සිරා කොලුවා වාසය කොරන්නෙ ඉතින් ගම් තුලානක කියලා සිරාගෙ කාමරය ඇතුලෙ නොයෙක් වර ලියවිලා තියෙනවා නොවැ. මැලේසියාවෙ ඉදලා මෙහෙට පාත් උනාට පස්සෙ ගමයි නගරයයි අතර වෙනස මට හොඳට දැනුනා. සතියක් දෙකක් යනකං කාලෙකට පස්සෙ විඳින ගමේ වෙල් ඉපනැල්ලෙ සුවඳ එක්ක ඉස්සර දවසක පුංචි සන්ධියෙ අපි කරක් ගැහුව ඉසව් වලට වෙලා අතීතයේ දවසක හිත නතර කරගෙන ඉන්න බොහොම ලොකු කැමැත්තක් තමයි මට ඇති උනේ. ඒ විදියට ගත උන හැම තත්පරයකදිම පුංචි දරුවෙක් කාලෙ මගේ ඉතිහාසය ආයෙමත් මට මැවී පෙනුනා. ඉස්සර අපි එල්ලෙ ගහපු, සරුංගල් යවපු, කොහිකිරිල්ල දාලා බට තුවක්කු වලින් වෙඩි තියාගත්ත අපේ ගම්මානය තවමත් ලොකු විපර්යාසයකට ලක් වෙලා නෑ. වෙනසකට තිබුනෙ ගම්වාසීන් ලබා තිබුන භෞතික දියුණුව සහ ඒ අවධියෙ දෑස මානයෙ හිටිය සමහර චරිත පොළව යට සැතපී සිටීම පමණයි. අද කාලෙ පොඩි උන් වෙල් යායෙ කරක් ගහන්න යන්නෙ නැති නිසා ඒ පරිසරය අපේ ඉතිහාසය සිහිවෙලා සියුම් දුකකින් බලාන ඉන්න බවක් මට දැනුනෙ.
මම ලංකාවෙ හිටියෙ නැති මාස 30 ක කාලය තුල ගම් වැසියො අතර අරටු වගේ ජීවත් උන කීප දෙනෙක්ම තීන්දු ගමන් ගිහින් තිබුනා. කවුරු කවරුත් ආගිය තොරතුරු අහලා ඊළගට අහන්නෙ ආයෙමත් යනවද කියන පුරස්නෙ. අනේ නෑ..මගෙම කියලා වියාපාරයක් අටවගෙන සිරි ලංකාවෙම ඉන්න කැමතියි කිව්වම ඒ ඇත්තොත් බොහොම සතුටු උනා. ඊළගට අහන්නෙ ඉතින් මට බොහොම සුපුරුදු පුරස්නයක්...
බඳින්නෙ නැතෙයි ?
බඳින්න කෙල්ලෙක් නැතිය කිව්වම ඉතින් අටෝරාශියක් පුරස්න...ඔය හැම එකටම හිනාවෙලා උත්තරයක් දෙන එකත් ටිකෙන් ටික මගේ දිණ චරියාවට එකතු උනා. අපේ වත්ත පහළින් තියෙන බිම් කොටස මගේම කියලා නිවසක් තනාගන්න අරමුණින් සංරක්ෂණය කලාට මේ භූමිය ඉස්සර දවසක වී අස්වැන්න ලබා දුන්න කුඹුරක්...එත් කාලයත් සමග මේ කුඹුරෙන් ලැබෙන ඵලදාව බොහොම අඩු මට්ටමකට වැටුනට පස්සෙ මගේ පියතුමා කලේ කුඹුරෙ අගල් කීපයක් කපා ඒ පස් වලින් කුඹුර ගොඩවෙන්න සැලැස්වීම. දැන් ඉතින් මයියොක්කා පොල්, තැඹිලි වගේ භව භෝග බොහොම සරුසාරෙට හැදිලා තියෙනවා. කොටින්ම කියනවා නම් බොලව් පොල් කඩන්නෙ කකුල් දෙකෙන් හිටං.
කාලයකට පස්සෙ වත්තට බහිනකොට මේ ඉඩම කැලෑවෙන් යටවෙලා තිබුනෙ. මගේ ආගමනයෙන් පස්සෙ සිදු කෙරුන ප්‍රථම රාජකාරිය උනේ කැලෑව අස්සෙන් ඉඩම මතු කරන කාරිය. සතියක් දෙකක් ඇවෑමෙන් ඒ කාරිය බොහොම අපූරුවට ඉෂ්ඨ සිද්ධ උනා. මගේ තනි මහන්සියෙන් කැලෑව නොපෙනී ගියා.
මේ ඉඩම් කෑල්ලෙ ඉදලා වටේට බැලුවම පෙනෙන දර්ශනය බොහොම සුන්දරයි...වටේටම තියෙන කුඹුරු යාය දිගේ හමන හුළග බොහොම සිසිලසයි. කොන්ක්‍රීට් යායක කාලයක් වාසය කල සිරා කොලුවගෙ ඇස් දෙකටත් මේ පෙනෙන කොළ පැහැය බොහොම සුවදායකයි.
