මාටින් මුදලාලි අඩි 6 ක් විතර උස දේහදාරියෙක්. කොටු වැටුන සරමට කොලර් එක තියෙන ටී ෂර්ට් තමයි ඔහු නිතරම ඇන්දෙ. යුක්තියට මිස අයුක්තියට හිස නමන්නෙ නැති, තමන්ගේ මතයේම එල්බ සිටි සෘජු චරිතයක්, තමන්ගෙ දරු මුණුබුරන්ට අසීමිතව ආදරය කරපු, තමන්ගෙ ඇඹේණිය එක්ක සමගියෙන් පවුල් කාපු, ආදරණීය චරිතයක් විදියටත් ඔහුව හඳුන්වා දෙන්න පුලුවන්. අද සිරාගෙ කාමරෙන් මම බොලාට කියන්නෙ මගේ සීයා වෙච්ච මේ ආදරණීය මිනිසා ගැනයි.
සිරා කොලුවගෙ මෑණියන්ගෙ සීයා දාවිත් අප්පුහාමි මාතර සුල්තානාගොඩ ප්‍රදේශයේ ඉඳලා ගම්පහ ප්‍රදේශයට පදිංචියට ආවෙ බොහොම තරුණ කාලෙදි. ගම්පහ නාගරික සීමාව අවට 1900 - 1920 කාලය අතරතුරදි ඇති තරම් හිස් ඉඩ කඩම් තිබුනා. රටේ අග නගරයට යාබදව, වෙනත් ස්වභාවික කරදර වලිනුත් තොර මේ භූමිය අනාගත වාසස්ථානය කර ගන්න එදා ඔහුට හිතෙන්න ඇති. සුල්තානාගොඩ ඉඳලා වෙළදාම ඔස්සේ ගම්පහට ආපු දාවිත් අප්පුහාමි ගම්පහ නගරය තමන්ගෙ අනාගත වාසස්ථානය කරගත්තා විතරක් නෙමෙයි ඒ අවටින්ම තමන්ගෙ භාරියාවත් හොයා ගත්තා. අදටත් ගම්පහ නගර සීමාවේ ජීවත් වෙන අයගෙන් 80% ක් මාතරින් ගම්පහට පැමිණි පරම්පරාවෙන් පැවතෙන අය. දාවිත් අප්පුහාමි පරම්පරාවෙ ජාන වල සටහන් වෙලා තිබුනෙ. වෙළඳාම විතරමයි. ඒ ඇත්තො වෙළඳාමෙන් තොර ජීවන උපායක් ගැන දැන උන්නෙ නෑ.
දාවිත් මුත්තගෙ කසාදෙ ප්‍රතිඵල විදියට පුතුන් තුන් දෙනෙක් මෙලොවට ජනිත උනා. ඒ අයගෙන් වැඩිමලාගෙ නම මාටින්. උන්දැ පස්සෙ කාලෙක ගම්පහ නගරයේ වෙළඳ ප්‍රජාව අතර ප්‍රසිද්ධියට පත් උනේ මාටින් මුදලාලි කියන නාමයෙන්. මාටින් මුදලාලි තමයි සිරා කොලුවගෙ මවගෙ පියා. එහෙමත් නැතිනම් සිරා කොලුවගෙ සීයා. ඔහුත් තමන්ගෙ පරම්පරාව අනුවම වෙළඳාම ජීවනෝපාය කරගත් අයෙක්.
1950 දශකය කාලෙ අද ගම්පහ එළවළු මාරකැට්ටුව තිබෙන තැන ස්ථිර ගොඩනැගිල්ලක් තිබිලා නෑ. විවිධ වෙළඳුන් ඉඩ කඩ තිබෙන පරිදි තම තමන්ගෙ වෙළඳාම් කටයුතු කරගෙන ගොස් තිබෙන්නේ එළිමහනෙ. මේ විදියට එළවළු, පළතුරු, කුළුබඩු, හට්ටි මුට්ටි වගේ දේවල් එළිමහනෙ වෙළදාම් කරන වකවානුවක හිටි අඩියේම මේ වෙළඳුන් වෙනුවෙන් ස්ථිර ගොඩනැගිල්ලක් ඉඳිකරන්න ගම්පහ නගර සභාවේ ඇත්තන්ට හිතක් පහළවෙලා තියෙනවා.
මේ ගොඩනැගිල්ලෙ වැඩ ඉවර උනාම එතෙක් එළිමහනෙ වෙළඳාම් කරපු ඇත්තන්ට ගොඩනැගිල්ල තුල ස්ථිර කඩකාමර ලබාදෙන්න තීරණය වෙලා. නොම්බර ඇදීමකින් තමයි ඒ ඒ අයට හිමි කඩකාමරය පිහිටි ස්ථානය තීරණය වෙලා තියෙන්නෙ. සිරා කොලුවගෙ සීයා ඒ වෙද්දි ස්ථාන දෙකක තමන්ගෙ වෙළඳාම් කටයුතු කරමින් හිටිය නිසා ඔහුට කඩකාමර දෙකක් හිමි වෙලා තියෙනවා. මගේ මෑණියන් පවසන පරිදි ඔහුට ලැබිලා තියෙන්නෙ 40 න් උඩ ඉලක්කමක්. ඒ අනුවයි ඔහු තමන්ගෙ කඩ කාමර දෙක තෝරගෙන තිබෙන්නෙ.
අපේ මාටින් මුදලාලි සීයගෙ ප්‍රධාන වෙළඳ ද්‍රව්‍ය උනේ පළතුරු. කොළඹින් ඇපල්, මිදි, දොඩම්, පෙයාර්ස් වගේ පිටරට පළතුරු වර්ගත්, ගම් පළාත් වලින් රඹුටන්, කෙසෙල්, මැංගුස්, අඹ වගේ පළතුරු වර්ගත් ඔහු කරා ආවා. සමහර වෙලාවට ඔහු විසින්ම කොළඹින් මේවා අරගෙන ආවා. එහෙමත් නැත්තං කොළඹ යන වෙනත් කෙනෙකු මාර්ගයෙන් ගෙන්වා ගත්තා.
සිරා කොලුවට යමක් කමක් තේරෙන වයසෙදි මම දැක්කෙ සීයගෙ පළතුරු කඩේ ගොඩගහලා තියෙන පළතුරු ගොඩවල්. සමහර වෙලාවට කඩේ ඇතුලෙම පළතුරු කළුවෙලා, වේලිලා අවසන් ගමන් ගියා. ගණුදෙනුකරුවො කොච්චර හෙට්ටු කලත්, මොන තරම් අඳෝවැඩියා කිව්වත් සීයා තමන්ගෙ ගාන අඩු කලේ නෑ. ඒ ගානට විකුණන්න බැරිවෙලා කුණුවෙලා ගියත් කමක් නෑ. ඔහු එහෙම හිතන්න ඇති. මාටින් මුදලාලි බොහොම සෘජු චරිතයක් කියලා මම ලිපිය ආරම්භයේම කිව්වෙ ඒ නිසයි.
