Sunday, August 9, 2015

55 බොඩි ගාඩ්ලා සමග යන එන සුදු රයිනෝ

මනුසතා යනු අරුම පුදුම සතෙකි. අප ජීවත් වන පෘථිවිය මනුසතා වෙනුවෙන් පමණක් බිහි වූවක් නොවුනත් මිනිසා සිතන්නේ එය තමාගේ බූදලයක් බවයි. එහි වෙසෙන අවශේෂ සත්ව ප්‍රජාව, තුරු ලතා මනුසතාගෙන් අනේක ගැහැට විඳියි. වෙනත් සත්වයන්ට නැති තරමේ බුද්ධියක් මේ අරුම පුදුම මනුසතාට ලැබීම අනෙක් සත්වයන්ගේ ආයුෂ කෙටි කර ඇති සෙයකි. මහා ලොකු බුද්ධියක් තිබුනා වුවත් ඒ බුද්ධියෙන් තමාගේ සුඛවිහරණය පමණක් සලකන මනුසතා ඇතැම් විටෙක අප සිතනවාටත් වඩා දරුණු ලෙස සොභාදම් දිනිතියට සලකා තිබේ.

ගොඩබිම වෙසෙන විශාලතම සත්වයා අලියා බව ඔබ හොඳින් දනියි. අප්‍රිකානු සහ ආසියානු අලියාට පසු ගොඩබිම ජීවත්වන විශාලතම සත්වයා සුදු රයිනෝ සිරස් බව ඔබ නොදන්නවා විය හැක. මිනිස් ප්‍රජාවගෙන් දරුණු ලෙස බැටකන සත්ව විශේෂයක් වන රයිනෝ සිරස් සාමාජිකයෙකු ගැන කියවෙන සුවිශේෂී තොරතුරු ගොන්නක් ජාලෙන් පෙරලා ඔබ වෙත මෙසේ ගෙන එමි.

ලෝකයේ රයිනෝ සිරස් ගහණය තුල අප නිතර දකින කලු පැහැති රයිනෝ සිරස් සතුන්ට වඩා සුවිශේෂී ස්ථානයක් උතුරු අප්‍රිකානු රටවල ජීවත් වන සුදු රයිනෝ සතුන් හට හිමි වෙයි. අනෙකුත් රයිනෝ සතුන්ගෙන් වෙන් වූ සුවිශේෂී වර්ණයක් ඇති මේ සත්වයින් ශරීර ප්‍රමාණයෙන්ද විශාලය.  සංඛ්‍යාත්මකව මේ සත්ව වර්ගය ඉතාම සුළු අගයක් ගැනීම ඔවුනට එකතු කලේ විශාල වටිනාකමකි. මේ විශාල වටිනාකමම මේ සතුන්ගේ අභාග්‍යයට හේතු වී තිබේ. 

දඩයක්කරුවන් තමන්ගේ අතට ලැබෙන මුදලට ගිජු වී වැඩි වැඩියෙන් සුදු රයිනෝ දඩයම් කිරීමේ කූට ප්‍රාප්තියට අද වන විට අප පැමිණ සිටිමු. සුදු රයිනෝ අං වලින් වටිනා බෙහෙත් වර්ග නිපදවීමට හැකි වීම නිසා එම සතුන් ඉලක්ක කොට ගිණි බිඳින දඩයක්කරවන්ට කොකේන් වලටත් වඩා වටිනාකමක් සුදු රයිනෝ අං වෙනුවෙන් ලබාගත හැකි වීම මේ අභාග්‍යයට පාර කැපූ හේතුව බව කිව යුතුය.

1960 දශකයේදී සමස්ත ලෝකයටම සුදු රයිනෝ සතුන් 2000 ක් පමණ වූහ. එහෙත්  තව දුරටත් මුලු ලෝකයටම සිටින්නේ එකම එක පිරිමි සුදු රයිනෝ කෙනෙකි. ගැහැණු සත්වයින් 4 දෙනෙකි. ඒ අනුව සියල්ලෝම 5 දෙනෙකි. ගැහැණු සත්වයන්ගෙන් දෙදෙනෙකු සත්ව උද්‍යාන වල ජීවත් වන අතර අනෙක් දෙදෙනා කෙන්යාවේ සත්ව ආරක්ෂණ වැඩ සටහනක් යටතේ  ජීවත් වෙති.

