පරංගියාවාඩිය....ඔබ සමහරක් විටක කවදාවත් අහලා නැති නාමයක් වෙන්න ඇති. නමුත් මේ අපේ රටේ තවත් ග්‍රාමයක නමක්. සිරා කොලුවත් ඉස් ඉස්සෙල්ලාම මේ නම ඇහුවෙ හරියටම ගිය මාසෙ දවසක. පොසොන් බත් දන්සැල පවත්වන මාකේවිට තරුණ සංගමයෙ සභාපති තුමා තමයි පරංගියාවාඩිය ගැන මට හා පුරා කියා කියලා දුන්නෙ. අනුරාධපුරයේ සිට ත්‍රිකුණාමලය මාර්ගයේ හොරොව්පතාන නගරයට ලඟා වෙලා අළුත් ඔය මාර්ගයේ කිලෝමීටර් 8 ක පමණ දුරක් පැමිණීමෙන් පරංගියාවාඩියට පැමිණෙන්න පුලුවන්.
පුතා...අපි පරංගියාවාඩිය කියලා දුෂ්කර ගමක දහම් පාසලකට උපකාර කරන්න ලෑස්ති වෙනවා මේ අවුරුද්දෙ දන්සැල් සමිතියෙ ප්‍රජා සත්කාරය විදියට. අපි එක්ක එකතුවෙනවද ? ඔහු ඇහුවෙ එහෙමයි. කවදත් හොඳ දේකට පෙරටම යන පුරුද්ද තවමත් මා ලග තියෙන නිසා මමත් ඒ වැඩසටහනට එකතු උනේ දෙවරක් හිතන්නෙ නැතුව.
වර්තමානයේ පරංගියාවාඩිය කියලා හැඳින්වූවාට අතීතයේ මේ ග්‍රාමය හඳුන්වලා තියෙන්නෙ උපුල්විල කියන නාමයෙන්. ගමේ ඉතිහාසය අනුරාධපුර යුගයේ රජකම් කල කූටිකණ්න තිස්ස හෙවත් මකලන්තිස්ස රජතුමාගෙ රාජ්‍ය සමය දක්වාම දිව යනවා. ලංකා ඉතිහාසයේ රජකමට පත් පළමු කාන්තාව වන අනුලා බිසව මරා දමා මේ රජතුමා රාජ්‍යත්වයට පත්වන්නේ බුද්ධ වර්ෂ 500 දී පමණ. අනුලා බිසව අතෘප්තිකර කාම පිපාසාවෙන් පෙළුණු තැනැත්තියක බවත්, තමාගේ පහසට ලොල් වූවන් රජකමට පත් කරමින්, වරින් වර ඔවුන් මරා දමමින්, රටවැසියන්ගේ ද්වේෂයට ලක් වී සිටි තැනැත්තියක් බවත් ලංකා ඉතිහාසයේ සටහන් වෙනවා. මකලන්තිස්ස රජතුමා වර්ෂ 22 ක් ඉතාම මැනවින් රට පාලනය කොට, වෙහෙර විහාර තනවමින්, වාරිමාර්ග දියුණු කිරීමට දායක වූ රජකෙනෙක්. මහවැලි ගංගාව ආශ්‍රිතව මුලින්ම වාරිමාර්ග කර්මාන්තයක් ඇරඹූ රජු ලෙසත් ඔහුගේ නම ඉතිහාස ගතවී තිබෙනවා.
මේ රජතුමා වැව් කර්මාන්තයට සුදුසු ස්ථානයක් සොයමින් සිටි කාලයේ, මේ පෙදෙසේ කඳු දෙකක් හරහා ගලන ජලයෙන් නිර්මාණය වූ මානෙල් මලින් සුසැදි මනස්කාන්ත විලක් දුටු බවත්, පසුව ඒ කඳු ද්විත්වය යා කර වේල්ලක් ඉඳිකරවා, ජනතාව පදිංචි කරවා ඔවුන් වෙනුවෙන් විහාරයක්ද තැනවූ බවත් සඳහන් වෙනවා. මේ වැව උපුල් විල වැව ලෙසත්, විහාරය උපුල් විල රජමහා විහාරය ලෙසත් වර්තමානයේද හැඳින්වෙනවා.
සෑහෙන අතීතයක ඉඳන් නොයෙක් අපහසුතා මැද පවත්වාගෙන එන උපුල්විල රජමහා විහාරයේ දහම් පාසලේ දරුවන්ට අපිට හැකි විදියට යමක් කරමු කියලා මුලින්ම යෝජනා කලේ දන්සැල් කමිටුවෙ ප්‍රධාන අනුශාසක තෝරපිටියේ ආනන්ද නායක හිමියන් විසින්. අවශේෂ සාමාජිකයන්ගේ ශ්‍රම සහ ආර්ථික දායකත්වයන් මතින් ඒ සිතුවිල්ල යථාර්තයක් කරගන්න අවසානයේදි උන්වහන්සේට හැකි උනා. දන්සැල් සමිතියේ සභාපති වරයා සංවිධායකයින්, වගේම සාමාජික සාමාජිකාවනුත් මේ උතුම් කර්තව්‍ය වෙනුවෙන් දිවා රෑ වෙහෙසුන වගත් කිව යුතුමයි.
දරුවන් 150 දෙනෙකු වෙනුවෙන් සූදානම් කල තෑගි භෝග අතරට අධ්‍යාපන උපකරණ, අභ්‍යාස පොත්, අතිරේක කියවීම් පොත්, වගේම, දහම් පාසල් පැමිණීම සඳහා අවශ්‍ය ඇඳුම් සකසා ගැනීමට උවමනා කරන සුදු රෙදි පවා ඇතුලත් උනා. මේ සියල්ලම අගනා පාසල් බෑගයක බහා අපි ඔවුනට ලබා දුන්නේ DSI ආයතනයෙන් පාවහන් ලබාගැනීමට හැකි තෑගි වවුචරයක්ද සමගින්. එම ආයතනය අප වෙත විශාල වට්ටමක් ලබා දුන්නේ මේ සත්කාර්යය ඔවුනුත් එක හිතින් අනුමත කල නිසාම විය යුතුයි.
පසුගිය සෙනසුරාදා හිමිදිරියේම මේ සියලු දෑ රැගත් අපේ බස් රථය අනුරාධපුරයට ලඟා වෙලා අටමස්ථාන වන්දනාවෙන් පස්සෙ එදින රාත්තිරියෙ අපේ නවාතැන වෙච්ච තිරප්පන්කඩවල රජමහා විහාරයට ලගා උනේ ඇඳිරි වැටෙන්න ඔන්න මෙන්න කියා තියෙද්දි.
මේ විහාරයේ නායක හිමි, අනුරාධපුර දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී අලුවිහාරේ විමලරතන නා හිමියන් අප එහි යන විට වැඩ සිටියේ නෑ. නමුත් උන් වහන්සේගේ ගෝලබාලයන් වන කුඩා හිමිවරුන් රැසක් අප පිළිගන්න පෙරමගට පැමිණියා. කසාවතින් සැරසුන මේ කුඩා හිමිවරුන්ගේ දසුන අප කාටත් සංවේදී දසුනක් උනා. ගනනින් 30 කට ආසන්න හිමිවරුන් පිරිසක් තිරප්පන්කඩවල රජමහා විහාරයේ වැඩ වසනවා.
