![]() |
සිංහ රාජයේ හැකරැල්ලා ලංකාවට ආවේණික නැත |
![]() |
සුපිරිසිදු ජලය සහිත දොල පහර |
![]() |
giant wood spider |
අපගේ මගපෙන්වන්නා වූ අජිත් අයියා ඉතා සුලු වේලාවක් තුල අප හා ඉතා සුහද වු අතර ඔහු සිංහරාජයට යාබද ගමක අයෙකි. මගපෙන්වන්නන් අලුතින් බදවා ගැනීමේදී අසල්වාසී තරුණයන්ට ප්‍රමුඛතාවයක් ලැබෙන්නේ කුඩා කල සිට ඔවුන් මේ ප්‍රදේශයේ ගහකොළ, සතා සීපාව හදුනන නිසාය.
මෙම තනතුරට පත්වීමට පෙර ඒ ඒ අංශයන් කෙරෙහි සම්බන්ධ ලංකාවේ ප්රමුඛ මහාචාර්යවරු යටතේ භූ විද්‍යාව, සත්ව විද්‍යාව, ආදිය ඇතුලත් ඉතා වැදගත් පුහුණුවක් ලබා දී ඇති හෙයින් ගස් වැල් වර්ග සම්බන්ධව ඔවුනට ඉතා හොද දැනුමක් පවතී.
ඔහු කථාව ඇරඹුවේ මෙන්න මෙහෙමයි
අපි මේ ඇවිදින්නෙ සබරගමුව පළාතෙ... අද අපි සබරගමුව කිව්වට නියම නම නම් සපරගමුව, සපර කියන්නෙ වැද්දට කියන තවත් නමක්... වැදි ජනතාව අතීතයේ වැඩි වශයෙන් මේ ඉසව්වෙ ජීවත් වූ නිසා තමයි එහෙම නම යෙදෙන්න ඇත්තෙ. ජනප්‍රවාදෙ එන විදියට සිංහරාජ ඉසව්වෙ හිටියා කියන සිංහයා ගල් ගහලා මැරුවා කියන්නෙත් වැදි ජනතාවනෙ ඒ කථාවෙනුත් පැහැදිලි වෙනවා වැදි ජනතාව අතීතයේ මෙහි ජීවත් වුනා කියලා... ඒ උනාට ලංකාවෙ සිංහයො ජීවත් වුනා කියන්න තවමත් කිසිම සාධකයක් හමුවෙලා නෑ....
කොහොමද අයියේ අපි මේ ඇවිදින පාරවල් හැදුනෙ ? අප අතර වු නිහඩතාව බිදිමින් සිරා ප්‍රශ්නයක් නැගුවා...
ඉතිං ඒ වැඩෙන් සිංහරාජයට හානියක් වුනේ නැද්ද ? මගෙන් තවත් ප්‍රශ්නයක්...
හානියක් වුනේ නෑ කියන්න බෑ... ඒගොල්ලො ඉදිරිපත් කරපු සැලසුම බලලා තමයි ලංකාවෙ රජය මේ සදහා අනුමැතිය දීලා තියෙන්නෙ... ගස් කපද්දි ඊට වඩා හානියක් වෙලා තියෙනවා... තෙත් සදාහරිත වනාන්තරයක් විදියට උඩු වියන, යටි වියන ආදී වියන් කීපයක් විදියට වනාන්තරය පවතින නිසා විශාල ගසක් කපා බිම හෙලන විට පලාතෙම තියෙන ශාක විනාශවෙනවා....බලන්න මේ අපි යන පාර දෙපැත්තෙ ඉතා විශාලව හැදුන එක ගහක් වත් පේන්න නෑ... පදුරු වගේ ශාක ගොඩාක් තියෙනවා.... මේ වගේ වනාන්තරයක මේ විදියෙ වෙනසක් වුනේ ගස් කැපීම නිසා...
හොර කියන කුලයට අයත් ශක්තිමත් දැව ගන්න පුලුවන් ගස් තමයි ඒගොල්ලො කපලා තියෙන්නෙ.... ඔවුන්ගෙ ධීවර කර්මාන්තයට අවශ්‍ය දේවල් නිපදවා ගන්න තමයි ඒවා ගෙනිහින් තියෙන්නෙ... හොර කුලයේ ගස් ජලයට හොදින් ඔරොත්තු දීම ඊට හේතුවක්... අපේ තාත්තා කියන විදියට අඩි 60 - 70 ක් විතර දිග වාහන ගෙනල්ලා මේ කැපූ විශාල ගස් සම්පූර්ණයෙන්ම තමා ඒ අය පටවගෙන ගිහිල්ලා තියෙන්නෙ... ඒ කියන්නෙ කුට්ටි කිරීමකින් තොරව... පස්සෙ කොස්ගම කියන හරියෙදි කොටන් වලින් ලෑලි ලබාගෙන ඒ ලෑලි තමයි කැනඩාවට අපනයනය කරලා තියෙන්නෙ.... මේ ක්‍රමය 1978 දි ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා විසින් නවත්තලා තියෙනවා....
ක්ෂණිකව ඇසෙන කුරුළු ශබ්ද වෙන් වෙන් වශයෙන් කාගේදැයි අජිත් අයියා එකවරම කියයි... අසන ඕනෑම ගස් වර්ගයක් විද්‍යාත්මක නම සහිතව ඔහුගෙන් දැනගත හැකිය. අපේ උන් කූඩැල්ලන් සදහා අලේපකරන ආලේපයක් දෙපය ගල්වා තිබුනත් අතර මග ඇළ මාර්ගයකින් එතෙර වීමේදී ඒවා සේදී යාම නිසා නැවතත් කූඩැල්ලන් සුවසේ ලේ උරා බොයි... ඒ නිසා කඩින් කඩ ගමන නවතී.
![]() |
මෙන්න බඩු |
ඕගොල්ලන්ගෙ ගෙවල් වලත් පාවිච්චි කරනවා... ඔහු තවත් පැනය පහසු කරයි...එහෙත් අප හදුනන්නේ නැත...මේ තමයි වෙනිවැල්..
![]() |
වෙනිවැල් |
![]() |
වෙනිවැල් ඵලය - මෙයින් ප්‍රයෝජනයක් නැතිලු |
දැන් අප අතුරු මාර්ගයක් අභියසය... මෙතැනින් කොහේටද යන්නෙ ?
ජෛව විවිධත්ව මධ්‍යස්ථානයක් තියෙනවා.... අපි එතනටත් ගිහින් යමු... ඒ අනුව අපි එම ස්ථානයටත් ලගා වුනා... ජෛව විවිධත්ව මධ්‍යස්ථාන මිදුලේ වදවීමේ තර්ජනයට ලක්වී ඇති වටිනා ශාක වර්ග රාශියක් වගා කර තිබුනා.... ඒ අතර තිබුන වැදගත් ශාකයක් තමයි ඌරුකුණා ශාකය...
![]() |
ඌරු කුණා ශාකය |
බෝතල්වල බහා ඇති සත්ව විශේෂ රාශියක්,විශේෂයෙන් උරගයන් ජෛව විවිධත්ව මධ්‍යස්ථානයේදී දකින්නට ලැබුනා... පාසල් ළමුන් සදහා දැනුම ලබාදෙන තැනක් ලෙසත් එය යොදාගන්නවා... දේශන ආදිය පැවැත්වීමටත් එහි පහසුකම් තිබෙනවා...
දැන් නැවතත් අපි කැළෑව තුලට ගමන ඇරඹුවා...
