Sunday, June 22, 2014

123 අමන්දි

ලා දම් පැහැය තවත් නිමේෂයකින් තද දම් පැහැයට හරවා අවසානයේ දිය බිදිති එකින් එක පොළව කරා එවන්නට අහස් කුස සමත් වූවේය. දුර ඈතක සිටින පෙම්වතෙක් තම පෙම්වතියට තෑගි එවන්නා සේ පොළෝ තලයද ඒවා මහත් හරසරින් වැළද ගනියි.  උසස් පෙල පන්ති යන එන කොල්ලන් කෙල්ලන් එක කුඩයක් යට ගුලිවී යනෙන දසුන වර්ෂාවෙන් බේරෙන්නට කේක් කඩය අද්දර සිටින කසුන්ගේ නෙතට සමීප වෙයි. අනේ මටත් මෙහෙම යන්න තිබුනා නං...වරෙක ඔහුට සිතෙයි.

කේක් කඩයෙන් ඔබ්බෙහි ඈතින් පෙනෙනා අරලියා ගහේ ඉහළම ඇති සුදු මල් පොකුරු වැහි හුළං කෝඩයේ වෙලී දෙපසට පැද්දෙමින් තිබෙන අයුරු කසුන්ගේ නෙතු මත සටහන් වුවද, අරලියා ගසේ ලැගුම් සොයා පැමිණ සිටි තෙත බරිත කුරුලු යුවලක් ඔහුගේ අවධානය ඊටත් වඩා දිනාගන්නට සමත් වූවේය.

කුඩ ඇත්තෝ වැහි මැද වුවද නතර නොවෙති. කුඩ නැත්තෝ කොහේ හෝ අගුපිලක පිහිට පතති. කේක් කඩේ මාළු පාන් වල සුවද නාස් පුඩු අස්සෙන් අමාෂයේ බඩවැල් කරා යන බවක් කසුන්ට සිතෙයි. අරමුණක් නැති ඉබාගාතේ යන එකෙකු මෙන් හෙතෙම තව දුරටත් වැසි මැද නිරුවත් වූ නගරයේ හැඩ තල දෙස බලා උන්නේය.

මල්ලි කඩේට එන මිනිස්සුන්ට ඉඩ දීලා පොඩ්ඩක් පැත්කට වෙලා ඉන්නවකො...තමුසෙ බැම්ම බැන්දා වගේ ඔතන හිටගෙන ඉද්දි කොහොමද මිනිහෙක් බඩුවක් ගන්න එන්නෙ.

කේක් කඩේ මුදල් අයකැමි තැනගේ කැද නැති මුහුණ දෙස කෝපයෙන් බැලූ කසුන් සැනෙන් ඉවත බලා ගත්තේය.

මල්ලි සිංහල තේරෙනවනං ඔතනින් පොඩ්ඩක් අයිනකට වෙලා කඩේට එන මිනිස්සුන්ට ඉඩ දෙනවා...මේක නිකං මුන්ගෙ දේපලක් වගේනෙ යකෝ. සිරියො අර පෙට්ටියෙ තියෙන ඥාණකථා ටිකත් මේ ෂෝකේස් එකටම දාහං...පන්ති එන ගෑණු ළමයින්ට බැරියැ දීලා දාන්න. මේකෙ කිඹුලා බනිස් ඉවර වෙද්දි අර පෙට්ටියෙන් අරගනිං.

ඉවසනු නොහැකි කෝපය  ආයාසයෙන් දරාගනිමින් කසුන් කේක් කඩයේ පසෙකට විය. අද නම් මහා ජරාම දවසක්, ෂික් විතරක්...ඔහු තමාටම කියා ගත්තේය. සර් හදන්න දුන්න ගනං ටික හදන්නත් බැරි උනා. එහෙං උදේම චුරු චුරුව, මේ වැස්සෙ කඩයක් අයිනෙවත් ඉන්න බැරි හැටියක්. කසුන්ගේ සිත විවිධ සිතුවිලි අතර අතරමං වෙයි.

කසුනා.....උඹ තාම මෙතනද....මම හිතුවෙ උඹ පන්තියෙ කියලා....

අඩේ... බඩ පුබ්බා...උඹත් පරක්කුද අද....පන්තියට යන්න තමයි බං ආවෙ...කොහෙ යන්නද මේ ජරා වැස්ස අස්සෙ. බස් එකෙන් බහිද්දිම පටන් ගත්තනෙ. 

මිනිහෙක් කඩේ අයිනට වෙලා වැස්සකටවත් ඉන්නවට කැමති නැති උන් බං මේකෙ ඉන්නෙ. අයකැමි තැන තම මිතුරාට ඉගියෙන් දක්වමින් කසුන් මුහුණ හැකිලුවේය.

අවුල් වෙන්න එපා බං...අපි කවදාවත් මේකෙන් කෑම ගන්නෙ නෑනෙ....උන්ට උඹේ ඩයල් එක හුරු නැති නිසා තද වෙන්න ඇති.

උඹ ගණං ටික ගොඩදාගත්තද ?

මොන ගණංද බං...මේ දවස් ටිකේම ක්‍රිකට් මැච්...පොතක් අතින් ඇල්ලුවෙ නෑ...ගාණක් හදන්න පටන් ගන්න හදනකොටම මොකෙක් හරි කාපාලුවෙක් මැච් එකකට යන්න මාව හොයන්න එනවා. අපේ අම්මා බනින නිසා උන් ගෙදරට එන්නෙ නැතුව ඈත ඉදන් දැන් කථා කරන්නෙ. පවුනෙ බං...මමත් පොඩි සප් එකක් දුන්නා.

අපේ කරුමෙට වැඩ නොකරපු උන් අද පන්තියේ නැගිට්ටෙව්වොත් නං පුබ්බො විළිලැජ්ජාවක් වෙන්නෙ. කෙල්ලො ටික දාන පජාති හිනාව තමයි මට නං දිරවන්නෙම නැත්තෙ.

ඒක එවෙලෙට බලමුකො බං...දැනටම පන්තිය පටන් අරගෙන විනාඩි 10 ක් ගිහිල්ලා. කොහොම හරි පන්තියට යමං. නැත්තං විභාගෙ දවසට ප්‍රශ්න පත්තරේ බලි කුරුටු තමයි අදින්න වෙන්න‍ෙ.

ඔන්න ආයෙමත් වැස්ස තද කලා. මේ වැස්සෙ කුඩයක් නැතුව යන්න බෑ බං....සපත්තුව අස්සට වතුර ගියාම කොහොමද ඉදගෙන ඉන්නෙ.

ඔහොම ඉදපංකො...මම ක්‍රමයක් හදලා දෙන්නම්...ඉදිරියට නෙරා ආ කුස නිසා බඩ පුබ්බා වූ පුබුදු කේක් කඩයේ යකඩ දොරට ආදර ගීතයක් අනුව තට්ටුවක්  දැම්මේය.

ෂ් ෂ් ෂ් ෂ් ෂ්........අපි දෙන්නවත් පොඩ්ඩක් පන්තියට දානවද ?

එන්න....

හදිසියේ ඇසුනු කිංකිණි හඩින් පියවි සිහියට පැමිණි කසුන් එදෙස බැලුවේය.

උසස් පෙළ අතිරේක පන්තියේ රූබර යුවතියන් දෙදෙනෙක් වැහි සිරි මැදින් සිනාසෙයි. මොහොතකට කලියෙන් දුටු සිහිනය මෙතරම් ඉක්මනට හැබෑවෙනවද....කසුන් කල්පනාවේ නිමග්න වූවේය.

මොකද යකෝ කරන්නෙ...ඉක්මනට වරෙන්...පුබ්බා මොර දෙයි.

දෙදෙනාගෙන් වඩාත් රූබර යුවතිය කසුන්ගේ ආගමනය බලා සිටින්නීය. ඇගේ දිදුලන කාන්තිමත් නෙත් යුවලත්...තනි කරලට ගොතා පිට මැද්දෙන් පහතට රූරා හැලෙන මනස්කාන්ත කේෂ කළ්‍යාණියත්, විවිධ වර්ණයන්ගෙන් සුසැදි අලංකාර ගවුමත්, කසුන්ගේ නෙත මෙන්ම සිතද වශී කර ඇති සෙයකි. උරහිසේ රැදි බෑගය එක් අතකින් අල්ලාගෙන සිටි ඇය අනිත් අතින් රෝස පැහැති පුංචි මල් වැටුන කුඩය දරාගෙන සිහින් සිනහවක් පෑවාය.

කුඩය යටට පිවිසි සැණෙකින් දැනුන පිච්ච මල් සුවදින් කසුන්ගේ තුරුණු සිත සසල වී ගියේය. මූසල පෙනුමින් යුතු වැහිබර දවසක මෙවන් ආහ්ලාදයක්.....කසුන් හොරෙන් මෙන් ඈ දෙස බැලුවේය. ඇය ඔහුට වඩා උසින් අඩු එකියක වූ නිසා කුඩය කසුන්ගේ හිස මත ගෑවෙයි.

දෙන්න මම කුඩය අල්ලගන්නම්...

ඇය ඔහුට සිනහවකින් සංග්‍රහ කර කුඩයේ අයිතිය ඔහු වෙත පැවරුවාය. ඒ අවස්ථාවේ ඇගේ රතැගිලි ඔහුගේ අතේ යන්තමින් ස්පර්ශ විය. ඒ ඇගිලි වල සිසිලස කසුන්ගේ හදවතටම කිදා බැස්සේය. රෝස පැහැති පුංචි මල් කුඩය යට දෙදෙනෙකුට ඉඩ නැතිය. ඒ අවසරයෙන් වැහි දියෙන් සිත්තම් ඇදෙන ඇගේ ගවුමේ දකුණු පස කසුන්ට යන්තමින් පෙනෙයි. අපිත් මෙහෙ ඉන්නවා කියන්නට මෙන් ඉදිරියට නෙරාවිත් තිබෙන ඇගේ ළැම පෙදෙස ගමනේ රිද්මය අනුව උස් පහත් වෙයි. යුවතියගේ උරහිස වටා අත යවා තමා වෙත නැඹුරු කරගන්නට කසුන්ට සිතෙයි.



අපරාදෙ පන්තිය තියෙන්න තිබ්බෙ කිලෝ මීටර් ගානක් පයින් යන්න ඕනෙ දුරක. කසුන්ගේ සිතට විවිධ හැගීම් පහළ වී සැනින් එසැනින් නැසී යයි. තැන් තැන්හි රැදුනු දිය කඩිති පසු කරන්නට ඇය තම දිගු ගවුම තරමක් ඔසවයි. එවිට ඔහුට ඇගේ පැහැපත් දෙපා, වර්ණ ගල්වන ලද නියපොතු, කකුලේ හැඩයට මනාව ගැලපෙන මිරිවැඩි සගල පෙනෙයි. තරමක නිහැඩියාවකින් පසු කසුන්ගේ හඩ අවදි වූවේය.

ඔයාගෙ නම මොකක්ද ? තරමක ආයාසයකින් ඒ වදන පිටවූ බවක් කසුන්ට හැගෙයි. පිරිමි ළමුන් පමණක් ඉගෙන ගන්නා පාසලක අධ්‍යාපනය ලැබීමත්, උපන් ගෙයි ලැජ්ජා කාරයකු වීමත් නිසාම හෙතෙම යුවතියන් අභිමුව එතරම් දොඩමළු නැත.

අමන්දි...... ඇසෙන නෑසෙන හඩින් වායුගෝලයට මුදා හැරි ඇගේ ස්වරය ඔහුගේ සවන් පිනවීය.

සර් දුන්න ගනං ටික හැදුවද ? 

හ්ම්...

ඊට අමතරව අසන්නට යමක් සිතාගත නොහැකි වීමෙන් කසුන් මුණිවත රැක්කේය. ඔවුනට ඉදිරියෙන් ගමන් ගන්නා අනිත් යුවල නම් කට පුරා සිනාසෙන හඩක් ඇසෙයි.

ඔන්න අපි දෙන්නවම පන්තියට ගෙනත් දැම්මා....දැන් ඉතිං කීයක් හරි ගෙවන්න.... නැත්තං හවසට කේක් කඩෙන් කේක් අරන් දෙන්න, නේද අමන්දි...කටකාර එකියක වූ අමන්දිගේ මිතුරිය සරදමට මෙන් කසුන් දෙස බලා සිනාසුනාය.
.......................................................................................................