ඔන්න ඔය විදියට මගේ දිනචරියාව එක්ක කාලය ගත වෙලා ගියේ වෙනදා වගේම ටික් ටික් හඩින්. ඔය අතරෙ ඊයෙ පෙරේදා දවසක උදේ වරුවෙ එකා දෙන්නා බැගින් එකතු වෙලා මහා ජන සමූහයක් අපේ වත්ත පිටිපස්සෙ වෙල් යායෙ එක තැනකට ඒකරාශි වෙලා තිබුන වගක් සෑහෙන වෙලාවක් යනකං සිරා කොලුවගෙ අක්මාවට දැනුනෙ නෑ.
පිටිපස්සෙ කුඹුරු යාය මැද්දෙ සෙනග ගොඩාක් ඉන්නවා...අවට පරිසරයේ පාවෙලා ගිය ඕපයක් මගේ කනටත් වැටුනා...මමත් ඉතින් තකහනියක් වෙල් යායට සේන්දු උනේ හිතේ ඇතිවුන කුතුහලය හින්දම තමයි.
අධිබලැති විදුලි රැහැන් පද්ධතියක් කුඹුරු යාය හරහා ගමන් කරන ස්ථානයේ තරමක සෙනග පොදියක් එකතු වෙලා. හැමෝම විස්සෝපයෙන් වගේ බලාන ඉන්න කාරණේ තවමත් පැහැදිලි නෑ. කකුලේ ඇගිලි අස්සෙන් නියරේ මඩ චුරු පනිද්දි මමත් මේ ජනකාය අසලට ලං උනේ හිතේ කුතුහලයට සමුදීමේ අරමුණින්.
සුදු පාට පොලිතින් කවරයකින් සහ චීත්ත රෙද්දකින් වැසුන සිරුරක් වගා නොකල කුඹුරු ඉඩමක මුනින් අතට සැතපිලා තිබුනා. ඉටි රෙද්දෙ කෙළවර කකුල් කෙටි දෙක වහන්න තරම් දිග නැති නිසා ඒවා අව් කාෂ්ඨකේ පිච්චෙමින් තමයි තිබුනෙ.
කවුද බොලං මේ වැටිලා ඉන්නෙ...මම දන්න අදුනන හාදයෙකුගෙන් විමසුවා...
පීතර මාමා ....ඊයෙ රාත්තිරියෙ කුඹුරෙ වතුර බදින්න කියලා ගෙදරින් ආවලු අද පෝර ගහන්න කියලා. එළිවෙනකං ගෙදර නාව නිසා හොයලා බලද්දි තමයි මෙතන වැටිලා ඉන්නවා හොයාගෙන තියෙන්නෙ.
සිරා කොලුවා දන්න කියන කාලෙ ඉදලම තරමක අහංකාර චරිතයක් වෙච්ච පීතර මාමා ගැන ගමේ ගොඩාක් අයගෙ ලොකු කැමැත්තක් තිබුනෙ නෑ. බොහෝ වෙලාවට අහළ පහළ උදවිය එක්ක එහෙමත් නැත්තං තමන්ගෙ කුඹුරට යාබද කුඹුරු හිමියො එක්ක ආරියාදුවටම ගිය බවක් තමයි මට මතක තියෙන්නෙ. මිනිහගෙ කුඹුරට වතුර මදි නම් අල්ලපු කුඹුරට හෙණ ගැහුවත් කමක් නෑ මම වතුර අරගෙන කියලා හිතන තාලෙ මිනිහෙක්. ඒ නිසාමදෝ මට නම් කිසිම කණගාටුවක් උන්දැ ගැන ඇති උනේ නෑ.
වතාවක් තමන්ගෙ වත්තට යාබද වත්තෙ මායිමට වෙන්න තිබුන කොස් ගහක් ගැන කථා බහක් ගිහින් පීතර මාමා ඒ ගෙදර පුත්තරයා අලුතින් කැන්දගෙන ආව මනමාලිට හොද කුණු හබ්බ වලින් සලකලා තිබුනා. මේ කාන්තා පරාණෙ මේ ගැන තමන්ගෙ සැමියට පැමිණිලි කලාට පස්සෙ දෙපැත්ත හොද ගානට ගිණි ගත්තා. ගින්න කොච්චර දුර දිග ගියාද කියනවා නම් පීතරයගෙ හතර හන්දි කඩලා ඉස්පිරිතාල ගත කරන්න ඒ ඇත්තො කටයුතු කලා.
