Tuesday, June 17, 2014

89 හිතුමතේ ජීවිතේ 4 (අවසාන කොටස)

කලින් කොටස් කියවා නැති අයට....  1 කොටස   2 කොටස   3 කොටස

සිරිපාල, සුමතිපාල, සීමන් සිල්වා සහ පියසේන එහි පසුපස අසුනට නංවා දොරවල් ලොක් කෙරිණි. රිපීටර් තුවක්කු දෙකක් රැගත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනා ඉදිරිපසින් නැග්ගේය. නඩු විභාගය අවසන් විය. සිරකරුවන් පෙර පරිදිම නැවත ගෙනැවිත් ඔස්ටින් රථයේ පැටවිණි. අනුරාධපුරයේ හිරෙන් පැන යාමේ වරදට සිරාටත්, හිතුමතේටත්, ලයනල්ටත් වසරක සිර දඩුවමක් එකතුව තිබුණේය. මරුසිරාගේ නඩුවේ තීන්දුව පසු දිනට කල් ගියේය.

මේ අවස්ථාවේ අනපේක්ෂිත දෙයක් ද සිදුවිය. ජේලර්වරයකු අනෙකුත් සිරකරුවන් සමග වෑන් රථයේ ඒම පිණිස නතරවී රයිපලයක් අතින් ගත් පොලිස් නිලධාරියකු ඔස්ටින් රථයට නැගීම ඒ හදිසියේ ඇති වූ වෙනසයි.

සිරිපාල සිය මෙහෙයුම ආරම්භ කලේ උසාවියේ සිට කදිරේෂන් කෝවිල පසු කරන විටය. ප්‍රථමයෙන් කලයුතු  වන්නේ දඹර ඇගිල්ල සහ මහපට ඇගිල්ල අහිමි සීමන් තම අත උල්කර මාංචුව පන්නා ගැනීමය. සිරිපාල ඇසෙන් දුන් විධානය අනුව අත පන්නා ගැනීම මිතුරා ආරම්භ කළේය. එය හිතුවාටත් වඩා පහසුවෙන් කෙරුණේය. සීමන්ගේ දෙඅත් මුළුමනින්ම නිදහස්ය. එහෙත් හඩ නොනැගෙන සේ මාංචු එලෙසම තබා ගත්තේය.

ඉන්පසු දෙවැනි පියවර එළැඹියේය. එනම් ජේල්ර් මහතාගේ සාක්කුවේ ඇති මාංචු ගලවන යතුරු කැරැල්ල පික්පොකට් ගැසීමයි. දක්ෂ පික්පොකට් කරුවකු වූ පියසේන අවස්ථාවක් බලා එය හරියටම කළේය. ඉන්පසු මෙහෙයුමේ තුන් වැනි පියවර ඇරඹියේය. යතුරු කුට්ටම හඩ නොනැගෙන සේ හුවමාරු කරගනිමින් එකිනෙකාගේ අත් මාංචුවලින් නිදහස් කරගත යුතුය. මිනිත්තුවකටත් අඩු කාලයක් තුල මාංචු ගැලවීම අවසන් වූවේය. දැන් මාංචු කුට්ටම් තුනම තිබෙන්නේ රබර් සීට් උඩ තුන්පලකය.

මව්බිම පුවත්පතේ පළවූ හිතුමතේගේ කථාව වෙනුවෙන්
ප්‍රවීණ චිත්‍ර ශිල්පී ජනක රත්නායක මහතා විසින් අදින ලද සිතුවමක්

මල්වතු ඔය පාලම මතට රථය පිවිසෙනවාත් සමගම රියදුරු ෂෙල්ටන්ගේ ගෙල වටා අතදැමූ ලයනල් ඔහුගේ හිස උඩු අතට නවා ගත්තේය. කාරය පාලම් ඇන්දේ හැපී නතර විය. මරු සිරා දුන් පහරින් වම්පස දොර ඇරී සාජන් මහතා පාරට වැටුනේය. වහා නැගිට ගත් සාජන් මහතා රිපීටරය මරු සිරාට එල්ල කරනු දුටු හිතුමතේ වලහකු මෙන් ජේලර් වෙත කඩා පැන්න අතර දෙදෙනා පාලමේ ඇදි අතරින් මල්වතු ඔයට නොවැටී බේරුණේ අසීරුවෙනි. තුවක්කුව උදුරා ගැනීම සදහා ඔවුනොවුන් අතර බිහිසුණු සටනක් ඇරැඹුණේය.

සාජන් අතින් එක් වෙඩිල්ලක් පත්තු වූ අතර ඉලක්කය වැරදීම නිසා එය අසල වූ කොහොඹ ගසක වැදිණි. පසු නොබලා දුවමින් සිටි ෂෙල්ටන් වෙඩි හඩට හා වදුරන්ගේ හඩට ආපසු හැරී බැලූවිට දුටුවේ තුවක්කු සිරකරුවන් අතට පත්වීම නිසා තමා සිටින දෙසටම දිව එන සාජන් මහතා සහ ජේලර්ය.

ඊලග මොහොතේ පැයට සැතපුම් 60 ක පමණ වේගයකින් රතු පැහැති ඔස්ටින් ෂරීනා රථයක් අනුරාධපුර ඇළදපත්තුව දෙසට ගමන් කරනු පෙනුනේය. ලයනල් විසින් පදවනු ලැබූ කාරයේ ඉදිරි අසුනේ 303 වර්ගයේ රයිපලයක් අතින් ගත් මරුසිරා නොහොත් සිරිපාල වාඩි වී සිටියේය. පසුපස වම් පස අසුනේ සිටියේ රිපීටර් තුවක්කුවක් අතින් ගත් හිතුමතේ නොහොත් බී.ඩී. සුමතිපාලය.

මරු සිරා තවත් බිහිසුණු අපරාධරුවන් තිදෙනෙකු සමග හිරෙන් පැන යාම පසු දින පුවත්පත් මහා ඉහළින් වාර්තා කර තිබුණේය.මේ අසුභ ප්‍රවෘත්තියත් සමග රජරට ප්‍රදේශය හෙල්ලුම් කෑවේය. මරු සිරාගේ නඩුවේ තීන්දුව දුන්නේ විත්තිකරු නොමැතිවය. ඔහුට මරණ දඩුවම නියම විය. ඔස්ටින් රථය කැලෑ මණ්ඩියක අත්හළ සිරකරුවෝ ඇළදපත්තුව කැලයට වැදී සැහැල්ලුවෙන් ගමන් කළහ. එදින සන්ධ්‍යා භාගයේ ඔවුන් ප්‍රථමයෙන් කලේ වැවකට පැන සිත් සේ නා ගැනීමයි.

පසුදින මරු සිරාගේ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරන මොහොතේ ඔවුන් සිටියේ දියකිත්ත වැව ප්‍රදේශයේ මිතුරකුගේ හේනක පිපිඤ්ඤා කමින් අල්ලාප සල්ලාපයේ යෙදෙමින්ය. මරු සිරාගේ පපුවේ මරුවා සමග වාසේ යනුවෙන් පච්ච කොටා තිබේ. එය දුටු සුමතිපාලට පච්චයක් අවශ්‍ය විය. එදා හැන්දෑවේ පච්ච කොටන අඩුවැඩිය රැගත් මිනිසකු හේන් යායට ගෙන්වාගත් මිතුරු පිරිස තම තමන් කැමති පච්චා කොටා ගත්තෝය.

සුමතිපාල කවුරු මොනවා කිව්වත් හිතුමතේ වැඩ කරන නිසා ඔහුගේ පපුවේ හිතුමතේ කියා කෙටීම වඩා සුදුසු බව කාගෙත් අදහස විය. දෙද්දුවගේ සිරිපාල නොහොත් මරු සිරා සිය අත් අකුරින් සුමතිපාලගේ පපුවේ හිතුමතේ යනුවෙන් සලකුණු කලේය. පච්චා කෙටූ ඇන්තනී එම අකුරු සුමතිපාල ජීවත්වන තුරු නොමැකෙන්නට තහවුරු කලේය. එය කොටා අවසන් වන විට සුමතිපාලගේ ඉල්ලීම වූයේ ඔහුගේ නැගණියගේ නමත් බාහුවේ කෙටිය යුතු බවය. එයද ඒ අයුරින්ම ඉටුවිය. සුමතිපාලගේ බාහුවේ කුසුමා ඔබ නිසා යනුවෙන් කුඩා අකුරින් සටහන් කළේය.

