ඇළකන්දේ බාබුගෙන් පසු තවත් බාබු කෙනෙකු ගැනම ලියන්නට සිරා කොලුවාට සිත් වී තිබේ. මේ චරිතය පිළිබඳවත් සටහනක් තිබුවේ නැති වුවහොත් එය බලවත් අඩුපාඩුවක් බව මගේ අක්මාවට දැනෙයි. ඇළකන්දේ බාබුට වඩා සහමුලින් වෙනස් ගතිගුණ සහිත අපේ ගමේ බාබුවාගේ නම වෙනකක් වුවත් බාබු යැයි කියූ සැනින් කවුරුත් දන්නා තැනට ඒකා ලඟා වූයේ පියවරෙන් පියවර කාලයට සමානුපාතිකවය.
අපේ ගමේ පිල්ලෑව ඉසව්වේ පොල් වත්තක අපි කාලයක් ක්‍රිකට් ක්‍රීඩා කලෙමු. මේ ආසන්නයේ තිබූ බිම් කඩක ගමේ සෙසු ජනතාව සමග එතරම් මුහු නොවූ හුදෙකලා පවුල් කීපයක් අතීතයේ මෙන්ම වර්තමානයේත් ජීවත් වෙති. අපේ කථා නායකයා මේ කියූ පරිසරයේ විසූ කෙනෙකි. අප එහි ක්‍රීඩා කල කිසිම දවසක ඔහු අප සමග ක්‍රීඩාවට එකතු වී නැත.
පවුලේ අඟ හිඟකම් මෙන්ම දෙමාපියන්ගේ තිබූ නොසැලකිල්ලත් හේතු කොට බාබු පැටියා කාලයේ වැඩි දුර අධ්‍යාපනයක් ලැබුවේ නැත. සාමාන්‍ය පෙළටත් කලියෙන්ම පාසලට සමු දී අතට අහුවෙන දෙයක් කොට යම් මුදලක් උපයාගැනීම ඔහුගේ දින චරියාවට පුරුදු විය. ඒකා අප්‍රිකානු කාපිරි මිනිසෙක් තරම් දැකුම් කළු, වැඩිය ඇඟපත නැති එකෙකි. හෙතෙම සිනාසෙන විට දත් වල කිරි පැහැය ඉතාම හොඳින් ඉස්මතු වී පෙනුනි.
ඒ කාලයේ අපේ ගමේ කොලු කුරුට්ටෝ එකෙක් නෑර පාසල් නිවාඩු සමයේ සරුංගල් උඩ යවන්නට ගමේ වෙල් එළියට එක් වූවෝය. සරුංගල් නැති එවුන් සරුංගල් ඇති එවුන් වෙනුවෙන් ආවතේව කරන්නට සැදී පැහැදී උන් වටපිටාවක සරුංගලයක් නැති බාබුවා වෙනකෙකුගේ සරුංගලයක් ඒකා දිවා ආහාරයට නිවෙසට ගොස් පැමිණෙන තෙක් බලා ගන්නට බාරගෙන තිබුනේය. සරුංගලයේ හිමිකරුවා නැවත සරුංගලය සොයා එනවිට බාබුවා එය ඔතාගෙන නිවෙසට ගොස් හමාරය. පසු කාලයකදී හොරෙක් ලෙස හංවඩු ගැසී නීතියෙන් අච්චු ලැබූ බාබුවාගේ හොරකමේ උපත ඒ ආකාරයෙන් ආරම්භ වූවේය.
කරදඬු උස් මහත් වී උගුරු අැටය පනින කාලයේ බාබුවා ගමේ සිටියේ නැත. ඒකා නැවත අප ඉසව්වේ ජීවමාන වන විට තරුණ වියට එළැඹී සිටියේය. කුඩා කාලයේ තිබූ කුළෑටි කම තවමත් පහව ගොස් නැති වග ඒ රුවෙන් මනාව දිස් වූ බවක් මට මතකය. ඒ වන විටත් ගමේ ඇත්තන් සමග එතරම් ඇයි හොඳයියක් තිබුනේ නැති බාබුවා හිටි අඩියේම 200 - රතු පැහැති තුන් රෝදයකුත් සමග හන්දියේ තුන්රෝද රථ රියදුරෙක් වීම කාට කාටත් විශ්මය කැටුව ආ එකක් විය.
