විදේශ ගතව සිටීම නිසා වසර කීපයක්ම පොසොන් උත්සවය සැමරීමෙන් බැහැරව සිටි සිරා කොලුවා මෙවර පොසොන් උත්සවය සමරන්නට එක්වූයේ වසර 3 කට පමණ පසුවය. පොසොන් යන නම ඇසූ සැනින් ලංකාවේ අපට සිහිවන්නේ අනුරාධපුරයයි. ලංකාවේදී සිරා කොලුවා සංචාරය කරන්නට කැමතිම ස්ථානය කිමෙක්දැයි කිසිවෙකු මාගෙන් විමසුවහොත් මාගේ නිසැක පිළිතුර රුවන් වැලි සෑ මළුව යන්නයි. එතැනදී හිතට මෙන්ම ගතටද දැනෙන සිසිලස, ප්‍රබෝධය, සැහැල්ලුව අති මහත් වීම එයට හේතුවයි. ගම්පහ, මාකේවිට එක්සත් තරුණ සංගමය නැමති සංගමයක් විසින් චිරාත් කාලයක සිට පවත්වාගෙන එන බත් දන්සැලකට සහයෝගය දැක්වීමට පැමිණෙන්නයි මා හට ආරාධනාවක් ලැබුනේ මගේ පියාණන්ගෙනි. ඔහු දැන් වසර 4 ක සිට මේ වැඩපිළි්වෙලට එක් වී සිටියි. රුවන් වැලි සෑ මළුව ආසන්නයේම මේ දන්සැල ස්ථානගත වන නිසා මා හට දෙවරක් සිතන්නට දෙයක් ඉතිරිව නොතිබුනි. මමද දන්සැල් නඩය සමග එක් වූයෙමි. සිරාගේ කාමරයේ අද ලියවෙන මේ ලිපිය ඒ බත් දන්සැල සහ එහි වටපිටාව පිළිබඳවයි.
1956 මැයි 23 වෙනිදා යනු 1956 වසරේ වෙසක් දිනය යෙදී තිබූ දිනයයි. මේ වෙසක් දිනය ලංකාවාසී බෞද්ධ ජනතාව සමරනු ලැබූයේ මහා ඉහළිනි. බුද්ධ පරිනිර්වාණයෙන් පසු වසර 2500 ක් සම්පූර්ණ වූයේ 1956 මැයි 23 වනදාට වීම එයට හේතුවයි. මෙම වෙසක් උත්සවය බුද්ධ ජයන්ති යන වදනෙන් හඳුන්වනු ලැබූ එවකට බණ්ඩාරනායක රජය, මෙහි සුවිශේෂී බව තවත් සුවිශේෂී බවට පත් කරනු ලැබූවේ රාජ්‍ය අනුග්‍රහය නොමඳව ඒ සඳහා ලබා දෙමිනි. ඒ අනුව බුද්ධ ජයන්ති සැමරුම් කාසි නිකුත් කිරීම , රජයේ පාසල් වල අධ්‍යාපනය ලැබූ සිසු සිසුවියන්ගේ පරිහරණය පිණිස බෞද්ධ පොත පත සම්පාදනය, ගරා වැටුන වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය ආදිය ප්‍රමුඛ වී තිබේ.
2016 පොසොන් පොහොය උදාවීමට මොහොතකට කලියෙන් රුවන් වැලි සෑ මළුව එහි රැය පහන් කරන සැඳැහැවතුන් සමග |
1956 මැයි 23 වෙනිදා යනු 1956 වසරේ වෙසක් දිනය යෙදී තිබූ දිනයයි. මේ වෙසක් දිනය ලංකාවාසී බෞද්ධ ජනතාව සමරනු ලැබූයේ මහා ඉහළිනි. බුද්ධ පරිනිර්වාණයෙන් පසු වසර 2500 ක් සම්පූර්ණ වූයේ 1956 මැයි 23 වනදාට වීම එයට හේතුවයි. මෙම වෙසක් උත්සවය බුද්ධ ජයන්ති යන වදනෙන් හඳුන්වනු ලැබූ එවකට බණ්ඩාරනායක රජය, මෙහි සුවිශේෂී බව තවත් සුවිශේෂී බවට පත් කරනු ලැබූවේ රාජ්‍ය අනුග්‍රහය නොමඳව ඒ සඳහා ලබා දෙමිනි. ඒ අනුව බුද්ධ ජයන්ති සැමරුම් කාසි නිකුත් කිරීම , රජයේ පාසල් වල අධ්‍යාපනය ලැබූ සිසු සිසුවියන්ගේ පරිහරණය පිණිස බෞද්ධ පොත පත සම්පාදනය, ගරා වැටුන වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය ආදිය ප්‍රමුඛ වී තිබේ.
රජයේ මෙවැනි ක්‍රියාකාරකම් නිසා බුද්ධ ජයන්තියේ ප්‍රබෝධය ගම් නියම් ගම් සිසාරා පැතිර ගිය අතර මේ මහා ආගමික මංගල්ලය එකාවන්ව සැමරීමට ජනතාව පෙළ ගැසුනි. ගම, නගරය කියා භේදයක් නොමැතිව සිරිලක පුරා විවිධ සද් කාර්යයන් රැසක් බුද්ධ ජයන්තිය සමරමින් ඉටු වෙද්දී වෙසක් මාසයෙන් පසු එළඹෙන පොසොන් මාසයේදී තම ශක්ති ප්‍රමාණය අනුව යහපත් දෙයක් අනුරාධපුරයේදී කරන්නට ගම්පහ, මාකේවිට බස් හිමියෙකු වූ ජයසිංහ මහතාට සිත් වූයේ බුද්ධ ජයන්තියෙන් ලද උද්යෝගය නිසා විය යුතුය. ඒ සඳහා තබන මූලික පියවරක් ලෙස හෙතෙම මාකේවිට එක්සත් තරුණ සංගමය නමින් සංගමයක් පිහිටුවා ගත්තේ හරියටම බුද්ධ ජයන්තිය සමරන ලද වෙසක් පෝ දිනයි.
තරුණ සංගමයේ ආරම්භක සාමාජිකයන් බහුතරය ජයසිංහ මහතාගේ ඥාති හිතමිත්‍රාදින්ම වූහ. මේ ඇත්තන් තමන්ගෙ පළමු ව්‍යායාමය ලෙස 1956 වසරේ පොසොන් උත්සවය සමරන්නට, අනුරාධපුර පුද බිමට, ලංකාවේ නන් දෙසින් පැමිණෙන සැඳැහැවත් ජනතාවගේ දාහය නිවන්නට කුරුම්බා දන්සැලක් පවත්වන්නට කථිකා කර ගත්හ.
තමන්ගේ බලාපොරොත්තුව සැල කල සැනින් වතු හිමියො කුරුම්බා වලු පිටින් කපාගෙන යන්නට ඔහුට අවසර දුන්හ. මේ කියන කාලයේ අද තරම් පොල් මිළ ඉහළ ගොස් නොතිබූ හෙයින් කුරුම්බා වල්ලක් දෙකක් දන් දෙන්නට වතු හිමියන් දෙවරක් සිතුවේ නැත. ඒ අවසරයෙන් එකතු වූ සිය දහස් ගනනක කුරුම්බා මාකේවිට එක්සත් තරුණ සංගමයේ තරුණයන් ලොරියක පටවාගෙන අනුරාධපුරයට රැගෙන ගොස් කුරුම්බා දන්සැල පවත්වා තිබේ.
