Wednesday, August 17, 2016

47 සාජන් සිල්වා

මොකද අයිසෙ නුපුරුදු මිනිහෙක් වගේ බලාන ඉන්නෙ ඔය පුටුව අරගෙන වාඩිවෙනවා. පොලිස් ස්ථානාධිපති තැන උපැස් යුවලට යටින් තමා දෙස බොහෝ වෙලාවක් බලා ඉන්නට ඇතැයි යන උපකල්පනයෙන් සාජන් සිල්වා අසල පුටුවකට හනි හනික බර වූයේ දෙගිඩියාවෙන් ගැහෙන හදවත වාරුකරගනිමිනි.

තමාට විරුද්ධව තියෙන විනය පරීක්ෂණයෙන් තමා නිවැරදි කරු කියලා ඔප්පු උනොත් ආයෙ රස්සාවට එන්න පුලුවන්. එතකං තාවකාලිකව වැඩ තහනම් කොරන්න කියලයි පොලිස් අධිකාරී තුමා නිර්දේශ කරලා තියෙන්නෙ.

මම මිනිහට පැනලා යන්න උදව් කලේ නෑ සර්...සාජන් සිල්වාගේ දෑස්  දිලිසෙන්නේ අපේක්ෂා භංගත්වයේ ගිණි පුපුරු වල එළිය පතිත වූවාක් මෙනි.

හරි අයිසෙ...මමත් හිතන්නෙ නෑ උදව් කලා කියලා...ඒත් නීතිය කාටත් එකයි. දැන් ඉතින් ගෙදර යනවා. පරීක්ෂණ වල ප්‍ර‍තිඵල අනුව අපි බලමුකො ඉස්සරහට වෙන දේ. මගේ රාජකාරිය මම කරන්නෙ. පොලිස් ස්ථානාධිපති තැන ඔහුගේ මේසය මත තිබූ යතුරුලියනය කරන ලද ලිපියකට තදියමේම අත්සනක් තබා නිල් පැහැති බෝල් පොයින්ට් පෑන මේසයේ කෙලවරට වන්නට විසි කලේය.

පොලිස් ස්ථානයේ කොරිඩෝවට පැමිණි සාජන් සිල්වාට ඔහුගේ දෙනෙත් බොද වී ඇති සෙයක් දැනෙයි. පොලිස් නිළ ඇඳුමෙන් සැරසුන විට වෙනදා දැනෙන අාඩම්බරය වෙනුවට මහත් අපහසුතාවක් සමග ලැජ්ජාවක් ඔහුගේ චිත්ත සන්තානයම පීඩාවට පත් කරයි.

තවත් මොහොතකට පසු නිළ ඇඳුමෙන් මිදී සාජන් සිල්වා පොලිස් ස්ථානයට යාබද කුඩා තේපැන් සල වෙත ඇදුනේ වෙනදා පුරුද්දට මිස තේ පානය කිරීමේ අවශ්‍යතාවයකින් නොවේ. අදින් පසු එළඹෙන හෙට දවස ජීවත් වෙන්නේ කෙසේදැයි ඔහුගේ සිත නොයෙක් වර ඔහුගෙන් විමසයි. වැඩ තහනම් කිරීමෙන් පසු රැකියාවක් නොකරන බිරින්දෑ සමග ගෙවන ජීවිතය දුෂ්කර එකක් වන්නට පුලුවන. සාජන් මහත්තයා යනුවෙන් ගම්මුන්ගේ ගෞරවයට පාත්‍ර වූ දවස් දැන් අතීතයට අයත් වූ එවා පමණකැයි ඔහුගේ සිත දෙස් දෙයි.

තේ පැන් හලේදී  තමා පසුකර යන අය තමා දෙස බලමින් සිනා සෙන අයුරක් ඔහුට දැනෙයි. ඒ අතරතුර අතීතයේ දවස් අතර මතකයෙන් සැරසරමින් හුන් ඔහුගේ දැහැන බිදුනේ මේ ස්ථානයේ වේටරයෙකු වූ බන්දුවා ගේ ආගමනය නිසාවෙනි.