දන්සැල් කමිටුවේ අනුශාසක හිමියන් මාස ගනනාවකට කලියෙන් තිරප්පන් කඩවල රජ මහා විහාරයේ විහාරාධිපති විමලරතන හිමියන්ගෙන්, තමන්ට ආධාර කිරීමට දහම් පාසලක් සොයාදෙන ලෙස ඉල්ලීම් කොට තිබුනා. ආර්ථික තත්වයෙන් උපුල් විලට වඩා යහපත් තැනක තිබෙන තම දහම් පාසලට මේ ආධාර ලබාගැනීමට උත්සුක නොවූ සැබෑ යථිවරයානන් කෙනෙකු වන විමලරතන හිමියන් ඒ ආධාර උපුල්විල විහාරස්ථානයේ දහම් පාසල වෙත ලබාදීමට උවමනා සම්බන්ධීකරණය සිදු කලා.
හිමිදිරියේම නිවෙස්වලින් පිටත්ව සිටි ආධාර නඩේ සියල්ලන්ටම හොඳටම මහන්සියි. ඒ නිසා හැකි ඉක්මනින් ඇගපත හෝදගෙන මඳක් ගිමන් නිවාගන්න අපි හැමෝටම උවමනා උනා. මේ අවස්ථාවේ අපගේ සහායට පැමිණි කුඩා හිමිවරුන් විහාරයට ආසන්නයේ පිහිටා තිබෙන තිරප්පන්කඩවල වැව වෙත අප රැගෙන ගියේ අඳුර වැටෙන්නට මොහොතකට කලියෙන්. අපගේ ආගමනය මේ හිමිවරුන් වඩ වඩාත් සතුටට පත් කොට තිබුනා. ඉතාම කුඩා වයසේ කෙළිදෙලෙන් පසුවන මේ හිමිවරුන් වෙත අපේ නඩයේ සිටි මව්වරුන්ගේ අවධානය වැඩි වැඩියෙන් ලැබුනේ මව්කමේ අසිරිය නිසාම වෙන්න ඇති.
තිරප්පන්කඩවල වැවේ වැව් කණ්ඩිය මතට පැමිණි වහාම අපිට දක්නට ලැබුනෙ ඉතාම මනස්කාන්ත දර්ශනයක්. සුදු නෙළුම් මුළු වැවම ආක්‍රමණය කරලා. සිහින් සුළගට නෙළුම් පත්, නෙළුම් පොහොට්ටු වගේම පිබිදිලා ඉන්න සුදු නෙළුම් මල් නැළවුනෙත් අපිව පිළිගන්න වාගෙයි.
පුංචි හාමුදුරුවරු අපට ඇති තරම් දිය කෙළියට ඉඩ දී වැව් කණ්ඩිය ආසන්නයේ රැදුනා.
හාමුදුරුවනේ...මේ වැවේ කිඹුල්ලු නැද්ද ? අපේ කණ්ඩායමේ කෙනෙකු ගැටලුවක් නැගුවා.
මොකද නැත්තෙ 4 දෙනෙක් ඉන්නවා.
එතකොට මේ වැවේ නාන්නෙ කොහොමද භය නැතුව.
පේනවනෙ වටේටම තියෙන නෙළුම් පදුරු ගොඩ...කිඹුලට යටින් එන්න අමාරුයි ඔය පඳුරු නිසා. ඒත් උන් සමහර වෙලාවට නාන හරියටම එනවා. උන් එහෙ මෙහෙ යද්දි නෙළුම් කොල හයියෙන් හෙළවෙන නිසා අඳුනගන්න ලේසියි. හැබැයි කවදාවත් ගමේ කෙනෙකුට උන් හානියක් කරලා නෑ.
ගිමන් නිවිලා, අපේ විඩාව සන්සිදුවාගෙන දිය කෙළිය අහවර වෙද්දි අවට පරිසරය කෑලි කපන තරමට කලුවර වෙලා තිබුනා. බැහැරක වැඩම කරලා හිටිය ලොකු හාමුදුරුවො ඒ අල්ල පනල්ලෙ විහාරයට නැවත වැඩම කරලා තිබුනා. උන් වහන්සේ විසින් ඉතාම ලෙංගතුව අපි සියල්ලන්ම පිළිගත්තා.
පිරිසක් රාත්‍රී ආහාරය සකස් කරද්දි තවත් පිරිසක් නායක හිමියන් සමග ආගමික කටයුතු වලට දායක උනා. හෙට උදේම මේ පන්සලේ සංඝයා වහන්සේලාට දානෙ පිළියෙල කරලා උදේ 9.30 වෙද්දි උපුල්විලට යන්න ඕනෙ. දන්සැල් කමිටුවේ සභාපති තුමා කාට කාටත් ඇහෙන්න හෙට දින වැඩසටහන ගැන දැනුවත් කලා.
පුංචි හිමිවරුන් විශාල ප්‍රමාණයක් වැඩ වසන නිසා ඒ අය භුක්ති විඳින්නට කැමති ආහාර පානත් උදෑසන දාන වේලට ඇතුලත් කරන්න සංවිධායකයින් වේලාසනම තීරණය කර තිබුනා. ඒ අනුව වඩේ, සැන්ඩ්විචස්, රෝල්ස්, මැකරෝනි, ආප්ප, පැටිස් වැනි දෑ උන්වහන්සේලා වෙනුවෙන් පසුදා හිමිදිරියේ පටන්ම සකස් කිරීම ආරම්භ උනා.
උදෑසන 6 කණිසම වෙද්දි නින්දෙන් පිබිදුන පුංචි ස්වාමීන් වහන්සේලා දානය සකස් කරන ස්ථානය වටා රැස් උනා. සමහර කෙනෙකුට ආප්ප උයන්න උවමනා උනා. තවත් කෙනෙක්ට ආප්ප හැන්දෙන් ගලවන්න උවමනා උනා. කෙළිදෙලෙන් ගත කරන වයසෙදිම කසා වතක් පොරවගන්න උනේ ගිහි ගේ ගැන කළකිරීම නිසාම නෙමෙයි කියලා අපි හැමෝම දන්නවා. ඒ නිසාම ඒ කෙළිකවට වලට අපේ වැඩිහිටියොත් ඉඩ දුන්නා.
දානය සූදානම් වෙන අතරතුර ඒ පිළිබඳ සොයා බලමින් අපේ කණ්ඩායමට සහාය උනේ විහාරාධිපති හිමියන්ට පස්සෙ පන්සලේ කටයුතු සොයාබලන කඳුරුවැවේ පුන්න හාමුදුරුවො. ඉතාම තරුණ වයසේ සිටින උන් වහන්සේ ඉතාම නිවුන ස්වරයෙන් තමන්ගේ පැවිදි ජීවිතය, තිරප්පන්කඩවල ජන ජීවිතය, යුද්ධය පැවති සමයේ විඳි දුක් ගැහැට, දින ගනන් කැළෑවේ රැය පහන් කල අයුරු අප සමග කථා බහ කලා. මගේ ගුරු හාමුදුරුවොම තමයි පන්සලේ ලොකු හාමුදුරුවොත්, උන් වහන්සෙ තාත්තා කෙනෙක් වගේ මේ හැම පොඩි හාමුදුරු කෙනෙක්ම බොහොම වගකීමෙන් ආදරයෙන් රැකබලා ගන්නවා. තමන්ට පුංචි දෙයක්, කෑමක් බීමක් ලැබුනත් හැමෝටම සම සේ බෙදා දීලා තමයි උන් වහන්සේ වළඳන්නෙ. මගේ මහණ ජීවිතයෙ මම දැක්ක උතුම්ම ගතිගුණ තියෙන හාමුදුරුවො තමයි මගේ ගුරු හාමුදුරුවො. පුන්න හාමුදුරුවො හැගීම්බරව කිව්වා.