බස් හිමියෙකු ලෙස ජයසිංහ මහතා එවකට ලංකාව පුරාම සංචාරයේ යෙදෙන්නට ඇතැයි අපට සිතිය හැක. ඒ ගමන් බිමන් වළදී පොසොන් උත්සවය සමරන්නට අනුරාධපුරයට එකතු වන දහස් සංඛ්‍යාත ජනතාවට මුහුණ දෙන්නට සිදුවන ගැටලු, අපහසුතා ඔහුට සන්නිවේදනය වී තිබෙන්නට ඇත. ඒ නිසාම ඔහුගේ දන්සැල අනුරාධපුරයේ ඉඳි වූවා විය යුතුය.
1956 සිට වසර 10 ක කාලයක් පොසොන් දිනයේ මාකේවිට එක්සත් තරුණ සංගමයේ කුරුම්බා දන්සැල අනුරාධපුරයේ රුවන්වැලි සෑ රදුන් හා ථූපාරාමය යා කරන පෙත් මග යනුවෙන් හැඳින්වෙන මාර්ගය ආසන්නයේ පවත්වා තිබේ. අද සිමෙන්ති ගල් අල්ලා විසිතුරු කොට තිබෙන පෙත් මග මේ කියන කාලයේ ඒ කිසිත් නැති ගුරු පාරක් බඳු යැයි තතු දන්නෝ මා සමග පවසා තිබේ.
කුරුම්බා දන්සැලට වයස වසර 10 ක් වූ තැන තරුණ බෞද්ධ සංගමයේ එවකට සාමාජික ඇත්තන් 11 වන වසරේ සිට කුරුම්බා දන්සැල බත් දන්සැලක් බවට පත් කරන්නට තීරණය කළෝය. වර්තමානයේ මෙන් අඩියෙන් අඩිය දන්සැල් පොසොන් සමයේ අනුරාධපුරයේ නොතිබුන නිසා බත් දන්සැලක් පැවැත්වීම බොහෝ සේ වැදගත් යැයි සංගමයේ එවකට සාමාජිකයන්ට වැටහී යන්නට ඇත.
වසරින් වසර අලුතින් සංගමයට එකතු වන සාමාජික පිරිසත් දරාගෙන, දන්සැලේ පරිමාණයද වැඩුනි. එතැන් සිට චිරාත් කාලයක් අඛණ්ඩව දන්සැල පැවැත්වීමට ජයසිංහ මහතාට හැකියාව ලැබුනේ ඔහුගේ ප්‍රිය බිරිඳගේ සහයෝගයත් මේ වෙනුවෙන් මොනවට ලැබුනු හෙයිනි. බස් කර්මාන්තයට සම්බන්ධ තවත් පවුලකින් පැවත එන ඇය ජයසිංහ මහතා මුල්ම දන්සැල පවත්වන කාලයේ තම පියා සහ හිතවතුන් අනුරාධපුරයේ පැවැත්වූ වෙනත් දන්සැලකට සම්බන්ධව සිටියාය. යාබද භූමි භාග වල පැවැත්වූ මේ දන්සැල් කෙරුවාව අවසානයේ මේ දෙපළට විවාහයේ දොරටුව විවර වන්නට ඇති බව සිරා කොලුවාගේ අදහසයි.
ස්ථිර නිළධාරී මණ්ඩලයක් දන්සැල් කටයුතු වලට පත් වූ කාලයේ සිටම දන්සැලේ අනුශාසක ධූරය දරන්නේ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ විහාරස්ථානයක අධිපති ධූරය දරන තෝරපිටියේ ආනන්ද ස්ථවිරයන් වහන්සේ විසිනි. තමන්ගේ විහාරස්ථානයේ පොසොන් පින්කම් අවසන් වූ සැනින් උන් වහන්සේ අනුරාධපුරයට වැඩම කරන්නේ දන්සැලේ කටයුතු සොයා බැලීම උදෙසායි.
මාකේවිට එක්සත් තරුණ සංගමය වසරක් පාසා සාර්ථකව පවත්වාගෙන පැමිණි බත් දන්සැලේ 50 වෙනි පියවර 2016 වසර හා සම්බන්ධව තිබුනි. මේ දන්සැල ආරම්භයෙන් පසු කිසිම වසරක නතර වී නැත. කුමන අපහසුතාව තිබුනත් නිසි පරිදි දන්සැල පවත්වා තිබේ. හාල්මිටි 3 ක බත් සපයමින් ආරම්භ වූ මේ දන්සැල දැන් හාල් මිටි (කිලෝ 50) 50 ඉක්මවන ධාරිතාවක් දක්වා දියුණු වී තිබේ. එක දිගට මහා පරිමාණයෙන් 50 වසරක් දන්සැලක් පවත්වනවා යනු සෙල්ලම් වැඩක් නොවන බව මේ මහා කාර්යය පිටුපස සිටින මහා ජන සමූහයා දෙස බැලූ විට පැහැදිලි වෙයි.
49 වෙනි දන්සැලටත් රෝද පුටුවක් මත සිටිමින් සහභාගි වූ දන්සැලේ නිර්මාතෘ ජයසිංහ මහතාට දෛවයේ සරදමක් නිසාදෝ 50 වෙනි පියවරට සහභාගි වන්නට නොහැකි වූයේ ඊට මාස කීපයකට පෙර හෙතෙම මිය පරළොව ගිය නිසාය. එහෙත් ඔහුගේ බිරිඳ සහ දරු කැළ මේ මහා වෑයම තවමත් ඉදිරියට රැගෙන යන්නේ පොසොන් වන්දනාවේ අනුරාධපුරයට පැමිණෙන දහස් සංඛ්‍යාත සැඳැහැවතුන් කෙරේ උපදින සැබෑම ආදර කරුණාව නිසාය.
මෙවර දන්සැල උදෙසා ජයසිංහ මහතාගේ නිවසින් අපි සැම පිටත් වූයේ පොහෝ දිනට පෙර දින රාත්තිරියේ 11 කණිසමට බව මගේ මතකයේ රැදී තිබේ. ඒ වන විටත් මාස ගනනාවක උත්සාහයේ ප්‍රතිඵල ලෙස දන්සැලට අවැසි සියලුම දේ සුජෘනම් කර ඒවා ප්‍රවාහනය කරන රථ වාහන වලට පටවා අහවරය. ජයසිංහ මහතාගේ පුතුන් දෙදෙනා පියාගේ මග යමින් ප්‍රවාහන ක්ෂේත්‍රයේ කටයුතු කරන නිසා මේ ගමන් සඳහා උවමනා රථ වාහන වලින් අඩුවක් නැත.
පාන්දර 4 කණිසම වන විට අනුරාධපුරයට පැමිණි අප විවේකයක් නොගෙනම ලහි ලහියේ කන්ටේනර් රථ දෙකක තිබූ බඩු බාහිරාදිය සහ අඩුම කුඩුම ඉක්මනින් දන්සැල පවත්වන ස්ථානයට ගෙන ආවෙමු. එදා ජයසිංහ මහතා කුරුම්බා දන්සැල ආරම්භ කල ස්ථානයේම තවමත් මාකේවිට එක්සත් තරුණ සංගමයේ බත් දන්සැල ඉඳිවෙයි.