ඇත්ත වශයෙන්ම මේ හාදයා බාබු ලෙස බෞතීස්ම ලැබුවේ මේ තුන්රෝද රථ කරුමාන්තයෙන් පසුවය. හෙමින් ගමනක් තිබුනේ නැති බාබුවා හැම විටම තුන් රෝදයෙන් ඉගිලුනේය. ගමේ කුඩා අතුරු මාර්ගයක වුවත් මේ වේගයේ අඩුවක් තිබුනේ නැත. කුඩා දරුවන් සිටි නිවෙස් වල වැඩිහිටියන් බාබුවාගේ දෙමාපියන් සිහිකර බැණ වැදුනත් වේගය අඩු වූයේම නැත. ප්‍රේමදාස ජනාධිපති තුමා ඝාතනය කල මරාගෙන මැරෙන බෝම්බ කරු වූ බාබු ගේ නාමය මරාගෙන මැරෙන්නට මෙන් තුන් රෝදය පදවන මේ හාදයට ඈඳුනේ නිරායාසයෙනි.
එකල හන්දියේ තුන්රෝද රථ අතර පිළිවෙලකට හෙවත් ටර්න් එකකට දිවිල්ලක් තිබුනේ නැත. බොහෝ රථ සවස 7 පමණ වන විට සේවය නිමකලත් බාබු තවත් බොහෝ වේලා සේවය සැපයූ නිසා ඔහු සමග කෙටි කලකින් හිතවත් වූ පිරිස බොහෝ වූහ. මේ නිසාම තුන්රෝද රථ නැවතුමේ ප්‍රසිද්ධම චරිතය බවට බාබු පත් විය. ඔහුගේ රෝද තුනේ සුරතලාට නිවනක් නැත. හයර් හයර්.....
එහා ගමේ දමයන්තිගේ සැමියා මලේ හිටි අඩියේය. පුංචි දරුවන් දෙදෙනෙකු සමග ජීවන ගමන ගෙනයන්නට මහත් සටනක් කරමින් සිටි ඇය දෑතේ කර්මාන්තයක් හෝ නොදැන සිටියාය. මියගිය සැමියා ඉතිරිකල යමක් හෝ වතුපිටිවලින් ගත හැකි ආදායමක් නොමැති වූ හෙයින් අවසානයේ එතෙක් නොකල කරුමාන්තයකට ඇය අත ගසා තිබුනි. ඒ කුකුලු මස් ව්‍යාපාරයයි. ඇගේ කකුලන් මරා මස් පිණිස සකසා දෙන්නට බාබු ගොයියා මුල් කාලයේ ඇයට උදව් වී තිබේ. බාබුගෙන් කුකුළු කර්මාන්තයේ අයනු ආයනු ඉගෙනගත් ඇය පසුව තමා විසින්ම කුකුලන් මරා ඒ කටයුතු තනිවම සිදුකරන තැනට දියුණු වූවාය. මෙයින් ලද ආදායම් මෙහෙයවා බාබු හට තුන් රෝදයක් රැගෙන දුන්නේ දමයන්ති බව පසුකාලයකදී අපට ආරංචි වූවේය.
මේ සුහදකම තව තවත් ඔඩුදුවා පසුකලෙකදී බාබු සමග හැංගි හොරා බැඳි අනියම් ඇසුර පසු කාලීනව එළිපිටම දකින්නට ලැබෙන තරමට මේ යුවල ප්‍රේමයෙන් මුසපත් වූවෝය. තමාගේ මවගේ වයසේ බඳු කාන්තාවක සමග පෙම් කෙළින බාබුවා ගමේ වැඩිහිටි කාන්තාවන්ට පේන්නට බැරි තරමට අප්‍රිය විය. මේකාව මුලිච්චි වෙන තැනක...නෙදකින් අවලමා.. යනුවනේ තෙපළා ඔව්හු කෙළ තලියක් මහී කාන්තාව වෙත හෙළුවෝය.
සිරා කොලුවා අපේ නිවසේ විසිතුරු ශාකයක් කප්පාදුවට ගොස් සිදු වූ සන්තෑසිය මම වතාවක් අකුරු කළෙමි. එදා කප්පාදුව අතර තුර එක් ඇසකට ඒ ගසේ කිරි ඇතුල් වූ පසු ඇහැ බේරාගන්නට වෛද්‍ය ප්‍රතිකාර කඩිනමින් ලබා ගන්නට මා හට පිහිටවූයේ බාබුගේ තුන් රෝදය බව මට මේ මොහොතේ මතක් වෙයි. ඇසෙහි වූ දැඩි දැවිල්ල නිසාම මා බාබු හට උපදෙස් දුන්නේ හැකි වේගයෙන් ගමන් කරන ලෙසයි. විදුලි වේගයෙන් වෛද්‍යවරයා වෙත මා රැගෙන ගිය බාබු එදා මා හට ඇස බේරාගැනීමට සහාය වූවේය.
