Wednesday, September 16, 2015

121 ගෙඹි මස් සමග බත් කෑ දා...

අදින් සති දෙකකට කලියෙන් සිරා කොලුවාගේ කාර්ය බහුලත්වය තවත් මාස 6 කින් නැවත හමුවෙන අටියෙන් වෙන් වී ගියේය. වසරකට දෙවරක් පැවැත්වෙන, මැලේසියාවේ සංචාරක අංශයේ ප්‍රධානතම ප්‍රදර්ශනය වන MATTA FAIR වෙනුවෙන් මම සේවය කරන ආයතනය සහභාගි වීම මේ කාර්ය බහුල තාවයට හේතුවයි. මේ ප්‍රදර්ශනයේ ජාතකය බොලා ඉදිරියේදී පෙර දිනයක මවිසින් කියා ඇති නිසා නැවත ඒ ගැන කිව යුතු නොවේ. කියවා නැති කෙනෙක් ඉහත ලින්කුවෙන් කියවා එනු මැන.

මෙවර ප්‍රදර්ශනයත් වෙනසක් නොමැතිව ගෙවී ගියේය. වෙනසකට තිබුනා නම් ඒ අප අායතනය සමග අලුතින් අත්වැල් බැඳගත් නවක සේවක සේවිකාවන්ය. එහෙමත් නැතිනම් අත්පත්‍රිකා බෙදීම සඳහා සහාය වූ විශ්ව විද්‍යාල සිසුවියන්ය. මෙවර ඒ සඳහා මැලේසියාවේ ප්‍රධානතම විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබන ඉරාන සහ යේමන් ජාතික රූමතියන් දෙදෙනෙකුද එකතු වීම පිරිමි අපට සෑහෙන දහිරියක්ම විය.

උස ළමයා ඉරානයෙනි, මිටි ළමයා යේමනයෙනි, ඉදිරියේ සිටින සුදු නංගි මැලේසියාවෙනි

මේ නගාලා දෙදෙනා රූමත් වූවා කියා ආඩම්බර වූයේ නැත. ලද අවසරයකදී ඔවුන් සමග කල කථා බහකදී බෞද්ධ දහම ගැන ඔවුන්ගේ දැනුම වැඩි කරන්නට මා හට අවස්ථාව ලැබුනි. මේ දෙදෙනා ඉතාමත්ම නිහතමානීව කීවේ බුදු දහම ගැන වැඩි විස්තරයක් නොදන්නා නමුත් ඒ පිළිබඳ කියවා යමක් දැනගන්නට කැමති බවයි. මම ඔවුනට කීවේ බුදු දහම වර්තමානයේ එක් ආගමකට සීමා නොවූ දර්ශනයක් බවට පත් වී ඇති බවකි.

මේ වතාවේදී  අපගේ සංචාරයන් පෙර වසරට වඩා අළෙවි කරනු පිණිස වැඩි වැයක් දරා ඉඩකඩ විශාල කරමින් ප්‍රදර්ශන කුටියක් ඉඳි කල අතර ගණුදෙනුකරුවන් වඩා වඩාත් තෘප්තිමත් කරවනු පිණිස ඔවුන් වෙත අයිස් ක්‍රීම් ලබා දීමද හඳුන්වා දී තිබුනි. ඒ වෙනුවෙන් විවිධ රසයෙන් අයිස්ක්‍රීම් පුරවන ලද අධි ශීතකරණයක් ප්‍රදර්ශන කුටියේ පසුපස කලාපයේ තබා තිබුනි. නගාලට අයිස්ක්‍රීම් කවන්නට බොහෝ අය එතැන රැස් කකා සිටියහ.

බෙදිල්ල බාරව සිටි යාපනයේ යතුරාජ්

කාර්ය බහුල වේලාවක අපගේ ප්‍රදර්ශන කුටිය

ගිය වර වටදාගෙය ඇතුලත් කල මා මෙවර සීගිරිය ඇතුලත් කළෙමි.
මැලේසියාවේ සිටින චීනුන් අයිස් ක්‍රීම් කන්නට පුදුම විදියට පෙරේතය. අධිශීතකරණය දුටු විගස ඔවුන් වයස් බේදයකින් තොරව අයිස් ක්‍රීම් ඉල්ලා අප වෙත පැමිණියහ. එහෙත් මේවා අපගේ ගණුදෙනුකරුවන්ට පමණක් යැයි කියූ විට ඔවුන් කිසිවක් නොදොඩා ආපසු හැරී ගියෝය. එහෙත් අප කිසිවිටෙකත් කුඩා දරුවන්ගේ ඉල්ලීම් ඉවත නොදමා ඔවුන් වෙත අයිස් ක්‍රීම් ලබා දුනිමු. ලංකාවේ සහ මැලේසියාවේ අයිස් ක්‍රීම් සළකා බලන විට මැලේසියාවේ අයිස් ක්‍රීම් ලංකාවේ ඒවා තරම් පැණිරස නැත. එයට හේතුව මේ රටේ ආහාර පාන ආදියට යෙදිය හැකි සීනි ප්‍රමාණය පිළිබඳ සම්මත නීති මැලේසියානු රජය විසින් පනවා තිබීමයි.  මා දන්නා තරමින් අපේ ‍රටේ එවැනි තදබල නීතියක් නැති නිසාදෝ නිෂ්පාදකයෝ හිටු කියා සීනි දමති. අපේ ඇත්තෝ ඇති පදම් පැණිරස වළඳා දියවැඩියාව දෑතින්ම බදා ගනිති.

අපෙන් අයිස් ක්‍රීම් ඉල්ලූ චීන දැරිවියක්


අපේ ආයතනයෙන් යම් කිසි සංචාරයක් මිළදී ගන්නා ගණුදෙනුකරුවකුට ත්‍යාග භෝග හා ඒ අවස්ථාවේ අදින ඔහුගේ / ඇයගේ  මුහුණේ පැන්සල් සිතුවමක් ලබා දෙන්නට ආයතන ප්‍රධානියා සැලසුම් කොට තිබුනි. ඒ සඳහා සුදුසු චිත්‍ර ශිල්පියෙකු සෙවීමේ කාගෙ කාගෙත් උත්සාහය මැලේසියානු ජාතික චිත්‍ර ශිල්පීන්ගේ ඉහළ අය කිරීම් නිසා බොඳ වී තිබූ වටපිටාවක සිරා කොලුවා විසින් සොයාගන්නා ලද අපේ මව්බිමේම කුරුණෑගල සහෝදරයෙකු නිසා නැවත පණ ගැන්විනි. ඔහු අති දක්ෂ ලෙස ඔහුගේ අභියෝගය සෑම විටෙකම ජය ගත්තා පමණක් නොව චිත්‍රයට පෙනී සිටි අයගේ නොමඳ ස්තූතියටද පාත්‍ර වූවේය.