විවිධ වයස් කාණ්ඩ වලට අයත් දන්සැලේ කටයුතු සඳහා පැමිණි කාන්තා පිරිමි, තරුණ, මහළු ජනතාව කාගේවත් නියම කිරීමකින් තොරව තම තමන්ම වැඩ රාජකාරී පවරාගනිමින් හැකි ඉක්මනින් දන්සැල ආරම්භ කරන්නට යුහුසුලු වෙති. තැනක හට්ටි මුට්ටි, එළවළු තැන්පත් වෙයි. තවත් තැනක දන්සැලේ පිරිසගේ භාවිතයට වැසිකිළි පද්ධතියක් ඉඳි වෙයි., තවත් තැනක තහඩු යොදා දන්සැලට පැමිණෙන ජනතාවට සෙවනක් සැදෙයි, තවත් තැනක දන්සැලේ විදුලි ආලෝක පද්ධතිය සහ ජලනළ පද්ධතිය ස්ථාන ගත වෙයි.
අද තරම් පහසුකම් එදා තිබුනෙ නෑ. වතුර වලින් තමයි ගොඩාක්ම ප්‍රශ්න තිබුනෙ. බවුසර් වලින් වතුර ගෙනත් දෙනකං අපිට දන්සැල නවත්තගෙන බලාන ඉන්න උන කාලයකුත් තිබුනා. දැන් වගේ ලග ලග දන්සැල් තිබුනෙ නැති නිසා මේ දන්සැල් වලින් බත් ටිකක් කන්න මිනිස්සු සෑහෙන්න ආවා. ජයසිංහ මහතාගේ බිරිඳ මා සමග එලෙස පැවසූයේ දන්සැලේ ඉතිහාසය පිළිබඳ එතුමියගෙන් මා විමසීමක් කළ හෙයිනි.
ලහි ලහියේ ඉදුන සුවඳ හමන පරිප්පු හොද්දක් සමග අනුරාධපුරයේ තැටි පාන්, දන්සැල් කාර්ය මණ්ඩලයට උදෑසන ආහාරය වූවේය. එතැන් සිට සිය වගකීම් සෑම කෙනෙක්ම මනාව ඉටු කල නිසා දහවල් බත වන විට බත් දන්සැල ආරම්භ කරන්නට කටයුතු යෙදිනි. දන්සැලේ නිර්මාතෘ ජයසිංහ මහතාගේ මළනුවන් වන වික්‍රමරත්න මහතා වර්තමානයේ මේ දන්සැලේ මුල් පුටුව හොබවයි. ඒ සඳහා බොහෝ පිරිසකගේ සහයෝගය දායකත්වය ඔහුට ලැබේ. මාකේවිට බත් දන්සැලෙන්ම බත් කන්නට බලා සිටින ජනතාවක් දැන් අනුරාධපුරයේ සිටිති. පසුගිය වසර 50 තුලදී දන්සැල් කෙරුවාවෙන් උපයාගත් වත්කම මේ මිනිසුන් විය යුතුය.
පොසොන් පෝය දිනයට පෙර දිනයේ දහවල් බතින් ඇරඹී පොසොන් පෝය අවසන් වී පසුදින දහවල දක්වාම මේ මහා දන්සැලේ දොර පොදු ජනතාවට විවෘතය. දන් සැලට නැවතීමක් නැත. පිරිසක් නිදි දෙව්දුවගේ සුවය විදින අතරේ තවත් පිරිසක් ගජරාමෙට වැඩය. පාන්දර 3 කණිසමට වුවත් උණු උණු බත් බුදින වන්දනාකරුවන්ගෙන් දන්සැලට අඩුවක් නැත.
හාල් කිලෝ 40 ක් විනාඩි 40 න් බත් බවට පත් කරන ස්ටීමරයක් , පොල් ගාන යන්ත්‍ර, පොල් කිරි මිරිකන යන්ත්‍ර ආදියෙන් මාකේවිට එක්සත් තරුණ සංගමයේ දන්සැල පොහොසත් වී තිබෙන නිසා වැඩ කටයුතු වේගවත් වී තිබේ. මේ සියලුම යන්ත්‍ර උපකරණ තරුණ සංගමය සතු වන අතර ඒවා භාවිතා කරන්නේ මේ දන්සැලේ කටයුතු වෙනුවෙන් පමණකි.
දන්සැලේ කටයුතු කරන සියලුම දෙනාට තේ සපයන්නේ එක් කාන්තාවකි. ඇගේ වගකීම බවට ඒ කාරිය පත් වී තිබුනි. යහමින් ඉඟුරු යොදා ඇයගේ අත්ගුණය සහිතව අපට ලැබුන ප්ලේන්ටියේ රස ගැන කියන්නට වදන් නැත. එවන් ප්ලේන්ටියක් නිවසේදී හෝ පානය කරන්නට නොලැබෙයි. එය එතරම්ම රසවත්ය.
දන්සැලේ පෝලිම හසුරවන වගකීම, පැමිණෙන අයගේ බත් පතට මාළු පිණි බෙදන වගකීම, පිගන් සෝදන තැනින් දන්සැල තුලට රැගෙන යාමේ වගකීම, ආදී වගකීම් රාශියක් වරින් වර සිරා කොලුවා අතින් ඉටු වූවේය. වෙහෙසකර දවසක් අවසානයේ සැම විටම බසවක්කුලම වැවෙන් ස්නානය කිරීමට ලැබුන අතර එයින් පසුව දැනුන සුවය කියා නිමකල නොහැක.
මේ වසරේ සිට තිසා වැවේ ජල ස්නානය තහනම් කොට තිබේ. එය ඉතාමත්ම වැඳගත් තීරණයක් වන්නේ අනුරාධපුර පූජා නගරයේ පානීය ජල අවශ්‍යතාව ඉටු කරන්නේ තිසා වැවෙන් ලබාගන්නා ජලයෙන් වන නිසාය. ඒ ඇරත් වාර්ෂිකව අනුරාධපුර වන්දනාවේ පැමිණ තිසා වැවේ රොන් මඩ අතර සැගවී යන තරුණ ජීවිත ප්‍රමාණයද මේ තීරණය සමග සුරක්ෂිත වී තිබේ.
අපේ ගම් පියසේ පවත්වන දන්සැලකදී මෙන් නොව මෙහිදී දන්සැලට සහභාගි වන අති මහත් බහුතරය අහිංසක මිනිසුන්ය. සැබෑ ලෙසම දන්සැලක අවශ්‍යතාව දැනෙන මිනිසුන්ය. එවැනි මිනිසුන් පිරිසකට සේවය සලසන්නට ලැබීම සැබවින්ම සතුටකි. වයසක අම්මලා ආහාර අනුභවයෙන් පසුව දන්සැල තුලදීම අපේ අත් වලින් අල්ලාගෙන පින් දෙයි. යෝධ බල යෝධ ශක්තිය ප්‍රාර්ථනා කරයි. මෙලෙස දන්සැල තුලදීම අපේ වෑයම අගය කරද්දී, අප විසින් කරන සත්කාර්යයේ තරම අපට අවබෝධ වෙයි. එය කියා නිමකල නොහැකි තරමේ එකකි. සිතට මහත් ප්‍රහර්ෂයකි.
දන්සැල අවට තාවකාලික වෙළඳසැල් පවත්වාගෙන යන වෙළඳ ප්‍රජාවටද දන්සැලෙන් සැලසෙන සේවය අතිමහත්ය. වෙහෙසකර දිනයක් අවසානයේ නින්දට යන සිරා කොලුවා වැරදීමකින් හෝ පාන්දර යාමයේ අවදි වූවා නම් ඒ මොහොතේත් දන්සැල තුල ආහාර අනුභව කරන ජනතාව සුලභ වූහ. නිදි වරාගෙන ඔවුන් වෙත සේවය සලසන සත් පුරුෂයන් දන්සැල් නඩය තුල වෙනමම වූහ.