නෝනා මේ, ගන්නෙ නැත්තං ඔබා ඔබා බලන්නෙ නැතුව යන්න...
තමන්ගෙ අඹ ගොඩෙන් අඹ ගෙඩි කීපයක් ඔබ ඔබා බල බලා සිටින නෝනෙක් දැක්කම අපේ සීයා කිව්වෙ එහෙමයි. පාරිභොගිකයගෙ හැසිරීම අනුව ඔහු හෝ ඇය පළතුරු මිළදී ගන්නවද නැද්ද කියලා ඔහු දැන උන්නා වෙන්න පුලුවන්.
වර්තමානයේ ලංකාවෙ ඉතාම ප්‍රසිද්ධ අංක එකේ සමූහ ව්‍යාපාරයක නැසීගිය හිමිකරුවා වගේම මූලාරම්භකයා, ඥාතීත්වයෙන් මගේ සීයාගෙ බාල සහෝදරයෙක්. ඔහුත් මාතර පළාතෙන් ඇවිත් ගෙන්දගම් පොළවේ පය තබපු කෙනෙක්.
තමන්ගෙ ව්‍යාපාර බොහොම සුළුවෙන් කෙරෙන කාලෙ ඔහුගේ තාවකාලික නවාතැන වගේම ආහාර සම්පාදනය සිදු වී තිබෙන්නෙත් ගම්පහ විජයාරාම පාරෙ පිහිටා තිබුන අපේ සීයගෙ නිවසින් , එහෙමත් නැතිනම් අම්මගෙ මහ ගෙදරින්. මගේ මෑණියන්ගෙ මව හෙවත් මාටින් මුදලාලිගෙ ප්‍රිය බිරිඳ කිරි අම්මා, මෙවැනි චරිත වලට අදෝවැඩියාවකින් තොරව බත් තම්බපු නිර්ලෝභී චරිතයක්.
අඩියෙන් අඩිය ව්‍යාපාරික ලෝකයෙ ඉහළට ගිය මේ මුදලාලි චරිතය මුලින්ම මිළට ගත්තෙ මොරිස් මයිනර් කාර් රථයක්. ඒ අවදියෙ තමයි ඔහු අවසාන වශයෙන් සීයගෙ නිවසෙ පස් පාගා තිබුනෙ. ලංකාවම හඳුනන ප්‍රසිද්ධ, ධනවත් ව්‍යාපාරිකයෙක් බවට පත් උනාට පස්සෙ ඔහු තමන්ගෙ ඥාතීන් තමන්ගෙ දෙපා මුලට ගෙන්වාගන්නා සිරිතකට පණ දී තිබෙනවා
කවදත් කෙලින් කථාවක් තිබුන අපේ සීයා හෙවත් මාටින් මුදලාලි බොහොම අවංකව කිව්වෙ බාලයා වැඩිමලා ලගට එනවා මිස, වැඩිමලා බාලයා ලගට යන සිරිතක් නෑ කියලා. ඔහු කවදාවත් තමන්ගෙ මලණුවන් කෙනෙකු වන මේ ධනවත් ව්‍යාපාරික තැන හමුවෙන්න ඔහුගේ දෙපතුල ළගට ගියේ නෑ, තමන්ගෙ දරුවෙක් යැව්වෙත් නෑ. ඔවුන්ට රැකියාවක් දෙන්න කියලා ආයාචනය කලෙත් නෑ . අපේ සීයා එදා ඊට වඩා වෙනස් ලෙසකින් හැසිරුනා නම් අද සිරා කොලුවත් මේ කියන දැවැන්ත ව්‍යාපාරික ජාලයේ ඉහළ කළමණාකාර තනතුරක ඉන්න ඉඩ තිබුනා.
මාටින් මුදලාලිගෙ පළතුරු වෙළඳ සැලේ කටයුතු සිදු උනේ ඔහුටම ආවේණික ක්‍රමයකට. කොපමණ හෙට්ටු කලත් තමන්ගේ මුදලට මිස ගණුදෙනුකරුවා ඉල්ලන මුදලට ගණුදෙනුකරන සිරිතක් ඔහුට තිබුනෙ නෑ. ඒ නිසාම බොහෝ වෙලාවට මුදල් දී ලබාගත් පළතුරු කඩය ඇතුලෙම කුණු උනා.
මෙවැනි පාඩු නිතරම සිදු වෙද්දි ඔහුට සිතුනා වෙළඳාමෙන් අයින් වෙලා කරත්ත රස්සාවෙ රහ බලන්න. නිවැසියන්ට කිසිම දෙයක් නොකියා දවසක් ඔහු හොර රහසේම තමන්ගෙ ව්‍යාපාරික ස්ථානයක් අත්පිට මුදලට විකුණලා තිබුනෙ ගොනෙක් සහ කරත්තයක් මිළදී ගන්නා අරමුණෙන්. නමුත් දුර දිග දකින මනා නුවනක් තිබුන අපේ මිත්තනිය, කිරි අම්මා එදාම ඒ මුදල රැගෙන කඩ කාමරය මිළදී ගත් ව්‍යාපාරිකයා මුණ ගැහිලා, ඔහුට නොවඳිනා වැඳුම් වැඳලා ආයෙමත් එය ලබා ගන්න සමත් වෙලා තිබුනා.
තමන්ගෙ පරම්පරාව අනුව වෙළඳාම ජීවනෝපාය කරගත්ත අපේ සීයා 1950 දශකයෙදි ආර්ථික තත්වය අතින් ඉහළ තැනක හිටියා කියන්න හරි අපූරු උදාහරණයක් තියෙනවා. ඔහු තමයි ගම්පහ විජයාරාම මාවතේ නිවෙසකට මිළදී ගත් පළමු ගුවන් විදුලි යන්ත්‍රයේ හිමිකරුවා. එංගලන්තයෙ එළිසබෙත් මහ රැජිනගෙ විවාහයේ විස්තර ගුවන් විදුලියෙන් අහ ගන්න ඒ පළාතෙ බොහෝ දෙනා මේ නිවසට මේ විවාහ උත්සවය පැවැත්වුන දවසෙ එක් රැස් වූ බවක් කිරි අම්මා ජීවතුන් අතර සිටි කාලයෙදි මා හට කියා තිබෙනවා.
සිරා කොලුවට දැනුම් තේරුම් තියෙන කාලෙ ඉඳලම අම්මගෙ මහ ගෙදර යන්න තිබුනෙ පුදුමාකාර කැමැත්තක්. අපේ සීයා වගේම කිරි අම්මත්, අම්මගෙ අයියා හෙවත් මාමගේ සමාගමයත් මගේ පුංචි හිතට එකතු කල චමත්කාරය ඉතාම ඉහළයි. ඒ නිවෙසට ගිය හැම වෙලාවකම අපේ සීයා තමන්ගෙ වියදමෙන් අපේ පුංචි බඩගෙඩි රසමසවුලෙන් පුරවන්න දැරුවෙ ලොකු මහන්සියක්. ඔහු අපට ආදරය දැක්වූවෙ ඉතාම නිහඩව බව තමයි මගේ මතකයෙ තියෙන්නෙ.
