Monday, December 2, 2013

132 මගුල් හටන් 2

කවුද කවුද අපේ කෙල්ලට තුණ්ඩු දුන්නෙ....ඇදලා ගනු ඕකාට දෙකක් දෙන්න...මංගල සභාවේ අවවාද අනුශාසනා  මැදින් අනතුරක සේයා මතුවෙයි.... ඔන්න ඔතනින් තමයි අපි පළවෙනි කොටසට විරාමය තැබුවෙ. එද එතැන් සිට....

තුණ්ඩුව දුන්නෙ ලලියා හින්දා ඒකා භයවෙලා වගේ වටපිට බලනවා...ඒකට උල්පන්දම් දීපු එකා මම නිසා මමත් ඇස්බෝලෙ වටේටම කරකෝලා බැලුවා...ඒත් භය වෙන්න කාරියක් නෑ නොවැ...අපි තුණ්ඩුව දුන්න කෙලී අම්මත් එක්ක අර අපූරුවට ඉදගෙන ඉන්නෙ....

ලලියො මොකක්ද බොල මේ හරුපෙ....මේ වෙන මොකක් හරි බන් පත්තුවෙන්න යන්නෙ...පොඩ්ඩක් බලහංකො අපේ එකෙක් පැටලිලාද කියලා...



අප්පද බොල....අර අනුරයා නේද  අර අතන දිගේලි කරපු වස්සෙක් වගේ බිත්තියට හේත්තු කරගෙන ඉන්නෙ... අමාරුවෙන් කෙලින් හිටගෙන දෙපසට පැද්දෙන අනුරයා ලගම අපේ ඇත්තන් කීප දෙනෙක්ම ඒ වෙද්දිත් හිටියා. ඒත් ඒ වගේද බොලව් නැදෑ හැටපස් පරාණෙම උන් අනුරයව කන්න පොර කනවා...

මේකා අපිටත් හොරා කෙල්ලෙක් ලයින් කොරලද....මාර බඩුවක්නෙ බන්...වෙනදට ඔය වගේ වැඩ වලට මගෙන් තමයි ඕකා සහයෝගය ගන්නෙ...ඔන්න බලහං බ්‍රැන්ඩි පවර් එක...උගෙ පුරුෂ ශක්තිය මේ ටිකට වර්ධනය වෙලා...ලලියා හීනියට විහිලුවක් කලාට මේක විහිලු කරන වෙලාවක් නෙමෙයි...කොම්පැණියෙ ගෞරවය වගේම මනමාලයගෙ මගුලටත් කෙළවෙන වැඩක් බව ඒ වෙද්දිත් මගේ අක්මාවට දැනෙමින් තිබුනෙ..

තවත් විනාඩි කීපයක් ගත වෙන්න ඇති. මනමාලයගෙ පාර්ශවයෙ ඇත්තොද අනිත් පාර්ශවයෙ ඇත්තොද කියලා තේරුම් බේරුම් කරගන්න බැරි තරමට සැට් එක පොකර කනවා....කාන්තා පාර්ශවය සාරි කරේ තියාගෙන විලාප දෙනවා...වලිය මැද්දට මනමාලයත් මැදිවෙලා...එයාගෙ අභිනව ප්‍රියම්භිකාව තුෂ්නිම්භූත වෙලා බලාන ඉන්නවා.

වහින්න කලියෙන් විදුලි කොටනවා වගේ තාම සද්ද බද්ද, තර්ජනය කර ගැනීම් විතරයි...ෆයිට් කෑලි එළියට ආවෙ නෑ....ඒවා එනකං තමයි වටේ පිටේ හිටිය ගොඩාක් උන් බලාන ඉන්න ඇත්තෙ...

මෙන්න මේ වෙලාවෙදි තමයි අපේ ආයතනයෙ වැඩ සුපරීක්ෂක (Work Shop Supervisor) භානුක කොහෙදෝ ඉදලා එතනට පාත් වුනේ...ලලියා, ලීනස් වගේම අනුරත් භානුක යටතෙ වැඩ කරන අය. සාමාන්‍ය  කාර්යාල වෙලාව තුල අප හමුවෙද්දි මචං කියලා කටපුරා කථා කරන භානුක මගේ රැකියා ආගමනයෙන් මද දිනක් ගෙවිලා තිබුනත් මා සමග තරමක් කුළුපග වෙලා හිටියෙ. යෝධයෙක් බදු කලු පැහැති සිරුරක් හිමිව තිබීමත්... මහතට සරිලන සේ උසින් යුක්ත වීමත් නිසා...මුල් වරට දකින ඕනෑම කෙනෙක් මිනිහගෙන් ඇස් ඉවතට ගන්නෙ නෑ.. හොදින් වැඩුනු මස් පිඩු ෂර්ට් එකේ අත් පලාගෙන එළියට එන්න වෙර දරන තරම්...ඒ වගේ කෙනෙක්ට තමයි ඉතිං දැන් මේ උණුසුම සමනය කොරන්න  පංගරාර්තු වෙන්න යන්නෙ.

නමුත් සිරුර විශාල වුනාට මිනිහා කලබල නෑ...මත්පැන් ශරීරගතව තිබුනත් තමන්ගේ වගකීමේ තරම ගැන ඔහුට එවේලේ හොදින් වැටහෙන්න ඇති. මොකද අපි එක්ක ආපු සියල්ලන්ගේම වගකීම අපේ ආයතන ප්‍රධානියා පවරලා තිබුනෙ භානුකට.

මොකද මචං වෙලා තියෙන්නෙ...මමත් අනුරයා අසලට හීනියට ඔන්දස්පොට් වෙන ගමන් යෝධයාගෙන් ඇහුවා.

මේ අනුරයා කඩප්පුලි වැඩක් කරලා බන්...මම ඊයෙත් මුන් ටිකට කිව්වා මගුලට ගිහිල්ලා මහත්තුරු වගේ හැසිරියල්ලා කියලා...කොහෙද...මුන්ට කියන කට හොදයි බිම උලා ගන්නවා....දැක්කනෙ මේ ගමන එනකං වාහනේ ඉදන් මුන් කියපු කුණු කථා....මම හිතුවා ටින් බෙලෙක්කයක් පෙරළයි කියලා. ඔය කොරලා තියෙන්නෙ...අපේ මනමාලයගෙ තියෙන මනුස්ස කමටනෙ බන් උඹලට අපිට විතරක් මගුල නොකියා මේ හැමෝටම කිව්වෙ...අපි දැනගන්න ඕනෙ ඒ ගෞරවය රකින්න.

භානුක තරහින් පුපුරයි. සිද්ධියේ සුළ මුල තවමත් මා හට හෙළිවූයේ නැත. තවම ගින්න හරිහැටි ඇවිලී නැත. දුම් පමනක් පෙනෙන්නට තිබේ.

කවුද බොල අපේ නංගිට ඇඩ්‍රස් දෙන්න ගිය එකා...මම උඹලට වේලාසනම කිව්වනෙ බන්...අයියෝ උඹලා කලොත් කරන්නෙ ඔය වගේ තකතීරු ගොං වැඩක්ම තමා...මනාලයාද පරල වී ඇති සෙයකි.

අනුරයා මත්පැනින් පසු ලද කික් එක අති මහත් වූ හෙයින්ම මංගල සභාවේ වූ තවත් රූබර යුවතියකට ඇස් බබා කරකවා ඇත.. කොණ්ඩය තරමක් දුරට වවා රොමෑන්ටික් පෙනුමකින් යුත් මේ හාදයා තරමක කඩවසම් පුද්ගලයෙකි. පෙර කියූ තරුණියද අපේ එකාට යහපත් ප්‍රතිචාර දක්වා තිබූ හෙයින් වැඩේ දුර දිග ගොසිනි. අපේ අවධානය වෙනතක තිබියදී  අනුරයා ගේමට බැස ඇත්තේ තනිවමය. කොළ කැබැල්ලක ලියූ දුරකථන අංකයක් ඇයට දිගු කරන කල වම් අතේ පැටලී තිබී ඇති ඇගේ සාරි පොට නිසාවෙන් මංගල මුද්දේ සේයාව අපේ එකාගෙ දෘෂ්ඨි විතානය මත පතිත වි නොමැත.

ඒකි බැදලා නම් මේකා තුණ්ඩුවක් දුන්නා කියලා ගන්න ඕනයැ....තමන් සමග එකට වැඩ කරන සගයාගේ සහයට දැන් දැන් කරළියට පිවිස සිටින සටන් නළුවා අන් කිසිවෙකු නොව අපේ ලීනස් ගොයියාය. ලා කහ පැහැති සිංහල ජාතික ඇදුමෙන් සැරසී සිටි ලීනස්ගේ ගෙල වටා වූ සාටකයද ඒ වන විටත් හෙතෙම බෙල්ලේ ගැට ගසාගෙන සිටියේ ඕනෙ දේකට ඔට්ටු බව කියමිනි.

අනුරයා ඇදගෙන නාලාය. මනමාලයාගේ එකම නගා විවාහක කාන්තාවකි. ඇයද බෙහෙවින්ම රූමත් එකියක බව මම දුටුවේ මේ සිදුවීමෙන් පසුය. අපේ එකාගේ නංගි බව හාංකවිසියක්වත් දන්නවා නම් තමා මේ කාර්යය නොකරන බව අනුරයා පුන පුනා පවසයි. තම පපු කැනැත්තේ ක්ෂණිකව හටගත් ආදර පුෂ්පය කොළයක ලීයූ අංකයක් බවට පත් කර ලොවට රහසේ ඇයට පිදීමත්...ඇයද එය වටපිට බලා එය භාර ගැනීමත්...අන් කිසිවෙකු මේ ක්‍රියාව නොදැක සිටියත්...ඇගේ සැමියා එය දැකීමත් මේ ආරවුලට මග කියා තිබුනි...

දැන් දැන් තත්වය තරමක් උණුසුම් වෙයි...පැණි හද කෑමට පිටව යාම පසෙක තබා මනාලයාද තම ඥාති වර්ගයා ඉදිරියේ අනුරයා නිදහස් කර යැවීමට වෙර දරයි...

මූට හොද පාඩමක් උගන්වන්නම ඕනෙ...මනාලයාගේ ඇතැම් මාමා වරුද නාහෙට අහන්නේ නැති පිරිසකි. තම භාර්යාවන් ඔවුන්ගේ අත්වල එල්ලී  කොතරම් ඉල්ලීම් කලත්  ඔවුන් එය නෑසූකන්ව සිටීමම ඒ නිගමනයට ප්‍රමාණවත්ය. ඒ වගට ඔවුන්ගේද ශරීරගතව තිබූ මත්පැන් පරිමානය වගකිව යුතුය.