මව්බිම පුවත්පතේ පළවූ ඡායාරූපයක්

යුධ හමුදාවේ සහ පොලීසියේ උසස් නිලධාරීන් සාකච්ඡා කොට රජරට පුරා ආරක්ෂාව තරකර තිබුණි. දහසකට අධික භට පිරිසක් යොදවා පළමු කොටම ඇළදපත්තුවේ වනය කොටු කොට දැඩි පරීක්ෂාවට ලක් කලහ. එහෙත් පලාගිය සිරකරුවන් සම්බන්ධව කිසිදු තොරතුරක් ලැබුනේ නැත. අනුරාධපුර පොලිස් අධිකාරී මහතා විශේෂ වැඩ පිළිවෙලක් සකස් කල අතර එම මෙහෙයුමට අනුව සන්නද්ධ කුඩා භට කණ්ඩායම් දිස්ත්‍රික්කයේ කැලෑ මාර්ග වල රාත්‍රී කාලයේ තැන් තැන්හි යෙදවිණි. එම කණ්ඩායම්ද අනුරාධපුර අවට කැළෑ ප්‍රදේශ වල, හේන් යායවල සැරිසැරූහ. එහෙත් පලාගිය සිරකරුවන් පිළිබදව කිසිදු ආරංචියක් පොලිසියට ලැබුනේ නැත.

දින ගණනකින් පසුව පොලිස් ඔත්තුකරුවෙකු දැනුම් දුන්නේ කුඩා හෝටලයකින් අවේලාවේ කෑම පාර්සල් කිහිපයක් සකස් කරවාගෙන කැලයට ගමන් කල නොහදුනන පුද්ගලයෙකු ගේ අතේ ඇගිලි කීපයක් අඩු බවය. අනුරාධපුර මූලස්ථාන පොලිස් පරීක්ෂක නලින් දෙල්ගොඩ මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක සිසිල් කාරියවසම් ඇතුළු කණ්ඩායමක් පිටත් වූ අතර ඔව්හු වනයට ඇතුල් වී ඉදිරියට ගමන් කළහ. තරුණ පොලිස් පරීක්ෂක සිසිල් කාරියවසම් මහතාට මරුසිරාගේ වැඩකිඩ ගැන එතරම් දැනීමක් නොතිබූ අතර ඔහු මෙය සාමාන්‍ය රාජාකාරී ගමනක් ලෙස සළකා තිබුනි.

මේ කණ්ඩායම බලාපොරොත්තු නොවූ ලෙස කැළය මැදදී අපරාධකරුවන් සිව් දෙනාගේ කල්ලිය මුහුණට මුහුණ හමු විය. මේ අවස්ථාවේ පලා යාම වෙනුවට පහරදීම තෝරාගත් මරුසිරා සාජන් කෙනෙකුට පොල්ලකින් පහර දුන් අතර ඔහුතේ අතේ තිබී විසිවූ ස්වයංක්‍රීය ගිණි අවිය අහුලා ගන්නට පැන්නේය. නමුත් වහා ක්‍රියාත්මක වූ සිසිල් කාරියවසම් මහතා මරුසිරා මතට පැන පොරබදා ඔහු මෙල්ල කළේය. පොලිස් නිළධාරීන් හතර අතේ වෙඩි තබන්නට ගත් නිසා මරුසිරා බේරාගැනීම පසෙකලා සෙස්සෝ පැන ගියහ. මරුසිරා ජීවග්‍රහණනයෙන් අල්ලා ගැනීමට හැකි වීම පොලිස් පිරිසේ විශාල ජයග්‍රහණයක් ලෙස ඔව්හු සැලකූහ.

පැය තුනක් පමණ කල්ගතවූ පසු ඉපැරණි වැව් බැම්මක් මතදී හිතුමතේ සහ ලයනල් නැවත හමුවූහ. දින කීපයකට කලින් දින දෙකක් නතර වී සිටි හේනක තවත් දින දෙකක් රැදෙන්නට ඔව්හු තීරණය කලහ. මිනීමැරුම් චෝදනා ගණනාවක් ඇති සුමතිපාල නොහොත් හිතුමතේ අල්ලා ගැනීම සදහා ඔත්තු සපයන්න යැයිද පොලිසිය මහජනයාගෙන් ඉල්ලා තිබුනේය. දින දෙකකට පසු ලයනල් සහ පියසේන අනුරාධපුරයට ආයුබෝවන් කියා පිටවී ගියේය. සුමතිපාල වැඩි අමුත්තක් නොපෙන්වා හේන් ගොවිතැන් කල මිතුරාට උදව් වෙමින් හේනටම වී සිටියේය.

එක් ඉරිදාවක වට්ටක්කා කොළඹ පටවන ලොරිය පැමිණියේය. හේන් කීපයක වට්ටක්කා පටවා ගත් ලොරිය කොළඹ යන්න පිටත් විය. හිසේ ජටාවක් බැදගත් හිතුමතේ වට්ටක්කා ගොඩේ වාඩිවී සිටියේය. ලොරිය උදෑසනම කොළඹ බලා ගමන් කළේය.

කුරුණෑගල නගරයේදී හිතුමතේ වට්ටක්කා ලොරියට සමු දී බැසගත්තේය. හෙතෙම සිරගෙදරදී හදුනාගත් යහළුවකු වූ රත්නේ සොයා පසුව කටුපොත ගියේය. රත්නේ සමග දින කීපයක් ගත කල ඔහු රත්නේගේ නිවෙසේ තිබූ මෝටර් සයිකලයෙන් රවුමක් දෙකක් ගසා පුහුණු විය.

දිනක් යහළුවාගේ මෝටර් සයිකලයේ නැගුනු හිතුමතේ අවසන් මෙහෙයුම ආරම්භ කිරීම සදහා බුද්ධි දත්ත රැස්කර ගැනීමට පල්ලම බංගදෙණිය හරහා ආරච්චිකට්ටුවට ගියේ එම නගරවල මස්කඩ කිහිපයක් පවත්වාගෙන ගිය මුදලාලි දැක ගන්නටය.

ආරච්චිකට්ටුව හන්දියට ඔබ්බෙන් හලාවත පැත්තට වෙන්නට ගැස්ටන් මුදලාලිගේ නිවෙස තිබුනේය. ඔහුගේ දින චර්යාව නිසැකව තේරුම් ගන්නට සුමතිපාල දින තුනක් කුරුමානම් ඇල්ලුවේය. දින තුනේම සවස 4.30 ත් 5.00 ත් අතර නිවෙස ඉදිරිපිට මෝටර් රථය නැවැත්වූ පසු මුදල් පාර්සලයත් රැගෙන මුදලාලි නිවෙස තුලට යන බව නිරීක්ෂණය විය. සිය දඩයම මස් කඩ අසල කරන්නට යෑම එතරම් නුවනට හුරු නැතැයි හිතුමතේ කල්පනා කළේය. එහිදී ශිල්ප දක්වන්නට ගියොත් තමාගේ මරණ දඩුවමද ඒ ස්ථානයේදීම ක්‍රියාත්මක වන්නට ඉඩ තිබේ. එසේ නම් තම වැඩේට අත ගැසිය යුත්තේ මුදලාලිගේ නිවසේදීය.

දින කීපයක් මිතුරාගේ නිවසේ සිටි සුමතිපාල මල්වත්තේ ඉලිප්පදෙණිය හන්දියේ තරමක් සරුවට පවත්වාගෙන යන කම්හලකට ගොස් පොල් කෙක්කට දමන පිහියක් සාදවා ගත්තේය. පිහියේ වැඩ අවසන් වූ දින ඔහු මෝටර් සයිකලයේ ගොස් පිහිය ගෝනියක ඔතාගෙන මස් කඩ මුදලාලියා හමුවන්නට ගියේය. හෙතෙම මුදලාලිගේ නිවෙසට නුදුරින් වූ මල්මාර ගස යට බයිසිකලය නතර කළේය. නියමිත වෙලාවට මුදලාලිගේ රිය ගේට්ටුව පසුකර නැවැත්වීය.