මේ තියෙන්න ලංකාවෙ තියෙන විශාලම ෆර්න් විශේෂය... ඒ කියන්නෙ මීවන පවුලේ විශාලම සාමාජිකයා... නම තමයි ගිණිහොට
![]() |
ගිණි හොට |
එතකොට මේ ශාකය ලංකාවෙ පමණක් දකින්න පුලුවන් එකක්... ඒකට කියන්නෙ කැකිරි වරා කියලා...
![]() |
කැකිරි වරා |
ඇත්තටම සිංහරාජය කියන්නෙ ඉතාම වටිනා ශාක එකතුවක් තියෙන තැනක්...ලෝක මට්ටමෙන් ගත්තත් ඒක විශේෂයි... මෙහෙ එන විදේශික මහාචාර්ය වරු පුදුම වෙනවා මේ ශාක දැකලා... ඒකට හේතුව තමයි පරිණාමය නොවූ මුල් අවස්ථාවේ ශාක ගොන්නක් සිංහරාජය තුල පැවතීම... යම් හෙයකින් පරිණාමය වෙලා තියෙන ශාකය ලොවෙන් තුරන් වුවොත් මේ නොදියුණු ශාක මගින් ඒ ශාක නැවත බිහිකර ගන්න පුලුවන්...
මෙන්න උදාහරණ
![]() |
වල් මිදි |
![]() |
වල් කෝපි |
උදාහරණයකට කොතල හිඹුටු ලංකාවෙ ශාකයක් වුනාට පේටන්ට් අයිතිය තියෙන්නෙ ජර්මනියට.... ගොටුකොළ වල පේටන්ට් අයිතිය ඇමරිකාවට.... මේ නිසා මේ ශාක කොටස් භාවිතයෙන් අපේ රට යම් අලුත් නිෂ්පාදනයක් කරනවා නම් ඒ රටවලින් අවසර ගත යුතු තත්වයක් ඇතිවෙලා තියෙනවා....
මේ ගෙඩි වර්ගය අදුනනවද ? මේ තමයි හිඹුටු
![]() |
හිඹුටු |
![]() |
රට හොඩ පර |
උසැති ගස් කපා දැමූ හෙයින් මෙවැනි පදුරු ශාක වැඩිපුර මාවත් අයිනේ දැකිය හැක.
![]() |
නෙලූ |
![]() |
වේ වැල් |
ඔන්න අපි දැන් අපිට ගමන් කිරීමට නියමිත කොටසේ තිබෙන විශාලම ශාකය වන යෝධ නවද ගහ බලන්නයි දැන ගමන් කරන්නෙ... ඊට පෙර කුඩා ජල මාර්ගයක් පාලමක් ආධාරයෙන් තරණය කල යුතුයි...
ඒ අතර අජිත් අයියා
මේ පාලම දකිද්දි ලස්සන සිද්ධියක් මතක් උනා... අපිට හම්බවෙලා තියෙන විදේශිකයන්ගෙන් එංගලන්ත සහ ජර්මන් අය ඉතාම මිත්‍රශීලී හරිම හොද අය, ඒ වගේම රුසියානු සහ ඊශ්‍රායල් අය බහුතරයක් මෝඩ ලොකුකමක් තියෙන අය... දවසක් රුසියානුවෙක් එක්ක මම කැලේට ආවා... සිංහරාජයේ ජීවත් වෙනවා කියලා බෝඩ් වල දක්වලා තියෙන සත්තු ඔක්කොම එක තැනකදි බලන්න පුලුවන් කියලා මිනිහා හිතන්නෙ... මට කියනවා මොකක්ද බන් උඹලගෙ මේ කැළෑව මට හිතාගන්න බෑ මිනිස්සු මොනවා බලන්න මේ කැළෑවට එනවද කියලා... තාම එක සතෙක් දැක්කෙ නෑ කියලා කියනකොටම
ලෑලි දෙකක් අතර තිබුන හිඩැසකින් මිනිහා ඇතුලට වැටිලා අත් දෙකෙන් හිරවෙලා හිටියා... අතේ තිබුන කැමරාව ඇළට විසිවුනා... මම ඉස්සෙල්ලාම කැමරාව ඇළෙන් අරන් ඊට පස්සෙ මිනිහව ගොඩ ගත්තෙ.... මම කිව්වා... මේ කැලේට බනින්න එපා ඔහොම දේවල් වෙන්න පුලුවන් කියලා... එතනින් පස්සෙ මිනිහා මොකුත්ම කියන්නෙ නැතුව ගේට්ටුව ලගට එනකම්ම ආවා...
අර සිංහරාජෙ මැද්දෙන් පාරක් කපන සිදුවීමක් වුනා නේද ? මොකක්ද ඒ කථාව
දතා මල්ලි ඉදලා ඉදලා ප්‍රශ්නයක් ඇහුවා...මාර්ගෝපදේශක තුමාගෙන්
සිංහරාජ වනාන්තරයට එහායින් රජයට අයත් ඉඩම් කොටසක් තියෙනවා... අවුරුදු 20 කට වගේ ඉස්සර කැලේ මැද්දෙන් තිබුන මාර්ගයක් මේ ඉඩමට පිවිසෙන්න භාවිතා කරලා පසුව නවත්තලා තියෙනවා... වසර 20 කට පස්සෙ අර ඉඩම් වලට යන්න පරණ පාර ආයෙත් සුද්ද කරන කොට තමයි හැමෝම කිව්වෙ කැළේ කපනවා කියලා... හොර කුලයේ ශාක වලට දැවැන්ත ශාකයක් වෙන්න මේ කාලය හොදටම ප්‍රමාණවත්, ඒ නිසා බොහෝ අය හිතුවෙ ඉතා පැරණි ශාක මේ කපන්නෙ කියලා... නමුත් ඇත්ත කතාව ඒ ශාක සියල්ලම මාර්ගය භාවිතයට නොගත්ත වසර 20 ඇතුලත වැඩුණු ඒවා කියන එක.. කොහොම හරි හැම පැත්තෙන්ම එල්ලවුනු විරෝධය නිසාම ඒ කාර්යය සම්පූර්ණයෙන් නවත්තලා තියෙන්නෙ දැන්...
කථාවෙන් කථාවෙන් අපි යෝධ නවද ගහ ළගටම ආවා....නවද / නවද දුන් කියන නම් දෙකෙන්ම හදුන්වන මේ ගස ලංකාවට ආවේණිකයි. මේ ගසේ උස අඩි 43 , කදේ වට ප්‍රමාණය මීටර් 6.3, තුනී ලෑලි කර්මාන්තයට තමා මේ දැව වැඩියෙන් යොදා ගන්නෙ.... හොර කුළයට අයිති ශාක ඉතා වේගයෙන් වැඩෙනවා... එදා කැනඩාවෙ අය කපපු පාර දෙපැත්තෙ තිබ්බ ගස් අද තිබ්බා නම්...මේ ගහ තරම්ම ලොකු වෙලා තියෙන්න ඉඩ තිබුනා....
නවද ගහ නරඹලා අපි ආපසු හැරුනා... වැඩි දුර එන්න ලැබුනෙ නෑ... ශ්‍රීලංකාවෙ ජාතික පක්ෂියා වන වලිකුකුලා ගෙ ගැහැණු සතා අපි ඉදිරියටම ආවා පටු මාවතක් දිගේ.... පිරිමියා ගොඩාක් ලස්සන උනාට ගෑනු දරුවගෙ පෙනුම මෙන්න මේ විදියයි. ගොඩාක් වෙලාවට සත්ව ලෝකයේ පිරිමි සතා ගොඩාක් අලංකාරයි ගැහැණු සත්වයාට වඩා.... මිනිස් ලෝකයේදි ඒ කාරණය කොහොමද ?
