Friday, July 6, 2012

43 දින හතරේ ආගිය තොරතුරැ 1 කොටස

දින 4ක විඩාබර චාරිකාවක් අවසන් කර සිරා නැවතත් කාමරයට සේන්දු විය... ඒ දින කීපය කෙතරම් දේ ජීවිතයට තිළිණ කරන ලද්දේද? කෙතරම් නොදුටු දේ දුටුවේද? නොඇසූ කථා ඇසුවේද?  යන වග කල්පනා කරමින් සිරා විසින් තවත් පෝස්ටුවක් සිරාගේ කාමරෙන් මෙසේ ඔබ වෙත තිළිණ කරයි......මෙය කොටස් කීපයක් ලෙස පළවන එකකි.


ඉහත දැක්වූ චාරිකාව පිළිබද චමීගේ පෝස්ටුව අවසානයේ දැක්වූ සටහනට ප්‍ර‍තිචාර දැක්වූ හුදී ජනයාගේ පහන් සංවේගය උදෙසා යමක් දෙසා බාන්නට මා හට සිත් වූ නිසා මේ පෝස්ටුව දමමි. චාරිකාව පිළිබද කිසිවක් ලියන්නට මා හට කලින් අදහසක් නොවූවත් ඉල්ලීම ඉවත ලනු නොහැකි හෙයින් ගමන අවසන ඒ පිළිබද යමක් ලිවීමේ තිර අධිටනින් සිරා අමු පාන්දර 3.30 ට චාරිකාව යාමට නිවසින් පිට විය. මා පියානන් ගමනේ සංවිධායක තුමාය, නිතර නිතර සංචාරයට ප්‍රිය, පවුලේ පුද්ගලික වාහන වෙනුවට විශාල පිරිසකට අඩු වියදමෙන් යෑමට හැකි සංචාර සංවිධානයට සිරාගේ පියා අති ශූරය.... ඒ හුදෙක් විනෝදයට මිස සත පහක වත් ආර්ථික යහපතකට නොවන බැව් සැලකුව මනාය... එපරිද්දෙන්   වසරකට චාරිකා දෙකක් සංවිධානය වේ. මේ වෙනුවෙන් සිරාගේ ඥාතීන්ට අමතරව  බොහෝ දෙනෙකුගේ සහය නිරතුරැ ලැබෙන අතර චාරිකාවට සහභාගී වීමට  කාන්තා පිරිමි භේදයකින් තොරව විවිධ වයස් කාණ්ඩයන්හි නියත පිරිසක් නිරතුරැ සූදානමෙන් සිටී....ගිය වසරේ යාපනය හා නැගෙනහිර සංචාරය කල බැවින් මෙවර අවධානය යොමු වී තිබුනේ දකුණු පළාත හරහා රට මැදට සංචාරය කිරීමයි.  සංවිධායක තුමා පියා වීමත්, වැඩි වගකීමක් සිරා පිට පැටවීමත් නිසා මා හට මෙවැනි සංචාරයක සියලු රස උකහා ගත නොහැක... කිසිදු අඩුපාඩුවක් කිසිවෙකුටත් නොවීමට වග බලා ගැනීම සිරාගේ පරම යුතුකමයි. .


දවස් 4ක් සදහා සෑහෙන සියලු අඩුම කුඩුම බස්රථය වෙත පැටවීම මුලින්ම ඇරඹිනි...අහිංසක සිරා නාට්ටාමි චරිතයට පණ පොවමින් සියල්ල බස් රථයේ වහලය මත ස්ථාන ගත කලේය. මේ අතරට බොහෝ දේ ඇතුලත්ය... ගෑස් ලිප් මෙන්ම ගෑස් සිලින්ඩර් ද, පැදුරැ කොට්ට, විශාල හට්ටි මුට්ටි, ආහාර ද්‍ර‍ව්‍ය (පොල්  ගෝනි 3ක් / හාල් ගෝනි 2 /අලගෝනි 1/ලූණු ගෝනි 1 ඇතුලුව), පානීය ජලය අඩංගු භාජන, ගමන් මලු, ආහාර සැකසීමේ උපකරණ,  ඒ අතර වෙයි.


