Tuesday, July 14, 2015

58 ඇළකන්දේ බාබු

ඇළකන්ද යනු වත්තල ප්‍රීතිපුර වෙරළට ආසන්නයේ තිබෙන පෙදෙසකි. ධීවර ප්‍රජාව මෙන්ම වෙනත් වෘත්තිකයන්ද මේ ඉසව්වේ කලවමේ වෙසෙති. ඇළකන්ද අගට හන්දිය යන පදය එකතු කල විට බොහෝ දෙනා මේ පෙදෙස හඳුනති. සිරා කොලුවාට ඇළකන්ද සමග කිසිම පයුරු පාසානමක් තිබුනේ නැති වුවත් වෘත්තීය ජීවිතය තුලදී හමුවුන තවත් ඩිසයිනරයන් දෙදෙනෙකු වූ වයසින් මට වඩා පහළ කක්කුට්ටා සහ ජංගම ග්‍රැෆික් දොස්තරගේ නිවාස පිහිටා තිබුනේ මේ ඉසව්වේ නිසා කාලයේ අැවෑමෙන් මමද මේ පෙදෙසට යන්න එන්නට පටන් ගත්තෙමි. අප තිදෙනාම කාලයක් ලංකාවේ නමගිය දැන්වීම් ප්‍රචාරණ ආයතනයක එකලග ආසන වල සිට සේවය කළෙමු.

කක්කුට්ටා මෙන්ම ග්‍රැෆික් දොස්තර ගොයියාද ආරෝහ පරිනාහ දේහධාරීන් වෙති. ඩිසයින් කරන්නට කුමක් ලැබුනත් ක්ෂණිකව ඒ දේ කලහැකි විවිධ සූක්ෂම ක්‍රම තිබුන නිසා ජංගම ග්‍රැෆික් දොස්තර නැමති තරමක් දිග නමක් ඒකාට පට බැඳුනි. 

මුන් දෙන්නා බාල කාලයේ සිටම එකට හැදුන වැඩුන අයවලුන් වූ නිසාවෙන්ම උන් අතර තිබුනේ පුදුමාකාර බැඳීමකි. ග්‍රැෆික් දොස්තරගේ පියා ජීවතුන් අතර නැත. ඒ පවුලට සිටි එකම දරුවාද ඒකා විය. ඔහුගේ මව ඔවුන් සතුව තිබූ ධීවර යාත්‍රා තුන මගින් ලැබෙන ආදායමෙන් පවුලේ නඩත්තුව ගෙන ගියාය.

අප මිත්‍රයා ධීවර රස්සාවට බැස්සේ නැති නිසා මේ යාත්‍රා ධීවර කර්මාන්තයේ යොදවා ආදායම් රැස් කලේ ග්‍රැෆික් දොස්තරගේ බාප්පා විසිනි. බාපු යනුවෙන් පවුලේ අය බාප්පා හැදින්වුවද අපි ඔහු හැදින්වූයේ බාබු යනුවෙනි. අප මිත්‍රයාගේ මවගේ නැගණිය සමග බාබු විවාහ වී සිටියේය.

හෙතෙම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කදිම විනෝදකාමියෙකි. තවමත් තරුණ විය ඉක්මවා සිටියෙකු නොවීය. රහමෙර සහ ඔහු අතර තිබුනේ ඉතා කිට්ටු ඇසුරකි. දෙදරු පියෙකු වූ හෙතෙම ජීවිතයේ කිසිම බරක් පතලක් නැති එකෙකු සේ කල් ගත කලේය. අධික මත්වීම හේතුවෙන් යම් ‍යම් රෝගී තත්වයන් වරින් වර උත්සන්න වද්දී ඔහුගේ බිරිඳගේ කටේ බලයට දින කීපයක් උපාසකයෙකු මෙන් සිටින බාබු හිටිවනම නැවතත් සුරාව සමග ගණුදෙනු කිරීම අරඹයි.

අප මිත්‍රයා බාබු පිළිබඳ නොයෙක් දේ අප සමග වරින් වර පවසා තිබුනත් හා පුරා කියා ඔහු දැකගන්නට බොහෝ කාලයක් ගත විය. බාබුගේ එක්තරා උපන් දිනයක් උත්සවාකාරයෙන් සමරන්නට නිවැසියෝ කටයුතු යොදමින් සිටි වටපිටාවක එයින් වැඩි හරියක බර පැටවුනේ බාබුගේ ඥාති පුත්‍රයා වූ අප ජංගම ග්‍රැ‍ෆික් දොස්තරගේ හිස මතයි. එකල අප සේවා ස්ථානයට යාබදව තිබුනේ පුංචි පහේ කෙටි කෑම කඩයකි. උන් අයිසිං කේක් කර්මාන්තයද සාර්ථකව කරගෙන ගියෙන් බාබුගේ උපන් දිනය වෙනුවෙන් කේක් ගෙඩියක් සකසන්නට මේ ඇත්තන්ට ඇණවුම ලැබුනි.