උදේම මාරකැට්ටුවෙ පළතුරු කඩයට යන සීයා, එතන කටයුතු අහවර කරලා හැන්දෑවෙ 5 - 6 වෙද්දි ආපහු නිවෙසට එන්නෙ පා ගමනින් පුංචි මල්ලකුත් එක උරහිසක දරාගෙන. නිවසට එදිනෙදා උවමනා අඩු වැඩිය හැංගිලා තිබුනෙ ඒ බෑග් මල්ල අස්සෙ. සීයා නිවසට ආවට පස්සෙ කිරි අම්මා හදලා දෙන තේ කෝප්පයකින් කාරිය සප්පායම් වෙලා ගෙමිදුල අමදින්න පටන් ගන්නවා. නිවෙසට පිටතින් තිබෙන පහන් පැලේ පහන දල්වන්නෙ හැමදාමත් එකම වෙලාවකට වගේ. මමත් , මයෙ මලයත්, අපේ මාමගෙ පුත්‍ර රත්නයත් එකට එකතු උනාම පුංචි පහේ වළියක් දෙකක් යන්නෙ කලින් සැලසුම් කරලා නෙමෙයි. එහෙම වෙලාවට අපේ සීයා, මාමගෙ පුත්‍රයගෙ නම පවසමින් ඒකාට ආඩපාලි කියන්නෙ මේකා තමයි මූලිකයා කියමින්. මේ සියලුම රාජකාරි අවසන් උනාට පස්සෙ විශාල වෑල් රේඩියෝව ලඟ ඉඳගෙන වෙළඳ සේවය සුසර කරන එක ඔහු නොවැරදීම සිදු කලා. මේ ගුවන් විදුලි යන්ත්‍රය මෑතක් වනතුරුම යෙහෙන් වැජඹුනත් වර්තමානයේ එයට කුමක් සිදු වී දැයි මම දන්නෙ නෑ.
මා හට මතකයක් නැති වුවත් වතාවක් සීයගෙ සංවිධාන ශක්තියෙන් ගම්පහ ප්‍රදේශයේ දේශපාලන රැස්වීමක් පවත්වා තිබෙනවා. එදා මේ රැස්වීමට ප්‍රධාන කථිකයා විදියට සහභාගි වෙලා තියෙන්නෙ විජය කුමාරණතුංග මහතා. ඔහුව බුලත් හුරුල්ලක් දී පිළිගෙන ඇත්තෙත් අපේ සීයා විසින්. පුංචි සිරා කොලුවා කිරි අම්මගෙ අතට වෙලා මේ රැස්වීම දිහා බලාන ඉඳලා තියෙන්නෙ විජයව දැකගන්න ආව මහ සෙනග අස්සෙ රැස් කමින්. එදා ඒ මහ සෙනග අස්සෙ උන්න මදාවියෙක් සිරා කොලුවගෙ පංචායුදේට වග කියලා.
පුංචි සිරා කොලුවා සීයගෙ පළතුරු කඩේට යන්න ලැබුන අවස්ථා වලදි එහෙ ගියෙ බොහොම ආශාවෙන්. එහෙම ගිය දවසක, සීයා කිරි තේ එකක් අරගෙන එන්න මාව කඩේ මුදලාලි කරලා ගිය අල්ල පනල්ලෙ මම පුංචි ගණුදෙනුවක් කරලා ඉතිරි මුදල් නිවැරදිව ලබා දුන්නා. සීයා ආවෙ කිරි තේ කෝප්ප දෙකක් සහ ආනමාළු කෙසෙල් ගෙඩිත් අරගෙන. මගේ කථාව අහපු උන්දැ බොහොම සතුටට පත් උනා. ඒ දවස තවමත් මගේ මතකයෙ ගැඹුරෙ නිරුපද්‍රිතව සටහන් වෙලා තියෙනවා.
අපේ මාටින් මුදලාලි සීයට තිබුනා බොහොම කැත පුරුද්දක්. ඒ තමයි කටේ තියෙන බුලත් හපේ සමගම නින්දට යාමේ පුරුද්ද. හුණු, දුංකොල එක්ක ඒදන මේ බුලත් විඩේ රස ඔහුට දිනපතා බලන්න ඕනෙ. හැබැයි නින්දට පෙර ඉවත් කරන පුරුද්ද හුරු කරන්න කිසිම කෙනෙක්ට හැකියාව ලැබුනෙ නෑ
මේ විදියට බුලත් විට කෑමේ ප්‍රතිඵලයක් විදියට අපේ සීයගෙ තොල් වල පිළිකා තත්වයක් ඇති උනා. එයට ප්‍රතිකාර කරන්න ඔහුව මහරගම පිළිකා රෝහලේ නැවැත්තුවා. සිරා කොලුවගෙ අම්මා, එයාගෙ අයියා, සහ නංගි ගම්පහ සිට මහරගමට දිනක් හැර දිනක් යමින් සීයගෙ සැප දුක හොයලා බැලුවා.
විශේෂඥ දොස්තර මහත්වරුන්ගෙ නිර්දේශ අනුව සැත්කම් දෙකක් සීයට කරන්න නියම උනා. පළවෙනි පියවර යටතේ කලවයෙන් ලබාගන්න පටක යොදාගෙන ඔහුගේ මුඛය සම්පූර්ණයෙන්ම වසා දමන්නට තීරණය කලා. ඒ කාලසීමාවෙදි ඔහුට දියරමය ආහාර පමණක් ලබාගන්නට කුඩා බටයක් ස්ථිර ලෙස මුඛයේ රඳවා තිබුනා. දෙවැනි සැත්කම යටතේ පෙර පරිදි මුඛය නැවත් සකසන්නට තීරණය වී තිබුනා.
මේ ප්‍රතිකාර ආරම්භ කරන්න කලියෙන් දවසක සිරා කොලුවගෙ අ.පො.ස සා/පෙ ප්‍රතිඵල පිට උනා. මෑණියන් සමග සීයව බලන්න මහරගම ඉස්පිරිතාලෙ ගිය දවසක ඔහු තමන්ගෙ වේදනාව යටපත් කරගෙන මගෙන් ඇහුවෙ විභාගෙ සමත් උනාද කියලා ? මම ඔව් කිව්වම ඒ අසරණ මුවේ නැගුන මන්දස්මිතිය මට කිසිදාක අමතක වෙන්නෙ නෑ. මෙදා පාර අලුත්අ වුරුද්දට මට ඉන්න වෙන්නෙ ඉස්පිරිතාලෙ. ඔහු බොහොම දුක්බරව කියපු ආකාරය මට හොඳින් මතකයි.
