මේ ලියමනේ නියම හිමිකරුවා සොයා අන්තර්ජාලය පීරුවද හෙතෙම මට හමු නොවීය. නමුත් මීට සමානව ලියවුනු කථාවක් මව්බිම පුවත්පතේ පලවී ඇති බවක් දුටිමි. ඒ ලිපියත් මේ ලිපියත් අතර පැහැදිලි වෙනස්කම් ඇති නිසා සිරාගේ කාමරය තුල පලවන ලිපිය ලියා ඇත්තේ වෙනත් අයෙකු බව සිතමි. මේ ලිපියේ සියලු හිමිකම්, නාදුනන ඔහු සතුය.
වැලිකඩ බන්ධනාගාරයේ අවුරුදු 129ක දඩුවම් කාලයක් ගෙවමින් සිටි කළුතර බී.ඩී සුමතිපාල නොහොත් හිතුමතේ ජීවිතේ නැමති සිරකරුවා ජනාධිපති තුමාගේ විශේෂ සමාව ලැබ නිදහස ලැබුවේය.
1972 වසරේ කළුතර තිස්ස විද්‍යාල ක්‍රීඩාංගනයේ පැවති අවුරුදු කුමාරිය තරගයේදී පළමු තැනට අභිෂේක ලැබූ මොහුගේ නැගණිය පැහැරගෙන දූෂනය කොට මරාදැමූ පොලිස් පරීක්ෂකයෙකු ඇතුළු ඝාතකයින් සොයා ගිය හිතුමතේ ජීවිතේ ඔවුන් සියල්ලන්ම අවස්ථා ගණනාවකදී මරා දැමුවේය. එම අරමුණ ඉටුකර ගැනීම සදහා ඔහු කීප වතාවක්ම බන්ධනාගාරයෙන් මිදී පලා ගියේය. අරමුණ ජයගත් පසු සාමකාමීව සිරගෙදර ජීවිතය ගත කලේය.
අවස්ථා කීපයකදීම මරණීය දණ්ඩනයෙන් ගැලවුනු හිතුමතේ ජීවිතේ පෝරකයට නංවා ගෙලට තොණ්ඩුව දැමීමෙන්ද පසුව ජීවත් වීමට වාසනාව ලද එකම සිරකරුවා වන්නේය.
ක්‍රියාදාම චිත්‍රපටියකට ඔබින මේ කථාව මෙලෙස ඔබ හමුවට එන්නේය.
ගෝනදූවේ විසූ සුමතිපාල 17 හැවිරිදි වියේදී ඔහුගේ නැගණිය කුසුමා (කුසුමාවතී) පාසල් යාමෙන් පසු අතුරුදහන් වූ අතර ඇය කොල්ලෙකු හා පැනගිය බව ගමේ බොහෝ දෙනා විශ්වාස කල නමුත් ඇගේ දෙමාපියෝ හා අයියා එය පිළි නොගත්හ. පොලීසියේද පැමිණිලි කල අතර පොලීසියද නිද්‍රාශීලී බවක් අනුගමනය කලේය. සති කීපයකට පසු දිනක එල්ලයක් නැතිව පාරේ යමින් සිටි සුමතිපාලට කුසුමාගේ පාසල් මිතුරියක් හමු වූ අතර ඇය එතෙක් සගවාගෙන සිටි රහසක් ඔහුට කීවාය. කුසුමා අතුරුදහන් වූ දින ඇය සමග යමින් සිටියේ මෙම යෙහෙළියයි.
පාළු පෙදෙසකදී එක්වරම නැවතූ මෝටර් රථයකට කුසුමා ඇද දමාගෙන ගිය බවත් රථයේ සිටියේ 1972 වසරේ කළුතර තිස්ස විද්‍යාලයීය ක්‍රීඩාංගනයේ පැවති අවුරුදු කුමරිය තරගයේදී පළමු තැනට අභිෂේක ලැබූ කුසුමාට කිරුළ පැළැන්දූ දිසානායක අයි.පී මහත්තයා බවත් රියදුරු විල්සන් නම් අයෙක් බවත් ඇය කීවාය. ( මේ බව කිසිවෙකුට නොකියන්නට ගෙදරින් පොරොන්දු කරගත් නිසා ඇය නිහඩව සිට ඇත)
පොලීසියට ගොස් අයි.පී මහතා හමුවුවද ඔහු සුමතිපාල එලවා ගත්තේ නංගි කොල්ලෙක් එක්ක පැන ගිය බව කියමිනි. නංගිගේ අතුරුදන් වීම සම්බන්ධ කිසිදු පරීක්ෂනයක් සිදු නොවන බවත්, එවැනි පරීක්ෂණයකට අයි.පී මහතා ඉඩ නොදෙන බවද පැහැදිළිය.
කළුතර නගරයේ කුලී රථ රියදුරකු වූ විල්සන් පදිංචිව සිටියේ තරමක් පිටිසර පෙදෙසක රබර් වත්තක් අසළය. සුමතිපාල දින කීපයක් නගරයේ කැරකී විල්සන් රියදුරුද ඔහුගේ නිවෙසද සොයා ගත්තේය. විල්සන් අල්ලා ගන්නට රබර් වත්තේ පාළු කිරි මඩුවකට රිංගා ගත් සුමතිපාල උල් පිහියක්ද ගෙන එහි රැක සිටියේය.
රාත්‍රියේ තනිවම පැමිණි විල්සන් අල්ලා ගත් ඔහු පිහිය පෙන්වා භිය ගන්වා කිරිමඩුව කරා ඇදගෙන ගියේය. විල්සන් බීමතින් සිටි නිසා 17 වියැති සුමතිපාලට ඔහු මෙල්ල කිරීම පහසු විය. මරණ භියෙන් තැතිගත් විල්සන් සියල්ල වැමෑරීය.
කුසුමා එදින පැහැරගැනීමෙන් පසු මීගමුවේ කොච්චිකඩේ අයි.පී මහතාගේ මස්සිනා කෙනෙකුට අයත් තානායමකට රැගෙන ගිය බවත්, මස් කඩ මුදලාලි කෙනෙක් සහ විදුහල්පති කෙනෙක් ඇතුළු පස් දෙනෙක් අතින් ඇය දින ගණනාවක් දූෂනයට ලක් වූ බව ඔහු කීවේය. මේ විස්තර ඔහු දැනගත්තේ එම තානායම් අයිතිකාරයාගේ රියදුරාගෙනි. ඉන්පසුව වෑන් රථයක දමා ඇය කොහේ හෝ ගෙනගොස් මරා පුළුස්සා දමා ඇති බව පසුව එම වෑන් රථයේ රියදුරා පවසනු ඔහුට ඇසී ඇත.
සුමතිපාල විල්සන් මරන්නට ගියේ නැත. ඔහු විල්සන් අතහැර කළුතර නගරයේ ප්‍රකට කම්මල්කරුවෙකු සොයා ගොස් කඩොලාන කපන්නට යයි කියා වක් පිහියක් තනවා ගත්තේය. දින තුනකින් පිහිය ඔහු අතට පත් විය.
අයි. පී. දිසානායක පදිංචිව සිටි නිවෙසේ වත්තේ තිබූ කෙසෙල් පදුරකට මුවා වී සුමතිපාල සිටියේය. ඔහු අත තිබූ පන් මල්ලක අළුත්ම වක් පිහිය තිබුනි. රාත්‍රී 8ට පමණ හොරෙන් වත්තට ඇතුල් වූ ඔහු දිසානායක පොලිස් ජිප් රථයේ සිට නිවසට ඇතුල් වනු බලා උන්නේය. වත්තේ තිබූ ළිද වෙත දිසානායක යන තෙක් ඔහු රැක සිටියේය. නමුත් මුළු රාත්‍රියේම එම අවස්ථාව උදා වූයේ නැත. සුමතිපාල ළිද අසල වාඩි වී පාන්දර වනතුරු කල්මැරුවේය. පාන්දර පහට පමණ නිවසේ විදුලි පහන් දැල්වුණු නිසා ඔහු පිහිය රැගෙන එදෙසට ගියේය. ටික වේලාවකින් ඉස්තෝප්පු දෙර අරින ශබ්දය ඇසුනෙන් ඔහු දිසානායක පිටතට එන විටම දොර අසල රැක සිට එක පහරකින්ම සතුරාගේ හිස කපා වෙන්කල සුමතිපාල හිස පන් මල්ලේ දමාගෙන වේගයෙන් දිව ගියේය.