හිතුමතේ ගෝනියෙන් එළියට ගත් පිහිය පිටුපසට කර අල්ලාගෙන සිටියදී මුදල් පාර්සලයත් බ්‍රැන්ඩි බෝතලයකුත් අතින් ගත් මුදලාලි කාරයේ දොර ඇර එළියට පා තැබුවේය. හිතුමතේ වේගයෙන් මුදලාලි කරා පැමිණෙමින් සිටියේය. මුදලාලි ඔහු දුටුවේ ඉතා සමීපව එමින් සිටියදීය. හිතුමතේගේ මුහුණේ වූ වියරු සිනහව දුටු ගැස්ටන් මුදලාලි තැති ගත්තේය.

ඒයි කවුද මනිහෝ උඹ ? ඔහු කෑ ගසමින් මුදල් පාර්සලය කිහිල්ලට සිරකර ගත්තේය.

මුදලාලි මහත්තයෝ මම සුමතිපාල කුසුමාවතීගේ අයියා හිතුමතේ කෑ ගැසුවේය.

මුදලාලි භීතියෙන් මුසපත්ව කාරය දෙසට ආපසු හැරුණේය.

ඉදිරියට පැන්න හිතුමතේ කෙක්ක පොල්වල්ලට දමන්නාක් මෙන් ගැස්ටන් මුදලාලිගේ බෙල්ලට දමා ඇද්දේය. කදින් වෙන්වූ බෙල්ල පළමුවත් මුදලාලි දෙවනුවත් ගෙය ඉදිරිපිට කාණුවට වැටුණේය.

මේ සිදුවීම කිසිවෙකු දැක්කේ නැත. පොල් කඩන වක් පිහිය කාණුවට විසිකල හිතුමතේ ආපසු හැරී මල් මාර ගස යට නතර කර තිබූ මෝටර් සයිකලය වෙත යන්නට පිටත් විය. මේ අවස්ථාවේදී පමණක් ඔහු කැපූ හිස රැගෙන ගියේ නැත.

පසුව මුදලාලිගේ බිරිදට මළසිරුර හමුවිය. හිතුමතේ කටුපොත රත්නපාලගේ නිවෙසට ගියේය. මොටර් සයිකලය වෙනදා නවතා තබන ස්ථානයේම තැබූ ඔහු බාල්දිය රැගෙන ලිද කරා ගොස් මුහුණ දොවා ගත්තේය. එදින රාත්‍රියේ බොහෝ වේලා කල්පනා කළේය. පළිගැනීම දැන් අවසන් වී ඇත. අනුලෝම ප්‍රතිලෝම වශයෙන් සිදුවූ හැම සිදුවීමක්ම ඔහුට මෙනෙහි වූවේය.

නින්දට ගිය ඔහු නින්දෙන්ම බොහෝ දුරක් පයින් ගමන් කර පසුදින උදයේ වැවක් අයිනේ  වැටී සිටියේය. එතැනට ආවේ කෙසේ දැයි ඔහුට මතකයක් නොවීය. පළිගැනීමේ සිතිවිල්ල හිතුමතේ තුල ගොඩනගා තිබූ ජවය හා උත්තේජනය ඒ වන විට සිදී තිබුනේය. දැන් සියල්ල අවසානය. තවදුරටත් තමා ජීවත්වීම අවශ්‍ය නොවේ. නමුත් බියගුල්ලෙකු සේ නොමැරෙන්නට ඉටා ගත් ඔහු මාර්ගයක් සොයා ගමන් කළේය. එහි ගිය ලෑන්ඩ්මාස්ටර් රථයක තරුණයෙක් ඔහුවද නංවා ගත්තේය. එය හලාවත නගරයට ඇතුළු වූ විට හිතුමතේ එයින් බැස කෘතවේදී සිනාවකින් එය පැදවූ තරුණයාට ආචාර කළේය. හිතුමතේ ඉන්පසු පොලිස් ස්ථානය සොයා ගියේය. පැමිණිළි ලියන පොලිස් නිලධාරියාට තමා කවුදැයි හදුන්වා දුන්නේය.

නැවතත් පුරුදු සිරගෙදරට ආ සුමතිපාල සුළු කලකට පසු සිය නිවෙස සහ ඉඩම යාබද පන්සලට පවරා දී පියාටත්, මවටත්, නැගණියටත් පින් අනුමෝදන් කළේය. සති දෙකකට පසු සුමතිපාල බෝගම්බරට මාරු කළේය. එහිදී නැවතත් මරු සිරා හමු වූ අතර පසුව මරුසිරා එල්ලා මරන ලදී. මෙය සුමතිපාලට කණගාටුදායක දෙයක් විය. (මරුසිරා පෝරකයට යැවීමේ සිද්ධිය එකල මහත් ආන්දෝලනයක් ඇති කල අතර ලංකාවේ මරණ දඩුවම අහෝසි වී යාමටද එය බලපෑ බව කියවේ.)

මිනීමැරීමේ චෝදනා 4 ක් සම්බන්ධයෙන් එල්ලා මරා දැමීමට නියමිතව සිටි හිතුමතේ නැමති සිරකරුට එවකට හිටපු ජනාධිපති විලියම් ගොපල්ලව මහතා විසින් මරණ දඩුවම අත්හිටුවා වසර 90 ක සිර දඩුවමකට යටත් කෙරුනි.

සිරගත ජීවිතයේදී ඔහුට විශාල මිතුරු පිරිසක් ඇසුරු කිරීමට අවස්ථාව ලැබුනේය. වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ, රෝහණ විජේවීර, විජය කුමාරණතුංග, නන්දන මාරසිංහ වැනි කීර්තිමත් මිනිසුන් ඔහු සමග එකම සිර කුටියේ සිටියේය.

පසුකලෙක  (තමා සමග එකට සිරබත් කෑ) වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඔහුට ජනාධිපතිවරයාගේ උපන් දිනය දා සමාව ලබා දුන්නේය.

වසර 41 ක සිරගත ජීවිතයෙන් නිදහස ලබා සාමාන්‍ය ජන ජීවිතයට ඇතුලු වෙන හිතුමතේ ජීවිතේ
ඒ අනුව සුමතිපාල නොහොත් හිතුමතේ ජීවිතේ සිරකරු 2013 නොවැම්බර් මස 24 වන දා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කල අතර ඔහුට 2014 පෙබරවාරි මස 4 වන දා ජනාධිපතිතුමා විසින් තුන්රෝද රථයක්ද ප්‍රදානය කරනු ලැබීය. ඒ සදහා අරලියගහ මන්දිරයට ගොස් ජනාධිපතිතුමා හමුවීමටද අවස්ථාව ලබා දී තිබුනි. 17 වෙනි වියේදී සිර ගෙදරට පැමිණි ඔහු වසර 41 ක සිරගෙයි ජීවිතයෙන් ජනාධිපති සමාව ලබා නිදහස් වන විට වසර 58 ක වියපත් මිනිසකුව සිටියේය.


ඔහුගේ කථාව ඔහුගේ හඩින්ම අසා බලන්න.




සමාප්තයි.


මම කාමරේ අරින සිරා කොලුවා.


ප.ලි

සුමතිපාල අපරාධකරුවෙකු වූවේ සමාජයේ වරදිනි. එදා නීතිය හරි හැටි ක්‍රියාත්මක වූවා නම් මේ ජීවිතය නිකරුණේ නාස්ති වෙන්නේ නැත. එයින් පසු දශක ගණනාවක් ගත වුවද තවමත් අපේ රටේ නීතිය ක්‍රියාත්මක වන්නේ එදා ලෙසමය. විත්තිකරුවාට ධනය සහ බලය ඇති නම් නීතිය අවසැගව යයි.

තම නැගණිය වෙනුවෙන් තම ජීවිතයම කැප කල මෙවන් සොයුරෙක් පිළිබද මට නම් සිතාගැනීමටත් අපහසුය. මේ භවයේදී මේ සෙනෙහස කෙටි කලකින් නිම වුවත් මතු භවයක ඔවුන් නැවතත් සහෝදර ප්‍රේමයෙන් වෙලෙනු ඇත. 