උඹ මොකද බං නිකං අමුතු වෙලා...දැන් වැඩි කථා බහකුත් නෑ...සතියක දෙකක ඇවෑමෙන් පසු එළැඹුන පන්ති දිනයක විවේකයේදී  කසුන්ගේ මිතුරන්ගෙන් ඔහුට බේරුමක් නැත.

අර කුඩේ යටින් ගිය දවසෙ ඉදන් තමයි මෙයාට මේ ලෙඩේ හැදුනෙ...බඩ පුබ්බා අසික්කිත සිනහවක් නගයි.

හා හා හා....ඒකයි එහෙනං කාරණේ...කවුද බං කෑල්ල....අපිත් දන්න කෙනෙක්ද ? විභාගෙට කලින් ජෝඩුව ගලපලා ඉමු එහෙනං...මොකද පන්ති අහවර උනාට පස්සෙ ඕවා හොයනවා බොරු....මහදැන මුත්තෙකු සේ අවවාදයක් දෙන්නට තවත් එකෙකු ඉදිරිපත් විය.

පුතේ...කෙල්ලෙක්ට හිත ගියා නම් ඉක්මනට අදහස ප්‍රකාශ කරපං...පස්සෙ පසුතැවිලි වෙන්නෙ නැතුව, ලව් ඔස්තාද්ලාද මේ අවට සිට මේ කථාවටම අත්වැල අල්ලයි.

ඇත්තම කියහං කසුන්...උඹ අමන්දි ගැන හිතනවා නේද....පුබුදු තම මිතුරා වෙත ලං වෙමින් සෙමින් ඇසුවේය.

හ්ම්....පිළිතුරක් වෙනුවට සුසුමක් ගිණියම් වූ වාතලයට මුදාහැරි හෙතෙම ඈතින් පෙනෙන වලාකුළු නැති හිස් අහස දෙස බලා උන්නේය.
.......................................................................................................

අපි මේ වෙද්දි ඉතාම හොදින් විෂය නිර්දේශයේ අවසන් කොටස දක්වාම ඇවිල්ලා තියෙනවා. විභාගයට තියෙන ඉතිරි කෙටි කාලය තුල වඩාත් අපහසු ගැටළු නැවත සාකච්ඡා කරමු. අද පන්තිය අවසන් උනාට පස්සෙ මට පුද්ගලිකව හරි තමන්ට අපහසු පාඩම් කොටස් තියෙනවා නම් කියන්න.

අතුරු සිදුරු නැතිව පිරී ඇති ආර්ථික විද්‍යා පන්තියේ ඇගේ රුව සොයා ලුහු බැදීම දැන් දැන් කසුන්ට සාමාන්‍ය සිදුවීමකි. හැමදිනකම ගැහැණු ළමුන්ගේ පැත්තේ ඉදිරිපස සිට දෙවැනි පේළියේ මැද ඇති බංකුවක අසුන් ගන්නා ඇගේ රුව ලග ඔහුගේ සිත භාවනා කරයි. අනාගත සිහින දකියි. ගුරුතුමාගේ දේශනය පිළිබද අවධානය බිදෙන් බිද බිදී ඇයත් සමග ගොඩනගන අනාගත ලොවක අතරමං වෙයි.

කසුනා අද අමන්දි ඇදලා ඉන්නෙ එදා උඹ කුඩේ යටින් ගිය දවසෙ ඇදගෙන හිටිය ගවුම නේද ? ඒකි ඇත්තටම ඒකට ගොඩාක් ලස්සනයි බං.

ඒ අදහසට පිළිතුරු දෙනු වෙනුවට මුනිවත රකින්නට කසුන් ප්‍රිය කලේය.

පන්තියේ සිටිනා බුද්ධිමත් ශිෂ්‍යාවක් ලෙස ඇය කැපී පෙනෙයි. ගුරුතුමාගෙන් නිතරම ප්‍රශ්න කිරීමත්, ඔහු විමසන ගැටලු වලට ක්ෂණිකව පිළිතුරු දීමත් නිසාම ඇගේ ප්‍රභාව පන්තිය තුල තව තවත් වැඩි වී ඇති බවක් කසුන්ට හැගෙයි. මේ නම් හැම අතින්ම මට ගැලපෙන යුවතියයි. ඔහුගේ සිත දෙස් දෙයි. දැන් ඉතින් ගැලවීමක් නැත.

තම මිතුරාගේ හදිසි වෙනස් වීමත්, විභාගයේ අරමුණු වලින් ඈතට යන ඔහුගේ ක්‍රියා පිළිවෙතත් නිසාම අමන්දි පිළිබද කාරණය ඉතා ඉක්මනින් විසදා ගත යුත්තක් බව පුබුදුගේ සිත කියයි. නිතරම තම යෙහෙළියන් පිරිවරා සිටින ඇයට ලං වීමද පහසු නැත. ඇරත් කසුන් වැනි සබකෝලයෙන් යුතු තරුණයෙකුට මේ කාරණය තවත් අපහසු බව හෙතෙම දනියි. මොනවා කරන්නත් තව ඇත්තේ මාස 3 ක කාලයකි.

කසුනා.....බල බලා ඉදලා හරියන්නෙ නෑ...උඹ ඒ කෙල්ලට කැමති නම් කෙලින්ම අහපං....අද කාලෙ කෙල්ලො ඉස්සර වගේ නෙමෙයි. කෙලින්ම අහනවටයි කැමති. අපේ අයියා කෙනෙකුත් කිව්වා විභාගෙ ලං උනාම  තියෙන මානසික පීඩාවෙන් මිිදෙන්න ගොඩාක් කෙල්ලො ආදර යෝජනා වලට කැමති වෙනවා කියලා. දැන් හොද වෙලාව. ලබන සතියෙ පළවෙනි අඩිය තියමුද ?
.......................................................................................................

ළමයි.....මට අද හදිසි වැඩකට යන්න වෙලා තියෙනවා. ඒ නිසා ඕගොල්ලො ඔය ප්‍රශ්න පත්තරයට උත්තර ලියලා කාර්යාලයට බාර දීලා යන්න. ගුරුතුමාගේ ගැඹුරු කටහඩ ශබ්ද විකාශන පද්ධතිය දෙදරවයි.

කසුනා අර වැඩේට අද තමයි දවස...හැම කෙල්ලම අද එකට යන්නෙ නෑනෙ...උත්තර ලියලා ඉවර වෙන පිළිවෙලටනෙ යන්නෙ. ඉක්මනට උත්තර ලියලා නැගිටින්නෙ නැතුව ඉමු. අමන්දි යන වෙලාවටම අපිත් යමු. පුබුදුගේ අදහස අනුව කසුන්ගේ පෑන විදුලි වේගයෙන් සුදෝ සුදු කඩදාසිය මත ඒ මේ අතට පාවෙයි.

පිළිතුරු ලියා අවසන් කල කසුන්ගේ නෙතු යුග ඇගේ ආගමනය අපේක්ෂාවෙන් පන්තිය පුරා සැරිසරයි. ඇගේ දකුණතේ පෑන වෙන්නට තිබුනා නම්, එදා දැනුන සිහිලස අදත් විදින්නට තිබුනා නේදැයි විටෙක කසුන්ට සිතෙයි.

අන්න නැගිට්ටා තව එකියක් එක්ක...ඉක්මන් කරහං කසුන්....අද කරගන්න බැරි උනොත් ආයෙ දවසක් එන එකක් නෑ. ප්‍රේමය හමුවේ මෙලෙස උපකාර කරන මිතුරන් හැමටම ලැබීයන්. තම අතිජාත මිතුරා පිළිබද කසුන්ට එලෙස සිතෙන්නට ඇත.

එදා මෙන්ම අදද ඇය දිගු ගවුමකින් සැරසී සිටියි. ඇය අදින පළදින විලාශයද, කථා බහද කසුන්ගේ නෙතට රසදුනක් වන්නේය. ඔහුගේ  තුරුණු නෙතු ඇගේ රූ බර සිරුරේ සියලු රස උකහා ගනිමින් ඇය පසුපස ඉදිරියට ඇදෙයි. යුවතියන් දෙදෙනා ඔවුන්ට ඉදිරියෙන් බස් නැවතුම කරා වේගයෙන් පියවර මනිමින් සිටියි.

තව වැඩි දුරක් නෑ ගොනෝ....අහපං ඉක්මනට....

එහෙත් කසුන්ට තවමත් නිසි ධෛර්යය එළැඹී නැත. මෙයින් පෙර ජීවිතයේ කෙදිනක හෝ මෙවන් අත්දැකීමක් කසුන් විද නැත.

බිදෙන් බිද අඩියෙන් අඩිය අතුරු මග ප්‍රධාන මාර්ගයට වැටෙන්නට ආසන්න වෙයි. එයින් ඉක්බිති බස් නැවතුම හෙයින් ඇය බසයට නැගෙනු ඇත. බසයේ සෙනග මැද මේ කාරිය කරන්නට හැකියාවක් නැත.

උඹ මොනවද බං කරන්නෙ....කොච්චර බලා ඉදලද මේ දවස උදා වුනේ...තව අඩි ගානයි තියෙන්නෙ පාර ඉවර වෙන්න...අහපං යකෝ....ආයෙ මෙහෙම දවසක් එන්නෙ නෑ. බඩ පුම්බාගේ දකුණත් පහරක් කසුන්ගේ පිට මැද පතිත වද්දී මෙතෙක් කල් සිත පෙලූ හැගීමෙන් නිදහස් වෙන්නට කසුන් දැඩිව ඉටා ගත්තේය.

අමන්දි....සියලු ශක්ති ප්‍රභවයන් ආයාසයෙන් එක්තැන් කර ගත් ඔහු මහත් වෑයමෙන් ඇගේ නම උච්චාරනය කලේය.

ඒ හඩට එකතැන නැවතුන ඇය පසුපස බලා ඔහු හැදින සිනාසුනාය.

අමන්දි...ම...ම...ම.ම මම ඔයාට කැමතියි.

මිතුරිය අමන්දි දෙස බලා කට කොනකින් සිනාසුනාය.

දැන් ඉතින් භය වෙන්නට කාරණයක් නැත. අවශ්‍යම දේ කියවී තිබේ. කසුන්ගේ සිතට මාස ගනනාවකට පසු සහනයක් දැනෙයි.

පිළිතුර වෙනුවට නැවත සිනහවක් පෑ ඇය සිය දිගු කේෂ කලාපය දෙපසට පද්දමින් තාලයට ඇවිදින අපූරුවේ චමත්කාරය හිත්පුරා විදගන්නට කසුන් ලොබ බැන්දේය.

අතුරු මාර්ගය ප්‍රධාන මාර්ගයට සම්බන්ධ වන තැන කේක් කඩයට ඉදිරියෙන් ඇත්තේ බස් නැවතුමයි. එහි වූ බසයකට ඇය සහ මිතුරිය නැගෙන අයුරු මෙන්ම කවුළුවක් අසලින් අමන්දි අසුන් ගන්නා අන්දමද මිතුරන් දෙදෙනා දුටුවේ කේක් කඩය අසල නැවතී වටපිට බලන විටය.

ඒකි උත්තරයක් දුන්නෙ නෑනෙ බං....

අනේ බොල උඹ වගේ මී හරකෙක්....උඹ හිතුවද කෙල්ලො කියන්නෙ සෙල්ලං බඩු කියලා අහපු ගමන් හා කියන්න. ඒගොල්ලො දවස් කීපයක් කල්පනා කරලා තමයි උත්තරේ දෙන්නෙ උඹට තදියම තිබුනට.... දැන් උඹේ වැඩේ කෙරුනනෙ....බලාපොරොත්තු තියාගන්න පුලුවන්. මෙච්චර කල් අපි ඒකිට කොල්ලෙක් ඉන්නවද කියලා හැම අතේම හෙව්වා. කෝ හෙව්වට හම්බුනේ නෑනෙ බං...උඹලට මේ බඩ පුබ්බා වගේ යාලුවො ලැබෙන්නෙ නෑ. ලබන ආත්මෙත් මගේ සේවය උඹටම ලැබෙන්න කියලා මට හොද කිරි තේ එකක් අරගෙන දීහං මයෙ අම්මා....
.......................................................................................................