අද දවසෙ අපි ආධාර ලබා දෙන්නට සුදානම් වෙන උපුල්විල විහාරයේ දහම්පාසලේ කටයුතු කැපවීමෙන් කරගෙන යන්නට දැනුම් තේරුම් තියෙන තරුණ හිමි නමක් ඒ පන්සලේ වැඩ වසන්නේ නැති නිසාම ඒ වගකීම් පුන්න හිමියන් වෙත පවරා තිබුනෙ තමන්ගෙ ගුරු හාමුදුරුවො වන අළුවිහාරේ විමලරතන හිමියන්ගෙ කැමැත්ත අනුවයි.
පුන්න පන්සලේ නැති උනාම මටත් ගොඩාක් පාඩුයි. මේ පුංචි හාමුදුරුවරු වගේම පන්සලේ කටයුතුත් බලාන ඉන්නෙ උන් වහන්සෙ. එහෙම කියලා උපුල්විල දහම් පාසලේ දරුවන්ගෙ අධ්‍යාපන කටයුතු මග නවතින්න දෙන්න බෑ. පුන්න හිමියො එතනට සම්බන්ධ වෙලා තවම මාස 5යි. ඒ මාස 5 ට ලොකු දියුණුවක් එතැන ඇති වෙලා තියෙනවා. විමලරතන හිමියන්ගෙ අදහස් එහෙමයි.
උදෑසන 8 කණිසම වදිනකොට අපේ දානය සැකසිලා අහවරයි. මේ දාන වේලෙ තියෙන විවිධත්වය වගේම රසවත් ආහාර පාන දුටු ඊලග පොහෝ දින මහණ වෙන්නට නියමිතව ඉන්න පුංචි දරුවෙක්, අද නම් බඩ පැලෙන්නම කනවා යනුවෙන් පැවසුවාම එය හාස්‍යයට කාරණයක් ලෙස අපට දැනුනෙ නෑ. නිතර අනුභව කරන්න නොලැබෙන කෑම ජාති දැක්කම බඩ පැලෙනකං ඒවා කන්න කාටද නොහිතෙන්නෙ. දානයට පෙර බුද්ධ පූජාව පැවැත්වුනේ දන්සැල් කමිටුවේ අනුශාසක තෝරපිටියේ ආනන්ද හිමියන්ගේ මූලිකත්වයෙන්.
ලොකු හාමුදුරුවො නැති තැන විවිධ දඟ වැඩ කරන පුංචි හාමුදුරුවරු බොහොම සන්සුන්ව විහාරාධිපති හිමියන් පිටිපස්සෙ දාන ශාලාවට වැඩියා. ජේෂ්ඨත්වය අනුව පිළිවෙලට උන් වහන්සේලා දැන් අසුන් අරගෙන. ඒ අතර පුංචි අයියා මලෝ දෙන්නෙකුත් වැඩ හිටියා.
පුංචි හිමිවරුන් වෙනුවෙන්ම සැකසූ ආහාර පාන වලට ඒ අය බොහෝ රුචි උනා. ඒවා මේ පරිසරයෙදි නිතර දෙවේලෙ දකින්න නැති වීම ඊට හේතුව වෙන්න ඇති. අපිත් එක්ක කථා බහෙන් පස්සෙ උපුල්විල පන්සලේ උත්සවයේ සූදානම බලන්න බැහැරට වැඩිය පුන්න හාමුදුරුවො දානය අතර තුර එතනට ආයෙමත් වැඩියා.
දානයෙන් පස්සෙ අතුරු පස විදියට විවිධ පළතුරු වර්ග සූදානම් කර තිබුනා. පුංචි හාමුදුරුවරුන් වළදන්න ආස කරන රඹුටන් විශේෂයෙන්ම එකතු කොට තිබුනා. අප රැගෙන ගිය විශාල රඹුටන් තොගයම ඒ හිමිවරුන් අතර බෙදා දුන්නා.
දානවේලෙන් පස්සෙ අපේ නඩේ උදෑසන ආහාරය නිම කොට නැවතත් බස් රථයට නැගුනෙ උපුල්විල පන්සලට යාමේ අරමුණින්. අළුවිහාරේ විමලරතන හිමියනුත් අපිත් එක්කම බස් රථයට නැගුනා. බස් රථය තැනින් තැන තාර ගැලවුන හුදෙකලා මාර්ගයක ඉදිරියට ඇදෙනවා. වටේටම තියෙන්නෙ එක දිගට පැතිරුණු කුඹුරු යාය. සමහර තැන් වල කුඹුරට යාබදව පවතින ගස් මත ඉඳිවුන පැල්කොටයක් දෙකක් දකින්න පුලුවන්. වල් අලින්ගෙන් වගාව බේරගන්න ඔය පැල්කොට අටවලා තියෙන්නෙ මහත්තයො. තවත් මඳ දුරක් ගියාට පස්සෙ ලොකු හාමුදුරුවො බස් රථය එක් තැනක නවතන ලෙස සංඥා කලා. මාර්ගයට යාබද කැළෑවෙ කණින ලද වලක් අළුතින් පස් යොදා වසා ඇති බවක් දකින්න ලැබුනා. අපේ කණ්ඩායම ඒ දෙස කුතුහලයෙන් යුතුව බලා සිටියා.
ලිපියේ දීර්ඝ බව වැඩ රාජකාරි අස්සෙන් බ්ලොග් කියවන්නට එන යන අයට බාධාවක් නිසා, ඉතිරිය ඊලග කොටසින් කියවමු.

ඉස්සර දවසක උපුල්විල යනුවෙන් හඳුන්වපු මේ ගම්මානය වර්තමානයේ හැඳින්වෙන්නෙ පරංගියා වාඩිය යනුවෙන්. ත්‍රීකුණාමලය වරාය පැත්තෙන් රට තුලට පැමිණි පෘතුග්‍රීසි හමුදා කණ්ඩායමක් මේ ගමේ දින කීපයක් කඳවුරු බැඳ තිබීම ඒ නාමය යෙදෙන්නට ආසන්න හේතුවයි. නමුත් ගමේ වැඩිහිටියො පරංගියා වාඩිය කියන නමට එතරම් කැමැත්තක් නෑ. ඔවුන් කැමති උපුල්විල කියන නාමයට. පරංගියා වාඩියේ සිට ත්‍රිකුණාමලයට තියෙන්නෙ කිලෝමීටර් 40 කට මඳක් වැඩි දුරක්. මේ ගමට මායිම්ව සේරුනෑව, බණ්ඩාරකුඹුක් වැව ආදී ගම් පිහිටා තියෙනවා. මේ ගම්මාන ත්‍රස්තවාදී තර්ජන පැවති සමයේ එයින් දැඩිලෙස බැට කෑ ගම්මාන බවත් කිව යුතුයි. පරංගියාවාඩියෙ ඉතිහාසය ඔන්න ඔහොමයි.
