Wednesday, June 13, 2018

61 නුවර මැණිකේ

කලකට පසු කාමරයේ දොර විවර කරමි. සිරා කොලුවා සහ කාමරය අතර අතීතයේ දිනක තිබුනේ ගහට පොත්ත බඳු ඉතාම සමීප සබඳතාවයක් වුවද කාලයේ ඇවෑමෙන් ඒ සියලු දෑ වෙනස් වී තිබේ. ඇතැම් විටෙක ඇතැම් සිදුවීම් දෙස නිවී සැනසිල්ලේ බලන විට ඇතිවන්නේ විශ්මයකි. ඒවා කෙසේ සිදු වීදැයි සිතෙන තරමට පුදුම සහගතය. 

මැලේසියාවෙන් ලංකාවට ආනයනය වූ සිරා කොලුවා සිරි ලංකාවේදී අභිනවයෙන් ආරම්භ කල ව්‍යාපාරික කටයුතු මාස කීපයකට සීමා වෙද්දී, එයින් පසු මගේ නවාතැන වූයේ සිරිලංකාවේ සුප්‍රසිද්ධ සමාගමකි. ව්‍යාපාර හිමියාගේ තත්වයේ සිට නැවතත් මා වැටුප් ලබන සේවකයෙකුගේ තත්වයට පත් වූයෙමි. දන්නා හඳුනන කොල්ලාගේ  සිට බල්ලා දක්වා උන් යාලු ෆිට් එකට ඇතැම් රාජකාරි මට පැවරීමත් ඒවා ඉටු කර දුන් පසු ගාස්තු අයකර ගැනීම ඉබ්බාගෙන් පිහාටු ඉල්ලනවාට සමාන වීමත්, මගේ සේවාව ලබාගත් ඇතැම් මහා පරිමාණ කර්මාන්ත කරුවන්, තානාපති කාර්යාල, නැති බැරි උන්සේ මාස දෙක තුන ණයට ඉල්ලා සිටින විට සිරිලංකාවේ බිස්නස් සිරා කොලුවාට තිත්ත වූවේය. සැබැවින්ම මෙවැනි උන් සමග බිස්නස් කරනවාට වඩා වැටුපකට සේවය කිරීම අනවශ්‍ය හිසරද රාශියකින් ගැලවී යාමක් බැවින් මේ අලුත් වෙනසට මම ප්‍රිය වීමි. අවසානයේ මම තෘප්තිමත් සේවකයෙක් වූයෙමි.

සිරා කොලුවා මෑත වකවානුවේ දෙපයින් සමබරව  හිටගන්නා අයුරු දුටු ගෙදර බුදුන් අම්මා, කසාදය යන වචනය මිහිරි දැවටුමක ඔතා මා වෙත නිතර නිතර පෑයෙන් මම මහනුවර පළාතේ සුදු මැණිකේ කෙනෙකු බැහැ දකින්නට යාමට මුලින්ම එකඟ වූයෙමි. මේ ගමන පංගරාර්තු කරන්නට මා මිත්‍ර අයියා බඩා වින්දේ නොවිදිනා දුකකි. නිතර දෙවේලේ ඇගේ නිවසට මා ගැන තොරතුරු ඡායාරූප  ආදිය සපයමින් සිරා කොලුවා විවාහකයෙකු කරන්නට ඒකා දර දිය ඇද්දේ පරම මිත්‍ර  චේතාවෙන්දැයි, තමන් වැටුන වලේ අහිංසක සිරා කොලුවාද වට්ටන්නෙමියි යන උදාර සිතුවිල්ලෙන්දැයි තවමත් පැහැදිලි නැත.

ඡායාරූප වල පෙනෙන ඈ මට වඩා උසැති තැනැත්තියකැයි මට සිතෙන විට අයිය බඩා ඇගේ උස නිවැරදිව මැන මාවෙත සන්නිවේදනය කරන්නේය. ජායාරූප වල මා දකින ඈ සෙල්ලක්කාර යැයි මට සිතෙන විට වටෙන් පිටෙන් ඇගේ ජාතකය සොයා අයියබඩා මා වෙත සැලකරන්නේය. එවන් විටෙක මෙවන් මිතුරන් වාසනාවක් යැයි මට සිතුනේය.  