කැපුවත් කොළ යයි කිව හැකි තරමේ උග්‍ර එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවෙකු වූ බාබු හට එවකට ජනාධිපති ධූරය දරමින් සිටි මහරජතුමා තරම් වෙනත් අකමැති දේශපාලඥයෙකු නොවීය. මේ කාරණය උපයෝගී කරගෙන ඔහුගේ උපන් දින කේක් ගෙඩිය සකසන්නට නිර්මාණාත්මක යමක් කරන්නට අප මිත්‍රයා තීරණය කළේය. ඒ අනුව බාබුගේ උපන් දින කේක් ගෙඩිය ලා නිල් පැහැති විශාල මාලුවෙකි. මේ මාලුවාගේ බඳ කොටසේ සුභ අනාගතයක් යනුවෙන් සටහන් කොට ඊට පහලින් මහින්ද රැල්ල සමග සුදු නෙළුම පිපී තිබුනි.

මේ උපන් දින උත්සවයට ග්‍රැෆික් දොස්තර මා හටද ආරාධනා කලෙන් මමද එහි ගියෙමි. එදින රැකියාව නිමවූ පසු විශාල කේක් ගෙඩියද සමග අප මිත්‍රයා තුන් රෝද රියකට නැගුනේ කක්කුට්ටා සමග නිවසට එන ලෙස පවසමිනි. අප එහි යන විට පවුලේ ලඟම ඥාතීන් බොහොමයක් එහි එක් රැස් වී සිටියහ. ක්‍රේප් කොල මෙන්ම බැලුන් සැරසිලිද සාලයේ අඩුවක් නොවීය. උපන් දින කුමරා වූ බාබු තම ඤාති පුත්‍රයාගේ මිතුරන් ලෙස අප ඉතාම සාදරයෙන් ආදරයෙන් ගෞරවයෙන් පිළිගත්තේය. ග්‍රැෆික් දොස්තරගේ ඤාති සමූහයා අතර සිටි ඇහැට කනට පේන දැරිවියන්ට ඇහැ කරකවමින් මමත් සෙට්ටියා නැමති අප ආයතනයේ තවත් ඩිසයිනරයෙකුත් උපාසක ලීලාවෙන් සිටියෙමු.

ආරාධිතයන් සියල්ලෝම නිවසට පැමිණ අවසන් හෙයින් උපන් දින කේක් ගෙඩිය කපන්නට දැන් වේලාව පැමිණ තිබේ. එතෙක් වේලා තුනී කඩදාසියකින්  වැසී තිබූ කේක් ගෙඩිය සභා තොමෝ වෙත විවර වනවාත් සමගම නැගුනේ විශාල හූවකි. බාබු කේක් ගෙඩිය දෙස බලා මේක නං තොගෙ වැඩක්ම තමා යනුවෙන් අප මිත්‍රයා පෙන්වා මොර දුන්නේය. ඒ ඇසිල්ලේ කුස්සියට වැඳුන ඔහු නැවත අප ඉදිරියට පැමිණියේ මාලු කපනා විශාල මන්නයක්ද සමගිනි. සභා තොමෝ එකම සිනා ගඟුලක ගිලී ගොසිනි.

මාලුවා කපන්න මාලු මන්නෙම අරගෙන ආවා. මොකෙක්ද මේකා අැටවල්ලෙක්ද ? බාබු මා මිතුරාගෙන් විමසයි

උපන් දින කුමරා සභාව දෙසට තම දත් කුට්ටම මුලුමනින් පෙනෙන සේ සිනහා වී  කේක් ගෙඩිය කපන්නට මාලු මන්නය ඒ මත තැබුවා පමණකි.

සිව්මහ බඹුන් දුන් විවරණින්...අපටත් රජෙක් පහලව ඇතේ....ආයුබෝ වේවා...මහරජාණෙනි...

ඇතුලු කාමරයකින් මහ රජතුමාගේ  එවකට තේමා ගීතය මහා හඬකින් ක්ෂණිකව වාදනය වන්නට විය. මහරජතුමාට කිසි ලෙසකින් කැමති නැති බාබු ගීතය අසන අතරතුර මාලු මන්නයෙන් කේක් ගෙඩිය කැපුවේ විශාල කැබලි වන පරිද්දෙනි. මන්නය මත තබා සෑම කෙනෙක් වෙතම කේක් බෙදූ ඔහු තමාට කල මදිපුංචිකම නිසාදෝ අප මිත්‍රයාගේ මුහුණ පුරාම කේක් අතුල්ලා ඒකාව නැති භංගස්ථාන කර දැමුවේ උඹට සුභ අනාගතයක් යැයි කියමිනි.

මේ නිවස මහල් තුනකි. බිම් මහලේ ග්‍රැෆික් දොස්තර සමග ඒකාගේ මව දිවි ගෙවයි. දෙවන මහලේ බාබු සහ දරු පවුලයි. තෙවන මහලේ කාමර දෙකක් කුලියට දී තිබූ අතර...අවශේෂ විවෘත කලාපය බේබදුකම වෙනුවෙන් ලෝභ නැතුව වෙන්කොට තිබුනි.