එහෙත් පැණි වරකා ගහට හෙණ ගැහුවාක් මෙන් හිටි අඩියේම බාබුවා සමග තිබූ ඇසුර නතර කර දැමූ දමයන්ති තුන් රෝදයද නැවත ලබාගෙන ඇය විසින් තම ව්‍යාපාරයේ අවශ්‍යතා වලට පදවන්නට වූවාය. යන එන මං නැති වූ බාබුවා එතනින් පසු වෘත්තීය හොරෙකු වූයේ හිතේ තරහට දමයන්තිගේ කුකුල් පට්ටියෙන්ම කුකුල් නාම්බන් කීප දෙනෙකු සොරකම් කිරීමෙනි. එතැන් පටන් මාස තුන හතරකට වතාවක් ගල් පල්ලි ගොස් ගමරට බලා ඒම බාබුවා හට සාමාන්‍ය දෙයක් පමණක් වූවේය. මේ ක්‍රියාදාමය දිගින් දිගටම සිදු වූ නමුත් ගමේ කිසි දෙයක් බාබු හොරකම් කලේ නැත. ඒකා වැනිම තවත් දෙතුන් දෙනෙකු සමග ආසන්න පෙදෙස් වල ගේමක් ගසා පොලෝසියට මාට්ටු වූ බවත්..උඩ එල්ලා ඇතිවෙන්නට සැලකූ බවත් විටෙක අපට සැළ වෙයි. කල් යත්ම පොලෝසියෙන් ගුටි කා බාබුවාගේ ඇඟපත හොඳින් පදම් වෙන්නට ඇත.
බොහෝ කාලයක් යන තුරු බාබුවා දකින්නට නොලැබෙන්නේ ඒකා ගල් පල්ලි බඩ ගා ඇති බැවිනි. නමුත් කාලයකට පසු කිසිවක් සිදු නොවූ අයුරින් අපේ හන්දියට බාබුවා පැමිණෙයි. මඳ කාලයක් ඇවෑමෙන් ආයෙමත් බාබු ඇතුලට ගිහින් යනුවෙන් නැවත අසන්නට ඉඩ සැලසෙයි.
තුන්රෝදයක් නැති තැන කීප දෙනෙකුගෙන් දවසෙ වියදම දෙන්නට රථයක් ඉල්ලා සිටියත් බාබු හට එය කිසිවෙකු දුන්නේ නැත. මම රට පැටවෙන්නට ආසන්න කාලයේදී කුකුල් මස් කඩයක වැටුපට කුකුලන් මරමින්, එහි වූ සකලවිධ වගකීම් ඉටුකරමින් අසරණ බාබු සිටියේය. දැන් ඒකා කොයි අත ගොසින්දැයි නොදනිමි.
අපේ සමාජයේ එක් වරක් වැරදි කරුවෙකු වූවෙකුට ඒ වරද නිවැරදි කරගෙන සමාජගත වන්නට බොහෝ විට ඉඩක් නැත. බාබු සම්බන්ධයෙන් සැලකූ විට මේ තර්කයේ යම් සත්‍යතාවක් තිබේ යැයි මට සිතේ. ඵලදායී ආර්ථික කාර්යයක නිරත වෙන්නට කිසිදු ඉඩක් නොමැති කල තම යැපීම උදෙසා මුදල් සොයන්නට අනුගමනය කරන විකල්ප ක්‍රමවේද තුලින් අලුතින් චෞරයන් සමාජයට බිහිවන්නේ එලෙස විය යුතුය.
තුන්රෝදයක් නැති තැන කීප දෙනෙකුගෙන් දවසෙ වියදම දෙන්නට රථයක් ඉල්ලා සිටියත් බාබු හට එය කිසිවෙකු දුන්නේ නැත. මම රට පැටවෙන්නට ආසන්න කාලයේදී කුකුල් මස් කඩයක වැටුපට කුකුලන් මරමින්, එහි වූ සකලවිධ වගකීම් ඉටුකරමින් අසරණ බාබු සිටියේය. දැන් ඒකා කොයි අත ගොසින්දැයි නොදනිමි.
අපේ සමාජයේ එක් වරක් වැරදි කරුවෙකු වූවෙකුට ඒ වරද නිවැරදි කරගෙන සමාජගත වන්නට බොහෝ විට ඉඩක් නැත. බාබු සම්බන්ධයෙන් සැලකූ විට මේ තර්කයේ යම් සත්‍යතාවක් තිබේ යැයි මට සිතේ. ඵලදායී ආර්ථික කාර්යයක නිරත වෙන්නට කිසිදු ඉඩක් නොමැති කල තම යැපීම උදෙසා මුදල් සොයන්නට අනුගමනය කරන විකල්ප ක්‍රමවේද තුලින් අලුතින් චෞරයන් සමාජයට බිහිවන්නේ එලෙස විය යුතුය.