වැඩේ දැනටම හරි වගේ මචං, උඹලගෙ කේන්දරත් හොඳට ගැලපෙනවලු...කෙල්ලගෙ අම්මා උඹලට දවල්ට කාලම යන්න එන්න කිව්වෙ ඒ අය කැමතියි වගේ නැත්තං එකපාර කෑමකට ආරාධනා කරන්නෙ නෑනෙ... නේද ? ජංගම දුරබණුවෙන් ඇමතූ දිනයක අයියා බඩා එසේ කීවේය.

නුවර පළාතේ ඈත ඉසව්වක පිහිටි මේ ඇත්තීගේ නිවසට දෙමාපියන් සමග මා ගිය ගමනේ රථාචාර්ය තනතුර උසුලන ලද්දේ ඊයෙ පෙරේදා දවසක කැන්ගරු දේශයට අපනයනය වූ මා මිත්‍ර අතුකෝරල ගොයියාය. අතුරු මාර්ගයට හැරෙන තැනදී අප පිළිගත් අයිය බඩා පෙන්වූ දිශාවන් ඔස්සේ ඇදී ගිය මෝටර් රථය අවසානයේ ගම් නියම් ගම් පසුකරමින් ගොස් රථ වාහන දෙකකට එකිනෙකා පරයා යා නොහැකි තරමේ කෙසඟ මාර්ගයක නතර වූවේය. අපේ ගමනට තවමත් නැවතීමක් නැත. අතුකෝරල ගොයියා සීරුවට පදවන රථය දැන් දැඩි ආනතියක කන්දක් තරණය කරයි. වාහනයේ ඉදිරිපස වීදුරුවෙන් අහස මිස වෙනත් කිසිවක් පෙනෙන්නට නැත. ඒ තරම් ආනතියක අපි දැන් සිරවී සිටින්නෙමු.

වාහනේ අදියිද බං....රථාචාර්ය අතුකෝරල මගෙන් විමසයි.

ට්‍රයි එකක් දෙමු...දවල්ට කාලා යන්නත් එක්කනෙ එන්න කිව්වෙ. මගේ වදනින් ඔද වැඩුන හෙතෙම ඇක්ස්ලේටර් ලෑල්ල අඩියටම පාගා කටුක මග තරණය කොට අවසානයේ මනමාලි කෙල්ලගේ මිදුලටම රථය පදවා ඉසිඹු ලෑවේය.

රථය මිදුලට පිවිසෙන විටම වටෙන් පිටෙන් මතුවූයේ නැදෑයින්ද, පවුලේ අයද, අසල්වාසීන්දැයි මා හට නිනව්වක් නොවීය. මමත් අතුකෝරල ගොයියත් සම වයසේ උන් නිසා අප දෙදෙනාගෙන් මනමාලයා කොයි එකාදැයි වටහා ගත නොහැකිව නරඹන්නන් වල්මත් වූ කලෙක අයිය බඩා අතින් සංඥා කලේ මා මනාලයා බවයි. එයින් ඔවුන්ගේ සැකය දුරු වී දෙකට තුනට පහත් වී ඉතාමත් උණුසුම් අන්දමින් මා පිළිගත්තෝය. සැබැවින්ම ඔව්හු හිත හොඳ මිනිසුන්ය.

මේ නිවස පිහිටා තිබුනේ මනරම් හෙල්මැළි කුඹුරු යායකට මායිම්ව වට පිටාවේ තිබුන අවශේෂ නිවාස වලින් හුදෙකලාවය. නිවස වට පිටාවේ විවිධ ආර්ථික භෝග හොඳින් වැඩී තිබුන අතර ඒ අතරින් සාදික්කා සහ මැංගුස් ප්‍රමුඛ වූ බැව් මට හොඳින් මතකය. 

අතින් කටින් ගෙන ගිය දෑ එහෙන් මෙහෙන් තබා, සාලයේ කොනක වූ සැප පුටුවකට බර දුන් පසු සභාව මඳක් නිශ්චල වූවේය.  දැරිවියක බලන්නට මේ ආකාරයේ නිළ ගමනක් කුළුදුලේම ගිය නිසාදෝ සිරා කොලුවාගේ චිත්ත සන්තානය සමග භෞමික අඛණ්ඩතාවයද ප්‍රකම්පනය වී තිබුන හෙයින් මම මගේ ආසන්නයේම අතුකෝරල ගොයියාව හිඳුවා ගත්තෙමි.