මේ කොස් නඩුව සෑහෙන දොහක් අධිකරණයේ විභාග උනා. තීන්දුව ලැබුනද...තවම නඩුව යනවද කියලා මම නම් දන්නෙ නෑ. ඒත් ඉතිං ඉඩම් නඩුවක් පරම්පරා ගානක් ඉදිරියට යන ශාපයක් නිසා තවම ඉවර වෙන්න විදියක් නෑ.
කොස් ගෙඩියට..කුඹුරට ලැබෙන වතුර ටිකට මිනිස්සු එක්ක මරා ගත්ත පීතර උන්දැට මොකද හැබෑටම උනේ බලන්න තවත් කීප දෙනෙක් එක්ක එකතු වෙලා පොලිතින් ආවරණය ඉවත් කොලා. හුග කාලෙකින් ඔහුගේ රුව මම දැක්කෙ. පීතර උන්දැ බොහොම වයසට ගොහින් මග ඇවිදගන්න බැරි තරමටම වයසට ගොහින්. සම්පූර්ණයෙන්ම සුදු වෙලා තිබුන හිසකෙස් කුඹුරෙ තණකොළ අස්සෙන් කැපී පෙනුනා. වම් අතේ හැරමිටිය වගේම දකුණු අතේ විදුලි පන්දමක් තවම අත් වලට හිරවෙලා. මුනින් අතට වැටිලා තියෙන දේහයේ මුහුණ අසල ලේ බින්දුවක් දෙකක් ගලාගිය ලකුණු පේන්න තියෙනවා.
මේක මිනීමැරුමක් වෙන්න බෑ...මේ මනුස්සයා දන්න කියන කාලෙ ඉදලම ඉතින් වෙල් මත්තෙයි ඉඩම් මත්තෙයි නැහුන මිනිහෙක් නොවැ. මෙච්චර ලොකු පුත්තරයො ඉද්දි තණ්හාව වැඩි කමට තමයි තනියම තවමත් මේ කුඹුරු කරන්නෙ. ගමේ කෙනෙක් එහෙම කිව්වා.
එහෙමමත් නෙමෙයි....පුත්තරයො තම තමන්ගෙ පවුල් ජීවිත ගැන බැලුවා මිසක මේ වයසක ජෝඩුව ගැන බැලුවෙම නෑ. නැත්තං රාත්තිරියෙ ගෙදරින් ගිය මිනිහා හොයන්න උදේ වෙනකං ඉන්නවද....පීතර ගොයියගෙ නෝනා අසනීප වෙච්ච දවසෙ ඉදන් ගෙදර උයන පිහන රාජකාරි කලා කියන්නෙත් මුන්දා නොවැ.. තවත් කෙනෙක් එහෙම කිව්වා.
ඉස්සර දවසක අපේ අසල්වැසියො වෙච්ච ජෑස් කොල්ලගෙ ඇඹේනිය වෙච්ච විමලාවතී උන්දැට කරුවලේ මොකෙක්ද සරුපයෙක් දෂ්ඨ කොරලා බොහොම වේදනාවෙන් ඇඹරි ඇඹරි ඉන්න වෙලාවෙ උදව්වට ආවෙ මේ කියන පීතර ගොයියම තමයි. එදා ඉතින් සිරා කොලුවා බොහොම පුංචි එකා. විමලාවතී උන්දැට බේත් කරන්න පීතර ගොයියව ගෙන්නුවෙ අපේ ගමේ අත් බේතක් කාරිය කොරගන්න පුලුවන් මිනිහෙක් විදියට උන්දැට තිබුන කීර්තිනාමය හින්දයි.
මොණර පිහාටු කීපයක් සහ පීතර ගොයියගෙ වත්තෙන්ම හොයාගත්ත තවත් අඩු වැඩිය අටෝරාශියක් එක්ක විමලාවතී උන්දැ ලගින් වාඩි උන පීතර උන්දැ..ලී වංගෙඩියක බේත් බඩු ටික දාගෙන කොටපු හැටි මට තවමත් මතකයි. තලපයක් වගේ මේ අඩුවැඩිය හදාගෙන අවසානෙට බොහොම සුවිශේෂී දෙයක් මිනිහට උවමනා උනා.
කොල්ලො මේ පොල්කට්ටට හුජ්ජ කරහංකො...උන්දැ මට කිව්වා.
එහෙත් ඒ වෙද්දි සිරා කොලුවගෙ මුත්තරා බොක්ක හිස් කරලා තිබුන නිසා ඉල්ලුමට සැපයුම දෙන්න විදියක් තිබුනෙ නෑ. පීතර ගොයියා සිරා කොලුවට දික් කරපු පොල්කට්ට උස්සගෙන අපිට එහායින් තිබුන තවත් ගෙදරකින් ඊට පස්සෙ උවමනාව සම්පූර්ණ කරගෙන ආවා. මේ සංයෝගෙ කකුලෙ ආලේප කලාට පස්සෙ විමලාවතී උන්දැගෙ වේදනාව ටිකෙන් ටික අඩුවෙලා ගිය බවක් මට මතකයි.
