Monday, February 8, 2016

63 මිත්‍ර සහ ආදරය

රතු පැහැති ස්පෝට් වර්ගයේ පා පැදිය ගම්පහ පුස්තකාලයේ පසෙකින් තිබෙන සුදු අරලියා ගස අසල කම්බි වැටට හේත්තු වන විට පුස්තකාලයේ දොරටු විවර වී වැඩි වේලාවක් ගත වී තිබුනේ නැත. උදෑසනම මිදුලේ සුදු වැලි මත පැහැදිලි රටා මවමින් මේ මිදුල අමදින්නේ පුස්තකාලයට යාබදව පිහිටා තිබෙන නගර සභාවේ කම්කරු ළඳක් විසින් බව බයිසිකලයෙන් බිමට බට මිත්‍ර හට සැනෙකින් මෙනෙහි වූවේය. අතරින් පතර එක දෙක බැගින් වැටී තිබෙන වියලී ගිය අරලිය කොළ සහ සුදු පැහැය ඇකී මැකීගිය අරලිය මල් ජීවිතයේ අනිත්‍ය මෙනෙහි කරනවාදෝයි විටෙක ඔහුට සිතෙයි. මේ දසුන දෙස තත්පර කීපයක් බලා හිඳ පා පැදියේ ආරක්ෂාව සහතික කරගැනීමෙන් පසු පුස්තකාල ගොඩනැගිල්ලේ උඩුමහලට පිවිසෙන තරප්පු පෙල අභියසට හෙතෙම පැමිණියේ මඳ කොරයක් සහිත වම් පාදය ආයාසයෙන් අවනත කරගනිමිනි.

තරප්පු පෙල එකින් එක තරණය කරන්නට දැන් වෙනදාට වඩා අපහසු බවක් මිත්‍ර හට දැනෙයි. කුඩා කල සිටම වම් පාදයේ පැවති වියවුල දැන් තරමක් නරක අතට හැරී ඇති බවට ඔහුගේ චිත්ත සන්තානය දෙස් දෙයි.

තව මාස දෙකකින් උසස් පෙළ ඉවරනෙ...ඊට පස්සෙම දොස්තර කෙනෙක් හම්බ වෙනවා...

ඔහුගේ සිතුවිලි ඒ මේ අත දෝලනය වෙද්දී පුස්තකාලයේ පාඩම් කරන කොටසේ තමන් නිතර වාඩි වී සිටින ආසනය වෙත ඔහුගේ පියවර එසවුනේ නිරායාසයෙනි. තවමත් පාඩම් කරන කොටසේ සියලු ආසන පිරී ගොස් නැත. අතරින් පතර පෙනෙන හිස් තැන් ඔස්සේ දිවගිය ඔහුගේ නෙතු දෑල අවසානයේ ඇගේ රූප කාය ඉදිරියේ වෙනදා වාගේම නතර වූවේය.

ලස්සන කෙල්ල...හිනාවෙන කොට සීදේවි පාටයි...කොන්ඩෙත් දිගයි..

අරමුණක් නැතිව ඉබාගතේ උපදින සිතුවිලි උපදින සැනින් නැසෙද්දී මිත්ර හට වෙනදා දැනෙන වේදනාව අදත් ඇතුලු හදේ දැනෙන්නට වූවේය.

කොර කකුලක් තියෙන මට කෙල්ලෙක් කැමති වෙයිද ?

මේ මනෝභාවය ඉදිරියේ තවත් වේලා රැදී ඉන්නට ඔහුට අපහසුය. තාත්තා මිය ගිය දිනයේ සිට තමා සහ මලනුවන් ලොකු මහත් කරන්නට වෙර දැරූ මවත්, අකලට වියලී ගිය ඉපලක් බදු ඇගේ වතත් සිහිවන වාරයක් පාසා මිත්ර ගේ සිත වෙඩරු පිඩක් මෙන් උණු වෙයි. නෙතු දෑලේ කදුලක් උපදී. කෙසේ හෝ මුල් වාරයේම විභාගය හොදින් සමත් වී ඉංජිනේරුවකු ලෙස සාමාර්ථය ලබා මවගේ ඉදිරි ජීවිතය සැපවත් කරමි යන උදාර සිතිවිල්ලෙන් පණ ගැන්වුන මිත්ර රූබර යුවතිය පසෙක තබා එදින පුස්තකාලය තුල විසදන්නට අධිටන් කල ගණිත ගැටලු වෙත යොමු වූවේය.

.......................................................................................................

හිතේ පවතින දැඩි අධිෂ්ඨානය නිසාම මිත්ර අසල සිටගෙන සිටින යුවතිය ඔහුට සංවේදනය වූයේ තත්පර කීපයක පමාවකිනි.

අයියේ...

මිත්රගේ නෙතු යුග නිතර නතර වන රූපකායේ හිමිකාරිය ඔහු අසල සිටගෙන සිටින්නීය. ඇය අත ඇති හාෆ් ෂීට් කොළ කීපය දෙස ඕනෑවට එපාවට මෙන් බැලූ මිත්‍ර ඇගේ රූබර වත කමල දෙස නම් උමනාවෙන් බැලුවේය.

ඇයි නංගි...ඔහුගේ සැලෙන කටහඬ ඇයට ඇසුනාදැයි සැක සිතෙන තරම්ය.

මේ ගානක් තියෙනවා...අපි හදන්න හැදුවට හදාගන්න බෑ...අපි ඉතින් විභාගෙ ලියන්නෙ ලබන අවුරුද්දෙනෙ...අයියා හෙට අනිද්දා ලියන්න ඉන්න කෙනා නිසා හදාගන්න පුලුවන් වෙයි කියලා හිතුවා..