කවුද ඩෝ...ඕනෙ එකෙක් වරෙල්ලා...හැංගි හැංගි කොරන කෙලි මේ ලීනස් ලග නෑ...තොටලගින් පටන් ගත්තම මැගසින් එක ලගට යනකං මා ගැන අහලා බලහල්ලා...ලීනස් තමාගේ සරම දණහිසටත් ඉහළට ඔසවාගනිමින් තර්ජනාංගුලිය ඔසවයි...සරම එසවුනු පෙදෙසින් තැනින් තැන හිල් වූ රතු පැහැති ඉරි සහිත හද්දා පරණ කොට කලිසමක රමණීය දසුනක් මංගල සභාව දෙසට විවර වෙයි.

බැදපු ගෑණියෙක් නම් මේකා දුන්නා උනත් මොනවටද ගත්තෙ...අපේ එකාටම වැරදි කියන්න එපා...අරිද...ලීනස් අරමුණක් නැතුව හැම අතටම තම දඹර ඇගිල්ල දිගු කරයි.

ලීනස් යනු ආයතනයේ පැරණිම සේවකයෙක් මෙන්ම පට්ටම වැඩ කාරයෙකු බවත්...මත්පැණින් සන්තර්පණය වූවාට පසු මෙලෝ යකෙකු කියන කිසිම දෙයක් කනකටවත් නොගන්නා පුද්ගලයෙකු බවත් භානුක එවේලෙහි මට කීවෙහිය. ඒ නිසාම හෙතෙම පත්ව සිටියේද මහත් අපහසු තාවකටය.

මේ අවසරයෙන් අප කරා පැමිණියේ අපේ ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂක තුමාය. සේවකයන් සමග කළුපග ඇසුරක් ඇති එතුමා මා දුටු බොහෝ ආයතන හිමිකරුවන්ට වඩා මිත්‍රශීලී අයෙකි.

මොකෝ මොකෝ මේ කලබලේ...ලීනස් බිව්වා නම් කෑවා නම් කරුණාකරලා ආපහු යන්න වාහනේට නගින්න...මෙතන කලබල නොකර...එතුමාට කියන්න ලැබුනේ එපමණකි...

කබරයා  තලගොයා වෙන් වෙන්ව හදුනාගත නොහැකි පදමට කන සාක්කුවට වැටෙන්නට පදම් වී සිටි ලීනස්ට මොන ජගතා උනත් දැන් එකය..

උඹ මොන ප_යද යකෝ මට යන්න කියන්න ඈ....කරට ගත් සරම සමග මාරාවේශයෙන් ලොක්කා දෙසට හැරුනු ලීනස් පළාතටම ඇහෙන්නට ගුගුරයි. ඔහු සමග වාදයකට එළැඹීමෙන් පලක් නැති බැව් වැටහුන හෙයින්දෝ  අධ්‍යක්ෂක තුමා භානුකට පමණක් කථා කොට අපේ පිරිස කරදරයකින් තොරව මෙම ස්ථානයෙන් ඉවත් කරගෙන වහාම පිටව යන ලෙස පවසා තමන්ගේ වාහනයට නැගී උත්සව සභාවෙන් සමුගත්තෙහිය.

යමු ලීනස් මම වදින්නම් යකෝ ...නැගපන් අර වාහනේට...උඹට තව බොන්න ඕනෙ නම් මම මගින් අරන් දෙන්නම්...මෙච්චර කියන එකේ කියන දේ අහපංකො....තම පියාගේ වයසට ආසන්න වයසක සිටින ලීනස්ට තවමත් කරුණු පැහැදිලි කර සිද්ධිය ගොඩින් බේරා ගැනීමට භානුක වෙහෙසෙයි.

ඔයින් මෙයින් මනාල යුවලද පසුතැවුනු පෙනුමින් තවමත් බලා සිටී. චණ්ඩි මාමාවරුන් මෙල්ල කිරීමට ඒ අයගේ බිරින්දෑ වරු මෙන්ම දූ වරුන්ද පසුව සමත් වූ නිසාම මහා ගුටි කෙළියක් ලත් තැනම ලොප් විය. එහෙත් තුණ්ඩුව ගත් අප මනාලයාගේ නැගණියගේ සැමියා තවමත් වියරු වැටී ඇති සෙයකි....

අප ඉදිරියේ හදිසියේම නතර වූයේ නවීනතම මාදිලියේ මෝටර් රථයකි. එහි රියදුරු අසුනින් බට පෙර කිව් තැනැත්තා ඇගේ අතින් අල්ලා ඇදගෙන විත් කාරයේ ඉදිරි වම්පස ආසනයට තල්ලු කර දොර තදින් වැසුවෙහිය. මේ දර්ශනය වඩාත් සජීවීව නැරඹීමට අපේ උන් සමග මමද කාරයට ලං වීමි. හිතාගත නොහැකි වේගයකින් ඉදිරියට ඇදුනු එහි පිටුපස ටයරයකට මගේ පාදයක ඇගිලි හසුවුනද එවේලේ මා සතුව තිබූ කික් එක නිසාම මට එය එතරම් නොදැනිනි.

මහා වැස්සකින් පසු පරිසරයේ දැනෙන්නේ කදිම නිශ්චල බවකි, ශරීරයට සුව දෙන සිසිලකි . එය හරියට මහා බරක් හෑල්ලු කොලා යැයි සිතා සොබාදහම ගිමන් හරිනවා වැනිය. එවැනි සිසිලකින් අපේ සිත් සතන්ද සැනහුනේ අත පය හෝ ලේ සෙලවීමකින් තොරව එතෙක් තිබූ අවධානම් සහගත තත්වය පහව යාම හේතුවෙනි.

සිහියෙන් සිටි උන් මනාලයාගේ පාර්ශවයේ වැඩිහිටියන්ට අපේ එකෙකු අතින් වූ වැරැද්දට සමාව ඉල්ලා සිටීමත්..එහි වූ කිසිම වැඩිහිටියෙක් ඒ පිළිබද තර්ක කිරීමට නොපැමිණ සද් භාවයෙන් අපේ දෑත් මත ඔවුන්ගේ දෑත් තබා සුහද බව පල කිරීමත් නිසා මනාල යුවලද අවසානයේ හිත සතුටෙන් පැණි හද කෑමට ගියහ.

ඩීමෝ බට්ටා මත අපි සියල්ලෝ නැවත වාරයක් පැටවිලා  උත්සවය පැවති ස්ථානයෙන් සෑහෙන දුරකට ආවාට පසු තමයි ඔන්න ඇගට ලේ ඩිංගක් ඉනුවෙ...

මෙවැනි කථාවක් මේ සමාජයේ ඔබ අහන, කියවන පළමු වාරය මෙය නොවේ කියලා මම හොදටම දන්නවා. ඒ වගේම මේ අවසන් වාරයත් නොවෙයි. තමන්ගෙ ප්‍රබලත්වය...තමන් වීරයෙක් කියලා අන් අයට පෙන්වන්න සමහරු තමන්ට ඔරොත්තු නොදෙන විදියට උත්සව අවස්ථාවන් වලදි මත්පැන් පානය කරනවා. එයින් පසු ඇතමෙක් සිව්පාවුන් ලෙසයි හැසිරෙන්නෙ. උත්සවය පවත්වන අය වගේම තමන්ගෙ බිරිද, දරුවන් තමයි සමාජයක් ඉදිරියේ මෙවැනි විටෙක හෑල්ලු වෙන්නෙ.

මංගල උත්සවයක් කියන්නෙ කසාද බදින දෙන්නගෙ විතරක් නෙමෙයි...ඒ දෙන්නගෙ දෙමාපියන් ඇතුලුව නැදෑ පරම්පරාවෙම සිතුම් පැතුම් ඉටුවෙන බොහොම සතුටුදායක දවසක්...ඉතිං ඒ වගේ වටිනා දවසක් මේ වගේ මත්පැන් බෝතලයකට ගිජු වෙලා වනසන්න එපා කියන ඉල්ලීම තමයි කොටස් දෙකක් පුරාවට මේ කථාව කියවපු ඔබෙන් මට ඉල්ලන්න තියෙන්නෙ...මේ සිද්ධියෙන් ඉගෙනගත්ත පාඩම් නිසා මම පුද්ගලිකව අද විවාහ උත්සවයකදි යන්තං පදං සැනහෙනවා. නැත්තං හීනියට බියර් එකක් ගන්නවා එහෙමත් නැතුව රියදුරු අසුනට බර දෙන දවසක් නම් අමුවෙන්ම ඉන්නවා.


පසු සටහන

දැන් ඩිමෝ බට්ටා කොළඹ බලා පැමිණෙමින් සිටී. රියදුරු මලයා අමධ්‍යප සංගමයේ සභාපතිගේ මිතුරෙකු නිසා භිය වීමට හේතුවක් නැත. ගමනේ භාගයක් දුර අවසන් කල පසු රථයට ඩීසල් ගැසීමට අවශ්‍ය විය. ඒ සදහා යම් මුදලක් එකතු කිරීමට රථය ඉන්ධන හලක නවතා භානුක එක එකා ලගට සම්මාදමේ යයි.

මේ අවසරයෙන් වග කිව යුත්තෙකු නැති වේලාවේ රථයට කිට්ටු වූ පොම්ප කරුවෙකු විමසූවේ කීයක ඩීසල් ගහන්නද යනුවෙනි.

ඕක අහන්න දෙයක්ද අයිසෙ...ගහනවා ෆුල් ටෑන්ක්...

රථයේ වූ ලීනස් ට බඩු බනිස් බව හදුනා නොගත් පොම්ප කරුවා ඇර සොයියා කියා ෆුල් ටෑන්ක් ගැසුවෙහිය. ටැංකියෙන් භාගයක් පුරවන්නට කථිකා කොර ගත් භානුක මුදල් සමග රථය අද්දරට එන විට සියල්ල සිදු වී හමාරය.

එහෙත් තම වැඩිමහල් සේවකයාට වචනයකින් හෝ කිසිවක් නොබැන ඉවසූ භානුක තම...පොකැට්ටුවේ සෑම මුල්ලකම තිබූ මුදල් සහ අනෙක් උන්ගේ ඒවාද එකතු කර මුළු මුදලම ගෙවීය. ඔහු එදා ඉවසූ තරමක්, මට සිතා ගත නොහැක.