කසුන් තම  කැමැත්ත ප්‍රකාශ කර සතියක් දෙකක් ගෙවෙන්නට ඇත. නමුත් ඇගෙන් පිළිතුරක් නැත. කසුන්ගේ සිතට ඇගේ පිළිතුර දැනගැනීමේ පුදුමාකාර හදිස්සියක් ඇති වී තිබේ. එය මෙවැනි අවස්ථාවකට මුහුණ දෙන ඕනෑම ප්‍රේමවන්තයෙකුට පොදු දෙයක් විය යුතුය.

දින දින ගෙවී යයි. පන්තියේ අවසානය කෙමෙන් කෙමෙන් උදා වෙයි. පන්තිය තුලදී ඇගේ මිතුරියන් දැන් ඇයට කසුන් පෙන්වමින් විහිළු තහලු කරයි. ඇයද සිනාසෙයි. නමුත් කසුන් බලාපොරොත්තු වන ඒ මිහිරි වදන තවමත් ඔහුගේ දෙසවනට ළගා වූයේ නැත.

මචං...අමන්දි තාමත් කිව්වෙ නෑනෙ කැමතිද අකමැතිද කියලා....අපි මොකද බං කරන්නෙ. තමාගේ ආදර කථාවේ සපෝටර් චරිතය රගන බඩ පුබ්බා හැර මේ දුක්ගැනවිලි කියන්නට වෙනත් කෙනෙක් කසුන් හට නැත.

අද හවසට පන්ති ඉවර වෙලා ආයෙම අහමු. උඹේ යෝජනාව ගැන කල්පනා කලාද කියලා.

ඒක කොහොමද බං කරන්නෙ....ඒකි ඉන්නෙ කෙල්ලො රොත්තක් පිරිවරාගෙනනෙ හැම වෙලේම.

දැන් ඉතින් හැමෝම දන්නවනෙ බං උඹ ඒකිගෙන් ඇහුවා කියලා. ඒ නිසා භය වෙන්න දෙයක් නෑ.

තවත් දිනයක උපකාරක පන්තියේ  නිමාව සිදු වී තිබේ. දිවාකල තද අවු රැසින් පිළිස්සී ලද විඩාවෙන්දෝ ගහ කොළ අලස ලෙස ඒ මේ අතට වැනෙති. කේක් කඩය ඉදිරිපිට බස් නැවතුම සිසු සිසුවියන්ගෙන් පිරී පවතී. එහි දෙනෝදාහක් දෙනා අතර අමන්දිගේ රුව හදුනා ගැනීම කසුන්ට එතරම් අභියෝගයක් නොවේ.

ඇය වෙනතක්  බලාගෙන සිටියදී  අඩියට දෙකට ඔහු ඒ ඉසව්වට සමීප වූවේය.

අමන්දි....

ඇගෙන් ප්‍රතිචාරයක් නැත. ඇගේ මුණිවත කසුන්ගේ සිත තව තවත් පීඩාවට පත් කරයි.

මට ඔයා තාම උත්තරයක් දුන්නෙ නෑනෙ. කැමතිද අකමැතිද කියලවත් කියන්න.

කිසිම ප්‍රතිචාරයක් නොදැක්වූ ඇය ඉවත බලාගෙනම සිටියාය.

ඇගේ මිතුරියන්ගේ සමච්චල් සිනා හඩ  මැද අපහසුතාවට පත්වූ කසුන් නැවතත් තම මිතුරා වෙත පසුබැස ගියේ මහත් වූ ලෙස කෝපාග්නියේ දැවෙමිනි.

ඒකිගෙ මොකද බං ඔච්චර ඝනකම...අඩුගානෙ මනුස්ස කමට කථා කරපං...මම අමනුස්සයෙක්ද අහක බලාගෙන ඉන්නෙ.

හරි හරි බං...පොඩ්ඩක් ඉවසගෙන ඉදපං..සමහර කෙල්ලො කමැති නෑ ඔය වගේ පුද්ගලික දේවල් තමන්ගෙ යාලුවො ඉස්සරහා කථා කරනවට....ඒකිගෙ රූපය විතරනෙ බං අපි දැකලා තියෙන්නෙ. හිතන පතන විදිය ගති ගුණ ගැන අපි දන්නෙ නෑනෙ...ඉවසපන් තව ඉවසපන්...

උඹ මට කියපං එහෙනං...පන්තිය වෙලාවට මගේ දිහා බලාගෙන ඉන්නෙ...යාලුවො කියන ඒවට හිනා වෙන්නෙ ඇයි කියලා.

උපකාරක පන්තිය තුලදී අරමුණකින් තොරව පසු පසට හැරී එක්වරම ඇගේ දෙනෙත් තමා සොයනා බවක් කසුන්ට දින කීපයක්ම හැගී ගොස් තිබුනේය.

එහෙම තමයි බං කෙල්ලො...උඹ නිකං විහින් ළද වෙන්න යනවනෙ. උන්ව තේරුම් ගන්න අමාරුයි. බැදලා අවුරුදු විසි ගානක් ගිහිල්ලත් අපේ තාත්තට අපේ අම්මව තවමත් තේරුම් ගන්න බෑ කියනවනෙ ඉදලා හිටලා තරහා ගිය වෙලාවට.

දින සති , විභාගය , හිත මිතුරන්, ඩෙස් බංකු මේ සියල්ලෝම තමා දෙස බලා විපරීත අන්දමෙන් සිනා සෙන බවක් කසුන්ට සිතෙයි. ඔහුගේ සිතේ පහළ වූ කුළුදුල් ආදරය ඇයට පිදුවේ අවංක හදිනි. නමුත් ඇය එය අවඥාවට ලක් කර සිනාසෙයි. ආදරය මේ තරම් වේදනාවක් බව දන්නවා නම් කිසිවෙකු ආදරය නොකරනු ඇත. එහෙත් එය නියම ලෙස ගැලපුනු පසු කෙතරම් සුන්දර ඇතිද...කසුන්ගේ සිත සසල වී තිබේ.

මට තවත් ඉවසන්න බෑ පුබ්බො. මේ මගුල දිහා බලා හිටියොත් මගේ විභාගෙත් වතුරෙ. ඒත් මට දැනගන්න ඕනෙ මට දෙන උත්තරේ මොකක්ද කියලා. මට කැමති උනත් අකමැති උනත් කමක් නෑ. හැබැයි සාධාරණ හේතුවක් දෙන්න ඕනෙ.

ඒ කෙල්ලගෙ පවුල් පසුබිම ගැන අපි දන්නෙ නෑනෙ බං. ඒ නිසා කලබල වෙන්න එපා. විභාගයට තව සති දෙකක් විතර තියෙනවනෙ. ඔය කාලය ඇතුලත අපි කොහොම හරි උත්තරේ ගමු.
.......................................................................................................

දැන් ඉතින් හැමෝම පාඩම් වැඩ වල අවසානයට ලං වෙලා ඇති නොවැ. මේ වගේ විභාගයට හොදටම ලං වෙලා තියෙන කාලෙක පරණ අභ්‍යාස, න්‍යායික කරුණු කොටස් නැවත නැවත මතක් කරගන්න කෙටි සටහන් යොදා ගන්න. කලින් වසර වල විභාග ගැටලු හැකිතරම් වේගයෙන් විසදන්න. විභාගයට යන්න කලින් දවසෙදි මේ කෙටි සටහන් වලින් සෑහෙන්න ප්‍රයෝජන ගන්න පුලුවන්.

පුබ්බො...අද නම් අමන්දිගෙන් මට වචනයක් ඕනෙමයි. ලබන සතියෙන් පස්සෙ පන්ති ඉවරයි. ආයෙ අපි මෙහෙම එක වහලක් යට හමුවෙන්නෙ නෑනෙ බං.

ඒක හරි. මා ගාව තියෙනවා පොඩි සැලසුමක්. අපි අද පන්තිය ඉවර වෙලා කෙල්ලො රංචුව එක්ක බස් එකේ උන් යන දිහාවකට යමු. බස් එකේ යනකං කථා කරන්න බැරියැ.

ඒ අදහස සනාථ කරන්නට මෙන් කසුන් තම මිතුරාගේ දකුණත වැරෙන් අල්ලා ගත්තේය.

මිනුවන්ගොඩ...මිනුවන්ගොඩ....කොන්දොස්තර තැන බසයේ ඉදිරිපස දොරටුව අසල සිට හාත්පස සිසාරා නෙත් වෙහෙසමින් ගෑ ගසයි.

පුබ්බො කොහෙටද බං ටිකට් ගන්නෙ...

අන්තිම කෙළවර මිනුවන්ගොඩනෙ....එහෙට ගනිං....

ටිකට් පත් දෙකක් අතැතිව බසයේ ඉදිරිපස දොරටුවෙන් රථය තුලට වන් මේ දෙමිතුරන්ට බසයේ පිටුපස කලාපය අරක් ගෙන සිටින අමන්දිගේ යෙහෙලියන් රොත්ත මැද බිම බලාගෙන සිටින අමන්දිගේ රුව පෙනෙයි.

ඒයි... ප්‍රේමවන්තයා අද බස් එකටත් නැගලා....අමන්දියො අර බලපංකො.

අනේ පවු බං...කෑ නොගහා ඉදපල්ලා. තවත් එකියක් ඇසෙන නෑසෙන ගානට පවසයි.

වීරයා මෙන් මේ ගමන පැමිණියත්....තමාගේ චිත්ත සන්තානයම අනිසි භියකින් වෙලී ඇති බවක් කසුන්ට සිතෙයි.

මොකද උඹ භය වෙලාද ? භය වෙන්න එපා බං... උන්ට අමතරව බස් එකේ තව මිනිස්සු ඉන්නවනෙ. ඇරත් උඹේ තනියට මම ඉන්නවනෙ.

කසුන්....ඇයි හිටගෙන....ඔයාගෙ ප්‍රේමවන්තිය ලගින් වාඩි වෙන්නකො. අමන්දි සමග කුඩය යටින් ගිය දා සිටි යෙහෙළිය මුහුණ පුරා සරුවට වැවුනු සිනහවක් දරා ගනිමින් අමන්දි සිටි අසුනෙන් නැගී සිටියාය.

නිලූ....එපා නැගිටින්න...ඔහොමම ඉන්න. අමන්දි ඇගේ වමත මිතුරියගේ දෑත මත තබා පහළට ඇද්දාය.

ඇගේ ඉල්ලීම මායිම් නොකල මිතුරිය කසුන් වෙත තම අසුන පෑවාය.

ඒ අවසරයෙන් එතැන හිදගත් කසුන් අමන්දි සමග සුහදව කථා බස් කරන ආකාරය පුබුදුගේ දෙනෙතට හසුවුවද බස් රථය ගමනාන්තයට ලගා වන විට එය තරමක විවාදයක් බවට පත්ව තිබුනි.

අතරමගින් බැස ගිය යෙහෙලියන් හැරුනු කොට තවත් අතලොස්සක මිතුරියන් පිරිසක් අමන්දි වටා සිටිති. මිනුවන්ගොඩ බස් නැවතුම අසල ඇති තැඹිලි කඩයක සෙවනේ කථාවේ ඉතිරිය දිග හැරෙයි.

ප්ලීස් අමන්දි...මට වචනයක් දෙන්න. කැමතිද අකමැතිද ?

කසුන්ගේ ස්වරූපය දැන් දැන් රෞද්‍ර වේශයට ආසන්න වන බවක් කසුන් දුටුවේය.

මම ඔයාට කැමති නෑ කසුන්.....මට කරදර කරන්න එපා, මම මෙච්චර වෙලා කිව්වනෙ. 
ඇය ආයාචනාත්මකව පැවසුවාය.

කියන්න...මොකක්ද හේතුව...මම කැමතියි හේතුව දැනගන්න.

හේතුවක් නෑ

උරහිසේ එල්ලගෙන සිටින බෑගයේ කොනක් කොනිත්තමින් ඇය අහිංසක ලෙස පැවසුවාය.

හේතුවක් නෑ. මොකක්ද ඒ කථාව...ඒක උත්තරයක්ද...මට අකමැති වෙන්න හේතුව කියන්න. එතකොට මම යන්නම්. ඔයා මට අකමැති නම් ඇයි මට පුංචි හරි බලාපොරොත්තුවක් දුන්නෙ. ඇයි පන්තියෙදි මගේ දිහා බලාන උන්නෙ. කියන්න....ඔයා ගොළු වෙලාද ?

