ඔහු බැලූ බැල්මට චීන ජාතිකයෙක් බදුය. සුප්‍රකට සටන් නළු ජැකී චෑන්ගේ පෙනුමට ඔහුගේ පෙනුම බොහෝ දුරට සමානය. එනමුදු බුලත් කහටින් දුර්වර්ණ වූ ඔහුගේ දසන් ඔහු පිටරැටියෙකු නොවන වග ඔහු අවට සිටින ඇත්තන්ට සන් කරයි. හෙතෙම සැබවින්ම අපූරු මිනිසෙකි. මේ ජීවන ගමන යාත්‍රා කරන අතර තුර මා හට හමුවූ අමතක නොවන ගණයේ මිනිසෙකි. ඉදින් ඒ මිනිසාගේ අව්‍යාජ ජීවිත කථාව සිරාගේ කාමරය තුල ලියවිය යුතුම යැයි මම සිතමි.
මයෙ මලයා පහුගිය දොහක පුංචි පහේ ව්‍යාපාරයකට අත ගැහුවේ ඔහුගේ ඇඹේනියගේ ගම් පළාත වෙච්ච මීගමු පුරවරයේදී. දේශීය විදේශීය සංචාරකයන්ට ආහාර සහ නවාතැන් සපයන මේ ව්‍යාපාරයට උදව් කරන්න පැමිණි අරක්කැමියෙක් තමයි අද අපේ කථා නායකයා. ඊට කලියෙන් කීප වතාවක්ම මේ අමුත්තා මට ඒ පරිසරයෙදි හමුවෙලා තිබුනත් අභිනව ව්‍යාපාරය ආරම්භ කරන්නට මත්තෙන් මයෙ මලයා ඇතුලු පිරිසට විවිධ අයුරින් උදව් උපකාර කරපු අය වෙනුවෙන් මයෙ මලයයි එයාගෙ බිරින්දෑගෙ පවුලෙ අයයි පවත්වපු රාත්‍රී භෝජන සංග්‍රයකට සහභාගි වෙන්නට ගිය ගමනකදි තමයි වැඩියමක් දොඩන්න සිරා කොලුවට ඉඩ කඩ ලැබුනෙ. ඔහුගෙ නම බණ්ඩාර. ඔහුගේ ජීවන කථාව අපේ කථා වලට වඩා වෙනස් වෙන්නෙ කොහොමද කියලා දැන් කියවලා බලමු.
මගේ නම බණ්ඩාර...මහනුවර මහවෙල තමයි මගේ උපන් ගම. සහෝදර සහෝදරියො 10 දෙනෙකු හිටිය පවුලක හරි මැද..ඒ කිව්වෙ 5 වෙනියා තමයි මම. දැන් මගේ වයස අවුරුදු 63 ක්. ඒත් මගේ ළමා කාලයෙ ඉදන් අද දක්වා සිද්ධ වෙච්ච දේවල් තවමත් හොඳට මතකයි.
අපේ අප්පච්චි තමයි ගමේ ගම්මුලාදෑනි තනතුර දැරුවෙ. අපේ අප්පච්චි දණිස්සට විතර කොණ්ඩෙ දිග, වැඩිය උස නැති, බොහොම තේජස් පාට කෙනෙක්. ගමේ හැමෝම උන්දැට බොහොම භය පක්ෂපාත කම දැක්වූවා. මේ කියන කාලෙ මම තුන්වෙනි කැලෑසියෙ වගේ තමයි ඉගෙන ගත්තෙ. මගේ පාසල් අධ්‍යාපනය මේ පන්තියෙන්ම අහවර උනා.