තවත් ටිකක් දුර යනකොට උරගයෙක් දැක්කා, ඒ ඇහැටුල්ලෙක්.... නිර්විෂ සත්වයෙක්... පරිසරයේ වර්ණයෙන්ම යුක්ත නිසා එකවර හදුනාගැනීම අසීරුයි.
ඒ එක්කම දැක්කෙ කටුස්සෙක්...
ඔන්න ඔය විදියට ඉතාමත් වැදගත් පරිසර පද්ධතියක සුන්දරත්වය අත්විදලා අපි සිංහරාජෙන් පිටවෙන කොට හරිම බඩගින්නක් තමයි දැනුනෙ... අන්න ඒ වෙලාවෙ ගමේ පාර අයිනෙ කඩේකින් නාරං කැවුමක් කෑවෙ මෙන්න මේ විදියට
ඒ ලගපාතම තියෙන දූවිලි ඇල්ල බලන්නත් ඉතාම දුෂ්කර මාර්ගයක සෑහෙන දුරක් ගියත් අයහපත් කාළගුණය නිසා ඒ උත්සාහය අත්හරින්න වුනා...
මම කලින් පෝස්ටුවෙ කිව්ව ඉපැරණි මෝටර් සයිකල් හෙවත් යකඩ අස්පයො ගැන වගේම සිරාගෙ කහ කුරුල්ලා ගැනත් ඉදිරි පෝස්ටු වලින් තවදුරටත් කථා කරමු.
සිංහරාජ අඩවිය ගැන තවත් විස්තර මේ සබැදියෙන්
මම සයිබරයේ අලුත් මිතුරා සිරා....
ප.ලි
ලංකාවේ දැකිය හැකි ඉතා අලංකාර පක්ෂියකු වන කැහිබෙල්ලා ඇතුලු බොහෝ කුරුල්ලන් දැක්කත් උන්ගේ ඡායාරූප ගත නොහැකි විය.
සිංහරාජයට බහුතර විදේශිකයන් පැමිණෙන්නේ කුරුල්ලන් නැරඹීමටය... ඒ විශාල කුරුලු ගහනයක් ඒ තුල ජීවත් වන නිසාය.
මෙහි අලි 3 දෙනෙකු වෙසෙන අතර ශ්‍රීලංකාවට ආවේණික කළු දිවියාගේද නවාතැනකි. මෙතෙක් කල් කිසිදු දිණෙක වන සතුන් නිසා සිංහරාජය නැරඹීමට පැමිණි අයෙකුට හානියක් සිදු වී නැත.
වනාන්තරය අසබඩ ගම්මානයන්හි දැන් කිතුල් කර්මාන්තය කෙරෙන්නේ නැති තරම්... සිංහරාජ වනයට ප්රවේශවීමට ඇති බාධා නිසාම දැන් මේ කර්මාන්තය අභාවයට ගිහින්.
සිංහරාජයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු බංගලාව වෙන් කිරීමට එහි බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය සම්බන්ධ කර ගැනීමට තොරතුරු පහතින්.
අංක 82, රජමල්වත්ත පාර, බත්තරමුල්ල, ශ්‍රීලංකාව.
දුරකථන : +94 11 2866631 / +94 11 2866632 / +94 11 2875540
ෆැක්ස් : +94 11 2866633
ලස්සන ෆොටෝස් ගොඩක් දාලා, අර දොල පාර දැක්කම පැනල නාන්න හිතෙනව බං, පොඩි කාලෙ තිහගොඩ නැන්දලගෙ ගෙදර ගියාම නම් දොලේ නානව, අපිට ඉතිං මූද විතරයිනෙ තියෙන්නෙ.
ReplyDeleteඅර කැලේ පාරවල්වල ට්‍රැෆික් පොලිස් මාමල නැත්ද? ඔළුව නැතුව යන්නෙ. :)
අපිටත් ඉතිං මෙහෙම දොලක නාන දොලදුක තිබ්බට ඒවා සංසිදවා ගන්න වෙලා තියෙන්නෙ මේ වගේ චාරිකාවක් යන වෙලාවක තමයි...
Deleteබයිසිමොටෝ සිංහරාජ පිවිසුමේ දාලා කැළයට ගිහිල්ලා ආයෙත් එන ටිකට ඔලු ටික අතුරුදහන් වෙයි කියලා හිතලා ඒවා නවාතැනේ දාලා ගියෙ එදා...
අපි ඉන්නේ සිංහරාජේ මෙහා මායිමට ලඟින් උනාට කියන්න ලැජ්ජයි තාම ගිහින් නෑ බලන්න!අගේ ඇති පොස්ටුවක්!ආසාව වැඩි උනා සිංහරාජේ බලන්න යන්න!
ReplyDeleteජය!
කාමරයට සාදරයෙන් පිළිගන්නවා..
Deleteලැජ්ජා වෙන්න එපා... ළගදි දවසක ගිහින් බලන්න.... ඔබටත් ජය!
sira post eka siraa...ganu nam komath katai tama ban penne natida blog liyana ammandila tike hati witarak lol
ReplyDeleteඇනෝගෙ කථාවට ඔව් කිව්වොත් මේකෙ ඉන්න ගෑණු පරාන ටික මගෙ ඔලුව කන නිසා මම සද්ධ නැතුව ඉන්නවා....
Deleteසත්ව ලෝකයේ පිරිමි සත්තු තමා ලස්සන
උදා - සිංහයාගෙ පිරිමි සතාගෙ විතරයි කේෂර තියෙන්නෙ
මොණරාගෙ පිරිමි සතාට තමයි ලස්සන පිල් කළඹක් තියෙන්නෙ
ගෝනා / මුවා පිරිමි සතුන්ට විතරයි ලස්සන අං තට්ටුවක් තියෙන්නෙ
මිනිස් සමාජයේ ඒ තත්වය කොහොමද කියලයි මම ඇහුවෙ..... මම නම් දන්නෙ නෑ ඒකට උත්තරේ....
ඉස්සර අපේ කැම්පස් එකේ කොහේහරි ඇවිද්දොත් කුඩැල්ලෙක් දෙන්නෙක් එල්ලෙනවාමයි. මම නම් කරන්නේ ඌව අතින් අරන් ගුලි කරලා විසික් කරනවා.... එහෙම නැත්න්ම ලේ චුට්ටනේ කියලා හිතලා බොන්න දීගෙන ඉන්නවා....
ReplyDeleteමරු ගමනක් නේ සිරා !
අපේ එකෙකුත් ඔය විදියට ලේ චුට්ටනෙ බොන්නෙ කියලා ලේ බොන්න දීලා නිකං හිටියා...අජිත් අයියා ඌව භය කරලා තුවාල පැසවයි කියලා... මිනිහා ඊට පස්සෙ කූඩැල්ලො එල්ලෙන සැනින් ගැලෙව්වා...
Deleteස්තූතියි....
ලේ නවත්තන්න බෑනෙ බං උගෙ දත් වැදුනම ..එකම ප්රතිකර්මයයි තියෙන්නෙ..අපි කරන්නෙ..කඩදාසිකොල පුච්චල අලු ගාන එක.
Deleteඒ ප්රතිකර්මය ගැන මමත් අහලා තියෙනවා...