මව්බිම පුවත් පත වෙනුවෙන් මේ අගනා ලිපි මාලාව සම්පාදනය කල උදේනි සමන් කුමාර මහතාට  නොවක් ස්තූතිය පිරිනමමි. ඔහු නොවන්නට හිතුමතේ ජීවිතය පිළිබද අප තවමත් කිසිවක් නොදැන ඉන්නට ඉඩ තිබුනි. සිපිරි ගෙය තුලදී හිතුමතේ ජීවිතය විසින් කොපි පොතක ලියන ලදැයි කියන කවි දෙකකින් මේ සටහන නිමාවට පත්කරන්නට මම රිසි වෙමි. උපුටා ගත්තේ අන්තර්ඡාලයෙනි.

අදහස් කුහක මිතුරන්ගෙන් දුරු වේවා
නිදහස් බිමක මගෙ මරණය සිදු වේවා
උදහස් නොවෙමි සැමදෙන මට පිටු පෑවා
අනුහස් එපා පෝරකයට ගොඩ වෙනවා

බැහැ ඉවසන්න මරුවා මට වද දෙනවා
ඇහැ මගෙ නංගි නිතරම මට සිහි වෙනවා
නැහැ කිසි දුකක් යුතුකම මගෙ ඉටුවෙනවා
බැහැ තව ඉන්න නංගී වෙත මම යනවා

89 comments:

  1. එකම සිද්ධියට සම්බන්ධ කිහිප දෙනෙක් මේ විදියට එකම රටාවකට ඝාතනය කරද්දි ආරක්‍ෂක අංශවලට නිකමටවත් හිතුනෙ නැද්ද දන්නෑ හිරෙන් පැන්න මිනිහ ඊළඟට අනිවාර්යෙන්ම යනතැන. අර මුදලාලි හිතුමතේ ජීවිතේ මරන්න හිරගෙදරට මිනිහෙක් යැව්වා අරෙන්න හිතුමතේ හිරෙන් පැන්න බව ආරංචි උනාමවත් තමන්ගෙ සාමාන්‍ය ජීවන රටාව වෙනස් කරගෙන ආරක්‍ෂාව සලසගත්තෙ නැති එක පුදුමයි. මෙහෙම බලද්දි මේ සිදුවීම් මේ විදියට වෙන්න බලපාපු මූලිකම හේතුව නොසැලකිල්ලද මන්දා.

    නැතිබැරි මිනිස්සුන්ට නීතියෙ සාධාරණය ඉටුවීම නම් එදාය අදය කියල මහවෙනසක් වෙලා නෑ.

    ReplyDelete
    Replies
    1. //නැතිබැරි මිනිස්සුන්ට නීතියෙ සාධාරණය ඉටුවීම නම් එදාය අදය කියල මහවෙනසක් වෙලා නෑ.//

      ඔව් බං DDT යෝ එදා අද කියලා වෙනසක් නැතිව තවමත් අසරණයෝ තැලෙන රටක් මේක.

      Delete
    2. ඔය පුරස්නෙ මටත් ආව. නමුත්,
      1 ඔය කියන කාලෙ අද තරම් මාධ්‍ය තිබුනෙ නෑ නෙව. සමහර විට හිරෙන් පැන්න කතාව ආරංචි වෙනකොටත් ඊලඟ එකා‍ට ගේම දීල තියනව වෙන්න පුළුවන්.
      2. කෙල්ල දූෂණය-ඝාතනය ගැන හරි පරීක්ෂණයක් සිදු නොවුන එකේ ආරක්ෂක අංශ කොහොම දැනගන්නද ඉලක්කය මොකක්ද කියල. එහෙම දැනගත්ත නං එයාල ඒ වෙද්දිත් දඬුවම් විඳින්න එපැයි.
      3.වැරදි කරන හැම එකාම හිතං ඉන්නෙ තිත්තයට වාරයක් නෑ කියල. ඉතිං ආරක්ෂාව ගැන වදවෙන්න නැතුවැති

      Delete
    3. රාජ්,
      1. මේ කියන අන්තිම සිද්ධියෙදි නම්
      //මරු සිරා තවත් බිහිසුණු අපරාධරුවන් තිදෙනෙකු සමග හිරෙන් පැන යාම පසු දින පුවත්පත් මහා ඉහළින් වාර්තා කර තිබුණේය.//
      ඒ කියන්නෙ ඔවුන් කලින් කරපු අපරාධගැන සඳහනකුත් ඒ වාර්තාවෙ තියෙන්න ඇති. කලින් ලිපියෙත් තිබුන සුමතිපාල අනුරාධපුරේ ඉඳල කළුතර යාළුවගෙ ගෙදරට එනකොට ඔවුන්ගෙ පලායාම ප්‍රසිද්ධවෙල තිබුන කියල. අනෙක ඔහු හැමවිටම හිරෙන් පැනල දින කිහිපයකින් තමයි ඊළඟ ගොදුර කරා ගියේ. මෙහෙම බැලුවම අද තරම් ක්‍ෂණික පපඩම්වගේ නිව්ස් නැති උනාට අදාල තොරතුරු සන්නිවේදනය සඳහා ප්‍රමාණවත් කාලයක් තිබුනා කියල මට හිතෙනව.

      අර ගුරුවරයවත් මේ මුදලාලි උන්නැහැ වත් පත්තරයක් නොබලන කටකතාවක් නොඅහන ජාතියෙ අයනම් ඉතිං කරන්න දෙයක් නෑ.

      2. //සුමතිපාල කට උත්තරය ගත් නිලධාරියාට සියලු දේ නොසගවා හෙළි කලද පොලිස් පරීක්ෂකවරයා සිය නැගණියට කල විපත ඉදුරාම දත් බව පැවසුවා මිස තමා එය දැනගත් ආකාරය හෙළි නොකිරීමට වග බලා ගත්තේය.//

      //ඔන්න මහත්තයෝ මම අනිත් එකාවත් ඉවර කෙරුවා// කියල ඔහු ඒ එස් පී ට බාර වුනා කියලත් කලින් කියල තිබුන. ඒ නිසා දූෂණ සිද්ධිය ගැන විධිමත් පරීක්‍ෂණයක් කෙරුනා නොකෙරුනා අදාල අංශ ඔහු කරන්නෙ කුමක්ද කියල නොදැන ඉන්න විදියක් නෑනේද? ඔය විදියෙ හාහෝවක් ගියාම එකට අපරාධ කරපු එවුන් එකා එකා අඩුවෙන කොට අනිත් උන් ඒ ගැන සැලකිලිමත් නොවීම නොසැලකිල්ල මිසක් වෙන මොකක්ද.

      අනික එකට හිරෙන් පැන්න අය නැවත නැවතත් ඒ හිරගෙදරම එකට ආශ්‍රය කරන්න දාලා තිබුන එකෙන්ම හිතාගන්න පුළුවන් අදාල අංශ කොයිතරම් බුද්ධිමත්ව සැලසුම් සහගතව කටයුතුකරලද කියල. :)

      3. //වැරදි කරන හැම එකාම හිතං ඉන්නෙ තිත්තයට වාරයක් නෑ කියල. ඉතිං ආරක්ෂාව ගැන වදවෙන්න නැතුවැති//

      ඒ ගැන නම් මම උඹත් එක්ක එකඟයි. අද දවසෙ වෙන සිදුවීම් දිහා බැලුවමත් නැවතත් මට ඒ මතයට එකග වෙන්න පුළුවන්. හැබැයි එකාට දෙතුන් දාහක ආරක්‍ෂක බලඇණියක් දමාගෙන හිටියත් වෙලාව ආවම යන්න වෙනව. අපිට මතක තියෙන පහුගිය අවුරුදු විස්ස විසිපහ දිහා බැලුවමත් කීදෙනෙක්ට නම් දිට්ඨධම්ම වේදනීය කර්මය මෙලොවදිම පලදුන්නද කොච්චර ආරක්‍ෂාව තරකරගෙන හිටියත්.