යුවතිය ඉදිරියේ තබාගෙන ඇගේ මුහුණ කොළයක සටහන් කරන ලංකාවේ දක්ෂතාව

මේ ප්‍රදර්ශනය සෑම කල්හිම දින තුනක් පැවැත්වෙන්නකි. සිකුරාදා දිනයක ආරම්භ වන එය ඉරිදා දිනයෙන් අවසන් වෙයි. අවසාන දිනයේ ප්‍රදර්ශනය රාත්‍රී 9 ට අවසන් වූ පසු ප්‍රදර්ශන භූමියට කාර්යාලයෙන් රැගෙන ආ අඩුම කුඩුම සියල්ල නැවත කාර්යාලය වෙත පටවා රාත්‍රී ආහාරය සඳහා අපේ නඩය ඇදෙන්නේ ක්වාලාලම්පූර් නුවර නොනිදන ඉසව්ව වන බුකිට් බින්තාන් (Bukit Bintang) වෙතයි.

මැලේසියාවට පැමිණෙන ඔබ රසවත් චීන ආහාරයක රස බලන්නට, පුංචි අඩියක් ගසා හිත සනසා ගන්නට, ගමන් මහන්සිය යන්නට සම්භාහනයක් කර ගැනීමට අවැසි නම් යා යුතු තැන මෙතනයි. මේ ඉසව්වේ සංචාරකයන් ඉලක්ක කර සේවා සපයන සම්භාහන මධ්‍යස්ථාන, මධුවිත අළෙවි සැල්, රාත්‍රී සමාජ ශාලා, මස් මාංශ, පළතුරු අළෙවිසැල්, චීන අවන්හල් මෙන්ම මාර්ගයේ සිට විකිණෙන ගණිකාවන්ගෙන්ද අඩුවක් නැත.

කුකුල් කකුල් බැඳුම
ලොකු රට කජු
මැලේසියාව මුස්ලිම් රටක් උවත් චීන අවන්හල් වල උෟරු මස් තිබේ
රක් අප එහි යන විට අප්‍රිකානු රටකින් පැමිණි ගණිකාවක සමග හෙට්ටු වෙන යුරෝපීයන් දෙදෙනෙකු දුටිමු. බැලූ බැල්මට ඒ ඇත්තන් කලු යුවතියගේ සීයා වරුන් බඳුය. වයසක සුද්දන් දෙදෙනාද පරාජය බාර ගන්නට සූජානම් නැත. ඔවුන් තව දුරටත් හෙට්ටු කරති. ඉවසීමේ සීමාව පැන ගිය ගණිකාව...ඒ ගානට මට දෙන්නෙක් එක්ක ඉන්න බෑ.....යනුවෙන් කල ගෝරනාඩුවට ඉංගිරිසිය වැටහෙන මාර්ගයේ ගිය බොහෝ උන් සිනහා හඩ නැගුවෝය.

මෙවර අප ප්‍රදර්ශනය නිමවා වාහන කීපයක එහි ගියෙමු. ඊට මත්තෙන් ඇතැම් දෑ අප කාර්යාලය වෙත ප්‍රවාහනය කල යුතු විය. මා හට ප්‍රවාහන පහසුකම් සැපයීමට අපගේ කාර්යාලයේ, මැලේසියානු ජාතික" ව්‍යාපාර ප්‍රවර්ධන කළමණාකරු ජේම්ස් එකඟ වූවේය. එහෙත් ප්‍රදර්ශන ශාලාවේ සිට කාර්යාලය වෙත යන්නට ඔහු පාර දන්නේ නැත. අතීතයේ දිනෙක සිරා කොලුවාගේ නවාතැනක් මේ මාර්ගය ඔස්සේ වැටී තිබූ නිසා ඉදිරි අසුනේ සිට මම ජේම්ස් වෙත මාර්ගය පෙන්නුවෙමි. ජේම්ස්ගේ නවතම නිසාන් රථය මැනුවල් ගියර් සහිත එකකි. මැලේසියාවේදී මැනුවල් ගියර් සහිත රථයක් දකින්නට ලැබෙන්නේ ඉතාම කළාතුරකින් නිසා මම ඒ වෙනස ගැන ජේම්ස් සමග කථා කළෙමි. පිරිමියෙක් නම් පදින්න ඕනෙ මැනුවල් තමයි... ඔහු කෙටියෙන්ම මවෙත පිළිතුරක් ලබාදෙන විට අප සමග මෑතකදී එක් වූ පකිස්ථානයේ ගුල්ෆාම් පසුපස අසුනේ සිට සිනහා හඬ නැගුවේය.

කාර්යාලය වෙත රැගෙන ගිය දෑ එහි දමා අප තිදෙනා බුකිට් බින්තාන් ඉසව්වට යන විට අපගේ යුවතියෝ ඇතුලු පිරිස එහි ළඟා වී සිටියෝය. වාහනයේ සිට අවට පරිසරය වෙත නෙත යොමු කරන විට නියෝන් නාම පුවරු යට ඒ මේ අත ඇවිදින යුරෝපීයන් ඉතාම සුලභය.


බුකිට් බින්තාන් වල නැති දෙයක් නෑ. ඕනෙම දෙයක් තියෙනවා. නීති විරෝධී වැඩත් එමට තියෙනවා. ජේම්ස් එසේ පවසා රථය නවතා තබන්නට ස්ථානයක් අපහසුවෙන් සොයා ගත්තේය. අප දැන් චීන අවන් හල් එක‍ පෙලට ඇති ඉසව්වට පිවිසී සිටිමු.


චීනා යනු ලෝකයේ දීර්ඝ ආයුෂ විඳින ජන වර්ගයකි. ඒ සඳහා ඔවුන්ගේ ආහාර රටාව බෙහෙවින් ඉවහල් වී තිබේ. ඔවුන් ආහාර ගන්නා වේලාවන්ද එයටම උපකාර වී ඇති සෙයකි. දහවල් 12 වන විට දිවා ආහාරයත්, හැන්දෑවේ 6.30 පමණ වන විට රාත්‍රී ආහාරය ලබා ගන්නටත් චීනා කැමතිය. ඒ බොහෝ වෙලාවට ඖෂධීය ගුණයෙන් යුතු සුප් හැන්දක් දෙකක් පානය කරන්නටත් ඔව්හු අමතක නොකරති.

චීන අවන්හල් වල සෑම දෙයක්ම ඉතාම නැවුම් ලෙස සකසා දෙයි. එළවළු වර්ග ලංකාවේ මෙන් වරුවක් තම්බන්නේ නැත. මෑ කරල් පිසූ පසුවත් ඒවා බොහෝ සේ කොළ පැහැතිය. කංකුං ද එසේමය. ඒ නිසා මේවායේ මිළ ගණන් අවශේෂ අවන්හල් වලට වඩා මඳක් වැඩිය. චීනා ඉස්සන් ව්‍යංජනයක් සකසනවා නම් ලූණු තුනපහ ආදිය තාච්චියේ දමා තෙම්පරාදු කරන විට සූපවේදියාට අාසන්නයේ ඇති භාජනයක තවමත් ඉස්සන් පිහිනමින් සිටිති. නිසි අවස්ථාව පැමිණි කල තාච්චියේ මූඩිය විවර කර පණ ඇති ඉස්සන් එයට දමා පියන වසා දමන්නේ ඉස්සාගේ ඔලු කැඩීමකින් තොරවය. චීනා මෙන්ම මැලේ ජාතිකයන්ද ඉස්සන් පිසින විට ඔලුව ඉවත් කොට අහවල් ඒවා ඉවත් කරන සිරිතක් නැත. 