වැරදිකරුවෝ බිහිවන්නේ නිවැරදිකරුවන් යැයි සිතා සිටින අයගේ වැරදීම් වල ප්‍රතිපල ලෙසය
ReplyDeleteහැමවිටම නෙමෙයි. ඇතැම් විට එහෙම වෙනවා නාඩියො.
Deleteපහුගිය ටිකේම මේ පැත්තේ ගොඩ වෙන්ඩ බැරි උනා මචන්.. පට්ට ස්ටෝරි ටිකක් නෙ මිස් වෙලා තියෙන්නේ.. දමයන්ති (දම්මිලා) ඔක්කොම එකයි බැලුවම.. හැක්.
ReplyDeleteහිනා නෙවෙයි මේ වගේ මිනිස්සුන්ගේ ජීවිත අස්සටම එබිල ඒ ගැන ලියන්න උඹට තියෙන්නේ ලොකු දස්සකමක්.. කොහෙ හිටියත් බාබුවාට හොඳක් වෙන්න කියල හිතන්නම්. ජය ශ්‍රී!
පොඩි මෙන්ඩා උඔලව මතක් කරනවා..මිනිහට කවුරැ හරි සෙට් වෙන්නෙ කාලේකින් ඉතිං පිස්සෙක් වගේ කියවනවා..
Deleteඑදා කොල්ලත් එක්ක හරියකට සෙට්ටෙන්න බැරි උනා බං.. කලබලේට.. ආයි එන්නං වෙලාවක.. එතකං කමී මාමත් මතක් කරා කියපං.. ඌ හරි හුරතල්..
Deleteබොලා තලවකැලේ පැත්තෙ එහෙම ගොහින් තියෙනවා දැක්කා. බොහොම කාර්යබහුල වෙන්ට ඇති. සිරාගෙ කාමරය තුල ලියවෙන චරිත කථා සත්‍ය ලෙසම මට ආශ්‍රය කරන්න ලැබුන අය. ඒ නිසාම මට දැනුන දේ අකුරු කරන්න පහසුයි.
Deleteදමයන්ති මොකද දම්මි කලේ...දම්මි කියලා කෙනෙක් බොට බූට් එකක්වත් තිබ්බද...
මට නෙවෙයි.. මගේ යාලුවෙකුට සුගත් කියලා.. හැක්.
Deleteඋඩිං නාඩිය කොටල තියෙන නාඩියත් එක්ක සම්පූර්නයෙන් එකගයි...
ReplyDeleteදමයන්ති කළ දේ ගැන කතා කරල පලක් නැති වුණත් කවුරු හරි කෙනෙක් බාබුව විස්වාස කලා නං බාබුට ඔය තත්වෙ අත් වෙන්නෙ නෑ...
උදේ පටං ගෙන රෑ වෙන කං මෛත්‍රී කරන අපේ මිනිස්සු බාබුව වගේ අයට මෛත්‍රී නොකලත් කරුණාව ටිකක් දැක්වුව නං ඒ මනුස්සය හොද තැනක ඉන්න තියෙන්නත් තිබ්බ
ඒ දේ කරන්න බොහො විට පුලුවන් පවුලෙ වැඩිමල් කෙනෙක්ට...ඒත් හරිහාමන් පවුල් පසුබිමක් නැතුව සමාජය එක්ක ගැටිලා උස් මහත් වෙන කෙනෙකුට හොඳ නරක කියාදෙන්න කෙනෙක් නෑ. ඒ අය සමාජයෙන්ම තමයි ඒවා ඉගෙන ගන්නෙ. තමන්ට නුවන කියලා දෙයක් තිබුනොත් හොඳ පාරෙ යයි. එහෙත් වෙනත් බලපෑම් හෝ අනුවන කම නිසා බොහෝ අයට හොඳ පාර මග ඇරෙනවා. බාබුටත් එහෙම උනා වෙන්න පුලුවන්.
Deleteබාබුවා වෛරයෙන්ම සැනසීම සොයපු කෙනෙක් වගේ. අපෙත් ඔය වගේ කාඩ හොරෙක් හිටියා බං.. ඌ අහල ගම්මාන වල දෙන රොබරි සීන් ඇහුවම ඇග නිල් වෙනවා. ඒත් ගමේදි එක මිනිහෙකුට වචනයක් කියන්නැ. කිසි හොරකමක් කරන්නෑ. ඒත් කව්රුවත් ඌ එක්ක කතාවක් වත් නෑ.. උමගේ මේ ලිපි පෙල දැං අර වැඩකට නැති සරත් ලංකාප්‍රියගේ මිනිසුන් අතර ඒවට වඩා රහයි බං.. හැක්.. මං එහෙම කිව්වා කියල කෝල් එකක් දීල කියහං..
