අද මා ඔබ වෙත ඉදිරිපත් කරන්නේ 1959 වසර වන විට ශ්‍රී ලාංකීය වෙළද පොල ජයගෙන සිටි පාරිභෝගික නිෂ්පාදන පෙළකි. ඒවායේ රුව ගුණ තේජස පෙන්වන්නට රූපවාහිනී කලාවක් එකල නොවූයෙන් ඒ වගකීම ප්‍රධාන පෙලේ ජාතික පුවත් පත් වෙත පැවරී තිබිනි. අතීතයේ පලවු පුවත්පත් දැන්වීම් හා වර්තමාන දැන්වීම් අතර ප්‍රධාන වෙනස ලෙස මා දකින්නේ සිංහල භාෂාව භාවිතා ඇති ආකාරය බැව් මා මීට පෙරද පවසා තිබේ. ඇතැම් විටක හාස්‍ය ස්වරූපයක් ගන්නා මේ භාෂා භාවිතයට හේතුව සිංහල පිළිබද දැනුම අඩු ඉංග්‍රීසියෙන් උගත් අයවලුන් පත්තර කන්තෝරු වල වගකිවයුතු පුටු වල සිටීම බැව් වරෙක මට දැනගැනීමට ලැබිනි. අද රට පුරා දැන්වීම් ප්‍රචාරන ආයතන තිබුනත්...එදා මේ දැන්වීම් නිර්මාණය කර ඇත්තේ පුවත් පත් ආයතන මගින් පමණයි.
වර්තමානයේ වෙළදපලේ දක්නට නැති නිෂ්පාදනයක් පිළිබද දැන්වීමක් මුලින්ම,
අලුත් ඇස් ආර් වල සිසිල් රසටත්, පෙණ නගින ගතියටත් ඔබ ආශා වෙයි. මුඛයට අළුත් මිහිරියාවක්, ආශ්වාසයට අමුතු ක්‍රියාකාරිත්වයක් ඇතිවන බව ඔබට දැනෙයි. මතක තබා ගන්න, විදුරු මස් වල ලෙඩ රෝගයන්ට හා ඉන් ආරක්ෂා වීමට දන්ත වෛද්‍යවරු පාවිච්චි කරන සෝඩියම් රිසිනෙලියෙට් අඩංගු ඇස් ආර් වල පමණය. එය සැමදා ඔබේ විදුරු මස් ඝණව හා නීරෝගීවද, දත් ශක්තිමත්ව හා සුරක්ෂිතවද තබයි. අළුත් ගිබ්ස් ඇස් ආර් අදම පාවිච්චි කර බලන්න.
සිරා කුඩාකල බඩ රිදෙනවා අද ඉස්කෝලෙ යන්න බෑ කී කල මගේ මිත්තනියගේ පිළිතුර වූයේ ඊළගට දක්වා ඇති නිෂ්පාදනය පානය කිරීමට සලස්වා මා නිවසේ රැදවීම යහපත් බවයි. නිතර නිතර හොර අසනීප ගනිමින් පාසල් නොයන්නට වෙර දැරූ එකෙකු නොවූ මා එවැන්නක් පවසන්නේ සැබෑවටම එසේ වූ විටක පමණි. අදද වෙළදපලේ ඇති මේ නිෂ්පාදනය පිළිබද වර්තමාන පරපුරට වඩා ඉහ නිකට පැහුණු ඇත්තෝ හොදින් දනිති.
මොරවක මෙඩිටෝ බෝතලයටත් ඉමිටේෂන් වර්ග හදපු ඇත්තො ඒ කාලෙත් ඉදලා තියෙනවනෙ හැබෑටම...
ඊළගට අපි යොමුවෙන්නෙ වර්තමානයේදිත් වෙළදපොලේ ඉතාමත් ඉහළ කීර්තිනාමයක් දිනා සිටින සුප්‍රසිද්ධ ලිවර් බ්‍රදර්ස් සමාගමේ නිෂ්පාදනයක් වෙත. රෙදි හෝදන කාරණය ගැන කථා කරනවානම් මේ නිෂ්පාදනේ නමත් අනිවාර්යෙන්ම කියවෙනවා.