කසුන්....සන්සුන් වෙයං බං...තරහා ගන්න එපා...තරහා ගියොත් උඹ පරාදයි. බඩ පුම්බාගේ ඔවදන් කනකට නොගත් කසුන් තව තවත් ඇය සමග වාද විවාද කර කෝපාග්නියේ ගිණි දැල් දසත පතුරවා ලූවේය.

උඹවගේ මෝඩ එළදෙනක් පස්සෙ ආව මමයි මෝඩයා....උඹ මට මෙච්චර ගනං උස්සන්නෙ අනිත් ගෑණුන්ට නැති එකක්ද උඹට තියෙන්නෙ. බැල්ලි....උඹ මාව කෑවා යකෝ....දැන් කොහොමද මම හිත හදාගෙන විභාගය ලියන්නෙ. දවසක උඹ දුක් වෙයි මම වගේ කොල්ලෙක්ට ඔහොම කලාට....

පිළිතුරු වෙනුවට අමන්දිගේ ඉකිබිදුම මදින් මද දැඩි වන විට පුබුදු තම මිතුරා රැගෙන එතැනින් ඉවතට ගියේය.
.......................................................................................................

මේ සිදුවීමෙන් පසු කසුන් දෙස වැරදීමකින් හෝ නොබලන්නට අමන්දි කටයුතු කලාය. ඇගේ යෙහෙලියෝද වෙනදා මෙන් ඔහු දුටු විට කවට කම් නොකලහ. උසස් පෙළ පන්තියේ සිය ගණනක් සිසු සිසුවියන් අතර තමා හුදෙකලා වී ඇති සෙයක් කසුන්ට දැනෙයි.

විභාගයට ඉතිරිව තිබූ අවසන් සතිය සිතුවාට වඩා වේගයෙන් ගතවී තිබේ. කලින් සැලසුම් කල කිසිවක් තමාට කල නොහැකි වූ බව කසුන්ට සිහිවන්නේ සිත පතුලේ හටගත් වේදනාවක සේයාවන්ද සමගිනි. වැහිබර උදෑසනක්, රෝස පැහැති කුඩයක් අතින් ගත් යුවතියක්, තමාගේ අනාගතය සමග මෙතරම් සෙල්ලමක් කරාවි යැයි කසුන් සිහිනෙකුදු නොසිතන්නට ඇත.

දෑ වසරක අධ්‍යාපනය නිම කරමින් මළ හිරු බසිනා සැදෑවක උපකාරක පන්තියේ කටයුතු අවසාන විය. මෙතෙක් කල් ශිල්ප දුන් ගුරුතුමන් කල හැගීම්බර කථාව පන්තියේ පරිසරයට එකතු කර ඇති ශෝකාකූල වටපිටාව නිසාම ඇතැම් සිසුවියක තැන තැන ඉකි බිදිති.  අනාගත කඩඉම් සාර්ථකව තරණය කරන්නට හැකියාව, ශක්තිය ප්‍රාර්ථනා කරමින් සියල්ලෝ වෙන් වෙන නිමේෂය කිසිදිනෙක අමතක නොවේ. මෙතැනදී වෙන්වෙන මේ මිත්‍රත්වය නැවත කිසි දිනෙක හමුනොවන්නටද ඉඩ තිබේ. ඒ අවස්ථාවේදී තම මිතුරන් පිරිවරා සතුටු සාමීචියේ යෙදී සිටි කසුන් ඉදිරිපිටට ඇය පැමිණ සිටියාය.

කසුන්.... ඔයාට විභාගය හොදින් කරන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරන්නම්. 

අමන්දි ආයාසයෙන් වචන ගලපා බිම බලා ගත්තාය. එහෙත් කසුන්ගෙන් ඊට ප්‍රතිචාරයක් ලැබුනේ නැත.

මා එක්ක තරහද ? අනේ කියන්නකො.....

කසුන් තවමත් මුනිවත රකියි.

ඒ ඇසිල්ලේ ඇය තම දකුණත ඉදිරියට කර ඇක්සයිස් පොතකින් ඉරා හතරට නවන ලද කඩදාසියක ලියූ පුංචි ලියුමක් කසුන් අත තැබුවාය.

මම යන්නම්....

මෙතෙක් දිනයක් සිත් අහසේ සිත්තම් ඇදි ඒ තාරකාවිය එදා මෙන්ම උරහිසේ දවටාගත් බෑගයත් සමග දර්ශන පථයෙන් ඈතට යන දසුන දෙස කසුන් බලා උන්නේය. කෙමෙන් කෙමෙන් දැඩි වන මද අදුර තුල ඇගේ රුව නොපෙනී යද්දී  කසුන් හට දැනුනේ මහත් හිස් බවකි. පරාජිත හැගීමකි. තමා ගැනම උපන් අපුලකි.

තවමත් විවෘත නොකල ලියමන ඔහුගේ වමතේ එලෙසම තිබේ. ඔහු එය සැනකින් විවෘත කලේය.


කසුන්


එදා සිදුවීම අමතක කරලා දාන්න. ඔයා එක්ක මම තරහා නෑ. ඔයා මා ගැන නොදන්නා නිසා  එහෙම කිව්ව බව මම දන්නවා. ඒ ගැන ඔයාට වරදක් කියන්නෙ නෑ. මේ විකාර වැඩ ඔක්කොම අමතක කරලා හොදින් විභාගය සමත් වෙන්න උත්සාහ කරන්න. ඒක තමයි ඔයාගෙ දෙමව්පියන්ගෙ බලාපොරොත්තුව. ඒ අයගෙ බලාපොරොත්තු ඉටු කරන්න.

මම ඔයාට කැමති වුනේ නැත්තෙ ඔයාගෙ අඩුපාඩුවක් දැකලා නෙමෙයි. පේනවට වඩා ගොඩාක් අඩුපාඩු මගේ ලග තියෙන නිසයි. මම සුවකල නොහැකි පිළිකා රෝගියෙක් කියලා දන්නෙ මගේ හොදම යාලුවා විතරයි. වැඩි ආයුෂ නැති මම වගේ කෙනෙක් වෙනුවෙන් ඔයාගෙ ලස්සන අනාගතය නාස්ති කරන්න බැරි නිසයි මම කැමති උනේ නැත්තෙ.

ඔයාලට කලින් මැරෙන බව දැන දැනත් මගේ දෙමව්පියන්ට සතුටක් දෙන්න හැකිතරම් ඉගෙන ගන්නයි මම දැන් උත්සාහ කරන්නෙ. ඒක හිතන තරම් ලේසි නෑ. සැරෙන් සැරේට මාව අසනීප වෙනවා. ඔයා එදා මට බැන්න වෙලේ මම ගෙදර ගිහින් හොදටම ඇඩුවා. මා ගැන ඇත්ත කථාව ඔයාට කිව්වෙ නැතිනං ඔයාගෙ වැරදි වැටහීම නැති වෙන්නෙ නැති බව දන්න නිසයි ගොඩාක් හිතලා මේ කෙටි ලිපිය ලිව්වේ.

මගේ මේ ලිපිය කියවලා මනස අවුල් කරගන්න එපා. හැමදාම සතුටින් ඉන්න. පේනවට වඩා ගැඹුරක් හැම දේකම තියෙන බව වටහා ගන්න. එතකොට ඔයාට වරදින එකක් නෑ.

අනාගත පැතුම් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !


අමන්දි


කාමරේ අරින සිරා කොලුවා.

123 comments:

  1. නියම ආදරය කියන්නේ පරිත්‍යාගය තමයි.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම එය එසේම තමයි...විචාරක තුමාට පැරණි රසාංගයක්වත් මතක් වෙලාද අද කෙටියෙන්ම දෙසලා මාරු උනේ...

      Delete
    2. නැහැ සිරා හුඟක් හිතලා කෙටියෙන් කිව්වා.

      Delete
  2. හම්මේ දිග හින්දා යකඩ අස්සයගේ නැගලා පහලට ආවේ...

    කතාව කියන්වනකොට මමත් මෙහෙම වැස්සේ ගිය විදිය මතක් උනා...

    ReplyDelete
    Replies
    1. මොනවා කරන්නද මලේ...දෙකට කැඩුවාම කියවන උන් බනිනවා අපරාදෙ දෙකට කැඩුවෙ එකටම දාන්නයි තිබුනෙ කියලා...එකටම දැම්මම කියනවා අප්පේ මේකෙ දිග කියලා...ලියන වෙලාවට එන හැගීම් එක කොටසකට කියලා සීමා කරන්න බෑනෙ බං.

      Delete
    2. අනිවා..එකටම දාන එක හොදයි..කොටස් දෙකකට දැම්මම අනිත් කොටස එනකම් බලාගෙන ඉන්න එපැයි...

      Delete
  3. Supiri hagimbara kathawak sira..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දුල්ෂාන්...ඉස්සර දවසක මගේ පෙම්වතියක් හිටියා දුල්ෂාණි කියලා...මට ඇයවත් මතක් උනා ඔබේ නම දුටුවාම.

      Delete
  4. හිරිපොද වැස්සේ මුතු කුඩෙන් යන්න නංගෝ
    සුදු මුදු මූණු ඩිංග සීතලෙන් තෙමෙයි
    පිල උඩ මැස්සේ මගෙ ළංගින් ඉන්න නංගෝ
    මොර ගෙඩි හැලෙන වැස්සෙ යන්නෙපා නඟෝ …

    තනිකම මා ළඟින් බැඳීලා
    තනියට ළංගින් හිඳීදෝ
    තවමත් ආස නැද්ද නංගෝ
    අපේම පැලක ඉන්න ළංවී …

    හප්පා පරණ සීන් පෝලිමක් පෙනී නොපෙනී ගියා බොල මේක දැකල. ලියවිල්ල සාර්ථකයි මස්සීනා.හැබැයි ඉට්ටැයිල් එක වෙනස්… ඒවගේම රහයි !!!

    ලෙඩ වලට බේත් තියනවා.. අර කොල්ලට කැමති වෙන්ඩ කියහං විකාර නැතුව !!

    ReplyDelete
    Replies
    1. බොලේ පත්තර මල්ලි සින්දුත් දන්නවා එහෙනං...ඔය සින්දුව මේ කථාවෙ පසුබිමත් එක්ක හොදට බද්ධ වෙනවා නේද බං...හැම එකාගෙම ඉතිං අහිංසක ප්‍රාර්ථනාව මොන කට්ට හරි කාලා හිත ගත්ත යුවතිය එක්ක පතිකුලයට යන එක...මේ ගමනට ඉතිං මොන තරම් බාධා එනවා කියලද....

      ඔය මතක් උනා කිව්ව සිදුවීමක් දෙකක් මෙතන කෙටුවා නම් අපි තරහා වෙයි කියලා හිතුවද...පිළිකාව මුල් අවස්ථාවේ හදුනාගත්තම තමයි ඉතින් සුවයක් ගැන බලාපොරොත්තුවක් තියා ගන්න පුලුවන්.

      Delete
  5. ආදරය කියන්නේ පරිත්‍යාගයක්.. තමන්ට නොලැබුනත් හරි කෙනා වෙනුවෙන් එහෙම දෙයක් කරන්න පුළුවන් අය ඉන්නේ අඩුවෙන්.. කතාව ඇත්තටම හුඟක් රස වින්දා..

    ReplyDelete
    Replies
    1. නියම ආදරය කියන්නෙ පරිත්‍යාගයක්...එහෙත් බොහෝ තැන් වල ආදරය උපදින්නෙ රූපයට වශී වෙලා...සමහරු රූපයට වශී වෙලා ආදරය කලාට ගතිගුණ හැසිරීම් ආදිය ගැන අවබෝධයක් ලැබුවට පස්සෙ ආදරය බොහොම ශක්තිමත් කර ගන්නවා.

      Delete
    2. ruupe kohoma unath ban gajamatic nam okkogemna ekai... :D :D :D paatai size ekei thamai wenasa thiyenne...ha nadda man kiyanne....? :P :P

      Delete
    3. ගැජමැටික් එක බව දන්නෙ ඉති...අමාරුවෙ වැටුනට පස්සෙනෙ බං...ඒකනෙ අවුල...

      Delete
  6. යකෝ....දිග.... නිවාඩුව කියවල එන්නම් මල්ලියො ....

