සිරා කොලුවට දැන් වැළදී තියෙන්නෙ බොහොම දරුණු කම්මැලිකමක්. ඒ කම්මැලි කම නිසාම තමයි දැන් සිරාගෙ කාමරයට ඉදලා හිටලා ලිපියක් ලියවෙන්නෙ. ඒ උනාට අද දවසෙ කියවන්න ලැබුන ඉංග්‍රීසි ලිපියක් දැක්ක ගමන් මට හිතුනා කාමරේට එන යන අයට කියවන්න මෙතනට රැගෙන ආ යුතුයි කියලා. ඇත්ත වශයෙන්ම මේ ලිපිය බොහොම රසබර එකක්.
2008 වසරෙදි ඇමරිකාවෙ විස්කොන්සින් නුවර (Wisconsin) පුරාවිද්‍යාඥයන් පිරිසක් විසින් සිදුකල කැණීමකදි ඔවුන්ට හමු උනා කුඩා මැටි මුට්ටියක්. ඇත්තටම මේ මුට්ටිය පළමු දැක්මෙන්ම කුතුහලය ඇතිකරන තාලෙ එකක්. මේ කැණීම කල භූමිය කැනඩාව, ඇමරිකාව වගේම මෙක්සිකෝවෙත් මුල් පදිංචිකරුවන් පිරිසක් ලෙස සැළකෙන මෙනොමයිනී (Menominee) නැමති ගෝත්‍රයට අයත් පාරම්පරික භූමියක්. ඇමරිකාවේ විස්කොන්සින් නුවර වර්තමානයේත් මේ ජන වර්ගයට අයත් 8700 ක පමණ ජනතාවක් වාසය කරනවා. මේ අය ඉංග්‍රීසි භාෂාවට අමතරව මෙනොමයිනී කියන පාරම්පරික භාෂාවත් කථා බහ කරනවා. ඒ භාෂාවට අනුව මෙනොමයිනී යන්නේ අරුත ජනතාව යනුයි. මේ අය සතුව වර්තමානයේත් අතීතයේ සිට පැවත එන ඔවුන්ටම වෙන් වූ විශාල පෙදෙසකට පැතිරුන භූමි භාගයක් තිබෙනවා. ඉහත කී කැණීම සිදුවුනේ මෙවැනි තැනක.
පුරාවිද්‍යාඥයන් පිරිසට හමුවුන මැටි මුට්ටිය අවුරුදු 800 ක් පැරණි බව පසුව සොයා ගත්තා. එතකොට ඒ තුල තිබුනෙ මොනවද ? මෙය කියවන ඔබට ඇතිවන ප්‍රධානම ගැටලුව එය බව මම දන්නවා. ඇත්ත වශයෙන්ම එහි තිබුනෙ ඔබ කිසිලෙසකින් වත් හිතන්නෙ නැති දෙයක්.
මුට්ටිය ඇතුලෙ තිබුනෙ වට්ටක්කා කුලයට අයත් ශාක විශේෂයක ඇට වර්ගයක්. පෘථිවිවාසීන් ආහාර ගබඩාකරතැබීම, අහාර සංරක්ෂණය වැනි කාරණා පිළිබද ඈත අතීතයේ සිටම දැන සිටි බව මේ මුට්ටිය හමුවීමත් සමග තහවුරු උනා. වර්තමානයේ නම් මේවා වෙන වෙනම විෂයන් ලෙස ඉගෙන ගත හැකියි. එහෙත් වසර 800 කට එහා ආදිවාසීන් ඒ කාරණා දැනසිටීම පුදුමයට කරුණක්. මේ පුදුමය තවත් තීව්ර වෙන්නෙ මේ බීජ වර්ගය අයත් ශාක විශේෂය මැටි මුට්ටිය හමුවෙන වකවානුව වෙද්දි පෘථිවි තලයෙන් සහමුලින්ම තුරන්ව ගොස් තිබූ නිසයි.