දකුණු සුඩානයේ ෂැම්බේ නැමති පළාතේ ඉපදුන, වර්තමානයේ කෙන්යාවේ ක්‍රියාත්මක වෙන Ol Pejeta නැමති සත්ව ආරක්ෂණ වැඩපිළිවෙලක් යටතේ ජීවත් වෙන ලෝකයේ අවසාන පිරිමි සුදු රයිනෝගෙ සුරතල් නාමයද සුඩාන් නම් වෙයි. සුඩාන් වයස අවුරුද්දක් පමණ වන කාලයේදී මිනිස් ග්‍රහණයට හසුව චෙක් ජනපදයේ Dvur Kralove  සත්ව උද්‍යානයට ගියේය. ඒ නිසාම ඔහුගේ දිවිය රැකුනා විය යුතුය. එහෙත් එවැනි ආරක්ෂිත වට පිටාවක් තිබුනේ නැති තමාගේ අවශේෂ ඥාති සමූහයා එකා බැගින් මිය පරලොව යද්දී 2009 දී මධ්‍යම කෙන්යාවේ පවත්වාගෙන යන මේ සත්ව ආරක්ෂණ වැඩ පිළිවෙලට සම්බන්ධ වීම සඳහා අවුරුදු තිස් ගනනකට පසු නැවත අප්‍රිකාව වෙත එන්නට සුඩාන්ට හැකි විය. ඒ සුනි නැමති තවත් පිරිමි සත්වයකු සහ ෆාටු (15), නජින් (25) නැමති ගැහැණු සත්වයින් දෙදෙනෙකුද සමගිනි. 

සුඩාන්


ෆාටු සහ නජින්
මේ සත්වයින් උපයෝගී කොටගෙන නව සුදු රයිනෝ සත්වයින් බිහිකිරීම පිණිස අවසාන උත්සාහයක් දැරීම මේ වැඩපිළිවෙලේ අරමුණ වී තිබූ නමුත් සුඩාන්ට වඩා බෙහෙවින් තරුණ වයසක සිටි සුනි නැමති පිරිමි සත්වයාද පසුගිය වසරේ  මරු තුරුලට ගියෙන් තම වර්ගයා වඳ නොවී පවත්වාගෙන යාමේ ලෝක මට්ටමේ වගකීම 42 වියැති සුඩාන්ගේ කර පිටට වැටුනි. හොඳින් වැඩී ඇති අං යුගල නිසාම සුඩාන්ගේ ජීවිතයට ඇති තර්ජනය පිළිබඳ වටහාගත් කෙන්යානු සත්ව බලධාරීන් ඒවා අර්ධ ලෙස කපා උගේ අවධානම අඩුකොට තිබේ. එයට අමතරව සුඩාන්ට පැය 24 ම සේවය සපයන ශරීර ආරක්ෂකයන් (Body Guards) සපයා දී තිබේ. ඔව්හු නවීන අවි වලින් සන්නද්ධව ඉතාම ආදරයෙන් සුඩාන්ව රැක බලාගන්නේ ඔහු සමීපයේම සිටයි.


සුඩාන් දැන් වයසක සුදු රයිනෝ කෙනෙකි. තවත් වසර කීපයකට පමණක් උගේ ජීවිතය ඉතිරිව තිබේ. මේ සත්වයාගේ පිටුපස පාද ද්විත්වය වයසත් සමග ක්‍රම ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතී. සුඩාන්ගේ ශ්‍රක්‍රානු වල සඵල බවද දිනෙන් දින පල්ලං බසියි. ෆාටු හෝ නජින් සුඩාන්ගේ සහකාරිය බවට පත්කොට ඒ මගින් නව සුදු රයිනෝ පැටියෙකු තැනීම මේ අාරක්ෂණ වැඩපිළිවෙලේ බලාපොරොත්තුව උවත් සුඩාන් දැන් සිටින තත්වය අනුව එය බොහෝ දුෂ්කර කටයුත්තක් බවට පත් වී හමාරය. ශක්තිමත් පාද යුගලක් නොමැතිව ලිංගික ඉරියව්වේ සිටින්නටවත් සුඩාන්ට නොහැකිය. වසර 30 ක කාලයක් හිම වැටෙන පරිසරයක කොන්ක්‍රීට් කූඩුවකට වී කාලය ගත කිරීමට ලැබීමත් සුඩාන්ගේ පාද දුර්වල කරන්නට හේතු වන්නට ඇත.  2009 සිට මේ දක්වාම නව ජීවියෙකු ලබා ගැනීම පිණිස කෙන්යානු සත්ව බලධාරීන් දරණ උත්සාහය සඵල වී නැත. සුඩාන්ගේ ආයුෂ මේ වන විට බොහෝ කෙටි වී තිබේ. එහෙත් සත්ව විද්‍යාඥයන් තවමත් තමන්ගේ වෑයම නව තාක්ෂණයේ පිහිටෙන් ‍හෝ සඵල කරගැනීමට ලැබේ යයි සිතති.