බී එම් විජේරත්න, නිහාල් ජයසේන කියන්නෙ මගේ අතිජාතම මිත්තරයො දෙන්නා. දෙයක් කලොත් අපි තුන්දෙනාම එකට තමයි ඒ දේ කලේ. දවසක් දා ඉස්කෝලෙ අහවර වෙලා ගෙදර එන ගමන්, දුරින් අපේ මාමා කෙනෙක් වන කෙනෙකුගෙ කිතුලකට බඩ ගාලා රා මුට්ටිය බිමට බාගෙන අපි තුන්දෙනා ඇති පදම් රා බිව්වා. කිතුල් මල කපලා ඒක බැදලා තියෙන ලනුව ලෙහාගෙන තමයි මුට්ටිය බිමට බෑවෙ. රා මුට්ටිය ගහෙන් බානවා මාමා දැක්කට, කලබල කලේ නෑ. කලබල කරලා ගහෙන් එකෙක් පත බෑවුනොත් වෙන විනාශය ගැන හිතලා එයා සද්ද නැතුව බලාන ඉඳලා. මොකද කිතුල් ගහට පහළින් තිබුනෙ කලුගල් තලාව.
ඉතින් අපි තුන්දෙනා රා මුට්ටිය පුලුවන් තරම් බීලා ගෙදර පිටත් උනා. එදා හැන්දෑවෙ බැහැරක හිටිය අප්පච්චි ගෙදර ආවෙ උණ ගස් වල පහළින්ම හැදෙන පුංචි උණ රිකිලි ටිකකුත් අරගෙන. අප්පච්චි එක පාරටම මට කථා කලා. මම ගේ ඉස්සරහට ගිය ගමන් මාව අල්ලලා බැන්දා මිදුලෙ තිබුන ගහක. ඊට පස්සෙ ඇගට පොල්තෙල් වත් කරලා ඔලුවට දිමි ගොට්ටකුත් කඩලා දාලා අර උණ රිකිලි 7 ක් විතර එක මිටියට වගේ බැදලා අන්න ඒකෙන් මගෙ පිට හරහා නෙලුවා නෙලිල්ලක් උතුර දකුණ මාරු වෙන්න.
මට එතකොට වැටහුනා රා මුට්ටිය හොරෙන් බීපු එකට තමයි මේ අච්චු කරන්නෙ කියලා. මොකද මාමගෙ ඔය කිතුලෙන් කොටසක් අපේ අප්පච්චිටත් දවස ගානෙ ලැබුනා. එදා අපි හොරෙන් බීපු නිසා අප්පච්චිගෙ එදා දවසෙ රා පංගුව නැතුව ගිහින්.
පාරවල් දෙක තුනක් පිට හරහා වදිනකොට අපේ අම්මා පැන්නා මාව බේරගන්න. තාත්තට හොදටම තරහා ගියා. අප්පච්චි අම්මව තල්ලු කරලා අම්මටත් පාරවල් දෙකක් විතර දුන්නා. කොහොමහරි අම්මා මාව ගහෙන් ගලවලා අරගෙන පිටේ තෙල්ගාලා එදා රාත්තිරියෙ මට සාත්තු කලා. මට මතකයි අප්පච්චිත් ඇවිත් පිටේ තෙල් ගානවා මම නිදි කියලා හිතාන. එයාට උපරිම තරහා ගිය නිසා එහෙම කලාට අප්පච්චි හොද මිනිහෙක්. හොද අප්පච්චි කෙනෙක්. නැත්තං කොහෙද 10 දෙනෙක් හදන්නෙ.
කොච්චර ගුටි කාලා පිටේ හම ගිහින් තිබුනත් මම පහුවදා ඉස්කෝලෙ ගියා. අයියලා අක්කලා මල්ලිලා නංගිලා මේ හැමෝම මට හිටියා. ඒ අයගෙන් මා එක්කම ඉස්කෝලෙ ගමන ගියෙ මගෙ අක්කා කෙනෙක්. අප්පච්චිගෙන් දරුණු විදියට ගුටි කෑවට පස්සෙ ගෙදර ජීවිතේ මට එපා උනා. මම හදිස්සියෙම ගෙදරින් පැනලා යන්න තීරණය කලා. එදා දවසෙ ඉස්කෝලෙ ඉවර උනාට පස්සෙ මම ඉස්කෝලෙ ලගදිම අක්කට මගේ පොත් ටික දීලා කිව්වෙ උඹ පලයං මම තව ටිකකින් එන්නම් කියලා.