    ReplyDelete
    Replies
    1. උඹලමනෙ බං දොස් කියන්නෙ අපි දෙකට කැඩුවාම අපරාදෙ දෙකට කැඩුවෙ කියලා...මේක දෙකට කඩන්නත් බැරි දිගට දිගේ පළකරන්නත් බැරි අමුතුම ලෝකයක්...නැද්ද කෙන්ජයියෙ.

      Delete
  7. //උඹවගේ මෝඩ එළදෙනක් පස්සෙ ආව මමයි මෝඩයා....උඹ මට මෙච්චර ගනං උස්සන්නෙ අනිත් ගෑණුන්ට නැති එකක්ද උඹට තියෙන්නෙ. බැල්ලි....උඹ මාව කෑවා යකෝ....දැන් කොහොමද මම හිත හදාගෙන විභාගය ලියන්නෙ. දවසක උඹ දුක් වෙයි මම වගේ කොල්ලෙක්ට ඔහොම කලාට....//

    මෙච්චර තරහා ගිහින් බනින්ට දෙයක් ඒ ගෑනු ලමයා අතින් වෙඋනේ නෑ නේද? පිරිමි හරි සැරයි.

    ReplyDelete
    Replies
    1. ඒ උනාට බනිනකොට ඔහොම තමයි පොඩ්ඩි ..... ඇත්තටම හරි සැරයි ... :D

      Delete
    2. සුන්දර ගැහැණු දරුවකුගෙ එක බැල්මකින්, එක ඉගියකින් කොල්ලො දපනෙ වැටෙන කාලයක්නෙ මේ උසස් පෙළ විභාගය ලියන කාලෙ. ඉතින් කෙල්ල අතේ වැරැද්දක් නොතිබුනත් පහන් එළියට ඇදෙන මෙරුවෙක් වගේ දැරිවි පස්සෙ ඇවිල්ලා ඇවිල්ලා හති වැටුන දවසට ආදරේ පලාගිහිල්ලා සමහරුන්ට යක්ෂයා ආරූඩ වෙනවා. මේ එහෙම දවසක්.

      මගේ උසස්පෙළ ජීවිතය තුල මා දුටු සිදුවීම් තමයි මෙතැන තියෙන්නෙ....නමුත් සමහර දේවල් මම විසින් නිර්මාණය කර තිබෙනවා....ඔය දැරිවියෙක්ට බැනපු කථාව ඇත්තටම මා ඉදිරිපට වතාවක් සිදු වුනා...මා නොදන්නා යුවලක් තමයි ඔවුන්.

      රෙහානි නගාත් කොල්ලෙක්ගෙන් හොදට බැනුම් අහලා තියෙනවා වගේ...කොල්ලගෙ චොකලට් කාලා කැමැත්ත දුන්නෙ නෑ කියලා...

      Delete
  8. //වෙඋනේ//

    වුනේ නෑ නේද?

    ReplyDelete
    Replies
    1. උනේ නෑ නේද කියලා ලියමු. ප්‍රමාද දෝශය එතරම් තැකිය යුත්තක් නොවෙයි.

      Delete
  9. පිස්සු කොර වෙලා බොකු බඩවැල් දාල ගියා වගේ අයියේ...

    ReplyDelete
    Replies
    1. හැබෑට...නාඩි කොලූගෙ නාඩි වේගය වැඩි උනාද හරියට වතුර මෝටරයක් දුවනවා වගේ....

      Delete
  10. බොට වෙන්නෙම මේ වගේම අලකලන්චිනේ බොලන්........

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට ඉතින් උඹට වෙච්ච ඒවා ,ලියන්න තියා කාටවත් කියන්නවත් පුළුවන්යැයි....?

      Delete
    2. කට කට ..... උබ ඉතින් එව්වා දන්නේ මගේ වැඩ වලින් හැමදාම උබ නොන්ඩි උන නිසානේ ඒ නිසා නොකර සද්ද හිටු

      Delete
    3. ඔහොම තමා ඉතිං යාළුවන්ට උදව් කරන්න ගියාම අන්තිමට අපි නෝන්ඩි....

      Delete
    4. කවුද බොලං මට උනාය කියලා කිව්වෙ...අමන්දිද ?

      Delete
  11. අම්මෝ පිස්සු කොර...
    කෙල්ල අකමැති වුණා කියල අරෙහෙම බයිනවද අප්පා...
    පොඩි පොඩි අඩුපාඩුකම් තිබ්බත් හොද කතාවක්... ජයවේවා

    ReplyDelete
    Replies
    1. මම නම් එහෙම බනින චරිත ඒ කාලෙදි දැකලා තියෙනවා. සමහරු බොහොම දැඩිව ආදරය කරලා අවශ්‍ය ප්‍රතිඵලය ලැබුනෙ නැති උනාම ඉක්මනින් කෝපයට පත් වෙනවා. එහෙම කෝපයට පත්වෙලා කෙල්ලන්ට බැණ වැදුනු කොල්ලො දිහා ඒ ඇත්තියො ආයෙ නම් බැලුවෙම නෑ

      Delete
  12. කසුනුත් පවු.....අමන්දිත් පවු......මේ කියවපු මාත් පවු...... :(

    ඇත්තටම අපේ ඒකාලේ මතක් උනා.....මේ කතාවේ සමහර දෙබස් ඒ විදිහටම තිබුණා ඉතිං ....හය්යු....මේ උ.පෙ. කාලේ මතක් වෙනකොට පපුවත් එක්ක සීතල වෙලා යනවා අප්පා.....හුම්..... :)

    ReplyDelete
    Replies
    1. ලියපු මාත් පවු නගෝ...නව යොවුන් ප්‍රේමය ඉතින් ලංකාව පුරාම බොහෝ දුරට සමානයි. ඔය කාලයෙදි ප්‍රේමය කියන වදන ඇතුලෙ ආර්ථික සාධක නෑනෙ...ගෙවල් හදන හැටි, වාහන ගන්න හැටි, වගේ දේවල් ගැන ජෝඩුවක් සැට් වෙන වෙලාවෙ හිතන්නෙ නෑනෙ. ඒ නිසා ඉතා සුළභව නව යොවුන් පෙම මෝරනවා.

      Delete
  13. මට හිතා ගන්න අමාරු කසුන්ගෙ ඊළග තීරණේ????

    කතාව ගැන නම් කියන්න දෙයක් නෑ අයියෙ නියමයි.

    ReplyDelete
    Replies
    1. ඔබ කසුන් නම් මොකද කරන්නෙ...අමන්දිව බදිනවද ?

      ඔබේ අදහස් වලට ස්තුතියි ප්‍රියා....

      Delete
    2. ඔව් කියහං ප්‍රියෝ .. වැඩියක් වෙනවයෑ !!

      Delete
    3. ප්‍රියා නම් බෑ කියන එකක් නෑ සිරා...................

      මේ දවස් වල වේලි වේලි ඉන්නේ.

      Delete
    4. ප්‍රියා නයිට් ඩියුටිද මේ දවස් වල ?

      Delete
  14. කසුන් ගේ ආවේගය වැඩක් නැති දෙයක් කියලායි මට නම් හිතුනේ.
    අනෙක් දේ අමන්දි අරන් තියෙන තීරණේ හරි.කසුන්ට වඩා අමන්දි කසුන්ට ආදරේ කරලා තියෙනවා.

    මේක මේ උඹේ කතාවක් නොවේ කියලයි බං මම මුලින්ම හිතුවේ.මම හිතුවේ ඇත්තටම මේක අර හතේ හත වැදුණු ලිපිය කියලායි...:D

    ReplyDelete
    Replies
    1. කසුන්ගෙ හිතේ බොහොම දැඩි ආදරයක් තියෙන්න ඇති. තමන්ගෙ පෙම්වතියට ඉතා දැඩිව ආදරය කරන පෙම්වතුන් නිසා බොහෝ විට ප්‍රේමවන්තියො පීඩාවට පත් වෙනවා...මම දැකලා තියෙනවා. හතේ හත වදින්නෙ මේ ලිපියට පස්සෙ.

      Delete
  15. ආයෙම class ගියොත් නරකද

    ReplyDelete
    Replies
    1. විභාගය සමත් වෙලා රැකියාවක් ලැබෙද්දි ගොක් කොළ පේන වයස නිසා වැඩක් නෑ කියලා හිතෙනවා....

      Delete
  16. ඔය තමන්ට පිලිකා කතාව කියල කෙල්ලන්ගෙන් බේරුන එකෙක් නම් දන්නව. හැබැයි ඒ මුලින්ම නෙමෙයි කෙල්ලව එපාවුනාට පස්සෙ !

    ReplyDelete
    Replies
    1. ඒ කථාව වෙලාවක කිව්වොත් නරකද...ඊලග ලිපියකට හරි ගන්න බැරියැ...නැත්තං මාසෙ අන්තිම ලිපිය විදියට ලියා එවන්න

      Delete
  17. >>උඹවගේ මෝඩ එළදෙනක් පස්සෙ ආව මමයි මෝඩයා....උඹ මට මෙච්චර ගනං උස්සන්නෙ අනිත් ගෑණුන්ට නැති එකක්ද උඹට තියෙන්නෙ. බැල්ලි....උඹ මාව කෑවා යකෝ....දැන් කොහොමද මම හිත හදාගෙන විභාගය ලියන්නෙ. දවසක උඹ දුක් වෙයි මම වගේ කොල්ලෙක්ට ඔහොම කලාට....<<
    මේ වගේ කතාවක් කියන්න ඇත්තෙන්ම මූ කුලු හරකෙක් වගේ එකෙක්. මූව කැපිලා යන්න මේ කතාවම ඇති. ඊට පස්සෙත් ඌට කතා කරලා ලියුමක් දෙන්න පුලුවන් කියන්නේ හිතාගන්නත් අමාරු ලක්ෂණයක්

    ReplyDelete
    Replies
    1. සමහර ගෑණු ළමයි මහ පොළව වගේ...හැම දේම ඉවසනවා...කසුන් ආදරයෙන් වියරු වැටුනෙ තමා නිසා හින්දා...විභාගය අසමත් වුවොත් එහි කොටස් කරුවෙක් වෙන්න ඇයටත් සිදුවෙන නිසාම අමන්දි මෙහෙම දෙයක් කලා කියලා හිතමු.

      Delete
  18. මේක ලිව්වෙ කව්ද බං ? උඹේ ස්ටයිල් එක නෙවේ වාගෙ. මොන්ටානා එකට හැරෙන තැන කේක් කඩේ මතක් උණා. :D :D

    ReplyDelete
    Replies
    1. ගොළු බෙල්ලො උඹේ කටේ මසුරමක් ඔබන්න ඕනෙ...හරියටම හරි තැන එතැන තමයි. මම ඉතින් අනුන් ලියපුවා සිරිතක් විදියට දාන්නෙ මාසයේ අන්තිමටනෙ...ඒ නිසාම මේ මම ලියූ ලිපියක්.

      Delete
    2. වැස්සට අපිත් ඉස්සර ඔතන ඉන්නෙ.හැබැයි කුඩ නම් සෙට් උණේ නෑ.:( :( අපිට කුඩේ දීල එවුන් යාළුවන්ගෙ ඒවට රිංගනව බං :v :v

      Delete
    3. උඹලගෙ බඩගිනි මූණු දැක්කම කෙල්ලන්ට භය හිතෙන්න ඇති.

      Delete
  19. යකෝ විද්‍ය රවින්දේ යට කෙක් කඩේ නැනික් එකට යන හරස් පාර මොන්ටානා එක පහු උනාම තියෙන පාලම වැස්ස වෙලාවට අලි වතුරවලවල්, පරන චිත්තර පටියක් වගේ ඔලුවට ආවේ බං වෙලාවකට මේ කතාව සුළඟ වගේ ඇවිදින් පොතට ලඟින් යනවද කියලත් හිතෙනවා. එකාලේ ගාඩර් එක, 200ය ,ස්ටෙෂම දහසක් මල්වලින් පිරිලා නේද බං ! " දැන් ඉතින් හිකනලා වගේ අතීතේ අද්දැකීම් නෙද කියලා අහන්ඩ එපා " අත්දැකීම් නැත්තං චිත්තර පටි පෙනෙයි යැ හික්ස් "

    ReplyDelete
    Replies
    1. මටත් මතක් වුනේ " සුළඟ වගේ ඇවිදින් " කතාව තමයි ...