මේ බාබු නොවේ...ඡායාරූපය උපුටාගත්තේ මෙතැනින්

කේක් කැපීමෙන් පසුව පිරිමි පාර්ශවය එක රොත්තට  තෙවන මහල කරා ඇදුන අතර එහිදී බජව්වක් සමගින් රහමෙර බෝතල්ද විවර විය. බාබුගේ යාත්‍රා මගින් ගොඩට ගෙන එන ලද නැවුම් මාලු වර්ග බයිට් බවට පෙරලී එහි තිබූ සුදු පැහැති පිඟන් වල සැතපී තිබුනි. බාබු යනු කඳිම රසවතෙක් බව මම වේලාසනම කීවෙමි. ඔහු ජනප්‍රිය ගීතයන්හි පද මාලා ඔහුට රිසි ලෙස වෙනස් කොට ගයන්නේ කදිම මිහිරක් එකතු කරමිනි. ඔහුගේ ගීත තේරීම් බොහෝ විට 90 දශකයට අයත් වූ ඒවාය.

හා හා පුරා කියා මෙලෙස ඇළකන්දට පැමිණි සිරා කොලුවා එයින් අනතුරුව නොයෙක් වර එහි පැමිණි අතර ඒ බොහෝ විට රහමෙර බෝතලයක් අපට සම්මුඛ වූ වග නොකියාම බැරිය. තමන්ගේම යාත්‍රා මගින් ගොඩබිමට ගෙන එන මත්ස්‍ය අස්වැන්න විකුණා ඉතිරියක් තිබුනොත් ඒවා අපේ පාවිච්චිය උදෙසා බයිට් බවට පත්වෙන්නේ නිවැසි කාන්තාවකගේ දෑතිනි. ඒ නිසාම සෙට්වීම ඇළකන්දේ නම් මාලු වලින් අඩුවක් තිබුනේම නැත. බොහෝ වෙලාවට හැඳැල්ලා හෝ දැල්ලා අපට තනි රැක්කෝය.

මේ හමුවීම් නිසා ඇති වූ සුහදත්වය නිසාම ග්‍රැෆික් දොස්තර තරමටම උගේ බාප්පාද අපට හිතවත් වූවේය. මේ අතර තුර කාලයේ ලද යුධ ජයහ්‍රණයෙන් පසු රට පුරා පැතිර ගිය ප්‍රීතිය සමරමින් මම අපේ ගම් පියසේ ආරාධිත ගායකයන් සහභාගි වෙන සංගීත සංදර්ශනයක් සූදානම් කළෙමි. ගමේ තරුණයන්ගේ නොමසුරු සහයෝගය ලැබුන මේ ප්‍රසංගයේ සංවිධායක ලෙස මා හිස මත මහා බරක් පැටවිනි. යුද්ධයේ අවසන් අදියරේදී කමාන්ඩෝ බලකාය නියෝජනය කරමින් පෙරමුණේම ගමන් කල අපේ ගමේ රංජන මලයා සීරිමකුදු නොමැතිව නැවත ගම්බලා පැමිණීම ගමේ හැමටම මහත් සතුටක් වී තිබුනි. ඒ කථා පුවත මතු දවසක බොලාට කියමි.

ඉඳින් අපේ ගමේ සංගීතය නරඹන්නට පැමිණෙන ලෙස මම ග්‍රැෆික් දෙස්තරට , කක්කුට්ටාට මෙන්ම බාබු හටද ආරාධනා කළෙමි.  මගේ ආරාධනය ඉස් මුදුනින් පිළිගත් බාබු අනිවාර්යෙන්ම එහි පැමිණෙන වග මා හට සපථ කළේය.

නියමිත දිනයේ මඳ අදුර හාත්පස පැතිරෙමින් යන අවස්ථාව වන විටම බාබු , කක්කුට්ටා සහ දොස්තර රැගත් තුන් රෝද රිය එහි ළගා විය. මේ බාබුගේ නිළ රථයයි. රියදුරු අසුනේ සිටම කවදත් ඔහුට හුරු ලෙංගතු සිනහවෙන් මා ඇමතූ බාබු....එකාට එක ගානෙ බෝතල් ඇළකන්දෙන්ම අරගෙන ආවෙ...යනුවෙන් පැවසූවේය. සංවිධායක වගකීම් සමග විටින් විට කාර්යබහුල වූ මා හට නැවතත් ඒකලා සිහිවන විට අඳුර පතිත වී සංගීත සැඳෑව ආරම්භ වී තිබුනි.

සංගීත භූමියේ සෑම තැනකම උන් සොයා ගිය මා හට අවසානයේ ප්‍රධාන මාර්ගය අසබඩ තුන්රෝද රිය තුල රහමෙර පානය කරමින් සිටියදී  නැවතත් සොයාගත හැකි විය.

ස්ටේජ් එක කිට්ටුවට යං...මම කෙතරම් ඇවිටිලි කලත් බාබුගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබුනේම නැත.

ප්‍රසංගයේ සංවිධායක ලෙස මා හිස මත රාජකාරි බහුලය. ඒ නිසා මිත්තරයන්ගෙන් මිදී නැවතත් සංගිත සංදර්ශනයේ ගී ගැයීමට නියමිතව සිටින ගායකයන් රඳවා සිටි ස්ථානයට පැමිණීමට මා හට සිදු විය. ඒ වන විට ජොලි සීයා වේදිකාගත වන්නට සූජානමෙනි. ජොලි සීයාට අනුග්‍රහය අපේ කමාන්ඩෝ රංජන මලයාගෙනි.