ReplyDeleteබාබුවා ගමේ දැරිවියෙකුටවත් නොමනා කථාවක් කියලා නෑ. තමන්ගෙ රෝද තුනේ රැකියාව කරගෙන තමන්ගෙ පාඩුවෙ හිටියා. බාබු ගහපු ගේම් ගැන ගමට ආරංචි උනේ තරමක කාලයක් ගත වෙලා. සමහරු පුදුම උනා බාබුට එහෙම දෙයක් කරන්න පුලුවන් උනාද කියලා හිටිය විදියට. සරත් අයියගෙ නොම්බරේ මගෙ ලග නෑ සුදෝ...
Deleteඕං එතකොට තමා බාබක්‍යු කරන්න හිතෙන්නේ.. හැක්
Deleteඔය වගේ නිසි අධ්‍යාපනයක් ලබන්න බැරුව අතරමගින් නවතින, තමන්ගෙ කර්මාන්තයක් කරගෙන යන්න වත්කමක් නැති බොහෝ දෙනෙකුට අන්තිමට අත්වෙන ඉරණම තමයි ඔය.
ReplyDeleteනමුත් කාගෙන්හරි පිහිටක් ලැබුනොත් වැරදි මගක ගිය මනුස්සයෙක් උනත් හරි මගට ගන්න පුලුවන්. බාබුට ගමේ මිනිස්සු නොසැලකුවත් මිනිහ ගමේ මිනිස්සුන්ට සලකල තියෙනව ගමේ දෙයක් හොරකම් නොකිරීමෙන්.
නියමයි සිරා.
සිරා බාබු කියහං..
Deleteබාබු පළවෙනි දෙවැනි වැරදි කරපු අවස්ථා වල ඔහුට අඩුම තරමේ හොඳ මිත්තරයෙක් හෝ ගුරුවරයෙකු හෝ සිටියා නම් මේ ඛේදජනක ඉරණම ඔහුට අත් නොවෙන්න ඉඩ තිබුනා.
Deleteඔය වැඩි සමාජ බජනයක් නැති ගමෙන් වෙන්වෙලා ඉන්න. බොහෝ දුරට අනවසරයෙන් පදිංචිවෙලා ඉන්න පවුල් බොහොමයක් සමාජ විරෝධී වැඩවල තමයි නිරත වෙන්නනේ. ඉතින් ගංජා ටිකක් ගන්න කසිප්පු වැඩියක් පෙරන්න වගේ දේවල්වලට අමතරව අහල ගම්වල හොරකම් කරන්න වගේ දේවල්වලට පෙලබෙද්දී පවුල්වල පොඩි එවුන් ගමේම වතු පාලු කරනවා. ඇල අයිනක රේල් පාර අයිනක බොහොම ප්‍රථමික විදියට ජීවත්වෙන එහෙම පවුල් කීපයක් අපේ ගමෙත් හිටියා .
ReplyDeleteව්‍යාභිචාරය එහෙම ඔය පවුල්වල පොදු කාරණයක්. ඒ වගේම පොඩි රන්දුවටත් අම්මගේ තාත්තගේ පවා ඇත පය කපන සහෝදරකම් රන්දුවේදී නොහදුනන මේ ය ගමෙන් හුදකලවෙලාම තමා ඉන්නේ.
ගමෙන් පිට අයට ලිංගික ශ්‍රමය සපයන සහෝදරියෝ වගේම එක පාරට කොහෙන්හරි උස්ස්සගෙන් එන ඒ කොල්ලන්ට වඩා වයසක හෝ ඒ පිරිමින්ට වඩා ඉතා ලාබාල කෙල්ලෝ කොචචර අඩුපාඩු තිබ්බත් ගමේ මිනිස්සුන්ට පොඩ්ඩක් නළලේ තියාගෙන තම ඉන්නේ. මේක මම මගේ ගමෙත් වයිෆ්ගේ ගමෙත් දැකපු කාරණා දෙකක්.
(ඔය මොන ලොකු සින් තිබ්බත් අවශ්‍ය වැඩේ කරගත්තු කොල්ලොත් හිටිය )
ස්තූතියි දිලංක...ඔබේ අදහස සමග මම එකඟයි. මමත් බොහෝවර අප ජීවත් වන පරිසරය තුල ඔවැනි කතා පුවත් දැක තිබෙනවා. මම හිතනවා මේ ඇත්තන්ගෙ අඩු අධ්‍යාපන මට්ටම මේ දුක්ඛදායක ජීවිතයෙන් එතෙර වෙන්න එයාලට ලොකු බාධාවක් කියලා.
Deleteබාබු පව්..
ReplyDeleteදමයන්ති බාබුව අන්දලා ද නැත්නම් උගෙන් කරදර නිසා අයින් වුනාද?