      Delete
    2. මම හිතන්නෙ නෑ ලොකු අයියෙ අද කාලෙ යොවුන් ප්‍රේමය ඒ කාලෙ තරම් සුන්දර ඇති කියලා. අද ඉතින් ෆේස් බුක් එකෙන් කෙල්ලගෙ විස්තර දැනගෙනම වැඩේට බහින්න පුලුවන්නෙ....කෙලින්ම අහන්න දෙයක් නෑ...මේ කිව්ව විදියට පුලුවන් කැමැත්ත විමසන්න. ඉස්සර කොල්ලො බොහොම කට්ටක් කාලා කරපු දේවල් අලුත් සමාජයෙ බොහොම පහසුවෙන් කරන්න පුලුවන්.

      අත්දැකීම මොන පාසලේද...වතුර ටැංකිය ලගද ? රේල් පාර ලගද

      ඔය කියන නව කථාව මම කියවලා නෑ. කවුද රචකයා.

      Delete
    3. http://www.scribd.com/doc/150191386/Sulanga-Wage-Awidin-Dinesh-Kolambage බලපන් පට්ට බං මෙකේ දිගහැරෙන්නේ උඹේ කතාවවගේ කොළඹ බාලිකාවියන් සහ බාලක පාසැල් සසෙක්ෂ් එක කොළඹ පුස්ථකාලේ නුගේගොඩ මහරගම 138 වටා ගෙතුන කතාවක් " ගම්පහ වටා දහසක් මතක ඇත නේද බං :)

      Delete
    4. ලින්කුවට ස්තූතියි..කියවලාම බලමු..ගම්පහ නගරය කියන්නෙ මොන තරම් මතක කන්දරාවක්ද....අවුරුදු දෙක තුනකට පස්සෙ ආයෙම ගිය දවසක මට ඒ අතීතය බොහොම සමීපව නැවත මතක් වේවි.

      Delete
  20. mekanam sirage nemei.... 1000000000000000000000000000000000% sure

    ReplyDelete
    Replies
    1. මට සතුටුයි මේ කමෙන්ටුව ගැන.....මගේ මේ ලියමන ඇතුලෙ මම තරමක් දුරට සාර්ථකයි කියලා මේකෙන් අදහසක් ගන්න පුලුවන්. මම ඉතින් වෙනත් කෙනෙක් ලියපු දේකට මගේ නම දාගෙන කොල්ල කන ජාතියෙ එකෙක් නෙමෙයි.

      Delete
  21. ponsiyek ne ban me lolla... yako kellek kamaththa dunne na kiyala ohoma baninne mona gal nariyada...? mu aadare nemei karala thiyenne kaadare... yako kiwwata wiswasa karaida danne na.. mage kella dawasak magenma ahuwa eya wena kenekta kamathi mokada karanna one kiyala... man kiwwe eka deyai.... maath ekka innakota oyata nolabena sathuta eya ekka inna labenawanam oya maawa amathaka karala eyata kamathi wenna kiyala... ( film dialog ekak wage thamai... habai okai aththa kathawa..) ada eki a kolla ekka innawa... mama mage paaduwe thaniyama innawa... ( wena honda kellek hambenakam)


    mama
    Ashen

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න ඉක්මන් වෙන්න එපා අෂේන්...මේ විදියට හැසිරුනු ඔබ කියන වර්ගයේ නොවන අය මම දැක තිබෙනවා. අපේක්ෂා භංගත්වය, හමුවේ බොහෝ අයට මෙවැනි ක්ෂණික හැසිරීම් වෙනස්වීම් බලන්න හැකි වේවි.

      කොහොමත් උසස් පෙළ අවධියේ ඇතිවන ආදර සබදතා වලින් විවාහය දක්වා දුර යන්නෙ ඉතාම අතලොස්සයි. බාහිර පෙනුමට රැවටිලා ආදරය කලාට, ජීවිතය පිළිබද හොද අවබෝධයක් ලැබෙන කාලය වන විට තමන්ගෙ ප්‍රේමයේ නොගැලපීම් ගොඩාක් දෙපාර්ශවයටම පේනවා ඇති

      Delete
  22. සිරා කතාව සිරා, සිරා ...

    කෙල්ලගේ වරදක් නෑ , කොල්ලගෙත් වරදක් නෑ.... ඔය කාලේ ඔහොම තමා ....

    මට මතක් වුනේ ඔය බඩ පුබ්බගේ භූමිකාව බොහොම වැදගත් එකක් නේද කියලා...මොකද ඔය දෙපැත්ත බැලන්ස් කරනවා වගේ භාර දූර කාර්යය කරන එක හරිම අමාරුයි ඔය කාලේ, මොකද ඕක මගේ නිකං නිල ජොබ් එක වගේ ඒ කාලේ , හැබැයි කෙල්ලගේ යාලුවොන්ගෙන් අමර සැලකිලි එතකොට , මොකද උන්ටත් කොල්ලෙක් ගොඩ දාගන්න අපේ සපෝර්ට් එක ලැබෙයි කියලා.
    අනිත් එවුන්ට හින්ට් පාස් කරාට සපෝටර්ට දකින දකින තැන බොහොම ලෙන්ගතු හිනාවක් තමයි දාන්නේ .
    කොල්ලව මරගෙන කෑවත් සපොටර්ට උන් ගෙදරින් ගේන කෑමත් කවලා තමයි ආපහු යවන්නේ

    ReplyDelete
    Replies
    1. හරියටම හරි ඉවාන්...අපේ පන්ති වලත් ඔය වගේ සපෝටර් චරිත කීපයක්ම හිටියා. මම වතාවක් මිශ්‍ර පාසලක කෙලියකට ලව් කොලා. ඒ කාලෙ මගේ සපෝටර් වෙලා හිටියෙ ඒකිගෙ පන්තියෙම ඉන්න අතිරේක පන්ති ආපු කොල්ලෙක්...මිනිහා මට සතියක් ගානෙ ඉතාම හොදට අලුත්ම තොරතුරු ලබා දුන්නා...ඒ උනාට වැඩේ ගොඩ ගියේ නෑ...ඉදිරියේදි ඒ ගැනත් ලියන්නම්.

      ගොඩාක් වෙලාවට සපෝටර් චරිතය රගපාන්නෙ සබකෝලය කියන දේ හදුනන්නෙවත් නැති කොල්ලො...උන් කෙල්ලන්ගෙ අස්සෙමයි එක වෙලාවකට...

      Delete
    2. //උන් කෙල්ලන්ගෙ අස්සෙමයි එක වෙලාවකට...//
      ඇත්තද ඉවාන්

      Delete
  23. හ්ම්ම්ම්...... ඉක්මන් කෝපය හොඳ නෑ කියන්නෙ ඕකනෙ. කොල්ලන්ගෙ හැටි ඔහොමම තමයි. :P

    ReplyDelete
    Replies
    1. ඇයි වැරද්දක් කරාම කෙල්ලෝ ඔහොම බනින්නේ නැත්තේ? බයටද...නැත්නම් මොහොකටද... ඒ අපේ හැටි නිසාද....

      මෙහේ සුද්දියෝ ඔහොම ඇකිලිලා ඉන්නේ නැහැ. රිටන් බයි එක්ස්ප්‍රස් මේල්. ඒක වැරදිද... Fඅකුරෙනුත් බනිනවා මිනිහාට වුනත්...

      Delete
    2. එහෙමද බන් ටැප් එක ඇරලා මිනිහව සරෙන්ඩර් කළාම.. මාර රොමැන්ටික් නේද ? ඊට පස්සෙ ආදරෙත් වැඩියි...

      Delete
    3. සෙන්නාට තේරිච්ච ටික අංකල් අරූට තේරිලා නෑ නෙව.

      අහා F අකුරෙන් බනින්ඩ බැරිකමක් නෑ වැඩේ තියෙන්නෙ අපේ ඉන්ෂුවරන්ස් එකේ ඩෙන්ටල් කවර් එකක් නෑ නෙව.

      Delete
    4. සුද්දියො ඉතින් යකඩ ගෑණු නොවැ...යකඩ කාන්තාව කියලා විරුදය ලබපු කෙනෙකුත් ඔය පැත්තෙ අතීතයේ හිටියා නේද අරූ අයියා....

      මම හිතන්නෙ අපේ සංස්කෘතිය තුලම පිරිමියා අභිබවා යන්නට කාන්තා පාර්ශවයෙ බහුතරයක් උත්සාහ කරන්නෙ නෑ ආදරය කරන කාලෙදි...හැබැයි විවාහ උනාට පස්සෙ නම් සමහර පෙම්වතියො ඒ එයාලමද කියලා හොයාගන්න බැරි විදියට වෙනස් වෙනවා.

      Delete
    5. සෙන්නා ඇත්තටම පොඩි වලියකින් පස්සේ ආපහු යාළුවෙලා ඇතිවෙන සෙක්ස් ෆීලින්ග්ස් පවා අති මිහිරියි , ප්‍රනීතයි!!

      Delete
    6. අම්මාපල්ල අරූ අයියෙ උඹ තමා මිනිහා :D

      Delete
    7. මහවරුසාවට පසුව නැගෙන හඳ
      වෙනදාටත් වැඩියෙන් එළියයි
      නෝක්කාඩුවට පසුව ඔබේ වත
      ඒ එළියට වැඩියෙන් එළියයි....................

      කොහොම ද අරූ අපේ පසුබිම් සංගීතය ඇදලා යනවා නේද????

      Delete
    8. අරූ අයියා ඒ නිසාම නිතරම හිතා මතා වලි දාගන්නවා කියන්නෙ ඇත්තද ?

      Delete
  24. උඹ මාව අතීතෙට අරන් ගියා.. කතාව අත්දැකීම් එක්ක ගැලපුවමනම් අමුතු ගතියක් තියනවා. ඒත් මේක බොහොම බහුල කතා තේමාවක් නේද ? ඔහොම වටිනවා වගේ පේන සමහර දේවල් කාලයත් එක්ක කිසි වටිනාකමක් නැතුව යනවා..

    අරූ නම් රට හරකෙක් කියලා තමා මට කියන්න තියෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. ////අරූ නම් රට හරකෙක් කියලා තමා ම////////

      අපිව ගාව ගන්න එපා ඕවාට. අපි රට තමයි ඉන්නේ.

      Delete
    2. හපොයි..... බොලා ගැන නෙමේ මම කිව්වේ... :D

      Delete
    3. අරූ රට හරකෙක් කියලා කියපු එක නම් අන්තිම සවුත්තුයි....හැබැයි ඒකෙ ගැලපීමකුත් නැත්තෙ නෑ....:D

      මේ කියන අතීතය මතක් කරද්දි මට නම් ඉතාම සොදුරු මතක සටහන් තමයි සිහියට එන්නෙ. හරියට අමුතුම ලෝකයක ජීවත් වුනා වගේ කාලයක්...උසස් පෙලත් එක්ක ඔට්ටු වෙන්න මොන තරම් මහන්සියක් උනාද හැබෑටම...

      Delete
    4. සෙන්නයියා පා කරපු තොප්පිය මක්කයි අරූයියා දා ගත්තේ..?

      Delete
    5. චැහ් .. අරූ අයියෙ පව් වැඩේ ඈ :D

      Delete
  25. සිරා......මම මේ කල්පනා කරන්නේ මේක උඹ ලියපු එකක්ද කියලා. උඹේ ආරට වඩා වෙනස්ද මන්දා...මේ මාසේ අන්තිම එකද මේ... මම කියවා රසවින්දා

    ReplyDelete
    Replies
    1. සැක සංකා තියාගන්න එපා....මේ මගේ ලියමනක් තමා....අනුන් ලියන ඒවා පල කරන්නෙ මාසෙ අන්තිම ලිපිය විදියට....නමුත් ඒ රටාව මේ මාසෙදි ගිලිහුනා හිතුමතේ පිළිබද පලවූ ලිපි මාලාව නිසා.

      Delete
  26. කතාව ටිකදුරක් කියවද්දිම මේ උඹේ අත්දැකීමක් කියල හිතුනා එහෙම නැත්නම් යාලුවෙකුගේ. අවසානය පොඩ්ඩක් වෙනස් කළා නේද.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඕකනෙ කියන්නෙ....හැලපයියා ඉතින් මේ කාලය පහුකරගෙන ආපු අත්දැකීම් බහුල කෙනෙක් විදියට මේ කථාවෙ වස්තු බීජ හරියටම හදුනගෙන තියෙනවා. මේ කථාවෙ සමහර තැන් මගේ අත්දැකීම්....සමහර තැන් යාලුවන්ගෙ..සමහර තැන් ප්‍රබන්ධ....අවසානය නම් සැබෑවක් නොවෙයි.