ඔයාගෙ ‍හොඳ රසිකයො තුන් දෙනෙක් අන්න පාර අයිනෙ ඉන්නවා....ජොලි සීයා සින්දු කියනවා බලන්න ආසයි කිය කියා හැන්දෑවෙ ඉඳන් උන්නෙ...මම ඇඟට පතට නොදැනී මුචලින්ද සයිස් නාගයෙක් අත හැරියෙමි.

ආ ඇත්තද...මට නම් ටික දියංකො...උන් ටික මෙතනට ගෙන්න ගන්න...ජොලි සීයා මගේ සිත කියවූවා බඳුය. මගේ ගැටයට හසු වූ ජොලි සීයා උන්ගේ නම් සිතෙහි ධාරනය කරගෙන වේදිකා ගත විය.

මෙතන ඉන්නවා ජොලි සීයට ආදරය කරන...ජොලි සීයගෙ හොඳ රසිකයො තුන් දෙනෙක්. කක්කුට්ටා / බාබු / ග්‍රැෆික් දොස්තර.... මගෙ සින්දු අහන්න කැමති මගෙ කොල්ලො සීයා ලඟට වරෙල්ලා.. යකුනේ ඉන්න තැනකින් මෙහෙ වරෙව්

ඒ වදන් කණ වැකුන බාබු සහ මගේ මිත්තරයන් දෙදෙනා සංගීත භූමියේ තෙරපෙමින් සිටි මහා ජනකාය අතරින් විදුලි වේගයෙන් වේදිකාව බලා එන දසුන වේදිකාව මත සිට මම බලා සිටියෙමි. අතේ තිබූ රහමෙර බෝතලය ඉහලට ඔසවා තමන්ටම ආවේණික නැටුමක් සමග අප කරා ආ බාබු දුටු මතින් මගේ සිනහව වළක්වා ගත නොහැකි විය. ගී ගයා අවසන් වූ ජොලි සීයා සමග උන් තිදෙනා වචනයක් දෙකක් දොඩා අවසන් වන විට ඊලඟට නියමිත ප්‍රසිද්ධ ගායකයා එතැනට පැමිණ සිටියේය. හෙතෙම බාබු දෙස සැළකිළිමත් ලෙස බලන බවක් අපට වැටහුනි.

මාව අඳුනන්න බැරිද....බාබු හෙණගහනවා මෙන් එක්වරම ගායක තැනගෙන් ඇසුවේය.

දැකලා පුරුදු ගතියක් තිබුනා...ඒකයි පොඩ්ඩක් බැලුවෙ.

ඇයි අනේ ඔයා කසාද බැඳපු ගෑණියක් හොරෙන් පන්නගෙන ප්‍රීතිපුර බීච් එකට ආපු වෙලේ සෙට් වෙච්ච පෝරියල් එකෙන් මමනෙ ඔයාව බේරගෙන ෂේප් කරලා යැව්වෙ...මතකද මම හිටියෙ නැත්තං එදා මන්න පාරක් වදින එක වදිනවා.

බාබු දෙස රවා බැලූ ගායක තැන වේදිකාවට ඇවිද ගියා නොව ඉගිලුනා බඳුය. තමන් අත තිබුන බෝතල් වේදිකාව පසුපස සිට අහවර කරමින් කල් මැරූ මා මිත්තරයන් මා හටද අඩියක් ගස්සන්නට ‍පුදුම ත‍රමේ මහන්සියක් ගත්තේය. එහෙත් එදින මාගේ වගකීම් සිහිපත් කොට මම ඒ ආරාධනා ප්‍රතික්ෂේප කළෙමි..බෝතල් වල අඩිය පෑදුන පසු බාබු, කක්කුට්ටා සහ දොස්තර මට සමුදී ඇළකන්ද බලා පිටත්ව යන්නට රෝද තුනේ සුරතලා වෙත ගොඩ වූහ.

ඒ අවසරයෙන් මා කරා පැමිණි කෙදිනකවත් දැක නැති පැහැපත් පුද්ගලයෙකි. හෙතෙම මේස් බැනියමක් සහ සරමක් හැඳ සෙරෙප්පු යුගලක් පැළඳ සිටියි.

මල්ලි මටත් සින්දුවක් කියන්න දෙන්න බැරිද ? ඔහු මගෙන් විමසයි...ප්‍රසංගයේ සංවිධායකයා මම බැව් කවුරු හෝ ඔහුට සැළකර ඇති සෙයකි. මේ පුද්ගලයා අප අහළ ගම් හතක වත් එකෙකු නොවන බැව් මගේ අක්මාව මට සන් කරයි.

මේක ආධුනික ප්‍රසංගයක් නෙමෙයිනෙ...ඒ හින්දා අවස්ථාවක් දෙන්න විදියක් නෑ. මම යළි යළිත් කීවෙමි.

ඒ උනාට එහෙම කරන්න එපා මල්ලි මම දුර ඉඳන් සින්දුවක් කියන්නම බලාන ආව‍ෙ. 

මේ පුද්ගලයාගේ මළ කරදරය අවසන් නොවන තැන මහත් කෝපයට පත් මම...

මම දැන් සැරයක් කිව්වා නේද...මේකෙ අාධුනිකයො සින්දු කියන්නෙ නෑ...ගායකයො විතරයි සින්දු කියන්නෙ.