මේ ගැටලුව පුස්තකාලයේ නොයෙක් දෙනා වෙත යොමු වී අවසානයේ තමා කරා පැමිණි බවක් මිත්‍ර දැන සිටියේ නැත. ධ්‍යානයකට සමවැදුන කෙනෙකු මෙන් නිතරම ඉලක්කම් සමග හරඹ කරන ඔහුට අවට පරිසරයේ සිදුවන සිදුවීම් දැනෙන්නේ නැත.

විනාඩි කීපයක ඇවෑමෙන් ඉතාමත් පහසුවෙන් ගණිත ගැටළුව විසදුනි. එය විසදූ ආකාරය පිළිබද විස්තරාත්මකව දැනගන්නට ඇය මඳක් මිත්‍ර වෙත නැඹුරු වූවාය. ඈ වෙතින් හමනා සුවඳ විලවුන් සුවඳින් අමන්දානන්දයට පත් හෙතෙම ඉතාම මැනවින් ඒ කාර්යය අවසන් කලේය.

.......................................................................................................

උ/පෙල විභාගයට තවත් වසරක කාලයක් තිබුනත් මේ යුවතිය ඉතාම උත්සාහ වන්තය. ගම්පහ නගරයේ ප්‍රධානම කාන්තා පාසලේ ඉගෙනුම ලබන ඇගේ නම නිශානි බව මිත්ර දැන ගත්තේ දිනක් ඔහු වෙත ඉදිරිපත් කල ඇගේ ප්‍රශ්න පත්‍රයක තිබී අහම්බෙන් නෙත ගැටීමෙනි.

පුස්තකාලයේ පාඩම් කරන කොටසේ විභාගයට සූදානම් වන පිරිස අතරේ ගණිත අංශයේ ප්‍රමුඛයා මිත්‍ර බව ඒ වන විටත් බොහෝ දෙනා දන්නා රහසක්ව පැවතින. මේ විෂයට ඔහු දක්වන දක්ෂතාව නිසාම දිනපතාම නිශානි ගෙන එන ගැටලුවක් දෙකක් විසදන්නට ඔහුට සිදු වුවද හෙතෙම එයින් සතුටක් ලැබුවා මිස කෝප වූයේ නැත.

තමාගේ සිත සොරාගත් යුවතිය වෙත මෙලෙසින් උපකාර කිරීමට ලැබීම මිත්ර වෙත ගෙන ආවේ බලවත් ආශ්වාදයකි. විභාගයට තවත්  දිණ කීපයක් වෙද්දී සිතේ සිරවී ඇති සිතිවිලි වචන බවට පෙරලන්නට ඔහුට හැකි වූවේය.

මම ඔයාට කැමතියි නංගි...තම මිතුරන් සැමටම රහසින් ඔහු එසේ කියන්නට ඇත. එහෙත් වම් කකුලේ කොරයක් සහිත මිත්‍ර වැනි තරුණයෙකු වෙනුවෙන් තම හදවත දන්දෙන්නට ඇය පාරමීදම් පුරන්නියක නොවුනාය. මිත්ර වෙත සිහින් වේදනාවක් දැනුනද ඒ වේදනාවත් තමාගේ සවියට ගෙන උ/පෙ කඩඉම ඉතා හොඳින් ජයගෙන පේරාදෙණිය විශ්ව විද්‍යාලය වෙත පිවිසෙන්නට මිත්‍ර වාසනාවන්තයෙක් වූවේය.
......................................................................................................
විශ්ව විද්‍යාලය තුල කටයුතු ආරම්භ වුවත්, එහිම නවාතැන් ගෙන සිටියත් මිත්‍ර හට ගම්පහ පුස්තකාලය අමතක කරන්නට නොහැකිය. තමාගේ සාර්ථකත්වයට පිටිවහලක් වූ මෙම ස්ථානයට හැකි සෑම විටෙකම පැමිණීම ඔහුට සතුටකි.

එලෙස පැමිණෙන සෑම විටෙකම විභාගය ජයගන්නට වෙර දරණ නිශානි ඔහුට දකින්නට ලැබෙයි. දෙවන වර පළමු හමුවීමේදීම මිත්‍රගේ ජයග්‍රහණය පිළිබඳ තම සුභාශිංෂණ එක් කරන්නට ඇය අමතක නොකලාය. අතීතයේ මෙන් ඇයත් ඇගේ යෙහෙලියනුත් හැකි සෑම විටෙකම මිත්‍රගේ සහයෝගය ලබාගන්නේ ඔහු මේ මග සාර්ථකව තරණය කල නිසාවෙනි. කිසිදු නිරහංකාරකමකින් තොරව තමාගේ යහපත වෙනුවෙන් ලබාදෙන ගුරුහරුකම් නිසාදෝ ඇගේ හද ගැඹේ උපන් ආගන්තුක හැගීමකට ඇය ආදරය යනුවෙන් නම් තැබුවාය. අවසානයේ මිත්‍ර සහ නිශානි ප්‍රේමයෙන් වෙලුනෝය.


කලින් වතාවෙ බෑ කියපු එකී මේ වතාවෙ කැමති වුනේ මිත්‍රයා දැන් ඉංජෙක් වෙන්න ඉන්න හින්දා...ගෑණු ඔහොමම තමයි බං...වාසි අතට හෝයියා...

ප්‍රේමයේ විප්‍රයෝගයේ රස ඇති පදමට විඳ ඇති පුස්තකාල පාඩම් කොටසේ එකෙකු දිවා විවේකයේදී මේ නවයොවුන් ප්‍රේමය එලෙස දුටුවේය. අවට සිටිනා උන් කියනා කිසිදු දෙයක් කණකට නොගත් මිත්‍ර තම පැපැදිය අාපසු එන ගමනේදී ලබාගන්නා අටින් ඇගේ අත අල්ලාගෙන සෑම දිනෙකම හිරු අවරට යන හෝරාවේ ගම්පහ නගරය ඔබමොබ ඇවිද ගියේය.