මේ ආයතනයේ විවිධ අංශ යටතේ සේවකයන් රාශියක් සිටියේය. කාර්යාලයේ සේවය කරන අයට අනෙකුත් ඇත්තන්ගේ අමුතුම ගෞරවයක් ලැබුනෙහිය. මා මෙන්ම අනිකුත් ඩිසයිනර්ලා සිටියේද ඒ ගොඩේය. මහත්තයා හෝ එවැනි හැදින්වීමකින් යුතුව  ගෞරව පූර්වකව කථා කරන මේ අය විනෝද චාරිකාවක් ගිය පසු ඉදුරාම වෙනස් පුද්ගලයන් වෙයි. ඒ නිසාම සෑම මංගල උත්සවයක් මෙන්ම චාරිකාවක්ද ගැටුමකින් තොරව නිමා නොවුනේය. එය ඒ ආයතනයේ මුල් බැස ගත් පිළිකාවක් බදු තත්වයකි. දින කීපයක් වැය කර ආයතනයේ සම්පූර්ණ අනුග්‍රහයෙන් ආ ගිය වාර්ෂික විනෝද චාරිකාවද මා එහි සේවය කල අවසන් අවුරුද්දේ ඇතිවුන දරුණු වලියක් නිසා නැවතත් නොයන තීරණයට කළමණාකාරීත්වයට එළඹීමට ‍තරම් ප්‍රබල එකක් විය. එහිද තිරය පිටුපස තිබුනේ මත්පැන්ය. ඒ පිළිබද ඉදිරි දිනයක ලියමි.



මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.


ප.ලි

මේ සියලුම චරිත ලක් පොළවේ තවමත් ජීවත් වෙන ඒවා වූවාට මෙහි එන චරිත නාමයන් ආරූඩ ඒවාය.

මේ කියන විවාහ උත්සවයෙදි මනාලියගෙ පැත්තෙන් අරක්කු සංග්‍රහ කලේ නෑ. මනාලයගෙ පැත්තටත් ඒ විදියට කරන්න කියලා ඇය ඉල්ලීමක් කර තිබුනත්...මගේ යාලුවන්ට සලකන්න ඕනෙ කියලයි මනමාලයා මත්පැන් දුන්නෙ.



















132 comments:

  1. කතාව ඉවර වෙනකං ඇඟේ ලෙ නැතුව කියෙව්වෙ බං,යන්තං ගුටි නොකා බේරුනා නේද,ඒ වුණාට ඉතිං ගිය උනුයි ආයතනයයි ඉවරයි නේද මනමාලයගෙත් සායම ගියානෙ.ඔන්න මත්පැන් වල වරුණේ.

    ReplyDelete
    Replies
    1. බිව්වට පස්සෙත් අවුලක් නැතුව ඉන්නවා කියලා හිතෙන උන් එක්ක විතරයි මම දැන් නම් ඉතාම කලාතුරකින් ලාවට වගේ පොඩි ෂොට් එකක් දාගන්නෙ.....නැත්නම් ඉතිං කාමරේට වෙලා තනියෙන්...

      Delete
  2. හොඳ වෙලාවට ඔයින් බේරුන්! ගෑනු ළමයත් අකමැත්තක් පෙන්නලා නෑ මට පේන විදිහට වැඩේට...

    ReplyDelete
    Replies
    1. ඒ ගෑණි මොකට මේ තුණ්ඩුව ගත්තද කියලා මම අදත් කල්පනා කරනවා නාඩියො...කොල්ලගෙ අතේ වරදක් නෑ...මොකද සාරි පොටට වම් අත වැහිලා තිබුනෙ කියලයි අනුරයා කිව්වෙ..

      Delete
  3. මචෝ,දරුනු කේස් එකක් නෙ බන්.ගුටී කෑවට වඩා දරුනු දැන් අර මනමාලයට නෑදෑයොන්ට මූන දෙන එක.

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත. පව් ඒ මනුස්සයා.

      Delete
    2. මේක අද ඊයෙ වෙච්ච දෙයක් නෙමෙයි බොලං...දැනට වසර 5කට පෙර සිදුවූ සිදුවීමක්...ඔය මනාලිය ඉංග්‍රීසි ගුරුවරියක්...දැන් ඒ අය දරුසුරතලුත් බලනවා...ඊට පස්සෙ මොකවත් ගැටලුවක් ඇති වුනේ නෑ...මනමාලයගෙ නංගිට නම් මොනවා උනාද දන්නෙ නෑ.

      Delete
  4. ලීනස් බීලා උනත් ඇත්ත කියලා තියනවා.....ඒ ගෑණු කෙනා විවාහ වෙලා නම් නම්බරේ ලිව්ව තුන්ඩුව මොනාට ගත්තද? හි.....හි..හි... උත්සව වලදී සියළු මහත්වරු මද පවනට පාවිච්චි කරා නම් බොහෝ දුරට අවුල් ඇති වෙනවා අඩුයි....

    ReplyDelete
    Replies
    1. බිව්වට පස්සෙ සමහරු කලහයට බරයි...එවැනි තැනක සුළු සිදු වීමක් උනත් මහා ලොකු සිදුවීමක් බවට පත්වෙලා උත්සවේ සතුට හේදිලාම යන්න පුලුවන්...

      Delete
  5. හරි වැරද්ද මොකක් උනත් ඔයවගෙ මිනිස්සු මමනම් ලගට ගන්නෙම නැ සිරො

    ReplyDelete
    Replies
    1. මමත් ඉතිං ඒ වෙද්දි එතරම් අදුනගෙන හිටියෙ නෑ...ඔය සිදුවීම් වලින් පස්සෙ තමයි ගොඩාක් දේ ඉගෙන ගත්තෙ...අද නම් දන්නෙ නැති උන් එක්ක බොන්න සෙට් වෙන්නෙම නෑ.

      Delete
  6. කොහොමහරි යන්තම් බේරිලා නේද ... මත් වතුරේ තරම තමයි

    ReplyDelete
    Replies
    1. ගං පෝරියල් එකක් සෙට් උනා නම් මම උන්නෙ තේ කූඩයක් පිටේ බැදගෙන තේ දළු නෙලන්න....

      Delete
  7. අතුරු ආන්තරාවක් වෙන්නෙ නෑයි කියලා මම නම් කලින්ම අනුමාන කළා.

    කොල්ල පොෂ් නම්, පෙනුමත් හොඳනම් මුද්දට වඩා අරක කිති කැවෙන එක අරුමයක් නෙවෙයි.
    (ඕක තමයි අපි කියන්නෙ විවාහය අතාර්කිකයි කියලා).

    ReplyDelete
    Replies
    1. එතකොට පවුල් සංස්ථාව ජනසතු කලයුතුයි කියලද උඹ කියන්නෙ ??

      Delete
    2. ඕවගෙ ඒව ජනසතු වෙන්න එච්චර කාලයක් යන්නෙ නහැ පත්තර මලේ.......ඒ පැත්ත බලල මේ පැත්ත හැරෙනකොට ජනසතු වෙලා අහවරයි.........
      මම ඉන්දික

      Delete
    3. ඒක නං එහෙම තමයි ඉන්දික අයියෙ.
      එක කොම්පැනියට අයිතිකාරයො තුන් හතර දෙනෙකුත් ඉන්නව නොවැ !

      Delete
    4. තමන් අකමැත්තෙන් නම් ස්වාමියා එක්ක දීග කන්නෙ තමන්ගෙ හිතේ ඇදුනු රුව තමන් ලගටම ඇවිල්ලා තුණ්ඩුවක් දෙද්දි ඒක නොගෙන ඉන්න එයාට හිත දෙන්න නැතුව ඇති. නමුත් ඉතිං ඒ වැඩේ සමාජ විරෝධියි....රහත් වෙලා නැති හිතක් තියෙන එයාගෙ පැත්තෙන් බැලුවොත්.....

      Delete
  8. හම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මෙහ්හ්හ්හ්..........යාන්තන් ඇගට ලේ ටිකක් ඉනුව..මම උන්න මලය කාල කියල ඇප නැතිවෙන්න.අර සුමිත් අයිය කියල තියන එක මමත් අනුමත කොරනව....ගොඩක් බවලත්තු සේරටම කැමති වෙලා කෙල උනහම බලෙන් කොරන්න ආව වගේ ඉන්නව.. මොනව උනත් වෙඩින් වලදි වලි දාගන්න එක අන්තිම කැතයි.මොකද ඒ පැල්ලම යවන්න ආයෙ වෙඩිමක් ගන්න කියලයැ.ඊලග ගුටි කාපු එකේදි හමුවෙමු..යන්නම් මලය
    මම ඉන්දික

    ReplyDelete
    Replies
    1. මේ සිරා එහෙම ලේසියෙන් ගුටි කන එකෙක් නෙමෙයි...මොකද මම ඒ වගේ තැන් වල ඉන්නෙ නෑ...ගුටි කන වැඩ කරන්නෙත් නෑ...ගුටි කාලා එන්නෙත් නෑ...

      වෙඩින් වලදි වලියක් ගියාම බැදපු උන් දෙන්නට අමතරව යකා නටපු කෙනාගෙ පවුලෙ අයත් බොහොම අපහසුතාවට පත් වෙනවා...සමහර විට ජීවිත කාලෙම තරහා වෙලා ඉන්නත් පුලුවන්...

      Delete
  9. ඕක තමා බොන්න එපා කියන්නෙ. කොහෙද කියන දෙයක් අහනවයෑ.. සමහර පොරවල් බිව්වම අජූවයි.

    එතකොට සිරාගෙ තුන්ඩුවට මොකද වුනෙ ? ඒකට ප්‍රතිචාරයක් ලැබුනද ?

    ReplyDelete
    Replies
    1. මුන්ගේ වැඩපලේ කට්ටියගේ හැටි දැනගත්තට පස්සේ ඒ කෙල්ල ඒ තුණ්ඩුව ලගතිබ්බ කානුවකට දාලා

      Delete
    2. තුණ්ඩුව දෙනකොටම දැරිවිගෙ අම්මා කිව්වනෙ බදින්න කෙනෙක් ඉන්නවා කියලා...ඒ හින්දා ඒක කුණුකූඩෙට යන්න ඇති...ඔහොම තුණ්ඩුවක් දුන්න පලියට කෙල්ලෙක් ලියුම් ලියන්න නම් ඒ කොල්ලගෙ ලොකු ආකර්ශනයක් තියෙන්න අවශ්‍යයි.

      Delete
  10. අරක්කුත් එක්ක කරන ගනුදෙනුව හරි භයානකයි මචං.. විශේශයෙන් වෙඩින් වලදි කයියක් ගහගෙන අනුමත වෙද්දී ගොඩක් අය ලිමිට් පන්නනව නේද ..බොන්නම එන පොරවලුත් ඉන්නවනෙ.

    චූටි නංගි චිට් එක ගත්ත එක නං වැරදී මචං.
    මම නං කියනව මෙන්න කාරෙක ඌත් එක්කම නැගල තෝත් පල $%&# කියල . අම්මප !!

    ReplyDelete
    Replies
    1. ඕකට උගත් / නූගත් භේදයකුත් නෑ බං....වතාවක් මම උත්තු සෙට් එකක් එක්ක සැට් උනා මීගමු වැල්ලෙ...එදා එතන හිටිය එකෙක් බිව්වට පස්සෙ බොහොම රෞද්‍ර උනා...අහුවෙන අහුවෙන එකාට ගහන්න හදනවා...විහිලුවට කියලා...උගෙ යාලුවො කිව්වා මේකා බිව්වම හැමදාම මෙහෙමයි කියලා...මගෙත් අහවල් තැනට මරණීය කික් එකක් දුන්නා...මම වැඩ දාලා මල්ලියව බේර ගත්තා...