නව පිරිමි සත්වයෙකු නොලබාම සුඩාන් මිය ගියහොත් අනාගතයේ දිනයක නව තාක්ෂණය යොදාගෙන සුදු රයිනෝවන් නැවත බිහිකරන්නට හැකිවෙතැයි සත්ව විද්‍යාඥයෝ විශ්වාසය පල කරති. එහෙත් එය සැබවින්ම ප්‍රායෝගික අදහසක්දැයි සොයාබැලිය යුතුය. වෙනත් සත්වයින් කෘතිමව බිහිකිරීමේ තාක්ෂණය යම් තරමකට දියුණු කොට තිබුනත් රයිනෝ සත්වයින් වෙනුවෙන් එය සකස් කොට නැති වීම මේ වැඩපිළිවෙලට පාඩුවකි.




සුඩාන් තමන්ගේ ආරක්ෂකයන් සමග පවත්වාගෙන යන්නේ දැඩි බැදීමකි. ආරක්ෂකයන් සුඩාන් සමග ඒකා යන යන තැනට ගමන් කරයි. මේ අයගේ දෑස් මානයේම ෆාටු සහ නජින්ද සිටින නිසා ඔවුන් දෙදෙනාගේ ජීවිතද සුරක්ෂිත වී තිබේ.

කන පිටුපස
බඩ යට , කන පිටිපස්සෙ අතගානවට සුඩාන් කැමතියි. එයාට සැහැල්ලුවක් දැනෙනවා ඇති එහෙම කරනකොට. එයා පොඩ්ඩක් වත් දරුණු නෑ...අපි එක්ක ගොඩාක් මිත්‍රශීලියි...එයාගෙ නම කිව්වම අපි ඉන්න තැනට එන්න සුඩාන් දන්නවා. සුඩාන්ව බලන්න මෙතනට එන අමුත්තො එක්කත් සුඩාන් ගොඩාක් මිත්‍රශීලියි. සුඩාන්ගෙ ආරක්ෂකයෙන් වෙන ජෝන් මුගෝ මේ සත්වයා ගැන අදහස් දක්වන්නෙ ඒ විදියට. සුඩාන්ගේ ආරක්ෂකයන් සේවා මුර දෙකකට අනුව සේවය කරති. උදෑසන 6 සිට හැන්දෑවේ 6 දක්වා එක් පිරිසකුත්, හැන්දෑවේ 6 සිට උදෑසන 6 දක්වා තවත් පිරිසකුත් සුඩාන් දඩයක්කරුවන්ගෙන් ආරක්ෂා කරති.

ජෝන් මුගෝ

තමන්ගේ ජීවිතයෙන් වසර 30 ක් නොදන්නා ශීත රටක කොන්ක්‍රීට් කූඩුවක ගෙවා දැමූ සුඩාන් තමාට හුරු පුරුදු පරිසරයට නැවත පැමිණෙන විට එතැන හෝ නිදහසේ හැසිරෙන්නට අවකාශයක් තිබුනේ නැත. අප ජීවත් වන ලෝකය බොහෝ සේ අශ්ශීල, නරක තැනක් බවට කාලානුරූපීව පත්වීම හේතුවෙන් පෘථිවියේ වෙසෙන බොහෝ සත්ව ගහණයන් සීඝ්‍රයෙන් අඩු වෙමින් පවතී. ඇතමෙකු දැනටම සමුගෙන අවසාන වී තිබේ.

‍පෘථිවිය මිනිස් අපට පමණක් නොව එහි වෙසෙන අනෙකුත් සතා සීපාවන්ට සහ තුරුලතා වලටත් එකසේ හිමි වුවත් මුදල් පසුපස දුවනා සමාජයකදී මිනිසුන්ට ගුණධර්ම අමතක වී තිබේ. තමාට ලැබෙන ආර්ථික ප්‍රතිලාභයන්ට ගිජුව ඔව්හු මේ අහිංසක සත්වයින් මරු තුරුලට යවා තම මඬිය තරකරගෙන තිබේ. ඒ අර්ථයෙන් බැලූ විට සැබවින්ම මිනිසාට ඔය කියන තරම් මොළයක් තිබේදැයි සිතීම වටී. වර්තමානයේ වන සිව්පාවුන්ට මිනිසා සළකන ආකාරය දෙස බැලූ විට තව නොබෝ කාලයකින් සෑම සත්වයෙකුටම අවිගත් ආරක්ෂකයකු පත් කරන්නට සත්ව බලධාරීන්ට සිදුවිය හැක. ඒ වන විට කුඩා දරුවෙකුට රයිනෝ සතා පින්තූර වලින් මිස සැබෑ ලෙස දකින්නට හැකියාවක් නොලැබෙනු ඇත.


අසරණ සුඩාන් දැන් තම මහළු විය ගෙවමින් සිටියි. ඒ සත්වයා මහල්ලෙකු වි ඇත්තේ ජීවිතයේ බොහෝ අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාවක් නොලබාය. සත්ව ප්‍රජාව වෙත කරුණාව දක්වන ඕනෑම කෙනෙකුට ඒ පිළිබඳ කම්පාවක් දැනෙන බව නොඅනුමානය.