ඊට පස්සෙ සිදුවුනේ බොහොම ශෝචනීය සිදුවීමක්. ගම්පහ සිට මහරගමට තියෙන දුර ප්‍රමාණය වැඩි නිසා සීයා බලන්න ගෙදරින් නිවැසියො ගියේ දවසක් හැර දවසක්. එලෙස ගිය දවසක සීයා තමන්ට අදාළ ඇදේ දකින්න සිටියෙ නෑ. වැඩිහිටියන් ඔහු පිළිබඳ රෝහල පුරාම හෙව්වත් ආරංචියක් ලැබුනෙ නෑ
ඉස්පිරිතාලෙන් පැනලා යන්න ඇති. අදාළ බලධාරීන් එහෙම කිව්වා. ඒත් ආහාර ගන්න ඒ වෙද්දි කටක් නැති නිසා ඉස්පිරිතාලෙන් එළියට ගියාට ජීවත් වෙන්න නම් අමාරුයි.
ඔයින් මෙයින් සීයගෙ රූපකාය අවසන් වශයෙන් දකින්නට අවස්ථාවක් නොදීම ඔහු අතුරුදහන් උනා. කිරි අම්මා අංජනම් බලන, සාස්තර කියන තැන් වල හරියට රස්තියාදු උනා. ගෙදර එන්න කියලා ඉස්පිරිතාලෙන් ආවට මඟදි පාර වැරදිලා. සමහර අය අංජනමෙන් බලලා එහෙම කිව්වා. සීයගෙ දරුවො පොලීසියෙන් පුවත් වලට කියන නාඳුනන මළ සිරුරු හඳුනා ගන්න ගියා. එහෙත් අද වෙනතෙක් ඔහුව නැවත හොයාගන්න අපිට හැකි උනේ නෑ.
සීයගෙ වියෝවෙන් පස්සෙ දැන් වසර 18 ක්ම ගෙවිලා. මේ කාල සීමාව ඇතුලෙ මොන තරම් දේ අපේ ජීවිත වලට එකතු උනත්, සීයගෙ කුණුවෙමින් යන පළතුරු ගොඩක් අස්සෙ ඉඳගෙන කිරි තේ බිව්ව අතීතය මගේ හිතට තවමත් මිහිරක් කාන්දු කරනවා. සීයගෙන් පස්සෙ ඔහුගෙ කඩ පිළිබඳ හිමිකම ලබාගත්ත අපේ අම්මගෙ නංගි ඒවා තවත් පාර්ශවයකට කුලියට දී තිබෙනවා. මේ ස්ථානයෙන් අහම්බෙන් යන දවසක මට නොවැරදීම සීයගෙ කඩේ දිහාට මගේ ඇස්ගෙඩි කරකැවෙනවා. පුංචි වෙලාවක් හරි ඒ ඉදිරිපිට නැවතී බලාන ඉන්න හිතෙනවා. දැන් කඩය පවත්වාගෙන යන කෙනා පළතුරු වෙනුවට එළවළු විකුණන කෙනෙක්. ඔහුගේ එළවළු බක්කි අතරින් සීයගෙ පළතුරු ගොඩවල් සිහියට එද්දි ඔහු වෙනුවෙන් උපදින කදුලක් හැමදාමත් මගේ ඇස් අග රැදෙනවා.
ප.ලි
මේ ලිපිය සමගින් සිරාගේ කාමරයේ පල වූ සමස්ත ලිපි සංඛ්‍යාව 250 කඩඉමට ලඟා වූවේය.
ඊයේ දිනයට සිරාගේ කාමරයේ 4 වෙනි සංවත්සරය යෙදී තිබුනි. ඔබත් මමත් අතර මේ බැඳීමට දැන් වසර 4 කි.

මම කාමරේ අරින සිරා කොලුවා.
ප.ලි
මේ ලිපිය සමගින් සිරාගේ කාමරයේ පල වූ සමස්ත ලිපි සංඛ්‍යාව 250 කඩඉමට ලඟා වූවේය.
ඊයේ දිනයට සිරාගේ කාමරයේ 4 වෙනි සංවත්සරය යෙදී තිබුනි. ඔබත් මමත් අතර මේ බැඳීමට දැන් වසර 4 කි.
සිරාට සිරාවටම සුබ පැතුම් සිව් වසරක දිගු ගමනට. තව තවත් සතර අතේ විහිඳෙන අදහස් සකසුරුවමින් පිළිවෙලට බොහෝ කල් අප වෙත ගෙන එන්න ලැබේවා..
ReplyDeleteසීයගේ අතුරුදන් විම නම් හිතේ ගොඩක් දේවල් ඉතුරු කලා.. මට මතක් උනා ඔශින් වල රූසෝගේ අන්තිම දවස ඔහු ඔශින් දිහ හැරිල බලල ගිය විදිහ..
Congratulations
Deleteඔබ දෙපලටම බොහොම ස්තූතියි. තමන්ගෙ පවුලට නියම විදියට යුතුකම් ඉටුකරපු අපේ සීයාට මේ වගේ ඉරණමක් අත්වේවි කියලා අපි කවදාවත් හිතුවෙ නෑ. ලෝකයේ ස්වභාවය එහෙම තමයි. අපි හිතන දේම වෙනවා නම් ඉපදීම දුකක් වෙන්නෙත් නෑනෙ.
Deleteඒ ගානට විකුණන්න බැරිවෙලා කුණුවෙලා ගියත් කමක් නෑ./// අද කාලෙනම් මේ කුණු වූ ඒවලින් ෆලූඩා හදනවා නේද
ReplyDeleteහදනවද කියලා මම නම් දන්නෙ නෑ. මොකද මම ෆලූඩා බොන තැන්වල කුණු පළතුරු නෑ.
Deleteඇමරිකාවේ එහෙමද හදන්නේ?
Deleteසිව් වසරට සුභපැතුම් සිරා....
ReplyDeleteසීයාගේ අතුරුදහන් වීම නම් හරිම කනගාටුයි... එහෙම උනේ නැත්නම් තව ගොඩක් දේ මේ ලිපියේ ලියවෙන්න තිබුනා....
සුන්දර අතීත මතකයන්.....
ස්තූතියි නිර්මාණි...ඔබේ වදන් මට සවියක්.
DeleteObe bohomayak lipi wagema me lipiyath ithama sundara hangumbara ekak!Apooruruwata liyalath thiyanawa!
ReplyDeleteස්තූතියි මිත්‍රයා. සමහර වෙලාවට සිරාගෙ කාමරේ දොර ඇරලා සිරා කොලුවා ලියන්නෙ අකුරු නෙමෙයි...හැගීම්...මේ ඒ වගේ තවත් දවසක්...
Deleteබොරු හතරවරන් නොගහා හතර අවුරුද්දක්, හිතට වදින යමක් ලියපු උඹට, තවත් දීර්ඝ කාලයක් ලියන්න, මගේ ආශිර්වාදය මෙන්න.