සෑහෙන අතීතයක ඉඳන් නොයෙක් අපහසුතා මැද පවත්වාගෙන එන උපුල්විල රජමහා විහාරයේ දහම් පාසලේ දරුවන්ට අපිට හැකි විදියට යමක් කරමු කියලා මුලින්ම යෝජනා කලේ දන්සැල් කමිටුවෙ ප්‍රධාන අනුශාසක තෝරපිටියේ ආනන්ද නායක හිමියන් විසින්. අවශේෂ සාමාජිකයන්ගේ ශ්‍රම සහ ආර්ථික දායකත්වයන් මතින් ඒ සිතුවිල්ල යථාර්තයක් කරගන්න අවසානයේදි උන්වහන්සේට හැකි උනා. දන්සැල් සමිතියේ සභාපති වරයා සංවිධායකයින්, වගේම සාමාජික සාමාජිකාවනුත් මේ උතුම් කර්තව්‍ය වෙනුවෙන් දිවා රෑ වෙහෙසුන වගත් කිව යුතුමයි.
දරුවන් 150 දෙනෙකු වෙනුවෙන් සූදානම් කල තෑගි භෝග අතරට අධ්‍යාපන උපකරණ, අභ්‍යාස පොත්, අතිරේක කියවීම් පොත්, වගේම, දහම් පාසල් පැමිණීම සඳහා අවශ්‍ය ඇඳුම් සකසා ගැනීමට උවමනා කරන සුදු රෙදි පවා ඇතුලත් උනා. මේ සියල්ලම අගනා පාසල් බෑගයක බහා අපි ඔවුනට ලබා දුන්නේ DSI ආයතනයෙන් පාවහන් ලබාගැනීමට හැකි තෑගි වවුචරයක්ද සමගින්. එම ආයතනය අප වෙත විශාල වට්ටමක් ලබා දුන්නේ මේ සත්කාර්යය ඔවුනුත් එක හිතින් අනුමත කල නිසාම විය යුතුයි.
පසුගිය සෙනසුරාදා හිමිදිරියේම මේ සියලු දෑ රැගත් අපේ බස් රථය අනුරාධපුරයට ලඟා වෙලා අටමස්ථාන වන්දනාවෙන් පස්සෙ එදින රාත්තිරියෙ අපේ නවාතැන වෙච්ච තිරප්පන්කඩවල රජමහා විහාරයට ලගා උනේ ඇඳිරි වැටෙන්න ඔන්න මෙන්න කියා තියෙද්දි.
අටමස්ථාන වන්දනාව අතරතුර අභය ගිරියේදී සිරා කොලුවාට කෝපිකඩේ සිරා මුලිච්චි වීම. ඔහුත් අසදෘෂ පිංකමකට දායක වී සිටියා. |
මේ විහාරයේ නායක හිමි, අනුරාධපුර දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී අලුවිහාරේ විමලරතන නා හිමියන් අප එහි යන විට වැඩ සිටියේ නෑ. නමුත් උන් වහන්සේගේ ගෝලබාලයන් වන කුඩා හිමිවරුන් රැසක් අප පිළිගන්න පෙරමගට පැමිණියා. කසාවතින් සැරසුන මේ කුඩා හිමිවරුන්ගේ දසුන අප කාටත් සංවේදී දසුනක් උනා. ගනනින් 30 කට ආසන්න හිමිවරුන් පිරිසක් තිරප්පන්කඩවල රජමහා විහාරයේ වැඩ වසනවා.
පන්සලේ වැඩ සිටින කුඩා හිමිවරුන්ගේ නාන තොටුපල |
දන්සැල් කමිටුවේ අනුශාසක හිමියන් මාස ගනනාවකට කලියෙන් තිරප්පන් කඩවල රජ මහා විහාරයේ විහාරාධිපති විමලරතන හිමියන්ගෙන්, තමන්ට ආධාර කිරීමට දහම් පාසලක් සොයාදෙන ලෙස ඉල්ලීම් කොට තිබුනා. ආර්ථික තත්වයෙන් උපුල් විලට වඩා යහපත් තැනක තිබෙන තම දහම් පාසලට මේ ආධාර ලබාගැනීමට උත්සුක නොවූ සැබෑ යථිවරයානන් කෙනෙකු වන විමලරතන හිමියන් ඒ ආධාර උපුල්විල විහාරස්ථානයේ දහම් පාසල වෙත ලබාදීමට උවමනා සම්බන්ධීකරණය සිදු කලා.
හිමිදිරියේම නිවෙස්වලින් පිටත්ව සිටි ආධාර නඩේ සියල්ලන්ටම හොඳටම මහන්සියි. ඒ නිසා හැකි ඉක්මනින් ඇගපත හෝදගෙන මඳක් ගිමන් නිවාගන්න අපි හැමෝටම උවමනා උනා. මේ අවස්ථාවේ අපගේ සහායට පැමිණි කුඩා හිමිවරුන් විහාරයට ආසන්නයේ පිහිටා තිබෙන තිරප්පන්කඩවල වැව වෙත අප රැගෙන ගියේ අඳුර වැටෙන්නට මොහොතකට කලියෙන්. අපගේ ආගමනය මේ හිමිවරුන් වඩ වඩාත් සතුටට පත් කොට තිබුනා. ඉතාම කුඩා වයසේ කෙළිදෙලෙන් පසුවන මේ හිමිවරුන් වෙත අපේ නඩයේ සිටි මව්වරුන්ගේ අවධානය වැඩි වැඩියෙන් ලැබුනේ මව්කමේ අසිරිය නිසාම වෙන්න ඇති.
තිරප්පන්කඩවල වැවේ වැව් කණ්ඩිය මතට පැමිණි වහාම අපිට දක්නට ලැබුනෙ ඉතාම මනස්කාන්ත දර්ශනයක්. සුදු නෙළුම් මුළු වැවම ආක්‍රමණය කරලා. සිහින් සුළගට නෙළුම් පත්, නෙළුම් පොහොට්ටු වගේම පිබිදිලා ඉන්න සුදු නෙළුම් මල් නැළවුනෙත් අපිව පිළිගන්න වාගෙයි.
අඳුරට මුසුවෙන තිරප්පන්කඩවල වැව |
පුංචි හාමුදුරුවරු අපට ඇති තරම් දිය කෙළියට ඉඩ දී වැව් කණ්ඩිය ආසන්නයේ රැදුනා.
හාමුදුරුවනේ...මේ වැවේ කිඹුල්ලු නැද්ද ? අපේ කණ්ඩායමේ කෙනෙකු ගැටලුවක් නැගුවා.
මොකද නැත්තෙ 4 දෙනෙක් ඉන්නවා.
එතකොට මේ වැවේ නාන්නෙ කොහොමද භය නැතුව.
පේනවනෙ වටේටම තියෙන නෙළුම් පදුරු ගොඩ...කිඹුලට යටින් එන්න අමාරුයි ඔය පඳුරු නිසා. ඒත් උන් සමහර වෙලාවට නාන හරියටම එනවා. උන් එහෙ මෙහෙ යද්දි නෙළුම් කොල හයියෙන් හෙළවෙන නිසා අඳුනගන්න ලේසියි. හැබැයි කවදාවත් ගමේ කෙනෙකුට උන් හානියක් කරලා නෑ.
ගිමන් නිවිලා, අපේ විඩාව සන්සිදුවාගෙන දිය කෙළිය අහවර වෙද්දි අවට පරිසරය කෑලි කපන තරමට කලුවර වෙලා තිබුනා. බැහැරක වැඩම කරලා හිටිය ලොකු හාමුදුරුවො ඒ අල්ල පනල්ලෙ විහාරයට නැවත වැඩම කරලා තිබුනා. උන් වහන්සේ විසින් ඉතාම ලෙංගතුව අපි සියල්ලන්ම පිළිගත්තා.