ඉස්කෝලෙ ඇන්ද සුදු කමිසයයි, නිල්පාට කොට කලිසමයි එක්ක මම ඉස්කෝලෙ ඉස්සරහින් ගිය බස් එකකට නැග්ගා අරමුණක් නැතුව. ඒ දවස් වල අප්පච්චි දරුවො 10 දෙනාටම උදේට ශත 5 ගානෙ බෙදලා දෙනවා. 1959 වගේ කාලෙක ශත 5 ත් ලොකු ගානක්. ඔය විදියට දවස් ගානක සල්ලි එකතු වෙලා මගෙ ලග එකයි පණහක් වගේ මුදලක් තිබුනා. ඇරත් ඉස්කෝලෙ යන උන්ගෙන් පන්න පන්න සල්ලි ගන්න සිරිතක් ඒ කාලෙ හිටිය බස් පල්ලන්ට තිබුනෙත් නෑ.
අරමුණක් නැතුව නැගපු බස් එක අන්තිමේදි නතර උනේ කඩුගන්නාවට ඇවිත්. ඒ වෙද්දි මට හොඳටම බඩ ගිනියි. කඩුගන්නාවෙ කඩ අතර ඒ මේ අත ඇවිදිමින් ඉද්දි ස්වාමීන් වහන්සේ නමක් මාව දැකලා මා ලගට ඇවිත් කථා බහ කලා.
මේ ළමයා මෙතන මොකද කරන්නෙ ?
හාමුදුරුවො බොහොම ගාම්භීර විදියට මගෙන් ඇහුවා
මට හංගන්න දෙයක් නෑ. මම මගේ කථාව ඉස්පිලි පාපිලි අඩු නැතුව හැමදේම හාමුදුරුවන්ට කිව්වා.
ගෙදරින් පැනලා යන ගමන් එහෙනං. ආයෙමත් ගෙදර යන්න කැමැත්තක් ඇත්තෙම නැත්තං මා එක්ක යන්න එන්න. හාමුදුරුවො එහෙම කිව්වම උත්තර විදියට මම කිව්වෙ මට බඩගිනියි කියලා.
කඩුගන්නාවෙ කෑම කඩයකින් ඊට පස්සෙ හාමුදුරුවො මට කන්න බොන්න අරන් දීලා එයා වැඩ වාසය කරපු, වනාන්තරයකට මායිම් උන පන්සලට ඇන්න ආවා. එතන ගඩොල් වලින් ගොඩනගාපු ගොඩනැගිලි තිබුනෙ නෑ. වටේටම පැතිරුන ගල් ගුහාවක් ඇතුලෙ තමයි පන්සල තිබුනෙ. ගල් ගුහාව මැද්දෙ හාමුදුරුවො සැතපෙන තැන කිට්ටුවෙන්ම පුංචි දිය පාරක් ගලාගෙන ගියා. ගල්ගුහාව වටේට වදුරු රංචුවක් හිටියා. උන්ගෙන් කවදාවත් පංසලට බාධාවක් හිරිහැරයක් උනේ නෑ.
වටේ පිටේ උන්න දායකයන්ගෙ මාර්ගයෙන් පන්සලට ලැබෙන දානයෙන් කොටසක් හාමුදුරුවො මට දුන්නා. මේ විදියට සතියකට කිට්ටු කාලයක් මම ඇදන් උන්න ඉස්කෝල ඇදුම පිටින්ම ගෙවා දැම්මා. මොකද හාමදුරුවන්ට මට දෙන්න ඇදුම් තිබුනෙ නෑ.