මා මැලේසියාවට පැමිණි මුල්ම කාල‍යේ නවාතැන් ගෙන සිටි මැලේ ජාතික නිවසේ ඇත්තන්ද එසේමය. දිනක් ඔවුන් සකසා තිබූ ඉස්සන් ව්‍යංජනයක් මගේ බත් පතටද බෙදුවේය. නමුත් ඉස්සන්ගේ ඔලුව කඩා නැති බව දැක ඉස්සන් කන්නේ කෙසේදැයි මම දස අතේ කල්පනා කළෙමි. ගෙදර ඇත්තන්ට වගේ ගනනක් නැත. ඉස්සාගේ ඔලුව කැඩු විට එහි තිබෙන අහවල් ඒවා දියරයක් මෙන් බත් පතට එකතු වෙයි. ඔව්හු ඒවාද බත් සමග හොඳින් අනා බත් ඇට අාමාශය වෙත තල්ලු කරන්නට රුසියෝය.

මේ හේතුවෙන් අප කිසිදා චීන අවන්හලකින් ඉස්සන් ඇනවුම් කරන්නේ නැත. අපේ ආයතනයේ ඇත්තන් අවන්හලේ අසුන් ගන්නේ කාන්තා පරාණ එක් මේසයක සහ පිරිමි පාර්ශවය තවත් මේසයක වන පරිද්දෙනි. මේ අවන් හල් සෑම එකකම ඒවා වෙත පැමිණි චීන සම්භවය සහිත මැලේසියාවේ සිනමා, ගායන, නිරූපන ආදී ක්ෂේත්‍ර වල ජනප්‍රිය තරු සමග අවන් හල් කාර්ය මණ්ඩලය එකට සිට ලබාගත් ඡායාරූප රාමුකොට බිත්තියේ එල්ලා තිබේ.


අවන්හලේ මෙනුපත අනුව  ඇණුවුම් කල ආහාර අතර මෙදා සුවිශේෂී යමක් විය. ඒ ගෙඹි මස් ව්‍යංජනයයි. මේ නම ඇසූ කල්හිම කාන්තා පරාණ අප්පිරියාවෙන් මෙන් ඉවත බලාගත් අතර සමහර පුරුෂ පාර්ශවයන්ද තමන් ගෙඹි මස් නොකන බව පැවසුවෝය. ඒ නිසාම තනි තනිව ගෙඹි මස් බුඳින්නට කැමති ඇත්තන් විමසන්නට ආයතන ප්‍රධානියාට සිදු විය. කිසිදා ආහාරයට ගෙන නැති නිසා මෙවර එහි රස බලන්නට මා හට සිත් වූයෙන් ගෙඹි මස් කන්නට අත එසවූ 5 දෙනා අතරට මගේ නාමයද එකතු වූහ. ගෙඹි මස් මැලේසියාවේ සෑම තැනකම නැති අතර බුකිට් බින්තාන් චීන අවන්හල වල එය සුළභ ආහාරයකි.

අසරණ ගෙම්බා


මේ ගෙම්බන් ආහාර පිණිසම ඇති කරන සුවිශේෂී වර්ගයක් මිස ලංකාවේ අපගේ ළිං පඩිය ලග ගැවසෙන, කුණු කාණුවේ ලගින වැනි  උන් නොවේය. කොළ පැහැති මෙන්ම දුඹුරු පැහැති ගෙම්බන් විශේෂයක්ද චීනුන් සතුව සිටිති. තමන්ගේ ජීවිතයේ අවසානය උදාවන තෙක් ඉහළින් ආවරණය කල මාලු ටැංකි වල වෙසෙන මේ සත්වයින් ඇණවුමක් ලද විගස මරණයට පත් කොට ආහාරයක් ලෙස සකසන්නට චීනුන් යුහුසුලු වෙති.

ඇනවුම් කල ආහාර අපගේ මේස වෙත පැමිණෙන තුරු අායතන ප්‍රධානියාගේ සුරතින් මේසයට පැමිණෙන රහමෙර පිරිමි පාර්ශවයේ වීදුරු වෙත පතිත වෙන්නේ ප්‍රදර්ශනය සාර්ථකව නිමකිරීමට හැකි වීමේ ප්‍රීතියද සමගිනි. මේ ප්‍රදර්ශනයේදී අපේ අළෙවිය වැඩි කරගැනීමට මාස දෙකක පමණ සිට සෑම කෙනෙකුටම විවිධාකාරයේ වගකීම් පැවරෙන අතර අපගේ ප්‍රදර්ශනය කුටිය, ගණුදෙනුකරුවන්ට ලබාදෙන අත්පත්‍රිකා, පුවත් පත් දැන්වීම් ආදිය නිර්මාණය කිරීමේ වගකීම මා හට පැවරෙයි. මේ නිසාම ප්‍රදර්ශනයක නිමාව යනු අප සෑම කෙනෙකුගේම මානසික විඩාව සංසිඳුවන දිනයකි.

වතුර ෂැන්ඩියට කලු ලේබල්

අප සියල්ලෝ  රහමෙර සමග මිතුරු දම් අරඹන විට කාන්තා පරාණ පළතුරු යුෂ වල හෝ චීන තේ වල රස බලති. මුස්ලිම් ජාතික පකිස්ථානයේ ගුල්ෆාම් ගොයියාට රහමෙර හරාම් නිසා ඔහුද යුවතියන් සමග පළතුරු යුෂ පානය කරයි. මේ අතර තුර ගෙඹි මස් ඇතුලු ඇණවුම් කල ආහාර කට සැර චීන යුවතියකගේ දෑතින් අපගේ මේස වෙත ලඟා වෙති. මේ අය සතුව වෝකි ටෝකි යන්ත්‍ර ඇත්තේ සෘජුව ඔවුන්ගේ මුළුතැන් ගෙය හා සම්බන්ධ වීම සඳහායි.


ගෙඹි මස් ව්‍යංජනය දුටු විගස කාන්තා පරාණ අහක බලාගත්තෝය. ඔවුනට තව දුරටත් කරදරයක් නොවනු පිණිස ඒ ව්‍යංජනය බුඳින්නට එකඟ වූ පිරිස ඉක්මනින් තමන්ගේ පිඟන් වෙත ඒවා අඩුක් කර ගත්තෝය. පළමු වරට ගෙඹි මස් කෑල්ලක් හපන විට මා හට කිසිදු අපුලක් දැනුනේ නැත. හොඳින් තුනපහ යොදා පිස තිබූ එම මාංශයේ රස අප සාමාන්‍යයෙන් ආහාරයට ගන්නා කිසිම වර්ගයක නැති අමුතුම එකකි. මස් අඩුය. කටු වැඩිය.