කුඩා මැටි මුට්ටියකින් වසර 800 කට පසුව කරළියට ආ මේ බීජ විශේෂය වඳවී ගිය ශාක විශේෂයක් නැවත වරක් පෘථිවියේ ජීවමාන කරන්නට දායක උනා. එහි සම්පූර්ණ ගෞරවය මේ බීජ විශේෂය මැටි බුට්ටියේ බහා තැන්පත් කල Menominee මුතුන් මිත්තන් හට හිමිවිය යුතුයි. බාගවිට අනාගතයේ මේ ශාක විශේෂය වඳවී යනු ඇතැයි ඔවුන් සිතුවා වන්නටත් පුළුවන්. එසේත් නැතිනම් අනාගතයේ පැමිණෙන ආහාර හිගයකදී ආහාර සැපයුම පවත්වාගෙන යාමේ අරමුණ වෙනුවෙන් සගවා තැබුවා වන්නටත් පුලුවන්.
කෙසේ හෝ මේ වටිනා සොයාගැනීම සිදුකර වර්ෂ 7 කට පසු කැනඩාවේ Winnipeg සරසවියේ සිසුන් මුට්ටියේ තිබූ ඇට සිටුවන්නට තීරණය කලේ නූතන විද්‍යාවේ සහයෝගයත් ඇතිවයි. අවුරුදු 800 ක් පැරණි ඇට ස්වල්පයකින් පෘථිවියෙන් වදවූ ශාකයක් නැවත බිහිකරන්නට ඔවුනට හැකිවෙයිද ?
අපූරු මැටි මුට්ටිය |
පුරාවිද්‍යාඥයන් පිරිසට හමුවුන මැටි මුට්ටිය අවුරුදු 800 ක් පැරණි බව පසුව සොයා ගත්තා. එතකොට ඒ තුල තිබුනෙ මොනවද ? මෙය කියවන ඔබට ඇතිවන ප්‍රධානම ගැටලුව එය බව මම දන්නවා. ඇත්ත වශයෙන්ම එහි තිබුනෙ ඔබ කිසිලෙසකින් වත් හිතන්නෙ නැති දෙයක්.
මුට්ටිය ඇතුලෙ තිබුනෙ වට්ටක්කා කුලයට අයත් ශාක විශේෂයක ඇට වර්ගයක්. පෘථිවිවාසීන් ආහාර ගබඩාකරතැබීම, අහාර සංරක්ෂණය වැනි කාරණා පිළිබද ඈත අතීතයේ සිටම දැන සිටි බව මේ මුට්ටිය හමුවීමත් සමග තහවුරු උනා. වර්තමානයේ නම් මේවා වෙන වෙනම විෂයන් ලෙස ඉගෙන ගත හැකියි. එහෙත් වසර 800 කට එහා ආදිවාසීන් ඒ කාරණා දැනසිටීම පුදුමයට කරුණක්. මේ පුදුමය තවත් තීව්ර වෙන්නෙ මේ බීජ වර්ගය අයත් ශාක විශේෂය මැටි මුට්ටිය හමුවෙන වකවානුව වෙද්දි පෘථිවි තලයෙන් සහමුලින්ම තුරන්ව ගොස් තිබූ නිසයි.
මුට්ටිය තුල තිබූ බීජ |
කුඩා මැටි මුට්ටියකින් වසර 800 කට පසුව කරළියට ආ මේ බීජ විශේෂය වඳවී ගිය ශාක විශේෂයක් නැවත වරක් පෘථිවියේ ජීවමාන කරන්නට දායක උනා. එහි සම්පූර්ණ ගෞරවය මේ බීජ විශේෂය මැටි බුට්ටියේ බහා තැන්පත් කල Menominee මුතුන් මිත්තන් හට හිමිවිය යුතුයි. බාගවිට අනාගතයේ මේ ශාක විශේෂය වඳවී යනු ඇතැයි ඔවුන් සිතුවා වන්නටත් පුළුවන්. එසේත් නැතිනම් අනාගතයේ පැමිණෙන ආහාර හිගයකදී ආහාර සැපයුම පවත්වාගෙන යාමේ අරමුණ වෙනුවෙන් සගවා තැබුවා වන්නටත් පුලුවන්.