ReplyDeleteපරම්පරාවේ කතාව මෙහෙම සටහන් කිරීම, පරම්පරාවේ අනාගතය බාරගන්න ඉන්න එවුන්ට බලාගන්න හොඳ සටහනක්.
ජයවේවා!
හැමදාමත් හොඳ දේ හොඳ විදියට දකින විචාරක තුමාට මගේ ආචාරය...හැකි තරම් කාලයක් මේ කාමරේට වෙලා කියවන්න යන එන ඇත්තන්ට ලියන්නට හැකි නම් එය මහත් සතුටක් මට... ඔබටත් ජය !
Delete4 වෙනි වසරට සුභපැතුම්. අපි සෙනසුරාදා ගියා අපේක්ෂා රෝහලට තැඹිලි දානයක් දෙන්න.
ReplyDeleteඑකට ගියාම සංසාරේ කලකිරෙනවා
අපේ ජීවිත ගැන හොඳ අවබෝධයක් ගන්න පුලුවන් එක් දිනක් හරි පිළිකා රෝහලට ගියොත්...වේදනාව, අපේක්ෂාභංගත්වයට පත්වුන මුහුනු එතන ඉතාම සුලභයි. ඉතාම අගය කරනවා ඔබේ පුණ්‍ය ක්‍රියාව පූසො.
Deleteඔබේ සීයා වැනි ශක්තිමත් සිත් ඇති අය අන් අයට කරදරයක් වන සේ සිටීමට අකමැතියි. එම නිසා ඔහු රෝහලෙන් පිටවෙන්න ඇති. මෙවන් පුද්ගලයෙක් මගේ ඥාතීන් අතරත් සිටියා. එම නිසා මාටින් සීයාගේ ගේ චරිතය මට හුරුයි.
ReplyDeleteපෝස්ට් 250, වසර හතර සහ හිට්ස් ලක්ශ 6 ත්‍රිත්වයට සුභපැතුම්.
මටත් හිතෙනවා ඔහු ඒ විදියට රෝහලෙන් පිටමං උනේ කාටවත් කරදරයක් වෙන්න තියෙන අකමැත්තටදෝ කියලා..
Deleteස්තූතියි සුභ පැතුමට..
අපේ සීයාත් (අම්මගේ තාත්තාත්) මාටින් කෙනෙක්.. හැබැයි බොහොම දුර්වල කෙසඟ ශරීරයක් තිබ්බ ඊට හාත්පසින්ම වෙනස් තද හිතක් තිබ්බ කාටවත් කරද්දරයක් නොවී ජිවත් වෙච්චි චරිතයක්.. මට මතක බොහොම පොඩි.. අහපු දේවල් තමයි වැඩිපුර..
ReplyDeleteපෝස්ට් 250 ටත් අවුරුදු හතරටත් උණුසුම් සුභ පැතුම්! දැන් කාරනා කීපයක්ම යෙදුනා තාම සමරන්න බැරි උනාට.. හෙක්..
කමිව තවම මට මුලිච්චි වෙලාම නෑ නොවැ. අර තියෙනවා කිව්ව ඒවා අඩු උනාම අපි සව්දිය පුරමු....ස්තූතියි.
Deleteපෝස්ට් 250ට, අවුරුදු හතරට සුබ පැතුම් සිරා. බුදු අම්මෝ... මට මේ තියෙන කම්මැලිකොමේ හැටියට සිරා කොලුවො, ඔයා පෝස්ට් 250ක් ලිව්ව කිව්වම...! අම්මප මටනං ඔයා පොරක් ඈ.
ReplyDeleteමගෙ කැම්පස් එකේ යාලුවගෙත් සීයා මේ කියනව වගේ මාතරින් ගම්පහට ආපුකෙනෙක්. එයත් කියනව ගම්පහ ඉන්නව කියල සෑහෙන්න මාතර කස්ටිය
අවංකව කියනවා නම් මේ ලිපි 250 ම අකුරු කලේ මා උනාට ලිපි සියල්ලම රචනා කලේ මම නෙමෙයි. විවිධ අය විවිධ කාල වලදි සිරාගෙ කාමරේට ලිපි ලියා තිබෙනවා. මම 200 කට වැඩි සංඛ්‍යාවක් ලිපි තනිව ලියා තිබෙනවා.
Deleteමම උ/පෙ කරන කාලෙ ගම්පහ නගරය පිළිබඳ ව්‍යාපෘතියකට කරුණු එකතු කලා. අන්න එතැනදි තමයි ඔය 80 % කථාව මුලින්ම දැනගන්න ලැබුනෙ. ඉස්සර ලංකාවෙ බුලත් වෙළඳාමෙ මධ්‍යස්ථානය වෙලා තියෙන්නෙ ගම්පහ. ඉතින් බුලත් වෙළඳාමෙ ආපු අය තමයි මුලින්ම ගම්පහ නතර වෙන්න කල්පනා කරලා තියෙන්නෙ.
සුභ පැතුම් වලට අක්මාවෙන්ම ස්තූතියි...
සුභ පැතුම්.
ReplyDeleteසුල්තානාගොඩ නම හැදුනේ කොහොමද?
ස්තූතියි ප්‍රා
Deleteනම හැදුන හැටි නම් මම දන්නෙ නෑ. විශ්වාස කරන්න මම කවදාවත් සුල්තානාගොඩ ගිහින් නෑ.
අවුරුදු 4 ට, පෝස්ට් 250 ට, හිට්ස් ලක්ෂ 6 ට යන තුනටම සුබ පැතුම් !!
ReplyDeleteඔය වගේ දැඩි සිත් තියෙන, කාටවත් කරදරයක් නොවී ජීවත් වෙන්න කැමති චරිත තියෙනව. ගොඩක්ම දකුණෙන් ආපු කට්ටිය.
ස්තූතියි ගොඩකවෙල් චණ්ඩි අයියා. සිරාගෙ කාමරේ යාවජීව සාමාජිකයෙක් නොවැ බොලා. අපේ සීයා කාටවත් ඔලුව පාත් කරපු කෙනෙක් නෙමෙයි. සමහරු නම් කිව්වා ආඩම්බර කාරයෙක් කියලා. ඒත් සීයගෙ ආත්ම අභිමානය ඒ විදියට ඉන්න එකෙන් රැකුනා කියලා අද මට හිතෙනවා.
Deleteගොඩකවෙල අයියා චණ්ඩිද සිරා... පෙනුමනම් අහිංසක වගේ..
Deleteගොඩකවෙල අයියා දිය යටින් ගින්දර ගෙනියන්නෙ...සෙල්ලං පොරක් නෙමෙයි...කොන්ක්‍රීට් බාස් කියලා ගමේ අය කියන්නෙ.