සාජන් මහත්තයා අද වේලාසනම ඩියුටි ඕෆ් ද ? මම මේ හුග කාලෙකින් මේ වෙලාවට සාජන් මහත්තයා ගෙදර යන්න ලෑස්ති වෙලා ඉන්නවා දැක්කෙ. 

එදා මෙදාතුර පොලිසියේ රාජකාරි කල කාලය තුල මේ තේ පැන් සලේ තමාට වඩාත්ම හිතවත් තැනැත්තා බන්දුවා බව සාජන් සිල්වා දනියි. කට නොකැඩුන, තේ මණ්ඩි ඉවත්ව යන ලෙස හොඳින් පිරිසිදු කල කෝප්පයකම සැමදා තේ පිළිගැන්වූ ඒ හිතවත්කම, භය පක්ෂපාතී කම තවත් දින කීපයකින් අවසන් වනු ඇත.

සාජන් මහත්තයා තේකක් බොනවද ?  

අද තේ එපා බන්දුවො..මම වෙනදා පුරුද්දට ගෙදර යන ගමන් කඩේට ගොඩ වැදුනෙ. තව ටිකකින් ගෙදර ගිහින්ම තේ එකක් බොන්න බැරියැ.

නෑ නෑ එහෙම කියන්න එපා...අපේ කඩේ මහත්තයට අඩුවට හොඳ තේ කොළ වගයක් ලැබිලා..අද ගෙනාපු වණ්ඩු ආප්ප වගේකුත් තියෙනවා.

බන්දුවා ආනාරාධිතවම දුම් දමන තේ කෝප්පයක් සමග වණ්ඩු ආප්පයක්ද මේසය මත තබා රෙදි කඩකින් මේසය මනාව පිස දැමුවේය.

තේ කෝප්පය අතට ගෙන තොල ගාන්නට රුචියක් නොවූ සාජන් සිල්වා, තේ කෝප්පය තුලින් පෙනෙන තමාගේ ප්‍ර‍තිභිම්බය දෙස මඳ වේලාවක් බලා උන්නේය. එයින් පසු ගත වූ විනාඩි කීපයකදී තේ කෝප්පය අවසන් කොට වණ්ඩු ආප්පය මේසය මත තනිකොට තේ පැන් සලෙන් පිටතට පැමිණි හෙතෙම නිවස බලා පිටත් වූවේය.

වෙනදා නිවසේ ගේට්ටුව සමීපයට පැමිණෙන විට ඔහුගේ සිතට දැනෙන ප්‍ර‍හර්ශය අද නැත. වරදක් කොට කට්ටි පනිමින් සිටින ඇට්ටර කොල්ලෙකු මෙන් ඔහු හොර ගල් අහුලමින් ගේට්ටුවේ ඉහළින් වූ යකඩ කොක්ක පන්නන හඬට වෙනදා මෙන්ම ඔහුගේ ප්‍රිය බිරිඳ දේවිකා එහි දිව ආවාය.

අද මොකද මේ වේලාසනම ? ඇය මදක් වික්ෂිප්තව ඔහු දෙස බලා සිටියාය.

යමු ඇතුලට...මට ඔයාට කියන්න දෙයක් තියෙනවා. සාජන් සිල්වා වට පිට පරීක්ෂාවෙන් බලා ගේට්ටුව වසා දැමුවේය. මැදි වයස පසු වී විවාහ ජීවිතයට එළඹුන මේ යුවලට තවමත් දරු සම්පතක් ලැබී නැත. විවාහ වී වසර දෙකකට මඳක් වැඩි කාලයක් ගත වී ඇති නිසාම මෑතක සිට ඒ පිළිබඳ තැවෙමින් සිටි සාජන් සිල්වාට රැකියා තහනම අලුත් කම්පනයක් ඇති කොට තිබේ.