කෙසේ හෝ මේ වටිනා සොයාගැනීම සිදුකර වර්ෂ 7 කට පසු කැනඩාවේ Winnipeg සරසවියේ සිසුන් මුට්ටියේ තිබූ ඇට සිටුවන්නට තීරණය කලේ නූතන විද්‍යාවේ සහයෝගයත් ඇතිවයි. අවුරුදු 800 ක් පැරණි ඇට ස්වල්පයකින් පෘථිවියෙන් වදවූ ශාකයක් නැවත බිහිකරන්නට ඔවුනට හැකිවෙයිද ?
ඇත්ත වශයෙන්ම ඒ කාරිය කරන්නට ඔවුන්ට හැකි උනා. මේ බීජ මගින් බිහිකල පැල වලින් මේ වෙද්දි ඵලදාවත් අරගෙන අවසන්. කාලයක්ම තුරන් වෙලා තිබිලා ආයෙමත් පෘථිවියට ආව මේ ශාඛයට හැමෝම එකතු වෙලා තැබුව නම තමයි gete-okosomin. ඒ නම Menominee භාෂාවෙන් Big Old Squash නැමති අරුත තමයි සපයන්නෙ. ඝනකම් ලෙල්ලක් වගේම ඇට රාශියකුත් තිබෙන විශාල ප්‍රමාණයේ එළවළු වලට පොදුවේ Squash කියලයි කියන්නෙ. මේ ශාඛයට Menominee භාෂාවෙන්ම නම් තැබීම නූතන පරම්පරාවට මේ ශාඛය දායාද කරන්න දායක උන Menominee මුතුන් මිත්තන්ට කරනා ගෞරවයක් ලෙසයි හැමෝම සලකන්නේ.
ආයෙමත් වතාවක් මේ ශාඛය ලොවෙන් තුරන් නොවෙන්න ලැබූ ඵල වලින් හැකි තරම් නව ශාක බිහිකිරීම තමයි මේ දවස් වල සිදුවෙන්නෙ. gete-okosomin බැලූ බැල්මට තවත් එක් එළවළුවක් පමණයි කියලා ඇතැම් කෙනෙකුට කිව හැකි උනත් මේ ශාකය පිටුපස සිටින Menominee මුල් පදිංචිකරුවනුත් ඔවුන්ගේ ජන සමාජයත් නිසාම එය අපූරු ශාඛයක් බවට පත් වී අවසානයි. සමහර වෙලාවට අපේ පරිසරයෙ ගස් කොළන් හරි අපූරු විශ්වාස කල නොහැකි දේත් කරනවා කියලා අපිට හිතෙන්නෙ අවුරුදු 800 කට පස්සෙ පැළවුන gete-okosomin දිහා බැලුවම.
ඉතිහාසය හරිම අපූරු දේ විටින් විට අපිට ගෙනල්ලා දෙනවා. අපි හැමෝගෙම ජීවන චක්‍ර මේ ඉතිහාසය මත මේ පොළවට ශක්තිමත්ව මුල් ඇදලා තියෙනවා. නූතන විද්‍යාව දිහා බලාගෙන ඇතැම් විටෙක ඉතිහාසය අමතක කරන්න අප වෙර දැරුවත් කොහෙන් හෝ තැනකින් අපේ ඉතිහාසය අපට මුණගැසෙන වගට gete-okosomin කදිම උදාහරණයක් සපයන බවක් මට සිතෙනවා.
අද ලිපියට මූලාශ්‍රය
වට් අක්ක වගේ ජාතියක්, බලමු ඇට ටිකක් අරං පැල කරල.
ReplyDeleteඇට කොහෙන්ද ගන්නෙ ගම්පහ මාකට් එකෙන්ද ? මේවා තවම කැනඩාවෙ වත් ව්‍යාප්ත වෙලා නැත. මම කැනඩාවෙ එකෙක්ගෙන් අහලා බැලුවා....
Deleteසිරාවටම...
ReplyDeleteඇයි සැකද ?
Deleteමහ භයානක වැඩක් නේ මුන් කරලා තියෙන්නේ... කොහොමද ඕක මුළු පෘතුවියම විනාශ කරන භයානක විශක් නිකුත් කරන පැලෑටියක් වුනානම්.....