පිරිසක් රාත්‍රී ආහාරය සකස් කරද්දි තවත් පිරිසක් නායක හිමියන් සමග ආගමික කටයුතු වලට දායක උනා. හෙට උදේම මේ පන්සලේ සංඝයා වහන්සේලාට දානෙ පිළියෙල කරලා උදේ 9.30 වෙද්දි උපුල්විලට යන්න ඕනෙ. දන්සැල් කමිටුවේ සභාපති තුමා කාට කාටත් ඇහෙන්න හෙට දින වැඩසටහන ගැන දැනුවත් කලා.
පුංචි හිමිවරුන් විශාල ප්‍රමාණයක් වැඩ වසන නිසා ඒ අය භුක්ති විඳින්නට කැමති ආහාර පානත් උදෑසන දාන වේලට ඇතුලත් කරන්න සංවිධායකයින් වේලාසනම තීරණය කර තිබුනා. ඒ අනුව වඩේ, සැන්ඩ්විචස්, රෝල්ස්, මැකරෝනි, ආප්ප, පැටිස් වැනි දෑ උන්වහන්සේලා වෙනුවෙන් පසුදා හිමිදිරියේ පටන්ම සකස් කිරීම ආරම්භ උනා.
උදෑසන 6 කණිසම වෙද්දි නින්දෙන් පිබිදුන පුංචි ස්වාමීන් වහන්සේලා දානය සකස් කරන ස්ථානය වටා රැස් උනා. සමහර කෙනෙකුට ආප්ප උයන්න උවමනා උනා. තවත් කෙනෙක්ට ආප්ප හැන්දෙන් ගලවන්න උවමනා උනා. කෙළිදෙලෙන් ගත කරන වයසෙදිම කසා වතක් පොරවගන්න උනේ ගිහි ගේ ගැන කළකිරීම නිසාම නෙමෙයි කියලා අපි හැමෝම දන්නවා. ඒ නිසාම ඒ කෙළිකවට වලට අපේ වැඩිහිටියොත් ඉඩ දුන්නා.
ඊළග පෝයට මමත් හාමුදුරු කෙනෙක් |
ආප්ප ගලවන්නෙ මෙහෙමයි මාමෙ. |
දානය සූදානම් වෙන අතරතුර ඒ පිළිබඳ සොයා බලමින් අපේ කණ්ඩායමට සහාය උනේ විහාරාධිපති හිමියන්ට පස්සෙ පන්සලේ කටයුතු සොයාබලන කඳුරුවැවේ පුන්න හාමුදුරුවො. ඉතාම තරුණ වයසේ සිටින උන් වහන්සේ ඉතාම නිවුන ස්වරයෙන් තමන්ගේ පැවිදි ජීවිතය, තිරප්පන්කඩවල ජන ජීවිතය, යුද්ධය පැවති සමයේ විඳි දුක් ගැහැට, දින ගනන් කැළෑවේ රැය පහන් කල අයුරු අප සමග කථා බහ කලා. මගේ ගුරු හාමුදුරුවොම තමයි පන්සලේ ලොකු හාමුදුරුවොත්, උන් වහන්සෙ තාත්තා කෙනෙක් වගේ මේ හැම පොඩි හාමුදුරු කෙනෙක්ම බොහොම වගකීමෙන් ආදරයෙන් රැකබලා ගන්නවා. තමන්ට පුංචි දෙයක්, කෑමක් බීමක් ලැබුනත් හැමෝටම සම සේ බෙදා දීලා තමයි උන් වහන්සේ වළඳන්නෙ. මගේ මහණ ජීවිතයෙ මම දැක්ක උතුම්ම ගතිගුණ තියෙන හාමුදුරුවො තමයි මගේ ගුරු හාමුදුරුවො. පුන්න හාමුදුරුවො හැගීම්බරව කිව්වා.
අද දවසෙ අපි ආධාර ලබා දෙන්නට සුදානම් වෙන උපුල්විල විහාරයේ දහම්පාසලේ කටයුතු කැපවීමෙන් කරගෙන යන්නට දැනුම් තේරුම් තියෙන තරුණ හිමි නමක් ඒ පන්සලේ වැඩ වසන්නේ නැති නිසාම ඒ වගකීම් පුන්න හිමියන් වෙත පවරා තිබුනෙ තමන්ගෙ ගුරු හාමුදුරුවො වන අළුවිහාරේ විමලරතන හිමියන්ගෙ කැමැත්ත අනුවයි.
පුන්න පන්සලේ නැති උනාම මටත් ගොඩාක් පාඩුයි. මේ පුංචි හාමුදුරුවරු වගේම පන්සලේ කටයුතුත් බලාන ඉන්නෙ උන් වහන්සෙ. එහෙම කියලා උපුල්විල දහම් පාසලේ දරුවන්ගෙ අධ්‍යාපන කටයුතු මග නවතින්න දෙන්න බෑ. පුන්න හිමියො එතනට සම්බන්ධ වෙලා තවම මාස 5යි. ඒ මාස 5 ට ලොකු දියුණුවක් එතැන ඇති වෙලා තියෙනවා. විමලරතන හිමියන්ගෙ අදහස් එහෙමයි.
උදෑසන 8 කණිසම වදිනකොට අපේ දානය සැකසිලා අහවරයි. මේ දාන වේලෙ තියෙන විවිධත්වය වගේම රසවත් ආහාර පාන දුටු ඊලග පොහෝ දින මහණ වෙන්නට නියමිතව ඉන්න පුංචි දරුවෙක්, අද නම් බඩ පැලෙන්නම කනවා යනුවෙන් පැවසුවාම එය හාස්‍යයට කාරණයක් ලෙස අපට දැනුනෙ නෑ. නිතර අනුභව කරන්න නොලැබෙන කෑම ජාති දැක්කම බඩ පැලෙනකං ඒවා කන්න කාටද නොහිතෙන්නෙ. දානයට පෙර බුද්ධ පූජාව පැවැත්වුනේ දන්සැල් කමිටුවේ අනුශාසක තෝරපිටියේ ආනන්ද හිමියන්ගේ මූලිකත්වයෙන්.
බුද්ධ පූජාව පවත්වන නායක හිමිවරුන් දෙදෙනා. |
ලොකු හාමුදුරුවො නැති තැන විවිධ දඟ වැඩ කරන පුංචි හාමුදුරුවරු බොහොම සන්සුන්ව විහාරාධිපති හිමියන් පිටිපස්සෙ දාන ශාලාවට වැඩියා. ජේෂ්ඨත්වය අනුව පිළිවෙලට උන් වහන්සේලා දැන් අසුන් අරගෙන. ඒ අතර පුංචි අයියා මලෝ දෙන්නෙකුත් වැඩ හිටියා.
විහාරාධිපති අළුවිහාරේ විමලරතන හිමි සහ දන්සැල් කමිටුවේ අනුශාසක තෝරපිටියේ ආනන්ද හිමි |
පුංචි හිමිවරුන් වෙනුවෙන්ම සැකසූ ආහාර පාන වලට ඒ අය බොහෝ රුචි උනා. ඒවා මේ පරිසරයෙදි නිතර දෙවේලෙ දකින්න නැති වීම ඊට හේතුව වෙන්න ඇති. අපිත් එක්ක කථා බහෙන් පස්සෙ උපුල්විල පන්සලේ උත්සවයේ සූදානම බලන්න බැහැරට වැඩිය පුන්න හාමුදුරුවො දානය අතර තුර එතනට ආයෙමත් වැඩියා.