      Delete
  27. පාරට බැස්සම නොවැ සීතල වැඩි තනිකම ඊට වැඩි
    හිරිපොද වැස්සේ එකම කුඩය යට
    තෙරපී තෙරපී අර යුවලක් යන හැඩ
    මමත් ඔහොම ගිය හැටි මතකයි
    මට හොඳ හැටි මතකයි....

    කතාව නම් එල මලයා.

    ReplyDelete
    Replies
    1. කබාය ඉරිලා ඊට කමක් නෑ...කවුරු බලන්නද කවුරු දකින්නද...
      මා දැන් මහළු වියේ...මා දැන් මහළු වියේ....

      අමරදේවයන්ගෙ රසාලිප්ත ගී ගොන්න අතර මමත් ඉතාමත් කැමති ගීතයක්...

      අදහසට ස්තුතියි පූජිත අයියා...

      Delete
  28. සිරා..........................
    සමාවෙයන් සිරා...
    මාස ගානකක්.. උඹව මග අැරුණට...
    හැමදාම අැවිත් බැලුවට...
    හිතට දැනෙන දේ ... කියන්න තරම්වත්
    ෙවෙලාවක් නැ....
    පුළුවන් වෙලාවක අැවිත් හැමදේම කියවන්නම්.....


    ජය ෙව්වා!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. ආ ඒක අවුලක් නෑ කැලෙං එලියට එද්දි වල් ඌරු ගාතෙයක් ඇරං වරෙං හිලව්වට.. සලකලා බැලුවහැකි !!! ඉතුරුව අපි සපයගන්නං ..

      Delete
    2. @ පත්තරේ - එතකොට උඹේ ගාතයක් අඩුවෙනවනේ බං

      Delete
    3. @ ඉවෝන්
      ඕ යේස්...!

      Delete
  29. කතාව කියාගෙන යනකොට මලේ....මමත් තිලක් සර්ගේ ක්ලාස් එකට යනකොට (මොන්ටානා එකේ ) ඔය තුන්මන් හන්දියෙම මටත් වෙච්ච සන්ගේදියක් මතක් උනා,,,තව පොඩ්ඩෙන් ඒ කතාව මේ කතාවට ගැලපෙන්න ඔන්න මෙන්න කියල...වංගුවකින් හැරිලා බේරුනා..මමත් මුලදී හිතුවේ මේ වෙන කෙනෙක්ගේ අර 7 වෙනි කතාව කියල..ගැනල බලනකොට 6 නේ...ඉතාම විශිෂ්ටයි...සුබ පැතුම්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අයියා අදහසට..නරකද තුං මං හන්දියෙ වෙච්ච සන්තෑසිය මාසයේ අනිතිම ලිපිය වෙනුවෙන් ගොනු කරලා සිරාට එව්වොත්...

      Delete
    2. හෙහ් උබනම් කියයි..මම කියලම අපේ මායියත් උබේ මේ බ්ලොග් එක බලන්න පුරුදු වෙලා ..උබ කියන්නෙ නිවාඩුවට මම ලංකාවට නොගිහින් ඉන්න කියලද...ගෙදරින් බත් කාල හමාරයි...

      Delete
    3. අඩේ එහෙමත් සීන් එකක්ද....එහෙනං ආරූඩ නායමයකින් කථාව පල කරමු. එතකොට ගෙදරින් බත් කන්න හැකි වෙයි.

      Delete
  30. පට්ට ස්ටොරි එක සිරා මචන් ...

    ReplyDelete
  31. ane manda ape kello mona labbata ganan ussanawada kiyala... pitathin pena eka nemei galola baluwama thiyenne. saale wane. buwaaaakka. eth hithan inne suranganawiyo kiyala. kakki neh ?


    ube kaamare arinna ena ekek

    ReplyDelete
    Replies
    1. කෙල්ලො ඔය වයසෙදි ඇහැට කනට පේනවා වැඩි නම් පොඩි මාන්නයක් ඇති කරගන්නවා තියෙන ඉල්ලුම වැඩි නිසා...ඒ හින්දයි ගනන් උස්සන්නෙ....ඒ උනාට වයස ගිහිල්ලා හම රැලි වැටෙන කාලෙක ගනං බහිනවා...

      කාමරේ අරින්න වෙන උන් ඕනෙ නෑ බං...කාමරේ අරින එකා සිරා පමණයි.

      Delete
    2. Ai ban maase anthimata ekek awith arinne ethakota ubatada kaamaretada...?? Joke honde... ube bloga witharai ban aasawen kiyawanne.. digatama liyahan... ahata kanata penunata pot eka kalui ban godak unge... ohomada danne kiyala witharak ahanna epa ooon

      Delete
    3. හෆොයි උඹත් දන්න දේවල්....

      Delete
  32. ජීවිතේ එක කාලයකට ඔබ මාව රැගෙන ගියා.. කතාවේ අන්තිමේ කෙල්ලට බනින විදිය ටිකක් බර වැඩියි වගේ.. මට හිතාගන්න බෑ ඔහොම එකෙක් කෙල්ලෙක්ට බනීවි කියල.. නැතිවෙන්නත් බෑ දැන්නං.. ඒ කොහොම වුනත්, මේක කාලයක් නැති කතාවක්..

    ReplyDelete
    Replies
    1. ක්සැන්ඩර් ගොයියා කාලෙකට පස්සෙ මේ විදියට මුලිච්චි වීම සතුටක්. මේ කථාව තුල තියෙන්නෙ ඔය කියන පරිසරය තුල මම, මගේ මිතුරන් අත්දැකපු සිදුවීම් පෙලක සාරාංශයක් කිව්වත් වැරැද්දක් නෑ. අප නොහදුනන කොල්ලෙක් දවසක් ඔය වගේ තමන් ට්‍රයි කරපු කෙල්ලට ඉතාම අසභ්‍ය විදියට බැන්නා ට්‍රයි කරලා කරලා සෙට් කරගන්න බැරිම වෙච්ච තැන. ඒ සමහර වදන් තමයි මම එතනට යෙදුවෙ. අපේක්ෂාභංගත්වය නිසාම ඇතිවන කෝපයක් විදියටයි මම එය දකින්නෙ. නමුත් කිසිසේත් සාධාරණීකරණය කරන්න නම් බෑ.

      Delete
  33. අප්පොච්චියේ....බොකු බඩවැල් දාල ගියා...........ඉඳල ඉඳල ආවම උනදේ..!
    සිදුවීම් ටික අසාමාණ්‍යයිද මන්දා..?

    ReplyDelete
    Replies
    1. අන්තිම සිදුවීම නම් හිතළුවක්...අනෙක් සිදුවීම් ඉතිං මා සහ මගේ මිතුරන් උසස් පෙළ පරිසරය තුල අත් දැකපු දේවල්....බොකු බඩවැල් දාලා ගියා කිව්වෙ වීයට පරණ ලව් එකක්වත් මතක් වුනාද...භයවෙන්න කාරි නෑ...එයත් දැන් බොලා වගේම ළමයි නලවනවා ඇති.

      Delete
  34. කාලේ වැරුද්ද බං... කාලේ වැරුද්ද... හම්මේ මෙහෙමත් කෙටි කතා.. (යකෝ ඒවයේ දිග)

    ReplyDelete
    Replies
    1. කෙටි කථා කිව්ව පලියට ඒවා කෙටි වෙන්න ඕනෙමද...එතකොට මාළු පාන්, කිඹුලා බනිස් වල ඒ කියන ජාති තියෙනවද....බොලා දිගට දිගේ ලිව්වෙම නෑ....අනේ මගෙ කට...කාලෙ වැරැද්ද කිව්වෙ...දේශකයට මේ කාලෙ අමු කුජීතයි නේද...

      Delete
  35. ///අපේ අයියා කෙනෙකුත් කිව්වා විභාගෙ ලං උනාම තියෙන මානසික පීඩාවෙන් මිිදෙන්න ගොඩාක් කෙල්ලො ආදර යෝජනා වලට කැමති වෙනවා කියලා. දැන් හොද වෙලාව. ලබන සතියෙ පළවෙනි අඩිය තියමුද ?///
    මේ සංකල්පය ටික කාලෙකට කලින් රතු කොණ්ඩෙ කතාවෙදි මට හම්බුනා බං.

    උඹේ කතාව එක හුස්මට කියෙව්වා. කියවං යද්දි අපේ ඒ ලෙවල් කාලෙ ආයෙම මතක් උනා...

    ReplyDelete
    Replies
    1. ඔය කථාව තියෙන්නෙ රතු කොණ්ඩෙ කථාවෙ නෙමෙයි සුදෝ...පොත්ගුලේ බැදි පෙමක් ගැන ලියපු එකේ....ඔය අදහස දුන්නෙත් එවකට වෛද්‍ය විද්‍යාලයේ අවසන් වසරේ ඉගෙනුම ලබපු ශිෂ්‍යයෙක්. මිනිහා අපි උ/පෙ පාඩම් කරන කාලෙ ගම්පහ පුස්තකාලෙ පැත්තෙ කැරකුනේ හොද මලක් තෝර ගන්න. මිනිහගෙ තියරිය හරියටම හරි කියන්නෙ විභාගය කටේ තියෙද්දි මගෙත් ඇදුනුම් කමක් තියෙන දැරිවියක් මිනිහට බහ දුන්නා. දැන් ඔන්න ළමයි නලවනවා.

      Delete
  36. කොහොමවුනත් අමන්දි හරිම පව්.. අනිත් අයගේ සතුට වෙනුවෙන් පරිත්‍යාගශීලී වෙන්න කොයි තරම් නම් හිතින් ශක්තිමත් වෙන්න ඕනේද..

    මිනිස්සුන්ගේ පිටතින් පෙනෙන දේවල් වලට වඩා ගැඹුරු දේවල් මිනිස්සුන්ගේ ඇතුලන්තයේ තියෙනවා සමහර වෙලාවට...

    හැමදාමත් වගේ කතාව ගොඩ නගලා තියෙන විදිහ නම් හරිම අපූරුයි..

    ReplyDelete
    Replies
    1. අමන්දිගෙ රෝග තත්වය මුලින් දැනගත්ත කාලෙ ඇය කම්පා වෙන්න ඇති කියලා හිතමු. බොහෝ අය මේ වගේ අවස්ථාවක මානසිකව බින්දුවට වැටුනට...පස්සෙ ඒ ගැන කල්පනා කරන එක නවත්තලා ජීවිතේ ඉතිරි කාලය හරි ධනාත්මකව හිතලා ජීවත් වෙන්න කල්පනා කරනවා. සමහරු සමස්ත ජීවිත කාලයම මානසික තත්වය යහපත් කරගන්නෙ නෑ. අමන්දිත් තමා පිළිබදව ඇති යථා අවබෝධය නිසාම තමාගේ ඇත්ත තත්වය හෙළි කරලා ඔහුගේ ජීවිතයට හොද අනාගතයක් ගෙනත් දෙන්න කල්පනා කලා කියලයි මම අදහස් කරන්න කැමති.

      Delete
  37. සිරා,

    මම මේ හිතුවා උඹ කියන්නෙ අපේ කසූ කොල්ල ගැන කියල​..(කොම් බැංකු එකා) මම හිතන්නේ මම වැරදියි....

    උබේ මේ කොමෙන්ටුවට යමක් එකතු කරන්න ඔනේ..
    "කොහොමත් උසස් පෙළ අවධියේ ඇතිවන ආදර සබදතා වලින් විවාහය දක්වා දුර යන්නෙ ඉතාම අතලොස්සයි. බාහිර පෙනුමට රැවටිලා ආදරය කලාට, ජීවිතය පිළිබද හොද අවබෝධයක් ලැබෙන කාලය වන විට තමන්ගෙ ප්‍රේමයේ නොගැලපීම් ගොඩාක් දෙපාර්ශවයටම පේනවා ඇති"

    මතකද පැනියා.. අන්තිමට නේවි එකටත් ගිහින්.. (මම හිතන්නේ ලුතිනන් හිටියේ) ගම්පහදි කෝච්චියට පැනල තිබුන​..(මම FB එකේ කතාව උබට කිව්වා)

    අපි හිතන පතන දේවල් හැමදේම අපිට ලැබෙන්නේ නෑ මචං... !! අපි ගන්න සමහර තීරන අපේ මුලු ජීවිතම අවුල් කරනවා..