කොහොමින් කොහොම ගිණි ගහන ඉර අව්ව යට බාගෙට ආවරණය වෙච්ච පොලිතින් කවරයකින් වැහුන පීතර ගොයියගෙ දේහය තණ කොළ ගොල්ලක මුණින් අතට සැතපිලා. මඩ ගෑවුන වයසක නිරුවත් දෙපා යුග දිහා මම මොහොතක් බලා උන්නා. මේ කකුල් දෙකෙන් මේ තරම් කාලයක් මොන තරම් දුරක් ඇවිදින්න ඇතිද...කොපමණක් මඩ පාගමින් තමන්ගෙ දරුවන්ට බත සම්පාදනය කරන්න ඇතිද. කී දෙනෙක්ට අංචි අදින්න ඇතිද ? පීතර ගොයියගෙ ගතිගුණ කොහොම උනත් ගම් තුලානක මිනියක් තනි කරලා යන සිරිතක් ගම්මුන්ට නෑ. පොලෝසියෙ ඇත්තො පැමිණෙන විටත් මහ සේනාවක් පීතර ගොයියට තනි රකිමින් වෙල් යායෙ උන්නෙ ඒ නිසාමයි.
පීතර උන්දැ එක්ක නඩු කියපු ඇත්තෙක් මිනිය ලගට එන්න පසුගාමීව ඈතින් බලාන උන්නා. ඔහුගේ ඉරියව් දිහා මම ඉතාම විමසිල්ලෙන් බලා ඉද්දි මට හිතුනෙ ඔහුගේ චිත්ත සන්තානය විසින් ඔහුව වරදකරුවෙක් කර ඇති වගක්. ඒ ඇත්තගෙ මුහුණින් විශාල පසුතැවිල්ලක සේයාවක් තමයි මම එදා දැක්කෙ.
අපි හැමෝම දවසක පීතර උන්දැ ගිය මේ ගමන යනවා. ඒ වන තෙක් තමයි මේ සියලු සැණකෙළි...සල්ලිකාරයා, බලවතා, දුගියා, උගතා කියලා භේදයක් නැතුව හැමෝටම ඒ අවස්ථාව නිසැකවම ලැබෙනවා. ඉතින් එදාට මොනවද අපි ගෙනියන්නෙ. මරණාසන්න වෙලාවෙ මොනවද මතක් කරන්නෙ. ඒ නිසා අත පය වලංගු වෙලාවෙ දන්න නොදන්න සැමටම යහපතක්ම කලොත් තමයි හොද.
තමන්ගෙ තරුණ කාලෙ එහෙම හැසිරෙන කිසිවෙකුට..තමන්ගෙ සැදෑ කාලයෙදි, ලග නැති සිල්වත් කමක් බොරුවට අරෝපණය කරගෙන පන්සල් පල්ලි වල පදිංචි වෙන්න උවමනා වෙන්නෙ නෑ. පීතර උන්දැගෙ නිවසට ගොහින් ඒ දේහයට අවසන් ගෞරව දක්වපු වෙලාවෙ මට එහෙම හිතුනා. මරණයට හේතුව හිසේ නහරයක් පිපිරීම කියලා පස්සෙ දවසක දැනගන්න ලැබුනා.
එදා ඉදන් කරක් ගහපු...දහස් වර පයට පෑගුන තැනක ලොවට රහසේ මැරෙන්න පීතර උන්දැ කවදාවත් හිතලා තිබුනෙ නැති බව සහතිකයි. අපි නොහිතන නොපතන දේම සිදුවෙන ලෝකෙක මේ තවත් එක් සාමාන්‍ය සිදුවීමක් පමණයි.
ප.ලි...
පෙබරවාරිය බූට් මාසයක් කරන්න කලින් හිතා හිටියත්..පීතර උන්දැ ගැන මට ලියන්නම හිතුනා...බූට් මාසයට තවමත් ලිපි බාරගන්නවා. ඔබේ බූට් අත්දැකීම අකුරු කොරලා සිරා කොලුවට ඊ ලිපියක් ලෙස එවන්ට අමතක කරන්න එපා එහෙනං. බූට් කාලා හිත වට්ටගෙන මැරෙන්න හිතෙන උන්ට මෙවැනි අත්දැකීම් ලියන එක ලොකු සහනයක් .

මම කාමරේ අරින සිරා කොලුවා

ජීවත් වෙලා ඉන්න කාලෙදි මැරෙන්න වෙනවා කියලා මතක් වෙන්නෙ නැති නිසානෙ මේ නැටුම් සේරම.
ReplyDeleteඒ බව හිතේ තියෙන කෙනෙක් පොළවෙ පය ගහලා ජීවත් වෙනවා...උඩින් යන්න හදන්නෙ නැතුව..
Deleteමේක හැමෝටම හොද පාඩමක්.
ReplyDeleteසිංහල බ්ලොග්ගල.