මම හිතන්නෙ බාබුගෙන් එයාට කරදර වෙන්න ඇති. ඒ වෙද්දි දමයන්තිගෙ ලොකු දුවත් වැඩිවිය පැමිණෙන වයසට කිට්ටුව හිටියෙ. බාබුගෙන් මේ කෙල්ලට කරදරයක් වේවි කියලා සමහර විට දමයන්තිට බය හිතෙන්න ඇති.
Deleteස්තුතියි සිරා..මේ පැහැදිලි කිරිම නිසා කතාවේ වටිනානම වැඩි වුනා..
Deleteදමයන්ති බාබුගෙන් වැඩ ගත්තා ඇති කියල බාබුට වැඩිය කුකුලෙක් හොයාගෙන මෑන්ට තුන් රෝදේ දෙන්න ඇති.. .
ReplyDeleteසිරාගේ ගමේ තව කීදෙනෙක් විතර ඉතුරුද බ්ලොග් ඒකෙ ලිව්ව නැති. . .
නෑ බං බාබුවාගෙන් කරදර වෙන්න ඇති. නැත්තං තුන් රෝදෙ ආදායම හරියට ගනං බේරන්න නැතුව ඇති.
Deleteඅපේ ගම පොඩි එකක් නෙමෙයි බොල...ඉතිරි උන් ගැනත් මම හරියට ලියනවා නං තව අවුරුදු 5 ක්ම උන්ගෙ කථා විතරක් ලියතහැකි.
එහෙම මිනිස්සුන්ට හැදෙන්න ඉඩක් අපේ සමාජයේ ඇත්තෙම නැහැ. ස්පිට්ල් මහතාගේ වනසරණ කියෝන ගමන්. තිසාහාමි වගේම මේ බාබු වගේ ට්‍රැක් එකෙන් පිට මිනිස්සු ගැන කියෝන එක රසවත් ,උන් අතර ජිවත් වෙනකොට නම් අපි වුනත් මේ තරම් අනුකම්පා කරන්නේ නැහැ. ඒක ඉතින් ලෝක ස්වභාවය
ReplyDeleteඇත්ත තත්වය ඒක තමයි. වරක් හිරේ ගිහින් ආව ගමන් ඒ මනුස්සයා දිහා බලන්නෙ අමුතු සතෙක් දිහා බලන විදියට. ඔහුට සුමගට එන්න කෙතරම් උවමනාවක් තිබුනත් සමාජයෙක් ලැබෙන දරුණු ප්‍රතිචාර නිසා ඒ අදහස යථාර්තයක් බවට පත් කරගන්න ලැබෙන්නෙ නෑ
Deleteඒ නිසා නොමගටම තමයි යන්න වෙන්නෙ.
බාබු වගේ මිනිස්සු විශ්වාස කරන එක අවදානම්.ඒත් ඒ අවදානම ගන්න ඕනෙ.ඒක සමාජයේ වැඩිහිටියන් ගෙන් ඉටුවෙන්න ඕන වගකීමක්.(වැඩිහිටියෙක් වෙන්න නාකියෙක් වෙන්නම ඕන නෑ) අන්න ඒ වරද නිසා අහිංසක ජීවිත විනාස වෙනවා.. ඛේදවාචකයක්.
ReplyDeleteජයවේවා..!!
මම හිතනවා යම් අධීක්ෂණයක් යටතේ බාබු හට අවස්ථාවක් දුන්නා නම්, කරුණාවෙන් හොඳ නරක කියා දුන්නා නම් යම් වෙනසක් වෙන්නට ඉඩ තිබුනා කියලා.
Deleteහුඟක් අයගෙ මතය කවුරුවත් බාබුට උදව් කළේ නැති නිසාත් සමාජය ඔහුට පිටුපාපු නිසා ඔහු ඒ ඉරණමට පත්වුණා කියල. නමුත් ඒක සම්පූර්ණ සත්‍යයක් කියල මට හිතෙන්නෙ නෑ. හැම දේටම මුල්වෙන්නෙ තමන්ගෙ හිත ය කියනවනේ. දැන් උඹම කියනව ඔහුට රැයක් දවාලක් නැතිව හයර් තිබුනා කියල. රෝද තුනේ අයිතිකාරයටත් ගානක් දුන්නත් ඔහුටත් ඒ කාලෙ සැලකිය යුතු මුදලක් අතට ලැබෙන්න ඇති. එහෙම බැලුවම මොන තත්ත්වයක් යටතෙ හරි එයාටත් ඔළුව උස්සන්න අවස්ථාවක් ලැබිල තියෙනව. මම හිතන්නෙ අවශ්‍යතාවයක් තිබුන නම් ඔහුට ගොඩයන්න අවස්ථාවක් තිබුනා. ඒත් ඉතිං අවාසනාවකට මේ වගේ චරිත ස්වභාවයෙන්ම යොමුවන අවාසනාවන්ත තත්ත්වයටම ඔහුත් ගොදුරු වෙලා.