සියළු සංග්‍රහයන් භුක්ති විඳ අවසන් වන විට මධ්‍යම රාත්තිරියට ආසන්නය. ඒ ඒ ගමනාන්ත වෙත යන්නට වාහන නැති පිරිසට කුලී රථ සේවයේ පිහිට පැතිය යුතුය. ඒවායේ වියදම් ආයතන විසින් දරනු ලැබේ. එකම මගක යන පිරිස වේ නම් ඔවුන් එකම රථයක යාම සාමාන්‍ය ක්‍රමවේදයයි. ඒ අනුව මම යන මාර්ගයේ යන්නට චිත්‍ර අදින ලද ලංකාවේ සහෝදරයාත් පකිස්ථානයේ ගුල්ෆාම් ගොයියාත් සිටිති.

නිල් පැහැයෙන් ගුල්ෆාම් ගොයියා

චීන අවන්හලෙන් ඉවතට එද්දීම කුලී රථයකි. මම සැනින් අත දැමුවෙමි. එය පැදවූ චීන ජාතික තරුණිය රථය පසෙකට කොට නතර කලාය. ඇගේ දිගු කෙස් කළඹ ඉතා හොඳින් ඈතට දිස් වෙයි. අපේ ඔපීසියේ කෙලියෝ මහ හඬින් හිනැහෙන්නේ චීන යුවතියක සමග කුලී ගමනක් යන්නට අප තිදෙනාට ලැබුන චෑන්ස් එක දැක විය යුතුය.

අපගේ ගමනාන්තය ගැන පැවසූ විට ඇය එහි යාමට හැකි බව හස්ත සංඥාවෙන් පැවසූයෙන්  අප තිදෙනා රථයට ගොඩ වීමු. සිරා කොලුවා දැන් ඉදිරි අසුනේය. රථාචාර්ය වරිය සමග කථාකරන්නට මාන බලමින් සිටි මගේ චිත්ත සන්තානය රථය සංඥා එළියක නතර වූ විගස ඒ සඳහා පොට පාදා ගත්තේය. මගේ ගැටලුවට පිරිමි හඩකින් වහා පිළිතුරු ලැබුනි. මේ අනපේක්ෂිත ප්‍රතිචාරයෙන් විශ්මයට පත් අප තිදෙනාම රියදුරු තැන දෙස දෑස් හොඳින් විවර කර බැලූ කල එතැන සිටියේ චීන යුවතියක් නොව කොණ්ඩය වවාගත් ගෑණු පෙනුම ඇති පුරුෂ රත්නයකි.





මම කාමරේ අරින සිරා කොලුවා.



ප.ලි

මා ගෙඹි මස් සමග බත් කෑ බව ලංකාවේ යුවතියකට සැළ කලෙමි.  ඇයි කන්න දෙයක් නැතුවද ගෙඹි බස් කෑවෙ...පව්කාර වැඩ...යනුවෙන් පැවසූ අැය සම්බන්ධතාව විසන්ධි කලාය.

121 comments:

  1. කවලමේ දල විකුනන්න මෙහෙ ගෙම්බෝ ගන්න කැමති චීනෙක් ගොයාගන්න බැරි වෙයිද මචෝ..

    ReplyDelete
    Replies
    1. ව්‍යන්ජනේ පාට දැක්කම මටත් කන්න කටට කෙල ඉනුවා

      Delete
    2. කලවමේ දාලා විකුනන්න කැමති චීනෙක් මාට්ටු උනොත් කියන්නං....කොණ්ඩෙ බැදපු එකෙක් තමයි මේ වැඩේට හරියන්නෙ.

      Delete
  2. උඹ පණ්ඩිත කතා කියල ලංකාවෙ යුවතිය අහක බලාගනීද දන් නෑ බං.සුබ පැතුම්!!

    ReplyDelete
    Replies
    1. ඒ යුවතිය එහෙම කෙනෙක් නෙමෙයි අනේ...මේවා දැකලා එහෙම යුවතිය අප්සැට් යනවා...හැක්...

      Delete
  3. Replies
    1. එහෙම සුවිශේෂ රසයක් නෑ බං...මට දැනුනෙ කුළුබඩු වල රස තමයි වැඩිපුර...

      Delete
  4. ගුල්ෆාම් දැකගන්න ආසාවේන් හිට්යේ...
    ඇත්තටම ඔහු ආඩම්බරයක්...
    ගෙඹි මස් ගැන කිව්වම අප්පිරියාසහගත ආසාවක් වගේ් දෙයක් මෙව්වා උනා..
    විස්තරය අගනේය

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. අපේ ආයතනයෙ අනිත් පකිස්ථාන් උන්ට බීම කෑම හරාම් නෑ....එකම එකා ගුල්ෆාම් විතරයි...තව ටික කාලයක් අපි එක්ක හිටියම ඒවා හරියයි...

      අප්පිරියාසහගත ආශාවක්....හෙ හෙ...

      Delete
  5. Replies
    1. එහෙම ලොකු රහක් නෑ...ඒත් මේ මංශය ගාන වැඩියි...

      Delete
  6. බුකිට් බින්තැන් ... එහෙනම් කවුරුත් නිදන පාටක් පේන්න නෑ තමා . ඔය ගෙඹිමස් මටනම් දැක්කත් බඩදඟලනවා ... අපි ගෙම්බෝ කියලා දන්නේ ඉතිං ලංකාවේ ගෙම්බෝ විතරනේ ඒක වෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. බොලා ඉතින් මේ පළාතෙ කරක් ගහලා තියෙනවා නොවැ. ගොඩාක් අය ලංකාවෙ ඉන්නවා වගේ සාමාන්‍ය ගෙම්බො මෙහෙම සකසනවා කියලනෙ හිතන්නෙ. නමුත් මේ විශේෂ වර්ගයක්. හැම ගෙම්බම ආහාර බවට පත් කරන්න බෑ.

      Delete
  7. ගෙඹි මස් රසයි කියලා නම් අහලා තියෙනවා. ගොඩක්ම ජනප්‍රිය ගෙඹි කකුල් නේද?

    ReplyDelete
    Replies
    1. ගෙඹි කකුල් දෙකත් මේ භාජනයෙ තිබුනා. මම ඒක දා ගත්තෙ නෑ. අන්තර් ජාලයේ තියෙන්නෙ ගෙඹි කුකුල් වල තෙල් වැඩි නිසා සෞඛ්‍යයට හිතකර නෑ කියලා

      Delete
  8. මේ යැංකි රටෙත් සමහර අවන්හල් වල ගෙඹි කකුල් ව්‍යංජනය විකුණන්න තියෙනවා. මටත් හැබැයි නම ඇහුවහමත් අප්පිරියයි.