ප්‍රධාන පාරවල් මගහැර අතුරු පාරවල් වලින් ඔහු ගියේ පොලිස් නිළ නිවාස සංකීර්ණය වෙතය. ජේෂ්ඨ පොලිස් අධිකාරීතුමාගේ නිල නිවෙසට ආ සුමතිපාල ලේ බේරෙන පන් මල්ලෙන් මිනිස් හිස එළියට ගෙන අධිකාරීතුමාට භාර දුන්නේය.
මහත්තයා මහන්සි වෙන්න ඕන නෑ. මගේ නංගි මැරූ මිනිහා මම හොයාගත්තා. දැන් ඔක්කොම ඉවරයි. පින් සිදුවෙයි. මහත්තයෝ මාව පෝරකේට යවන්න. තමුන්නාන්සේගෙන් මම ඉල්ලන්නෙ එච්චරයි. ඔන්න මගේ රාජකාරිය මම කළා. දැන් තමුන්නාන්සෙගෙ රාජකාරිය තියෙන්නෙ. සුමතිපාල කීවේය.
පොලිස් අධිකාරිවරයා ගේ දුරකථන ඇමතුමින් පොලිස් නිලධාරීන් රැගත් වාහන කීපයක්ම එහි පැමිණ සුමතිපාල අත්අඩංගුවට ගත්තේය. පිහිය පොලිස් භාරයට ගැනුනු අතර හිස රෝහල් මෝචරියට යැවිණි. පොලිස් අධිකාරීවරයාගේ නියෝගය මත සුමතිපාලගේ කට උත්තරය ගත්තේ සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේදීය.
සුමතිපාල කට උත්තරය ගත් නිලධාරියාට සියලු දේ නොසගවා හෙළි කලද පොලිස් පරීක්ෂකවරයා සිය නැගණියට කල විපත ඉදුරාම දත් බව පැවසුවා මිස තමා එය දැනගත් ආකාරය හෙළි නොකිරීමට වග බලා ගත්තේය. වඩා වැදගත් කරුණ නම් සිය දඩයමේ අවසානය මෙය නොවේ යැයිද ඔහු කට උත්තරයේ සදහන් කිරීමයි.
වයස 18 සම්පූර්ණ කර නොතිබුනත් සුමතිපාලට චෝදනා එල්ල කලේ වැඩිහිටියෙකු ලෙස සලකාය. මහේස්ත්‍රාත් වරයා නඩුව විභාගයට ගත්තේ මාස 5 කට පමණ පසුවය. සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයට තමා වරදකරුද නිවැරදිකරුදැයි නඩුකාර තැන ප්‍රශ්න කල අවස්ථාවේ, වැරදිකරු ස්වාමීනී යැයි ඔහු නොපැකිළව පිළිතුරු දුන්නේය. 1974 වසර අග භාගයේ මහාධිකරණ නඩු විභාගය ආරම්භ වූයේය. සුමතිපාල තමා වෙනුවෙන් කිසිවෙකු පෙනී නොසිටින බව ජූරි සභාව ඉදිරියේ නඩුව විභාගයට ගත් ප්‍රථම දිනයේ දැනුම් දුන්නේය. ඒ අනුව නඩු විභාගය කල් තබන ලද අතර සුමතිපාල වෙනුවෙන් පෙනී සිටීමට රජයේ නීතිඥ මහතෙකු නම් කොට නැවත නඩුව කැදවන විට තවත් මාස තුනක් ගත වී තිබුනේය.
1975 මාර්තු මාසයේ නඩු විභාගය අවසන් විය. සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයට සුමතිපාල වැරදිකරු බවට ජූරි සභාවේ වැඩිදෙනා තීන්දු කලහ. 1975 මැයි මස 7 වැනි දින පෙ.ව 8.05 ට බෝගම්බර බන්ධනාගාරයේ බිත්ති හතරක් තුලදී බටුගහ ගෙදර දොන් සුමතිපාල නැමති අය ප්‍රාණය නිරුද්ධ වනතුරු එල්ලා මරණයට පත්කරන්නට නියම කොට මහාධිකරණ විනිසුරු තින්දුව ප්‍රකාශයට පත් කළේය.
උක්ත අපරාධය සිදුවන අවස්ථාවේ මෙම නැතැත්තා වයස 17 ක තැනැත්තකු වුවද මරණීය අපරාධය සිදුකිරීමේ අදහසින් සැලසුම් සහගතව ක්‍රියාකොට තිබීමත්, දඩුවමට යටත් කෙරෙන විට වයස 18 ක් සම්පූර්ණ වී තිබීමත් යන කරුණු සැලකිල්ලට ගනිමින් දණ්ඩ නීති සංග්‍රහය ප්‍රකාරව මරණීය දණ්ඩනය ස්ථිර කොට අත්සන් තබන බව මහාධිකරණ විනිසුරුවරයා විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළේය.
බෝගම්බර සිරගෙදර එවකට මරණ දඩුවමට නියමිතව සිටි සිරකරුවන් හත්අට දෙනා අතර සිටි ළාබාල සිරකරුවා වූයේ 18 හැවිරිදි සුමතිපාලය. අනෙකුත් අය අතර අනුරාධපුරේ මරු සිරා, හොද පපුවා, බඹරා ආදීන් සහ එවකට ප්‍රකට මිනීමැරුම් නඩුවක විත්ති කරුවන් වූ කැලැත්තෑවේ ඇල්ප්රූඩ් සොයිසා, කළු ඇල්බට්, විලී මාමා යන අයද සිටියහ.
සුමතිපාල තුල පෝරකය පිළිබද විශේෂ හැගීමක් තිබුනේ නැත. එහෙත් නැගනිය දූෂණය කර මරා දැමීමට හවුල් වූ අනෙක් තිදෙනා ගැන හිතෙහි වූ වෛරය ඔහුගේ සිත තුල කැකෑරෙමින් නිබදව පීඩා දුන්නේය. එක් අයෙකු කළුතර ප්‍රදේශයේම පුද්ගලයකු වූ විදුහල්පතිවරයාය. අනෙකා වෙන්නප්පුව පැත්තේ මස්කඩ මුදලාලිය.
තුන්වැන්නා කොච්චිකඩේ ගෙස්ට් හවුසිය හිමි තැනැත්තා වූ මරා දැමූ අයි පී ගේ මස්සිනාය. අපායට යතත් යා යුත්තේ ඔවුන් තිදෙනාත් කැටුවම යැයි සුමතිපාල අධිෂ්ඨානසහගත සිතුවිල්ලක පසු වූවේය.
මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට නියමිත දිනයට පෙරදින සුමතිපාල බලන්නට ආ ඔහුගේ මවට හෘදයාබාධයක් සෑදී මිය ගියාය. සුමතිපාල රාත්‍රී ආහාරය බෙදා දුන් ඇලුමිනියම් පිගාන නවා ඉන් කොටසක් කඩා එය පිහියක් සේ මුවහත තබා සිය උදරය කීප වාරයක් කපා ගත්තේය. අන්තිමට ඔහු ගෙලද එක් වරක් කපා ගත්තේය.
මහනුවර මහ රෝහලට ගෙන ගිය සුමතිපාලට ප්‍රධාන ශල්‍ය වෛද්‍ය වරයා ඇතුලු වෛද්‍යවරු සිව් දෙනෙකු විසින් පැය හතරක පමණ බරපතල මට්ටමේ ශල්‍යකර්මයක් කරන ලදී. අවසන් වරට සුමතිපාල සිය ගෙලෙහි සිදුකරගත් තුවාලය එතරම් බරපතල නොවීය. දැඩි සත්කාර ඒකකයට ඇතුල් කල ඔහු පිළිබද ප්‍රශ්නය පුපුරා ගියේ පසු දින උදයේය.
රාත්‍රියේ ශල්‍යකර්මයට යොමු කල බී.ඩී සුමතිපාල නම් සිරකරුවා පෙ.ව 8.05 ට මරණ දණ්ඩනයට යොමුකල යුතු බැවින් ඔහු නැවත බන්ධනාගාරය වෙත ගෙන යා යුතු යැයි බන්ධනාගාර නිලධාරීහු කියා සිටියහ. එය කිසිසේත් තමාට වැදගත් වන කාරණයක් නොවන බවත්, තමා භාරයේ සිටින රෝගියකු සම්පූර්ණ සුවය ලබනතුරු රෝහලෙන් බැහැරට ගෙන යාමට තමා අවසර නොදෙන බවත් ප්‍රධාන වෛද්‍යවරයා කියා සිටියේය.