එහෙත් වැස්සද ? ඕගොල්ලන්ට දැන් මහන්සිත් ඇති නේද සෑහෙන දුරක් ආවනෙ, කීයටද පිටත් වුනේ, ගේ හොයාගන්න අමාරු උනාද ? නානාප්‍රකාර ගැටලු එහෙන් මෙහෙටත්, මෙහෙන් එහෙටත් හුවමාරු වන වට පිටාවක සභාවේ ප්‍රධානියා වූයේ මනමාලි කෙල්ලගේ පියතුමායි.

ජීවිතයේ 70 දශකය පසුකර සිටි හෙතෙම ඉඩම් හිමි වැවිලිකරුවෙකි. ඔහුගේ දෑතේ පහස ලැබූ නිවස වටා වූ ගස් කොලන් සමූහය ඔහුගේ වැවිලිකාරකම පිළිබඳ දෙස් දෙයි. සාදික්කා තමයි මම ප්‍රධානව වවන්නෙ. ගිය අවුරුද්දෙ විතරක් සාදික්කා වලින් ලක්ෂ ...........ආදායමක් ලැබුනා. ඔහු වට පිටා බලා සැහැල්ලුවෙන් තෙපලුවේය.

තේ ටිකක් බීලා ඉමු...මහන්සිත් ඇතිනෙ...මනමාලි කෙල්ලගේ සහෝදරියන් කැළ පිරිවරා සිටි ඇගේ මැණියන් අප වෙත ලෙංගතු සිතින් ආරාධනා කළාය. නුවර මැණිකෙලාගේ දෑතින් හැදුන රස කැවිල්ලක් දෙකක් ආමාශගත කොට උණුසුම් තේ කෝප්පයකින් සන්තර්පණය වූ පසු ඒ උත්කර්ශවත් මොහොත උදා වූවේය.

දුවේ මෙහෙ එන්න.



මෑණියන්ගේ ආරාධනයෙන් එතෙක් වේලා නිවසේ ඇතුලත කාමරයක සිරවී සිටි මනමාලි කෙලී මවෙත පැමිණියේ බුලත් හෙප්පුවක් දෑතේ දරා ගනිමින් කඩිසර ගමනිනි. ඇය ඉතාම පැහැපත්, එමෙන්ම දිගු වරලසක් හිමි රුවැත්තියකි, ඇය රෙදිකඩකින් ආවරණය කල බුලත් හෙප්පුව මවෙත පෑවාය.

බුලත් හෙප්පුව දුන්නම මොකද කරන්නෙ...මම බුලත් කොළයක් අරගෙන හෙප්පුව පැත්තකින් තියනවද ? එහෙම නැත්තං හෙප්පුව විතරක් පැත්තකින් තියනවද...එහෙමත් නැත්තං බුලතයක් කනවද ? මෙවැනි ගමන් ගොස් පළපුරුදු මිත්තරයන් අමතා වේලාසනින් මේ චාරිත්‍රය ගැන තතු විත්ති දැන ගත් නිසාම සිරා කොලුවාට චකිතයක් නැත. 

බුලත් හෙප්පුව මවෙත දිගු කල ඇය එකෙනෙහිම දණහිසෙන් මඳක් පහත් වී ආයුබෝවන් කීවාය. හෙප්පුව ආවරණය කල  රෙදිකඩ ඉවත් කොට එය එතැන වූ මේසය මත තැබීමෙන් බුලත් සහ මා අතර වූ සබඳතාවය විසන්ධි කරන්නට මා හට හැකි වූවේය.

නුවර මැණිකෙලා ඔසරිය අදින්නේ ඔවුනටම ආවේණික ක්‍රමයකට බැව් මා හට ප්‍රත්‍යක්ෂ වූයේ මා ඉදිරිපිට හිඳගෙන සිටින ඈ දෙස හොරෙන් බලනා විටදීය. අප ප්‍රදේශයේ එකියක් ඔසරිය අඳිනවාට වඩා අමුත්තක් එතැන තිබුනේය. එහි අමුතුම අලංකාරයක් තිබේ. ඔසරියෙන් එපිට තිබෙන ඇගේ පාදයේ ඇගිලි යන්තමින් පෙනෙයි. ඒවා කුඩා දරුවෙකුගේ මෙන් රෝස පැහැතිය.

මේ දෙන්නට කථා කරගන්න ඉඩ දීලා අපි ටිකක් ඈතට යමු.

