක් තිබුනෙ නෑ...කොල්ලන්ගෙ බේරෙන්න බැරි හින්දා බෝතලයක් දෙකක් ගත්තොත් මිසක...ඔෆිස් එකේ කට්ටිය නම් පොඩි සාදයක් ලෑස්ති කොලා....උන් කවපු අයිසිං හිරවෙලා මේ තාම ඉන්නෙ....ඡායාරූප ටික අන්න මූණුපොතේ තියෙනවා...ස්තූතියි සහන්...


      අපේ රෙහානි නගාටත් මගේ ස්තූතිය...

      Delete
    3. suba upandinayak sira malaya welawa madi wena suba pathumakata.
      mama indika

      Delete
    4. ස්තූතියි ඉන්දික අයියා...

      Delete
  23. දැන් ඉන්න කොල්ලෙකුට ගැහැව්වොත් කොහොමද..?
    සැමාට ජය ශ්‍රී මංගලම් කියමු කලින්ම..!

    ReplyDelete
    Replies
    1. දැන් ඉන්න කොල්ලෙක්ට ගැහුවොත් ඒක පහුවදා පත්තර වල පොල්ගෙඩි අකුරින් පල වෙලා මානව හිමිකම් නඩුවක් බවට පත්වෙනවා...ගුරුදෙයියා රිමාන්ඩ් ගත වෙනවා...

      Delete
  24. ඔය වගේ නම් පට බැඳිලා කාලයක් ගියාම ඒක තමන්ගේ නම වගේම ගානක් නැතුව යනවා..

    බීච් පාටියට නම් යන්න වෙන්නෙ නෑ..

    ReplyDelete
    Replies
    1. නගාට ඉතිං අරයත් නැතුව...ඔච්චර දුරක් කොහොම එන්නද නේද...නැත්තං ගම්පහ වැඩේටත් එනවා නොවැ...

      Delete
  25. සුබම සුබ උපන් දිනයක් වේවා අයියේ.......
    ජය

    ඉසුරු

    ReplyDelete
  26. මොනව වුනත් ඔය වගේ නමක් වැටුනම මාරම ප්‍රසිද්දියක් තමයි ලැබෙන්නෙ..අනිත් එක ඉස්කෝලෙ කාලෙ වැටෙන නම් ඌ මැරෙනකම් කියනව..මල් කියන එකනම් හොදයි අනිත් එක කටක් ඇරල කියන්නෙ කොහොමද යකෝ?

    ReplyDelete
    Replies
    1. ඒ හින්දා තමයි දැන් අපේ එකා මල් මල් වෙලා තියෙන්නෙ...ඉස්සර ටවුම මැද්දෙ මල් කිව්වාම කෙල්ලො අතින් කටවල් වහගෙන හිනාවෙන්නෙ...මොකද ඒකා මලක් වගේ නොවුන නිසා.

      Delete
  27. මම කමෙන්ට් එකක් දැම්මා ඒක කෝ ! ටෙස්ට් ! ටෙස්ට් 123 !

    ReplyDelete
    Replies
    1. මම බැලුවා සුදෝ...ස්පෑම් ගොඩෙත් නෑ...ආයෙත් මුල ඉදන් කොටමු....

      Delete
  28. හි හි හි උබ ගේ මල් ජන්ගියව දැක්කම මට මතක් උනේ අපේ පන්තියේ හිටපු "පැන්ටියා" ව... පොරටනම් මේ නම වැටුනේ ඉස්කෝලේ 6 වසරේදී විතර ඇදගෙන ඇවිත් තිබුන ලස්සන රෝසපාට අන්ඩවෙයාර් එක දැකපු එකෙක් අඩේ මෙන්න මු අද අක්කගේ පැන්ටියක් අඩන ඇවිත් කියපු දා ඉදන් තමයි ......

    ReplyDelete
    Replies
    1. පෑන්ටියා...ඒක නම් පට්ට කැත නමක්....එදා එහෙනං ඒකාට හදිස්සියට අක්කගෙ එක වෙන්න ඇති ඇදගෙන එන්න ඇත්තෙ....

      Delete
  29. අලේ පවු නේ ජල් මංගියා....

    ReplyDelete
    Replies
    1. සෑහෙන්න පවු මෙයා...බස්සි හුග කාලෙකින් දැක්කෙ...

      Delete
  30. අනෙ පව් අහින්සකය.අනුන්ගෙ කුනකට කර ගහල

    ReplyDelete
    Replies
    1. මොනවා කියනවද....පවු නේද මල්...

      Delete
  31. උඹලෑ සර් Don't shoot the messenger කියන එක අහලා නැද්ද කොහෙද.

    ReplyDelete
    Replies
    1. ඒ වගේ තමා කියලයි මට හිතෙන්නෙ...වෙලාවට තුවක්කුවක් ලග තිබුනෙ නැත්තෙ...නැත්තං මල් ජංගියා වලලපු තැන ගසුත් හැදිලා තියේවි මේ වෙද්දි....

      Delete
  32. මොනා කරන්නද ඉතින් උඹ අවුරුදු උත්සවේටවත් එන්න ට්‍රයි එකක් දීහන් !

    ReplyDelete
    Replies
    1. බලමු වෙනී අයියා...මේ වගේ රටක තනියෙන් කාමරේ ඉන්න වෙලාවට මේ බ්ලොග් කෙරුවාවත් තිබුනෙ නැත්තං මානසිකව පිරිහෙන්න ඉඩ තිබ්බා සෑහෙන්න....