ReplyDeleteඑහෙම වුනා නං සමහර විට ඕව හොයාගන්නත් නැති විදියට තියෙන්න තිබ්බ කියල හිතෙන්නෙ නැද්ද...
Deleteකියන්නත් බෑ හැබැයි ඉතිං
ඒක චෙක් කරන්න වෙන්නැති අවුරුදු 7ක් යනකම් වට්ටක්කා පැලකරන්නැතිව තියාගත්තේ..
Deleteආ රූ නෝනේ.. කොහෙද අප්පා ගිහින් හිටියේ... නිකන් මුකුත් අමතක වෙලා වගේ දැනෙන් නැද්ද ආ ?
Deleteඇට හමුවුන විගසම පැල කලේ නෑනෙ සෙන්නා....තවත් වසර 7 ක්ම විද්‍යාත්මක පරීක්ෂණ කරලා බලන්න ඇති මෙමගින් පරිසරයට යම් බලපෑමක් වේවිද කියලා...
Delete// ඇත්ත වශයෙන්ම එහි තිබුනෙ ඔබ කිසිලෙසකින් වත් හිතන්නෙ නැති දෙයක්. //
ReplyDeleteමෙතනින් උඹ මතුකරන්න හදන කුතුහලය මාතෘකාවෙන් කාලා දාලා තියෙන්නෙ.. මමනම් මාතෘකා යෙදීමේදී හරි පරිස්සම් වෙනවා... මාතෘකාවෙන් කතාවේ කුතුහලය මැරෙන්න නොදී ඉන්න උපරිම උත්සහා කරනවා...
හෙ හෙ...වතාවකුත් මට මෙහෙම දෙයක් උනා...අද වගේම එදත් ඒ ගැන මතක් කරලා දුන්නෙ සෙන්නම තමයි.ත..ස්තූතියි..ඊලග වතාවෙ මේ උපදේශය තරයේ හිතේ තියාගන්නං...
Deleteසිරා කම්මැලි වෙලා. අපේ රටෙත් ඔහොම දේවල් ඇති.
ReplyDeleteකම්මැලි වෙලා හොදටම...ලියන්න හිතෙන්නෙම නෑ අප්පා දැන් ඉස්සර වගේ...
Deleteඅවුරුදු අටසීයක් තිස්සෙ පරිස්සං වෙලා තියෙන්න තරං අනුගමනය කරපු ක්‍රම වේද මොනව වෙන්ට ඇත්ද කියලයි මට නං කම්පනාවට ආවෙ...
ReplyDeleteඒ තරං ලස්සනක් නං නැති එළවලු ජාතියක් වට්ටක්ක ජාතියක්නෙ ඒ වගේම ඇති
හිහි...
මට නං වට්ටක්ක පෙන්නන්න බෑ ඔව් ඉදගෙන
හම්මෝ වට්ටක්කා සුප් මාර රහයි.:O
Deleteවට්ටක්ක සුප්.. ඔවෑක්ක.
Deleteහැබැයි වට්ටක්ක මාළුව බැදපු කරවල කෑල්ලක් එක්ක මාර රහයි.
වට්ටක්ක,ගෝව කොල මැල්ලුම්,කරවල (මළගෙවල් ස්පෙශල්)
Deleteබොට පේනවද මලයො ඒ ඇට ස්වභාවිකව හොයාගත්ත අමුතුම පැසක දාලා තමයි මුට්ටියෙ දාලා තියෙන්නෙ. අන්න ඒ ක්‍රමය නිසා මේවා නැවත දවසක පැල කරන්න පුලුවන් විදියට ජීවය රැකෙන්න ඇති කියලා මට හිතෙනවා...නැත්තං අවුරුදු 800 ක් කියන්නෙ මොන තරම් දිගු කාලයක්ද ?
Deleteමම නං වට්ටක්කා වලට මනාපයි..මැලේසියාවෙදි දවසක් අමතක නොවන වට්ටක්කා සුප් එකක රස බලන්න ලැබුනා...ඇත්තටම බොහොම රසයි.