තත්වය උණුසුම් වූයෙන් මහනුවර රෝහල භාර වෛද්‍ය අධිකාරීවරයාද එහි පැමිණියේය. බන්ධනාගාර නිලධාරීන්ගේ තර්කය වූයේ බී.ඩී. සුමතිපාලගේ මරණ දණ්ඩනය සදහා අධිකරණ අමාත්‍යංශයේ මහාධිකරණ නියෝගයට පිටින් යෑමට තමන්ට කිසිදු ඉඩක් නැති බවය. ඒ අනුවරෝගියා තමන් රැගෙන යා යුතුම යැයි ඔව්හු තර්ක කලහ.
බලය යොදා එය වැළැක්වීමට වෛද්‍යවරුන්ට හැකියාවක් නැති බැවින් වෛද්‍ය නියෝගයට පිටින් බලහත්කාරයෙන් රෝගියා ගෙනයන බවට ලිඛිත සටහන් ලබා ගැනීමෙන් පසු රෝගියා රැගෙන යාමට ඉඩදී වෛද්‍ය අධිකාරීවරයා පිටවී ගියේය.
මේ අතර ශල්‍යකර්මය සිදුකොට නින්දට ගිය ශල්‍ය වෛද්‍යවරුන්ට දැනගන්නට ලැබුනේ රෝගියා මරා දමන්නට රැගෙන ගිය බවය.
ඔව්හු සියල්ලෝ වෛද්‍ය අධිකාරී නිල කාමරයට රැස්වූහ. වෛද්‍ය අධිකාරීවරයා බන්ධනාගාර නිලධාරීන් තමන්ට එල්ල කල අභියෝගයට මුහුණ දිය යුතු යැයි දැඩි අධිෂ්ඨානයක සිටියේය. ඔහු මේ සම්බන්ධයෙන් නීති උපදෙස් පැතුවේය. පෝරකයට නියම වූ සිරකරුවකුට සමාව දීමේ බලය ඒ වන විට පැවරී තිබුනේ අග්‍ර ආණ්ඩුකාරවරයාට පමණි. ඔහු දන්නා හදුනන අධි නීතිඥ මහත්වරුන් කීපදෙනෙකු ප්‍රකාශ කලේ වහාම අග්‍ර ආණ්ඩුකාර විලියම් ගොපල්ලව මහතාට දැනුම් දෙන ලෙසය. ඒ සදහා වෛද්‍යවරුන්ට ඉතිරිව පැවතියේ තවත් මිනිත්තු 20 ක් පමණි.
අග්‍රාණ්ඩුකාරවරයාගේ ලේකම්වරයා ඇමතූ වෛද්‍ය අධිකාරීවරයාට ලැබුනු පිළිතුර වූයේ මරණ දණ්ඩනයට කැපවූ සිරකරුවෙකු නිදහස් කරවා ගැනීමට නම් ලිපි ලේඛන රාශියක් අධිකරණ අමාත්‍යාංශය හරහා හුවමාරු විය යුතු බැවින් ඒ සදහා මාස 3 ක කාලයක් අවම වශයෙන් ගතවන බවය. ඒ නිසා එය මේ අවස්ථාවේ කිසිසේත් කල නොහැකි බව ආණ්ඩුකාර ලේකම් පැවසීය.
වෛද්‍යවරුන් පරාජය භාරගත්තේ නැත. ඔව්හු අග්‍රාණ්ඩුකාරවරයාට මේ සියල්ල දැනුම් දෙන්නට තීරණය කලහ. වෛද්‍ය අධිකාරීවරයා රාත්‍රියේ සිදුවූ සියල්ල අග්‍රාණ්ඩුකාරවරයාගේ නිවසේ දුරකථනය මගින් ඔහු අමතා දැනුම් දුන්නේය. විලියම් ගොපල්ලව මහතා සිටියේ මහනුරව අග්‍රාණ්ඩුකාරවරයාගේ නිල නිවසේය. වෛද්‍ය අධිකාරීවරයාට සාවධානව සවන්දුන් හෙතෙම ඔරලෝසුව දෙස බැලුවේය. උදෑසන 7.50 එහි සටහන්ව තිබුනේය. රෝගියාගේ රෝහල් සටහන් පමණක් රැගෙන වහාම අග්‍රාණ්ඩුකාර නිල නිවෙසට එන ලෙස හෙතෙම වෛද්‍යවරයාට දැන්වීය.
බෝගම්බර බන්ධනාගාරයේ අලුගෝසුවා පෝරකය මත සිටවූ (බාගෙට සිහිසුන්) සුමතිපාලව ඔහුගේ සහායකයා වැටෙන්නට නොදී අල්ලා ගෙන සිටියේය. වෙලාව පෙ.ව 8.02 සටහන්ව තිබුනේය. සුමතිපාලගේ ගෙලට තොණ්ඩුව දමා මනාව සකස් කර ඇත. මුහුණ සුදු ලෝගුවෙන් වසා තිබේ. අලුගෝසුවා පෝරකය ගස්සන ලිවරය දකුණතින් තදින් අල්ලා ගත්තේය.
මතු සම්බන්ධයි...

සිරා ඔය සුමතිපාලල දෙන්නෙක් නේද?චාල්ස් දයානන්ද මහතාගෙ පොතේ ඔය එක සුමතිපාල කෙනෙක් දෙතුන් වරක් මරණින් බේරිලා පසුව 1977 දි නිදහස් වෙලා කෙන්ට්ෆාම් ඩොලර්ෆාම් වල පදිංචි කළාම කොටි ගහල මැරුනලු.
ReplyDeleteදයානන්ද මහත්තය ලස්සනට කියනව තුන් පාරක්ම වැලි කොට්ට කිරුවලු.ඒ මනුස්සය නොමරා මරල තියෙන්නෙ.මොන වැරැද්ද කළත් දෙතුන් පාර එල්ලන්න යන රටක් තියනවද
කලුතර සුමතිපාල එයාගෙ නංගිව මරපු හතර දෙනාවම මරල ලගදි නිදහස් වෙලා දැන් ජීවතුන් අතර ඉන්නව.මවුබිම පත්තරේ කොටස් වශයෙන් ඒක ගියා.
ඒ කොහොම වෙතත් අවුරුදු 17 දි කළ දෙයකට එල්ලන්න හදපු නීතිය කොයි තරම් කෲරද කියල හිතෙනව.රිසානා ගෙ බෙල්ල කැපුවෙත් එයා අවුරුදු 18 ට පෙර කළ වරදකට නිසා ඒකට විරෝධතා ආව.ඒක 15 සියවසේ ඇතිවූ ශාරියා නීතියටත් විරුද්ධයි.
අද වගෙ මානව හිමිකම් සංවිධාන ජාත්‍යාන්තරය මොකවත් නැති ඒ කාලෙ සිරිමලගෙ ආන්ඩුවෙ හරිම දරුණු පාලනයක් ගෙන යන්න ඇති.
සුමතිපාල මෙහෙම හැසිරුනේ ඇයි කියන එකවත් සැලකිල්ලට අරන් නෑ.අනික සුමතිපාලගෙ නංගිට ඔය මහලොකු නීතියෙ සාධාරනය ඉටුවුනෙත් නෑ.නීතිය විසින් ජනතාව පීඩාවට පත්කිරීමක් ලෙසත් මෙය සළකන්න පුලුවන්.
1977ට පෙර ඒ යුගය කෲරත්වයේ යුගයක් බව පේන්නෙ,නඩුකාරයම දින නියම කරනව.හරිම භයානකයිනෙ.ඇපීල් කරන්නවත් දෙන්නෙ නැද්ද.නඩුකාරයගෙ දරුණුකම මතද සියල්ල තීරණය වෙලා තියෙන්නෙ.
නඩු තීන්දු විවේචනය කරන්න බැයිද.හරිම භයානකයිනෙ.අහිංසකයො කී දෙනෙක් නම් එල්ලුම් ගස් යන්න ඇද්ද
බොලා ඔය අහලා තියෙන ප්‍රශ්න එකකටවත් දෙන්න පිළිතුරු මගේ ලග නෑ...ඔය කියන කාලයට පස්සෙ නොවැ මම ඉපදුනේ...වැඩිහිටියෙකුගෙන් තමයි මේවා අහන්න ඕනෙ... සිරිමා ආණ්ඩුව කාලෙ තිබුන හාල් පොලු, මිරිස් පොලු ගැන නම් තරමක් අහලා තියෙනවා...අන්තිමට හදෙන් හාල් ගෙනත් දෙන්නම් කියලා කිව්වාය කියන්නෙ...
Deleteමේ කතාව මට මේ විදියටම ඊමේල් එකකින් හම්බ වුණා.. හොලිවුඩ් වලට යැව්වා නම් පට්ට ෆිල්ම් එකක් හදන්න පුළුවන්.. :)
ReplyDeleteමටත් ඕකම හිතුන පැතුම් මල්ලි......
Deleteඅඩේ එක මටත් ඊමෙල් කොරහන්කෝ..!!