      Delete
    4. DDT ට හිතුනා වගේ මටත් හිතිලා තියෙනවා. පළමු ඝාතන දෙක සිදුවුනාට පස්සෙ ඉතිරි දෙදෙනා තමා කරා මේ මිනිසා එතරම් වේලාසන ඒවි කියලා හිතන්න නැතුව ඇති. හිර ගෙදරට ගිය මිනිහෙක් වාර දෙක තුනක් එතනින් පනීවි කියලා හිතන්න අමාරුයි නොවැ. හිරෙන් පැන්නත් ඒ කාරණය හැම වෙලේම ජනමාධ්‍ය වල පලවෙන්නෙ නෑනෙ...අනිත් එක අද තරම් ජනමාධ්‍ය දියුණු යුගයකුත් නෙමෙයිනෙ....උදෑසන වැසිකිළියට යද්දි ප්‍රහාරයක් එල්ල කරපුවාම ඒ අයට හිතාගන්න බැරුව යන්න ඇති. අන්තිමට ඉතුරු වෙච්ච මස් කඩ මුදලාලියා නම් මිනිහා ගැන ලොකු තක්සේරුවක ඉන්න ඇත්තෙ...ඒ නිසාමයි සුමතිපාලට පහසුවෙන් ඔහුට කිට්ටු වෙන්න හැකිවෙන්න ඇත්තෙ.

      Delete
  2. නියම කතාව අයියේ...මරු සිරා නම් බදුල්ලේ බන්ධනාගාරේ ත් හිටිය කියලා අපේ තාත්තා කිවා...වහල උඩ නැගලා උපවාසයක් එහෙම කළා ලු

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ ලංකාව වටේම බොහෝ හිරගෙවල් වල මේ මනුස්සයා ඉදලනෙ...වසර 41 ක් කියන්නෙ කොච්චර කාලයක්ද....

      Delete
  3. මේ වීඩියෝ එක නම් දැක්කේ අදයි. මේ කතාවෙන් ෆිල්ම් එකක් හදන්න සිරා පොරක් නෑනේ ලංකාවේ.. ෆිල්ම් එකක් නෙවෙයි ටීවී සීරිස් එකක් හදන්න පුළුවන්... හිතුමතේ ට සෙතක්ම වේවා

    ReplyDelete
    Replies
    1. චිත්‍රපටයක් හදනවා නම් මුල් කථාව වෙනස් නොකර හිතුමතේට සාධාරණයක් වෙන විදියටයි එය කල යුත්තේ...හිතුමතේ චරිතයට කවුද සුදුසු නළුවා...

      Delete
    2. මේ චිත්‍රපටය කරනවා නම් බුඩී තමයි හොඳ. හිතුමතේගේ චරිතයට ජගත් බෙනරගම හරි යයි කියලා මට හිතෙනවා.

      Delete
    3. ජගත් බෙනරගම හොද තේරීමක්...දැන් දේශපාලනයට අවතීර්ණ වෙලා නේද...

      Delete
    4. ජගත් මනුවර්ණ මගේ තේරීම.

      Delete
  4. නූගත්කම හා දරිද්‍රතාවය විසින් බිලිගත් අහිංසකයන් සමාජය තුල අතරමංවීම, ධනබලය සහ පාහර දේශපාලනය එකම තැනකට කේන්ද්‍රගතවීම, නීතිය වල් වැදීම යන කරුණු බලපවත්වන අපේ රටේ, මෙවැනි දේ ඉදිරියටත් සිදුවනු ඇති.

    ReplyDelete
    Replies
    1. හිතුමතේගෙ අම්මා රෝහල් සේවිකාවක්...තාත්තා වරායෙ...ඉතින් කොච්චර ලස්සන පවුලක්ද...අගහිගකම් එහෙම උනත් තියෙන්න ඉඩක් නෑ...එහෙම පවුලකට කණ කොකා හැඩුවෙ කාලකණ්නි 4 දෙනෙක් නිසා...උන්ට පාඩමක් උගන්වන්න සුමතිපාල තමන්ගෙ ජීවිතයම කැප කලා.

      Delete
  5. නොහිතපු අවසානයක්. මුල සිට අග දක්වාම කුතුහලය ඇතිකරමින් ගලාගෙන ගිය අපූරු ලියැවිල්ලක්.

    ReplyDelete
    Replies
    1. සත්‍ය සිදුවීමක් නිසාම මේ කථාව පාඨක අපට දැනෙනවා වැඩියි කියලයි මගේ හැගීම.

      Delete
  6. හිතුමතේ පුදුම ජිවිතයක්නේ.පුදුමයි බං මට නම් ඒ පළිගැනීමේ චේතනාව ගැන.එක මිනියක් මරලා එක එතනින් නතර නොවුණ එක.

    ReplyDelete
    Replies
    1. හරියට මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා වගේ. එයා නම් අමු අමුවෙ මැරුවෙ නෑ, ඒක කොහොමටත් මනඃකල්පිත කතාවක්, ඒත් මම කියවපු හොඳම පලිගැනීමේ වෘත්තාන්තය මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා.
      ඒත් ඒ කතාවෙන් හදපු ෆිල්ම්, ටීවී සීරීස් නම් ජරාගොඩවල්. මේ කතාව උනත් හැමෝම කියනව වගේ ටෙලියකට, සිනමාවට ගත්තොත් කතාව කියවනකොට දැනෙන අපූර්වත්වය, මැවෙන චිත්ත රූප විනාශ වෙලා යාවි.

      Delete
    2. @DDT,
      මේ වගේ කතාවක් චිත්‍රපටියකට හෝ ටෙලියකට සාර්ථකව ප්‍රතිනිර්මාණය කරන්න පහසුකම් සහ දක්ෂතාවක් ඇති මිනිස්සු ලංකාවෙ ඉඳී කියල හිතන්න අමාරුයි. ඒ හින්ද මේ දේවල් මුද්‍රිතයෙන්ම තියෙන එක හොඳයි කියලයි මට හිතෙන්නෙ. නැත්තං තවමත් ජීවත් වෙලා ඉන්න මනුස්සයෙකුට අසාධාරණයක් වෙන්න පුලුවං.

      Delete
    3. @ ප්‍රසන්න අයියා,
      ඉතිං දෙයියනේ මමත් කියන්නෙ ඒකම තමයි. හුඟ දෙනෙක් ඒ අදහස ඉදිරිපත් කරල තිබුනු නිසා තමයි මමත් කිව්වෙ මේක ටෙලියකට, සිනමාවට ගත්තොත් කතාව කියවනකොට දැනෙන අපූර්වත්වය, මැවෙන චිත්ත රූප විනාශ වෙලා යාවි කියල. මමත් වඩා කැමති යමක් කියවල රසවිඳින්න. ඒ දේ රූප මාධ්‍යයට ගන්නව නම් ඒ සඳහා අවැසි දක්‍ෂතාවය, අවශ්‍ය අයුරු තාක්‍ෂණය උපරිමයෙන්ම යොදා ගැනීමට හැකියාව තියෙන්න ඕන.

      Delete
    4. නැගණිය කෙරේ තිබූ ඉතා දැඩි ආදරය, සෙනෙහස හිතුමතේ තුල දිගින් දිගටම පළි ගැනීමේ චේතනාව ඇති කරන්න ඇති. පොලිසියට පැමිණිලි කරන්න ගිය වෙලේ චූදිත අයි.පී වරයා බොහොම කැත විහිළුත් කරන්න ඇති නොවැ...

      Delete
  7. හිතුමතේ නම වැටුනේ එහෙමයි. නිදහස දුන්නු එකත් ලොකු දෙයක්. මනුෂිය බවින් උපරිමයි ඒ අතින් නම්.

    ReplyDelete
    Replies
    1. හිතුමතේගෙ කථාව තුල ඔහු කියනවා...වෙනත් කිසිදු වරදක් කරලා, කොල්ල කාලා නෑ....මේ හතර දෙනා මරපු එක පමණයි කලේ කියලා....වෙන මිනිහෙක් නම් මරු සිරාගෙ නම විකුණලා හොදට කොල්ල කයි.

      Delete
  8. Niyamai. Hithumathe gana hitha gannath ba welawakata. Eka paththakin saba wirayek.......,

    ReplyDelete
    Replies
    1. මටත් ඔහු ගැන හිතෙන්නෙ වීරයෙක් විදියට තමයි. මොන තරම් දුක් කන්දරාවක් දරාගෙනද ඔහු අවුරුදු 41 ක් හිරගෙය තුල ගත කරන්න ඇත්තෙ.