දැන් ඉතින් ගිය නුවන ඇතුල් ලවා හෝ අද්දවන්නට බැරිය. නව ජීවියෙකු බිහි කරන්නට ප්‍රථමයෙන් සුඩාන් හට සමුදෙන්නට ලෝක වාසී අපට සිදු නොවේවා. සිරා කොලුවාගේ ප්‍රාර්ථනය එයයි.


අද ලිපියට මූලාශ්‍රය



මම කාමරේ අරින සිරා කොලුවා.

55 comments:

  1. //ඒ සත්වයා මහල්ලෙකු වි ඇත්තේ ජීවිතයේ බොහෝ අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාවක් නොලබාය.// මේක කාට කාටත් හොද පාඩමක් බව සිහිතබා ගැනීම යෙහෙකි.

    හැමදාමත් වගේ අපූරු ලිපියක් සිරා. මේ විස්තරේ මීට කලින් ඉංග්‍රීසියෙන් කියවල තිබුණට මේ තරම් හිතට දැනුනෙ නෑ. ස්තූතියි ඔබට.

    ReplyDelete
    Replies
    1. මට හරිම සංවේගයක් තියෙන්නෙ සුඩාන් ගැන. වයස 42 ක් ගෙවිලා තියෙන්නෙ නිරපරාදෙ. ඒ සතා වසර 30 ක්ම කොන්ක්‍රීට් කූඩුවක හිටියා කිව්වම අදහන්නත් බෑ.

      Delete
  2. මිනිස්සු හිතන්නේ ලෝකේ අයිතිකාරයෝ අපි කියලා! හැබැයි වැරැද්ද තේරෙන්නේ ඔක්කොම නැතිව ගිය දවසට!

    ReplyDelete
    Replies
    1. යමක් ලග තියෙද්දි වටින්නෙ නෑ. නැතුව ගියාම, වෙන කෙනෙක් සන්තකයේ තියෙද්දි තමයි වටිනාකම වැඩියෙන් දැනෙන්නෙ.

      Delete
  3. නව රයිනොවෙක් බිහි කරගැනීමට හැකියාව ලැබෙයි කියලා බලාපොරොත්තු වෙමු.

    ReplyDelete
    Replies
    1. බටනලාවෙං ට්‍රයි එකක් දීහං. කුකුල් කොටුවකම ඕනෑ කම් ඉටු කරපු උඹට ඒක අමාරු වෙන එකක් නෑ. :-) හූ හූ...!!!

      Delete
    2. ඉවාන් කොලුවො මොකද කියන්නෙ...ඩ්‍රැකියගෙ අදහස ගැන සළකා බලනවද ?

      Delete
  4. අගනා තොරතුරු ගොන්නක්. හෙනරාජ තෛලය හදන්නට රයිනෝ අඟ ගන්නවා කියලා අහල තියනවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නලින් අයියා...හුග කාලෙකින් මේ පැත්ත‍ෙ දැක්කෙ.

      Delete
  5. සුඩාන්, සිරා, මා ඇතුළු අපි ඔබ හැමගේම බලාපොරොත්තුව ඉටුවේවා! අලුත් සුදු රයිනෝ පැටියෙක් දැක ගැනීමට ලගදීම ලැබේවා!

    ReplyDelete
    Replies
    1. සබන් පවුඩර් අරන් අපි යනවා බලන්න උඔත් වරෙන්

      Delete
    2. හෙ හෙ පොඩි රයි‍නෝ බලන්න යන දවසක ගල් කේස් එකක්වත් ගන්න වෙයි නේද...සෑහෙන්න දුර ගමනක්නෙ...

      Delete
    3. //සබන් පවුඩර් අරන් අපි යනවා බලන්න// ඊට කලින් උබලට අපේ දිහා එන්න වෙයි සබන් පවුඩර් අරන්.. හැක හැක හැක..

      Delete
    4. ඒ මොකද කමි සේෆ්ටිය බලලා ගානට වැඩ ඇල්ලුවද ?

      Delete
  6. උඹගෙ ලියවිල්ල වෙනදා වගේම ඉහළයි. කොහෙං මේ මාතෘකා හොයාගන්නවද මංදා... ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඩ්‍රැකියො...මම ඉතිං ජාලෙ කොයිවෙලෙත් කරක් ගහන එකානෙ....ඉතිං ඔය මොනවා මොනවා හරි කියවන්න ලැබෙනවා. කාමරේට අරගෙන එන්න. බොටත් ජයම වේවා !

      Delete
  7. චැහැ...බැරිද අපේ කවුරැ හරි දාලා හරි රයිනෝ පැටියෙක් හදලා දෙන්න..
    (රහසින්) ඔය කැමරාවක් අටවගෙන ඉන්න දිලා හරි ප්‍රසා නම් ඔය වැඩෙට හරි යනවා..