Deleteමේ කථාව මුලින්ම කියවගෙන යද්දි මටත් හිතුනා මේක ලංකාවෙ මිනිහෙක් කරපු වැඩක්ද කියලා...මොකද අපේ සාහිත්‍ය තුල මෙවැනි සත්‍ය කථා ඉතා විරලයි.
Delete:D
ReplyDeleteමෙන්න මෙයා තමයි මට ඊය විදලා තිබුනෙ.
Deleteටිකක් අහලා තියනවා වගේ කතාව.. මොනවා උනත් හොඳ රස කතාවක් වගේ.... බලමු
ReplyDeleteඉතිරි කොටස් කීපයත් බලන්න නාඩියා...නාඩි වේගය වැඩි වෙලා එයි..
Deleteතවත් එක මනුස්සයෙක්ගේ ජීවිතයක් තමා ඉතින් ඔය ගෙවිලා යන්නේ, මිනිහෙක්ගේ දැන් කියන්න බැරි කොඉ මොහොතේ ඉබදෙයිද කියන එක තමා, එත් මරණය ඕනෑම මිනිහෙක්ගේ මරණය නම් මේ දැන් උනත් තීරණය කරන්න පුළුවන්. ඒ අතින් බලය කාමයෙන් ඔද වැටුණු පොලිස් බල්ලෙක්ගෙ පැහැර වැඩක් හින්දා තමන්ගේ ජීවිතයම එකම අරමුණක් වෙනුවෙන් කැප කරපු ආදරණීය සහෝදරයෙක්ගේ කතාවක්. මේ කතාවේ අරම්බයත් හරියට අර බීෂණ කාලේ වෙච්ච සිදියක් වුනු පෙම්වතී මනම්පේරි තරුරියගේ මරණය හා හුඟක් සමීපයි. මේ වගේ කතා ඉතින් හිරකාරයෝද මනුස්සයෝය කියලා ගහගත්තා තාප්පේ ඇතුලේ ඕන තරම් තියෙනවා.
ReplyDeleteතමන්ගෙ සහෝදරිය වෙනුවෙන් තමන්ගෙ මුලු ජීවිතයම කැප කරලා...තමන්ගෙ ආදරණීයයන්...අම්මා / තාත්තා, ඒ අයගෙ අවසාන මොහොතවත් දැකගන්න වරම් ලැබුනෙ නැති, අවුරුදු 40 ක්ම එක දිගට හිරබත් කෑව මිනිහෙක්ගෙ හුදෙකලා වෙච්ච ජීවිතය මොන වගේ ඇතිද....මේ අත්දැකීමට අපි මුහුණ දුන්නොත්....හිතන්නත් භයයි වගේ...මිනිස්සු විදවනවා නම් විදවන්නෙ තවත් මිනිහෙක් නිසාම තමයි.
Deleteඅනේ මතු සම්බන්ධ කලේ ඇයි? අයියූ.... ඉක්මනට අනිත් කොටස දාන්නකෝ.....
ReplyDeleteතව එක කොටසක් නෙමෙයි නගෝ...කොටස් කීපයක් තියෙනවා...මේ කථාව එතරම් දිගයි...ඉතින් කොහොමෙයි දෙකට කඩන්නෙ නැතුව දාන්නෙ.
DeleteSira sin eke hodama hariyen nawaththala ne. Me kiyana kena nidahas una . Ithuru tikath ikmanatama damu neda.
ReplyDeleteඒවා යථාකාලයේ තථා අයුරින් මෙහි පලවේවි මිත්‍රයා....
Deleteසිරෝ .. මතු සම්බන්ධ එකට පත්‍තර මල්ලිගේ විරෝධය :D
ReplyDeleteඅම්මපා.....! මගෙත් විරෝධය.....!
Deleteනෑ කමක් නෑ එහෙම හොඳයි , කතාව නැතත් කමක් නෑ පත්තරයා කියන දෙකට විරුද්ධ වෙන්න තියෙනවනම්
Deleteතොපිට මගෙ අගේ තේරෙයි මං නැති දාක !!! :D
Deleteඅනේ පල ඉබ්බෝ යන්න....! :P
Deleteඇත්තටම පත්තරයො...කථාවක හොදම තැනින් කඩහං මල්ලියේ කියලා මට ගුරුහරුකං දුන්නෙ අපේ වෙනී මාමා...ඒ නිසා මට බනින්නෙ නැතුව උන්දැට බැනහල්ලා.
Deleteපත්තරයට දැන් හතුරො දෙන්නයි වගේ...සුමතිපාලගෙන් වක් පිහියක්වත් ඉල්ලගමුද පත්තරයො...
අත් වක් පිහි දෙකට දෙකක් ඇරං පත්තරය යනව නිකං රම්බො වගේ සිරෝ. ඕං බලපංකො මගෙ නම ටීවී එකෙත් යයි.. ෂහ් !!
Deleteනම ටීවී එකේ යන්න කලින් පොලෝසියෙ ඇත්තො උඹ හංගපු ආයුධ පෙන්නන්න යමං කිව්වොත් ?
Deleteයකෝ සුමතිපාලයා, කල් යල් බලලා, අවුරුදු ගානක් තිස්සෙ ප්ලෑන් කරල කරපු දේවල් කියවන්න, පත්තරයට දවස් දෙක තුනක් ඉවසන්න බැරි උනානෙ.
DeleteIkmanatama anek kotas dhaanna
ReplyDeleteඅනිවාර්යෙන්ම මිත්‍රයා...
Deleteඑල සිරා මල්ලි.......උඹ ඉතිං හැම රෙද්දම අපි එක්ක බෙදාගන්න බුවා නොවැ....
ReplyDeleteඅනිත් ටිකත් කඩන්නෙ නැතිව දාපං කොල්ලො ...
කෙන්ජයියලා ඉතිං අපේ පස්සෙන් එලවලා බකප් එක දෙද්දි කොහොමද නොදා ඉන්නෙ...කථාව දැම්ම ඉවර වෙන්නෙ නෑ...හතර දෙනෙක්ම ඉන්නවනෙ මරන්න...
Deleteසාධාරණය ඉටුවෙන්නේ නැති සමාජෙක මේ විදියට හරි සටන් කරන මිනිස්සු ඉන්න එක ලොකු දෙයක්...
ReplyDeleteහින්දි චිත්‍රපට වල විතරයි අපි මෙහෙම මිනිස්සු දැක්කෙ...බලාගෙන ගියාම අපේ සමාජය තුලත් මේ විදියෙ මිනිස්සු ඉදලා තියෙනවා.
Deleteමම ලියන්න ඕනා ඒවා උබ ලියලයි කියන අරන්චියට ආවේ ම්බලින්න අද තවත් අලුත් එකක් දාලා..... මේක අහලා තිබුනත් පට්ට කතාව ඉතුරු කොටස ඉක්මනට දාන්න කියන්න ඕනා නෑ උබ කොහොමත් ඉක ඉක්මනට දානවනේ (අපි වගේ නෙවෙයිනේ) හි හි හි ....
ReplyDeleteඔන්න ඔහේ උඹේ බ්ලොගත් සිරාටම ලියලා දියන් සින්නක්කරේට , මොකෝ තිබ්බා කියලා ලියන එකක් යැයි
Deleteආං සිරෝ ඕන්නං මයෙ එකත් ගං :D සත පහක් එපා !!
Delete//මම ලියන්න ඕනා ඒවා උබ ලියලයි කියන අරන්චියට ආවේ//
Deleteඇයි මැලේසියාව ගැන අපිට ලියන්න බැරිද? නිකං සද්ද තියාගන්න එපා...පත්තර මල්ලිට බාර දෙනවා වැඩිය දැගලුවොත් කේස් එක.
මම කලිනුත් කිව්වෙ..මැලේ රාළ මේ දවස් වල වයසක චීන උන්දෙක් එක්ක මිරිස් පාත්තියක් දාලා..ඒකෙ ඵල දරලා තියෙන මිරිස් කරල් උදේට, හවහට අතපත ගාලා...තව දික් වෙන්න කියලා ගහට මතුරනවලු..
පත්තර මල්ලිගෙ බොග දේශකයටම බාර දුන්නොත් නරකද ?
මේක තමා මව්බිමේ ගියෙ මට මතක විදියට මාස තුනක් විතර ගියා... ඒ කතාව කියල තියෙන්නෙ සුමතිපාලමනෙ... ඒක තමා මවුබිමේ ගියෙ...