ඔබේ පවුල ගැන ආඩම්බර වන්න, ඔවුනට දිනපතාම අළුතෙන් සේදූ පිරිසිදු ඇදුම් අන්දවන්න. සන්ලයිට් වලින් දිනපතා සේදීමෙන් පුදුමාකාර ලාභයක් ඔබට ලැබේ. මක්නිසාද ? සන්ලයිට් ස්වල්පයකින් ඇදුම් රාශියක් සෝදාගත හැක. කමිස, කලිසන්, සාරි, තුවා පමණක් නොව ඇද ඇතිරිලි පවා සන්ලයිට් වලින් සේදීම පහසුය.
සන්ලයිට් වල ඇති විශේෂ පෙණ පිඩු ගලේ ගැසීමක් නැතුවම ඇදුම් වල දිප්තිමත් සුදු පැහැයන් ගෙනදේ. මතක තබා ගන්න. දිනපතාම ඇදුම් සෝදන විට ඔබට සේදීමට ඇත්තේ ස්වල්පයකි. ගෙදරදී සන්ලයිට් වලින් සේදිමෙන් ඇදුම් දිරා යාම වළකී. වැඩිකල් පවතී.
පිරිමින්ටම සුවිශේෂී වූ උපකරණයක් පිළිබද මීළගට සලකා බලමු. වර්තමානයේ වුවද මෙහි ප්‍රසිද්ධියේ වෙනසක් නැත. රැවුල කපන අය අදද මෙහි විශිෂ්ඨත්වය දනී.
වර්තමානයේ නම් ඉතාමත් කලාතුරකින් පාවිච්චි කරන මුත් මා කුඩා කල නිතර පානය කරන්න ලැබුනු පානයකි මේ. එහි ඇති සුවිශේෂී සුවද සමහරුන්ට දිරවන්නේ නැත. පානයක් ලෙස මෙන්ම පාන් මත තැවරුමක් ලෙසද භාවිතා කල හැකි මාමයිට් අදද වෙළදපොලේ තිබේ. නමුත් මේ කියන ආකාරයෙන් ආහාර පිසීම සදහා එය උපකාරී කරගන්නා අන්දමක් ගැන මම මෙය දකින තුරු දැන සිටියේ නැත.
මාමයිට් ගැන දැනගැනීමට පෙර ඈ කෙසේ කෑම පිළියෙල කළේද යන්න ඈට පුදුමයකි. මුලු පවුලේම අය එයට කැමතියි. එය ඔවුනට බොහෝ ප්‍රයෝජනවත් වී ඇත. ඔවුන් වැඩි හොදට කෑම ගනිති. දැන් ඈ සුප් සහ සේවරි ආදියට මාමයිට් යොදන නිසා වඩාත් පැසසුම් ලබයි. මාමයිට් පිරිසිදු යීස්ට් සහ එළවළු සාර රසයකි. එය විටමින් බී බහුල වශයෙන් ලබාගැනීමට මාර්ගයකි. එහි මස් හෝ සත්ව තෙල් නොමැතියි. සියල්ලෝම මාමයිට් වලට ප්‍රිය කරති. එය ඉතා පිරිමැස්මදායකයි. අදම ටිකක් පාවිච්චි කර බලන්න.
රස විදීමට (බටර් සහිත හෝ නොමැති) පාන් හෝ විස්කෝතුවල යොදා පාවිච්චි කරන්න. ඔබ එහි ඇති ආහාර රුචිය වඩවන ප්‍රනීත රසයට ප්රියවඩනු නිසැකය.
ප්‍රණීත රසැති මාමයිට් වලින් සාදන විට මුලු පවුලේම අය සුප් ආශාවෙන් පානය කරනු ඇත. ඔවුන් තව තවත් ඉල්ලනු නිසැක නිසා එය වැඩියෙන් සාදන්න.