      Delete
  9. හිතුමතේ ජීවිතේ ගැන දැනගෙන හිටියට මේ තරම් විස්තර දැනගෙන හිටියේ නෑ...

    මට අන්තිම මොහොතේ පොඩි බලාපොරොත්තුවක් තිබුණා, ගැස්ටන් මුදලාලිව මරණ තැනදී, මුදලාලිගේ කන ගාවින් යන්න පිහියෙන් වින්ඩ්ස්ක්‍රීන් එක කුඩුවෙන්න ගහලා මුදලාලිට ජීවිත දානය දෙන්න තරම් ඒ වෙනකල් ලබපු අත්දැකීම් හිතුමතේව පරිණත කරලා තිබුනානම් කියලා...

    සිරාට ස්තූතියි මේ කතාව බෙදාගත්තාට...

    හිතුමතේ නිදහස් වුන නිවුස් එක අන්තර්ජාලේ දැක්ක දවසේ මට ඇතිවුන හැඟීමක් මම අකුරුකරන්න උත්සාහා කලා මෙහෙම...

    ReplyDelete
    Replies
    1. පළිගැනීමේ චේතනාවෙන් දැවෙන කෙනෙක්ට එවැනි සිතුවිලි පහළ වෙන්නෙ චිත්‍රපටි වල තමයි. තමන්ගෙ නැගණියට මේ අපරාධය කරපු උන්ගෙන් පළි ගන්න සුමතිපාල ශපථ කර තියෙන්න ඇති. අවසානය දක්වාම ඔහු තමන්ගෙ අරමුණ වෙනස් කලේ නෑ. ලින්කුව දිගේ ඒ කථාව කියවන්න ඉඩ ඇති වෙලාවක එන්නම්.

      Delete
  10. බලාගෙන යද්දී අහිංසක මිනිහට ඒ කාලෙත් හරි හැටි යුක්තියක් ඉශ්ඨ වෙලා නෑ.. ඒකනේ ඉතින් මෙහෙම දේවල් වුනේ..

    කතාව ගැන නම් ඇත්තටම හැම දේම දැන ගත්තේ අයියගේ ලිපි පෙලෙන් තමයි.. ඒකට හදවතින්ම ස්තූතියි..

    ReplyDelete
    Replies
    1. ඒකයි සටහන තුලත් මම කිව්වෙ අද එදා කියලා වෙනසක් නෑ. පොඩි මිනිහට එරහෙිව පමණයි ලංකාවෙ නීතිය අදත් ක්‍රියාත්මක වෙන්නෙ.

      Delete
  11. //එදා නීතිය හරි හැටි ක්‍රියාත්මක වූවා නම් මේ ජීවිතය නිකරුණේ නාස්ති වෙන්නේ නැත// අදත් මේ නිසා කීදෙනෙක් මේ මාර්ගය තෝරාගෙන ඇත්ද ?

    ReplyDelete
    Replies
    1. මේ මාර්ගය කිව්වේ රාජගිරිය පාරද ගාලු පාරද

      Delete
    2. මං හිතන්නෙ එක්ස්ප්‍රස් 01 එක වෙන්න ඇති.

      Delete
    3. මැලේ & ප්‍රසන්න,
      උඹල යාළුවොද බං? ඇයි මිනිහෙකුට පොඩි වෙලාවකටවත් සීරියස් වෙන්න දෙන්නෙ නැත්තෙ?

      Delete
    4. එකනේ බං පොඩි වෙලාවකටවත් සීරියස් වෙන්න දීපංකො , නැත්තං හැමවෙලේම සීරියස් මේ රාජ් වගේ අය අප්සෙට් යනවනේ

      Delete
    5. රාජ් ගොයියො...මේ ඔක්කොම මිතුරො....ඉවානයට පොඩි මඩක් ගහලා තියෙන්නෙ අහිතකින් නෙමෙයි...උන්ට පොඩි ජොලියක් ගන්න. හැබෑටම කොයි පාරද ඉවාන්....ඔය කියන පාර...

      Delete
  12. ආසාවෙන් කියෙව්වා... මේ කතාව බෙදාගත්තට සිරාට ස්තූතියි.

    ReplyDelete
  13. හ්ම්... ඒකත් ඉවරයි..
    හිතුමතේට නිදහස හම්බවෙන්න ආසන්නම හේතුව වුනේ බෝගම්බර උපවාසෙ මටමතක විදියට... ඊට පස්සෙ තමා හිතුමතේ ගැන ඇදිල ආවෙ..
    කොහොම වුණත් ආසාවෙන් කියෙව්ව...
    සංවේදී සටහනක්

    ReplyDelete
    Replies
    1. උපවාස කරපු කථාවක් මමත් පසුව ඇහුවා...නැතිනම් මෙහෙම සිරකරුවෙකු ගැන මේ කථාව ලියවෙනකං මම දැන උන්නෙ නෑ.

      Delete
  14. උඹ දන්නව නේ මට මේ ටිකේ කියවන්න උනේ නැහැ බං...

    ReplyDelete
    Replies
    1. ඇයි දේශිකී කියන දේවල් අහන ඉන්න උනාද? හැක්....

      Delete
    2. හැබෑට මොකෝ බොලං උනේ...දේශිකා ගහලා අත පයවත් ගැලවුනාද ?

      Delete
  15. නීතියෙ හිඩැස් නිසා ඊයෙත් හිතුමතේලා බිහි වුනා අදත් බිහි වෙනවා හෙටත් බිහි වෙයි.…… ඒත් නීතියෙ හිඩැස් වහන්න කවුරුත්ම නැති වේවි…

    හිතුමතේගෙ ජීවිතේ බේරුනා ඒක හොදයි. ඒත් මේ වගේ තවත් හිතුමතේලා කී දාහක් මැරිලා යන්න ඇත්ද?… තාමත් හිරගෙවල් වල දුක් විදිනවා ඇත්ද?…

    කතාව ගෙනාවට ස්තූතියි සිරා අයියෙ.

    ReplyDelete
    Replies
    1. ඒ හිඩැස් වහන්න නම් නීතියට වැඩ කරන හොද කෙලින් පාලකයෙක් රටට අවශ්‍යයි. අවවාදයට වඩා ආදර්ශය උතුම් කියලා සලකන...එහෙම කෙනෙක් බලයට ආවම හැම අස්සක් මුල්ලක් නෑරම ඒ ගතිගුණ පතුරවන්න පහසුයි..නිලධාරී මාෆියාව වැනි දේවල් පවා යටපත් කරන්න පුලුවන් ලොක්කා කෙලින්නම්.....

      Delete
  16. //අදහස් කුහක මිතුරන්ගෙන් දුරු වේවා
    නිදහස් බිමක මගෙ මරණය සිදු වේවා//

    මේ පද දෙක හැම තැනකම දකිනවා, මම පවා කමෙන්ට් වලත් ලියලා තියෙනවා. ඒත් මේ පිටිපස්සෙ මෙච්චර ලොකු කතාවක් තියෙනවා කියලා දන්නෙ අදයි.

    ReplyDelete
    Replies
    1. මම නම් කියෙව්වාමයි ප්‍රියෝ....මිනිසාගේ චිත්ත සන්තානය ළතැවුලට පත් උනාම පුද්ගලයා තුල සාහිත්‍ය කරුවෙකු මවන් අන්දම මනරම්...

      Delete
  17. බොහොම ආසාවෙන් කියෙව්වා සිරා. ඔබටත් ලියු ලේඛකයාටත් දෙදෙනාටම ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. තොපි තමයි ගොබ්බ පොලිස් කාරයිනව් පුමබලා ආටිකල් ලියන්නේ. මින්සුන්ට පොලීස්යෙන් පගා කාල කරන අසාධාරණ ගැන ලියන්නේ නැහැ. පස්සේ උන් අපාරධ කාරයෝ උනහම් ආයුධ පෙන්නන්න එක්ක ගිහින් දෙන ගේම බලාගෙන හිටියා වගේ ලියනවා. ආසන්නතම උදාහරණය තමයි පාලංකඩ හීනා.
      මිනිහාගේ අක්කාව උුෂණය කරලා බඩ කරපු වේලාවේ පොලීස්ය මුකුත්ම කරලා නැහැ. පස්සේ කරපු එනාව මරලා අපරාධකාරයෙක් උනහම ඌව මරපු හැටි පණ පිහිටුවලා ලියනවා. අනේ තොපි වගේ බෝතල් පත්තරකාරයෝ.