බස්රථය අශෝක් ලේලන්ඩ් ය, ආසන 42 කි, කුඩාකල සිටම රථගාය වැළදී තිබූ හෙයින් චමින්ද අයියා රියදුරැ අසුනේ වාඩිවිය.. ඔහුගේ ගෝලයා සුජී නම් වෙයි ඉදිරි ඇන්දේ දත් වලින් එකක් පමණක් ඉතිරි වී ඇති හෙයින් ඔහුගේ සිනාව අගනේය.. වරක් දුටු අයෙකුට තවත් වරක් බලන්නට ආසා හිතෙයි.... අපගේ සූපවේදී තුමා ලෙස හිච්චි අයියා කටයුතු කරයි, ප්‍රදේශයේ ජනප්‍රියව තිබූ මකර රැවක් සහිත අවන්හලක් පවත්වාගෙන ගිය අයෙකු නිසා චීන කෑම පිළිබද දොලක් ඔහු දුටු වේලේ සිට සැමටම බෝවී ඇති බව නිකමට මෙන් සිරාගේ අක්මාවට දැනුනි.....


පැයක පමණ කාලයක් බඩු බාහිරාදිය පැටවීමට වැය විනි. ඒ අතර තුර අපගේ චාරිකා නඩය එකා දෙන්නා  බැගින් ආරම්භක රේඛාවට වාර්තා කර තිබිනි.... මෙම නඩය සමාජයේ විවිධ පැතිකඩ මෙන්ම වයස් කාණ්ඩයන්ද නියෝජනය කරන්නවුන්ගෙන් සමන්විත බැවින් ගමනේදී ඇසෙන කථා බහද විනෝදජනක බැව් පෙර චාරිකා වලින් සිරා අවබෝධකර ගෙන තිබිනි.... 

මූලික කටයුතු සියල්ල අහවරය.... තමාට ලැබුණු අංකය අනුව සියල්ලන් ආසන ගතවී හමාරය.....

දඩාස්....

සිරාගේ පියාගේ දෝතින් මිදී තාර ගැට්ට සිපගෙන කෑලි බවට පත්වූ පොල් ගෙඩියේ ආනුභාවයෙන් අපගේ බස් රථය ගමන් ආරම්භය සටහන් කලේය.

පළමු දින නවාතැන කතරගම පුදේශයේය. චමින්ද,හිච්චි,සුජී,සිරා ඇතුලු බොහෝ දනන් අධිවේගී මාර්ගයේ අසිරි සිරි නොදුටුවන් නිසා කඩුවෙල හරහා ගොස් කොට්ටාව පිවිසුමෙන් වීරයන් මෙන් අධිවේගී මාර්ගයට රථය යොමු කලා පමණි.....


හෝව් හෝව් හෝව්.......

පොලිස් නිලදරැවෙක් බෙරිහන් දෙයි....

ඇයි මොකෝ..... ඉදිරි දොරෙන් හිස එළියට දමා සුජී විමසයි....

සිහින් හිනාවක් දැමූ එතුමානෝ බස් රථය උඩ පටවා ඇති සබ්බ සකලමනාවම පෙන්වා .. මේකෙ යන්න නම් මේ ඔක්කොම ඇතුලට දා ගන්න යනුවෙන් අප හට විධානය කර නැවතත් සිහින් හිනාවක්ම පෑවේය.

උදේ පාන්දරම සාටර් වූ සෙයක් සිරා හට දැනින... පිවිසුමේ ප‍සෙක බස් රථය නවතා වදුරැ රැලක් සේ පිරිස ඔන්න දැන් බඩු බාන්නට සූදානම් වෙයි... අධිවේගයේ ධාවනය වන අනෙක් රථ වල උන් අපට දසන් දක්වා සිනා සෙති.... ඒ කින්ඩියටදැයි මිනිසත් කමටදැයි සිරා හට එවේලේ නොදැනිනි.


රථාචාර්ය වරයා මෙන්ම ගෝලයාද මේ මාර්ගයේ කලින් ගිය වුන් නොවුන නිසාත් කිසිම අයුරකින් මේ නීතිය කලින් අපට ශුවණය වී නොතිබීම නිසාත්  මේ ඛේදජනක ඉරණමට අප ගොදුරැ විය... පැයක් පුරා බස් රථයේ ඉහළ කොටසේ ගොඩගැසූ බඩු පොදි අවු රශ්මිය මධ්‍යයේ දැන් දැන් රථය තුල ගබඩා වෙයි.... ඉඩකඩද  ඇහිරී යයි... රථය තුල  ඔබ මොබ ගමන දැන් නම් උගහටය...