ඒ බවර් සහ සමාගම පොහොර නිෂ්පාදනයේ ප්රමුඛයෙකි. එහෙත් ඔවුන් බිස්කට් වෙළදාමේද නිරත වී සිට ඇති බැව් දැනගත්තේ මේ දැන්වීමෙනි. මේ නාමයෙන් තවමත් වෙළදපොලේ නිෂ්පාදනයක් තිබේදැයි නොදනිමි.
අප කුඩා කල නොයෙක් වර භුක්ති විදීමට ලැබුනු නිෂ්පාදනයකි මේ. මෝර ගුලි ලෙසද වඩාත් ප්‍රසිද්ධ වූ තවත් ආකාරයක් වෙයි.
සිගරට් බොන ඇත්තන්ගෙන් මම මේ අහන්නෙ.....තාමත් සිගරට් මුදලේ නියම වටිනාකම දෙනවාද ?
පාරිභෝගික ද්‍රව්‍ය අස්සෙ වෙනස් දැන්වීමක් ඉදිරිපත් කරන්නයි මේ වෑයම. මේ දැන්වීම දැක්ක ගමන් මට මතක් වුනේ අපේ විචාරක තුමාව, තුවක්කු ගැන දැනුම අපට ලබාදෙන්නෙ ඉතිං එතුමා නොවැ...එදා පත්තර වල දැන්වීම් දාලා තුවක්කු විකුණන්න ඇත්තෙ සතුන්ගෙන් වගා හානි බේරා ගැනීමට අවශ්‍ය ගොවි මහතුන්ගෙ ප්‍රයෝජනයට කියලයි මට හිතෙන්නෙ. මොකද කියන්නෙ සල්ලි සල්ලි කියලා බලන්නෙ නැතුව රුපියල් 40 ට තුවක්කුවක් ගමුද ?
1959 වගේ අවදියක ජනතාවට විනෝදාස්වාදය උදෙසා තිබූ අවස්ථා සීමිත නිසා චිත්‍රපට කර්මාන්තය ඉතාමත් හොදින් ලාභ ලබමින් පැවතුනා. එකල නිපදවුනු චිත්‍රපට අද වගේ ප්‍රේක්ෂකයගෙ සාක්කුවට විදින ඒවා නොවුන නිසාත්....සමාජයට යම් වැදගත් පණිවිඩයක් ලබා දෙන නිසාත්, වැඩිහිටියන්ට පමණයි ලේබලයෙන් මිදිලා තිබුන නිසාත් ඒවා නරඹන්න පවුල් පිටින් තමයි ප්රේක්ෂකයො චිත්‍රපට ශාලා වලට ගොස් තිබෙන්නෙ. අන්න එහෙම සාඩම්බර අතීතයක චිත්‍රපට දැන්වීමක් බලන්න ලැබුනොත් නරකම නෑ නේද... මෙහි සදහන් සිරිමලී චිත්‍රපටය ඒ අවදියේ ලංකාවේ ඉතාමත් ජනප්‍රිය වූ එකක්. මා කීප වතාවක් මේ චිත්‍රපටය පසුකාලීනව රූපවාහිනියෙන් නැරඹුවා.
පටන්ගැන්මේ සිට අවසානය දක්වා ඔබව කුල්මත් කරන මෙවැනි සිංහල චිත්‍රපටයක් පෙර නොවූ විරූය.
ඔන්න ඒ අස්සෙ හාල් මිළත් නැගලා... හාල් , පාන්, මේ වගේ පාරිභෝගික ද්‍රව්‍ය වල මිළ ඉහළ යාම් කෙතරම් ශ්‍රී ලාංකීය ජනජීවිතයට බලපෑම් කලාද කියතොත්...පැවති රජයන් පවා බිද වැටුනා...සමහරු හදෙන් හාල් ගේන්න සැලසුම් හැදුවා.... ඔන්න එහෙනම් 1959 සැප්තැම්බර් මාසයේ බඩු මිළ.
එහෙනම් අදට අහවරයි. ආයෙත් දවසක පරණ පත්තර එක්ක හමු වෙමු.












