අපේ තාත්තා අදුනන කෙනෙක් දැක්කොත් මට පුස්තකාලෙ එන්න දෙන එකකුත් නෑ අයියෙ...

නිශානිගේ දුක්ගැනවිල්ල නිසාම මිත්‍රගේ ගමන් මාර්ගය අතුරු මාර්ග කීපයකට පමණක් ක්‍රම ක්‍රමයෙන් සීමා වූයේය. ඔහුගේ ආදරය පරවි රැජිනියක් සේම අවිහිංසකය, අලුත් කලයක පිරිසිදු ජලය සේ නැවුම්ය, පිල් විදහා ගත් මොණර රාජයෙකුට දැනෙනා තරමේ ආඩම්බරයක්ය. පුස්තකාලයේ රූබර ළදක් සමග පෙම් සබඳතාවක් ඇරඹීම පහසු නැත. ඒ බව දන්නා මිත්‍ර තමා ගැන ආඩම්බර වීමේ වරදක් නැත.

.......................................................................................................

මිත්‍ර මෙන් නැතිබැරි පවුලක ඉපදී නැති ඔහුගේ පෙම්වතිය ඇතිහැකි පවුලක එකියකි. ඇගේ පියා නීතිඥයෙකි. මේ සාධක හමුවේ අනියත බියකින් ඔද්ගැනුන මේ ප්‍රේමවන්තයාගේ සිත නිතර සැලෙයි. නිශානි කවදාවත් වෙනස් වෙන එකක් නෑ.  එලෙස සිතීමෙන් තාවකාලිකව ගැටලුව අමතක කරන්නට මිත්‍ර රිසි වූවේය.

නිශානි උ/පෙ විභාගයට ලීවාය. ප්‍රතිඵල අපේක්ෂවෙන් සිටින ඇයට මිත්‍ර සමග පෙම් කෙලින්නට ඕනෑ තරම් කාලය තිබේ. ඔහු වැනි තරුණයෙකුට දෙමාපියන් අකමැති නොවනු ඇතැයි යන සිතුවිල්ල ඕනෑවටත් වඩා විශ්වාස කල නිශානි තම දෙමාපියන් වෙත මිත්‍ර හඳුන්වා දෙන්නට පසුබට නොවුනාය.

මොකද පුතා කකුල...ඇවිදිනකොට තරමක කොරයක් තියෙනවා නේද..මගෙ යාලුවෙක් ඉන්නවා හොඳ දොස්තර කෙනෙක්...අපි පෙන්වලා බලමු. යන වියදම් ගැන පුතා වද වෙන්න එපා. ඒවා මම බලාගන්නම්.

පළමු හමුවීමේදීම ඇගේ පියා මිත්‍රගේ ආබාධය පිළිබඳ සැළකිලිමත් වූවේය. එදා ඔහු මේ නිවසින් සමුගත්තේ වෛද්‍ය පරීක්ෂණය උදෙසා සහභාගි වන්නට දිනයක් ගිවිසාගැනීමෙනි.

.......................................................................................................

මිස්ටර් මහවත්ත...කොල්ලා කොච්චර හොඳ උනත්, උගත් කම තිබුනත් මේ කසාදය කරලා දුවගෙ අනාගතය අඳුරු කරගන්න එපා. මිත්‍රට තියෙන්නෙ කලාතුරකින් හැදෙන ලෙඩක්...මාංශ පේශීන් හැදෙන වේගයට වඩා මැරෙන වේගය වැඩි නිසා එයාගෙ කකුල් වල ශක්තිය අඩු වෙලා. තව කල් යද්දි ඔය කොරය තව තවත් වැඩි වෙනවා. එතකොට ඇවිදින්නම බැරි තැනට එයි. මේ වගේ ලෙඩෙක්ව හොඳ කරන්න විදියක් තවම හොයාගෙන නෑ. දුවගෙ අනාගතය ගැන හිතලා හොඳ තීරණයක් ගන්න.

ඉකුත් සතිය වන තෙක්ම තමාගේ තුරුලේ හිඳිමින් පෙම්බස් දෙඩූ යුවතියකට මෙතරම් ඉක්මනින් වෙනස් වෙන්නට හැකි වේ යැයි මිත්‍ර කිසි දිනක විශ්වාස කලේ නැත. ඇගේ දෙමාපියන් හමු වී පැමිණ සති දෙකක් පමණ ඇවෑමෙන් දෙමාපියන් මේ සබඳතාවට අකමැති බව පැවසූ ඇය සබඳතාව බොහෝ පහසුවෙන් විසන්ධි කර දැමුවාය. දුරකථන ඇමතුමකට පවා පිළිතුරු නොදුන් නිෂානි විරහා වේදනා නැමති සෝ සයුරේ කර වටක් දක්වා මිත්‍ර රැගෙන ගියාය. ආදරය මේ තරම් දුකක් බව කලින් දැන සිටියා නම්....නොයෙක් වර මිත්‍ර එලෙස කල්පනා කරන්නට ඇත.

නිශානිගේ ආදරය අහිමිවීම මිත්‍ර හට මහත් වේදනාවකි. මේ කරුම ලෙඩේ හැදුන වෙලේ මමත් මැරිලා ගියා නම්...එහෙත් මෑණියන්ගේ ගුණ සුවඳ දැනෙන සෑම විටෙකම ඒ සිතුවිල්ලෙන් මිත්ර ක්ෂණිකව බැහැර වූවේය.

.......................................................................................................