රාත්‍රී සේවා මුර අවස්ථාවකදී ඔහුගේ බාරයේ සිටි රිමාන්ඩ් සැකකරුවකු පලා යාමත්, හෙතෙම පොලිසියේ ඇස් වලට වැලි ගසමින් කාලයක් සැගවී සිට අපහසුවෙන් නීතියේ රැහැනට හසුකරගත්, නගරයම මුලා කල දැවැන්ත වංචාවක සැකකරුවකු වීමත් සාජන් සිල්වාට අවාසි සහගත තත්වයක් නිර්මාණය කොට තිබේ.

අද ඉදන් මගෙ වැඩ තහනම් කලා...සාලයේ වූ කුෂන් පුටුවක හිඳගත් වහාම සාජන් සිල්වා දේවිකා දෙස බලා තෙපළුවේය.

මොකක් ? විශ්මයෙන් මුව අයාගත් ඇය එක එල්ලේම ඔහු දෙස බලා සිටියේ මුල් වරට දුටු ආගන්තුක රුවක් දෙස බලා සිටිනා පරිද්දෙනි.

පෙරේදා ෂෙල් එකේ හිටිය හොරෙක් පැනලා ගියා මගෙ ඩියුටි වෙලාවෙ මගේ අතපසු වීමකින්. දැන් ලොක්කො මාව සැක කරනවා උගෙන් සල්ලි අරගෙන මම මිනිහට පැනලා යන්න උදව් කලා කියලා.

හරි වැඩක්නෙ උනේ ? මිනිහව ආයෙ දැක්කොත් ඔයාට අඳුනගන්න පුලුවන්ද ? 

අපොයි ඔව්...මිනිහගෙ ඇස් දෙක මට හොදට මතකයි. පරීක්ෂණ ඉවර වෙලා මම නිවැරදි කාරයා කියලා ඔප්පු උනොත් මට ආයෙමත් රස්සාව ලැබෙයි හිඟ පඩි සල්ලිත් එක්ක. ඒවට ඉතිං ගත වෙන කාලයක් ගැන හරියටම කියන්න බෑ. ඒ අතරතුර කාලෙ අර කාලකන්නියව ආයෙමත් අල්ලගන්න පුලුවන් උනොත් මට කියන්න පුලුවන් කට ඇරලා මම නිවැරදි කාරයා කියලා.

ඊළග මාසෙ ඉඳන් අපි කොහොමද ජීවත් වෙන්නෙ ? අලුතින් ගත්ත ෆ්‍රිජ් එකට තවම වාරික හතරයි ගෙව්වෙ.

ප්‍ර‍ශ්න ප්‍ර‍ශ්න...හැම තැනම ප්‍ර‍ශ්න...ඉහළට ගත් හුස්ම මහත් ආයාසයකින් පහළ දැමූ සාජන් සිල්වා ඇඳුම් උනා දමා නාන කාමරයට වැදුනේය. වතුර මල යටදී ඔහුට වෙනදා දැනෙන සිසිලස අද අහලකවත් නැත.

රාත්‍රී ආහාරයෙන් පසු නිදන ගවුමකින් සැරසුන දේවිකා තම සැමියා අසලින් හිඳගෙන ඔහුගේ උරහිසට වාරු වූවාය.

අපි පුලුවන් විදියකට ජීවතේ ගැටගහ ගමු. ඔයාට බැරි උනොත් මම හරි රස්සාවකට යන්නං. කරදර කාටද නැත්තෙ. මේ අපේ අපල කාලයක් වෙන්න ඇති.

ඇයගේ වදන් සාජන් සිල්වාට තරමක හෝ අස් වැසිල්ලකි. මුඩු වී කතරක්ව ගිය භූමියකට වැටෙන වැහි පොදක් වැන්නේය. ඔහු මහත් වූ ස්නේහයකින් ඇගේ හිස සිප ගත්තේය. මෙවන් බිරිඳක් පමා වී හෝ ජීවිතයට එකතු වීම කෙතරම් වාසනාවක්දැයි ඔහු එකනෙහිම කල්පනා කළේය.