මා දෙස බලා කින්ඩි සිනහවක් නැගූ ආගන්තුකයා....

මම ජොලියා යකෝ...උඹට අඳුනගන්න බැරි උනා නේදැයි අසා උස් හඬින් සිනා වූවේය. ජොලියාගේ නියම මුහුණ පළමු වරට දුටු මමද ‍ඒ සිනහවටම එකතු වූවෙමි.





මම කාමරේ අරින සිරා කොලුවා.



ප.ලි

ඉදිරි දිනයකදී කමාන්ඩෝ රංජන මලයා යුද්ධයෙන් පසු අප ගම්මානයට  පිළිගත් ආකාරය මෙන්ම මේ කියූ සංගීත සංදර්ශනයේ රසවත් සිදුවීම්ද ඔබට කියන්නට සිරා කොලුවා වන මම කැමැත්තෙන් සිටිමි.

58 comments:

  1. බාබුලා ඔක්කොම නමක් තියපු මිනිස්සු :)

    ReplyDelete
    Replies
    1. ඔව්....මැයි පෙළපාලියක ගිය බාබු තමයි ඉස්සෙල්ලාම නම තිබ්බෙ.

      Delete
  2. හැක්...
    මං හිතුවේ බාබු කියන කොට අර කුප්‍රකට එකා කියලා. බැලින්නම් පට්ට ආතල් පොරක් නෙ. පව් බං අර ගායකයා. උෟ ගොත නොගහා සිංදු කීවද ඊට පස්සේ?

    ReplyDelete
    Replies
    1. නෑ නෑ ඒ කුප්‍රකට පොර සුදු ලේන්සු සිග්නල් එකට වැඩේ දීලා යටියන්තොට ගියා නොවැ. මේ කියන බාබු ආතල් ලෝකයක්...ගායකයා වෙඩි වැදුනා වගේ එක පාරටම වේදිකාවට ගොඩ උනේ එදා...

      Delete
  3. අප්පට බෝල , උඹ ආයේ එකක් සංවිධානය කරපු වෙලාවක මටත් සින්දුවක් කියන්න දියන්. අර වරත්තු මැලේ රාලටනම් දෙන්න එපා එකක්වත් . ඕ යේස්

    ReplyDelete
    Replies
    1. අනිවා බොට අවස්ථාවක් දෙමි. මැලේ රාළට නාන කාමරේ විතරලු සින්දු කියන්න පුලුවන්. සෙනග රැස් වුන තැනක සින්දු කියන්න බෑලු....අතත් එක්ක තවත් ඒවා වෙව්ලනවාලු.

      Delete
  4. අපේ ෂෝ එකකට ජෝලියා ඇවිත් ඔය වගේ සීන් එකක් උණා තණමල්විල යූත් night එකේදිත් අවුරුදු මාසෙදි සල්ලි ගන්න පොර ආවේ ඇඳුම මාරු කරගෙන..
    අන්තිමට උගේ රෙදි පෙන්නුවට පස්සේ තමා සල්ලි දුන්නේ..
    හිනා කාලා මැරුණා එදානම් අපිත්..

    ReplyDelete
    Replies
    1. / තණමල්විල යූත් / හම්මේ ඇහෙනකොටත් සනීපෙ.

      Delete
    2. ආතල් කන් දෙකෙන් ගලනවා

      Delete
    3. හෑ...??? තණමල්විල යූත් ??? සැප කනේ....

      බ්‍රෑන්ඩ් එක මල්..

      Delete
    4. පට්ට නමක්නෙ බං ඒක...යූත් එකේ ගිණුම උඩ දාන්න කට්ටිය මල් එතුවෙ නැතෙයි..

      Delete
  5. එල ද බ්‍රා ලිපිය..
    ඉතුරැ කතා ටිකත් ලියපන්..
    අපේ ආයතනයේ වාර්ෂික ප්‍රසංගයටත් ඡොලියා එනවමයි..ඇත්තටම පොර ඡොලි පොරක්..
    ඉවානයට දෙනවනම් මටත් දිපිය සින්දුවක් කියන්න..මමත් කැසට් පිස් දෙකක් ගහපු කොල්ලෙක්..අහලා තියනවද?

    එල ද බ්‍රා මෙන්ඩාගේ...
    “අහලා ගල් ගහපිය“
    එ්ක නැගලා ගියා..ගැහැව්වා දෙවනි එකත්..
    අහලා ගල් ගහපිය- අංක 2
    “ගහලා එලවපිය“

    ReplyDelete
    Replies
    1. පරණ රෙකෝඩ් නෙ යකෝ... ඕකෙ රිමික්ස් එක අපේ තාත්තලගෙ කාලෙ ගැහුවෙ. "ගහලා ගහලා මරලා පු* ඉඹපියව්" :-)

      Delete
    2. උඔලා වගේ වයසක පොරවල්ද ඩ්‍රැකියෝ අපි? යං කොල්ලොනේ..

      Delete
    3. යකඩෝ අපි මෙන්ඩට සලකනවා මදිද මන්දා...ජොලියා එල පොරක් කියන්නෙ ගින්දම පොරක්...තව තියෙනවා බොලාට කියන්න කථා...ඒ එක තැනක ආයෙමත් ජොලියා ඉන්නවා...බලමුකො ඉදිරියේදී...