සිරාගේ කාමරයට සපැමිණි ඔබද බස් රථයක  මේ අයුරින් බඩු පටවා දිනක අධිවේගයේ ගමන් කරන්නේනම් මේ සිද්ධිය හොදින් මතක තබා ගන්න... රථය උඩ බඩු නොපටවන්න....සියල්ලම ඇතුලට දා ගන්න.


පෑ භාගයක පමණ කාල පමාවකින් අප අධිවේගයට පිවිසුනෙමු.... චමින්ද අයියා හට කලින් මෙම මාර්ගයේ ධාවන අත්දැකීම් නැති නිසාත් ජීවිත 42 ක වගකීමක් ඔහු සතුව ඇති නිසාත්දෝ රථය සිතූ තරම්  වේගයෙන් ධාවනය නොවුනි... අප බස් රථය තවත් වාහනයකට පසු කලා නම් ඒ යම් ආපදාවකට පත්වූ රථයක්ම විය... ඒ අවස්ථාවන්හිදී අත්පුඩියක් ගසා රියදුරැ තැනට දිරි දීමට රථයේ හුන් බහුතර ජනයා ක්‍රියා කලහ. සිරා හට අධිවේගයේදී  එතරම් ත්‍රිලක් නොදැනුනු අතර... සාමාන්‍ය මාර්ගයකදි නිතර දකින් දසුන් (වාහන/කඩපිල්/මිනිසුන්) නොමැති වූ හෙයින් යම් උදාසීන ගතියක් නම් දැනුනි....  විශාල රබර් වතු,ගල් වැටි, කුඹුරැ  දෙපලු කරමින් මාර්ගය  සකසා ඇති අන්දම නම් ඉස්තරම්ය.


එහෙත් කිලෝ මීටර් සියයකට මදක් වැඩි දුර ගෙවා පින්නදූව පිවිසුමෙන් අප පිටවන විට සෑහෙන තරමේ කාලයක් ඉතිරි වී තිබුනි.... එය මෙවැනි ගමනකදී ඉතා වැදගත් ජයග්‍ර‍හණයකි..  
ඒ නිසාවෙන් අධිවේගී මාර්ගය දැයට දායාද කල ඉහල සිට පහළ හැමටම සිරාගේ ආචාරය !

කරැණු එසේ සිදු වීමෙන් අතතුරැව බස් රථය ගාල්ල තිස්සමහාරාම මාර්ගයෙන් මාතර වෙහෙරහේන විහාරය බලා පිටත් වුනි.  මෙම විහාරය සතු ඉතා මනරම් බුදු පිළිමය මෙන්ම උමං විහාරයද නිසා  සංචාරකයන්ගේ නොමද ආකර්ශනය දිනා සිටී. විහාරයට ඇතුලුවෙන තැනම තිබුනේ මෙවැනි අවවාදයකි.





ප්‍රේමය හා රාගය අතර වෙනස හදුනාගත නොහී අසරණ පෙම්වතුන්/වතියන් කෙරේ 
දයානුකම්පිතව ඒ දැන්විම දක්වා තිබුනි.

මේ ආකාරයේ විශාල උමං විහාර ගෙයක් ලංකාවේ තවත් තැනක තිබේදැයි සැක සහිතය. එය එතරම්ම අනර්ඝ නිර්මාණයකි. ශ්‍රීමත් විලියම් ගොපල්ලව ලංකේෂ්වර තුමන්
1969. 12. 13  දින උමං විහාරයට මුල් ගල තබා ඇත්තේ තවත් දහසක් පින්වතුන් සමගින්ය.

දර්ශනීය දැවැන්ත බුදු පිළිමය

උමං විහාරගෙයට පිවිසුම

උමං විහාරගෙය ඇතුලත

මෙම ප්‍රදේශය පුරාවටම උමං විහාරගෙය විහිදී පවතී

විහාර කර්මාන්තයට මුදල් ලබා ගැනීමට වෙහෙර හේන විහාරය භාවිතා කර ඇති ක්‍ර‍මවේදය සිත් ගන්නා සුලුය. එයා කුඩා දරැවන් පවා පොළඹවන එකකි.




ඉහලට ඇති තරප්පු පෙළ දිගේ සිරා බුදු පිළිමයේ ඉහළ කොටසට අවතීර්ණ විය.. එතැන තිබුනේ මෙවැනි අවවාදයකි...