Deleteමමත් ගම්පොළ අපේ නෑයෙක්ගෙ ගෙදර ගිහින් ඉද්දි ඔහොම සීන් එකක් වුනා. (අවුරුදු 10 කට විතර කලින් සිද්ධියක්) කූඩැල්ල විදපු බව මට නම් දැනුනෙත් නෑ, ඒත් ගෙදර කෙනෙක් දැලක ලේ පාර ගැන ඇහුවමයි මමත් කකුල දිහා බැලුවෙ. ඒ ගෙදර නැන්ද කඩදාසියක් පුච්චල එතැන අළු ගෑව මතකයි.
Deleteහොද පොස්ට් එකක්..යන්න ඉන්න අයට එහෙම ගොඩක් වැදගත් වෙනවා..
ReplyDeleteඒක නෙමේ සිරා මට අර මුලින්ම තියෙන දිය ඇල්ලේ පින්තුරයේ දිය ඇල්ලෙන් කාන්තා මුහුණක් පේනවනේ .. වෙන කාටවත් එහම ඒ විදියට පෙනුනද ...
ඔබ කිව්වට පස්සෙ මම ආයෙත් ඒ පින්තූරෙ දිහා බැලුවා... ගල් තලාවෙ මුහුණක සළකුණු වගේ තියෙනවා... පිරිමිද ගෑණුද කියන්න බෑ...
Deleteඅපිව සිංහරාජේ බලන්න එක්කරගෙන ගියේ ඉස්කෝලෙන්...එතකොට අපි පොඩියි..අපි 6 දෙනෙක් එක්ක ඔය යෝධ නවද ගහ වට කරගත්තේ(එතකොට අපි 9 පන්තියේ)එත් හැම දෙයක්ම අද ඊයේ වගේ මතකයි.. අර බෙහෙත් වතුරේ ඉන්න සර්පයෝ එහෙම බැලුව මතකයි..එකේ පුංචි දේශනයකුත් කරා අපිට..අර සිංහරාජයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු බංගලාව ළඟ තියන දොළ පාරෙන් නාල එහෙම තමයි අපි ආවේ...සතුටුයි මේ පින්තුර අපහු දකින්න ලැබුන එක ගැන..සිරා...යාලු ..ස්තුතියි..
ReplyDeleteකිවුව වගේ ආවනම් දවල් කෑම කල යන්න තිබුන ...අපි නිවිතිගල..
:D :D
ආයෙත් දවසක ගමනක් යන්න කලින් බ්ලොගියෙදි පොඩි හෝඩුවාවක් දීලා... ඒ අවට බ්ලොග් යාලුවො හමුවෙලා යන්න තීරණය කොලා... ආයෙත් දවසක ඔය පැත්තට ආවොත් එන්න කලින් දන්වන්නන්...
Deleteස්තූතියි ඔබේ අදහස් වලට...
පෝස්ටුව වගේම ෆොටෝ ටිකත් හුඟක්ම වටිනවා... දැනුමට හුඟක් කරුණු එකතු උනා...
ReplyDeleteපහුගිය ටිකේ එන්න බැරිඋනාට සමාවෙයන් ඈ..
ස්තුතියි..!
Deleteසමාව ඉල්ලන්න දෙයක් නෑ බොලං නිවාඩු පාඩු තියෙන වෙලාවක නොවැ හැමෝම එන්නෙ යන්නෙ....
අපේ අම්ම ලඟක් වෙනකම් වැඩ කලේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ. ඒ කාලේ නම් සිංහරාජේ ගියා එක පාරක්. ඒත් ඉතින් ඒ කාලේ අපි පොඩි ළමයි. දැන් යන්න කාලය ලැබෙනකොට අම්ම වෙන දෙපාර්තමේන්තුවක. දුක තමයි .
ReplyDeleteඒක අවුලක් කර ගන්නෙ නැතුව ආයෙ වෙලාවක ගොහිල්ලා බලන්න... මොනවද වෙනස් වෙලා තියෙන්නෙ කියලා...
Deleteසිරාම සිරා!
ReplyDeleteස්තූතියි හරී...
Deleteමේ සටහන නම් හරියට වටිනවා. හරිම වැදගත් ලිපියක්. ගොඩක් දේවල් ඉගෙන ගත්තා...
ReplyDeleteහැකරැල්ලා සහ කූඩැල්ලාගේ ෆෝටෝ දැක්කාම ඇඟ හීතල වෙලා ගියා. පින්තූරවලින් දැකිය හැකි දෙයක් තමයි ස්වාභාවික වරණ එක්ක කැලේ ඉන්න සත්තු මිශ්‍ර වෙලා ඉන්නබව.
අර ෆෝන් නොම්මර එහෙම දුන්නු එකත් ලොකු දෙයක්. දැන් නම් යන්ටම වෙනවා....:)
අනේ ඔයා යනකොට මාවත් එක්ක යන්ටකෝ ...
Deleteමාත් එනවා පොඩ්ඩිත් එක්ක යන්ට !
Deleteයන්ද පොඩ්ඩි ? :)
දෙන්නම් එක්ක යන්නම්....රන්ඩු වෙන්ට එපා...හී හී..
Deleteහැකරැල්ලා සහ කූඩැල්ලා දැක්කම ඔච්චර භය නම් ඇස් වහගෙන තමා යන්න වෙන්නෙ...
Deleteස්වභාවික පරිසරයට ගැලපෙන වර්ණ තමයි බහුතරයකට තියෙන්නෙ... සමහරුන්ව එක් වරම අදුනගන්නත් අමාරුයි...
පොඩ්ඩි යන දවසක මේ දෙන්නවත් එක්කගෙන යන්න අමතක කරන්න එපා... අරිද ?
@ චමී 4 යූ / මධුරංග
බොලාලා මොකද මේ පොඩ්ඩි එක්කම සිංහරාජෙ යන්න දගලන්නෙ... හිඹුටු කඩන්නද ?
ඔය හැකරැල්ලද කංකුන්ඩද?
Deleteකංකුන්ඩා කියලා සතෙක් ගැන මම නම් අහලම නෑ... මාර්ගෝපදේශක තුමා කිව්වෙත් හැකරැල්ලා කියලා....
Deleteඅපේ පැත්තෙ ඉන්නවා කන්වෑයා කියලා එකෙක්.. කහයි කළුයි..
Deleteකන්වෑයා නම් මම දැකලා තියෙනවා...
Deleteකැලේ අවට ගම්වල ඉන්න අයටම ඔය රස්සාව දුන්න එක හොඳයි. මොකද තමනුත් ඒ ගමේ හින්ද ඒව ආරක්ෂා කරගන්න ඒ අය කැපවෙනව.
ReplyDeleteඔය කපපු ගස් ගෙනිච්චෙ කොස්ගම තියෙන තුනී ලෑලි හදන ෆැක්ටරියකට. දැංනං ඒකෙ තියෙන්නෙ හමුදා කඳවුරක්.
නියම ගමනක් තමයි සිරාත් ගිහිල්ල තියෙන්නෙ.
ඒ අයට රැකියාව දුන්නට ලැබෙන වැටුප පහළ මට්ටමක තමා තියෙන්නෙ... හැමදාම කැලේ ඇතුලෙ ගොඩාක් දුර ඇවිදින නිසා දණහිස් අමාරු එහෙමත් මේ අයට තියෙනවා.... කියලයි දැනගත්තෙ... රැකියාවට වඩා සමාජ සේවයක් කියන හැගීමෙන් ඔවුන් තම කාර්යය කරගෙන යන්නෙ...
Deleteකොමෙන්ටුවට ස්තූතියි !