මම අයියට හෙට කථා කරන්නං. එයා වැඩ කරන තොග බඩු බෙදන ඒජන්සියෙ ලොරියක බිල් ලියන වැඩක් හරි ඉල්ලගන්න බැරි වෙන එකක් නෑ. අපි අමාරුවෙන් හරි නැගිටිමු. ඈත පළාතකට යන ලොරියක රස්සාව කලොත් ඔයා දන්න අඳුනන අය මුලිච්චි වෙන්නෙත් නෑනෙ. ඔහුගේ හදවත ගැහෙනා රිද්මය ඇයට වෙනදාට වැඩියෙන් එදා දැනෙන්නට ඇත. බලාපොරාත්තු හීන වී පරාජිත මානසිකත්වයෙන් සිටි ඔහුට දැන් බලාපොරොත්තුවක් තිබේ.

දේවිකාගේ එකම සහෝදරයා ප්‍ර‍සිද්ධ සමාගමක නිෂ්පාදන ප්‍රාදේශීයව බෙදා හරින මධ්‍යස්ථානයක සේවය කල කෙනෙකි. වැඩ තහනමෙන් සති දෙකකට පමණ පසු ඔහුගේ මැදිහත්වීම මත නගරයෙන් එපිට පළාත් වලට භාණ්ඩ බෙදාහරින ලොරි රථයක මුදල් භාරකරුගේ රාජකාරිය ලබා ගන්නට සාජන් සිල්වාට හැකි වූවේය. වෙළඳ සැල් වෙත බිල් පත් නිකුත් කිරීමත්. මුදල් හා ලැබෙන චෙක්පත් සුරැකිව රැගෙන ඒමත් ඔහුගේ වගකීම් වලට අයත් වූවේය.

කාලය වෙනදා මෙන්ම නිසොල්මනේ ගලාන යයි. වැඩ තහනම පිළිබඳ තවමත් හාවක් හූවක් නැත. පොලිසිය හෝ නගරය දෙසට මේ අතර තුර කාලයේ අත්‍යවශ්‍යම දෙයකට මිස නිකරුනේ නොයන්නට පුරුදු වූ සාජන් සිල්වාගේ සැප දුක බලන්නට ඔහුගේ අතිජාත පොලිස් මිත්තරයන් නම් අමතක කළේ නැත. එහෙත් එදිනෙදා වැඩ රාජකාරි අස්සේ කල්යත්ම ඔවුන්ගේ ආගමනයත් මඳින් මඳ හීන වී ගියේය. කලාතුරකින් දවසක මහා මාර්ගයේ සේවයේ නිරත වෙන ට්‍රැෆික් රාළහාමිලා නම් තවමත් පෙර පරිදි අල්ලාප සල්ලාපයේ යෙදෙති.

එක් වෙහෙසකර සති අන්තයක රාජකාරිය අවසන් කොට පැමිණි සාජන් සිල්වා රූපවාහිනිය නරඹමින් විවේකීව උන්නේය. ඔහු අසලින් හිඳගත් දේවිකා ඔහුගේ අතක් සෙමෙන් පිරිමදිමින් සිටියාය. ඇය මෙලෙස හැසිරෙන්නේ ඇයට විශේෂ යමක් කියන්නට ඇති විටෙක බව ඔහු  අත්දැකීමෙන් දනියි.

මොකද දේවිකා හොරගල් අහුලන්නෙ.

ඇය සිනහවකින් ඔහුට සංග්‍ර‍හ කර දීර්ඝ කථාවකට මුල පිරුවාය.