මෙසේ තැන තැන අවවාදාත්මක පුවරැ තබන්නට සිදුවී ඇත්තේ අපේ උන්ගේ ක්‍රියාකලාපය ඉතා හොද නිසාය..... මාස ගණනක් තිස්සේ කාසි හා නෝට්ටු බුදු පිළිමය මත සැතපී එයට නිගා දෙන බවට.. සමහර කාසි වටා බැදී ඇති දියසෙවල සමූහය දෙස් දෙයි.

පිළිම වහන්සේ අභියස කාසි හා නෝට්ටු වැටී ඇති අන්දම

වෙහෙරහේනෙන් අනතුරැව නැවතත් ගාල්ල - තිස්සමහාරාම මාර්ගයට වැටී  අප දැන්  ඉදිරියටම ගමන් කරමින් සිටී උදේ පාන්දරම පිසූ ආහාර නරක් වීමේ අවධානම නිසා තංගල්ල හා අම්බලන්තොට අතර ග්‍රාමීය පන්සලක කරැණාවන්ත ස්වාමීන් වහන්සේ නමකගේ අවසරයෙන් නඩය දිවා ආහාරයට ගමන නතර කලෝය. සියල්ලන්ම උද්යෝගයෙන් දිවා ආහාරය භුක්ති විදියි...


දිවා ආහාරය අවසන සිරා හට බොගක සේයා  පහළ වූ හෙයින් පෙර කී ස්වාමීන්වහන්සේගේ මගපෙන්වීමෙන් කැලෑබද ටොයිලැට්ටුවක් වෙත ගොස් අදාළ කාරණය ඉටුකර ගෙන එලියට බැස්සෙමි...
සිරාගේ ආගමනයෙන් ඔද වැඩීගිය අතිජාත මිතුරැ කැලක් දිවුල් ගසක් මතට නැග සිරා හට ඔච්චම් කලේ 
හූ හූ උඹට බොග වුනාද අසමිනි.




අපට සරණ වූ එම පන්සලේ නඩත්තු කටයුතු වෙනුවෙන් යම් ආධාර මුදලක් ලබා දුන්නද නායක හිමියන් එය එකහෙලාම ප්‍ර‍තික්ෂේප කලේ අපේ වගකීම ඔබ වැනි ඇත්තන්ට උපකාර කිරීම බැව් දක්වමින්ය. එහෙත් අපේ නඩයේ වැඩිහිටියන්ගේ පෙරැත්තයෙන් පසු උන්වහන්සේ එය භාරගත්තේ අපේ ගමනට සුභපතා අපහටද පින් දීමෙන්ය...


මීලගට ඇත්තේ සිතුල්පව්ව විහාරයට ලගා වීමයි, අප තිස්සමහාරාමයේදි නතර වූයේ නැත. යෝධ කණ්ඩිය හන්දියෙන්  හැරී තාර ගැටිති සහිත පාරක් ඔස්සේ කිලෝමීටර් 24කට ආසන්න දුරක් ගෙවා යාල අභය භූමිය හරහා සිතුල් පව්වට යා යුතුය.




පළමු දින තවමත් අවසන් නැත... එහෙත් සියල්ල ලියන්නට ගියොතින් පෝස්ටුවේ දිග වැඩි විය හැකි හෙයින් මෙතැනින් නවතිමි.



මීළග කොටසින්...

50 දශකයේ අපේ ගමේ විසූ චාරිකා සංවිධායක ජුලියන් අයියාගේ චාරිකා මතක සටහන්
සිතුල් පව්වේ හිස් අරක්කු බෝතල් බැම්ම
ඉලනාග රජුගේ ගිරිලිපිය
සමග තවත් දෑ.....................

එතෙක් රැදී සිටින්න...

මම සයිබරයේ අලුත් මිතුරා සිරා................


ප.ලි


වෙහෙරහේන විහාරය පිළිබද ඉතිහාස තොරතුරැ මා සතු නොවන බැවින් දන්නා අය කොමෙන්ටුවක් ලෙස ඉදිරිපත් කරන්නේ නම් මැනවි.....



43 comments:

  1. පවුලෙ අය එක්ක ට්‍රිප්යන එක ටිකක් කම්මැලියි වගේ නේද? ඉතුරු ටිකත් දාන්නකෝ ...

    මචං මේ ගමන් විස්තරේ පොඩ්ඩක් අවුල් වගේ නේද?