මමත් එහෙම හිතනවා...
Deleteමැරෙන දවසට මේවා අතඅැරලා යන්න වෙනවා කියලා දැනගෙන වැඩ කළොත් අැත්තට ම හොදයි.......................
ReplyDeleteමගේ තියරිය..හැකි තරම් යහපත අන් අයට සලසමින් ජීවත් වෙන එක...
Deleteහැමෝටම හිතන්න දෙයක්. ඒක නෙමෙයි වත්තේ පොල් ගසුත් තියෙනවනම් බඳින එක මහ වැඩක්යැ, හොඳ කඹයක් හොයා ගන්න විතරනේ තියෙන්නේ.
ReplyDeleteඅතුරක් ද?
Deleteවත්තෙ පොල් ගස් වල බඳින්න ගොනෙක් තමයි තවම නැත්තෙ...හැක්...
Delete'මෘත සංඥා' කියන එක කාලීනව අපේ සිත් තුළට එනවා.
ReplyDeleteතොට මෙව්වා හිතන්ඩ තෝ තවම නාකි වෙලා නැහැනේ. ඉස්සරහට කොරන්ඩ තියන දේවල් හිතපිය. තෝ හැමදාම තනිකඩව ඉන්ඩද කල්පනාව?
මාමා දුවව වෙනකෙනෙකුට බන්දල දීලා දැන් අහනව "හැමදාම තනිකඩව ඉන්ඩද කල්පනාව?" කියලා.
Deleteමොනවා කොරන්ඩද මහත්තයෝ. මේකා ඒ කාලේ මැලේසියාවේ රඹුටන් කකා හිටියා මිසක් මේ පැත්ත පලාතක ආවේ නැහැනේ.
Deleteතව එක්කෙනෙක් ගෙදර ඉන්නවා නේද? දැන් මෙහෙත් රඹුටන් වාරේ කට්ටටු නොවැ?.
Deleteමූ එයාට බාලයි. ඒකනේ පුරස්නේ.
Deleteවිචාරක මාමා හරිම නාකයි...තම්පලා ගහක් කපන්න තියෙනවා කියලා කිව්වෙවත් නෑ....නාකම නාකයි...
Deleteඅපිත් මැරිච්ච දවසට අපි කල හොඳ නරක ගැන මිනිස්සු කතාකතයි...
ReplyDeleteඅනිවාර්යෙන්ම..කල හොද පමණයි මෙලොව රැදෙන්නේ කියලා අමරදේවයන් ඉපිද මැරේ යලි ඉපදේ කියන ගීතයෙදිත් ගයනවා...
Deleteමරණය සෙවනැල්ල සේ අපේ පසුපස එයි
ReplyDeleteඑම නිසා කාමරයේ ලයිට් සැම විටම නිවා තබන්න.
Deleteහරියට ගොනුන් බැදි රිය සක සේ...ලයිට් එක නිවලා උත්සාහයක් දරලා බලන්න...
Deleteඕ යෙස්.. එළියක් නැති දා හෙවනැල්ලත් ලඟ නෑ ලු..
Deleteපීතර මාමා උඹ කිව්වවේ වගේ කවදාවත් නොහිතන්න ඇති ඔහොම මැරෙන්න නං..
ReplyDeleteමොනවා කියනවද...මිනිහා ජීවත් උනේ කවදාවත් නොමැරෙන කෙනෙක් වගේ...
Deleteහැම ගමකම වගේ පීතර මාම කෙනෙක් ඉන්නවා. දුශ්ටකම් කරනකොට ඔහොම තමයි මැරිලත් නිදහසක් නෑ.
ReplyDeleteතව අවුරුදු දෙක තුනක් යනකොට සිරා කොලුවට වෙච්චි අකරතැබ්බයට මටත් මූණ දෙන්න වෙයි වගේ.
දැම්ම මායියෙක් හොයාගන්න ඕන..
මේ අහපං කොලුවො...මායියෙක් හොයාගන්නෙ ජීවිත කාලෙටම නිසා හොඳට හිතලා බලලා තීරණය කොරහං..බාහිර සාටෝපයට නම් රැවටෙන්න එපා කොලුවො..එක පීතරයෙක් හරි එක ගමකට ඉන්නවා...
Deleteහොද බූට් කතාවකුත් දැම්මනම්..
ReplyDeleteබූට් කථා දෙක තුනක් ඉදිරියේදී කියවමු....
Deleteකැලේ සුද්ද කරන හැටි මැවිලා පෙනුනා බං.මට නං කොයි කාලෙ ආපහු එන්න ලැබේවිද දන්නෙ නෑ.ආපුවම උඹව බලන්නත් එන්නං.
ReplyDeleteහැලපයියා ලංකාවට ආව වෙලාවක ඔයාගෙ පාසලේම හොද කකුලක් වන කම්මල ගොයියා එක්කම එන්නං....