    ReplyDelete
    Replies
    1. හරියන එකක් නෑ බං. උං බ්‍රා එකක් දාගෙන නෑනෙ.

      Delete
    2. නරකද දේශකයාගෙන් වගේ අහලා බැලුවොත්...කම්මල අයියත් වැඩේට ගැලපෙනවා...

      Delete
    3. මෙච්චර මහන්සි වෙච්චි එකේ ඔන්න ඔහෙ ඒ ටිකත් කරල දාහං මලේ නිකම්ම වේලි වේලි ඉන්නෙ නැතිව.

      Delete
    4. මෙන්ඩගෙනුත් අදහසක් ගන්න වෙයි නේද...තනියම මැරුම් කන්නෙ නැතුව...

      Delete
    5. මෙච්චර හොයලා ලියපු එකේ අර පැටියාගේ වැඩෙත් උබම කරලා අපිට කියහන් මලේ..අපිත් එන්නං සබන් පවුඩර් ඇබිත්තක් අරගෙන..හෙක් හෙක්..

      Delete
  8. සිරා මහන්සි වෙලා ලියලා. ගොඩක් අලුත් දේවල් දැනගත්තා. සිරා ගැන නෙමේ. රයිනෝ ලා ගැන. :P

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පොඩ්ඩි...කියවන අයගෙ දැනුමට යමක් එකතු කල හැකි ලිපියක් ඇස ගැටුනාම ඒක කාමරේට අරං එන එක දැන් මගෙ සිරිතක් වෙලා. රයිනෝලා අහිංසකයි නේද...මොනවද දැනගත්තෙ .

      Delete
  9. හොඳ විස්තරයක් සිරා. කවද හරි දවසක ලංකාවෙ අලින්ටත් ඔය ඉරණම අත්වෙයිද කියලයි මට බය.

    නුදුරේදීම සුදු රයිනෝ කොළු පැටියෙක්ගෙ මූණ බලන්න වාසනාව ලැබේවා කියල පතනව.

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙනවා අලි මිනිස් ගැටුම නිසා වසරකට මියදෙන අලි සංඛ්‍යාව බැලුවම නුදුරු අනාගතයෙදිම ලංකාවෙ අලි සම්පත මේ වගේ බොහොම පොඩි ඉලක්කමකට එයි කියලා. දැනටත් 5000 කට මඳක් වැඩි සංඛ්‍යාවක් නේද අලි ඉන්නෙ.

      Delete
    2. අලින්ට ඔහොම වෙන එකක් නැහැ.මම දැක්කා ලංකාවේ වල් අලි ගහනය වැඩි වෙලා කියලා දැන් කලින්ට වඩා.

      Delete
    3. එහෙමත් ආරංචියක් තියෙනවද...කලින් ආණ්ඩුව තිබ්බා නම් අලි පැටව් පන්සල් වලටම බෙදලා ඉවරයක් කරනවා.

      Delete
  10. කස්තුරි හැදෙන්න තිබුනෙ මුවන්ගෙ පෙකනියෙ නෙවෙයි බොරු කියන උන්ගෙ කටේ කියලා කතාවක් තියෙනවනෙ. ඒ වගේ ඔය අඟ එන්න තිබුනෙ අහිංසක සතෙකුගෙ නෙවෙයි ඔකුන් මරාගන්න මිනිස්සුන්ගෙ.

    ReplyDelete
    Replies
    1. ඔය කථාව තියෙන්නෙ අලගියවන්න මුකවෙටි තුමා විසින් විරචිත සුභාෂිතය පොතේ..

      නොහිමි සුවද විහිදෙන කස්තුරි නිමල
      උතුම් මුව නැබෙහි තැබී බනැණ විකල

      විනම් මෙමට මහ බඹු පදවි යම් කළ

      තබමි බොරු කියන දුදන්ගේ දිව මුල

      ඇත්තටම මේ සත්තු කොච්චර අහිංසකද...මිනිසා කොච්චර අසංවේදීද...එහෙමයි මට හිතෙන්නෙ.

      Delete
  11. සිරා අයියා කොහොම හොයාගන්නවද මන්දා මේ වගේ කවුරුවත් ලියන්න නොහිතපු මාතෘකා. බොහොම ස්තූතියි! වටින ලිපියක්!!

    ReplyDelete
    Replies
    1. මම ඉතින් නිතරම ප්‍රවෘත්ති එක්ක ජීවත් වෙන මිනිහෙක්...පුවත් පත් ආයතනයක වැඩ කරන්න කලින් ඉදලම ප්‍රවෘත්ති පිපාසය මට තිබුනා...ඒක අදටත් එහෙමයි. එහි ප්‍රතිඵල තමයි මෙවැනි ලිපි.