විරහා වේදනාව කෙමෙන් කෙමෙන් හීන වී යද්දී මිත්‍ර පේරාදෙණිය සරසවියෙන් ඉංජිනේරු උපාධිය අවසන් කර පහුණුවන කාර්මික ඉංජිනේරුවකු ලෙස ලංකාවේ නම ගිය ආහාර සැකසුම් කරනා සමාගමක සේවයට බැදුනේය. කාර්යශූර බවත්..විෂයෙහි දැක්වූ ප්‍රවීණතාවත් නිසාම කෙටි කලකින් ප්‍රධාන ඉංජිනේරුවෙකු තරමට ඉහළට පැමිණි මිත්‍ර මේ සමාගමේ නවතම කර්මාන්ත ශාලාවේ සියලුම යන්ත්‍ර සූත්‍ර තමාගේ අභිමතය පරිදි සවි කිරීමට වරම් ලද්දේය. ඒවා මිළදී ගැනීම පිණිස රටවල් කීපයක සංචාරය කරන්නටද ඔහුට අවස්ථාව ලැබුනේය. මේ සවිකිරීම් සියල්ලම ඉතාම මැනවින් සිදු වූ නිසා ආයතනය ඔහු කෙරේ වඩ වඩාත් පැහැදුනේය.


රැකියාව අතින් කෙතරම් ඉහළට ගියත් මේ අතර තුර කාලයේ මිත්‍රගේ සෞඛ්‍ය තත්වය බොහෝ සේ පිරිහුනි. ඔහුගේ වම් කකුල ඔසවාගෙන පියගැට පෙලක් නැගීම පවා අපහසු වූවේය. සමකාලීන වෘත්තීය සගයන් නවීන රථ වාහන පාවිච්චි කලත් මිත්‍ර එසේ නැත. තමාගේ සෞඛ්‍ය තත්වය නරකම අතට හැරුන පසු මෙතෙක් සේවය කල ආයතනයේ සේවයෙන් ඉවත් වී කුළුබඩු සම්බන්ධ තමාගේම ආයතනයක් සුළුවෙන් පටන් ගන්නට මිත්‍ර කටයුතු කලේ ලබන වැටුපට සරිලන සේවයක් තව දුරටත් සැපයීමට තමාට නොහැක යන මතයේ එල්බගෙන සිටි නිසාවෙනි.

පුද්ගලික විශ්ව විද්‍යාලයක් හරහා ඉංජිනේරු උපාධියක් ලද නිෂානිට දැන් නව පෙම්වතෙකු සිටියි. ඔහු සමග ගත් විවිධාකාරයේ ඡායාරූප වලින් ඇගේ මුහුණු පොත සැරසෙද්දී, ඇගේ යෙහෙලියන් මේ දෙදෙනා ඉතාම ගැලපෙන යුවලක් බව කීවෝය. මිරිස් සැර ඉහවහා ගිය, අධික ශබ්දයකින් යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක වන පරිසරයක සිටියද, ගතින් කෙතරම් දුර්වල වුවද මිත්‍ර මානසිකව ඉතාම සංසුන්ය. මෙතරම් ගැටලු හමුවේ යළි නැගිටින්නට නොහැකි ලෙස ඇද වැටෙන බොහෝ දෙනෙක් සිටිනා සමාජයක විරහා වේදනා, ශාරීරික පීඩා අතරින් තමාගේ ඉලක්කය කරා ගිය මිත්‍ර වීරයෙකු නොවන්නේද ?

දිනෙන් දින කායික ශක්තිය අතින් දුර්වල උවත් තවමත් මිත්‍ර නව යන්ත්‍ර උපකරණ පිළිබඳ සිත යොමු කරන්නේ බාධක හමුවේ පෙරට යන පුදුමාකාර ශක්තියක් ඔහු තුල තිබෙන බැවිනි. ජීවිතයේ එක් අන්තයක් කඩා වැටෙන කල්හි තවත් අන්තයකින් ජයග්‍රහණය ලබැගැනීම බොහෝ පිරිසකට කල නොහැකි කාරියකි. ඒ අතලොස්ස අතරට මිත්‍රගේ නමද ලියවිය යුතුමය.



මම කාමරේ අරින සිරා කොලුවා.



ප.ලි

සිරා කොලුවා ගම්පහ පුස්තකාලයේ පාඩම් වැඩ කරනා සමයේ මේ සත්‍ය කථාවේ ඔබට හමු වූ චරිත දෙකම දුටුවෙමි. කථා බහ කළෙමි. ඔවුන්ගේ සැබෑ නම් වලට කිට්ටුවෙන් යන නම් දෙකක් චරිත හැදින්වීම පිණිස යෙදුවෙමි. එවකට මිත්‍රගේ අතේ එල්ලී පෙම් වදන් දෙඩූ ඇය අද දිනයේ නව පෙම්වතෙකු සමග පෙම්කෙලිනා අන්දම දකින කල මිත්‍ර හට හිතවත් කෙනෙකු ලෙස සිරා කොලුවාගේ සිතටද දුකක් කණගාටුවක් දැනුනේ වරක් දෙවරක් නොවේ. සිරාගේ කාමරයේ බූට් මාසයේදී මේ කථාව ඔබට පළමුවෙන්ම කියන්නට මා කල්පනා කලේ මේ සිතුවිලි වලින් මා ලද උත්තේජනය නිසාමය.

මිත්‍ර තම විෂය තුල ඉතාම දක්ෂයෙකු නිසා අපේ රටට කදිම සම්පතක් වන මේ වටිනා ජීවිතය රැක ගන්නට මිතුරන් ලෙස අපි අවස්ථා කීපයකදීම උත්සාහ කළෙමු. පාරම්පරික වෙද මහතුන් කීප දෙනෙකු වෙතම ඔහු ඉදිරිපත් කළෙමු. එහෙත් අවසානයේදී මිත්‍ර ලද සුවයක් නැත.