    // වෙහෙරහේනෙන් අනතුරැව කොළඹ - ගාල්ල මාර්ගයට වැටී අප දැන් මාතර බලා ධාවනය වේ... උදේ පාන්දරම පිසූ ආහාර නරක් වීමේ අවධානම නිසා තංගල්ලට යාබද ග්‍රාමීය පන්සලක //

    පින්නදූවෙන් පිටවුනාම උඹල වෙහෙරහේනට යන්න ඇත්තෙ මාතර ටවුන් එක පහුකරගෙන. ආයිත් මාතර ආව කියන එක ප්‍රශ්නයක් නේද? මගේ හිතේ උඹ කියන්නෙ මාතර නෙවි, කතරගම වෙන්න ඇති. හැබැයි එතකොට ‘කොළඹ - ගාල්ල මාර්ගයට වැටී‘ කියන කෑල්ල සංශෝධනය කරන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ඔබ නිවැරදිය වරදක් වී තිබේ... මාර්ග පිළිබද සිරාගේ දැනුම අල්පය... තවත් අයෙකුගෙන් අසා වරද නිවැරදි කළෙමි... වරද පෙන්වා දුන්නාට තුති....

      Delete
  2. කෙසේ වෙතත් ට්‍රිප් එකක් ගිය කාලයක් මතක නෑ. ගිය අයගේ ඒවා බලල ජොලි කරන්න තමා වෙන්නේ. හනේ.......!

    ReplyDelete
    Replies
    1. වැඩ අස්සෙන් පොඩි වෙලාවක් හොයාගෙන ගියොත් නරකද ?

      Delete
  3. නියමයි හ්ම්ම්..:)

    ReplyDelete
    Replies
    1. මේ පැත්තෙ ආවට ස්තූතියි!

      Delete
  4. එළ ට්‍රිප.. අර නයත් එක්ක ඉන්නෙ සිරා වෙන්ඩ ඇති.. :-)

    ReplyDelete
    Replies
    1. ට්‍රිප් එක එළ වෙන්නෙ තව ඉදිරියට... නයා එක්ක ඉන්න කෙනා අපේ කෙනෙක් නෙමෙයි...

      Delete
  5. අර සිංහයා පිටිපස්සෙ ඉන්නෙ කවුද බං?

    චාරිකා සටහන හොඳයි.. හැබැයි රත්නපුර හරහා යන එක ඔයිට වඩා ළඟයි..

    ReplyDelete
    Replies
    1. සිරාගේ කාමරේට ආදරෙන් පිළිගන්නවා
      සිංහයා පිටිපස්සෙ ඉන්නෙ නයා ලග ඉන්න කෙනා එක්ක ආපු නඩේ අය...අපේ අය නෙමෙයි... රත්නපුරෙන් එන එක දුරයි... මේක තමා ලගම පාර...

      Delete
    2. සිංහයා පිටිපස්සෙ ඉන්නෙ..ඒ වාමන පිළිමයක්...හා..හා..හා..හා..හා..හා..

      Delete
  6. ලෙසටම ලියලා තියෙනවා සහෝ ඊළඟ කොටසත් රසවත් වෙයි කියලා හිතනවා :)

    ReplyDelete
    Replies
    1. ඊලග කොටස මීටත් වඩා හොදයි... පොඩ්ඩක් ඉන්නකෝ.....

      Delete
  7. වැවුරුකන්නල ගියේ නැද්ද ??

    ReplyDelete
    Replies
    1. අධිවේගී මාර්ගයේ ආපු නිසා ඒක මග ඇරැනා....

      Delete
  8. ඊලග කොටසත් බලමු

    ReplyDelete
    Replies
    1. ඊලග එක විතරක් නෙමෙයි ඔක්කොම බලන්න...

      Delete
  9. බලමු බලමු අනිකත්...

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අනේ අපේ රජාටත් රාජ සම්පත්ම ලැබීයන්

      Delete
  10. උඩින් පල්ලෙන් තමයි කියෙව්වෙ සිරාවටම කියවන්න ආයෙ එනවා.

    අකුරු ටිකක් ලොකුකළොත් හොදයි නේද, කියවන්න පහසු වෙන්න.

    ReplyDelete
    Replies
    1. සාමාන්‍ය ප්‍ර‍මාණයේ අකුරැ තමා තියෙන්නෙ... බහුතරයක් බ්ලොග් කරැවන් ලියන්නෙත් මේ ප්‍ර‍මාණයෙන්...ඊට වඩා ලොකු වුනොත් කැතයි වගේ.... Ctr + යතුරැ සංයෝගයෙන් ලොකු කරලා බලන්න....