      Delete
  12. සත්වෝද්‍යානවලට විරුද්ධ වෙන්න දැන් බොහෝ දෙනෙක් අත්වැල් බැඳගන්නේ එක පැත්තක් විතරක් දකින සහ බලන නිසා.
    සතවෝද්‍යානවල සතුන් ගාල් කර හැදීම සතුන්ගේ අයිතිවාසිකමක් උල්ලංඝණය කිරීමක් තමයි.
    නමුත් සත්වෝද්‍යාන නිසා මිහි පිටින් වඳවී නොගිහින් ඉතුරු වෙලා ඉන්න අන්තිම සත්ව කොට්ඨාශය සුදු රයිනෝ නොවන බව කරුණු හොයා බැලුවොත් දැකගතහැකියි.
    දැන් මේ සතා ගැන මේ ලිපිය ලියන්න ලැබුනේ ඌ අර නැගෙනහිර යුරෝපීය රටේ සත්වෝද්‍යානයේ හිටපු නිසායි. ඌ කැලේ හිටියානම් මේ ලිපියත් නෑ. උන් එකෙක්වත් නෑ.

    ReplyDelete
    Replies
    1. හෙන්රි සෑර් කියන පැත්තෙන් බැලුවාම යම් හොදක් සත්ව උද්‍යාන වල තිබෙන බවට තර්ක කරන්න පුලුවන්. ඒත් සතෙකුගේ නිදහස මුලිමනින්ම අහිමි කරලා ඒ සතාව මේ විදියට රැකගෙන පලක් තියෙනවද...සුඩාන් අවුරුදු 30 ක්ම හිම වැටෙන කොන්ක්‍රීට් කූඩුවක ගත කලා කියන්නෙ මොන තරම් උගේ අයිතිවාසිකම් මිනිස් සමාජය කඩ කරලද ?

      Delete
  13. සිරා වරින්වර ලියන මෙවැනි ලිපි වලට මම බොහොම කැමතියි. දැනුම දියුණු කරන, සිතන්නට යාම ඉතුරු කරන, මේ වගේ ලිපිවලින් බොහෝ දෙනෙකුට ඵල ප්‍රයෝජන ලැබෙනවා.

    හම්මෝ සිරෝ අර ආරක්ෂක භටයන් අතේ තියන තුවක්කුව මොකක්ද කියලා දන්නවද? ඕකට කියන්නේ G3 A3 කියලා. අලියෙක් වුනත් මරන්න පුළුවන් ඈත ඉඳලා. අපිත් කාලයක් පාවිච්චි කරලා අතෑරියා. දිග වැඩියි, T 56 වගේ නවන්න බැහැ. බර වැඩියි. ගැස්සෙනවා වැඩියි. එකවරකට පතරොම් 20 යි දාන්න පුළුවන්. T 56 එකේ 30 ක් දාන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. සිතන්නට යමක් ඉතුරු කරන යනුවෙන් නිවැරදි වියයුතුයි.

      Delete
    2. ස්තූතියි විචාරක තුමා හැමදාම වගේ ලිපියක් පල කලාම සිරා කොලුවට දෙන තල්ලුවට... මම විශ්වාස කරන බ්ල‍ොග් කෙරුවාව තමයි හැකි තරම් දැනුමට යමක් එකතු කරන දේ ලිවිය යුතුයි කියන කාරණය.

      එතකොට ඒ ගිණි අවිය නවීනතම අවියක්ද...ටී 56 ට වඩා දුරකට උණ්ඩ ගමන් කරනවද ?

      Delete
    3. ඔය අවියේ උපත ජර්මනියේ. 'හෙක්ලර් ඇන්ඩ් කොක්' කියන සමාගමෙන් හදන්නේ. අති දක්ෂ කෙනෙකුට පුළුවන් මීටර් 500ක් ඈතින් තියන ඉලක්කයක් ගන්න. 1958 දී තමා මුලින්ම හැදුවේ. දැන් භාවිතා කරන්නේ, මේ වගේ සංග්‍රාමික නොවන ආරක්‍ෂක රාජකාරි සඳහා.

      T 56 වෙඩි තැබිය හැකි උපරිම දුර මීටර් 350 - 400 විතර. නමුත් කාර්යක්ෂම බව අතින් G3 අවියට වඩා ඉදිරියෙන් තියනවා.

      Delete
    4. ස්තූතියි විචාරක...

      Delete
  14. එදේ මේ සත්තුන්ව මරද්දී මේ දේවල් ගැන හිතුවනම් අද තව උපතක් ගැන හිත හිත වද වෙන්න ඕන නැති වෙයි.. ඒත් ඉතින් මොනවා කරන්නද?

    ReplyDelete
    Replies
    1. මේ සත්තු මරන උන්ට සංවේදීකමක් නෑනෙ. නැත්තං මේ තරම් අහිංසක සතෙක්ට ගිණි බිඳියිද...තමන්ගෙ සාක්කුවට සල්ලි වැටෙනවා නම් තමන්ගෙම පවුලෙ අය උනත් මරන කාලකන්නි සමාජයක අපි ඉන්නෙ.