Deleteසිරාගෙ රසිකයෙක් විදිහට, ඔබට උනුසුම් සුබපෑතුම්. මන් සිරාගෙ කාමරෙට ඈවිත් මාසයක් වත් නෑ, ඒත් අගනා ලිපි ගොඩක් තියනවා. මෙ ලියවිල්ල නවත්වන්න නම් එපා. මටනම් මෙ ලිපි කියවිම හරහා මගෙ ජිවිතේ ගෑන වෙනදාට වඩා වෙනස් විදිහට බලන්න පුරුදු උනා. එ වගෙම රෑකියාවෙන් ලෑබෙන අමිහිරි අත්දෑකිම්, ජීවිතෙන් ලෑබෙන අත්දෑකිම් පිලිබද උපේක්ශාවෙන් මෙන්ම, දනාත්මකව සිතන්නට , ශක්තිය ලෑබෙන ශක්ති ජනක පානයක් වගෙ.
ReplyDeleteබොහොම ස්තූතියි ඔබේ අදහසට. නිර්ව්‍යාජ පාඨක අදහස් සිරා කොලුවට හැම විටම ශක්තියක්. හැකියාව ඇති තාක් කල් කියවන ඔබ වෙනුවෙන් ලියන්නයි දැන් මම හිතාන ඉන්නෙ. මගේ ලියවිලි වලින් ඔබේ එදිනෙදා ජීවිතයට යම් පිටුවහලක් ලැබෙනවා නම් එයම මහත් සතුටක්.
Deleteඅපි ගොඩාක් ආදරය කරන කෙනෙක් මේ වගේ හිටි ගමන් අතුරුදහන් උනාම කොච්චර වේදනාවක් දැනෙනවාද .සීයාගෙ අවසාන කාලය කොහොම ගෙවෙන්න ඇතිද. බොහොම සංවේදී හිතක් ඇති කෙනෙක් විදියට සිරාට මේ දේවල් බොහොම දැනෙනවා ඇති.
ReplyDeleteසියළු රසයන්ගෙන් අනූන සිරාගෙ අවුරුදු හතරක ලියවිල්ලට සුබ පැතුම් !!
සීයා පළමු සැත්කමෙන් පස්සෙ ගොඩාක් මානසිකව පිරිහිලා ඉන්න ඇති. ඒ පරිසරයෙදි දුක් විදින අය විතරයි දකින්න හිටියෙ. කවදාවත් සිංහල අලුත් අවුරුද්දකට නිවසින් වෙන්වෙලා ඉඳලා පුරුද්දක් නැති ඔහුට පවුලේ කෙනෙකු ලග නොසිටීම විශාල මානසික පීඩනයක් ගෙන එන්න ඇති.
Deleteසිරාගෙ කාමරයට නිතර ගොඩ වදින කෙනෙක් විදියට ගිම් ගෙ ප්‍රාර්ථනාවට බොහොම ස්තූතියි...
අගනගරය හා ආසන්න නගරවලට අතීතයෙ දකුණෙන් ගිහින් දියුණුවෙන් දියුණුවට ගිය හුඟක් අයගෙ කතා මම කියවල තියෙනව. දකුණෙ මිනිස්සු වෙළඳාමට සූරයිලුනේ. දැන්නම් කොහොමද මන්දා.
ReplyDeleteහතරවෙනි සංවත්සරේට වගේම ලිපි 250 කඩඉමටත් සුබපැතුම් සිරා. කොහොමද ඉතිං දැන් උඹේ අලුත් ව්‍යාපාර කටයුතු.
මගේ අඩවිය ආරම්භ කරපු මුල්ම කාලෙ ඉඳලම සිරා කොලුවට හයියක් වෙච්ච බොලාව දැකීම සතුටක්. දකුණෙ මිනිස්සු වෙළඳාමට සූරයි...ඒ වගේම කපටියි කියලනෙ කියන්නෙ. අර ඇස් ඇරපු පූස් පැටියෙක් පාලමෙන් මෙහා පැත්තට ගේන්න එපා කියන ප්‍රසිද්ධ කියමන බොලා අහලා ඇති නොවැ.
Deleteස්තූතියි DDT යො...උඹේ ප්‍රාර්ථනාවට...
පෝස්ට් 250 ට උණුසුම් සුබ පැතුම්...
ReplyDeleteසංවේදී සහ දුක්බර අවසානයක්...
ස්තූතියි ලොකු පුතා...මගේ ගොඩාක් කථා වල දුක කියන්නෙ හරිම සුලභ දෙයක්.
Deleteසීයා ඉස්පිරිතාලෙට ගිහිලා සුව වෙන්න පුළුවන්ද කියලා සටනක් දුන්නා.ඔහුට කලින්ම දැනෙන්න ඇති අවසානය කොහොමද කියලා.
ReplyDeleteකණගාටුයි.
අවුරුදු 4 ට, පෝස්ට් 250 ට, හිට්ස් ලක්ෂ 6 ට යන තුනටම සුබ පැතුම් !!
ජයවේවා..!!
සිරා කොලුවා ඉතින් අද වගේ අත්දැකීම් තියෙන මිනිහෙක් නොවෙයි නොවැ එදා...සීයාගෙ මානසික මට්ටම බොහොම පිරිහිලා ඉන්න ඇත්තෙ. ඔහුගෙ පවුලෙ කිසිවෙකු ඒ ගැන හිතන්න නැතුව ඇති. නිවසේ කිසිවෙකු නොදැක ගත වෙන එක දවසත් ඔහුට ලොකු පීඩනයක් වෙන්න ඇති. ඊට අමතරව ඔහුට විඳින්න උන ශාරීරික පීඩාවන්, වේදනාවන් එක්ක ජීවිතයෙන් සමුගන්න තියෙනවා නම් සැපක් කියලා හිතෙන්නත් ඇති.
Deleteප්‍රාර්ථනාවන්ට ස්තූතියි ගස් ලබ්බො...
සිරා අයියට උණුසුම් සුබ පැතුම්...!!
ReplyDeleteස්තූතියි මලයා...
Deleteසුබ පැතුම් සිරා.පෝස්ට් 250,වසර හතරක්,හිට්ස් ලක්ෂ 6 ක්. සමරන්නම දේවල් නේද?
ReplyDeleteඒ දේවල් බ්ලොග් ලියන්න ආව මුල් කාලෙ නම් ගොඩාක් තදින් දැනෙන්න තිබුනා. ඒත් අද මම බ්ලොග් දිහා බලන විදිය අනුව මේ තවත් එක් කඩඉමක් පමණයි වැනි උදාසීන හැගීමකින් ඒ දෙස බලන්නෙ. ස්තූතියි හැලපයියා...
Deleteඇත්තටම සීයට මොකද වෙන්න ඇත්තේ කියලා හිතට කුතුහළයක් ආවේ. ඒත් මොනවා කරන්නද. කාලය හුඟක් රහස් හංඟගන්නවා කියනවනේ.
ReplyDeleteඅවුරුදු 4ට වගේම පිලි 250ට උණුසුම් සුබ පැතුම්. කාලය සෑහෙන්න ඉක්මනට ගෙව්ලා ගිහින් නේද. තාම හරියට අද ඊයේ වගේ. දිගටම ලියමු. ජය....