      Delete
    4. @ මෙන්ඩා
      //යං කොල්ලොනේ..// යං කිව්වෙ කොහෙද බං?

      Delete
    5. යං කියන්න ඇත්ත‍ෙ බොන්න වෙන්න ඇති...

      Delete
  6. හෙහ් හෙහ්. වැල්ල පැත්තෙ ඉතිං මොන දේටත් මාළුනෙ නේහ්. මොන විදියටදඕනෙ ඒ විදියට මාළු හදයි හික්ස්.
    බාබු උන්දැට ඉට්ටේජ් එකට නැගල සිංදුවක් කියන්න නොහිතුන එකම මදෑ හිහි
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. වැල්ලෙ ඉන්නෙ ගින්දර වගේ බුවාලා...ආයෙ හොඳට කන බොන මිනිස්සු. ඒ වගේම හිත හොඳයි...ඕනෙ දුකකදි පිහිටට එනවා ඇඹරෙන්නෙ නැතුව.

      Delete
  7. උබටත් ඉන්න යාලුවෝ බන් කක්කුට්ටා , බාබු , ග්‍රැෆික් දොස්තර.

    කව්ද හිතුවේ අරුණ සර් ගේ ක්ලාස් එකේ ෂිප් එක ඇරගෙන සින්දු කිව්වා කොල්ල මියුසිකල් එකක සංවිධායක වෙයි කියල .. හක හක ...

    ReplyDelete
    Replies
    1. සිරෝ මොකක්ද බන් මේ සීන් එක... අනේ බන් ඒ කතාවත් ලියපන් කො බන්....හහ්හහ්

      Delete
    2. අපි එහෙමයි යකෝ.....ජම්බු ගහෙන් වැටිලා ගෙට වෙච්ච කෙල්ලො වගේනෙ උඹලා ඒ කාලෙ ඉතිං උන්නෙ.

      උඩින් ටී ෂර්ට් එකක් තියෙද්දි කොහොමද බොල ෂිප් එක ඇරුන එක පේන්නෙ...ඒක ඇරිලා නෙමෙයි..වහන්න බෑ.....හැක්...ඒ හින්දමද මන්දා ඉස්සරහා හිටිය කෙල්ලො තව එකක් කියන්න කියලා මට අාරාධනා කලේ...

      මේ ඉතිං පොඩි සිදුවීමක්...මේ මල් කොබා දරුණු කරලා කියන්නෙ සමීර....උඹ අහුවෙන්න එපා මේවට...

      Delete
  8. ආතල් පොරවල් බං ඔය මාළු කාරයො... අර කේක් සීන් එක තමයි නියම.

    ReplyDelete
    Replies
    1. අපේ පැත්තෙ පොරක් ජොලි ආච්චි කියලා ස්ටේජ් නගින්න ගත්තා. ජොලිසීයා තරම් ම ෆේමස් වුනේ නෑ.

      Delete
    2. අනිවා ඩ්‍රැකියො..හොඳට බොන කන හිත හොඳ බුවාලා තමයි වැල්ලෙ ඉන්නෙ. සාධාරණය වෙනුවෙන් බොක්ක උනත් දෙයි...වගකීමෙන් කිව්වෙ.

      Delete
  9. සුපිරී සිරා....පට්ට ආතල් බO......

    තව ලියපන්........

    බාබු ඊට පස්සෙ පාටි දැම්මේ නැද්ද බන්....පොර ඊට පස්සෙ නම් වෙන උන්ට කියල කේක් ගෙන්න ගන්න නැතුව ඇති නේද බන්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මස්සිනා...සංගීතයෙන් පස්සෙ ආයෙමත් බාබුවා එක්ක සෙට් උනාද කියලා මට මතක නෑ බං...ඉතිරි කථා ඉදිරියට ලියන්නම්....

      Delete
    2. ප්‍රාසා ...
      ආව ගමන් අපි බෝතලයක් ගහනවා නේද?

      Delete
    3. එකක් මදි වෙයි නේද...

      Delete
    4. එල එල.....අනිවා සැට් වෙමු.......සැට් වෙමු....

      Delete
  10. ජොලියා පට්ට ආතල් ඩයල් එක, ලොකු දූ මගෙ වයසේ අපේ පන්තිවල

    දවසක් රෑ මළගෙදරක නයිටක් අදිනවෙලේ උන්ගෙ ගේට්‍ටුවේ කුණුබෑග් වගයක්
    ගැටගහන්න ගිහින් ඕකා දෙනවා මට පොලු පාරක් තව ඩින්ගෙන් ඔන් ද ස්පොට් වෙන්න.

    ReplyDelete
    Replies
    1. ජොලියා අපේ එකට ආව වෙලේ...කලාකරුවන්ට සංග්‍රහ කරන්න අපේ ගමේ මල් වගේ යුවතියො තමයි මම පංගරාර්තු කරගෙන උන්නෙ...ජොලියා ඒ කෙල්ලො එක්කත් දුවගෙ වරුනෙ කියනවා මම අහගෙන...

      උඹ කුණු මල්ල එල්ලද්දි ජොලියා එතනද....හෙ හෙ....