      Delete
  15. මෙහෙම තියාගන්න එක වැරදි උනත් පහසුකම් යටතේ ආරක්ෂා කරන්න පුලුවන්නම් වටිනවා කියලා හිතනවා තුරන් වෙලා යන්න නොදී...

    ReplyDelete
    Replies
    1. බොලාව දැක්ක කල්...දැන් සුඩාන් ඉන්න විදිය සත්තු වත්තකට වඩා ලොකු නිදහසක් තියෙන තැනක්. නමුත් තවමත් ඒකට පූර්ණ නිදහස භුක්ති විදින්න ලැබෙන්නෙ නැ....ඒ නිදහස විදින්න ගියා නම් සුඩාන් දැනටම ඉවරයි.

      Delete
  16. විශිෂ්ඨ ලිපියක් සිරා.වැඩියෙන් මෙවැනි ලිපි ලියනවනම් කැමතියි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගිම්හානි...ඉදිරියේදීත් මෙවැනි ලිපි නිසැකවම ලියවේවි.

      Delete
  17. සුදු රයිනෝ ලෝකෙන් වඳ වෙන්නේ ස්වභාවික වරණයක් නොවෙන නිසා උන්ව රැක ගන්න තාක්ෂණයේ පිහිට පතන එකේ කිසිම වරදක් මම දකින්නේ නැහැ.

    ///එහෙත් සත්ව විද්‍යාඥයන් තවමත් තමන්ගේ වෑයම නව තාක්ෂණයේ පිහිටෙන් ‍හෝ සඵල කරගැනීමට ලැබේ යයි සිතති.

    නව පිරිමි සත්වයෙකු නොලබාම සුඩාන් මිය ගියහොත් අනාගතයේ දිනයක නව තාක්ෂණය යොදාගෙන සුදු රයිනෝවන් නැවත බිහිකරන්නට හැකිවෙතැයි සත්ව විද්‍යාඥයෝ විශ්වාසය පල කරති. එහෙත් එය සැබවින්ම ප්‍රායෝගික අදහසක්දැයි සොයාබැලිය යුතුය. වෙනත් සත්වයින් කෘතිමව බිහිකිරීමේ තාක්ෂණය යම් තරමකට දියුණු කොට තිබුනත් රයිනෝ සත්වයින් වෙනුවෙන් එය සකස් කොට නැති වීම මේ වැඩපිළිවෙලට පාඩුවකි.///

    මෙතැනදී නව තාක්ෂණය ලෙස හඳුන්වන්නේ බොහෝ දුරට ක්ලෝනකරණය විය හැකිය. අනාගතයේ කරන දේට වඩා අද කරන්න පුළුවන් දේ කරලා හිටියනම් නරකද.

    අනාගතයේ එවැන්නකට උත්සාහ කරන්නට පෙර ඔය පිරිමි සතා මැරෙන්න කලින් උගේ ස්පර්ම් ටිකක් අරගෙන කෘතීම සංසේචනයක් කරන්න බැරි වෙන්න හේතුවක් නැහැනේ.
    ගැහැණු සත්තු 4 දෙනෙක් ඉන්න නිසා පැටව් හදා ගන්න ලොකු පොසිබිලිටි එකක් තියෙනවා.
    අනිත් එක පිරිමි සතාගේ ස්පර්ම් අරගෙන ගබඩා කරලා තියා ගත්තොත් ඉදිරියටත් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්.
    නමුත් මෙතැනදී ඉදිරි අනාගතයේදී ජාන සම සතුන් බිහි වෙන්න යම් ඉඩක් තිබුනත් ගැහැණු සතුන් 4 දෙනෙක් ඉන්න නිසා එහෙම නොවෙන්නත් ඉඩ තියෙනවා.
    ඌ ස්වභාවිකව ලිංගිකව එක්වී පැටව් සදුනත් එම ගැටළුව එසේම නිසා එවැනි උත්සාහයක් දැරීම වඩා සුදුසු බවක් හිතෙන්නේ නැද්ද.

    රයිනෝ සතුන් සඳහා අනෙක් සතුන් හට කරන කෘතීම සිංචනය කරන්න නොහැකියාවක් තියෙනවද දන්නේ නැහැ එහෙම උත්සාහ නොකරන්නේ...

    ReplyDelete
    Replies
    1. ස්පර්ම් අරගෙන විවිධ දේ කර තිබෙනවා. නමුත් සාර්ථකත්වයට තවමත් යන්න බැරි වෙලා තියෙන්නෙ මේ සතාගෙ ශ්‍රක්‍රානු වල තියෙන ප්‍රබලත්වය හීන වෙලා තියෙන නිසයි. සුඩාන් යන්න කලියෙන් පැටියෙක් ගන්න බැරි උනොත් සාමාන්‍ය කලු රයිනෝ කෙනෙකු සමග සුදු රයිනෝ ගැහැණු සතෙක් සම්බන්ධ කරලා පැටියෙක් හදන්නත් මේ නිලධාරීන්ට අදහස තිබෙනවා.