    ReplyDelete
    Replies
    1. යැංකි රටේ චීන ටවුමක් වෙනමා තියෙනවා නොවැ. ඒ පළාතෙ ගෙම්බන්ට අමතරව තවත් අය ඇති.

      Delete
  9. ගැරඩි මස් ක්‍රිස්පි වෙන්ඩ හදල තියනව ගෙම්බට වඩා රසයි ඒකත් එක්ක දෙන සෝස් එක හොදට තවරගෙන කන්ඩ ඕනෙ.
    ගියපාර වටදාගෙය එක්ක දාපු බැනර් එක මේ පාර එකට වඩා ලස්සනයි. අනික් පාර යාපනේ කොටුව හරි ගාලු කොටුව හරි මුහුදත් එක්කල දාන්න.
    ප.ලි ලියල තියන සද්දෙ දාපු නංගි කවුද ? ඒකනම් ආදරේ හින්ද ගිය තරහක්

    ReplyDelete
    Replies
    1. ගැරඬි මස් හොඳ රහට ඇති නේද...මෙන්ඩා එක්ක ගල් බෝතලේකට සෙට් වෙන වෙලාවක ඕඩර් කරලා බලන්න ඕනෙ.

      යාපනේ කොටුව, ගාලු කොටුව වගේ ඒවයෙ හොඳ රිසලූෂන් සහිත පින්තූර ජාලෙ නෑ. මේ වගේ ඒවත් අමාරුවෙන් තමයි හොයාගන්නෙ.

      සද්දෙ දාපු නංගි ඔයා හිතන කෙනා නෙමෙයි. අතීතයෙ එහෙම වෙලා හිටියා කෙනෙක්.

      Delete
    2. දෙකක් දාපු වෙලාවක හුනෝ මියෝ කටුස්සෝ වුනත් කෑවැහැකි බං

      Delete
    3. ඒක තමා මෙන්ඩා කටුස්සා වගේ ඉන්නෙ...

      Delete
  10. ගෙබි මස් වලට සෑහෙන්න සෝස් හා තෙල් දාල තියන බව පේනවා. ගෙබි මස් කැවනම් ගැරඩි මසුත් කන්න පුලුවන් වෙයි සිරාට.

    ReplyDelete
    Replies
    1. ඔව් මේ මාංශය සකසන්න එයාලා කුළුබඩු යහමින් දාලා තිබුනා. ගිම්හානි ළමයා හදලා දෙනවා නම් ගැරඩි මස් උනත් මේ සිරා පස්සට යන්නෙ නෑ ඔන්න...

      Delete
  11. අර කිවුවත් ‍වගේ ගෙඹි මස් ප්ලේට් එක දැක්කම කන්න හිතෙන්නෙ නැත්තෙ කාටද.

    අර සීගිරිය උඩ 100% ගැරන්ටීඩ් කියල ගහල තියෙන්නෙ ඔහේ උංට ශුවර් නැද්ද ඒක ගැන. :D

    ReplyDelete
    Replies
    1. ඒකනෙ කියන්නෙ ලොකු අයියා...බෝතලේට හොඳ බයිට් එක ඒක....

      අනේ හැබෑට බොලාටත් පේන දේවල්...වයසෙ වැරැද්දද මන්දා...

      Delete
  12. බුකිට් බින්තන් විස්තර කියද්දි ආයිත් ඇවිත් යන්නම හිතෙනවා ඔය පැත්තේ. කෝ දැන් අපේ මැලේ රාළ ගොයියා එහෙම. සරත් අයියත් පේන්නවත් නැ නොවැ.

    ReplyDelete
    Replies
    1. නලින් අයියා ඉතින් අපිට වඩා හොඳට බුකිට් බින්තාන් පැත්ත දන්නවා නොවැ....මම නෙමෙයි ඉතින් මැලේ රාළලා තමයි කියන්නෙ.

      ඔය දෙන්නම මේ දවස් වල මම හිතන විදියට අධික ලෙස කාර්යබහුලයි. මැලේ රාළ ගොයියගෙ මිරිස් වගාවෙ ඵල නෙලන කාලෙ.

      Delete
  13. අර ඒ එළවලු වගේ ගෙඹි මසුත් අමුරහට දැනුනේ නෑ නේද :D

    ReplyDelete
    Replies
    1. නෑ නෑ..ගෙඹි මස් බොහොම මෘදු වෙන්න හොඳට උයලා තිබුනා.

      Delete
  14. ගෙඹි මස්, සර්ප මස්, බලු මස් ඔය හැමමඟුලම ඉතිං මිනිස්සු කනවනේ. ගෝත්‍රිකයො එහෙම මිනීමසුත් කෑව/ කනවලුනේ. ලෝකෙ එක එක සංස්කෘතීන්වල මිනිස්සු කන මස් ජාති දිහා බැලුවම නොකන මසකුත් නැතුව ඇති. ඕව ගැන ඉතිං විශේෂයෙන් සඳහන් කරන්න දේකුත් නෑ බං, කන එකා කාපුදෙන් නැති එවුන් නිකන් හිටපු දෙන්. මම නම් ඉතිං එදා ඉඳලම මස් මාළු කන්න ඒ හැටි කැමැත්තක් නෑ, ලංකාවෙත් අටෝරාශියන් මස් මාංශ තිබුනත් මමත් වළඳන්නෙ කුකුලා පමණයි.

    මම හිතා ඉන්නෙ කවදහරි උඹව කයියකට අහුවුනොත් උඹේ ආර්ට්වර්ක් ගැන පොඩි කතාවක් දාන්න. :)

    ReplyDelete
    Replies
    1. මම ඇත්තටම මස් කන්න මනාපයක් නෑ. නමුත් මේ ‍රටේ මස් මාංශ වලින් තොරව බත් කන්න අමාරුයි අපි වගේ එළියෙන් බත් කන උන්ට. මම දැන් සති දෙකක වෙලේ ඉඳන් දිවා ආහාරය නිර්මාංශ ආකාරයෙන් කන්නෙ. ඒ වෙනස මටම දැනෙනවා. ලොකු සැහැල්ලුවක් දැනෙනවා ශරීරයට.

      අපි දවසක හමුවේවි බං...අපි හිතන තරම් ලෝකය ලොකු නෑ. ආර්ට් වර්ක් ගැන කථාව ඊයක් විඳහං....

      Delete
    2. ඇත්තටම නිර්මාංශ ආහාර වලින් ශරීරයට සැහැල්ලුවක් ඇති වෙනවා.

      Delete
  15. ඔහෙදීම කාපිය ගෙම්බෝ බැරිනම් කටුස්සෝ උනත්. මෙහෙ එහෙම ගේනවා නෙවෙයි.

    අර රියැදුරා shemale ද

    ReplyDelete
    Replies
    1. අනේ නෑ රස බලන්න කෑවා පමණයි...නැතිව අප වෙනුවෙන් මරණයට පත් කරන සතුන්ගේ මාංශ කන්න මම කැමති නෑ.