සිරා කොලුවා සිරිලංකාවට පැමිණි අලුතම මම මිත්‍ර හට දුරබණුවෙන් ඇමතුවෙමි. ආගිය කථා වලින් පසු මම ඔහුගෙන් ඇසුවේ අලුත් ආදර සබඳතාවක් නැතිද යනුවෙනි.

මට මොන ලව්ද බං ? ඔහු පෙරළා බොහෝ උදාසීනව මගෙන් විමසූවේ සිහින් සිනහා හඬක් මධ්‍යේ වුවත් මගේ ගැටලුව ඔහුට රිදුමක් වන්නට ඇති බව මම පසුව කල්පනා කළෙමි. 

ආදරය යනු හිමිකරගැනීමම නොවන බව බොහෝ අයගේ මතයයි. මමද ඒ මතයේම රැදෙමි. එවන් තැනක හිඳ ජීවිතය දෙස බලනවා නම් ආදරයෙන් පරාජිත වූ කෙනෙකුට දැනෙන වේදනාව බොහොම අවම බව මගේ හැගීමයි. සමහර විටෙක මිත්‍ර අද එතැන ඉන්නවා වන්නටත් පුලුවන.

63 comments:

  1. කෙල්ල තරහ උනයි කියල කෝච්චියට පනින, වහ බොන උං අතර මිත්‍ර කියන්නෙ නියම ‍කොල්ලෙක්.
    ලොකු තැන්වලින් නැතුවට සාමාන්‍ය තැනකින් ඔය වගේ එකෙකුට කැමති වෙන කෙල්ලෙක් හොයාගන්න බැරිවෙන එකක් නෑ.

    ReplyDelete
  2. අපරාදෙ තිත තියන්න මහන්සි උනේ. හැක්..

    ReplyDelete
  3. ආදරය යනු හිමිකර ගැනීමම නොවේ.ඔබේ මේ අදහසට මා ඉතා කැමතිය.

    ReplyDelete
    Replies
    1. සැබෑ ආදරවන්තයින් පෙම බිදුනා කියලා කවදාවත් පලි ගන්නවා දැක තියෙනවද...

      Delete
    2. සිංහල විශාරද හැල පයියා "කිසිදු නිරහංකාරකමකින් තොරව" දැකල නෑ හොඳ වෙලාවට

      Delete
  4. උබ කතාව කියවන්නත් ඉස්සෙල්ලා තිත දාලා නැත්නම් මං එක.. මගේ කියවන වේගේ ස්පීඩ් මදී...

    ReplyDelete
  5. ඔය ටීවී එකේ යන ටෙලිනාට්‍ය බලනවට වැඩිය මේ වගේ කතාවක් කියවලා ආදර්ශයක් ගන්න එක කොච්චර හොදයිද?
    එක්කෝ කෙල්ලට මුලදි අකමැති වෙන්න තිබුනා. කෙල්ලගේ තාත්තත් මිත්‍රට බොරු බලාපොරොත්තුක් නේ දුන්නේ..
    මිත්‍ර වගේ අය ඉතාම අඩුයි කොල්ලෝ..

    ReplyDelete
    Replies
    1. මිත්‍ර ඇත්තටම විරල ඝනයේ කොල්ලෙක්...ඒකෙ කථා දෙකක් නෑ....ඔහු ඉතාම සංවේදී අහිංසක චරිතයක්...

      Delete
  6. මිත්‍ර යනු සිරා කොල්ලෙකි එත් කෙල්ලො ඔහොම බවට දෙන්න ඕන තරම් නිදසුන් ඇත. ඒ කියල සිරා කොලුවා එහෙම පසුබට වෙන්න එහෙම එපා wedding එක තවත් කල් දන්න එපා හොදේ.................

    ReplyDelete
    Replies
    1. හෙ හෙ...වෙඩිමක් පේන තෙක් මානෙක නෑ ගොයියො...ඇත්තමයි...

      Delete
  7. මාසෙටම හරියන්න සුපිරි කතාවක්. සිරා කොලුවට නියෙමට බූට් කතා ලියතෑකි නෙව.. ඒ කියන්නේ සිරාත් බූට් සොමිය විදලද???????

    ReplyDelete
    Replies
    1. අයි උඹ දන්නේ නැද්ද්? ... බලපන් ගිය අවුරුද්දේ බූට් කතා ටික... හික්ස්...

      Delete
    2. සිංහ මචන් ලගදිනෙ මේ පැත්තෙ ආවෙ නේද...වෙලාවක පරණ ඒවා අවුස්සලා බලන්නකො..බොලාගෙ ගැටලුවට පිළිතුරු ලැබේවි...

      Delete
    3. බූට් කතා කියවන්න පට්ට ආසක් තියෙන්නේ..
      පරණ ටිකත් අනිවාරෙන්ම බලලනවා.

      Delete
  8. මිත්‍ර කියන්නේ හොයන්න බැරි කොල්ලෙක් දැන් කොල්ලෝ හුගක්, උන් boot එකක් කෑවම සල්ලි හිදෙනකන් බොන්න යනවා. එත් මිත්‍ර ට බොන්න සල්ලි තිබ්බත් ඌ එහෙම කරේ නැත්තේ ඌ හොද එකෙක් නිසා නේද?

    ReplyDelete
    Replies
    1. මිත්‍ර ඉස්සර කිසිම දෙයක් කටේ තිබ්බෙ නෑ...ඒත් වර්තමානය වෙද්දි අඩියක් දෙකක් ගහන තැනට ඇවිල්ලා...මිත්‍රට වේදනාවක් නෑ කියලා කියන්න බෑ...ඔහු ගොඩාක් පසුතැවිලි වෙනවා ඇති රෝගය ගැන. ඔහුගේ තරුණ ජීවිතයට එය විශාල බලපෑමක්...