සතියකට විතර පස්සෙ පන්සල කිට්ටුවෙන්ම උන්න දායක පවුලකට හාමදුරුවො මාව බාර කලා. ඒ ගෙදර අම්මගෙ නම ඩිංගිරි අම්මා. තාත්තගෙ නම මට දැන් මතක නෑ. ඒ ගෙදරත් දරු පරපුරක්ම උන්නා. ඒ අය එක්ක ඉද්දි මට පාලුවක් නැතුව යයි කියලා හාමුදුරුවො කල්පනා කරන්න ඇති.
ඩිංගිරි අම්මගෙ දරු කැලත ඉස්කෝලෙ ගියෙ නෑ. ඒ කාලෙ අද වගේ හැම දරුවෙක්වම ඉස්කෝලෙ යවන්න දෙමාපියන්ට වත්කමක්, දැනුමක්, උවමනාවක් තිබුනෙ නෑ. ඉතින් උන් ටිකත් එක්ක අමුඩ කෙටියක් ගහගෙන මගේ දවස ගෙවන්න මම පුරුදු උනා. රාත්තිරියට නිදා ගන්නකොට එක පොකුරට තුරුල් වෙලා අපි නිදාගත්තා. ඒ අය ජීවත් උනෙත් විශාල ගල් ගුහාවක. මේ ගුහාවෙ ඉස්සරහින් වරිච්චි බිත්ති කොටයක් බැදලා තිබුනා මතකයි.
ඩිංගිරි අම්මගෙ ස්වාමියා බොහොම හැඩි දැඩි උස මහත කෙනෙක්. කැහිපිත්තං වැලේ කොල වලින් හදන පානයක් තමයි ඒ ගෙදර හැමදාම උදේට බොන්න දුන්නෙ. කැහිපිත්තං කොල අහුරක් හොදට කොටලා ලබා ගන්න නානු, කෝප්පයකට හරි පොල්කටුවකට හරි දාලා මුලු රැයක් ගෙවුනට පස්සෙ උදේට ජෙලි වගේ මිදිලා තියෙනවා. මෙන්න මේ ජෙලි එක තමයි උදේට අපි කන්නෙ. පොල්කිරි එකතු කරලා සීනි ටිකක් දැම්මොත් තරමක රසයක් තියෙනවා.
කැහිපිත්තං කෝප්පෙ හිස්කරලා උදේම අමුඩ කෙටියක් ගහගෙන ඩිංගිරි අම්මගෙ මනුස්සයා ගේ ලගම තිබුන හේනට යනවා. දවස පුරාම හේනෙ බිම් කොටලා, භව බෝග වගා කරලා හැන්දෑකොරේ ආයෙමත් ගෙදරට එනවා.
කලිනුත් කිව්වා නොවැ උන්දැ බොහොම ශක්ති සම්පන්න දේහදාරියා කියලා. ටික දවසක් මේ ගෙදර ඉද්දි උන්දැ මට එයාගෙ දරු කැලත එක්කම අංගම්පොර සටන් කලාව කියා දෙන්න පටන් ගත්තා. පිරිමි විතරක් නෙමෙයි ගෑණු දරුවොත් අපිත් එක්ක අංගම්පොර පුහුණු වෙන්න එකතු උන බව මතකයි. ඒ නිවසෙ ගත කරපු මාස 3 ක විතර කාලය ඇතුලෙ අංගම්පොර කලාවෙ බොහෝ දේවල් ඉගෙන ගන්න මට හැකි උනා. විශේෂයෙන්ම නිළ සාස්තරේ ගැන.