එක් වාරයකට රුපියල් මිලියනයකට වඩා මුදලක් වියදම් කරන මේ මහා දන්සැල පුරා දින 3 කට පසු චරිත්‍රානුකූලව මහා සංඝරත්නය විෂයෙහි පවත්වන සංඝගත දක්ෂිණාවකින් අවසන් වෙයි. එතැනදී දන්සැල පවත්වන්නට මුල් වූ අද අප අතර නැති සියලු දෙනාටම පින් පෙත් අනුමෝදන් කරති. ඒ කාර්යය අවසානයේ අඩුම කුඩුම නැවතත් කන්ටේනර් රථ වලට පැටවීම ආරම්භ වන අතර ඒ කටයුතු අවසානයේ අදුරු වැටුන අනුරාධපුරයෙන් අපි සමුගත්තේ යහපත් ක්‍රියාවක නිරතවීමෙන් ලද පරම පිවිතුරු සතුට දෝත දරාගෙන ඊළග වසරේත් මේ දන්සැලේ සේවයට පැමිණෙන බැව් ශපත කරමිනි.
සියලුම ඡායාරූප මවිසින් ලබාගත් ඒවාය.
මෙම තරුණ සංගමය පිහිටුවන්නට මූලික වූ කිසිවෙකුත් දැන් ජීවතුන් අතර නැත.
මේ කර්තව්‍ය හුදෙක් බත් දන්සැලකට පමණක් සීමා වී නැත. එයින් එහා ගිය මහා සමාජ මෙහෙවරකට මේ සමිතියේ ඇත්තන් උර දී සිටිති. ඒ අනුව අඩු ආදායම් ලාභීන්ට නිවාස ඉඳි කර දීම, අඩු පහසුකම් සහිත දහම් පාසල් වලට පොත් පත් සහ වෙනත් උපකරණ ලබාදීම ආදිය ප්‍රමුඛ වෙයි. මේ දින වල දන්සැලේ නිළධාරී මණ්ඩලය අඩු පහසුකම් සහිත දහම් පාසලක් සොයමින් සිටින්නේ එහි අධ්‍යාපනය ලබන දූ දරුවන් වෙත අධ්‍යාපන උපකරණ ලබා දීම උදෙසායි. මේ ලිපිය කියවන ඔබ එවැනි ස්ථානයක් ගැන දන්නේ නම් කරුණාකර සිරා කොලුවා වෙත ඊයක් විඳින්න.
තරුණ සංගමයේ ආරම්භක සාමාජිකයන් බහුතරය ජයසිංහ මහතාගේ ඥාති හිතමිත්‍රාදින්ම වූහ. මේ ඇත්තන් තමන්ගෙ පළමු ව්‍යායාමය ලෙස 1956 වසරේ පොසොන් උත්සවය සමරන්නට, අනුරාධපුර පුද බිමට, ලංකාවේ නන් දෙසින් පැමිණෙන සැඳැහැවත් ජනතාවගේ දාහය නිවන්නට කුරුම්බා දන්සැලක් පවත්වන්නට කථිකා කර ගත්හ.
තමන්ගේ බලාපොරොත්තුව සැල කල සැනින් වතු හිමියො කුරුම්බා වලු පිටින් කපාගෙන යන්නට ඔහුට අවසර දුන්හ. මේ කියන කාලයේ අද තරම් පොල් මිළ ඉහළ ගොස් නොතිබූ හෙයින් කුරුම්බා වල්ලක් දෙකක් දන් දෙන්නට වතු හිමියන් දෙවරක් සිතුවේ නැත. ඒ අවසරයෙන් එකතු වූ සිය දහස් ගනනක කුරුම්බා මාකේවිට එක්සත් තරුණ සංගමයේ තරුණයන් ලොරියක පටවාගෙන අනුරාධපුරයට රැගෙන ගොස් කුරුම්බා දන්සැල පවත්වා තිබේ.
බස් හිමියෙකු ලෙස ජයසිංහ මහතා එවකට ලංකාව පුරාම සංචාරයේ යෙදෙන්නට ඇතැයි අපට සිතිය හැක. ඒ ගමන් බිමන් වළදී පොසොන් උත්සවය සමරන්නට අනුරාධපුරයට එකතු වන දහස් සංඛ්‍යාත ජනතාවට මුහුණ දෙන්නට සිදුවන ගැටලු, අපහසුතා ඔහුට සන්නිවේදනය වී තිබෙන්නට ඇත. ඒ නිසාම ඔහුගේ දන්සැල අනුරාධපුරයේ ඉඳි වූවා විය යුතුය.
1956 සිට වසර 10 ක කාලයක් පොසොන් දිනයේ මාකේවිට එක්සත් තරුණ සංගමයේ කුරුම්බා දන්සැල අනුරාධපුරයේ රුවන්වැලි සෑ රදුන් හා ථූපාරාමය යා කරන පෙත් මග යනුවෙන් හැඳින්වෙන මාර්ගය ආසන්නයේ පවත්වා තිබේ. අද සිමෙන්ති ගල් අල්ලා විසිතුරු කොට තිබෙන පෙත් මග මේ කියන කාලයේ ඒ කිසිත් නැති ගුරු පාරක් බඳු යැයි තතු දන්නෝ මා සමග පවසා තිබේ.
කුරුම්බා දන්සැලට වයස වසර 10 ක් වූ තැන තරුණ බෞද්ධ සංගමයේ එවකට සාමාජික ඇත්තන් 11 වන වසරේ සිට කුරුම්බා දන්සැල බත් දන්සැලක් බවට පත් කරන්නට තීරණය කළෝය. වර්තමානයේ මෙන් අඩියෙන් අඩිය දන්සැල් පොසොන් සමයේ අනුරාධපුරයේ නොතිබුන නිසා බත් දන්සැලක් පැවැත්වීම බොහෝ සේ වැදගත් යැයි සංගමයේ එවකට සාමාජිකයන්ට වැටහී යන්නට ඇත.
වසරින් වසර අලුතින් සංගමයට එකතු වන සාමාජික පිරිසත් දරාගෙන, දන්සැලේ පරිමාණයද වැඩුනි. එතැන් සිට චිරාත් කාලයක් අඛණ්ඩව දන්සැල පැවැත්වීමට ජයසිංහ මහතාට හැකියාව ලැබුනේ ඔහුගේ ප්‍රිය බිරිඳගේ සහයෝගයත් මේ වෙනුවෙන් මොනවට ලැබුනු හෙයිනි. බස් කර්මාන්තයට සම්බන්ධ තවත් පවුලකින් පැවත එන ඇය ජයසිංහ මහතා මුල්ම දන්සැල පවත්වන කාලයේ තම පියා සහ හිතවතුන් අනුරාධපුරයේ පැවැත්වූ වෙනත් දන්සැලකට සම්බන්ධව සිටියාය. යාබද භූමි භාග වල පැවැත්වූ මේ දන්සැල් කෙරුවාව අවසානයේ මේ දෙපළට විවාහයේ දොරටුව විවර වන්නට ඇති බව සිරා කොලුවාගේ අදහසයි.
ස්ථිර නිළධාරී මණ්ඩලයක් දන්සැල් කටයුතු වලට පත් වූ කාලයේ සිටම දන්සැලේ අනුශාසක ධූරය දරන්නේ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ විහාරස්ථානයක අධිපති ධූරය දරන තෝරපිටියේ ආනන්ද ස්ථවිරයන් වහන්සේ විසිනි. තමන්ගේ විහාරස්ථානයේ පොසොන් පින්කම් අවසන් වූ සැනින් උන් වහන්සේ අනුරාධපුරයට වැඩම කරන්නේ දන්සැලේ කටයුතු සොයා බැලීම උදෙසායි.