කඳුරුවැවේ පුන්න හිමියන් |
අයියා මලෝ දෙදෙනා එක ලගින්ම අසුන් අරගෙන. |
දානයෙන් පස්සෙ අතුරු පස විදියට විවිධ පළතුරු වර්ග සූදානම් කර තිබුනා. පුංචි හාමුදුරුවරුන් වළදන්න ආස කරන රඹුටන් විශේෂයෙන්ම එකතු කොට තිබුනා. අප රැගෙන ගිය විශාල රඹුටන් තොගයම ඒ හිමිවරුන් අතර බෙදා දුන්නා.
දානවේලෙන් පස්සෙ අපේ නඩේ උදෑසන ආහාරය නිම කොට නැවතත් බස් රථයට නැගුනෙ උපුල්විල පන්සලට යාමේ අරමුණින්. අළුවිහාරේ විමලරතන හිමියනුත් අපිත් එක්කම බස් රථයට නැගුනා. බස් රථය තැනින් තැන තාර ගැලවුන හුදෙකලා මාර්ගයක ඉදිරියට ඇදෙනවා. වටේටම තියෙන්නෙ එක දිගට පැතිරුණු කුඹුරු යාය. සමහර තැන් වල කුඹුරට යාබදව පවතින ගස් මත ඉඳිවුන පැල්කොටයක් දෙකක් දකින්න පුලුවන්. වල් අලින්ගෙන් වගාව බේරගන්න ඔය පැල්කොට අටවලා තියෙන්නෙ මහත්තයො. තවත් මඳ දුරක් ගියාට පස්සෙ ලොකු හාමුදුරුවො බස් රථය එක් තැනක නවතන ලෙස සංඥා කලා. මාර්ගයට යාබද කැළෑවෙ කණින ලද වලක් අළුතින් පස් යොදා වසා ඇති බවක් දකින්න ලැබුනා. අපේ කණ්ඩායම ඒ දෙස කුතුහලයෙන් යුතුව බලා සිටියා.
මාර්ගයට පෙනෙන තිරප්පන්කඩවල ගම්මානයේ සුන්දරත්වය |
ලිපියේ දීර්ඝ බව වැඩ රාජකාරි අස්සෙන් බ්ලොග් කියවන්නට එන යන අයට බාධාවක් නිසා, ඉතිරිය ඊලග කොටසින් කියවමු.
හොඳ වැඩක අසිරිය!
ReplyDeleteඇත්තමයි මලේ...උඹත් මේ වගේ සත්කාර ගනනාවකට දායක වුන එකෙක් විදියට දැනෙන සතුට ගැන අලුතෙන් කියන්න දෙයක් නෑ නොවැ.
Deleteහිත පිරෙන පෝස්ට් එකක්
ReplyDeleteලොකු තෘප්තියක් දැනෙනවා ඒ අහිංසක මූණු පොඩි වල හිනාවක් දකිනකොට..
Deleteපරංගියාවාඩිය ආපහු උපුල්විල කියා නම් කරන්න බලධාරීන්ගේ ඇස් අරවන යමක් කරන්න උත්සාහ කරමුද?
ReplyDeleteබොහොම හොඳ පින්කමක්. සාදු! සාදු!! සාදු!!!
කරන්න පුලුවන් නම් ඉතාම හොද වැඩක් විචාරක තුමා. යටත්විජිත මානසිකත්වයෙන් මිදිය යුතුයි දැන්වත්. අපි කාලෙකට කලින් ආධාර කරන්න අදහස්කරගෙන හිටිය පාසල පිළිබදව විස්තර හොයලා දෙන්නත් පුන්න හාමුදුරුවො මට පොරොන්දු උනා.
Deleteපොඩි හාමුදුරු වරු නම් පව් කියලා හිතෙනවා. අම්මලා තාත්තලා එක්ක හුරතල් වෙන්න දඟ කරන්න ඕන වයසනේ... ඒත් ඉතිං සමහර දෙමවුපියන් ජීවත්වෙන ආර්ථික සමාජ තත්වයත් එක්ක පන්සල ගෙදරට වඩා හොඳ වෙන්නත් පුලුවන්.
ReplyDeleteහොඳ පින්කමක්. සාදු සාදු සාදු !
අපේ කණ්ඩායමේ හිටිය මව්වරු ගොඩාක් මේ පුංචි හාමුදුරුවරුන්ට සමීප උනා කිව්වෙ ඒ නිසාම තමයි. සමහර හාමුදුරුවරු පුංචි සෙල්ලම් බඩු එක්ක තවමත් සෙල්ලම් කරනවා. සමහරු අපි යද්දි ඒ අයගෙ දෙමාපියො බලන්න ගෙවල් වලට ගිහින් පිරිවෙන් නිවාඩු දීලා තිබුන නිසා.
Deleteහොඳ පින්කමක් අපි එක්ක බෙදාගත්තට ගොඩක් සතුටුයි.....
ReplyDeleteස්තූතියි තාරක...
Deleteහොඳ වැඩක්..!
ReplyDeleteස්තූතියි නිර්නාම.
Deleteඅපරාදේ බං කැඩුවේ.. සම්පුර්ණ මෙව්ව එකම ඉවර උනා.. පොඩි හාමුදුරු ගොල්ලට අර වගේ කෑම ඉදල හිටල දෙන එක හරි වටිනවා බං. අපේ පන්සලෙත් සාමනේර ඇටිකිච්චන් දහයක් විතර ඉන්නවා. උන්ට අවුරුද්ද්ට රතිඤඤ, නිලා, බමර චක්‍ර දෙනවා වගේම හිතුන හැම වෙලේම හැන්දැවට ආප්පයක් වඩේ එකක්, බයිට් ටිකක් ගිහින් දෙනවා මයි මම නං. පොඩි උන්..
ReplyDeleteමොකද යකෝ මේකට ලේබලයක් දාන්න බැරි.. ගොං මදයා..
Deleteපොඩි හාමුදුරුවන්ට බයිට් දෙනවයි කියල දේශිකාට කියල උඹ ඒ ටිකත් අරගෙන අනුමත වෙන්න යනව නේද? හැක්..
Deleteඒ මදිවට මුගේ ඇස් පේන්නෙත් නැද්ද කොහෙද හිටං.
Delete//ඒ මදිවට මුගේ ඇස් පේන්නෙත් නැද්ද කොහෙද හිටං.//
Deleteමම දැක්ක වෙලාවෙම මේකේ අයිතිකාරයා ඒක දැකල.. හැක්
කඩන්නෙ නැතුව දිගට අරගෙන යන්න අමාරුයි ලොකු මාමෙ...ලිපිය ගොඩාක් දිග එකක් උනාම කියවන්න හිතෙන්නෙ නෑ ගොඩාක් අයට. ඒ නිසා කොටස් දෙකකට පල කරන්න හිතා ගත්තා. නැත්තං බොලාම තමයි කියන්නෙ යකෝ මේකෙ දිග කියලා.
Deleteපොඩි හාමුදරුවන්ට බයිට් කියලා දෙනවා ඇත්තෙ බැදපු හුරුල්ලො වෙන්න ඕනෙ. දේශිකා නැන්දා බොලාට දෙන ප්‍රමාණයට වඩා වැඩිපුර හුරුල්ලෙක් ඉල්ලගන්න ගහන උප්පරවැට්ටියක් නේද ඕක...