      නෑ නෑ මිනිහා එහෙමත් නෙමෙයි හොඳ පුරුෂයා...නමුත් දිග කොණ්ඩයක් තියෙනවා...ඉතින් ගෑණියෙක් වගේම තමයි පේන්නෙ.

      Delete
  16. මෙචිචර දවසක් ගෙදර ආව ගෙමිබෝ එලවලා දැමිමා.දැන් ආය උන් ටික ගෙන්න ගන්න ඔන.වෙිල් කියක්ද මෙචිචර දවසක් එලවලා තියෙන්නේ.සිරා මෙ කලින් දැමිමනමි ගෙදරම පොඩි ගෙබි කඩයකුත් දාගන්න තිබුනා.

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ ඉන්න ගෙම්බො කාලා වන අතුරු උපද්‍රව වලට අපි වගකියනු නොලැබේ.

      Delete
    2. වෙලාවට කිවිවෙ දැන් ආය අරැන් එලවනවා.කඩෙත් වහනවා

      Delete
    3. එලවන්න එපා යකෝ..ගල් බෝතලයක් ගහන වෙලාවකට තියා ගනිමු..

      Delete
    4. ඉබ්බා දොරට දාන්නද ?

      Delete
  17. බුදු දහම වර්තමානයේ එක් ආගමකට සීමා නොවූ දර්ශනයක් බවට පත් වී ඇති බවකි.///
    බුදු දහම යනු ආගමක් නොවේ.. නමේ ආකාරයෙන්ම දර්ශනයකි.. අපේ ගණිංනාන්සේලා ඒක ආගමක් කරගෙන ඇත.. ඔබේ වරදක් නොව කාලයේ වරදකි.

    පිරිමියෙක් නම් පදින්න ඕනෙ මැනුවල් තමයි...///
    එකෙන්ම.. මටත් දිරවන්නෙම නැති වාහන තමයි ඔටෝ ගියර් තියෙන මගුලවල් මේ ලෝකෙ රහකට නැති ඩ්‍රයිව් කරද්දි කිසිම කික් එකක් නැති මොන මගුලට හැදුවද දන්නෙ නැති ******

    ගෙඹි මස් කීවට ඒකෙ තියෙන්නෙ තනිකරම ලූණු පොතුයි මිරිසසුයි විතරයි වගේ.. හෙක්..
    බලු මස් කාපු අං කං මෙහෙ ඉන්නව කොරියා ගිහිං..
    කාල ඉවර වෙනකං රහට කෑවලු. කාල ඉවර වුණාට පස්සෙලු කීවෙ කෑවෙ මොනාද කියල පහුවදා පාංදොඩ වෙනකං කබරයො දැම්ම කියන්නෙ
    හිකිස්

    ReplyDelete
    Replies
    1. ගෙඹ් මස් වල කන්න දෙයක් නෑ බං...කටු ටික විතරයි...මස් තියෙන්නෙ බොහොම සුට්ටයි. බලු මස් කන්නෙ වියට්නාමයෙනෙ...උන්ට බල්ලො පේන්න බෑ.

      Delete
  18. මමත් දවසක් ගෙබි මස් කෑව වියට්නාමේදී ඒක සුප් එකක් මෙලොරහක් නැ , දවසක් ස්ටාෆ් පාටියකදී බලුමස් කෑව බයිට් එකට (පහුවදා දන්නේ බලුමස් කියල) ගොන මස්වගේ රසයි.

    ReplyDelete
    Replies
    1. බලුමස් කන්න මට නම් දුකයි වගේ...මොකද මම බල්ලන්ට බොහොම ආදරේ නිසා...මිනිසාට ඒ තරම් හිතවත් සතෙක්ව මරාගෙන කනවා කිව්වම අප්සැට් නේද...

      Delete
  19. මාටා ෆෙයාර් එක ගැන කඩින් කඩ උඹත් එක්ක බුකියේ කතා කරලා තිබ්බ නිසා පොස්ට් එක ආසාවෙන්ම කියෙව්වා..
    ඔය හා සමානම අත්දැකීම් කාලයක්ම ලැබුවා තායිලන්තෙදි.. බැංකොක් වල, පටායා වල එහෙම.. මාත් ගෙඹි මස් සර්ප මස් කෑවේ නැති උනාට ප්‍රතික්ෂේප කරෙත් නෑ.. ඕක ඉතින් අපි හිතන විදියනේ වෙනස.. චීන්නු වගේ විස නැති ඕන මසක් කන්න පුරුදු උනානං සාගතයක් ආවත් කාලයක් සර්වයිව් වෙන්න පුළුවන් :)

    ReplyDelete
    Replies
    1. මම ඇත්තටම ගෙඹි මස් කෑවෙ ඒකෙ රස කොහොමද බලන්න. මොකද ලංකාවට ආවට පස්සෙ මේ අත්දැකීම් විඳින්න බෑනෙ. පටායා වල ෆ්‍රයිඩ් රයිස් එක මැලේසියාවෙ ගොඩාක් ජනප්‍රියයි. මමත් බොහෝ වාරයක් රස බලලා තියෙනවා. චීනා මස් වර්ගයක් උනත්. එළවළුවක් උනත් ඒවායෙ ගුණ නොනැසෙන ලෙස තමයි සකස් කරන්නෙ. ඒ කාරණයත් චීනගෙ නිරෝගී බවට හේතු වෙලා ඇති. ඉඩ ලැබුන ගමන් බොලාව බලන්න එන්නං...තරහා අවසර.

      Delete
  20. චීනා කියන්නෙ අතට අහුවෙන ඕන දෙයක් කන එකානෙ.බීච් එකේදි හම්බෙන කක්කුට්ටො,පසැඟිල්ලොත් ගින්දරට දාක කනවා හෙන ආසාවෙන්.ගස්ලබ්බත් ඔය එක්සිබිශන් සීන් වලට හෙන මනාපයි නෙව..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මෙහෙ හොඳයි. චීනෙට ගිහින් බැලුවොත් චීනා මොනවද නොකන්නෙ කියලා හිතෙයි. ඒ වගේම තමයි කාම්බෝජය. පාරවල් අයිනෙ තියාන බැඳපු සර්පයො / වවුලො / කුරුමිණි / තණකොළ පෙත්තො/ විකුණන විදිය දැක්කා නම් බත් කන්නෙ නෑ සතියකට. බොටත් ජයම වේවා !

      Delete
  21. බොග්කරුවෝ පිරිසක් එක්ක ඉන්දියා සංචාරයක් ගියා,,,ඊලග ගමන මැලේසියා කියලා දැන්ම තීරනය කරලා ඉවරයි...බලමු සිරාවත් අල්ල ගන්න

    ReplyDelete
    Replies
    1. මමත් එන්නං උඹලා එක්ක මැලේසියා යන්න.....