බත් දන්සැලේ මුල් පෙලේ නිළ දරුවන් අනුශාසක හිමියන් සමග, වික්‍රමරත්න සභාපති තුමා වම් කෙළවරේ. |
49 වෙනි දන්සැලටත් රෝද පුටුවක් මත සිටිමින් සහභාගි වූ දන්සැලේ නිර්මාතෘ ජයසිංහ මහතාට දෛවයේ සරදමක් නිසාදෝ 50 වෙනි පියවරට සහභාගි වන්නට නොහැකි වූයේ ඊට මාස කීපයකට පෙර හෙතෙම මිය පරළොව ගිය නිසාය. එහෙත් ඔහුගේ බිරිඳ සහ දරු කැළ මේ මහා වෑයම තවමත් ඉදිරියට රැගෙන යන්නේ පොසොන් වන්දනාවේ අනුරාධපුරයට පැමිණෙන දහස් සංඛ්‍යාත සැඳැහැවතුන් කෙරේ උපදින සැබෑම ආදර කරුණාව නිසාය.
මෙවර දන්සැල උදෙසා ජයසිංහ මහතාගේ නිවසින් අපි සැම පිටත් වූයේ පොහෝ දිනට පෙර දින රාත්තිරියේ 11 කණිසමට බව මගේ මතකයේ රැදී තිබේ. ඒ වන විටත් මාස ගනනාවක උත්සාහයේ ප්‍රතිඵල ලෙස දන්සැලට අවැසි සියලුම දේ සුජෘනම් කර ඒවා ප්‍රවාහනය කරන රථ වාහන වලට පටවා අහවරය. ජයසිංහ මහතාගේ පුතුන් දෙදෙනා පියාගේ මග යමින් ප්‍රවාහන ක්ෂේත්‍රයේ කටයුතු කරන නිසා මේ ගමන් සඳහා උවමනා රථ වාහන වලින් අඩුවක් නැත.
පාන්දර 4 කණිසම වන විට අනුරාධපුරයට පැමිණි අප විවේකයක් නොගෙනම ලහි ලහියේ කන්ටේනර් රථ දෙකක තිබූ බඩු බාහිරාදිය සහ අඩුම කුඩුම ඉක්මනින් දන්සැල පවත්වන ස්ථානයට ගෙන ආවෙමු. එදා ජයසිංහ මහතා කුරුම්බා දන්සැල ආරම්භ කල ස්ථානයේම තවමත් මාකේවිට එක්සත් තරුණ සංගමයේ බත් දන්සැල ඉඳිවෙයි.
විවිධ වයස් කාණ්ඩ වලට අයත් දන්සැලේ කටයුතු සඳහා පැමිණි කාන්තා පිරිමි, තරුණ, මහළු ජනතාව කාගේවත් නියම කිරීමකින් තොරව තම තමන්ම වැඩ රාජකාරී පවරාගනිමින් හැකි ඉක්මනින් දන්සැල ආරම්භ කරන්නට යුහුසුලු වෙති. තැනක හට්ටි මුට්ටි, එළවළු තැන්පත් වෙයි. තවත් තැනක දන්සැලේ පිරිසගේ භාවිතයට වැසිකිළි පද්ධතියක් ඉඳි වෙයි., තවත් තැනක තහඩු යොදා දන්සැලට පැමිණෙන ජනතාවට සෙවනක් සැදෙයි, තවත් තැනක දන්සැලේ විදුලි ආලෝක පද්ධතිය සහ ජලනළ පද්ධතිය ස්ථාන ගත වෙයි.
අද තරම් පහසුකම් එදා තිබුනෙ නෑ. වතුර වලින් තමයි ගොඩාක්ම ප්‍රශ්න තිබුනෙ. බවුසර් වලින් වතුර ගෙනත් දෙනකං අපිට දන්සැල නවත්තගෙන බලාන ඉන්න උන කාලයකුත් තිබුනා. දැන් වගේ ලග ලග දන්සැල් තිබුනෙ නැති නිසා මේ දන්සැල් වලින් බත් ටිකක් කන්න මිනිස්සු සෑහෙන්න ආවා. ජයසිංහ මහතාගේ බිරිඳ මා සමග එලෙස පැවසූයේ දන්සැලේ ඉතිහාසය පිළිබඳ එතුමියගෙන් මා විමසීමක් කළ හෙයිනි.
ලහි ලහියේ ඉදුන සුවඳ හමන පරිප්පු හොද්දක් සමග අනුරාධපුරයේ තැටි පාන්, දන්සැල් කාර්ය මණ්ඩලයට උදෑසන ආහාරය වූවේය. එතැන් සිට සිය වගකීම් සෑම කෙනෙක්ම මනාව ඉටු කල නිසා දහවල් බත වන විට බත් දන්සැල ආරම්භ කරන්නට කටයුතු යෙදිනි. දන්සැලේ නිර්මාතෘ ජයසිංහ මහතාගේ මළනුවන් වන වික්‍රමරත්න මහතා වර්තමානයේ මේ දන්සැලේ මුල් පුටුව හොබවයි. ඒ සඳහා බොහෝ පිරිසකගේ සහයෝගය දායකත්වය ඔහුට ලැබේ. මාකේවිට බත් දන්සැලෙන්ම බත් කන්නට බලා සිටින ජනතාවක් දැන් අනුරාධපුරයේ සිටිති. පසුගිය වසර 50 තුලදී දන්සැල් කෙරුවාවෙන් උපයාගත් වත්කම මේ මිනිසුන් විය යුතුය.
පොසොන් පෝය දිනයට පෙර දිනයේ දහවල් බතින් ඇරඹී පොසොන් පෝය අවසන් වී පසුදින දහවල දක්වාම මේ මහා දන්සැලේ දොර පොදු ජනතාවට විවෘතය. දන් සැලට නැවතීමක් නැත. පිරිසක් නිදි දෙව්දුවගේ සුවය විදින අතරේ තවත් පිරිසක් ගජරාමෙට වැඩය. පාන්දර 3 කණිසමට වුවත් උණු උණු බත් බුදින වන්දනාකරුවන්ගෙන් දන්සැලට අඩුවක් නැත.
හාල් කිලෝ 40 ක් විනාඩි 40 න් බත් බවට පත් කරන ස්ටීමරයක් , පොල් ගාන යන්ත්‍ර, පොල් කිරි මිරිකන යන්ත්‍ර ආදියෙන් මාකේවිට එක්සත් තරුණ සංගමයේ දන්සැල පොහොසත් වී තිබෙන නිසා වැඩ කටයුතු වේගවත් වී තිබේ. මේ සියලුම යන්ත්‍ර උපකරණ තරුණ සංගමය සතු වන අතර ඒවා භාවිතා කරන්නේ මේ දන්සැලේ කටයුතු වෙනුවෙන් පමණකි.
දන්සැලේ කටයුතු කරන සියලුම දෙනාට තේ සපයන්නේ එක් කාන්තාවකි. ඇගේ වගකීම බවට ඒ කාරිය පත් වී තිබුනි. යහමින් ඉඟුරු යොදා ඇයගේ අත්ගුණය සහිතව අපට ලැබුන ප්ලේන්ටියේ රස ගැන කියන්නට වදන් නැත. එවන් ප්ලේන්ටියක් නිවසේදී හෝ පානය කරන්නට නොලැබෙයි. එය එතරම්ම රසවත්ය.