ඒ කියන්නේ සිරා “ වනය මැද තරුවක් “ ශූට් කරපු පැත්තෙත් ගියා එහෙනං ඈ..
ReplyDeleteඅපිත් ගියා එක සැරයක් ඉස්කෝලෙන්. ඒත් මෙච්චර ඇතුලට ගියේ නෑ.
අපි දැක්කේ වළිකුකුලෙකුයි, හැකරුල්ලොයි, කූඩැල්ලොයි, මකුළුවොයි, කටුස්සොයි විතරයි :)
තව තව ගමන් යන්න ලැබේවා!!!
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
වනය මැද තරුවක් මට මතක් වුනා එහෙට ගියාම... උඹේ කථාවෙ හිටපු සීතා එහෙමත් හම්බවුනා... අපිටත් ගෙවල් පැත්තෙ එන්න කියයි කියලා ඉක්මනටම මාරු වුනා... නැත්නම් හොල්මන් බලන්න වෙන්නෙ...
Deleteප්‍රාර්ථනාවට ස්තුතියි....
ඔන්න එහෙනම් ට්‍රිප් එකේ අනිත් කොටසත් ගියා. :) සිරා, ඔය වෙනිවැල් වල මහත් නොවුණු කුඩා වැල් වලට කියන්නේ කහ වැල් කියල. ඒවා ගන්නවා ලණු වෙනුවට යම් යම් දේ බදින්න. මෙහෙත් තිබුනා කාලෙකට කලින් නම් බහුලව, දැන් නම් නෑ. ඒ ලොකු වැලක් කැපුවොත් එකේ කැපුමෙන් තිත්ත රස දියරයක් වැගිරෙනවා. ඉස්සර කැලේ යන අය වතුර තිබහ හැදුනම ඔය වැලක් කපල ඒ දියරය පානය කරනවා. එහෙම කරන්නේ පිපාසය දරාගන්න බැරිම උනොත් විතරයි. ඒත් පස්සේ කාලෙක විකිණීම සඳහා කැපීම නිසා මේ පළාතේ නම් දැන් වෙනිවැල් අඩුයි.
ReplyDelete…උඩ ඉන්න හකරැල්ලට අපි කියන්නේ කංකුන්ඩා කියල. පොඩි ටච් එකක් දුන්නම රෝල් වෙනවා ඌ.
හිඹුටු කාලා නැද්ද සිරා..රස පළතුරක්..
…
…නවද ගහ වටේ වැටක් ගහලද. ෆොටෝ එකේ ඒ වගේ පේනවා. අපිට නම් කලවානේ දී ඔරිජිනල් කිතුල් හකුරු රස බලන්න ලැබුන. ඒවා රන්වන් පාටට හුරුයි. ඇඟිලි දෙකෙන් පහසුවෙන් කඩන්න පුළුවන්. වෙළඳසල් වල නම් එහෙම ඒවා තියනවද මන්ද.
ඔය පැත්තෙන් යනකොට පාරෙන් වමට කැලේ ඇතුලට ගියාම උස ගලක් තියනවා. එකට නැග්ගම ලොකු ප්‍රදේශයක් පේනවා වටේටම. දැන් යන්න දෙන්නේ නැද්ද දන්නේ නෑ ඒ පැත්තට.
…j R මහත්තයාගේ ක්‍රියාවත් අගය කරන්න ඕනි. ඒ තීරණය නොගත්ත නම් අපිට සමහර විට කියන්න වෙන්නේ "ලංකාවේ සිංහරාජය නමින් වනාන්තරයක් තිබුනලු" කියල විතරක් වෙන්න තිබුන.
වෙනද වගේම සියලු විස්තර සහිත ලිපියක්.. ස්තුතියි වැදගත් තොරතුරු බෙදා ගත්තට අපිත් එක්ක.
ඔබේ කොමෙන්ටුවෙන් වෙනිවැල් ගැන නොදන්න දේවලුත් ඔන්න දැන ගත්තා...
Deleteයෝධ නවද ගහ වටේට තියෙන්නෙ නැරඹුම් අට්ටාලයක් ලී වලින් හදපු... ඔබ කියන උස ගලට තවමත් යන්න පුලුවන්.... එතැනට හැරෙන තැනදි මාර්ගෝපදේශක තුමා ඇහුවා කන්දට යනවද ? නවද ගහ බලනවද කියලා... අපි නවද ගහ බලන්න තෝරා ගත්තා.. හිඹුටු අදවෙනතුරු තවම රස බලලා නෑ බොලං... ආසයි කන්න..
අපි නාරං කැවුම් කාපු කඩෙන් ඔරිජිනල් කිතුල් පැණි රස බලන්න අපිටත් අවස්ථාව ලැබුනා... ඒවායෙ අපේ පැත්තෙ පැණි වලට වඩා වෙනසක් තියෙනවා තමයි...
J.R ජනාධිපතිතුමා ගත්ත ඒ තීරණය අවංකව මමත් අගය කරනවා... ඒකාලෙ ජාන මංකොල්ල කන්න තරම් තාක්ෂණය දියුණු මට්ටමක තිබුනෙ නැති නිසාම හොදයි....
නියමයි සිරා. මම මෙතන ඉන්න ඉන්ඩියන් කාරයින්ටත් පෙන්නුවා පින්තූර හරිම ආඩම්බරෙන්. බුවාලා පුදුම වෙනවා අපිට ඔහොම වනන්තර තියෙනවයි කිව්වාම. අර මකුලු විශේෂයක් කියන ෆෝටෝ එකේ මම මකුලුවෙක් හෙව්වට දැක්කෙ නම් නෑ.
ReplyDeleteමේ සීරීස් එක ඉවර වෙලා හරි ඇන්ටීක් බයික් දානව නේද? අමතක වෙනවට කිව්වෙ.
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
ඇයි වදේ,,ඩුඩ් ඇස්දෙක කටේ දාගෙනද බැලුවෙ.අර ඉන්නෙ මකුළුව දිළිසි දිළිසි...
Deleteඅර දොළ පාර නම් සිරා.
හෙන්රි අයියට තාම ගොක් කොළ පේන වයස නෙමෙයි නේද ? අපූරුවට මකුළුවා පේන්න ඉන්නවනෙ.... ඇස් පෙනීම දුර්වල වේගෙන වගේ එන්නෙ...
Deleteඉන්දියාවෙ නිෂ්පාදනයක් තමයි මගේ කහ කුරුල්ලත්...මේ වගේ නොඉදුල් වන පියසක් ලංකාවෙ තිබීම නිසා තමයි අපිට නියං හානි අඩුවෙන් සිද්ධ වෙන්නෙ...
ඇන්ටික් බයිසිමොටෝ ගැන අපි මීළග පෝස්ටු වලින් කථා කරමු.... සිරාට අමතක වීමේ රෝගය නැත.
සිංහරාජ කථාව අදින් අවසන්....
ස්තූතියි මේ පැත්තට ආවට...
අඩේ උඹලා දෙන්නම හොර කලා! :D දැන්නම් ඉන්නව තමයි දිලිසි දිලිසි. ඉස්සෙල්ල දෙපාරක් ලෝඩ් කලත් අර ගල් පෑදිච්ච දොල පාරෙද, පාරෙද මන්දා උඹල ඈත යන එකට යටින් මකුලු විශේෂයක් කියලා තිබ්බා. මම ඇහේ පොට යනකල් ගල්ගොඩේ මකුලුවෙක් හෙව්වා. හික් හික්.
Deletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
අයියෝ මට හිනාව හිර වෙනවෝ..... හෙන්රි අයියගෙ ඔපීසියෙ අන්තර් ජංජාලය සෑහෙන්න වේගවත් වගේ... පාර අයිනෙ ලේත් මැෂිමකට දාලා ඇහේ පොට අලුතින් කපමු....
Deleteමේ ලිපිය නම් නියමම නියමයි.
ReplyDeleteපැහැදිලිව හැමදේම වෙලාව අරන් මහන්සියෙන් ලියල තියනවා..
අර මකුළු පින්තුරේට මම ගොඩක්ම කැමතියි.
ජයෙන් ජය!
ස්තූතියි නගේ ඔබේ අදහසට... හැමවෙලේම ගන්න දෙයක් තියෙන යමක් ලියන්න තමයි සිරාගෙ කැමැත්ත.... බලන්න මේ හෙන්රි අයියා මකුළුවා දැක්කෙ නෑ කියනවනෙ...
Deleteඅදයි සිරාගේ කාමරේට ගොඩ උනේ... මේකනං සිරාම ගමනක් තමා... ආයේ ඉතිං කියන්න දෙයක් නැහැනේ..මාත් බයිසිමොටෝවෙන් හක්කලං කරන හකා වෙච්චි..වැඩේට පස්ට කැමතියි... ගමන වගේම ලිපිය ලියලා තියෙන ආකාරයත් අපූරුයි... සිංහරාජෙටම අයිති එක කෑලවක් ගෙහුන් තිබුනට ඔය කෑල්ලට තාම යන්ට බැරි උනා... හෙට අනිද්දම ගිහින් එන්ට ඕන..වැස්ස කොහොමද කියලා හොයා බලලා...
ReplyDeleteකාමරයට සාදරයෙන් පිළිගන්නවා...
Deleteඔබෙන් හොරකම් කොරගත්තු වචනයක් තමයි බයිසිමොටෝ....
මාර චාරිකා ගැනත් මම කියවලා තියනවා... බයිසිමොටෝවෙන් මේ වගේ චාරිකා යද්දි හරිම නිදහස්... ස්භාවධර්මයත් හොදට විදින්න පුලුවන්...
දිගටම මේ පැත්තට එන්ඩ... සිරා ඊළගට ඇන්ටික් යකඩ අස්පයො ගැන කථා කරන්න තමයි සූජානම....
උඹ වැදගත් වැඩක් කරල ඔය තැන්වල නවතින්න බුක් කරගන්න එක පට්ට කට්ටක් කන්න ඔන වැඩක් ඒ ගැන විස්තර දාන එක ගොඩක් වැඩගත්. ඔව බුක්කරන්න බත්තර මුල්ලට ගියාමනේ තෙරෙන්නේ අපි වගේම කොච්චර කට්ටිය කැලැ වදින්න කැමතිද කියල වනජිවි එකෙන් මෙවගේ තැන් වෙන්කරවන්න නම් මාසේ පලමුවන සතියෙම යන්න ඔන නැත්නම් සොරිම තමයි
ReplyDeleteමචන් මම දුහුවිලි ඇල්ල ගැන කමෙන්ටුවක් දැම්මේ මෙකෙ පලමු කොටසෙ ඇත්තටම ඒ නකල්ස් කඳු පන්තියට අයිති ඇල්ල සිංහ රාජ අද්දර තියන එක නේවි ජය....
ස්තුතියි රාජ් ඔබේ වදන් වලට... ඔබේ කොමෙන්ටුව වේලාසන බංගලා වෙන්කරන්න ආසාවෙන් ඉන්න අයටත් බොහෝ වැදගත් වේවි...
Deleteදූවිලි ඇලි දෙකක් තියෙනවද ? මම ඒ ගැන දැනගෙන උන්නෙ නෑ... ඒ නම ප්‍රසිද්ධ නිසා මම හිතුවෙ සිංහරාජ පෙදෙසෙ තියෙන එක තමා නියම එක කියලා...
ඔබටත් ජයම වේවා !
බලන්ගොඩ කල්තොට ත් තියනවා දූවිලි ඇල්ලක්..
Deleteඒ කියන්නෙ ලංකාවෙ දූවිලි ඇලි 3ක් තියෙනවා...
Deleteමේක කියෙව්වම යන්නමයි හිත. අර ඩිස්කවරි එකේ බෙයාර් ග්‍රිල්ස් වගේ අට්ටාලයක් හදාගෙන ඉන්නත් ආසයි. හැබැයි දන එක්දරු පියා හින්ද දෙපාරක් හිතන්න වෙනවා. සිරාට ස්තුතියි මේ වගේ සවිස්තර වාර්තාවක් දැම්මට.
ReplyDeleteමට හොද අදහසක් ආවා... දැන් මේ පෝස්ටුව දැකලා සිංහරාජෙ යන්න සිත් පහළ වුනු හැමෝම එකතුවෙලා... පොඩි වෑන් එකක් හරි රෝසා බස් කොටයක් හරි සැට් කරගෙන ගියොත් නරකද ? ඒ ඉසව්ව කිට්ටුව ඉන්න අපේ බ්ලොග් මිතුරො ආහාර ප්‍රශ්නයත් විසදලා දෙයි...
Deleteඅට්ටාල උඩ නැගලා අවධානම් ගන්න එපා අයියෝ.... පුංචි සමනලී ගැන හිතන්න....
ලස්සන පින්තූර ගොඩායි.... හරිම ආසයි ඒවා දැක්කම. අර කූඩැල්ලනම් ඊක්.... දවසක් නුවර තේ වත්තකදි මගේ කකුලෙත් එල්ලුනා මම කෑ ගහපු කෑ ගැහිල්ලට අහල පහල ගෙවල් වල මිනිස්සුත් ආවා.
ReplyDeleteඔයා කෑ ගහපු කෑගැහිල්ලට අහළ පහළ මිනිස්සු ආවෙ මක්කද ? සද්දෙ වැඩි කමට ඒ වෙද්දිත් ඔයාගෙ සත්තලං පැනලා දුවලද ?
Deleteමමත් ආසම දෙයක් තමයි බයිසිමොටේ සංචාරය. දැන්නම් ඒකට වරම් නෑ. ඒකහින්ද මේවා දැක්කම ඉරිසියයි.
ReplyDeleteඇයි වරම් නෑ කිව්වෙ සහෝදරයා... මොකක් හරි ගැටලුවක්ද ? බයිසිමොටෝ මගින් ලැබෙන තෘප්තිය වාහනයකින් ගිහින් ලබන්න බෑ....
Deleteඅවුලක් කියන්නෙ දැන් පවුල් පිටින් යනතැනක යන්න ඕනෙනෙ. බයිසිකලයක් පදින්න තිබුන කාලේ ( ට්‍රේනින් කාලේ ) office එකෙන් බයික් එකක් අරන් දුන්න දවසෙම අපේ එකෙක් හැප්පුනා. එදා ඉදන් අපේ ලොක්කට බයික් ඇලජික්. මම ආසාවට GN 125 එකක් අරගත්ත ගිය අවුරුද්දෙ. ඒ අර පොඩිකාලෙ තිබුන හීනෙ හැබෑ කරගන්න.
Deleteහා හා ඒකයි කාරණේ...ඔන්න ඔය නිසයි සිරා තාමත් අවිවාහක...
Deleteමං හිතං හිටියේ අර හැකරැල්ල ලංකාවට ආවේණික එකෙක් කියලා....
ReplyDeleteෆොටෝ ටික නම් නියමයි.... අද ආවම මේ ටික පෙන්නලා අපේ මහත්තයවත් ඇදගෙන යන්න ඕනෙ අප්පා....