මගේ අංගම්පොර ගුරුතුමා හැඩි දැඩි කෙනෙක් උනාට සම්පූර්ණයෙන්ම නිර්මාංශයි. එයාගෙ හේනෙ භව බෝග විනාශ කරන්න එන සත්තු අල්ලගන්න උගුල් අටවලා තිබුනත් ඒවායින් ඒ සතුන්ට හානි උනේ නෑ. උදේම හේනට ගොහින් කොටුවෙලා ඉන්න සත්තු කැලෑවට මුදාහැරලා තමයි එයා ගෙදර ආවෙ. කවදාවත් වන සතෙක් දඩමස් කන්න කියලා මැරුවෙ නෑ
අංගම්පොර ඉගෙන ගන්න කාලෙ බුදුන්ට පූජාව තියන්න ඕනෙ. භාවනා කරන්න ඕනෙ. ඒ වගේ තවත් වත් පිළිවෙත් තිබුනා. අපි ඒවා අකුරටම ඉෂ්ඨ සිද්ධ කරන්න ඕනෙ. නැත්තං ගෙදර වසලා හමාරයි. දවසක්දා උදේම හේනට ගිය ඩිංගිරි අම්මගෙ මනුස්සයා හැන්දෑවෙ ගෙදර එද්දි මට නියම කරලා ගිය වත් පිළිවෙතක් ඉෂ්ඨ කරන්න මට අමතක වෙලා තිබුනා. මේ කාරණේට කොච්චර කෝප උනාද කියනවා නම් එවලෙම මගෙ පුකට පයින් ගහලා පලයං මේ පැත්ත පළාතක ඉන්නෙ නැතුව කියලා මාව එළවලා දැම්මා. ඒ වෙද්දි මම ඒ ගෙදරට ඇවිත් මාස 3 ක් පමණ ගත වෙලා තිබුනෙ.
මාස ගානකට පස්සෙ මම ආයෙමත් අන්තිම දවසෙ ඉස්කෝලෙ ඇන්ද සුදු කමිසයත් නිල් පාට කොට කලිසමත් ඇද ගත්තා. හාමුදුරුවන්ට දැනුම් දෙන්න නැවතුනෙත් නෑ. ගෙදරින් එද්දි අතේ තිබුන රුපියලක් දෙකක් තවමත් කලිසම් සාක්කුවෙ තිබුනා. ඩිංගිරි අම්මගෙ ගල් ගුහාවෙ ගෙදර ඉදන් ප්‍රධාන මාර්ගයකට සෑහෙන දුරයි. බොහෝ වෙලාවක් ඇවිදගෙන ගිහින් බස් යන එන මාර්ගයකට එන්න ඇහැකි උනා. ඒ කාලෙ අද වගේ රථ වාහන නෑ. පැයකට දෙක තුනයි කාර් උනත් යන්නෙ.
ගෙදරින් පිට උන දවසෙ ඉදන් මගේ ගමන ගැන මට අරමුණක් තිබුනෙ නෑ. හිස ඇරුන අතේ තමයි ගියෙ. දැන් ආයෙමත් ඒ ගමන ආරම්භ කරන්න දවස ඇවිත්. යන්නෙ කොහෙටද බලන්නෙ නැතුව පාරෙ ගිය බස් එකකට අත දාලා මම ඒකෙ පැටවුනා. අන්තිමේදි මම ඇවිත් තිබුනෙ ගම්පහ නගරයට.
ඒ කාලෙ ගම්පහ නගරය කියන්නෙ ලංකාවෙ බුලත් වෙළඳාමෙ මධ්‍යස්ථානය. නගරය පුරාම බුලත් කඳවල් කරේ තියාන යන වෙළෙන්දො. ඔය වගේ එක වෙළෙන්දෙක් පිටිපස්සෙන්ම මම එයාට නොදැනෙන විදියට ඇවිදගෙන ගියා.