      Delete
  22. හොද වෙලාවට මෙහේ ගෙඹි මස් නෑ..

    ReplyDelete
    Replies
    1. එහෙමද...සමහර විට සීතල වැඩි නිසා වෙන්න ඇති.

      Delete
  23. බණ්ඩාගේ කතා......
    හිනා කලා ඉල ඇදිලා මැරෙන පොස්ට් එකක් ලියලා..

    ReplyDelete
  24. මම ලිපියටත් වඩා ආසාවෙන් බැලුවේ පිංතුර ටික

    ReplyDelete
    Replies
    1. පින්තූර ටිකෙන් තමයි කථාවට එළියක් වැටුනෙ.

      Delete
  25. මෙහෙත් ගෙඹි මස් කන්න ගත්තා නම් ඔය දියවන්නාව පැත්තේ ඉන්න හරක් ටික එහෙමත් කෑමට ගන්න තිබ්බා අපිට.මේ තියෙන්නේ ගෙඹි මස් කියලා කන්නේ නැති වෙන්න පුළුවන්.හැබැයි නොකියා දුන්නොත් කන්නත් පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ආහාර අහේනියක් ඉදිරියේදි ඇති උනොත් අද ඊයා කියන උනුත් එදාට අපූරුවට ගෙඹි මස් කන එක ෂුවර්...

      Delete
  26. උඹ, ගෙඹි මස් රසද කියන කාරණාව අමතක කරලා. ඒ වගේම ආයෙම අවස්තාව ලැබුනොත් ගෙඹි මස් කනවද කියන ප්‍රශ්ණයත් අමතක කරලා.

    ReplyDelete
    Replies
    1. ගෙඹි මස් වල විශේෂ රසක් මට දැනුනෙ නෑ...නමුත් ඒවා සකසන්න සාමාන්‍යයෙන් චීනුන් මුසු කරනවට වඩා කුළු බඩු දාලා තියෙනවා කියන එක නම් වැටහුනා. ආයෙම දවසක කන්න අදහසක් නෑ. මොකද ගෙඹි මස් වලට ගෙවන මිළ සහ කන්න තියෙන ප්‍රමාණය බැලුවාම තනි ඇහැට ඇඬෙන්නෙ.

      Delete
  27. උඹේ මේ පෝස්ට් එකත් උඹට ගෙඹි මස් රස දැනුනා වගේමයි මටත්. හැක් හැක්
    මට මේකෙ අල්ලලම ගිය කෑල්ල කියන්නද? බෑ බං එක්කො.
    උඹ මේක අපේ ඇමති ගොල්ලට එහෙම පෙන්නනවා නෙමෙයි. පියෝ සිලෝන් ෆ්‍රොග්ස් මැනුෆැක්චරිං පී එල් සී‘ කියලා කොම්පැනියක් ගෑනිගෙ නමට පටං අරං ගම් මට්ටමෙන් ගොම්බො එකතු කරලා “පියෝ සිලෝන් ෆ්‍රොග්ස් කොමොඩිටීස් පී එල් සී“ කියලා එක්ස්පෝට් කොම්පැනියක් පුතාගෙ නමට පටං ඇරං කියලා උඹට ආරංචි වෙයි අවුරුද්දකින් විතර.

    ReplyDelete
    Replies
    1. නිවැරදි කිරීමයි, //පුතාගෙ නමට පටං ඇරං ගොම්බො පටෝනවා කියලා// ලෙස.

      Delete
    2. මෙහෙ උනුත් ගෙඹි මස් ගිලින්න පටන් ගත්තොත් ඔය කියන විදියෙ සමාගම් අනිවාර්යෙන්ම බිහි වෙයි. එදාට වැඩේ යන විදිය බලලා ලාභදායක වගේ නම් බොලාටත් බැරියි ගෙබ්බො එකතු කරන මධ්‍යස්ථානයක් වත් පටන් ගන්න.

      Delete

  28. "මා ගෙඹි මස් සමග බත් කෑ බව ලංකාවේ යුවතියකට සැළ කලෙමි. ඇයි කන්න දෙයක් නැතුවද ගෙඹි බස් කෑවෙ...පව්කාර වැඩ...යනුවෙන් පැවසූ අැය සම්බන්ධතාව විසන්ධි කලාය."

    සිරා බොට හොඳ වැඩේ ඕන එකයි එපා එකයි ඔක්කොම කෙල්ලොන්ට කියන්න යනවට...හික්ස්...

    ReplyDelete
    Replies
    1. සම්බන්ධතාව විසන්ධි කල ලංකාවේ යුවතියOctober 2, 2015 at 11:16 AM

      ඒක තමා

      Delete
  29. සිරා එහෙනම් ගෙම්බොත් කෑවාඈ..එල ..එල

    ReplyDelete
    Replies
    1. ඔව් කාලා බැලුවා....ටැස්ට් කරන්න...

      Delete
  30. මෙහෙන් ගෙම්බෝ ටිකක් එක්ස්පෝට් කලානම් හරි වගේ

    ReplyDelete
    Replies
    1. එහෙම කරලා හරි ගානක් කපා ගත්තොත් නරකද නාඩි කොලුවො..

      Delete
  31. ගෙඹි මස් නම් ඊයා... පින්තූර ටිකත් එක්ක විස්තර නම් ආසාවෙන් කියෙව්වා..

    ReplyDelete
    Replies
    1. ගෙඹි මස් කෑවා නම් ඊයා කියන එකක් නෑ නඟා...

      Delete
  32. අර චිත්‍රෙ නම් හරිම ලස්සනයි.

    ගෙඹි මස් කතාව නම් ටිකක් විතර අප්පිරියයි තමයි.
    ඒ අපි දැකල තියෙන ගෙම්බො ගැන එකපාර කල්පනා වෙන නිසා නෙ.
    ඒත් ඉතින් පවු නම් ඉතින් අනිත් මස් මාලු කන එකත් පවු. මොකද ගෙම්බො විතරක් යෑ මාලුත් සත්තු නෙ අනේ..

    ReplyDelete
    Replies
    1. චිත්‍ර ශිල්පියාගෙ හැකියාව ගැන විවාදයක් නෑ..ඒ නිසාම තමයි මම ඔහුව ආයතනයට හඳුන්වා දුන්නෙ. ගෙඹි මස් වල අප්පිරියා හිතෙන රසක් නම් තිබුනෙ නෑ.

      Delete
  33. ලංකාවෙත් ඕනෙ තරම් ඉස්සො බදිනවනෙ ඔලුව එක්ක.
    වෙන එකක් තියා ඉස්සො වඩේ එකෙත් ඔලුව එක්කනෙ.
    ඔලුවෙ අශූචි තියනව කියන එක මිත්‍යාවක්නෙ.

    ReplyDelete
    Replies
    1. මිත්‍යාවක් නෙමෙයි..එතන තමයි ගබඩාව තියෙන්නෙ...ඉස්සා බැදලා කනකොට ඉතින් අපද්‍රව්‍ය ගබඩාවත් හිස් වෙලා ඇති...