Deleteමේ ලෝකෙට එනකොට අරගෙන එන දේකුත් නෑ යනකොට අරගෙන යන්න වෙන්නෙ තමං ඉන්නකල් කරපුවගෙ හොඳ නරක තමයි.
ReplyDeleteසමාන වී ඉපදී දිවි තලාවේ
කුලේ නිසා තව සමහරු මුලාවේ
මගේ කියා අපි මොනවද ගෙනාවේ
දිනේ පැමිණ විට මරුවා හිනාවේ
ඉක්මනට බඳින්න ගහක් ලැබේවා ! හැක්..
ඉස්සර කොළඹ පළාතට සේවයට යන්න දුම්රියට නැගපුවාම ඔය සින්දුව ගොඩාක් දවස් වලට උදේ වරුවෙ අහන්න ලැබුනා දුම්රියේ ගීත ගායනා කරන යාචකයෙකුගෙන්...ඉක්මනින් බඳින්න මට බැරියෝ...
Deleteඅපේ තාත්ත මැරිච්ච වෙලාවෙ මගෙ හිතේ සෑහෙන අදහස් රාශියක් ඇති වුනා මරණය ගැන. ඒ ගැන ලිපියක් ලියන්නත් කියල පටන් ගත්ත. ඒ වගේ අත්දැකීමකින් අපිට මාර අවබෝධයක් ලැබෙනව ජීවිතය සහ මරණය ගැන. එයිං පස්සෙ මං කුරා කූඹියෙක්කත් මරන්නැති වෙන්න ආකල්ප වෙනසකුත් ඇති උනා. (හැබැයි මදුරුවො, කිනිතුල්ලො සහ මකුණො මරණව)
ReplyDeleteමමත් මදුරුවො විතරයි මරන්නෙ...අතින් තලන්න මොකක්දෝ වගේ නිසා බැට් එකෙන් ගහලා දැන් මරන්නෙ...
Deleteබයිද වේ, මොකෝ මගුල පරක්කු?
ReplyDeleteයකෝ සුද්ද සිංහලෙන් කියලත් මුන්ට තේරෙන්නෙ නැති හැටි.
Delete" කෙල්ලෙක් නෑ , කෙල්ලෙක් නෑ "
නැද්ද දන්න කියන ගෑල්ලමයෙක්.
ඩ්රැකී ගොයියගෙ ඇහේ පොට ගිහින්ද මන්දා හැබෑට...
Deleteකම්මලේ,
Deleteබොල නොදන්න දෙයක් මං දන්න හිංද මොකුත් කියන්නෑ...
යකෝ සුද්ද සිංහලෙන් කියලත් මුන්ට තේරෙන්නෙ නැති හැටි.
Delete" කෙල්ලෙක් නෑ , කෙල්ලෙක් නෑ "
නැද්ද දන්න කියන ගෑල්ලමයෙක්.
(කම්මලේගෙ දෙවෙනි කමෙන්ට් එක)
යකෝ අපිට ලොරි ටෝක් දුන්නට සිරා කොලුවට පොල්කට්ටක් පිරෙන්න හුජ්ජ කොර ගන්නවත් බෑ නෙව
ReplyDeleteවිළිලැජ්ජයි බොලං...
Deleteමේ සංක්‍රාන්ති සමයේදී බඳින්න කෙල්ලෙක් නැතිව ඉන්න එක හොඳයි ...
ReplyDeleteලංකාවේ තව පොඩ්ඩක් සෙට්ල් වෙලා ඊට පස්සේ ලණුවක් හොයා ගනින්...
දැන් උඹ දිගටම ලංකාවේ ඉන්නවනම් වෙලාවක මුණ ගැහෙන්න බලමු...
පීතර මාම ගිය දිහාවේ කවදාහරි යන්න වෙන බව දැනගෙන බං මමනම් ජිවත් වෙන්නේ...
බොලාගෙ අදහසේ තමයි මමත් ඉන්නෙ...ඒකයි බඳින්න හදිස්සියක් නැත්තෙ...අපි නිසැකවම නුදුරු දිනයක හමුවේවි මිත්‍රයා....
Deleteපීතරල ඔක්කොම ඔහොමද මන්දා.අපේ ගමෙත් ඔය වගේම පීතර කෙනෙක් හිටියා.
ReplyDeleteඊලගට බූට් කතාවක් දාන්න.
පීතරලා එකෙක් හරි ගමකට හිටියෙ නැත්තං ලොකු අඩුවක් ගිම්...මේ වර්ගයේ අයගෙ හොද සහ නුගුණ දෙකම තියෙනවා...නරක තමයි වැඩිපුර ඉස්මතුවෙන්නෙ....
Deleteපීතරල ආතරල කොයි කවුරුත් ඉතිං එහෙමයි නෙව
ReplyDeleteමනුස්සයෙක් මැරුණාම ටිකක් ඒ ගැනබහිතනව ආයෙ මරණයක් වෙනකං ඒ ගැන මතක නෑ..