බොලාගෙ ලේබල් කථාව මගේ අක්මාවටම දැනුනා...ඊට පස්සෙ මම ඔන්න ලේබලයක් ඇලෙව්වා...
ගොඩකවෙල හොල්ලගෙන ඉන්න ප්‍රසන්න අයියා...දේශකයට දැන් දුර සහ ලග පේනවලු...ඒත් ඒ අතරමැද හරිය පේන්නෙ නෑලු...
නියම පිංකමක් සිරා.
ReplyDeleteඅර පොඩි හාමුදුරුවරුංගෙ හිත පිරෙන්න කෑම වේලක් දීපු එකම ලොකු පිනක්.
උපුල්විල කියල ලස්සන නමක් තිබ්බ එක පරංගියා වාඩිය කියල වෙනස් කළේ මොකාද දන්නෑ.
ඉතුරු කෑල්ලත් ඉක්මනට දාහං.
කාලෙකට පසු අමුඩෙට පුක සෙට්වී.. හැක්
Deleteපුංචි හාමුදුරුවරු මැකරෝනි, රෝල්ස් වගේ දේවල් ඉතාම ආශාවෙන් වැළඳුවා. ඒ අයට නිතර දෙවේලේ මුණ නොගැහෙන ආහාර තමයි ඒවා. මේ තරම් සැලසුම් සහගත ලෙස මේ වැඩසටහන ලෑස්ති කලේ දන්සැල් සමිතියෙ සභාපති තුමා. ඔහු ඉතා සියුම් තැන් පවා හිතන කෙනෙක්. පරංගියා වාඩිය හරිම කැත නමක් නේද. තවමත් යටත් විජිත මානසිකත්වයකින් අපි ඉන්න බවක් දැනෙනවා එහෙම නමක් අහනකොට. ඉතුරු කෑල්ල තව දින කීපයකින් දමමි.
Deleteදේශක යා.......
Delete//කාලෙකට පසු අමුඩෙට පුක සෙට්වී..// හෑක්... පුකට අමුඩෙ නෙවේ වෙන්න ඇති..!
sira honda wedak karala thiyenne. parangiyawadiyata ape game sita 12km ka wage durak thiyenne.den oya game godak denek inne anuradhapure..
ReplyDeleteමට දැනගන්න ලැබුන විදියට සහ මම දැකපු විදියට ඉතාම අහිංසක ජනතාවක් පරංගියාවාඩියෙ වෙසෙන්නෙ. ඔවුන් සංග්‍රහයට ඉතාම ලැදි පිරිසක් බව අපට කරන ලද සංග්‍රහ සත්කාර වලින් මොනවට පැහැදිලි උනා.
Deleteලිපිය වගේම පිංතූර ටිකත් හරි අගෙයි.පිංකම් කරන්නත් පිනක් තියෙන්න ඕනලු.සිරාට ඒ පින තියනවා.
ReplyDeleteමම ඇත්තටම මෙවැනි දේවලට දායක උනාට පින් කියලා දෙයක් ගැන හිතන්නෙ නෑ. කිසිම දෙයක් පෙරලා බලාපොරොත්තු වෙන්නෙ නෑ. ලැබෙන දෙයක් ලැබෙයි...එහෙමයි මම හිතන්නෙ. ස්තූතියි ගිම්...
Deleteසිරා පිං අතේ වැඩවලට උපරිම කැපකිරීම් කරනවනෙ. ඔය වගේ දුෂ්කර ප්‍රදේශ වල ඉන්න හිමිවරුන්ට තමයි පොතක්, පැන්සලක් , සිවුරු පිරිකරක් දෙන්න ඕනෙ.
ReplyDeleteකිඹුල්ලු ඉන්න වැවේ සිරා නෑවද ? වෙන්ඩ බෑ පන්සලේ ලිදෙන් ඇදන් බාල්දියත් හොදට චෙක් කරල තමයි නාන්ඩ ඇත්තෙ . 😋
මම ඇත්තටම කැමති ආධාරයක් කරනකොට, සැබවින්ම ඒ ආධාරයෙ අවශ්‍යතාව දැනෙන පිරිසකට ආධාර කරන්න. මේ වගේ දුෂ්කර ප්‍රදේශ වල එවැනි ඇත්තන් ඉතාම සුලභයි.
Deleteමම වැවෙන් නෑවා දවස් දෙකක්ම. හිතට භයක් දැනුනෙ නෑ වටේටම නෙළුම් පදුරු තිබුන නිසා. ජලය යට හරියට තාප්පයක් බැන්දා වගේ නෙළුම් දඩු වලින් ආවරණය වෙලා තිබුනෙ. ඒවා නොසෙල්වා කිඹුලෙක්ට අප සමීපයට එන්න කිසිම ඉඩක් නෑ.
බොහොම වටින පිංකමක්...
ReplyDeleteනිතර නොලැබෙන දෙයක් සකස් කරලා තිබුනු නිසා දානෙ ටිකත් හාමුදුරුවො බොහොම ආසාවෙන් වළඳපු බව පින්තූර වල ඉන්න පොඩි හාමුදුවන්ගේ මූණු වලින් පෙනුනා.
ඇත්ත වශයෙන්ම ඔව්...පුංචි හාමුදුරුවරු ඉතාම ආශාවෙන් තමයි ඒ දේවල් වැළඳුවෙ.
Delete"පරංගියාවාඩිය" අදමයි ඇහුවේ, ගැහැනු පිරිමි , මල් පළතුරු කරපු කාලේ අහලා තිබුන නම් තමයි හොඳ කියලා හිතුනා. අලුත් නමට වඩා පරණ නම ලස්සනයි සිරා.
ReplyDeleteලිපියයි පින්තූරයි දෙකම හිතට දැනුනා, වැඩියෙන් වැවේ නාන පින්තුරයි, දානේ බෙදන පින්තූරයි. මේ වගේ වැඩ වලට නිතර එකතු වෙන්න ලැබෙන එක කොයි තරන් දෙයක් ද සිරා..
ඒ නිසාමයි ලිපිය ආරම්භයේදීම ඒ ගැන සටහනක් තැබුවෙ. මොකද මමත් කලින් අහලා තිබුනෙ නෑ මේ ගමේ නම.
Deleteවැව ගැන නම් කියන්න වදන් නෑ...සුදු නෙළුම් අස්සට වෙලා නාන්න ලැබෙන්නෙ ඉතාම කළාතුරකින් නොවැ. පන්සලට යාබදව තියෙන නිසා මේ වැවේ විකිණීම සඳහා මල් නෙළීම තහනම් කරලා තියෙන්නෙ. පන්සලේ අවශ්‍යතාවකට පමණයි ඒ අය නෙළුම් කඩන්නෙ.
උපුල්විල කොච්චර ලස්සනද ? ගමේ අයටම තමා ඔය වෙනස් කිරීම කරගන්න පුළුවන්.. ලංකාවට දැන් කවුරුත් සිලෝන් කියන්නෙ නෑනෙ...
ReplyDeleteඅගේ ඇති වැඩක් සිරා....
හමුදුරුවො කිඹුල් සංගනනයක් කරලද ඉන්නෙ.. හරියටම හතරයි ඉන්නෙ කියන්නෙ.. හෙහ් හෙහ්...කිඹුල්ලු ගමේ අයව කාලා නෑ කියන්නේ අහුවෙලා නෑ කියන එක විතරයි...කිඹුලා කියන්නෙ මහ මොකකටවත් නැති සතෙක්...