    මම​
    මයික්

    ReplyDelete
    Replies
    1. උඹ ඔය කසූ කියලා කියන්නෙ ටී පප්පට...එහෙම නේද...ඒකා ගිණුම්කරණය පන්තියෙදි අපි එක්ක තමයි හිටියෙ. හැමදාම ගණං හැදුවෙ නෑ...පාඩම් කලේ නෑ කියලා අනිත් උන් ඉස්සරහා බොරුවම දැම්මා...අන්තිමට රිසලට් එද්දි ඌට හොද ප්‍රතිඵලයක් තිබුනා. මේ ඊයෙ පෙරේදා දවසකත් මා එක්ක චැට් එකක් දැම්මා. මිනිහට උ/පෙ වලින් පස්සෙ ගෙවල් ලග වැඩිමල් එකක් සෙට් වෙලා හිටියා කියලත් සමහරු කිව්වා. ඒ මොනවා උනත් අද ඉතිං විවාහ වෙලා සාර්ථක පවුල් ජිවිතයක් ගත කරනවා නොවැ.

      උඹ පැනියා කියලා කියන්නෙ ප්‍රේමයට....ප්‍රේමයා කෝච්චියට පනින්න මාසෙකට කලින් මා එක්ක කථා කලා. උපාධියකුත් අරගෙන...නේවි එකේ හොද තනතුරකටත් ගිහිල්ලා...මේකට ජීවිතේ එපා උනේ තනිකරම පවුල් ආරවුලක් මත කියලා මළගෙදර ගිය හැමෝම කිව්වා. පවු ඉතිං...මමත් ගොඩාක් දුක් වුනා...ප්‍රේමයා එවැනි තීරණයක් ගැනීම ගැන.

      උඹේ අන්තිම පේලියට මම බොක්කෙන්ම එකගයි පුතේ. හිතන පතන හැමදේම ලැබෙනවා නම් මේ ලෝකෙ දුක කියලා දෙයක් නැතුව යනවනෙ බං...දුක කියලා දෙයක් තියෙන නිසයි සතුටට වටිනාකමක් ලැබිලා තියෙන්නෙ...

      Delete
  38. සිරා, අර යශෝධාට දැන් කොහොමද බං ? විස්තර මොකුත් දන්නවද ?

    ReplyDelete
    Replies
    1. යශෝධාට කිව්ව විදියට සැත්කම කලා. ඒ සැත්කම කලේ ඇගේ ජීවිතයට එල්ල වෙලා තිබ්බ අවධානම් සහගත තත්වය නැති කරන්න. එය සාර්ථක වුනා. නමුත් ඇගේ වැඩපලක් හෝ තනිව කල හැකි මට්ටමට ඇයව ගේන්න ඇයට තවත් ශල්‍යකර්මයක් අවශ්‍ය බව විශේෂඤ වෛද්‍ය තුමා පවසා තිබෙනවා. පළමු සැත්කමෙන් යම් කාලයකට පසුව එය සිදු කෙරේවි. දැනට පළවෙනි ශල්‍යකර්මයේ තුවාල සියල්ල සුව වී ඇය පෙරට වඩා පහසුවෙන් කල් ගත කරනවා.

      Delete
    2. හ්ම්ම්ම්, thnx සිරා :)

      Delete
  39. මුලදි මට 'එක කුඩයක් යට ගැවිනොගැවි දවසක් හැන්දැවෙ " සින්දුව මතක් වුනා.මෙ වහෙ කතාවක් යොවුන් ජනතා කියල පත්තරෙක ගියාවගෙ මතකයි ගොඩාක් ඉස්සර.
    අපෙ පන්තිවලත් එකෙක් හිටිය පපුවෙ හිලක් නිසා අවුරුදු 20න් විතර මැරෙනව කියකිය කෙල්ලොන්ගෙන් අනුකම්පාව ගත්ත එකෙක්.

    ReplyDelete
    Replies
    1. ඉතින් මිනිහා මලේ නැද්ද...අපරාදෙ නේද....කෙල්ලන්ට ඊට පස්සෙ නම් ඌව මරන්න හිතෙන්න ඇති. මේ කථාවෙ කියවෙන ආකාරයේ කථාවක් මගේ එක්තරා ගුරුතුමෙකුගේ අත්දැකීමක් බවට පත්වෙලා තිබුනා. මේ වෙලාවෙ මට ඒකත් මතක් වෙනවා.

      Delete
  40. මචං, ඔය වගේම කථාවක් අපේ පාසල් කාලේ අපිට තිබුනා. මම= පුබ්බා, ඉන්දික=කසුන්, නිම්නා=අමන්දි.
    අපේ කථාවෙි කොල්ල මහරගම පිලිකා රෝහලේ ඉන්න අන්නිම දවස වෙනකන් හැමාදාම අපේ එකෙක් අනුරාධපුරේ ඉදලා ඒකි බලන්න ආවා. සමහර දවස් වලට ඉන්දිකට එන්න හැම එකාගේම පංති සල්ලි එකතු කරලා ඌට දුන්නා. මට හම්බවුන ෂර්ට් එකක් විකුනලා ඌට සල්ලි දුන්නා.
    නිම්නා මැරැන දවසේ ඉස්කෝල තුනක් වැහැව්වා ලමයි නැතුව. එදා අපි හැමෝම ඇඞුවා බං.
    අදටත් ඒ සිදුවිම මගේ හිත රිදවනවා.

    ReplyDelete
    Replies
    1. අ๧ප๞ කථ๟๧໶ kella*

      Delete
    2. සංජීව අයියා...සෑහෙන කණගාටුදායක සිදුවීමක් නොවැ....ඇත්තටම බොහොම හෘදයාංගම මිතුරන් පිරිසක් නිම්නා ට සිටි බව නම් පැහැදිලියි. මාසයේ අන්තිම ලිපිය වෙනුවෙන් වෙලාවක ලියලා එවන්නකො....ඔයාට අකුරු කොටන්න කම්මැලි නම් වැඩ කරන තැන නංගියෙක් ලගට වෙලා කථාව කියන්න එයාට අකුරු කොටන්න කියලා....

      ඇනෝ උඹේ අදහස පැහැදිලි නෑ බං...

      Delete
    3. මගේ කථාවක් අකුරැ කරන්න උඔ කැමති වුන එක මට සතුටක්.
      ලොකු කථාවක් තියනවා මම ලියලා එවන්නම්.
      ආයමත් ස්තුතියි මට ඒක ආඞම්බරයක්.

      Delete
  41. Dhanushka De AlwisJune 27, 2014 at 11:46 AM

    මම සිරාගේ කාමරේට එන්න අරගෙන දැන් මාස කීපයක් වෙනව. හැමදාම ඇවිත් කියවල විතරක් යන එකේ ද කමෙන්ට් එකක් දාලම යන්න හිතුන.

    කතාවනම් තදින් හිතට දැනෙනව සිරා. හැබැයි " බෑ " කිව්වාම කෙල්ලට බනින එක සාධාරන නෑ. කොහොම උනත් අමන්දි ලග තමා නියම ආදරය තිබුනෙ කියල මටනම් හිතෙන්නෙ.

    මේ වගේ හිතට දැනෙන නිර්මාණ ඉදිරියටත් කරන්න ලැබෙන්න කියල සිරාට සුබ පතනව.

    ReplyDelete
  42. මේ කතාවත් එක්ක හිත ගොඩක් අතීතයට ඇදිල ගියා, අපි A/L කරපු කාලෙ (2000) අත්දැකීම් මතක් උනා.
    සුභ පතනවා.....!!!

    ReplyDelete
  43. ‘සමහර ගෑණු ළමයි මහ පොළව වගේ...හැම දේම ඉවසනවා...‘
    මට කතාව වගේම මේ අදහසත් තදින්ම හිතට වැදුණ. ලියන්න හිතන් හිටපු දේත් අමතක වෙන තරමටම.

    සිරායියගේ කතාව කියවද්දි මට A Walk to Remember වගේම My Girl and I කියන කොරියානු චිත්‍රපටයත් එහි එන කවියකුත් මතක් වුණා. ඒ විතරක් නෙමෙයි, ආරියවංශ රණවීර මහත්මයගෙ කවි කිහිපයකුත්. කසුන්ගෙ ආවේගයට එච්චර එකග නැති වුණත් කතාව බොහොම අගෙයි නොකිය බෑ සිරායියේ. කලින් කියපු චිත්‍රපට බලල දැනුණු හැගීම් මේ කතාව කියවද්දිත් ඒ විදිහටම දැනුණ. අර කොරියානු චිත්‍රපටියෙ එන, මිය ගිය පෙම්වතියක් ගැන කියන කවිය පහළින් ලියන්නම්. මොකද වැඩිපුර කතා කරන්න බැරි තරම් මම සසලයි.
    “You lie sleeping through the long summer days, the long winter nights.
    In a hundred years,
    I will lie next to you.
    Please wait in peace until that day.”

    ReplyDelete
  44. මගේ නම ලිලියන් එන්. මෙය මගේ ජීවිතයේ ඉතා ප්‍රීතිමත් දිනයක් වන අතර, මගේ හිටපු ස්වාමිපුරුෂයාට ඔහුගේ මැජික් හා ආදර අක්ෂර වින්‍යාසය සමඟ නැවත ගෙන්වා ගැනීමට වෛද්‍ය සාගුරු මට උපකාර කර ඇත. මම විවාහ වී වසර 6 ක් ගත වී ඇති අතර එය ඉතා භයානක වූයේ මගේ ස්වාමිපුරුෂයා මට වංචා කර දික්කසාද වීමට බලාපොරොත්තුවෙන් සිටි නිසාය. නමුත් වෛද්‍ය සගුරු අන්තර්ජාලය හරහා විද්‍යුත් තැපෑලක් දුටු විට ඔහු බොහෝ දෙනෙකුට ඔවුන්ගේ හිටපු අයව ආපසු ලබා ගැනීමට උදව් කර ඇති ආකාරය සහ සම්බන්ධතාවය නිවැරදි කිරීමට උදව් කරන්න. සහ ඔවුන්ගේ සම්බන්ධතාවයෙන් මිනිසුන් සතුටු වීමට සලස්වන්න. මම මගේ තත්වය ඔහුට පහදා දී ඔහුගේ උපකාරය පැතූ නමුත් මා පුදුමයට පත් කරමින් ඔහු මට කීවේ ඔහු මගේ නඩුව සඳහා මට උදව් කරන බවත් මගේ ස්වාමිපුරුෂයා යහපත සඳහා මුළුමනින්ම වෙනස් වී ඇති නිසා මම දැන් සමරන බවත්ය. ඔහුට සෑම විටම මා විසින් වීමට අවශ්‍ය වන අතර මගේ වර්තමානය නොමැතිව කිසිවක් කළ නොහැකිය. මම ඇත්තටම මගේ විවාහය සතුටින් ගත කරනවා. ආචාර්ය සගුරු සැබවින්ම සැබෑ අක්ෂර වින්‍යාසය නිසා මම දිගටම අන්තර්ජාලයේ සාක්ෂි දරමි. දැන් ඔබට විද්‍යුත් තැපෑල හරහා සම්බන්ධතා වෛද්‍ය සාගුර්ට උදව් කිරීමට අවශ්‍යද: drsagurusolutions@gmail.com හෝ WhatsApp +2349037545183 ඔබේ ගැටලුවට එකම පිළිතුර ඔහු වන අතර ඔබේ සම්බන්ධතාවය ගැන ඔබ සතුටට පත් කරයි. තවද ඔහු 1 ආදරණීය අක්ෂර 2 හි පරිපූර්ණයි 3 ගර්භාෂයේ පලතුරු 4 ප්‍රවර්ධන අක්ෂර 5 ආරක්ෂණ අක්ෂර 6 ව්‍යාපාර අක්ෂර 7 හොඳ රැකියා 8 අක්ෂර වින්‍යාසය සහ අධිකරණ නඩු අක්ෂර වින්‍යාසය.

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...