      Delete
    2. මේ ඔය බිව්වහමොහොම පොරවල් ගහගන්න සෝබන දාන ඩයල් ඉන්නව නේ මචං.. අමූලික බොරුවක් කරන්නෙ හරිද ,, තනිකර බොරුවක් ඕක..එහෙනං කෝච්චියට බෙල්ල තියන්න එපැයි. ගඟේ මූදෙ පනින්නෙපැයි.. අපේ එකෙක් හිටිය ඔහොම්මමයි .. දවසක්ොහොම වන වෙද්දි අපේ එකෙක්ම හොඳටෝම නෙලුවා පෙරලගෙන . එදා ඉදන් බිව්වම ශෝක් කොලුව.. පොඩ්ඩක් කියවයි ,එච්චරයි. !!

      Delete
  11. ඔන්න කාලෙකට පස්සෙ මේ පැත්තේ එන්න ලැබුනා. බොන ආට් එක නොදන්න කරුමේ තමයි ඔය. මේ දැන් මම දෙකක් ඇන ගෙන ඉන්නබෝතලේ ගහලා තියෙනවා Enjoy responsibly කියලා. කතාව ඇත්තනේ.

    ReplyDelete
    Replies
    1. අපේ හෙන්රි උතුමා මේ දවස් වල සිරි ලංකා චාරිකාවක නිරත වෙන බව ආරංචියි...අර බුරුසු රැවුලාවත් හමුවෙලා බීච් පාටිය පැත්තෙ ගිහිල්ලා මුහුදු හුළං ටිකකුත් වද්දගෙනම ආයෙත් රට පැටවෙන්න..

      Delete
  12. මේ ලෝකේ තියන මත්පැන් ඉවර වෙන්ඩ කලින් බොන්ඩ ඕනෑ කියන හැඟීමෙන් බොන්නෝ පිරිසක් ඉන්නවා. තව පිරිසක් පිනට බොන්න දෙනවානම් පැල් බැඳගෙන බොන්න හදන්නේ.

    අර ඉස්තිරියාවට තිබුනනේ බොරු මහන්තත්තකම් නැතුව, අනේ මම බැඳලා කියලා මුද්ද පෙන්නලා අර තුණ්ඩුව ආපහු දෙන්ඩ. මොකද එයාගේ නලලේද තියෙන්නේ?

    ReplyDelete
    Replies
    1. නලලේ නෙවෙයි සර්
      සමහරක් උත්තමාවියන්ගෙ නලලින් ටිකක් උඩට වෙන්න ඉස්මුදුන හරියෙන්ම පිහිටනවා උපතින්ම !!

      Delete
    2. ඒ ගෑණු ළමයා සමහර විට සැමියා එක්ක බලෙන් බන්දලා වෙන්න ඇති. එයාගෙ රුචියට ගැලපෙන කෙනෙක් නිසා යටිහිත තුණ්ඩුව ගන්න කියන්න ඇති.

      මම ගොඩාක් වෙලාවට දැකලා තියෙනවා තමන්ට වැඩිපුර බොන්න පුලුවන් කියලා පිරිමි අතර වීරයා වෙන්න ගිහිල්ලා වමනෙ දාගෙන බලු වෙන චරිත...

      Delete
  13. කොහෙද ඉතින් බොන්න එපා කිවුවට අහන එකක්යැ.. යන්තම් බේරිලා නම් ඇවිත්.. මනමාලයගේ සායමක් ඉතුරු වෙලාම නෑ..

    ReplyDelete
    Replies
    1. ගෙවන මුදලට උපරිම ප්‍රතිලාභ කියලලු හොදට බොන්නෙ....වැඩිපුරත් එක්ක....

      Delete
  14. මේ වගේ සිද්ධියක් දැකලා නම් නෑ. හී හී...

    හොඳ වැඩේ කට්ටියට බොනවට. මුදු දාලද කියලා හරියට බලලා address දෙන එකයි ඇත්තේ.

    ලියලා තියෙන භාෂාව නම් හරිම අපූරුයි. මුලු කතාවම හිනා ගොඩක් එක්ක ලියාගෙන ගිහින් වගේ.

    ReplyDelete
    Replies
    1. ඒත් ඉතිං මුද්ද සාරි පොටෙන් වහගෙන ඉන්නවා නම් ස්කෑන් කරලා තමයි බලන්න වෙන්නෙ...කොහොමත් කොල්ලො මුද්ද අතේ තියෙනවද ? උස සෙට් වෙනවද වගේ දේවල් බලලා තමයි වැඩකට බහින්නෙ...නැතුව දුටු පමණින් තුණ්ඩු දෙන්නෙ නෑ.

      Delete
  15. අඩේ දැන් එච්චර වෙඩින් වල වලි යන්නෙ නෑ... වැඩි හරියක් යන්නෙ ගම් පැති වල තමා....එල එල...

    ReplyDelete
    Replies
    1. ගම් පැති වල ඉතින් බෝතල් හොරෙන් පන්නනවා..අරවා මේවා සීන් ගොඩාරියයි නෙ...

      Delete
  16. මදෑ ඔහෙන් ගියා. මම නම් හිතුවෙම මගුල අස්සෙ අවමගුලක් සෙට් වෙයි කියලා.
    කොහොම උනත් වෙඩිම වගේ මනුස්සයෙක්ගෙ ජීවිතේට එක පාරක් එන දවසක ඔහොම වලි දාගන්න එක නම් වැරදී.

    ReplyDelete
    Replies
    1. වැරදි කියන්නෙ බොහොම කැත වැඩක්...තමන්ට ආරාධනය කරපු එකේ ගෞරවය තියන්න සහභාගි වෙන උන් දැනගන්න ඕනෙ...

      Delete
  17. කෙල්ල ඉල්ලීමක් කරලා තියෙනකොටත් කොල්ලා යාළුවන්ට කියලා බොන්න දුන්න එක වැරදි යි :( මගුල් දවසේ ඔය වගේ දෙයක් වුණානේ හැමදාම හිතේ තියෙනවානේ. හ්ම්ම්, අර කෙල්ල බැඳලා නං මොන එකට ද නම්බර් එක ගත්තෙ? හරි නං කට්ටිය එකතු වෙලා කෙල්ලට හොඳට දෙකක් නෙළන්න තිබුණේ. කොහොම වුණත් මගුලට මත්පැන් නොගෙන ඉන්න එක තමයි ඇඟට ගුණ!

    ReplyDelete
    Replies
    1. මෙහෙමනෙ...කොල්ලන්ට ඉතිං කටගැස්මක් එක්ක පොඩ්ඩක් හීනියට කරන්න ලැබුනෙ නැත්තං මනමාලයට දාහක් කථා අහන්න වෙනවා...යාලුවන්ගෙන්...මනමාලයත් අරක්කු ඩිංගිත්තක් කටේ තියෙන කෙනෙක් නම් මත්පැන් නැතිව වැඩේ කරන්න හිත දෙන්නෙ නෑ....අමද්‍රප සංගමේ මනමාලයෙක්ට නම් කිසි අවුලක් නෑ.

      Delete
  18. වෙඩිමකදි බොන්න දෙනවනම්, වෙඩිමට එන්න කියන උන් බිවුවට පස්සේ හැසිරෙන්නෙ කොහොමද කියල දැනගෙනම උන්ට එන්න කියන්න ඔනි,නැත්තන් බොන්න නොදි ඉනා එක තමා හොදම දේ...........

    ReplyDelete
    Replies
    1. ඒකනෙ දැන් ගොඩාක් තැන් වල බෝතලේ අතට නොදී ෂොට් එක දෙන්නෙ...එතකොට නිතරම ඉල්ලන එක ලැජ්ජාවක් කියලා හිතලා ෂොට් දෙක තුනක් දාගෙන ෂේප් එකේ ඉන්න වෙනවා.

      Delete
  19. ඒකනේ මම කිව්වේ පානිය දන්න එකෙක් ඉන්න කම් කිසි අවුලක් වෙන්නේ නෑ. මොකෝ මේ ළොකේ හැම ජාතියෙන උන් ඉන්නවනේ බන්. උඹලා හොඳයි අපේ උන් කීප තැනක්ම කුඩු කරලා පොලිස් කූඩූ වලත් ඉඳලා තියෙනවා.

    මගේ යාළුවෙක් හිටියා. ඌ නම්බර් වන් පානිය. උඹ දන්නවද ඌට ඉස්සෙලම හම්බ උන රස්සාව මොකක්ද කියලා. බදුල්ලේ පානීය ජලය ව්‍යපෘතියක රස්සාවක්. නියමෙටම ගැලපෙන රස්සාව.

    ReplyDelete
    Replies
    1. එතන හිටිය පහ හයකට උනත් එකසැරේ වඩාගෙන ගහන්න පුලුවන් මිනිහෙක් භානුක කියන්නෙ....එච්චර විශාල ශරීරයක්...ඒත් මිනිහා එවලෙ ආවේගශීලීව හැසිරෙන්නෙ නැතුව කටයුතු කල ආකාරයත් මේ උණුසුම් කාරී තත්වය පහව යන්නට හේතු උනා.

      පානිය දාන යාලුවා අලුත් ජොබ් එකේදිත් පානිය දැම්මද දන්නෙ නෑ....දැන් පානිය පිළිබද විශේෂඥයෙක් වෙන්ට ඇති...

      Delete
  20. නියම කතාවක්. මේ වගේ දේ සමාජශීලී යෞන්වනෝදයේම පමණක් නොව ඕනෑම වයසක පිරිමි හට මුහුණ දෙන්න වන සුලහ දේය. නමුත් මෙහි ඇති වැදගත්ම චරිතය භානුකය. මාතලන් කිව්ව වගේ පානිය දන්න එකෙක් නැත්නම් හබක්.
    පුත්තලම අනුරාධපුර පාරේ මහ කැලෑව පටන් ගන්න තැනම තිබ්බ චෙක් පොයින්ට් එකේදිත් අපේ උන් මහා යුද්දේ කාලේ ගිය ෆීල්ඩ් ට්‍රිප් එකකදී මෙවන් පරිප්පුවක් කෑ බව මට මතකයි. හොදටම වෙරිවී සිටි අපේ ලෙචාල පමණක් නොව ශිෂ්‍ය්යොත් තව නූලෙන් කනවා මහ පාරේ මළ පහ වෙන්නම. එදා බේරුනේ මගේ පානියෙන් සහ වාහනේ ගහලා තිබ්බ රාජ්‍ය ලාංඡනයේ පිහිටෙන්. ඕවා නොවුණු පිරිමි මොටද මලේ?