      Delete
  9. නිශානි වැරදියි, දොස්තර වැරදියි, මහවත්ත ජෝඩුව වැරදියි, මිත්‍ර වැරදියි. ම්හු කාටවත් වැරැද්ද දාන්න බැහැ.

    වැරදිකරුවෙක් හොයා ගන්න බැරි වැරදීමක්.

    ReplyDelete
    Replies
    1. මේක මානුෂීය ගැටලුවක්...මානුෂීයව කල්පනාකලොත් තරුණියන් මීට වඩා පරිත්‍යාග කර ඇති බව සමහර තැනක හොයාගන්න අමාරු නෑ. මම විශ්වාස කරන විදියට ඒ තමයි අකලංක ප්රේමය.

      Delete
  10. සිරා බූට් මාසෙට හොද ආරම්භයක් දීලා.හරිම සංවේදී කතාවක්.ඔයාගේ පසු සටහන හිතට දැනුනා හුගාක්. ඔව් ආදරේ කියන්නෙ හිමි කර ගැනීමම නෙමේ. බොහෝ අය ආදරේ කියන්නේ ආදරේට නෙමේ ඉතින් හැර යන්න ලේසියි .

    ReplyDelete
    Replies
    1. මම හිතනවා ගිම්හානිට සංවේදී හදවතක් ඇති කියලා...ඒ නිසයි ඔබට එහෙම සංවේදනය උනේ. හිමිකරගැනීමම නෙමෙයි කියන තැන ඉදන් ආදරය කරනවා නම්...ආදරයක් බිදුනාම පෙම්වතියගෙන් පලිගන්නා පෙම්වතුන් මේ ලෝකයේ බොහොම විරල වේවි...

      Delete
  11. මේක බූට් මාසෙද?

    ReplyDelete
    Replies
    1. සෑම වසරකම පෙබරවාරිය සිරාගෙ කාමරයට බූට් මාසය නම් වෙයි. කථා තිබේ නම් ලියා එවන්න...

      Delete
  12. වෛද්‍ය උපදෙස් දෙන්න නම් දන්නේ නෑ.. ඒත් orthopedic Mobility Aiding Device එකක් හරි පාවිච්චි කරගෙන ඌට ආපහු රස්සාවට යන්න කියපන්. අපරාදේ.. සයිට් නොගියත් Mech ඉන්ජිකෙටු කොච්චර වැඩ කරන්න තියෙනවද?

    ඔය ගෑණු ගැන ඕනෙවට වඩා හිතන්න ඕනි නෑ කියහන්. ඔය නිශානිලා බිශානිලා නැති උනාට තමන්ට ගැලපෙන ගෑනු දරුවෙක් කවද හරි ලැබෙයි. අන්න එදාට වැඩිය හොයන්නේ නැතුව දෙන්නත් එක්ක එක වහලක් යටට උනාම ඉවරයි. අපේ කොහෙද කසාද බඳින්න හොයන්නේ ගෑණු මිනිස්සු නෙවෙයි ගේ දොර ඉඩකඩම් පවුල් පරම්පරා නේ. (මුගේ කතාව වෙනස් උනත්)
    ආයිත් මතක් කරන්නේ ඌට රස්සාව කරන්න උනන්දු කරවපන්. ඒක තමයි ඌ වෙනුවෙන් කරන්න පුළුවන් හොඳම උදව්ව..

    ReplyDelete
    Replies
    1. //අපේ කොහෙද කසාද බඳින්න හොයන්නේ ගෑණු මිනිස්සු නෙවෙයි ගේ දොර ඉඩකඩම් පවුල් පරම්පරා නේ. (මුගේ කතාව වෙනස් උනත්)//
      කාටද මල්ලි ඔයා මේ ටොක්ක ඇන්නෙ ?

      Delete
    2. //අපේ කොහෙද කසාද බඳින්න හොයන්නේ ගෑණු මිනිස්සු නෙවෙයි ගේ දොර ඉඩකඩම් පවුල් පරම්පරා නේ. (මුගේ කතාව වෙනස් උනත්)//
      කාටද මල්ලි ඔයා මේ ටොක්ක ඇන්නෙ ?

      Delete
    3. ආ.. අයියා.. සිරා ට එහෙම නෙවෙයි ඔන්න.. අනික මං එක ටොක්කයි බන් ඇන්නේ.. :)

      Delete
    4. වෛද්‍ය උපදෙස් දෙන්න දෙයක් නෑ...මිත්‍රගෙ මල්ලි MBBS වෛද්‍යවරයෙක්. ඔහු උපරිම උත්සාහ කලා, විවිධ අයට පෙන්නුවා...සාර්ථක උනේ නෑ. පෙර ආත්මයක කරන ලද විශාල අකුසලයක් කියලයි මම හිතන්නෙ.

      මිත්‍ර සේවය කරපු ආයතනය කිව්වෙ නෑ නවතින්න...ඔහුමයි ඒ තීරණය ගත්තෙ. ඔහුගෙ පුංචි ව්‍යාපාරය කරගෙන යමන් නව නිර්මාණ ගැන හිත යොමු කරනවා..

      රට පැටවෙන්න කලින් මට අල පොතු යැවීමට සහ ඇපල් යුෂ වලින් බීම හදන අරමුනු වෙනුවෙන් යන්ත්‍රයක් නිර්මාණය කරන අන්දම ගැන කියා දුන්නා. මිත්‍ර සැබැවින්ම දක්ෂයෙක්..ඔබ කිව්වොත් මගේ අවශ්‍යතාවය මේකයි කියලා..ඔහුට පුලුවන් ඒ වෙනුවෙන් කෙටි කලකින් යන්ත්‍රයක් අලුතින්ම නිර්මාණය කරලා දෙන්න.