කොහොමද අනේ ෆොටෝ එක්ක ගන්නකම් අර කූඩැල්ලව අතේ තියාගෙන හිටියේ.. ඊඊඊඊඊඊයාාාා......
හිරූ, මම ඔයා හරි, පොඩ්ඩි හරි "පිරිමියා ගොඩාක් ලස්සන උනාට ගෑනු දරුවගෙ පෙනුම මෙන්න මේ විදියයි. ගොඩාක් වෙලාවට සත්ව ලෝකයේ පිරිමි සතා ගොඩාක් අලංකාරයි ගැහැණු සත්වයාට වඩා.... මිනිස් ලෝකයේදි ඒ කාරණය කොහොමද ?"කෑල්ල ගැන දකිනකල් හිටියෙ.
Deleteකෝ ඔයා මොකුත් කියලා නෑනෙ! :(
කොල්ලනේ ඔය පිදුරු, පෙට්‍රල් හෙම අරං වරෙල්ලා!!! :D
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
මෙන්න හෙන්රි අයියා ගින්න ඇවිලුවෝ.... ගින්නට පිදුරු දාන්න කැමති අය අරන් වරෝ....
Delete@හිරූ
Deleteමම විශේෂයෙන් ඔය හැකරැල්ලා ගැන ඇහුවා... මමත් හිතන් හිටියෙ ලංකාවට ආවේණික කෙනෙක් කියලා... ඒ උනාට තවත් රටවල වාර්තා වෙනවලු... ඒක නෙමෙයි අපේ හෙන්රි අයියා අවුලලා තියෙන ගින්න ගැන මොකද හිතන්නෙ ?
ඕක කතා කලා නම් සිරාගේ පෝස්ට් එකේ තියෙන සිරා ගතිය වෙන පැත්තකට යන හින්දා මම ඒක මඟඇරියේ.....
Deleteඔව්... සත්තුන්ට හිතන්න දේවල් නෑ නේ... වැඩේ කරගන්න ඕනෙ උනාම උන්ට ඒකට ගැලපෙන පාට්නර් කෙනෙක් හොයාගන්න එක විතරයි.... ඇත්තටම සත්තු අතරේ ලස්සනට ආකර්ෂණය වීමක් නෑ නේ....
ඒත් ඇත්තටම මිනිස්සු අතරේ ලස්සන හොයන්නේ පිරිමිද ගෑණුද කියලා මම ප්‍රශ්නයක් ඇහුවොත් ඔයාලා මොකද කියන්නේ.....?
ගෑණු හොයන්නේ තමන්ට ගැලපෙන සහකාරයෙක් විතරයි... ලස්සන හොයන්නේ පිරිමි නේද...?
මොණරා ගැන කියලා තියෙන නිසා කතාවක් කියන්නද...
මොණරා හරිම ලස්සනයි.. සෙබඩ හරිම කැතයි... ඒක නිසා මොණරා හරි ආඩම්බරයි... ඒත් මොණරාගේ දුර්වලතාවයක් තියෙනවා... මොණරා කොටියගේ සහ දිවියාගේ ලප වැටුන කහ පාට සමට හරිම කැමතියි... කොච්චර ආස ද කියලා කියනවා නම් කොටියා තමන්ගේ ළඟට ඇවිල්ලා තමන්ගේ ඔලුව කඩාගන්න කම් වශී වෙලා බලා ඉන්නවා....
හිරු දීලා තියෙනවා කට උත්තරත් නැති වෙන විදියෙ උත්තරයක්... අපි පරාදයිද මන්දා... ඔබ දැක්වූ කරුණු සත්‍ය යැයි මටත් සිතෙනවා.... කොටියාට මොණරා අහුවෙන විදිය අදයි ඉස්සෙල්ලාම දැනගත්තෙ.... ස්තුතියි ඒ ගැන දැනුවත් කලාට...
Deleteසිංහරාජයෙන් ගස කපලා, විශේෂ දුම්රිය මාර්ගයක් මගින් අවිස්සාවේල්ලට නුදුරු කොස්ගම තුනීලෑලි කම්හලට ගෙනල්ල තුනීලෑලි හදන්නයි සැලසුම තුබුණේ 1970 දශකයේ. අන්තිමට මොකද වුනේ. රේල් පාර හදන්නත් කලින් ගස් කැපුවා. ඒවා ලොකු මහත්තුරු ගසා කෑවා. රේල් පාර හැදීම කොට උද ගියා. කම්හල වැහිලා ගියා. අද එතන තියෙන්නේ හමුදා කඳවුරක්. අර කපපු ගස් වෙනුවට එක පැලයක් වත් හිටෙව්වේ නැහැ.මමනම් හිතන්නේ හවදා හරි අර නන්දා මාලනී කියනවා වගේ පවරා සිංහරාජය ලී මෝලකට......වෙනවා.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
විචාරක තුමාට ස්තූතියි අපි නොදන්න විස්තර කොමෙන්ටුවක් විදියට මෙතනට එකතු කලාට... සිංහරාජය අවට ගම්වැසියො බොහොම පරිස්සමින් තමයි කැළේට ඇතුල්වෙන්නෙත්... හොරෙන් රිංගන්නෙ නැතුව අධ්‍යාපනික වැඩකට ප්‍රධාන ගේට්ටුවෙන්ම ආව ගමේ පිරිසකුත් අපට හමු වුනා... ඒ අයට ප්‍රවේශපත්‍ර ගන්න උවමනා නෑ... දැනට නම් සිංහරාජය සුවසේ සිටිනවා... ඉදිරිය නම් කොහොම වෙයිද කියන්න බෑ...
Deleteමම මුලින් හිතුවෙ පියාජෝ එකක් කියල. පස්සෙයි දැක්කෙ ඉන්දියන් ලකුණ. ඔය තරම් පරන වෙස්ප එකක් දැක්කෙ කාලෙකින්.
ReplyDeleteසිංහරාජෙ ගස් කපල කොස්ගම යවද්දි මෙහිම කොටසක් වෙච්චි කන්නෙලිය ගිංතොටට පැටෙව්ව. කොහොම හරි අන්තිමට වැඩේ නැවතුනා. ඒත් ඒකෙ අතුරු ප්රථිඵලයක් විදියට ඒ වැඩේට කැනඩාවෙන් ගෙනාපු මැෂින් වල තිබ්බ පස් සමග ආපු සමහර වල් පැලෑටි වර්ග කිහිපයක් අද සිංහරාජයට තරජනයක් වෙලා.
බයික් ගැන ඉදිරියට පෝස්ටු පළවෙනවා...
Deleteතවත් නොදැන සිටි කාරණා කීපයක් ගැන ඔබේ කොමෙන්ටුවෙන් දැනුවත් උනා... ස්තූතියි ඔබේ කොමෙන්ටුවට...
ජේ.ආර් තුමා හිටියෙ නැත්නම් කපලා තියෙන කැපිල්ලට සිංහරාජයක් අද නෑ.... එතුමාට පින් සිද්ධ වෙන්න ඕනෙ ඒ වැඩේට...
සිරාගෙ බයිසිමොටෝ එක සිරා ඈ...
ReplyDeleteට්‍රිප් එකත් සිරා...
පෝස්ට් එකත් සිරා...
ඔබේ කොමෙන්ටුවත් සිරාය....
Deleteඅපිත් ඉන්නෙ තෙත්කලාපයෙනෙ. හිඹුටු ....රස පලතුරක් බං..ඉස්සර අපේ පැත්තෙ හරියට තිබුන අපිකුඩා කාලෙ. දැන් දකින්නවත් නෑ.