ස්ටීමරය |
දන්සැලේ පෝලිම හසුරවන වගකීම, පැමිණෙන අයගේ බත් පතට මාළු පිණි බෙදන වගකීම, පිගන් සෝදන තැනින් දන්සැල තුලට රැගෙන යාමේ වගකීම, ආදී වගකීම් රාශියක් වරින් වර සිරා කොලුවා අතින් ඉටු වූවේය. වෙහෙසකර දවසක් අවසානයේ සැම විටම බසවක්කුලම වැවෙන් ස්නානය කිරීමට ලැබුන අතර එයින් පසුව දැනුන සුවය කියා නිමකල නොහැක.
බසවක්කුලම වැවට පෙනෙන ජේතවනාරාමය |
බසවක්කුලම වැව් කණ්ඩියට පෙනෙන අභයගිරිය |
අපේ ගම් පියසේ පවත්වන දන්සැලකදී මෙන් නොව මෙහිදී දන්සැලට සහභාගි වන අති මහත් බහුතරය අහිංසක මිනිසුන්ය. සැබෑ ලෙසම දන්සැලක අවශ්‍යතාව දැනෙන මිනිසුන්ය. එවැනි මිනිසුන් පිරිසකට සේවය සලසන්නට ලැබීම සැබවින්ම සතුටකි. වයසක අම්මලා ආහාර අනුභවයෙන් පසුව දන්සැල තුලදීම අපේ අත් වලින් අල්ලාගෙන පින් දෙයි. යෝධ බල යෝධ ශක්තිය ප්‍රාර්ථනා කරයි. මෙලෙස දන්සැල තුලදීම අපේ වෑයම අගය කරද්දී, අප විසින් කරන සත්කාර්යයේ තරම අපට අවබෝධ වෙයි. එය කියා නිමකල නොහැකි තරමේ එකකි. සිතට මහත් ප්‍රහර්ෂයකි.
පොහෝ දින උදෑසන දන්සැලේ පෝලිම් ගැසී සිටින ජනතාව |
එක් වාරයකට රුපියල් මිලියනයකට වඩා මුදලක් වියදම් කරන මේ මහා දන්සැල පුරා දින 3 කට පසු චරිත්‍රානුකූලව මහා සංඝරත්නය විෂයෙහි පවත්වන සංඝගත දක්ෂිණාවකින් අවසන් වෙයි. එතැනදී දන්සැල පවත්වන්නට මුල් වූ අද අප අතර නැති සියලු දෙනාටම පින් පෙත් අනුමෝදන් කරති. ඒ කාර්යය අවසානයේ අඩුම කුඩුම නැවතත් කන්ටේනර් රථ වලට පැටවීම ආරම්භ වන අතර ඒ කටයුතු අවසානයේ අදුරු වැටුන අනුරාධපුරයෙන් අපි සමුගත්තේ යහපත් ක්‍රියාවක නිරතවීමෙන් ලද පරම පිවිතුරු සතුට දෝත දරාගෙන ඊළග වසරේත් මේ දන්සැලේ සේවයට පැමිණෙන බැව් ශපත කරමිනි.
මම කාමරේ අරින සිරා කොලුවා.
ප.ලි
මෙම තරුණ සංගමය පිහිටුවන්නට මූලික වූ කිසිවෙකුත් දැන් ජීවතුන් අතර නැත.
මේ කර්තව්‍ය හුදෙක් බත් දන්සැලකට පමණක් සීමා වී නැත. එයින් එහා ගිය මහා සමාජ මෙහෙවරකට මේ සමිතියේ ඇත්තන් උර දී සිටිති. ඒ අනුව අඩු ආදායම් ලාභීන්ට නිවාස ඉඳි කර දීම, අඩු පහසුකම් සහිත දහම් පාසල් වලට පොත් පත් සහ වෙනත් උපකරණ ලබාදීම ආදිය ප්‍රමුඛ වෙයි. මේ දින වල දන්සැලේ නිළධාරී මණ්ඩලය අඩු පහසුකම් සහිත දහම් පාසලක් සොයමින් සිටින්නේ එහි අධ්‍යාපනය ලබන දූ දරුවන් වෙත අධ්‍යාපන උපකරණ ලබා දීම උදෙසායි. මේ ලිපිය කියවන ඔබ එවැනි ස්ථානයක් ගැන දන්නේ නම් කරුණාකර සිරා කොලුවා වෙත ඊයක් විඳින්න.
ඉතා විශිෂ්ඨ කාර්යක්... ඇත්තටම ජයසිංහ මහතාට මේ වසරෙත් දංසැලට සහභාගී වෙන්න ලැබුනනම් කොච්චර හොඳද..... එතුමාට මොන තරම් සතුටක් ඇත් වෙන්න තිබුනද...
ReplyDeleteසිරාටත් අපූරු අද්දැකීමක් නේද...
නොකඩවා වසර 50 ක් දංසැල පවත්වාගෙන ගියා වගේ තවත් බොහෝ කලක් මේ පුන්‍යකර්මය කරන්නට ශක්තිය, දෛර්ය ලැබේවා...
ස්තූතියි නිර්මාණී...ඇත්තටම දන්සැලේ නිර්මාතෘ විදියට ඔහුට 50 වන පියවරටත් සහභාගි වෙන්නට ලැබුනා නම් විශාල සතුටක් ලබන්න තිබුනා කියා හිතෙනවා.
Deleteකාලෙකින් ගොඩ උනේ අයියා... ලංකාවේ මිනිස්සු බහුතරයක් ඔහොම පිනට ලැදි...
ReplyDeleteබොලාව දැකීම සතුටක්...කාලෙකින් කියන්නෙ අවුරුදු ගානකට පස්සෙ....
Deleteසාදු සාදු සාදු !!!
ReplyDeleteසාදු සාදු සාදු !!!
Deleteසත්කාර්යයත් අනර්ඝයි, ලිවීමත් අනර්ඝයි. දන්සැලට සහභාගී වුණා වගේ දැණුනා.
ReplyDeleteස්තූතියි ඔබට...මේ දන්සැල ගැන ජාතික පුවත්පතකට ලිපියක් සූදානම් කරනවා මේ දවස් වල. සති අන්තයේ දවසක ඔබට මේ විස්තර නැවත පුවත් පතකින් කියවන්නට ලැබේවි.
Deleteෂා...... හරිම සැලසුම් සහගත වැඩක්නේ..මේ වගේ වැඩක් කරන්න සෙල්ලමෙන් බෑහෑ අගෙයි..!
ReplyDeleteසෑහෙන දොහකින් වීයා දැක්කෙ. මේ අයගෙ දන්සැල් කෙරුවාව හරිම ක්‍රමානුකූලයි. හැමදේම පිළිවෙලයි. දන්සැලේ අයවැය වාර්තාව බොහොම නිවැරදියි. විනිවිදභාවය ඉහළයි.
Deleteපින්තූර නං සේරම බැලුවා කලින්. උඹගේ කතාවක් එක්ක වැටුනම සියළු රහයි.. ජය
ReplyDeleteඋඹ කොහෙද බං වැටුනෙ. හැක්..
Deleteදේශක මාමට මගේ ස්තූතිය.
Deleteසිරා. ළූනු කපන මැසිමකුත් ගත්තා නං ගොඩ.. දැං තියෙනවා නේ බඩු
Deleteමේ බොහෝ යන්ත්‍ර සූත්‍ර ලංකාවෙ නර්ඩ් ආයතනයේ හදපු ඒවා. ඇත්තටම ලූණු සහ මිරිස් කපන්නත් මැෂිමක් තියෙනවා. ඒ මැෂින් වලට විදුලිය සැපයුම ලැබෙන තුරු තමයි මේ විදියට ලූණු කැපුවෙ. මැෂිමට ලූණු ගෙඩිය සුද්ද කරලා අත ඇරියම ගානට පෙති කැපෙනවා. අමු මිරිස් විතරක් නෙමෙයි සුප් හදන්න බෝංචිත් කැපුවා ඒ මැෂිමෙන්. කියන්න අමතක උනානෙ, අපි බත් දන්සැල අතරෙ සුප් දන්සැලකුත් දුන්නා පෝය දවසෙ.