අල්ලපු ගෙදර නැන්දා කිව්වා මහනුවර පැත්තෙ තැනක තියෙන දේවාලෙක දරුවො නැති අයට බාර හාර වෙලා එක එක වත්පිළිවෙත් කරනවලු. එතනට ගිය ගොඩාක් දෙනාට දැන් ප්‍ර‍තිඵල ලැබිලලු. අපි දෙන්නටත් වෙලාවක යන්නලු. ඔයාට නිවාඩු තියෙන වෙලාවක අපිත් යමුද ?

ඔයා ඕවා විශ්වාස කරනවද හැබෑටම ?  දොස්තරලට කරන්න බැරි වැඩ හොර දේවාල කාරයන්ට කරන්න පුලුවන්ද ? සාජන් සිල්වා ඇය දෙස බලා මහ හඬින් සිනහා වූවේය.

ඔයාට ඉතින් හැමදේම සැකයි. පොලිසියේ වැඩ කරපු හින්දද මන්දා. පණ්ඩිතයා නොවී යමුකො අනේ. ගියා කියලා අපිට අවාසියක් වෙන්නෙ නෑනෙ. කවුද දන්නෙ මේ ආරංචිය අපිට ලැබුනෙ අපේ වාසනාවකටද කියලා.

ඇගේ පෙරැත්තය නිසාම ඊළග සති අන්තයේ එහි යන්නට සාජන් සිල්වා තීරණය කළේය. දරුවකු කෙරෙහි දේවිකා දක්වන නොනිත් ආශාවේ තරම ඔහු හොඳින් දනියි. ඒ නිසාම ඇගේ යොජනාව ප්‍ර‍තික්ෂේප කරන්නට තරම් ශක්තියක් ඔහුට නැත.

මහනුවර බලා යන දිනයේ උදෑසනම වෙනදා නැති උද්යෝගයකින් දේවිකා හැඩ වැඩ වෙන අන්දම සාජන් සිල්වා බලා සිටියේය. සුදු පැහැති දිගු සායකින් සහ එයටම ගැලපෙන සුදු පැහැති බ්ලවුසයකින් සැරසී කොණ්ඩය තනි කරලට ගොතන ලද දේවිකා වෙනදාට වඩා සුන්දර යැයි ඔහුට සිතුනි.

මොකද අද අමුතු විදියට බලා ඉන්නෙ. ඇය හුරතල් වෙමින් ඔහුගෙන් විමසුවාය.

අද වෙනදාට වඩා ලස්සනයි....ඒකයි බලාන උන්නෙ.

ආ ඇත්තද...අද ගමන ගිහින් ඇවිත් දරුවෙක් එහෙම ලැබුනම අපේ ගෙදරම ලස්සන වෙයි. ඇයගේ අහිංසක ප්‍රාර්ථනය සාජන් සිල්වාගේ සිත යම් තරමකට සංවේදී කළේය.

මහනුවර දක්වා බස්රථයකින් පැමිණ, එතැන් සිට තුන් රෝද රථයක පිහිටෙන් නගරයෙන් හුදකලාව පිහිටා තිබූ දේවාල භූමියට ඔවුන් පැමිණෙන විට හිරු මුදුන් වී තිබුනි. උදෑසන සිට එහි පැමිණි තරමක ජනතාවක් දේවාල භූමියේ ඔබ මොබ ඇවිදිමින් අල්ලාප සල්ලාපයේ යෙදෙමින් සිටිති.


පේනවනෙ ඉන්න සෙනග. ඔයා මේවා බොරු කියලා ගත්කටටම කිව්වට හැමෝම එහෙම නෑ. මෙතනින් ප්‍රයෝජනයක් නැතිනම් මෙහෙම සෙනග එන්නෙ නෑනෙ. දේවිකා රහසින් මෙන් ඔහුට පැවසුවාය.