පස්සේ හිටවන්නම් කියලා හිතාගෙන ඉන්නකොට එයාලගේ ලෝකේ විනාශවෙන්ට ඇති.
ReplyDeleteමට මුලින් පෙනුනේ ' Zucchini ' වගේ. නෑනේ.
පොඩ්ඩිව කාලෙකින් දැක්කෙ. දැන් ඉස්සර වගේ බ්ලොග් ඉසව්වෙ පැල පදියම් වෙලා නැති නිසා මට මගහැරෙන ලිපි ප්‍රමාණය වැඩියි. ඔයා කියන වර්ගය පිපිඥ්ඤා වලට නෑකම් කියන්නෙ.
Deleteමං මේ කල්පනා කලේ බං, ඕක දළු ලාගෙන එනකොට ඒ අයට මොන තරම් සතුටක්/කුතුහලයක් දැනෙන්න ඇත්ද කියල. මල් පැලයක් හිටවල එකේ රිකිල්ලක් එනකොටත් අපිට හෙන හැපී. ඒ වගේද අවුරුදු 800 පරණ ඇටයක් පැල කලාම..!!!
ReplyDeleteඅනිවාර්යෙන්ම..විශාල සතුටක් දැනෙන්න ඇති...කොටින්ම විශ්වාස කරන්නත් බැරි තරමෙ වැඩක්...අවුරුදු 800 කට පස්සෙ ඇටයක් පැළ වෙනවා කිව්වම...
Deleteතිත මකපාාාාාාාාාාාාාාාාාං
ReplyDeleteබලපංකො ඉතිං අවුරුදු අටසීයකට පස්සෙත් හොයාගත්තේ වට්ටක්කයක් නේ ,වාසු ලොක්ක දැක්කනම් කන්න වෙන්නේ
ReplyDeleteඔව්වොව්.. වේලිච්ච වට්ටක්කයක පෙනුම මේ ඵලවලත් තියෙනව තමයි.
Deleteබොලාටත් ඉතිං ඒ අහිංසකය තමයි පේන්නෙ. ඉඳල හිටල හරි රටට ආතල් දෙන්න ඉන්න මිනිස්සු.
වාසුවා ඉතින් වට්ටක්කා වලට වඩා වැල වලට තමයි සමීප. වාසු දෙන ආතල් ගැන නම් කියලා වැඩක් නෑ...සමාජවාදය දැන් අමතකම වෙලා ගිහින් මිනිහට.
Deleteඇත්ත. වඳවී ගිය ශාකයක් ආපහු බිහිකරන්න පුළුවන් වෙච්ච එක ගොඩක් හොඳයි. ඒත් උඹ දන්නවද දැන් කෘෂි පර්යේෂකයො කරන්නෙ මොකද්ද කියල?
ReplyDeleteහැම තැනම තියෙන ශාක ප්‍රභේද වල ජාන තමංගෙ ජාන බැංකු වල තැන්පත් කරගන්නව. ඊට පස්සෙ ඒ ඒ ශාක වලට පේටන්ට් අයිතිය ගන්නව. ඊටපස්සෙ ඒ ශාක ජාන වැඩිදියුණු කිරීම මඟින් වැඩි අස්වැන්නක් සහ වැඩි බරක් ඇති පලදාවක් ලැබෙන විදිහට වෙනස් කරනව. ඒකෙන් මුල් ශාකයෙ තියෙන ඖෂධීය සහ පෝෂණ ගුණය නැතිවුනත්, ඒක උන්ට වැඩක් නෑ.
වැදගත්ම දේ තමයි, මේ වැඩිදියුණු කළ භෝගවල ඇට වලින් නව ශාක බිහි කරන්න බැරි එක. ඒ කියන්නෙ මේ ගෙඩි වල ඇට පැළ වෙන්නෙ නෑ. ඉතිං ගොවියන්ට හැම කන්නයකම බීජ මිලදී ගන්න සිද්ධ වෙනව, පේටන්ට් එක අයිති සමාගමෙන්.