ඒ බසට අවනත වූ අයියා බඩා සහ අතුකෝරල ගොයියා ඇසකින් තලු මරමින් ඉවත ගියෝය. ඇගේ මෑණියන් අප වටා සිටි ඇත්තන් සමග එතැනින් පිටව ගියෙන් හා පුරා කියා පැමිණි ගමනක උපරිම ඵල නෙලාගන්නට අවකාශය සැලසී තිබේ.

මේ ඔයාගෙ පළවෙනි වතාවද ?

මටත් කලියෙන් ඇය හඩ අවදි කලාය...ඔව් යනුවෙන් මම මුනිවත බින්දෙමි.

බොරු කියන්න එපා හොඳ පුරුදු කාරයෙක් වගේනෙ...

ඇත්තමයි...පළවෙනි වතාව....ඔයාගෙ ?

ඔයා 9 වෙනියා....මා සිතූ ලෙසම ඈ පුරුදු කාරියකි.

මෙච්චර කාලයක් ආපු අය ගැලපුනේ නැද්ද ?

සමහර ඒවගෙ කේන්දර ගැලපුනේ නෑ. සමහර අයට මම කැමති උනේ නෑ.

එතැනින් පසු ඇගේ රුචි අරුචිකම් දැනගන්නට තවත් ප්‍රශ්න දෙක තුනක් විමසන්නට ඇත. ආරූඩකරගත් කෘතිම ලැජ්ජාශීලී භාවයක් පෙන්වූ ඇය තවත් මොහොතකට පසු දැන් ඇති නේද කථා කලා යැයි මා හට පැවසුවාය.

දුර බැහැර ගෙවාගෙන, කාලය, මුදල් කැපකරගෙන ඇගේ නිවසට පැමිණි මා සමග කථා කරන්නට ඇයට ඇවැසි නැත්තේ ඇය විවාහයකයට අකමැති තැනැත්තියක නිසා බැව් මම සිතුවෙමි. ගෙදර අයවලුන්ගේ කරදරයෙන් මිදෙන්නට ඇය සමහර විටෙක මනාලයන් එනවාට කැමති වන්නට ඇත. මෙවැනි වයසක තැනැත්තියක් කුඩා දැරිවියක මෙන් හැසිරීම ප්‍රහේලිකාවකි. ඒ සිතුවිල්ල නිසාම ඇය රූපයෙන් සුන්දර වුවත් මගේ හිත් ගත්තේ නැත.

අනේ මගෙ කෙල්ල ලැජ්ජාවෙන් රතු වෙලා...

මොහොතකින් පැමිණි ඇගේ මෑණියන්ගේ අතිශෝක්ති වර්ණනාවෙන් අනතුරුව දහවල් බතට කාලය එළඹුනේය. මනමාල කෙලීගේ සහෝදරියන් විසින් වැරවීරියෙන් සකසන ලද විවිධ ව්‍යංජන සහිත සරු කෑම මේසයක් එහි වූවේය. හෙල්මැළි කුඹුරෙන් ලද බත ඒවා සමග මැනවින් මුසුකොට ආමාශය කරා යොමුකොට, අවසානයේ නුවර මී කිරිවලින්ද, ගෙවත්තෙන් නෙලා ගත් නැවුම් පළතුරු වලින්ද සප්පායම් වූ පසු භෝජන සංග්‍ර‍හය අවසන් වූවේය.

එයින් පසු පැවති පිළිසඳරේදී ඔවුන්ගේ අකමැත්තක් නැති බවත්, තරුණිය කැමති නම් විවාහය සිදුකල හැකි බවත් සැළ කෙරිණි. එයටම එක්වූ මගේ මාතාවද ඇගේ අකමැත්තක් නැති බවද කීවාය. මගේ තීරණය මෙන්ම ඇගේ තීරණයද එළඹෙන සතියේ ප්‍ර‍කාශයට පත් කරන අටියෙන් අපි නැවතත් ගම්බිම් බලා ආවෙමු. ඒ එන ගමනේදී මග දෙපස වූ දූරියන් අළෙවිසැල් දුටු විට මට මතක් වූයේ මැලේසියාවේදී අප දූරියන් අනුභව කල ආකාරයයි.

දූරියන් පුරුෂ ශක්තිය වර්ධනය කරන්න හොඳ කෑමක් ගොයියො...