ReplyDeleteබොලගෙ මතයෙ යම් සත්‍යතාවක් තියෙනවා. තමන්ගෙ වර්තමාන ජීවන තත්වයෙන් අඩියක් හරි උඩට යන්න අවශ්‍ය නම් ඒ උවමනාව දැඩිය පැවතිය යුත්තෙ තමන්ගෙ හිතේ. බාබුට උවමනාවක් තිබුනා නම් මේ ජීවිතය යම් තරමකට වෙනස් කරගන්න තිබුනා. රෝද තුනෙන් ලද ආදායම ගෙඩිය පිටින්ම දමයන්තිට දුන්නද දන්නෙත් නෑ.
Deleteලිපියේ අවසාන ඡේදයේ තියන සම්පිණ්ඩනය තමයි සිරෝ වඩාත්ම දේ. අපි හරි කැමතියි මිනිස්සුන්ට ලේබල් ගහන්න, හොරා, වලා, අවලමා, කුඩ්ඩා, වගේ ලේබල් ගහන්න සැදී පැහැදී ඉන්නේ. ත්‍රී වීල් බාබු නොමග ගියේ, නූගත්කම සහ නිසි මගපෙන්වීමක් නොලැබීම නිසා බව තේරුම් ගන්නේ, කීයෙන් කී දෙනාද?
ReplyDeleteසහතික ඇත්ත. හිරේ ගිහින් ආව කෙනෙක්ට අඩු තරමේ රස්සාවක් තියා හිනාවකින්වත් සංග්‍රහ කරන්න බොහෝ අය කැමති නෑ. ඔහුට හිරේ යන්න හේතු උන වටපිටාව බලලා යම් සහනයක් සලසන්න කවුරු හරි ඉදිරිපත් වෙනවා නම් ඒකටත් අකුල් හෙලනවා...
Deleteබාබු නම් හොරකමට වැටුනේ අසරණ කමට කියමු. එතකොට මේ ධනවත්තු, උගත්තු, බලවත්තු හොරකම් කරන්නේ ඇයි?
ReplyDeleteපිස්සුද, මාලදිවයිනේ වෙන්නැති එහෙම වෙන්නෙ.
Delete//එතකොට මේ ධනවත්තු, උගත්තු, බලවත්තු හොරකම් කරන්නේ ඇයි?//
Deleteඅපේ වගේ රටවල ඔය තත්ත්වයට සාමාන්‍යයෙන් කියන්නෙ දේශපාලනය කරනව කියල.
හොරකම දේශපාලනයට හොද සුදුසුකමක් ලංකාවෙ. ගොඩාක් උන් දේශපාලනයට එන්නෙත් හොරකං කරන්න...එහෙමත් නැතිනම් පරම්පරා ගානකට ගාන කපාගන්න. කිසිම උගත් කමක් නැති උන්ට වෙන කරන්න දෙයක් නැති නිසා හොරකමනෙ කරන්න වෙන්නෙ ජීවිතේ රැක ගන්න. ඒ දෙයින් තෙම්පරාදු උනාම උන් දේශපාලනයට එනවා හොරකම් කරපු සල්ලි විසිකරලා.
Deleteසිරකරුවොත් මනුෂ්‍යයෝය කියලා කිව්වාට එහෙම නෑ...
ReplyDeleteබාබු පටන් ගත්තේ සරංගලෙන් නම් එතනදී සම්පූර්ණ වැරුද්ද බාබුගේ...සරුංගලයක් හොරකම් කරේ සමාජයේ වැරුද්දෙන් නෙවෙයි නේ??
ඔබේ කථාවෙ ඇත්තක් තියෙනවා. දෙමාපියන් සතුව තමයි දරුවෙකුගෙ ප්‍රමුඛ වගකීම තියෙන්නෙ. ඊලගට ගුරුවරුන්ටත් වගකීමක් තියෙනවා යහපත් පුරවැසියෙක් රටට දායාද කරන්න. වේලාසන පාසල් ගමන නැවැත්තුව, දෙමාපියන්ගෙ නිසි විමසීමක් නැති බාබු වගේ දරුවෙකුට සරුංගලයක් හොරකම් කල එක ගැන අවවාද කරන්න කෙනෙක් ඉන්න නැතුව ඇති. නමුත් ඔහුගේ වාසනාවට සමාජයෙන් ඒ ගුරුහරුකම් ලැබුනා නම් බාබුගේ දෛවය වෙනස් වෙනවා.
Deleteපොඩි හොරකමක් කරපු වෙලාවෙ ඒකට දඩුවමක් දෙන්න වැඩිහිටියෙක් හිටියනම් බාබු හොද මිනිහෙක් වෙන්ඩ තිබුන.