      Delete
    2. අධිවේගී ගමනේ මේ පැත්තට බෙල්ල දැම්මට ස්තුතියි නලින් අයියා...

      Delete
  18. එක බඩවැල කඩාගෙන ආපු එවුවො එකට මරාගන්න අතරෙ තමංගෙ සහෝදරියට මරණය උරුම කරපු උංගෙන් පලිගන්න මේ තරං කැපවීමක් කරපු සහෝදරයෙකුට කොච්චර හැඟීමක් තියෙන්න ඕනද.
    මේ මනුස්සය ගැන අහල තිබුණට මෙච්චර හොඳ විස්තරයක් දැනගත්තෙ උඹේ බ්ලොගෙන් සිරා.
    මේ වගේ තව කතා කියක් ඔය බිත්ති අස්සෙ හිරවෙලා දුක් විඳිනව ඇද්ද.

    ReplyDelete
    Replies
    1. අඩෝව්... තුන සමරන්නැද්ද? කෝ මේ දේශා....

      Delete
    2. අනිවාර්යෙන්ම මෙවැනි චරිත තව ඕනෑ තරම් ගල් පල්ලියෙ බිත්ති අතර හිර වෙලා ඇති. හිතුමතේගෙ සහෝදර ප්‍රේමය ගැන මම වෙනම සටහනක් තැබුවෙ එය ගරු කටයුතු නිසයි. පෙර ආත්ම ගනනාවක් තිස්සේ කුසුමා සහ හිතුමතේ සහෝදර ප්‍රේමයෙන් වෙළෙන්න ඇති.

      Delete
  19. තමන්ගේ නැගණිය වෙනුවෙන් ජීවිතයම කැප කල මෙවැනි සොයුරෙක් ගැන අත්තටම පුදුම හිතෙනවා.

    මට හිතෙන්නෙ මේක හැම කෙනෙක්ම කියවන්න ඕනේ කතාවක් කියලයි. සුමතිපාලගේ ජීවිත කතාවෙන් අපේ ජිවිත වලටත් ගන්න හුඟක් වැදගත් දේවල් තියෙනවා.

    සිරා අයියටත් බොහොමත්ම ස්තූතියි මේ වගේ දෙයක් බ්ලොග් පිටු අතරට අරගෙන ආවට...

    ReplyDelete
    Replies
    1. මෙවැනි කථාවකින් වැදගක් දේ තමන්ගෙ ගතිගුණ වලට එකතු කරගෙන අනවශ්‍ය දේ බැහැර කිරීම තමයි හොදම දේ...

      Delete
  20. සහෝදර සෙනෙහස ගැනනම් කියන්න වදන් නෑ
    එත් එක පෙන්නන්න තොර ගත්ත ක්‍රමය ????
    මේ මනුස්සයව නිදහස් කරපු එඅක ගැනත් කියන්න වදන් නෑ
    ඔච්චර ලොක්කෝ එකට ඉඳලා මේ කතාව දැනගෙනත් නිදහස් කරන්න මෙච්චර කාලයක් ගත්ත එක ගැන ????

    ReplyDelete
    Replies
    1. ඇත්තටම සුමතිපාල කියන්නෙ මා දුටු හොද අධිෂ්ඨානශීලී මිනිහෙක්ට උදාහරණයක්... සමාජයේ මොන තත්වයේ හිටියත් ඒ හැමෝම නැති කරලා දාන්න....ධනය බලය, පිරිස් ශක්තිය තිබුනෙ නැති සුමතිපාල තනිවම කටයුතු කොට ඇති ආකාරය පුදුම උපදවන සුළුයි.

      Delete
  21. supiriiii ... Gajini movie eka baluwa wage .

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මිත්‍රයා....

      Delete
  22. බාෙහාම ස්තූතියි සිරා...

    මං හිතුවා හිරේදි සුමතිපාලව මරන්න කොන්ත්‍රාත් එක දුන්න එකාවත් මරයි කියලා. හැබැයි ෙත්රුම් ගන්න පුළුවන්... සුමතිපාලගෙ අරමුණ තිබුනෙ නංගිව මරපු උන් මරණ එක විතරයි කියලා.

    ReplyDelete
    Replies
    1. හිරේදි මරන්න කියලා හිර කූඩුව ඇතුලට ගංජා ලක්ෂ්මන්ව එව්වෙ ගැස්ටන් මුදලාලි...මිනිහගෙ බෙල්ල තමයි පොල් වල්ල ඇද්ද වගේ ඇදලා දැම්මා කියලා මේ කථාවෙ සදහන් උනේ...

      Delete
  23. ස්තුතියි සිරා. මෙහෙම නොකියවුවා නම් කවදාවත් කියවන්න වෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සරත් අයියා....බොහෝ අයට පත්තර කියවන්න ලැබෙන්නෙ නෑ ලංකාවෙ හිටියත්....පිටරට ඉන්න උන් ගැන කියන්න දෙයක් නෑනෙ ඒ ගැන....ඒ නිසා ඒ සියල්ලන්ටම කියවන්න තමයි මේ ලිපි මාලාව මම මෙහි සටහන් කලේ...

      Delete
  24. හැම පලිගැනිමකටම පස්සේ නිතියට බාරවෙලා ආයමත් එලියට ඇවිත් ඊලග පලිගැනි සැලසුම් කිරිම චිත්තර පටියක් වගේ.
    ස්තුතියි මලයන්ඞි උඔට.

    ReplyDelete
    Replies
    1. නීතියට බාර උනාම හිරගෙදරට යවනවා..එතකොට සුමතිපාලට එරෙහිව ප්‍රතිචාර දක්වන්න ඉන්න මළගිය කෙනාගෙ හිතවතුන්ගෙන් තමන්ගෙ ජීවිතයට එල්ල විය හැකි අනතුරු වලක්වාගන්න තමයි ඔහු එහෙම කරන්න ඇත්තෙ.

      Delete
  25. කතාව නම් අගෙයි. මේ විදිහ කී දෙනෙක් නම් තවමත් හිරබත් කනවා ඇත්ද? සමාජය විසින් කරපු වැරදි වලට හිර වුණ ජීවිත කොතෙක් ඇත්ද? අනේ අපේ ජනාධිපතිතුමාට ඒ හැමෝම හිරේදි හම්බවුණානම්..................................

    ReplyDelete
    Replies
    1. තව බොහෝ දෙනා සිරබත් කනවා ඇති. සමහරු වැරදි නඩු තීන්දු වල ප්‍රතිඵල විදියට හිරබත් කන බවත් මම අහලා තියෙනවා.

      Delete
  26. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. සංවේදී කතාවක අවසානය..හිතුවාට වඩා සුභාදායකයි සිරා... මේක අපිට කියවන්න සැලැස්වූ උඹටත් පුවත්පතට ලියූ පුද්ගලයාටත් බෙහෙවින්ම ස්තුතියි !!!

      Delete
    2. ස්තූතියි පත්තර මල්ලි. උඹලා නිතරම මේ පැත්තට ඇවිල්ලා දෙන හැල්ප් එකට...අර ඉවානයා කියලා තියෙන පාර උඹ දන්නවද ?

      Delete
    3. ඕකා යන පාරකින්වත් මං යන් නෑ බොල.. මාත් හිතුමතේ වගේ තමා .ඕක දන් නෑ මගෙ හැටි.

      Delete
  27. මෙයාට මෙ හෙම කරන්න හිතෙ හයිය තිබුන.එත් එහෙම නැතුව අසාධාරනකම් විදගෙන ඉන්න්න කොච්චර ඉන්නවද.නිතියක් නැතිරටක මිනිස්සු කොච්චර විදවනවද

    ReplyDelete
    Replies
    1. නීතිය නිසි පරිදි ක්‍රියාත්මක වෙන්නෙ නැති උනාම සමාජය කියන වියුහය තුල විවිධ විෂමාචාර පැතිරී යනවා. එතකොට නීති ගරුක පුද්ගලයත් ඒවායෙන් බැහැර වීමයි සිදුවෙන්නෙ.