      මම හොයන්නෙ අවංක ආදරයක්...දේපල, මුදල්, බලය වගේ දේවල් මත මම යැපෙන්නෙ නෑ....කල්යානෙ ඔය කියලා තියෙන්නෙ වෙන කාටහරි...

      Delete
  13. මේ ගෑණු ළමයට ඔය ලෙඩේ හැදුණා නම් ඔය පිරිමි ළමයාත් එහෙම වෙනස් වෙන්න පුළුවන් සමහරවිට. අමාරුම දේ තමයි මිනිස්සුන්ව හඳුනා ගැනීම.

    ආදරය කියන්නේ පරිත්‍යාගයයි. අත්දැකීමෙන් දනිමි.

    ReplyDelete
    Replies
    1. එහෙත් බොහොම තද අධ්‍යාත්මික ආදරයක් තිබුනා නම් එහෙම වෙන්නෙ නැති බවයි මගේ අදහස...මම හිතනවා ආදරයේ යථාර්තය අද ඔබතුමා හදුනනවා කියලා...

      Delete
  14. මිත්‍ර ජීවිතේ දිහා හරියට බලලා තියෙනවා. අන්න ඒක ගැන සතුටුයි.

    ReplyDelete
    Replies
    1. ජීවිතයේ යථාර්තය අදුනගන්නෙ ස්වල්ප දෙනෙක්...අනිත් අය දිග රේස් එකක් දුවලා නැවතුමට හැති දදා එද්දි කාලය ගත වෙලා අවසන්...

      Delete
  15. මිත්‍ර කියන්නෙම පස්ට පොරක් හිතට හයිය ඇරං අතීතය පැත්තකට දාල අනාගතේට මූණ දෙන්න පුලුවං කම තියෙනව කියන්නෙ ඒකම මදිද..
    කතාව ගලපල තියෙන හැටි නං අපූරුයි කොයි තරං දුක හිතෙන එකක වුණත්
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. මම ඉතාම කණගාටු වෙනවා මිත්‍ර වගේ දක්ෂයෙකුගෙන් ගත හැකි උපරිම ඵල අපේ රටට නෙලා ගන්න බැරි වීම පිළිබදව...ඔහුගේ රෝගය තමයි එයට හේතුව...

      Delete
  16. වට් ඉස් ලව් මචං.. මම තාම හොයනවා ඒක..

    ReplyDelete
    Replies
    1. දේශිකා නැන්දගෙන් ඇහුවා නම් තියෙන තැන කියයි බොට...

      Delete
  17. මිත්‍ර ට රැකියාව අයෙත් කරගෙන යන්න උනන්දු කරානම් හොඳයි බන්. නැත්තම් දියුණු රටකට ගියානම් ඔය අසනීපෙ හොඳකරගන්න මොකක්හරි ක්‍රමයක් පාදගන්න බැරිවෙන එකකුත් නැහැ. එක හිතක් නැති ඒ ගැහැණු ලමයව කසාද බඳින්න නොලබිච්ච එක ඔයාගේ මිත්‍රයාගේ වාසනාව.

    අසනීම කියන්නේ අපි පෙර සංසාරේ කරපු පවු බන්. ඒ පවු ගෙවෙන්නත් එක්ක නිතර නිතර පින්දහම් කරන්න කියන්න. එහෙම කරද්දී මොකක්හරි ක්‍රමයක් පෑදෙයි අසනීපෙ සුවකරගන්න. උඹේ ඒ අවංක මිත්‍රයාට සුව වෙන්න කියල ප්‍රාර්ථනා කරනව..

    ReplyDelete
    Replies
    1. මේ රෝගයට බෙහෙත් නෑ...නැත්තං මිත්‍රගෙ මලයා යමක් මේ වෙද්දි කරලා. මමත් ඔබ වගේම පෙර සසරක කල පාපකර්මයක් කියලයි හිතන්නෙ.

      Delete
  18. ගෑණු කියන්නේ හරියට අයිස් කඳු වගේ කියල සිරා දවසක් මට කිව්ව...උඩට පෙන්නෙ ටිකයි...යට ඒ වගේ සිය දහස් ගුනයක් විශාලයි....

    ඉකමන් සුවය පතමි.....!!

    ReplyDelete
    Replies
    1. ගෑණු පමණක් නෙමෙයි පිරිමිත් ඒ කුලකයේම දාන්න පුලුවන්..පිටින් පේන්නෙ බොහොම පොඩ්ඩයි...ලං වෙලා කාලයක් ජීවත් වෙද්දි නොදුටු හරිය පේන්නෙ...

      Delete
  19. බූට් කතා නෙමෙයි මේවා තමා නියම ලව් ස්ටෝරි.

    ReplyDelete
    Replies
    1. මේ කතා වලින් ආදරයේ විරහව දරා ගන්න හැටි ගැන අදහසක් දෙනවා...මම හිතන්නෙ එහෙමයි...

      Delete
  20. නෑ.... මොකුත් කියන්නෙම නෑ....

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ බං රෙඩ්බුල් නංගි බූට් එක තිබ්බද ?

      Delete
  21. ආදරය මේ තරම් දුකක් බව කලින් දැන සිටියා නම්.... ලස්සනට ගැලපීම් කරලා ලියපු අපුරු ලියවිල්ලක් මල්ලි. මට පුදුමයි ඇත්තටම මෙහෙම හිත් තියෙන පිරිමි අය ඉන්නවද කියලා. ඉතින් එහෙම අයටත් මෙහෙම වෙනවනම් තව කවර කතාද..? අනේ මිත්‍රට ඉක්මන් සුවය පතනවා මම.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කා...ඔබේ අදහසට...ආදරය කියන්නෙ සංකීර්ණ / සංවේදී මනෝභාවයක්නෙ...තමන්ගෙ දුක ලෝකයෙන් වසන් කරගෙන ඒ දුක සතුටක් කරගෙන ජීවත් වෙන පිරිමි සහ ගැහැණු මේ ලෝකයේ කොපමණ ඇතිද...මිත්‍රගේ සුවය තමයි කාලයක ඉදන් අපිත් පතන්නෙ...