කාලය නොදැනීම ගෙවිලා...හිතන පතන විදියෙ විතරක් නෙමෙයි. අපේ සම්බන්ධතා වල පවා මොන තරම් වෙනසක් තියේද...
Deleteපෝස්ට් 250ට, අවුරුදු හතරට සුබ පැතුම්..
ReplyDeleteසීයා ගැණ කනගාටුයි. ඒත් තමන් ආදරය කරන කෙනෙකුගෙ අන්තිම මතකය එයා සතුටින් හිටපු වෙලාවක් වෙනවට මම කැමතියි.
// මෑණියන් සමග සීයව බලන්න මහරගම ඉස්පිරිතාලෙ ගිය දවසක ඔහු තමන්ගෙ වේදනාව යටපත් කරගෙන මගෙන් ඇහුවෙ විභාගෙ සමත් උනාද කියලා ? මම ඔව් කිව්වම ඒ අසරණ මුවේ නැගුන මන්දස්මිතිය මට කිසිදාක අමතක වෙන්නෙ නෑ.//
මම හිතන්නේ මේ සීයා ගැන අන්තිම මතකය වෙන්න ඇති.
ඔව් ඔබ නිවැරදියි...ඒ සීයව දැක්ක අන්තිම වතාව...එදා දැනගන්න ලැබුනා නම් මේ අන්තිම වතාවටයි අපි වෙන් වෙන්නෙ කියලා...ඇඳ ලගටම වෙලා ඉන්න තිබුනා. ස්තූතියි ප්‍රාර්ථනාවන්ට...
Deleteසිව්වස් සංවත්සරයට සහ පෝස්ට් 250 ට සුබ පැතුම්...
ReplyDeleteපරම්පරාවකට අඩිතාලමක් ගොඩ නගපු මහා පුරුෂයෙකුගේ නික්ම යාම සිද්ධ උන විදිය ඇහුවම හිතේ ඇතුළෙන්ම වේදනාවක් දැනුනා...ඔබේ සීයා ස්වාධීන හිත ශක්තිමත් කෙනෙක් විදියට තව කෙනෙකුට බරක් වෙලා දුක් විඳිමින් ජීවත් වීමෙන් පලක් නැහැ කියා සිතන්නැති...
අපි ජීවිතේ කොයි තරම් සැලසුම් සහගතව ජීවත් උනත් අවසානය බොහෝ අනපේක්ෂිත විය හැකියි...ඒ තමයි ජීවිතය...
බොහොම සංවේදී සටහනක්...
ස්තූතියි...
Deleteසීයලගෙ පරම්පරාවෙ අතරින් පතර ඉතිරි උන චරිතයක් දෙකක් දැක ගන්න පුලුවන් අද සමාජයෙ. ඔවුන්ගේ සිතුම් පැතුම් රුචි අරුචි කම් අද සමාජයත් එක්ක ගොඩාක් වෙනස්.
අවුරුදු හතරක බ්ලොග් ලියවිල්ලට සුභ පැතුම් මලයා !!!!!
ReplyDeleteබ්ලැක් ඕපල් සෙලිබ්‍රෙට් එකක් දාමු නේද ?
මාටින් මුදලාලි ගැන මතකයක් මටත් තියනව. මාටිං මුදලාලි රෝහලෙන් අතුරුදහන් වෙච්චි කාතාවත් මතකයෙන් ආයෙ අලුත් උනා.
ආයෙ වෙලාවක වෙලක් අද්දර රථය නවත්තගමු. එදා වගේ භාග දෙකක් නැතුව එක සැරේම බෝතලයක් ගමු. එහෙම හොඳයි නේද ?
Deleteස්තූතියි...ඔබට ජය !
අවුරුදු හතරක් කියන්නේ සෙල්ලං ද!!!
ReplyDeleteසීයාගේ කතාවනම් හරිම ශෝකනියයි. අපේ මිනිස්සු අතරේ හරි අපූරු සිරිත් විරිත් තමයි තිබුනේ...
අපේ සීයා තමන්ගෙ මතයම හරි කියලා හිතාන උන්න ටිකක් වෙනස් කෙනෙක්.
Deleteලගදී බ්ලොග් ලෝකෙට ආවට, මං හිතන්නේ ඔබතුමාගේ ලිපි සේරම මං කියෙව්වා. ජය වේවා !!!
ReplyDeleteතවත් දිගු ගමනකට සුබ පැතුම්.
වැඩිහිටියන්ගේ අතීත කතා, බොහොම රසවත් නේද.....
ඔබේ හෘදයාංගම වදන් වලට මගේ ස්තූතිය නගෝ.
Deleteඅපි දැක්ක අතීතය අද ඒ විදියට දකින්න නැතිකොට බොහොම රසවත් මාතෘකාවක්.
වසර 4 ක බ්ලොග් දිවිල්ලක්. සෙල්ලම් නෑ. සුබ පැතුම් සිරා මල්ලි.
ReplyDeleteස්තූතියි ලොකු අයියෙ...
Deleteමම හහාපුරා කියලා කියවපු බ්ලොග් එක සිරාගේ බ්ලොග් එක තමයි.මේ කඩයිම් වලට සිරාට සුබ පැතුම් !
ReplyDeleteඒ් මචං. හනිමූන් ෆොටෝ නැද්ද...?
Deleteතියෙනවා බං,හැබයි කොටු කොටු තමයි තියෙන්නේ.:D
Deleteඅඩේ මනෝජ් කොලුවා අමාරුවෙ වැටුනද ? දැන උන්නෙ නෑ බං...මගේ අක්මාවෙන්ම සුභ පැතුම්...
Deleteසිරාගේ අක්මාවේ සුබ පැතුම මම අග්න්‍යාශයෙන්ම පිලිගන්නවා.ඒ වගේම මේවැනි අමාරුවක නුදුරේදීම සිරාද වැටෙවායි බොක්කෙන්ම ප්‍රර්ථනා කරනවා. !
Deleteඅපේ ගෙදර ඇත්තො සිරා කොලුවව අමාරුවෙ දාන්න තමයි මේ දවස් වල වෙහෙසෙන්නෙ.
Deleteඋඹෙ 250 ට සහ අවුරුදු 4 ට, ඊටත් වැඩිය ලක්ෂ හයට යටිපතුලෙම්ම සුභපතනව මචං...!
ReplyDeleteමමත් දැකල තියෙන්නෙ අම්මගෙ පැත්තෙ සීය විතරයි. සුවාතගෙ පුතා වෙච්ච විලියොං අාත මොනවගේ ද කියල දැකගන්න පොටෝ ඒකක්කත් නෑ කියහංකො.
මාටිං මුදලාලි ගැන දුකයි වගේම අාඩම්බරයි කියලත් කියන්න පුලුවං. කෙලිං හිටිය චරිතයක්. හරියට මහල්ලා සහ මුහුද පොතේ වගේ.