      Delete
  18. ක්ලෝනකරණය තුලින් හෝ අලුත් පැටියෙක් බිහිවේවිද?ඇත්තටම මේ වගේ කොයි තරම් සත්තු ප්‍රමාණයක් මේ වෙද්දී මේ ලෝකෙන් නැති වෙලා ගිහින් ඇතිද මිනිස්සුන්ගේ තියෙන ආත්මාර්ථකාමී ක්‍රියා නිසා.

    ReplyDelete
    Replies
    1. ක්ලෝනකරණයෙන් හරි පැටියෙක් හදන්න පුලුවන් නම් මේ වෙද්දි අදාළ බලධාරීන් ඒ වැඩේ කරලා. නමුත් ප්‍රායෝගිකව ඒ කාරණය අමාරු ඇති.

      Delete
  19. සිරා.... ඇත්තටම අපූරු ලිපියක්... හැම තැනම දකින්න හම්බවෙන්නෙ නැති මේ වගේ සංවේදී කාරණා ලියන්න අපේ දැනුම වැඩි කරන්න තව තවත් දිරිමත් වේවා...ඉංගිරිසියෙන් මෙව්වා කියෙව්වට මේ වගේ කික් එකක් එන්නෙ නෑ..සිරාවට....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සජ්ජා බොලාගෙ අගය කිරීම ගැන. මම බ්ලොග් ලිවිල්ලට ආපු මුල් කාලෙ ඉදලම හිතුවෙ ලියන දේවල් වල යම් අර්ථයක් තියෙන්න ඕනෙ කියලා. ඒ නිසා හිතට සතුටක් දැනෙනවා මගේ ලියවිලි අගය කරද්දි...

      Delete
  20. ඇත්තටම වැදගත් ලිපියක් . සිරාගේ කාමරේ හැමදාම කියෙව්වට කමෙන්ට් එකක් පල කරන්න හිතිලා නෑ. මම අහලා තියෙන විදිහට ක්ලෝනකරණය කියන්නේ සාර්ථකත්වය සහ අසාර්ථකත්වය දෙපැත්තම පිහිටි කාසියක් වගේ. ඒ මොන දේ වුනත් සුඩාන් ට ඉක්මනින් දරු සුරතල් බලන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා. මේ වෙලාවේ සුඩාන් කියන්නේ සුදු රයිනෝ වර්ගයේ ගැලවුම්කරුවා වුනත් තවමත් දරු සුරතල් බලන්න අවස්ථාවක් නොලැබුන ජීවියෙක්.
    (එහි වේදනාව මගේ මිතුරෙක්ට තිබු නිසාවෙන් හැගීම දන්නෙමි ). සුඩාන්ට වගේම සිරටත් ජය පතමි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝදරිය සිරාගෙ කාමරයට අදහසක් එකතු කලාට. ක්ලෝණකරනය එක් එක් සත්ව කොටස් ඉලක්ක කොට දියුණු කොට ඇති බවක් මට හිතෙන්නෙ. ලිපියේ කියවෙන විදියට මේ තාක්ෂණය රයිනෝ සතුන් ඉලක්ක කෙට වැඩි දියුණු කොට නෑ.

      ලිපිය තුලදි මම විශේෂයෙන් සදහන් කලේ ඒකයි...වයස ගියාට ඒ වයසට ගැලපෙන ලෙස ජීවවිද්‍යාත්මක අත්දැකීම් විදින්න ලැබුනේ නැති අසරණ සතෙක් සුඩාන්...

      Delete
  21. කවදාහරි උනුත් වඳ වෙන්න එපැයි. රයිනෝ කෙනෙක් මෙච්චර ලොකුයි කියලා අද තමා මම දැන ගත්තේ..

    රයිනෝලා ගිනි ගොඩවල් දැක්කම දුවලා ඇවිත් නිවලා යනවා කියලා කතාවක් දන්නවද ? Gods must be crazy film එකේ එහෙම සීන් එකක් තිබුනා මතකයි.

    ReplyDelete
    Replies
    1. බුදු දහමට අනුව දිනෙක සියල්ල නැසෙන බව සත්‍යයක්. ඒත් මිනිසාගේ නොමනා ක්‍රියා කලාපය නිසාම නැසෙන්න තව බොහෝ කල් තියෙන සත්ව කොටසක් අකාලයේ විනාශ වීම කණගාටුදායක කාරණයක්.

      රයිනෝ ගිණි ගොඩවල් නිවනවා කියන කථාව මම අද තමයි ඉස්සෙල්ලාම ඇහුවෙ.

      Delete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...