මම අතුකෝරල ගොයියාට කිව්වා පමණි. ඒකා රථය නවතා ගෙඩි දෙකක්ම මිළට ගත්තේය. ඔයින් මෙයින් කාලය ටික් ටික් හඬින් ගලා ගියේය.

මොකද කියන්නෙ උඹ කෙල්ලට කැමතිද ?

දින කීපයක ඇවෑමෙන් අයිය බඩා ඇසුවේය.

අපි කෙල්ලට මුලින් කියන්න කියමු....කොහොමත් මගෙ හිතට ෆිට් එකක් නෑ. මම නොවලහා කීවෙමි.

එයින් අනතුරුව තවත් දින කීපයක් ගත වෙන්නට ඇත.

දිනක් තකහනියේ දුරබණුවෙන් මා ආමන්ත්‍ර‍ණය කල අයිය බඩා කීවේ මෙවැනි කථාවකි.

එදා බලන්න ගිය කෙල්ල මේ කසාදෙට කැමති නෑ කිව්වලු. ඒක අහලා ගෙදර උන්ට යකා නැගලා...ඒකිට ආයෙ කිසිම මනමාලයෙක් ගේන්නෙ නෑ කියලා තර්ජනය කරලා. කිසිම හේතුවක් නැතුව එන හැමෝටම ඒකි අකමැති වෙනවලු.

අකමැති වෙන්න හේතුව ඇහුවම හේතුවක් නෑ කියනවලු. මම හිතන්නෙ කෙල්ලට බඳින්න කැමැත්තක් නැතුව ඇති. ඒකයි ඒ වගේ උත්තර දෙන්නෙ. ඇරත් ඔය වගේ සීනි බෝල ගෑණු එක්ක මොන කසාදද  බං. තව හොඳ කෑලි දෙක තුනක් ඉන්නවා අපි එයාලව බලමු ඊලගට, එසේ කියූ අයිය බඩා දුරබණුව විසන්ධි කලේය.


කරුණු එසේ වුවත් සිරා කොලුවා දැන් ප්‍රිය සැමියෙකි. ඒ කෙසේද, කවුරුන්ද යන වග මීළග ලිපියෙන් කියමි.



මම කාමරේ අරින සිරා කොලුවා.




ප.ලි

ඊයේ දිනයට සිරාගේ කාමරය අටවා වසර 6 කි. වර්තමානයේ නිතරම නොලිව්වාට, අතීතයේ සිරා කොලුවා කැපවීමෙන් ලියූ හොඳ ස්පෝට්මීට් කොලුවෙකි. 


61 comments:

  1. හෙහ්. මට උන එකේ අනික බං . මම කැමති කෙල්ලව බලන්ඩ කියලා ගෙදරින් ගියපුවම කෙල්ල ම කැමති නෑ කියහංකෝ
    ඒකිමයි එන්න කිව්වෙ. ඒකිමයි බෑ කිව්වෙ

    නුවර මැණිකෙලට කොහොමත් ටිකක් මඤ්ඤං ගණං ගන්ඩ එපා බං

    අවුරුදු 6 ට සුබ පැතුම් තව කාලයක් ලියමු

    ReplyDelete
    Replies
    1. //ඒකිමයි එන්න කිව්වෙ. ඒකිමයි බෑ කිව්වෙ//
      වහ කන වැඩේ නෙ බං. මොකෝ එහෙම උනේ?

      Delete
    2. කෙල්ල බලන්න යන්න ඉස්සර මහේෂය ඇට් කරන්න ඇත්තෙ බෝපැලේ වගේ. කෙල්ලට දැක්ක ගමං මුගේ හැටි මීටර් වෙන්න ඇති. හැක්..

      Delete
    3. විග් එක ගැලවෙනව දැක්කම ඉතිං ආයෙ මොනවද ?

      Delete
    4. කැත සිද්ධියක්නෙ බොලං වෙලා තියෙන්නෙ...මට ඔහොම උනානම් කෙල්ලට හොඳවායින් දෙකක් කියා දෙනවා. කොහොමත් නුවර මැණිකෙලගෙ පුහු මාන්නයක් තියෙනවා.

      Delete
  2. හොඳයි හොඳයි පරණ බ්ලොග් කාරයෝ ටික ටික ආයෙ දැන් අළු ගසා දමමින් නැගිටිනවා.. මේ කමෙන්ට් එක ඒ සන්‍තෝශයට. ලිපිය කියවලා පස්සේ එන්නම්.