දැන් අවුරුද්දකට කිට්ටු ඇති මේ දේවාලෙ පටන් අරගෙන. කපු මහත්තයට මළ ගිය ඥාතියෙකුගෙ දිෂ්ඨියක් ලැබිලලු තෝත්තර කරන්නෙ. සමහර අයට බේත් ජාති ගැනත් කියනවලු. අපේ ගෙවල් ලග ජෝඩුවක් තමයි මටත් කිව්වෙ. ලෙඩ රෝග වලට වගේම දරුවො නැති අයටත් එක වගේම පිහිට වෙනවලු.

තමාගේම වයසේ යැයි කිව හැකි පුරුෂයන් දෙදෙනෙක් තරමක් ඈතින් උස් හඩින් පවසන ඇතැම් දේ සාජන් සිල්වාගේ සවනට වැටෙයි.

පැමිණි පිළිවෙලට හිඳගන්නට දේවාල භූමියේ ඉඳිකොට තිබූ කුඩා ශාලාවක ඉඩ පහසුකම් සලසා තිබුනි. හෝරා කීපයක් ගත වෙද්දී උදෑසනම එහි පැමිණි අයගේ වාරය අවසන් වී දේවිකාගේ අවස්ථාව එළැඹිනි. ඒ අවස්ථාවේ එහි පැමිණි දේවාලයේ අත වැසියෙක් කාරණය විමසා දෙදෙනාටම දේවාලය තුලට පිවිසෙන ලෙස උපදෙස් දුන්නේය.

ඔවුන් එහි පිවිසෙන විට විශාල දේවරූපයක් දෙසට හැරී සිටි දේවාලයේ කපු මහතා මහා හඬින් යාතිකා කරමින් සිටියේය. අනතුරුව ගැත්තන් දෙස නොබලාම හෙතෙම ඔවුනට බිම හිඳගන්නා ලෙස අතින් සංඥා කළේය.

පූජා වට්ටියට පඬුරු තියලා භක්තිමත් හිතෙන් වැඳ ගන්නවා හොඳයි.

උස්හඬින් ගැයුන දේව යාතිකා අතර ගත වූ විනාඩි ගනනාවකට පසු පළමු වතාවට දේවාලයේ ප්‍ර‍ධාන කපු මහතා දරුවන් පතා පැමිණි මේ යුවල දෙසට හැරුනේය. එකනෙහිම භූමිතෙල් වැදුන ගැරඩියෙකු සේ එතනින් පලා යන්නට ඔහු සැරසුනත් ඔහුට වඩා වේගයෙන් සාජන් සිල්වා ක්‍රියාත්මක වූවේය.

තෝව තමා යකෝ මම මෙච්චර කල් හෙව්වෙ....

සිදු වූ කිසිදෙයක් වටහාගත නොහී දේවිකා භයෙන් භීරාන්තව තම සැමියාගේ මුහුණ දෙස බැලුවාය.



මම කාමරේ  අරින සිරා කොලුවා.

47 comments:

  1. කපුවාට බබා හම්බෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ පොලෝසියෙදි බබා හම්බ උනා...

      Delete
  2. රස්සාව ආපසු ලැබෙන්න කියලා භාරයක් වෙන්න දේවාලෙට ගියානම් දේව අනුහසින් කපුවාගේ පිහිටෙන් ආව කාරනාව හරියටම හරියන්න තිබුනා.
    ආසාවෙන් එක දිගටම කියෙව්වා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කා...නිරන්තරයෙන් සිරාගෙ කාමරයට ගොඩවදිනවට...රස්සාව හරි යන්න කියලා බාර උනා නම්...බාරෙ වෙන පමාවෙන් වැඩේ හරියනවා සිකුරුයි...

      Delete
  3. නියමයි ! කපුවා කපෝතී :D

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිර්නාම...කපුවා සුනේ සුන්...

      Delete
  4. මරු... සිරාගෙන් සිරා කතාවක්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිල්ෂාන්...කාලෙකට පස්සෙ යන්තම් කෙටි කථාවක් ලියා ගත්තෙ.