Deleteඇත්තටම, දන්සල් වල අවශයතාවය තියන ප්‍රදෙශ වලටම ගිහින් කරන සත්කාරය ඉතාම වටිනවා. ගොඩක් වෙලාවට අපි කරන්නෙ ගමෙන් එකතු කරලා, ගමටම දන්සල් දෙන එක. ඔක්කොමලා කි දෙනෙක් විතර හිටියද සිරා.
ReplyDeleteඇත්ත වශයෙන්ම ඔව්. දන්සැලේ වැඩ කරන අප වැනි අයටත් මේ සත් කාර්යය සාර්ථක බැව් දැනෙන්නෙ සැබෑම අවශ්‍යතාව සහිත පිරිසකට දන්සැල පැවැත්වුවොත් තමයි. මම හිතන විදියට අනුරාධපුරයේදී ඒ අරමුණ ඒ අයුරින්ම සාක්ෂාත් කරගත හැකියි. දන්සැලේ වැඩ කටයුතු වලට 100 කට ආසන්න පිරිසක් සිටියා.
Deleteඉතා වටිනා සත්කාර්යයක් සිරා. හදවතින්ම අගය කරනව මේ කරන වැඩේ.
ReplyDeleteඑක දිගට අවුරුදු 50 ක් ඔය වගේ දෙයක් පවත්වාගෙන යනව කියන එක සෙල්ලං වැඩක් නෙමෙයි. ඒ අතින් මේ සමිතියට එක්කාසු වෙලා ඉන්න කට්ටිය තුළ හොඳ කැපවීමක් තියෙන පාටයි.
කොච්චර කරදර උනත් පිඟන් වලට කෑම බෙදන එක තමයි හොඳම දේ. මොකද මම එකපාරක් මාළිගාවිල ගිය වෙලාවක දැක්ක පූජාභූමිය ඇතුලෙ දීපු දන්සැලක දීපු බත් පාර්සල් වලින් ඒ පළාතම හැඩි වෙලා තියෙනව. ඒ වගේ වැඩක් උනාම අර කරපු හොඳ වැඩේ වටිනාකම එහෙම පිටින්ම නැති වෙලා යනව.
උඹල කට්ටියට තව කාලයක් මේ දන්සැල මීට වඩා හොඳින් කරන්න හැකියාව ලැබේවා කියල පතනව.
ප්‍රසන්න අයියට ස්තූතියි මේ ලිපිය අරභයා අදහසක් එක්කලාට. පූජා භූමි පෙදෙසේ දන්සැල් පවත්වනවා නම් ලන්ච් ෂීට් භාවිතය සපුරා තහනම්. එය අනුරාධපුර නගර සභාව මගින් අකුරට පරීක්ෂා කරනවා. දන්සැල් නිසා පරිසර දූෂණය අවම කිරීමට ඒ අය ගත් වැඳගත් තීරණයක් ඒක.
Deleteලබන වසරෙත් මේ දන්සැල සමග එකතු වෙන්න තමයි මම හිතාන ඉන්නෙ. බොටත් කැමති නම් අපි එක්ක එකතු වෙන්න හැකියි.
ඔය වගේ වැඩකට සම්බන්ධ වෙන්න ලොකු ආසාවක් නැතුව නෙමෙයි. ඒත් දවස් තුන හතරක් ගෙදරින් පිටවෙලා ඉන්න එක තමයි අමාරුම වැඩේ. බලමු..
Deleteමං උඹගේ වතුපිටි හරකබාන සේරම බලාගංඤඤං
Deleteඑහෙනං ලබන පොසොං එකට වරෙන්. හැක්..
Deleteලබන පොසොන් එකට බොලා දෙන්නම අරගෙන යන්නං දන්සැලට...මොකද කියන්නෙ එනවැයි....
Deleteඑන්නං එන්නං.. හැබැයි හොද්දදදට බොන්ඩ ඕනෑ මල්ලි. හැක්
Deleteඅයියෝ ඕක මොකක්ද...පොල් බිදිනකොට වතුර වැක්කෙරෙනවා සෑහෙන්න...ඒවා දෙන්නං බඩ පැලෙනකං බොන්න.
Deleteලංකාවේ මිනිස්සුන්ගේ තරම් පොහොසත් හිත් වෙන කොහෙවත් නෑ බං අයියේ
ReplyDeleteඔව්...මම පිටරටක හිටිය කාලෙ අපේ මිනිස්සුන්ගෙ මේ ගතිගුණ වල වටිනාකම හොදට දැනුනා.
Deleteඋඹ ඔය කියන බස් හිමියා ඩී එස් ජයසිංහද?
ReplyDeleteමේක දන්සැල් වලිනුත් දන්සැලක් වගෙ පේන්නෙ. ඔය විදියට උපකරණ පවා අයිති සමිතිත් තියෙනවා එතකොට නේද?
ඩී ඇස් ජයසිංහ නෙමෙයි. මම හිතන විදියට ඔහු තවම ජීවතුන් අතර ඉන්නවා.
Deleteමේක වසර 50 ක් තිස්සේ පැවත එන බොහොම ක්‍රමානුකූල දන්සැලක්. දන්සැලේ පාවිච්චියට සකස් කර ඇති උපකරණ බැලුවාම මොන තරම් පිළිවෙලකට ඒ අය සැලසුම් කොට තිබෙනවාද කියන දේ තේරුම් ගන්න පුලුවන්. හැමදේම හරිම පිළිවෙලයි. දන්සැලේ භාවිතයට තනන වැසිකිළි අතර කොමඩ් එක සහිත සාමාන්‍ය පරිදි ජල සැපයුම තියෙන වැසිකිළි පවා ඒ අය නිර්මාණය කරනවා. ඒ හැමදේටම උවමනා කළමනා ලොරි වලින් අනුරාධපුරයට ප්‍රවාහනය කරනවා. මේ සියලු දේවල් තරුණ සංගමයට තමයි අයිති. ඔවුනට ඒවා ඊලග දන්සැල් වාරය දක්වා ආරක්ෂිතව ගබඩා කර තබන්නට උවමනා පහසුකම් පවා තිබෙනවා.
කන්න නැතත් කමක් නෑ. ගමනක් ගිය කෙනෙකුට කැත නැතුව යනන් පුලුවන් ටොයිලට් එකක් ලබා දෙන එකම ඇති කියලා මට හිතෙනවා. ඒක බඩගින්නට වඩා දරුණු ගින්නක්.
Deleteඒ දේවල් ඉතාම ක්‍රමානුකූලයි. පරිසරයට වෙන හානිය ඉතාම අවම වෙන විදියට තමයි හැමදේම සකස් කරලා තියෙන්නෙ.
Deletehttps://www.facebook.com/NewsfirstSL/videos/1157006364359620/
ReplyDeleteමම මෙය නැරඹුවා. මේ චෝදනාවන් මේ දන්සැලට අදාළ වෙන්නෙ නෑ. සියලුම කසළ නිසි විදියට බැහැර කරලා දිනපතා අනුරාධපුර නගර සභාවේ ට්‍රැක්ටර් වෙත භාරදීම සිදු උනා.