    ReplyDelete
    Replies
    1. නැවත හමුවීම සතුටක් සෙන්නා. කාමරේ පටන් ගත්ත කාලෙ ඉදලම මෙහෙ එන යන අතලොස්සෙන් කෙනෙක් තමයි ඔබ.

      Delete
  3. අඩේ!!! ශ්‍රී සුබ පැතුම්!!!!!!

    ReplyDelete
  4. නිස්සද්දවම වැඩකුත් කරගෙන නේද? හයට සුබ පැතුම්!!

    ReplyDelete
    Replies
    1. වැඩේ නැගලා ගියා...ස්තූතියි මේ පැත්තෙ අාවට...

      Delete
  5. හයට සුබ පැතුම් !!

    කොහොමත් ගෙවල් දෙක තුනකින් හොඳට සප්පායං උනාට පස්සෙ තමයි එකකට කරගහන්න හම්බවෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. මගෙ වෙලාව හොඳ නිසාද කොහෙදෝ මේ බැලිල්ලෙන්ම ගෑණු බැලිල්ල නතර උනා...නුවර ගියෙ පළවෙනි සහ අවසාන වතාවට.

      ස්තූතියි බොට..

      Delete
  6. ඕවට හේතු හොයලා වැඩක් නෑ බන්.. උඹ වෙනතක් බලාගත්තු එක හොඳා... බලමු මේ අලුත් දැරිවි කවුද, කොහෙද කියලා.....

    ReplyDelete
    Replies
    1. ඒ කෙලී බොහොම ගුප්ත චරිතයක්. ලොවට කියන්න බැරි හේතුවක් ඇති. මට කථා කරනකොටම වැටහුනා ඒ බව...ඒ නිසාම මමත් මේ දැරිවි කැමති නොවෙනවා නම් හොඳයි කියන තැන තමයි හිටියෙ. අලුත් දැරිවි ගැන විස්තර කියන්නම්.

      Delete
  7. හද පිරි සුභ පැැතුම් සිරා. ජය වේවා. බ්ලොග් ලොව තනිකඩයන් අපේ වලටම වැටේවා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ලොකු මාමෙ. සිරා කොලුවත් අමාරුවෙ වැටුනා එහෙනම් ඔන්න.

      Delete
  8. කෙල්ලගෙ ගෙවල් පැත්තෙ වර්ණාව මරු. මේ...අර මාරකයකින් ගැලවීම ලියමුද ?

    ReplyDelete
    Replies
    1. ඒ මාරකේ ඉස්සර මගෙ හොඳම යාලුවෙකුගෙ මාරකේ වෙලා දැන්...ලියන්නත් හිතෙනවා ඒ ගැන ලුණු ඇඹුල් ඇතුව වෙලාවක.

      Delete
    2. මයික් ටයිසන්ගේ මාරක පිම්ම සහ අතුරු කතා 😁

      Delete
    3. අන්න ඒ වගේ උන්ට තමයි අතිජාත මිත්‍රයො හෙවත් පස්සෙන් ඇවිත් පිහියෙන් අනින උන් කියන්නෙ...මම හිතන්නෙ දැන් උගෙ අමාරුව හොඳ ඇති...මම බේරුනා...

      Delete
    4. කම්මලේ...කියහං මූට අපි කට්ටියට පාටියක් දෙන්න කියල.. :P

      Delete
    5. පාටි දෙන්න ඉස්සෙල්ලා ලංකාවට එන්න එපැයි...

      Delete
  9. හම්මේ ඉතින් ඈ... සිරා කොලුවා කසාදයක් කරගත්තාද? ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. එහෙමයි කියන්නෙ...ස්තූතියි බොට...

      Delete
  10. ඉස්සර පැල් බැඳගෙන කියවපු බ්ලොග්නෙ මෙව්වා...ඉදලා හිටලවත් ලියන එක සතුටක් මෙහෙම.අමාරුවේ වැටුනා කියලනම් බුකියේ පින්තූර වලින් කලින්ම දැක්කා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සඳවතී මේ පැත්තෙ ඇවිත් අදහසක් එකතු කලාට.

      Delete
  11. වසර 6 ටයි අලුත් ජීවිතේටයි දෙකටම සුබ පැතුම් !