      Delete
  5. දේවාලයක් ගැන කියනකොටම සැක හිතුනා.. එච්චරකටම හොර දේවාල පිරිල නෙව.. හෙහ් හෙහ් හේ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. දේවාල වල ඉන්න තරමක් ඉන්නෙ තක්කඩි..නූගත් පල් හොරු...කොච්චර හොරු මාට්ටු උනත් අලුතින් දේවාලයක් පටන් ගත්ත ගමන් මිනිස්සු පිරෙනවා.

      Delete
  6. දෙයියො ටොකු ඇණ ඇණම දීල තියෙන්නෙ. හැක්..

    වැඩිහරියක් දේවාලවල කපුවන්ට ඉන්නෙ හොරු තමයි.

    ReplyDelete
    Replies
    1. මේක කාලෙකට කලින් මගේ හිතේ ඉපදුන සිතිවිල්ලක්...අකුරු කරගන්න සෑහෙන කලක් ගත උනා...දේවාල වලින් අති මහත් බහුතරයක ඉන්නෙ පල් හොරු...

      Delete
    2. ඒත් කට්ටිය යන්නෙ උඩදාගෙන. අනේ මන්දා මිනිස්සු මෙච්චර මෝඩද?

      Delete
  7. මරු බන් . . . මේක පත්තරේකට යවපන් මල්ලී

    ReplyDelete
    Replies
    1. කාලෙකට පස්සෙ දුකා අයියව දැකීම සතුටක්..පත්තර මිත්තරයො නම් කීප දෙනෙකුම ඉන්නවා...එත් මට උනන්දුවක් නෑ අප්පා.

      Delete
  8. හෙහ් හෙහ් හෙහ්, හොර කපුවා වුනත් සාධාරණ දෙයියෙක් නිසා අහුවුණා.

    යකෝ අර පින්තූරේ ඉන්න කපුවා උඹට නඩු දමයි. මූණ වහපන් එයාගේ.

    ReplyDelete
    Replies
    1. ඇස් දෙකෙන්නෙ අදුනගන්න පුලුවන්...පින්තූරෙ ඉන්න කපුවගෙ ඇස් දෙක නොපෙනේ...

      Delete
  9. කපුවට බඩු බනිස් නේද? කතාව ඉවර වෙනකල් ආසාවෙන් කියෙව්වා. අවසානය හිතාගන්නවත් බෑ සාර්ථක කතාවක් බං.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හැලපයියෙ.කපුවට බඩු බනිස් තමා...

      Delete
  10. සාධාරණ දෙයියෙක් හිටපු හින්ද කපුවව අල්ලල දෙන්න ඇති.
    කතාව කියවගෙන යද්දි මට හිතුනෙ ,සාජන් සිල්ව පොලිසියේ හිටියට වඩා සතුටින් ඩිලිවරි ජොබ් එක කරගෙන ඉන්ඩ ඇති කියල.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම...පොලෝසියේ පහල නිළ වල ඇත්තො ඉතින් හැම පැත්තෙන්ම තැලෙන අය නොවැ.

      Delete
  11. අපේ සීයා කාලයක් පිටින් ආව හාමුදුරු කෙනෙකුට පොඩි ආවාස කෑල්ලක් හදලා දීලා බණ භාවනා කරගෙන ඉන්න දීලා තිබුණා. දාන මාන එහෙමත් සීයා දුන්නා. ටික කාලෙකින් ගෑණු කෙනෙක් පොඩි ළමයි තුන් දෙනෙක් එක්ක ඇවිත් මේ හාමුදුරැවන්ට බැණ බැණ ඇදගෙන ගියා.

    ReplyDelete
    Replies
    1. එහෙම හාමුදුරුවරුත් අතරින් පතර ඉන්නවා. සිද්ධාර්ථ කුමාරයත් පියෙක් උනාට පස්සෙ ගිහි ගේ කළකිරිලා මහණ දම් පුරපු කෙනෙක් නිසා...විවාහ ජීවිතයක් ඇතුලෙ ඉදලා සාසනේට එන එක අමුතු දෙයක් නෙමෙයි.