සෑහෙන දුරක් ගියාට පස්සෙ ඒ මනුස්සයා පිටිපස්ස හැරිලා මගේ දිහා බලාන ඉඳලා මගෙන් විස්තර ඇහුවා. ගෙදරින් පැනලා එන්නෙ යන්න එන්න තැනක් නෑ කිව්වම වරෙන් අපේ ගෙදර කියලා මාව ඇන්න ගියා. අපි පයින්මයි ඒ ගෙදරට ගියේ. විශාල පොල්වත්තක් මැද තිබුන ගෙයක්. ඒ ගෙදර දුවා දරුවො එක්ක මමත් නතර උනා. ගෙදර ගෘහ මුලිකයා සතියකට දවසක් දෙකක් බුලත් වෙළඳාමෙ යනවා. අනිත් දවස් වලට වත්ත පිටියෙ වැඩ කරනවා. මට විශේෂ වැඩක් පැවරුවේ නෑ. කාලා බීලා කැමති විදියකට ඉන්න ඉඩ දුන්නා.
ටික දොහක් යද්දි මට ඒ ගෙදරිනුත් යන්න හිතක් පහල උනා. මම කලේ කලින් කලා වගේම හිමිදිරියේම කාටවත් නොකියා ආයෙමත් පාරට ආපු එක. කලිසම් සාක්කුවෙ තිබුන රුපියල දෙක තවම මා ලග. හිතට බයක් නෑ. ගමනට අරමුණක් නෑ....බස් එකේ බෝඩ් එක කියවලා යන්නෙ කොහෙද බලන්න උවමනාවකුත් නෑ. අහුවෙන බස් එකට අත දානවා නගිනවා...නතර වෙන තැනක බහිනවා. ඔය විදියට මම ගම්පහින් කොළඹට ආවා. එතනින් තවත් බස් එකකට නැග්ගා. ඒක නතර උනේ බණ්ඩාරවෙල.
බණ්ඩාරවෙල ටවුන් එකේ බේකරියක් ලග මම දැන් කැරකෙනවා. හිතේ ගින්නයි කුස ගින්නයි දෙකම එකට එකතු වෙලා මගේ මුලු ඇගම නලියනවා. කවුරුවත් මා දිහා බලා ඉන්න වගක් මට දැනුනෙ නෑ. අතේ තිබුන මුදලින් බනිස් ගෙඩියක්වත් කනවා කියලා හිත හදාගන්නකොටම කවුදෝ කෙනෙක් මගේ අතක් තදින් අල්ල ගත්තා.
අදට මේ මදැයි....ඊළගට වෙච්ච සන්තෑසිය ඊළග කොටසින් කියවමු.
මතු සම්බන්ධයි.

මම කාමරේ අරින සිරා කොලුවා.
ප.ලි
බණ්ඩාරයන් සමග මවිසින් සිදුකල කථා බහේ හඬ පටයෙන් කොටසක්. මීගමු වාරකන් සුළඟ අපට බාධා කල බැව් සැළකුව මනාය.

අඩේ... මෙන්න කතා! ඊළඟ කෑල්ල ලියපං ඉක්මනට!
ReplyDeleteමේ ලියන ගමන් නාඩි මලේ....
Deleteeka husmata kiyavuuva +++++++++++++++
ReplyDeleteඊලග කොටස කියවන්නට ආරාධනා...
DeletePatta kathawa!Ikmanatama ithiri tikath danna.
ReplyDeleteස්තූතියි මිත්‍රයා....
Deleteඅවුරුදු 50 වගේ කාලයක් ඇතුලත සමාජයේ කොච්චර වෙනසක් වෙලාද...
ReplyDeleteලස්සනට කතාව ලියලා තියනවා
ඔව්....අද කාලෙ දරුවෙක් මේ වගේ මහමග තනි උනා නම් උගෙ මළකඳ තමයි ඉතිරි වෙන්නෙ.
Deleteකථාව මෙන්ම ලිවීමත් අනර්ඝයි. ඊලඟ කොටස එනතුරු බලාසිටිමි.
ReplyDeleteස්තූතියි ඉයන්...නොපමාව ඊලග කොටසත් පළ කරමි.