    ReplyDelete
    Replies
    1. භානුක ගැන මාතලන්ගෙ කමෙන්ටුව දාපු පිළිතුරෙත් යම් සදහනක් කලා...එදා ඔහුත් ආවේගශීලී උනා නම් ඔහුගේ ශරීර ශක්තිය හමුවේ මාමලා කීප දෙනෙක්ම හොදට ඔහුගෙන් ගුටි කනවා...ඒත් ඊට පස්සෙ...ගං පෝරියල් එකක් තමයි සෙට් වෙන්නෙ...

      ගොඩාක් වෙලාවට බීපු තැනක සිහියෙන් කල්පනාවෙන් ඉන්න එකා දෙන්නා තමයි තමන්ගෙ කණ්ඩායම ගං පෝරියල් වලින් බේරගන්නෙ...මටත් එහෙම අත්දැකීම් තියෙනවා...වතාවක් අපි කන්නෙ පේරාදෙණියෙ මල් වත්ත ඇතුලෙදි...ඒ කථාවත් ලගදිම කියන්නම්...

      Delete
  21. මම මේකට මුකුත්ම කියන්නෙ නෑ සිරෝ.. උඹ දන්නවනේ ඇයි කියලා....

    ReplyDelete
    Replies
    1. හිරු බොන එව්වොන්ට බොක්කෙන්ම සපෝට් කියල අපි දන්නව අක්කෙ :-)
      ඉත්තූතී ඈ අපිට දෙන සහයෝගෙට :-)

      Delete
    2. මම දන්නෙ නෑ...ඒ නිසා කියන්ටෝ....හැබැයි මම හොදටම දන්නවා හිරුවා සාම්ප්‍රදායික කෙල්ලෙක් වගේ හිතන්නෙ නැති විත්තිය...

      Delete
    3. මම උඩ ඉඳලම පල්ලෙහාට බලාගෙන ආවෙ හිරුව මොකක්ද කියල තියෙන්නෙ කියල බලන්න...ෂිහ් මහ දියාරු කමෙන්ට් එකක්නෙ...

      Delete
    4. මෙයා මේ දවස් වල මොණර කැටයමක් කරනවා...ඒ නිසා වෙලාව නැතුව ඇති...නැත්නම් ඩොන්ගල් එකේ බයිට් එවර වෙලා...ඔය දෙකෙන් එකක් ෂුවර්...

      Delete
    5. මගේ වෙඩිමෙදි අරක්කු බීම ( නෑම) සහ අපේ මිනිස්සුන්ගේ ගොන් කම් නිසා මම විඳවපු හැටියි තාමත් විඳවන හැටියි ආයිත් අමුතුවෙන් කියන්න දෙයක් නෑ සිරා... ඒකයි මුකුත් ‌නොකියා ඉන්නෙ...

      මොණරා ෆිනිෂ්.. බලන්න ෆොටෝ දැම්ම පේජ් එකේ...

      Delete
    6. මම දැක්කා මොණරව...ලස්සනයි...

      Delete
  22. මගේ මගුලෙත් බොන්න දුන්නේ නෑ....

    ReplyDelete
    Replies
    1. යාලුවන්ගෙන් ඇනුම් පදයක් දෙකක් ඇහුවෙ නැතෙයි...මගෙ එකේ මට පුලුවන් නම් නිර්මාංශ ආහාර වේලක් දෙන්න...

      Delete
    2. ඔයාගෙ වෙඩිම පන්සලක ගන්න..එතකොට ඒක කරන්නම වෙනවනේ.. ;)
      (හාමුදුරුවෝ සැතපෙන්න කලින් හොරෙන් ඇඳ යට තියාන අනුමත වෙන්නෙ නැති තැනක )

      Delete
    3. එහෙමත් බෑ...එදාට එතනට යන සුන්දර දැරිවියො දැකලා හාමුදුරුවන්ගෙ සිල් බිදෙන්න පුලුවන්...

      Delete
  23. වෙඩිමක් දවසේ බොන්න දෙන එක ඕනම නෑ කියලයි මගෙ නම් අදහස.මගේ වෙඩිමෙත් බොන්න තිබුණේ නෑ.දෙවනි දවසේ නම් බොන්න තිබුණා...මොකද අපේ එක්කෙනාගේ යාලුවො සෙටාර් එක එන්නේ ඉතිං බොන්න බලාගෙනමනේ.හැබැයි ඉතිං කචල් නෑ..නිකං ඉන්නවට වඩා හොඳයි සමහර අය බිවුවහම..

    ඔය වගේ ගහ මරා ගැනිලි ඇති පදමට දැකලා නම් තියනවා..අපේ එක්කෙනාගේ අක්කලා කලින් හිටියේ වෙඩින් හොටෙල් දෙකක් මැද්දේ...මම ඔහේ ගියාම ඉතිං දවසම ඉඳලා එන්නේ....නැකැත් දවසට අක්කා කියනවා.. "ඔන්න අද වලියක් බලාගන්න පුලුවන් තව ටිකකින්" කියලා...කිවුවත් වගේම හරියට හරි... :D වැඩිපුර රණ්ඩු වෙන්නේ දෙමළ අයගේ මගුල් වල.

    අර මම කියපු හෝටල් දෙකෙන් එකක අයිති කෙනා ඔය වගේ වලි යද්දී මිදුලට වෙලා ඉන්නවා..ඇති පදම් ගහගනිල්ලා කියලා වගේ...අන්තිමට අලාභේ ගෙවන්න වෙන්නෙත් අහිංසක මගුල ගත්ත කොල්ලට තමයි...

    අනිත් හොටෙල් එකේ අයිති කෙනයි පුතයි කරන්නේ පොලු දෙකක් අරගෙන කොයි පැත්තෙ කවුරු උනත් කමක් නෑ.....ගහගන්න අයගෙන් අහු උන කෙනාට ගහනවා..පස්සේ ඒ අලාභේත් ගෙවන්න ඕන අර දෙන්නා...ඔන්න ඕකයි තත්ත්වේ

    ReplyDelete
    Replies
    1. පවු ඉතිං...මෙහෙම බේබදු වලියකට පැටලුනාම ඒ කෙනාගෙ බිරිද , දරුවො තමා අපහසුතාවට පත් වෙන්නෙ. මම නොයෙක් වර එවැනි සිදුවීම් දැකලා තියෙනවා...

      මගේ පාසල් මිත්තරයො සියල්ලම බොහොම විනයක් ඇතුව බොන උන්...උන් ඉන්න තැනක ජංගම ස්කාගාරයක් ගෙනල්ලා තිබුනත් භය වෙන්න දෙයක් නෑ.

      Delete
  24. ඇති යාන්තන් වලියකට නොයා ගේම ගොඩිං බේර ගත්ත එක...
    වලියගකට ගියා නං ගමකටම කන්ඩ තිබුනා. එකා එක ටොක්ක ගානේ දුන්නත් ටොකු පෝලිමක්ම කෑවෑකි කිසි ගින්නක් නැතුව !

    ReplyDelete
    Replies
    1. මොනවා කියනවද...එහෙම ටොකු කෑවා නම් ගිය ආත්මෙ බීලා චාටර් වෙච්චත් මතක් වේවි...

      Delete
  25. පිටගම් වල ගිහිං ඔහම කේස් දාගෙන උඹලා බේරිලා අවා එකත් ලොකුදෙයක් සිරෝ.
    කළමණාකාර අධ්‍යක්ෂක තුමා රත්තරන් තමයි ඈ .

    ReplyDelete
    Replies
    1. අපිත් නරඹන්නො නොවී කොක්කටම ගියා නම් ගං පෝරියල් එකක් ෂුවර්...

      Delete
  26. ෂික් අපරාදෙ රෑටත් කාලම එන්න තිබ්බ එක නැතිකරගෙනනෙ.
    ඔහොම ‍බොන සෙට් එකක කල්පනාවෙන් ඉන්න එකෙක් හරි ඉන්න ඕන. නැත්තං ඉතිං සදා සොත්ති තමයි.

    ReplyDelete
    Replies
    1. රෑට කෑවා වගේද අනේ ගෙදර ඇවිල්ලා තෙල් සාත්තුව කරද්දි දැනෙන් ආතොල් එක...කාපුවා එක සැරේම දිරවනවා එහෙම උනා නම්...

      Delete
  27. භානුක කියන්නේ මාර ඩයල් එකක්නේ.....එහෙම ඉවසන පොරක් ඉන්න එක ලොකු දෙයක්. නැත්තම් මූණු හතරැස් කරන එන්න තිබුනා.

    ReplyDelete
    Replies
    1. මිනිහට ඇගේ වාසියත් අරන් එතන යකා නටන්න හොදට ඉඩ තිබුනා...එත් ඇගේ හයියෙන් ප්‍රශ්න විසදන්න උත්සාහ කරන්නෙ මොළයක් නැති මෝඩයො...මිනිහගෙ නුවන පාවිච්ච් කරපු නිසා තමයි එදා අපි යහතින් ආවෙ...

      Delete
  28. ඔහොම බොන්න දීල කල ගොන්කම් අතරින් රජ ගොන්කම මම දැක්කෙ මනමාලයා හොඳටම පදම්වී මඟුලත් කැඩෙන තරමට වලියක් ගිය දිනකයි.. බීම නම් අඩුම ගනනේ මනාලයා මනාලිය සමග පිටත්වෙනකල්වත් නොතිබිය යුතුයි අපේ රටේ. ඒ මොකද වැඩි හරියක් අය්යලා බොනවා නෙවෙයි නානවා.

    ReplyDelete
    Replies
    1. අපේ එවුන් හිතන් ඉන්නේ අයියේ නාන්න බදු දුන්නේ නැත්නම් මගුල්ගේ බංකලොත් කියලානේ

      Delete
    2. අඩේ...සරත් අයියට ඒ සිදුවීම ලියන්න බැරිද...පික්සු හැදෙන සිදුවීමක්නෙ ඒක...යාලුවො ටික පොවලද නැත්තං මනමාලයා තනිකඩ ජීවිතේ නිම වෙන දුකට බීලද ?

      Delete
  29. මචං,ඔය වගේ වැඩ දෙන විදි තියෙනවා.උඹලා වෙඩින් එකකට යනකොට තව කෙල්ලො දෙන්නෙක් විතර අරන් පලයං(හැබැයි හොඳ බොක්කක් වෙන්න ඕන).ඒ කෙල්ලො අතේ නොදන්න ගානට ඕන කෙල්ලෙක්ට හරි ගෑනියෙක්ට හරි සිරාවටම කියනවනම් මනමාලිට හරි ඕන තුණ්ඩුවක් දෙන්න පුලුවන්.එහෙම නැත්නම් එතන ඉන්න කෙල්ලෙක් ‍ෆිට් කරගනින්,ඕන ගේමකට ඔට්‍ටු.www.amuthusithuwili.wordpress.com

    ReplyDelete
    Replies
    1. අරගෙන යන්න කෙල්ලො ඉන්නවා නම් මොනවටද බන් පිට උන්ට තුණ්ඩු දෙන්නෙ...