      Delete
    2. ඒ වරුණේ කියවන්න ඇත්තෙ දෙවෙනි දුව ගැන වෙන්ටැ, එයැයි තමයි ඩ්‍රීම් ස්ටාර් උනේ, උපේකා නිර්මාණී.



      අනේ මන්දා මේකා ඇහරලා ඉඳලා තියෙන්නෙ කෝමහරි, තඩි පොල්ලකුත් අරන් බූතයෙක් වගේ මතු උනානේ එකපාරම. පස්සෙ පොරගේ වැන් එකේම අපිත් එක්ක මලගෙදරට ගිහින් එතනත් උදේ වෙනකන් පට්ට ආතල් එකක් දුන්නා හිටපු උන්ට මරණයක් උනා කියලා අමතක වෙන්නම

      Delete
    3. උපේකා ගැන තමයි කිව්වෙ...

      Delete
  11. ආසාවට සිංදුවක් කියන්න ඉල්ල ඉල්ලා කී දෙනෙක් වද වෙනවද? හැබැයි එහෙම ඉඳලා ඉඳලා ගොඩ යන ඈයොත් ඉන්නවා..
    අළුත් දැල්ලො කහයි ලුණුයි දාලා තම්බලා ගත්තම ගල් බෝතල් හිස් වෙන්නෙ පෝලිමට..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඔය සංගීත වලට ආවම සින්දු කියන්න හැකියාවක් නැතත් ගීයක් ගායනාකරන්න පොර කන පිරිසක් ඉන්නවා සංගීතෙ තියෙන්නෙ ගමක නං...සමහර වෙඩින් වලත් වාදක මණ්ඩලයට වද දෙන උන් ඉන්නවා සින්දු කියන්න ඉල්ලලා බිව්වට පස්සෙ. අපි ඉතිං ඇළකන්දෙ ගියොත් තමයි මාලු හිතේ හැටියට කෑවෙ...නැත්තං හැදැල්ලො බයිට් එකට ගන්න තරම් වත්කමක් නෑ බං...හැඳැල්ලො ගිණි ගනන් නේද.....

      Delete
  12. සිරෝ, මටත් මේ වගේ බාබු කෙනෙක් අහම්බෙන් හඳුනාගන්න ලැබුනා 2006 වර්ෂයේ මම පුත්තලම ප්‍රදේශයේ රාජකාරි කරද්දී. කල්පිටිය ප්‍රදේශයේ බෝට්ටු හිමියෙක් එයා. එයාගේ බෝට්ටුවක් අතුරුදන් වෙලා මට පුළුවන් වුනා නාවික හමුදාවේ ආධාරයෙන් ඒක හොයා දෙන්න. ඊට පසේ පොඩි සාදයකට ගියා එයාගේ ආරාධනයකින් නාවික හමුදාවේ කල්පිටිය කඳවුරේ මගේ මිත්‍රයෙක් එක්ක.

    බුදු අම්මෝ.....එක සාදයක් නෙවේ සාල වනයක්. බීම ජාති තිබුනා දන්කොටුව ස්පෙෂල් සිට ඒ කාලේ රු 15000ක් පමණ වටින ඒවා දක්වා. මාළු වර්ග තිබුනා ගණන් කරන්න බැරිතරම්. කෙන්දා කියන මාළු වර්ගයෙන් බයිට් එකක් හදලා තිබුනා එකත් එක්ක 15000 එව්වා දෙකකට උනත් වගකියන්න පුළුවන්.

    මේ මිනිස්සු මහා උගතුන් නොවුනාට කලිසම් නොඇන්දාට මනුස්සකම බොහොම හොඳට තියනවා. නීතිවිරෝධී වැඩ කරන්නෙත් නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔය පැති වල ඉතින් කෑම බීම සංගීතෙ විනෝදෙ..සංගීත කණ්ඩායම්ම කියක් ඉන්නවද...විපතකට පත් උනාම අඳුනන්නෙ නැති උනත් හොඳ සහයෝගයක් දෙන හිත හොඳ මිනිස්සු වැල්ලෙ මිනිස්සු...ඔයා කෙන්දා කියන මාළු වර්ගය මම හිතන්නෙ මිළෙන් වැඩියි...

      Delete
  13. හොඳ විනෝදාත්මක කතාව

    ReplyDelete
  14. කාලයක් මමත වැඩකලේ ඇලකන්ද පැත්තෙ, දවසක් බෝට්ටුවක ඇල දිගේ මීගමු කලපුවට ගියා. බෝට්ටුව අයිති එකා ගල් මාළු , දැල්ලො, ඉස්සො බයිට් එකට ගෙනාව ඒව කොහොම එච්චර රසට හදනවද කියල හිතාගන්නවත් බෑ.
    ආවහම යමු ඇලකන්දෙන් මුහුදට

    ReplyDelete
    Replies
    1. අපි එක සැරයක් බාබු එක්කම හැමිල්ටන් ඇළ දිගේ ඇවිත් කැළණි ගඟට සෙට් වෙලා කැලණි පන්සල් ගි‍යා මාලු බෝට්ටුවෙන්ම....ඒ ගමන නම් මට කවදාත් අමතක වෙන්නෙ නෑ...එදා තමයි ඉස්සෙල්ලාම කාක දූපත දැක ගත්තෙත්...ඒ එක්කම රීටා ජෝන්ස් සිද්ධියත් මතක් උනා. ආවම බාබුව සෙට් කරගෙන සොමියක් දාමු ඇළකන්දෙම.