ReplyDeleteනෑ මහේෂ් මේ මව්බිමේ ගිය සුමතිපාල නෙවේ චාල්ස් දයානන්දයන් සිපිරිගෙයක වසර හයක් නම් පොතේ එතුමන් කියූ සුමතිපාල
Deleteනාට්‍යකාරයා...මව්බිමේ ලිපිය මමත් කියෙව්වා....එහි ලියවී තියෙන්නෙත් මෙතැන කථා වෙන සුමතිපාල ගැනම තමයි. චාල්ස් දයානන්ද මහතාත් කාලයක් සිර දඩුවම් විදපු කෙනෙක්. චිත්‍ර ශිල්පියෙක්...ඔහු කියන්නේ කුමන සුමතිපාල කෙනෙක් ගැනදැයි මම නම් දන්නෙ නෑ. ඒ පොත මම කියවා නැත.
Deleteඉතුරැ ටිකත් ඉක්මන දිපංංංංංං
ReplyDeleteඑතකං තව ෆොටෝ ටිකක් ගහලා මූණු පොතට දාන්න ලොකු අයියෙ...
Deleteඋඹ ලංකාවට ආපු දවසක මම උඹව එක්කරගෙන එනවා අපේ පාටියකට, කොහෙමද කෙල්ලො 1612 ක් එක්ක ඔට්ටුවට බොනකොට
Deleteමම එන්න කලියෙන් කියාගෙන එන්නම්...කෙල්ලො 1612 ඉන්න තැනකට එන්නත් භයයි බං...ඇදිවත ගැලවුනොත් එහෙම කාට කියන්නද ?
Deleteමේ මුලු කතාවම ඔය වටේට කැරකුණු ඊමේලයකින් අපේ ඔපීසියටත් ආවා සිරා අයියේ. මාත් කියෙව්වා. ආයෙ ඉතින් කියල වැඩක් නෑ. විස්වාස කරන්නවත් බැරි තරම් අපූරු කතාවක්. කතාව ඉවරවෙනකල් දිගටම දාගෙන යං. කියවල නැති අයටත් කියවතෑකිනෙ එතකොට.
ReplyDeleteබොලාට දැනුන ඒ අපූර්වත්වය නිසාම තමයි මේ කථාව මම සිරාගෙ කාමරේට අරගෙන ආවෙ. කථාව මුල සිට අගටම මෙහි පලකරනවා.
Deleteමචං ගමිපහ ගෙට්ටුවෙි Photo දෙකක් මම copy කර ගත්තා, මගේ Assignment එකට. මම mail එකකුත්දාන්නම්.
ReplyDeleteඔබ එවපු ඊයට මම පිළිතුරක් විද්දා. දන්න අදුනන කෙනෙකු හැටියට එවැනි දේ ගන්න මගෙන් අහන්න ඕනෙ නෑ බොලං...
Deleteකතාව මරු යකෝ බොටත් ඔක එවපු එකක් නම් ඔක්කොම දාන්න එපායැ බං එක හුස්මට කියවල දාන්න මේ දුවන ජිවිතත් එක්ක මග නැවති නැවති යන්න දැන් අමාරුයි බං ජය ...!!!
ReplyDeleteමොකද හන්දිපත් අමාරුවද මග නවතින්න බැරි....දෙන්නා තුන්දෙනා උනාම ඉතිං ඔහොම තමා ඉතිං...
Deleteමේ කතාව මටත් PDF එකකින් ලැබුනා.
ReplyDeleteමට හිතාගන්න බැරි ඇයි හිතුමතේ එක එකාව මරලා එකාට එකපාර ගානේ හිරේ ගිහින් එන්නේ කියලා. හිතුමතේ ඇයි එක පාරම හතර දෙනාටම ගේම දීලා එකපාර හිරේ නොගියේ කියන එක මම අදත් කල්පනා කරනවා.
මටත් ඔය ප්‍රශ්ණෙමයි ආවෙ. එක පාරින්ම මරලා නොදැම්මෙ ඇයි.?
Deleteඔය කතාව තියෙනවා තියෙනවා කියලා අවුස්සනේ නැතුව විදපන් ඊයක් අපිටත් බලන්න. ඇයි යකෝ...
Deleteනෑ එක මර්ඩර් එහෙකින් පස්සෙ පොඩි ඉන්ටවල් එකක් වගේ ගන්නව ඇති :D
Deleteමිනිහ හිරේදි වෙන්න ඇති ඊගාව මර්ඩර් එක ප්ලෑන් කරන්නෙ.
Deleteමගේ නම් අදහස...එක් ඝාතනයක් සිදුකලාට පස්සෙ සිවිල් සමාජයේ හිටියොත් ඊලග ඝාතනයට කලින් මියගිය කෙනාගෙ සහචරයො අතින් වල පල්ලට යන්න වෙයි කියලද කොහෙද සැරෙන් සැරේ ඇතුලට ගිහින් එන්න ඇත්තෙ...අදටත් එළියෙ ඉන්න ලයිෂන් චණ්ඩි පොඩි පොඩි වැරදි කරලා ඇතුලට යන්නෙ තමන්ගෙ ආරක්ෂාවට...
Deleteඇත්තෙන්ම පුදුමාකාර චරිතයක්. කොටස් දෙකකට කැඩුවෙ අපරාදෙ සිරා අයියෙ.
ReplyDeleteමේක කොටස් දෙකක් නෙමෙයි ප්‍රියා..ඊටත් වඩා දිගයි. ඒ නිසා කොටස් කීපයක් ලෙස පල වේවි.
Deleteඅවනීතිය රජ කරනකොට අසාධාරනයට පත්වෙන උන්ට කරන්න වෙන්නේ අන්තිමට මේක තමා.
ReplyDeleteදෙපාරක් කියෙව්වා අකුරක්වත් තේරුන් නෑ මේකෙ. මොකද්ද බං කිව්වෙ :D
Delete&%&@ ^%^$@# *()@+ (( %^!%$ @#$! ( )*@#*( ^*!#&)# &*@ &*($^*&.
Deleteදැන් තේරුනාද බලහන්.... :P
ආන්න එහෙම තේරෙන බාසාවෙන් කියන්නෙපැයි.. ටොප් එකට තේරුනා !!! :D
Deleteඅැත්තටම...නීතිය බල්ලට යනකොට...සාමාන්‍ය ජනතාවට වෙන්නෙ නීතිය අතට ගන්න තමයි.
Deleteඅන්න එහම අපේ බාසාවෙන් කියන්න එපැයි නැද්ද පත්තරෙ..අවනිතිය රඡ කරනකොට කාටද ඔය කුනුහරැප තේරෙන්නේ? අනික අපේ රටෙි කොහෙද අවනිතිය
Deleteඅනිත් කොටස කියවල කොමෙන්ට් කරන්නං. මම මේක කලින් කියවලා නෑ , අවනීතියට විරුද්ධව සටන් කරන්නත් මිනිහෙකුට තියෙන්නේ එකම මාර්ගයයි ඒ මිනීමරුවෙක් වෙන එක , මොකද නීතිය කියලා දෙයක් නෑනේ
ReplyDeleteඒකනෙ බං මං උඹව බය නැතුව මරල දාන්නේ !!
Deleteඒ ඉතිං ඊට කලින් උඹ මැරුනේ නැත්තම් නේ
Deleteඒ කොටසට පස්සෙ තවත් කොටස් තියෙනවා සුදෝ...හතර දෙනෙකු මරන්න එක සැරේ බෑනෙ...ඒ නිසා කථාව දිගයි.
Deleteඋඹලා දෙන්නගෙන් කවුරු ඉස්සෙල්ලා මැරෙයිද කියලා මම මේ කම්පනා කොලේ...පත්තරයො දන්සැලෙන් සැට් කරගත්ත නංගි බබා නෝනව දාලා යන්න දුක නැද්ද බොල බොට..
ආ.................! හිටහන් පත්තරේ....!
Deleteදංසැල් නංගි බැඳලා බබාලත් ඇති බං. ඒ කෙල්ල බේරුනා .හැක්.. නිමෝ වරෙං වරෙං දෙමු ඉවානයට.
Deleteඒ නගා උඹව බැන්දා නම් ඉතින් කේක් ගෙඩිය වගේ පත්තර බයිසිකලේ ඉදගෙන යන්න තමයි වෙන්නෙ.
Deleteඒ මමත් මේක කලින් කියවල නැහැ බං.දහන්කෝ අනික් කොටසත් විගහට.
ReplyDeleteඉතිරියත් කියමු එහෙනං..
Deleteමේ කතාව මම ඇහුවේ වැලිඔය ප්‍රදේශයේ රාජකාරි කරද්දී. 'කෙන්ට්ෆාම්', 'ඩොලර්ෆාම්' වැලිඔයට ආසන්නයි. සමහරවිට අපේ 'සමකය වටේ නලින් ට' පුළුවන් වෙයි ලේක්හවුස් පුස්තකාලයෙන් වැඩිදුර තොරතුරු ලබාගන්න.