Deleteමඩොල්දූව දෙක... සිරෝ නියමයි.උඹත් ඉතින් පණ පිහිටෝල ලියන නිසා වහ වැටුනා.වැඩිය මුකුත් කියන්නෑ දෙවනි කොටස එනකන් ඉන්නම්..
ReplyDeleteජයවේවා..!!
ස්තූතියි අදහසට...දෙවැනි කොටසින් හමුවෙමු.
Deleteහරිම රසවත් කතාවක්නෙ.ඇත්තටම මටත් මතක් උනේ මඩොල්දූවේ උපාලි ,ජින්නා. හරි වටිනා චරිතයක් සිරාට අහම්බෙන් මුණගැහිලා තියෙන්නේ. කැමතියි ඉතිරි කොටසක් ඉක්මනට ලියනවානම් .
ReplyDeleteතම තමන්ට රුචි විදියට බණ්ඩාරලා ගොඩාක් ගැන චිත්ත රූප මවාගත්තට කාරි නෑ.
Deleteඉතිරි ටිකත් ලියමු.
ReplyDeleteමොනවා කියනවද දොරේ....
Deleteපට්ට පට්ට සිරෝ... ඉක්මනට අනිත් කොටසත් ලියපන්......
ReplyDeleteමේ ලියන ගමන්...
Deleteසුපිරි !!
ReplyDeleteඊලඟ කොටස එනකල් බලං ඉන්නවා
ස්තූතියි නිර්නාම...ඔබේ බලාපොරොත්තුව ඉටු වේවි.
Deleteසිරාගෙන් සිරා කතාවක්.
ReplyDeleteඒ කාලෙ සමාජයේ තිබ්බ තත්වෙ ඔය වගේ උනත් දැන්නං ඔහොම ළමයෙකුට පාරෙ බැහැල යන්න පුලුවන් කමක් නෑ.
ඉතුරු කොටහත් ඉක්මනට ලියහං.
ඔබ නිවැරදියි...අද තත්වය බොහොම නරකයි. එදා සමාජ වටපිටාව ගැනත් යම් තොරතුරු ලිපියෙන් මතු වී තිබෙනවා නේද.
Deleteනියම කතාවක් සිරෝ. මේ ලියලා තියන විදිහත් බොහොම අපූරුයි. හරියට ළඟ ඉඳන් කියනවා වගේ. ඉදිරිරියට මොනවයින් මොනවා වෙයිද කියලා හිතාගන්න බැහැ.
ReplyDeleteස්තූතියි විචාරක තුමා. මේ කියන කාල සමයේ ජීවත් උන කෙනෙක් විදියට ඔබට මේ කථාව දැනෙනවා වැඩි ඇති.
Deleteහම්මේහ් ඉතිං.... වැඩ කරන ගමං එක හුස්මට කියෙව්වෙ.. අරුන්දැ තාත්තටවත් අහුවුණා වද්ද? ඔහොම ක්ලයිමැක්ස් එහෙකට ගෙනත් කතාව නවත්තන්න එපා යකූ.. අපි පව් නේද?
ReplyDeleteකථාවක් දෙකට කඩද්දි කුතුහලය වැඩිම තැනින් කඩන්න කියලා මට ගුරුහරුකම් දුන්නෙ අපේ වෙනී මාමා...
Deleteසැක් ඉතරක් ! ඒක නවත්තපු කැත.
ReplyDeleteඑක හුස්මට කියෙව්වා, ඉතුරු ටිකත් ලියන්නකෝ.
වෙනියට බැනහං...මට නැතුව...ඉතිරිය නුදුරේදී...
Deleteඅඩේ පට්ට කතාවක් අතරමග නවත්තපු එක සෑහෙන්න හෙලා දකිනවා හිටං.