      Delete
  28. මේ වීඩියෝ එක නම් දැක්කේ අද..
    කතාවට ගොඩක් ස්තුතියි..
    මේකෙන් මිනිස්සුන්ට ඉගෙන ගන්න කොච්චර දේවල් තියෙනව ද? ඒත් කීයෙන් කී දෙනාද හිතන්නේ..

    ReplyDelete
    Replies
    1. කථාවෙ ජිව ගුණය වැඩි කරන අදහසින් තමයි වීඩියෝව එකතු කලේ...

      Delete
  29. එක මොහොතකදී උඩු යටිකුරු වෙච්ච ජීවිත ගණනාවක්.... අම්මගෙයි, නංගිගෙයි ෆොටෝ දෙක දැක්කම පපුව හෝස් ගාලා ගියා. අපරාධකරුවන්ට දඬුවම් දීලා දඬුවම් විඳපු එකම මනුස්සයා හිතුමතේ විතරක් නෙවෙයි. අදටත් හිතුමතෙලා බිහිවෙනවා ඕනි තරම්. බිහිකරනවා කිව්වත් හරි.
    සිරාඅ දැක්කද වීඩියෝ එකේ හිතුමතේගේ අහිංසකකම. ඇස්වල ජයග්‍රාහී පෙනුම. කතාවේ තිබුණු නිර්ව්‍යාජකම. තමන්ගේ නංගිට අච්චර දෙයක් කරපු එකාටත් මහත්තයා කියල කියන හැටි.

    ReplyDelete
    Replies
    1. මටත් එහෙමයි අකමො...තමන් විසින්ම හදාගත්ත ගැජට්ටුවක් තුල මේ ආත්මෙ කිසිදිනක දකින්න බැරි දෙදෙනෙකුගේ ඡායාරූප සුරක්ෂිත කරලා අවුරුදු 40 වෙනකං බලා ඉන්නවා කියන්නෙ මොන තරම් මානසික පීඩාවක්ද ? මට නම් හිතාගන්නත් බෑ. තමන්ගෙ දඩයම උනේ නංගිව මරන්න දායක වූ කාලකණ්නි ටික පමණක් බව වීඩියෝව තුල හිතුමතේ සෘජුව කියනවා.

      Delete
  30. පහුගිය කොටස් සියල්ලත්, ලිපි පළ වූ විගසම වගේ කියෙව්වත් කමෙන්ට් කරේ නැහැ, කථාවේ අවසානය තෙක්ම නොඉවසිල්ලෙන් හිටියා.

    ඔහු සිදු කරේ වැරදි දෙවල් උනත් එහෙම කරේ සීමවක් නැති " සහෝදර ප්‍රේමය " නිසාම වෙන්නැති. ඒ හින්දම ඔහුට සමාව ලැබුනා කියන එක දැක්කහම හිතට සතුටක් දැනුනා. ( පත්තර මල්ලි කිව්ව වගේ, ඇත්තටම සුභදායි අවසානයක් )

    මේ කථාව අපිත් සමඟ බෙදාගත්තට ඔබට බොහෝම ස්තූතියි ...!

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස සමග මම එකගයි සදරු...ඒ විදියට තමයි මේ කථාවට බොහෝ දෙනෙක් අදහසක් පල කරන්න බලා හිටියෙ. අන්තිම කොටසත් පල වෙන තුරු....

      Delete
  31. අවසානයේ ජිවිත ගණනක් නිමා උනත්...ඒ ආදරණිය සහෝදරත්වයට..මගේ උත්තමාචාරය වේවා...බොහොම ස්තුතියි සිරා මලේ..උදේනි මලයටත් එක්කම..

    ReplyDelete
    Replies
    1. මමත් ඒ සහෝදරත්වයට මනාපයි....කෙතරම් ශක්තිමත් බැදීමක්ද....

      Delete
  32. මෙවැනි සහෝදරකම් දැන් නම් හරිම දුර්ලභයි එහෙම නේද සිරෝ.

    ReplyDelete
    Replies
    1. සමාජය දැන් සල්ලි හොයන රේස් එකට වැටිලා....එතැනදි ගුණ ධර්ම කියන දේවල් මුදල් වලට යටවෙලා.....සහෝදරකම්, මව්පිය දුදරු සබදතා වලට පවා කණ කොකා හඩලා...

      Delete
  33. මුලින්ම පේන්නේ ඔහුගේ අධිෂ්ඨානය. ඊට පස්සේ ඔහු මේ රටේ අනිකුත් කාන්තාවන් වෙනුවෙන් කර තිබෙන සේවය. මේ වගේ මිනිසුන් සමාජයෙන් ඈත් කරන්න බැරි නිසා ඔහු තෝරාගත් ක්‍රමය වැරදි වුවත් හරි කියා පිළිගන්න අපට සිද්ධ වෙනවා. මේ දූෂකයින්ට කර්මය මේ ජීවිතේම විපාක දුන්නා එහෙනම්. හිතුමතේගේ ජීවිතය ඔහු කැප කරලා තියෙන්නේ අනිත් අයගේ(කාන්තාවන්ගේ) සුභ සිද්ධිය උදෙසා. ඔහුට අපගේ ප්‍රණාමය හිමි වෙන්න ඕනේ. නීතිය ක්‍රියාත්මක කරන අයටත් මෙතන පාඩම් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. එකගයි සුධීක අයියා....මේ ඝාතන රැල්ල ටික කාලයකට හරි රැල්ලක් උනා නම්...කිසිම එකෙක් කාන්තා දූෂණයට හවුල් වෙන එකක් නෑ...

      Delete
  34. කියවන්නම ඕන මේක නම්....කොටස් 4කම තියේ නේ ..හය්යු.

    ReplyDelete
    Replies
    1. නගාව දැක්ක කල්.....මොකද සද්දයක් නැති වෙලා තිබ්බෙ පහුගිය කාලෙ..කොරියාවට ගියාද ?

      Delete
    2. නෑ අයියේ පොඩි පොඩි එව්වා මෙව්වා ටිකක්....

      මගේ ඇස් වලට කඳුළු ආවා හිතුමතේගේ කතාව එක දිගටම කියවලා අර අන්තිම කවි දෙකත් කියෙව්වම...ඔන්න දැන් ටික දවසක් යනකං මේක මට නිතර මතක් වෙයි....හිතට දැනුණා දැනෙන්න ඕනි උපරිමේටම...පව් හිතුමතේ....මුළු ජීවිතේම නංගි වෙනුවෙන් කැප කරපු අයියා කෙනෙක්....රත්තරං සහෝදරයෙක්....

      ඒත් අයියේ එයා මරපු මිනී ? ඒ පව් බුදු දහමට අනුව එයාට ගෙවන්නම වෙයි නේද? කාලකන්ණි මිනිස්සු වෙසෙන තාක් කල් හිතුමතේලා ගේ ජිවිත අඳු රේ තියෙයි....

      Delete
  35. මේ හැම දෙයක්ම තුල තියෙන්නේ නීතිය, සාධරනත්වය සමාජ විෂමතාවයන්ගේ ඇති නොගැලපීම , අසමතුලිතතාවයද කියලා හිතෙනවා. සිරා... මම සහ මම ප්‍රශ්ණ කරමින් ඉන්නවා.

    මට වායෝගේ (සංගීත්ගේ ) අපි කවුරුද මතක්වුනා .ඔය ඩ්‍රම්ස් ගහන දෙන්නාගෙන් පොඩි එකා සංගීත්ගේ පුතා බව සිරා දන්නවා ඇතිනේ.

    ReplyDelete
  36. නීතියේ සහ සමාජයේ පවතින විෂමතා මත ආරම්භවී ඒ මතින් ගලාගොස් ඒ ඔස්සේම ඉවරවෙන කතාවක් මේ.. සහෝදරයෙක් විදියට මම වුනත් මේ දේ කරන්න ඉඩ නෑ කියල මම කියන්නේ නෑ මගේ සහෝදරියට මෙහෙම වුනා නං..

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...