ReplyDeleteඔහු දන්නා දෙයක් තිබුනොත් පවසාවි. කෙන්ට් ෆාම් වලට කොටි ගහපු වෙලේ මැරිච්ච තවත් දයානන්ද කෙනෙක් ගැන පළමු කමෙන්ටුවේ කියා තිබේ...විචාරක තුමා ඒ ගැන යමක් දන්නවාද ?
Deleteනැහැ සිරා ඒ දයානන්ද ගැන දන්නේ නැහැ. ඒ කාලේ මම ඒ පැත්තේ නෙවෙයි හිටියේ.
Deleteවැරදීමක්...දයානන්ද නෙමෙයි..සුමතිපාල....නම් පැටලවීමක්...
Deleteතුන් පාරක් එල්ලන්න ගිය සුමතිපාල වැලිඔය ආසන්නයෙදි මිය ගියා.ඔය කුසුමගෙ අයිය කියන සුමතිපාල වෙන කෙනෙක්.මේක ලංකාදීපෙ දියතෙත් ගියා.තුන් පාරක් එල්ලන්න ගිය කෙනා පොලොන්නරු පැත්තෙ කෙනෙක්.එයා 1976 දි එල්ලන්න ගියෙ.දොස්තර අග්‍රාන්ඩුකාරයට කියල එදා බේරුවට ආයෙ දිනයක් දීල එල්ලන්න හැදුව.ඒත් බේරුනා.දොස්තර වධකයන්ට කිව්වලු මගෙ රස්සාව ජීවිත බේරන එක ඔහෙලගෙ රස්සාව මරන එක.මං මේ මිනිහව සනීප කෙරුවට පස්සෙ එල්ලගන්නව කියල.යමපල්ලො ලෙඩ ඇදේ ඉන්න ලෙඩාව ඉල්ලනවලු එල්ලන්න.ඒ දොස්තර මාර ශ්‍රේෂ්ටයෙක්.ඔහු දෙමළ ජාතිකයෙක් බවත් කියනව.ඒ දොස්තර මාර මිනිහෙක්.ඇද වට කරන් යම යක්කු වගෙ වියරු වැටුන වධකයො.මෙයා තනියම තර්ක කරනව.ඒ දොස්තර වීරයෙක්
ReplyDeleteඔය සිදුවීම් ගැන කිසිවක් මා නම් නොදනිමි. ඉපදිලාවත් නැති කාලයක් ගැන කොහොමෙයි යමක් පවසන්නෙ.
Deleteකවුරු උනත් දොස්තර ශ්‍රේෂ්ඨයෙක් බව පැහැදිලියි. අද නඩුත් නැතුවම මරලා දාන්නෙ ආයුධ පෙන්වන්න එක්කගෙන ගිහින්...තමන්ගෙ වගකීම අකුරටම ඉටුකල දොස්තර මහතෙකු විදියටයි එතුමාව මම දකින්නෙ.
සිරා ඔබට වැරදීමක් වෙලා.ඔය කියන කාලෙ මං ඉපදිලත් නෑ.චාල්ස් දයානන්දගෙ පොතෙන් මම දැනගත්තෙ 1975 දි සුමතිපාල කියල කෙනෙක් මිනී දෙකක් මැරුව කියල එල්ලන්න ගිහින් ඔය දොස්තර මහත්තය මැදිහත්වෙලා එක පාරක් බේරුනා.ඊට පස්සෙ ආයෙ දින දුන්න.එදත් එල්ලන්න බැරිවෙලා.ආයෙ දින දීල මේ පාර නම් එල්ලනවමයි කියල තොලකට ලෙව කකා ඉන්න කොට මරණ දඩුවම අහෝසි වෙලා සියළු මරණ කාරයන්ට ලයිෆ් හම්බවුනා.ඊට පස්සෙ වැලිඔය ජනපදවල මේ අය පදිංචි කෙරුව.සුමතිපාලත් එහෙ ගියා .කොටි ගහල ඒ සුමතිපාලව මැරුව.ඒ පොටෝත් දාල තිබුන.
Deleteමේ සුමතිපාල වෙන කෙනෙක් සිරා.මේ කලුතර කෙනෙක්.ඔහු තමන්ගෙ නංගිව දූෂනය කරපු බල්ලො හතර දෙනා මරල අවුරුදු 40 ක් හිරේ හිටියෙ.ඔහු පෝරකේට ගෙනිච්චෙ නෑ බන්.
මේ කථාවෙ ඉතිරි කොටස් සමග ඉදිරියට යමු...ඔය සියලු මතගැටුම් ඉදිරියේදී විසදෙන බවට සිකුරුයි.
Deleteමේ වගේ සිද්ධියක් ලංකාදීප පත්තරේ දියත අතිරේකයේ තිබුනා මෑතකදි. මේ කතාවමද කියලා හරියටම මතක නෑ.ඒත් අවුරුදු කුමාරියක් පොලිස් කාරයෙක් මූලික වෙලා සමූහ දුෂණය කරපු එකක් කියලා නම් මතකයි.මරු සිරා ගැනත් කොටස් වශයෙන් පලවුනා ලංකාදීප පත්තරේ. ඒකට නම් චිත්‍රපටි හැදුනනේ
ReplyDeleteප්‍රේමවතී මනම්පේරි කියන්නෙත් කතරගම අවුරුදු කුමාරිය..අවුරුදු කුමාරියන්ට වෙච්ච අපරාධ පිළිබද කථා කීපයක්ම තියෙනවා.. ගමේ අප්‍රසිද්ධියේ ජීවත් වෙච්ච රූබර ලලනාවක්...අවුරුදු කුමාරිය කිරුළ දිනුවට පස්සෙ ප්‍රසිද්ධ වෙනවා. ඊට පස්සෙ තමයි කරදර ඇති වෙන්නෙ. චිත්‍රපට නිලි ගීතා කුමාරසිංහටත් නිළි වරම් හිමි වන්නෙ අවුරුදු කුමරිය තරගයක් දිනුවට පස්සෙ. එදා ඒ විනිශ්චය මණ්ඩලයේ හිටිය කෙනෙක් තමයි විජය කුමරණතුංගයන්.
Deleteඊගාව කොටසත් දාමුකො බලන්න.
ReplyDeleteඒ කොටසට පස්සෙ තවත් කොටස් තියෙනවා. ඒවාත් කියවමු.
Delete/////////////එවකට ප්‍රකට මිනීමැරුම් නඩුවක විත්ති කරුවන් වූ කැලැත්තෑවේ ඇල්ප්රූඩ් සොයිසා, කළු ඇල්බට්, විලී මාමා යන අයද සිටියහ.//////////////
ReplyDeleteමේ අය හාරලක්ෂේ මංකොල්ලේ විත්තිකරුවෝ.
ඉතිරි ටිකත් බලමු.
හාර ලක්ෂයේ මංකොල්ලය බොහොම ප්‍රසිද්ධයි නේද...මේ අනුසාරයෙන් චිත්‍රපටියකුත් නිපදවුනු බවක් මතකයි...හැබෑටම අරූ අයියෙ ඒ කාලෙ ලක්ෂ හතරක් කියන්නෙ අද වටිනාකම කීයක් විතරද ?
Deleteසිරා..1950 ගනන්වලනේ වෙලා තියෙන්නේ. ඒ කාලේ හාර ලක්ෂයක් කියන්නේ දැන් කීයක් කියලා හිතන්නද මන්දා. ෆිල්ම් එක ගැන නම් හොඳ ලිපියක් තියෙනවා මෙතන.
Deleteහාරලක්ෂේ මංකොල්ලය
මට හාරලක්ෂේ මංකොල්ලයයි ,කැලැත්තෑවෙ මිනිමැරුමයි ටෑපලිලාද කියලා හිතෙනවා. දන්න කෙනෙක් නිවැරදි කරන්න.
හාරලක්ෂේ මංකොල්ලය film එක download කරන්න හරි DVD එකක් ගන්න තැනැක් දන්න වද?