ඔය ගැන යම් පමණකට අහලා තියෙනවා ඩ්‍රැකියො. දැන් බලන්න ගොටුකොළ කොතල හිඹුටු වගේ දේවල් අපේ රටවල තිබුනට මේ දෙවර්ගයේම පේටන්ට් අයිතිය අරගෙන තියෙන්නෙ බටහිර රටවල්. ජාන මංකොල්ලය සැරටම වෙනවා. උන්ගෙ රටවල නැති ප්‍රයෝජනවත් ශාක පිටරටවලින් හොරකම් කරගෙන ඇවිත් බෝ කරනවා.
Deleteඋදාහරණයකට බලන්න දැන් ඉස්සර වගේ ගස් ලබු හැදෙනවද කියලා...හරිම කලාතුරකින් තමයි ලංකාවට ආවේණික ප්‍රභේද පැලවෙලා ඵලබර වෙන්නෙ.
මමත් හෙටම නෑ නෑ අදම ගිහින් මැටි මුට්ටියක් අරගෙන බෝංචි ඇට ටිකක් දාලා වලලන්න ඕන ගේ පිටිපස්සේ වත්තේ..හ්ම්...
ReplyDeleteස්තුතියි සිරා වටිනා ලිපියට...
කොහොමද ඒ බෝංචි ඇට මායා බෝංචි ඇට උනොත්...වැලේ නැගලා උඩ යන්න පුලුවන්.
Deleteබැරියෝා්ා්ා්ා්ා්ා්ා්ා්ා්ා්ා්ා්ා්
ReplyDeleteහොඳ විස්තරයක් සිරා.
ReplyDeleteඅවුරුදු 800 ක් ඔය ඇටවල ජීව ගුණය නොනැසී පැවතුනා කිව්වම පුදුමයි.
ඇත්ත වශයෙන්ම...මටත් පුදුමයි.
Deleteඅපි අර ඇලස්කාවේද කොහේද ගබඩා කරල තියෙන ලෝකේ තියෙන ඔක්කෝම බීජත් තව අවුරුදු හත් අට දාහකින් පැල කරන්න බලාගෙන තමා ඉන්නේ ඩෝ.. හැක් කම්මැලියා
ReplyDeleteකවුද දන්නෙ මාමෙ...අපි ඉතින් සූටි එව්වො නොවැ...මාමා බැදපු හුරුල්ලො අරගෙන අපිව බලන්න එනකං මම මේ බලාන ඉන්නෙ...එතකං තමයි කම්මැලි කම.
Deleteඅපේ අම්මා පොඩි කාලෙ එකතු කරපු පරණ පත්තර කෑලි වගයක, මතක හැටියට නවසිය හැට ගනන්වල ලංකාදීප පත්තරේක පළවුනු ප්‍රවෘත්තියක් ඒ අතර තිබුනා. මේ වගේම අවුරුදු දෙදහසක් පමණ පැරණි මල් ඇටයක් පැළකරල ගතිපු මලක ඡායාරූපයක්.
ReplyDeleteමම හිතන්නෙ ඇටයක් අැතුලෙ තියෙන සැකැස්ම, පිටතින් තියෙන ඝණ ආවරණය වගේ දේවල් නිසා සෑහෙන කාලයක් ජීව ගුණය රැකගන්න හැකියාව ඇති.
Deleteඅපේ වාසු සහෝටත් ඔය වට්ටක්කයක් දුන්නනං.....
ReplyDeleteමිනිහා දැන් වැලයෙක් වෙලා ඉන්නෙ...මොන වට්ටක්කද
Deleteවඳ වෙලා ගිය දෙයක් ආයෙ හදන එකේ තේරුම මොකද්ද කියලයි ගස්ලබ්බ කල්පනා කොරන්නෙ
ReplyDeleteජයවේවා..!!
වදවෙලා ගිය දෙයකින් හොද ප්‍රයෝජනයක් ගන්න හැකි නම් ආයෙ වවන එක හොදයි නේද...ඇරත් අවුරුදු 800 කට පස්සෙ හමුවුන ඇටවලින් පැලවෙන ශාකය මොකක්ද කියලා දැනගන්න තියෙන කුතුහලය කොහොමද...බොටත් ජය වේවා !