ReplyDeleteහිඹුටු කන්න තවමත් අවස්ථාවක් ලැබිලා නෑ... ආසයි රස බලන්න...
Deleteමගේ රැකියාව අනුව මට මෙතනට බොහෝ වෙලාවට යන්න වෙනවා. මටත් තියෙනවා පරිසර ලෙඩේ හෙන ගානට. විශේෂයෙන් කුරුළු පිස්සුව. ඇත්තටම කොයිතරම් ලස්සන කුරුල්ලෝ ඉන්නවද.. ඒකට ඉතින් යන්න ඕන කුමණ..
ReplyDeleteඔබේ රැකියාව සංචාරක ක්ෂේත්රයේ යැයි අනුමාන කරමි.
Deleteබටහිර රටවල් වල බොහෝ පිරිසක් මෙහි පැමිණෙන්නෙ කුරුල්ලන් දැකගන්නලු...
අපි ඉන්න ප්‍රදේශයේත් ඔය ගහකොළ හැම දෙයක්ම වගේ තියෙන නිසා සිංහරාජය ගැන අපට ඒ තරම් විශේෂයක් නෑ. ඒත් ඉඩක් ලැබුණාත් බලන්න යන්න ඕන.
ReplyDeleteඅර හකරැල්ලට අපි කංගා කියලත් කියනවා. අපි ඉන්න ගුරු නිවාසෙ වටේ හැම තැනම ඉන්නවා, මටනම් හරිම වාතයක්....ඇටි කුකුළා ආවම ඔක්කොම සුද්ධ කරලා දීලා යනවා.
කූඩැල්ලන්ට ලේ බොන්න ඉඩ දුන්නම, ඒ ඉව ඔස්සෙ තව විශාල පිරිසක් එතනම එල්ලෙනවා. එක පොකුරට 20ක් විතර කොහොමද සැප....?
අපි ශ්‍රී පාද අඩවියේ මැණික් ගරන්න ගිය වෙලවෙ ඒ වගේ සැප විඳලා තිනෙවා.
ඔයාලා දන්නවනෙ ගැඩවිල් පණුවෙක්ගෙ තරම...! මම ඔය කියන පැත්තෙ ගැඩවිලෙක් අඩි 5ක් විතර දිගයි. විශ්කම්භය අඟලක් වතර ඇති.
ඒ ප්‍රදේශයේම විශාල මාර ගස් යායක් තිබුණා. මේ ලිපියේ සඳහන් ව්‍යාපෘතියටම තමයි ඒවත් වවලා තියෙන්නෙ, ඒ තිකියන්නෙ කොස්ගම තුනී ලෑලි සංස්ථාවට අවශ්‍ය දැව ලබා ගන්න. ඒත් ඒවගෙන් කරපු දෙයක් නෑ. ගස්වලින් ප්‍රයෝජන ගත්තෙ ගිරව් විතරයි.
විස්තරාත්මකව කොමෙන්ටුවක් එක් කලාට සුමිත් අයියට බෙහෙවින්ම ස්තූතියි !
Deleteගැඩවිලෙක් අඩි 5 ක් විතර දිගයි කිව්වම සර්පයෙක් වගේ නොවැ... මට නම් අදහාගන්නත් අමාරුයි. ඒ තරමට විශාල වෙලා තියෙන්න පොළොව බොහොම සරුසාර නිසා විය යුතුයි.
මාර ගස් වලින් ගිරව් ප්‍රයෝජන ගත්තා කියන්නෙ මාර ගසේ ගිරව් අනුභව කරන ඵලයක් හට ගන්නවද ?
නැහැ නැහැ ගිරවුන්ට ලේසියෙන්ම බෙන හදාගන්න පුළුවන් මාර ගහේ. ඒ වගේම ආරක්ෂිතයි.
Deleteමචන් S Birds රූම් චාජස් කොහොමද කියල පොඩ්ඩක් කියපන් කෝ
ReplyDeleteඑක් රාත්‍රියක් සදහා අපි හිටපු ආකාරයේ කාමරයක් රු 3000/- (ආහාර රහිතව)
Deleteගසක් උඩ සෑදූ අට්ටාලයක් බදු කාමරයක් රු 4000/- (ආහාර රහිතව)
වැඩි විස්තර 0718 018186 අංකයෙන් එහි හිමිකරු නිමල් මහතා අමතා ලබාගන්න.
වටිනා ලිපියක් සිරා ,හෙට අනිද්දට නැවත වතාවක් යන්න හිතන් ඉන්නේ ...
ReplyDeleteඅර දොළ පාරනම් පට්ට ආ ....
නරකද රොබින් මෙ පෝස්ටුව කියවලා යන්න හිතාගෙන ඉන්න හැමෝම එකතුකරගෙන ඔය ගමන ගියොත්... නිවිතිගල රෙහානි දවල්ට කන්නත් දෙන්නම්ලු...
Deleteමගේ කමෙන්ට් එක ස්පෑම් වෙලා වගේ.....
ReplyDeleteඒක ස්පෑම් වෙලා තිබිලා.... දැන් හරි සුමිත් අයියා....
Deleteහොඳ විස්තරයක් . මමත් ළඟදි සිංහරාජෙ ගිය නිසා ලොකු සුපුරුදු බවක් දැනුණා.
ReplyDeleteඒ මකුළුවා giant wood spider . සිංහරාජෙ සුලභ මකුළුවෙක්
කාමරයට සාදරයෙන් පිළිගන්නවා... දිගටම මේ පැත්තට එන්න.... ජය!
Deleteනියම පොස්ට් එක මචන්... තව තව චාරිකා යන්න වාසනාව ලැබේවා... :D
ReplyDeleteමම
මයික්
ස්තූතියි මයික් ඔබේ ඔය දිරිගැන්වීමට...
Deleteගොඩක් වටිනා චාරිකා සටහනක් නියමයි මචං...
ReplyDeleteස්තූතියි...
Deleteහරි අපූරු ලිපියක් මචන්. දෙනියාය පැත්තෙනුත් සිංහරාජේ ගිහින් බලන්න. ඒ පැත්තත් හරිම ලස්සනයි. වැඩි විස්තර මෙතනින් බලන්න. http://sobaroo.blogspot.com/2012/06/part-i.html
ReplyDeleteඅර ෆර්න් විශේෂයේ නම 'ගිරිහොට' නෙවෙයි 'ගිනිහොට' එක ලංකාවට ආවේනිකයි.
ඔබේ නිවැරදි කිරීම පිළිබදව මගේ ස්තූතිය පල කරනවා...ඔබේ ඉසව්වටත් මම අද තමයි ඔන්න ආවෙ..මේ කමෙන්ටුව පලවෙලා හරියටම අවුරුද්දකට විතර කිට්ටුව...
Deleteහුඟක් විස්තර සහිත අපූරු සංචාර සටහනක්.
ReplyDeleteස්තූතියි නලිනි අක්කෙ...
Deletepuluwannam Agalawaththa, Baduraliya, Hadigalla, Dikhena, Ruhhunu kanda.
ReplyDeleteme pathen kale athulata yanna.
මේ සැරේ ලංකාවට ආපුවාම උත්සාහ කරලා බලන්නම්...තොරතුරට ස්තූතියි...
Deleteහරි අපූරු තැනක් නේ මෙතන හමු වුනේ දැන් දැඩි කැපවීමකින් ලියැවී ඇති ලිපිය ගොඩක් වටිනවා
ReplyDelete