      Delete
  34. කාලයක් යද්දී කබර මසුත් කෑම මේසෙට එයි හිතුන කුකුල් කකුල් දැකල.. මේ ජරාවල් කොහොම බඩට දාගන්නවද මන්ද .

    ReplyDelete
    Replies
    1. ඔය හිතන තරම් අප්පිරියා නෑ සුදා...ලූණු කෑලි මිරිස් කරල් එක්ක යහමින් තුනපහ අතගෑවිලා ආවම මේසෙ උඩට...

      Delete
  35. සිරා මොනවද බන් බොට මේ වෙලා තියෙන්නෙ දවසක ගව මුත්‍රා කියනව... තව දවසක ගෙඹි මස් කියනව.. අනේ මන්ද බොට යන්තරයක් දාල නූලක් බඳින්න වෙයි වගේ...
    ඕන නම් කියපන් හොඳ කට්ටඩියෙක් අපේ ගමෙන් අල්ලල දෙන්නම්..

    ReplyDelete
    Replies
    1. උඹලගෙ ගමෙන් කෙල්ලෙක් නෙමෙයි බොල...මගෙ වයසට ගැලපෙන හොඳ දැරිවියෙක් ඉන්නවා නම් හොයලා දීහං...

      Delete
  36. සිරෝ.......... ආයෙත් බූට් මාසයක් නම් කරමුද?..................

    ReplyDelete
    Replies
    1. ආයෙ බූට් මාසයක් නම් කරන්න වෙයි වගේ...දැනටම කථා කීපයක් ලැබිලා තියෙනවා...

      Delete
  37. සම්බන්ධතාව විසන්ධි කල ලංකාවේ යුවතියOctober 2, 2015 at 11:15 AM

    ගෙඹි මස් ??? ඊඊඊඊයායායායායා

    ReplyDelete
  38. සිරා ට මොකද වුනෙ?
    ඇතුරුදන් වෙල නෙද හිටන්?
    ආරන්චියෙ හෑටියට හිරෙ ගිහින් ලු
    හොරෙන් විසා නතුව ඉන්දල

    ReplyDelete
  39. සිරා කො බන් උඹ....යකො තොට මොකද උනෙ.. ඉන්න තැනකින් වරෙන්...කොහෙද උඹ අතුරුදහන් උනේ...? දන්න එකෙක් ඉන්නව නම් කියපන් මුට මොකද උනේ කියල..

    ReplyDelete
  40. වැරදි ආරංචියක් වගේ, සිරා අසනීපෙන් ලු මිසින් ඒකලු

    ReplyDelete
    Replies
    1. ඇනෝගෙ කවුද හිරේ ගියාලු.....

      Delete
  41. උඔට කදරයක් න‍ෙවන්න කියලා අපි ප්‍රර්ථනා කරනවා..

    ReplyDelete
    Replies
    1. මොන කරදරයක්ද....හෙම්බිරිස්සාව ඇර වෙන අසනීපයක් නෑ

      Delete
  42. ගෙඹි මස් කන්න මටත් ආසාවක් ඇති උනා බොලන්.

    ReplyDelete
    Replies
    1. ළිද ලග ගෙම්බො ඇති...පොඩ්ඩක් බැලුවා නං...

      Delete
  43. ගෙඹි මස් කාපු උඹ සනීපෙන්ද???

    ReplyDelete
    Replies
    1. දිරවගන්න ටික්ක අමාරු උනා...ඒත් දැන් අවුලක් නෑ...

      Delete
  44. machan where are you. wtz wrong with you as I am waiting for your next part.

    ReplyDelete
    Replies
    1. මම ලංකාවට ඇවිත් ඉන්නෙ....ලියන්න වෙලාවක් හොයාගන්න දැනට අමාරුයි...ඉදිරි දිනයක නැවතත් කාමරේ දොර අරිනවා...

      Delete
  45. රායිට් උඔ ඇවිත්
    දැන් ලියපන්

    ReplyDelete
    Replies
    1. එළකිරි මෙන්ඩයියෙ...විවේකයක් ලැබුන ගමන් ලියමි

      Delete
    2. ade uba lankawata awada. hambennath asai.kawadda apahu yanne

      Delete
    3. ආයෙ යන්න අදහසක් නෑ...මගේ ක්ෂේත්‍රයෙ ලංකාවෙ ඉන්න මිත්‍රයො බහුතරය හොඳ දියුණුවක් ලබලා තියෙනවා...ඒ නිසා මමත් මගේම යමක් පටන් අරගෙන ලංකාවෙ නවතින්නයි අදහස.

      Delete
    4. අන්න නියමයි සිරා..... මගේ උණුසුම් සුභපැතුම්...!! සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා..!!
      ජයවේවා..!!

      Delete
    5. ස්තූතියි මිත්‍රයා...

      Delete
  46. සිරා බැක් ඉන් ඇක්සන්..! :) :)

    ReplyDelete
    Replies
    1. හෙට අනිද්දාම නැවත ලිවීම අරඹමි....ස්තූතියි මිත්‍රයා...

      Delete
  47. කාලෙකින් ගොඩ වුණේ. බැලුවම ගෙඹි සීන් එකක්.

    ReplyDelete
    Replies
    1. ඔව්...සමහරුන්ට කැත සීන් එකක්...

      Delete
  48. Replies
    1. ජනවාරියෙ ඉදන් බොග දාමු...

      Delete
  49. ඔන්න ඔයාගෙ බ්ලොග් එකත් අපේ සිංඩියට ඇඩ් කරා
    අපේ බැනර් එක ඔයාගෙ බ්ලොග් එකට දාගෙන අපිට සප් එකක් දෙන්න සහෝ
    http://www.akurasyndiya.tk

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මිත්‍රයා...මේ දවස් වල බොග් කෙරුවාව එක්ක වැඩි පෑහීමක් නෑ...ඉදිරි දිනයක ආයෙ ලියන්නයි කල්පනාව.

      Delete
  50. Replies
    1. පොඩියක් ඉදිංකො...තවම නිවාඩු...

      Delete
  51. ගෙඹි මස් කෑවා නම් ...... කියලා අළුත් ප්‍රස්තා පිරුලක් එකතු කරමුද?
    "පට්ට ඈ"

    ReplyDelete
    Replies
    1. ගෙඹි බස් ලංකාවට නුහුරු දෙයක් උනාට ඒ රටවලට ඉතාමත් හුරු දෙයක්...

      Delete
  52. ඈ බන් ගල් ඉබ්බො, දුමීයගෙ බ්ලොග කියවන්න පුරුදු වෙලා හිටියා. ඌ ඒක ලියන්නෙම නැහැ.රන්ගගෙ එක හොයන්නත් නැහැ. උඹත් දැන් නවත්තන්නද හදන්නේ ?

    ReplyDelete
  53. සිරා, කෝ බන් උඹ ??

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...