      Delete
  30. මමනම් මගුලෙදි බොන්න දුන්නෙ නෑ. අපේ උන්දලගෙ ගෙදරින් දුන්නෙත් නෑ. මොන බම්බුවටද බන් කොහෙවත් ඉන්න හාල්පාරුවන්ට අතින් කයිට් කරගෙන බොන්න දීල තව නම්බුවටත් කෙලවගන්නෙ !

    ReplyDelete
    Replies
    1. අර යටින් පත්තර මල්ලි අහලා තියෙන දේ තමයි මටත් මතක් වුනේ...

      Delete
  31. ඒක හරි බං..
    අපරාදෙ ඒ ආපු හාල් පාරුවන්ට කන්න දුන්නෙත් :-)

    ReplyDelete
    Replies
    1. උඹ මොකද මේ තනියෙන් කියවනවද මෙතන...හරියට තැන බලලා කමෙන්ටුව කොටහං මලේ...

      Delete
    2. පොඩ්ඩක් තැන වැරදුනා බං :-)

      Delete
    3. පත්තර මලේ කතාව ඇත්ත...මම නම් හාල්පරුවන්ට ආරාදනා කරන්නෙත් නැහැ.උන්ගෙ සල්ලිත් හාල්පාරුනෙ නේද බන්.......ඒ මලයා ඕක නොලිය හිතේ තියාගත්තනම් ඉවරයි නේද මලේ..

      Delete
    4. සහතික ඇත්ත බං..
      ගෙවල් වලට ගිහින් ආ‍රාදනා කරපු හින්ද නොවැ මිනිස්සු මඟුලට එන්නේ..බලෙන් එනවයැ බං ?

      ගෙදරිං එද්දි බත් මුලක් බැඳං එන්න කීවනං අහවරනෙ බං .. අවමන් නොකර !

      Delete
    5. නෑ බං මිනිස්සුට ආරාදනා කරන්නෙ ලැබෙන සල්ලි බලාගෙන නෙමේ. නොකිව්වොත් ජීවිතකාලෙටම කතන්දර අහන්න වෙන නිසා සහ දෙමව්පියො වැඩිහිටියො තරහ කොරගෙන මුල ඉඳලම පවුල අවුල් කරගන්න තියෙන අකමැත්ත නිසා. හැබැයි අපි ඔය ආරාදනා කොරල ගෙන්නගන්න මිනිස්සුන්ගෙන් 50%වත් ආයෙත් ඇහැටවත් දකින්න ලැබෙන්නෙ නෑ. ඉතින් ඒකයි මම කිව්වෙ උන්ට හාල්පාරුවො කියල ! අම්මල අප්පලගෙ සල්ලිවලින් ආතල් ගන්න සුලු පිරිසක් ඇරුනම අපි වගේ රස්සාවක් කරල තමන්ගෙ මහන්සියෙන් සල්ලි හම්බකොරන එකෙක් මගුලක් කන්නෙ පුදුම අමාරුවකින්. බොලා බෑඳලද කියන්න මම දන්නෙ නෑ. එහෙම නෑත්තන් ලඟදිම මගුලක් කාල බලහල්ලකො ඒකෙ තියෙන අමාරුව සහ කොරන්න තියෙන මල විකාරවල තරම !. ඇත්තම කියනවනම් අපේ සින්හලයො තරම් එක ජාතියක්වත් මගුල් කියල මේ වගේ ගොන් පාර්ට් දානවද ? අපි කරන්නෙ එක එක ආගම්, සංස්කෘතිවලින් අහුලගත්ත කෝලම් ගොඩක්.

      Delete
    6. ඇනෝ මචං
      උඹල එකෙක්ද දෙන්නෙක්ද කියන්න නං දන්නෙ නෑ මචෝ ..
      මං වෙඩිම ගත්තෙ ගිය අවුරුද්දෙ මුල මචං!
      යට ඇනෝ කියල තියල දේවලින් 99% එකඟයි මමත් ! ඒත් අපිම ගිහිං ආරාධනා
      කරල එන අමුත්තන්ට නං හාල්පාරුවො කියන්න එපා රත්තරන් ..ගෙදරට ආව එකාට දෙයියන්ට වගේ සලකන්නෙපැයි
      මිනිහෙක් වෙඩිමකට එන්නෙ ලොකු වියදමක් දරන් වගේම අපි වෙනුවෙන්ම නිවාඩුවක් දාල අතින් කයිට් කරන් වෙන්න පුලුවන්නෙ..අනික රු 1000 ක් හරි දුන්නට ඌට ලැබෙන්නෙ ඌ කන බොන ටික විතරනෙ නේද ..
      අනිත් කතා ටික නං තිතට හරි. වෙඩිමක් ගත්ත එකා දුක දන්නව ! තනිකරම විකාරයක් උනත් දෙමවපියන්ගෙ යාලුවන්ගෙ නෑදෑයන්ගෙ සතුට වෙනුවෙන් ඒක කරනවනෙ මාරුවෙන් නැගිටින්න හදන එකා ට වෙඩිම කියන්නෙ තවත් අනවශ්‍ය බරක් !!
      අත්දැකීමෙන් කියන්නෙ වෙඩිමෙන් 50% ක් වියදම් උනේ අරක්කු වලට තමයි .උඹ හරි !
      අරක්කු නොදී කරන්නත් අමාරු‍යි බං ඒ උනාට .. නොබොන එකෙක් නං අවුලක් නෑ.
      අනික ජීවිතේටම එක පාරයිනෙ බං.!!

      Delete
    7. මගේ අදහස නම් ගෑණු දරුවන් තමන්ගෙ විවාහය උත්සවාකාරයෙන් ගන්න තේරුමක් ඇති වයසෙ ඉදන් හීන මවන නිසා ඒ අයට සතුටක් වෙන්නත් එක්ක උසස් ආකාරයෙන් උත්සවය පැවැත්වූවාට වරදක් නෑ....හැබැයි ණය නොවී...හතර අතට ණය වෙලා මගුල් කාපු මී හරක් කීප දෙනෙක්ම මම දැකලා තියෙනවා...මගුල ඉවර වෙච්ච දවසෙ ඉදන් ජෝඩුව නොකා නොබී ණය ගෙවනවා...

      Delete
    8. පත්තර මලේ...ඔන්න එහෙනම් උඹ කියන හින්දම හාල්පාරුවො කියන එක ඉල්ලා අස්කරගන්නව.....මට තියෙන ප්‍රශ්නෙ ආරාදනා කරපු මිනිස්සුන්ට සලකන එක නෙමේ. සිංහල අපේ මගුල් කියල කරන්න සිද්දවෙලා තියෙන අනවශ්ය නාස්තිය සහ එහෙම නොකලොත් නිකන් දෙකේ කොලේට දාල කතාකරන්න පුරුදුවෙලා තියෙන සමාජ ආකල්ප. පෑරනි සිරිත්විරිත්, පෝරුවෙ චාරිත්‍ර කමක් නෑ. අනිත්ටිකනම් තනිකරම බොරු මවාපෑම්. මමනම් කියන්නෙ අපිත් අර වෙන රටවල වගේ සරල මගුල් සිරිත්වලට පුරුදු වෙන්න ඕනෙ. නෑත්තන් රටේ තරුන පරපුර සදාකාලික නයකාරයො වෙනව මේ බහුබූත කොරන්න ගිහින්. මගුල් කියන්නෙ දෑන් තනිකරම ජාවාරමක්. යන්තන් කීයක් හරි හම්බකොරගෙන තමන්ගෙ කකුල්දෙකෙන් නැගිටින්න හදන කොල්ලො කෙල්ලො තව අවුරුදු ගානකට තලල දානව අපේ මේ විකාර සිරිත්වලින්. මම එක පාරක් තමිල්නාඩුවෙ මගෙ ලොක්කගෙ වෙඩිමට ගියා. 3500ක් විතර ඇවිත් හිටිය.හබෑයි හෑමදේම ඉතාම සරලයි. කෑමත් සරලයි හෑබෑයි පිරිසිදුයි රසවත්. බඩ පිරෙන්න කෑව. අපේ වෙඩින්වල තියෙන කෑම ගොඩක්වෙලාවට බටහිර පන්නෙට හදපුව. බඩ පිරෙන්න කන්නෙ කලාතුරකින් කෙනෙක්. ගොඩක් අය නිකන් කන්න ඕනෙ නිසා කනව විතරයි. ගොඩක් මගුල් ඉවරවෙලා දොස් අහන්න වෙන්නෙ කෑම ගෑන තමා. අන්තිමේදි මමත් බැන්දට පස්සෙ ලොක්ක එක්ක එකතුවෙලා පොඩි cost comparison එකක් කලා. අය්යෝ ඇඬෙනව බන්. ඌට 3500ක් එක්ක මගුල් කාලත් ගිහින් තියෙන්නෙ මම යන්තන් 300කට කියල කාපු මගුලටත් අඩු ගානක් ! ඌ මගුලට කලින් ගියෙ Bike එකේ. දෑන් අලුත්ම කාර් එකක් අරන් ආතල් එකේ ඉන්නව. මම තිබ්බ කාරෙක විකුනල මගුල් කාල දෑන් කෝච්චියෙ යනව ! ඕන් අපේ මගුල් කෙරුවාව !

      Delete
    9. සිරා කොලුවො උඹ තාම පොඩි එකා නිසයි මේ කියන්නෙ.....ගෑනු දරුවන්ගෙ හීන හැබෑකොරන්නය කියල උඹ ඔය විකාර නටන්න යන්න එහෙම එපා ! උන්දලගෙ හීන නිකන් හරියට අර මෙගා නාට්ටි වාගෙ. ලේසියෙන් ඉවරවෙන්නෙ නෑ. එක දිගට පේන්න ගන්නව !

      Delete
    10. අනේ ඇනෝ...අවුරුදු 30 කට වැඩි මම වගේ උන්ටත් උඹලා පොඩි උන් කියලද කියන්නෙ...මගෙ යාලුවො බහුතරයක් දැන් දෙදරු පියාලා...

      Delete
  32. තමන් විසින්ම තමන්ව හා තමන්ගේ ජාතිය පහත් කරගන්න ජන කොට්ටාසයක් අපේ සිංහලයෝ ඇරෙන්න වෙන කොහෙවත් නැතුව ඇති

    ReplyDelete
    Replies
    1. සමහරු ඉතින් බොනවා නෙමෙයිනෙ නානවා...අපේ ඥාති සහෝදරයෙකුගෙ හෝම් කමිං එකට රාත්‍රියෙ ආපු සමහරු බීලා තැන් තැන් වල වැටිලා ඉදලා...උදේට ඒ ගෙදරින් තේ එකකුත් බීලයි ආපහු ගෙදර ගියේ...කාටද ආඩම්බර...