Deleteකැලැත්තෑවෙ සොයිසා ගැන මේ දවස්වල ඉරිදා ලංකාදීපෙ දියත අතිරේකෙ ලිපි පෙලක් යනව අරූ අයියා. ඒ සිදුවීම් නම් බොහොමයක් හැටේ දශකෙ අගභාගයෙ වුනු ඒවා. ඔවුන් කරල තියෙන්නෙ එක මිනීමැරුමක් නෙවි. ඒ වගේම නීති විරෝධී ක්‍රියා බොහොමයක්ම සොයිසගෙ මෙහෙයවීමෙන් කෙරිල තිබෙනව. ඒ වගේම ඒ කාලෙ ඒ ප්‍රෙද්ශයෙ සර්ප දශ්ඨකිරීම්වලින් මිනිස්සු මිය යෑම එල්ලී මිය යෑම් එහෙම අසාමාන්‍ය ලෙස වැඩි වුනා කියල මේ සතියෙ ලිපියෙ තිබුනා. ඔප්පු කරගන්න බැරි උනාට ඒ බොහොමයක් සොයිසගෙ හපන්කම් වෙන්න ඕන කියල තමයි ඉඟි කරල තිබුනෙ.
Deleteහාරලක්ෂේ මංකොල්ලය මම හිතන්නෙ වෙනත් අයගෙ වැඩක්. ඒක වෙලා තියෙන්නෙ 1949 දි නේද. ඔය ෆිල්ම් එක හුඟක් ඉස්සර ටීවී එකේ යද්දි බැලුවා මතකයි. දැන් ඒකෙ ජවනිකා ගැනනම් ඒ හැටි මතකයක් නෑ.
Aasawen kiyona ekama blog eka.. jaya wewa
ReplyDeleteස්තූතියි ඇනෝ මිත්‍රයා...දිගටම මේ පැත්තට එන්න...
Deleteමේ කතාව මම නම් මේ අහන්නේ අදමයි.. ඒ හන්දා ඉතුරු ටිකත් බලලම ඉමුකෝ..
ReplyDeleteඔබ වැනි විශාල පිරිසක් මේ කථාව අහලා නැති බවට උපකල්පනය කරලයි මම මේ කථාව සිරාගෙ කාමරේට ගේන්න තීරණය කලේ...
Deleteනීතිය බල්ලට ගියාම මිනිස්සු නීතිය අතට ගන්නඑක නවත්වන්න බෑ.මොනව උණත් නීතිගරුක මිනිහෙක් වගේ.නැතිනම් ඉතින් පොලිසියට භාර වෙන්නෙ නෑනෙ.
ReplyDeleteකතාව හොඳම හරියෙන්නෙ කඩල තියෙන්නෙ, :(
කථාව ඇත්ත...නීතිය රකින අයගෙන් සාධාරණයක් ඉටු වෙන්නෙ නැත්තං අදටත් සාමාන්‍ය මිනිස්සු නීතිය අතට ගන්න අවස්ථා වරින් වර අහන්න දකින්න ලැබෙනවා. මිනීමැරුමක් කලාට පස්සෙ තමන්ගෙ ආරක්ෂාවට වෙන්න ඕනෙ සුමතිපාල වරින් වර පොලිසියට භාර වුනේ...
Deleteකථාවෙ හොද කොටස් තව ඉදිරියට එනවා...
'හිතුමතේ ජීවිතේ' 41 වසරකට පසු හිරෙන් එලියට එයි....
ReplyDeletehttp://ceylonuk.com/uk-life/news/1687-41.html
වත්මන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, රෝහණ විජේවීර, විජය කුමාරණතුංග, නන්දන මාරසිංහ වැනි කීර්තිමත් මිනිසුන් ඔහු සමඟ එකම සිර කුටියේ සිරගතව සිටියේය. :D :D
Deleteහැම යාළුවෙක්ම වටිනව මචං :)
ලින්කුවට ස්තූතියි...එවැනිම ලිපියක් මව්බිම පත්තරයේත් පල වී තිබුනා.
Deleteලංකාවෙ ප්‍රබලම දේශපාලන නායකයන් සමග තමයි ඒ කාලෙ ඇසුර තිබිලා තියෙන්නෙ. නමුත් මම හිතන්නෙ නෑ එල්ලා මරන්න නියම වෙච්ච හිරකරුවෙකුගෙ කුටියක ඔය කියන නායකයො ඉන්න ඇති කියලා.
ඇනෝ කිව්වා වගේ මේ චාල්ස් දයානන්දයන් සිපිරිගෙයක වසර හයක් නම් පොතේ එතුමන් කියූ සුමතිපාල ගැන තමා මේ සිරා කියන්නේ මව්බිමේ ගියේ වෙන සුමතිපාල කෙනෙක් මටත් ඇත්තටම තියෙන ප්‍රශ්නෙ තමා ඔය දෙන්නා ඇත්තටම දෙන්නෙක්ද කියන එක මොකද හැබැයි මව්බිමේ ගිය සුමතිපාල කවදාවත් එල්ලන්න පෝරකේට ගෙනියන්නෙනෑ
ReplyDeleteමව්බිමේ ගියෙත් මේ සුමතිපාල ගැනම තමයි...මම ඒ ලිපියත් කියවා බැලුවා. එහි සිදුවීම් දාමය වැඩි විස්තර සහිතව ඉදිරිපත් කර තිබෙනවා. මේ ලිපිය එහි සංෂිප්තයක් වාගෙයි.
Deleteමව්බිමේ ගිය ඔය ලිපිය මමත් කියෙව්වා මතකයි.ඒ 2012 අවුරුද්ද වගේ.චාල්ස් දයානන්ද මහතාගෙ පොතත් මගේ ළඟ තියෙනව.ආයෙම කියවල බලන්න ඕනෑ.
ReplyDelete2013 සැප්තැම්බර් මාසෙ තමයි ඒ ලිපි පෙල මව්බිම පත්තරේ ගිහින් තියෙන්නෙ. ගිය අවුරුද්දෙ සැප්තැම්බර් 9 වෙනිදා තමයි හිතුමතේට නිදහස ලැබිලා තියෙන්නෙ. ඔය කියන පොතේ ඉන්න සුමතිපාලයි, මේ කථාවෙ සුමතිපාලයි බොහෝ අයට පැටලිලා. හැකිනම් ඒ පැටලුම අරින්න ඔය පොත කියවලා.
Deleteපොඩි mixup එකක් තියන වගේ ඔය සුමතිපාලල දෙන්නා ගැන. මේ තියන Artical එකේ හැටියට බඩ කපාගෙන තියෙන්නේ කෙන්ට්ෆාම් ඩොලර්ෆාම් වල මැරුන සුමතිපාල
ReplyDeletehttp://xn--w0ct5a8c.xn--l0chg2a3jc.xn--fzc2c9e2c/manchu/art.asp?id=2012/09/11/mpg07_0
මාත් කිව්වෙ ඒක තමයි ඇනෝ.මට අමතක වෙලා තිබුනෙ.දොස්තර ලඟට ගෙන ගිහින් තියෙන්නෙ බඩ කපාගෙන තමයි.පිගාන දෙකට කඩලලු බඩ කපාගෙන තියෙන්නෙ.
Deleteදැයට කිරුලෙ එල්ලුම් ගහ ගැන කුටියක් තිබුන.ඒකෙ එල්ලන විදිය යමපල්ලෙක් පැහැදිලි කළා .ඒක අහනකොට ටොපි කනව වගෙ හිතෙනව.ඒත් එල්ලන කොට එල්ලන මිනිහ පැයක් දෙකක් දගලල විදවලලු මැරෙන්නෙ.ඒ කතාව තිබුනෙ ගිය සතියෙද කොහෙද මවුබිම පත්තරේ තිබුනෙ.ඒක දාල තිබ්බෙ අන්තිමට එල්ලපු මිනිහ එල්ලන්න උදවු කළ කෙනෙක්.ඔහු දැන් විශ්‍රාම.
ඔහු කියනව අලුගෝසුව මේක බලා ඉන්න බැරිකමට ලනුව දිගේ පහලට බැහැල කකුල් දෙකෙන් බෙල්ල හිර කරනවලු.ඒක නීතියට විරුද්ධලු.නීතියට ඕන අර මිනිහව විදවන්නමලු.
මම ඔබේ ලින්ක් එක බැලුව.ලිපිය කියෙව්ව.බඩ කපාගත්ත සුමතිපාලත් නංගිව දූෂනය කළ බල්ලො හතර දෙනා මරපු සුමතිපාල වගේම වීරයෙක්.ඒ විතරක් ද ඒ දුර්දාන්ත පාලනය අවසන් කළ ජේ ආර් ජයවර්ධන මහතාත් මහා වීරයෙක්.1971 දී නීතියට පිටිනුත් මිනීමැරුම් කළ නිරතුරුවම නීතියට අනුවත් මිනීමැරුම් කළ ඒ දුර්දාන්ත යුගය ගැන මතකය භයානක පුරවෘත්තයක් වගෙයි.
Deleteමේ කථාවෙ ඉතිරි කොටස් සමග තව බොහෝ දේ කරළියට ඒවි.