බොලාට කියන්නෙ ඩ්‍රැකියො..අපේ මේ සීයගෙ තිබ්බ පුරුද්ද නිසා අදටත් අපි එයාගෙ පාර්ශවයෙන් කිසිම කෙනෙක් එක්ක ඥාති සම්බන්ධතා පවත්වන්නෙ නෑ...සුල්තානාගොඩ අපේ නෑදෑයො ඇති. ඒත් කවදාවත් දැකලා නෑ. ඒ පවුල් වල ලස්සන කෙලියොත් ඇති බොලං...වාවන්නෙ නෑ සිහිවෙද්දි...
DeleteCongratulations for the achievements sira.
ReplyDeleteස්තූතියි ලොකු මාමෙ....
Deleteඅන්තිම හරිය කියවද්දි ඇහැට කඳුලක් ආවා සිරා. ඒක හරිම පුදුම වෙන්වී යාමක්.
ReplyDeleteසිරාට සුභ පැතුම්.
ඔව්...අපි ඒකට කියමු අසම්මත වෙන් වීමක් කියලා...
Deleteස්තූතියි හරී.
nawaloka mudalali neda?
Deleteමගේ සීයා නවලෝක මුදලාලි නෙමෙයි. නවලෝක මුදලාලිට ඥාතිත්වයක් තිබූ කෙනෙක්.
Deleteහතරවන සංවත්සරයට සුභ පැතුම් සිරා.
ReplyDeleteමේ කතාව මම අහලා තියෙන අද්භූතම කතාවක්. කටක් නැතුව ඉස්පිරිතාලෙන් පැනලා ගිය කෙනෙකුගේ ජීවිතය කොහොම වෙන්න ඇතිද කියලා මම තවම හිතනවා.
ස්තූතියි ඩියුඩ් අයියා...4 වෙනි වසරට පා තබන වෙලාවෙත් ඔයා ඇදලා දුන්න චිත්තරේ මට අමතක වෙන්නෙ නෑ.
Deleteකිසිම ආහාරයක් හපලා කන්නට බැරි තත්වයකදී තමයි මේ අතුරුදන් වීම උනේ. රෝහලෙන් පිට එවැන් කෙනෙක්ට ජීවත් වෙන්න අමාරුයි.
my congratulations brother. keep going. carry on putha carry on.
ReplyDeleteස්තූතියි සහෝදරයා...Keep in touch....
Deleteබොහොම සතුටින් මුල හරිය කියවමින් මගෙත් අතීත මතක අස්සේ සැරිසරමින් ඉඳල අවසානයේ පොළොවට වැටුනා .කවදත් වගේ සිරාගේ කතා දුක සැප දෙක අතර බැරෑරුම් වංගු සහිතයි.
ReplyDeleteසීයා හවස ඇවිත් මිදුල අතු ගානවා කිව්වම මට මතක් වුනේ ඇත්තටම අපේ පැරණි සමාජයේ ස්වාමියා බිරිඳ සමග ගෙදර වැඩ බෙදා හදාගෙන තියෙන හැටි.පිරිමි කන්තෝරු රස්සාවලට පුරුදු වුනාට පස්සේ වෙන්න ඇති ගෙදර වැඩ වලින් ඈත් වුනේ.අපේ ආතලා ගැනත් මට මතක එහෙමයි. බිරිඳට උදව් කරන එක බටහිරින් ආපු අලුත් සංකල්පයක් නෙවේ කියන්න අපේ ආතලා හොඳ උදාහරණ.
සීයා රෝහලින් පැනලා යද්දී මොන විදියට හිතා ඉන්න ඇත්ද. ආපහු ගෙදර යන්න හිතන්න ඇති කියලයි මම හිතන්නේ. වයස අය හිතන්නේ තමන්ගේ ගෙදර මැරෙන එක තමයි හොඳ කියල. අපේ ආතා ආච්චි නැති වුනහම මහගෙදර හිටි මාමයි නැන්දයි එක්ක පොඩි පොඩි හිත් අමාරු ඇති වුනහම වෙන ළමයෙක්ගේ ගෙදර යනවා. අපේ දිහාත් හිටියා. හැබැයි සතියෙන් දෙකෙන් ආපහු යනවා . හෙමින් හෙමින් හැරමිටිය ගගහ හන්දියේ කඩේට යන එක එතනදී සම වයසේ අය එක්ක කතා බහ කරන එක ඔහුට උවමනා වුනා.දැන් මට හොඳට එය තේරෙනව. අපිත් මොනතරම් ආසද අපේ පරණ යාළුවො හමුවෙන්න.පරණ දේවල් කතා බහ කරන්න.
එහෙම ආපහු මහගෙදර ගිය දවසක රෑ නින්දෙන්ම සාමකාමී ලෙස දෑස පියාගෙන තිබුණ.හරියට මිය යන්න ආපහු ගෙදර ගියා වගේ.වෙන ගෙදරකදී මිය ගියා නම් එය අසම්පුර්ණ මරණයක් ලෙස සිතුවා වගේ.
බින්දි අක්කා බොහොම සංවේදී විදියට එකතු කරපු කමෙන්ටුවක් බව පේනවා. ඒ පේලි කීපය රචනා කරන අතරෙදි ඔබේ හිත ඔබව අතීතයට රැගෙන ගොස් ඇති හැඩයි. මගේ පියාගෙ පියාට රට පුවක් ගෙඩියේ තරමට ගැට ගහපු කොණ්ඩ ගෙඩියක් තිබුනා යන්තමට මතකයි. ඔහු මියපරලොව ගියේ මට වයස අවුරුදු 5 දි.
DeleteSuba pathum sirata.........👍
ReplyDeleteස්තූතියි ගයාන්...
Deleteසීයගේ පලතුරු වෙලදාම ට කැමති කිහිප දෙනෙක් හරි ඉන්නට ඇති.ඒකනේ ඒ බිස්නස් එක නැවතුන් නැතුව ගියේ..
ReplyDeleteඅනිවාර්යෙන්ම...ඒ නිසා තමයි ඔහු දිනපතාම තමන්ගෙ වෙළඳ සැල විවෘත කරන්න ඇත්තෙ.
Deleteඅඩේ..අවුරුදු 4 කින් නාකි උනාට සුබ පැතුම්.මට මගෙ අත්ත මතක් උනා බන්..පාන්දර 4 ට නැගිටලා කුබුරට ගිහින් ඒ වැඩ ටික කරලා ඇවිත් හවස 3 ට විතර පුරුදු විදිහට නිදා ගන්න අත්ත 1996.08.07 වෙනිදා ඒ නිදා ගත්ත නින්ද වෙනදා වෙලාවට නැගිට්ටෙ නැති හින්ද අත්තම්ම ගිහින් බලද්දි නිදි ඇදේම තීන්දු ගමන් ගිහින් තිබ්බ.හරියටම අවුරුදු 96 දි.කොහොම උනත් සිරාගේ සීයට නිවන් සුව පතමි.
ReplyDelete