      Delete
  22. සාදාරනව බැලුවොත් ඒ දෙමවුපියො වැරදි නෑ.නමුත් මානුෂීයව බැලුවොත් එතන අසාදාරනයක් වෙනව ඒ කොල්ලට.නමුත් මිත්‍ර කියන්නෙ නියම කොල්ලෙක්..
    උබ ඕව දිහා වේදනාවෙන් බලාගෙන ඉන්නේ නැතුව ආදරය කියන්නේ පරිත්‍යාගයක් කියලත් දන්නවනම් ඒක කවුරුහරි ගෑනු දරුවෙකුට පරිත්‍යාග කරහන් කල් නොයවා.

    ReplyDelete
    Replies
    1. මානුෂීයව බැලුවම තමයි කෙල්ල වැරදියි කියලා හිතෙන්නෙ...ඒත් කීයෙන් කී දෙනාද අවධානම දැක දැක පලා නොයන්නෙ...

      මගේ ආදරය කවදා කාට පරිත්‍යාගයක් වේවිද...දෙවියො තමා දන්නෙ...

      Delete
  23. හිමි ආදරය තාවකාලිකයි,. අහිමි ආදරය සදාකාලිකයි කියලා මට හිතෙනවා...

    උඹ හරි ආදරය කියන්නේ හිමි කරගැනීමම නෙමේ...

    ReplyDelete
    Replies
    1. සැබෑ පෙම්වතුන් කිසිදාක එක් නොවේ
      එක් වූ පෙම්වතුන් සැබෑ පෙම්වතුන් ලෙස ජීවත් නොවේ
      වෙන්වී ගියවුන් සදාකල්ම පෙම්වතුන්ලෙස ජීවත් වේ

      මෙහෙම කිව්වෙ ලූෂන් බුලත්සිංහල..මේ අදහස ඔබේ මගේ අදහස් සමගත් සමපාත වෙනවා නේද සෙන්නා...

      Delete
  24. මිත්රගෙ මලයා දොස්තර කෙනෙක්...මිනිහා දැන් කසාදයක් කාරිය බැදගෙන උගෙ ලොවක තනිවෙලා ඉන්නෙ. මිනිහා මගෙත් යාලුවා උනාට වැඩි ආස්සරයක් නෑ දැන්...මිත්‍රයට කැමති කෙල්ලෙක් දවසක මුණ ගැසේවි...බලමුකො....මොකක්ද ඔය තිතේ කථාව...නොදනිමි...

    ReplyDelete
  25. නෑ බං ෆස්ට් ප්ලේස් එක බුක් කරන්න අර උඩ තියෙන තිත තියල තියෙන්නෙ පෝස්ට් එක කියවන්නෙ නැතුව. ඒත් ඉතිං මේක කියෝල එනකොටත් කවුරුවත් කෙමෙන්ට් දාල නෑ. ඉතිං අපරාදෙනෙ තිත තිබ්බෙ. හැක්..

    ReplyDelete
  26. උඹ කියනවා වගේ බුට් මාසයක් තමයි මේක.
    මිත්‍ර කියන්නේ එල කොල්ලෙක්.නිෂානි නැතත් මිත්‍ර ගේ ඉරනම්කාරී කවදාහරි මිත්‍රට හමුවේවි.

    ReplyDelete
    Replies
    1. බොටත් පෙබරවාරිය එච්චර සුභ නැද්ද ?

      Delete
  27. මිත්‍ර එළ කොල්ලෙක්...

    බුට් අත්දැකීම් නෙහ්... ;(

    ReplyDelete
    Replies
    1. ලොකු පුතා මොකද ෂේප් උනේ...බූට් කාලා ඇති නිසාද ?

      Delete
  28. ඒ ගෑණු ළමයට මිත්‍රගෙ අසනීපයත් එක්ක මිත්‍ර එක්ක සතුටින් ඉන්න බෑ කියලා හිතුන නිසානෙ මිත්‍රව දාලා ගියේ, බැරිවෙලාවත් මිත්‍රව කසාද බැඳලා එයත් එක්ක සතුටින් නැතිව හිටියනම්.... එහෙනම් අදට වඩා දහස්ගුනයක් මිත්‍ර දුක්වෙයි. අඩුම ගනනෙ දැන් නිශානි හොදින් ඉන්නවා කියලවත් හිත හදාගන්න පුලුවන්නේ. මිත්‍ර පව් ඒත් නිශානිගෙ වැරැද්දක නෑ

    ReplyDelete
    Replies
    1. ඒත් නිෂානි ලග ගැඹුරු අධ්‍යාත්මික ආදරයක් තිබුනා නම්..අසරණ මිත්‍ර තවත් අසරණ කරන්නෙ නැති බව තමයි මගේ කල්පනාව...

      Delete
  29. මොකක්ද බං මේකෙ තේරුම...

    ReplyDelete
  30. ඒ... මං මේකට මොකුත් ලියල නෑනෙ?

    ReplyDelete
  31. නිශානිලා නොවෙන ගෑණු ළමයිත් අතරින් පතර මේ ලෝකෙම ඉන්නවා...
    අපි කරපු පව් නිසා ලෙඩ හැදෙනවා වෙන්නැති.කරපු පින් නිසා හොඳ ගෑණු ළමයි හම්බෙනවා ඇති.එයාලගෙ පවත් මේ එක්කම ගෙවෙනවා ඇති.. උඹ ඉයන්ට දාපු රිප්ලයි එක තදටම වැදුනා මචං..
    ජයවේවා..!!

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...