Deleteපිංබර වැඩක්. ඉදිරියටත් කරගෙන යන්න හැමෝටම ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජය වේවා !!!
ReplyDeleteස්තූතියි නංගි...කැමති නම් ඔබටත් ඔබේ හිතවතුන්ටත් මේ දන්සැල සමග 2017 වසරේදී එකතු විය හැකියි.
Deleteජොලි දන්සලක් නොකර, නියම ක්‍රමයේ දන්සලක් පැවැත්වීම අගය කරනවා. ජයවේවා!
ReplyDeleteවැඩ කරන ගමන් පොඩි ජොලියකුත් තියෙනවා..දැරිවියොත් ඉන්න නිසා. ඒත් මොන දේ කලත් ප්‍රධාන අරමුණෙන් බැහැර වෙන්නෙ නෑ. දන්සැලේ සංවිධායකයො හැමදේම සොයාබලමින් නිසි නායකත්වය සපයන නිසා දන්සැල සාර්ථකව පැවැත්වෙනවා.
Deleteලොකු කතාවක්.. ලොකු වැඩක්.. ජය වේවා!!
ReplyDeleteස්තූතියි කල්යාන මාමෙ...ඔබත් නිතරම හොඳ වැඩ කරන කෙනෙක් නොවැ...
Deleteඅගෙයි,අපිත් ඒ දන්සලට සභාහගි වුනා වගෙයි,
ReplyDeleteඅපේ ගම් පළත් වලත් දන්සල් දෙනවා.හැබැයි ඉතින් ඒවයෙන් කන්නේ වෙනසකට කන්න කැමති කට්ටියයි.කෑම සැහෙන්න නැති නාස්ති වෙනවා.
ස්තූතියි මනෝජ්...මේ දන්සැලේ හැමදේම මනාව කළමණාකරණය කරනවා. අය වැය වාර්තාව පවා ඉතාම ක්‍රමානුකූලයි. මුදලින් පුද්ගලිකව රුපියල් ලක්ෂයකට වඩා ආධාර කරපු අයගෙ නම් වගේම තනි පොල් ගෙඩියකින් ආධාර කරපු අයගෙ විස්තර පවා අඩුවක් නැතිව සටහන් කොට තිබෙනවා. ඒ වගේම හැම දන්සැල් වාරයක් පාසාම ශ්‍රමය සැපයූ හැමගේම නම්ගම් පවා සටහන් වෙනවා.
Deleteනියමයි. කාලෙකින් මේ වගේ වැඩකට සහභාගි වෙන්න බැරිඋනා.
ReplyDeleteඊලග වතාවෙ මම පොදුවේ දැනුම් දෙන්නං...කැමති කෙනකෙුට සම්බන්ධ වෙන්න පුලුවන් එතකොට.
Deleteසිරා.. කාලෙකින් ආවෙ. බොහොම ආස හිතෙනව මේක දැක්කම. වැඩේ ගැන සම්පූර්ණ විස්තරයක් ලස්සනට ලියල. මේ දේ දැක්කම මෙහෙමත් කැපවෙන මිනිස්සු ඉන්නව නේද කියල අප්‍රමාණ සතුටක් හිතට දැනෙනවා. ඒ වැඩේට සහභාගී උණු උඹට කොහොම නම් සතුටක් දැනෙනවා ඇත්ද. අපි මොන කෙළි කලත් මේ වගේ දේවල් වලින් ලැබෙන සතුට ලබන්න පුළුවන්ද...
ReplyDeleteබොලා කැමති නම් ඊලග වසරෙ මේ සතුට විඳින්න අපි එක්ක එකතු වෙන්න පුලුවන්. මම කල්තියා දැනුම් දෙන්නං. කැමති නම් අපි එක්ක යමු. මම ගමේ දන්සැල්, යාලුවන්ගෙ දන්සැල් අරවා මේවා බොහොමයකට දායකත්වය දී තිබෙනවා. ඒත් ඒ හැමටම වඩා මේ දන්සැල සුවිශේෂීයි. ඒකට හේතුව තමයි මේ දන්සැලට පැමිණෙන ජනතාව ඇත්තටම දන්සැලක අවශ්‍යතාව තියෙන අය. ඔවුන් ඒ උපකාරය ලබා ගත්තට පස්සෙ වචන වලින් තමන්ගෙ කෘතඥ භාවය පල කරද්දි දැනෙන සතුට...ඒක හරිම අව්‍යාජයි බං...
Deleteඇත්තටම හරිම ලස්සනයි.
ReplyDeleteස්තූතියි ඇනෝ මිත්‍රයා.
Deleteකාලෙකට පස්සෙ මේ පැත්තට ගොඩ උනේ.අපිත් ඒ දන්සැලට ගියා වගේ දැනුන.මේක හුගක් හොද වැඩක් .මෙයට මුල් උන සියලු දෙනාටත් ශ්‍රමය කැපකළ සිරා ඇතුළු සැමටත්,මේ විස්තරය කියවා සිත් සතුටු කරගත් අපටත් මේ පින් හේතු වේවා...සාදු ..සාදු..
ReplyDeleteස්තූතියි ඉන්දික අයියා...ලබන ඉරිදා ජාතික පුවත්පතක මේ වෙනුවෙන් ලිපියක් ලියවේවි. හැකියාව තිබුනොත් කියවන්න එයත්...වැඩි විස්තර ලිපිය පල උනාම සපයන්නම්...
Deleteකාලෙකින් ආවේ අයියේ..
ReplyDeleteකොහොමද?
බොහොම අගෙයි අයියා ....තවත් මෙවැනි දේ කෙරුමට අවැසි ශක්තිය ලැබේවා ඔවුනට !
කාලෙකට පස්සෙ දැකීම සතුටක් නගා. ඇයි දැන් ලියන්නෙ නැත්තෙ...ආයෙමත් ලියන්න කල්පනා කලොත් නරකද ?
Deleteනියම වැඩක්.. අවුරුදු 50ක් ඇතුලෙ ලබපු අත්දැකීම් වලින් පාඩම් ඉගෙනගෙන හොඳ සැලසුමකින් වැඩ කටයුතු කෙරෙන හැඩයි.අන්න ඒකයි සිරාත් මෙච්චරම සතුටක් බෙදාහරින්නෙ.
ReplyDeleteජයවේවා..!!
ස්තූතියි ගස් ලබ්බො...මමත්හැ කියාව තියෙන පරිදි මේ දන්සැලේ ඉදිරි කටයුතු වලට සම්බන්ධ වේවි. බොටත් ජය !
Deleteපට්ට වැඩක් මචං...
ReplyDeleteහැමදේම ඉතාම ක්‍රමානුකුලයි...
ස්තූතියි ලොකු පුතා...ඇත්ත වශයෙන්ම මම දැක්ක ඉතාම ක්‍රමානුකූල දන්සැලක්..හැමදේම පිළිවෙලයි...අයවැය වාර්තාවත් එහෙමයි. ඒ නිසා ඇතිවුන පැහැදීම මත තමයි මමත් දැන් සහයෝගය දෙන්නෙ
Deleteසිරෝ-
ReplyDeleteමේ බ්ලොගේ ලියල තියන ඉන්පො සිරා ඊ මේලයට ලියුමක් එව්වා දන්සල ගැන. කියවල උත්තරයක් එවන්න.
ප්‍රියන්ත.
ඊයට උත්තරයක් එව්වා. කියවා බලන්න.
DeleteMe wage dewal agaya karanna ona... Idiriyatath me dewal karagena yanna shakthiya lebewa!!!!!!
ReplyDelete