    ReplyDelete
  12. දයාබර ස්වාමි පුරුෂයාට සුබ පැතුම්.!

    සමහර වෙලාවට සමහර දේවල් අතහැරෙන්නේ හොඳට.එක තේරෙන්නේ ටිකක් පහු උනාම තමයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බොට. අනිවාර්යෙන්ම බොහෝ සිදුවෙන්නෙ හොදට...ඔය කම්මල අයියත් උඩින් කියලා තියෙන්නෙ...

      Delete
  13. කියන්න හිතාගෙන ආපු ඔක්කොම අමතක උනා යකෝ අන්තිම කෑල්ලට.. ඒ කියන්නේ බෝත් අමාරුවේ වැටුනා එහෙනං.. හෙහ් හෙහ් හෙහ්.. සිරි සුබ මංගලන් කියුව එහෙනං.. අවුරුදු හයේ කඩයිමටත් සුබ පැතුම්! ඊළඟ කෑල්ල තමයි වඩා රසවත්.. හෙහ් හෙහ් හෙහ්.. :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ලොකු අයියෙ...කාලයකට පසු දැකීම සතුටක්...කවුරු කවුරුත් බලාන හිටියෙ අපි අමාරුවෙ වැටෙනකං....ඔන්න ඉතිං මමත් කැමැත්තෙන්ම අමාරුවෙ වැටුනා...

      Delete
  14. සුභපැතුම් සිරා අයියේ.... හයටයි.. අළුත් දිවිමගටයි දෙකටම

    ReplyDelete
  15. මෙි කාමරේ අමතක නොකර ලියන එක ගැන සිරා අයියාට පලමුව මගේ හද පිරි මෙිවිවා එක...

    අපේ සුබ පැතුම් එහෙනමි..
    අපිටත් කෙක් කැල්ලක් කලා මෙිවිවා වෙලා යන්න එහෙනමි ආරාධනාවක් ලැබෙයි නේ ද ?

    මිත්‍රයාන් යනු ඉතා සුක්ෂම ලෙස තම මිත්‍රයාන් අමාරැවෙි දැමට වෙහෙස මහන්සි වෙන්නාවු ඡිවි පිරිසකි.මෙි දින වල අප නිවසේ ද ඔවුන් ඉතා විනිත ලෙස හැසිරෙන අතර නොහඋුනන පුද්ගලයන් ද ගැවෙසේ මවිතුමිය මා සමිබන්දයෙන් ඉතා සැලකිලිමත් වෙි.මෙිවා පෙර අනතුරු ඇගවිමි දැයි මට සිතේ...

    ReplyDelete
    Replies
    1. වැර වීරියෙන් හදාගත්ත කාමරේ අමතක කරලා කොහොමෙයි...ඒ නිසා පුලුවන් වෙලාවට යමක් ලියන්නයි අදහස...

      එක මිත්තරයෙක් අමාරුවෙ වැටුනාම හොදටම ඇති. අනිත් උන්වත් උන් අමාරුවෙ දාන්න බොහොම මනාපයි.

      Delete
  16. අනේ මදැයි සුබ පතන්න හිතාගෙන පහළට ආවා. මොනවා වුණත් බ්ලොග් මනමාලි බැඳලා පහු වුණු අවුරුදු හයට සුබ පැතුම්. හරියන්න හරි වරදින්න හරි කසාදයක් බඳින්න ඕනේ කියනවනේ. ඔන්න හරියන්න කියළා තමයි මගේ ප්‍රාර්ථනාව. දැන් ඉතිං ජාතිය ගොඩ නැගීමේ අමාත්යංශය භාර ගන්න එකයි ඇත්තේ. මමත් එකක් ලිවුවා. එක නිසයි මේක දැක්කේ.

    ReplyDelete
    Replies
    1. ලොකු අයියව කාලෙකින් දැක්කෙ...සියලු ප්‍රාර්ථනා වලට බොහොම ස්තූතියි. මට ඉතින් නොයෙක් තැන හමු උන පරිණත මිනිස්සු බහුතරයක් කිව්වෙ නිසි වයසෙදි කසාද බඳින්න කියලා...නිසා වයස සුට්ටක් පැන්නත් ඔන්න කොල්ලා කොහොම හරි අමාරුවෙ වැටුනා. ඔය කියන අමාත්‍යංශයෙ වැඩ දැනටම ආරම්භ කරලා තියෙන්නෙ.