පීතරයගෙ පෝස්ට් මෝටම් එකේ මකැයි කීවෙ.
මර්ඩරයක් නොවේ නෙ නෙහ්..
බූට් නං තියේ ඒව තිබ්බ තැං ඔල තිබිච්චදෙං සිරා අය්ය ඕව මතක් වෙද්දිත් විකාරයි හිහි අනික් අයගෙව කියෝමුකො
පීතරයගෙ පෝස්ට් මෝටම් එකේදි කියපු දේ ඔය ලිපිය තුලම තියෙන්නෙ කොලුවො..ඔලුවෙ නහරයක් පිපිරීම තමයි මරණයට හේතුව...මම නං බූට් කථා වලට කැමතියි...කාට හරි යමක් ගන්න පුලුවන් කථාවක් නම්..
Deleteහයේ හතරේ වලක පස් වෙලා යනකම් තමයි මේ ඔක්කොම...
ReplyDeleteමරණ ගෙදරකදි අපට දැනෙන මේ යථාර්තය...මරණ ගෙදර අවසන් උනාට පස්සෙ අමතක වෙන එක නොවැ අරුමය...
Deleteමිනිස්සුන්ගේ ජීවිත වල හැටි. මොනවා කරන්නද අවසානය ඔහොමයි කියලා හුගක් අය හිතන්නේ නැහැනේ ඉතින්.
ReplyDeleteහ්ම්ම්ම්.....
Deleteසමහරුන් ජීවත් වෙන්නෙ හැමදාටම ජීවත් වෙන්න ආව උන් වගේ...ඒ වගේ අය තමයි ඉඩම් වල මායිම් අල්ලගෙන පරම්පරා ගානක් නඩු කියන්නෙ...
Deleteබූට් කතාවක් බලාපොරොත්තු වෙමි.
ReplyDeleteඉල්ලුමට සැපයුම දෙමි...රැඳී ඉන්න කාමරය තුලම..
Deleteපීතර මාම ගැන ලියපු කොම්පීතර වැඩ කරන පුතා. අනිත්‍ය මෙනෙහි කරන්න පටන් ගත්ත එක හොදයි එතකොට කසාදයක් ඕනෙ නැතිවෙයි.
ReplyDeleteගෙට එහා පැත්තෙ ඉඩම් කෑල්ලෙ පොඩියට හරි දැන්ම කෑල්ලක් හදන්න පටන් ගන්න. වෙලට මූන දාල පොඩි බංකු කෑල්ලක් ගහල එතන ඉදන් අඩ්ඩක් ගහන දවස වැඩි ඈතට යවන්න එපා.
ගෙට එහා පැත්තෙ නෙමෙයි...හරියටම ගේ පිටිපස්සෙ...මෙතන තියෙන සොබා සුන්දරත්වය ඉතාම ඉහළයි...මේ දවස් වල විශාල අත්තටු තියෙන කොක්කු රෑනක් මේ අවට සැරි සරනවා...එයාලා රංචුව පිටින් ඉහළට නැගෙනකොට විශාල හඩකුත් එනවා.. අනාගතේ දවසක වෙලේ හදන ගෙදර අඩියක් ගහන්න වෙනම තැනක් ඇති කොරලා බේබදු අයිතීන් සුරකින්නයි මගේ වෑයම...
Deletesirge kamarayata godawenna aran hugak kal sira balalawadda kiyalath hithuna tika kalayakata kalin post damme nati nisa. eth siratath a toffiya lagadeema kanna labei hoda boot karawak oni.......
ReplyDeleteස්ථාන මාරුවක් ලැබුන නිසයි ලිවීම මඳ කාලෙකට නතර උනේ...දැන් ආයෙමත් ලියන්න පුලුවන් වටපිටාවක් ඇති වෙලා තියෙනවා...ටොෆිය ලගදීම ලැබෙන පාටක් නෑ....තව කල් තියෙනවා....ස්තූතියි මිත්‍රයා ඔබේ අදහසට...
Deletemama oyage blog eka huga kalayaka edanma kiyawanawa maru hode digatama karagena yanna
Deleteමේ මරණස සිරා කොලුවට මේ සා කමපණයක් ඇති කලේ මොකද කියලා මම තවම කල්පනා කරනවා.
ReplyDeleteඅපි දවසක් දැක්කා ඔය විදියටම දෙහිඅත්තකණ්ඩිය පැත්තේ කුඹුරක් ලඟ මිනිස්සු පිරිලා ඉන්නවා. ගිහින් බැලුවාම පොලීසියයි මංකොල්ල කාරයෝ වගේකුයි අතර ඇතිවෙච්ච වෙඩිහුවමාරුවක ප්‍රතිඵලය. මිණී ගනනාවක් තිබුනා අතන මෙතන වැටිලා. මට ඒ හැඟීම තාම මතකයි.