Deleteකියවන අපිටනම් ගැටලුවක් උනේ නැ මුට්ටියේ තියෙන්නේ මොනවද කියලා මාතෘකාවෙ සඳහන් කරලා තියනවනේ :D
ReplyDeleteවට්ටක්කා අපිට වැදගත් නොවුනාට අපි නොදන්නා වැදගත් කමක් ඔවුන් දැන සිටියා වන්නට පුළුවන් මෙතරම් ආරක්ෂා කරන්නට ඇත්තේ.
වට්ටක්කා ඇට වලින් තෙල් හිදින බවත් අසා තියෙනවා.
පොල් අඹරලා උයන වට්ටක්කා මාලුවටත් සුප් එකටත් මමනම් ආසයි. රසවත් විස්තරයක් .ස්තූතියි.
අනාගතයේ යම් කිසි ඵලදාවක් ගන්න අරමුණින් වෙන්න ඇති වට්ටක්කා ඇට සුරක්ෂිතව මුට්ටියක ගබඩා කරලා පොළව යට තැන්පත් කරන්න ඇත්තෙ. මැලේසියාවෙ නම් ක්‍රිස්පි විදියට හපන්න පැකට් කරපු වට්ටක්කා ඇට තියෙනවා...හරියට ආමන්ඩ් හෝ රටකජු වගේ...
Deleteමේක සම්පූර්ණයෙන් විදේශීය කුමන්ත්‍රණයක්. බහුජාතික කොම්පැනියකින් සල්ලි අරන් තමා මේක ලියලා තියෙන්නේ, අපේ රටේ වට්ටක්කා වගාවට පහර ගහන්න.
ReplyDeleteයකෝ, බ්ලොග් එක අතාරින්න එපා, මොන තූත්තුකුඩියේ ගියත්. ඊයේ උඹලගේ ඉස්කෝලේ ලඟින් ගියා පොඩි ගමනක් යනගමන්. ඒ වෙලාවේ උඹව මතක්වුනා මොකද මේකා දැන් නොලියන්නේ කියලා.
කොහොමද අලුතෙන් අතගැහුව රාජකාරිය?
ගමන යන්න කලින් නොවැ මට ඇමතුමක් දෙන්න තිබුනෙ. එහෙම උනා නම් විචාරක තුමාට හොදට සලකලා ගෙදර යවන්නෙ. මගෙ හමුදා මිත්තරයෙක් ඉන්නවා 1 SR, මිනිහා අප්‍රියෙල් නිවාඩුවට ආවම අපි සෙට් වෙමු.
Deleteඅලුතින් අත ගහපු රාජකාරිය කෙරීගෙන යනවා.
එහෙනං මකලා .....පන්
ReplyDeleteපරණ වට්ටක්කා වලටත් මෙහෙත් මාර ඉල්ලුමක් තිබ්බා පහුගිය කාලේ.
ReplyDeleteවට්ටක්කා ඇට විකුනනවා වෙන රටවල නම්...හරියට බැදපු රටකජු වගේ ආතල් එකට හපන්න.
Deleteකාලෙකට පස්සෙ වගා කෙරුන හන්දද දන්නේ නෑ ඵලදාව අච්චර ලොකු උනේ.
ReplyDeleteවිස්තරේ නම් කදිමයි අයියේ.
අවුරුදු 800 කට පස්සෙ වගා කරලා ඒවායින් ඵලදාවත් ගන්නවා කියන්නෙ මොන තරම් විශ්ම කර්ම වැඩක්ද හැබෑට...
Deleteතව අවුරුදු 800 ක් යනකොට අද තියෙන ශාක කීයක් වඳවෙලා යයිද?
ReplyDeleteසුමනදාසගෙන් තමයි අහන්න වෙන්නෙ....
Deleteමමත් ගල් බෝතලයක් වලලනවා
ReplyDeleteගල් පැලවෙන්නෙ නෑ. බෝතලයක් නෙවෙයි වලල මුට්ටියක් වලලන්න ඕන. ගල් මුට්ටියක් වලලන්න.