      Delete
  33. ඇත්තම කේස් එකනම් දැන් අරක්කු නොදී බැරි තත්වයට පත්වෙලා.අන්තිමට කෙලවර වෙන්නෙ බෝතල් ටික කුඩු කරගෙන.වෙනම සෙට් එකක් දාල තියන්න වෙනව මත්වෙච්ච අලි ටික මේච්චල් කොරන්න.

    ReplyDelete
    Replies
    1. අරක්කු බීලා වැඩිවෙලා පිස්සු කෙළිනවට අමතරව...බෝතල් හොරෙන් උස්සන උන් හොයන්න රහස් පොලීසියෙනුත් දාන්න වෙලයි තියෙන්නෙ දැන්...

      Delete

  34. සිරා මේ වගේ පෝස්ට් එකක් දාපු එක හොඳා..!
    රහමෙර ගැන නිතර දෙවේලෙ අපි කිව්වත්..අපි කුමන චරිත කොට්ටාශයකට අයත් වෙන පිරිසක්ද කියල අව්බෝද වෙන්න මේ පෝස්ට් එක හේතුවක වෙනව.
    අරක්කු ගැන කියන්න තියෙන සියල්ල මෙහි තියෙනව. සත්තකින්ම අරක්කුඅ කියන දේ නිසා මිනිස්සු මේ තත්වයට වැටෙන බවමොන හේතුවක් හින්ද වෙනවද මන්ද...! අපි නම් පොඩි ඩ්‍රින්ක් එකක් දැන්මම හැන්ගෙන්න මයි බලන්නෙ...අනෙක් මිනිස්සුන්ට මුහුන දෙන්න බයයි ..ලැජ්ජයි..මොන වීරයොද..?
    කරන එකම දේ ලාවට සින්දුවක් කියන්න පුලුවන් ඈයො හිට්යොත් සින්දුවකින් සංතර්පණය වෙන එකයි.

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ගෑණු දරුවො මත්පැන් ටිකක් බොන පිරිමින්ට අකමැති මේ නරි නාටක දැකලා..ඒ අය දන්නෙ නෑ උඹලා මම වගේ අය තමන්ගෙ තරමට බීලා අනුන්ට කරදරයක් නොවන විදියට ඉන්න බව...තමන්ගෙ සීමාව කොතනද කියන එකයි ගොඩාක් අයට තීරණය කරගන්න බැරුව යන්නෙ. ගම්පහ ගෙට්ටුව වෙලෙත් වීයා අපි ගත්ත ආතල් එක මතකයි නොවැ...

      Delete
  35. හුග දවසකින් අවේ ඔන්න මි මුරෙත් කියවගෙනම අවා රා මුට්ටියේ ෆොටෝ එකකුත් තිබුනානම් ෆට්ට

    මම හිතුවේ සිරා හොදට කාලා ඇති කියලා

    ReplyDelete
    Replies
    1. අන්තිම රා මුට්ටිය බාපු එක තමයි ඒ සංචාරයෙදි මම ගත්ත අන්තිම ෆොටෝ එක...ඒක ටිකක් බොද වෙලා තිබුන නිසාම ගත් සැනින් මැකුවා...පික්සු කථා කරන්න එපා...අපි එහෙමත් කනවද...

      Delete
  36. දැන් නම් හොඳම වැඩේ බඳින්න කලින් හරි පස්සේ හරි බොන එවුන් ටික සෙට් කරලා වෙනම පාටියක් දෙන එක. කොච්චර කිව්වත් සමහරු නිකං දෙනකොට ලිමිට් තියාගන්නේ නෑ...

    ReplyDelete
    Replies
    1. නිකං ලැබෙනවා නම් දෙමළ පත්තරේ උනත් ගන්න උන් ඉද්දි නිකං දෙන අරක්කු ටිකත් වැඩි වැඩියෙන් බඩට පුරව ගන්න තමයි බොහෝ අය උත්සාහ කරන්නෙ...සමහර භාරියාවො මිනිහට බොන්න අවසර දීලා තියෙන්නෙත් වෙඩිමක විතරක් නිසා ඒ අයත් එදාට ඇරියස් අල්ලලා ගහනවා...

      Delete
  37. //ඕක අහන්න දෙයක්ද අයිසෙ...ගහනවා ෆුල් ටෑන්ක්...//
    උදේ හතරට මේ වගේ හිනා වෙච්ච පලවෙනි දවසද කොහෙද? දැන් ඉතිං දෙන්නේ මොබයිල් අංක නේ. ඉස්සර ගිය තරම ඇඩ්රස් සීන් තමයි.

    ReplyDelete
    Replies
    1. පිස්සුද සුදීක, මෝබයිල් නම්බර් එක දුන්නේ 2005 ට කලින්.
      දැන් දෙන්නෙ ෆේස් බුක් ඇඩ්‍රෙස් එක.
      විස්තර බලලා, ෆොටෝස් බලලා කැමතිනම් විතරක් ඒකෙ තියෙන නම්බර් එකට කෝල් කල හැකියි.

      Delete
    2. මම දෙන්න හිටිය උත්තරේ තමයි ඇල්බන් උන්නැහේ දීලා තියෙන්නෙ...අද තවත් පියවරක් ඉදිරියට ගිහිල්ලා ස්කයිප් අයි ඩී එක තමයි ඉල්ලන්නෙ..සජීවීව මූණ දිහා බලාගෙනම කැමැත්ත ඉල්ලන්න තාක්ෂණේ පිහිටෙන් අපිට දැන් හැකියි.

      Delete
  38. අපරාදෙ ඩෙසර්ට් එක මිස්වෙලා

    ReplyDelete
    Replies
    1. ඒ උනාට අපි එන ගමන් රෑ කඩේකින් බිත්තර ආප්ප කෑවා...

      Delete
  39. කියවන්න එන්න පමා වුණා මලයා...... විස්තර කොටන්නං රෑට යන ගමන්

    ReplyDelete
    Replies
    1. අවුලක නෑ නළින් අයියා...මම දන්නවා ඉතාමත් කාර්යබහුල බව.

      Delete
  40. /// තමන්ගෙ ප්‍රබලත්වය...තමන් වීරයෙක් කියලා අන් අයට පෙන්වන්න සමහරු තමන්ට ඔරොත්තු නොදෙන විදියට උත්සව අවස්ථාවන් වලදි මත්පැන් පානය කරනවා. එයින් පසු ඇතමෙක් සිව්පාවුන් ලෙසයි හැසිරෙන්නෙ. උත්සවය පවත්වන අය වගේම තමන්ගෙ බිරිද, දරුවන් තමයි සමාජයක් ඉදිරියේ මෙවැනි විටෙක හෑල්ලු වෙන්නෙ./// උඩ කොමෙන්ට් කරපු තට්ට මාමටත් මේවා හොද පාඩම් අද තමයි මාත් කියවුවේ

    ReplyDelete
    Replies
    1. තට්ට මාමා කිව්වෙ හැලපයියද ? හැලපයියා කිරළා මැනලා නේද බොන්නෙ...

      Delete
  41. මමත් මධු විතෙන් සප්පායම් වෙලා යාළුවොත් එක්ක දොඩමළු වෙන්න හරිම ආසයි. ඒත් හිතලම මම අඩුවෙන් බොන්නේ ඔය වැනි උත්සවයකදී. විශේෂයෙන්ම වැඩිය නොබොන පිරිමි ඉන්න තැන්වල මම බොහොම පරිස්සමින් තමයි බීමෙන් සතුටක් ලබන්නේ. හොඳට බොන්න ඕන නම් හොඳම වැඩේ තමන්ගේ ළඟම හිතවත්තු කිහිප දෙනෙක් එක්ක අවශ්‍ය පඳමට සප්පායම් වෙන එක. එතකොට කාටවත් කරදරයකුත් නෑ. කවුරැත් හිනා වෙන්නෙත් නෑ.
    නැවත එන්නම් මචෝ..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම...මමත් ඔය මධුවිතෙන් පස්සෙ ඇතිවෙන අල්ලාප සල්ලාපයට තමයි කැමති. ඒ වෙලාවට බහුතරයක් අය බොහොම අවංකවම තමයි කථා කරන්නෙ...මගුල් ගෙදරක කට කපලා බොන්න බෑ...ඒකට ඊට වඩා නිදහස් පරිසරයක් අවශ්‍යයි.

      Delete
  42. jame beragena awa nisa goda....nathnma g 70i....ayyo salli... matath me wage athdakeem tiyenawa...habei ewa nam lesiyen shape une ne..le peragena tama iwara une..dan boho durata ape set ekata nam wedding 1 iwara wenakam mathpan sadaha thahanam niyoge watila tiyenne....

    ReplyDelete
    Replies
    1. තහනම් නියෝග දාලා තියෙන්නෙ දෙමාපියෝද ? නැත්නම් භාරියාවොද ? මොනවා උනත් ඉතිං මත්පැන් බීලා කචල් දාගන්න එකෙක් සෙට් එකකට හිටියාම හොදටම ඇති. කන්න වෙන්නෙ ඔක්කොටම එකට..

      Delete
  43. මම කිව්වේ සිරෝ... තමන් කොච්චර හයිරම් කාරයෙක් උනත් පිට ගමකදී ඒ කතා වැඩක් නැහැ.... හයිය පෙන්වන්න ගියොත් එන්න වෙන්නේ පෙට්ටියේ .... බල්ලා වගේ වැඳලා එන එක ඇර වෙන විසඳුමක් නැහැ ගම් පෝරියල් වලදී ....

    බොරි ෂෝ ගහන්න ගියොත් නම් ඉවරම ඉවරයි ........

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා...සමහර විට එතන අත පය වනාගත්තා නම් අපිට මගුල් ගෙදරින් ගැලවිලා වාහනේ මගට යන්න ඇරලා තේ වත්තක් මැදදි වට කරලා දෙන්න ඉඩ තිබුනා...එතකොට ඉතින් තේ දළු නෙලන්න තමයි වෙන්නෙ...

      Delete
  44. ඔය බේරිලා ඇවිත් තියෙන්නේ අගේට , අර ගෑනු මනුස්සයගේනේ බං වැරැද්ද .., කොල්ලෝ ඔහොම තමයි ඉතින් කාපු බීපු වෙලාවට ..ගෑනු හරියට හිටියනම් ඔය ගැටලුව ඇතිවෙන්නේ නැහැ .

    ReplyDelete
    Replies
    1. එයාගෙ තමයි වැරැද්ද...තුණ්ඩුව දෙන්න මාන බලද්දි පොඩ්ඩක් මගුල් මුද්ද පෙන්නුවා නම් අහවරයි නෙ බන්...

      Delete
  45. උඹටත් දෙකක් නෙලුවනං මට සතුටුයි

    ReplyDelete
    Replies
    1. අනේ අටමො උඹ එහෙනං එහෙමයි ඈ...බලාගමුකො....