මේ මරණය මා තුල ලොකු කම්පනයක් ඇති කලේ නෑ...නමුත් මම මාස 30 කට පස්සෙ ගමට එද්දි එදා දුටු රූපකායන් හැම කෙනෙකුගේම වෙනස් වෙලා තිබුනා...හැමෝම වයසට ගිහින් තිබුනා...ඉස්සර අපි ආ ගිය තැන් ජන ශූන්‍ය වෙලා තිබුනා...මෙන්න මේ දේවල් එක්ක තමයි පොඩි සාංකාවක් වගේ එකක් දැනුනෙ..
Deleteසිරා... ගොඩ දවසකින් ආවෙ.. මට හිතාගන්න පුලුවන් ඔය වගේ මනුස්සයෙක් මැරිල ඉන්නව දැක්කම එන හැඟීම.. දැනට අවුරුද්දකට කලින් අපේ ගමේ ඔය වගේම අපි දන්න ගොවිතැන් කරන මනුස්සයෙක් පොල් වත්තක ගහක් යට උදලුගගා ඉඳිද්දි මැරිල හිටිය පපුවෙ අමාරුවකින්.. මිනිය ගෙනියන්න අල්ලද්දි අව්වට පිච්චිලා දියපට්ට දාපු අත් වල හම ගැලවිලා ආපු හැටි දැනුත් මට මතක් වෙනව.. ජීවිතේ හැටි ඔහොම තමයි බං...
ReplyDeleteබොලාව දැකීම සතුටක් සජ්ජො...ගම්පහ අවට ඉදලත් උඹයි මමයි තවම මුණ ගැහුනෙ නෑ නොවැ..ලගදි දවසක හොඳ තැනකදි හමු වෙමු...
Deleteබොලාගෙ අත්දැකීමත් බොහොම සංවේදී බවයි මගේ අදහස...
මිනිස්සු හයි හක්තිය තියෙන කාලේ දගලන දැගලිලි වයසට ගියාම කරන්න බැහැ නොවැ.
ReplyDeleteමේ මරණය කවදා නමුත් එනවා.පීටර් මාම හොඳයි දුක් නොවිඳ මැරුණ එක.
(මැරුණා කියන එක හොඳයි කියනවා නෙමේ.එත් දුක් විඳලා එක් තැන් වෙලා ඉන්න එකට වඩා හොඳයි එක.)
දුක් නොවිදම මලා කියන්න බෑ....අවසන් අවස්ථාවේ වේදනා වින්ද බව සහතිකයි..
Deleteඅපි බොහෝ අයට තමනුත් මැරෙනවා කියන අදහස එන්නේ තව එකෙක් මැරිල ඉන්නවා දැක්කම.පස්සේ හදිස්සිවෙලා දුවනවට වඩා දැන්ම ඉදන්ම එගොඩහ යන එක ගැන හිතල කටයුතු කොරන එක කොයි කාටත් හොදා..
ReplyDeleteදැන්ම ඉදන්ම එගොඩහ ගැන හිතන එකෙක් තමයි මාමෙ මේ සිරා කොල්ලා...
Deleteපීතර් මාමාට නිවන් සැප ලැබේවා....!!!
ReplyDeleteපැතූ පමණින් නිවන් සැප නොලැබෙන නිසා මම එසේ නොපතමි...
Deleteපවු ලොගුව අපි කර පින්නාගෙන
ReplyDeleteලොව අම්බලමට පිවිසෙනවා..
ඒ බර උහුලා හෙම්බත් උන දා
අම්බලමෙන් යලි පිට වෙනවා...
මේ ටික කාලෙදි කුල මල දන මිළ
සොය සොය මිනිසා ළත වෙනවා..
ඉපදුන කවුරුත් මේ මහ පොලොවේ
දිනයක පොලොවෙම ඇළ වෙනවා....!!!
බොලාගෙ කථාව ඇත්තයි...ඉපදීම මහා දුකක් බං...ඒ දුක වැඩියෙන්ම දැනෙන්නෙ සුව කල නොහැකි විදියට අසනීප උනාම...නැත්තං තමන්ට සමීපම කෙනෙක් යටියන්තොට ගියාම..
Deletekalekin me paththe awe.
ReplyDeleteකාලෙකින් ආ වග දුටිමි...
Deleteගැටළුවක් නෑ ප්‍රශ්ණයක් කරගන්න එපා..
ReplyDelete-පීතර-
සූර පප්පා කාටුන් එකේදි එහෙමයි කිව්වෙ.ගං වල ඉන්න පීතර ලටත් මේ අයිඩියාව දෙන්න ඕනෙ.
ජයවේවා..!!
පීතර ගොයියා ජීවතුන් අතර ඉද්දි කරපු වැඩ ගැන බැලුවාම පරලොව ජීවිතය සුව පහසු එකක් වෙයිද කියලා මම මේ කම්පනා කොලේ...
Delete