      Delete
  17. අෆ්ෆා... අවුරුදු හයකුත් ගියාද... මුලින්ම එහෙනම් සංවත්සරේට සුබපැතුම් සිරා.

    ඒ කාලෙ ඉඳලම අපි කිව්වනේ ඕක ඉක්මනට කරගන්න. කමක් නෑ.. කමක් නෑ.. දැන් කොහොම හරි වැඩේ කෙරිල නෙව.
    මමත් මේ මාස ගානකින් බ්ලොගක දාන පළවෙනි කමෙන්ටුව. ඉස්සර වගේ පැල්බැඳගෙන කියවන්න වෙන්නෙ නැහැ නෙව දැන්.

    ReplyDelete
    Replies
    1. සිරාගෙ කාමරේ ආරම්භයේ ඉඳලම, සිරා කොලුවාට සහයෝගය දුන්න චරිතයක් විදියට බොලාගෙ පැමිණීම මට මහත් සතුටක් ගොයියො. ස්තූතියි බොලාගෙ ප්‍රාර්ථනාවට. වැර වීරියෙන් කාලයක් තිස්සෙ ගොඩ නගපු නිසාම කාමරේ වහලා දාන්න හිත දෙන්නෙ නෑ. අපි බ්ලොග් කෙරුවාව ආරම්භ කොරාපු කාලෙ බ්ලොග් ලිවිල්ල බොහොම සතුටුදායක අත්දැකීමක් උනාට පස්සෙ පස්සෙ ඒ රසය නැතුව ගියා...ඒ නිසාමදෝ ඒ කාලෙ බ්ලොග් කෙරුවාවෙ නිරත උන බොහෝ අය දැන් නිහඬ වෙලා.

      Delete
  18. Welcome back Siraa Malaya and best wishes for the future with the new Haamine. Waiting to hear that story

    ReplyDelete
    Replies
    1. ඊලග කොටසින් හාමිනේ ගැන කියන්නම්. ස්තූතියි ප්‍රාර්ථනාවට...

      Delete
  19. නව දිවිමගට සුභපැතුම් ! හයටත් සුභපැතුම් ඔිං...
    මාත් මේ බ්ලොග් එක මුල ඉඳලම කියෙවුව...හරිම රසවත්...අද තමයි කමෙන්ට් එකක් කොටන්න හිතුනෙ...
    දිගටම ලියන්න..සිරාට ජය

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පලාලියා...මේ අපේ පළමු හමුවීම විය යුතුයි. ඔබේ අදහස් මගේ ලියමනට ශක්තියක්...ජය !

      Delete
  20. ඉස්සෙල්ලම 6 ට සුභ පැතුම් ඈ..නිකමට වත් එන්න බැරි උනා බං මේ පැත්තට..මාර විදිහට වැඩ වලට හිරවෙලා..
    කොහොම උනත් අලුත් ජීවිතේට මගෙනුත් සුභපැතුම් ඈ....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අයියා..ජීවිතයේ නොයෙක් තැන නොයෙක් වර ඔබ ලබා දුන් ඔවදන් හා අදහස් වලට...

      Delete
  21. නුවර මැණිකේ අකමැති වීම පිළිබඳ මගේ බලවත් කණගාටුව. ප්‍රිය සැමියෙකු විම පිළිබඳ මගේ හදපිරි සුබ පැතුම .
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. විචාරක දියණියගෙ අදහස දැක්කම මට මතක් උනේ ඔබේ පියතුමා..පුද්ගලික කථා බහ වලදී මගෙන් ඉස්සර නිතරම කසාදය ගැන ඇහුවා. අද එතුමා ජීවතුන් අතර සිටියා නම් කියලා හිතුනා...ස්තූතියි ඔබට...

      Delete
  22. හද පිරි සුභ පැතුම් ඔබ දෙදෙනාට!!!
    K නැන්දා

    ReplyDelete
  23. කෝ යකෝ අරක්කු එක්ක වෙඩින් කෙක් කැල්ලක්

    ReplyDelete
    Replies
    1. එදා ආපු උන් නම් කෑවා බිව්වා...

      Delete
  24. මගෙන් සුබ පැතුම් සිරා අයායේ.....

    ReplyDelete
  25. Dan dakke post eka congratulations aiya!

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...