      Delete
  15. නියමයි. මාත් අහල තියෙනව ඔය වැල්ලෙ ඉන්න මිනිස්සු දරුණු උනත් මනුස්ස ගති තියෙන අය ය කියල.
    බාබුව අරෙම කිවුවට පස්සෙ අර ගායක බුවාට හුජ්ජ බර හැදෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. වැල්ලෙ මිනිස්සු අසාධාරණයට එරෙහිවන..යුක්තියට සහයොගය දෙන පිරිසක්. එයාලගෙ කාට හරි කරදරයක් උනා නම් ගමම එතන විනාඩි 10 න්...ඒ වගේ එකමුතුවක් තියෙන්න‍ෙ.

      ගායක බුවා වටපිට බලලා අඩියට දෙකට මාරු උනා...රෙදි ගැලවෙන කථාවක්නෙ ඉතිං කිව්වෙ බාබුවා එක පාරටම.

      Delete
  16. කොහොමත් මුදුකාරේ මිනිස්සු හොඳ ආතල් පොරවල් තමයි.
    "ඇළකන්දේ බාබු"කිව්වාම නිකන් පාතාලේ බුවෙක් වගේ නේද?

    ReplyDelete
    Replies
    1. බාබු උස මහත මනුස්සයා..ගමේ හැමෝම වගේ අඳුරන හරිම සුහද කෙනෙක්.

      Delete
  17. එළ පෝස්ටුව මචං. උඹටත් විසමාකාර අත්දැකීම් ගොන්නක් තියෙනවා.
    දිගටම ලියපන්...

    ReplyDelete
    Replies
    1. මසකට 4 බැගින් දිගට ලියමි...ස්තූතියි බොට...

      Delete
  18. උඹ අනිත් උන්ට කිව්වට උඹටත් සෑහෙන හොඳ මතකයක් තියෙනවා. මම දන්න බාබු මීට එහා බ්ලොක් එකේ ඉන්න බංගලි ටේලර් කෙනෙක්. ඌ හුස්ම ගන්නේ සිගරට් එකක් හරහා විතරයි.

    ReplyDelete
    Replies
    1. මට ගොඩාක් සිදුවීම් හොඳින් මතක තියෙනවා. සමහර තැන් වලදි කියපු දෙබස් පවා මතකයි. ඉතින් කථාවක් ලියන්න සිදුවීමක් මතක් කරගන්න විතරයි අවශ්‍ය.

      සිගරට් එකක් හරහා විතරමද හුස්ම ගන්නෙ...එහෙනං වීසා ලැබෙයි ලගදිම නේද...

      Delete
  19. අඩේ බාබු කියන්නේ අපේ හංදියේ සැලුන් එකේ ඩයල් එක! හිත හොඳ එකා ඌත්!

    ReplyDelete
    Replies
    1. අපේ ගමෙත් හිටියා තව බාබු කෙනෙක් මිනිහා තුන් රෝද රථ රියදුරා...ප්‍රේමදාස ජනාධිපතිට බෝම්බය පිපිරෙව්ව මරාගෙන මැරෙන බාබුව සිහිකරලා තමයි ඌට බාබු කියන්නෙ...මොකද හෙමින් ගමනක් නෑ උගෙ.

      Delete
  20. සිරාගෙ කාමරේට ගොඩ වැදුණ අහම්බෙන්.
    // ඇයි අනේ ඔයා කසාද බැඳපු ගෑණියක් හොරෙන් පන්නගෙන ප්‍රීතිපුර බීච් එකට ආපු වෙලේ සෙට් වෙච්ච පෝරියල් එකෙන් මමනෙ ඔයාව බේරගෙන ෂේප් කරලා යැව්වෙ...මතකද මම හිටියෙ නැත්තං එදා මන්න පාරක් වදින එක වදිනවා.

    බාබු දෙස රවා බැලූ ගායක තැන වේදිකාවට ඇවිද ගියා නොව ඉගිලුනා බඳුය.//

    පට්ට කතාව...ආයෙම කාමරේ පැත්තෙ එනවාමයි. රස කතා අහන්න.

    ReplyDelete
    Replies
    1. කාමරේට සාදරයෙන් පිළිගන්නවා..දිගටම මේ පැත්තෙ එන්න...ස්තූතියි ඔබේ අදහසට මිත්‍රයා...

      Delete
  21. අඩෝ වැඩක් නැ කියලා .. පට්ට පට්ට.. මටත් අමතක වෙලා තිබුනේ මේ සීන් එක..
    දැන් මහරජා පාර්ලිමේන්තු මන්ත්‍රී නිසා බාපු පට්ට fun ඉන්නේ .. මම බාපුට කියන්නම් උබ බාපුව
    internet එකේ බ්ලොග් පොස්ට් එකකට අලවලා කියලා ..

    ReplyDelete
    Replies
    1. අඩේ මෙන්න ජංගම ග්‍රැෆික් දොස්තරයා ඇවිල්ලා මේ පැත්තෙ...

      Delete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...