ReplyDeleteසිරාලගෙ පැත්තෙ ඉදන් අපේ ඉස්කෝලෙට ආපු එකෙක් හිටිය , පොඩි කාලෙ ඉදන් ඌට කිවුවෙ බාබු. ගමේ නම ප්‍රදීප්.
කම්මලේ.. උඹ දැං බොනවා වැඩියි හොදටෝම....
Deleteඒ කථාවම තමයි මම ඉහළ කමෙන්ටුවෙන් සදහන් කලෙත්. දෙමාපියන්ගෙන් හෝ ගුරුවරයෙකුගෙන් අවවාද නොලබන දරුවෙක් බොහෝ විට නතර වෙන්නෙ සමාජයටම අප්‍රිය මිනිහෙක් වෙලා.
Deleteඊලග වතාවෙ බොනවා නම් මේ දේශක මාමා වත් රැගෙන යන්න...බැදපු හුරුල්ලො බයිට් එකට තමයි එයා මනාප...
නැහ් බං මේ බොන එක අඩුකලා දැන් තමයි අවුල්, ඉස්සර සනීපෙට හිටිය. දැන් ඩබල් වෙලා පේන්නෙ.
ReplyDeleteඩබල් වෙලා පේනවා නම් බීමත් ඩබල් කරන්න කියලා තමයි සිග්නල් එක දෙන්නෙ.
Deleteබාබු කිව්වා ම බයත් හිතෙනවා සිරා................
ReplyDeleteබාබු තමන්ගෙ ගමට මොකුත් නොකරපු එක ගැන පුදුමයි. පොඩිකාලෙ ඉඳංම ඌ ගමත් එක්ක සමාජානුයෝජනය වෙලා නෑනෙ. උං කොන් කරලා වගේ තියෙන්න ඇති. විස්තරේ හැටියට නම් බාබු ඒ සැම්පලේ සාමාන්‍යයෙන් අහන්න ලැබෙන උන්ට වඩා ගොඩක් හොඳයි.
ReplyDeleteඋඹේ පට්ට චරිත අතරින් තවත් එක සිරා කතාවක්...
ReplyDeleteබාබු වගේ උන්ව මුල් අවධියේදීම යාළුවෙකුට උනත් ගොඩ දා ගන්න බැරි කමක් නැහැ.
නමුත් ඌ සමාජ ආශ්‍රයක් නැති එකෙක් නිසා ඒ අවස්ථාවත් නැති උනා, ඒත් මට හිතා ගන්න බැරි ඌත් එක්ක හයර් ගිය කවුරු හරිවත් මිනිහට උපදෙසක් දෙන මට්ටමට හිතවත් උනේ නැත්තේ ඇයි කියලයි.
සිරා... කාලෙකින් ආවෙ....ගම් වල ඔය "බාබු" ටයිප් බුවාලා ඕනෑතරම් ඉන්නවා. සමාජේ බැනුම් ගැරහුම් නිසා ඔය විදියේ කොල්ලො තවතවත් වලට තල්ලු වෙන එකයි වෙන්නෙ. කොහොම නමුත් බාබුලාට අනුකම්පා කරන උදවිය සමාජයේ විරලයි. සෙකන්ඩ් චාන්ස් එකක් දෙන එක , එහෙම කරලා හැදෙන්න අවස්තාවක් දෙන එක අපේ සමාජෙන් ජීවිතේට බලාපොරොත්තු වෙන්න බෑ..
ReplyDeleteඅපේ ගමේ රුවනා ඔයවගේ කුකුල් මාරයෙක් වෙලා හිටිය කාලයක්. ඌ කුකුල්ලුන්ගේ බෙලි කපන්නෙ ඇඟ හරියෙන් දිගට හිටින්න. පස්සෙ ඔලුව අයිනෙන් කපල බෙලි කෑලි වෙනම එකතු කරලා බාර් එක ගාව බයිට් කඩේට විකුණලා ඒකෙන් හවසට බොනවා...
සිරා බොට පේනවද මේ කතාව ඇතුලේ හැOගිලා තියන කතාව....තවත් මේ වගේ බාබුලා අපේ රටේ තව කොච්චර නම් ඉන්නවද.........
ReplyDeleteගොඩ දවසකින් මේ පැත්තෙ ආවෙ සිරා අයියෙ. බාබු වගේ කීප දෙනෙක් අපේ පැත්තෙත් හිටියා සහ දැනටත් ඉන්නවා. මේ සමාජ ක්‍රමය නිසා ඒ වගේ අය බිහිවෙන එක නවත්තන්න අමාරුයි කියල තමා මටනම් හිතෙන්නෙ.
ReplyDelete