මෙලෝ මළදානයක් නොතේරෙන් පොඩි ළමයි මහන කරන එකනම් අපරාධයක්....
ඔය වැව් වල ඉන්නේ "ගැට කිඹුල්ලු"නෙමේ "හැල කිඹුල්ලු" උන් අර ගංගාවල් වල ඉන්න උන් තරම් දරුණු නැතිලු.
Deleteඋපුල්විල තමයි ඒ ගමට ගැලපෙන නියම නම. අපේ කම ඒ නම ඇතුලෙ තියෙනවා.
Deleteහාමුදුරුවො හැමදාම වගේ වැවේ ස්නානය කරන නිසා කිඹුල්ලු දැකලා තියෙනවා. වතාවක් පුංචි හාමුදුරු කෙනෙක් වතුරෙ ගිලිලා නාලා උඩ ඇවිත් බලද්දි එයාට අඩි ගානක් ඈතින් කිඹුල් තඩියෙක් හිටියලු...
මනෝජ්ගෙ කථාව හරියටම හරි..හැල කිඹුල්ලු කිරි මැටි ගිලලා කොහෙ හරි මුල්ලකට වෙලා ඉන්නලු කැමති. මිනිසුන්ට පහර දෙන්නෙ ගැට කිඹුල්ලු කියලයි මමත් අහලා තියෙන්නෙ.
මේ විදියට පොඩි දරුවො මහණ කරන්නෙ පවුලෙ තියෙන අගහිගකම් නිසා..දවසට වේලක් විතරක් කාපු දරුවෙක් මහණ උනාට පස්සෙ අඩුම තරමෙ තුන් වේලවත් කනවනෙ කියලා ඒ දෙමාපියො සැනසුම් සුසුමක් හෙලනවා ඇති.
ඔය කිඹුලා මැටි ගිලින කතාව මිත්‍යාවක් මම හිතන්නෙ...
Deleteසිරාට-සිරා අනුරාධපුරේදි හමු වීම පස්සෙනෙ දැක්කෙ...
ReplyDeleteහරිම අව්‍යාජ අහිංසක මනුස්සයෙක්..එක් වරම මට හදුනාගන්නත් බැරි උනා.
Deleteමානුෂිකත්වය පිරුනු වැඩක්.. ඒ තෘප්තිය අපිත් එක්ක බෙදාගැනීම ගැන ඔබටත් පින් සිදු වේවා..!!
ReplyDeleteජයවේවා..!!
ස්තූතියි ගස් ලබ්බො..හැමදාමත් වගේ කාමරේ පැත්තට ආවට...බොටත් ජය !
Deleteසිරා වැඩක්
ReplyDeleteඑලද බ්‍රා මෙන්ඩා සෑහෙන දොහකින් කාමරේදි දැක්කෙ.
Deleteදානයකටත් වඩා අපුරු චාරිකා සටහනක්.. ආසාවක් ඇති උනා නිදහසේ දවසක් දෙකක් ගිහින් එන්න වෙලාවක.. සුපිරියි මචෝ!
ReplyDeleteඅනිවාර්යෙන්ම ගිහින් එන්න. හෝටල් උවමනා නෑ...පන්සලේම නතර වෙන්නත් පුලුවන්. අපි නවාතැන් ගත්ත තිරප්පන්කඩවල පන්සල ආසන්නයේම සිවිල් ආරක්ෂක බලකායෙ කඳවුරකුත් තියෙනවා.
Deleteඔය වියලි කලාපයේ සුන්දරත්වය පිටින් යන අපිට තිබ්බාට එකේ ජිවත් වෙන අයට ඒ සුන්දරත්වය විදින්න අමාරුයි.එකට එක හේතුවක් දුප්පත්කම.
ReplyDeleteපොඩි ළමයි මහන කරන එක ගැන නම් උඩින් සෙන්නායියා කියා තියෙන දේත් එක්ක එකඟයි.
ඇත්ත. විවිධාකාර ගැටලුත් එක්ක ජීවිතේ ජීවත් කරන මිනිස්සුන්ට ඒ අයගෙ පරිසරයෙ සුන්දරත්වයවත් විඳින්න වෙලාවක් සහ මානසිකත්වයක් නෑ.
Deleteහොඳ වැඩක් සහ අපූරු පිංතුර ටිකක්. ඉතුරු හරියත් ඉක්මනට ලියපං.
ReplyDeleteමේ දිනවල ඉතිරිය ලියමින් ඉන්නෙ...
Deleteඅලේ මටත් අර දිය මංකඩින් නාන්න තිබ්බනම්..!
ReplyDeleteලස්සන වැඩක් ලොක්කා..!
මෙන්න පෝස්ට්..
ජීවිතයේ සැඳෑ සමය ගතකරන අම්මල තාත්තල ටිකක් එකතුවෙලා කරන වැඩක් වෙන්ට ඕන..! ඒ වගේම අනුශාසක හාමුදුරුවන්ටත් ස්තූතිවන්ත වෙන්න ඕන මේ වගේ දේ වලට ගම්වැසියන්ව පොලඹවන එකට.
Deleteඅපේ පැත්තෙ පන්සල වගේම..හාමුදුරුවරුත් එපාවෙලා ඉන්නෙ අපට නම්...හේතුව ඔවුන්ගෙ අල්පේච්ඡ නොවන ජීවිතය නිසා. හරිම කනගාටුවක් ඇතිවන්නෙ සංඝ රත්නය ගැන...ඉස්තරම් ෆෝන්..ඩයලොග් ටී.වී..!
හැමදාම පන්සලේ මොකක් හරි කියල මුදල් එකතු කරනව..!සමහර වෙලාවට මහ ආටෝප දේකට..
මේ වගේ දේකට සම්භන්ද වෙන්න තියේ නම්.......!
වයසක අම්මලා තාත්තලා තරුණ වයසෙදි තමයි දන්සැල් සමිතියෙ සාමාජිකයො වෙලා තියෙන්නෙ. තවමත් ඔවුන් කාර්ය ශූරයි. ඊලග වතාවෙ පොසොන් දන්සැලට යද්දි මම බොලාට කථා කරන්නං වේලාසනම. වැවෙන් නාලා බත් ඩිංගක් කාලා කන්න එන යන ඇත්තන්ට සංග්‍රහ කරන්නයි තියෙන්නෙ. සම්බන්ධ වෙන්න තියේ නම් කියලා සුසුමක් හෙලන්න උවමනා නෑ මම පයින්ඩෙ දෙන්නෙ.
Deleteඔබ මතු කරලා තියෙන කාරණා නිවැරදියි...වර්තමානයේ මොනවද මාකට් වෙලා නැත්තෙ.
සතුටුයි අයියේ..සාදු සාදු....
ReplyDeleteස්තූතියි ඉසුරු...
Deleteඅගනා වැඩක් මචං...
ReplyDeleteඉතුරු කොටස ඉක්මණට දාපං...
අද හෙටම දමමි.
Deleteමාතලන් පොන්නය එහෙම දැන් එන්නේ නැතිද මෙහෙ
ReplyDeleteඌ මෙහෙ නෑවිත් දැන් සෑහෙන කාලයක්...මිනිහා මට කිව්වා උගෙන් සමාව ඉල්ලුවොත් මෙහෙ එනවා කියලා...මාතලන් කියන නපුංසකයා මෙහෙ නාවට කමක් නෑ කියලා මම මාතලන්ට කිව්වා.
Deleteනියමයි සිරා...
ReplyDelete