Deleteනීතිය රැකියයුත්තන් නීතිය කෙලෙසන මිනිසුන් කෙලෙසන ඒත් නීතියෙන් කිසි පිළිසරණක් අයුක්තියට බඳුන් වූ අයට නැති අපෙ රටේ මේ විදියට ඇර වෙන කොයි විදීයටද දඬුවම් ලැබෙන්නේ ? මගෙ එකෙකුට කලා නම් මම හිතන්නෙත් ඔයිට දෙවෙනි විදිහට නෙවෙයි කියල මට හිතෙන්නෙ අරුන් මරනකොට මට ඇති උන සතුට හින්දයි..
ReplyDeleteමටත් හිතෙනවා මමත් එහෙම වේවි කියලා. හතර දෙනෙකු අතින් මල් කැකුළක් පොඩි උනාම කොයි අයියටද ඉවසන්න පුලුවන්. මේ වගේ කථා කරළියට එන එකත් හොදයි. අපිට බලය තියෙනවා, අපට ඉහළින් කවුරුවත් නෑ කියලා හිතන උන්ට ඇස් පෑදෙන්නත් එක්ක...
Deleteහොද සංවාදක් ගොඞ නැගිලා.
ReplyDeleteබ්ලොග් කෙරුවාව ලස්සන වෙන්නෙ මෙන්න මේ වගේ සංවාද නිසා තමයි.
Deleteෂා හොද නිර්මානෙකට නියම කතාවක්
ReplyDeleteඉතිරි කොටස් කීපයත් නොවරදවාම කියවන්න.
Deleteඉතින් හදමුකො චිත්තර පාටියක්
Deleteකුසුමා-බස්සි
සුමතිපාල-පත්තරයා
අයි.පි දිසානායක-ඉවාන්
පොලිස් අධිකාරි-විචාරක
අයි.පි මස්සිනා-කෙන්ඡි
තව චරිත ඇත ඉල්ලුම කරන්න
චරිත වලට නම් යෝජනා කර ඇති අන්දම නම් කදිමයි...මේක කවුද එතකොට අධ්‍යක්ෂණය කරන්නෙ ?
Deleteමටත් දියල්ලා බං පාට් එකක්. කම්මල්කාරෙය උනත් කමක් නෑ...
Deleteහොද ලිපියක් මල්ලි..මමත් ඔය කතාව වෙනස් තේමාවකින් අහල තිබුන..මටත් දැන් ටැපලිලා ඉන්නේ..
ReplyDeleteඉදිරියේදී පැටලුම නිරාකරණය කරගන්න හැකි වේවි කියලා හිතනවා.
Deleteමේ කතාව කියවද්දි මට මතක් වුනේ චාල්ස් දයානන්ද මහත්තයගේ සිපිරි ගෙයක වසර හයක් පොත...
ReplyDeleteකතාවේ ඉතිරියත් බොහොම ඉක්මනින්ම කියවන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා ...
ඒ පොත ගොඩාක් අය කියවූ බවක් ඉහළ කමෙන්ටු වලත් සදහන් වී තිබෙනවා. කථාවෙ ඉදිරිය සමග බොහෝ අය තුල තිබෙන පැටලිලි සහගත තත්වය නැති වේවි.
Deleteදාපිය ඉතුරු ටිකත්........ :(
ReplyDeleteමේ දානව සෑර්....හරිම සැරයිනෙ ඔයා...
Deleteඕන් කියෙව්වා. දෙවෙනි කොටස කියවල මුල කොටස කියවන්න ආවෙ.
ReplyDeleteඇත්තටම අර දොස්තර මහත්තුරු නම් තමන්ගෙ රාජකාරිය දේවකාරියක් විදිහටම කරපු මහත්වරුම වෙන්න ඕන. ඒකටත් එක්ක අද ඉන්න සමහරු, ලෙඩ්ඩු මලත් එයාලගෙ දීමනා ටික තමයි මුලින්.
නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලින් ඒව හරිහැටි උනේ නැති උනාම මිනිස්සු නීතිය අතට ගන්නවා. ඒක සදාකාලික සත්‍යයක්. සමහර විට හොඳ අනාගතයක් තිබුනු මිනිහෙක්ගෙ මුළු ජීවිතේම හිරගෙදරක ගත කරන්න උනා වෙන්න පුළුවන් රටේ නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක නොවීමේ දුර්වලකම් නිසා.
//එවකට ප්‍රකට මිනීමැරුම් නඩුවක විත්ති කරුවන් වූ කැලැත්තෑවේ ඇල්ප්රූඩ් සොයිසා, කළු ඇල්බට්, විලී මාමා යන අයද සිටියහ.//
මෙයාලගෙ වැඩ ගැන මේ දවස්වල ඉරිදා ලංකාදීපෙ දියත අතිරේකෙ කොටස් වශයෙන් ලිපියක් යනව. ඊටත් කලිනුත් මම කොහේදි හරි කියවලත් තිබුනා මෑන්ස්ල කාරෙකක් පිටින් වලදාපු කතාව එහෙම.
නියම තැනිං කතාව කඩල තියෙන්නෙ බං. (පත්තර මල්ලිට බයේ හැංගෙන්න බිත්තර කට්ටක් හොයමින්...) හෙණ කාලෙකිං මේ පැත්තෙ ආවෙ.
ReplyDeleteපුළුවන්නං හොයාගනිං "කිලර් නම්බර් වන්" (සිංහල පොතක්). මාර ෆැන්ටසි...
ReplyDeleteඑරියස් එකේ කියවගෙන යන්නේ. මොනවා වුණත් මම ඉන්නේ සිරිපාලගේ පැත්තේ.
ReplyDeleteමගේ නම ලිලියන් එන්. මෙය මගේ ජීවිතයේ ඉතා ප්‍රීතිමත් දිනයක් වන අතර, මගේ හිටපු ස්වාමිපුරුෂයාට ඔහුගේ මැජික් හා ආදර අක්ෂර වින්‍යාසය සමඟ නැවත ගෙන්වා ගැනීමට වෛද්‍ය සාගුරු මට උපකාර කර ඇත. මම විවාහ වී වසර 6 ක් ගත වී ඇති අතර එය ඉතා භයානක වූයේ මගේ ස්වාමිපුරුෂයා මට වංචා කර දික්කසාද වීමට බලාපොරොත්තුවෙන් සිටි නිසාය. නමුත් වෛද්‍ය සගුරු අන්තර්ජාලය හරහා විද්‍යුත් තැපෑලක් දුටු විට ඔහු බොහෝ දෙනෙකුට ඔවුන්ගේ හිටපු අයව ආපසු ලබා ගැනීමට උදව් කර ඇති ආකාරය සහ සම්බන්ධතාවය නිවැරදි කිරීමට උදව් කරන්න. සහ ඔවුන්ගේ සම්බන්ධතාවයෙන් මිනිසුන් සතුටු වීමට සලස්වන්න. මම මගේ තත්වය ඔහුට පහදා දී ඔහුගේ උපකාරය පැතූ නමුත් මා පුදුමයට පත් කරමින් ඔහු මට කීවේ ඔහු මගේ නඩුව සඳහා මට උදව් කරන බවත් මගේ ස්වාමිපුරුෂයා යහපත සඳහා මුළුමනින්ම වෙනස් වී ඇති නිසා මම දැන් සමරන බවත්ය. ඔහුට සෑම විටම මා විසින් වීමට අවශ්‍ය වන අතර මගේ වර්තමානය නොමැතිව කිසිවක් කළ නොහැකිය. මම ඇත්තටම මගේ විවාහය සතුටින් ගත කරනවා. ආචාර්ය සගුරු සැබවින්ම සැබෑ අක්ෂර වින්‍යාසය නිසා මම දිගටම අන්තර්ජාලයේ සාක්ෂි දරමි. දැන් ඔබට විද්‍යුත් තැපෑල හරහා සම්බන්ධතා වෛද්‍ය සාගුර්ට උදව් කිරීමට අවශ්‍යද: drsagurusolutions@gmail.com හෝ WhatsApp +2349037545183 ඔබේ ගැටලුවට එකම පිළිතුර ඔහු වන අතර ඔබේ සම්බන්ධතාවය ගැන ඔබ සතුටට පත් කරයි. තවද ඔහු 1 ආදරණීය අක්ෂර 2 හි පරිපූර්ණයි 3 ගර්භාෂයේ පලතුරු 4 ප්‍රවර්ධන අක්ෂර 5 ආරක්ෂණ අක්ෂර 6 ව්‍යාපාර අක්ෂර 7 හොඳ රැකියා 8 අක්ෂර වින්‍යාසය සහ අධිකරණ නඩු අක්ෂර වින්‍යාසය.
ReplyDelete