      Delete
  11. ගෙදර කස්ටියත් එක්ක ට්‍රිප් යෑමනම් ... එපාමය... එය වඩ්දත් එපාවන්නේ.. දිය කෙළියට ඉතාම ප්‍රිය මීගොඩයාට දිය කෙළියේදී දක්වන අසීමිත නීති රීතිය...

    පෝස්ටුවට තව විස්තර ඇතුලත් විය යුතුමය...

    ReplyDelete
    Replies
    1. තව විස්තර මග එනවා... තමාට පිහිනීමට හැකි බව ගෙදර අයට පෙන්නුවානම් නීති රීති අඩු විය හැක...

      Delete
  12. නියමයි නියමයි...ලස්සනට විස්තර කිරීමේ හැකියාවක් තියෙනවා..

    ReplyDelete
    Replies
    1. ඔබගේ අවංක අදහසට ස්තූතියි....

      Delete
  13. අඩෝ කෝ බං මං දාපු කොමෙන්ටුව :/ :/

    ReplyDelete
    Replies
    1. මම අයින් කලේ නම් නෑ... ඔබේ කොමෙන්ටුවක් දැක්කෙත් නෑ... ආයෙත් දාන්න බලන්න....

      Delete
  14. පරක්කු වුනා බං.. ගොඩක් දවසකින් ආවාම මොකක්ද වෙනසක් දැනුනා බ්ලොගේ?? ඉතුරු ටිකත් ලියමු.. මම ඔය දිහා ගියා 2006 විතර. කොහෙද ඉතින් දැන් යන්න පිනක්. හොඳ චාරිකා සටහනක්.

    ReplyDelete
    Replies
    1. මොකක්ද දැනුනු වෙනස? දැනගන්න ආසයි... තව පෝස්ටු කීපයක්ම තියෙනවා මේ ගමන සම්පූර්ණ වෙන්න...

      Delete
  15. උමං විහාරේ ඇතුලේ ක්‍ෂණික පිරිතක් කියවා ගන්න පුළුවන් නේද? සුට්ටි ගාණයි අපිට නං ගියේ!

    ReplyDelete
    Replies
    1. ඒ ගැන නම් දන්නෙ නෑ...දැනගෙන හිටියා නම් කරන්න තිබුනා...

      Delete
  16. සාදු සාදු සාදු...

    මම ගිහින් නැති නිසා බ්ලොගෙන් වන්දනා කලා. පිං මචං.. :)

    ReplyDelete
    Replies
    1. ගිහිල්ලා නැත්නම් ගියොත් හොදා නේද?

      Delete
  17. ඔය අධිවෙගේ ගැන බ්ලොග් ලොකේටත් අමතක නොවන සිදුවිම් තියෙනව ගාල්ලේ ගෙට් එකට අධිවෙගෙන් ගොහින් වෙච්චී වැඩ ගැන බ්ලොග් අතීතේ හෙව්වොත් සමුවෙවී

    ReplyDelete
    Replies
    1. පොඩි ඉගියක් දෙන්න බැරිද ?

      Delete
  18. මෙච්චර එන්න කියලත් අද තමා සිරාගේ කාමරේට ගොඩ වුනේ. හොඳට ලියලා තියෙනවා. මම හිතුවේ අධි වේගී මාර්ගයේ බත් වේලක් උයාගෙන කාලා රැකොඩ් එකක් තිබ්බ කියල. දිගටම කියවන්න හිතුනා.

    ~~ සුදීක ~~

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා... තව පොඩ්ඩෙන් බත් උයන්න තමා වෙන්නෙ... වටේ පිටේ උන් අපිට හරියට හිනා උනා අයියෝ... දුක හිතෙනවා...

      Delete
  19. ආ//එල එල ඈ//ඉතුරු ටිකත් කියවමුකෝ..... :)

    ReplyDelete
    Replies
    1. නාඩියාවත් කාමරයට ආදරයෙන් පිළිගන්නවා ඔන්න...

      Delete
  20. මම ඔය විහාරයේ දැක්ක දෙයක් තමාඅ එආ එක විදිහේ කැට ගොඩක් තිබ්බා. බහිරව කැට, බමුණු කට නාග කැට එහෙම.. මට මතක විදිහට ළමයෙකුත් හිටියද කොහෙද...

    ReplyDelete
    Replies
    1. ඒවායින් මම දැක්ක ටික තමා පින්තූර දැම්මෙ...

      Delete
  21. නියමයි යාලුව.

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...