      Delete
  33. මරු ජංගියා....
    අයියා මේ සැරේ ගෙට්ටුවට එන්නැති එක නම් ශෝචනීයයි.....

    ReplyDelete
    Replies
    1. අපි දැන් රට පැටවුන උන්ගෙ ගොඩේ නොවැ....ආයෙත් දවසක නිසැකවම අපි හමුවේවි...

      Delete
  34. uba Lankawata apu dawska Getuwakata set wemu.
    "Yashoda" Nangiyata salli damma.

    ReplyDelete
    Replies
    1. ලංකාවට ආපු දවසක ගෙට්ටුවක් සංවිධානය කරන්න හිතාගෙන ඉන්නෙ...ගම්පහ සුපුරුදු ස්පොට් එකේම...එදාට හමුවෙමු. යශෝධට මම පණිවිඩේ දෙන්නම්...ස්තුතියි ඔබට...

      Delete
  35. අනේ පවු මල් ජංගියා,
    අපේ එකෙක් හිටියා රේන්ද ජංගියා කියල. (අපි ඒක වැඩිපුර කිව්වේ ඒකා නැති තැනකදි තමයි)

    ReplyDelete
    Replies
    1. ඒ මක්කෙයි ඒ...ඒකත් අක්කගෙ ජංගියක් ඇදගෙන ඇවිල්ලද...

      Delete
  36. කොල්ලෝ මල් තියෙන ජංගි අඳිනව ද? මට හෙන ප්‍රශ්නයක් ඒක. මොනවා වුණත් පව් අෆ්ෆා! මටත් ගෙට්ටුවට එන්න වෙන්නේ නැතෝ. සිරා අයියට සියලු පැතුම් ඉටුවෙන සුභ ම සුභ උපන් දිනයක් වේවා! සෑම් අයියා නං අන්න ලයිව් අප්ඩේට් දෙනවා. මම දැක්කා මූණුපොතෙත් පින්තූරයක් දාල තියෙනවා.

    ReplyDelete
    Replies
    1. මල් තියෙන ජංගි මම හිතන්නෙ පොඩි එකා කාලෙ අදිනවා ඇති....ඒකයි කාරණේ...ඔය කාලෙදි තමයි මේ වගේ කැත නම් වැටෙන්නෙ...

      උපන් දින සුභ පැතුමට ස්තූතියි නගෝ...

      Delete
  37. අපේ පැත්තේ හිටියා හිල් ජංගි කියලා කෙල්ලෙක්. යාළුවෙලා හිටිය කොල්ලා තරහ වුනාට පස්සේ කතාවක් පතුරලා කෙල්ලගේ ජංගියේ හිලක් තිබුනා කියලා. පව් වැඩේ බං.....කාලයක් ගියාට පස්සේ ඕක අමතක වෙලා ගියා.

    ReplyDelete
    Replies
    1. හිල් ජංගියා...හැබෑටම ඒකත් අපූරු නමක්...ප්‍රසිද්ධියේ කියන්න බැරි කොම තමා ඉතිං තියෙන අවුල...ඇරත් කෙල්ලෙක්ට...

      Delete
  38. අය්යෝ එයාට නම් මල් ජංගියා කියලවත් කීවා. මට කීවෙ ජංගියා කියලා..

    ReplyDelete
    Replies
    1. විශේෂන පද වලින් තමයි නමේ කැත ගතිය වැඩිවෙන්නෙ...බොලාගෙ නම එච්චරම අවුලක් නෑ නොවැ...

      Delete
  39. මල් ජංගියා කියලා නම වැටෙන්න ඉතින් පොර මල් මල් ජංගියක් ඇඳන් එන්න ඇති...

    ඔය සර් අපි ඉන්න කාලෙ හිටියේ නෑ.. අපිට ගණන් ඉගැන්නුවේ ඒ කාලෙ ක්‍රිකට් භාරව හිටපු සර්මයි. දැන් නම් මතක නෑ බං...

    අපි ගහන කාලෙ, ඉස්කෝලෙ වෙලාවෙ ප්‍රැක්ටිස් කරන්න දුන්නේ, මීට් එකකට බොහොම ලං වුණාම විතරයි.

    ReplyDelete
    Replies
    1. එහෙම යමක් වෙන්න ඇති...මම උගෙන් ඇහුවා මේ නම වැටුනෙ කොහොමද කියලා...මිනිහා කියන්නෙ නෑ...

      ඒ කාලෙ ක්‍රිකට් භාරව හිටියෙ මූණ පුරාව රැවුල වවලා තිබුන ගුරු භවතෙක් නේද...හදිසි වැඩක් යෙදුනොත් තමයි පාසල් වෙලාවෙ අපිත් පුහුණු උනේ...නැත්නම් පෙර පරිදිම තමයි.

      Delete
  40. ඔය මල් ජංගියා වගේ අය කෝකටත් තෛලය වගේ ඉන්නවා. එහෙව් යාලුවෝ ගැන මතක් වෙනකොට දැන්නේනේ පුදුම සතුටක්.

    ReplyDelete
    Replies
    1. මල් ජංගියා සොමියට බර කොල්ලා....මගේ උසස් පෙළ ව්‍යාපෘති වාර්තාවෙත් කවරෙ පින්තූරය ඇදලා දුන්නෙ මිනිහා...

      Delete
  41. i didnt knw u r frm bc,,,, which batch??

    ReplyDelete
  42. කපිල් දෙව් අපිට තමයි ඉස්සෙල්ලාම ගණන් උගන්නන්න අවේ. ඔය නමට වග කියන්න ඕනෙත් අපේ එවුනම තමයි

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...