      Delete
  12. මරේ මරු...කපුවාගෙ පිහිටට තව දේවාලයක් හොයන්න වෙනවා...

    ReplyDelete
    Replies
    1. කපුවට පොලිසියෙන් පිහිට වෙයි මම හිතන විදියට.

      Delete
  13. කවුද කියන්න‍ෙ ද‍ෙයියා‍ෙ නැ කියල

    ReplyDelete
    Replies
    1. කවුරු හරි බොට එහෙම කිව්වද ? දෙයියො නෑ කියලා...

      Delete
  14. සිරාගේ ගෙට ගොඩ වෙන්නෙ හුග කාලෙක ඉදන්. කපුවා කපොති. කපුකම් හරියටම වෙනවද කියන එක ලොකු ප්‍රශ්නයක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මිත්තරයා. කපුකම් අතිමහත් බහුතරය සිද්ධ වෙන්නෙ හොරු අතින්...

      Delete
  15. සිරාම කතාව. හිතට ආපු එකම කුකුස නම්, පොලිසියෙන් හැංගිලා ඉන්න, අපරාධකාරයෙක් මෙහෙමෙ දවසගානෙ මිනිස්සු මුණගැහෙන්න තියෙන රස්සාවක් හොයා ගනීද කියන එක විතරයි.

    ඒ මම ටිකක් ගැඹුරට හිතපු නිසා වෙන්නැති. නමුත් ඒකෙන් කතාරසයට කිසිම බාදාවක් එල්ල වෙලා නෑ

    ReplyDelete
    Replies
    1. මේ දේවාලය පවත්වාගෙන ගියේ නගරයෙන් ඈත පිටිසර පැත්තක කියලා නොවැ මම කිව්වෙ. ඇරත් අගනුවරින් ඈත නුවර පළාතෙ. මම බොහොම මනාපයි හෙන්රි අයියා හැමදාමත් වගේ හිතන වෙනස් විලාශයට...

      Delete
  16. සිරා කතාව.කපුවා වේලාව බලාගෙන හිටියා නම් ඔහොම වෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගොයියො...කපුවගෙ කේන්දරේ ග්‍ර‍හයො නීච වෙලාලු හිටියෙ.

      Delete
  17. හි..හි.. නියම වැඩේ වෙලා තියෙන්නේ..

    ReplyDelete
  18. මරු කතාව සිරා අයියෙ. එතකොට ඒ හොරා අන්තිමේ දෙය්යන්ගෙ පනිවිඩකාරය වුණා..?

    ReplyDelete
    Replies
    1. කපුවට ඊලගට වෙන දේ දෙයියන්ට වේලාසන කියන්න අමතක වෙලා.

      Delete
  19. හෙ... හෙ... අදයි මේ පැත්තෙ ආවෙ. හැලප කඩෙන් තමා ආවෙ. මමත් බ්ලොගියක් කරනවා. බලලා අදහසක් කියන්නකෝ.
    http://ranwanmakara.blogspot.com/

    ReplyDelete
    Replies
    1. කාමරයට සාදරයෙන් පිළිගන්නවා. විවේකී වෙලාවක ඔබේ අඩවියට නිසැකවම එන්නම්.

      Delete
  20. හොඳ කතාවක් සිරා..කොච්චර බොරු උනත් වැඩක් නැ කියල තේරුනත් ඉවරයක් නැතුව මිනිස්සු ඇදෙනවනේ දේවාල වලට..

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ චංචල වෙන මිනිස් සිත පිදුරු ගහේ උනත් එල්ලෙනවා සරණක් හොයාගෙන. ඒ නිසයි කොතරම් වංචා වුවත් මෙවැනි දේවාල හතු පිපෙනවා වගේ විවිධ තැන් වලින් මතු වෙන්නෙ.

      Delete
  21. නියමයි සිරා...කලෙකින් කාමරේට ආවේ.

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...