Deleteඅපේ පැත්තෙ ඩයල් එකක් ඔයේ පාවෙලා ආව පරණ බියර් එකක් බීලා යටියන්තොට ගියා...අන්න ඒ වගේ බොලාගෙ ඇන්ටික් ගල් බෝතලේ ගහලා තව දෙතුන් දෙනෙක් දවසක යටියන්තොට යයි.
Deleteවැදගත් ලිපියක් මචං...
ReplyDeleteමම මේ ලඟදි එක මනුස්සයෙක්ගෙන් ස්වයංජාත වී සම්බන්ධව මේ වගේ කතාවක් ඇහුවා. ඒවා අපි පොඩි කාලේ ඉඳල අහපු කියපු ජාතියක් නෙමෙයිනේ. නමුත් දැන් ඒවා තරමක් බහුලව දකින්න තියෙනවා...
ඒ මනුස්සයා කිව්වේ ඒවා නිධානයකින් හම්බ වෙලා ඒ හරහා ක්‍රම ක්‍රමයෙන් රට තුළ ව්‍යාප්ත වෙච්ච බවක්...
සමහර විට ඇත්ත වෙන්නත් ඇති...
ඔය කථාවම මමත් අහලා තියෙනවා ලොකු පුතා..මගේ යක්කල මිත්තරයෙකුගෙ ගෙදරත් ස්වයං ජාත වී ගහක ඵලදාව නෙලා ගත්තා. මිනිහා නොමසුරුව ගොඩාක් අයට ඒ බීජ බෙදා දුන්නා. බුදුන්ගේ කාලය දක්වාම ස්වයංජාත වී වල ඉතිහාසය දිව යනවා කියලයි කියන්නෙ.
Deleteමතට තිත වගේ තිතක්ද ?
ReplyDeleteසිරා අයියේ, මම මේ ළඟඳි තමයි බ්ලොග් කියවන්න පටන් ගත්තෙ මෙ වෙද්දි බ්ලොග් 4ක් 5ක් කියෙව්ව මුල ඉදන් ඉවර වෙනකන් එව ඔක්කොම දැන් නැවතිලාද කොහෙද. මම තාම ඔයාගේ බ්ලොග් 1 මුල ඉදන් වෙලාව තියෙන විදියට කියවගෙන එනගමන්. 2014 මැයි මාසෙ මැලේසියවෙ වෙසක් ගැන ලියල තියෙන ලිපියට කව්ද කෙනෙක් sex site වල වෙබ් ලින්ක් වගයක් දාල පොඩ්ඩක් බලල අයින් කරන්න.
ReplyDeleteමම වැඩ කරන්නෙ දෝහා කටාර් වල පොඩ්ඩක් live traffic feed චෙක් කලොත් ඔයා දකියි නිතරම සතියෙ දවස් වල දෝහා වලින් visitor කෙනෙක් එනවා. ඔයා හොදට ලියන්ව අයියෙ. අපේ පරන සිද්දිත් මතක් කරගෙන ගොඩක් ආසවෙන් කියවන් යන්නෙ. ඔයගේ ලිපි ටික ටික අඩුවෙලා වගේ මේ අවුරුද්දෙ. අනිත් අය වගේ නවත්තන්නෙ නෙතුව දිගටම ලියාගෙන යන්න. ජය වෙවා!!!!!!
ස්තූතියි ඔත්තුවට...ඒ කමෙන්ටුව මකා දමනු ලැබුවා..කම්මැලි කම නිසයි මේ වසරෙ ලිපි අඩු වෙලා තියෙන්නෙ. ඉදිරියට හැකි තරමක් ලියන්න උත්සාහ කරනවා. ස්තූතියි ඔබට...ජය !
Deleteඇත්තටම පුදුමයි ඒ තරන් කාලයක් කොහොමද ඒ බීජ වල ජීව ගුනය රැකිලා තිබ්බේ.. අනිත් එක කොහොමද පැල කලේ,, කොහොම උනත් ගස් කොලන් නැති වේගෙන එන කාලෙක අහන්න ලැබෙන එකත් ලොකු දෙයක් මෙහෙම දේවල්..දිගටම ලියන්න..
ReplyDelete