      Delete
  46. මුලින්ම උඹේ පොස්ටුවක් දෙකක් මග ඇරෙන් ඇති පහුගිය ටිකේ මට...මේ ටිකේ අන්තර්ජාල ප්‍රශ්නයක් ඒක නිසා...ඔය තුණ්ඩු දිවිල්ලෙත් එක්තරා ආතල් එකක් තියෙනව...උඹ දන්නවද මම වැඩ කරන ආයතනයේ පොඩි කොල්ලෙක් ඉන්නවා උූ දුරකථන අංංකය විතරක් ප්‍රින්ට් කරලම තියාන ඉන්වා වෙනම බෝඩ් කෑලි වල...හදිස්සියට කොහෙ පෑන් හොයන්නද නේද බං...හික්..ජය

    ReplyDelete
    Replies
    1. අන්න මොළ කාරයෙක්...හොද කෙල්ලෙක් සෙට් උනොත් ජීවිතේ ගොඩ...නැත්තං අහක යන නයෙක් නොම්බර දීලා රෙද්ද අස්සෙ දාගත්තා කියලා ඌට දවසක හිතෙයි..

      Delete
  47. මම නම් හිතුවා මගුලට යනකම් නටපු නැටිලිවලට ගිහින් බීවාට පස්සේ බඩු බනිස් කියලා. ඔය වගේ පොරවල් හරිම අමාරුයි හැන්ඩ්ල් කරන්න.

    ReplyDelete
    Replies
    1. මොනවා කියනවද...කලින් එකට ඉදලා බීලා අත්දැකීමක් නැති උන් එක්ක වගේම...බිව්වට පස්සෙ වීරයො වෙන්න යන උන් එක්කත් බීමට සැට් වීම බොහොම අවධානම්...

      Delete
  48. (මේ සිරා එහෙම ලේසියෙන් ගුටි කන එකෙක් නෙමෙයි...මොකද මම ඒ වගේ තැන් වල ඉන්නෙ නෑ...ගුටි කන වැඩ කරන්නෙත් නෑ...ගුටි කාලා එන්නෙත් නෑ...) Kelaniya handiye upul gahanna pannakota wati wati diuwe nadda?? malaysiawe guti kanna gihin sarama kadagena wandala berune nadda???? Think before you talk otherwise you will never know what will happen to you! :P :P dumb ass...

    ReplyDelete
    Replies
    1. Mathiew Krishan Gunarathna...ස්තූතියි ඔබේ හරබර කමෙන්ටුවට...ඔය සිදුවීම් දෙක පිළිබද ඔබ කියා ඇති ඇතැම් කරුණු පදනම් විරහිත වුවත් ඒ දෙක පිළිබද සියලු සත්‍ය තොරතුරු ඉදිරියේදී ලියමි. මගේ පුද්ගලිකත්වය අනවශ්‍ය ලෙස හෙළිනොකර ලිය යුතු දෑ දැනුදු ලියමින් සිටිමි. මැලේසියානු ජීවිතය පිළිබද මම මෙතෙක් නිසි ආකාරයෙන් ලිපියක් ලියා නැත. එහෙත් මා ඉදිරියේදී ඒ පිළිබද ලියන ලිපි වල ඔබ මෙන්ම ඔබේ ඔය නෝන්ජල් මුහුණ සහිත ඡායාරූප කීපයක්ද පල කරන්නට අදහස් කරමි. ලංකාවේ වෙසෙන මාපියන් ,සහෝදරයන්, මිතුරන් යන අයට අමූලික බොරු පවසමින් මැලේසියාවට වී වර්තමානයේ කාර් හෝදන ඔබ අතීතයේ කල කී දෑ සියල්ලක්ද එහි අන්තර්ගත කරමි. චීන ජාතිකයන්ගේ මල්පාත්ති වලට අනවසරයෙන් ඇතුලු වී බඩවියත හොයාගත් දුක හිතෙන සිදුවීම්ද එයට ඇතුලු කරමි. මැලේසියාවට හොර පාරෙන් එන සමාජය පිළිබද දැනුමක් නැති ඔබ වැනි පියරු බබාලාටද එය අත්වැලක් වෙනු ඇත. ලංකාවේ වෙසෙන ලෝයර් අක්කාගේ අවධානයටද යොමු කරමි. ඔබේ රාජකීය මිතුරන්ද එයින් පසු රේල් පාරේ ගල් තැලූ ඔබ ගැන පැහැදිලි චිත්‍රයක් මවා ගන්නවා ඇත. ලාන්ට පොල්ල තැබූ රින්ගිට් 100, ආහාර ලබා ගත් බංගලි කඩේට තැබූ පොල්ල, තවෙකෙකුගෙන් සොරා ගත් ඊ සිගරැට්ටුව ඔබට මතකද ? ඒ සියලු දෙනා සමග, Ipoh නිවසේ සිටි අනෙකුත් ශ්‍රී ලාංකික තරුණයන් සමග මමද දිනක ඔබ මට නැවත හමුවෙන තුරු බලා සිටිමි. ඔබේ ඔය නෝන්ජල් මුහුණ රතු වෙන්නට පහරක් ගැසීමට නොමද ආශාවකින් පසු වෙමි. චීන කඩෙන් එලෙව්වා මෙන් ඔය රැකියාවද නැති විය හැක...අනේ ඒ නිසා කරුණාකර දිනපතා නාගන්න...මෙලෙස අනවශ්‍ය තැන්හි අනවශ්‍ය කථා ඇද බා නිකරුනේ නාගන්න එපා... ඔබේ කමෙන්ටුවේ මේ කොටස මට කෙසේ වෙතත් ඔබට නම් නිසි ලෙස ගැලපේ. Think before you talk otherwise you will never know what will happen to you!
      ඔබේ කැරැට්ටුව ඔබේ ඡායාරූප සහිතව ලොවට හෙළි කරන පෝස්ටුව සමග නුදුරේම හමුවෙමු ! ඔබට ජය !

      රුක්ෂාන් ඔබේ මුහුණටම කියූ දේ ඔබට මතකද ? ක්‍රිෂාන් ඔයා හරි නෝන්ජල්....

      Delete
    2. අපි හරි සන්තොසෙන් හිනාවෙවී කතාකර කර ඉන්නකොට කවුරු හරි ඇවිත් රාබු කාල වාතයක් අරිනවනෙ...කව්ද සිරා මල්ලි මේ ගොයිය...අදුරන කෙනෙක්ද?..මීට පස්සෙ එයාර් ෆ්‍රෙශ්නර් එකක්වත් ගෙනත් තියාගන්න..
      ඉන්දික

      Delete
    3. මේකා තමයි අයියෙ සිංගප්පූරුවෙ හිටිය මට මැලේසියාවට එන්න කියලා, වැලේ වැල් නැතුව බොරු කෙල කෙලා...එක එකාගෙන් ගුටි කකා හිටිය ජීවිතේට මගෙ සල්ලි වලින් ආතල් ගන්න ප්ලෑන් කරපු එකා...වැදගත් පාසලකට ගිය එකෙක් නිසා මම විශ්වාස කලා...ටික දවසකින් මට තේරුනා මූ පල් හොරෙක් කියලා...මෙහෙ ඇවිල්ලා කම්කරුවෙක් විදියට වැඩ...යාලුවෙලා ඉන්න කෙල්ලො රෑනටයි ගෙදරටයි කියලා තියෙන්නෙ ඉගෙනගන්නවා කියලා...ඇත්ත මූ ඉගෙන ගන්නවා එක එකාගෙ සල්ලි ශුද්ධ කරන්න...මට තාමත් මෙයා සල්ලි දෙන්න තියෙනවා...එහෙම තියාගෙනත් තමයි ඔය බුරන්නෙ...මැලේසියාවෙ අගනුවර පැත්ත පළාතක එන්න බෑ...මම ඇර තව හෙන සෙට් එකක් මේකට නෙලන්න බලාගෙන ඉන්නෙ...ඒ හින්දා ඩොටකට වෙලා ඉන්නෙ...මම ලගදිම මෙයාගෙ රෙදි ගලවලා පෙන්නන්නම්...

      Delete
    4. පව් බං සිරා අයියෙ ඇනෝ :D මොනව හිතෙනවද දන්නෑ දැං

      Delete
    5. එයා මලයො ඉල්ලගෙන නෑවෙ...කොහොමත් ඌ යන යන තැන ඇදගෙන නාන මෙලෝ වැඩක් බැරි පිම්පියෙක්...

      Delete
  49. ක්‍රිෂාන්....කටේ කෙළ හිදුනද ? උඹේ ඔය ජරා ජීවිතේ ගැන මම මාසෙකට දහස් ගානක් කියවන මගේ බ්ලොග් එකෙන් කියන එක කියනවාමයි....ඒ අතර රාජකීය උන් කීයක් ඉදීද මම දන්නෙ නෑ.....

    ReplyDelete
  50. ඕක තමයි මල්ලි කියන්නෙ වීදුරු ගෙවල් වල ඉදල ගල් ගහන්න එපා කියල....කොරවක්ක හැන්ගෙන්න දිය යට ඔලුව ගහ ගන්නව...ඌ දන්නෙ නැහැ උගෙ පස්ස එලියෙ කියල....

    ReplyDelete
    Replies
    1. අන්න ඒක නියම කියමනක්...මේ ක්‍රිෂාන් කියන මෝඩයටත් ඒ කථාව හොදට ගැලපෙනවා...පවු ඉතිං ඒකා ෆැන්ටසියක ජීවත් වෙන පියරු බබෙක්...කොල්ලෙක් උනාට ෆෙයාර් ඇන්ඩ් ලව්ලි ගාන එකෙක්...

      Delete
  51. බිවාහම සමහරු හිතන්නෙ තමන්ට වඩා කෙරුමෙක් නෑ කියලනේ.. ඒකයි ඉතින් ප්‍රශ්නෙ..

    ReplyDelete
    Replies
    1. සමහරුන්ට ගට එන්නෙ බිව්වට පස්සෙ...ඒ නිසා පාලනයක් නැතුව යනවා...වැඩේ දුරදිග ගිහිල්ලා පාරක් දෙකක් කෑවට පස්සෙ වෙරි හිදිලා නැවතත් යථා තත්වයට පත් වෙනවා...අන්න ඒකයි ක්‍රොමේ...

      Delete
  52. මනමාලයගෙ නංගි නම්බර් එක ගත්ත එක තමා මාත් වැරුද්ද විදිහට දකින්නෙ,,බැදල කියන්න මුද්ද පෙන්නල ශේප් උනානම් ඉවරනෙ.. :D

    කකුල උඩින් කාර් රෝදෙ ගිය එකයි, ෆුල් ටෑන්ක් ඩීසල් සීන් එකත් පට්ට :D

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...