ReplyDeleteඑක දිගටම දැම්මා නම් බොලා මට දොස් කියන්නෙ දිග වැඩියි කියලා හිටං
Deleteමේවගෙ ඉතුරු ඉක්මනට ලියපල්ලෝ,,,,කොහෙ මලයගෙ බිස්නස් එක තියෙන්නෙ,,අපිත් ඔය මීගමු අහල පහල කැරකෙන බුවාලා ලංකාවෙ ඉන්න කාලෙට...italy dilan
ReplyDeleteමීගමු පළගතුරේ තමයි තියෙන්නෙ. බීච් එකට පයින් යන දුර. ලංකාවට අාව දවසක මට ඊයක් විදහං.
Deleteමට හිතුනෙම සිරාගෙ පරාම්පරාවෙ මුල් පුරුක ගමපහට සංක්‍රමණය වෙච්ච කතාව වෙනත් විදියකට කියන්න හදනවා කියලා. කෝ නෑනේ.
ReplyDeleteඅපේ පරම්පරාවෙ අම්මා පැත්තෙ අය මාතරින් ආපු අය. නුවරට සම්බන්ධයක් නෑ. ඒ උනාට කිසිම කෙනෙක් හිතපු නැති විදියට ඔබ කල්පනා කර තිබෙන ආකාරය පේනවා. ඒ ගැන සතුටුයි.
Deleteඉතිරියත් ඉක්මණින් ලියන්න..
ReplyDeleteඉතිරිය නුදුරේදීම මෙහි පල වේවි.
Deleteසමහර Blog බලලා මේ Blog එක බැලුවාම සැහැල්ලුවක් දැනෙනවා. මට හිතෙන විදියට ඒකට හේතුව තමයි සිරා පුතාගේ රචනා විලාශය.
ReplyDeleteජය සතුට
K නැන්දා
Deleteanith kotasa one ikmanata...
K නැන්දා දැකීම සතුටක්. මම මනංකල්පිත දේ ලියන්නෙ නැති නිසා වෙන්න ඕනෙ ඔබ කියන දේ දැනෙන්නෙ. මම ලියන බොහෝ සිදුවීම් මේ මහ පොළොව මත සත්‍ය ලෙස සිදුවන හෝ සිදු වූ දේවල්...
Deleteරෙහානි නගාව කාලෙකට පස්සෙ දැකීම සතුටක්...ඇයි දැන් ලියන්නෙ නැත්තෙ. ආයෙමත් ලියන්න පටන් ගත්තොත් හොදයි නේද...
Lassanay kathawa
ReplyDeleteස්තූතියි මිත්‍රයා...
Delete+++++++++++
ReplyDeleteස්තූතියි...
Deleteමටත් රා බීල බලන්ට ඕනෙ....
ReplyDeleteඉතින් වෙලාවක බොන්ට...
Deleteඒ කාලේ සැහෙන්න කොල්ලෝ පිරිසක් ගෙවල් වලින් පැනලා ගිහින් තියෙනවානේ සිරෝ.
ReplyDeleteඒ කාලෙ එක පවුලක දරුවන් ගොඩක් ඉන්න හින්දා, එක්කෙනෙක් පැනලා ගියාට වැඩිය හොයන්නෙ නැ. අනික කොහෙ කියලා , කොහොම හොයන්නද. අනික් කොටසත් එනකල් හදිස්සි සිරා කොලුවො..!
Deleteමනෝජ්ගෙ ගැටලුවට නිසි පිළිතුරක් ලැබිලා තියෙනවා. ඒ වගේම ඒ කාලෙ අද තරම් සන්නිවේදන, ප්‍රවාහන මාධ්‍ය ප්‍රබල නොවුන හේතුවත් මේ වගේ බොහොම පහසුවෙන් කොලුවෙක්ට ගෙදරින් පැනලා යන්න හේතු වී තිබෙනවා.
Deleteඑක හුස්මට කියෙwwඅ. ඉන්නකො. ඉතිරියත් කියවලාම මොනාහරි කියන්නම්.
ReplyDelete